Pilkington & Millennium Viewpoints Poonagala | Misty Mountain Viewpoints | අලි මංකඩින් මිලේනියම් වලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2022
  • අලි ඇත්තු මැදින් පූනාගල සිට පිල්කින්ග්ටන් පොයින්ට් එක සහ මිලේනියම් පොයින්ට් එක සොයා ගිය සුන්දර චාරිකාවේ රූප රචනාව
    පූනාගල කදු මුදුනේ එක් අන්තයක පිහිටි පිල්කින්ග්ටන් පොයින්ට් නැමැති නැරඹුම් ස්ථානයේ සිට පහල බලන්නෙකුට දිස් වන්නේ කදු වලල්ලකින් වට වුනු වලාකුළු වලටත් ඉහල සිටින්නාක් වැනි හැගීමකි. තරමක් දුශ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කල යුතුව තිබෙන පිල්කින්ග්ටන් පොයින්ට් එකේ සිට මිලේනියම් පොයින්ට් එක දක්වා ගමන නම් තරමක් අනතුරු දායකයි. මක් නිසාද යත් තනි තනිව වෙසෙනා සද්ධන්තයන් කිහිප දෙනෙකු මේ ඉසව්වේ කරක් ගහන බැවිනි.
    කෙසේ නමුත් අප මේ සුන්දර ගමනාන්තයන් දෙකටම ගමන් කලේ මීදුම පිරුණු සුන්දර පාරක් දිගේ කදු අතරින් ඉහලට ගමන් ගැනීමෙන් අනතුරුවයි. එය. සැබැවින්ම සොදුරු අත්දැකීමක්.
    විවිධ අතිශෝක්තින් වලින් සහ මති මතාන්තර වලින් පිරී ගිය සුන්දර ගමනාන්තයන් දෙකක නිදහස් මනසින් ගත කල දින කිහිපය කිසිදා අමතක නොවනු ඇත. එමෙන්ම අලි ඇතුන් මුන ගැසුනු ගම්මුන් සහ කතා බහක යෙදීමටත් අමතක නොකිරීමට මේ සංචාරයේදි අපට හැකි විය. එමෙන්ම සුන්දර පරිසරයක සැරිසරණ හස්තිරාජයන් දැක බලාගැනීමටත් අපට පසුව හෝ හැකි විය.
    මේ ඒ සුන්දර සංචාරයේ රූප රචනාවයි. තවත් මෙබදුම සුන්දර සංචාරයකින් මුන ගැසෙමු. ඉතිං මේ ඔබේ අවස්ථාවයි.
    ආයුබෝවන් මම දිනේෂ්.
    Instagram - / dinesh_a_pathum
    Message or information - / dinesh_a_pathum
    DAP production
    "සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
    විශේෂ ස්තූතිය -
    විහග රුක්ෂාන්
    භාතිය ලක්ශාන් ( Drone video )
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    This vlog is based on an adventurous journey we made through the paths where Elephants live.
    Pilkington viewpoint is one end of the Poonagala Mountain range. This viewpoint shows off a range of blue mountains one after the other, and it stands above the misty clouds.
    From Pilkington's viewpoint, it is one stretch of the off-road towards the Millennium viewpoint, but both of these viewpoints are two spectacular arrangements of our Motherland. Whoever wants to visit these places must be careful of wild Elephants.
    Greetings. I am Dinesh
    ආයුබෝවන් මම දිනේෂ්.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    මෙබදුම වූ සංචාර කිහිපයක්
    පූනාගල කදු මුදුනට - • Poonagala | Misty Moun...
    ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
    නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
    බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
    Part one - • උරුමය සොයා අම්පාර "බලා...
    Part two - • උරුමය සොයා අම්පාර "බලා...
    අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
    කැලේ පාරෙන් අවාරයේ - • අවාරේ සිරිපා | Off sea...
    මස්කෙලියේ ලස්සනම තැන - • Video
    මානිගල රැයක් - • Manigala Camping | මාන...
    පාදයාත්‍රාව(කැලේ මැදින් දින හතරක් ) - • Kataragama Pada Yatra ...
    සිංහරාජය මැද හදපාන් ඇල්ල සොයා - • Hadapan Ella Camping |...
    කටුසු කොන්දට (නුවර තියෙන පාරාදීසයන් හොයා) - • Kandy As You've Never ...
    DAP production
  • บันเทิง

ความคิดเห็น • 591

  • @jaliyaroshenjayarathne370
    @jaliyaroshenjayarathne370 ปีที่แล้ว +73

    අටුවා ටීකා අවශ්‍ය නැත. අවිවාදයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරයන් සම්බන්ධයෙන් බිහිවූ හොදම youtube වැඩසටහන් සහිත TH-cam නාලිකාව. පරිසරයට ආදරය කරන සොදුරු ප්‍රේක්ෂකයන් ආසාවෙන් එකතුවන , ස්වාභාදහමේ නොදුටු මානයන් විදින්න එකතු වන තැන. දිනේශ් අයියේ ඔබට සහ ඔබේ කණ්ඩායමට ජය.

