සීගිරි සිංහ පාදයේ සත්‍ය කතාව | HCP BELL බෙල් සිංහ පාදයට කරපු දේ ඔබ දන්නවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #sigiriya #bell #rawana
    sigiriya cobra hood cave sigiriya gana visthara sinhalen | sigiri kashyapa | sigiri kashshapa | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cultural Landmarks Sri Lanka | Explore Sigiriya | Sigiriya Rock Climbing
    ලංකාවේ පළමුවැනි පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් මහතාගේ
    ජීවන තතු
    """""""""""""""""""
    අයර්ලන්ත හා ස්කොට්ලන්ත යුවළකට දාව 1851 සැප්තැම්බර් 21 වන දින හැරී චාර්ල්ස් පර්විස් බෙල් උපන්නේ ඉන්දියාවේ ඒඩන්හි දීයි. ඒ කාලෙ බෙල්ගේ පියා සේවය කළේ යටත්විජිත ඉන්දියාවේ හමුදා මේජර්වරයෙක් ලෙසයි. හැරී චාල්ස් තමයි දරු දෙදෙනකුගෙන් යුත් ඒ පවුලේ බාලයා වුණේ. ඔහු කුඩා කලෙදි ම අධ්‍යාපනය සඳහා එංගලන්තයට යවනවා.
    හැරී සහ ඔහුගේ අය්යා වූ ඇලෙක්, චෙල්ටෙන්හම් ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කෙරෙනවා. චාල්ස් පාසල් කාලෙ පටන් ම ඉතිහාසය නැතිනම් පැරණි දේවල් ගැන උනන්දුවෙන් සිටි බවයි පැවසෙන්නේ.
    හැරී චාල්ස් පාසල් ගමන නිම කරන්නේ 1870 දී. ඉන් පසු ඔහු සිවිල් සේවා විභාගයට පෙනී සිට එය සමත් වෙනවා. අනතුරුව ලංකාවේ සේවයට කැමැත්ත පළ කර 1873 දී මෙරටට ගොඩ බසිනවා. ඒ ආධුනික සිවිල් නිලධාරියක ලෙසයි. ඉන් පසු යළිත් මාලදිවයිනට ටික කලකට යන්නේ 1879 දියි. එහි රේගු නිලධාරියකු වශයෙන් කටයුතු කරමින් සිටින බෙල්ට මාලදිවයිනෙහි ඉතිහාසය, සංස්කෘතිය හා භාෂාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට උනන්දුවක් හට ගන්නවා.
    ලංකාවට පැමිණෙන ඔහු එවකට ඉතිහාසයට ළැදි උගතුන් කිහිප දෙනකු පවත්වාගෙන ගිය රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සාමාජිකත්වය ලබා ගන්නේ 1880 දියි.
    බෙල් පාටිය
    """"""""""""""""""""
    මේ සමය වන විට බෙල් කෑගල්ල දිස්ත්‍රික්කයේ විනිශ්චයකාරවරයකු වශයෙන් කටයුතු කරමින් සිටි අතර ඔහු මුලින් ම කෑගල්ල දිස්ත්‍රික්කයේ පුරාවස්තු සම්බන්ධයෙන් ගවේෂණයක් ආරම්භ කරනවා. මේ අතර Archaeology survey Department නමින් ආරම්භ කළ පුරාවිද්‍යා දෙපාර්ත්මේන්තුවේ මූලස්ථානය පිහිටුවන්නේ වැඩි ම නටබුන් සංඛ්‍යාවක් තිබූ අනුරාධපුර නගරයේයි.
    ඒ. එච්. ගෝර්ඩන් ආණ්ඩුකාරයාගේ නියමය පරිදි ඔහු අනුරාධපුරයට පැමිණ පුරාවිද්‍යා කටයුතු නිල වශයෙන් ආරම්භ කළේ 1890 ජූලි 7 දායි. ඒ නිසා ජාතික පුරාවිද්‍යා දිනය ලෙස සෑම වර්ෂයකම ජූලි 7 දා සමරනවා.
    ඒ කාලයේ මුලින් ම කළ යුතු වූයේ වනයෙන් වැසී පැවති අනුරාධපුරයේ නටබුන් එළිපෙහෙලි කර පාදා ගැනීමයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමන්විත වුණේ කොමසාරිස් හැරුණු විට සහකාර යුරෝපීය නිලධාරියෙක්, ලිපිකරුවෙක්, සිතියම් අඳින්නන් තුන් දෙනෙක් සහ සියයක් පමණ වූ කම්කරු පිරිසකගෙන්.
