Kachcchatheevu island | St.Antony's Church Festival | ලංකාවට දුරම දූපතේ දින දෙකක් | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2023
  • ලංකාවට දුරින් වැඩිම දූපත වන කච්චතිව් දූපත බලා කිලෝමීටර 90ක මුහුදු ගමනක්.
    අප දූපත කෙලවරට වන්නට ඇති ස්ථානයක කදවුරු ලා ගත්තේ දින දෙකක කාලයක් ගත කිරීමටයි. කදවුරු බැද අවසාන වන විට හවස පහ හමාර පසු වී තිබූ අතර ඉන්දියාවට ආසන්න ලංකාවට දුරම,ලංකාවට අයත් දූපතට හිරුගේ නික්ම යාම කෙලෙස නම් පෙනෙනු ඇත් දැයි අප සියලු දෙනාගේම මනස තුල ඇති වූයේ කුතුහලයකි. එමෙන්ම නාවුක ගමන අවසානයට මත්තෙන් අප යාත්‍රාව දූපතට ආසන්නව ගමන් කිරීමේ දී දුටු අඩි දහයක් පහළොවක් උස කොරල් තට්ටුව ආසන්නයටම ගොස් එහි සුන්දරත්වය දැක බලා ගැනීමත්,සිත තුල තිබූ ආශාවකි.
    හිරු බැස යන සැන්දෑවේ සුදු පෙන කැටි නංවමින් වෙරළ මත පතිත වන කුඩා දිය රළ කොරල් පර මත වැදී නතර වන්නේ සොදුරු සංගීතයක් මවමිනි. එකිනෙකට වෙනස් වූ කොරල් පර මත කාලයක සිට පැල වී ඇති කුඩා ශාක සහ පඳුරු බොන්සායි පැල මෙන් සුන්දරත්වයෙන් අනූනය. ඒ ශාක මගින් කොරල් තට්ටුවට සහ දූපතේ ආරක්ෂාවට ඉතා විශාල දායකත්වයක් සපයන්නේ සොබාදහම, සොබාදහම විසින්ම රැක ගන්නා වගට සාක්ෂි සාධක සපයමිනි.
    හිරු බැස යන තෙක්ම දූපත වටා ඇවිද ගිය අප අවසන සීතල මුහුදු ජලයට බැස නා කියා ගත්තේ හිරු ඉන්දියන් සාගරයේ කිමිදී යන්නට සැරසෙන නිමේෂයක යි.
    රාත්‍රි කළුවර "කච්චතිව් දූපත" වෙලා ගනිද්දී කිතුණුවන්ගේ ප්‍රාර්ථනා එළි මුලු දූපත පුරා පැතිර ගියේ දමිල සහ සිංහල බසින් හැඩ ගැන් වී තිබූ ගීතිකා හඩත් සමග යි. දේවස්ථානය වෙත ගමන් කල අප "ශාන්ත අන්තෝනි මුනිදුන්" වැද නමස්කාර කොට නෙත් අයාගෙන බලා සිටියේ ලාංකිකයන් සහ ඉන්දියානුවන් කෙතරම් නම් සහජීවනයකින් මෙම වතාවත් සිදු කරනවාද යන වගයි. දූපතටම ඇති එකම දේවස්ථානය විදුලි බුබුළු වලින් හැඩ ගන්වා තිබුනේ දිව්‍ය මන්දිරයක් පරිද්දෙනි. මා මාගේ හදවතටම කියා ගත්තේ " මෙය මා පමණක් නොව, ලොව පුරා සිටින සියල්ලන්ම දැකිය යුතු සහ විදිය යුතු චමත්කාර හැගීමක් " යන වගයි.
    පූජාව අවසන් වූ පසු අප කංඩායම නැවතත් ඇවිද ගියේ අප පැමිණි සුදු වැලි මංපෙත වෙතයි. කුඩා කඩ සහ සල්පිල් වලින් පිරී ගිය මංපෙත ඉන්දියානු ජාතික වෙළෙන්දන් ගෙන් සහ ශ්‍රී ලාංකික වෙළෙන්දන්ගෙන් පිරී ගොසිනි. විවිධ සහ විචිත්‍ර වූ ඉන්දියානු ඇදුම් පැලදුම් සහ ආයිත්තම් සල්පිල් පුරා වෙළදාම් වන්නේ ඉතා අඩු මුදලකට යි. මේ අතර ඒ මේ අත ඇවිදිමින් සිටි තේ වෙළෙන්දකු හා දොඩමලු වීමට මට හැකි විය. තේ කේතල් දෙකකට අමතරව ඔහුගේ අතේ මුදල් මිටියකි. එය කොටස් දෙකකට බෙදාගෙන සිටින්නේ කච්චතිව් දූපතේ ගණු දෙනු සිදු වන්නේ දෙරටක මුදල් වලින් නිසාවෙනි. ඔහු කැඩුනු සිංහලෙන් ඔහු අත රැදි මුදල් නෝට්ටු පෙන්වූයේ " යේ ශ්‍රී ලංකාන් සල්ලි.. යේ ඉංඩීය.. රුපීස්.." යනුවෙනි. නැවතත් සිනාමුසු මුහුනින් අපට සමු දී නැවතත් ඔහු ගමන් ඇරඹුවේ ඈතට යන තුරුම " ටී.. ප්ලේන්ටී.." කියමිනි.
