සේකර අයිති කාටද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මෙය සුළුවෙන් පෙනෙන සංකීර්ණ ප්‍රශ්නයක් !
    2021 නොවැම්බර් 09 වැනිදා , රදාවාන මහගම සේකර විදුහලේ ආදී ශිෂ්‍ය නායක සංසදයේ ඇරයුම පිට , නාගරික සංවර්ධන අධිකාරිය නවීකෘත සේකර බුහුමන් සාවිය ජනතාවට විවර කළා . ජරාවාසව වල්වැදී තිබුණු සේකර පිළිරුව කොටුකර සිර ගත කර තිබුනා . මේ උත්සවය සහ සේකර නිර්මාණ වින්දන සැන්දෑව නිර්මාණය කොට මෙහෙයවන්නට ආරාධනය ලැබෙන්නේ පෙර කී සේකර විදුහල් ආදී ශිෂ්‍ය නායක සංසදයේ සභාපති කපිතාන් උදිත වික්‍රමාරච්චි ගෙන් . මේ සංකල්පය පහල වූ සැනින් කළ ඒ ඇරයුම එකවර පිලි නොගත්තත් මා ඔහු සමඟ රදාවානට ගියා . අහෝ ! සේකර සිටි සැටි ! ඒ මොහොතේම මා තීරණය කළා ප්‍රභාකරන් වුනත් මේ වගේ සද් කාර්යයක් කලොත් අප සහය දෙන්න ඕන එකේ , ඇයි මා සේකර වෙනුවෙන් මේ කැපවීම නොකරන්නේ කියා.
    අපි වැඩේ පටන් ගත්ත දවසෙ ඉඳලාම ආවේ බාධා ! නමුත් රදාවාන ගමේ සේකර හුළඟ වැදිච්චි සුනිල් ශාන්ත කියන ප්‍රබල ජ වී පෙ සාමාජිකයාගේ පටන් ඔහුගේ හිතවතුන් , සේකර ප්‍රේමීන් මා වටකරගත්තා . අපි උපරිමයෙන් සේකර සම්භාවනාවට පත් කළා . 175 කට සීමා වූ රසික සභාව විශාරද එඩ්වඩ් ජයකොඩි ඇතුළු ගායන වෘන්දයෙන් සේකර මූර්තිමත් වන සැටි ඇසුවා දුටුවා .බුද්ධදාස ගලප්පත්ති වැනි වියත් ලේඛක , මාධ්‍යවේදීන් එය සජීවීව ඇගයුවා !
    මේ චාම් නමුත් හෘදය සංවේදී උළෙල සහ සැදෑවේ කූටප්‍රාප්තිය එළඹෙන්නේ සේකර උද්‍යානය අනාගතයේ සේකර නගරය දක්වා දියුණු වන දවස එක්ක !
    සේකර කෞතුකාගාරය එක සිහිනයක් ! ඒත් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වගේ මහ ගෙදරක් , පරිහරණය කළ දේවල් නැති බව වීඩියෝවෙන් ඔබට දැකගත හැකියි ! ඒ නිසයි මම අයෙ ආයෙත් අහන්නේ ...."සේ ක ර අ යි ති කා ට ද ? "

ความคิดเห็น • 122

  • @dammikacooray9574
    @dammikacooray9574 ปีที่แล้ว +4

    මිදුලේ කෙලවරින් පායා දිලෙයි කුඩා දේදුන්නක් 🌈 මෙතරම් සමීපවත් මෙතරම් කුඩාවටත් දේදුන්නක් මා දුටුවේ ජීව්තේ මුල් වරටය ❤🙏🙏🙏😥 සේකර

  • @ChirathAkalankaSangasinghe
    @ChirathAkalankaSangasinghe 2 ปีที่แล้ว +12

    සේකරයන් පුරාවෘත්තයක්.
    “සදා නොමියෙන ගීතයකි නුඹ
    සදා නොමියෙන සිතුවමකි නුඹ
    ගමේ ඕවිටි තැනිතලා වල
    සදා ඔබ මට මුණගැසෙනු ඇත”