    අනුරාධපුර කැණීම්
    """""""""""""""""""""""""""""""""
    බෙල් අනුරාධපුරයට යන විට පුරාණ දාගබ්, විහාර, මහා වනාන්තරයෙන් වැසී වන සතුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබුණා. ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය පමණයි තරමක් හෝ බැතිමතුන් පැමිණෙන ස්ථාන ලෙස තිබුණේ. ඔහු අනුරාධපුරයේ කඳවුරු බැඳගෙන මහාවිහාර සංකීර්ණයේ දාගබ්, මහ ආරාම එළිකිරීම ආරම්භ කළා.
    ඉන් පසු ඒවායේ සැලසුම් ඇඳ වාර්තාගත කරමින් හැකි පමණ සංරක්ෂණයත් කිරිමට උත්සාහ කළා. මුලින්ම ඔහුගේ අවධානය දිනාගත්තේ නටබුන් කඳු වශයෙන් පැවති ජේතවනාරාමය සහ අභයගිරිය යන දාගබ්. 1895-1898 ථූපාරාමය, 1899-1902 රුවන්වැලිසෑය, 1902-1903 මිරිසවැටිය ආදී දාගබ් ද ගවේෂණය කර ඔහු පාදා ගත්තා. විශාල පුරාවස්තුන් ප්‍රමාණයක් පොළොවෙන් මතුපිටට මතු කර ගැනීමටත් බෙල් සමත් වුණා.
    අනුරාධපුර පැරණි නගරය, පන්කුලිය, කිරිබත්වෙහෙර, තොලුවිල, එළාර සොහොන ( දක්ඛිණ ථූපය) පුලියන්කුලම හා රන්මසු උයන ආශ්‍රිත නටබුන් ගවේෂණයත් සිදු කළා. නැවත ඔහු අනුරාධපුරයට පැමිණෙන්නේ 1906 වසරේදියි. 1906 සිට 1910 දක්වා වෙස්සගිරිය, ලංකාරාමය, අභයගිරිය සම්බන්ධ ගවේෂණ තවදුරටත් සිදුකර වාර්තා සකස් කරනවා.
    මේ කාලයේම අනුරාධපුරයට නුදුරින් පිහිටි රිටිගල ආරණ්‍යය, මානාකන්ද ආරණ්‍යය වැනි ස්ථාන ද ගවේෂණය කර වාර්තා ගත කරනවා.
    සීගිරිය
    """""""""""""
    වර්ෂ 1895 වසරේ ආරම්භ කරන සිගිරිය ආශ්‍රිත කැණීම්වලින් ගල පාමුල පිරී තිබූ පස් ඉවත් කර සිංහ පාදය පාදා ගැනීම විශේෂ අවස්ථාවක් වුණා. කඹවල ආධාරයෙන් සීගිරි පර්වතයට නැග බිතුසිතුවම් ඡායාරූපගත කිරීමට ද ඔහු පියවර ගන්නවා.
    එවකට දෙපාර්තමේන්තුවේ සටහන් සකස් කරන ශිල්පියා වශයෙන් කටයුතු කල ඩී.ඒ.එල්. පෙරේරා ලවා සිගිරි චිත්‍ර පිටපත් කිරීමත් විශේෂ සිද්ධියක්. එම චිත්‍ර සංරක්ෂණයටත්, ආරක්ෂා කිරීමටත් විවිධ පියවර ගෙන තිබෙනවා.
    සීගිරිය පර්වතය මත එකතු වී තිබූ පස් ඉවත්කර රජ මාලිගා නටබුන් පාදා ගැනීමටත් බෙල් කටයුතු කරනවා. බෙල් තම කුඩා දරුවා සහ බිරිය ද සමඟ කඹවල එල්ලී සීගිරි ගල තරණය කරනු දැක්වෙන පැරණි ඡායාරූපවලින් පැහැදිලි වෙන්නේ ඔහු සීගිරියට දැක්වූ විශාල කැමැත්තයි.
    පුරාවිද්‍යාවෙන් සමු ගනී
    """"""""""""""""""""""""""""""""""""""""
    බෙල් පුරාවිද්‍යා කොමසාරිස් ධුරයෙන් 1912 වසරේ දෙසැම්බර් මස 08 වන දින විශ්‍රාම යනවා. .
    1937 වසරේ සිය ජීවිත ගමන ඔහු අවසන් කළත් තවමත් බෙල්ගේ නාමය පුරාවිද්‍යාවට අතීත උරුමයට උනන්දුවන කවුරුත් මතක් කරනවා. ඔහුගේ පැරණි වාර්තා, ලිපි නිතර පරිශීලනය කරනවා.
    මූලාශ්‍ර:
    Kusumsiri Wijayawardena
    ලංකා පුරාවිද්‍යාවේ ඉතිහාසය -ඩබ්ලිව්. සද්ධාමංගල කරුණාරත්න
    Archeaogical Survey of Ceylon - Annual Report- 1891,
    Archeaogical Survey of Ceylon - Annual Report- 1892 Kegalle District

