Sunday Special / එලවළු බතට හදපු මෙනු එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • එලවලු බතට උයපු මෙනු එක
    මගේ ආදරණීයන් වෙනුවෙන් ගිය ඉරිදා දවල්ට උයපු විශේෂ කෑම වේල.. සම්පුර්ණ කෑම වෙලම හදන විදිය තියන නිසා විඩියෝ එක දිගයි. විඩියෝ එක හදලා ඉවර කරන්නත් ටික දවසක් ගෙවුනෙත් ඒකයි. ඉවසීමෙන් බලන්න.. පහලින් හදපු කෑම ටිකට ඕන දේවලුත් වෙනම ලියුවා..
    🔹බත උයාගන්න,
    ▪️බාස්මති හාල් කෝප්ප 3 ක්
    ▪️වතුර කෝප්ප 3 ක්
    ▪️කරදමුංගු 6 ක්
    ▪️කරාබුනැටි 6 ක්
    ▪️කුරුදුපොතු කෑල්ලක්
    ▪️බටර් මේසහැදි 2 ක්
    🔹චිලිපේස්ට් රෙසපි එක ( චම්මි ඉමල්කා යුටියුබ් චැනල් එකෙන්)
    ▪️තෙල් කෝප්ප භාගයක්
    ▪️පොඩියට කපපු ලූනු කොප්ප 1 ක්
    ▪️සුදුලූනු බික් 5 ක්
    ▪️අමුඉගුරු පෙති 3 ක්
    ▪️කූනිස්සෝ ග්‍රෑම් 50 ක්
    ▪️කෑලිමිරිස් ග්‍රෑම් 100 ක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක්
    ▪️සෝයා සෝස් මේසහැදි 1 ක්
    ▪️සීනි මේසහැදි 2 ක්
    🔹කුකුල්මස් ඩෙවල්
    ▪️කුකුල් මස් ග්‍රෑම් 800 ක්
    කුකුල් මස් මැරිනේට් කරන්න ගන්න,
    ▪️කහකුඩු තේහැදි කාලක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක්
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි 1 ක්
    ▪️සුදුලූනු පේස්ට් තේහැදි 1
    ▪️ඉගුරු පේස්ට් තේහැදි 1 ක්
    ▪️විනාකිරි තේහැදි 1 ක්
    ▪️තෙල් මේසහැදි 1 ක්
    (තෙල් මං මස් එකටම එකතු කරේ එයාෆ්‍රයර් එකට දාන නිසා..)
    ඩෙවල් කරගන්න ඕන දේවල්
    ▪️බැදගත්තු කුකුල්මස් ටික
    ▪️සුදුළූනු බික් 2 ක්
    ▪️අමුඉගුරු පෙති 2 ක්
    ▪️ලූනු ගෙඩියකින් භාගයක්
    ▪️බෙල් පෙපර් 2 ක්
    ▪️සෝයා සෝස් මේසහැදි 1 ක්
    ▪️තක්කාලි සෝස් මේසහැදි 1 ක්
    ▪️ඔයිස්ටර් සෝස් තේහැදි 1 ක්
    ▪️තක්කාලි ගෙඩියකියන් භාගයක්
    ▪️කෑලිමිරිස් තේහැදි එකක්
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි භාගයක්
    (ලූනු තක්කාලි බෙල්පෙපර් කොටු හැඩේට කපාගන්න එතකොට ඩෙවල් එකට ලස්සනයි. අනිත් දේ සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, තක්කාලි සෝස් ඕන ප්‍රමානයන් ගෙන් අරන් පොඩි බෝල් එකකට දාලා මික්ස් කරලා තියාගන්න ඩෙවල් එක හදන්න කලින්. හදද්දි ලේසී)
    🔹වෙජිටබක් චොප්සි රෙසපි (The Culinary coner යුටියුබ් චැනල් එකෙන් මීට අවුරුදු ගානකට උඩදි මං ඉගනගත්තේ . තාම හදන්නේ ඒ ක්‍රමේටමයි..)
    ▪️කැරට් 1 ක්
    ▪️බෝංචි කරල් 12 ක්
    ▪️බ්‍රොකලි හෙඩ් එකෙන් භාගයජ්
    ▪️මල්ගෝවා එකෙන් භාගයක්
    ▪️බේබි කෝන් 12 ක්
    ▪️ළූනු ගෙඩියකින් 4 න් පංගුවක්
    ▪️සුදුළූනු බික් 2 ක්
    ▪️ඉගුරු පෙති දෙකක්
    ▪️කෝන් ෆ්ලා තේහැදි 1 ක්
    ▪️අයිස් වතුර කෝප්ප භායක්
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි භාගයක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක්
    ▪️සෝයා සෝස් තේහැදි 1 ක්
    🔹එලවළු බතට,
    ▪️ඔලිව් තෙල් තේහැදි 1 ක්
    ▪️එලගිතෙල් තේහැදි 1 ක්
    ▪️තලතෙල් තේහැදි කාලක්
    ▪️සුදුලූනු බික් 3 ක්
    ▪️අමුඉගුරු පෙති 3 ක්
    ▪️පොඩියට කපපු කැරට් ගෙඩි 1 ක්
    ▪️පොඩියට කපපු බෝංචි කරල් 20 ක්
    ▪️පොඩියට කපපු සම්පුර්ණ ලීක්ස් 1 ක්
    ▪️ලුණු කුඩු තේහැදි 2 ක්
    ▪️බිත්තර 2 ක්
    ▪️උයාගත්තු බත්
    (බිත්තර දෙක පොඩි බෝල් එකකට දාලා ඒකට ලුණු කුඩු පොඩ්ඩකුයි, තල තෙල් වලින් බිංදු දෙකකුයි දාලා ගෑරප්පුවකින් බීට් කරලා ගන්න)
    සුදුලූනු අමුඉගුරු ඔක්කොම ටික වංගෙඩියේ කොටලා ගත්තේ..
    මේ විඩියෝ එකෙන් ඔයාලාට ගන්න තියන හොදම දේ ගන්න, අනවශ්‍ය කියලා හිතෙන දේ බැහැර කරන්න..
    පරිස්සමෙන් ඉන්න..
    ආදරෙන්,
    හෂී🌸
    🔹Cook with Love 'Instagram'
    / homeyfoodies
    igshid=YmMyMTA2M2Y=
    🔹Cook with Love 'Tiktok'
    www.tiktok.com/@homeyfoodies
    🔹Cook with Love 'Facebook'
    / madebyhashi

