Kanaththe Aberthuwa | කනත්තේ ඇබෑර්තුව - [official lyrics video] මළවුන්ට පෙම් බඳින තරුණියකගේ කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Listen On Spotify
    open.spotify.c...
    Listen On Apple Music
    music.apple.co...
    ""කනත්තේ ඇබෑර්තුව""
    (මළවුන්ට පෙම් බඳින තරුණියකගේ කතාවක්..)
    Artist | Suvini Sudhasni
    Lyrics | Shashika Sadeep (හීන with shashi)
    Music | Deepathy Jayasuriya
    Recorded | Kasun Neligama
    Mixed & Mastered | Deepathy J @ DnS Studioz
    Visualized | DnS Studioz
    artists personal details
    _________________________
    Suvini sudhasni -
    / suvini.sudhasni
    Shashika sadeep-(හීන with shashi)
    / shashika.sadeep
    deepathy jayasuriya - (D&S studioz)
    / deepathy.jayasuriya.9
    හීන with shashi fb page -
    / shashika.sadeep.99
    special thank for
    __________________
    pranith perera - chairman of අ.ත.ක.ස
    asiri wijesinghe - secretary of අ.ත.ක.ස
    evantha harshana - graphic
    thulani herath - model
    A production of හීන with Shashi & DnS studioz
    subscribe the channel and stay tuned with us......thank you❤️
    Heena with shashi👇
    ඇහැට කනට නොව හදවතට.......
    For a high level of enjoyment......

ความคิดเห็น • 1.5K

  • @heenawithshashi9109
    @heenawithshashi9109  ปีที่แล้ว +4

    Now you can listen this song on
    Spotify 👇👇
    open.spotify.com/track/1ypJYqd6xkjglZrmJEcT7P?si=7ab8e92515fa4a1f
    Apple Music 👇👇👇
    music.apple.com/us/album/kanaththe-aberthuwa/1694013503?i=1694013506

  • @heenawithshashi9109
    @heenawithshashi9109  3 ปีที่แล้ว +1370

    අපේ අලුත් ගීතය "කනත්තේ ඇබෑර්තුව"රසවිදපු ඔයලා හැමෝටම ගොඩක් ස්තුතියි.අපේ අනිත් ගීත වගේම මේ ගීතයත් ඔයාලට වෙනස් හැගීමක් ගේන්න ඇති කියලා හිතනවා.
    පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා හැමෝගෙන්ම.ඔයලා හැමෝම දන්නවනේ මේ වගේ ගීත සමාජ ගත කරන්න ගොඩක් අමාරුයි කියලා.ඉතින් ඒක වෙනුවෙන් අපි අපිට පුලුවන් දේ කරනවා.ගොඩක් මහන්සි වෙලා.ඒත් මේක උඩුගම් බලා පීනීමක් වගේ.ඔයාලගේ උදව් නැතුව අපිට මේක තනියෙන් කරන්න බෑ.
    අපේ මහන්සියට ඔයාලට අපිට දෙන්න පුලුවන් ලොකුම දේ තමයි ඔයලා මේ සින්දුව අහලා රස වින්දා වගේම ඔයාලගේ හැම fnd කෙනෙක්ටම මේක link එක යවලා දෙන එක.
    Whattapp,imo,viber,massenger සහ ඔයාලට දාන්න පුලුවන් හැම තැනටම link එක share කරලා දෙන්න.ඒක තමයි අපි වෙනුවෙන් ඔයාලට කරන්න පුලුවන් ලොකුම දේ.
    හරි එහෙනන්.ගොඩක් ස්තුතියි සිංදුව රසවින්දට.ඉක්මනට ඔයාලගේ comment ටිකට අපි reply කරන්නම්.එතකන් මේ song එකේ link එක ඔයාලට share කරන්න පුලුවන් හැම තැනටම share කරලා මේ song එක ඉස්සහට අරන් යන්න අපිට පොඩි උදව්වක් දෙන්න.
    ඉක්මනටම ඔයාලගේ comment ටිකට reply කරන්නම්.
    ගොඩක් ස්තුතියි......❤️❤️❤️
    Heena_with_shashi

    • @mv6615
      @mv6615 3 ปีที่แล้ว +24

      අයිය ,සේයගෙ සීන් 1කේදි බොරුවට වැරදිකාරය උන කොල්ල ගැන සින්දුවක් හදමුකො

    • @ksamarafernando8582
      @ksamarafernando8582 3 ปีที่แล้ว +1

      🙏❤️👍😊💐

    • @accordianmusicband6543
      @accordianmusicband6543 3 ปีที่แล้ว +2

      හරිම ලස්සන නිර්මාණයක් ❤️❤️❤️

    • @chathumalipunchinilame5902
      @chathumalipunchinilame5902 3 ปีที่แล้ว +1

      Lassanai godaak ❤❤❤❤suvi akki😘

    • @sanojkrishan8943
      @sanojkrishan8943 3 ปีที่แล้ว +8

      කනත්තේ ඇබෑර්තුව කියන්නේ...විශිෂ්ට ම නිර්මාණයක්...ඉදිරියටම යන්න මෙි වගේ නිර්මාණත් එක්ක...අපි ඉන්නවා ආසාවෙන් ඒවා රසවිදින්න.....

