ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2023
  • 077 307 3509
    කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
    I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page Agriculture-...
    මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක Agriculture-...
    ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
    පස ජීවානුහරනය
    • පස ජීවානුහරනය කරගැනීමේ...
    • Soil sterilization පස ...
    • Soil disinfection පස ජ...
    • පස ජිවානුහරනය කිරිම රා...
    • Soil sterilization පස ...
    බීජ තවන්කිරිම
    th-cam.com/users/results?searc...
    #nihalRanasingha#Agriculture#homegardening
    ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can get fruit by these methods Taking fruit from fruitless trees
    Home Gardening,Organic Growing,Organic Gardening,Branching,Seedling,කාබනික වගාව,බීජ පැලකිරිම,Agriculture,#agriculture nihal ranasingha,home gardening for beginners,home gardening vegetables,home gardening ideas,gewathu wagawa,ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක,මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන්,Any tree that does not produce fruit can,get fruit by these methods,Taking fruit from fruitless trees,home gardening tips,fruit ninja,satisfying fruit ninja,fruit cutting

ความคิดเห็น • 606

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  ปีที่แล้ว +101

    ඔබ බොහෝ විට දැක ඇති ඉතා හොඳින් වැඩුණු එනමුත් ඵල නොදරන ගස්. මේ ගස්වල වර්ධනය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එනම් වර්ධක වර්ධනය සහ ප්‍රජනක වර්ධනය (පුෂ්ප හට ගැනීම සහ ඵල ඇතිවීම) ලෙස. ශාකයක වර්ධනයට එහි ඇති කාබන් සහ නයිට්‍රජන් වගේම මේවා අතර ඇති අනුපාතය එසේත් නැතිනම් C/N අනුපාතය ඉතා වැදගත් වෙනවා.
    ශාකයක කාබන් පවතින්නේ කාබෝහයිඩ්‍රේට් වර්ග ලෙස. ඔබ දන්නවා ශාක පත්‍ර වල සිදුවන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ දි මෙම කාබෝහයිඩ්රේට් සංයෝග නිපදවෙනවා කියලා. ඒවා ඉන්පසු පත්‍ර වල සිට ප්ලොයොම පටක ඔස්සේ ශාකය පුරා මුල් දක්වාම ගමන් කරනවා.
    මේ ප්ලොයම පටක තියෙන්නේ ශාක කඳේ පිට පොත්තට වහාම ඇතුලතින්. ගසක පොත්ත ඉවත් කලොත් මේ ප්ලොයොම පටකය තුලින් ආහාර පහලට ගමන් කිරීමටත් බාධා වෙනවා. දැන් අපි බලමු ගස්වල වර්ධනය හොඳින් සිදුව තිබියදීත් පල නොදරන්නේ ඇයි කියලා. ඊට හේතුව නම් ශාකයේ ඉහල කොටසේ C/N අනුපාතය අඩු අගයක් ගැනීම. එනම් වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් පැවතීම. තවත් දෙයක් මෙතන දී කිව යුතුයි. ශාක විශේෂය අනුවත්, ශාක ප්‍රභේද අනුවත් ශාකයේ විවිධ කොටස් අනුවත් මෙම C/N අනුපාත වෙනස් වෙනවා. දැන් මෙසේ අඩු C/N අනුපාතයක් පවතින කොට දිගින් දිගටම වර්ධක වර්ධනය වෙනවා මිස ප්‍රජනක වර්ධනය එනම් මල් පිපී ඵල හට ගැනීම ආරම්භ වෙන්නේ නෑ.
