අවුරුදු හයකට පස්සෙ පවුලෙ හැමෝම එකතුවෙලා ගතකල සුන්දර දවස් - Our Family Reunion after 6 years 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 372

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 2 วันที่ผ่านมา +26

    මව්වත් ගුනය රකින ආදරනිය ලොකු අක්කා.❤ 👭👭 👬👩‍👧

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 2 วันที่ผ่านมา +63

    හරි ම සතුටින් බැලුවේ ආන්ටි ❤❤මුහුද කියන්නේ කොයි වයසකදි උනත් අමතක නොවෙනම තැනක් කියලා මට හිතුණා,ආන්ටි සතුටු වෙනවා බල බල මාත් හිනාඋනා,ලොකු ආදරණීය බවක් තිබුණා වීඩියෝ එක පුරාම❤❤

    • @ashokawithanage8216
      @ashokawithanage8216 2 วันที่ผ่านมา +1

      හරීම සුන්දරයි......සතුටින් බැලුවා.අන්තිමට නම් මාත් ඇඩුවා ඔයාලා වගේම.....බුදුසරණයි හැමෝටම ....මේ සතුට ,බැදිම හැමදාම පවතීවා කියලා ප්‍රාර්ථනා කරනව ...💖

    • @nilminiranasinghe8834
      @nilminiranasinghe8834 2 วันที่ผ่านมา +1

      හරිම සතුටින් බැලුවේ...❤ හැමෝම සමුගන්නකොට මගෙ හදවතටත් දැනුනා...අපේ පව්ලේ අයත් එකතු වෙනකොට ඔයවගේ සතුටු වෙනවා..😊 ඔයාලා හැමෝටම තෙරුවන්සරණයි..

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @dineshamonarawila4087
      @dineshamonarawila4087 วันที่ผ่านมา

      T​@@ashokawithanage8216

    • @dineshamonarawila4087
      @dineshamonarawila4087 วันที่ผ่านมา

      ​ 2:35 🎉❤
      🎉😂😊b.
      @@elizabethtownharsha3906

  • @pushpakumariwijesooriya2952
    @pushpakumariwijesooriya2952 2 วันที่ผ่านมา +33

    කොච්චර හිතට වැදුනාද කියුවොත් කට්ටිය අඩනකොට මටත් ඇඩුනා. ආදරෙයි හැමදාමත් දලදා සමිදු පිහිටයි හැමොටම ...!

  • @shivainsworld1685
    @shivainsworld1685 2 วันที่ผ่านมา +23

    මට මේ දේවල් දකින කොට හරි දුකක් දැනෙනවා .අද මගේ දරුවන්ට මේ වගේ අත්දැකීම් නෑ.පවුලේ අය විසිරිලා කායිකව වගේම මානසිකවත්. අපි පවුල් විදියට හරියට හුදකලා වෙලා.අපේ දරුවො ඇත්තටම පව්. කොයි තරම් ආර්ථිකයම වශයෙන් අපි ශක්තිමත් පොහොසත් මිනිස්සු වුනත් ,අද අපි මානසිකව තනි වෙච්චි දරිද්‍ර මිනිස්සු .

  • @SrikanthiPerera-ii8tr
    @SrikanthiPerera-ii8tr 2 วันที่ผ่านมา +26

    හරිම වැදගත් පවුලක් ,හරිම සතුටුයි,මේවගේ දරුවො ටිකක් හදපු දෙමව්පියන්ටත් පිං ,කොහොම වුනත් ආගමික කටයුත්තක් සහභාගි වෙලා කරන්න අමතක කලේ නැහැ ඔබතුමන්ලාගේ දෙමව්පියනුත් ඉන්න තැනක ඉදන් ඔබසියලුදෙනාටම ආශිර්වාද කරනවා ඇති ජේසු පිහිටයි

  • @Heart2591
    @Heart2591 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුම්ය බොහොම වාසනාවන්ත ම කාන්තාවක්.මේ වගේ පවුලක් ලබන්නට...බොහෝ අයට මේ වාසනාව නෑ.ඒත් මේ දේවල් දැකල හරි සතුටු වෙන්න පුළුවන් ඒ හැමෝටම...ඔබ තුම්ය ඇතුළු පවුලේ සැමට නිදුක් නීරෝගී චිර ජීවනය දිගාසිරි ආශිර්වාදය ලැබේවා සැමදා යෙහෙන් වැජඹේවා ...තෙරුවන් සරණයි 🙏❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 2 วันที่ผ่านมา +32

    අනේ මටත් ඇඩුනා ,,හරිම ආදරනිය පවුලක් ,,,හරිම ආදර්ශයක්,,,සෑම දාම සතුටින් ඉන්න ලැබේවා ,,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 🙏🙏🙏🙏🙏🙏❤️👍

  • @GayangiPerera
    @GayangiPerera 2 วันที่ผ่านมา +17

    මං හැමදාම ඔෆිස් ගිහින් ඇවිත් බලන්නේ ඇන්ටිගෙ video එකක් ❤ එතකොට හිතට හරි හොදයි 😊 මං කෑම හදන්නත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤❤❤

