උරුමය සොයා අම්පාර "බලාන"කදු ශිකරයට | දවස් තුනක් | කිලෝමීටර පනස් දෙකක් | පලමු කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2021
  • මහා වනාන්තරයකට මැදිව තිබෙන ගල් ගෙවල් හොයාගෙන "බලාන"කන්දට ගිය සුන්දර සහ දුශ්කර ගමන.
    වේලාව පාන්දර තුන පසුවී තිබූ අතර අප ඒ වන විටත් කොලඹින් පිටත් වී සිටියෙමු. මහනුවර මහියංගන මාර්ගයේ දහ අට වංගුවට ආසන්න වෙත්ම කුඩා වර්ශාවක පෙර මං සළකුණු මතු වූයේ කදු නැගීමේ ආශාව මදක් අඩු කරවමිනි. පිනි වැටී තෙත්ව තිබෙන මාර්ගය හරහා අප මහඔය දක්වා ගමන් කල අතර ,පෙර දිනෙක නුවරගල ගිය ගමනේදී තිබූ තරම් දැඩි හිරු රශ්මියක් මෙවර නැති වූයේ අපට මගදී හමු වූ පිළිගැනීමේ වර්ශාවෙහි ආශිර්වාදයක් ලෙසයි.
    මහඔයෙන් බොරපොලට ගමන් ගත් අප මුලින්ම සොයා ගියේ අප හිතවත් විජේ මාමාවයි. බොරපොල ගම්මානයේ ජීවත් වන ගැමියකු වන විජේ මාමා, තරුණ කාලයෙන් වැඩි කලක් ගත කොට තිබුනේ නුවරගල ආශ්‍රිතව තිබෙන මහ වනාන්තයේ දුව පැන ඇවිදමින් බව අප මීට පෙර නුවරගල පැමිනි අවස්ථාවේදී විජේ මාමා සමග කතා බහ කිරිමෙන් අපට තහවුරු වී තිබුනි. ලොකු පීරිස් වැනි කදු නැගීමේ ප්‍රවීනයකු සිටියදීත්, විජේ මාමාගේ සහය මෙම ගමනට ලබා ගැනීමට ප්‍රධානතම හේතුව වූයේ අපට මෙන්ම විජේ මාමාටද මෙම මහා වනාන්තරයේ සැගවී ඇති ගල් ලෙන් සහ කදු මුදුන් වලට යාමට තිබූ කුතුහලය සහ ආශාවයි. දැනටත් පොල්ලෙබැද්ද ගම්මානයේ ජීවත් වන ආධිවාසීන් සහ දඩයක්කරුවන්ගේ උගුල් සහ පියවි ඇසට නොපෙනෙන ලෙස බැද ඇති තුවක්කු වලින් ප්‍රවේශම්කාරීව ගමන් කිරීමටත් විජේ මාමාගෙන් නොමද සහයක් අපට හිමි විනි.
    සුපුරුදු පරිදි සොභාදහමට අනුගත වන පරිදි කොල පාටට හුරු අදුමෙන් සැරසුනු අප දින තුනකට අවශ්‍ය බඩු බාහිරාදිය සහ වියලි ආහාරත් රැගෙන ගමන ආරම්භ කරන විට වේලාව දහවල් එක හමාර වී තිබුනි. මධ්‍යහ්නය වන තුරු ගමන් ආරම්භ කිරීම නොහැකි වූයේ ,අව් රශ්මිය නොමැති කාලයේදී අලි ඇතුන්ගේ ක්‍රිරීයාකාරකම් බහුල වන නිසාවෙනි.
    බොරපොල වැව පසුකොට අලි වැටෙන් රිංගාගත් අප ,අවතීර්ණ වූයේ තැනින් තැන කෙටිව වැවී තිබෙන ඉලුක් ගාල් වලින් සෑදි ඇති සමතලා නොවූ කිලෝමීටර් ගනනාවක් එක එල්ලයේ දැකගත හැකි තෘණ භූමියකටයි. තැනින් තැන උස්ව තිබෙන කුඩා කදු ගැටයක් දෙකක් අතරින් ඈතින් පෙනෙන්නට වූයේ සුන්දර නුවරගලයි.
    මින් පෙර අවස්ථාවේදී නම් නුවරගල දෙසට ලං වත්ම සැනසුම් සුසුමක් හෙලනු හැකි වූ නමුත් මේ චාරිකාවේ නම් හැගෙන්නට වූයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් හැගීමකි. මක් නිසාදයත් අපගේ ගමන අවසන් වන්නේ නුවරගල කන්දටත් එහා ඇති කදු ගනනාවක් තරණය කිරීමෙන් අනතුරුව හමුවන ගමනාන්තයක නිසාවෙනි.
    මෙලෙස යම් දුරක් ගමන් කිරීමෙන් අනතුරුව හමු වන්නේ මදක් උස්ව වැවී ඇති මානා පදුරු වලින් බහුල ප්‍රදේශයකි. තැනින් තැන ඇති තේක්ක ගස් වල පොතු ගලවා අතු කඩා බිම දමා තිබුනේ, හදවතට යම් කුහුලක් එක්කරවමිනි . මක් නිසාද යත් මෙලෙස තේක්ක පොතු ගලවා අතු කඩා දමා ආහාරයට ලබා ගන්නේ අන් කවරකුත් නොව අලි ඇතුන් විසිනි.
    සෙමින් ගමන් ගත් අප සොබාදහම විදිනවාට වඩා ,සැළකිලිමත් වූයේ වට පිටාවෙන් විය හැකි අනතුරු ගැනයි. ගත වූයේ නිමේෂයකි! අප ගමන් ගත් කැලෑබද අඩි පාරට ඔබ්බෙන් වම් පසට වන්නට මීටර පහලොවක පමන දුරින් තේක්ක කොල පොඩි වන ශබ්දයට සැළකිලිමත් වූ අපට දැකගත හැකි වූයේ මහා විශාල කෙනෙරක් සහ කුඩා අලි පැටවකු ඉතා ඉක්මනින් අප මග හැර යන විලාශයයි. ඈතට යත්ම කුංචනාදයකින් දෙකකින් සමු දුන් ඔව්න් දෙදෙනා ඔවුන්ගේ නිජ භූමියෙන් ඈතකට නික්ම ගියේ අපට සොභාදහම විදින්නට ඉඩ හසර සකස් කර දීමෙනුයි.
    කිලෝමීටර හයක පමන දුරක් ගමන් කිරීමෙන් අනතුරුව, හමු වූයේ සිනිදු වැලි පරයක කෙලවර සෙමින් ගලා යන පැහැදිලි දිය දහරකි. දිගු වෙලාවක් ගමන් කල අප මද විවේකයක් ගැනීමට අසල තිබූ ගල්පරයක අසුන් ගත් අතර බඩ කට පිරෙන තුරු ජලය පානය කල පසුව වටපිටාව දෙස අවධානයෙන් බැලූ අපට දිස් වූයේ වලසකුගේ පා සළකුණුයි. දිය මංපෙත් හරහා, කුඩා කදු පල්ලම් හරහා, ඇත්බැද්ද කදු පන්තිය සහ රැවුලා හෙල කදු පන්තිය පසු කල අපට ඒ අතරදී නොයෙකුත් බෙහෙත් ශාක සහ විවිධ වූ සුන්දර සිදුවීම් වලට මුහුන දීමට සිදු විය. මේ වන විට තවත් කිලෝමීටර හතක පමන දුරක් වනාන්තරය මධ්‍යයට අප පැමිණ තිබිනි. අප ඉදිරියෙන් දිස්වූයේ සුන්දර ඔයකි. මැණික් ඔය නමින් පටබැදී ඇති එය, නුවරගලින් සහ ඇත්බැද්දෙන් එන ජල දහරා එකතුව පෝෂණය වී සුන්දරව පහලට ගලා බසී.
    අපගේ ගමනාන්තය තවත් ඈතින් පෙනෙන අතර ,අප අපට හමු වූ අලි ඇතුන් සහ අනෙක් සතා සිව්පාවුන්ගේ ජල පහසුව ලබා දෙන මැණික් ඔයට පැන නා ගත්තේ දහවල් ආහාරය සුවසේ ලබා ගැනීමට අවශ්‍ය වූ නිසාවෙනි.
    සීතල වතුර ටිකක් නාගෙන බත් ටිකක් කාලා ආයෙත් ගමන පටන් ගන්නකම් අපිත් එක්කම පොඩි විවේකයක් ගමු.
    පළමු කොටස මෙපමනයි. හෙට දවල් එකට බලන්න පුලුවන්
    අනිත් කොටස තව ටික දොහකින්.. ලස්සන වීඩියෝ එකක් එක්කම බලමු. - මම දීනේෂ්