ความคิดเห็น • 176

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว +10

    ඔයාගෙ වචන හරිම soft...ආස හිතෙනව... හරිම පින්වන්ත , හිත නිවන කටහඩක්.. කෙනෙක්ගෙ වචන...ඒව use කරන විදිහ පවා කෙනෙක්ගෙ හිත නිවනවානම් ඒක ලොකු පිනක් .හැමදාම සතුටින් ඉන්න සහෝදරිය....😍

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 ปีที่แล้ว +48

    ලස්සන කතන්දරයක් අහනව වගේ.... හිත නිවෙනවා 🥺😍😍😍😍😍❤️❤️❤️❤️

  • @user-olivia96
    @user-olivia96 ปีที่แล้ว +17

    හරිම පිලිවෙලයි බලන් ඉන්න ආසයි❤
    මම ඊයේ රෑට අක්කිගේ තක්කාලි බත් එක හැදුවා හරිම රසට ආවා.ගෙදර හැමෝම රසයි කීවා.මගත්තයා රසයි කියලා ආසාවෙන් කෑවා මගේ හිතටත් හරිම සතුටක් දැනුනේ ❤ තෑන්ස් අක්කා ඔයාට.ආදරෙයි ❤️❤

  • @GayashanSulakshana
    @GayashanSulakshana 8 หลายเดือนก่อน +2

    ඔයා උයන ඒවා මම හැමදාම බලනවා . ඔයා පිරිසුදුවට පිළිවෙලකට ලස්සනට හැම වැඩේම කරනවා .
    මං උදේ ඉඳන් හවස් වෙන තුරම ඔයාගේ වීඩියෝ බලනවා.
    ඔයාට ගොඩක් පින් අක්කේ,
    අපිට මේවා කියලා දෙනවට .

