ජැක්සන්, මේ රට උඹට පුංචි වැඩියි!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2022
  • මහා සාගරේක සිතුවිලි වලින් දිය බින්දුවක් තබා පින්නක් තරමවත් කියාගන්න බැරි
    ජීවිතේ මෙතුවක් මට ලියාගන්න , කියාගන්න අමාරුම වුණු දේ සහෘදයිනි ! ඔබ නරඹන්න ; අහන්න !!!
    ජැක්සන් ... !!!
    ජූලි 02 වෙනිදා තලාවෙ උඹ වැටුණයින් පස්සෙ , ජූලි 03 වැනිද ඉඳල අද , මේ වනතුරු මගේ වෙසරද වෙද මිතුරන්ගෙන් තතු විමසනව ඇරෙන්න , උඹට හොඳ වෙන්නෙ කොහොමද කියල නොදනුම්කොමට ඒ අය එක්ක වාද වෙනව ඇරෙන්න මම වෙන මොනව කරන්නද? උඹ ජුලි මැද පහු වෙද්දි ලොකු සනීපයක් ලැබුව සාපේක්ෂව ..., අනේ මම යාලුවගෙන් ඇහුව , උඹව දාන්නෙ " ward no 80 , spine එක සම්බන්ධ වාට්ටුවට " මිත්‍රය කීව .. මම හිතාන හිටියෙ පුටුවක් තියාගෙන උඹ ළඟ ඉඳගෙන ඉස්සර 80 කාලෙ ලුෂන් අය්යලාගේ ගෙදර ඉස්සරහ කාමරේදී වගේ තනිය මකන්න . ඒත් ජැකා ඒ දිනේ ආයෙත් දුරට ගියා , එය අත ළඟ වේවා !
    මේ සිතුවිලි රූපෙට ගන්න ඕනෙ කියල හිතු වෙලේ ඉඳන් දිවා රෑ නිදි වරාගෙන වැඩ කරපු උඹේ ප්‍රාණ සම editor අජියා , අජිත් මල්ලි , අජිත් රාමනායක මට වඩා මේ රූප එක්ක ඇඩුව මචං ! අජිත් නිසා මගේ බිඳුණු කටහඬට අරුතක් ආව . මාතර රුහුණු සේවයෙ ප්‍රශස්ත වැඩසටහන් කරන දියණි , සසිනි දේවරාජා මගේ කටහඬ record කරන්න පුදුම සහයක් දුන්න ... ඈත් , මාත් , අජිතුත් තුන්පලක ඉඳන් ඇඩුව . ඒ කඳුළු වලට වඩා උඹට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත ආදරවන්ත හදවත් වලින් එන ජීවනයෙන් උඹ සිහිලැල් වේවා ! උඹට සුව ලැබේවා !! ඔය හිනාව , ඔය කතාව යලි පෙනේවා ! යලි ඇසේවා !!!
    ඒ සේරම එසේ වුනත් ජැක්සන් ...! මේ රට උඹට පුංචි වැඩියි !!!
  • บันเทิง

ความคิดเห็น • 127

  • @chamikapremarathna2583
    @chamikapremarathna2583 ปีที่แล้ว +8

    දෙවියනේ මේ වටිනාකියන මනුස්සයට අපේ හුස්ම එකතුකරලා දෙන්න...🙏🙏🙏නැගිට්ටවන්න ඔහුව 🙏🙏🙏🙏 සුඛී දීඝායූ 🙏🙏🙏

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +5

    අපේ ආදරණීය කලාකරැවාණන් හට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය ලබමින් ඉක්මනින්ම සුවපත් බව ලැබේවා ...

  • @dhammikabandara1141
    @dhammikabandara1141 ปีที่แล้ว +4

    මිත්‍රත්වයක ආවර්ජනය ... හරිම ලස්ස්නයි..... ජැක්සන්ට ඉක්මනින්ම සුවය ලැබේවා

  • @uththaraariyarathna6361
    @uththaraariyarathna6361 ปีที่แล้ว +4

    ඉක්මන් සුව ලැබේවා සොදුරු කලාකරුවාණනි.

  • @gaminidissanayake7333
    @gaminidissanayake7333 ปีที่แล้ว +6

    මෙතරම් දක්ෂතා සහිත මිනිසෙක් රටට ලැබුණේ ජාතියේ වාසනාවට. ඔබ අපිට රටට ඕන,ඕන, ඕනෑමයි.නැවත එන්න වීරයා....

  • @AussieGuidewithEshi
    @AussieGuidewithEshi ปีที่แล้ว +4

    ඉක්මන් සුව ලැබේවා විශ්වකෝෂයක් වැනි සොදුරු කලාකරුවාණෙනි.... ❤️ බන්දුල සර්ටත් ගොඩක් ස්තූතියි මේවගේ සුන්දර වීඩීයෝ එකක් නිර්මාණය කලාට 🙏

  • @pandulaish
    @pandulaish ปีที่แล้ว +2

    ඉක්මනින්ම සුවය ලැබේවා මහා කලාකරුවාණෙනි 🙏🙏🙏

  • @mahindaediriweera2138
    @mahindaediriweera2138 ปีที่แล้ว +3

    සිත කීතු කීතුවී ගිය බවක් දැනුනා...
    නැතිකාලෙ ගයන වීනා කුමට
    මෙි අතීතය ඔහුගැන
    ඔබටතරමි ඇත්තේ නමි
    අතේ ඇගිලි ගැනියහැකි ගානට .