    මෙහි දී ශාක පත්‍ර වල නිපදවන කාබන් අඩංගු සංයෝග මුල් කරා ගමන් කරන ප්‍රමාණය පාලනය කලොත් අපිට ශාකයේ ඉහල කොටසේ රැඳෙන කාබන් (ඇත්ත‍ටම කියනවා නම් කාබෝහයිඩ්රේට්) ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එහෙම කලොත් ශාකයේ ඉහල කොටසේ C/N අනුපාතයත් වැඩි වෙනවා. මෙන්න මේ වැඩේ තමයි පොතු වලය ඉවත් කිරීම මගින් කරන්නේ.
    එහි දී අපි ශා‍කයේ ක‍ඳ වටේට මිලි මීටර් 5-6 ක් පළලට පොතු වලය කොටසක් කපා ඉවත් කරනවා මේක ගහ වටේට රවුමට වලල්ලක් වගේ ඉවත් කරන්න එපා. එහෙම කලොත් ගසේ මුල් වලට ආහාර නොලැබී ගොස් ගහ මැරෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් උපරිම වශයෙන් 70-80% කට වඩා ඉවත් කරන්න එපා. එමගින් අපිට පහලට යන කාබන් ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්.
    බොහෝ පලතුරු ශාක වල ගෙඩි ඇතිවීම මෙමගින් උත්තේජනය කරගන්න පුළුවන්. . මෙසේ පොත්ත ඉවත් කිරීම ප්‍රධාන කඳට පමණක් නොවේ ප්‍රධාන අතු වලත් කරන්න පුළුවන්. හැබැයි බොහෝ වයස්ගත ගස් වලට නම් මේ ක්‍රමය සාර්ථක නොවෙන්න පුළුවන්. ඊට හේතුව ඒවායේ දැනටමත් ඉහල C/N අනුපාතයක් පැවතීම සහ ඵල නොදැරීමට වෙනත් සීමාකාරිකම් බලපා තිබීම (නයිට්‍රජන් අඩු වීම වැනි).
    දැන් මෙතන දි අමතර කතාවක් කියන්න ඕන. අපි සමාන්‍යයෙන් කියනවා ඵල දරණ අවදියේ දි වැඩිය යූරියා දාන්න එපා කියලා. එමගිනුත් වෙන්න පුළුවන් දේ තමයි නයිට්‍රජන් වැඩිවෙලා C/N අනුපාතය පහල යාම. ගසේ පොත්ත සහ අරටුව අතර ඉතා සියුම් පටකයක් තියෙනවා කැම්බියම ලෙස හඳුන්වන. මේ පටකය ඉතා වැදගත් වෙනවා ගසේ පොත්ත නැවත පුනර්ජනනය වීම සඳහා. ඒ නිසා පොතු වලය ඉවත් කිරීමේ දි මෙයට හානි නොවන සේ කටයුතු කරන්න වග බලා ගන්න.
    අවසාන වශයෙන් කියන්න ඕන ඵල නොදරන ගසක ඵල ඇතිකර ගැනීමට ඇති එකම ක්‍රමය මෙය නොවෙයි. තවත් රසායණික ක්‍රම ඇතුළු ක්‍රම ගණනාවක් තියෙනවා.
    සටහන:
    අරුණ රණවක
    සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ)
    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

    • @ajithajayasuriya2809
      @ajithajayasuriya2809 ปีที่แล้ว

      I have mango tree well grown over 10 years. Never get fruits. Small tree around gardens also getting fruits.
      Tried many tricks with home made maneuver too. Still not ok. Removing bark, steel wire around, trimming etc.
      Thanks
      Any more methods.

    • @ranjanigunarathna3197
      @ranjanigunarathna3197 ปีที่แล้ว

      Pp8

    • @hemalathamunasinghe5872
      @hemalathamunasinghe5872 ปีที่แล้ว +2

      මගේ උගුරැස්ස ගහේ හැමදාමත් මල් පිපෙනව.ගහ පිරෙන්න ම..ඒත් ගෙඩි නෑ.ඇයි ඒ

    • @methujasithwara1495
      @methujasithwara1495 ปีที่แล้ว +1

      Theonlythe

    • @ajithajayasuriya2809
      @ajithajayasuriya2809 ปีที่แล้ว

      @@ranjanigunarathna3197 what is this

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +31

    Oyanan හරිම හොඳ කෙනෙක් ඔහොම කියල දෙන්නේ නැ කවුරුවත් ඊටත් වඩා ඔයාගෙ හිනාව ❤️🙏

  • @rawanajeewandara421
    @rawanajeewandara421 11 หลายเดือนก่อน +18

    මුලින්ම මෙතුමාගෙ වීඩියෝ එකකින් තමා කෘෂිකාර්මික දැනුම ලබා ගත්තේ, එදාට වඩා දැං සද්දන්ත වෙලා,,,තෙරුවන් සරණයි ඔබතුමාට ,,!!!.