ความคิดเห็น • 956

  • @mansaranna
    @mansaranna 2 ปีที่แล้ว +395

    දිනේෂ් අයියේ කියන්නේ ඉතිං ටාසන් වගේ තමයි 💙 කියන්න වචන නෑ සුපිරි ✌️ Waiting for part 2 🌱

    • @dinesharajakaruna5910
      @dinesharajakaruna5910 2 ปีที่แล้ว +10

      Oyage vidio maruuu.mage putha hari asai

    • @h.p.jayawardhana
      @h.p.jayawardhana 2 ปีที่แล้ว +12

      ඔයත් බලනවද 🤓🙆❤️‍🔥

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +8

      Oyage campaign videos cha. Apita travel vlogs denna

    • @shainbro5823
      @shainbro5823 2 ปีที่แล้ว +9

      මන් සරන්නෝ අලුත් වීඩියෝ එකක් ඔනි ඉක්මනට ❤️🌿

    • @hansimalshani4430
      @hansimalshani4430 2 ปีที่แล้ว +6

      ඒ කතා වැඩක් නෑ ඔයත් අලුත් වීඩියෝ එකක් දාන්න ඕන ලගදිම..දිනේෂ් ගෙ වගේම ඔයාගෙ වීඩියෝ බලන්නත් මග බලන් ඉන්නෙ..😊😊