  • @charithjayarathna5329
    @charithjayarathna5329 ปีที่แล้ว +13

    මම ජීවත් වෙන්නේ ස්වීඩනයේ. වැඩ ඇරිලා ඇවිත් කලා බීලා ඉවර වෙලා, කම්මැලිකමට ඊයේ රෑ utube බලන්න කියලා tv එකත් on කරගෙන soffa එකේ 4න් එකත් අතට අරන් දිග ඇරුනේ රෑ 10ට විතර. අවාරේ සිරිපාදේ vedio එක auto play උනා. බලන්න ගත්තා ගත්තමයි මං addict උනා බං කොල්ලෝ දිනේශ් උඹේ vedio ටික ❤️. 4n එක පැත්තක. එක දිගට බැලුවේ කුඩු ගහන එකෙක් ඇබ්බැහි වුන එකෙක් ගානට.. නිකමට වගේ වෙලාව බැලුවා. පාන්දර 4යි වෙලාව. මතක් උනා උදේ වැඩ නේද කියලා. ඒ නිසාම නිදාගත්තා මිසක් උඹේ vedio ටික අතරමග දාලා යන්න හිතක් තිබුනේ නෑ. අදත් ආවා උඹේ channel එක හොයාගෙන.. පුදුම ලස්සනයි. මං ආසම උඹේ සංවර පිළිවෙලක් ඇති කතා විලාසයට.. ඒක වෙනම කලාවක්.. මමත් travel කරන්න ආසම එකෙක්. හැබැයි මම දැකපු ලංකාවේ ලස්සනම travel vedios කරන එකා උඹ දිනේශ්. ජය වේවා ඉදිරියටම යන්නට 😍

  • @heshanshanaka1494
    @heshanshanaka1494 ปีที่แล้ว +40

    ආයුබෝවන් මම දිනේෂ් ...ඒ වචන ටික....dap කියන්නේ වෙනම brand එකක්.. දිනේෂ් සහෝදරයා ඔබට තවත් දිගු කාලයක් අපගේ මනස සොබාදම් මාතාවගේ අසිරියෙන් පුරවාලන්නට ශක්තිය දිරිය ලැබේවා !! Sri Lanka's No.1 Travel channel.

  • @lahiruliyanage660
    @lahiruliyanage660 ปีที่แล้ว +12

    උබේ වචන භාවනාවක් අයියේ..❤

  • @sehasgaming6000
    @sehasgaming6000 ปีที่แล้ว +6

    අද විබහගෙ ඉංග්‍රීසි තිබ්බෙ රචනාවට ලිව්වෙ උදේ ජනේලෙ ඇරියම පේන සුන්දරත්වය ඒ වෙලාවෙ Dinesh අයියව මතක් උනේ වීඩියෝ වල අයියා කතා කරන වචන ලස්සනයි ඒකෙන් ගේමක් ගහගත්තා ඒ වෙලාවෙ එඩිශම් බංගලාවත් මතක් උනා විඩියො බලන එකේ ප්‍රයෝජනය අද තමයි දන්නෙ ආදරෙයි කොල්ලෝ ❤️❤️✌️

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial1201 ปีที่แล้ว +6

    "මේකා විකුණන් නෑ නේ විස්තර අහනවා මිසක් " 😂 ඒක තමා ආතල්ම 😆😆

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +5

    ලෝකයේ උතුම්ම දේශය මගෙ මව්බිමයි නිර්වචන නැත සහෝදරයා අප ණයගැති නුඹ ඇතුළු කණ්ඩායමට 🙏🌿

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว +5

    ශ්‍ර්‍රී ලංකාව, සොභා සුන්දරත්වයෙන් මෙතෙකැයි කියා නිම කල නොහැකි රටක්/පාරාදීසයක්. 💚🙏

  • @slshorts2314
    @slshorts2314 ปีที่แล้ว +4

    සොභාදහම දෙන දෙයක් තමයි
    එයා ඕනෙ වෙලාවට මාව ගනී
    එතෙක් අපි ඇවිදිමු ❤🥺 හදවතින් කියවෙන සජීවී කතන්දර මාර ලස්ස්නයි. අයියා පිනක්
    කරගන්නව ඔයා අපෙ මානසික සතුට අපිට ගෙනත් දීලා ❤

