Humans vs Elephants | දුක් විදින අලි ඇතුන් සහ මනුස්සකම පිරුණු හේනක රැයක් | Elephants in Sri Lanka-04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2023
  • "මහත්තයෝ සේනානායක සමුද්‍රයේ අලි ගැන නෙමේ බුද්ධංගල පාරේ ඉන්න දුක් විදින අලි ගැන මිනිස්සුන්ට කියන්න.." යනුවෙන් කියා සිටියේ ඉගිනියාගල කඩමංඩියේ දී හිතවත් වූ මාමා කෙනෙක් විසිනි. මා සිත තුලත් ඇති වූයේ කුතුහලයකි. සැබැවින්ම ඒ කියමන ඉගිණියාගල සිටි අප කංඩායම අම්පාර බුද්ධංගල දක්වා රැගෙන යාමට හේතු සාධක විනි.
    කෙසේ වෙතත් අම්පාර පසු කර යන අප කංඩායමට සුපුරුදු වර්ශාවට මුහුණ දීමට සිදු විනි. කිලෝමීටර් තුන හතරක දුරක් බුද්ධංගල මාර්ගයේ ගමන් කල අපට හමු වූයේ වම් පසින් සුසාන භූමියක් සහ දකුණු පසින් ඇති කුණු කන්දකි. ඒ වන විටත් හස්තීරාජයින් දෙදෙනකු කුණු කමින් සහ කුණු පිරුණු පොහොර උර එහා මෙහා විසි කරමින් කුණු කන්ද මත ඇති වැසි දියට සක්‍රීය වී ඇති කුණු රොඩු සමග එකතු වී ඇති රොන් මඩ අතර ඔබ මොබ ඇවිදිමින් සිටියේ සති කිහිපයක් තිස්සේ තේජවන්ත අලි ඇතුන් දකිමින් සංචාරය කල අපගේ හදවත් මොහොතකට නවතාලමිනි.
    සැබැවින්ම මෙය නම් හදවතක් ඇති මිනිසෙකුට, සොබාදහමට ආදරය කරණ මිනිසෙකුට, සතුන්ට ලෙංගතු මිනිසෙකුට කදුලක් නොහෙලා බලා සිටිය නොහැකි දර්ශනයකි. අප එහි යන විට රැදී සිටි අලි දෙදෙනාට අමතරව තවත් අලි කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිනියේ කුණු කන්දට දකුණු පසින් ඇති නිරන්තරයෙන් විවුර්ත වී ඇති වන මං පෙත දෙසිනි. ඔවුන්ද පෙර අලි දෙදෙනා පරිද්දෙන්ම පැමිනි මොහොතේ සිට ආරම්භ කලේ කුණු කන්දේ ඇති කුණු හාරා එහා මෙහා විසි කරමින් කුණු කෑමටයි.
    අප සිටි ඉසව්වේ පැතිර තිබූ අලි වසුරු සියල්ලෙහිම පොලිතින් කොල දක්නට ලැබුනු අතර දන්නා තරමින් පොලිතින් ආහාරයට ගැනීම මේ රටක් වටිනා සතුන් හට අඩු වයසින්ම මිය යා හැකි හේතු කාරණාවකි.
    මහ වැස්සේ සුසුම් හෙළමින් බලා සිටි අප "අගලක්" හෝ "විදුලි වැටක්" නොමැති කුණු කන්දට සමු දී නැවතත් අම්පාර දෙසට පැමිනියේ මේ කාරණයේ දී සතුන්ගේ යහපත වෙනුවෙන් බලධාරීන්ට කිරීමට ඇත්තේ කෙතරම් සුලු කාර්යයක්දැයි අප අතරම කථිකාවක් ගොඩනගා ගනිමිනුයි.
    පැලද සිටි සෙරෙප්පු අතර රැදී තිබූ රොන් මඩ සහ කුණු කැබලි සහ වර්ශාවෙන් තෙත බරිතව තිබූ පාද මගින් මනසට ගෙන ආවේ දැඩි පිළිකුලකි. එහිම සිට කා බී සිය කාලය ගෙවන අලි ඇතුනට මෙය කෙලෙසකින් දැනෙනවාදැයි ඔවුන්ගේ අයහපතය කෙලෙසකින් බලපානවාදැයි මා තුල ඇත්තේ මහත් වූ කුතුහලයකි.
    අප නැවතත් පැමිණියේ ඉගිණියාගල දෙසටයි. ඉගිණියාගල ජලාශයෙන් ගලා එන දිය පහරකට හනි හනිකට පැන නා කියා ගත්තේ මීලග ගමනාන්තයත් අලි ඇතුන් පිරුණු ගමනාන්තයක් වූ නිසාවෙන් රාත්‍රි භෝ වීමට මත්තෙන් එහි යා යුතුව තිබූ නිසාවෙනි. කෙසේ වෙතත් නා කියාගෙන තවත් කිලෝමීටර් තිහක පමන දුරක් ගෙවා දමමින් අප අපගේ මීලග ගමනාන්තය වූ විජේසිංහ මාමාගේ පැලට ලගා වූයේ රාත්‍රි හත පමන වන විටයි.
    අලි ඇතුන් බහුල ඉසව්වක විජේසිංහ මාමාගේ පැල සොයා ගමන් කිරීම අනතුරුදායක වුවත් විදුලි පංදම් එළියෙන් සහ ඉතා අවධානයෙන් යුක්තව වනාන්තරය මැදින් විජේසිංහ මාමාගේ පැලට යාමට අපට හැකි විනි. "මේ රෑ නොඈවිත් ඉන්නයි තිබ්බේ..." විජේසිංහ මාමා අපව පිළි ගත්තේ අප කල කාර්‍ය්ය වීරකමක් නොවන බැව් නොකියා කියමිනි. එමින් ගමනේදී රැගෙන ආ කෑම ජාති කිහිපයක් සහ වතුර බෝතල් සියල්ල විජේසිංහ මාමාගේ පැලේ කෙලවරක ඇති ලී මැස්ස උඩින් තබා කුඩා ගිණිමැලයේ එළියෙන් කතාවට වැටුනේ පැලේ ජීවිතය ගැනත් අලි ඇතුන්ගේ වග තුග ගැනත් නොදත් කරුණු කාරණා ගැන විජේසිංහ මාමාගෙන් විමසමිනි.
    සියල්ල රූප රචනාවෙන් නරඹන්න.
    ආයුබෝවන් මම දිනේෂ්.
    This is the last episode we have done regarding the Sri Lankan Elephants. It’s a heartbreaking story as the elephants are affected by human's careless and neglected behaviours. Also, we were lucky enough to stay in a hay house on a village-cultivated land (farmhouse). I hope I have given a message to our society and hope the wildlife will be looked after for the next generations.
    Greetings
    I am Dinesh
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    “Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
  • บันเทิง