  • @vishwadhara6295
    @vishwadhara6295 2 วันที่ผ่านมา +24

    ඇත්තටම පුදුම සතුටකින් බැලුවේ. සමහර පවුල් වල සහෝදර සහෝදරියන් හිටියට වැඩක් නෑ සමගිය නැත්නම්. ගොඩක් පවුල් වල සහෝදරකම් නැති වෙනවා දේපළ බෙදාගන්න ගියාම, කසාද බැඳලා ගියාම. මේ vedio එකෙන් අනෝමා මිස් හොඳ ආදර්ශයක් රටට දීලා තියෙනවා. බොහොම ඉස්තුතියි මේ ලස්සන vedio එකට. අනෝමා මිස් ගේ නංගිලා ට සහ මල්ලිලට අපිත් ඉස්තුතියි කිව්වා කියන්න. vedio එකේ අන්තිම හරිය බලනකොට ඇත්තටම දුකක් දැනුණා.

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625 2 วันที่ผ่านมา +10

    ඇත්තමයි. සතුටින් බලලා අන්තිමට ඇඩූනා. ආදර්ශමත් කතාවක්. හැමෝම ලංකාවේ හිටියත් අපිට අහිමි වු සුන්දර කතාවක්. ආදරෙයි. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ඔයාලා හැමෝටම ❤

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 2 วันที่ผ่านมา +8

    හරිම ආදර්ශවත් video එකක් හුගක් පවුල් වල විවාහයෙන් පසු තිබුණු එකමුතු කම සහෝදර බැදීම් ඈත්වෙලා යනවා පුංචි වැරදි අඩුපාඩු අතපසු වීම් දේපළ ඉඩකඩම් ප්‍රශ්න ජීවිත කාලෙ පුරාවටම ඔලුවෙ පුරවගෙන ද්වේශයෙන් වෛරයෙන් ඉදල මැරිලා යනවා ආකල්පමය වෙනසක් සිදුවිය යුතුමයි දරුවන්ගේ කුඩා කාලයේ සිට ❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067 2 วันที่ผ่านมา +7

    ලොකු පවුලක ලොකුඅක්කා විමත් වාසනාවක්.ආශයි අනේ ඔයාගේ වීඩියෝ ව ඉවර වෙනකන් බැලුවා හරිම ආදරණීයයි.දීර්ගායුෂ වෙවා ඔයාට, තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @vichithrachandani6677
    @vichithrachandani6677 2 วันที่ผ่านมา +16

    හරිම ආදරනීය පවුලක් . අපිත් ඔයාලට ආදරෙයි.❤❤❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 19 ชั่วโมงที่ผ่านมา +2

    මේ පවුලේ පින්තූරේ දැක්කාම නම් මට හරි ආසවක් හිතුනා නැන්දේ..කොච්චර සමගියෙන් ඉන්න සහෝදර සහෝදරියොද. අනේ ලස්සනයි හැමදාම සතුටින් ඉන්න.❤️💐

  • @sudharmadarshani404
    @sudharmadarshani404 2 วันที่ผ่านมา +3

    නිහතමානිකම නිසා ඔයා හරිම ලස්සනයි අම්මා වගේ ලොකු අක්කා පවුල සමගි කරනවා එහි ගවුරවය හැමෝම මෙතුමියට දෙන්න අනෙක වටිනා අදහස් රැසක් ලැබීම

  • @shehaniwanniarchchi5581
    @shehaniwanniarchchi5581 2 วันที่ผ่านมา +9

    නංගිලා වෙනම පෙන්නලා හදුන්වා දෙන්න ආසයි. මම ඔයාගෙ විදිහට
    කෑම හදනවා. හරිම රසයි. ඔයා හරි ආදර්ශ මත් චරිතයක් .♥️♥️

  • @MadhushikaGamage-qn3vm
    @MadhushikaGamage-qn3vm 2 วันที่ผ่านมา +3

    අපේ අම්මගෙ පවුලත් මෙහෙමයි.. අනේ මේක හරිම ලස්සනයි අන්තිමට මමත් අඬනවා.. bless you all ❤

  • @homecookery5297
    @homecookery5297 2 วันที่ผ่านมา +6

    මේක දැකලා කමෙන්ට් එකක් නොදාම ඉන්න බැරි වුනා ආන්ටි😍 .ඔයාගෙන් අනිත් අය වගේ මාත් ඉගෙන ගත්ත දේවල් බොහෝයි.😊හරිම ආස හිතෙනවා හැමදේම බැලන්ස් කරගෙන ජීවිතය විදින හැටි දැක්කම.❤❤

  • @KDthushaniKahavidanage
    @KDthushaniKahavidanage 2 วันที่ผ่านมา +4

    ඔයාගේ පවුල හරිම ලස්සනයි.හරිම සතුටින්ම බැලුවා.❤❤❤❤❤

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 2 วันที่ผ่านมา +3

    Aunty, ඒ video eka balala mata කදුලුත් ආවා . හරිම වටිනවා aunty 🫶. Oyala හැමෝටම බුදු සරණයි

