Dandanatha wara! දණ්ඩනාථ වර!- Complete song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Dandanatha Wara!
    Voice: Samantha Mihiripenna, Pabalu Wijegoonawardane
    Lyric: Dhammika Hettiarachchi
    Music: Pabalu Wijegoonawardane
    Album: Mahasen Dehena
    Produced by Ravana Brothers

ความคิดเห็น • 244

  • @dileepa200
    @dileepa200 6 ปีที่แล้ว +170

    (මුරගෑම)
    රජ අණ ඇසිලා- දුනු හී උරයේ ලා
    බටදඬු කඳුවැටියෙන් පැන මුරගා
    දණ්ඩනාථ වර
    (ලංකාරක්ෂක මන්ත්‍රය - 1)
    ඕං නමෝ මහ කෙල රාජයා මුඛේ තුලින් ඇරපු විස ජාලේ
    අද මම රටට වින කරන පරයාට අරින්නේ
    දුටු පැමිනි නරෙන්දයාගේ රන් කදින් ඇරපු විස දලයයි අදත් මම අරින්නේ
    රටට වින කල පරයාගේ හිස ඊෂ්වර දේවතාවන්ට බාරයි
    මුඛ පත්ම ගෝපලු දේවතාවන්ට බාරයි
    කැවුතු පෙන පපු ගිනිහඳුන් කුමාරිට බාරයි
    හතර හන්දි තඩීකාර දේවිට බාරයි
    ලේ රීරී දේවතාවට බාරයි
    ප්‍රනේ අමුසොහොන් දේවතාවන්ට බාරයි
    රටට විනකර පරයෙක් ඇත්නම්
    උගේ කටින් පෙන දමා නාසයෙන් ලේ දමා එලාගන්
    භූමින් තට්ටු මරණ බිලිගන් කීඩ ඔට්ටු හෙන ගිනි දහරේ
    ගිනිහිර ඉගිල අවේ සුං මැරේ බන්දු සියොළග සලිත ගිනි වේලි දිරි දං
    ගුගුරා හඬගා මුරගා දෙදරා සිව්කොණ හෙණ පුපුරා
    පෙරැළි කැලතී පුපුරා සුණුවී මහමෙර ගෙන සොලවා
    කැලතී වියැලී හුණුවී දියැවී ලෝදිය ගෙන නටවා
    වර මා මිතුරා නසනට සතුරා පෙර ලෙස හඬ නගලා
    ලග්ගල ලොග්ගල අට ඉස්බක් දුර- මංගල මංගල සුබ නැකතින් පැන
    මාතුල රට රණමුරයේ අබිමන- දණ්ඩනාථ වරකෝ දැන්ම වර දණ්ඩනාථ වරකෝ
    යකුනි වර
    (ලංකාරක්ෂක මන්ත්‍රය - 2)
    ඔං නමෝ ඔඩ්ඩ් යක්ෂායා වර වර
    උගුල්ලා ආ පිට හැරී බිල්ල ගන්
    ඔඩ්ඩි කැප කරං දිෂ්ටි ගන්
    රට වින කල පරයාගේ හිස ගිනිමල් බිසවුන්ට බාරයි
    ඉහ මොළ දිෂ්ටි යකාට බාරයි
    දෙබැම නේත්‍ර යෝගිනී දේවාතාවාට බාරයි
    වම් උරය ගිනි මදන යකුනිට (යක්ෂනීට) බාරයි
    දකුණු උරය ඉරමුදුන් යක්ෂයාට බාරයි
    පපු මස් රීරි මහසොන් යක්ෂයාට බාරයි
    හදවත දීසි කුමරිට බාරයි
    පපු බඩවැල් අසුද්ද දේවීට බාරයි
    මේ වින කල පරයා දිෂ්ඨි ගං එළාගං කැප ගං
    කීඩ කීඩ වෙට්ටු වෙට්ටු පලයං තෝස්වාහඃ
    එකම වරක් දුනු දිය ඇදලා- පන්න දමව් පන්නා පන්නා
    සයුරෙන් එතෙරට පර හතුරෝ -නුඹට පමණි හැකි නුඹට පමණි හැකි
    සුන්කර බුන්කර මිසදිටු ගැති පෙළ- සුන්දර පෙම්බර මා සිරිලක තුල
    රාවන යුගයක් ලංකර ලංකර- අවසිංහළ කැල නෙරපා හැරපිය
    දණ්ඩනාථ වරකෝ දැන්ම වර දණ්ඩනාථ වරකෝ
    යකුනි වර
    (ලංකාරක්ෂක මන්ත්‍රය - 3)
    ඕං නමෝ නමෝ සිද්ධ ඊෂ්වර දේවතාවන් නමෝවා හ
    ගලක මුලක වැලක ගහක නාන තොටක පැනයන කඩුල්ලකදී
