Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ( Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2022
  • Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera
    ආදරේ හිතෙනවද අහනවා
    ඔව් මටත් ආදරේ හිතෙනවා
    හාදු මට දැනෙනවද අහනවා
    ඔව් මමත් උණුහුමක් හොයනවා
    කිරි වරම් නෑ නේද අහනවා
    කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා
    මුගුරක් අරන් ඇනපන් තදින්
    භුමියට තාම පණ තියෙනවා
    හත් මාල නළල් පට නෑ
    සුදු නෙලුම් රෝස පෙති නෑ
    නෙත් අඳුන් යටින්
    උනනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ
    මුගුරක් අරන් ඇනපන් තදින්
    භුමියට තාම පණ තියෙනවා
    ගිනි කඳුළෙන් දෙමට මලෙන්
    නයි කඳුළෙන් නුග කොළයෙන්
    ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන්
    දිරිය අරන් පිපියන්..
    මුගුරක් අරන් ඇනපන් තදින්
    භුමියට තාම පණ තියෙනවා.
    • Artiste - Visharada Abhisheka Wimalaweera
    • A Film by Kasun Mahendra Heenatigala
    • Produced by - Nipuni Amarasinghe & Heenatigala Films
    • Starring - Ashan Dias / Bhoomi Harendran / Abhisheka Wimalaweera
    ♪ Lyrics - Abhisheka Wimalaweera
    ♪ Melody- Abhisheka Wimalaweera
    ♪ Music composing & Arrangements | Senanga Dissanayake-wayo
    ♪ Recording Engineer | Amala Mihiranga @BrickHouse
    ♪ Mixing & Mastering | Vinod Melpitiya @wayo MixHouse
    Drums | Kaushan Wijesuriya
    Guitars | Ricky Meddegoda
    Sitar | Mahesh Pathmakumara
    Violin | Rukshan Gunawardhana/Thisara Bandara
    Cello | Rochana Ramanayaka
    Director & Script - Kasun Mahendra Heenatigala
    Director of Photography - Srinika Liyanage
    Video Editor & Colorist - Hasitha Jayasanka
    Art Director - Sandun Madurapperuma
    Makeup - Tharindu Pathirathna
    Costume Designer - Nipun Chathuranga
    Assistant Director - Nalinda Dharmasiri
    Art Assistant - Mahesh Kumar
    Poster Designer - Sanjaya Epa Senevirathne
    Still Photographer - Buddhima Malepathirana
    Abhis Makeup Partner - Salon Indu and Mala Sarees
    Ridi ridee (රිදි රිදී) • Ridi Ridee - Abhisheka...
    Nissara | (නිස්සාර) : • Nissara | නිස්සාර |Abh...
    Nethra (නේත්‍රා) : • Nethra (නේත්‍රා) - Abh...
    Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : • Abhisheka Wimalaweera ...
    Mathaka (මතක) : • Mathaka (මතක) - Karuna...
    Narasiha Gatha(නරසීහ ගාථා) : • නරසීහ ගාථා | Narasiha...
    Wahi Kawiya(වැහි කවිය) : • Wahi Kawiya (වැහි කවිය...
    Sabandini(සබඳිනී ) : • Sabandini | සබඳිනී | V...
    #thawamapanathiyenawa #abhishekawimalaweera #musicvideo
  • เพลง

ความคิดเห็น • 7K

  • @abhishekawimalaweera.official
    @abhishekawimalaweera.official  ปีที่แล้ว +9697

    බැනුම් අහන්න වෙයි කියල හිතපු වැඩකට එකම එක negative comment එකක්වත් නොදුන්න ආදරණීය මනුස්ස හිත් වලට ආදරෙයි..ලංකාවෙ මිනිස්සු මාරයි ❤️
    අභී!

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi ปีที่แล้ว +5823

    ප්‍රේමයේ ගැඹුර මේ තරම් සංවේදීව,නිර්මාණාත්මකව ඉදිරිපත් කල අභී අක්කා,සේනාංග අයියා, මහේන්ද්‍ර අයියා ඇතුළු මෙම නිර්මාණයට දායක වුනු අති දක්ශ,සංවේදී, ආදරණීය කලාකරුවන් සැමට හදපිරි සුභ පැතුම් 🙏🏻💖

  • @nishankarajini4097
    @nishankarajini4097 7 หลายเดือนก่อน +242

    මම මේ සිංදුව අහනකොට ඒ විශුවල් එකේ ඉන්නේ මම වෙනවා.. අවුරුදු හතක් ආදරේ කරලා මම කසාදෙකට යන්නෙ .. ඊට අවුරුදු හතරකට පස්සෙ මට බබා ලැබෙන්න් ඉන්නෙ .. එයා මාස හතෙන් බඩේදිම නැති වෙනවා . එහෙම එහෙම මට බබාලා හතර දෙනෙක් නැති වෙනවා. .. අන්තිමට මම මගෙ මහත්තයව දකින්නේ නුවර උසාවියෙදි. චෝදනාව දරුවන් නොමැතිකම හා ද්වේශ සහගත හැරයාම.. මම එයාව කවදාවත් දාලා ගිහින් නැහැ .. නමුත් සාක්ශි කූඩුවට නැගලා චෝදනා අහගෙන ඉදලා වැරැද්ද බාර අරගෙන හැරුනේ මගෙ අම්ම ඉදගෙන හිටිය දිහාවට.. අම්ම තාත්තා මට ඉන්නවා ඒ ඇති කියලා හිත තද කරගෙන.
    බෝගම්බර අභී කොන්සට් එක බලන්න ගිහින් මේ සිංදුව අහලා මම හරියට ඇඩුවා .. " මුගුරක් අරන් ඇනපන් තදින් භූමියට තවම පණ තියනවා"..
    ඔව්.. ගෑණු හිත් හරි හයියයි.. ඒ ගතිය දුන්නෙ පිරිමි ..

    • @anuththara3467
      @anuththara3467 6 หลายเดือนก่อน +15

      වරදින්නේ නෑ අක්කේ හිත හයිය ගෑණුන්ට කවදාවත්..❤

    • @dilrukshiockers9684
      @dilrukshiockers9684 6 หลายเดือนก่อน +8

      A comment eka mara widiyata ridenawa....ath akke oya haiyakama a comment eka asse tynawa

    • @jananikaushalya9525
      @jananikaushalya9525 5 หลายเดือนก่อน +7

      ඔබට වරදින්නෑ, බුදුසරණින් ඔබ කරන හැමදේම සාර්ථක වේවා...

    • @rimzaa
      @rimzaa 5 หลายเดือนก่อน +5

      stay strong girlie ❤

    • @madhuhettiarachchi2852
      @madhuhettiarachchi2852 4 หลายเดือนก่อน +4

      ඔයා ශක්තිමත් ගැහැණියක්

  • @viranindhuwara8416
    @viranindhuwara8416 ปีที่แล้ว +445

    ලංකාවේ මිනිසුන් මෙහෙම open minding කරනවට අලුත් පරපුරේ කලා කරුවන්ට respect

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 ปีที่แล้ว +575

    දැන්වත් ඒ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න ලැබුනොත් ලොකු දෙයක්... මේ අයවෙනුවෙ ලංකාවේ හදපු පලවෙනි සිංදුව මම මීට කලින් දැකලා නෑ.. රාමුවකින් පිටතට එන්න අභිෂේකා මහත්මියට තිබුන ශක්තිය ගෞරවනීයයි..

  • @maheshikumari4869
    @maheshikumari4869 ปีที่แล้ว +387

    මේ සින්දුවට භූමි ව නොගත්ත නම් අපිට මේක මේ තරම් දැනෙන එකක් නෑ... අභි ගෙ කට හඩ මේ හීතයේ වචන කියන්න බරි තරම් ලස්සනයි භූමිගේ රන්ගනය... හරිම හර්දයාන්ගමයි

  • @funkyboy6270
    @funkyboy6270 ปีที่แล้ว +152

    පව් බන් මේ මිනිස්සු.අපිට වගේ නෙමේ උන් හෙන ගේමක් දෙන්ඩ ඕනා මේ සමාජේ ජීවත් වෙන්ඩ💔💔💔ආදරේ කියන්නෙත් මාර ගැබුරු දෙයක් නේ❤❤❤🙏🙏

  • @chamindakinigahage17
    @chamindakinigahage17 ปีที่แล้ว +273

    සමාජය විහිලුවට ගත්ත ආදරයක ගැඹුර පෙන්නපු අභී ඇතුලු සෙට් එකටම ජයවේවා අශාන් ඩයස් අතිවිශිෂ්ඨයි ඔබ 😘😘😘😘😘❤❤