  • @rexfernando5651
    @rexfernando5651 2 ปีที่แล้ว +9

    බන්දුල නානායක්කාරවසම් මහතානෙනි , එදා සේකර ගැන කොතෙක් ලියවුනත් අද ඔහු ගැන, ඔහුගෙන් සිප්සත හැදෑරූ අයෙක් වත් නොදකින සේකර ගැන ඔබගේ මේ ප්‍රයත්නය ඉතාමත් අගනේය. ඔබගේ මේ පෙනීසිටීමම බොහෝ දෙනෙකුගේ ඇස් විවුර්ත කිරිමට හේතුවේවා.!
    සේකර මියගිය විට ලියැවුනු ලිපියක උදෘතය වූයේ " සේකර මියගියේ නැත. මියගියේ අමරදේවයි." - .මා මලපසු සොහොන්කොතේ දුක් ගීයක් ලියනු මැනවි..... එය එසේම සිදුව ඇතැයි මටද සිතේ.

  • @miththapathirage1554
    @miththapathirage1554 2 ปีที่แล้ว +2

    අද් සිට අලුතින් කියවමු...! ඔබට ස්තුතියි බන්දුල මහතානෙණි...

  • @lakshminifernando7913
    @lakshminifernando7913 6 หลายเดือนก่อน +1

    ස්තුතියි බන්දුල නානායක්කාරවසම් මහතාණනි.මහගමසේකර යනු අපට නම් වීරයෙක්.පසුගිය පෝය දින මෙතුමාගේ බිරිඳගේ වියෝවේ තෙමස් පූර්ණ පිං
    කම එක්තරා ස්තානයක සිදුවූ බවත් ඔහුගේ දරුවන් ඉතාමත් හොඳින්
    සිටින බවත් සේකරට ආදරය කරන
    අයෙක් පැවසුවා.ඔහු ඒ සම්බන්ධව සතුටින් කතා කළා.කෙසේ වුවද මහගමසේකර යනු පවුලකට නොව රටට අයත් කෙනෙක් බව අප වටහා ගනිමු.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  หลายเดือนก่อน

      ස්තුතියි
      පුතා හා සිදු වූ සිඩුවීම් නම් ශෝචනීයයි

  • @Lavendercloxds
    @Lavendercloxds 2 ปีที่แล้ว +6

    ඇහැට කඳුලක් ඉනුවා මහත්මයාණෙනි .ඔබතුමාට පින් මෙවැනි වැඩසටහනක් කරාට 🙏🙏🙏.සේකරයන්ගේ මතකයන් සංරක්ෂණය කරන්න රජයේ අනුග්‍රහය ලැබුනේනම් කෙතරම් වටින්නේද 😥

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      Rajaya monawada sekarata neme jeewath wela inna ayata ho karanne?
      Thuthi Obe senehasata
      🙏🌸🙏

  • @AsangaLive
    @AsangaLive ปีที่แล้ว +3

    හරිම වටින වැඩසටහනක්

  • @enandavimala898
    @enandavimala898 2 ปีที่แล้ว +5

    මහගමසේක උතුමාණන් යනු මම වඩාත් ආදරය කරන චරිතයක්.
    ඔහුගේ දැක්මට සහ පරිකල්පනා ඥානය ශ්‍රේෂ්ටයි.

  • @kumarimuhandiram7095
    @kumarimuhandiram7095 2 ปีที่แล้ว +7

    බන්දුල සර් ගොඩ කාලයකින් .තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🙏❤️

  • @ChanishkasDesigns
    @ChanishkasDesigns 2 ปีที่แล้ว +3

    හරිම වටිනා තත්පර පනස් පහකින් අවසන් වූ මිනිත්තු දාස්හයක්!

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 10 หลายเดือนก่อน +1

    ඔබේ හදවත දකිමි නිබඳව ඔබේ සිතුවිල්ලෙන්

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +3

    කාලෙකින් ඔබ තුමා........ කවී ලෝකේ මගේ වීරයා... සේකරයන් ගැන ඉදිරිපත් කිරීමට ස්තුතියි ඔබ‍ට සහ ඔබේ කණ්ඩායමේ සියළුම දෙනාට... මේ කටයුත්තෙදි මාද ඔබ‍ට ශක්තියක් වෙම්.....