    උඩකදී ලීයකදී යටලීයකදී එලිපත්තේ
    භූමි තලයේ බරණී තලයේ ලංකා දීපයේ
    ඌ නොදැන වින කටී නම් මම දන කපමි
    අහසට අරක්ගත් දෙවියෝ සාක්කි
    පොළොව මහිකාන්තාවෝ සාක්කි
    ලංකාවට අරක්ගත් ශ්‍රී ලංකා පාලන සෑම දෙවියෝ දේවාතාවෝ සාක්කි
    මා අත වරද නැත
    අහසින් වින කොලොත් පොලොව දෙවියෝ අල්ලති
    පොලොව වින කොලොත් අහස දෙවියෝ අල්ලති
    භරත දේශයෙන් වින කලොත්
    අසූ හාරදාහක් ජඹුරුති මහා මුහුද මැද්දේ මකර කටේලා භාක්ෂිනියා කරමි
    මා අත වරද නැත
    රාවන දෙවියෝත් සාක්කි
    දැඩිමුන්ඩ දේවතාවෝත් සාක්කි
    සූ අසු දාහක් බුදු වරයෝ සාක්කි
    මා අත වරද නැත
    අහස පොළොවේ ලංකා දීපයේ වසනා
    සෑම දෙවියෝත් අහක බලාගන්
    හත්ඉලව්වේ මා අත වරද නැත
    උන් නොදැන කරේ නම්
    මා දැන කපමි
    එතන කැපයි මෙරට ආරක්ෂාවයි
    විනකල පරයා බලාගන්
    ඔහුගේ දෙතිස් රියන් පපු බඩවැල් නුඹට බාරයි
    මගෙ මස්සිනේ
    මා කීවා අසා රීරි බීපන් උරා බීපන්
    එක්පැ මුක්කාරයෙන් එපිට ඌ මරාගෙන කාපන්
    බිල්ලක් කෙල කෙල පලයන් තෝස්වාහඃ
    උරුමෙ කරුමෙ නොව හෙළදෙරණේ- තරම තවම නැත පෙන්නාලා
    කැතිගා කඩුගා පෙතිගහලා මෙහෙය දැන්ම අරඹපියකො යකෝ
    කුඩුකර හුණුකර පරබලූ ගැතිකම- නසපිය නසපිය ළක වනසන කැල
    අවසන් සතුරත් මරලා දාපිය - ලංකා තලයම පිරිසිඳු කරපිය
    දණ්ඩනාථ වරකෝ දැන්ම වර දණ්ඩනාථ වරකෝ
    යකුනි වර
    (ආත්මය පැමිණි පසු යහන් කවි කීම)
    උඩට උඩුවියන් පාවඩ පයට අතුරුවා
    සුවඳ මදාරා පංකජ දෙපස සැරසුවා
    පිරුණු අතලයෙන් අනොතත දියර විසිරුවා
    බැඳිමි රන් තොරන් යහනට කුමරු වඩිනවා
    දෙපස කුඹු නෙළුම් යහනෙහි දෑ සමන් හොවා
    සුවඳ තුවරලා චන්දන ධූම පතුරුවා
    රනින් රන් හුයෙන් මාලා රිදී කැන් පොවා
    තොසින් සැරසුවා කුමරුන් තුටින් වඩිනවා
    ගෙලේ රන් රිදී මාලා දෙකන කඩුක්කන්
    ඉසේ මුතු මැණික් එබ්බූ ඔටුනු දැන් බලන්
    තොසේ ඇඳි ලෙසින් නළලේ ඉන්ද්‍රචාපයන්
    ලෙසේ පැරදි දැන් කුමරුන් අසළ මහබඹුන්
    ඉණට රන් සලූ දෙවුරට රන් රිදී දුනූ
    උරට හී පිරූ කොපු දෑසින් විරූ පිනූ
    ළයට මහමෙරූ හිස මත තුටින නුඹ දැරූ
    දැයක මහවිරූ විලසයැ රුපුන්ගේ මරූ
    මුවේ අඩ හසින් ඔද තෙද ගුණය මවාලා
    නෙතේ විදි කැලූම් තියුණුව සරය මුදාලා
    නැබේ දී ගිගුම් මේ කුළු වරළ එතීලා
    දැයේ බර උරෙන් දෙවුරට තුටින දරාලා
    දකිමි තෙද පපා කුමරා අසුන මත අරා
    කියමි දැන් වයා නුඹෙ ගුණ ගොතමි කවි කරා
    රකිමි සවියතා නුඹගේ උපන් බිම පුරා
    වඳිමි අණසකා දඩනත ළකම සිහි කරා
    හා ඩෙන් ඩෙනාන ඩෙනාන ඩෙන නා ඩෙන ඩෙන්නා
    පද - ධම්මික හෙට්ටිආරච්චි
    සංගීතය - පබළු විජේගුණවර්ධන
    ගායනය - පබළු විජේගුණවර්ධන / සමන්ත මිහිරිපැන්න