  • @manjulasampat5764
    @manjulasampat5764 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ දිනෙෂ් අයියා ඔයා මාරම වාසනාවන්තයි . ඇත්තටම මට මෙ විඩීයෝ ඒක ඉවර වෙනකොට මගේ ඇස් වලට කදුළු ආවා.අයියෙ ...ඔයා අපෙ ශ්‍රී ලංකාවට පහාල වුණු සොබාදහම විසින් දයාද කර .. මනුෂ්‍යයෙක් දිනෙෂ් අයියා ...ඔයාට වගෙම ඔයාව මෙලෙවට බිහි කරපු ඔයාගේ මෑණියන්ටත් ... තෙරුවන් සරණයි

  • @DtvCeylon
    @DtvCeylon ปีที่แล้ว +4

    කොහේ ගියත් පරෙස්සමෙන් ... හොදම සංචාරක යූටියුබ් වැඩසටහන මේක තමයි. ලංකාවේ ටීවී චැනල් එකකින් වත් කරන්නෙ නැති දේවල් තියන අඩු පහසුකම් වලින් දිනේෂ් කරනවා. ජයවේවා

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 ปีที่แล้ว +4

    හිතේ මහන්සියට හැම සිකුරාදාම ඔයාගෙ video එකක් බලනවා කියන්නෙ කොව්වර සුන්දර දෙයක් ද. කියන්න වවන නැ .ඒක හදවට දැනෙන දෙයක් .බුදු සරනයි මල්ලි .ඔයාල ඔක්කොටම ......♥️♥️♥️♥️

  • @navodasandaruwan4437
    @navodasandaruwan4437 ปีที่แล้ว +4

    vlog ටික වැටෙනකම් පිස්සුවෙන් වගේ බලන් ඉන්නෙ ❤️‍🔥🍃

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 ปีที่แล้ว +4

    කෝවිල ලග වීව් පොයින්ට් එකනම් මාරම ලස්සනයි... මීදුම අතරින් අපිවත් එක්කන් ගියාට ගොඩක් පිං... අර අලියා දැක්කාමනම් සෑහෙන්න බය හිතුනා. ❤️❤️❤️ හැමදාම වගේ මේ පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ සියලු දෙනාටත් නිදුක් නීරෝගී ශක්තමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💖💖💖

  • @pasanbuddhika867
    @pasanbuddhika867 ปีที่แล้ว +4

    Ratata aadare minissu dakiddi hithata danene sathuta.. ❤

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 ปีที่แล้ว +3

    ඉතිරි ටික බලන්න මග බලා හිටියා .ඒත් දැන්ම බලන්නේ නෑ. හැමදාම වගේ , රෑට නින්දට යනකොට ලස්සන හීනයක් වගේ. ...සුන්දර සංචාරයක් එක්ක .
    ස්තුතියි ඔබට.❤️❤️❤️

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 ปีที่แล้ว +6

    කොස්ලන්දෙන් කදු නගින අලි ඇත්තටම අලින්ගේ පැත්තෙන් බැලුවොත් උන්ට මේක හොදයි ව්යළි කලාපේ වගේ නෙමෙයි හොදට කෑම තියනවා

  • @rajithapushpakumara4348
    @rajithapushpakumara4348 ปีที่แล้ว +4

    මම ඉතාලියේ හිටියට උබේ video එකක් එනකම් බලාගෙන ඉන්නේ යාලුවා. අපේ රටේ ලස්සන පෙන්නනවට ගොඩක් පින් ......❤ බුදුසරණයි

  • @naveenmadushan5211
    @naveenmadushan5211 ปีที่แล้ว +36

    හිත නිවන සොදුරු මිතුරා ♥️🎊️

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +3

    අැත්තම අැත්ත මල්ලි හොඳ මිනිස්සුන්ට සොබාදහම උදව් කරනව බුදු සරණයි දෙවි පිහිටයි

  • @virajlakshan2305
    @virajlakshan2305 ปีที่แล้ว +5

    2:09 "මේකා විකුණන්නෑනේ විස්තර අහනවා මිසක්" 😂❤️

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +4

    ජීවිතේ විදින සොදුරු මිනිසා.....🙏❤

  • @piumikothalawala857
    @piumikothalawala857 ปีที่แล้ว +5

    භාවනාවක් ...❤️😍🍃🌏

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 ปีที่แล้ว +5

    තමන්ගේ ජිවිතේ කොයි වගේ වර්ණ වලින්ද හැඩ ගන් වන්නේ කියන එක තමන්ට අයිති කාරණාවක්.. ආදරෙයි මචං ඒ වචන වලට ❤❤

