හරෝ හරා | Haro Hara | Kethroo Dance Troup Canada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2024
  • පුරාතනයේ පටන්, දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා, සුවහසක් ලාංකික බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට සහ පූජනීයත්වයට පත්ව, මූහුනු සයක් අත් දොළොසක් සහිතව රණමයුරාරූඩව වැඩ වාසය කරන, කන්ධස්වාමී දිව්‍ය රාජයාණන් වහන්සේට, ශ්‍රි ලංකාව තුළ හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ශ්‍රී ලාංකිකයන් සතු බුද්ධිය, ශක්තිය, දරාගැනීම සහ පරෝපකාරය වැනි ගුණාංගයන් හී ප්‍රතිමූර්තියක් බඳු උන්වහන්සේගේ පිහිට පතා, දහස් ගණනක් ජනතාව, පාද යාත්‍රා වලින් පවා පැමිණෙන්නේ, සිය නිදහස් නිවහල් සිතුවිලි දේවාශිර්වාදයෙන් මුදුන් පමුණුවා ගැනීමටයි. එවන් තේජස් සපිරි කඳ සුරිදුන්ට, කැනඩාව තුල, කෙත්රූ විසින් කරන භක්ති ප්‍රණාමයයි මේ.
    Track Credits : Ranwala Balakaya / Ranwala Foundation Ranwala Balakaya Sahan Ranwala
    Back drop credits: Athri Sarod Mapitigama
    Description credits: Kolitha Hasitha Wanniarachchi
    Video Credits : Gayantha Bokuburegedara
    Video Editor : Sushantha Wijesuriya
    Costumes: Ashan Kathriarachchi
    Special Thanks : Sri Lanka Consulate-Toronto
    Thushara Rodrigo, Anusha Kingsley.

ความคิดเห็น • 148

  • @TasappGsm
    @TasappGsm 3 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි❤❤ කතරගම දෙවි පිහිටයි

  • @kmbklpoiu5690
    @kmbklpoiu5690 4 หลายเดือนก่อน +35

    මෙච්චර ලස්සන නැටුමක් දැක්කමයි.. ඔයාලා කොච්චර පුහුණු වෙලා ඇති ද?... ජාත්‍යන්තර මට්ටමේ නැටුමක්.... එක කෙනෙකුගේ හෙවැනැලි වගේ අංශ චලන එකම වෙලාවට.. මාර දක්ෂ දරුවෝ ටිකක්.. නියමයි❤❤❤

  • @kaveeshasajani4132
    @kaveeshasajani4132 4 หลายเดือนก่อน +30

    අනේ මං දහා පාරක් විතර බැලුවා.....මෙච්චර කාලෙකට දැක්ක..හරිම ලස්සන නර්තනය ක්...❤❤

  • @pathmakumari4137
    @pathmakumari4137 4 หลายเดือนก่อน +17

    දරුවන්ගේ විවිධ නොමග යෑම් අවම කරගන්න ළමාකාළයේ මෙවැනි කලාවන්ට දරුවන් යෙදවීම අතිශය වැදගත් ලස්සන දර්ශනයක්

  • @tanishahapugoda3448
    @tanishahapugoda3448 4 หลายเดือนก่อน +47

    මැද ඉන්න girl මන් හිතන්නෙ මේ ටීම් එකේ ලීඩර් ද මන්දා හරිම ලස්සනට නටනව.. ඇගට නැති දැනෙන්නේ නැති වෙන්න. පුදුම ලස්සනක්. ඇහැ එයාගෙන් අහකට ගන්න හිතෙන්නේ නෑ. මුලු ටීම් එකම එකතු උනාම හරිම ලස්සනයි. බැක්ග්‍රවුන්ඩ් එකත් හරිම ලස්සනයි

  • @Thanuja__Lakshan__
    @Thanuja__Lakshan__ 4 หลายเดือนก่อน +29

    ශ්‍රී ලංකාකි අපිට මහත් ආඩම්බරයක් ❤ Best performance and excellent ❤❤ Kethroo

  • @user-xh2ff8zs4h
    @user-xh2ff8zs4h 2 หลายเดือนก่อน +15

    ඇගේ හිරිකටු පිපෙන තරම් ලස්සනයි.මම මේ නර්තනය පුරුදුවුනා. ගොඩක් ස්තුතියි

  • @madhushikalakmali1783
    @madhushikalakmali1783 4 หลายเดือนก่อน +24

    මමනම් නැටුම් ඉරියව් ගැන දන්නේ නෑ කියන්න අඩු පාඩු ගැන .මටනම් කිසිම අඩුවක් නැති හරිම පැහැදිලි මාරම ලස්සන නැටුමක්.හරිම සැහැල්ලුවෙන් නටනවා හැමෝම.හරිම ලස්සනයි ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ ආයේ ආයේ බලන්නමයි හිතෙන්නේ