    • @sanjeewanilakmali3116
      @sanjeewanilakmali3116 4 ปีที่แล้ว +3

      මේ කියන්නේ මහසොන් යක්ෂයාටද

    • @desh8040
      @desh8040 4 ปีที่แล้ว +2

      Bohoma sthuuthyi

    • @nethminavodya9065
      @nethminavodya9065 3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මේකට. අනිවාර්යයෙන්ම මේ ආරාධනය පෞද්ගලිකවත් මම තනි හිතට කරන පැතුමක්

    • @janithsandakelum1072
      @janithsandakelum1072 3 ปีที่แล้ว +1

      Mewani manthra thwa kohenda ahnna puluwn

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 2 ปีที่แล้ว +1

      ❤❤🌷

  • @susanthashan6443
    @susanthashan6443 4 ปีที่แล้ว +68

    මනු සක්විති රාජ වං‌ශයේ රාවන පරපුරේ බුදුවරැ උපන් දඹදිව ‌හෙළබිම

  • @akilawijesekara3455
    @akilawijesekara3455 5 ปีที่แล้ว +146

    උබලා කරන වැඩේ මාර පිනක්.ලගදිම අපේ යක්කු ආයම නැගිටි.❤️ #RavanaBrothers

    • @threeshows4179
      @threeshows4179 2 ปีที่แล้ว +7

      ඔව් අනිවාර්යයෙන්ම

    • @Dila_Fashion
      @Dila_Fashion 7 หลายเดือนก่อน

      Ow

    • @hjrangana9027
      @hjrangana9027 9 วันที่ผ่านมา

      Sirawatama😎

  • @oshanekanayake4495
    @oshanekanayake4495 6 ปีที่แล้ว +135

    මමත් සූර්ය වංශික යකෙක් බොලව්,ජයවේවා! මහා රාවණා අප්පච්චිගෙ පිහිට!

    • @duduboy2305
      @duduboy2305 4 ปีที่แล้ว

      oshan ekanayake 👋

    • @thinkingdeep3681
      @thinkingdeep3681 4 ปีที่แล้ว

      Rawul ravana appachchi da?

    • @poshithafernando1544
      @poshithafernando1544 4 ปีที่แล้ว

      Eeka kendre ganayen blna puluwn ?

    • @yahanbimanshu3059
      @yahanbimanshu3059 3 ปีที่แล้ว

      @@poshithafernando1544 kohomada e?

    • @samithanishan4093
      @samithanishan4093 ปีที่แล้ว

      ​@@yahanbimanshu3059 රාක්ශ ඝන,පුලස්ති ගෝත්‍රයෙ

  • @sahanchathuranga7904
    @sahanchathuranga7904 3 ปีที่แล้ว +30

    ලංකාවේ දේශපාලුවෝ අමු අමුවේ වැනසියං.හෙලයට එක එකාට විකුණපු පරගැති දේශපාලන පක්ශ වර්ථමාන අතිතිත සියලු පාලකයන්ට මෙහි සදහන් වන ලෙසට දඩුවම් ලැබේවා.රාවණ යුගයක් දේශ හිතෛෂී මිනිසුන් හෙලය තුල ඉපදේවා පෞඩ ඉතිහාසය යලි මතු වේවා. ආදරෙයි මං මගේ රටට...❤️
    රට වෙනුවෙන් මගේ ජිවිතය කැප කරමී...