ความคิดเห็น • 370

  • @kumariindrani7881
    @kumariindrani7881 9 หลายเดือนก่อน +9

    මේ අහිංසක මිනිස්සු මරණය දක්වා දුක් විදින ජිවිත මේ මිනිස්සු වෙනෙවෙන් සත්තු වෙනුවෙන් කතා කරන්න කිසි කෙනෙක් නැහැ රටේ ඉන්න දෙවිවරු මේ අහිංසක ගොවියන් අපේ රටේ මේ ජරාජීර්ණ දෙශපාලනයයි කාලකණ්ණි තිරිසන් පාලකයනුයි අයින් කරපු දාට මේ රටට සෙතක් වෙයි පව් අපේ රටේ අහිංසක අසරණ මිනිස්සු😢😢 ඇස් දෙක තෙත් උනා මේ විඩියෝ එක බලලා විනාඩියක් විනාඩියක් ගනේ මේ කාලකණ්ණින්ට සාප කලා මේ රට විනාශ කලාට

  • @ridmasampath5708
    @ridmasampath5708 9 หลายเดือนก่อน +7

    එක හස්තිරාජයෙක් කියන්නේ මිනිසුන් දහ දෙනෙක් ඒක ජනප්‍රවාදයක්. අපිද ඔවුන්ද මේ ස්වභාදහමේ කොටස්කරුවෝ. ඉතින් ඔවුන්ට තාඩන පීඩන හිරිහැර කරන්න එපා.ඔවුන්ද අපි මෙන් මෙහි ජීවත් විය යුතුයි. අද රූප රචනාව ගොඩක් ලස්සනයි දිනේෂ් අයියේ. braground music ටික නං රූප රචනාවට හොඳින්ම ගැළපෙනවා. ස්තූතියි අයියේ ඒ වගේම පිං❤️‍🩹🙏 DAP💯🙏🧘

  • @wasanapathirana3285
    @wasanapathirana3285 9 หลายเดือนก่อน +71

    දවස් ගානෙ අපට අහිමි වන අහිංසක අලි ඇතුන් වෙනුවෙන් කතා කරන්න ඔබත් එක්වීම සතුටක්... එයාලත් අපි වගේම මේ ලෝකේ ජීවත් වෙන්න ඕන.. ඒත් ...😢 . මනුස්සකම හුගක් පිරිහිලා... අපි හැමෝම අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න එකතු වෙමු.. සියලු සත්වයන් ආරක්ෂා කරමු.. ආදරය ආරක්ෂාව අවශ්‍යයි එයාලටත්.. ඉතිං දිනේෂ් අයියා ගොඩක් පිං ඔයාට.. මේ රෑප රචනාව ඔයාගෙන් බලාපොරොත්තු වුනා..❤ ආදරෙයි දිනේෂ් අයියා..

    • @sncghost5330
      @sncghost5330 9 หลายเดือนก่อน +4

      😢😢😢Api mehe ඉඳල harina 😢😢😢

    • @MallikaMallika-mr3ww
      @MallikaMallika-mr3ww 2 หลายเดือนก่อน

      😊😊

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 9 หลายเดือนก่อน +10

    මට නම් ඒක බලන් ඉන්න අමාරුයි සහෝදරයා

  • @shyamacooray6756
    @shyamacooray6756 9 หลายเดือนก่อน +3

    අලි ඔක්කෝම කොලබට එන්න
    ඕනේ. එතකොට මුන්ගෙ ඇස් ඇරේවී. ස්තූතිය් බොහොම ඔබගේ මනුස්සකමට. 💐

  • @PraDeeYa_
    @PraDeeYa_ 9 หลายเดือนก่อน +11

    ඒ දෙන්නාට සමුදෙද්දි ඇහැට කදුලක් ආවා ❤️😊

  • @young_wiz8115
    @young_wiz8115 9 หลายเดือนก่อน +5

    රැක ගන්න ඕනම ජීවිත දෙකක් එච්චරයි තේරුණේ 😢

  • @sandyapushpamali3935
    @sandyapushpamali3935 9 หลายเดือนก่อน +7

    වැදගත් විදියට කරන, භාෂාව හා සභ්‍යත්වය රකින ඕන පොඩි ලමයෙකුට බය නැතුව පෙන්වන්න පුලුවන් ලංකාවේ එකම ව්ලොග් එක ❤ සැබැවින්ම හදවතේ සංචාරකයා 💯

  • @ruvinimedagedara
    @ruvinimedagedara 9 หลายเดือนก่อน +21

    පටන් ගද්දිම ඇග හිරිවැටිලා ගියා. ඇස්වලට කදුලු ආවා. ඇයි මේ සත්තුන්ගේ වටිනාකම මිනිස්සුන්ට නොදැනෙන්නේ...😢 කථාව ඇත්ත අයියේ.අපිටත් මෙයාලට වෙන අපරාධ දකිද්දී දුක වගේම පුදුම ලැජ්ජාවක් දැනෙන්නේ...අනේ අහිංසක ජීවිත...🥺😭 වරමක් වත් ලැබුනොත් දවසක ඉල්ලන්නේ රකින්න කියලා අහිංසක සත්තු ටිකයි සොබාදහමට ආදරේ ආදරණීය හදවත් ඇති අවංක මිනිස්සු ටිකයි... නපුරුකම් නැති හදවත් විතරක් තිබුණා නම් මේ පොළොව කොච්චර ලස්සන වෙයිද..😢

  • @NeeshaFerdy
    @NeeshaFerdy 9 หลายเดือนก่อน +35

    අපේ අලි සම්පත පණ මෙන් සුරකිමු! ❤🐘❤
    එක්කෙනෙක්වත් නැතිවුනදාට උහුලාගන්න බැරි දුකක් දැනේවි ... 😢 එතකොට පරක්කු වැඩියි!!