  • @NadeeraBongso
    @NadeeraBongso 2 วันที่ผ่านมา +5

    ඔයාගෙ video එක හරි ආසාවෙන් බැලුවා mam අන්තිමට නංගිලා වැදලා hug කරලා යද්දී ඇත්තටම මටත් ඇඩුනා ඔයාල හරිම ආදරනීය නිහතමානි පවුලක් හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤

  • @seethathanthiriwatta2823
    @seethathanthiriwatta2823 21 ชั่วโมงที่ผ่านมา +1

    මේ අක්ක හරිම ආදර්ශමත් පවුලේ අම්ම වගෙම ඉන්න කෙනෙක්.හැමදාම ඔය සමගිය ආදරය තියෙන්නම ඕනෙ.හදවතින්ම සොබ පතනව.❤❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 2 วันที่ผ่านมา +4

    හරිම ලස්සන පවුලක්. මට ලෝබ හිතුනා. අනේ මටත් ඔයා වගේ ආදරණීය අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතුනා. ❤❤❤❤❤❤❤

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo 2 วันที่ผ่านมา +3

    ලස්සන ලොකු පවුලක වටිනාකම දන්නා ලොකු අක්කා සදා වාසනාව න්❤❤❤❤

  • @hwdilrukshi4148
    @hwdilrukshi4148 2 วันที่ผ่านมา +1

    හරීම ලස්සනයි..හරීම ආදරණීයයි.අන්තිමට මටත් ඇඩුනා..මාත් හරිම ආසයි ඒ වගේ මතකයන් ජීවිතේට එකතුකරගන්න..බුදුසරණයි!

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 วันที่ผ่านมา +2

    හරිම සුන්දරයි ඇන්ටි.. මට ඉන්නේ එක මල්ලියයි..මම මගේ ඇඟේ කෑල්ලක් ඕන කිව්වත් දෙනවා එච්චරට ආදරෙයි.. මල්ලි සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති...❤

  • @DisnaDisnakarunarathna
    @DisnaDisnakarunarathna 2 วันที่ผ่านมา +1

    මේ තාවකාලික නවාතැන් පලේ හැම මොහොතකම සතුටින් ඉන්න ලැබේවා ..👌👌👌❤️😍❤️✝️✝️✝️

  • @s.perera102
    @s.perera102 2 วันที่ผ่านมา +1

    හරිම සතුටුයි ආන්ටි ඔයා ඔයාගෙ සහොදර සහොදරියන්ට තියෙන ආදරය එකමුතු කම දැක්කම සතුටුයි ආදරෙයි හැමදාම ❤ අන්තිම ටික බලද්දී පපුව පිච්චිලා ගියා

  • @prabodhaniweerasekara9348
    @prabodhaniweerasekara9348 2 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ආදරේ උතුරලා යන වීඩියෝ එකක්. පවුලම එකතු උන තැන අපි අපිම වෙන තැන එතන . සීමා නෑ . ආදරෙයි අනෝමා ඇන්ටි ඔයාට මේ ලස්සන දේවල් අපිට කියලා දෙනවට ❤

  • @achaladesilva6132
    @achaladesilva6132 2 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි හරිම සතුටුයි ඔයාලට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️

  • @pavishawickramasooriya9812
    @pavishawickramasooriya9812 2 วันที่ผ่านมา +1

    ,අපේ පවුලෙත් අපි හත් දෙනෙක් අාන්ටි.ඔයාලගේ වගේම ලස්සන පවුලක් එකතු වුනාම.ඔයාලගේ පවුලේ හැමොම නිදුක් නිරෝගි වෙවා.

  • @ureshasenanayaka7622
    @ureshasenanayaka7622 2 วันที่ผ่านมา +2

    අනෝමා නැන්දා ගෙන් තරුණ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️ හරිම ආදරනීයයි 💕 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️🧚 😘 ආදරෙයි නැන්දා 🧚❤️💕💖

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 วันที่ผ่านมา +1

    අනේ හරිම ආසාවෙන් බැලුවා. ආදරණීය සහෝදර බැඳීමක්. හැමෝටම තෙරුවන් සරණයි.

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 วันที่ผ่านมา +2

    Unty වගේම ඇති family එකේ anik අයත්... හරිම ආසාවෙන් බැලුවෙ vedio එක.. නිදුක් නිරෝගීව සතුටින් ඉන්න unty හැමදාම... ආදරෙයි ❤❤❤❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 2 วันที่ผ่านมา +2

    Harima lassanayi❤❤❤❤ ආසාවෙන් බැලුවා....නන්ගිල ඔක්කොමල ලස්සනයි.
    ඔයා වගේම..පොඩි නන්ගි කියන කෙනා ගොඩක්ම ලස්සනයි....සබිතා වගේ❤❤❤❤වාසනාවන්....ජයවේවා..හැමෝටම..❤❤❤❤❤🎉