    සල්පිලට සමු දී නැවතත් කූඩාරම වෙත පැමිණි අප නාවික හමුදාවෙන් ලබා දුන් රාත්‍රි කෑම වේලත් රැගෙන තරු පිරුණු අහස යට නින්දට වැටුනේ ශ්‍රී ලාංකාවට දුරම දූපතේ ගත කල පළමු දිනය අවසන් කරමිනි.
    "කච්චතිව් දූපත " වටා ගෙතී ඇති කතාන්දර කිහිපයකි. කලෙකට ඉහත දී ධීවර රැකියාවේ පැමිණි ධීවරයන් පිරිසක් ඈත දියඹේ අතරමං වී පසුව මෙම දූපත දක්වා පා වී පැමිණ තිබේ. ධීවරයන් හට සරණ වූ මේ දූපතේ පසු කාලීනව ධීවරයන් විසින් දේවස්ථානයක් ඉදි කරන්නේ "දුකේදී පිහිට වන සහ ලෙඩ දුක් වල දී සරණ වන බවට විශ්වාස කෙරන" "ශාන්ත අන්තෝනි මුනිදුන්ට" කැප කොටයි. ඉන් වසර ගණනාවකට පසුව නාවුක හමුදාව මගින් පැරණි දේවස්ථානයට සමීපවම ප්‍රමාණයෙන් විශාල සහ දැනට පූජා පවත්වන දේවස්ථානය ඉදි කරණු ලබන්නේ මේ දූපත ඔවුනට ද පිහිට සහ ආරක්ෂාව සපයන බවට ඇති විශ්වාසය මත සහ ජාතීන් දෙකක් එක්ව සිදු කරණ මෙම වාර්ශික මංගල්‍යයට තම දායකත්වය උපරිමයෙන් සපයමිනි.
    උදෑසන සුන්දරත්වය. හිමිදිරි උදයේම මුහුදු ජලයට බැස නා පිරිසිදු වි නැවතත් දේවස්ථානය වෙත අප කංඩායම ගමන් කලේ එහි පැවැත්වෙන අවසාන පූජා කටයුතු සදහා සහභාගී වීමටයි. ඉන් අනතුරුව උදෑසන එකොලහ පැමිණ වන විට නැවතත් "කච්චතිව් දූපතේ පා වෙන ජැටියට පැමිණි අප තවත් නාවික යාත්‍රාවකින් නැවතත් "කුරිකඩ්ඩුවාන් ජැටිය" වෙත පැමිණීමට ගමන් ඇරඹුවේ ලබන වසරේත් පැවැත්වෙන මංගල්‍යයට සහභාගී වීමට ලැබේවා යි යන පැතුම පෙරදැරිව යි. ලංකාවට ඈතම දූපත ඈතට යන තෙක්ම මා යාත්‍රාවේ සිට බලා සිටියේ හෙටින් පසු හුදකලා දූපත කෙතරම් සොදුරු ඇත්දැයි සිතමිනි.
    "කච්චතිව් දූපත" ලංකාවට පවරා ගැනීම සදහා කටයුතු කල "සිරිමාවෝ බංඩාරනායක" මැතිනිය ඇතුලු සියලුම නායකයන් හටත්. ඒ වෙනුවෙන් ඇප කැප වූ සියලුම මිනිසුන් හටත්, වාර්ශිකව පැවැත්වෙන දේව මෙහෙය සදහාත් "කච්චතිව් දූපත" සහ ශ්‍රී ලංකාවට අයත් සාගරය රැක ගැනීමට උපරිමයෙන්ම දායකත්වය සළසන කතෝලික ආගමික නායක තුමන්ලා,නාවුක හමුදාපති තුමා ඇතුලු සියලුම නාවුක නිළධාරින්ට සහ සෙසු නිළයින් වෙතත් අපගේ උත්තම ආචාරය පුද කිරීමට කැමැත්තෙමු.
    රූප රචනාව හෙට 23/03/23
    දහවල් 12:30 ට
    එතෙක් ,
    ආයුබෝවන් මම දිනේෂ් !
    Once in a lifetime opportunity. Where Sri Lankan and Indian pilgrims together celebrate the festival of St Anthony on Kachchatheevu Island. Located about 90 km from Kankesanthurai, Kachchatheevu Island is a natural wonder. It took us around 3 hours by the ship, arranged by the Sri Lankan Navy. After arriving on the island, it was such a wonderfully festive feeling together with its natural beauty. Special thanks must go to Sri Lankan Navy for arranging this special event with the two nations. I hope you will enjoy this video
    Greetings
    I am Dinesh
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    Message or information - / dinesh_a_pathum
    DAP production
    "සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
  • บันเทิง