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 9 หลายเดือนก่อน +2

    මෙච්චර දුක්වදල බත සපයන ගොවියගෙන් අස්වැන්න ගන්න මිනිස්සු ඒක කොච්චර බාල්දු කරලද ගන්නෙ ඒ අරගෙන උහුලන්න බැරි මුදලට විකූණනව.ඒ තමයි අපේ රටේ සංවර්ධනය. දුකයි.ඔබට පින් දිනේෂ් හැමෝගෙම ඇස් මොහොතකට හරි ඇරෙන්න මෙවැනි රූප රචනා ගේනවට.තෙරුවන් සරණයි ඔබලාට

  • @dineshnalaka7431
    @dineshnalaka7431 9 หลายเดือนก่อน +21

    ගොඩාක් දුකයි මේ හැම දෙනාම ගැන කිසිම සැලකිල්ලක් නෑ අපේ රටේ අපේ ගොවි රජවරු වෙනුවෙන් හා වන සතුන් වෙනුවෙන් .. එයාලගෙන් හම්බකරන් බලදාරීන් කනවා ඒච්චරයි හැමදාම.ඒ රජවරු දුක් විදිනවා 😥😥😥😥
    සියලු දෙනා රැකදෙත්වා !....🥺💚💚💚💚🙇🙇🙇🙇

  • @pabasaradil4295
    @pabasaradil4295 9 หลายเดือนก่อน +5

    දන්නවද දිනේෂ් .පොලොන්නරුව මම ඉන්න සුන්දර ගම්මානයටත් වන අලි එනවා.හැබැයි මේ වන අලි හරි වාසනාවන්තයි.එයාලගෙන් මිනිසුන්ට කරදර තමයි.ඒත් එයාලට කිසිම හානියක් නොකරන තරම් මිනිස්සු කාරුණිකයි.සමහර වෙලාවට මඩ වගුරුවල එරිලා ඉන්න වන අලි පවා මැරෙන්න නොදී බේරගන්න අවස්ථා බොහෝමයි.සත්තුන්ට කතා කරන්න බෑ.ඉතින් එයාලා වෙනුවෙන් පෙනී ඉන්න එකයි මනුස්සකම.💖💖

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 9 หลายเดือนก่อน +13

    පෙර පාසල් අවදියේ සිට නිවරදි විය යුතුයි . අඩුම තරමේ තමන් බැහැර කරන ද්‍රව්‍ය වර්ග කර ඉවත් කිරිමට හුරු කලයුතුයි .පෙලිතින් අනුභවය නිසා අපිට අහිමි වන සත්ව ජීවිත ගනන විසාලයි .😢🇱🇰

  • @ElephantSoul
    @ElephantSoul 9 หลายเดือนก่อน +6

    නොපෙනෙන අලි පරපුරේ විනාශයට සුල මූල සොයන ඔබට බොහොමත් ස්තුති මෙයයි නොදැනෙන විනාශය නගර සබහා කුණු

  • @ruvinimedagedara
    @ruvinimedagedara 9 หลายเดือนก่อน +16

    ලංකාවේ මිනිස්සු වෙනස් විය යුතුමයි..🥺🙏 ආකල්ප වෙනස් වෙන්න ඕනි. පෙර පාසලේ ඉඳන් ළමයින්ට උගන්වන්න ඕනි සොබාදහමට සත්තුන්ට මිනිස්සුන්ට ආදරේ කරන්න..😐 එසේ නොකිරීමේ අඩුව තමයි මේ.😢

  • @kanchanarathnayaka9126
    @kanchanarathnayaka9126 9 หลายเดือนก่อน +5

    ලොකු පීරිස් අයියා cricket team eke සදීරයි අයියයි මල්ලී වගෙ❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 9 หลายเดือนก่อน +26

    ආයුබෝවන් .. 💐🙏❤️
    දිනේෂ් අයියේ ... 🙏
    ලොකුපිරිස් අයියේ ... 🙏
    සහන් මල්ලි ... 🙏
    ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
    හදවතේ සංචාරය බලන්නම් ... ආදරෙයි හැමදාමත් ඔයාලාට ❤️

  • @Diary_Of_Dilshan
    @Diary_Of_Dilshan 9 หลายเดือนก่อน +8

    ඒ මිනිස්සු සත්තුන්ට වෙනම කොටසක් වෙන් කරනවා...බලදාරියෝ මේ වටිනා සත්තු මැරෙන්න ඇරල බලන් ඉන්නවා..😔😔😔

  • @gimhanichathu5750
    @gimhanichathu5750 9 หลายเดือนก่อน +5

    මාත් අම්පාරෙ ඇත්තටම ලැජ්ජයි , අර කුනු ගොඩ දැක්කාම ගොඩක් දුකයි සද්දන්තයින් එ කුනු කනවා දැක්කාම 😢 .පවු අහින්සක සත්තු එවා කාලා ජිවිත විනාසවෙලා යනවා 😥😢.ගොඩක් වේදනයි හිතට. බලධාරීන් මේවට කිසිම ක්‍රියාමර්ගයක් ගන්නෙ නැ.. සමාවෙන්න දිනේෂ් අයියෙ අපේ නගරෙට ඇවිත් වේදනාවෙන් යන්න වුනාට .🙏

  • @madusankavlogs3154
    @madusankavlogs3154 9 หลายเดือนก่อน +10

    DAP 🦾💪 දිනේෂ් අයියාගෙ Vlog අනික් travelers ලා එක්ක බලද්දි පට්ට professional ❤

  • @madusankavlogs3154
    @madusankavlogs3154 9 หลายเดือนก่อน +8

    අලි කුණු කනවා දකිනකොට ඇත්තටම දුකයි. හරි හමන් recycling ක්‍රමයක් වගේම නිවෙස් මට්ටමෙන් කසල වෙන්කිරීමේ කලමණාකාරීත්වයක් තිබ්බා නම් මේ අපරාදෙ වෙන්නෙ නැහැ. 🥺

  • @NeeshaFerdy
    @NeeshaFerdy 9 หลายเดือนก่อน +8

    හේනේ මාමා පින් කරලා තියෙනවා ඔය වගේ සුන්දර තැනක පාඩුවේ තමන්ගේ රැකියව කරගෙන කාටවත් කරදරයක් නොවී ඉන්න. පින්වත් සැහැල්ලු ජීවිත ❤... තිසරණ සරණින් නීරෝගි දීර්ඝායුශම වේවා මේ මාමටයි නැන්දටයි! 🙏

  • @janidubasura7204
    @janidubasura7204 9 หลายเดือนก่อน +8

    ගොඩක් පින් මේ කරන දේට. ඒවගේම ගොඩක් දුකයි රටක් විදියට. මෙච්චර රටක් වටින අහිංසක සත්තුන්ගෙ ජීවිත වෙනුවෙන් අපිට හැකිපමනින් හෝ දෙයක් අනිවාරෙන් පමා නොවී කලයුතුයි කියන එකයි මගේ මතය. හැමෝගෙන්ම ඉල්ලනවා හැකි ඉක්මනට මේ ගැන කථිකාවක් ආරම්භ කරමු. Social media තුලින් ලොකු දෙයක් කරන්න පුලුවන්. මේ වගේ වැදගත් දේවල් share කරන්න. ඔබත් හඬ නගන්න. ගොඩක් පින්❤️