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 ปีที่แล้ว +2

    ඉක්මනින්ම සුවය ලැබේවා මහා කලාකරුවාණෙනි 🙏🙏🙏 හරිම සංවේදීයි බන්දුල සර්🙏🙏🙏

  • @induwaradinith2504
    @induwaradinith2504 ปีที่แล้ว +3

    බන්දුල මාමෙ. ඔයාට ගොඩාක් පිං 🙏❤️

  • @sahansdiary7499
    @sahansdiary7499 ปีที่แล้ว +4

    2013 අවුරුද්දේ මම ඉස්කෝලේ 13 වසරේ එතකොට. කිරුලපන කූබිකැලේට පොඩ්ඩක් උඩින් තියෙන නන්දිමිත්‍ර පෙදෙසේ ඇනෙක්සි එකක කැම්පස් යන අයියලා දෙන්නෙක් එක්ක එතකොට හිටියේ මම. TV, computer තිබ්බේ නැති මම radio එක ඇහුවේ nokia 1280 බටන් ෆෝන් එකෙන්. හමදාම රෑට මාව වෙනම ලෝකෙකට අරං ගියපු කතාවට අවසානෙට ඇහුනේ " මම බන්දුල නානායක්කාරවසම් " කියලා. ඒ කතාවල තිබුන චරිත වල මූණු මම කවදාවත් දැකලා තිබුනේ නෑ. පහේ පන්තියේ ඉදලා ඉස්කෝලේ හොස්ටල් එකේ ඉදලා උසස් පෙල ලියන්න බෝඩිමකට ආපු මට සංගීත රසය කියලා දුන්නේ nokia 1280 එකේ radio එක. ඒ සංගීත රසයට මාව ඇබ්බැහි කල ඒ අපූරු මිනිසා " බන්දුල නානායක්කාරවසම් "... අද ජර්මනියේ බ්‍රේමන් නුවර අපාට්මන්ට් එකකට වෙලා කැම්පස් එකේ exam එකට එක දිගට පාඩම් කරලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න ඇදට ආවා මම. Airpods දෙක කන්දෙකට ගහගෙන කල්පනා කලා හිත නිවෙන්න මහන්සිය අමතක වෙන්න අහන්න හිතෙන මොකක් හරි දෙයක්. අවුරුදු 10ක් පස්සට ගිය මගේ මතකය නතර උනේ වචන තුනක පොඩි වාක්‍යකින්. ඒ වචන youtube එකේ මෙච්චර කාලයක් මට මිස් උනේ මගේ කාර්ය බහුල ජීවිතේ අවාසනාවකට දෝ යැයි මට සිතෙයි.ඒ වචන තුන " මම බන්දුල නානායක්කාරවසම් ".

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +2

      ඔබේ සටහන මා සසල කළා
      එහෙව් සේවයක් කරන්න ලැබීමත් ඔබ මා සමඟ සිටීමත් මා හිතන්නේ මගේ ජයක් නොව පොදු ජයක් සේ
      නැවත තුති
      ❤️

    • @dushanwickramaarachchi6607
      @dushanwickramaarachchi6607 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 api oba samaga... Hamadamath mamath wehesa niwaganna obe TH-cam nalikawata enawa... Adarei obata... Hamadamath...!

  • @sudathperera3734
    @sudathperera3734 ปีที่แล้ว +1

    බන්දුල අය්යා . ඔබේ ව්වරනය ඔහුට නැවත ජීවය දී ඇත . කලාකරුවෙකුගේ අගය මැනිය යුත්තේ ඔහුගේ නිර්මාණ හැකියවෙන්ම බව එමගින් පෙන්වා දී ඇත . ඔහුට ඉක්මන් සුව පතමු.....

  • @pavijinadasa3383
    @pavijinadasa3383 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් ගුණ බෙලෙන් ඉක්මනින් සුවපත් වේවා ආදරණීය රංගවේදියාණෙනි 🙏❤තව පරම්පරා රැසකට විශ්ව කෝශයක් බඳු නුඹ වැනි උත්තමයන් සිටිය යුතුමය❤
    බන්දුල කිවිදාණෙනි නුඹ ගේ මෙම ආදරණීය රංගවේදියාණන් ට පිදු වීඩියෝව විශිෂ්ඨ රංගවේදියාණන්ට උපහාරයක්ම වේවා❤🙏සියළු සෙත් බලයෙන් සුවපත් වේවා ආදරණීය රංගවේදියාණෙනි ❤🙏