  • @kashpodda
    @kashpodda ปีที่แล้ว +921

    තාම පණ තියෙනවා ගීතයේ අරුත මගේ අදහසට අනුව....
    ගීතය තුළින් නිරූපණය වෙන අදහස බැලූ බැල්මටම රූපරචනයෙන් අපේ මනසට යනවා. සරලව තේරුම්ගන්න පුලුවන් වාග්මාලවක් එක්ක ගැඹුරු අර්ථයක් ගීතය පුරාවටම මුණ ගස්වනවා. රූපරචනය පසෙකින් තියලා මම කතා කරන්නම් පදමාලාව ගැන.
    ආදරේ හිතෙනවද අහනවා..
    ඔව් මටත් ආදරෙ හිතෙනවා..
    හාදු මට දැනෙනවද අහනවා..
    ඔව් මටත් උණුහුමක් හොයනවා..
    මේ සඳහන්වෙන්නෙ ලිංගික සංක්‍රාන්තික කාන්තාවක් ගැන. පෞද්ගලිකව ඔවුන්ට සංක්‍රාන්තිකයින් ලෙස ආමන්ත්‍රණය කරන්න කැමති නැති උනත් පැහැදිලි කරන්න අවශ්‍ය නිසා සඳහන් කරා. ඇයටත් ආදරය , උණුහුම , දැනෙන අපිවගේම ලේ ඇටමස් නහර වලින් හැදුන අයෙක් බව මේ වචනවලින් පවසනවා. උණුහුමක් හොයන ඇය ගැන අභී ලියන්නෙ එහෙමයි. සමාජය තුළ වෙනස්කොට සලකන ඇයත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් බව අභී අපට මතක් කරනවා
    කිරිවරම් නෑ නේද අහනවා
    කිරිනැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා
    මුගුරක් අරන් ඇනපන් තදින්
    භූමියට තාම පණ තියෙනවා
    මෙහි සඳහන් කාන්තාවට කිරිවරම් නෑ නේද අහන්නෙ ඇය උපතින් කාන්තාවක් නොවන නිසා. ඇයට කවදාවත් මව් සෙනහසින් කිරි දීමට නොහැකි බව ඇහුවත් ඇය පිළිතුරු දෙන්නේ මව් සෙනහස පුරවලා දෙන්න තරම් පපුව ඉඩකඩ බවයි. මව්කිරි දෙන්න හැකියාවක් නැති උනත් උතුරන්න සෙනෙහස දෙන්න පුලුවන් බව ඇය අපට කියනවා. මමත් කාන්තාවක් , මමත් මනුෂ්‍යයෙක් බව ඇය නැවත නැවතත් නොකියා කියන්නෙ එහෙමයි. අවසානයෙ ඇය කියනවා "මුගුරක් අරන් ඇනපන් තදින් භූමියට තාම පණ තියෙනවා කියලා.
    භූමි කියන්නේ මෙහි රූපරචනයට සහභාගීවන කාන්තාව බව දැන සිටියා උනත් මගෙ හිත කිව්වෙ මේ පද පෙළේ භූමිය කිය්න්නෙ පොළවට කියලා. මහපොළවකියන්නේ හැම වේදනාවක්ම දරාගෙන නොසැලී ඉන්න ආදරණීය තැනක්. මුගුරක් අරන් තදින් ඇන්නත් මේ හ්මදේම දරාගෙන භූමිය පණ තියෙනකම් නොසැලී ඉන්නවා. ඉතින් මේ කාන්තාව මහපොළව වගේ කියලා අභී පෙන්වලා තියෙනවා වෙන්නට පුලුවන්.
    හත්මාල නළල්පට නෑ..
    සුදු නෙළුම් රෝස පෙති නෑ..
    නෙත් අඳුන් යටින්..
    ගලනා කඳුලැල් ඔබ දුටුවෙනම් නැ..
    හත්මාල නළල්පට කියන්නේ කාන්තාවක් සිය දිවියේ එක්වරක් පළඳින ගෞර්වනීය ආභරණයන් කිහිපයක්. කාන්තාවක් තම විවාහා වන දිනයේදී පළඳින මේ මාල හත සහ නළල් පට පැළඳීමට මෙම කාන්තාවට අවසර නැති බව මින් පවසනවා. එයින් අදහස් කරන්නේ ඇයට එය පැලඳ විවාපත්වීමට අවසර නොමැති බවයි. මෙහි එන සුදු නෙළුම පිවිතුරු බව සහ, නිර්මල බව තමයි සංකේතවත් කරන්නේ , රෝසමල් යනු ආදරයේ සංකේතය. නමුත් මෙම කාන්තාවට ඒ නිර්මල බවත් ආදරයවත් හිමි නැහැ. නෙත් අඳුන් දෑස් වල ගල්වන්නේ අලංකාරයට, ඇය ලොවට පෙනෙන්න නෙත්අඳුන් ගල්වාගෙන සිටියත් ඇයගෙ ඒ අඳුනට යටින් සැඟවිලා තියෙන කඳුළ , දුක ලෝකය දකින්නෙ නැහැ. ඇය මේ සියළු පීඩාවන් මධ්‍යයේ ඒ කදුළු සඟවගෙන ලෝකයට මුහුණ දෙන බව එයින් අදහස් කරනවා.
    ගිනි කඳුළෙන් දෙමට මලෙන්
    නයි කඳුළෙන් නුග කොළයෙන්
    ඉපදුන සත් පත්තිනි බල මහිමෙන්..
    දිරිය අරන් පිපීයන්..
    පත්තිනි දේවතාවිය සත්වරක් උපන් බව පුරාවෘත්තවල සඳහන්වෙනවා. එලෙස උපන් ආකාර හතරක් තමයි මෙහි සඳහන් වෙන්නෙ , ගින්නෙන්, දෙමට මලෙන්, නයි කඳුළෙන් සහ නුග කොළයෙන් ඇතුළුව සත්වතාවක් ඉපදුණු පත්තිනි මෑනියන්ගෙ බල මහිමයෙන් දිරිය අරන් පිපීයන් කියලා අභී මේ කාන්තාවගෙන් ඉල්ලනවා. සත්පත්තිනි මෑනියන්ගේ ඒ ආශිර්වාදය ඔවුන් කෙරෙහිද පවතින බව අභී පවසනවා. පත්තිනි මෑනියන් විශේෂයෙන් කාන්තාවන්ට සහ දරුවන්ට ආශිර්වාදයක් වන බව ජනප්‍රවාදයේ පැවතෙනවා. ඒත් අභී කියනවා නෑ එහෙම නෑ ඒ ආශිර්වාදය ඔබටත් තියෙනවා කියලා. ඔබත් කාන්තාවක් කියලා ඇය පිළිගන්නා බව එයින් පවසනවා.
    මෙය මනුෂ්‍යත්වය ගැන පදමාලාවක්, මෙය වෙනස්නොකොට සැලකීම සම්බන්ධයෙන් ලියවුණු අපූරු වදන් පෙළක්. කියන්න වචන නෑ. ඒත් මේ මගේ අදහස මීටවඩා වෙනස් සහ නිවැරදිම අර්ථයන් ගොඩක් තියෙන්න පුළුවන්. මගේ දැනුමට අනුව මේ අර්ථය ඉදිරිපත් කරේ. ඉතින් ගොඩක් ස්තූතියි කෝච් අභිෂේකා අපිට හැමදාම ලස්සනම ලස්සන නිර්මාණ අරන් එනවට. මිනිස්සුන්ට මිනිස්සු වෙන්න කියා දෙනවට.
    ආදරෙයි ❤️
    රූපරචනය තුළ කැමරාකරණය රඟපෑම වගේම සංකේතාත්මක නිරූඵණත් අතිවිශිෂ්ඨයි. භූමි අක්කාව නිර්මාණය තුළින් හැඟීම්බර නමුත් ශක්තිමත් ලෙස නිරූඵණය කරලා තීන විදිය හරිම ලස්සනයි. විශේෂයෙන් ඇගේ මුහුණේ හැඟීම් ප්‍රකාශණය විශිෂ්ඨයි.
    විචාරය - Kavindu Prabhash

    • @diwyangi7242
      @diwyangi7242 ปีที่แล้ว +29

      දැන් තමයි සින්දුව තේරුම් ගත්තේ. පින්.ඉස්කෝලේ සිංහල sir මතක් උනා. ඔලුව ට වදින්න ම තේරුම් කරලා දුන්නේ.

    • @piumaleenfernando7245
      @piumaleenfernando7245 ปีที่แล้ว +4

      @@diwyangi7242 eka atta

    • @shashikalamaliyadda3544
      @shashikalamaliyadda3544 ปีที่แล้ว +9

      thanks to explain to us...