  • @TV-oh9eo
    @TV-oh9eo 5 ปีที่แล้ว +61

    අව සිහලුන් නිසාවෙන් හා පර විදෙශිකයින් කොල්ලකෑ උරැමය නැවත ගොඩනැගිමට එක්වෙමු පිරිසිදු යක්ඛ සහෝදරවරුනේ.

  • @hmpushpa5872
    @hmpushpa5872 6 ปีที่แล้ว +32

    පිං රාවනා පරපුර උඹලට තව තවත් අළුත් නිමැයුම් පැමිණෙන් ජයවේවා බුදු සරණයි

  • @rajithamadusanka3062
    @rajithamadusanka3062 4 ปีที่แล้ว +49

    ඒ බෙර පද ටික 😍 කියන්න වචන නෑ පුදුම ගැම්මක් ගොඩාක් ස්තූති රාවනා සොහොයුරනේ මෙවගෙ නිර්මාන තව තවත් සර්තකව තැනීමට ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා ඔබට ජය ප්‍රාර්තනා කරනවා 😍🙏

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 7 ปีที่แล้ว +69

    මේ පිනම උඹලටම ඇති රාවණ සොහොයුරනේ... 👍👍

  • @chamindasiriwardena6322
    @chamindasiriwardena6322 5 ปีที่แล้ว +37

    උබලා හෙමොටම රාවන අප්පච්චිගේ පිහිටයි

  • @trfernando9873
    @trfernando9873 7 หลายเดือนก่อน +31

    2024 තාමත් අහන අය❤

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +10

    ඔබලා උපදින සෑම භවයකම සෙවණැල්ල මෙන් මේ කරන පින පැමිණේවා..❤️

  • @g_o_l_d_i2662
    @g_o_l_d_i2662 4 ปีที่แล้ว +26

    මේක බුද්ධ දේශය 🙏🙏 ! Well done guys well done !!

  • @navodyasandamali325
    @navodyasandamali325 3 ปีที่แล้ว +14

    මේක අහලම සමහර තැන් කට පාඩම් ...මාර හැඟීමක් මේක ඇහෙද්දි🙏🙏🙏🙏

  • @arunarathwaththa3319
    @arunarathwaththa3319 8 ปีที่แล้ว +148

    ලේ ධාතුව නලියනව මෙවා ඇහෙනකෙට අපට කරපු දේ මතක් වෙනකෙට එත් නියම සිංහලයෙක් නිසා ප්‍රතිපත්තිය රැකගන ඉන්නවා. දවසක් එනවා එදාට ලෝකයම වෙනස් කරනවා අද වගේ පර වැඩ වලින් නෙමෙයි සැබැ මනුෂත් කමින්

    • @JayzBlaze
      @JayzBlaze 7 ปีที่แล้ว +6

      Soon brother, soon.

    • @enjoylife3661
      @enjoylife3661 7 ปีที่แล้ว +3

      WELDONE BROTHER

    • @oshanekanayake4495
      @oshanekanayake4495 6 ปีที่แล้ว +3

      maha rawana raju pihitai !

    • @user-fw3co7nb4p
      @user-fw3co7nb4p 5 ปีที่แล้ว

      පැහැදිලි මදි..අතීත ජාති ස්මරණයක් නැති නිසා.. තව පැහැදිලි කරන්න

    • @yohanbinod5557
      @yohanbinod5557 5 ปีที่แล้ว +6

      අනිවාරයෙන්ම හැම කාලෙකදිම අපේ ජාතියටයි අසාධාරණය උනේ ඒ පලිය ගන්නොනා .හොදින් මොකද අපි රාවණා පරපුරෙ පස්සෙන් ගිහින් පිහියෙන් අනින්නෑ මුනට සටන් කරන්නෙ👍👍💪💪💪

  • @user-ws9nn5sk7l
    @user-ws9nn5sk7l 3 ปีที่แล้ว +16

    හෙළ උරුමය ....අපූරුයි සහෝදරවරුනේ තෙරුවන් සරණයි ඔබ සැමට...