  • @Tharindu_S_Withanage
    @Tharindu_S_Withanage ปีที่แล้ว +9

    38:36 " සල්ලි වලට සහ වෙනයම් හේතු වලට කොටුවෙනවට වැඩිය හොදයි මේ වාහනත් එක්ක මේ සොහොබාදහමත් එක්ක ගෙවිල යන ජීවිතය..." ඇත්තම කතාවක් සහෝදරයා...❤❤

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +4

    නියමයි මාරම ලස්සනයි ගොඩක් පින් අපිට මෙ වගෙ තැන් පෙන්නවට අලියෙකුත්🐘🐘 දැක්කා මාරම සතුටුයි තෙරුවන් සරණයි 👍❤️

  • @dhanushkakalubowila4334
    @dhanushkakalubowila4334 ปีที่แล้ว +3

    Lankawa kochchara lassana ratakda kiyala hithuna..❤️❤️

  • @Cookandcook-i2p
    @Cookandcook-i2p ปีที่แล้ว +2

    ඒ කටහඬ භාවනාක් වගේ.අහන් ඉන්නේ ගොඩාක් ආසාවෙන්.ඔයාට ගොඩාක් පින් මේ රටේ සුන්දරත්වය සුන්දර විදියට බෙදා ගන්නවාට🙏🙏🙏

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 ปีที่แล้ว +3

    ඊළග පාරත් බණ්ඩාරවෙල එන්න❤❤❤🌹🌹🙏🙏🙏,,,මතක ඇතුව ලොකු පීරිස් වත් එක්කගෙන ම,,,😊😊😊😊👍👍👍👍 ගොඩාක් පිං ගමේ ලස්සන ලෝකෙට ම පෙන්නුවාට,,ජය වේවා 🌹 හදවතේ සංචාරකයා,,,❤❤❤❤👍👍👍❤❤

  • @adithyaminidum7448
    @adithyaminidum7448 ปีที่แล้ว +4

    වචනවලින් කියන්න බැරි හැගීමක් දෙන වීඩියෝ...... හදවතේ සංචාරකයා දිනේෂ් ❤

  • @chaniduperera1739
    @chaniduperera1739 ปีที่แล้ว +3

    සොබාදහමට මෙච්චර ආදරය කරන අයියට සොබාදහමෙන් කරදරයක් වෙන්න විදිහක් නෑ.අයිය තරම් හොදට ඒ කියන්නෙ අපිත් අයිය එක්ක ඉන්නව වගේ දැනෙන්න ඉදිරිපත් කරන්නෙ අයිය විතරයි.අයියට ආදරේ නිසා දෙයක් කියන්නම්.මේ හිත් හොද මිනිසුන්ට කරදර වෙන කාලයක් කියල අයියත් දන්නව.ආදරේ නිසයි අයියෙ මතක් කරේ ඒ කාරනාව.පරිස්සමෙන් හිත හොද සංචාරකයාණෙනි!❤️❤️

  • @Kasun3588
    @Kasun3588 ปีที่แล้ว +2

    ගෙදරින් කිසිමදිහාක යන්න නොදෙන නිසා ලන්කාවෙ ලස්සන තැන් ගැන කියාදෙන දිනේශ් අය්යට ආදරෙයි පින්....🥺🌍💜️

  • @reshainelands3631
    @reshainelands3631 ปีที่แล้ว +4

    පරෙස්සමෙන් සොදුරු ගමන් යන්න.. තව බොහෝ කාලයක් ❤❤❤

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 ปีที่แล้ว +3

    දැන් මේක බලන එක අැබ්බැහියක් වෙලා. හරිම ලස්සනයි . අ⁣පිට යාගත නොහැකි ඉසව් කරා අපිව ගෙනියන ඔයාට ත්‍රිවිධ රත්නයේම පිහිටයි පුතා. රටේ සියලු දෙනාටම ඔයා දෙන අාදර්ශය විශිෂ්ටයි . අපේ ගෞරවනීය ප්‍රණාමය ඔයා ඇතුළු මුළු කණ්ඩායමටම.❤️❤️❤️👌🌹🌹

  • @maduranga4803
    @maduranga4803 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයන්ම් දිනෙෂ් අයියා තමා 🥰❤️ bs 🙏

  • @aselaroshan9152
    @aselaroshan9152 ปีที่แล้ว +4

    අපේ සොඳුරු සංචාරකයා
    යන හැමතැනම ඔබට මාහාසැයේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @kavinduheshan3578
    @kavinduheshan3578 ปีที่แล้ว +6