    • @dilkysandachaya4219
      @dilkysandachaya4219 ปีที่แล้ว +5

      godak pin therum kalata

    • @yasantha1985
      @yasantha1985 ปีที่แล้ว +3

      👍

  • @DilanSenanayake
    @DilanSenanayake ปีที่แล้ว +23

    ස්ටෝරි එකක් ස්ට්‍රෝන්ග් වෙන්නේ කොහොමද ගීතයක් සංගීතමය ආශ්වාදයක් වෙන්නේ කොහොමද ? කලාකරුවකුගේ වින්දනීය ආශ්වාදයෙන් එලියෙ තියෙන වගකීම කුමක්ද ? එනම් නිර්මානය අවසානයේ බලන්නාගෙ සිතෙහි සංවේදනයක් වේදනාවක් සතුටක් ඇති කර එය මොලයේ තැන්පත් කරවීමයි
    අභි
    සෙනං
    හීනටි
    විනෝද්
    හසිත මේක සංස්කෘතික මං පහරන්නන්ට මරු පහරක්.

  • @Seinon7
    @Seinon7 7 หลายเดือนก่อน +46

    "වරදකරු ස්වාමීනී"
    ආදරෙ කියන්නෙ ලැබීමක් විතරක්ම නෙමේ...
    පරිත්‍යාගයක්❤

  • @user-ym7io7ym8s
    @user-ym7io7ym8s 7 หลายเดือนก่อน +12

    භූමි වගේ කට්ටියට මේ රටේ තැනක් අනිවාර්යයෙන් ලැබෙන්න ඕනේ ඒ අයව සමජයෙන් කොන් කරන එක විහිළුවට ගන්න එක මේ රටේ මිනිස්සු දැන්වත් නවත්තන්න ඕනේ මොකද ඒ මිනිස්සුන්ටත් හැගීම් දැනීම් ආශාවන් තියෙනවා ඒ මිනිස්සුත් ආසයි මේ රටේ නිදහසේ ජීවත් වෙන්න.❤😊

  • @CRICKVIDU
    @CRICKVIDU ปีที่แล้ว +52

    අභී කියන්නෙ වෙනම බ්‍රූන්ඩ් එකක්! උසස් නිර්මාණ එක්ක කලාවේ උඩුගං බලා යන අභීට හදවතේ ගැඹුරුම තැනින් ගෞරවය!

  • @Navo723
    @Navo723 ปีที่แล้ว +1655

    මේක සිංදුවක්ම විතරක් නෙමෙයි.. තවත් අහිංසක මිනිස්සු කොටසකට මේ සමාජයේ මීට වඩා නිදහසක්,පිළිගැනීමක් ඕන කියලා තේරුම් කරපු වටිනා පණිවිඩයක්. ජය වේවා අභී❤️භූමි❤️

    • @_sakuni_himaya_
      @_sakuni_himaya_ ปีที่แล้ว +3

      අනිවාරෙන් ❤️👍

    • @harshalakshan3154
      @harshalakshan3154 ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @ureshad.3538
      @ureshad.3538 ปีที่แล้ว +2

      Yes 💯

    • @SiththaraV
      @SiththaraV ปีที่แล้ว +3

      Abisheka miss wage ugath buddhimath aya athin me wage samajaya harawath magata yomu karanna puluwan nirmana karana rallak nirmanaya wena kalaya udawe atha.

    • @danushkalakmal4573
      @danushkalakmal4573 ปีที่แล้ว +5

      කියන්න වචන ne Abhi.... පිස්සුවක් මේක nam....

  • @shakthirathsara4247
    @shakthirathsara4247 3 หลายเดือนก่อน +12

    අද හම්බුනේ සිංදුව. කොහොම මහ ඇරුනද මංදා.... " මනුස්සයෙක් වෙනුවෙන් ඒ තරම් කැපකිරීමක් ❤... ලිංග භේදයක් නෑ. වයස් භේදයක් නෑ... ජාති ආගම් භේද නෑ... හිතට දැනුන තැන නතර උනාම ඒ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පුලුවන් හිතක් ලැබෙනවා"

  • @w.a.d.tchamara2412
    @w.a.d.tchamara2412 หลายเดือนก่อน +7

    පෞද්ගලිකව මම ඔයාගෙ කැමතිම ගතිය තමා මඩ ගෑවෙන්න හෝ නොගෑවෙන්න කියල වලට බැහැල බලන එක. එහෙම උන් අඩුයි අභි..එහෙම උන් තමයි ඕනෙත්. සුභ.

  • @rashmimaduwanthi2644
    @rashmimaduwanthi2644 ปีที่แล้ว +221

    දැන් ඉස්සරහට එන generation එක ආකල්ප, මානුෂීය හැඟීම් අතින් උගත් බුද්ධිමත් පිරිසක්. ඒ නිසා අපේ රට ගොඩක් වෙනස් වෙයි. ඒ පරම්පරාවට ශක්තියක් වෙන්න මේ වගේ නිර්මාණ කරන්න සහ රාමුවෙන් පිටතට එන්න ඔබට ලැබුනු ශක්තිය ගැන සතුටු වෙනවා ❤️

  • @prageethadhikari218
    @prageethadhikari218 ปีที่แล้ว +287

    ඇස් වලින් ආදරේ කියනවනම් අශාන් ඩයස්ම තමයි ❤🔥

    • @s.upamali1528
      @s.upamali1528 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත මයි..හරිම තාත්වික විදියට දෙනවා ඒකනම්.

    • @dhanushkachathuranga3564
      @dhanushkachathuranga3564 ปีที่แล้ว +3

      මුගුරක් අරන් ඇනපන් තදින්...❤

    • @mahindasadalath2767
      @mahindasadalath2767 3 วันที่ผ่านมา +1

      Ettamai.......❤❤❤

  • @prarthanadissanayake8089
    @prarthanadissanayake8089 ปีที่แล้ว +136

    අභී මේකේ දෙවෙනි කොටසක් ඕනේ.. සාදාරනේ ඉශ්ඨ වෙන්න ඕනේ

    • @amandaharshanijayasundara3775
      @amandaharshanijayasundara3775 ปีที่แล้ว +4

      එකඟයි

    • @asindusherangagallage4661
      @asindusherangagallage4661 11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 7 หลายเดือนก่อน +1

      Ekamai mn danishka gunathilaka atharina ගන්න.an eka deyak ප්‍රාර්ථනා කරනවා oya නිවැරැදි නම් oyat මාව magaharenna epa කියලා saha mawa rawattuwath oyat nm ridenne epa mn oyat ridenawa nm අනිවාර්යෙන්ම enawa saha oyage සතුට උදුරා ganne na mai😢😢😢😢❤❤❤❤mokada mn godak adarei eka penna dannaaa😢😢😢😢❤❤❤❤🙏🏾🙏🏾🙏🏾💯💖💖💖💖💖

  • @thamodibandara2305
    @thamodibandara2305 ปีที่แล้ว +10

    ගැහැනිය් කියන්නේ මාර දරාගැනීමක් තියන කෙනෙක්,හැමදේම දරාගෙන,ලැබීම් නොලැබීම එක්ක ජීවන ගමන නමැති මහා සාහරය එක්ක පොර බදින හැටි,සහමර තැන් වල අපිට අපි ගැන් දුකක් ඇති වෙන්වා

  • @kaveeshaabewarna6386
    @kaveeshaabewarna6386 ปีที่แล้ว +205

    මනුශ්‍යත්වය වෙනුවෙන් මා දුටු ඉහලම පද රචනාව...ඔබ මිනිස් කමට ඉහලම වටිනාකමක් දුන් සුරංගනාවියක් "අභී"....♥️♥️♥️

  • @Jagathkandy
    @Jagathkandy ปีที่แล้ว +810

    අභීගෙ හඬට නොදෙවෙනි රංගනයක්,අශාන්,භූමි,ධනූ එක්ක කරන රූප රචනාව සුපිරි👌👌👌👌

    • @dilaniwarnakulasuriya8819
      @dilaniwarnakulasuriya8819 ปีที่แล้ว +7

      Yes.kiyannna wachana nehe super....ashan, dhanu,abhi,bhumi.....