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว +8

    අනේ ඔබතුමාට බොහොම ස්තූතියි අප සියළුම දෙනාට දෙන උපදෙස් වලට....ඔබගේ වගාවන් තවත් අති සාර්ථක වේවා.බුදුසරණයි

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +29

    බෙහෙවින්ම ස්තුතියි නිහාල් මහත්තය .💐🙏

  • @hmariyarathna6560
    @hmariyarathna6560 ปีที่แล้ว +18

    නිර්ලෝභීව දැනුවත් කිරීම ඉතා අගෙයි.....!

  • @sunilsilva3669
    @sunilsilva3669 11 หลายเดือนก่อน +16

    ඇත්තෙන්ම ඔබ වැනි අයටයි කෘශිකර්මය පිලිබදව ආචාර්ය උපාදි පිරිනැමිය යුත්තේ...

  • @pradeepravindra5179
    @pradeepravindra5179 ปีที่แล้ว +13

    ඉතාමත් හොදට පැහැදිලිව තේරැමිකර දෙනව. හොද වැඩ සටහනක්.

  • @mvranjani8290
    @mvranjani8290 11 หลายเดือนก่อน +3

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම
    හරිම පැහැදිලි යි
    හරිම ලස්සනයි. අවුරුදු දහයකට වඩා
    පරන ගෙඩි හැදෙන්නෙ නැති
    ලොවි ගහට මේ
    ක්‍රම යොදා බලන්න ම් ඔබට තුති.

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි ,ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දුන්නට.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා

  • @inokarathnayake8795
    @inokarathnayake8795 ปีที่แล้ว +22

    ඔබ පැමිණ ඇති ගමන් මග ගැන බොහෝම සතුටුයි ..🌹👍

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +20

    බොහෝ සතුටුයි මේ වගේ කතාවක් ගොඩක් වැදගත් වේවි ඇත්තවශයෙන්ම

  • @janpeiris1376
    @janpeiris1376 ปีที่แล้ว +5

    ඉතාමත්ම ආකර්ෂණීයයි ප්‍රසංසනීයයි පැහැදිලිව අතිවිශිෂ්ට යි

  • @mousacell2448
    @mousacell2448 11 หลายเดือนก่อน +2

    ඔබට බෙහොම ස්තුතියි ඇත්ත තත්වය ගෙඩි හැදෙන ක්රමය කියාදුන්නාට ගහවටේම ගෙඩි සැදෙන්නේනැති පරන ගස් මැරෙන්නේ නැහැ .

  • @jayanthakothalawala4807
    @jayanthakothalawala4807 ปีที่แล้ว +5

    පැහැදිලිකරදුන් විදියට හැම කෙනකකුටම අවබෝයක් ලැබෙනවා ඔබට ස්තුතියි

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 ปีที่แล้ว +24

    හොඳ පැහැදිලි කිරීමක් Thank you..

  • @lihinilanka9006
    @lihinilanka9006 ปีที่แล้ว +4

    ගොඩක්ම ස්තුතියි නොදන්න කරුණු ගොඩක්ම ඉගෙන ගත්ත දැනුම බෙදා දුන්නා ට පිං ස්තුතියි මහත්මයා.🙏🙏🙏

  • @user-xr2ep8sd9q
    @user-xr2ep8sd9q 4 หลายเดือนก่อน +2

    දැනුවත් කළාට බොහෝම ස්තුතියි .ඔබතුමාට බුදුසරණයි.