  • @user-fn2lz9jk9x
    @user-fn2lz9jk9x 6 หลายเดือนก่อน +2

    හරි සුන්දර මෙන් ම එක් පසෙකින් අසුන්දර අව්‍යාජ පටිගතකිරීමක්
    බොහොම ස්තූතී ❤

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 9 หลายเดือนก่อน +17

    ඉතාමත් වැදගත් මතෘකවක් ගැන ඔයා මේ වැඩසටහන කලේ, ❤️😇💪
    ඇත්තටම මටත් පුදුම දුකක් ලැජ්ජාවක් දැණෙන්නේ සහෝ,
    අපි වැරදිලා ඉපදුණු හිස් මිනිස්සු මිසක් මනසින් උසස් නෑ.
    නමුත් අපි එකතු උනොත් එ අහිංසකයන් වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් , 💪💪💪
    ❤❤❤💪💪💪😇😇😇🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 หลายเดือนก่อน +1

      🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾🙏🏾🙏🏾🙏🏾🇱🇰🙏🏾 ජයවේවා!!!!!! ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 9 หลายเดือนก่อน +3

    මේ අහිංසක සද්දන්තයින් හැබහින් දකින අන්තිම පරම්පරාව අපි වෙයිද කියල ලොකු බයක් තියනව මල්ලි .........ඔයාල ඔක්කොටම බුදු සරනයි මල්ලි

  • @lakshikaranasinghe5156
    @lakshikaranasinghe5156 9 หลายเดือนก่อน +6

    අනේ පව් දෙයියනේ... මනුශ්‍යයෙක් විදියට ඇත්තටම ලැජ්ජයි තමා අයියේ.. අදාල බලධාරීන් දැකලා පිළියමක් ගනිත්වා කියල ප්‍රාර්තනා කරනවා 🥺

  • @rashmikaakash1191
    @rashmikaakash1191 8 หลายเดือนก่อน +3

    ආයෙ පොලිතින් මං පාවිච්චි කරන්නෙ නෑ. 😢 අපි එකා එකා හරි හැදෙමු. පවු මේ අහිංසක සත්තු. 😞 ස්තූතියි දිනේෂ් අයියේ මාව නිවැරදි කරාට. සුභ ගමන්. ❤️

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 9 หลายเดือนก่อน +6

    දිනේෂ්, ස්තූතියි ඔබේ වාර්තා කිරීමට. රටේ ජනතාව තමන් මිලදී ගන්නා හැමදෙයින්ම බදු ගෙවා අදාල රාජ්‍ය ආයතන නඩත්තු කරන්නේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමටයි.
    ඔබගේ වාර්තා වැඩසටහනේ විස්තර අනුව ඔවුන්, ඔවුන්ගේ යුතුකම් සහ වගකීම් පැහැර හැර ඇති බව පැහැදිලියි.

  • @HRN15
    @HRN15 8 หลายเดือนก่อน +2

    සොබාදහම් මාතාව ගැන කතාකරනවට අයියට වචනෙකින් හරි ස්තුති කරන්න බැරි උනොත් ඒක අපේ අව්ලක්............thank you අයියෙ❤️ පොලොන්නරුව ට ත් එන්න.............. අපේ ගමට........ අපි නවාතැන් දෙන්නම්........... 🌸 ආයෙමත් ඔයාටත් ඔයාගෙ යාලුවන්ටත් thank you❤️ may the universe will help you & blessing you 🌸❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 9 หลายเดือนก่อน +3

    අනේ දෙවියනේ ඒ දසුන් දැකීමත් සිතට දුකයි මනු සතා😢 මොනවද කරනනේ?
    පරිසර සංවිධාන වලට මේ ව දකින්නට බැරිද පෙරහැර අලි ගැන කථා කර න අයට මේ ව ගැන දුක නැද්ද
    හරිම දුකයි
    ඔය කණු දමන එවුන් ට
    දිනේෂ් පැතුම් මහතා ලොකු පිරිස් ඔබලාට ස්තුතියි ජයවේවා!
    පුළුවන් වෙයි දෙයක් කරන්න ඔයාලට මෙම සත්තු ආරක්ෂා කරගන්න

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan3690 8 หลายเดือนก่อน +2

    දිනෙන් දින වදවීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින අලි සම්පත වෙනුවෙන් ඔබ ඉදිරිපත් වීම ගැන නිර්ව්‍යාජ සතුටක් දැනෙන්නේ හිතට 💚🐘 ගොඩක් පිං මේ කරනා සේවයට 💚🍃🐘

  • @harshanuwan1679
    @harshanuwan1679 9 หลายเดือนก่อน +7

    මේ මිහිතලයේ අපිට, ස්භාවධර්මයට වටිනාම වස්තුව මේ අලි ඇතුන්❤️. එහෙත් රටේ අවාසනාවට මේ සතුන් වදවෙමින් යන්නෙ මේ මිනිස් ක්‍රියාකාරකම් නිසා 🥺. දැන් වත් එකතු වී මේ අසරණ සතුන්ගේ ජීවිත ගැන සිතා ආරක්ෂා කරනවා නම්. ඔව්න්ටත් තව චිරාත් කාලයක් මේ වාස භූමෙයේ ජීවත් වෙන්නෙ වාසනාව ලැබෙයි.❤️ ස්තූති අයියෙ ඔයා මේ වෙනුවෙන් කැප වෙනවාට🙏❤️

  • @mayurithakshila4352
    @mayurithakshila4352 9 หลายเดือนก่อน +10

    විස්වාසයි සුන්දරම රෑප රචනාවක් වෙයි 💓💓💓💓💓💓මම ගොඩක් බයයි හස්තිරාජයන්ට ඒත් ගොඩක් ගොඩාක් ආදරෙයි❤❤❤

  • @sanjuboy2083
    @sanjuboy2083 9 หลายเดือนก่อน +7

    කවදහරි දවසක දිනේෂ් අයියා හමුබවුනොත් මට දැනගන්න ඕනි ගොඩක් දේවල් තියනවා සොබාදහම ගැන🥺❤️මං ප්‍රාර්ථනා කරනවා කවදහරි මට දිනේෂ් අයියා මුනගැහෙන්න කියලා🙂❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +9

    අපේ අලි සමිපත පන මෙන් සුරකීමු !!!.❤❤❤❤😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 9 หลายเดือนก่อน +6

    ආයුබෝවන් ... 🙏
    දිනේෂ් අයියේ නිදහසේ දන් තමයි රූපරචනාව රස වින්දේ. දුක්බර මෙන්ම පින් ඔබට මෙවැනි මිනිසුන් ඇතිබව පෙන්වීම. ඇත්තෙන්ම දුක්විදින මිනිසුන්ට දුක් සෝ සුසුම් නොලැබේවා! ඔවුනට සතුටින් තම වගාවන් සරු සාර කරගැනීමට සියලු දෙවියෝ පිහිට වෙත්වා!
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා !

  • @muhammadhameen1638
    @muhammadhameen1638 9 หลายเดือนก่อน +7

    මේ ලස්සන රටේ මෙහෙම පරිසරයට ආදරේ කරන්නැති අසුන්දර මිනිසුන් ඉන්නකොට මෙහෙම වෙනවා .මේක බලන මටත් හරිම ලැජ්ජයි

  • @HadeanEon7917
    @HadeanEon7917 9 หลายเดือนก่อน +2

    දිනේෂ් ඔබ තුමා සොබා දහම වෙනුවෙං කරන මේ කැප කිරීම අති ප්‍රබලයි. චැරියට් පාත් වලදී අපේ මිනිස්සු අපිරිසිදු කරපු සොබාදම පිරිසිදු කරන්න තරං ඒ කට්ට් සීතලේ හිතක් පහල වෙන්නේ එක වෙනම දෙයක්.කවදා හරි බලන්න ඔයාලගේ දරුවන් ඔයාව දෙවි කෙනෙක් වගේ ආරක්ෂා කරාවි.., සුපුරුදු පරිදි දිනේෂ් ලොකු පීරිස් අයියා, සහන් .අනෙක් සියලුදෙනා..ජය වෙවා......

    • @DineshAPathum
      @DineshAPathum  9 หลายเดือนก่อน +2

      බෙහෙවින් ස්තූති.

  • @ShashikaBashitha
    @ShashikaBashitha 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුති ඔක දැම්මට හැමදාම ඔතනට ගිහින් අලි බලල අපි සතුටු උනට ලොකු දුකකුත් හිත ඇතුලෙ තිබ්බා😢❤

  • @chathuratharaka6475
    @chathuratharaka6475 9 หลายเดือนก่อน +6

    අපේ රටේ අලි සම්පත සුරැකේවා. ඒ වෙනුවෙන් මේ වගේ දෙයක් කරපු ඔයාටත් බොහොම 🙏 . ඇත්තටම අපි ලැජ්ජ විය යුතුයි. කවමදාහරි දවසක සොබාදහම නඩු අහනකොට දඩුවම සැර වේවී. පාලකයෝ විතරක් නෙමේ මේ වට වග කියන්න ඕන අපිත් . මම නම් ටොෆි කොලයක්වත් බිමට නොදාන කෙනෙක් වෙච්ච එක ගැන මට ආඩම්බරයි.

  • @ruvinimedagedara
    @ruvinimedagedara 9 หลายเดือนก่อน +5

    දුක් මහන්සියෙන් වගා කරන සත්තුන්ට සොබාදහමට හානියක් නොකරන මේ මාමා වගේ ආදරණීය මිනිස්සුන්ට උතුරන්න හරියන්න ඕනි..🙏🙏🙏 අපි හැමෝම ප්‍රාර්ථනා කරමු එහෙම...❤️ බොහොම පින් මේ video එක අරගෙන ආවාට Dinesh අයියා, ලොකු පිරිස් මහත්මයා , සහන් සියලු දෙනාට. නොපෙනෙන පැතිකඩ දෙකක් 👏

  • @BeautifulSoul17
    @BeautifulSoul17 9 หลายเดือนก่อน +1

    කාලෝචිත මාතෘකාවක්.. මෙය සේවයකි, සමාජයට දෙන වටිනා පණිවිඩයකි.අසාධාරණය වෙනුවෙන් හඬක් නගන්නට නොහැකි ඔවුන් වෙනුවෙන් හඬක් නගන්නට , ඔවුන් වෙනුවෙන් පෙනී සිටියාට දිනේෂ් අයියා, ලොකු අයියා, සහන් මල්ලී ඔයාලා හැමෝටම ගොඩාක් පි‍ං.🙏🙏❤️
    උණුවන හිතක් නැති, මනුස්සකම් නැති මනුස්ස වේසයෙන් ඉන්නා මිනිසුන් ගැන තියෙන්නේ කළකිරීමක්. හිතම පිචිචීලා ගියා ඒ අහිංසක සත්තු ඒ ජරාව කනවා දැක්කාම​. සික්ප් කරලා බලපු පළවෙනි වීඩියෝ එක​, ඒ තරම් හිත කඩා වැටුනා.🥺🥺කියන්න දේවල් ගොඩාක් තිබ්බත් ඒවා වචනයෙන් විස්තර කරන්න අමාරුයි.මනුස්සකම් නොදන්න සමාජයක මේ වගේ අහිංසක මිනිසුන් අදටත් ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි. මොන තරාතිරම්, සල්ලී, බලය, පෙනුම, මොන දේ තිබුනත් , මනුස්සකම් නැත්නම් ඒ කිසිම දෙයකින් වටිනාකමක් නැහැ. සල්ලි වලින් දුප්පත් ඇති, ඒත් මනුස්සකමෙන් පොහොසත් අපේම ආදරණීයයන්.
    හිත ගොඩාක් සංවේදී කල වටිනා වීඩියෝ එකක්. හැමදාමත් පරිස්සමින් ඔයාලගේ ගමන යන්න​.❤️🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 9 หลายเดือนก่อน +4

    දිනෙන් දින අහිම් වන අලි සම්පත වෙනුවෙන් ඔබ කතා කිරීමට ඉදිරිපත් වීම ගැන මම බෙහෙව්න් සතුටුවෙම් අපි බොහෝ කාලයක සිට දැනුවත් කලත් නිසියාකාර වැඩපිලිවෙලක් වගකිවයුතු අය කලේ නැත ඔබ මේ වෙනුවෙන් සම්බන්දවීම ගැන මා බෙහෙව්න් සතුටුවෙම් තෙරැවන් සරනයි ඔබතුමන්ලට මේ සතුන්ට හා ම්නිසුන්ට සහජිවනයෙන් ජීවත්වීමේ අයිතිය තහවුරැ කරමු

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj 9 หลายเดือนก่อน +5

    මේවා දකින කොට ඇසට කදුලු එනවා.රස කෑමක් වගේ කනවා.අහිංසක දැවැන්තයෝ.අපි සියලු දෙනා එකතු වෙලා දැන්වත් මේ දේවල් නවත්වන්න පුළුවන් විදිහට කටයුතු කරමු.රජය කරනකන් බලන් ඉන්නේ නැතුව අපි අපෙන්ම පටන් ගමු.පොලිතීන් භාවිතයෙන් ඉවත් වෙමු.අලි විතරක් නෙවෙයි රිලවු,හරක්,කපුටෝ පවා පොලිතීන් කලා අකාලයේ මිය යනවා.අපේ ස්වභාවධර්මය ආරක්ෂා කර ගන්න අපි පෙල ගැසෙමු.ආදරෙයි දිනේෂ් අයියේ❤️💪