    • @chameerajeewan7667
      @chameerajeewan7667 ปีที่แล้ว +6

      ඔවු පුදුම විදියට දැනෙනවා.... 💖💖💖💖💖

    • @lifewithama
      @lifewithama ปีที่แล้ว +4

      Ow puduma lassanai

    • @saumyakuruppu5988
      @saumyakuruppu5988 ปีที่แล้ว +2

      පුදුම ලස්සන සින්දුවක්..භාවනාවක් වගේ කටහඩ අභීගෙ..භුමිගෙයි අෂාන්ගෙයි රංගනය අති විශිෂ්ටයි❤️❤️❤️

  • @malithmba5221
    @malithmba5221 ปีที่แล้ว +122

    අභී, භූමි, අශාන් මම ආසම ඉතා සවිමත් චරිත ඔක්කොම එකතු වෙලා මල් වට්ටියකට අත ගහල තියනව
    ආදරෙයි ඔබ සැම ගත් අභීත පියවරට. ❤

  • @saumyaamarasiriwardane1335
    @saumyaamarasiriwardane1335 ปีที่แล้ว +22

    බලපු වාර ගණන මතක නෑ..ඒ තරම් බැලුවා..ඒත් හතරවෙනි වතාවේ තමයි සින්දුව ඇහුවේ..අශාන්, භූමි කියන්නේ රංගශාලා වගේ..පුදුමාකාර දක්ශතාවයක්..ඒකට අභීගේ හඩ එකතුවුනාම පුදුම ලස්සන combinarion එකක්...සංකල්පය, හඩ, සංගීතය, රංගනය..මේ හැම අතින්ම බැලුවම මෑත කාලයේ මා දැක්ක perfectම නිර්මාණය...අතිසාර්තක නිර්මාණයක්...අභී ගොඩක් ස්තූතියි මේ වගේ රසවින්දනයක් ලබාදෙන්න කල අදහසට, උතසහයට සහ කැපවීමට...මම ආයෙ ආයෙත් කියනවා අශාන් සහ භූමිගේ රංගනය next level

  • @tipitip___2923
    @tipitip___2923 ปีที่แล้ว +442

    මේ සිරි ලංකාවේ මෙහෙම ගීතයක් අහන්නත්, මෙහෙම open minded රසික ප්‍රතිචාර දකින්නත් මේ ඇස් පින් කරලා තියෙනවා එහෙනම්... ආදරෙයි හැමෝටම.😌 ♥️🤌

  • @harryharsh
    @harryharsh ปีที่แล้ว +280

    මෙහෙම නිර්මානයක් ජීවිතේට ලංකාවෙන් බලාපොරොත්තු උනේ නෑ.... අවංකවම ලංකාව කලාවෙන් ලස්සන වේගෙන එන්නෙ. අභී අක්කේ පිං ❤️ . හැමදේකින්ම දායක උන හැමෝටම අවංකවම
    ස්තූතියි . ආදරේ කරන අපි හැමෝගෙම ගීතයක් මේක.🙏

  • @rash6311
    @rash6311 ปีที่แล้ว +32

    ඇත්තෙන්ම lgbt community එකට පිටරට songs, films, TV series බර ගාණක් he දෙද්දී. ලංකවේ නිර්මාණය උන 1st music video එක මෙක. Hemoma දන්නවා LOVE IS LOVE මේ loke ඕන කෙනෙකුට ආදරය කරන්න අයිතිය තියෙනවා කියලා. ඒත් ඒ දන්න ඇත්ත gena risk එක අරන් ලංකවේ අයට ඇතත් තේරුම් කරන්න පුළුවන් උනේ ABI ඔයා ට විතර යි. (ආදරයට අපි කාටවත් නිර්වචන දෙන්න බැරි තැන මේ අයට(lgbt community) දැනෙන හැගීම ආදරයක් නෙවෙයි කියන එක අසාධාරණයි නේද 💔😔) අසම්මත සම්මතය මිනිස්සු විසින්ම හදා ගත්ත දෙයක්.

  • @shashikaviraji2854
    @shashikaviraji2854 ปีที่แล้ว +150

    වැරදිකරු ස්වාමී ණී කියන තැන පපුව නතරඋනා වගෙ දැනුනා.කදුළු කඩාගෙන වැටුනා.ඇත්තමයි අභී ඒ හඬ නන් භාවනාවක්.අශාන්,භූමි තාත්වික රංගනයක්.සුභ පැතුම් මේ නිර්මාණය සඳහා දායක උන හැමෝටම.

  • @kamilamedis
    @kamilamedis ปีที่แล้ว +33

    භූමියට තවමත් පණ තියනවා...
    මේක රූපරාමුවක් විතරක්ම නෙමෙයි...මේ ජීවිතයක්...මෙවන් ආදර කතා හිත් ඇතුළෙම මැරිලා යන ජීවිත කොච්චර තියනවද?ආදරය ඉදිරියේ ලෝකයක් එක්ක උනත් සටන් කරන්න තරම් හයියක්....ඒ පණට,ඒ රහස් ජීවිත වලට හිනා වෙලා ඔළුව උස්සලා ජීවත් වෙන්න ඇත්තටම මනුස්සයෙක් වෙලා පිහිට වෙන්න...
    භූමි,
    ඒ ඇස් වල දුක ජීවිතේ කටුකත්වය යටහත් පහත් බව සියුම් විදිහට ඉදිරිපත් කරලා තියනවා...අමුත්තක් නෑ කැමරාව ඉදිරියේ සමාජයක්ම උනත් ඉතාමත් සියුම් විදිහට එක චරිතයකින්...wow...
    ආශාන් අයියා,
    රංගනය ගැන නම් වචන නෑ.ඒ ඇස් වලින් ගලන ආදරය...අසරණකම, ජීවිතේ රහස් ආදරේ ලෝකය ඉස්සරහ තමන්ට ජීවිතේ දෙද්දී ඒ වේදනාව ඉවසීම ඇස් වලින් ගලාගෙන ආවා... Amazing
    අභී,
    ඒ රංගනයම ඇති ප්‍රවීණත්වයට,හැගීම ඇස් වලින් වගේම සමාජයකම හඩක් වෙලා මිනිස් ඇසට සංවේදී කදුළු උනන්න මේ නිර්මාණය හදවතට තට්ටු කරපු ගීතයක්... Fabulous
    Production Team,
    වචනයෙන් වචනයට පණ පොවපු, හිරිගඩු පිපෙන visual,වර්ණ, සංස්කරණය ඉතාමත් සියුම් වගේම ඉහළම මට්ටමක තියනවා... Marvelous
    කියන්න වචන නෑ හරිම අර්ථාන්විතයි. සමාජ පීඩනය යටතේ ජීවත් වන විලංගුවේ හිර වු මිනිස්සුන්ගේ ගීතයක් පමණක් නොවී...ජීවිතයට හිනාවක් ගේන්න ඉඩ දෙන්න....

  • @dineshkumara8189
    @dineshkumara8189 ปีที่แล้ว +245

    කඳුළු බේරිගෙන යන නිර්මාණයක්! ඒ අහිංසක ආත්මයන් වෙනුවෙන් කරපු මේ නිර්මාණට සෑම ගෞරවයක්ම හිමි වේවා! ❤

  • @janakaabewardana4566
    @janakaabewardana4566 ปีที่แล้ว +36

    ආශාන් අයියා දෙන හැගීම පට්ට. මුලු සිංදුවම මාරයි 🖤🖤

  • @ravindudinuka4315
    @ravindudinuka4315 6 หลายเดือนก่อน +6

    " මිනිස්සුන්ගෙ ප්‍රේමය රහස් ගුහාවක්.., ඒ ගැබුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනව " මොන හේතුවක් නිසාද දන්නෑ අන්තිමට ඒ ටික කියන්න හිතුනෙ ඒත්ට පුළුවං කෙනෙක්ගෙ ජීවිතයක් ඒනස් කරන්ඩ .......,🙂🖤