  • @RajikaPerera-v1o
    @RajikaPerera-v1o 2 วันที่ผ่านมา +3

    හරිම ආදරණීය යයි.මටත්මගෙ අය මතක්වුනා තෙරුවන් සරණ යි

  • @ishanimendis6291
    @ishanimendis6291 2 วันที่ผ่านมา

    හරිම අාදරණීය පවුලක්. ❤ හරිම සතුටක් දැනෙනවා මෙිවා දැක්කහම . ❤❤ හැම පවුලක්ම මෙි වගේ උනා නමි කොයි තරමි වටිනවද ❤❤

  • @sandhyahewavitharana8038
    @sandhyahewavitharana8038 16 ชั่วโมงที่ผ่านมา

    ඔයාගෙ වීඩියෝ එක හරිම ලස්සනයි ,ඔයාලගෙ සහෝදර බැඳීම ❤❤❤ ඇස් වලට කඳු ළුත් ආවා ඔයාලට බුදුසරණ යි

  • @ChayaFernando-h5n
    @ChayaFernando-h5n 2 วันที่ผ่านมา +1

    වීඩියෝ එක සම්පුර්ණ ඉවරවෙනකම් බැලුවා .හරිම ආදර නියායි.❤.මගේ සහොදරයෝ ,හස්බන්ඩ් ඉන්නෙ රට .ඔබ සැමට ජෙසු පිහිටයි aunty❤ ❤😊😊🎉🎉

  • @gaya-999
    @gaya-999 2 วันที่ผ่านมา

    හරිම ආදරණීය වගේම අවවාද ආදර්ශ ගොඩාක් එක්ක හරිම වටිනා vlog එකක්..සතුටින් බලන් බලන් ගියත් සත්තයි video එක අන්තිම වෙද්දී නොදැනීම ඇහැට කදුළක් ආවා..ඔයාට වගේම පවුලේ සියලු ම දෙනාට යහපතක්ම වේවා,,,!!!❤🙏💐

  • @DisnaHettiarachchi-n4w
    @DisnaHettiarachchi-n4w 2 วันที่ผ่านมา +1

    අනෝමා මහත්මිය මම ඔබතුමිගේ විඩියෝ එකක් එනකල් මග බලන් ඉන්න සහා දාපු ගමන් බලන්න අතපසු ඌවත් කෙසේ හෝ කාලය අරන් බලන කෙනෙක් මේ වීඩියෝ එක පුරාවටම මම දැක්කා ඔයා අම්මාගේ චරිතයේ ඉන්නව හරීම සතුටුයි අවසානය තෙක් සතුටින් බලා සමු ගැනීමේ දසුන් එක්කම මටත් ඇසට කදුළක් එක කල දසුනක් ඌවා මට උරුම නැති ඔබට උරුම ඌ මේ අපූර්ව සහෝදර බැම්මේ බැදීම ඒ හා එකතු ඌ රස සුන්දර අත් දැකීම හරියට රස වින්දා මේ සියල්ලම හරි සුන්දරයි... කට්ටියටම නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.
    සම්මා සම්බුදු සරණයි ආදරෙයි ඔයාලා හැමෝටම

  • @NadeeraSandamali
    @NadeeraSandamali วันที่ผ่านมา

    සතුටු දේවල් එකතු කරන්න ඕන...මම ඔයාගෙ කතාවෙ ආසම ටික.මම ඔයාගෙ ෆැමිලි ව්ලොග් හැම එකක්ම වගේ බලලා කොමෙන්ට් කරලා තියෙනවා.අදත් කරනවා.මමත් ලොකු අක්කා නංගිලා හතරකගෙ.මාත් පොඩි කාලෙ ඉඳලම අපේ තාත්ත මට කියන දෙයක් තමයි ඔය පස් දෙනා අතේ ඇඟිලි පහ වගේ ඉන්න ඕන කියන එක.මට හරි ආසයි ඔයාගෙ මේ වීඩියෝ බලද්දි.අපිත් පුළුවන් හැමවෙලේම මොනව හරිහේතුවක් හදන් එකතු වෙලා කාල බීල ඉන්න තමයි බලන්නෙ.තාම අපි ඔයාලා තරම් බිසි නෑ.හැම මතකයක්ම හරිම වටිනවා.මම ඔයාගෙ හැම අදහසකටම 1000%100ක් එකඟයි.බුදුසරණයි හැමෝටම.හැමදාම සතුටින් ඉන්න ලැබේවා.ආදරෙයි ❤❤

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 2 วันที่ผ่านมา +2

    ඇත්තටම අද හරි ම ආසාවෙන් බලපු vedio එකක් .අවසාන ටික බලද්දී ඇස් වලට කඳුලු ආවා .. ඔබතුමිය වගේ වැඩිමහල් ආදරනීය සහෝදරියක් ලබන්න ඒ අයත් හරි ම වාසනාවන්තයි.. ඒ බැඳීම කොයි තරම් වටිනවා ද .පිටරට කෙසේ වෙතත් ලංකාව තුල ඉන්න අයගෙ නෑයන් වත් අද කාලෙ මෙහෙම එකතු වෙන්නෙ නෑ නෙ.. දේපොළ විතරක් නෙවෙයි පුංචි දේවල් වලට විරසක වෙලා ඉන්නවා ... ඔබතුමිය කිව්වා වගේ ජීවත් වෙන සුලු කාලෙ ට තමයි හැමදේම අයිති කරගන්න බලන්නේ .. මේවගේ එකතු වීම දැක්ක ම හරි ම සතුටක් දැනෙන්නේ ... පව්ලෙ පුංචි දරුවන් පවා මේවා දැකල ආදර්ශ යට ගන්න එක කොයි තරම් වටිනවා ද.. ඔබතුමිය ඇතුළු පව්ලේ සියලු දෙනාටම සුබ පතනවා ❤️❤️❤️