  • @niroshanrajapaksha7695
    @niroshanrajapaksha7695 ปีที่แล้ว +12

    ලස්සන විස්තර කිරීමක්‌..... ජය වේවා..... බුදුසරණයි

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +1

    ඇත්තටම. ගොඩක් ස්තූතියි. ඔබට.දැනුවත් කිරීම. ගැන.තෙරුවන් සරණයි.

  • @user-lw2gc4eh6p
    @user-lw2gc4eh6p ปีที่แล้ว +6

    .. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තූතියි මාමෙ

  • @nilminikasturiarachchi9043
    @nilminikasturiarachchi9043 11 หลายเดือนก่อน +10

    ඔබතුමාට ගොඩාක් පින් ඉතාමත් පැහැදිලිව මේ දේවල් කියා දුන්නාට. තුණුරුවන් සරණයි!!

  • @zeenooo4069
    @zeenooo4069 ปีที่แล้ว +2

    Thank u oya Honda nihathamani kenek hodata looba natuwa kiyala dunna. Hari asa hitenwa balanna. Godak dewal ahanna tiyenwa. Thank u sir

  • @rohanhettiarachchi2933
    @rohanhettiarachchi2933 11 หลายเดือนก่อน

    You be blessed .No body in this world would come and explain these important measures like you.

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 11 หลายเดือนก่อน +1

    Thank you for your very informative videos. You are such a humble natured person and I love your presenting skills. You are truly gifted and seems to possess a vast knowledge in cultivation.
    May God grant you more wisdom and knowledge. May this meritorious deed give you immense blessings in life.

  • @neviltec4687
    @neviltec4687 11 หลายเดือนก่อน +1

    මම එකපාරටම හිතුවෙ ජොක් වැඩ සටහනක් කියල ..නමුත් ඉස්තරම් පැහැදිලි කිරීමක්..ගොඩක් ස්තූතියි ඔබට

  • @aselaudayanga7932
    @aselaudayanga7932 ปีที่แล้ว +5

    හරිම වටින උපදෙස් ටිකක්

  • @subashinisubashini4733
    @subashinisubashini4733 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි

  • @korayal1235
    @korayal1235 ปีที่แล้ว +54

    තාත්තකෙනෙක් වගේ පැහැදිලිව කියලාදෙන එකනම් හුඟාක් වටිනවා..

  • @binthariimthiaz1845
    @binthariimthiaz1845 15 วันที่ผ่านมา

    බෙහෙවින් ම ,ස්තූති ,ඉතා ලස්සන ට පැහැදිලි කළාට ❤

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කිරිම සම්බන්ධයෙන්

  • @demunidesilva8328
    @demunidesilva8328 ปีที่แล้ว +4

    We weight information for a successful cultivation. Thanks !

  • @namalienamalie1566
    @namalienamalie1566 11 หลายเดือนก่อน +3

    විස්වයේ.සොබාදහමෙි.ආශිවාදය.තව.තවත්..ලැබෙිවා

  • @kalanaalvis3749
    @kalanaalvis3749 ปีที่แล้ว

    Oyata godak pin🙏🏽🙏🏽🙏🏽This is call part of system change👍

  • @desoyzageetha11
    @desoyzageetha11 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 godak hoda pahadile kerimak godak thanks 🙏🏼

  • @chandrasamanthijayaweera2983
    @chandrasamanthijayaweera2983 5 หลายเดือนก่อน +4

    ඉතා වටිනා පාඩමක්

  • @amanthapunnyasoma9672
    @amanthapunnyasoma9672 ปีที่แล้ว +1

    Thank you so much Mr. Ranasinghe

  • @linetroint3800
    @linetroint3800 ปีที่แล้ว +6

    හරිම සතුටුයි නිහාල් මහත්තයා තෙරැවන් සරනයි !!! ගොඩ කාලෙකින් දැක්කෙ

  • @isurugamage7992
    @isurugamage7992 หลายเดือนก่อน

    දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි. 💐

  • @sudarshanaperera1446
    @sudarshanaperera1446 ปีที่แล้ว

    Aiya niyama wadak oya karanne thanks

  • @krishanthigamage350
    @krishanthigamage350 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට 🙏