  • @binaliwanniarachchi5361
    @binaliwanniarachchi5361 ปีที่แล้ว +41

    මිනිස්සු කියන්නේ හැම මනුසතාටම මනුස්සකමින් සළකන පිරිසට.
    ගැහැනිය, පිරිමියා හෝ ඕනෑම හුස්ම ගන්න මනුෂ්‍ය ජීවිතයකට ආදරය, සෙනෙහස වපුරන්න පුලුවන්නම් ඔයත් මනුස්සයෙක්.
    ගීතයේ අවසාන වචන පෙළින් මම ආරම්භය ගන්නවා.
    "මිනිසුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්. ඒ ගැඹුර දැන ගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා"
    මේ පද පේළිය සහ ගීතය මෙතනින් ඉවරයි. අවසානයේ දී ඒ ගැන කතා කරමු.දැන් තමයි මනුස්සකම් දන්න මිනිසුන්ගේ මිනිස්කම් ඇහැරෙන වචන ගෙතිලා තියෙන්නේ.ඔයත් එහෙව් හදවත් ඇති මනුස්සයෙක් නම් මේ හැම වචනයක්ම ඔයාට දැනෙයි මේ ආදරයත්, මෙවැනි ආදර කතාත් ආදරයම පමණක් පිරුණු මිනිසුන්ගේම ආදර කතා බව.
    ආදරේ දිහා අපිට වෙනස් කෝණ ගොඩකින් බලන්න පුළුවන්.හැබැයි ඔයා හිතන්නෙ ආදරය කියන්නේ පිරිමියෙක් ගැහැණියකට ගැහැණියක් පිරිමියෙක්ට කරන ආදරය විතරක් ම නම් ඔයා හිතන විදිය ගැන ආයෙත් හිතන්න.මොකද ඒ සීමාවට විතරක් ආදරය කොටු කරන්න බැහැ.සමාජය විසින් නොපිළිගන්න හැබැයි පිළිගත යුතුම හරිආදරණීය කතාවක් මේ ගීතය පුරා කියවෙනවා.
    සංක්‍රාන්තික ලිංගිකත්වය ගැන කියවෙන හරි අපූරු සංකල්පනාවක්.ලංකාවේ නෙමෙයි ලෝකයේ වුණත් සංක්‍රාන්තික ලිංගිකයන් ගැන හිතන විදිය වෙනස්. ඒ වගේම ඔවුන්ව හඳුන්වන විදිය වෙනස්.
    "ආදරේ හිතෙනවද අහනවා" ප්‍රශ්නයක්
    පිළිතුර "ඔව් මටත් ආදරේ හිතෙනවා"
    "හාදු මට දැනෙනවද අහනවා "ප්‍රශ්නයක්
    පිළිතුර "ඔව් මමත් උණුහුමක් හොයනවා"
    "කිරි වරම් නෑ නේද අහනවා" ප්‍රශ්නයක්
    පිළිතුර "කිරි නැතත් පපුවේ ඉඩ කඩ තියෙනවා"
    ඇත්තෙන්ම මේ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න.හැබැයි මනුස්සයෙක්වුන මනුස්සයෙක්ට මෙවැනි ප්‍රශ්න එවැනි මනුස්සයෙක්ගෙන් අහන්න බෑ.ඒකයි මම මුලින් කිව්වේ ගීතයේ කියවෙන පද පේළියක්..
    "මිනිසුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්. ඒ ගැඹුර දැන ගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා"
    මෙහෙම දේවල් වලට මුහුණ දෙන ඔවුන්ට මොන තරම් වේදනාවක් දැනෙනවා ඇතිද?පළමු පද පෙළින් ඒ වේදනාව රසවිදින අපිටත් දැනෙන්න සලස්වනවා.
    "මුගුරක් අරන් ඇනපන් තදින්....
    භූමියට තවම පණ තියෙනවා.."
    පණ තියෙන මිනිසුන්මයි මේ වේදනාත්මක ප්‍රශ්න නගන්නේ.මුගුරකින් ඇණ බලන්න.නොහිතුවට මේ භූමියට පණ තියෙනවා.ඉතින් මේ වේදනා දරාගන්න අමාරුයි.
    සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් වුවද ඇය ගැන ගීතයේ මුලින් අපිට නොතේරුණත් රූපරචනයේ සමහර සංකේතවලින් මේ ආදර කතාව කුමන වර්ගයක යන පැහැදිලියි.
    "රූප රචනයේ එක කොටසක ඔවුන් අයිස් පලම් දෙකක් අතේ තියන් ඉන්නවා " ඔවුන් දෙදෙනාම එකම වර්ගයේ සරලව කිව්වොත් කොල්ලොම දෙන්නෙක්.සංකේතය පැහැදිලි.
    ඒ වගේ ම "හත් මාල නළල් පට නෑ...සුදුනෙළුම් රෝස පෙති නෑ.." රූප රචනයේ මේ වෙලාවේ පෙම්වතා පෙම්වතියට කරාබු දෙකක් තෑගි කරනවා.ඔහු ඇයට ඒක පලදන්නේ පහසුවෙන් නං නෙමෙයි. හරියට බලන්න ! ආයාසයෙන් කරාබුව දානවා.ඔහු ඇයව පිළි අරගෙන ඉවරයි.ගැහැනියකගේ තියෙන බලාපොරොත්තුවන දේවල් ඇයට නෑ.හැබැයි අපිට නොපෙනෙන ගැහැණියකගේ තියන හැම ආදරණීය සෙනෙහසක්ම ඇයටද තියෙනවා.
    සියල්ල අවසානයේ දෙවියන් ගෙන් යදිනවා.
    "ඉපදුනු සත් පත්තිනි බල මහිමයෙන්................................. "දිරිය අරන් පිපියන්"
    සමාජයේ අපි නොදකින පිරිසකට කරපු ආදරණීය උපහාරයක් බව ගීතයේ අවසානයේ අපිට දැනෙන්නට හරිනවා.
    "වැරදිකරුවා ස්වාමීනි" ඒ භූමිගේ හඬ....
    ඔබ ආරම්භයේ ඉඳන් ගීතයට සම වැදුණා නම් ඔබට මේ වචන පෙළ දරා ගන්නට පුළුවන් කමක් නෑ.ආදරය විදින්න ,ආදරය ලබන්න ලිංග භේදයක් නෑ.ඔයාට පුලුවන් ඕනි විදියට ආදරය කරන්න.හැබැයි ලැබෙන ආදරය පරිස්සම් කරගන්න.ආදරේ අවසානය නම් ලැබුනට පස්සේ පරිස්සම් කරන එක.ඔහුගේ අනාගතය වෙනුවෙන් ඇය වැරදිකාරිය වෙනවා.
    ගීතයක් නෙමෙයි චිත්‍රපටයක් වගේ .මනෝ ලෝකේ ඔයාටම චිත්‍රපටයක් දැක ගන්න පුළුවන් .ඇස් ඇරලා බැලුවොත් හිතාගන්න බැරි බර අවි වලින්ම ඔයාට මේ චිත්‍රපටය බලන්න පුළුවන්.
    මේ මට හිතුන විදිය.

  • @hishanisaku1620
    @hishanisaku1620 ปีที่แล้ว +28

    භූමි....ඔයා මේ ලෝකේ ඔයාට ලස්සන තැනක් හදා ගෙන තියෙනවා....ඔයා නිසා අනිත් අයත් මේ ලෝකෙට බය නැතිව ලස්සනට මුහුන දේවි...ඔයාට මම හදවතින්ම සුබ පතන්වා...අභී අක්කේ ඔයාටත් අපි ආදරෙයි....

  • @Saranga_bandara
    @Saranga_bandara 7 หลายเดือนก่อน +15

    මුගුරක් අරන් ඇනපන් තදින්...
    භූමියට තවම පණ තියෙනවා....
    - i felt it - 💗🕊️

  • @sugandhifernando8659
    @sugandhifernando8659 ปีที่แล้ว +61

    එකම ඉරක් යට....එකම හදක් යට.....නහර ඇතුලෙ එකම ලේ ගලනකොට......එකම රිද්මෙකට හදවතේ ගැස්ම ඇතිවෙනකොට...ආදරේට විතරක් සම්මත අසම්මත හැගීම් හොයන්න තරම්....හිත් කැළබිලා..........
    නුඹ එක්ක ගෙවුනු හැම මොහොතක්ම
    මතක කරලා ...අතාරින්න තරම්....මගෙ පපුව නැවතිලා නැහැ .....
    ඔව් ..මං දන්නවා.....
    ඒ ආදරේ දරන්න තරම් නුඹට බැරි වෙන්න ඇති..
    මේ ඇස් දිහා බලන් එදා වගේ හිනාවෙන්න තරම් නුඹේ හිත හයිය නැතුව ඇති........
    ආදරේ පපුවෙ තියාගනත්...
    ...ඒක පෙන්නන්න තරම් හයියක් නුඹට හැමදාමත් නැතිවෙන්න ඇති.....
    ඒත් දන්නවද?
    මිනිස්සු ආදරේ කරන්නෙ එකපාරක්ලු.....
    ඒක ඇත්ත.......උඹට තරම් මං ආදරේ නැතිව ඇති කාටවත්ම.....
    ඒත් ඔය හිතේ....එකම ආදරේ වෙන්න තරම් පිං නැතිවෙන්නත් ඇති මට....
    අභීගේ හැම පද පේළියකම නුඹ හැමදාමත් ජීවත් වේවී....💔
    හදවතේ ගැඹුරුම තැන...❤

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 ปีที่แล้ว +4

      Oyage hadawathe lassana wachana walata peralila harima appuurui.garu karami hadawathinma.🙏🙏🙏🙏

    • @sugandhifernando8659
      @sugandhifernando8659 ปีที่แล้ว +2

      @@nalanirajapaksha806 ගොඩක් ස්තූතියි .....❤

    • @pavansakvithi7004
      @pavansakvithi7004 8 หลายเดือนก่อน +1

      Good job Abi

  • @rukshanchathuranga9607
    @rukshanchathuranga9607 ปีที่แล้ว +321

    අභීගේ කටහඩ. භූමී සහා අශාන්ගේ රංගනය. ඇග හිරිවැටිලා යනවා. ඔබලා 3 දෙනාම සම්මානනීයයී ❤❤❤. භූම් වගේ තව කොච්චර අය් ඉන්නවද? මේ ලංකාව තුල ඒ අයට නිදහසේ සිටීමට කාලය උදා වේවා ♥️♥️♥️♥️

  • @hash_sh0128
    @hash_sh0128 ปีที่แล้ว +88

    මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්, ඒ ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා 🙂🥀❤️‍🩹