  • @mansaranna
    @mansaranna 2 ปีที่แล้ว +17

    1st comment eka magen 💙

    • @dimuthu3491
      @dimuthu3491 2 ปีที่แล้ว

      අපි ඔය මහත්තයගෙ වීඩියොත් බලනව ඈ 😍

    • @Wansliu
      @Wansliu 2 ปีที่แล้ว

      Hay

    • @ip6868
      @ip6868 2 ปีที่แล้ว

      Malli geth thawa video ekak ikkamanata onne 👍🌴❤️‍🔥❤️

    • @lakshan4331
      @lakshan4331 2 ปีที่แล้ว

      බොසා

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 ปีที่แล้ว +124

    දිනේෂ් අයියා Video එකේ ඔයාටම Unique වෙච්ච ඒ ගතිය වෙනදා වගේම තියෙනවා ජය 🤝 ❤🌿

    • @shadeeradeshan
      @shadeeradeshan 2 ปีที่แล้ว +1

      හායි අයියේ ❤️‍🔥

    • @Lovelychingu.
      @Lovelychingu. 2 ปีที่แล้ว +1

      Oyage part 2 enakal balan inne.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker 2 ปีที่แล้ว

      @@shadeeradeshan මලයා ❤🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker 2 ปีที่แล้ว +3

      @@Lovelychingu. හෙට හවස දෙන්නම් 😊❤🌿

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว

      ❤️❤️

  • @sandzbern
    @sandzbern 2 ปีที่แล้ว +88

    විජේ මාමාට වතුර එක පිළිගන්නපු විදිය හරිම වටිනවා brother ❤ ආදරෙයි..ඔහොම යමු ❤🌿

    • @janakasirinanda2258
      @janakasirinanda2258 2 ปีที่แล้ว +3

      එකෙන්ම ඒක ෆට්ට 🔥🔥♥️

    • @hashenthennakoon9523
      @hashenthennakoon9523 2 ปีที่แล้ว +2

      ඔව් ඒක නම් හරිම නිහතමානී 👍

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 ปีที่แล้ว +14

    කැමරාව ඉස්සරහ කරන රඟපෑමක් නෙවෙයි නම් ඔය රියල් උඹම නම් පට්ට කොල්ලෙක් යාළුවා උඹ නම්... අර මාමට දෙන ගරුත්වය දැක්කම මම උඹට ගරු කරනව මචං ❤ ජයෙන් ජයම වේවා ❤👌🌟

    • @slj3145
      @slj3145 2 ปีที่แล้ว

      pala ballo yanna 😂😂👎

  • @UnknownHikerSL
    @UnknownHikerSL 2 ปีที่แล้ว +18

    තිසාහාමිලා, පොරමොලා, හදුනලා, සුදුහූරලා රවුම් ගහපු පාරවල් දිගේ.....
    ඔය පැත්තේ රවුම් ගහන්න ස්පිට්ල්ගේ, මැකීගිය දඩමං, වන සරණ.....හොද හේතු තමා ❤️💚

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +66

    මේ වීඩියෝ එක එනකම් තමයි බලන් හිටියේ වචන නෑ කියන්න. මුලු ගමනේ ම මුලු අත්දැකීමම අපි එක්ක ලස්සනට බෙදා ගන්නවා.❤️ love you 😍

  • @ganushlasantha5822
    @ganushlasantha5822 2 ปีที่แล้ว +31

    අවාරෙ සිරිපා වීඩියෝ එක දෙවනි සැරේට බල බල හිටියෙ 🖤🖤

  • @amandaurapolage4845
    @amandaurapolage4845 2 ปีที่แล้ว +16

    හරි ලීඩර් කෙනෙක් නෑනේ අපිටත් 😅💪🏻

  • @krishankalpage3566
    @krishankalpage3566 2 ปีที่แล้ว +20

    දිනෙන් දින දියුණු වේවා ❤️

  • @madhushikalugama1855
    @madhushikalugama1855 2 ปีที่แล้ว +6

    අද හුදෙකලා ප්‍රදේශයක් උනාට බලාන රැවුලුගල,මඩුකන්ද කියන්නේ මිනිස්සුන්ගේ වගාබිම් තිබුණු තැන්..ඒත් දශක කීපයකට පෙරාතුව..වාර්ගික අර්බුධයත් එක්ක මේවා හුදෙකලා උනා..එත් වෙලාවක හිතෙනවා මිනිස් වාසයෙන් එපිට තිබුණු නිසා අදත් නොනැසී ඒ සුන්දරත්වය නිර්ලෝභීව විඳගන්න පුලුවන් කියලා.කොයි හැටි වෙතත් මේ සුන්දරත්වය විදින්න නම් අපි හැමෝගෙම වගකීමක් තියෙනවා..
    විජේ මාමා කියන්නේ හොද මනුස්සයෙක්..මටත් වතාවක් එයා එක්ක යන්න පුලුවන් උනා..හැබැයි වෙනස මේ වගේ සුන්දරත්වය විදින්න නෙවේ....ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙන්ම මේ කැලය ආරක්ෂා කරන්න..ජයවේවා..