  • @manujimadhushika745
    @manujimadhushika745 3 ปีที่แล้ว +496

    වැලිකඩ ඉන්න අම්මගේ අදෝනාව🙏😥
    මගෙ කෙලී පොඩි මහ එකී දැන් මොනවා වේදෝ පපුව පිරුණු...
    ලෑලී ගෙදරක හිටියේ අපි ඒ සොපියගේ පොඩි එකී ඇයලූ...
    වැඩක් නැති දා ගමේ හැත්තට සුදු වැයින් සුළු දෙයක් පෙරපූ....
    මෝචරියේ ඒ සෝමසුන්දර අප්පා එකීගේ පවට ලැබුනු....
    මල්වඩම් වගේ මළමිනී ළඟ උගේ වැඩ හිත පපුව නොතිබු...
    වැනී වැනී ආ උගේ ළඟ කොයි වෙලෙත් කුණුමිණි ගදම පැතිරූ.....
    පොලුපහර මගේ ඇගේ හැමතැන තැලි තැලි ලේ වලට හැරිලයි....
    තිරිසනාගේ වෙරි හිදෙන තෙක් එදා පිහිට වූයේ සොහොන් කොතමයි....
    පිපාසෙට මා නැගිට යද්දී දෝණි තනියෙන් පැදුරේ නිදිනේ..
    මිණීකුණු ගඳ ළඟින් පැතිරී ඉබේ මං කෙලි ලගට ඇදුනේ...
    වයස දහයයි හුරතලී මගේ අමු අපායක් වුනේ එදානේ...
    මිනීමරු කාමයට යටවුණු තිරිසනා ඒ අප්පා ඌ වුනේ...
    දුටුගමන් මගේ යක්ශනී ආවේස වීලා කැත්ත අහුවුනේ...
    පෙති කපාලයි ඕකා මැරුවේ මගේ කරුමෙට කෙල්ල දුටුවේ.......
    බාරගන්නට කියා කෙලීව අඩද්දී වුන් නොබල වුන්නේ.....
    දරුවා ඇකයේ ගසාගෙන මං මෝහිණී වගේ පිහිට පැතුවේ...
    බලුසතා මරා හිරේ යද්දී කෙලී පරිවාසෙටනේ දුන්නේ.....
    මාව වැලිකඩ උරුම වූදා කෙල්ල නිවාසෙට දුන්නා කිව්වේ.....
    පැයට දාහලු මගේ කෙලි උන් නොමරා මරලා කෙලී ඇඩුවේ....
    පපුව පිච්චිලා අනේ බුදුසර් දෙවියො බලුවෙලා ඉන්නේ කෙලෙසේ...
    තිත්ත කරවිලේ රසක් වැටිලා අම්මා ඒකිගේ මෙමට දැනුනා...
    තැලිලා පොඩිවෙලා කෙලී මගේ දැන් ශාප කරමින් ඇඩුනේ සිතිනා.....
    ආදරේ මගෙ කෙලිට හිමි නෑ
    අම්මාගේවත් අප්පා හින්දා....
    කාරියක් ඒ කෙරෙන තුරු උන් කෙලී රවටා පැනලා දුවලා.....
    සොහොන් වාගේ අමු අපායක් අනේ ඒකිට මවලා දීලා.....
    ලොවට අනේ ඒ මහත්වරු
    රෑ තිරිසනුන් වී දෙපය තිබෙනා...
    දසමාසේ කුස දරා බිහිකළ කෙල්ල ගැන මට හීල්ලීලා....
    මැරෙන්නට මට බයක් නෑ සර් කෙල්ල මගේ ඒ ටිකක් දැකලා....💔🙏
    ✍️මනූ

  • @malithhansaka3132
    @malithhansaka3132 3 ปีที่แล้ว +997

    අහන්නත් කලින් ලයික් එකක් දාගෙන සෙට් උන යාලුවෝ ටික මේ පැත්තට❤️😊

  • @vtech9618
    @vtech9618 3 ปีที่แล้ว +153

    මුලු youtube එකම මේ වගේ නිර්මාන වලින් වැහේවා....

  • @harshajithmadushan786
    @harshajithmadushan786 ปีที่แล้ว +97

    පිරිමියෙක්ට මෙහෙම වචන ලියන්න පුළුවන් ද ..? ගැහැනියකගේ ආත්මයකට පණ දෙන්න පිරිමි වචන වලට පුළුවන් ද..? ඒ වචන😍 .. ඒව තනිකරම පිහිපාරවල් ❤💯

    • @Naduni3495
      @Naduni3495 ปีที่แล้ว +2

      කවියෙක්ට පිරිමියෙක් වෙන්නත් පුළුවන් වගේම ගැහැණියක් වෙන්නත් පුලුවන්...කවියො කියන්නෙම සීමාවල් නැති නිදහස් මනුස්සයෝ...අන්න ඒක නිසයි කවියොන්ට නළුවො තරම් වටිනාකමක් දෙන්නැත්තෙ...

    • @MavinthaHasaraka-bx8wf
      @MavinthaHasaraka-bx8wf 11 หลายเดือนก่อน +3

      ගැහැනුන්ගෙ හැඟීම් තේරුනේම
      ගැහැනුන්ට වචන ගැලපුවෙම
      පිරිමි කවියොම නේද🥺❤️

    • @MavinthaHasaraka-bx8wf
      @MavinthaHasaraka-bx8wf 11 หลายเดือนก่อน

      ගැහැනුන්ගෙ හැඟීම් තේරුනේම
      ගැහැනුන්ට වචන ගැලපුවෙම
      පිරිමි කවියොම නේද🥺❤️