ความคิดเห็น • 623

  • @lahirukahavita723
    @lahirukahavita723 ปีที่แล้ว +59

    ජනප්‍රියයි කියාගන්නා TV චැනල් වල වෑඩසටහන් වලට වඩා මේ අපේ දේශයට ආදරය කරන අපේ කොල්ලන්ගේ මෙවැනි වීඩියෝ කොතරම් වටිනවද 💙

  • @tinula
    @tinula ปีที่แล้ว +5

    කච්චතිව් දූපත මුලින් ඉන්දියාවට අයත් තිබූ අතර ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ තිබූ දූර දර්ශී සහ උපායශීලී දේශපාලන හැකියාව මගින් ඉන්දිරා ගාන්ධිගේ තිබූ මනුෂ්‍යත්වය හරහා අපිට අයත් කර ගැනීමට හැකිවූ එකක්. සිරිමාවෝ මැතිනිය ගේ දූරදර්ශී ඣනය පෙන්වන එක් අවස්තාවක් පමණි මෙය. හෙල රජ දරුවන් හැරුන විට නිදහසින් පසු රටට සැබෑ සේවයක් කල එකම රාජ්‍ය නායකත්වය ඇය පමණයි අනික් සියල්ල කලේ දේශපාලනයක්ම පමණයි

  • @user-kd7uk2eo1k
    @user-kd7uk2eo1k ปีที่แล้ว +8

    💪❤️👆 මාගෙ නාවික හමුදාවට පිං සිද්ද වෙන්න මං නොගිය තැනක් නැ ලංකාව ඇතුලත මෙන්ම මුහුදු සිමාවෙන් පිටතින් තියන දුපත් වලටත් ,,වෙනත් රටකටත් (මැලේසියාව ) ආඩම්බරයි මට මගෙ නාවික හමුදාව ගැන❤💪ආදරෙයි මගෙ රටට🙏

  • @SAVI_BOY
    @SAVI_BOY ปีที่แล้ว +5

    කරදිය මුසු සුළග
    රළ කපාගෙන යන මුහුද
    රැගෙන යනවා ක්ෂේම භූමිය වෙත
    කිසිදා නොදුටු නවාතැනකට
    ගහ කොළ මල් නෙක විහගුන්
    ඇසුවාද උබ කවුරුද කියා
    පරිසරය රකිනා නිරතුරු තතු සොයනා
    නිහඩ විරුවා මම
    කීවද ඔබ ඔවුන්ගෙ කනට කොදුරා
    දවසල රළු දාහයෙන් රාත්‍රි වට සීතලෙන්
    ඔබ නොනැවති යන ගමන අප වෙනුවෙන් ඔබට ජය
    දායාබර දිනේෂ්
    Y

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +14

    ආයුබෝවන් මම දිනේෂ් ... ඒ වචන හිත නිවනවා හදවතේ සංචාරකයා දිනේෂ් ❤️❤️‍🔥

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +16

    ඉන්දියානුවන් වුනත් ලාංකිකයන් වුනත් අවසන අපි සැවොම එකම ලෝකයක වෙසෙන මිනිස්සු.... ලංකාවට අයිති ලංකාවට ඈතින් තියන දූපතක්.... ඒ සබැඳියාව අපිටත් පෙන්නුවාට අයියාට බොහෝම පිං.... සොඳුරු නිමේශයන් රැසක් සමගින් අපගේ හදවතට තට්ටු කරන්න සොඳුරු සංචාරකයෙක් නම් ඒ අපේ දිනේශ් අයියා විතරමයි... ජයෙන් ජයම වේවා අයියා....💪💪💪💪💪💪💪💪

  • @heshanshachindra5348
    @heshanshachindra5348 ปีที่แล้ว +15

    මාරම නිදහසක් දැනෙනෙ තැනක් කච්චතිව් දූපත...කවදහරි යන්න ලැබේවා...තෑන්ක්ස් දිනේෂ් අයියා❤️❤️❤️❤️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +5

    හදබැඳි ස්තුතිය හා ප්‍රණාමය දිනේෂ් හා ලොකු පීරිස් වෙත....මේ අසිරිමත් භක්තිවන්ත සංචාරය අපවෙත වෙහෙසවී ගෙන ආවට....ඔබලාට ජය වාසනාව ...🙏🌻🌄

  • @e-entrepreneur
    @e-entrepreneur ปีที่แล้ว +32

    හදවතේ සංචාරකයා එක්ක එක දවසක් ඇවිදින්න කැමති සෙට් එක මේ කොනට❤

  • @evozynotikavi4022
    @evozynotikavi4022 ปีที่แล้ว +115

    ඔන්න අද මගෙන් පලවෙනි කමෙට් එක. විඩියො එක දනකන් බලන් හිටපු අය ඉන්නවද මං වගෙ.😁🤭

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +13

      ගොඩාක් ස්තූති ... කාර්යබහුල දවසක ❤️👏🏻

    • @beamnG833
      @beamnG833 ปีที่แล้ว +1

      අනිවා

    • @harshanuwan1679
      @harshanuwan1679 ปีที่แล้ว +2

      දානකම් ඉවසුමක් නැතුව ඉදියෙ. ❤️

    • @dilbbp3874
      @dilbbp3874 ปีที่แล้ว +2

      🙋

    • @Winsome176
      @Winsome176 ปีที่แล้ว +1

      Dinesh ayyagey mn saranna (idunil ) get video balanne mara asawakin 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @thetravelerclick
    @thetravelerclick ปีที่แล้ว +27

    හදවතේ සංචාරකයාගේ තවත් සොදුරු ගමනාන්තයක් 😍 දිගින් දිගටම මේ වගේ තැන් අපිට පෙන්නන්න ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. නියමයි දිනේෂ් අයියා ❤️

  • @malkidias311
    @malkidias311 ปีที่แล้ว +19

    ඇත්තටම ගොඩාක් ස්තුතියි .මොකද මෙවැනි සංචාර ලෙසි නැහැ .ඔයා යන්නෙ ලෙසි පහසු තැන් වලට නෙවෙයි .පරිස්සමින් රටට වගෙම දැන් අපිටත් ඔයාලාව වටිනවා 💐💐👍

  • @indikaudayashantha4181
    @indikaudayashantha4181 ปีที่แล้ว +9

    ලංකාවේ සංචාරකයන් අතරෙ සුන්දර නිහතමානී සංචාරකයා...මේක නම් පිස්සවක් ❤ සහොදරයා...