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 2 ปีที่แล้ว +5

    My homage to the most amazing, all encompassing multi talented Poet and social reformer that you have tried so untiringly to show us.

  • @sardhaweerakkody7286
    @sardhaweerakkody7286 ปีที่แล้ว +2

    බන්දුල මහත්මයාණෙනි, මහගම සේකර මහතාගේ නිවසේ අද තත්වය ගැනත්, එයට වගකිය යුතු අග ගැනත් නොපැකිල අදහස් දැක්වීම අගය
    කරමි. ඔබට ස්තූතියි ! ජයවේවා !

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 ปีที่แล้ว +2

    ඇත්තට ම නුඹ නම්....උතුම් සත්පුරුෂයෙක්. ...මේ වටිනා තොරතුරු මෙහෙම අපට පිරිනමන කලාකරුවෙක් තවත් වේ ද..?

  • @buddhikaperera4469
    @buddhikaperera4469 2 ปีที่แล้ว +2

    Thank you so much. Tears came to my eyes. I really appreciate your effort Sir!

  • @nuwanwimalana5391
    @nuwanwimalana5391 2 ปีที่แล้ว +2

    අප සදාදරනිය සේකරයන් ගැන මෙතෙක් නොදුටු නොඇසු මේ දේ දැන්වත් අප වෙත මෙලෙස ගෙන ඒම ම කෙතරම් දෙයක් ද හිතාදර මිතුර .....බොහෝ පින්..! සේකර කිසිදා නොමියන නිසා එයින්ම සිත සුවපත් කරගමු.

  • @vishakajayatissa1587
    @vishakajayatissa1587 ปีที่แล้ว +1

    සේකරයන් මා දෙපා නැමද සදාකල් සිහිපත් කරන්නෙමි.ඔබ අප රටට අවැසිම යුගය එලඹ ඇත එහෙත් ඔබ අප හැර ගොස් ඇත.එනමුත් ඔබ අපට දායාද කළ සාහිත්‍ය නිර්මාණ තවදුරටත් ඔබ අප සමඟ ජිවත්වන බව පෙන්නුම් කරනු ඇත..නැවත ඔබ අප අතරට එනු මැනවි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 8 หลายเดือนก่อน +1

    සිංහල ගීත සාහිත්‍යයට හා කවියට විශාල සේවයක් කල උතුම් මිනිසෙකි .

  • @Peries260
    @Peries260 2 ปีที่แล้ว +2

    ඔබ රුහුණු සේවයෙ බිහිදොර වැඩසටහන කරන කාලේ මම පාසැල් දරුවෙක් විදියට ඔබට ගොඩක් ඇලුම් කල කෙනෙක්. ඔබ භාෂාව හසුරුවන හැටි මම අනුකරණය කලා
    මෙවැනි වැඩසටහන් අලුත් පරම්පරාව අතරට යැවිය යුතුමයි. ඊට ඔබට අවශ්‍ය ශක්තිය, ෙධර්‍ය සහ දීර්ගායුශ ප්‍රාර්තනා කරනවා. ඔබගෙ සත් කාර්යන්ට අපිත් උදව් වෙන්න කැමතියි!
    තෙරුවන් සරණයි!

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      Aniwaaryayenma udaw one
      Sathutak bihodora sihi weema
      Obe no mob eka ewanna
      🙏🌸👍

    • @Peries260
      @Peries260 2 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 ස්තුතියි! I will call you on your mobile number given in Facebook
      තෙරුවන් සරණයි!

  • @fieldsong
    @fieldsong 7 หลายเดือนก่อน +1

    හරිම අගෙයි 🙏🙏🙏

  • @idarshanakarunanayake8585
    @idarshanakarunanayake8585 2 ปีที่แล้ว +2

    Math giya otanata, harima lassanai, apahu yanawa tawa parak balannaaaaa

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge 2 ปีที่แล้ว +2

    Very nice program sir.