  • @miram_1111
    @miram_1111 3 ปีที่แล้ว +16

    කෙල්ලෙක්...අම්මා තාත්තා ළග සියුම් මල් පෙත්තක් මෙන් රැකෙන බව පැවසුවත්...එහෙව් හව්හරනක් නොමැති වෙන ගැහැනු දරුවන් මේ සමාජය තුළ බොහෝ සිටිනවා...ආත්මයම අහිමි වුණු...හඩන හදවත් පිච්චි පිච්චි මේ පොළොව මත තවත් ගැටෙනවා...මේ අහස යට තවත් හුස්ම ගන්නවා...අම්මා,තාත්තාම පුබුදුවපු පොඩි මල් කැකුළු ඔවුන් අතින්ම හැගීම් විරහිතව මුකුලිත වෙනවා....එහෙව් තාත්තෙක්ට දුව,බිරිද දෙදෙනාම පෙනෙන්නේ රාගයෙන් පමණයි....තමන්ගේ ගේ ලේවලට තමන්ම එරෙහි වෙනවා...එහෙම වෙලාවක දස මසක් කුසේ තියාගෙන...ඇහේ තියන් හදපු මවකට කාලි වෙස් ගන්න වැඩි වෙලා යන්නේ නෑ...ඒත් නීතිය පවා හරහට හිටින්නේ අදුර වැටුණ ජීවිතවලට තවතවත් දහවල තහනම්ම කරමින්....එහෙව් කෙල්ලෙකු සමාජයෙන් හංවඩු ගහන්නේ ගණිකාව ලෙස...කෙසේ අදාල තැනට ඇද දැමුවද;ඇද වැටුනද සමාජය යනු ගද ගහන නරා වලක් පමණයි...දේව රූපෙන් හැසිරෙන උන්....සළුපිළි ගලවලා තුත්තිරි මතින් අඩිය තියනවා....ඇත්තෙන්ම සමාජය තුල මිනිස් වෙස් ගත් යක්කු මිස සොහොන් තුල වදහිංසාවන් නෑ....වේදනාවලට මිරිකුණු ආත්මයක් සැනසීම විදියටම අඩි හයක් යට තෝරගන්නට දෙවරක් නොසිතන්නේත් ඒ නිසාමයි....
    නිර්මාණය ඇහුවාම මෙහෙම ලියන්න හිතුණා...😁
    හැගීම් කැටි කරපු අකුරු හරහා උඩු ගම් බලා යන නිර්මාණ කරන්නට ශෂී අයියාට තව තවත් හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා!

  • @Fresh_and_healthy464
    @Fresh_and_healthy464 3 ปีที่แล้ว +445

    ළමයි එන්න ඇබ්බැහි වෙන්න😍💗

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se หลายเดือนก่อน

    Niyamai aiye ❤හොඳටම කරලා tiyanawa.budusaranai .okkotama.mage.නම.මතක.tiyaganna.tharuka.malli .කියලා ❤

  • @apsaradiwyanjalee5385
    @apsaradiwyanjalee5385 3 ปีที่แล้ว +577

    ගීතයක් රසවිඳීමට රූප රචනයක් අත්‍යවශ්‍ය නොවන බව පසක් කරලූ හීන with shashi❤️

  • @MNDAlwis
    @MNDAlwis 3 ปีที่แล้ว +22

    මේක අහුවම මෙහෙම හිත රිදෙනව නම්.
    මෙහෙම දේකට මූන දීපු කෙනෙක් ගෙ හිතේ කොහොම නම් දුකක් ඇත්ද?😥😥

  • @thilinimendis4541
    @thilinimendis4541 3 ปีที่แล้ว +118

    වචනෙන් වචනෙ අැහෙන ගානේ හිතට ලොකු දුකක් දැනුනා
    තාත්තෙකුට අැහැකිද තම ලෙයින් උපදින දූව කෙලෙසන්න.එහෙම බලද්දි මගේ තාත්තට උදේහවා මල් පහන් තියලා වැන්දත් පවු නැහැ.
    අපිව හැදුවේ මල් වගේ කාගෙන්වත් අපිට වරදක් නොවෙන්න.ගීතය ගොඩක් ලස්සනයි.කාලීනව බොහෝවිට සිදුවන සිදවීමක්.
    ජේසු පිහිටයි.....!!!

    • @sandeepachamod7071
      @sandeepachamod7071 3 ปีที่แล้ว +1

      එහෙම දෙවල් නම් අද අපේ රටේ ලෝකේ කොච්චර නම් අහන්න තියෙනවද..එහෙම දෙවල් අහන්නත් අපි පව් කරලා..

    • @thilinimendis4541
      @thilinimendis4541 3 ปีที่แล้ว

      @@sandeepachamod7071 එ්ක අැත්ත.

  • @nilukaekanayaka5481
    @nilukaekanayaka5481 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සනයි ඔයාගේ ගීත ඔක්කොම මම ඇහුවා. අලුත් විදියට ලියවුනු හිතට වදින හොඳ ගීත ටිකක් ඔබට ජය ..........

  • @paramimadhushani2745
    @paramimadhushani2745 3 ปีที่แล้ว +165

    අනේ මගෙ ඇස් දෙකට කදුලුත් ආවා.කොහොමද අයියේ මේ තරම් ලස්සන නිර්මාණ කරන්නේ.හැමදාම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා!.. ❤️❤️❤️

  • @kmghashannadeesha7268
    @kmghashannadeesha7268 3 ปีที่แล้ว +49

    අද කාලෙ මල් සින්දු වලට වඩා මේ ගීත සම්පතක් ඉක්මනටම මේකත් රැල්ලක් වේවි ...
    congratulations