  • @aravindaekanayake1759
    @aravindaekanayake1759 ปีที่แล้ว +8

    වීඩියෝ එක බලන්න පටන්ගත්ත පළවෙනි තත්පර කීපයේදී හිතට ආපු හැඟීමයි සහ විනාඩි 5 යි තත්පර 57 ක් අපිව වෙනම ලෝකෙකට අරගෙන ගිහිල්ලා අතෑරියට පස්සේ ඇතිවෙච්ච චිත්තවේගයයි.."
    Wow.." මාරයි.."
    Just brilliant.."👍

  • @saronifernando4673
    @saronifernando4673 ปีที่แล้ว +114

    කදුදු වැටෙන්න තරම් හිතපු නැති විදියට සංවේදී වූ ගීතයක්. God job Abhi! මං ගොඩක් ආදරය හා ගෞරව කරන චරිතයක් භූමි, ඇයට සුභ පතනවා♥️

  • @arunodaabeywardhana4077
    @arunodaabeywardhana4077 ปีที่แล้ว +62

    පරිණත පරම්පරාවක ආරම්භය මෙසේ ආරම්භ වන ලදී..🔥

  • @ChaminduKaushal
    @ChaminduKaushal ปีที่แล้ว +22

    ආදරය ගීත වලට පෙරලන ,ආදරනීය Coach Abhi
    හැමදාම ආදරෙයි ❤

  • @kasunathukorala4161
    @kasunathukorala4161 ปีที่แล้ว +24

    කොහේ සිටියත් කොහේ තිබුනත් මැරුණත් නොමැරුණත් ආදරය ආදරයමයි... අභිෂේකා විමලවීර ඔබ වැනි නිහතමානී කලාකාරිණියක් අතින් මෙවන් නිමවුමක් බිහිවීම ඉතා අගනේය..

  • @NethmiNimansa-dp9tx
    @NethmiNimansa-dp9tx ปีที่แล้ว +25

    මුගුරක් අරන් ඇනපන් තදින්...භූමියට තවම පණ තියෙනවා ....
    I felt it ❤💫

  • @tharindusampath1371
    @tharindusampath1371 ปีที่แล้ว +330

    "මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක් , එහි ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා" හිතට තදින්ම වැදුන වචනය ❤

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +95

    සැමට නිසි තැන හිමිවිය යුතුයි මේ සමාජයේ...කව්රුත් කථාකරන්න අකමැති මාතෘකාවක් ගැන හරිම ලස්සනට ගීපදවලින් විග්‍රහ කරල තියෙනවා ..💓💓💓💓අහීගෙ හඩ ඊටත් වඩා ලස්සනයි

  • @user-nu3cd5vw6x
    @user-nu3cd5vw6x 4 ชั่วโมงที่ผ่านมา

    හරිම හැගීම්බර , ශ්‍රාවකයාට මූළු කතාවම සිතින් මවා ගන්න පුළුවන් සංවේදි ගායනයක් අභි.... හරිම ලස්සනයි... 👏

  • @gayathrisandamali9920
    @gayathrisandamali9920 ปีที่แล้ว +24

    භූමි හරේන්ද්‍රන් මිස් ආදරණීයම චරිතයක්.❤️ ❤️
    අග්‍රගන්‍ය නිර්මාණයක් අභිෂේකා අක්කේ..😘❤️

  • @pjarts1847
    @pjarts1847 ปีที่แล้ว +684

    LGBT theme එකක් වෙනමම ගන්නෙ නැතුව, love story එකකට භූමි ව ගත්ත එක නියමයි.. ඒකෙන් සාමාන්‍යකරණය වෙනවා.. අභී තමයි ඇත්තටම progressive.. ❤️

    • @nadeenanayakkara7145
      @nadeenanayakkara7145 ปีที่แล้ว +13

      හරියටම හරි❤

    • @rkushan3461
      @rkushan3461 ปีที่แล้ว +6

      That’s the point ♥️

    • @lalithaguniyangoda6977
      @lalithaguniyangoda6977 ปีที่แล้ว +18

      Meka thamai eliyata enna one niyama adahasa. ❤️ wisheshakaranayak nathi thana nikanma samanyakaranaya athi wenwa.

    • @sarahperera4717
      @sarahperera4717 ปีที่แล้ว +4

      That's true ❤️

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 ปีที่แล้ว +10

      Exactly! It's all about humanity and love, not a label. Society rejects when people try to promote labels. No one needs to exhibit a label. Just live and let live, it's that simple. ❤️

  • @sheharamanuthmi
    @sheharamanuthmi ปีที่แล้ว +48

    අශාන් ඩයස්ට තියන ආදෙරේ වැඩි වුනා ඈ😍 අභී..කෙටියෙන්ම...සින්දුව පට්ට👍👍👍

  • @mask3806
    @mask3806 ปีที่แล้ว +11

    ඒක පට්ට...
    මිනිස්සු හැමෝම ආදරයක් හිතේ හිරකරගෙන ජිවත් වෙන්නෙ..කව්රුත් පිලිගන්නේ නෑ ඒ ඇත්ත,,,ඒත් ජීවත් වෙනවා

  • @sandalidissanayake8757
    @sandalidissanayake8757 ปีที่แล้ว +52

    අශේන් , භූමි රංගනය අති විශිෂ්ටයි... ❤❤ අභී ගේ කටහඬ නම් තනිකරම භාවනාවක්. ❤

    • @inomiwathsala
      @inomiwathsala 7 หลายเดือนก่อน

      අශාන්

  • @kevinperera6333
    @kevinperera6333 ปีที่แล้ว +36

    ලංකාවේ කොච්චර creative ,සංවේදී හදවත් තියෙන මිනිස්සු ඉන්නවද? මං මෑත කාලයේ අහපු ලස්සනම සින්දු දෙක තමා මේකයි චරිතගේ Zd8 එකයි.මාර concept දෙකක්..මෙච්චර ලස්සන වැදගත් නිර්මාණ බිහිවෙද්දිත් අපේ මිනිස්සු රැල්ලට යන එක තමා දුක🥲❤️😌

  • @thilininisansala7219
    @thilininisansala7219 ปีที่แล้ว +240

    සමාජයේ සෑම කෙනෙක්ටම සම ලෙස සැලකීම ප්‍රථමයෙන් ඉතා අගය කරන අතර,🙏 ඒ නිසාම මේ නිර්මාණයේ බර ගතිය ඉතාමත් හොදින් දැනෙන්නට එයද සාධකයක් වීම සැක නැත. කාලාව නිර්මාණයක් ලෙස වර්තමානයේ එළි දැක්වූ ඔබටත් එයට සහය වූ සැමටත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා..👍❤️

  • @ishanmadushanka1937
    @ishanmadushanka1937 ปีที่แล้ว +14

    නොවහල් ව විවෘත ව ලෝකය දකින එක කොතරම් අගනේ ද.. නවමු තේමාවක් ,අගනා නිමැවුමක්..දායක වූ සැමට ම සුපැතුම්...!

  • @lakshanidewmi3913
    @lakshanidewmi3913 ปีที่แล้ว +122

    ඔවුන්ට ඕනෙ අනුකම්පාවක්වත්, අමුතු ගෞරවයක්වත් නෙමෙයි.සමාජේ අනිත් මිනිස්සුන්ට තියෙන ඒ තැනමයි.....
    අන්න ඒ තත්වෙට අපේ මිනිස්සු හිතන්න පුරුදු වුන දවසට ඇත්තටම අපි හැමෝට ම ආදරයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි ❤️

  • @chamii766
    @chamii766 ปีที่แล้ว +99

    When abhi said, 'මිනිස්සුන්ගෙ ප්‍රේමය රහස් ගුහාවක්.. ඒ ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා' I felt it.