  • @indikaashani5275
    @indikaashani5275 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමා තෙරුවන් සරණයි

  • @WishYasho
    @WishYasho 10 หลายเดือนก่อน +1

    Thank you mame ahan enna puluwan pahadiliwa kiyala denawa ❤

  • @assuntha4889
    @assuntha4889 3 หลายเดือนก่อน

    දිපු විස්තර ගොඩාක් වටිනවා ස්තුතියි

  • @kusumawathiperera3070
    @kusumawathiperera3070 4 หลายเดือนก่อน

    Budusarani.thank u

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 23 ชั่วโมงที่ผ่านมา

    හොඳයි, ස්තුතියි සහෝ

  • @leslidharmawardhana6795
    @leslidharmawardhana6795 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට..

  • @bandaramaduranga2434
    @bandaramaduranga2434 7 หลายเดือนก่อน

    ඔබතුමාගෙ පැහැදිලි කිරීමනම් සුපිරි .....ඉවරවෙනකන් බැලුවා...හරිම හොදයි...ජයවේවා ...උත්සහකරලා බලන්නම්...

  • @user-ti6io5ww5v
    @user-ti6io5ww5v ปีที่แล้ว

    Godak pin. Harima hodata pahadili karanawa.theruwan saranai

  • @rangikakeshawa968
    @rangikakeshawa968 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය නිහාල් මහත්මයා...

  • @RaniRani-dg3ip
    @RaniRani-dg3ip ปีที่แล้ว

    ගොඩක්..ස්තුතියි .බුදු සරනයි

  • @spjayanthi8470
    @spjayanthi8470 10 หลายเดือนก่อน

    Well-done explanation thank you sir

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි !

  • @priyankaperera7269
    @priyankaperera7269 ปีที่แล้ว

    Thank you malli..budu saranai

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +2

    ලෝකය පුරා අලුත් පරපුර supermarket වලින් frozen කෑම කන්න පුරුදු වේගන යන යුගයක ... අපි ගෙවත්තේ වගා කරලා පරණ පුරුදු විදියට organic කෑම කාලා නීරෝගිමත් ජාතියක් වෙමු ... බුදු දහමෙන් මානසික පෝෂණයත් ... ගෙවතු වගාවෙන් ශාරීරික පෝෂණයත් ලබා ගත්තොත් අපි ලෝකයේ ප්‍රඥාවන්තම ජාතියක් හැටියට බැබලෙනවා නොඅනුමානයි! 🙏🇱🇰❤️

  • @dharmakumaradharmakumara2501
    @dharmakumaradharmakumara2501 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය ❤

  • @ethalfreda4278
    @ethalfreda4278 ปีที่แล้ว

    Subama suba dawasak siysluma denata hugak watina wa vidio ekak oba tumata godak pin

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 ปีที่แล้ว +1

    Bohoma stutii ayye obata.. teruwan saranai siyalu dewi rekawaranai. 👍👍🌹🌹🌹🙏🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Godak Sthuthi Oba Thumata 🙏❤

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්... උසස් පෙල ඉවර වෙලා මමත් වගා කරන්න හිතුවා...💛

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +23

    අවංකව රටටඵල දායක අදහස් පල කරන ඔබවැනි අය අද සමාජයට විශාල ආදර්ශයක්.ඔබට කිසිදාක වරදින්නෙ නැහැ විශිවයේ රැකවරනය නියතයි

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว +1

    බොහොම.ස්තුති.👍❤️

  • @snsnada9360
    @snsnada9360 ปีที่แล้ว +1

    නියම පැහැදිලි කිරීමක්. ඔබ මේ කරන සේවය අති විශිෂ්ටයි.