  • @seww113
    @seww113 3 ปีที่แล้ว +261

    _කනත්තේ ඇබෑර්තුව_
    (මළවුන්ට පෙම් බඳින තරුණියකගේ කතාව)
    වයස විසිහත පහු උනා මට
    පර්චසේ වට කරන් හදපු
    ලෑලි ගෙදරක ඉපදුනේ මං
    වත්තේ සොපියා මගේ මවලු
    වැඩක් නැතිදා හොරෙන් පෙරලා
    සුදුවැයින් එක දෙකක් විකිණූ
    අප්පගේ නම සෝමසුන්දර
    මෝචරියෙ අමු මිනී කපපූ
    මල් වඩම් සුදු ඇඳුම් ඇතිරිලි
    ඇස් දෙකට මගේ හොඳට පුරුදුයි
    වැනි වැනී එන අප්පගේ ළඟ
    හැමුවේම පෝමලින් ගඳකුයි
    පෙලක් දාකට උන්දැගේ පොලු පාරවල් නම්
    හුඟක් දරුණුයි
    යක්කු තුරුලේ එහෙව් රෑකට බුදියෙව්වෙ අපි සොහොන් පිටියෙයි
    දිනක් මහ රෑ පෝමලින් ගඳ
    මගේ ගාවට ළගින් හැමුවා
    අම්මා නොහිටිය පාලු පැදුරේ
    රතුපාට ලේ ගඟක් ගැලුවා
    මතක විදිහට වයස දහයයි
    එදා සර් මං හුඟක් ඇඬුවා
    ගිනි ගහපු ඒ ඇස් දෙකෙන් මං
    එදා රෑ මහසෝනා දැක්කා
    උදේ නැගිටලා බලනකොට මං
    කැත්ත අම්මගේ අතේ තිබුණා
    පොලීසිය ගෙට එන්න මත්තෙන්
    මං වඩාගෙන වටේ දිව්වා
    බාර ගන්නට කියා අඬ අඬ
    හැම එකාටම මාව දුන්නා
    මෝහිනිත් අපේ අම්මා වගෙමයි
    සත්තමයි මට එද සිතුණා
    එතැන් සිට අවුරුදු පහක් මං
    එකදිගට පරිවාසෙ උන්නා
    අම්මා වැලිකඩ සින්න උනහම
    නිවාසෙට මං බාර කෙරුවා
    පැයට දාහයි ඒකෙ හිටි උං
    හොර හොරාවට මාව වික්කා
    යක්කු විතරක් නෙවෙයි ලොකු ලොකු
    දෙවිවරුත් මගේ ඇඟට වැහුවා
    තිත්ත තිත්තම කරවිලේකත්
    මොකක් හරි පොඩි රහක් තිබුණා
    කරිජ්ජෙන් හින්ඳලා අරගෙන
    ලුණු උනත් හොද්දකට දැම්මා
    කොහේ හරි සැනසීම ඇති මට
    දහ අතේ ආදරේ හෙව්වා
    ඔලුව අතගා එවුන් ඔක්කොම
    ටිකෙන් ටික මගෙ පපුව කෑවා
    මහසෝන් කළු කුමාරයෝ නෑ
    සොහොන් ඇතුලේ සැපට නිදලා
    එවුන් ඔක්කොම මෙහෙන් පැනගොස්
    මිනිස් වෙස් ගෙන බිමට බැහැලා
    බයයි මට දැං දකිද්දිත් උං
    ඇහැකි නං තව වරක් හිතලා
    දෙන්න ජොබ් එක මැරුණු උන් නෑ
    සර් මට නම් වැරදි කරලා
    ❤️❤️❤️

    • @shashinidilmini3862
      @shashinidilmini3862 3 ปีที่แล้ว +10

      ලොකු අර්තයක් තියෙන ගීතයක්😔😔

    • @mihiriimesha8742
      @mihiriimesha8742 3 ปีที่แล้ว +5

      Thanks dr ❤️

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 ปีที่แล้ว +3

      🙏🙏🙏👌👌👌👌👌🙏🙏❤❤❤❤🎶🎶🎶👍👍👍🎶🎶🙏🙏🙏🙏🙏

    • @rashminawanjana8339
      @rashminawanjana8339 3 ปีที่แล้ว +4

      තිත්ත තිත්තම කරවිලේකත්
      මොකක් හරි පොඩි රහක් තිබුණා
      කරිජ්ජෙන් හින්ඳලා අරගෙන
      ලුණු උනත් හොද්දකට දැම්මා
      කොහේ හරි සැනසීම ඇති මට
      දහ අතේ ආදරේ හෙව්වා
      ඔලුව අතගා එවුන් ඔක්කොම
      ටිකෙන් ටික මගෙ පපුව කෑවා
      me kotase theruma mokkd??

    • @himsaranethmal856
      @himsaranethmal856 3 ปีที่แล้ว +3

      @@rashminawanjana8339 හොයපු ආදරේ හම්බුන්නෑ කියලා කියනව ඇත්තෙ😔

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 3 ปีที่แล้ว +15

    කවුද අනේ මෙච්චර ලස්සන අර්ථවත් සින්දු unlike කරන කුහකයො

  • @shehanmsamaraweera
    @shehanmsamaraweera 3 ปีที่แล้ว +309

    ඇඟ හිරිවැටෙන පදවැල් ගොතන අයියේ,
    ඔය පෑන් තුඩෙන් ඇන්නෙ අපේ පපුවට
    ඒ වගේම හඬනිලිය අක්කේ ඔයත්,
    ඒ හඬේ තියන දුක වචනෙන් කියන්න බෑ
    ඇත්තටම විශුවල් මොකටද මෙහෙම දක්ශයෝ ඉන්නකොට 😍❤️🌼

    • @ruwanibaba3812
      @ruwanibaba3812 3 ปีที่แล้ว

      Aniwarenma

    • @dnsstudioz866
      @dnsstudioz866 3 ปีที่แล้ว

      🥰

    • @chandrikaliyanage9557
      @chandrikaliyanage9557 2 ปีที่แล้ว +1

      අනේ මන්දා පුතේ ,ඔයා නම්.........මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ දෝනා හදාගෙන ඇවිදිනව ද මන්දා ..

    • @sujanipeiris8942
      @sujanipeiris8942 ปีที่แล้ว

      වැඩක් නෑ කියලා❤❤❤

    • @duliniliyanage8074
      @duliniliyanage8074 8 หลายเดือนก่อน

      අහන කොට අමාරුයි. ඒත් මහ පොළවේ සත්‍ය .....තම
      හදවතේ සෞම්‍ය බවත් කුරිරු ඛවත් තමාටම හදුනාගත හැකි නම්? ?????

  • @meleeshalakshalini5762
    @meleeshalakshalini5762 3 ปีที่แล้ว +133

    ඔයාගේ සින්දු අහද්දී ඇස් වලින් ගලන් කඳුලු නවත්තන්න විදියක් මන් දන්නේ නෑ. ඇත්තටම හරිම ලස්සනයි❤️

  • @hirunirashmika539
    @hirunirashmika539 3 ปีที่แล้ว +178

    ඇත්තටම මැරැණු අයට නෙමේ බයවෙන්න ඕන........පණ ඇති අයටයි ........ඇඩුනා ඇත්තටම ....😥😥😥😥😥නියමයි👍👍👍👍👌👌👌👌

  • @bhagyasewmini6078
    @bhagyasewmini6078 ปีที่แล้ว

    Aye aye ahnawa.කොච්චර ahuwath ahana hama sarema aswala kadulunam aduwak na me nirmanawala..තවත් මේ වගෙ ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න ඕනි❤❤