ความคิดเห็น • 42

  • @BMKtravelSL
    @BMKtravelSL  3 หลายเดือนก่อน +3

    සීගිරිය පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මූලාශ්‍ර ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.
    * ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 4 หลายเดือนก่อน +17

    බෙල්ට කඩේ යන්න එපා එපා ..ඒකා තමයි අපේ සිංහල බවුද්ද, අපේ උරුමයන් විශාල වශයෙන් විනාශ කලේ

  • @user-zt4by5so6p
    @user-zt4by5so6p 6 วันที่ผ่านมา

    Tarka/vitarka mada ode soya ganim digatama karanna api ita asawen balanawa

  • @hemanthiw9732
    @hemanthiw9732 2 หลายเดือนก่อน

    Thank you

  • @sadunsadun1036
    @sadunsadun1036 21 วันที่ผ่านมา +1

    ඉතිහාසය වෙනස් කරා..හැංගුවා..
    බෙල් තමයි මේ ඉතිහාසය කෑවේ..

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 4 หลายเดือนก่อน +4

    බෙල් ගැන මට තියෙන්නේත් අපිරිසිදු හැගිමක්.😢

    • @BMKtravelSL
      @BMKtravelSL  4 หลายเดือนก่อน

      ඒක යම්කිසි පිරිසක් රැල්ලට ගොඩනගපු මතවාදයක් සමාජගතවෙලා තියෙන ආකාරය.. මම මේ වීඩියෝ එකෙත් ඒ පිළිබඳව කතා කරනවා පැහැදිලිව.. ඔහුගෙ විතරක් නෙමෙයි ඕනෑම ක්ශේස්ත්‍රයක මිනිස්සුන්ගෙ හොද නරක දෙපැත්තම තියෙනවා.. ඒ පිළිබඳ සීමිත කරුණු ටිකක් මේ වීඩියෝ එකෙත් මම කතා කරල තියෙනවා.