  • @uththaraariyarathna6361
    @uththaraariyarathna6361 2 ปีที่แล้ว +5

    අපේ සේකරයන් ,අපේ මාර්ටින් වික්‍රමසිංහයන් .මට දැනෙන්නෙ මේ මහපොළොවෙ හුස්ම හොදටම අදුනපු යුග පුරුෂයො තමයි ඒ....
    "පිපිලා තිබුණි එතන සුදු පාටට,
    නමක් නොමැති පුංචි මලක්
    සිම්බේය ඔහු එමල නමා හිස.."
    මහපොළොවෙ සුවඳ අදුරන සේකරයන් අම්මා වැළලූ තැන මහ පොළොවේ සුවඳ හොදින් අඳුන ගත්තා...මුදියන්සේ මාමා පොල් රුප්පාවෙන් මතුවෙන හැටි,ගඟ දියට සවස් හිරු ඔච්චම් කරන හැටි,මැටි ගෙදර බිත්තිවල සුවඳ,පැහැය...මේවා කියලදුන්න මුදියන්සෙ මාමා කෙටි කතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හදවත ගැන අදුන් ගන්න හොදම සාක්ෂි සටහන්..ඉදින්.. ඔවුන් මැවූ ගැමි සුවඳ,ඔවුන් ඉතිරි කළ අපේකම අප හදවත්වල සදා අමරණීයයි.❤️

  • @MgrAkuressa-fn8tx
    @MgrAkuressa-fn8tx 10 หลายเดือนก่อน

    Every being is mortal, Everything is perishable. Sekara knows it better than most living now and lived then. What is important is to read him. Not the materials he uses. Let's accept the eternal truth ❤

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 ปีที่แล้ว +2

    බන්දුල අයියා විශිෂ්ට මැදිහත්වීමක්.ස්තුතියි ...!!!

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 4 หลายเดือนก่อน

    සේකර අපේ හදවතේ සදා නොමියෙන මිනිසා.....

  • @anjalidesilva4974
    @anjalidesilva4974 2 ปีที่แล้ว +2

    aswalata kadulu awa. aththenma. සේකරයන් සදා අමරනීයය්

  • @AVBSandaru1
    @AVBSandaru1 2 ปีที่แล้ว +1

    සේකරයන් පිළිබඳ ඔබගේ මනුෂ්‍යත්වයේ දිගහැරුම් මා අත්වින්දේ වසර ගණනාවකට පෙර රෑ ඉරපාන තුලිනි ."සේකර මහිම" මගේ මතකයට මේ සලරූ සිත්තම තුලින් නැවත ආවර්ජනයන් කැන්දයි. ඔබතුමන් මේ තුලින් සමාජ ගතකරන්නට උත්සාහ කරන දෙය මින් පෙර මතු නොවීම හෝ ලුහුඩින් මතුවීම ජාතියේම අභාග්‍යක් බව වැටහෙන්නන් සහස් ගණනින් පහල වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. මෙවන් දැයක් නන්වාලීමට රුකුල් දුන් සුප්‍රකට සහ අප්‍රකට චරිතයන් නැවත කරළියට රුගෙන එන්නට ඔබගේ කාල යානය නැවත පණ ගැන්විය යුතුය. ඒ අනිකක් නොව ඒ රෑ ඉරපානයි. නව පරම්පරාවට ලතෙත් හැගීමෙන් ලෝකය දක්නට අවස්ථාව දෙන්න ප්‍රමාද නොවන්නැයි ඉල්ලමි. 💐💐🙏
    ***සඳරුවන් ***