  • @Badshen99
    @Badshen99 2 ปีที่แล้ว +28

    අයියගේ වචන හසුරුවන විදියෙන් තේරෙනවා පරිසරයට තියෙන ලැදිකම කොච්චරද කියල අපිට හයික් කරන්න බැරි උනත් ඔයාල මේ දාන වීඩියෝ එකකින් අපිත් ඒ අත්දැකීම විදිනවා දිගටම ඔය විදියට ගමන් යන්න පරිසරය පරිස්සන් කරන්න ඔයාලත් පරිස්සන් වෙන්න අයියේ ජය වේවා බුදුසරණයි ❤

    • @shyamamawelage9342
      @shyamamawelage9342 ปีที่แล้ว

      ඔයා ල හරිම උත්සහ වන්තයි...අපෙන් සුබ පැතුම් ශක්තිය ලැබේවා ❤❤

  • @danpriyasad2557
    @danpriyasad2557 2 ปีที่แล้ว +21

    දිනේෂ් ගේ එවා මම නමි මග හරින්නෙ නැතුව බලනවා කතා කරන විදිය සහ කරන වැඩ දැක්කම යන තැන් දැක්කම හිතා ගන්න බැ නිරෝගී සුවය ලැබෙිවා සහොදරයා ...තව තවත් ශක්තිය ලැබෙිවා...

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +9

      නිහතමානී අගය කිරීමට ස්තූති.. සොභාදහම රැකගැනීමට සහ එහි උන්නතිය සදහා හඩ නගන ඔබට අනේකවාරයක් ස්තූති..🌿❤️🇱🇰👏

    • @user-bw7ms8qw8s
      @user-bw7ms8qw8s 9 หลายเดือนก่อน

  • @sumedhasampath6283
    @sumedhasampath6283 2 ปีที่แล้ว +9

    අයියා විජේ මාමාට කරන උපහාරය නම් නියමයි ❤️❤️ඔය වගේ සුන්දර මිනිස්සුන්ට ගොඩක් වෙලාවට අප්‍රසිද්ධව ඉපදිලා අප්‍රසිද්ධව මැරෙන්නෙ වෙන්නෙ...ඒත් අයියා ජීවිත වලට වටිනාකමක් එක් කරනවා....මට බමරකන්ද දිය ඇල්ල අමතක උනත් විජේ ඇල්ල අමතක වෙන්නෙ නෑ ❤️❤️බුදු සරණයි අයියා ට,විජේ මාමට ,ලොකු පීරිස් ට❤️❤️💪💪

  • @hansimalshani4430
    @hansimalshani4430 2 ปีที่แล้ว +2

    බලන්න හදිස්සියට ඔෆිස් එකේදි ටිකක් බැලුව..ඒත් දැන් තමයි ඔක්කම බලල කමෙන්ට් කරන්න ටයිම් එකක් හම්බ උනේ..වීඩියෝ එක සුපිරියි අයියේ..ඉතිරි එකත් ඉක්මනට තිබුනොත් හොදයි...😊😊අර මුලදි හම්බ උන යාලුවො රන්චුව ඔයාගෙ වීඩියෝ එකට මාරම ලස්සනක් එකතු කරා..සත්තු උනත් ඔයා හරි සුන්දර කෙනෙක් කියල තේරුන් අරන් වගේ එයාලත්...වෙනද වගේම ලස්සන තැනකදි ආයෙත් හම්බ වෙමු අයියෙ ..දිනේශ් පැතුම් ❤️❤️ඔයාට සුබ පැතුම්...😍😍

  • @OSHANVOLG
    @OSHANVOLG 2 ปีที่แล้ว +38

    කොරොනා වයිරසය නිසා ගෙදරට වෙලා ඉන්න අපිට 🙈🌲🌳🌴 ලස්සන පෙන්නුවාට ගොඩක් ස්තුතියි

    • @mewansayuranga7081
      @mewansayuranga7081 2 ปีที่แล้ว

      Api ymanda 🖐️

    • @NisaNisa-tt7tk
      @NisaNisa-tt7tk ปีที่แล้ว

      Ada dawasata balana thnveni vidiyowa cochcara baluwath epawenn naaaaaaa

  • @pasanmaleesha1278
    @pasanmaleesha1278 2 ปีที่แล้ว +18

    නුවරගල ගැන වීඩියො වලින් දැක්ක සුපිරිම එක DAP . කවුරුත් වැඩිය ගිහිල්ල නැති මේ වගේ වියලි කලාපය ගැන වීඩියෝ නම් නියමයි. 100% සුපිරි.❤🍀

  • @dimuthu3491
    @dimuthu3491 2 ปีที่แล้ว +3

    Notifiya ආපු ගමන් ආවෙ

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana2083 2 ปีที่แล้ว +27

    අවාරේ සිරිපා ගමනෙන් සෙට් වුනේ අයියේ ඔයාව..... පට්ට අලුත් එකක් එනකන් බලන් හිටියේ. හදවතින්ම wish කරනවා

    • @sanjiwapriyadarshana2083
      @sanjiwapriyadarshana2083 2 ปีที่แล้ว

      Reply akak onimay🌝

    • @mewansayuranga7081
      @mewansayuranga7081 2 ปีที่แล้ว +1

      Math machoo ft video tika

    • @wesgi
      @wesgi 2 ปีที่แล้ว +1

      Math

    • @manothvindana2761
      @manothvindana2761 2 ปีที่แล้ว

      මමත් බැලුවෙ අවාරේ සිරීපාදෙ එතන ඉදන් සේරම බැලුව

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 2 ปีที่แล้ว +35

    ජීවිතේ ගොඩක්ම විදින වාසනාවන්තම පුද්ගලයෙක්... මුලු ගමනම අපි එක්ක බෙදාගන්නවා... ඒකටයි කැමතිම❤️🇱🇰