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +13

    ආයුබෝවන් !
    ස්භාවදහමේ මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    දිනේෂ් පැතුම් ... 💐 ලොකු පීරිස් ...💐
    මගේ හදපිරි ආචාර්ය පුදකරමි 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    සුන්දරයි .... පුදුමාකාර ලස්සනක් ... ❤️

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 ปีที่แล้ว +11

    ශ්‍රී ලාංකික කතෝලිකයින් ඇතුලු අපි හැමෝටම එක සැරයක් හරි කච්චතිව් දූපතට යන්න ලැබේවා 🙏🙏🙏 මේ රූප රචනාව බලන්න ගත්ත තැන ඉදලම මට හිතුන දෙයක් තමා මිනිසුන් රහිත දිනයක දිනේෂ් අයියට යන්න ලැබුනනම් මේ සංචාරය තවත් මොනතරම් සුන්දර වෙයිද 😍❤️❤️❤️❤️ මේ ලස්සන සුන්දර රටේ තව තවත් සංචාරය කරන්න ලැබේවා 🙏🙏🙏

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      මම ඇත්තටම එනකම් ඔය ගැන කල්පනා කලා.

    • @parameshkumarasamy551
      @parameshkumarasamy551 ปีที่แล้ว

      Absolutely very interested program ❤thank do much.

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 ปีที่แล้ว +9

    අවාරේ සිරිපා කරුනාවත් එක්ක අද වෙනකම්ම නොනැවතී හැම සංචාරයක්ම මනසින් ඔයා එක්ක ආවා..ස්වාභාදහම මෙච්චර තදින් විදින්න පුරුදු උනේ අයියේ ඔයා නිසා..ඔයා වගේ අය අපේ රටට ගොඩක් වටිනවා. අපේ පුංචි රටේ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්නවට සහ හරි ලස්සනට ඒ තැන්වල වටිනාකම කියලා දෙනවට අනේකවාරයක් පිං🙏🙏 අයියා අතින් ලියවුනු පොතක් කියවන්නත් ගොඩක් ආසාවෙන් ඉන්නවා 🙏🙏

  • @manishaasangi6683
    @manishaasangi6683 ปีที่แล้ว +7

    අපිට සිහිනයක් සැබෑ කරපු හදවතේ සංචාරකයා දිනේෂ් අයියට හද පිරි ස්තුතිය ❤❤

  • @janitharahul3637
    @janitharahul3637 ปีที่แล้ว +18

    💖🥺 . තවත් සුන්දර ගමනාන්තයක් 🍂 අපේ රට කොච්චර ලස්සනයි ද ඒ ලස්සන මුලූ ලෝකෙටම පෙන්නන, අයියේ ඔයාට හුගක් පින් 💖🍂..

  • @Ash-zu8jf
    @Ash-zu8jf ปีที่แล้ว +10

    හදවතේ සංචාරක නැවතුම් පොළ .දිනේෂ් සහෝදරයා ආදරෙයි හැමදාමත් ❤ අපි ඔබ සමගින්මයි🍃💧🇱🇰

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 ปีที่แล้ว +8

    අපිට යන්න තියා දකින්නට අමාරු මේ වගෙ දුපත් ගැන විස්තර එක්ක අපිට ගෙනාවට බොහොම පි0 මල්ලි .background music එක යනකොට ගග දිගෙ මටක් උනා.ඔයාල ඔක්කොටම බුදු සරනයි ..

  • @nayananuwantha4105
    @nayananuwantha4105 ปีที่แล้ว +10

    හදවතේ සංචාරකයා.🌿🌿❤️ මෙ ගමනෙදි අය්යව හම්බුන එක ගෙන සතුටුය්❤️❤️

  • @RyanAmaratunga
    @RyanAmaratunga ปีที่แล้ว +3

    Love to be there soon. Let this Island be ours. But any one can Visit this Island. God protects and bless our Beautiful Island Country Called Ceylon previously now Sri Lanka. Love my Mother land from here to eternity. Thank God for the wonderland. St.Anthony protecr us and guide us & Amen.

    • @thilaxsan210
      @thilaxsan210 4 หลายเดือนก่อน

      th-cam.com/users/shortsDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ස්තුතිය
    අහල තිබූ නත් දැකලා නැ
    ජයවේවා!

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +8

    සංචාරකතුමා ... ඔයා තරම් වාසනාවන්ත මනුස්සයෙක් මේ ලෝකේ තව නැතිව ඇති . ස්තූති අපිවත් එක්ක ගියාට මේ දුර්ලභ අවස්ථාව දැකගන්න . සුබ පැතුම් . තෙරුවන් සරණයි ඔයාටත් ලොකු පීරිස්ටත්🥰🥰🥰🥰

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara ปีที่แล้ว +9

    දූපතේ ස්වභාව සුන්දරත්වය නම් 😍💚🌿 හදවතේ සංචාරකයා බොහොම ස්තූති අපිව මේ වගේ තැන් වලට එක්කන් යනවට 😍