  • @yasurikarunanayaka8594
    @yasurikarunanayaka8594 3 ปีที่แล้ว +164

    සමාජයේ සැබෑ යතාර්ථය නියම අයුරින් ඉදිරිපත් කරල තියනවා පපුවම වදින විදිහට. ඇත්තටම මිනිස් වෙස් ගත්තු රාක්ෂයො ඉන්න සමාජයක ඒ පිලිබැදව ව්‍යංග්‍යර්ථවත් විදිහට මසැසට නොව මනසට දැනෙන විදිහට ඉදිරිපත් කරන්න හැමෝටම බෑ අයියේ. ගීතය අහන අහන වාරයක් වාරයක් පාසා පපුව නතර වෙලා ඇස් වලට කදුලු උනනවා. මේ ගීතය මේ තරම් සුමිහිරි විදිහට ගායනා කරන අක්කටත්, හදවත නතර කරන්න සමත් වන වචන තියන පද රචනය කරන අයියටත්, සංගිතය සැපයු අයියටත් සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. දිගටම මේ වගේ හදවට කතා කරන සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් ගීත නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍❤❤❤

    • @chandimaperera3517
      @chandimaperera3517 3 ปีที่แล้ว +3

      Akkiyooo anee meek therum kiynnko mt theren nhnee🥺🥺 plss

    • @meththarathnayake4020
      @meththarathnayake4020 3 ปีที่แล้ว +1

      මේකම තමයි මගේ comment එකත් මල්ලි.....හැන්ගිලා ඉන්නෙපා උබලා ලාන්කික ගේය පද කලාව නවතම මානයකට ගෙනත් ....අහම්බෙන් අද ඇහුවෙ මේ සින්දු....එක දිගට ඔක්කොම බලලා අඩ අඩා ඉන්නෙ තාම ...ඉන්න තත්වෙට අඩන්නත් හොද නෑ....🤧🤧

    • @චූටිටීච-ත4හ
      @චූටිටීච-ත4හ ปีที่แล้ว

      Ane ow mata theruma theren ne..matath kiynnko

  • @nishijayawardana474
    @nishijayawardana474 3 ปีที่แล้ว +1

    A wachana tikatanan kaduluth awa. Hadawathe gaburatama danuna a wachana... kohomada mechchara hadawathata dannna wachana kawi krnn.. oyala hamotama bs.. ❤️❤️❤️👍👍👍

  • @malshanruwantha7324
    @malshanruwantha7324 ปีที่แล้ว +5

    කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවරවෙයිද 💔💔 ඒක අධිමාත්‍රාවක්

  • @wathuhewageleslydesilva5417
    @wathuhewageleslydesilva5417 2 ปีที่แล้ว +1

    පිස්සුවෙන් වගේ ඇහුවා සිංදුව මාර තේරුමක් තියෙන්නේ හරිම ලස්සනයි

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 3 ปีที่แล้ว +148

    අම්මෝ...ඒ වචන...පපුවටම පසාරු උනා...
    මෙවන් අර්ථවත් ගීත තවතවත් ලියන්නට උබට හැකිවේවා..!

  • @roshanirandika9745
    @roshanirandika9745 3 ปีที่แล้ว +165

    "යක්කු විතරක් නෙවෙයි ලොකු ලොකු දෙවිවරුත් මගෙ අැඟට වැහුවා..." කියන්න වචන නෑ..පුදුම ලස්සනයි..මිනිස් වෙස් ගත් යක්කුන්ට අැඬෙන්න ම කියනවා...

    • @thirdbascket-miyurulakesh2718
      @thirdbascket-miyurulakesh2718 2 ปีที่แล้ว

      ඒ ටිකේ තේරුම මොකක්ද හරියටම, හරියටම තෙරුන් na මට

  • @priyaherath49
    @priyaherath49 3 ปีที่แล้ว +50

    හදවතට වදින්න ලියන ඔයාව දෙවියෝ රකිත්වා!.

  • @prasadjayakodiarachchi4518
    @prasadjayakodiarachchi4518 3 ปีที่แล้ว

    Niyamai....
    Suba pethum...
    Kalijjen hidala unath lunu hiddakata demma...

  • @nima0011
    @nima0011 ปีที่แล้ว +11

    මේවා තමා අද කාලේ ඇහෙන්න ඕනේ මිනිස්සුන්ට. ශෙයා කරමු පුලුවන් විදියට 💕

  • @nadishnadish5496
    @nadishnadish5496 3 ปีที่แล้ว

    Marama lassanaiiii patta samaja gatha karanna me wage nirmana adarshayak bs 💝💝💝💝💝💝💝💝💝💝💝💖💖💖💖💖💖💖💖💖💖💖💞💞💞💞💞💞💞💞💞💞💞💟💟💟💟💟💟💟💟💟💟💟💗💗💗💗💗💗💗💗💗💗💗👈👈👈👈👈👈👈👈👈👈👈

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 3 ปีที่แล้ว +74

    😍😍😍😍😍😍 ලස්සනයි ඒ වචන ටිකට වැරදි දුප්පත් කමද තාත්තා කීව කෙනාද පිරිමි ද කෙල්ලෙක් වෙලා ඉපදුන එකද හිතුනා ...ගොඩක් ලස්සනයි ❤️

  • @supunndissanayake7071
    @supunndissanayake7071 2 ปีที่แล้ว

    හෑලි අනවශ්‍යයි ..... එකෙන්ම හදවතට ඒක.