  • @abeeshalakshan8927
    @abeeshalakshan8927 2 ปีที่แล้ว +6

    සද්දාතිස්ස රජ්ජුරුවන්ගෙ මාලිගාව නුවරගල කන්ද අතුලේ .ලංකාව හාමතෙන් බේරගන්න පුලුවන් සම්පත් තියන නුවරගල .අපේ ගමෙ අපි යන්නේ නැති තැන් ඔයා පෙන්නනවා එක මරු❤️

  • @nruthyagraphics5858
    @nruthyagraphics5858 2 ปีที่แล้ว +6

    හැමදාම වගේ මේක ගැන කියන්න වචන නම් නැහැ .දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා .වැඩිහිටි කෙනෙකුට වතුර එකක් දෙනකොට ඔය වගේ අවස්ථාවක දාගෙන ඉන්න cap එක ගලවලා දෙන්න ඔයාට මතක් වුන එක😮😮 wow ඒක දැක්කම ඔයා මරු👌 කියලා හිතුණා ❤️ මම හිතං හිටියේ film එක බලන්න .ඒත් ඔයා දුන්නේ episode එකක්😃 Episode 02 දෙනකන් බලං ඉන්නවා❤️☘️🌿🖤ඉක්මනට ඕනේ 😍

  • @nipunisewwandi6846
    @nipunisewwandi6846 2 ปีที่แล้ว +12

    ලස්සන වීඩියෝ එකක් අපිට දෙන්න වින්ද වේදනාව දන්නේ කකුල් දෙක විතරයි 🥺
    ජය 🌴🌳🍃🍂❤️

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 9 หลายเดือนก่อน +1

    බිම වැටිල තියන කොලයක පවා අමුතු සුන්දරත්වයක් දකින කෙනෙක් දිනේෂ්.සුන්දර මනුෂ්‍යයෙක්

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz 2 ปีที่แล้ว +5

    මේක බලන්න සතියක් හිටියා..එක්සෑම් ඉවර වෙනකම්😍♥️🔥

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති

  • @ip6868
    @ip6868 2 ปีที่แล้ว +3

    Video eka danakan blan hitiyee 👍❤️🌴 patta ❤️‍🔥supiri❤️‍🔥lassanai ❤️සුන්දරයි ❤️ koi ගියත් parissamen තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nuwanlasantha9257
    @nuwanlasantha9257 2 ปีที่แล้ว +2

    අමිමෝ සුපිරි මම මෙිවා ඩවුන්ලෝඩි කරලා ටිවි එකෙන් බල්න්නෙ එතකොට පටිට

  • @tharakagimhan4909
    @tharakagimhan4909 2 ปีที่แล้ว +2

    ඔය හැමතැනකම ඇවිදල තියෙනව.. ඔය විජේ සීය එක්ක.. වැව අයිනෙ තියන ගෙදර... හරිම හොද මනුස්සයෙක්.. කැලේ ගැන අස්සක් මුල්ලක් නෑර දන්නව.. අවුරුදු 70ක් විතර වෙනව.. ඒ උනාට මී හරකෙක් එක්ක උනත් ඔට්ටු වෙන්න හයිය හත්තිය තියෙනව.. හරි සතුටුයි.. මතකයක් මෙහෙම බලන්න හම්බවෙච්ච එක

  • @thilinabandara7395
    @thilinabandara7395 2 ปีที่แล้ว +9

    අංග සම්පූර්ණ මනුස්සයෙක්❤ ලස්සන ජීවිතයක් ❤

  • @nagoyaa.r6197
    @nagoyaa.r6197 2 ปีที่แล้ว +3

    ලස්සනම හදවතක් තියන මනුස්සයෙක්👏♥️🍃

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj 2 ปีที่แล้ว +2

    good luck ayiya 😍💚✌

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 2 ปีที่แล้ว +14

    තොප්පිගල - නරකමුල්ල,
    වැලිකන්ද - නෙළුගල
    අපේ උරුමයන් සැගවුනු ප්‍රදේශ දෙකක්. යන්න පුළුවන්න ගොඩක් වටිනවා

  • @Prabodha-ew3mj
    @Prabodha-ew3mj 2 ปีที่แล้ว +5

    හැමෝටම බැ ඔයාට වගේ ස්වභාදාහමට ඔච්චර ආදරෙන් කතා කරන්න , ආදරෙ කරන්න, ඒකට ගොඩක් පින් කරල තියෙන්න ඕනේ, බුදුසරණයි පරිස්සමින් ❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූති .. බුදු සරණයි