  • @hiruniperera8495
    @hiruniperera8495 ปีที่แล้ว +4

    මම 9 වසරෙ ඉගෙන ගන්නෙ, ජැක්සන් මාමා මාත් එක්ක කතා කරද්දි මට කතා කරන්නෙ මගෙ පුතා කියලා, මාමා එහෙම කතා කරනවට මම ගොඩාක් ආසයි,ජැක්සන් මාමා තමා මගෙ එකම වීරයා, එයා ඉක්මනට නැගිටිනවා කියලා මට හොඳටම විශ්වාසයි,ජැක්සන් මාමාට මම ගොඩාක් ආදරෙයි❤️❤️, මගේ අම්මාටයි අප්පච්චිටයි ඇරුණට පස්සෙ මමත් ගොඩාක් දේවල් කිව්වෙ මගේ ජැක්සන් මාමාට, එයා මට අප්පච්චි කෙනෙක්, ජැක්සන් මාමේ අපි ඉක්මනට නැගිටිමු❤️❤️,අපි හැමෝම දැන් ඉන්නෙ ලොකූ කියාගන්න බැරි දුකකින්,ජැක්සන් මාමේ ඔයා ඉක්මනට නැගිටින්න ඕනෙ, අපිට හරිම පාළුයි❤️🙏🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +2

      🌸❤️🙏❤️❤️
      Oba wan daruwo lankawe siwdesa innawa
      🙏🌸❤️

    • @hiruniperera8495
      @hiruniperera8495 ปีที่แล้ว +2

      @@bandulananayakkarawasam195 ❤️❤️❤️🙏🙏🙏

  • @sarangamadushani6329
    @sarangamadushani6329 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජැක්සන් සර්.... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... මේ විශ්වයේ ශක්තියේ බලයෙන්, සියලු රෝග දුරු වේවා ශරීර ශක්තිය වැඩිවේවා.... ආදරනීය කලාකරුවානෙනි ඔබට නීරෝගීභාවය වහ වහා ලැබේවා ...

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 ปีที่แล้ว +1

    හරිම සංවේදී ඔහු ගැන මේ කියන දේවල් .ඇත්තටම ඔහු වටිනා චරිතයක් ..කලු ගඟ දිගේ වැඩසටහන තුලින් දැක්ක ඔහුගේ දැනුම් සම්බාරය...හරියට විශ්ව කෝශයක් වගේ.. ඒවගේම ජව සම්පන්න තරුනයෙක් වගේ එහි සමහර යාමට අපහසු තැන්වලට පවා බය නැතුව ගියා කියලා දැනගන්න ල ලැබුන ..ඒ හැමදේකින්ම කිසිම අතුරු අන්තරාවක් නැතුව රැකුනු ඔහුව මේ වෙච්ච දෙය හිතාගන්න බෑ ... ඔබ කියනවා වගේ සාතන්ම වෙන්න ඇති ... සලංහන්තේ ආසාවෙන් නරඹපු වැඩසටහන ක්.. අනේ ඒ මහා විශ්ව කෝශයක් බඳු යුග පුරුශයා ට තෙරුවන් ගෙ බලෙන් ඉක්මනින් සුව වී නැවත සුපුරුදු දස්කම් පාන්නට ලැබේවා කියලා ප්‍ර්‍රාර්තනා කරනවා 🙏🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      ඔබේ වදන් දිරියක් රටටම
      ඒ වගේම පටු ගෝත්‍රික මානසික තත්ත්ව ඇති උනට
      ඒ නිසාම ඔබේ සත් පැතුම අගී
      අපි හොඳක්ම පතමු

  • @ashendilsharawanigasekara8539
    @ashendilsharawanigasekara8539 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් සර්....
    බන්දුල සර් ගේ වැඩසටහන් ඔක්කොම (රෑ ඉරපාන )ඔක්කොම අප්ලොඩ් කරන්න සර්....මේ චැනල් එකට .....ආයිත් අහන්න ආසයි සර් ඉස්කොලෙ යන කාලේ 10 වසරේ ඇහුවා...ආයිත් අහන්න ආසයි සර්.....

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      Aniwaaryayenma thanks 🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      ඔබේ වගේම මෙහි අන් සහෘදයන් ගේ අදහස් මට ජීවයක්
      ශක්තියක්
      ඒ සමඟම ඔබ ලගින්ම ඇති පටු අමන කුරිරි අදහස් ඇති අයගේ කමෙන්ටු දෙස බලන්න
      ජැක්සන් ගේ දේශපාලනය ගැන කතා කරන ඔවුන්ට අවස්තාව ලැබුනොත් අසූචි නෙමේ ඊට වැඩි එව්වත් කැවී මැරෙන මිනිහගේ හුස්ම තද කරලා තත්පරයක් කලින් මරන්න හදන මෙහෙම උන් රටට විනයක් ඔබලා මල් දමක්
      තුති
      🌸🌸🌸🙏🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +2

    WOW. Wonderful work Sir. Respect you. He will Come to Life Brother. He is in a GOD hands. God Bless you All. ❤ 💯🙏💯😇💐👏

  • @Peries260
    @Peries260 ปีที่แล้ว +2

    ඔහු සැබෑම දක්ෂයෙක්! 1980 ගනන් වල, මාතර YMB එකට කපුගේ-ජැක්සන්-රත්නශ්‍රි මහත්වරු දකින්න, අහන්න ආසාවට මම පාසල් සිසුවියක් කාලේ එහි ගියේ. එදා සිට අද දක්වා මම ඔහුගේ කලා රසිකයෙක්. තෙරුවන් සරණින් ඔහුට ඉක්මන් සුව, දීර්ඝායුෂ ප්‍රාර්තනා කරමු.