  • @sandaniindumini1846
    @sandaniindumini1846 3 ปีที่แล้ว +15

    අනේ මන්දා අයියෙ අක්කෙ ඔයාලට නම් මහා පුදුම හැකියාවක් දක්ශකමක් තියෙන්නේ....හරිම ලස්සනයි වෙනදා වගේම....ආයෙත් සින්දුවක් ඉක්මනටම දෙන්න අපට....අපි නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා....හරිම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම

  • @Yazodinimsiluni
    @Yazodinimsiluni 18 วันที่ผ่านมา

    කමෙන්ට් එකක් නොදාම බැ ඇත්තටම මරැ තව දිගටම දාන්න අයියේ ❤අක්කගෙ වොයිස් සුපිරී❤❤

  • @ishansameera3010
    @ishansameera3010 3 ปีที่แล้ว +72

    ඇත්තමයි කියන්නේ හැමදාමත් මම ඔයාලට සින්දු ඔක්කොම අහනවා මේ සෙන් දුවට නම් ඇස් වලට කඳුළු ඉනුවා .මේ වචන ටික මේ ගායනය මේ තනුව නිර්මාණය නම් අති විශිෂ්ටයි

  • @senakamangalika9550
    @senakamangalika9550 3 ปีที่แล้ว +1

    අනේ ගොඩක් ලස්සන නිර්මාණයකි ...ලස්සනයි ..ආදර්ශමත් .ගොඩක් හොඳ නිර්මාණ කරන්න ලැබේවා ....

  • @uvindamanameindra888
    @uvindamanameindra888 3 ปีที่แล้ว +67

    විනාඩි 8ක් මෙච්චර කෙටිද😍 හැමදාම වගේ ඒ වචන😍❤️...ඒ කටහඬ 😍❤️

  • @vindya333
    @vindya333 2 ปีที่แล้ว

    ඇසට කදුලක් ඉනුවා.හරිම සංවේදී යි.

  • @hashirathnayaka3841
    @hashirathnayaka3841 3 ปีที่แล้ว +46

    අමුතුම ශෛලියක ගීත එකතුවක් ❤️ වෙනම ලෝකෙකට ගිහින් ආවා වගේ දැනෙන❤️

  • @shalikahansamali1011
    @shalikahansamali1011 3 ปีที่แล้ว +1

    hema geethayakma godak hithata wadinawa.. hoda arthayak thiyana rasawidinna puluwan wishishta nirmana thawath karanna lebewa kiyala prarthana karanawa...jiwithe yatharthaya gena lassanata wachna karala thiyana widiyata godak hithata wadinawa. bolada adana welapena sindu rellak wage bihiwena me kale meweni nirmana bihiwena ekath pudumayak...

  • @gihanimadushika6775
    @gihanimadushika6775 3 ปีที่แล้ว +26

    හැමදාම ඔයාලා සමාජයේ කතා නොකරන පැත්තක් කතා කලා. ඒක ගොඩක් වටිනවා. මෙහෙම සිද්ධි නිසා ජීවිත කාලෙම විදවන මිනිස්සු කොච්චර ඇද්ද 😥😥😥

  • @mihinadhiniudayami5310
    @mihinadhiniudayami5310 3 ปีที่แล้ว

    Marai aiye niyamai pada malawa supiri.......

  • @v-k217
    @v-k217 ปีที่แล้ว +17

    විශිෂ්ට නිර්මාණයක් ❤️🔥. තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️

  • @chathuraramawikrama3313
    @chathuraramawikrama3313 3 ปีที่แล้ว

    මෙහෙම විනාසයක් ,නංගියේ ට පස්සෙ ඇහුවමයි🥰🥰🥰❤gd luck

  • @chamma2607
    @chamma2607 3 ปีที่แล้ว +36

    හැමදාම වගේ බලන් හිටියෙ 5 වෙනකල් ඒත් දරාගන්න බැරි ඔලුව් කැක්කුමක් අල්ලල ෆෝන් එක පැත්තක තිබ්බා..දැන් නිදාගෙන නැගිට්ට ගමන් මේක ඇහුවේ ❤️ හිතටත් සනීපයි දැන්නම් ❤️ ලස්සනයි ශශී අයියා

  • @dimuthuthushari4388
    @dimuthuthushari4388 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ..මේ වගේ නිර්මාණ තවත් බිහිවේවා...

  • @dilshanmadhukaperera7903
    @dilshanmadhukaperera7903 3 ปีที่แล้ว +11

    හ්ම්ම්....
    කඳුළු බිඳුවක් සොහොන් බිම ළඟ හිනා වෙන සිතුවමක් ඇඳුණා
    ඇහේ ඇණුනට හදේ ඇමිණුන කවි කටුව අග හිතට ඇඬුණා

  • @sugandikapiuymali1860
    @sugandikapiuymali1860 3 ปีที่แล้ว

    Good luck..godak sanwei padha tikak..aththatma papuwata danuna

  • @sugithranasinha3144
    @sugithranasinha3144 3 ปีที่แล้ว +56

    මන් බදිනව එයා 😭😭😢😢

  • @chutisudu4815
    @chutisudu4815 3 ปีที่แล้ว +1

    Ekanam hadawathatama duna . Adunath ekka . 😥👍👍👍👍

  • @sangeethilanga2877
    @sangeethilanga2877 3 ปีที่แล้ว +15

    පෑන් තුඩකින් හදවතට තට්ටු කරන ඔය අත් වලට බුදු සරණයි සහෝදරයා 💪

  • @rathnalalsamantha9143
    @rathnalalsamantha9143 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයියේ හරිම මිහිරි ගොඩක් දුකහිතුනා

  • @roshanipramoda5739
    @roshanipramoda5739 3 ปีที่แล้ว +13

    දන්නේ නෑ ඇයි මේ ඇඩෙන්නේ කියලා. මෙහෙම්ම නොවුනත් මගේ පුංචි කාලේ මතක් වුණා. සත්තයි පිං. 🙏🙏🙏🙏🙏🙏

  • @buddikapathirana4699
    @buddikapathirana4699 2 ปีที่แล้ว

    තිත්ත තිත්තම කරවිලේකත් මොකක් හරි පොඩි රහක් තිබුනා
    🤔🤔🤔🤔
    ඒක සුපිරි

  • @sithugamage9467
    @sithugamage9467 3 ปีที่แล้ว +46

    Me song ek දානකම් බලන් ඉදියෙ ...😍❤️ සිතුවිලි වචන කරන කව්යා...❤️

  • @vidushachinthani3468
    @vidushachinthani3468 3 ปีที่แล้ว

    Diyane mechchara lassana padapeliyak ,matanam.pissu vage shashi aiye mama oya liyana sindu ahanna marama asai 😍👍

  • @thilinisuramya5026
    @thilinisuramya5026 3 ปีที่แล้ว +47

    සත්තකින්ම ඇහැට කනට නොව හදවතටම...
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...!