  • @mapamilee4635
    @mapamilee4635 2 ปีที่แล้ว +8

    මේක කෙලින්ම ඇබ්බැහියක් ආයෙ වචන නෑ ❤️❤️❤️🌹🌹🧘🧘🧘

  • @nayanitheekshani1963
    @nayanitheekshani1963 2 ปีที่แล้ว +1

    Vedio eka anakam balan hitiye..balalama comment ekak dennam,soo excited .....😍😍😍

  • @maleeshadissanayaka5439
    @maleeshadissanayaka5439 2 ปีที่แล้ว +2

    Superb brother 🙌 😻
    බලාගෙන හිටියෙ video එක දානකන් ❣️🇱🇰

  • @ceylon_travel_hacker
    @ceylon_travel_hacker 2 ปีที่แล้ว +3

    අර මාමට වතුර කෝප්පෙ දෙනකොට දාගෙන හිටපු cap එක ගලවලයි ඒ වතුර එක දුන්නේ.. ඒ නිහතමානී ගරු කිරීමට ආදරෙයි.. ❤ නියම වැඩක් අයියා.. ජීවිතේ විඳින්න තියෙන හොඳම විදිය මේක.. ❤අයියා.. ❤️

  • @teckmalli1021
    @teckmalli1021 2 ปีที่แล้ว +3

    Niyamai ❤️‍🔥

  • @lakmalepc1283
    @lakmalepc1283 2 ปีที่แล้ว +1

    පරිසරකාමී ඔඛයි අපේ විරැවා🖤💚🖤

  • @sakunthayomal174
    @sakunthayomal174 2 ปีที่แล้ว +2

    Video apu gaman baluwa ..hamadama wage kiyanna wachana na ft ma 💪💪💓💓💓💓✌✌✌👌👌👌

  • @SachiyasDiary
    @SachiyasDiary 2 ปีที่แล้ว +4

    එනකන් බලන් හිටියේ ❤️

  • @ATW116
    @ATW116 2 ปีที่แล้ว +4

    ඔබ දැක්ක පේර වගේ කීවේ, කුකුරුමාන්/මදනපල නැමති වමනකාරක ගුණය සහිත වටිනා දේශීය ඖෂධීය ශාකයි.මෙවැනි තොරතුරු හා දර්ශන රැගෙන එන,
    Mr.Dinesh ඔබතුමාට තවත් ශක්තිය ලැබේවායි පතනවා.

  • @dinalisaranga1645
    @dinalisaranga1645 2 ปีที่แล้ว +1

    Salor ගේ වීඩියෝ එකට අයියා දාපු comment එක දැකලා බැලුවේ. අයියා තරම් නිහතමානී travller කෙනෙක්ගේ වීඩියෝ බලන්න ලැබුණු එක පිනක්.🙏🙏👍👍💪💪

  • @isurusandamina
    @isurusandamina 2 ปีที่แล้ว +17

    අලුත් එකක් එනකන් බලන් හිටියේ.පරිස්සමෙන් අයියේ❤️

  • @Nirosh675
    @Nirosh675 2 ปีที่แล้ว +4

    ''ලස්සන දේවල් බලන්න අවදානමක් ගන්නම වෙනව'' හැමදාමත් වගේ සුන්දර ගමනාත්තයක්.ජය වේවා!

  • @dinumedagedara2478
    @dinumedagedara2478 2 ปีที่แล้ว +21

    අද vlog එකත් හරිම ලස්සනයි. ගොඩක් පරිස්සමෙන් හැමදාමත් මේ වගේ vlogs කරන්න ලැබෙන්න කියලා විෂ් කරනවා. ❤️

  • @sandaminagawesh2204
    @sandaminagawesh2204 2 ปีที่แล้ว +2

    Ammo aiiye enakan hitiye. Aluth video ekak.😍😊

  • @ishankasadamali4259
    @ishankasadamali4259 ปีที่แล้ว +1

    අවාරේ සිරිපා කරැනා වීඩියෝ එකෙන් පස්සේ ඔයාගේ වීඩියෝ ගොඩාක් බැලුවා. ලස්සන වීඩියෝ ගොඩාක්. හරිම ලස්සනයි දිනේෂ් අයියේ ඔයා නම් නියමයි. 👍

  • @gima_bro_traveller
    @gima_bro_traveller 2 ปีที่แล้ว +11

    හැමදාමත් වගේ සුපිරි වීඩියෝ එකක් තමයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulajsankalpa3259
    @dulajsankalpa3259 2 ปีที่แล้ว +5

    සමහර ක්ලිප්ස් ගන්න පැය ගානක් ඇවිදින ගමනේ ආයේ අඩි 50,100ක් ආපස්සට එනවා..පින් අයියේ ❤️🙏

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 2 ปีที่แล้ว

    පට්ට ලස්සනයි❤️

  • @rasulagamage4458
    @rasulagamage4458 2 ปีที่แล้ว

    සුපිරියක් තමයි ❤️

  • @madubhashaniweerasinghe5747
    @madubhashaniweerasinghe5747 2 ปีที่แล้ว +4

    අපිට ලස්සන දේවල් පෙන්නන අයියට ගොඩක් ස්තූතියි. 💪🌿ලගදිම හැමෝම දන්න චැනල් එකක් වේවි ❤

  • @ashenkothalawala4157
    @ashenkothalawala4157 2 ปีที่แล้ว +3

    Ayye❤❤❤❤

  • @kaylaethage2343
    @kaylaethage2343 2 ปีที่แล้ว

    Jaya wewa,, budu saranai ❤️

  • @travelyamuko1549
    @travelyamuko1549 2 ปีที่แล้ว

    සුපිරියක් අයියේ..හැමදාම වගේ..