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 ปีที่แล้ว +5

    ඔයාගේ කටහඬ මට භාවනාවක් වගේ අක්කේ .ඔයාගේ කෑම වගේම පිළිවෙළට මම හරිම ආදරෙයි.

  • @nipunijayaratne2872
    @nipunijayaratne2872 ปีที่แล้ว +10

    මමත් හරිම ආසයි අක්කා වගේ පිලිවෙලට උයන්න.... ස්තුතියි අක්කේ ❤

  • @ramithsukhitha805
    @ramithsukhitha805 ปีที่แล้ว +5

    ඔයාගේ videos බලද්දී මගේ හිත මාර විදිහට සන්සුන් වෙනවා අක්කී ❤ හරිම ලස්සනයි ❤

  • @vishmisewwandi1979
    @vishmisewwandi1979 ปีที่แล้ว +5

    මුල ඉදලම අවසාන මොහොත දක්වාම ඔයා හරිම ආදරණීයයි අක්කා❤️

  • @champikapriyashanthi8463
    @champikapriyashanthi8463 ปีที่แล้ว +2

    Harima asa hitenawa uyana piliwelata mm balan inne e piluwela diha oya uyana kota attatama watinawa kama hadana ewa godak tibbata me wage piliwelata wada karana video aduine thank u

  • @nuwanthirathnayaka3805
    @nuwanthirathnayaka3805 หลายเดือนก่อน

    Facebook eken hemadama video dagena thmai MN dawalta uynne. DN puruduwela MN ekata. Kathwak blanwa wage. Hithata Hari senasimai e katahada. Ekama video ekath blanwa godak serayak❤😍

  • @IndiraHetti
    @IndiraHetti 7 หลายเดือนก่อน

    Waw mara සංයමයකින් කතාව වැඩ ඔක්කොම .budusaranae menika

  • @sachiniwickramasinghe8091
    @sachiniwickramasinghe8091 8 หลายเดือนก่อน

    උයන්න ආස හිතෙනවා.. එක කෑමක් හෑලි කියව කියව හදන channels එපා වෙලා තිබ්බෙ. Fb දැකල තිබුනට අද තමයි youtube බැලුවෙ. ලස්සනට පිලිවලට ඉක්මනට අවශ්‍ය දේ විතරක් පෙන්නනව. Voice එකත් ලස්සනයි. Gd luck dr ❤

  • @imalshapunsara3011
    @imalshapunsara3011 ปีที่แล้ว +4

    ඇත්තටම අහන් ඉද්දි නිකන් භාවනාවක් වගේ ❤

  • @aaaa-u5k3i
    @aaaa-u5k3i 9 หลายเดือนก่อน +31

    ඔයා උයන එවා ඔයිටත් වඩා රසවත් වෙනවා වගේම ඔය අත් දෙක තවත් පින්වන්ත වෙනවා ඔයා උයන ඔය රසවත් කෑම වලින් එක වේලක් බුද්ධ පූජාවක් පූජා කරන්නකෝ ඔයා බෞද්ධනේ ඇත්තමයි ඔයාගේ පවුලේ ඔයාගේ ආදරේ සතුට සැනසීම තවත් වැඩි වෙනවා නංගි එහේම කරාම

    • @aaaa-u5k3i
      @aaaa-u5k3i 9 หลายเดือนก่อน +1

      නංගී දවසට එක වේලක් හරි ඔයාට හැමදාම අපහසු නම් සතියකට එක දවසක් හරි බුද්ධ පූජාවක් පූජා කරන්න