  • @piyuminilakshika7953
    @piyuminilakshika7953 ปีที่แล้ว +2

    ඉක්මනින් සුවපත් වේවා

  • @nishanthikadesilva5451
    @nishanthikadesilva5451 ปีที่แล้ว +1

    බන්දුල මහත්තයෝ, මමත් උදේ හවස ජැක්සන් මහත්තයට හොඳ වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක්. එතුමා වගේ වටිනා කෙනෙක් කොච්චර කල් ජීවත් උනත් මදි. එතුමාට ඉක්මනින් හොඳ වෙන්ඩ ඕනෙමයි. ඒක මගේ පවුලේම අයගේ අවංක පැතුම

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 ปีที่แล้ว +2

    හරිම සන්වේදී සර්. ඇඩුනා අප්පා. ඉක්මනින් සුව වේවා. තෙරැවන් සරනයි

  • @kalyananadeera4777
    @kalyananadeera4777 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා...

  • @buddhikaperera4469
    @buddhikaperera4469 ปีที่แล้ว +2

    Let's all wish Mr. Jackson Anthony a speedy recovery. We don't have to be fans of everyone, but we can spread love to all. This world has enough hatred already. We don't have to add anything. I can feel the pain of great friends. Could not stop crying. Such a lovely compilation of work JA has done. Thank you so much Mr. Nanayakkarawasam. Let's all learn what's being sensitive about others is like.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +2

    අනේ....හරිම බයක් දැනෙනවා ....ජේසු සමිඳුනි...අපේ ආදරණීය කලාකරැවාණන් හට ඔබගේ කරැණාව දෙන්න කියලා අයදිමි ....ආදරණීය ජැක්සන් ඇන්තනී කියන්නේ වස්තුවක් මිල කල නොහැකි ....❤️

  • @upulbiyagamage5448
    @upulbiyagamage5448 ปีที่แล้ว +1

    Beautifully done Bandu for a talented & beautiful soul.

  • @ksenarathne
    @ksenarathne ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා!!! ජැක්සන් ඇන්තනී කලාකරුවානෙනි🙏🙏❤️😓

  • @Digital_Skills_Academy
    @Digital_Skills_Academy ปีที่แล้ว +1

    මාසයකට පසුවයි අසන්නට වේලාවක් ලැබුනේ.. ඇත්තෙන්ම ඒ රික්තකය තාම තදින්ම දැනෙනවා... පනාපුත්‍රයාණෙනි... ඉක්මන් සුවය පතනවා... හදවතින්ම... ස්තූතියි බන්දුල සර්... කඳුලකුත් ආවා.. ඒ මතක ආවර්ජනයට..
    ඇත්තෙන්ම.. ලංකාව පොඩි වැඩි... මෙවන් විසල් නුග රුකක් දරන්නට.....

  • @isurun6815
    @isurun6815 ปีที่แล้ว +1

    ඉක්මන් සුව ලැබේවා...!!!🙏🙏

  • @nishabharanatunga2047
    @nishabharanatunga2047 ปีที่แล้ว +2

    වෙනදා ඔබේ චැනලයේ video clip උදෙසා පතරංග හෑලි ලියන මට , මෙදා මා දන්නා අල්ප මාත්‍රයවත් ලියන්න බන්දු ඔබ ඉඩ තියලා නෑ...
    සියල්ල ලියලා...කියලා...පෙන්නලා...
    නමුදු නොලියා සිටීම ,ඒ යුග පුරුශයා ට කරනා නිගරුවක් බැවින් ,ඒ නිසා වෙන්ම මෙසේ කියමි...
    තම රංගනයේ කූටාප්‍රාප්තිය ට " ධර්ම යුද්ධය" තුලින් ලඟාවූ යුගයේ ප්‍රතිභාපූර්ණ
    කළා කරුවාණනි ඔබට ඉක්මන් සුව...🙏🙏🙏❤❤❤👍💚
    බන්දුගේ මේ විනාඩි 41 වූ මැසිවිල්ල, කන්නලව්ව ඔබට ඇසේ නම් ඔබ මොන වේදනා වුවද විඳදරා සුව වෙන තරමට චිත්‍ය ධෛර්‍ය ලබනා වා ඇත...
    ඒ තරම්ම ඒ අදෝනාව ලෙන්ගතුයි...
    හැඟිම් බරයි...සෙනෙහෙවන්තයි...🙏🙏🙏❤

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +2

      Nishabha Ranatunga
      පුදුම සාංකාවක් තියෙන්නේ
      ඔබ කීව වගේ ඔහු මෙය ඇසුවොත් …???
      අනේ අපි එහෙම පතමු !
      වෙනද ඔබට උත්තර දෙනවා වගේ මටත් ඔබේ සටහනටවෙන කිසිවක් ලියාගන්න බෑ නිෂභ
      නි රු ත් ත ර යි …!!!
      🌸🌸🌸❤️❤️❤️

  • @hwdharaka2258
    @hwdharaka2258 ปีที่แล้ว +1

    ඉක්මන්සුව ලැබේවා...