  • @isuruprabhath2724
    @isuruprabhath2724 2 ปีที่แล้ว +3

    දිනේෂ් අයියගේ වීඩියෝ දිග වෙන තරමට අපි කැමති..හැම තත්පරයක්ම රසවත් 😍
    දෙවනි එක දානකල් බලන් ඉන්නවා ❤

  • @supunkavishka2397
    @supunkavishka2397 2 ปีที่แล้ว +7

    බලන ගමන් ..😍😘...අයියේ මේක එනකල් බලන් හිටියේ...තෑන්ක්..යූ..බලලා ඉවර වෙලා ....කියන්න...❤

  • @ishii3532
    @ishii3532 2 ปีที่แล้ว

    සුපිරී ❤️💪

  • @dineshekanayaka9716
    @dineshekanayaka9716 2 ปีที่แล้ว

    සුපිරි ❤❤

  • @rohiniwathsala9690
    @rohiniwathsala9690 2 ปีที่แล้ว +3

    අමිිමෝ දැක්ක කල් මල්ලීයො පරිස්සමට වැඩ කරන්න මෙදවස්වල වැස්සනෙ බුදු සරනයි

  • @ishankadilshan10
    @ishankadilshan10 2 ปีที่แล้ว +6

    🥰🥰❤❤ කිව්ව වෙලාවටම.

  • @thilinanilupul640
    @thilinanilupul640 2 ปีที่แล้ว

    සුපිරි අයියේ 😍😍

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 2 ปีที่แล้ว

    Great Great

  • @wnt6596
    @wnt6596 2 ปีที่แล้ว +4

    එල, එල සහෝදරයා , පරිස්සමින් දිනා

  • @OSHANVOLG
    @OSHANVOLG 2 ปีที่แล้ว +9

    ස්තුතියි අයියේ 🌺මේ ලස්සන පරිසර අපිට පෙන්නුවාට

  • @wijithawijitha270
    @wijithawijitha270 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරි අයියේ

  • @dilakshanasanath8330
    @dilakshanasanath8330 2 ปีที่แล้ว

    නියමයි.....

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +8

    අම්මොව්ව්ව් මෙන්න විඩියො එක දලා😍😍බලන ගමන් ඉන්නෙ 😍😍💪

  • @Dairywithd
    @Dairywithd 2 ปีที่แล้ว +3

    දිනේෂ් අයියා..වෙනදා වගේම සුපිරි...🖤✌️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    ආයුබෝවන් 🙏 දිනේෂ් , ලොකු පීරිස් , ඔබතුමාන්ලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    පරිස්සමින් වීරපුතුන් ... සෑම සුන්දර ගමනාන්තයක් ගිහින් එන්න. අපට දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔයාලාට බොහෝ 🙏 බොහෝ පින්
    ජයෙන් ජය වේවා !
    💐💐💐💐💐💐💐💐💐

  • @nibbananthi
    @nibbananthi 2 ปีที่แล้ว

    Thanx for taking us with you! Enjoying the adventure!

  • @jeewanthads1724
    @jeewanthads1724 2 ปีที่แล้ว +4

    විජේ ඇල්ල... ඒක හරිම අපූරුයි මිත්‍රයා 🙂👌

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      විජේ මාමා වෙනුවෙන් හදවතින්ම කල වැඩක්.. බෙහෙවින්ම ස්තූති

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 2 ปีที่แล้ว +3

    පට්ට brother😍💫

  • @vishwavihaganath333
    @vishwavihaganath333 2 ปีที่แล้ว +1

    apita balanna bari sthana ayya pennanawa godak pin ayye

  • @piyalchamara2409
    @piyalchamara2409 2 ปีที่แล้ว +1

    Balanna asa hithena video ekak.ape ass mehema hari pin karala tyenawa mewa දැකගන්න . Aiya hari asawakin.loku bhakthiyakin me ගමන yanne . eka oyage munen.කතාවෙන් therena deyak . දිගටම සංචාරය kranna.oyalata budusaranai devi පිහිටයි 🙏❤️

  • @nethum_nimsara
    @nethum_nimsara 2 ปีที่แล้ว +4

    නියමයි අයියේ❤️🔥

  • @tiktokshorts.s.l1455
    @tiktokshorts.s.l1455 2 ปีที่แล้ว +3

    අපේ කාලේ කැලෑ වීරයා. ❤️❤️❤️

  • @user-wn9ez9vq5s
    @user-wn9ez9vq5s 2 ปีที่แล้ว

    මරැ💙

  • @prabathmangala5316
    @prabathmangala5316 2 ปีที่แล้ว +1

    Video eka enakan maga balan htya man hemadama kynawa wage aout attatama me gamanata ekathuwela a athdakima labanawa wagemai danenna.godak sthuthi.idiriyatama yamu saho.