  • @charithfernando891
    @charithfernando891 2 ปีที่แล้ว +4

    සේකර කවි ලීවේ යහපත් අනාගතයක් වෙනුවෙන්. ඒ කියන්නේ සමහර කවි සේකර ලිව්වේ සේකර ජීවත් වෙලා හිටපු යුගය වෙනුවෙන් නොවෙයි. සේකර නොදැකපු නමුත් හදවතින් ප්‍රාර්තනා කරපු අනාගතය වෙනුවෙන්.
    "ඔබ ගැන ම මා ලියන ඒ කවිය
    ඔබගෙන් බොහෝ දෙනෙකුට
    අද දින නොවැටහෙන බව දනිමි
    ලෝකය මීට වඩා යහපත් වන
    අනාගතයේ යම් දවසක
    ඔබ එය මීට වඩා ආදරයෙන් කියවන බව ද දනිමි"
    මෙහෙම ලියලා සේකර හිතන්න ඇති ඒ ප්‍රාර්තනා කරපු සාධාරණ යහපත් ලෝකය උදා වුන දවසක මිනිස්සු සේකරගේ කවිය ආදරයෙන් වැලඳ ගනී කියලා..
    "සේකර ට ඇයි මෙහෙම වෙන්නේ..?"
    සේකර ට අද මෙහෙම වෙන්න හේතුවත් සේකර ඒදා දැක්ක හේතුවමයි..
    සේකර ගේ කවිය ආදරයෙන් වැලඳ ගන්න තරම් වත් යහපත් ලෝකයක් උදා වී නැති යුගයක සේකර ට එහෙම වෙන එක අරුමයක් නෙවෙයි..
    කවදා හරි දවසක සේකර එදා ප්‍රාර්තනා කරපු, අපි අද ප්‍රාර්තනා කරන යහපත් ලෝකය උදා වෙයි.. එදාට මිනිස්සු සේකර ව කියවයි..
    එතෙක් සේකර ව සොයන, සේකර ව කියවන සහෘදයන් අවදියෙන් තබන්නට ඔබගේ මේ ඩිජිටල් දිගහැරුම මග කියනු ඇත...

    • @kumaridasanayake523
      @kumaridasanayake523 ปีที่แล้ว

      දැන්වත් සේකර නැමැති මහා පුරුෂයා ගැන හිතන්න.දැනට සේකරයන් ඇසුරු කළවුන් ඉතිරිව ඉන්නවා ,කිප දෙනෙක් හෝ.ඔවුන්ගෙ යුතුකමක් වන්නෙ සේකරයන් අපේ රටට දායාද කළ මහා සාහිත්‍ය අනාගතයේ දූ දරුවන්ට ඉතිරි කොට තැබීමයි.ඒ සදහා හැකි පමණින් එය ඉටුකොට තැබීම කළ යුත්තකි.

  • @d.r.liyanaarachchi1073
    @d.r.liyanaarachchi1073 2 ปีที่แล้ว +2

    අප කියවු මහගමසේකරයන් නිහතමානී කුහකත්වයෙන් තොර සැබෑම මානව හිතවාදී උගතෙකි....මෙයට වගකිව යුත්තේ දරැවන්ය.

    • @mvranjani8290
      @mvranjani8290 2 ปีที่แล้ว

      Aththama pilithura nam birida saha daruwanya.ohuge thaniyata sitiye pothai paanai
      Naain mithuran gamwaseen siyallangen duraswa jeewathwuna nisaa thaniwunaayai mama sithami

  • @arunaperera6339
    @arunaperera6339 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි බන්ධුල ඇතුළු සියළුම දෙනාට..

  • @TheLifeTraveler
    @TheLifeTraveler 2 ปีที่แล้ว +2

    මේ වීඩි‌යෝ එක බැලුවට වඩා හොදට කියව්වේ ඇස් වල කදුලු වැටෙනකම්.බොහොම ස්තුතියි මේ ස්ථානවලට ගියාට.ඔබට සොයා ගැනීමට නොහැකි වුණිද ගම්මපහ නගරයේ සේකර සිටිය නිවස? ඒකත් පෙන්නුවානම් පන්කාදු.ගම්පහ අය ඇත්තට ලැජ්ජ විය යුතුයි සේකරගේ නිවසට වෙච්ච දේ ගැන.