    • @Pubu_Dil_2003
      @Pubu_Dil_2003 8 หลายเดือนก่อน +3

      😪hio

  • @oshikasupunirajapakshe6136
    @oshikasupunirajapakshe6136 11 หลายเดือนก่อน

    තෙල් ජාති 03ම දාලා මේ විදියට බත් එක හදලා නෑ අක්කී . Thank you recipe එකට. 🙏😍

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 5 หลายเดือนก่อน

    ඔයාගේ එකම වීඩියෝ එක ආයිත් ආයිත් බලනවා..හරිම ලස්සනයී හරිම නිදහසේ උයනවා ඔයා..ආසයී බලන් ඉන්න.❤❤

  • @nihaldayananda8161
    @nihaldayananda8161 11 หลายเดือนก่อน

    Kama tika
    godak rasa athi.oil aduwen pawichchi kalanam godak hoday

  • @poornamadushika7758
    @poornamadushika7758 2 หลายเดือนก่อน

    Oya kiyala dunna widiyata mama chicken curry eka hadanne. Harima rasaii ❤❤

  • @chulangadilan6639
    @chulangadilan6639 ปีที่แล้ว +1

    ඇත්තමයි අක්කෙ ඔයගෙ මෙ video වලට ගොඩක් ආසයි ඔය කත කරන විදියට ඇත්තටම හිත නිවෙනවා හරිම ආදරනියයි 😍😍😍

  • @dewminigithamali447
    @dewminigithamali447 9 หลายเดือนก่อน +1

    හිත නිවෙන කට හඬක්...භාවනාවක් වගේ...🥰😊❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    අක්කිගේ කටහඩ හරිම ලස්සනයි❤❤❤

  • @colouredjourney4876
    @colouredjourney4876 ปีที่แล้ว +1

    adarei akkii.. digatama me vage video daanna. me vidihata hamadema kiyala denna. god bless!

  • @pabasaradevini9496
    @pabasaradevini9496 ปีที่แล้ว +2

    කටහඬ ට තමා ආසම.❤️❤️

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว

    Harima rasawath kama ekak oyage kathawath ewagema rasawath ❤️❤️💚💚

  • @user-dil-l4j
    @user-dil-l4j ปีที่แล้ว

    Akke.. japane sathiyatama mael prep karanna barida... plz ansr me..

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 ปีที่แล้ว +1

    Oya asawen uyana eka itath wada asawen mama rasa widinawa udeshika. Harima asai uyana widihatai piliwelatai. Budusaranai 🙏

  • @iranganiguruge3428
    @iranganiguruge3428 9 หลายเดือนก่อน

    ඔයා උයන විදිය බලන් ඉඳලා මගේ දුවත් නිතරම වගේ රස රස කෑම හදනවා

  • @nulansethmin
    @nulansethmin ปีที่แล้ว

    I love your channel I am a 72 old grandmother I love and your family and your are so great I love you voice and your story we love your channle

  • @gihanperera-kw9km
    @gihanperera-kw9km หลายเดือนก่อน

    ඇත්තම තමයි ❤ ඔයාගේ කතාව❤

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q 10 หลายเดือนก่อน

    Harima wasanawanthai pinwanthai puthe oyage katahada balagena inna aasi oyage video budusaranai puthe

  • @SaraniChathurika-q9d
    @SaraniChathurika-q9d 9 หลายเดือนก่อน

    Oya katha karana wediha ahagena inna harii asaii akke e wagema oya hadana wedihata mama kema hadanawa akke..❤❤❤❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super awesome Grand meal darling. Thank U so much . Darling add some tomato sauce for chilli paste it'll get more tastier try will U patiya. May God Bless U All!!