  • @Ish_Mind
    @Ish_Mind 2 ปีที่แล้ว +5

    නියමයි ❤

  • @kulasekara5679
    @kulasekara5679 2 ปีที่แล้ว +11

    ඉවසීමෙන් බලාගෙන හිටිය එක නම් පාඩුවක් නෑ වගෙයි. Vlog eka ලස්සනයි💪 ජය වේවා ලොකු පීරිස් , විජේ මාමා 💪

    • @umeshakulasekara826
      @umeshakulasekara826 2 ปีที่แล้ว

      ඔව් ඔව් පාඩු නෑ...... ජය වේවා.... 🤩🌝

  • @ChathuraHerath
    @ChathuraHerath 2 ปีที่แล้ว

    My favourite traveller, all the best, Jaya!!

  • @TS-or5xv
    @TS-or5xv 2 ปีที่แล้ว

    Congratulations . Man harima asai oyalage wadasatahanata. Great 👍👍👍👍👍👍👍👍

  • @SP-lh9qo
    @SP-lh9qo 2 ปีที่แล้ว +4

    අම්මෝ පට්ට ආසාවෙන් ඉදියෙ අලුත් වීඩියෝ එකක් එනකම්😍😘

  • @glamoureofblackarrow2327
    @glamoureofblackarrow2327 2 ปีที่แล้ว +3

    Video එකක් එනකම් බලන් හිටියෙ අයියෙ පරිසරේ ලස්සනත් එක්ක ඉගෙනගන්නත් ගොඩාක් දේවල් කියල දෙනවට ගොඩාක් පින්❤️❤️

  • @user-ng5uc9eg5q
    @user-ng5uc9eg5q 2 ปีที่แล้ว +3

    ,අනේ වීඩියෝ එක දාල සතියකට පස්සෙ දැක්කෙ මාරම සතුටුයි දැක්කාම,ඒත් අන්තිමටම ඉවර කරද්දි මාරම දුකක් ආවෙ 😥😥😁❤️❤️❤️❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූති .... අවසාන කොටස බැලුවද

    • @user-ng5uc9eg5q
      @user-ng5uc9eg5q 2 ปีที่แล้ว +1

      @@DineshAPathum ඔව් අය්යෙ බොහොම ස්තූතියි ඔයාට මේ වගේ වීඩියෝ අපිත් එක්ක බෙදා ගන්න එක ට ❤️❤️❤️❤️

  • @Anu_____MIUSIK
    @Anu_____MIUSIK ปีที่แล้ว +1

    එකම විඩිඔ එක දෙපාරක් බලපු මම 😊

  • @sanjuartist
    @sanjuartist 2 ปีที่แล้ว +3

    ස්වභාදමට තියන ආදරේ තේරෙනවා ඔයා එයත් එක්ක කතා කරනවා දැක්කම🤍

  • @gamingwiththaka417
    @gamingwiththaka417 2 ปีที่แล้ว +7

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ,වෙනද වගේම Good luck brother ❤

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 2 ปีที่แล้ว

    supiri dinesh .good luck.mr.piris hamudaweda.

  • @yasirulakshitha2166
    @yasirulakshitha2166 2 ปีที่แล้ว

    සුපිරියි අයියේ❤️😍🤟

  • @SLCCRICKET
    @SLCCRICKET 2 ปีที่แล้ว +3

    නියමයි යාලුවා ..මන් ඔයාගෙ හැම වීඩියෝවක්ම බලනව..

  • @rashmisandakelum8467
    @rashmisandakelum8467 2 ปีที่แล้ว +4

    එ ගෙවුන විනාඩි 55 දැනුනේ මාත් ඔයාලා එක්ක අවා වගේ... මහන්සි වෙලා සීතල වතුර නලා රස කෑම වේලාක් කන එ හෑගීම මට දැනුනා..😌😍 සල්ලී දීලාවත් ගන්න බැරි එ සුන්දරත්වය දුන්නට ගොඩක් පින් අයියේ.😘😘😘😘

  • @sachinsupunthaka446
    @sachinsupunthaka446 2 ปีที่แล้ว

    මේකනම් භාවනාවක්.🔥❤️

  • @sajithchamara7593
    @sajithchamara7593 2 ปีที่แล้ว +2

    අවාරෙ සිරිපා ව්ලොග් එකෙන් පටන් ගෙන දිගටම ඔයත් එක්ක ඉන්නවා අයියා..ඔයාගෙ ප්‍රසන්ටින් පට්ට....දෙවෙනි එක හෙට බලනෝ...ආදරෙයි ඉටිම්...💛💜️❤️‍🩹

  • @nishushani3336
    @nishushani3336 2 ปีที่แล้ว +3

    අම්මෝ ඇති යන්තම.හැමදාම අලුත් video1එනකම් බලන් හිටියේ.යන එන ගමන පරිස්සමින්.බුදු සරණයි..😘😘

  • @chamirawewakumbura5412
    @chamirawewakumbura5412 2 ปีที่แล้ว +4

    The best virtuous, disciplined traveler I have ever seen. Best of luck for your further . Mali❤️❤️🌳🌿💚

  • @tharu4846
    @tharu4846 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන අයියේ්!!

  • @gayang1773
    @gayang1773 2 ปีที่แล้ว

    Super niyamai aiya