  • @BNiroshana
    @BNiroshana ปีที่แล้ว +1

    නිශාවේ තුශාරය නොවේ නෙත් අග රැඳුනේ.. බන්දුලයාණෙනි ඔබේ මේ පනාපුතු වැනුම දැක ..

  • @YGSilva-lg9du
    @YGSilva-lg9du ปีที่แล้ว

    Budu saranai loving ikmanata suwa wenna budu saranai

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +2

    මේ පුංචි රටේ තමයි එතුමා හැදි වැඩුනේ, ජනප්‍රිය චරිතයක් උනේ , හොද කලාකරුවෙක් උනේ, සුන්දර මනුස්සයෙක් උනේ. එතුමා සුවපත් වෙලා සිංහ ලීලාවෙන් එනවා. ඒක තමයි විය යුතු. කලාකරුවෙක් ලෙසින් අප බෝහෝ ප්‍රියයි. අප හැමදාමත් කලාකරුවට ආදරෙයි. සමහර සතන්ලා කියන්නේ හිත රිදෙන වදන් ඒකටනම් දුකයි.සමහර වදන් ගැලපුන්නෑ ඉතිහාස කාතාවකට ඇදුනු කාතාවක් වෙනුවෙන් මිනිසුන් හුගක් කතා කියන්නේ, .හිතා ගන්න බෑ මටනම්. නමුත් කලාකරුවට ආදරෙයි වෙන කිසිවක් අදාලා නැ . එතුමාට කොතැනක හෝ වචනයක් ඇහෑව්වනම් ඒ දේශපාලනේ හිංදාමයි. චන්දේ දාලා පැත්තකට වෙනවා මිසක් දේශපාලනේටනම් ගැවෙන්නවත් හොද නෑ. කලාකරුවට දේශපාලකයාට වැඩිය පිලිගැනිමක් ආදරයක් තියෙනවා රටේ ප්‍රේක්ෂකයා ගෙන් ..කාලය ගියත් එතුමා පරිස්සමට සුවපත් වෙලා එන්න ඕනේ. මේ පුංචි රටට තව දේවල් කලාව තුලින් කරන්න ඕනේ. මේ ඔබට පුංචි කියලා හිතෙන රටේ මේ සරල පුංචි මිනිසුන් මහා විශාලේට සතුටු උනේ එතුමන්ලාගේ කලාව තුලින්. ප්‍රේක්ෂකයා ලේසියෙන් අමන්දානන්දයට පත් කරන්න හැම කලාකරුවටම බෑ. සියක් ආවාඩා ආයු බෝ වේවා. කළු ගග දිගේ ඔබ තුමා කලේ නැත්තම් බලන්නේත් නැති තරම්. ඔය එහෙං මෙහෙං වදින ගල් වගේද ප්‍රේක්ෂකයා ගේ ආදරේ..❤️❤️❤️❤️ ඉක්මනින් හොද වෙලා ඇවිත් voice cut එකක් දනකම් බලං ඉන්න මං..තෙරුවනේ ගුණ බලෙන් හනි හනිකට සුවපත් වේවා.❤❤❤❤ ඔබ තුමාත් සතුටින් ඉන්න ඔහු ඉක්මනින් සුවපත් වෙලා එනවා.🙏🙏🙏💐❤️👍

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +1

      Sthuthiy
      Oba inne mage sthaaearat

    • @anjaleefernando7266
      @anjaleefernando7266 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 ❤❤❤ හැබැයි මේ වචනේ තෙරුන් නෑ කියන්ඩකෝ ඉතිම් ...( sthaaearat ) සමාවෙන්න ඕනේ. ස්තුතියි 🙏 🙏 🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +1

      @@anjaleefernando7266
      ඔබත් ඉන්නේ මගේ ස්ථාවරයේ කියන එක
      ( මට සිංහල අකුරු කොටන්න වෙලාව යනවා යුනි කෝඩ් අකුරු
      ඔබට දන වැටහෙතැ”යි සිතනවා ඉතිං

    • @anjaleefernando7266
      @anjaleefernando7266 ปีที่แล้ว +1

      @@bandulananayakkarawasam195 එසේය දැන් මා හට වැටහුනේමි. 🙏🙏🙏🙏 එක එක විදියට කියවලා මක්කෙයි කියලා තින්නේ කියලා කියවන්න උත්සහා කලා තෙරුම් ගන්නටම බැරි උනා. ඔබ නැවත උත්තර ලබා දිමනම් බෝහොමත්ම සතුටුයි . ස්තුතියි ඔබේ නිහතමානි කමට. ගරු කරනවා. ඔව් අපි බලපොරොත්තුවේ දෑස් දල්වා බලා හිදිමු එතුමා හනිකට එනතුරා. තෙරුවන් සරණයි .❤❤❤❤🙏🙏🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +1

      @@anjaleefernando7266
      🙏👍🌸

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว

    ඉක්මනින්ම සුව ලෙබෙවා !!