  • @ananmananmusic
    @ananmananmusic 6 ปีที่แล้ว +43

    රටට ජාතියට මේ හෙළ භුමියට වින කරන උන්ගෙ ඉහ මොල භාරයි දන්ඪනාථ ඔඩ්ඩි සූනියම් මස්සිනේ.....

  • @aravindanugegoda2541
    @aravindanugegoda2541 5 ปีที่แล้ว +50

    මා දයාබර රාඋලු සොහොයුරිනි...
    අපි එක් තැනකට එකතු වී, එකිනෙකා හොදින් හදුනාගෙන, යෝද ශක්තියක් , ප්‍රබල සන්විදානයක් ගොඩනැගීමට මෙය කාලයයි කියා නොසිතෙන්නේ ද ?
    අපේ හෙල ජාතිය නැවත නගා සිටුවන්න මෙ මොහොතේ සුලුවෙන් හෝ කල යුතු දේවල් පිලිබද සැවොම එකා මෙන් දැනුවත් වී එය සිදු කිරීම ආරම්භයට මෙය කාලය නොවේද ?

    • @chamathviranga619
      @chamathviranga619 4 ปีที่แล้ว +2

      Ekagai

    • @pradeepmadushanka7017
      @pradeepmadushanka7017 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම... අපිට මුල ඉදන්ම හදාගන්න ගොඩක් දේවල් තියෙයි. මාත් නිතරම කල්පනා කරන දෙයක් තමා අපි සිව්හෙලයේ වාසගම් වලට සේරම අය වාසගම් වෙනස් කරගන්න වෙනවා අද වෙද්දි අපි ගොඩක් අය මිශ්‍ර නම්වලින් ඉන්නේ සුද්දන්ගෙ නම් හලලා අපි සිව්හෙලේ අත්තිවාරම දැනම ඉදන් ගොඩනගන්න ඕනෙ

    • @ranjithananda2195
      @ranjithananda2195 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ✋

    • @hellion6737
      @hellion6737 ปีที่แล้ว

      Jaya Shree Bauddha

  • @nethminavodya9065
    @nethminavodya9065 3 ปีที่แล้ว +10

    🙏ඒ පැතුම අනිවාර්යයෙන්ම ඉශ්ඨ සිද්ධ වේවා

  • @ajadilukshifdo6355
    @ajadilukshifdo6355 2 ปีที่แล้ว +7

    අපි රාවණා පරපුරෙන්... අපි යක්කු බොලව්.... මගේ රටට බෙරා ගනිවු යකුනේ.....ජේසු පිහිටයි

  • @chathurashavin5405
    @chathurashavin5405 3 ปีที่แล้ว +9

    හිතා ගන්න බෑ....අපේ උරුමය ......🙏🙏🙏

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 ปีที่แล้ว +4

    තව තවත් නිර්මාණ කිර්‍ර්මට ශක්තිය ලැබෙවා❤❤

  • @ritigalya
    @ritigalya 11 ปีที่แล้ว +20

    එසවූ අසිපත අසිංහල පරයාගේ කෙලෙස් හිස ගසා දමනු.
    (නවෝද මම ඔබගේ ඊමේල් එක බලා පොරොත්තුවෙන් සිටිමි )

  • @kpadmasri
    @kpadmasri 4 ปีที่แล้ว +11

    මහා රවනයන්ගෙ යුගය අරම්බ වෙවා

  • @hjrangana9027
    @hjrangana9027 9 วันที่ผ่านมา +1

    Gammak saho supiri bn ☠️💪👌

  • @kasunrangajith888
    @kasunrangajith888 7 ปีที่แล้ว +26

    ඇඟේ ලේ නටනවා...

  • @TheChanakyad
    @TheChanakyad 7 ปีที่แล้ว +12

    Splendid historical event produced by Wonderful rawana brothers. !!! keep continue !!!

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 4 ปีที่แล้ว +7

    හැම තප්පරේම ඇගේ හිරිගඩු පිපෙනවා..ඒ ගැම්ම වෙන කොහේවත් නෑ...යක්කුන්ගේ විතරයි ඒ ගැම්ම

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 2 ปีที่แล้ว +7

    විජය කියන පරයගෙන් නෙවේ ....අපි රාවන ලේ යකුනේ....