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 2 หลายเดือนก่อน

      @@BMKtravelSL අපේ බුදුන් වහන්සේ වන්දනා මාන කිරිමට අනුදැන වදාල උද්දේශික ධාතු (සිරිපතුල් )රැවන්වැලිසැය,ජේතවනාරාමය,අභයගිරිය ආදි ස්එාන වල සලපතළ මලුවල අල්ලා බොදු සැදහතුන්ටම පැගෙන්න සලසපු බෙල් කොහොමද හොද වෙන්නේ.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 14 ชั่วโมงที่ผ่านมา

      බෙල් කියන්නෙ නිදන් හොරෙක්. ඔය කාලවකවානුවේ හිටපු හුඟාක් සුද්දෝ නිදන් හොරු. අපේ රටේ පුරාවස්තු එංගලන්තය ට ගෙන ගියා. උන්ට අපි පුරාවිද්‍යාවේ පියා කියනවා. 😂😂😂😂

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 4 หลายเดือนก่อน +5

    මේක සිවුපා පාදයක් නොවෙයි කියන එක කාටත් පේනවා.....
    මේක කුරුලු පාදයක්

    • @BMKtravelSL
      @BMKtravelSL  4 หลายเดือนก่อน +1

      මම මේ වැඩසටහනේ පාද සලකුණු මොකක් විය හැකිද කියන එක විස්තර කරල නෑ. ඒ ගැන අපි වෙනත් වැඩසටහනකින් කතා කරමු. කොහොම උනත් පේන සාධක අනුව නිර්මාණකරුවාගේ අදහස මොකක්ද කියල අපිට නිවරදිවම අවබෝධය කරගන්න අමාරුයි. ඒ නිසයි පවතින සාධක එක්ක නිගමනය කරන්න වෙන්නේ.. පෙනුම දිහා විතරක් බලනව නම් මේක 'ඩයනෝසර පාදයක්' කියලත් කෙනෙක්ට කියන්න පුලුවන්. ඒ නිසා පේන දේ අනුව නිගමනය කරන්න ඉක්මන් විය යුතු නෑ.. රැල්ලට දක්වන අදහස් හැම වෙලාවෙම නිවරදි වෙන්නෙත් නෑ.. උදාහරණයක් විදියට බුදු පිළිම දිහා බලලා බුදුහාමුදුරුවො මේ වගේ කියල හිතනව වගේ දෙයක් ඒක.. අපේ බුදු පිළිම අනුව බුදුහාමුදුරුවො අපේ විදිය, හැබැයි කොරියාව වගේ රටක, සිංගප්පූරුව වගේ රටක බුදු පිළිම වලින් බුදුන් දකින්නේ ඒ රටේ මිනිස්සුන්ගෙ රවුම් ඇස් පොඩි මූණ තියෙන බුදු පිළිම.. ඉතින් දකින දේ අනුව යතාර්ථය ඒක නොවෙන්න පුලුවන් කියන එකට උදාහරණයක් කීවේ..
      ඒ විදියෙම කතාවක් තමයි සීගිරියේ සිංහ පාදයෙත් තියෙන්නේ.. ඒ නිසා පවතින සාධක අනුව අදහස් ගොඩනගාගන්නවා ඇරෙන්න. "මගේ අදහස තමයි හරිම අදහස, අනිත් ඒව වැරදි" කියන තර්කය ප්‍රායෝගික තලයෙදි හොද අදහස් දැක්වීමක් වෙන්නෙ නෑ..
      කොහොම උනත් බොහෝම ස්තූතියි ඔබේ අදහස් එකතුකිරීමට.

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th หลายเดือนก่อน +1

    බෙල් තමා ලංකාවේ ඉතිහාසය කෑවේ

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 4 หลายเดือนก่อน +3

    මේතරමටවත් ⁣පෛෟරාණික වස්තූන්රැකිලතිබීම සිංහළ ජාතියට ඉමහත් ගෞරවයක්මය. අද සංචාරක විය්‍යාපාරයට අස්වැසිල්ලක්වී ඇත්තේත් පෙර රජදරුවන්ගේ උත්සාහයත් සහ ජාතික හැගීමත්ය. නතිනම් අද රටේ තත්වයඅනුව අපටකියා හෙල උරුමයක් නැතිවෙන්නතිබුන.එමනිසා මෙවන් පැහැදිලිකිරී්ම් බොහෝ වැදගත්වේ. ඉස්තූතියි.