  • @kanathikarunatilaka6287
    @kanathikarunatilaka6287 2 วันที่ผ่านมา

    හරිම ආදරණීය දසුනක්. හරිම සුන්දරයි. ඔබතුමියටත්, පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි. අපිත් පවුලේ සියලුම දෙනා එකතුවෙලා නිතරම වගේ ඔය වගේ trip යනව. හරිම සතුටුයි.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 วันที่ผ่านมา +2

    හරිම ආදරණිය ය් පොඩි film එකක් බැලුවා වගේ ❤ තැන්ක්ස් මගේ පවුලේ 12ක් ඒත් අපිට මෙහෙම බැරි උනා දැන් ඉන්නේ දෙන්නය් 😢

  • @sameeramadushani1417
    @sameeramadushani1417 2 วันที่ผ่านมา

    හරිම සතුටින් බලලා..අන්තිමට මට ගොඩාක්ම ඇඩුනා....❤❤❤❤,,,හරිම ආදරනීය පවුලක්...ඔයාලට තෙරුවන් සරනයි..හැමදාමත් සතුටින් ඉන්න....ඔයාලව හැදූ වැඩූ දෙමාපියන්ට පිං....

  • @PraveenaWeerasinghe
    @PraveenaWeerasinghe 2 วันที่ผ่านมา

    හරීම ආදරනීය video එකක්. Thanks aunty මේක share කරගත්තට. Auntygen ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරගෙන තියනවා. ❤❤❤

  • @lakisampath9165
    @lakisampath9165 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.video eka..අසහිතේනවා දකිද්දිි..⁣budusarani..hamotama

  • @malkanthisriyani5292
    @malkanthisriyani5292 2 วันที่ผ่านมา

    කෑම හදන වීඩියෝ වඩා ආසා හිතුනා මේ වීඩියෝවට. අර family group photos හරිම ලස්සනයි.සමහර දේවල් අපේ පවුල සිදුවීම්වලටත් සමීපයි.අර බිම ඉඳගෙන එහෙම ඉන්න ඒවා.මගුල් ගෙවල්,දාන ගෙවල් තියෙන කොට ඒවා ඉවර වුණාම ඔය වගේ ඉන්නවා හරිම ආසයි ඒ කාලෙට.

  • @sgmswshan2179
    @sgmswshan2179 2 วันที่ผ่านมา

    මිස් ගොඩක් සතුටින් පවුලේ අයත් එක්ක සතුටින් ගෙවලා හරීම සතුටුයි හැමෝටම බුදු සරනයි ❤

  • @SujaniSamanthika-x2r
    @SujaniSamanthika-x2r 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හරිම සතුටුයි ආන්ටි,ඒ වගේ ම දුකයි සමහර තැන් බලන කොට ඇඩෙනවා ඒ ආදරනීය බව දැක්කම.බුදු සරණයි !❤❤❤❤❤

  • @inoshananayakkara5410
    @inoshananayakkara5410 2 วันที่ผ่านมา

    කට්ටිය ඇවිත් සතුටින් ඉඳලා ආපහු යන video එක දකිනකොට නම් ඇත්තටම මගෙ ඇස් වලටත් කඳුළු ආවා. අපේ පවුලේ අයත් ඔහොම බැඳීමක් තියෙන අය. මට අපේ පවුලේ බැඳීම මතක් වුණා . හරිම සතුටුයි . ❤

  • @shivikamadushani7200
    @shivikamadushani7200 วันที่ผ่านมา +1

    මාදැලක් ඔය මමත් beach side එකේ ඉන්නේ අව්රුදු 08කට කලින් මේ පැත්තේ ත් මැදල් අදිනවා අම්මා එක්ක ගිහින් බලන් ඉන්නවා මාළු ගන්න පස්සේ තාත්තා නිවාඩු දවසක අපි තුන් දෙනාම ගිහින් මාදල් අදින්න උදව් උනා ගැහැණු පිරිම් වෙන වෙනම ආදරෙයි ආන්ටි ඇත්තටම එක විශේෂ අත්දැකීමක්‌

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 วันที่ผ่านมา

    හරිම සුන්දර පවුලක් ඉඳලා හිට හරි මුණගැසීමට තියෙනවා නම් කොච්චර සුන්දර ද.?අද ගොඩක් අඩුයි සහෝදර සබඳතාව.දුකක් දැනෙනවා anoma එ ගැන .සියලුම දෙනාට බුදු හාමුදුරුවන් ගෙ පිහිටයි .