  • @virajihalagamage6094
    @virajihalagamage6094 ปีที่แล้ว +1

    අපි බුදුබණ අහමින් වෛරය වපුරමු !

  • @vigngnaniweerakoon5386
    @vigngnaniweerakoon5386 ปีที่แล้ว +2

    ඉක්මන් සුව ලැබේවා !

  • @cholithaishang.3705
    @cholithaishang.3705 ปีที่แล้ว

    💛💜️💛💜️💛

  • @indikapriyankara5295
    @indikapriyankara5295 ปีที่แล้ว +1

    Deegau oba tumata

  • @Madura1206
    @Madura1206 ปีที่แล้ว

    “Perfect Allrounder” for multi tasks..
    No one to compare in this island…
    No one even in the world..in that many
    One and only JackSon AntHoney..
    You will get well soon for sure..
    Yes, for sure you will get well soon
    Yes, yes for sure…

  • @sasinidevaraja6474
    @sasinidevaraja6474 ปีที่แล้ว +2

    🥺🙏❤

  • @shobishobi8763
    @shobishobi8763 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @surendraarseculasooriya
    @surendraarseculasooriya 9 หลายเดือนก่อน

    සර් ජැක්සන් ඇන්තනී මහතා සහභාගී වූ ෆ්‍රීලන් රසෝඝය වැඩසටහන (යශෝදා විමලධර්ම ඉදිරිපත් කළ) හැකිනම් උඩුගත කරන්න ❤

  • @cholithaishang.3705
    @cholithaishang.3705 ปีที่แล้ว

    බන්දුල සර්ගෙ ඉදිරිපත් කිරීම පුදුම රසයක් ගේනවා

  • @tharushiimasha9791
    @tharushiimasha9791 ปีที่แล้ว +2

    Vedio එක අවසන් වෙද්දි නොදැනුවත්වම මගේ ඇස් දෙකේම කදුළු පිරිලා...මේ කතාව ඇතුලේ අතරමං වෙච්ච මට මොනවද ලියන්න ඕන කියලා හිතා ගන්න බෑ..."ජැක්සන් ඇන්තනී " ගොඩක් අය මේ නම හදුන්වන්නේ ඇවිදින පුස්තකාලයක් කියලා ,ඒත් මටනම් හිතෙන්නෙම ඔහු පුස්තකාල මණ්ඩලයක් කියලා....මම කවමදාවත් ජැක්සන් සර්ව ඇස් දෙකෙන් දැකලා නෑ...ඒත් ඔහුගෙන් ඉගෙන ගන්න තියෙන ගොඩක් දේවල් මෙතෙකැයි කියලා කියන්න අසීරුයි,මම තාම ඉස්කෝලෙ 12 වසරේ ඉන්නේ...මට දැනෙනෙවා දුවෙක් විදියට මධවී අක්කට මේ වෙලාවෙ අප්පච්චී ගැන දැනෙන දුක මොනතරම් ද කියලා...හිතාගන්න බැහැ ඇයි හොද මිනිස්සුන්ටම මෙහෙම වෙන්න තරම් ස්වභාදහමත් කුරිරු උනේ කියලා,ඒත් දෙවියනේ අපේ පරම්පරාවටත් ජැක්සන් සර්ගෙන් එක වචනයක් හරි ඉගෙන ගන්න ඉඩක් ලබා දෙන්න....කලා ලෝකේ අප්පච්චී ඉක්මනට නැගිටින්න,නැගිටලා ආයෙත් ඔය හිනාවත් පුරවගෙන ප්‍රේක්ෂකයා අතරට එන්න,ඔබ තුමාට උතුම් දළදා සමිදු පිහිටයි......!!!!!🙏🙏🌺❤️
    බන්දුල සර්ට ගොඩක් ස්තූති වෙනදා වගේම හිතට දැනෙන්න vedio එක නිර්මාණය කළාට....💐❤️🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +3

      ඔබවන් දියණිවරුන් සිටීම
      දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන මට අබිමනක් !
      කිරෙන් දිය වෙන් කරගන්නා සේ ඔබ හොඳ නරක තේරුම් ගැනීමම ජැක්සන් සර්ට ගෞරවයක් !!!
      ස්තුතියි ඔබේ සටහනට
      ලෙන්ගතු ලබැඳි සෙනෙහසට
      🌸🌸🌸🙏🙏🙏

    • @tharushiimasha9791
      @tharushiimasha9791 ปีที่แล้ว +2

      @@bandulananayakkarawasam195 🙏🙏❤️❤️

  • @himanshiwettewa9058
    @himanshiwettewa9058 8 หลายเดือนก่อน

    Methumarge awasanawantha maranaya jeevithe kawadarwath amathaka wen na. Obathuma mithura gana kiwayuthu siyallama kiweema gana sathuti. Hadawatha ridum dena dadi wedanarwak methumage maranaya.