  • @JranawakaKankanamgamage
    @JranawakaKankanamgamage 2 หลายเดือนก่อน

    Kawa

  • @nmsdananjana
    @nmsdananjana 4 หลายเดือนก่อน

    ❤️

  • @anushkamalinda3400
    @anushkamalinda3400 หลายเดือนก่อน

    Bellla thamai ape hela ithihasaya vikurthi kale aa bawa himdatama.pahadiliei???

  • @malisha3568
    @malisha3568 3 หลายเดือนก่อน +1

    ඔය ඇගිලි තුන එහා පැත්තේ තව ඇගිල්ලක් තියනවා පේන්නේ මට විතරද අර සිමින්ති දලා තියේන්නේ

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      පාද දෙකේම ඉදිරිපස ඇගිලි වලට අමතරව තව කුඩා ඇගිල්ලක් පිටුපසින් නිර්මාණය කරල තියෙනවා. පැහැදිලිව ඒ කුඩා ඇගිල්ල දැකගන්න පුලුවන්.

  • @koreandramaworld2687
    @koreandramaworld2687 4 หลายเดือนก่อน +1

    Ape rate dewal horakam karapu hamoma dan sathara apaye aththe..thama karana ayatath e tika thama 😖😖

  • @lathalathasamarakoon4458
    @lathalathasamarakoon4458 4 หลายเดือนก่อน

    Dan ඉතින් bmk travel akath අමතක කරන kale awith wage

    • @BMKtravelSL
      @BMKtravelSL  4 หลายเดือนก่อน

      මොනවද හේතු කාරණා .

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 หลายเดือนก่อน

    Bell kiyanne boge appada. u ewilla patta horek, mankolla karayek. mishanariyek. paduwe hitahan buuruwa...

    • @BMKtravelSL
      @BMKtravelSL  4 หลายเดือนก่อน +1

      රැල්ලට අරූ හොදා මූ හොදා කියාගෙන ආවහම ඔහොම අදහස් එන එක සාමාන්‍යයි. හොද නරක දෙකම මේ වීඩියෝ එකේ බොහොම පැහැදිලිව කියල තියෙනවා. හොද දේක හොද දකින්නත් වැරදි දේ මේකයි කියල කියන්නත් ඇරෙන්න ජාතකේ රෙද්දපල්ලෙ බේරෙන උන් වෙනුවෙන් ලියන කාලයත් අපරාදෙ කියල හිතෙනවා. රැල්ලට ඌ හොරා මූ හොරා කියන්න කළින් කියල තියෙන දේ අවබෝධය කරගන්න පුලුවන් මට්ටමේ දැනුමක් අවබෝධයක් වත් ඇති එකෙක් උනා නම් වටිනවා. මිනිහෙකුගේ මානසික මට්ටම ජාතකෙන් පේන්න කලින් භාවිතා කරන වචන වලින් එලියට දාන්න පුරුදු වෙයන්. අඩුම තරමේ කියල තියෙන දේ අවබෝධ කරගන්න තරම් වත් මට්ටමකට මුළින් එන්න උත්සාහ කරොත් හොදයි. ඊට පස්සෙ බෙල් ගැන හරි ඉතිහාසය ගැන හරි අවබෝධයක් ඇතුව කියවාගන්න හරි පුලුවන්. නැත් නම් තව එකෙක්ගෙ ජාතකේ හොයනවට වඩා තමන්ගෙ ජාතකේ එලියට එන එක තමයි වෙන්නෙ.

  • @Dumithjayantha
    @Dumithjayantha 4 หลายเดือนก่อน

    Sinhapadyak wen na bae kurullekugae paadayak wagae paenne makarekugae wen na baerida

    • @BMKtravelSL
      @BMKtravelSL  4 หลายเดือนก่อน

      එකෙනාක විවිධ වූ ඕනෑතරම් අදහස් තියෙන්න පුලුවන්.. මකරෙක් වගේම ඩයනෝසර පාදයක් කියලත් අදහස් දක්වන්න පුලුවන්.