  • @kausthuri
    @kausthuri 9 หลายเดือนก่อน +12

    පෙරහැරේ යන අලි විතරක් දකින මහලොකු සත්ව කරුනාව තියන උන්ට මේව පෙන්නේ නෑ. අලින්ගෙ දුක විකුනන් කන උන්ට මේව පේන්නේ නෑ

  • @harinihemanthi2371
    @harinihemanthi2371 9 หลายเดือนก่อน +4

    සොබාදහම රකින්නා සොබාදහම විසින් රැකගනී...හැමෝම හිතට ගන්න දවසක් ඉක්මනින් උදා වේවා

  • @SudarakaRAVI
    @SudarakaRAVI 9 หลายเดือนก่อน +4

    අපෙ රටේ ඉන්න මිනිස්සුන්ට තියා සතෙක්ටවත් ජීවිත් වෙන්න බැරි විදිහට හැදිල තියෙන්නෙ.මේක ආසියානු රටවල දකින්න හම්බෙන දෙයක්.කාලකන්නි දේශපාලුවො හෙන ගහනව මේ දේවල් වල්ට .ලස්සන රටක විච්ච දෙයක්.මේ රටට බුදු සරණයි🙏

  • @ijazfiyaz9910
    @ijazfiyaz9910 9 หลายเดือนก่อน +4

    ඉතාම වැදගත් වැඩසටහනක් . බොහොම ස්තුතියි මේ අලි ඇතුන් ගැන නොදන්නා දේවල් දේවල් රටට පෙන්නපු එක . හරිම කනගාටුයි මෙවා කලමනා කරන්න නිලධාරීන් නැති එක ගැන . මෙහේ විතරක් නෙමෙයි තවත් ගොඩක් තැන් වල ඔහොම වෙනවා . මේ පිළිබඳව බලධාරීන් ගෙ අවධානය යොමු විය යුතුයි . නැත්නම් විනාශය අත ලඟ . අපි හැමෝගෙම වගකීමක් මෙවා රැක ගන්න . 🙏

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 9 หลายเดือนก่อน +3

    කොච්චර දුකක් විදිනවද මිනිස්සු විදිහට කරන දේවල් වලින් ඒ අසරන සත්තු. ඇත්තටම දුකයි අයියේ ඒ අසරන සත්තුන්ට වෙන දේවල් දැක්කාම මිනිස්සු හැටියට අපි හැමෝම වගකියන්න ඕනේ ඒකට.ගොඩක් පින් මේ ගැන කතා කරනවට.හැමදාමත් වගේ ජයවේවා...🔥💪❤

  • @shanakagimshan5068
    @shanakagimshan5068 9 หลายเดือนก่อน +5

    මං ආසවෙන් බලන එකම චැනල් එක...❤
    හදවතේ නිහතමානී චරිතය ඔබට සියලු දේවියන්ගේ පිහිටයි ජයවෙිවා ❤❤✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 9 หลายเดือนก่อน +5

    ❤😊අපෙ රටෙ අපි නොදැකපු,නොදන්න සුන්දර තැන් පෙන්නනවාට දිනේෂ් අයියෙ ආදරෙයි😍❤ හැමදාමත් හදවතෙ ඉන්න හදවතෙ සංචාරකයා❤ 🍃🤚🤗

  • @damayanthigamage8344
    @damayanthigamage8344 19 วันที่ผ่านมา

    අපට ඉන්න වටිනා ම සම්පත රැක ගන්න අලි aethun ගැන කියන ඔබට ගොඩාක් pin ලැබේවා ❤❤❤

  • @vibrarto
    @vibrarto 9 หลายเดือนก่อน +4

    ආදරණීය DAP ❤ මම ඔයාගේ හොඳ රසිකයෙක්. අගය කල යුතු video series එකක් මේක. හැබැයි පුංචි නිවැරදි කිරීමක්...! අලි වසුරු යනු ඔවුන්ගේ බහිස්‍රාවී අපද්‍රව්‍යයක් නෙවේ. ඒ ජීර්ණය නොවු ආහාර කොටස්. ❤

  • @gamage2007
    @gamage2007 9 หลายเดือนก่อน +2

    ජීවිතේ විදින්න ආසම කරපු අත්දැකීමක් අපටත් ලබා දුන් ඔබලාට ගොඩාක් පින්...තවත් එක් යූ ටියුබ් වැඩසටහනක් නොවී...ඔබලා මේ කරන වැඩේ ඉතා උතුම්....මේ කරන සමාජ සත්කාරයට හිස නමා ආචාර කරමි...

  • @MIGVISION
    @MIGVISION 9 หลายเดือนก่อน +3

    හරිම කේදනීයයි දිනේෂ් ස්වේච්ඡා සංවිධානයක් ඉදිරිපත් උනොත් ඇරෙන්න පාලකයොනම් බලන්නෑ.

  • @vihangashiran1016
    @vihangashiran1016 9 หลายเดือนก่อน +3

    ඇත්තටම පැයක් ගියා දැනුනවත් නෑ..හිතන්න ගොඩක් දේවල් තියෙනවා අයියෙ..එකක් අහිංසකයො ටික ගැන..අනිත් එක මෙ ගොවි දෙවිවරු ගැන..වචනනෙන් නොකීවට කොච්චර දුකක් ඇති වෙනව ඇතිද මහන්සියෙන් කරපු වගාව විනාශ වෙද්දී😢..පිලියමක් නොදෙන දැවෙන ප්‍රශ්න ඇත්තටම මේවා🥺කවුරුන් විසින් කවදා පිලිතුරක් ලබාදෙයිද කියලනම් හිතාගන්නවත් බැහැ මේ යන රටාවට නම්😢🥺😖

  • @Asanka2941
    @Asanka2941 9 หลายเดือนก่อน +1

    සොබාදහමේ විශිෂ්ඨ නිර්මාණ තමා මේ අලි ඇතුන්, ඔවුන්ගේ වටිනාකම නොතේරෙන පාලකයින් සමග ඇත්තේ කණගාටුවකි,මොකද මේ මොහොතෙත් ඔවුන් මෙම කුණු ගොඩ ළඟ ජීවිතෙන් වන්දි ගෙවයි❤❤

  • @darshanan3244
    @darshanan3244 9 หลายเดือนก่อน +9

    Dear Mr DAP,
    This is the golden point to get it know about how this elephants get suffered due to various man made reasons. We can put a first step to save them. This whole video documentary series will make a strong stroy for all humans to talk to themselves hearts.
    Thanks a lot for your great time and video footage, Mr Peries, Sahane... You all too❤❤❤.
    Mama Darshana.