  • @maleeshakaluarachchi669
    @maleeshakaluarachchi669 15 ชั่วโมงที่ผ่านมา

    ආන්ටි මේක දැක්කම හරිම දුකයි.මාත් නිදහස් වෙලාවට තංගල්ලෙ වැල්ලෙ බෝධියට යනව.ඔයාව දකින්න තිබුන නම් කොච්චර සතුටුද.ඔයාගෙ වීඩියෝ බැලුවම පුදුන සැනසීමක් තමයි දැනෙන්නෙ.stress වෙලාවට කෑම හදන්න ඉගෙන ගන්නම නෙමෙයි ඔයාගෙ වීඩියෝ බලන්නෙ.අනිත් මිනිස්සුන්ගෙ හිත් නිවන්න පුලුවන් ඔයගෙ කතාවට.❤❤❤

  • @maheshjayawardena6273
    @maheshjayawardena6273 2 วันที่ผ่านมา

    jeevitheta dekapu lassanama video eka.obe mulu paule siyaluma denata theruwansaranai! me sahodara pema sada rekewa!

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 2 วันที่ผ่านมา

    හරිම ආදරණීය පවුල් බැඳීමක්.ඔබ තුමියගෙ වීඩියෝ හරිම ලස්සනයි ,ඒවගේම ආදර්ශමත්.සියලු දෙනාටම බුදු සරණයි .....!!

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 2 วันที่ผ่านมา

    මම හරිම ආදර චරිතයක් . හරිම ආසයි කතා කරන කොට අහගෙන ඉන්න. ඔබ තුමිය වැනි කෙනෙක් ලැබීමට gedera aya පුදුම පිනක් කරලා තියෙනවා .
    ඔබගේ receipes මම හදලා බලනවා .
    ඔබ ha ඔබ පවුලta තෙරුවන් සරණයි , සියලු දෙවියන් පිහිටයි .❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐😊

  • @inokapriyangani3132
    @inokapriyangani3132 9 ชั่วโมงที่ผ่านมา

    Harima lassanai vedio eka. Anthimata hodatama aduna ❤❤❤❤❤❤Budusaranai oyala hamotama ❤❤❤❤love you ❤❤❤❤

  • @manellokugalapaththige2194
    @manellokugalapaththige2194 18 ชั่วโมงที่ผ่านมา

    ඔයාගෙ විඩියො එක බලා මම හරිම සතුටු උනා හැමටම ලොකු ආදර්ශයක් ❤❤❤

  • @sheeba8676
    @sheeba8676 2 วันที่ผ่านมา

    What a beautiful video!! Reminded me of our visits home. Brought tears to my eyes too! Blessings to the whole family. Thank you for sharing!

  • @vindyfernando8351
    @vindyfernando8351 2 วันที่ผ่านมา +1

    It's a great inspiration for all of us !!! We are not going to live for ever !!! Cheers !!!

  • @imarliwanduragala1343
    @imarliwanduragala1343 9 ชั่วโมงที่ผ่านมา

    Thank you for sharing 😊 family is everything ❤️ beautiful memories 😘

  • @anjalipathirana2581
    @anjalipathirana2581 21 ชั่วโมงที่ผ่านมา

    Still crying. Thanks for sharing auntie.❤❤❤❤

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 วันที่ผ่านมา

    වීඩියෝ එකේ හැමදේම බැලුව ගොඩක්ම සතුටින්.
    හරීම දුකක් දැනුන අන්තිම ටික බලනකොට අක්කල නංගිල වෙන් වෙන්න යනකොට එකිනෙකාතදින් බදාගෙන හිටිය දැක්කම මටත් ලොකුදුකක් දැනුනා
    අපේ පවුලෙත් අපි අක්කලා නංගිලා 4 යි එක අයියයි.
    ඒකනම් තදින්ම දැනුනා

  • @omeshasulani9232
    @omeshasulani9232 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඇන්ටි. මටත් ඇත්තටම ඇඬුනා. ආදර්ශයක් ලබා දෙනවට ගොඩක් ස්තූතියි .❤❤

  • @menikegm6525
    @menikegm6525 2 วันที่ผ่านมา

    මල් කිනිත්තක සිරි
    මවයි සොහොයුරු සොහොයුරි
    සිත උපන් රූ සිරි
    විහිදුවයි මුළු ලොවට ආසිරි
    🤗😇❤️

  • @InokaDilrukshi-p3t
    @InokaDilrukshi-p3t 2 วันที่ผ่านมา

    අසාවෙන් බලපු Video එකක් ඔබ සියලුදෙනාටම සතුට්න් ඉන්න ලැබෙවා බුදුසරණයි🙏🙏❤️

  • @kamarypop65
    @kamarypop65 2 วันที่ผ่านมา +2

    බුදු සරනයි ඔයාට ,හරිම සතුටුයි හොද වටින විඩියෝවක් 💐💐💐💐💐🙏🙏🙏

  • @tarusethu8429
    @tarusethu8429 2 วันที่ผ่านมา

    කවදත් වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගත්තාට බොහොම ස්තූතියි .....ආදරනීය වීඩියෝවක් 😍😊