  • @saramuthu6690
    @saramuthu6690 ปีที่แล้ว

    මට තවම මතකයි මම ඉන්න ඔපිස්එකට ආව දවසක ලංකාවෙ නිශ්පාදනය කල නිසා ට්‍රයිශෝ කාර්එකක් ගන්න ජැක්සන් තිරනය කල අවස්ථාව.

  • @priyangamadushani8092
    @priyangamadushani8092 ปีที่แล้ว

    Selfish gathiwalin pirichcha manussayak. Budh dhama pawa pawala dunna manussayak oba thuma, dannawada api hodata dannawa methumage gathi, dakshatha uparime, Thiyanawa ath wadak ne a dhakdhathawaya hariyata thiyagena etiyanam api adarai ath suwaya prarthana karanawa.💐

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      Paw oyaata
      Selfish nathi fish witharak woo oyaata
      Me thamaa ape chanda daayakayoe

    • @priyangamadushani8092
      @priyangamadushani8092 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 mala vikara mama chanda dalath ne.man me rateth ne.ath mage rate inne ahinsaka minissu. Math kalayak hari kemathi ath a program dekka dawase a karapu kiyapu Dewal Mata apa una. Oba thuma ugath manussayak aththa aththa vidiyata dakinna Amma appa karath 🙏ma thawath oba thumagen reply balaporoththu wenne ne Mata thiyanne dukak

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +1

      Rate nathuwa panala giya minissu apatath epa

  • @sdcpalitha
    @sdcpalitha ปีที่แล้ว +1

    වීඩියෝ එක ද දාපු ගමන්ම ගවරසේනල දෙන්නෙක් ඇවිත් ගොම දාල ගිහින්...එකෙක්ට නම් බන්දුලවත් එපා වුනාලු..මාර වැඩේ..දැන් ඉතින් උන්නැහේටත් සිද්ධවෙන්නෙ ලියපු ගීත කරපු කලාකෘති ඔක්කොම පොල්හේනෙන් මූදට වීසි කරල හිටන් මූදුබත් වෙන්න..

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +2

      මුන්ට ඇහෙන්නෙ මුන්ගෙ හිතේ තියෙන සුනඛ රාවය
      මා ගත්තු අජිත් නිදි වරපු මහන්සිය මෙයාලට පුළුවන් කියල හිතනවා නම් පිළුණු කරන්න , මේ රටේ අන්තිම රසිකයත් නැසෙන්න ඕන
      මා ගැන දුක් ගත්තට පින්
      මට නම් මේවා අල්පෙනෙති pin
      ❤️❤️❤️

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +1

      Mama unwa makaa damma

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว

    දේශපාලන ය ජනතාව වෙනුවෙන් කලා ..කරුවාත් ජනතාව ගේ kdpta....ඒක තෙරුම්.ගන්ඩ මොන තරම් උගත් බුද්දිමත් උනත් ba ඒකට අවංක සංවේදි බවක් තියෙන්ඩ ඕනේ පටු ලාබ ප්‍රයොජන වෙනුවෙන් ඕනෙ අසුචි ගොඩක් කන උන් මොනතරම් උගත් බුද්දිමත් දක්ස උනත් ...සමාජය ප්‍රතික්ෂේප කරනව .....ඒ ක තමා සත්‍ය

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      Boru profile hadana ayata pilithuru deema anuwana kamaki
      Pilithura yaabada kamentuwe atha
      Anukampai oba gana
      Saha
      Hangi sitina un gana

    • @sumitragamage9553
      @sumitragamage9553 ปีที่แล้ว

      මම ඔබට නෙමේ කිව්වේ මහත්තයා ....ජක්සන් අන්තනී ..ඔබ. ලා මුලු ලංකාව ක් ආදරය කරන මිනිස්සු ...ඒ ආදරනිය රසිකත්වය ...ලංකාවේ ගු කානු දේශපාලන යට බහල.ව්නාස කර ගත්ත නේද ජකා

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +1

      @@sumitragamage9553
      මට කීව නම් කමක් නෑ
      මට වඩා ඇති විශිෂ්ටයෙකුට ඔබ ගර්හා කලේ
      ඔහුගේ දේශපාලනය මා පිළිගන්නේ නෑ
      නමුත් ඔහුගේ හදවත ඔබට මගේ විව්ස්රණයෙන් නොපෙනුණිද ?
      මගේ FB බලන්න
      ගෝටාභයට ඡන්දය දුන්නට ඇලුම් කලාට උදව් කලාට මගේ කලාව හෝ රසිකයන් ඊට ගාව ගෙන නෑ
      ඒ මගේ හැටි
      අර ජැක්සන්ගේ ක්‍රමය
      ඔහු කොච්චර පසු තැවුනාද
      2015 වෙද්දී ඔහු සියල්ලෙන් ඈත් වී
      අනික ඔහු ලේ තැවරුණු මුදල් ඇල්ලුවේ නෑ
      වෘත්තීයමය අයකිරීම වෙනස් පුද්ගලයා අනුව
      සියල්ලටම වඩා ඒ වගේ අසාමාන්‍ය ප්‍රතිස්තානගත කල නොහැකි වටින මිනිහෙකුට අද සිහි නෑ
      සිහි නැති ලෙස ගරහන්නේපා
      මා මී වීඩියොව කළේ සෑහෙන දවස් වැය කොට
      මා දන්නවා මේ වගේ ඒවා එන බව
      ඒත් ජැකා ළඟ මට මොකා වුනත් එකයි
      ජැකාට මේවා කවදාවත් පේන එකක් නෑ
      ඒත් මා හිතට එකඟව ඕන දෙයක් කරන්නෙ
      අවුරුදු 40 ක නිර්මාණ ජීවිතේ මම ඔහු වෙනුවෙන් ලංසුවට තියනවා
      ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට හා මා ගැන ඇති රසිකත්වයට