  • @paramiprabo
    @paramiprabo ปีที่แล้ว +7

    අශාන් ඩයස්, භූමි හරේන්ද්‍රන්, අභී මේ chemistry එක පිස්සුවක්. 🥺❤ මට කියන්න වචන නෑ මේක ගැන🔥❤

  • @nipunidhananjana
    @nipunidhananjana ปีที่แล้ว +6

    සමා⁣ජයෙ විවිධ මිනිස්සුන්ට විවිධ අඩුපාඩු තියෙනවා. කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. ඒ වගේ අඩුපාඩු තියෙන මිනිස්සු සමාජයෙන් කොන් නොකර මේ වගේ සංවේදීව එයාලව තේරුම් ගන්න පුලුවන් විදිහට නිර්මාණය කරපු ලස්සන ගීතයක්. ආදරෙයි මේ වගේ හිතන හැමෝටම ❤️

  • @chamodiuthpala2001
    @chamodiuthpala2001 ปีที่แล้ว +110

    When Abhisheka Wimalaweera said ;
    "මිනිස්සුන්ගෙ ප්‍රේමය රහස් ගුහාවක්"
    I felt it 🥀❤️

  • @kalpanadewmini296
    @kalpanadewmini296 ปีที่แล้ว +44

    කෙනෙකුගෙ ඇස්වලට කිසිම හේතුවක් නැතුව කඳුලු පුරවන්න, රෝම කෙලින් වෙන තරමට හැඟීමක් දනවන්න පුලුවන් ගීතයක් කියන්නෙ ඒක තනිකරම භාවනාවක්. ❤

  • @dushan5871
    @dushan5871 7 หลายเดือนก่อน +4

    යහපත් කල්ක්‍රියාව නිසා අවුරුදු 10කට පස්සේ නිදහස් වෙලා භූමි එලියට එනකොට, දරුමල්ලෝ එක්ක සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අශාන් අහම්බෙන් හම්බුවෙලා වෙන සිද්ධියක් ගැන දෙවෙනිකොටසක් ඒවි කියලා හිතාගෙන හිටියට, ජීවිතේට ආයේ එහෙම වෙන්නෙ නෑ කියලා හිතනකොට දුකයි

  • @dishiservi6046
    @dishiservi6046 7 หลายเดือนก่อน +5

    සම්මාන හුටපටේට පින්සිද්ද වෙන්න හොයාගෙන ඇවිත් බැලුවේ.. ලස්සන සින්දුවක්නේ..
    මාධවිට සම්මානයක් දෙන්න ඕනේ ප්‍රචාරණ කටයුතු වලට lol

  • @rukiii3707
    @rukiii3707 ปีที่แล้ว +140

    මේක ගීතයකට වඩා මන් දකින්නේ සමාජයේ යම් පිරිසක් වෙනුවෙන් කරපු ගෞරවනීය උපහාරයක් විදියට ♥️ good luck team u guys did it well

  • @dinusankalpani8536
    @dinusankalpani8536 ปีที่แล้ว +63

    අම්මා කෙනෙක් වගේ ආදරේ දෙන්න පුලුවන් කෙනෙක් වෙන්නත් එහෙම ආදරයක් ලබන්නත් පිනක් තියෙන්න ඕන. අවසානයේ ඉකි ගසා ඇඩෙන තරම් හිතට දැනුන සින්දුවක්. අශාන්,භූමි රංගනය ගීතය සැබෑවක් කලා.❤❤❤

  • @NimFernando-wd1cg
    @NimFernando-wd1cg 8 หลายเดือนก่อน +7

    බලපු වාර ගනන මතක නෑ බලන බාන ගානෙ ඇඬෙනවා විශිශ්ට නිර්මානයක් ❤️

  • @rathnaw4659
    @rathnaw4659 ปีที่แล้ว +165

    Europe countries වල වගේ අනිවාර්යයෙන් සමලිංගිකයන්ටත් මේ රටේ තැනක් දෙන්නම ඕන🙂. ඒදේ නීතිමය විදියට දුන්න දවසක ඒ අයත් එලි බැහැලා හුස්මක් අරන් ජීවත්වෙයි🥺❤️

    • @Aanyaperer
      @Aanyaperer ปีที่แล้ว +10

      භූමි සමලිංගික නෙවෙයි හැබැයි. She is a trans woman..

  • @geethikadissanayaka7273
    @geethikadissanayaka7273 ปีที่แล้ว +36

    බලල අඩපු නැති කෙනෙක් නම් ඉන්න නැතුව ඇති. ඒ කටහඬ, රෑප රචණය හැමදේම ලස්සනයි ❤️ අභි , භුමි ආසම චරිත දෙකක් ❤️

  • @ravinduhettiarachchi
    @ravinduhettiarachchi ปีที่แล้ว +67

    මිනිස්සුන්ගේ ප්‍රේමය රහස් ගුහාවක්...ඇත්තමයි....
    එහි ගැඹුර දැනගන්න මනුස්සයෙක් වෙන්නම වෙනවා...හිත් පිත් තියෙන මනුස්සයෙක්💗

  • @user-uj2yq1cu4r
    @user-uj2yq1cu4r ปีที่แล้ว +12

    දන්නවද අභී..මිනිස්සුන්ගෙ ප්‍රේමය රහන් ගුහාවක්..ඒකෙ ගැඹුර භූමි කියන සමස්ත චරිතයෙන් ඔයා පෙන්නුවා..🔥❤️

  • @sudathdesilva7224
    @sudathdesilva7224 ปีที่แล้ว +11

    මාරම මාර Song එකක්.. voice, melody, lyrics , visual , cast exellent . Ashan Dias ගෙ act එක මාර ම මාරයි .

  • @venudilakshi8486
    @venudilakshi8486 ปีที่แล้ว +32

    භූමියි අශනුයි ඇස් වලින් කියන දේවල් හිතට බර වැඩී... 🥺❤ අභී... වෙනම රහක් ❤

  • @hemanthikumariamarage4849
    @hemanthikumariamarage4849 ปีที่แล้ว +125

    ලෝකෙ පෙරලන තීරණ ගන්න අපේ මිනිස්සුන්ට "තාම පන තියනවා"...☝🔥 ආදරෙයි අභී❤

  • @amandaharshanijayasundara3775
    @amandaharshanijayasundara3775 ปีที่แล้ว +8

    සැබෑ ජීවිතයේ කිසිම කෙනෙකුට එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. අභී අක්කිගෙ හැම සින්දුවක්ම හදවතට තට්ටු කරනවා

  • @UdeshAryan
    @UdeshAryan ปีที่แล้ว +20

    දෛවයේ සමහර තීන්දු කොච්චරනම්
    අසාධාරණයද කියලා හිතුනා 💚🍃

  • @akalankakawshalya7482
    @akalankakawshalya7482 ปีที่แล้ว +39

    වචන වලට හිත ගියෙ දෙවනිපාරට අහනකොට.. මුලින්ම දැනුනෙ ඒ රූපරචනාව.. ඇත්තෙන්ම කියනවනම් වර්තමානයේ තරුන පරම්පාවේ මන් දකින විශිෂ්ටතම නිර්මාන කාරිය අබිශේකා ඔබ.. ඔබේ දැනුම් මහා මෙරක් තරම්. උබේ හැගීම් , ඔබේ අදහස්, ඔබේ සිතුවිලි සියල්ල හුදු රසික ප්‍රේක්ශකයන්ගේයැයි සලකා මේ මුදාහරිනා සුවිශේෂී නිර්මාන සදා අමරනීයයි.. ඔබට ජය ❤️❤️

  • @dinuliyanagama-zs4cf
    @dinuliyanagama-zs4cf 7 หลายเดือนก่อน +5

    මේ සිංදුව අහපු වාර අනන්තයි.❤ කවදකහරි හමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා මේ අසහාය කට හඩේ හිමිකාරිනියන් අභී මිස් ඔබතුමියව❤❤

  • @nadeeshathamali535
    @nadeeshathamali535 ปีที่แล้ว +30

    ජනප්‍රියත්වය බලාගෙන නිර්මාණ කරන කලාකරුවන් ඕන තරම් දැකල තියනව.මේ වගේ හදවතට දැනෙන නිර්මාණයක් කරල බැනුම් ඇහුවත් මොකද.හිතන්වත් බැරි සිතුවිල්ලකට කල නිර්මාණයක් .පුදුම සහගතයි.ගායිකාවක් වෙන්න ඕන කෙනෙක්ට පුලුවන්.නමුත් හදවතේ ගායිකාවක් වෙන්න අමාරුයි .ඒ අමාරු කාර්යය ඔබ කලා

  • @creation6001
    @creation6001 ปีที่แล้ว +53

    මිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා.ඒත් මුලු ජීවිත කාලෙම ප්‍රේම කරන්නේ එකම එක වතාවක් විතරයි. මිනිස්සුන්ගෙ ප්‍රේමය රහස් ගුහාවක්. ඒක දැනගන්නනම් මනුස්සයෙක් වෙන්නම වෙනවා 🍂🌼🖤
    👌❤️

  • @QW4HDANJU
    @QW4HDANJU ปีที่แล้ว +4

    ප්‍රේමය ගැබුරින්ම දකින්න ලියන්න ගයන්න හැකි එකම ගැහැණිය අභී
    ජීවිතය දරන්න අභියෝග හමුවේ නොසැලී පෙරට යන්න භූමි
    හැඟීම්බර ආදරය අශේන්
    ඔයාලා තුන්දෙනාගේ එකතුව .......................වචන නෑ..,..........
    වර්තමානයේ මෙවන් ගීත තව තවත් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....