  • @piyumimadubashini490
    @piyumimadubashini490 11 หลายเดือนก่อน

    Hitha niwena e katahada adarei akki.... ❤

  • @PramodyaRathnayaka-bo5fe
    @PramodyaRathnayaka-bo5fe ปีที่แล้ว

    මං හරි ආසාවෙන් මේක බලන්නේ❤❤❤ කියලා දෙන දේවල් වටිනවා අක්කේ

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 8 หลายเดือนก่อน

    ආසයි ඔයාගෙ කටහඬ ට

  • @samadhiwijerathne9738
    @samadhiwijerathne9738 ปีที่แล้ว +1

    Akkige vedio eka balanakota mawa motivate wenawa nikanma. Mn loku wayasaka kenek neweyi habai mn mage ammatai, thaththatai, mage akkatai mata puluwan widihata adaren kama hadala denawa. E dawaswalata ithin ammata wiweken inna puluwan. Gedarath lassanata clean karanawa. Akkage tyena piliwela, api apitama adare karana widiha mn akkagen igena gaththa. Thank you very much akki❤️❤️. Hamadama sathutin inna. 🥰🥰🥰

  • @anjuyapa1202
    @anjuyapa1202 ปีที่แล้ว +14

    දවසම කරපු වැඩ ඔක්කොම හරියට හරි කියල දැනෙන්න ඔයාගෙ මෙහෙම වීඩියෝ එකකුත් බලන්න ඕන හෂී අක්කේ ❤ එකේක නානාප්‍රකාර හීන අට්ටි ගණන් ඔලුවෙ තියාගෙන ඉගෙනගත්තට කවදාවත් මගෙ හිතේ ගෘහණියක් වෙන හීනයක් තිබුනෙ නෑ..ඒත් ඒකත් හරි ලස්සන පොසිෂන් එකක් නේද.. මටත් ආසයි එහෙම වෙන්න.මොකද අනිත් හීන අරමුණු හරී වෙහෙසයි බරයි... ඔයා නම් හරි සැහැල්ලුවෙන් ඉන්නව වගෙයි මට දැනෙන්නෙ.. ❤ අයාන්ට කියන්න එයාව දකින එක අපිට හරි සතුටක් කියල ❤

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว +8

      මගේ හීනේ තිබ්බේ එයාහොස්ටර් කෙනෙක් වෙන්න පැටියෝ.. ඒත් ඒක එහෙන්ම බොද වෙලා ගියා. මං පෙරපාසල් ගුරුවරියක් වුනේ.. ඒකත් පොඩි කාලයයි අවුරුදු දෙකක් විතර මං ඒ ජොබ් එක කරේ.. ඒ හැමදේටම වඩා මේ ජීවිතේ මං තෘප්තිමත්.. අපි සතුටු වෙන්න ඕනේ දැන්තියන දේ ගැන.. මේ මං ඉන්න විදිය මට මාර කොම්ෆටබල් .. ජීවත් වෙනවා කියලා දැනෙනවා❤

  • @maneeshaudari8784
    @maneeshaudari8784 ปีที่แล้ว +1

    Thava tikak sound vedi karanna akka

  • @nuwanganasithumini8468
    @nuwanganasithumini8468 ปีที่แล้ว +1

    Aiyoooooo ahnna nha ...tikk sadda wadi karanna ko nangiyo.....

  • @achchinitharanga6727
    @achchinitharanga6727 ปีที่แล้ว +2

    Oyage katahada akke..Muthu Shira teli drama ekee songulge wagee😊😘❤️❤️

  • @udayathenuwara3337
    @udayathenuwara3337 ปีที่แล้ว

    Hi nangi oyage recipes asawen balanawa oya wagema maath hari asai uyanna, oyata chilli paste hadaddi thawa podi deyak ekathu kalaanam thwath rasai, mama chilli paste hadaddi lemongrass heeniyata kapala ekathukaranna wa oyath try karala balanna ko habai tikak mahatha gahak ganna honde Mage nama Ruwani akka.