    • @mallikapremalatha837
      @mallikapremalatha837 ปีที่แล้ว

      ගොරකා අතු බද්ද කරන හැටි කියාදෙන්න ස්තූතියි

  • @R.VajiraSriyaniRanasingha
    @R.VajiraSriyaniRanasingha 6 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තූතියි !!!🙏🙏

  • @sureindissanayake
    @sureindissanayake ปีที่แล้ว +2

    ස්තූතියි මහත්තය අප සැම දැනුවත් කිරීම සම්බන්ධව. 🌹

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ස්තුතියි ජේසුපිහිටයි

  • @renukakumari4549
    @renukakumari4549 ปีที่แล้ว

    ඔබට බොහොම පින්

  • @udithaeranda6015
    @udithaeranda6015 ปีที่แล้ว +1

    Thankey oyata sahena danumak gattha oyagen🤙

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මහත්තයා

  • @Travel_Madura
    @Travel_Madura 6 หลายเดือนก่อน +1

    Ekanam marama watinawa nihal aiye theruwan saranai oyata api ikmaninma hambemu

  • @mohamedhaliq609
    @mohamedhaliq609 ปีที่แล้ว

    Very nice V D O . thanx. God bless you

  • @swarnagomis9947
    @swarnagomis9947 ปีที่แล้ว

    ස්තුතියි!

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว

    Oba thuma dun Dasha enaya ithawatinawa. Bohomathmasththuthi .suba Dawasak.

  • @sheisha9301
    @sheisha9301 ปีที่แล้ว

    Lassanata kiyala denawa thankyou

  • @sugathfrenando8782
    @sugathfrenando8782 4 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි ඔබ ගන මහතා

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි මහත්මයා

  • @PiyathilakaPiyathilaka-ib1sk
    @PiyathilakaPiyathilaka-ib1sk 5 หลายเดือนก่อน

    Excelant advice thanking you

  • @janakachandrasekara2942
    @janakachandrasekara2942 3 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් 🙏👍

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට🙏🙏👍

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว

    Thank you, Theruwansaranai

  • @geethanifrenando5089
    @geethanifrenando5089 ปีที่แล้ว

    Godak watena adahas obata godak pin senahawa hare watinawa sthuthi

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 ปีที่แล้ว +1

    ස්තූතියි බුලතා.

  • @nilminisilva7367
    @nilminisilva7367 ปีที่แล้ว

    හරිම වටිනා උපදෙස්ස්තුතියි

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 ปีที่แล้ว +1

    Thank you .

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 2 หลายเดือนก่อน

    බෝහෝම- ;-"?,, වටිනවා ඔබගේ දැනුම ලබාදුන්නට බෝහෝම ඉස්තැතී

  • @damayanthiad3725
    @damayanthiad3725 ปีที่แล้ว +3

    Thank you🙏😊

  • @slvibes4706
    @slvibes4706 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මහත්මයා❤❤❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว

    ස්තුතියි 🙏

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว +1

    Thanks 😊

  • @user-cx9di1mu6e
    @user-cx9di1mu6e 10 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට ජ්යවේවා නිදුක් වේවා

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Very good job good luck congratulations 👍👍👍👍👍👍👍

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn หลายเดือนก่อน

    නියමයි මහත්මයා

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට සර්

  • @shanthinijayasena5739
    @shanthinijayasena5739 ปีที่แล้ว

    Budusarani ඔබට.

  • @user-vz4sx8xn3v
    @user-vz4sx8xn3v 2 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තූතියි මහත්මයැ

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 11 หลายเดือนก่อน

    ❤හරිම වැදගත්

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 2 หลายเดือนก่อน

    බොහොම ඉස්තුති ඔයාට අයියේ 👍👍👍

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +8

    අනේ සාදු 🙏🌹🙏🌹 ඔබ තුමාට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🙏

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +3

    බුදු සරණයි 👍