  • @NihalHavage-lk8no
    @NihalHavage-lk8no 2 วันที่ผ่านมา

    Lassanama ලස්සන පවුලක් ..අපිට ඔහොම නැති නිසා දුකකුත් දැනුනා..අවන්කවම ම්ස්

  • @muditharanmalee3418
    @muditharanmalee3418 2 วันที่ผ่านมา

    එනකොට සන්තෝසයි වගේ වෙන්වෙලා යද්දී හරි වේදනයි ඇන්ට් ...දන්න කාලෙ ඉදලම මම ඉන්නෙ රට මට ඉන්නෙ එකම සහෝදරී තව රටක...තාක්ෂණය දියුණු නිසා ඒවා හරහා එයාලා ව දැක්කත් , හැමෝම ලග ඉන්නවා තරම් සතුටක් කොහෙන්ද ...ආදරෙයි හැමදාම අනෝමා ඇන්ට් ❤️❤️

  • @asithasudesh89
    @asithasudesh89 2 วันที่ผ่านมา

    Aunty,
    This is the most difficult video to watch. Couldn't watch it past 2 minutes without crying. As we also living in England and far away from the family and loved ones.. your love care and kindness makes me think about going back as soon as we can no matter what. ❤❤
    Always love you aunty.
    Ashini.

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 วันที่ผ่านมา

    මමත් හරීම සතුටින්ම බැලුවා. මමත් ආසම විදිහ තමයි මේ එකමුතුකම, සතුට, දේපල වලට ලඝු කරන්නේ නැතුව, අපි මේ ලෝකෙට ආවේ සතුටින්, ඉතින් ඒ සතුට තවත් වර්ධනය කර ගනිමින් කවදා හෝ සමු ගැනීම ,ඒකට හේතුව විදිහට මම හිතන්නේ සසරේ,කුමන හෝ හේතුවකට නේ එකම පවුලේ උපදින්නේ ඉතින් ඒක ඒ විදිහටම රැක ගැනීම තරම් දෙයක් මේ මිහිපිට මට නම් නෑ.

  • @senara7172
    @senara7172 วันที่ผ่านมา

    I really enjoyed the whole video Anoma. it was so sad the end of it. When they were leaving...I got tears in my eyes with heavy chest.. thank you so much for sharing your lovely memories with us❤

  • @imanthavisha9021
    @imanthavisha9021 2 วันที่ผ่านมา

    මේ ගොල්ලො එක්කෙනා එක්කෙනා සැරින් සැරේ ට ගියා "
    මගේ හිතට දැනුනු ❤ ආදරණීය ටික ක් විතර දුකක් දැනුනු අකුරු ටික අනෝමා ආන්ටී🎉🎉
    හැමදාටම ඔය සතුට ඔබ ලග රැදෙන්න කියලා මම ඔයාට wish කරනවා ආන්ටී🎉🎉
    අපිට ඔහොම සහෝදර බැදීම් නැතත් ආන්ටී🎉🎉 දිහා බලලා අපි සතුටු වෙනවා 🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊

  • @incredibleizu4
    @incredibleizu4 2 วันที่ผ่านมา

    Hanging out with sisters is the best thing ever aunty , that's a blessing!! You and yr sisters are so lovely!! ❤❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 วันที่ผ่านมา

    Ms this video was a very touching story so lovely to all siblings been united which is not happening among most of the crowd. Its really appreciated for sharing your lovely memories where we too enjoyed and in the same way felt so sad when all were leaving. A good massage to the community. Thanks Ms. Blessings to all of you.

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 2 วันที่ผ่านมา +1

    Very interesting to watch this video. You all are very lucky
    to have such a United family. Stay blessed.

  • @rangachanaka1733
    @rangachanaka1733 2 วันที่ผ่านมา

    Aunty වීඩියෝ එක අවසානෙ නම් මගෙත් ඇස් වල කදුලු ඒත් සන්තෝසයි හැමෝටම තෙරුවන්සරණයි 🙏❤️

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 2 วันที่ผ่านมา

    වීඩියෝ එක මුල ඉඳලා හරි ම ආසාවෙන් බැලුවත් කට්ටිය වෙන්වෙන මොහොතේදී මගේ ඇස් දෙකත් තෙත් උනා සත්තයි aunty ❤❤

  • @sudeepthaliyanage3762
    @sudeepthaliyanage3762 42 นาทีที่ผ่านมา

    It's so lovely... Feel like you are such a lucky person. Always loved your videos. You are indeed an amazing soul with a lovely heart dear Anoma aunty... Thanks for being such an inspiration... Love you... 😍😍😍

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 2 วันที่ผ่านมา

    මමත් obathumiya ge video eka th එක්ක අතීතයට ගියා. Api 5 denek ....trip ගියා ,දාන දුන්නා ,කෑම හැදුවා ,birthdays celebrate kara.ලොකු අයියා ,අක්කා මියගියා . Video එක බලලා හරියට anduna.mathakayan හරිම sundarai.