  • @user-dh1to5zx9m
    @user-dh1to5zx9m 9 หลายเดือนก่อน +2

    හේනක දි ඔබ ලැබු අත්දැකීම් අපට ලබා දුන්නා ටත් දිනෙන් දින විනාශ වී යන අලි සම්පත ගැන කතා කලාටත් දිනේෂ් ඔබට ගොඩක් ස්තුති යි

  • @RuchiraDilhan-dj4ir
    @RuchiraDilhan-dj4ir 9 หลายเดือนก่อน +4

    මට මේ රූප රාමු දකින ව්ට නෙතට කදුලක් ආවා...😢 මේක දකින ව්ට මිනිස්සු ව්දිහට මාරම කලකිරිමක් හිතුනා ....

  • @harshiEdirisingha
    @harshiEdirisingha 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සොබාදහමේ හිතවතානෙනි ..පරිස්සමෙන් ඉන්න

  • @shewonfdoz407
    @shewonfdoz407 9 หลายเดือนก่อน +2

    දිනා මේක බලද්දී ඇස් වල කදුලු මේක හරි මිහිරී මිළ මුදල් දණ බල සේරම යට සුන්දර පරිසරය පරිසමට රැකිමූ මව මෙන් , මේක හරි මිහිරී සුන්දර ගමනාන්තයක් මේක බලන්න ඔබ මෙන් මාත් පින් කර ඇත , ලක් මව නමිදිනු හරි සුන්දරයි ඔබ හැමදාම 💙 දිනා ජය 😍 අලි රැකගන්න වැඩක් කරමු දිනා ආදරෙයි හැමදාම වගේ ඔයාට ලොකු පීරිස්ටත්

  • @shakthimanamperi115
    @shakthimanamperi115 9 หลายเดือนก่อน +3

    Dinesh Ayya Adhath Supiriyak..! Aliyo Gananm Dukai..! 😔

  • @achinisaubagya2573
    @achinisaubagya2573 9 หลายเดือนก่อน +1

    අනේ අහිංසක මනුස්සයෙක් විජේසිංහ මහත්තයා...සුන්දර අහිංසක මිනිස්සු තවම ගම්වල ඉන්නවා...🥺 කියාගන්න තේරෙන්නේ නෑ පුදුම හැගිමක් එයාලා දැක්කම....දිර්ඝායු වේවා නීරෝගිමත් වේවා....

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan3690 8 หลายเดือนก่อน +1

    හැමදාම වගේ කියන්න තියෙන්නෙ අයියා මේ රටට වටිනා සම්පතක් 💚 මාණික්‍යක් 💚🍃 රූප රචනාවේ සමහර තැන් ඇසට කදුලක් එක් කළා 💚🍃

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 9 หลายเดือนก่อน +1

    වෙනදා වගේම හරිම සුන්දර ගමනක්..
    ඒත් ආරම්භය හිත කඩා වැටෙන තරම්.. හස්තීන්ගෙත් මිනිසාගේත් ජීවිත කතා දෙක එක තැනකට අරන් ඒක ගලපවපු විදිහ හරි ලස්සනයි.. ඇස් ඇරෙන්න ඕන පාලකයාගේ පමණක් නොවෙයි සමස්ත මිනිසාගේම ඇස් ඇරෙන්න ඕන බව පෙන්වලා දුන්න රූපරචනාවක්... වටිනකම් ඇති රූපරචනාවක්.. ස්තූති.. දිනේෂ්.. ලොකු අයියා... සහන් මල්ලි... ඒ කැපවීමට 🫡 ජය වේවා.. තවත් වටිනාකම් ඇති සුන්දර ගමනාන්ත කරා යන්න ශක්තිය ලැබේවා.. 🌻💚

  • @chathurikadissanayake9147
    @chathurikadissanayake9147 9 หลายเดือนก่อน +2

    Mn kemathima adarema sathek thamai ali kiyanne..❤❤ mona de kalath.. aliyek merila hari thuwala wela hari innawa dekkoth... puduma thrm dukk denenne..😢😢 ane deyiyane.... me hasthi rajayanwa araksah karala denna...🙏🙏🙏 theruwan saranaii ayiye.. oyalata godk pin..❤🙏

  • @HirushaWickramasinghe-et2gd
    @HirushaWickramasinghe-et2gd 9 หลายเดือนก่อน +4

    වැඩසටහන සුපිරි කියන්න වචන නැ ❤❤❤ බුදු සරනයි

  • @kasunudawattage5132
    @kasunudawattage5132 9 หลายเดือนก่อน

    ගොඩක් වටින ,ගොඩක් ආදරය කරන පැතිකඩක් අපේ ගැමි ජිවිතේ .. ගොඩකි පිං දිගහැරුමට සැමටම. මගේ පිං බිමෙන් අමන දේශපාලුවෝ තුරන් වෙනකන් සතා සිව්පාවට තියා මනුෂ්‍ය සංහතියටත් නොමැත රැකවල්.

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 9 หลายเดือนก่อน +1

    ස්තුතිය ඔබලාගේ මෙ කපවිමට..

  • @shammikajayagoda4540
    @shammikajayagoda4540 9 หลายเดือนก่อน +3

    I don’t have words to express my gratitude to you and your team, what you guys doing to save our Mother Nature. Showing the world how human destroying the nature due to their ignorance behavior. It is so sad to see these innocent animals eating polytene. So embarrassing to been a human being. Please do something to stop this . I will definitely join with you guys. Why we can join and make some fund to build electric fence to stop this disaster. It’s my suggestion but don’t know it’s doable.

  • @pereradenuwan4465
    @pereradenuwan4465 8 หลายเดือนก่อน +2

    දිනේශ් අයියා වගේ කට්ටිය කරන්නේ මුළු රටටම සේවයක්❤️

  • @supunsampathkumara
    @supunsampathkumara 9 หลายเดือนก่อน +1

    වෙනද අපි ඔබ තුමාගේ වීඩියෝ බලන්නෙ සිනහපිරි මුහුණින්, ප්‍රීතිමත් හදවතින්. නමුත් අද ඔබතුමාගේ වීඩියෝ බලන්නෙ දුක පිරුණු හදවතින් වගේ ම කඳුළු පිරි මුහුණින්. ගොඩක් පිං අයියේ! මේ වගේ දේවල් රට ජාතිය දැනුවත් කරන එකට.