    • @thediamondmind825
      @thediamondmind825 2 ปีที่แล้ว +3

      ගම්පහ උන් ගැන නං කතා කරල වැඩක් නෑනෙ ඉතිං. මාත් කිරිඳිවැල ජීවත් වෙන්නෙ. අඩුම ගානෙ රදාවානෙ ජීවත් වෙන සේකරගෙ නෑයොවත් දන්නෙ නෑ හරියට මහගමසේකර කවියෙක් කියලා. සමහර උන් හිතං ඉන්නෙ මහගමසේකර කියන්නෙ නළුවෙක් කියලා.

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 7 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe4637 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pathiama5005
    @pathiama5005 2 ปีที่แล้ว +2

    ජාතියට අහිමි වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකු පිළිබඳ යන්තමින් හෝ මතකය ආවර්ජනය කිරීමෙන් සහ දූෂිතවූ මානව සෝදාපාළුව යහමගට හැරවීමට ඔබ ගත් උත්සාහ අනභිභවනීයය.🌷

  • @DARK91623
    @DARK91623 ปีที่แล้ว +1

    keep it up for us uncle

  • @chamindawijesinghe420
    @chamindawijesinghe420 2 ปีที่แล้ว

    Great sir

  • @sampathgangathilaka9628
    @sampathgangathilaka9628 ปีที่แล้ว +1

    Atithayen ganga gala basei.sekara wenuwen january 14 dena anusmaranaya kirimata යෝජනා කරමින් esse nam mamada sahabagi වෙමි .

  • @user-lo8ft9rh6m
    @user-lo8ft9rh6m ปีที่แล้ว +1

    😢😢😢

  • @dahansudam8389
    @dahansudam8389 2 ปีที่แล้ว

    mama giya gedara blanna...api kalakanni minissu....sekara samawenna...nomerana minisa obai...

  • @hemajayantha1659
    @hemajayantha1659 2 ปีที่แล้ว +1

    බන්දුල සර් සාහිත්‍ය වෙනුවෙන් විසාල සේවයක් කරන්නේ

  • @geegayamu4508
    @geegayamu4508 2 ปีที่แล้ว +1

    නොදැන සිටියෙමි මෙතෙක් ඔහුගේ මහා ගෙදරට වූ දේ ....
    මේ සද් කාර්යයට තුති.

  • @miththapathirage1554
    @miththapathirage1554 2 ปีที่แล้ว +1

    ඇත්තටම දෑසින්මකදුලු ගැලුවේ නොදැනීමයි ......මහගමසේකර අපේරටේ කිසිවෙකුට සමකල නොහැකි....සුන්දර මිනිසෙකි.......

  • @DIANNTONE
    @DIANNTONE 2 ปีที่แล้ว +2

    ❤️❤️🙏

  • @computerhome8749
    @computerhome8749 2 ปีที่แล้ว +1

    සේකර සදා නොමියෙන මිනිසෙකි.

  • @anuradhaparakrama5372
    @anuradhaparakrama5372 2 ปีที่แล้ว +2

    සර් පුලුවන් කමක් තියනවා නම් රෑ ඉර පාන වැඩසටහනේ ගිය වික්ටර් රත්නායකයන්ගෙ "නුඹේ නමින් මා දුක් වී හෙලනා කඳුලැල්" ගීතයේ විචාරය දෙන්න පුලුවන්ද ?

  • @guwani01
    @guwani01 2 ปีที่แล้ว +3

    අහම්බෙන් ද¿ක්කේ බන්දුල, මුදල පමනක් වදින රටක, බලවතුන් ඉදිරියේ ප්‍රසස්ති කියන රටක්, මෙහෙමවත් තියනවා පුදුමය් - වනිගේ

  • @susanthakumarasingha8042
    @susanthakumarasingha8042 8 หลายเดือนก่อน +1

    සේකරයන් මිය යන විට මට අවුරුදු දහතුනයි අවුරුදු දහතුනක කොල්ලෙක් උනත් සේකරයන් විසල් මිනිසෙක් බව මට දැනුනා මං එච්චර පොඩි කොල්ලෙක්ව සිටියෙදිත් ඒ විදියට දැනුනේ කොහොමද කියලා මට දැනෙන්නේ නැහැ