  • @mahindaediriweera2138
    @mahindaediriweera2138 ปีที่แล้ว +2

    අහමිබෙන් හමුවුන ඔබෙි යුටුයුබි පටලය subscribe කලේ පරිකල්පනයපිරි මිනිසකුගෙන් ගතහැකි ඉහලම අගයන්/ නිර්මාන දකින්න හැකියාව තිබෙන නිසා කාලයක් එක්ව සිටි අපි බොහෝ කලකින් සජීවීව දකින් නොහැකිවුනා . තාමත් මම පහ්න්බිම සදා අමරනීය මතකය සමග සිටිමි. මුන ගැසියහැකි අවස්ථාවක් වෙිනමි කියන්න නොපමාව පැමිනෙමි.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      Ow Mahinda
      E atheethaya imhihiriy
      Colombo sathiye boho dinawala
      Battaramulla
      Week end gedara
      PN no eka athi ne
      Hamuwemu
      🙏🌸🙏

  • @sirimewan8324
    @sirimewan8324 ปีที่แล้ว

    ජැක්සන් ගැන මටත් දුකයි. ජැක්සන් පදවාගෙන ගිය රථයේ ගැටුනයි කියන වනසතා ගැන කවුරුවත් නොසොයා සිටින්නේ මන්ද? ඌට icu යන්ඩත් බෑ. yt-චැනල් එකකට ඇවිත් තමන්ට සිදුවී තිබෙන තුවාල පෙන්වීමට අවසරයකුත් නෑ. වනසතෙකු වන අලියා ජැක්සන් ගේ කලා කුසලතාවේ තරම දන්නේත් නෑ. සත්‍ය වශයෙන් උගේ ශරීරයටත් තුවාල සිදවෙලා ඇති. සෝමරත්නගේ සිංහබාහු චිත්‍රපටයේ සිංහයාගේ චරිතයට පන පොවන්නේ ජැක්සන්. අනතුර සිදුවන අවශ්ථාවේ ජැක්සන්ගේ මල්ලීත් වාහනයේ සිටියාලු. ඇත්තටම සිදුවූයේ කුමක්දැයි ඔහු දන්නවා ඇති. සිනමාව ගැන හයක් හතරක් නොදන්නා වනසතාට වැරදි පැටවීම මිනිසත් කමට නොගැලපේ. “ඕකගේ පස්ස රිවට් කරගෙන අපි යං මල්ලී” කියා ජැක්සන් අය්යා කිව්වා නේද? ඇත්ත කියාපන් මල්ලී. පනාපුත්‍රයාට මමත් ආදරෙයි. ජැක්සන් වැනි කලාකාරයන් බිහිවන්නේ ඉබේම. සිතාමතා සැකසූ සීට්ටුවකට අනුව එබන්දන් බිහි කරන්නට බෑ. ඔබ දෑසින් දුටු දේ ප්‍රසිද්ධියේ කියාපන් මල්ලී. ප්‍රතිභා සම්පන්න අයියා වෙනුවෙන් මල්ලී කෙනෙකුට දියහැකි පරම වාජීකරනය ඒකයි. පනාපුත්‍රයා, ආවඩ ආයුබෝවේවා කියමින් මේ වසරේ රන්දෝලි පෙරහැරට පෙර අප අතරට ඒවි සිකුරමට.
    සමන් දෙවියනේ, අනතුරට කලින් සිටි පනාපුත්‍රයාම අපට දෙන්න.
    මම, පොඩි හිටියෙක් නොවන සිරිමෙවන් අමරතුංග

  • @piyadarshanapanadura7962
    @piyadarshanapanadura7962 ปีที่แล้ว

    පට්ට හොරුන්ට කඩේ ගිහිල්ලා අපේ රට මේ තත්වේට පත්කරපු උන්ට ස්වාභාව ධාර්මය උත්තර දේව්

  • @vivaanrathnayake
    @vivaanrathnayake ปีที่แล้ว

    ඇයි අලුත් දෙයක් කරන්න බැරි.. මේ ෆිල්ම් ඔක්කොම කොපි

    • @ksenarathne
      @ksenarathne ปีที่แล้ว +1

      ධර්ම යුද්ධය,ප්‍රවේගය විතරයි කොපි.අනෙක් ඒවා ඔරිජිනල්.

  • @isurun6815
    @isurun6815 ปีที่แล้ว +1

    ඉක්මන් සුව ලැබේවා...!!!🙏🙏