  • @shinescenery3129
    @shinescenery3129 ปีที่แล้ว +4

    මෙ සින්දුව එදත් අහද්දි ඇහැට කදුලක් ආවා... අදත් එහෙමයි ❤

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 ปีที่แล้ว +109

    අද Concert එකේදී live ම බලන්න හම්බුනා....මට නම් හොදටම ඇඩුනා. " ආදරයට පුලුවන් ඕනම පරිත්‍යාගයක් කරන්න, හැබැයි එහෙම කරන්න පුලුවන් වෙන්නේ ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට විතරයි. " ආදරය කරන්න, විදින්න, වයස් භේදයක්, ලිංගභේදයක්, ආගමක්, ජාතියක් නෑ...ආදරේ කරන්න, ලැබෙන ආදරේ පරිස්සම් කර ගන්න.❤️🙏🥺

  • @dulmi4697
    @dulmi4697 ปีที่แล้ว +45

    මගෙ දැක්මට අනුව මේ ලෝකෙ ඕනිම මනුස්සයෙක්ට ඕනිම මනුස්සයෙක් ගැන ප්‍රේම හිතක් පහළ වෙන්න පුලුවන් ❤️ භූමි අශාන්ගෙ දැනෙන රංගනයක් සුභ පැතුම් හැමෝටම 🌷

  • @damithajayasundara5810
    @damithajayasundara5810 ปีที่แล้ว +15

    ඇස් පියාගෙන අහන්න පුලුවන් , ඒ වගේම ඇස් පියගතාමත් බලන්න පුලුවන් ගීතයක්, ආසම නිර්බයම චරිත කීපයක එකතුවක්, සුබපැතුම් හැමෝටම

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana915 ปีที่แล้ว +6

    අභී, අශේන්, භූමි පුදුමාකාර සංයෝජනයක්.. ❤️❤️❤️❤️❤️❤️👏👏👏👏💐💐💐

  • @prabodhakadawathage3434
    @prabodhakadawathage3434 ปีที่แล้ว +26

    මේ ගීතය concert එකේ දි release වෙනවා සජීවීව දකින්න වාසනාව ලැබුනා වගේම මෙහි අයිතිකාරිය භූමිගේ වචන වලින් මෙහි සැබෑ අර්ථය දැනගන්නටත් වාසනාව ලැබුණා. භූමි හරි. අභී කියන්නේ විශ්වීය ගායිකාවක්. මේ තරම් හිතට ඔය ගීත දැනෙන්න මැජික් එක ඒක. ❤️

  • @_D_419
    @_D_419 ปีที่แล้ว +93

    😍 #1 on trending for music
    අභී වටා එකතු වෙලා ඉන්නෙ බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක්...😍
    හරි ම ලස්සන නිර්මාණයක්...🥺❤️

  • @nirudicrafts
    @nirudicrafts ปีที่แล้ว +4

    මම ආසයි අභීගේ සින්දු අහන්න. අහලා හිත කොනිත්ත ගන්න. හිත රිද්දගන්න. ආයේම සතුටු වෙන්න. අහීගේ හැම සින්දුවක් ඇතුලේම හිතට කාවදින වචනයක් තියෙනවා .
    "මිනිස්සූ ආදරය කරන බව පෙන්වනනවා හැබැයි ප්‍රෙම කරන්නේ එක වතාවයි. ඒ ගැබුර දැන ගන්න මනුස්සයෙක් වෙන්න වෙනවා"

  • @kavishkashehani7534
    @kavishkashehani7534 ปีที่แล้ว +5

    වචන නෑ .. ඒ තරම් දැනෙන නිර්මාණයක් 🥺♥️♥️.
    Abhii 🥺🥰♥️✨️

  • @ThusinduMusic
    @ThusinduMusic ปีที่แล้ว +205

    සින්දුවක් නෙවෙයි සමාජ පුරාවෘත්තයක්🥺♥️🔥 Respect මෙහි සියලු කලාශිල්පීන්ට...!!!!

    • @user-lj9vp5yw7d
      @user-lj9vp5yw7d ปีที่แล้ว

      Asata kadulak inu sawedhi dasun pelak samaga hadawathata danunu geeyak.abisheka, sodoru kalakariya athulu anek siyaluma kalakaruwanta sthuthi! samajaya thula atharaman uwanta niwaradi maga penwana thawath nirmana bihi kireemata shakthia dahirya labewa.budu saranai

  • @chamipriya6775
    @chamipriya6775 ปีที่แล้ว +132

    ...මගේ ඇස් දෙකට කදුලක් ආවා...හරිම අහිංසක සංවේදී ලස්සන නිර්මාණයක් ....ඔබ මෙන්ම මෙහි රංගනයෙන් දායක වුණු හැම කෙනෙක්ම විශිෂ්ට ලෙස උපරිම කුසලතා දක්වනවා..ඔබගේ මේ නිර්මාණය මේ තරම්ම හැම කෙනෙකුටම දැනෙන්නට එයත් එක් හේතුවක් වන්නට ඇති ...ඔබට සදා ජය පතමි...

  • @shanakabrabath1240
    @shanakabrabath1240 7 หลายเดือนก่อน +2

    කෙහෙන් හරි සෙටිවෙනවා ලස්සන ජවිත විනාශ කරන අයියෝ මන්ද දදදදදදදද 😮😮😮😢😢❤❤❤

  • @anomaaberathna5195
    @anomaaberathna5195 ปีที่แล้ว +12

    Love is love.. එ concept එකට පණ දුන්නට පින් අභි.. අන්තිම වචන ටික.. " මනුස්සයෙක් වෙන්න වෙනවා"wow.. සම්මත අසම්මත නියම් අනියම් අවංක වංක තාවකාලික සදාකාලික රොමැන්ටික් toxic මේ මොන විදිහෙ කතාවක උනත් ආදරය කොනක තියෙනවා දැනෙන්න මනුස්සයෙක් වෙන්න ඕන... මං ආසයි ඒ අන්තිම වචන ටිකට.. හැමදේටම වඩා ප්‍රේමය හැඟිමක් නෙවෙයි තෝරාගැන්මක් කියන එක ඉස්මතු කරපු විදිහ... well done abhi..

  • @Elza12345
    @Elza12345 ปีที่แล้ว +92

    සත්තකින්ම කාලෙකින් හිත සසල කරපු ඇස් වලට කඳුළු ගෙනාපු අති විශිෂ්ට නිර්මාණයක්. අභී ගේ හද සසල කරවන හඬට එක් වුන භූමි ගේ සහ අශාන් ගේ රංගනයන් මෙතෙක් මා රූප රචනයක දුටු සංවේදී ම මුහුවීම යි! This is going to be a turning point in our music industry! ❤️

  • @umeshkrishanthan541
    @umeshkrishanthan541 ปีที่แล้ว +390

    ඒකනම් සැරයි 🥺❤️.. සිංදුව ඇහුවෙම නැති තරම් ඇස් දෙක ලොකු කරන් බලන් හිටියේ භූමියි අශානුයි ඇස් වලින් දීපු බර අවි දිහා.. ආයෙත් කියනව මේක මාරම සැරයි ❤️

  • @samudhinisansala1626
    @samudhinisansala1626 7 หลายเดือนก่อน +2

    අහපු වාර ගාන මතක නැති තරම් ♥️... ඒ අහපු හැමපාරම ඇස් කදුලු වලින් පිරෙනවා මොකක්දෝ දුකකට 🥺🥺

  • @niharaatapattu9786
    @niharaatapattu9786 ปีที่แล้ว +7

    හැම දේම සම්මතයි කියලා මනින ලංකාවෙ මිනිස්සු අතරෙ මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියලා දැනගත්තා ❤️

  • @tharakasumathipala4808
    @tharakasumathipala4808 ปีที่แล้ว +46

    මේ වගේ තේමාවක් (LGBTQ+ equality) මෙච්චර ලස්සනට හදවතට දැනෙන්න කරන්න පුළුවන් අභීටම තමයි ❤️❤️

  • @chathR0205
    @chathR0205 ปีที่แล้ว +57

    අසම්මත ද සම්මත ද කියන දෙය සැබෑ ආදරයට නිකම්ම නිකන් වචන දෙකක් කියන එක මේ සිංදුව තරම් උපමා තවත් නැතුව ඇති.❤️අභීගේ ගීත තුල හැමදාම තියෙන්නේ ආදරයේ හා ජීවිතයේ ඇති සැබෑ අැතුලාන්තය යි...හැමදාම වගේ ඔයාගේ සිංදු වලට පුදුම ආදරෙයි...❤️❤️🌷🌷

  • @user-ym7io7ym8s
    @user-ym7io7ym8s 7 หลายเดือนก่อน +2

    භූමි වගේ කට්ටියට මේ රටේ තැනක් අනිවාර්යයෙන් ලැබෙන්න ඕනේ ඒ අයව සමජයෙන් කොන් කරන එක විහිළුවට ගන්න එක මේ රටේ මිනිස්සු දැන්වත් නවත්තන්න ඕනේ මොකද ඒ මිනිස්සුන්ටත් හැගීම් දැනීම් ආශාවන් තියෙනවා ඒ මිනිස්සුත් ආසයි මේ රටේ නිදහසේ ජීවත් වෙන්න.❤