    දිනේෂ් අයියගෙ වීඩියෝ බලන්නෙ මුල් කාලෙ ඉදන් ... අයියගෙ channel එකේ ඒ කාලේ subscribe ගාන පෙන්නුවෙ නෑ ඒත් මේ ලගකදි ඉදලා පෙන්නනවා.. මන් හිතුවෙ අපිව මේ තරම් සොබාදහම අතර අතරමන් කරන අයියගෙ මේ channel එකේ subscribers ලා ගොඩක් ඇති කියලා ...එත් හිතුව තරම් එහෙම නෑ ... මට පුදුමයි ඒ ගැන... ඉතින් අයියා වෙන මහන්සියට අපි අයියට gift එකක් දෙමු .. share කරමු යාලුවනේ ... අපි වගෙ මේ නිදහසට ආස කරන තව ගොඩක් අය ඇති ...ඒ අයවත් අපි එකතු කර ගමු. මන් මේ you tube channel එකක comment එකක් දාන පලමුවෙනි අවස්තාව .. අයියා එයා විදින සුන්දරත්වය ලෝභ නැතුව අපිට දෙනවා ...ඒකමයි මම මේ විදියට comment එකක් දාන්න හිතුවෙ .... අයියට පින් මෙහෙම අපිව එක්කන් යනවට ... god bless you aiye .

  • @harshadezoysa8177
    @harshadezoysa8177 ปีที่แล้ว +4

    අයියේ ඔයා මාර පිනක් කරන්නේ ඕවා අපට පෙන්නලා ඔයාට බුදු සරණයි අපි රට්ට ඉඳගෙන ඔයාගේ ඔව්වා බලලා pension එක අඩු කර ගන්නවා නැවතත් ඔයාලට බුදු සරණයි ❤️❤️‍🔥

  • @shermilafdo7949
    @shermilafdo7949 ปีที่แล้ว +2

    පුදුමාකාර අසිරිමත් සුන්දරත්වයක්!! බොහෝ පින් දිනේෂ් .. හදවතේ සොදුරැම තැනකට කතාකරන , විඩාබර ජීවීතවලට සොදුරැ අත්දැකීම් එකතුකරන, අපට ලගාවිය නොහැකී තැන් නිර්ලෝභීව අපට පෙන්වන ඔබ ඇතුළු සගයීන්ට කොපමණ තුතී පිදුවත් ප්‍රමාණවත් නොවන බවයී මට හිතෙක්නේ…තෙරැවණ් සරණයී! දෙවී පිහිටයී ඔබ ඇතුළු බලමුළුවට….

  • @susabro3362
    @susabro3362 ปีที่แล้ว +4

    සිත සදා නිවන්නා වූ එකම තැන - DAP 💞

  • @sasaninavodya4925
    @sasaninavodya4925 ปีที่แล้ว +3

    අපේ රටේ තියෙන ලස්සන, අපි නොදැකපු තැන්❤️අයියගේ ඇස් දෙකෙන්, වචන වලින් මේ විදියට, බලනකොට හිතට දැනේන සතුට කියලා වැඩක් නෑ අයියේ ❤️ ඒ හැමදේකටම ⁣අයියට ගොඩක් පිං❤️ හදවතේ සංචාරකයා❤️❤️ DAP❤️❤️

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 ปีที่แล้ว +3

    නිකමට හිතන්න පරිසරයට අපිව කොච්චර නිවන්න පුලුවන්ද , මෙ මනුස්සයා පරිසරයෙ ඉදලා කොච්චර නිවිලා ඇත්ද, මම you teub එකෙන් ආසම එක මෙක, මෙක බෙලුවාම සැනසිමක් මිසක් වෙනත් කිසිදෙයක් ලැබෙන්නති නිසා ❤️🌿

  • @GXM363
    @GXM363 ปีที่แล้ว +2

    Hadawathe sancharakaya ❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    දිනේෂ් කියන නම ඒ අහිංසක පැතුම් සියල්ල එක්කරන් හරිම සුන්දර ගමනාන්තයකට එක්කරන් ගියා. ඒ තරමට මම බයික් එකේ ගියා වගේ දැණුනා. හරිම ආසාවෙන් ඔබේ විඩියෝ දැකබලා ස්භාවදහමේ මෑණියන්ගේ ආශිර්වාද මැද ඔබ යන මේ මාවත මේ ලෝකය පාට කරමින් මා ප්‍රීතියෙන් භාවනාවක් වගේ බලා සිටියෙමි . 🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +1