    • @nilminihewa1106
      @nilminihewa1106 3 หลายเดือนก่อน

      විජය කියන්නේ ත් අපේ එකෙක් තමයි 😀
      පරයෝ තමයි විජාතිකයෙක් කරලා දැම්මේ

  • @y.i.nethmini.366
    @y.i.nethmini.366 ปีที่แล้ว +2

    ලේ වලටම දැනෙන වාග් සංකලනයක්...

  • @PereraAjith
    @PereraAjith 6 ปีที่แล้ว +81

    වෙන කුමක් කියන්නද , නුබලා අපේ රටේ වාසනාවට ඉපදුනු මිනිස්සු බව කීම හැර

  • @Ranapriya2
    @Ranapriya2 7 ปีที่แล้ว +20

    so difficult to find suitable words to express the fearful and wonderful thoughts. blend of words and drums, never will one can see in the world ever.

    • @Arbitratix
      @Arbitratix ปีที่แล้ว

      Saw this live at lumbini theatre. S

  • @fluffymonsta3284
    @fluffymonsta3284 8 ปีที่แล้ว +24

    dont stop making these videos!!!!!!!!!!

  • @eshananjana4970
    @eshananjana4970 5 ปีที่แล้ว +11

    වාසනාවන් ...ලොකු පිනක් ඔයාලට

  • @vishva8kumara
    @vishva8kumara 12 ปีที่แล้ว +13

    ආඩම්බරයි බං.!

  • @120319874
    @120319874 6 ปีที่แล้ว +7

    Brilliant .. Fantastic job..
    Well Done Guys.!!! ❤️👍

  • @420slpeacemakers4
    @420slpeacemakers4 3 ปีที่แล้ว +4

    නගනු රණහඩ නසව් නමට සිංහල කියන පර කවලම් රැල. 👁🔥🔥🔥🔥

  • @madushikaerandi9831
    @madushikaerandi9831 5 ปีที่แล้ว +4

    Ammo mara nirmanayak agatama wadinawa kiyanna wachana naha e tharamata super

  • @maheshkulasiri438
    @maheshkulasiri438 5 ปีที่แล้ว +5

    Patta ravana brothers❤️❤️❤️

  • @binurasammana7960
    @binurasammana7960 4 ปีที่แล้ว +8

    හෙළයන්ට ජය💪🏽💪🏽💪🏾💪🏾

  • @jayalakshifernando3717
    @jayalakshifernando3717 7 ปีที่แล้ว +7

    Niyamai. Leeth natanawa wage aheddi :D (Y)

  • @SuLa_CR
    @SuLa_CR 4 ปีที่แล้ว +10

    ඉවර වෙනකන් බලපු අය..❤❤🔥

  • @Dharklionz
    @Dharklionz 12 ปีที่แล้ว +6

    Patta!!!:)

  • @dammikawickramanayaka1341
    @dammikawickramanayaka1341 2 ปีที่แล้ว +5

    මේ නිර්මාණය තේරුම් ගන්න මට තවමත් බෑ. මෙහි අරුත් ගැන්වුන මහා අභිරහස කල එලි බසින අවධිය ලං වෙමින් පවතිනවා. සිංහලයාගෙන් සැගව ගිය සිංහල උරුමය . ලේ කකියනවා. ඒත් රහස තවම සැගවිලා

  • @newcreations4642
    @newcreations4642 2 ปีที่แล้ว +5

    අපේ උරුමය❤️

  • @user-do1xi7nx1c
    @user-do1xi7nx1c 24 วันที่ผ่านมา +1

    එකපාරටම බය වෙලා ගියා..අම්මෝ ..

  • @ragazzidisrilanka3116
    @ragazzidisrilanka3116 2 ปีที่แล้ว +3

    ඇහෙද්දී ඇගේ ලේ ගැහෙනවා ලක්දිව හෙලයින් නැවත නැගිටිව්

  • @sarahansani5773
    @sarahansani5773 6 ปีที่แล้ว +2

    Mulu agema le kakiyanawa yako.niyamai sahooo

  • @viduravangeesawijesinha3069
    @viduravangeesawijesinha3069 6 ปีที่แล้ว +6

    lak bima Sada kal surakeewa , sambudu dharmaya nonesi pawathiwa !..........