  • @indikaudayashantha4181
    @indikaudayashantha4181 9 หลายเดือนก่อน +1

    දුක් බර ජිවිත දෙකක් 😢..වාටිනාකමක් දියයුතුයි...ආරක්ෂා කල යුතුය ..හිතට පුදුම දුකක් දැනුනා ...ස්තුතිය දිනේෂ් ❤❤ ලොකු පීරිස් සගයා සානා...අප එක්ව රකිමු මෙ දේ හඩක් නගලා..DAP 🙏🙏💖💖🌳🌳🌳🏕️

  • @piyaledirisinghe6249
    @piyaledirisinghe6249 9 หลายเดือนก่อน

    කරුණාවන්ත හදවතක් , ආදරණීය සොඳුරු මිනිසෙක් ...❤❤❤

  • @chamudithaedirisingha237
    @chamudithaedirisingha237 9 หลายเดือนก่อน +2

    keep it aiyye , good job 🥰

  • @chathurajayanandana7929
    @chathurajayanandana7929 9 หลายเดือนก่อน

    ඒ පැලකට වෙලා ගෙවන ජිවීතේ මාරම සුන්දරයි Dinasheee brooo

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 9 หลายเดือนก่อน +1

    අයියා කිව්වා වගේ අපිට මේ දේ අත්දැකීම්ක්‌ උනාට ඒ එයාලගේ ජිවිතේ. වෙනස් දෙයක් නිසා අපිට ආසයි ඒ අත්දැකීම් ලබා ගන්න. එත් ඒ ජිවිත හිතන තරම් ලේසි නැ නේද දිනේෂ් අයියේ. පවු කියලා හිතුනා 😥😥. ඒවගේම මේ අලි. ඇත්තටම දුකයි.
    මනුස්සයෙක්ටවත් සෙතක් නැති මේ රට පාලකයන්ගෙන් සත්තුන්ගේ රැකවරණය ගැන ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ 😥😥. එත් අපි වගේම මේ සත්තුත් ජිවත් වෙන්න ඕනා නිසා ඔයාලට පුළුවන් විදිහට මේ සත්තු වෙනුවෙන් කතා කරන්න දිනේෂ් අයියේ❤😥

  • @chathurangabandara8236
    @chathurangabandara8236 9 หลายเดือนก่อน +5

    හදවතේ සංචාරකයා ❤

  • @Sandaru__
    @Sandaru__ 9 หลายเดือนก่อน +4

    නිහඩ චරිතය ලොකු පීරිස් අයියා ❤️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 9 หลายเดือนก่อน +2

    Budusarany oyalata jayawewa

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 9 หลายเดือนก่อน +2

    හැමදාමත් වගේ සුපිරියක් 💚🐘

  • @santhaogh
    @santhaogh 7 หลายเดือนก่อน +1

    දිනේෂ් නැන්දටයි මාමටයි සමුදීලා අලි වැට පැන්නට පස්සේ හෙලපු සුසුම් පෙලේ අර්ථය මට වැටහුනේ මේ විදියට ...
    වහින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහළින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැළක රහසින්..
    රැදෙන්නට හැකිනම් ළමා කැළ
    හඩන දෙතොළක සිනාවක් වී
    පිපෙන්නට හැකිනම් තුරින් තුර
    නෙළා ගත හැකි වන මලක් වී
    නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
    සබෑවන සුබ සිහිනයක් වී
    ගැයෙන්නට හැකිනම් දොරින් දොර
    ලොවම පූබුදන ගීතයක් වී

  • @ThakshilaKaushi-vl3js
    @ThakshilaKaushi-vl3js 9 หลายเดือนก่อน +2

    මේ රෑප රචනාව අවසානයේ ඇහැට කඳුලක් ආවා. අපිට අපේම මිනිස්සු කරන වැඩ ගැන තියෙන්නෙ ලොකු කලකිරීමක්. මේ අසරණයන් කුමන විත්ති කූඩුවට ගොස් මේ ආසාධාරනය කාට කියන්නද? . මේ රෑප රචනාවේ හිතන්න දේවල් ගොඩක් ඉතිරි කරාට දිනේෂ් අයියේ ඔයාට පින් 🙏

  • @darshanaabeykoon678
    @darshanaabeykoon678 9 หลายเดือนก่อน +2

    Budusaranai ❤❤❤❤

  • @nuskanasly1939
    @nuskanasly1939 9 หลายเดือนก่อน +2

    Thank you for this kind of topic👍🐘...it's very useful topic & great experience🍃❤#Let'sSavetheAnimals#❤

  • @SanujMdiyagahage
    @SanujMdiyagahage 9 หลายเดือนก่อน +2

    සුන්දර රූප රචනාවක් අයියා 💚 බොහොම පිං අයියා මේ එගේ සුන්දර තැන් පෙන්නනවට❤😍

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 7 หลายเดือนก่อน +1

    Oyalata Jaye weva ahinsaka Aya wenuwen peni sitima oyata theruvan saranai❤❤❤❤❤

  • @kavi3741
    @kavi3741 9 หลายเดือนก่อน +2

    DAP❤ keep it up අයියා🌿🌾

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 9 หลายเดือนก่อน +1

    Godak watina vloge ekak aiya ali sampatha wenuwen bs.....

  • @shanthamallika9999
    @shanthamallika9999 9 หลายเดือนก่อน +2

    ahinsaka sattu pau oyala parissamin teruwan saranai 🇱🇰🇱🇰🌹🌹

  • @SonaliGithika
    @SonaliGithika 9 หลายเดือนก่อน +2

    Dan busy edak aran ekmanata balanna one ayya. Thurunuwan saranai arakshithawa enna hamoma.

  • @nadeekalakmali1641
    @nadeekalakmali1641 9 หลายเดือนก่อน +2

    Vedio ekak danakal asawen Bala innawa.parisarayata adare karana Aya oyala samaga innawa aiye.oya atulu loku peeriss aiya atulu oyalage team ekatama budu saranai.siyalu Dewi rakawaranai

  • @blacka1474
    @blacka1474 9 หลายเดือนก่อน +2

    #රැකගනවිදින්න 🐘🇱🇰❤️‍🩹

  • @user-or2hi1hp6o
    @user-or2hi1hp6o 9 หลายเดือนก่อน

    මම හිතන්නේ නෑ බලදාරීන් ඇහුන්කම් දෙයි කියලා, ගමේ අය සහ තරුණ අය මේ ගැන වැඩ පිළිවලක් හිතන්න. බුදුසරණයි. ❤️

  • @thilininsg3175
    @thilininsg3175 9 หลายเดือนก่อน +2

    Ape rate sundarathwaya hemoma ekka mehema beda gannawata dinesh aiyatath loku piris aiyatath. Bohoma pin. . Soba dam maniyanta pana wage adare karana minissu bihi venna oni. Aiyala dennata jaya wewa ❤❤❤

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 9 หลายเดือนก่อน +2

    ඔයා නම් ඔයාගේ වචන බවනාවක් මට නම් දැනෙන්නේ බුදුසරණයි ඔයාට හැමදාම මේ විදියට වීඩියෝ ගේන්න ඔයාට සක්තිය දහිරිය ලැබේවා ❤️❤️

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 9 หลายเดือนก่อน +2

    නියමයි ❤