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 4 หลายเดือนก่อน +1

    සොභාදහම රකින්නා ස්භාවදහම විසින් රකිනු ලබයි ! 🌱🙏☘️
    ස්භාවදහමට මෙන්ම ආදරෙයි හැමදාමත් ඔයාලාට
    පරිස්සමින් සෑම ගමනාන්තයක් ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ! 🙏

  • @shashikasadaruwan2209
    @shashikasadaruwan2209 ปีที่แล้ว +3

    හැමදාම වීඩීයෝ එකක් දානකම් බලන් ඉන්නේ හරී අමාරුවෙන් පිස්සූ වැටිලා ඉන්නේ ඔයාගේ සන්චාර වලට බුදුසරණයි අයීයේ ❤️❤️

  • @mithilaranmal5204
    @mithilaranmal5204 ปีที่แล้ว +7

    මේ කටහඬ අහන්නෙ නැතුව දැන් නම් ඉන්නම බෑ වගේ❤❤❤ වචන ගලපන විදියනම් මරැ අයියේ❤❤

  • @bimsara1981
    @bimsara1981 ปีที่แล้ว +3

    Notify එකක් එනකන් බලන් ඉන්න තරම් ඇබ්බැහි වෙලා මේ සුන්දරත්වයන් බලන්න 🌸👌❤

  • @hashenchamindu7607
    @hashenchamindu7607 ปีที่แล้ว +24

    හදවතේ සංචාරකයාගේ තව ලස්සනම ගමනක්😍❤️...බොහොම ස්තූතියි අයියේ...ජයවේවා❤️💯

  • @dulanuddhikamarasinghe4360
    @dulanuddhikamarasinghe4360 ปีที่แล้ว +7

    ඒක ලස්සන ගමනක්
    ගමනේ සාමාජිකයෙක් වුන එක තවත් සතුටක්♥️🇱🇰

  • @HasanthaIshan
    @HasanthaIshan ปีที่แล้ว +4

    හදවතින්ම නිහතමානී සංචාරකයා❤️

  • @chathuratharaka6475
    @chathuratharaka6475 ปีที่แล้ว +5

    ලස්සන ගමනක් අපිව රැගෙන ගියාට බොහොම ස්තුති 🙏❤🌿🖇️💚 හදවතේ සංචාරකයා ට හදවතිනම ආදරෙයි ❤ 💚🌿🖇️

  • @luviskumara9868
    @luviskumara9868 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා .ලස්සන දර්ශණ සහිත වැඩසටහන.අන්තෝනි මුනිතුමාගෙ පිහිට සැමටම ලැබේවායි පතමු.ජේසු පිහිටයි .

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว +5

    එකත් ලස්සන ගමනක් ❤️❤️ මේ ගමන පි යනවනම් කොහොමද යන්න ඔනෙ බොහෝ දෙනෙක් බලපොරොතු වෙන උත්තරයක් ❤

  • @Samantha22973
    @Samantha22973 ปีที่แล้ว +2

    very good Video ...Thank you very much ...Dinesh ....... THERUWAN SARANAI ......

  • @janithudayangana1226
    @janithudayangana1226 ปีที่แล้ว +1

    එනකම් බලන් හිටිය වීඩියෝ එකක් අයියව එදා කච්චතිව් වලදි හම්බුනා.........❤️❤️😍😍🔥🔥

  • @chandrikaperera6969
    @chandrikaperera6969 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී සුවය ප්‍රර්තන කරනවා තවත් ma waga ගමනාන්තයකට අපිව රෑගෙන යන්න ගොඩක් පින් 🙏🙏💐💐

  • @techhelp2268
    @techhelp2268 ปีที่แล้ว +2

    ගොඩක් දෙනෙක් DAP එක්ක එකතු උනේ අවාරේ සිරිපාකරුණාවෙන්. ඉතින් 100 k වලට සිරිපා කරුණා කරමු. වාරේ හෝ අවාරේ❤ පුංචි යෝජනාවක්

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว +3

    wada karana gaman balane nawata balanawa budu saranai👍👍

  • @lashurademel8936
    @lashurademel8936 ปีที่แล้ว +1

    Bro oyata lankaweth lokayeth sundara than balanna sancharaya karanna lebewa jaya wewa

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +3

    හිත නිවෙන තැන හිත නිවෙන පැය . ප්‍රශ්ණ පීඩණයට හෙළ ඔසුව 🇱🇰 ස්තූතී දිනේශ් මනසට සැනසීම හිතට සතුට ගේනවට ජය වේවා ❤ බුදු සරණයි ජේසු පිහිටයි අදත් වෙනස්ම දෙයක් ස්තූතී ඔබේ මහන්සියට දිනේශ්

  • @nirmalifernando7429
    @nirmalifernando7429 ปีที่แล้ว +4

    කච්චතිව්..හරීම ලස්සන තැනක්.. පරිසරයත්.. පල්ලියත්...ඒවගේ..
    දවසක යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.......
    සොබාදහමේ සොඳුරු තැන් සොයා යන..ඔබට..සුභ පැතුම්..🎉

  • @malanikulasekara5376
    @malanikulasekara5376 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි මල්ලි අප කවදාවත් දැකලා නැති ගියෙ නැති සුන්දර තැන් පෙන්වා දෙන ඔබට ඒ යන ගමන් අවසාන්තය වෙනතුරැ සියලුම දෙවියන්ගේ ආසිර්වාදය ලැබෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @shanvideography2918
    @shanvideography2918 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා Dinesha අයියා. අපිට යන්න නොහැකි වුනත් දිනේශ් අයියගේ 3 ඇසෙන් හරි අපිට සොදුරු තැන් බලන්න දෙනවට අයියට ගොඩක් පින්. අයියගේ video 1 නෑර ඔක්කකොම බලලා තියෙනවා. ජය වේවා. ගමන සුභ වේවා.