  • @SisiraSisira-l7w
    @SisiraSisira-l7w 9 หลายเดือนก่อน +2

    මම ඔයාගෙ කතා කරන විදිහට හරිම කැමතියි කියලා comment එකක් දාන්න යනකුට හැමෝම වගෙ comment දාලා තියන්නෙ ඔයාගෙ කටහඬ ගැන ඔයාගෙ කටහඬ ඔයාට ලැබුනු තෑග්ගක් ❤❤😊

  • @lakshikagayathri5647
    @lakshikagayathri5647 ปีที่แล้ว +1

    මං ගොඩක් දේවල් අක්කිගෙ වීඩියෝ බලල ඉගෙන ගන්නව.❤️

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 ปีที่แล้ว +1

    Your voice is like a meditation

  • @sanjaniea2469
    @sanjaniea2469 ปีที่แล้ว +1

    So kind words ♥️♥️I learned lot from you.(nice words)

  • @cookingdiary_23
    @cookingdiary_23 หลายเดือนก่อน

    ada video eka dekke, bhawanawak wage❤

  • @Sithmikawya102-
    @Sithmikawya102- 8 หลายเดือนก่อน +1

    අක්කේ අනිත් දවසේ එනසාල් කාරාඹු නැටි කුරුදු වගේ දේවල් එකතු කරද්දී පොඩ්ඩක් තලලා එකතු කරන්න එතකොට තවත් රස වැඩි.

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c ปีที่แล้ว

    Harima lassnai piliwelai pahadili akka adamai mn oyge video 1k bluwe poddo 3k innwda eylath ekka mechchra wada gdk krnw dakkma hrima sathutui hamdmth sathutin prissmin inn akki ❤😊

  • @BhashiSathsarani
    @BhashiSathsarani 11 หลายเดือนก่อน

    මන් මේ වීඩියෝ එක බලන්නෙ කීවෙනි පාරටද කියලා මටම මතක නෑ අක්කෙ ඒ තරම් ආසාවෙන් බලනවා අහනවා ඔයාගෙ වීඩියෝ ❤ dye heart fan kenek man cook with love page eke 😊❤

  • @tilinisewwandhi8706
    @tilinisewwandhi8706 ปีที่แล้ว

    Harima lassanai akke video eka

  • @randiiresha8023
    @randiiresha8023 ปีที่แล้ว

    Godaak sthuuthi me menu ekata. Harima prayojanawath. Wadiyenma asa oyage kata hada ahanna ❤. Eka hitha niwana bhawanawak wage.

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 7 หลายเดือนก่อน

    නිතරම චොප්සි හදන්නෙ නැති නිසා කෝන්ෆ්ලා එකක් ගත්තම අපතෙ යනවා..එහෙම නොවෙන්න tips ටිකක් දෙන්නකො අක්කේ

  • @Thrishala97
    @Thrishala97 ปีที่แล้ว

    Harima lassanai. Thawa tikak oyage voice eka sadden ahuna nam thawath hodai akke

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว

    නියමයිනේ ඒ කෑම වේල. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 ปีที่แล้ว +4

    අනෙ හරිම ලස්සනයි පිලිවෙලයි❤️❤️👌👌

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +3

    මීට පස්සෙ තව චුට්ටක් ශබ්දෙන් කතා කරන්න

  • @shanimadushika3641
    @shanimadushika3641 ปีที่แล้ว

    Harima lassanii akke video eka

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน

    ඔයානම් සෝයි අනේ ❤❤❤❤❤

  • @ishaniperera7916
    @ishaniperera7916 ปีที่แล้ว

    Akke oya aluth kala neda sudu pata box eka
    E vidio eka kooooo

  • @sandunimadushika1987
    @sandunimadushika1987 5 หลายเดือนก่อน

    Akka uynwa wagema e katahada ahan innat maara asai bawanawak wage❤✨

  • @shanicosta1162
    @shanicosta1162 ปีที่แล้ว +1

    හුරුපුරුදු බාජන ටිකක් හින්දා බැලුවේ මේයානේ❤මන් බලන්නේ fb එකෙන්නේ ඒකයි.