  • @pradeeasan2316
    @pradeeasan2316 ปีที่แล้ว

    මගේ ජීවිතේටම අහපු, දැනුනු හොදම සින්දු අතර වැඩි ප්‍රමාණයක් ඇහුවේ මේ චැනල් එකෙන් ❤ All the best 💪👈

  • @sammanikumarasiri2432
    @sammanikumarasiri2432 3 ปีที่แล้ว +72

    අපේ ජීවිත ලස්සන වැඩියි කියලා හිතුනා❤️
    බුදුසරණයි .තවත් ලස්සන නිර්මාණ කරන්න 👍

  • @indikajbr3226
    @indikajbr3226 3 ปีที่แล้ว

    මොනවා කියන්නද තේරෙන්නෑ.සුභ අනාගතයක් ඔයාලට

  • @Dn-mp4ho
    @Dn-mp4ho 3 ปีที่แล้ว +8

    අම්මෝ ඒක.. ❤️ පපුව මොකක්ද වෙනව..ඒ වදන්.. ඒ මියුසික්... ❤️ නියමයි.. සුපිරි ...දිගටම මේ වගේ නිර්මාණ දකින්න ආසයි...😍❤️

  • @change4511
    @change4511 3 ปีที่แล้ว

    Aiye oyage sindu hithata godak denenawa... mn godak asai e sindu walata.. ewa ahaddin nodenima wenama lokekata yanwa wagee... oyalata good luck

  • @yamunalakshmi1757
    @yamunalakshmi1757 3 ปีที่แล้ว +27

    නොදැනම ඇහැට කදුළක් ඉනුවා... කොහොම කියන්නද දැනුන හැඟීම??😢😢 heena with Shashi ඔය හදවතට🧡🧡, ගී ලියන අත් දෙකට බුදු සරණයි 🙏🙏

  • @sandundiluk9382
    @sandundiluk9382 3 ปีที่แล้ว +1

    Mn sinhala sir kenek mn daruwanta rasavindaya sadaha me githa ahanna denawa aththamata kiyanna wachana na👌👌👌👌👏👏

  • @newnew-wf2dn
    @newnew-wf2dn 3 ปีที่แล้ว +32

    මෝහිනීත් අපේ අම්මා වගේමයි
    සත්තමයි මට එදා හිතුනා.. 😔
    අනේ ඒ වචන 😢

  • @chulaperera580
    @chulaperera580 3 ปีที่แล้ว

    සුපිරි ගීත ටිකක් ෆ් බී සෙයා කලා හැමෝට ම බලන්න

  • @nirashaudayangani9855
    @nirashaudayangani9855 ปีที่แล้ว +3

    හරිම ලස්සන නිර්මාණයක්.ගොඩාක් අර්ථවත් රසවින්දනයෙන් හෙබි මේවගේ නිර්මාණ සමාජගත වීම ගැන මාරම සතුටුයි.💞

  • @sujithnalaka1202
    @sujithnalaka1202 3 ปีที่แล้ว +2

    හැමදාම වගේ කියන්න වචන නෑ✌️😱 සුපිරිම නිර්මාණයක්🔥🔥 බලාගෙන ඉන්නෙ අලුත් නිර්මාණයක් එනකන් හැමදාම ✌️✌️🔥 පට්ටම ලස්සනයි 😱😱✌️🔥🤗

  • @shakilahansani8935
    @shakilahansani8935 3 ปีที่แล้ว +9

    7:26. හරියටම හරි ඒ කතාව. මිනිස්සු තරම් දරුණු නෑ ඔය එක යකෙක්වත්.. 😔

  • @sachirakallehatharasinhage9867
    @sachirakallehatharasinhage9867 3 ปีที่แล้ว

    Ara anunge sindu kiyala pora toke dena eunta kanata gahala ubalage me sindu penna on.mekath niyamai👍👍👍👍👍👍

  • @samithsansala4900
    @samithsansala4900 3 ปีที่แล้ว +63

    ඇස් වහන් අහන් ඉද්දි පපුව මැද්දේ අකුණක් ගැහුවා වගේ දැනුනා ඒ තරම් ඇබ්බැහි විමකින් ඇහුවා හදවතම නතට උනා වගේ දැනුනේ

  • @jani482
    @jani482 ปีที่แล้ว

    Nawakathawak kiyewuwa wage denenne oyalage nirmani. Supperb

  • @jananimadushani8262
    @jananimadushani8262 3 ปีที่แล้ว +62

    හැමදාම වගේ අදත් කියන්න තියෙන්නේ අයියේ සිංදුව සුපිරී💖

  • @hansinilakshika8080
    @hansinilakshika8080 3 ปีที่แล้ว

    Suba pathum.thawth me wage nirmana karanna labewa...hamadama innawa oyala api,bs 😍😍

  • @shanikaabeysinghe1618
    @shanikaabeysinghe1618 3 ปีที่แล้ว +28

    තවත් සංවේදී,, ඇබ්බැහි වීමක්....❤️👍🌹
    අනර්ඝ නිමැවුමක්...