  • @ShehanMalidu-j8u
    @ShehanMalidu-j8u 4 วันที่ผ่านมา

    Kawda oii thamuse buruwa othana thibba uman maraga dekak owa goda nagapu aya ehema ahan hitiyanan 😁☠️

    • @NiroshanRathnayaka-pq3vs
      @NiroshanRathnayaka-pq3vs 3 วันที่ผ่านมา

      බොගෙ අප්පද ඔතන උමං මාර්ග හැදුවේ

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc 4 หลายเดือนก่อน +1

    සත්‍යය ඉතිහාසය අපට සොයා දෙන ඔබට සුභ navavasarak veva🎉🎉🎉🎉

  • @emediaproduction9711
    @emediaproduction9711 4 หลายเดือนก่อน +1

    Video එකට අදාල නැති ප්‍රශ්නයක් හිතේ තියෙනවා.දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න. ලන්කාවෙ ගොඩක් තැන් වල , රජවරු වපාවිච්චි කල සින්හාසන වල පාද වල, පුටු ඇන්දේ, ලී කැටයම් වල, ඔක්කොටමත් වැඩිය ලන්කාවෙ කොඩියේ පවා අපිට සින්හයාට අදාල සින්හ පාද, සින්හ මූනු, ආදිය දැකගන්න පුලුවන්. මෙච්චර සින්හයා අපිට සමීප වෙන්න..අතීතයේ ලන්කාවෙ සින්හයෝ හිටියාද? උන්ට මොකද උනේ?

    • @SameerAKumara-hq6hf
      @SameerAKumara-hq6hf 2 หลายเดือนก่อน +2

      අවුරැදු 13000පෙර හිටියා කියලා රාජ් සෝම දෙිව මහතා වැඩසටහනක කීවා

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน +3

      රත්නපුර සහ බලංගොඩ ආශ්‍රිතව සිංහයෙකුගේ දතක අවශේෂ හමුවී ඇති බව සදහනක් තියෙනවා. නමුත් විශාල වශයෙන් සිංහයන් සිටි බවට හෝ වසර 3000කස කාලය ඇතුළත සිංහයන් වාසය කළ බවට මා දන්නා තරමින් සාධක හමුවන්නේ නෑ. නමුත් සංකල්පීය වශයෙන් මිනිස්සු තුළ තිබුණ විශ්වාස සහ භක්තිමත්බාවය මත තමයි සිංහයා කියන තේජාන්විත සත්වයා ලංකාවේ සංස්කෘතික තුළ වගේම කලාව සාහිත්‍ය යන විවිධ අංශ කෙරෙහි බලපාල තියෙන්නේ.. උදාහරණයක් විදියට බුදු පිළිම කලාව පෙන්වාදෙන්න පුලුවන්. බුද්ධ රූපය ඇසෙන් දැක නැති උනත් අපේ කලා කරුවන් හිතේ තියෙන භක්තිමත් රූපය ඔවුන් කලාත්මකව ගොඩනගා තිබෙනවා.. එවැනිම ආකාරයේ සංකල්පයක් තමයි මම හිතන විදියට සිංහයා පිළිබඳ සංකල්පයත්.

    • @emediaproduction9711
      @emediaproduction9711 2 หลายเดือนก่อน

      @@SameerAKumara-hq6hfthanks bro

    • @emediaproduction9711
      @emediaproduction9711 2 หลายเดือนก่อน

      @@BMKtravelSLthanks for the reply 😊

  • @shanthamallika9999
    @shanthamallika9999 4 หลายเดือนก่อน

    subama suba alut auruddak wewa puta Theruwan saranai👍👍💐

    • @BMKtravelSL
      @BMKtravelSL  4 หลายเดือนก่อน

      සුබ නව වසරක් වේවා.. 🌻 තෙරුවන් සරණයි.

  • @sathminageethanjana9594
    @sathminageethanjana9594 หลายเดือนก่อน

    Meyawa 100% sure krnna epa

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th หลายเดือนก่อน

    පට්ට හොරෙක්