  • @SewwandiDilhara933-ro7cj
    @SewwandiDilhara933-ro7cj 6 หลายเดือนก่อน

    හිත නිවෙන කටහඩක්

  • @nirmalapeiris5102
    @nirmalapeiris5102 ปีที่แล้ว

    Balanakota mata kanna asa hithenawa a tharamma ahata hari priyae

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    හුගක් ලස්සනයි ❤

  • @dineshsanduni2293
    @dineshsanduni2293 7 หลายเดือนก่อน

    ඔයා කිචන් එකට අවස්‍ය කරන දේවල් ගන්න මාකට් යන .ඒ දේවල් ගන්න වීඩියෝ එකක් දෙන්නකො. මන් ආසයි ඔයාගෙන් ඒ ගැනත් පුංචිම හරි යමක් ඉගෙන ගන්න . ඔයා ඒ දේවල් ගන්නකොට. කොමද ඔයා ඒ දේවල් කලමනා කරනය කරන් ගන්නේ. ඒවගේ දේවල්. මටත් ආසයි ඔයාගෙන් මට අතපසු වෙන දෙයක් තියනවනම් ඉගෙන ගන්න ඒ දේවල් වලින්.❤

  • @mihirithathsarani2833
    @mihirithathsarani2833 ปีที่แล้ว

    ගොඩාක්ම ආස අක්කගෙ කටහඩ අහන්න.❤

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 ปีที่แล้ว

    Chopcy...chopsui nme

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 ปีที่แล้ว +1

    Thank you nangi 👍❤️❤️❤️❤️❤️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Darling what u told us lastly its very important & superb advise for all of us 🙏 oyata godak godak ping 💯👍👌😘🤗

  • @vishmimaheshika2174
    @vishmimaheshika2174 ปีที่แล้ว

    Oyge video baluwama akki first time mta hithuna mn marry krana kenatath kawadahari mema uyala denawa kiyla ඇත්තටම mta marry krla lassana family life ekk geniyanna ada asawak awa akki 🤗❤️😘

  • @senumisilva9096
    @senumisilva9096 ปีที่แล้ว

    Akke fb eke me video eka balanagamn hitiye😍❤️

  • @lochimarasinghe4792
    @lochimarasinghe4792 11 หลายเดือนก่อน

    Mamaa oyaage.video kiweni paratada balanne kiyala.man wath danne na akke..
    oyata wadayak.naththan oya hemadama hadana the ekak hari video karala dannako anee hemadama video balanna thibba.nam asai ane
    කුක් විත් ලව් කියන්නේ මේ මට තනිකරම ඇබ්බැහියක්
    හලෝව් 🥺🥺🥺🥺🥺

  • @arrowboy5925
    @arrowboy5925 ปีที่แล้ว +3

    Ane akki sound eka madiiiiiiii

  • @chathuminirashmika3436
    @chathuminirashmika3436 ปีที่แล้ว

    Akke mn piliwelata wadak krnna aasa une akkage video balala.

  • @indikademel4415
    @indikademel4415 ปีที่แล้ว

    Lassani video eka. ❤👍👌

  • @imalkaayomi9938
    @imalkaayomi9938 ปีที่แล้ว

    Akke basmathi uyanna kiyala dennako.mata uyanna ba eka beri wenawa

  • @KanchanaRanasingha-hj6df
    @KanchanaRanasingha-hj6df ปีที่แล้ว

    Wena kenek neda hada kawanne😊

  • @nayominayomi3731
    @nayominayomi3731 ปีที่แล้ว +3

    Badai,passai maara kethata penawane thel kema adu karala aga tikak hadaganna.