    🙏සිත ..සිතෙන් නිදහස් වන තුරුම යහපතෙහිම යෙදෙන්න..ඔබට යහපතක්ම වේවා! ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏

  • @dharanaperera2322
    @dharanaperera2322 ปีที่แล้ว +3

    Kiyanna wachana naha aiye…..hithata kisima deyak enne naha kiyanna.a tharam hitha pirenawa aiyage video walin.echcharai kiyanna thiynne.thank you apita mahema videos walin ape rate sundarathwaya genawata.Budusaranai ❤

  • @bhashithadumindu7366
    @bhashithadumindu7366 ปีที่แล้ว +2

    ඔය ඔක්කොගෙම දින තුනක ගමනකින් 13 වෙනිද මාත් ආවෙ....මාරම ලස්සනයි

  • @ridmasampath5708
    @ridmasampath5708 ปีที่แล้ว +4

    අයියට පිං සිද්ධ වෙනවා මේ රූපරාමු අපේ ඇස් දෙකට පේන සලස්සනවා ට...🙏🏼🗾⛰️❤️🤍

  • @tharakawithanage497
    @tharakawithanage497 ปีที่แล้ว +2

    2019 ගියා Pilkington Point බලන්න. ගුගල් මැප් එකෙන් හපුතලේ අවට බලන්න තියන තැන් ගැන පොඩි සර්ච් එකක් දාද්දි හම්බුනේ. මට හිතාගන්න බැරිඋනා ඒ වීව් එක දැකලා. ලංකාවේ මක් දැක්ක ලස්සනම වීව් පොයින්ට් එක. ස්තූතියි ඒ මතකය අලුත්කරාට ❤❤

  • @kemeshprasanna
    @kemeshprasanna ปีที่แล้ว +4

    DAP කියන්නේ treval ලෙජන්ට් කෙනෙක්

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 ปีที่แล้ว +2

    සුන්දර පූනාගල සංචාරය දෑසින් සංචාරය කලා. මේ ලස්සන රටේ, තවත් මායිමක් ලකුණු කරන්න... ඔබට නිදුක් නීරෝගී ශක්තිය ලැබේවා .❤️
    දෑස් දහසක් සිටියත් ඔබ පසුපස,
    තනිමග නොයන්න සොයුර,
    අපටත් දැනෙනවා .පාලුව,අනාරක්ෂිතය... .

  • @haza2147
    @haza2147 ปีที่แล้ว +3

    සොබාදහමට ආදරය, ගෞරව කරන අයව සොබාදහමෙන්ම ආරක්ෂා කරනවා 🍃🙏❤💯 මේ පාර video එකත් හැමදාම වගේ හරිම ලස්සනයි අයියෙ. 😍❤💯 ...දිනේෂ් අයියා කොතනද වැස්ස එතන🤭🍃❤💙💚 ....සිකුරාදා කියන්නේ මගෙ ආසම දවස ❤💯

  • @raweenchinthaka4298
    @raweenchinthaka4298 ปีที่แล้ว +3

    මේ හැම episode එකක්ම බැලුවා.පුදුම සතුටක් දැනෙන්නේ. දිගටම කරගෙන යන්ඩ දිනේෂ් අයියා.

  • @Divanka965
    @Divanka965 ปีที่แล้ว +3

    ආදරනීය හදවතේ සංචාරකයා 🌿❤️

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +2

    සොඳුරැ මිනිස්සුන්ට තමයි සොඳුරැ තැන්වල අගය දන්නෙ superb bro wish you all the best 😍😍

  • @Himansha_wishmika
    @Himansha_wishmika ปีที่แล้ว +2

    දවසට එකපාරක් හරි අයියාගෙ වීඩියෝ එකක් බලලා ඔලුව නිදහස් කරගන්න පුලුවන් . ඒ ලස්සන .සුන්දරත්වය කියලා නිම කරන්න බෑ ❤️🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    විඩියෝ එක බැලුවා හැම විඩියෝ එකක්ම එකකට එකක් දෙවෙනි නැ ලක්මෑණියණි මේ ස්භාවදහමේ විරුවා ඇතුළු මිතුරන් රැකදේවා! 🙏

  • @nethminarchandrasiri5577
    @nethminarchandrasiri5577 ปีที่แล้ว +3

    හදවතේ සංචාරකයා🙂💫

  • @travel4604
    @travel4604 ปีที่แล้ว +3

    මං දැකපු සුපිරිම, සොදුරුම, නිහතමානීම, ආදරණීයම, දක්ෂම සංචාරකයා තමයි දිනේශ් අයියා🥰❤
    කතා විලාශේ ඉදන්ම අපිව වීඩියෝවෙ රදවගන්න පුලුවන් මාරම හැකියාවක් තියෙනවා... travel channel ලොවේ අංක එක ❤ DAP bro.... ආදරෙයි...
    "ආයුබෝවන්, මම දිනේශ්" අයියට ආසම එකෙක්