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 2 ปีที่แล้ว

    රටටම..අහිමු.වූ.ලෝක.උරුමයක්..වූ.මානව.හිතවාදී.ගත්කරුවාණනි.ඔබට.ජාතියේ.ප්‍රනාමය.හිමිවේවා.
    ලංකාව වැනි.සිංහල බව්‍යද්ධ ජාතිවාදයෙන්.හා.ඊර්ෂ්‍යාව ක්‍රෝධය කුහකකමෙන්.පිරුණු.රටක.ඉන්නා.දීන.ගති.ඇති.මිනිසුන්..කෙසේනම්.මහගම.සේකර.වැනි.පඩිරුවනකගේ.වටිනාකම.හදුනා.ගනීද.ඔහු.බුදුන්වහන්සේටත්..එහා.ගිය.මානවහිතවාදී උතුම්..පඩිරුවනක්..බව.මාදනිමි.ස්තුතියි එතුමා.සිහිකැදවීමක්.කිරීමට.ඉදිරිපත්.වූ.බන්දුල නානායක්කාරවසම්..මහතාට.මාගේ.ප්‍රනාමය පුදමි

    • @liyanagetilak3051
      @liyanagetilak3051 ปีที่แล้ว +1

      ඔබතුමාගේ හැගීම් අගයකරමි ! බුදුන්වහන්සේ සමග සැසදීම නොගැලපේ , ස්තුතියි , බන්දුල සොහොයුරාටත් !!!

  • @bumisura-172
    @bumisura-172 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 ปีที่แล้ว +1

    සංස්කෘතිය සහ සාහිත්‍ය වියලෙන රටක විනාශය අධ්‍යාපනයේ සහ සමාජයේ පර්හිහනයක්ද?

  • @tharushiimasha9791
    @tharushiimasha9791 2 ปีที่แล้ว +7

    අනේ ඇයි දෙයියනෙ සේකරයන්ගෙ නිවසෙහි නටබුන්වත් අද ඉතුරු වෙලා නැත්තෙ...😥

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 ปีที่แล้ว

    Me wage duk vindina janathawak inna rataka me dewal mehema Vena eka arumayak nevei.

  • @jayanthabenthara3981
    @jayanthabenthara3981 2 ปีที่แล้ว

  • @ranjithcabral4294
    @ranjithcabral4294 2 ปีที่แล้ว +1

    සෙකර මතිදුන් ආනන්ද් මහා විදුහලෙ ද කෙටි කාලයක් ගුරු පදවියෙ ද සෙවය කලා. එක් දිනක් මා සිටිය පන්තිය්ට ත් ආවා බව මතකෛ.

  • @anushahettiarachchi36
    @anushahettiarachchi36 11 หลายเดือนก่อน +1

    මහගම සේකර ශූරීන්ගේ සිතුවම් බලා ගැනීමට හැකියාවක් තිබේද?

  • @priyangamadushani8092
    @priyangamadushani8092 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️😥❤️

  • @jnstechnologies
    @jnstechnologies 2 ปีที่แล้ว +1

    රෑ ඉරපාන යූටියුබ් එකෙන් කරමු😍😍

  • @sarathudayakanta7573
    @sarathudayakanta7573 2 ปีที่แล้ว

    Gedara polowata yata uvada ohu nomiyai.... Ohuge vatinakama danna ayage manaseth, hadavatet amaraniyai!!