  • @kulasekara5679
    @kulasekara5679 ปีที่แล้ว +5

    " නිදහසක් දැනෙනවා මට, දේව භූමියක් නිසා වෙන්න ඇති. " ☘️

  • @Sassymee-99
    @Sassymee-99 ปีที่แล้ว +3

    දැක්ක වාසනාවන්තම මනුස්සෙක් අයියා...ඒක පාරාදීසයක් වගේ..ඇත්තටම ආස හිතුනා යන්න..නාගදීපයෙ ගිහින් තියනවා මේ වගෙම..❤❤

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว +4

    Great navy of the world. They are there for us always. God bless our navy.

  • @yelakamahesh9670
    @yelakamahesh9670 ปีที่แล้ว +4

    ලස්සනයි දිනේශ් අයියේ..
    අපේ රටට අයිති තවත් සුන්දර දූපතක්..සුන්දර ගමනාන්තයක්..ජයවේවා..!

  • @harshatharanga2862
    @harshatharanga2862 ปีที่แล้ว +4

    ඔබේ ඇස් වලින් මේ සුන්දරත්වය අපිත් එක්ක බෙදාගන්න විදිහ හරිම සුන්දරයි ස්තූතියි ❤❤❤❤ බුදු සරනයි... සහෝ

  • @riyacom6812
    @riyacom6812 ปีที่แล้ว +3

    පාද යාත්‍රාව වගේම සුපිරි සංචාරයක්.ජයෙන් ජයම වේවා කරන කියන හැමදේම❤❤❤❤

    • @thilaxsan210
      @thilaxsan210 4 หลายเดือนก่อน

      th-cam.com/users/shortsDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4

  • @shehanvimukthi5252
    @shehanvimukthi5252 ปีที่แล้ว +4

    හදවතේ සංචාරකයා හදවත් ලක්ෂයක ආදරය ලබන්න ආසන්නයි . 🍃💚

  • @nathidurahal4574
    @nathidurahal4574 ปีที่แล้ว +1

    Huga දවසකින් බලන්න awe සහෝදරයා niyamai . muhude හිටියේ ekai බලන්න bari une

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว +1

    Kachchathiw dupatha ahala thibunata dakala thibune na lassanai mewa apita pennuwata godak pin oba depalata suba parhum❤

  • @sriyaninadungoda4992
    @sriyaninadungoda4992 ปีที่แล้ว +2

    Aththatama watinawa me wada satahana

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 ปีที่แล้ว +3

    ආගමික සහජීවනය මනාව පිලිබිඹු වන තවත් ඉතා සුන්දර සන්චාරයක්.. ! ❤️

  • @nadunkodikara8402
    @nadunkodikara8402 ปีที่แล้ว +5

    හදවතේ සංචාරකයා ❤

  • @kumudinirenukaliyanwilanar2553
    @kumudinirenukaliyanwilanar2553 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති .තෙරුවන් සරනයි

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 ปีที่แล้ว +1

    සුන්දර පරිසරය.
    අසුන්දර මිනිස් මුහුනු.

  • @rashithnimesh4913
    @rashithnimesh4913 ปีที่แล้ว +3

    දිනේෂ් අයියා කැමරා ඈන්ගල් ටික නම් සූපර්....👍👍

  • @heshan973
    @heshan973 ปีที่แล้ว +3

    බැලුවා එකෙන්ම ❤️ වාසනාවක් තමයි මෙහෙම හරි ඔබ තුමා එක්ක ගිහින් බලන්න විඳින්න ලැබීම ❤️✌💐 DAP ❤️❤️

    • @thilaxsan210
      @thilaxsan210 4 หลายเดือนก่อน

      th-cam.com/users/shortsDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4

  • @madhushanigeeganage2753
    @madhushanigeeganage2753 ปีที่แล้ว +3

    කොහොම ස්තූති කරන්නද කියලා හිතාගන්න බෑ. ඇත්තටම හරිම අපූරු සංචාරයක්.අනාගතේ දවසක මේ දූපතට යන්න බලාපොරොත්තුවක් තියේ. ට්‍රැවල් කරන කොච්චර අය සිටියත් හදවතට දැනෙන්න ට්‍රැවල් කරන්න පුලුවන් ඔයාට විතරයි.ස්තූතී නැවත වරක්.ජයවේවා..!!! ❤❤❤❤

  • @athulasamarasekera661
    @athulasamarasekera661 ปีที่แล้ว +1

    මා 1975 - සිට අසා තිබුනා කච්චතිව් දුපතේ වන්දනාව, දන්නා අය බොහෝ පිරිසක් පොල් තෙල්, සන්ලයිට්,ලක්ස් ,කුලු බඩු වලට හොද ඉල්ලුමක් තිබුනා එදා ඔවුන් භාණ්ඩ හුවමාරු ක්‍රමයට( බාටා සිස්ටම්) එකට, අපේ ඉන්දියානු ඇද ඇතිරිළි එදා අරන් ආවා.
    එදා සිහිණය!
    2003 දි කච්චතිව් වලට එන්න පුලුවන් උනා. ගොඩ බැස්ස පමනින් උවමණා උනේ , දූපත වටේට යන්න කොපන වේලාවක් යයිද කියා,
    මොකද ලංකාව ඉන්දියන් සාගරයේ තිතක් නම්?
    යාපන අර්ධද්දිපය තිතෙන් තවත් කුඩායි එහෙනන් කච්චතිව් කොහොන ඇද්ද?
    ඒ නිසයි මට ඒ අදහසඇති උනේ?
    එහි යන විට කවවුරුවත් හිටියේ නැ !
    පල්ලියෙර්පහණ දැල් උනා, පල්ලියට නුදුරින් තල් ගස් 13 හෝ 14තිබුනා