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว +2

    ❤️🌄නිර්වචනයන් කුමකටද හරිතපැහැ නිදහසට ❤💚💆 නියමයි දිනේෂ් අයියා❤️🌿💚

  • @palindapiyumal517
    @palindapiyumal517 ปีที่แล้ว +2

    පරිසරයට ආදරය කරන්නත්, විදින්නත් පුරුදු උනේ ඔබ නිසයි අයියේ 🍃❤️

  • @sunendrawijesinghe988
    @sunendrawijesinghe988 ปีที่แล้ว +2

    Niyamai.... Mamath pilkington point ekata gihin thiyenawa... Awurudu 3 kata withara kalin... Millennium point ekata giye nae kattiya adu Hinda...

  • @sithumiahinsa1410
    @sithumiahinsa1410 ปีที่แล้ว +2

    පූනාගල යන්න ඕනි නෑ.. ගියා වගේ තමා.. ඒ හැගීම් ඒ විදියටම දැනුනා.. අයියට ගොඩක් ස්තූතියි ගොඩක් පින් මේ ස්ථානවල සුන්දරත්වය අපිට පෙන්නනවට.. අයියට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා .. තෙරුවන් සරනයි 💚💛

  • @ManojVlogs-k
    @ManojVlogs-k ปีที่แล้ว +2

    Aththenma ape mawu bima mulu lokenma anka ake paradisayak.hitha ganna ba mewani paradisayaka ipadimath.wachana walata peralanna bari sundara lokayak.dinesh aiye oyata godak pin.api madaperadika sewaya kalath apita na kam kiyana ape paradisaye watina kama apa siyalu denata dakinna,vidinna laba dunnata dinesh aiye nawatha warayak pin❤️❤️👌👌👏👏🇱🇰🇱🇰🙏🙏Thanks

  • @mohomadhamza6975
    @mohomadhamza6975 ปีที่แล้ว +1

    හදවතෙහි සංචාරකයාට ඉක්මනින්ම රුපවාහිනි වැඩසටහනක් මෙහෙයවන්න අවස්ථාවක් හිමි වෙවා ❤❤❤❤❤

  • @kalumpriyasad3316
    @kalumpriyasad3316 ปีที่แล้ว +3

    Thumbnail eka😍

  • @IndulaTennakoon1234
    @IndulaTennakoon1234 ปีที่แล้ว +2

    යන්නම ඕන තැනක්. පළවෙනියටම මම Pilkington පොඉන්ට් ගියේ 2000 අවුරුද්දේ. ඒ දවස් වල ගොඩක් අය දන්නේ නෑ ඔතන, ඒ වගේම ටිකට් ගත්තෙත් නෑ. සුපිරියක් දිනේෂ් අය්යේ, හැමදාම වගේම.

  • @danidunawanjana4880
    @danidunawanjana4880 ปีที่แล้ว +2

    අපිට යන්න බැරි උනාට දිනේෂ් අයියා ඒ feeling එක ඒ විදියටම දුන්නා .🖤😍

  • @PawanPawan-fb3rw
    @PawanPawan-fb3rw ปีที่แล้ว +1

    හිතුව අද විඩියො එකක් දායි කියල ආසාවෙන් බලන්න පුලුවන් ඔයාගෙ විඩියො

  • @ajithjayasinghe6
    @ajithjayasinghe6 ปีที่แล้ว +2

    දෙයියනේ..... පුදුම ලස්සනක්...පිස්සු හැදෙනවා දැක්කම. බොහොම පින් ඔයාට මේ දේවල් අපිට පෙන්වනවට ...
    ඔයා මේ රටට අපිට වටින සම්පක්.
    කොහේ කොහොම ගියත් ඔබ ඔබව පරිස්සම් කරගන්න.
    තෙරුවන් සරණයි ඔබට
    හදවතේ සංචාරකයා

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 ปีที่แล้ว +3

    අදත් ලස්සනයි video එක 👍 ලෝකේ කොහේ හිටියත් තමාගේ රට, 🇱🇰 තමා හිතේ උඩින්ම ඉන්නේ ♥️. එත් දැන් දුෂිතයන් අතින් විනාශ වෙන එක ගැනනම් දුකයි 😔...ඉදිරි ගමනට සුබ පැතුම් අයියේ 💚💚💚 DAP🌿god bless....