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 วันที่ผ่านมา

    Hharima sathutui Aunty.
    Family aka harima shakthimath bedeem wedi wena tharamata .❤❤
    Harima asawen beluwa lassana vidieo akak❤❤❤❤

  • @ramyawedage22
    @ramyawedage22 2 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා අනෝමා. 🙏❤❤

  • @miss.snowy.9920
    @miss.snowy.9920 2 วันที่ผ่านมา

    ඇත්තමයි මිස්ගේ විඩියෝස් වලින් වටිනාම විඩියෝ එක මේකයි.... විඩියෝ එක බලන ගමන් මම මගේ අතිතයේ සැරිසරැවා..... මේ වගේ විඩියෝ නොකලත් මේ වගේම සැමරැම් අපේ පවුලෙත් තියෙනවා..... අනේ ඒ කාලේට ආයේ යන්න ඇත්නම්......

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 2 วันที่ผ่านมา

    අනේ හරි ම ආසාවෙන් බැලුවා ආන්ටි ❤
    හොඳ ම ආදර්ශයක් මේක ❤

  • @ashokashriyani1383
    @ashokashriyani1383 2 วันที่ผ่านมา

    Harima lassana vedio ekak. Oba hamotama adarshayak.
    God bless you.

  • @hewagama2524
    @hewagama2524 2 วันที่ผ่านมา

    හරිම සතුටුයි .අක්කා .ඔයාගෙ පොඩි ම නන්ගිගෙ හොද ම යාලුවෙක් මම.ඉස්සර after school class යන්න කන්න ආවෙ ඔයාලගෙ ගෙදරට .aunty ,uncle ,හරිම හොදයි .මල්ලිලා .මතකයි .කදුලු අව ඇස් වලට .බුදු සරණයි .

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 วันที่ผ่านมา

    Harima sathutui family eka dakkama.god bless you miss anoma ❤❤❤❤

  • @roshnifarnando3634
    @roshnifarnando3634 2 วันที่ผ่านมา

    Last year my eldest son came from Germany so we had a lovely time at trinco like that we spend our family together as my brother is no more my self and my sister spend the time now whenever she comes to srilanka

  • @studiopedia9871
    @studiopedia9871 2 วันที่ผ่านมา

    ස්තූතියි ගොඩක්. වටින වීඩියෝ ඵකක්. බලද්දී සතුට දුක,සංවෙදි බව අපටත් ඵ් විදිහටම දැනුනා.❤

  • @rangikawickramasinghe9861
    @rangikawickramasinghe9861 2 วันที่ผ่านมา

    මමත් මාතර.❤ ඔයා මාවත් අතීතයට ගෙන ගියා.😢🎉😊 Thank you Anoma.love you.May God bless you all!

  • @mrmedirisuriya1904
    @mrmedirisuriya1904 2 วันที่ผ่านมา +2

    ශෝක් ආන්ටි .හරිම සතුටුයි දැක්කම

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 5 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමිය වැඩිමහල් අක්කා විදියට කොපමණ හොඳින් අනිත් සහෝදර සහෝදරියන් සමඟ සමගියෙන් සාමදානව ඉන්නවද? ඒකට මගේ හස්බන්ඩ් ගේ අක්කා එයා හැමෝවම කොටවලා අසමගි කරන නරක සහෝදරියෙක්. ඔයාලට ඇස්වහක් වදින්න එපා. හැමෝටම තෙරුවන් සරණයි🙏

  • @niroshijayasekara9521
    @niroshijayasekara9521 2 วันที่ผ่านมา

    හරිම ආදරණීයයි. ලස්සනයි. කඳුලුත් අවා අන්තිමට. ❤❤❤

  • @anushasurangi3612
    @anushasurangi3612 2 วันที่ผ่านมา

    හරිම සතුටුයි මෙහෙම දකින්නට තියෙන එකත් ❤

  • @indranidesilva1075
    @indranidesilva1075 2 วันที่ผ่านมา

    අනේ ඇත්තට අන්තිම ටික මාත් අඩ අඬා බැලුවේ.. මතකයන් හරිම සුන්දරයි .මේ බලන්නේ ඔයාගේ පවුලේ අයගේ කියලා දැනුනේ නෑ. මට හිතුනේ මගේ නංගිලා මල්ලිලා ඇවිත් ගියා වගේ. කරන්න ඕන හැම දෙයක්ම වගේ අතපසු නොවී කෙරුනා නේද! ඉතින් අපිට සතුට ගෙනාපු අනෝමා නංගාටත්, ඔයාගේ පවුලට සම්බන්ධ සියලුම දෙනාටත් ඉතාමත් ස්තූතියි, සතුට , වාසනාව සමඟ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.❤🌹✈️

  • @manisha_silva
    @manisha_silva วันที่ผ่านมา

    අනේ ආන්ටි මම පවුලෙ එකම ලමය. මට කවදාවත් සහෝදර බැදීම තේරුනේ නෑ. ඒක මට මිස් උනෙත් නෑ. ඒත් අද මේක දැකලා මට හිතුනා අනේ මටත් හිටියනම් මෙහෙම සහෝදර සහෝදරියො කියල. හරිම ලස්සනයි ආන්ටි. ❤

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 2 วันที่ผ่านมา +1

    ආදරනීය අනෝමා හරිම සුන්දරය්.