  • @tharushinavodya1893
    @tharushinavodya1893 2 ปีที่แล้ว

    🥺🥺🥺🥺🥺 කියන්නෙ මොනවද ........................ හදවතට කතා කරන ඔයාලට ගොඩක් පින් ❤️🙏

  • @dammininawoda5409
    @dammininawoda5409 3 ปีที่แล้ว +23

    කියන්න වචන නෑ ඒ තරමට හිතට වදිනවා.. ඇත්තටම සුපිරි...❤️❤️😘❤️❤️❤️❤️❤️❤️❤️🌼❤❤️හැමදාම වගේ අදත් මං ගෙලු උනා...🙄🙄🙄

  • @kumudugamage8953
    @kumudugamage8953 3 ปีที่แล้ว +1

    Paya ganak bana ahuwa wageee hithata mavi mavii penuna godak lassanai me wachana marama maaarai

  • @ireshawimalage7532
    @ireshawimalage7532 ปีที่แล้ว +3

    ඔබ වැනි කලාකරුවන් ,අපේ සමාජයට තව තවත් බිහිවේවා ..🙏❤❤❤

  • @GAMING_KIKIYA
    @GAMING_KIKIYA 3 ปีที่แล้ว

    Ammóooo papuwa ridenawa ekanam ahanna ba. Kawru unath me kiyanne tittha attha. Supiri

  • @sithgathmusic7484
    @sithgathmusic7484 3 ปีที่แล้ว +20

    හීන with shashi නම් ඉතිං බලන්න දෙයක් නෑ සුපිරි තමයි👌❤️

  • @chanubuddhikahb4208
    @chanubuddhikahb4208 3 ปีที่แล้ว +1

    Godak pin Oyalata...Ada samaje aththa thathve geethayakin apita Rasa vidinna denavata....Godakma venas loku arthayak thiyenava nirmanayak... Budu saranaii hemadamath Oyalata..meveni nirmaana thavath karanna hekiyava lebevaa...💐💐💐💐💐

  • @hasininawanjaligunawardana7391
    @hasininawanjaligunawardana7391 3 ปีที่แล้ว +4

    Heena with sashi ජයවේවා!!
    අපිට මොනාද අඩු. පෑන් තුඩකින් මෙච්චර ලස්සනට කොහොම පද ගැලපුවද මන්දා.... සමාජේ කොච්චර මේ වගේ දුක් විදින අය තවත් ඇත්ද?සමාජේ කතා නොකරන පැත්තක් කතා කර ඔබට ස්තූතියි 🙏

  • @shenuskitchen4703
    @shenuskitchen4703 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ harima lassanay

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 3 ปีที่แล้ว +38

    ඒ වචන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @samaonaki3876
    @samaonaki3876 2 ปีที่แล้ว +2

    Great lyrics 👍👍👍💙💙
    Great music 👍👍👍❤❤
    Great singing 👍👍👍💛💛

  • @upekajeewanth1008
    @upekajeewanth1008 3 ปีที่แล้ว +3

    ලස්සනයි වචන ටික වෙනදා වාගෙම
    ♥️♥️♥️😘

  • @rasikadissanayake9341
    @rasikadissanayake9341 3 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ ...බුදුසරණයි ...නියමයි

  • @hiruwarnakulasooriya8936
    @hiruwarnakulasooriya8936 3 ปีที่แล้ว +8

    මේ කටහ 😍 ලස්සනයි 💪 ශුභපතනවා ❤️

  • @bagyasewwandi6144
    @bagyasewwandi6144 2 ปีที่แล้ว

    Wachanarthayenma alankara kawe pelak... sthuthi ❤️

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว +8

    දෙපාරක් ඇහුවා. ගොඩක් සංවේදී කතාවක්, ලස්සනට කවියක් කරලා තියෙනවා. Good luck! 👍❤️🌹

  • @shashi1722
    @shashi1722 3 ปีที่แล้ว

    Winadi atakin oya ape mulu athmetama danenna wachana tikk gothala aiye.aththatama kadulu awa.all best aiye.hmdm issarahatama yanna.

  • @hansikam4357
    @hansikam4357 3 ปีที่แล้ว +3

    වර්තමානයේ තියෙන සිංදු එක්ක බලන කොට ඔයාලගෙ පද රචනා ඉතා විශිෂ්ඨයි ... ඉදිරියටම යන්න සුබ පැතුම් ...

  • @nethminipiyumika5203
    @nethminipiyumika5203 3 ปีที่แล้ว

    Harima lasaanai me sinduwa as dekata kadulu enawa .Adare,wirahawa gena pamanak sindu nirmanata wena me loke samaje thiyana me wage aththa katha gana nirmana bihi karana oyala aththatama niyama kala karyooo .....hamadama me wage hoda nirmana karanna lebenna kiyala mm suba pathanawa .budu saranai

  • @thilinipriyangika6952
    @thilinipriyangika6952 3 ปีที่แล้ว +3

    😢😢කොහේ හරි සැනසිල්ල
    ඇති මට
    😭😭දහ අතේ ආදරය
    හෙව්වා ...........💘

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 15 วันที่ผ่านมา

    ඇහැට.කනට.නොව.හදවතට.හරියටම.හරි .ගහලා.කියපන්.ශශික.අයියා❤

  • @boostspiritom5536
    @boostspiritom5536 3 ปีที่แล้ว +5

    ගීතයක්ම විතරක් නෙවෙයි ඒක ඇබ්බැහියක් අයියේ...ඒ වචන එක්කම අක්කිගෙ වොයිස් එකත් මාරයි ඇත්තටම 😍

  • @nayanatharaka2730
    @nayanatharaka2730 3 ปีที่แล้ว

    ලස්සන ගිතයක් හිතන්න දේයක් එක්කෙ තියෙනවා අපිට

  • @adithyasamudini3230
    @adithyasamudini3230 3 ปีที่แล้ว +15

    සැබෑ අපාය, සැබෑ කනත්ත, සැබෑ ප්‍රේත ලෝකය,.... මේ සියල්ල අැත්තේ අපි ජීවත් වන මේ සමාජය තුළමයි,... මේ පද පේළිය සමාජය නම් සොහොන් බිමේ අරක් ගතපු, යක්ෂ, ප්‍රේත,භූත, වගේම දේව වෙස් මවාගතපු අසුරයින්ටත්, තම තමන්ට උරුම වූ තැන මනාව වටහා දීමට පිටිවහලක්ම වේවා! මෙවැනි නිර්මාණ තව තවත් බිහි වී , කුරිරු රැදුරන්ගේ ඉහ මොළ පෑදේවා,.. තවද, ස්ත්‍රිය යනු හුදෙක්,ජීරණය වූ පසු මළපහ සේ බැහැර කරන, කාම ගින්න සංසිදුවීම උදෙසා පමණක්ම නියම වූ අහරක් නොවන බව හණමිටි අදහස් දරන පුරුෂාධිපති සමාජයට වැටහෙත්වා!