  • @ArunaAruna-ek9eg
    @ArunaAruna-ek9eg 2 ปีที่แล้ว

    Oya wage ape urumaya nati kala palakayan ta ena ganawa apit waga kyanna one

  • @mvranjani8290
    @mvranjani8290 2 ปีที่แล้ว

    Sekarage aithiya thiyenne kawi liyanna geetha liyanna chthra adinna haki ayatai. Pawle ayatath gamee ayatah agaya kireeme danumak nothibuna bawa paramparawe waasagama pamanak himiwa athi maa hodin danimi.ethumaata
    Niwansuwa pathami

  • @jeevanirasika7247
    @jeevanirasika7247 2 ปีที่แล้ว

    Obata pin

  • @sadiravee495
    @sadiravee495 2 ปีที่แล้ว +1

    සර් ඔබ ලගදි බිස්කට් tvc එකකට voice කරාද 😁 ලගක ඉදන් tvc එකක් ඇහෙද්දි එහෙම හිතෙනව

  • @indugamage9280
    @indugamage9280 2 ปีที่แล้ว

    Oba thuma manussayek bandula mathnduni

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว

    සේකරයන්ගේ බිරිඳ දරුවන් ගැන කිව යුත්තක් නැත්ද.දැන් එකදු කෙනෙක්වත් ඉතිරිවී නැතිද.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +1

      සේකරගේ පුතා රවින්ද මහගමසේකර
      ඉංජිනේරුවෙක්
      දුවලා දෙන්නයි
      නිරුපමා
      ගේෂා පාඨලී
      ( මතකින් )
      සේකර ගැන අපට දැන් කතා කරන්න බෑ
      ඒ රවින්ද මහතා වාරණයක් පැනවුවා
      සේකර අගයන්න ඇති අයිතිය අප සතුයි
      මා 2014 අප්‍රේල් 7 , සේකර උපන්දිනය දා මගේ වියදමින් සේකර මහිම වැඩසටහන කළා අමරදේව තුමාගේ ප්‍රධානත්වයෙන්
      2023 ජනවාරි 14 සේකරගේ සමරු දිනය දා සේකර සිහිකර රෑ ඉරපානක් කළා ගම්පහ holy cross විදුහල්
      ශ්‍රවනාගාරයේ . ඒ තමා ඒ අවසානය
      තවත් එහෙම එව්වා කරන්නෙ නෑ
      කරන්නත් බෑ
      අපරාදේ සේකර
      😢

    • @kumaridasanayake523
      @kumaridasanayake523 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 ඒ දරුවන් සේකරයන් ඉපදුන ස්ථානය අතහැර දමා ඇත්තෙ කුමක් නිසාද.එවන් වටිනා මිනිසකු ස්මරණය නොකරන්නේ මන්ද.

  • @percygodakumbura157
    @percygodakumbura157 2 ปีที่แล้ว

    රෑ ඉර පාන හීනඇහීදින යාලුවෝ වුනා මතකද ? ඒටිකම තමා සේකරට වුනේ

  • @printecimaginepvtltd3790
    @printecimaginepvtltd3790 2 ปีที่แล้ว +1

    සේකර පුද්ගලික වස්තුවක් නොව ජාතික වස්තුවකි.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      Eya nowatahenne ohuge le aththanta weema kanagatuwaki
      Sthuthiy obe prathicharayata
      🙏

  • @sorryboy6460
    @sorryboy6460 2 ปีที่แล้ว

    Bahubutha bahusrutha නැතුව indahan....Bandulayo.

  • @saramuthu6690
    @saramuthu6690 ปีที่แล้ว

    සේකරව උගත් කලාශිල්පියෙක්ලෙස රදාවානෙ මිනිසුන් දැක්කෙ නැහැ. සේකර මුදල්පස්සෙ දේශපාලකයො පස්සෙ ගියේ නැහැ. මා මලදා සොහෙංන් කොතේ දුක්ගියක් ලියනු මැනවි. තුම්මං හන්දියේ ඔහ්ගේ පිලිරුව අයින්කිරිමට කප්පම් ගන්නා දේශපාලකයන්ද අනුබල දුන්නා විය හැක.

  • @sukryronde460
    @sukryronde460 2 ปีที่แล้ว

    Oya gannako oya aithiya boru shows nathiva... Eta dekay nationalism...lol... Sekara ouwata gahala wagay ualuwata.... Poddak lay pareeksha karanna ownay.

  • @albdos5430
    @albdos5430 2 ปีที่แล้ว

    ❤❤❤