  • @pabalunawarathne566
    @pabalunawarathne566 4 ปีที่แล้ว +6

    ස්වස්ති සිද්දම්

  • @sudeshikalakmali7135
    @sudeshikalakmali7135 7 ปีที่แล้ว +5

    excellent.. well done....

  • @madushikaerandi9831
    @madushikaerandi9831 5 ปีที่แล้ว +1

    Oyalage nirmana walin meka thama man asama .agayanna wachana naha .e tharamatama niyamay

  • @macpmallawaarachi1139
    @macpmallawaarachi1139 4 ปีที่แล้ว +2

    සුපිරි සින්දුව 🇱🇰🇱🇰🇱🇰🇱🇰😷😷😷👌👍👍

  • @uncommonstories1791
    @uncommonstories1791 5 ปีที่แล้ว +3

    ජය වේවා!!!!

  • @sandarutheekshana3928
    @sandarutheekshana3928 4 ปีที่แล้ว +1

    පට්ටයි මචන්. කියන්න වචන නෑ බන්.

  • @sajithumayanga3766
    @sajithumayanga3766 4 ปีที่แล้ว +2

    Keep up 😍

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว +1

    👌👍Helayata jaya 🙏🙏💪💪💪

  • @bamunusinhagepraveena5344
    @bamunusinhagepraveena5344 6 ปีที่แล้ว +2

    නියමයී සහො

  • @kapilachandra9180
    @kapilachandra9180 3 ปีที่แล้ว +2

    No words this is GREAT!

  • @LahiruMadusanka-mw7vm
    @LahiruMadusanka-mw7vm 7 หลายเดือนก่อน +1

    2024මං අහනවා

  • @d.sangayanafernando221
    @d.sangayanafernando221 3 ปีที่แล้ว +5

    මේක යක්ඛ දේශය බොලව්.......👹️👹️🔥

  • @madhavamax7
    @madhavamax7 11 ปีที่แล้ว +6

    ATHI WISHISHTAI !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @senanisenani7576
    @senanisenani7576 5 ปีที่แล้ว

    Godak pin me wage nirmanayan apata dayada karanawata.mamath RAWANA appchchige daruwek.dawasaka mage maw rata wenuwen marenna unath enawa..

  • @tishanilewhara4671
    @tishanilewhara4671 2 ปีที่แล้ว

    Gemmak thama💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @viyanapietersz2891
    @viyanapietersz2891 5 ปีที่แล้ว +1

    😘😘😘ekanm niyamai🙏🙏🙏🙏

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 8 ปีที่แล้ว +1

    niyamai apith hari dukin inne ape rata gana

  • @maducajoncovers1905
    @maducajoncovers1905 12 วันที่ผ่านมา

    May rawana bless you all

  • @helaproduction1469
    @helaproduction1469 3 ปีที่แล้ว

    Comment 143 nama kiuwa sinhalayo yakooo api. Para videshikayan kolla ka siyalu urumaya nawata nagimata api innawa.🙏 rawana appacchi, mahason appacchi pihitai bn ubalata 🙏🙏🙏

  • @nelthlajay4
    @nelthlajay4 2 ปีที่แล้ว

    Puduma lassanai. Api wasanawanthai mewa balanna thawamath

  • @krishanthasamarasinghe7942
    @krishanthasamarasinghe7942 2 ปีที่แล้ว

    Elh🤟 ❤️

  • @salondreamz1868
    @salondreamz1868 7 ปีที่แล้ว +14

    siw hele yakku api bolaw

  • @thamayarathnasekara5955
    @thamayarathnasekara5955 2 ปีที่แล้ว +2

    හෙළයින්ට ජය 🌸🙏🙏🙏🙏💪

  • @chamilkabandara5346
    @chamilkabandara5346 6 ปีที่แล้ว +1

    kiyanna wachana na,sinhalayo awadi karana obasamata pin.theruwan sarani !!!!