  • @oshanvlogs7861
    @oshanvlogs7861 ปีที่แล้ว +2

    මොන වැඩේ තිබ්බත් අතනොහරින වීඩියෝ ස් ❤️❤️

  • @levindulasith5954
    @levindulasith5954 ปีที่แล้ว +1

    ජිවිතේ නිදහස ඇත්තටම විදින සොදුරු සංචාරකයා ❤️🍃💫

  • @ruwanalgama4210
    @ruwanalgama4210 ปีที่แล้ว +3

    වීඩියෝ තුන හතරක්ම තියෙන්ව බලන්න. වෙලාවක් ලැබුනු ගමන් ඔක්කොම එකදිගට බලන්න ඕනේ.. ජය වේවා අයියේ.💪💪❤️❤️

  • @lakshanssithara1180
    @lakshanssithara1180 ปีที่แล้ว

    තවත් සුපිරියක්❤️❤️❤️❤️

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 ปีที่แล้ว +2

    Great journey
    Thank you for sharing 🙏👍

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 ปีที่แล้ว

    ජය වෙවා !!!

  • @DKcenematic
    @DKcenematic ปีที่แล้ว +1

    සුපිරියක්❤💖

  • @indikaudayashantha4181
    @indikaudayashantha4181 ปีที่แล้ว +2

    පරිසරවේදියාගේ තවත් නිමවාක්.. නියමයි සහෝදරයා ...ඔයාට ගොඩක් පින්..අපේ රටෙ ලස්සන පෙන්නනවට...🙏🙏🙏🙏

  • @Atharaman-98
    @Atharaman-98 ปีที่แล้ว +1

    Maru aiya❤️

  • @wasanthabandara3690
    @wasanthabandara3690 ปีที่แล้ว +1

    Maru patta ❤️❤️❤️

  • @slgaiya4173
    @slgaiya4173 ปีที่แล้ว

    vedio ekath 👌

  • @thimiraprasad4135
    @thimiraprasad4135 ปีที่แล้ว +1

    මන් ආසම අයියගෙ නිවේදනයට හිත් ඇදගන්නවා ඒ කට හඩ

  • @giwanthasandaruwan3931
    @giwanthasandaruwan3931 ปีที่แล้ว +1

    නියමයි අයියේ 🍃❤️💧

  • @nuwanmadu7296
    @nuwanmadu7296 ปีที่แล้ว +1

    සුපිරියි ❤️

  • @hirunibandara1461
    @hirunibandara1461 ปีที่แล้ว

    oyata jaya aiya
    Good luck 💖

  • @dinithrajapaksha
    @dinithrajapaksha ปีที่แล้ว +2

    jaya wewa ayyaa ❤❤❤

  • @VickyJ-77
    @VickyJ-77 ปีที่แล้ว

    සුපිරිම❤️🇵🇸️

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @kazzmi_editzz
    @kazzmi_editzz ปีที่แล้ว

    භාවනාවක් බ්‍රදර් 🤟 ❤️

  • @k.ddissanayaka3789
    @k.ddissanayaka3789 ปีที่แล้ว +2

    තවත් සොදුරු සංචාරයක් 🌳🍃හදවතේ සොදුරු සංචාරයකයා එක්ක ❤

  • @rasikasadaruwan5412
    @rasikasadaruwan5412 ปีที่แล้ว +1

    සුපිරි බොසා ❤️💪

  • @tharushadilshang0200
    @tharushadilshang0200 ปีที่แล้ว +1

    supirima. wadan tika thamai maruma 😍😍😍

  • @Pacndu_Thiwanka
    @Pacndu_Thiwanka ปีที่แล้ว

    Ethana lassanai 😍

  • @supunamarasooriya6561
    @supunamarasooriya6561 ปีที่แล้ว +1

    ජය වෙවා ❤️❤️❤️

  • @sureshharshana1053
    @sureshharshana1053 ปีที่แล้ว +1

    සුපිරි දිනේශ් අයියේ ❤️❤️

  • @roshandeshappriya8707
    @roshandeshappriya8707 ปีที่แล้ว +1

    supire aiya❤️❤️❤️❤️

  • @viranganimnada
    @viranganimnada ปีที่แล้ว +1

    මරු අයියේ ❤

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +2

    නිහතමානි සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා(දිනේෂ්)..තෙරුවන් සරණය් israel සිට ..🇱🇰🇱🇰🇱🇰❤❤️👍

  • @nisadu8447
    @nisadu8447 ปีที่แล้ว +1

    Brother 😍😍