  • @nadeeshaniranasinghe8169
    @nadeeshaniranasinghe8169 ปีที่แล้ว +5

    මගේ ආදර මහත්තයටත් නාවික හමුදාවෙ අනිත් සියලුම දෙනාටත් මගෙ මහත්තය කච්ච තීවු වල රාජකාරි කරද්දි මට ගොඩක් විස්තර කල කච්ච තීවු සියසින් දැක ගන්න ඉඩ සලස්සපු සහෝදරයා ඔබටත් තෙරුවන් සරනයි.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +4

      එතුමා ඇතුලු නාවික හමුදාවේ සියලුම දෙනාට අපේ ආචාරය. පුදුම කැප වීමක් නාවික හමුදාවෙන් කරන්නේ මේ මංගල්‍යය පුරාවට. ඇත්තටම හිස නමා ආචාර කරනවා ඔවුන්ට

    • @nadeeshaniranasinghe8169
      @nadeeshaniranasinghe8169 ปีที่แล้ว

      ​@@DineshAPathum 🙏

  • @champikafernando7170
    @champikafernando7170 ปีที่แล้ว +1

    St Anthony munodini apanisa yaduni manavi 🌹🌹🌹🙏🙏🙏

  • @ashinitharushika58
    @ashinitharushika58 ปีที่แล้ว +1

    කවදා කොහොම කොතැනක පොළොවට පස් වේවිද යන්න නොදත් මේ සංචාරයේ පරිසරයට මේ තරම් ආදරේ මේ තරම් පරිසරයට බැදුණු ඔයා හරිම සුන්දර මනුස්සයෙක් සුන්දර සංචාරකයෙක්.... සැබැවින්ම විද ගැනීමට තරමක් අපහසු මේ ස්භාව සුන්දරත්වය මේ තරම්ම අපිට සමීප කරනවට බොහොම ස්තූතී... ❤🥺💫

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 ปีที่แล้ว +1

    Tks...Dinesh...Excellent programme...
    TEACHERS TEACH THIS TO YOUR SCHOOL CHILDREN...
    SUPERB DOCUMENTRY...

  • @buddikakandewaththa9257
    @buddikakandewaththa9257 ปีที่แล้ว +3

    සුභ පතනව අයියා. මුල ඉදන්ම ඔයගෙ වීඩියෝ බලනව.

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +2

    Dinesh ඔබ තුමාගේ කතාව තනිකර භාවනාවක්.අහන් ඉන්න ආසයි.බුදු සරණයි හැමෝටම

  • @sadram4084
    @sadram4084 15 วันที่ผ่านมา

    ගොඩක් ආසාවෙන් බැලුව වගේම ගොඩක් වටිනව ලන්කාවෙ හිටියට නොදන්න දෙයකුත් දැනගත්ත වටිනව 🫶🫶🫶🫶💝💝

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว +1

    එල..."🌹🌹හරිම වටිනවා මෙම තොරතුරු අපට දැනගැනීමට සැලැස්වීම ගැන .." ස්තුතියි ඔබට..."

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +1

    දැනුම වර්ධනය කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත් වැඩසටමනක්

    • @thilaxsan210
      @thilaxsan210 4 หลายเดือนก่อน

      th-cam.com/users/shortsDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4

  • @tharinduabraham4969
    @tharinduabraham4969 ปีที่แล้ว +1

    Salute 🫡 for Sri Lankan navy and Dinesh god bless you

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว +1

    බලන්න ආසාවෙන් හිටපු එකක්.ස්තුතියි දිනේෂ් .

  • @sarathakumara2778
    @sarathakumara2778 ปีที่แล้ว +1

    අද තමයි මල්ලි බැලුවෙි නියම යි සුපිරි සැමදා ජය❤✌

  • @Jayanathkarunarathna
    @Jayanathkarunarathna ปีที่แล้ว +1

    විකුණන එක ගැන නම් පට්ටම කතාව කිව්වෙ. Hats off

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 ปีที่แล้ว +1

    ඇත්තටම යන්න හිතක් පහල උනා..👌👌❤️

  • @sasmithamethhasindu2638
    @sasmithamethhasindu2638 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා Well done DAP❤

  • @rihansaz
    @rihansaz ปีที่แล้ว +3

    ගොඩක් ස්වභාදහමට කතා කරන්න ඉඩ දීලා මේ වීඩියෝ කරන නිසාත්, සිනෙමැටික් ගතිය එක්ක තියෙන අපුරු ශබ්ධ නාධ තෝරාගැනීම් නිසා මේ පරිසරය අපිට හරි ලඟට දැනෙනවා ❤ ඔබට බොහොම ස්තුතියි අපිට මේ අසිරිය විඳින්න අවස්තාව හදලා ඒවා තව හදවතට සමීප කරනවට ❤

  • @padukkagepatrickperera9457
    @padukkagepatrickperera9457 ปีที่แล้ว +1

    Very good. God bless you all..

