Atheethaye Yali Yalith අතීතයෙ යළි යළිත් Artist - Kapila Aparakka - Lyrics of Dilani Kasturiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2023
  • අතීතයෙ යළි යළිත්
    අතීතයෙ යළි යළිත්ගිලෙමින්
    ප්‍රේමයක මිහිදන්
    පහුරු ගාමින් සොයයි මිනිසා
    අතැර ගිය අභිමන්
    මගහැරුණු තැන ප්‍රේමණීයයි
    ජීවිතයෙ සැමරුම්
    සොඳුරු යහනත නින්ද නොදකියි
    හිමි වුනද හිමිකමක් නොවිඳියි
    අන්ධ දෑසින් දෙදෙන දෙපසව
    අහිමි හීනෙක මතක අමුණයි
    එදා නුඹමයි ඇයද ඇයමයි
    නරකෙසක් මතුවෙලා පමණයි
    කාලයෙන් සැඟවෙනා රහසක
    කඳුළ පමණක් හදට උරුමයි
    Lyrics - Dilani Kasturiarachchi
    Melody, music, mix and mastered by Kapila Aparakka
  • เพลง

ความคิดเห็น • 8

  • @jeewaka59
    @jeewaka59 11 หลายเดือนก่อน +1

    අපේ තාත්තගේ යාලුවෙක් හිටියා පිලියන්දල වෑවල ඒ යාලු මාමගේ ඤාතිවන කෙනෙකුත් හිටියා මේ වාසගමම තියෙන (මට මතක විදියට)....ඒ කෙනා දේසපාලනයට සම්බන්දයි.... දැන් තත්වය නොදනී.... මේ අවුරුදු 30 කට පෙර කථාවකි....

    • @dilanik
      @dilanik  11 หลายเดือนก่อน

      ඒ ගැනනම් දන්නෙ නෑ.

    • @jeewaka59
      @jeewaka59 11 หลายเดือนก่อน +1

      @@dilanik ස්තූතියි පිලිතුරු අදහසට

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708 11 หลายเดือนก่อน +1

      තවත් ඔබේ සම්භාව්‍ය ගේය පද සිතුවිල්ලක්. මගහැරුනු තැන් ප්‍රේමණීයයි, සිත් නොරිදා රිදවන අපූරු යෙදුම්.
      ඔබට ජයෙන් ජය වේවා . 💐💛

    • @dilanik
      @dilanik  11 หลายเดือนก่อน +1

      @@nimalsiriwardene9708බොහොමත්ම ස්තුතියි !! තවත් මෙවන් නිර්මාණ කිරීමට දිරියක් මට ඔබේ ඇගයීම්

    • @jeewaka59
      @jeewaka59 11 หลายเดือนก่อน

      @@nimalsiriwardene9708 මේ අදහස් ලියන්ට සිත්වූ කථානායක මාමා සිංහල භාෂාවේ වියතෙකි. ඔහු සමග කතාකරන්නට ඔහුව ඇසුරු කරන්නට හරිම ප්‍රිය උපදවන්නකි. ඒ භාෂාවෙහි බොහෝ දෑ මා ඒ මාමාගෙන් අසා ඇත්තෙමි. ඒ වගේම ඔහුගේ පාලි දැනුමත් තිබුනි.....
      මට මතක හැටියට 1997,හෝ 98 දී පන්සිල් පද පහේ ආනිසංස දැක්වෙන ධර්ම පොත් පිංචෙහි සෝදුපත් බලා එක අකුරක්වත් වරද්දන්නේ නැතිව සිත් ගන්නා ආකාරයට මුද්‍රණය කරදුන්නා මතකයි. 2003 වෙද්දී ලක්ෂ 35 කට අධික ප්‍රමාණයක් ලංකාව පුරා බෙදා දුන්නෙමි.... ඒ මතකයන් සිහිවී මෙසේ ලියන්නට සිත්වූයේ.

  • @kolton7262
    @kolton7262 10 หลายเดือนก่อน

    promo sm 😠