  • @anjuperera8109
    @anjuperera8109 ปีที่แล้ว

    Oya nawakatawanamaina kiyaeanna saddatta katahkarann

  • @shifnafaroos5475
    @shifnafaroos5475 ปีที่แล้ว +1

    Well done

  • @anilbernard7442
    @anilbernard7442 ปีที่แล้ว

    God bless you !!!

  • @raveenamadhuwanthi5441
    @raveenamadhuwanthi5441 8 หลายเดือนก่อน +1

    බාජන වල ගැට්ටට හැන්දෙන් තට්ටු කරන්නෙපා අක්කේ ,, ( ආදරෙන් කරන පොඩි ඉල්ලීමක් )😊

  • @ranjanpriyankara4855
    @ranjanpriyankara4855 ปีที่แล้ว

    Akke oyata puluwannam apita udau karanna mama podi daruwo dennegge amma kenak anuradapure akke harima duppath mati gedaraka inne daruwo dennata ugannath amaruwen oyata pin puluwannam apita udau karanna

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 ปีที่แล้ว

    Fb එකෙනුත් බලලා yt එකෙනුත් බලන මං ❤...

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 6 หลายเดือนก่อน

    Shok akki
    ....❤❤❤

  • @lalitha.teuber
    @lalitha.teuber ปีที่แล้ว +4

    මාත් උයන්නෝන මේ විදිහට..හෂී දූ ඉව්ව කියල හිතන් කනව ❤

  • @queendeepikapadukone2363
    @queendeepikapadukone2363 ปีที่แล้ว +4

    Now days I am addicted to you akke ..I really love to watch your videos ❤❤❤keep doing more cooking videos for us akke ..you are a example for every house wife including me too❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    ශෝයි අක්කි

  • @anushalakmali3862
    @anushalakmali3862 ปีที่แล้ว

    ඒ voice එක♥️♥️

  • @bodhineeshakya7013
    @bodhineeshakya7013 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ravididesilwa5609
    @ravididesilwa5609 ปีที่แล้ว +1

    Garlic bread recepie eka akki

  • @tharushigeethma3985
    @tharushigeethma3985 ปีที่แล้ว

    Anee ahan inn aasai,blpu plweni welem comment ekk daann hithuna,ewagem rasa paati

  • @dammikapriyadharsani6227
    @dammikapriyadharsani6227 ปีที่แล้ว +1

    Mage phone eke aulakda danne neha mata harima himihita ahenne man asama oyage kata hada ahanna eth eka mata sounds madi😔lassanai akki oyage videos ආදරෙයි ❤❤❤

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว +1

      මට හොදට ඇහෙනවානේ සුදු.. මං පොඩ්ඩක් චෙක් කරලා බලන්නම්❤️

    • @dammikapriyadharsani6227
      @dammikapriyadharsani6227 ปีที่แล้ว

      @@homeyfoodies haa mage phone eke aulak akki petiyo..😘😘😘😘❤

  • @sewmisenevirathna
    @sewmisenevirathna ปีที่แล้ว

    Akki oyata mata woods valin hadapu lassana gift tikak denna oni oya lankavata avama kiyanna ❤❤❤❤

  • @nuvankumara5760
    @nuvankumara5760 ปีที่แล้ว

    Chuttak haiyen katha karanna menika❤

  • @mumu292
    @mumu292 ปีที่แล้ว

    Lassanai

  • @ireshadesilva4621
    @ireshadesilva4621 ปีที่แล้ว

    Aneh darling...oyaa mama wagemai...mata maawama penawa..uyanneth oyaa wagemai mama...😢

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 ปีที่แล้ว +2

    Thank you akki ❤❤❤❤❤

  • @hirushi2357
    @hirushi2357 ปีที่แล้ว

    Fb ekenuth balala you tube ekenuth balana mn.adrei akke❤️

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියී මැණික🥹❤️

  • @DiliniNawanjani
    @DiliniNawanjani ปีที่แล้ว

    Man oyage vidios balanaw