  • @jeewanthamadushan1245
    @jeewanthamadushan1245 ปีที่แล้ว +2

    Sri Lankawada kiyala hithuna e tharam lassanai thanks ayyata me dewal pennanawata ❤️🌿🌤️

  • @hirunibandara1461
    @hirunibandara1461 ปีที่แล้ว +3

    lassana gamanak
    Budu saranai aiya
    DAP 💚🍀🕊

  • @Himansha_wishmika
    @Himansha_wishmika ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා බුදු සරණයි ❤️🙏

    • @thilaxsan210
      @thilaxsan210 4 หลายเดือนก่อน

      th-cam.com/users/shortsDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +5

    සොදුරු ගමනාන්තයක ඇරඹුමක්
    දෙඇස් මග බලන් හිටපු මොහොතක්
    යන්න සංචාරයේ ඔබ එක්ක රවුමක්
    නොමැත කිසි ඉවසිල්ලක් මෙතුවක්😍❤️💚🌿
    🥹🙏🙏ගොඩාක් පිං අපිවත් අරගෙන ගියාට.😇
    හැමදාම පරිස්සමෙන් .. බුදු සරණයි.🙏

  • @ishanijayakody7265
    @ishanijayakody7265 ปีที่แล้ว +3

    "සංචාරකයා ගේ වන්දනාව "
    කච්චතිව් දුපත........
    ඇත්තටම වෙලාව යනවා දැනුනෙත් නෑ ඉවරත් වෙලා. අයියේ වෙන්දා වගේම ඉතිම් හරිම ලස්සන ගමනාන්තයක්. නොදුටු දසුන් කවදාවත් යාමට නොහැකි මේ වගේ සංචාරයක් පෙන්වුවාට ගොසක් තුති......❤🙏🥰

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +2

    සුන්දර ගමනාන්තයක්.. ජාත්‍යන්තරය සබදතා ❤❤❤.. උෂාන් අය්යණ්ඩිත් ඉන්නේ... වෙනස්ම අත්දැකීම්ක්.. ජයවේවා... මේ ලෝකයේ තවකාලික නාවාතැනකට ඇවිත් සුන්දර ගමනාන්ත කරා සැරිසරන්නට තව තව ශක්තිය ලැබේවා... ❤❤❤.. හදබිමේ ඇව්දයන්නට අවසරයී... සොබාදහමේ ආරක්ෂාවයි..

  • @shashichathura9331
    @shashichathura9331 ปีที่แล้ว +1

    ස්කිප් නොකර බලන එකම චැනල් එක තමයි මේක. ඒ තරම් සුපිරියට කරනවා අයියේ. ස්තූතියි ඔයාට ..

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩක් පින්

  • @rashinitharushika4929
    @rashinitharushika4929 ปีที่แล้ว +1

    Stole my heart ♥️🌿

  • @LaLaLa-rx5vn
    @LaLaLa-rx5vn ปีที่แล้ว +3

    තවත් සුන්දර ගමනක අවසානයක්…💗🤗බොහොම ස්තූතියි අයියේ...ජයවේවා❤#DAP

  • @dhanushkakumara3189
    @dhanushkakumara3189 ปีที่แล้ว +5

    ආයුබෝවන් මම දිනේෂ්.ඒ වචන ❤

  • @sudithaprasadherath4692
    @sudithaprasadherath4692 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි දිනෙෂ් ,පුදුම ලස්සනයි .අපේ රට දියුණු කරන්න මේ දූපත් ටිකම ඇති ❤️❤️

  • @chanakarajapakshe
    @chanakarajapakshe ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයාට .❤️❤️❤️

  • @sajithpiumantha8456
    @sajithpiumantha8456 ปีที่แล้ว +2

    Favorite youtuber & love this video ❤️

  • @harshanuwan1679
    @harshanuwan1679 ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා ඔයයි අයියේ. තෙරුවන් සරණයි පරිස්සමෙන් ❤️❤️❤️

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +1

    May GOD bless you !
    Thank you so much for this beautiful vedio ! 💚💚

  • @shiranthahewabatuwita2595
    @shiranthahewabatuwita2595 ปีที่แล้ว +2

    සුන්දර ගමනාන්තයක්......හදවතේ සංචාරකයා .....තෙරුවන් සරනයි ❤💯

  • @janithprimal7293
    @janithprimal7293 ปีที่แล้ว +1

    මේ පාරත් සුපිරිම ලස්සන ගමනාන්තයක්. THANK YOU👍👍👍👍

  • @user-sanjaya845
    @user-sanjaya845 ปีที่แล้ว +2

    හරිම සොඳුරු ගමනාන්තයක්.ගොඩක් පින් මෙවන් විශේෂිත දේවල් අපිට ගෙන හැර පානවාට...ඒ වගේම ඒ වචන හරි සිත්ගන්නාසුලුයි.
    හරි ආසාවෙන් හැමදාමත් ඔයා එක්ක රැඳිලා ඉන්නේ....
    පින්

  • @naveenchaminda94
    @naveenchaminda94 ปีที่แล้ว

    ස්තුතියි දිනේස් . ගමන සුන්දරයි .ජයවේවා .බුදුසරණයි .