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 4 ปีที่แล้ว +1

    Tawa onaaaaa🔥🔥🔥🙏

  • @WikcramasingheVidanage
    @WikcramasingheVidanage 4 ปีที่แล้ว +1

    ජය වේවා

  • @yahanbimanshu3059
    @yahanbimanshu3059 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @wd6481
    @wd6481 ปีที่แล้ว

    පට්ට

  • @tharindumadhushan304
    @tharindumadhushan304 7 ปีที่แล้ว +15

    mewa ahaddi sinhalee kakiyanawa bolaw..!

  • @damith219
    @damith219 12 ปีที่แล้ว +11

    රාවණ කතන්දරේ ගැනයි, මේකෙන් කියවෙන දේශපාලන අදහස ගැනයි එතරම් කැක්කුමක් නං මට නැහැ... ඒ උනාට මචන් කලාත්මක වශයෙන් උපරිමයි... සිංහල කලාවේ මේ වගේ දේවල් ඉදිරියට ගෙනියනවාට නං උඹලට පින්...

    • @janithsandakelum1072
      @janithsandakelum1072 ปีที่แล้ว +1

      Aurudu 10kta passe deshapalane gana adhasak labunada sahodaraya

  • @nelumsapumal272
    @nelumsapumal272 10 ปีที่แล้ว +3

    jaya wewa!

  • @GomelSkychenal
    @GomelSkychenal 5 ปีที่แล้ว +1

    Ammo yako💪💪💪💪

  • @bxbandara
    @bxbandara 3 ปีที่แล้ว +2

    හෙළයන්ට ජය වේවා

  • @sandarenu5675
    @sandarenu5675 7 หลายเดือนก่อน

    🔥🔥❤️

  • @sasindumalith5283
    @sasindumalith5283 2 ปีที่แล้ว +11

    2022.03.03❤️❤️❤️

  • @nisansalakalpani3075
    @nisansalakalpani3075 2 ปีที่แล้ว

    Nice ravana kollo

  • @janithsandakelum1072
    @janithsandakelum1072 ปีที่แล้ว

    Meka nawatha nirmanaya kara ජනතාව athrata yawimata hodama kalayai

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +10

    කියන්න මොකුත් නැ, සිහියත් නැ

  • @cctv6102
    @cctv6102 ปีที่แล้ว +1

    Ela

  • @traveltectours6561
    @traveltectours6561 7 ปีที่แล้ว

    athi vishishtai daruwane..nubalata bogoma pin..

  • @kumudufoundation
    @kumudufoundation ปีที่แล้ว +1

    මේ vedio එකට ගොඩක් කාලයක් ගත වුණත් ඒක අද තමයි දැක්කේ😊 ක්‍රියාත්මක වෙන කාලය ඇරඹුනා කියලා හිතෙනවා..සිරිලක සියලු වින දොස් කැපී, හෙළ උරුමය රැකේවා🙏

    • @sakuniprarthana875
      @sakuniprarthana875 ปีที่แล้ว

      මොකක්ද මේකෙ තේරුම ?

  • @user-cw6by1df9u
    @user-cw6by1df9u ปีที่แล้ว

    ජය ශ්‍රී🙏🙏🙏❤️

  • @bigtonyj1
    @bigtonyj1 9 ปีที่แล้ว +1

    Lea kakiyanawa bolaw mare maru!

  • @SimpleAgroTechX
    @SimpleAgroTechX 9 ปีที่แล้ว +4

    nice song great work!!!

  • @M3Ditation4u
    @M3Ditation4u 3 หลายเดือนก่อน +2

    14May2024❤

  • @user-kg7pg4gd7s
    @user-kg7pg4gd7s 3 ปีที่แล้ว

    Obasiyalu denata sinhala jathiye pranaamaya

  • @shan_a4064
    @shan_a4064 2 ปีที่แล้ว

    Jaya sri Ravana 🙏🙏

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 2 ปีที่แล้ว

    Jaya wewa

  • @gangaweerasooriya8291
    @gangaweerasooriya8291 4 ปีที่แล้ว +1

    මේවා ඇහෙනකොට පුදුම ගැම්මක් එනවා.

  • @SLfantasy12
    @SLfantasy12 5 ปีที่แล้ว +2

    මහසෙන් දැහැනේ ගීත අහන්න විදිහක් කියනවද?

  • @naduntharaka7866
    @naduntharaka7866 3 ปีที่แล้ว +1

    Dan ina deshapalanayakta ahena dana ona.kalakani tikata hitagena chu yai.