  • @shinijayaweera-jt2cp
    @shinijayaweera-jt2cp 14 วันที่ผ่านมา +3

    ලස්සනයි... Lyrics වල තේරුම අවධානෙන් අහන්නකෝ... Instumental music වලට වෙන වෙනම අවධානය දීලා බලන්නකෝ... සැහැල්ලුවෙන් ඉඳන්, ඇස් දෙකත් පියාගෙන background music එකත් එක්ක voice එක එකට අහන්නකෝ... මොණර පිල්, කතරගම දෙවියන් ගේ ඡායාවන්, කතරගම දේවාලය​, දේවාල හස්තියා, වේලායුධය​, කිරිවෙහෙර ඒ අහන ගමන් හිතින් එකට මවලා බලන්නකෝ... ඒ හැමදේම මතකයේ තියන් මේ නර්ථනය බලන්නකෝ... ඔයා දන්නෙමත් නැතුව ඇඟ හිරිවැටිලා යනවා...🔥❤️‍🔥 ඒ ඇති වුණේ ඔයාගේ හිතේ කතරගම දෙවියන් ගැන භක්තියයි...
    ලංකාද්වීපයට, සියලු බෞද්ධ ජනයාට කතරගම සුරිඳු පිහිටයි!!!චිරාත් කාලයක් බුදු සසුන රැක දේවා, සුරිඳු කතරගම!!!

  • @Natasha__abayagunawardhana__
    @Natasha__abayagunawardhana__ 6 วันที่ผ่านมา +1

    Woooooow marama lassana dance ekak🤩

  • @ushaniperera5733
    @ushaniperera5733 14 วันที่ผ่านมา +2

    පිළිවෙලයි ❤🙏

  • @user-ii9iv3vk3m
    @user-ii9iv3vk3m 4 หลายเดือนก่อน +12

    හරිම ලස්සන නර්තනයක් කියන්න වචන නෑ කිසිම අඩු පාඩුවක් නෑ පෝන් එජෙන් උනත් බලන්න හරිම ආසයි ❤😊 අපේ රට ගැන ආඩම්බරයක් හිතුනා❤

  • @chandimadamayanthi5618
    @chandimadamayanthi5618 11 วันที่ผ่านมา +1

    Wow...marama lassanayi ❤

  • @kuwaitstar5102
    @kuwaitstar5102 4 หลายเดือนก่อน +7

    නැටුමට වඩා හඬට තමයි හිත ගියේ ඒ හඬ

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +4

    ඒ සිංදුව ඇහෙනකොට හිතට දැනෙන අභිමානය ❤❤❤❤❤❤

  • @vineethasubasinghe3991
    @vineethasubasinghe3991 4 หลายเดือนก่อน +11

    ඇත්තටම ගොඩක් ලස්සන නැටුමක්. අහම්බෙන් ඇස ගැටුනේ. දැන් දකින්න තියෙන නැටුම් එක්ක බැලුවම කියන්න වචන නෑ. ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒ සියලු දෙනාට තවත් ඉදිරියට යාමට, අප රට ලෝකය ඉදිරියට ගෙන යාමට ආශීර්වාදය කරමි.

  • @user-si7sx9lo2e
    @user-si7sx9lo2e 4 หลายเดือนก่อน +10

    මාරම ලස්සනයි ❤ ආවඩා ආයුබෝවේවා❤🙏

  • @dedunusamanmali789
    @dedunusamanmali789 2 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි ...කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..ලස්සනම ලස්සනයි ... ❤️❤️❤️❤️👍👍👍👍

  • @nadeekadilrukshiwijeweera8524
    @nadeekadilrukshiwijeweera8524 4 หลายเดือนก่อน +6

    නියමයි මේ වගේ නර්තනයක් දැකීමක් ලොකු දෙයක් ඒවගේම ඔක්කොම හොදට නටනවා නියමයි

  • @manjularajarathna3493
    @manjularajarathna3493 2 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි.. නව නිර්මාණයක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰

  • @jaimhemasiri-nu2bf
    @jaimhemasiri-nu2bf 2 หลายเดือนก่อน +3

    හරෝ හරා❤❤❤❤❤

  • @gn7709
    @gn7709 4 หลายเดือนก่อน +9

    මේ නැටුම තව ගෙඩක් ලස්නට පේනවා පසුබිමි තිරය මත තිබුන වීඩියෝ එක ⁣ලයිට් කලර් එකකින් දැම්ම නම්.⁣නැටුම පැහැදිලිව පෙනෙන්නෙ නැහැ තද වර්ණ වලින් background එක තිබුන නිසා.නැටුම මාරම ලස්සනයි සහ දරැවො ටික හරිම ලස්සනට නීට්එකට නැටුව

  • @3shFs
    @3shFs 4 หลายเดือนก่อน +6

    සතුටුයි ලෝකෙ පුරා ලංකාව මැවෙනකොට.
    හරිම හැඩ, ශක්තිමත් නැටුමක්.
    ඈතින් හිටියත් උරුමය රකින , ඊළඟ පරම්පරාවට පවරන මෙවැනි වැඩ වාසනාවන්

  • @jasonsingh3087
    @jasonsingh3087 25 วันที่ผ่านมา +1

    What a beautiful and energetic performance!

  • @deepikakumarasiri3221
    @deepikakumarasiri3221 4 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි කියන්න වචන නැ

  • @indikapathiraja
    @indikapathiraja หลายเดือนก่อน +1

    ❤❤ ලස්සනම නර්තන ශිල්පීන් ❤❤

  • @gayanmadusankamadusanka333
    @gayanmadusankamadusanka333 4 หลายเดือนก่อน +6

    නැටුම මාරම ලස්සනයි ❤❤

  • @UpekshaSandamali-ye3jn
    @UpekshaSandamali-ye3jn 10 วันที่ผ่านมา +1

    Harima lassanai me natuma❤😊❤❤

  • @mannagedonkawyasethminisen6393
    @mannagedonkawyasethminisen6393 4 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි ❤ ආවඩා ආයුබෝවේවා ❤❤

  • @kolithawanniarachchi81
    @kolithawanniarachchi81 5 หลายเดือนก่อน +151

    විධිමත් නර්තන අංගයක් යනු හුදෙක් සංගීතයකට අනුව කරනු ලබන රිද්මයානුකූල අංග චලනයක් පමණක්ම නොව ඉන් ඔබ්බට ගොස් වේදිකාව මත අඳිනු ලබන සජීවී සිත්තමකි. එහිලා වඩාත් කැපීපෙනෙන ලක්ෂණය වන්නේ මනා අවකාශ භාවිතයයි. උස්, මැද සහ බිම් තල භාවිතයත්, නිවැරදි දිශා භාවිතයත් කරණ කොටගෙන නිර්මාණය කරන්නාවූ එවන් නිර්මාණයක් ප්‍රේක්ෂකාගාරයක් මවිත කොට ආකර්ෂණය කරගනු ලබන්නේ නිරායාසයෙනි. පෙබරවාරි 4 වන ඉරු දින, ටොරොන්ටෝ හී පැවති 76 වන ශ්‍රී ලාංකික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව පැවති සංස්කෘතික ප්‍රසංගයට සහභාගී වූ සියල්ලන්ම, රාත්‍රී දහයේ කණිසම එළැඹුණු විගස වශීකෘත වූයේ, කෙත්රූ නර්තන පරිවාරය විසින් විනාඩි තුනක් මුළුල්ලේ විචිත්‍රවත් කෙරූ එවන් අනගිභවනීය නර්තනමය සිත්තමකටය.

  • @ganeshagangani7330
    @ganeshagangani7330 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි

  • @nadeenadeesha5524
    @nadeenadeesha5524 12 วันที่ผ่านมา +1

    20පාරක් විතර බැලුවා

  • @TharanganiLakmali-dk4ly
    @TharanganiLakmali-dk4ly 3 หลายเดือนก่อน +4

    අපේ දුව මේක බල බලා නටනවා.එයාගෙ නැටුම් බල බලා චූටි පුතා කෑම කනවා.දැනට 100 පාරක් විතර බලලා ඇති.

  • @Solenomads
    @Solenomads 4 หลายเดือนก่อน +4

    Superb ❤LOVE FROM KERALA, INDIA ❤

  • @nimashatharundi9792
    @nimashatharundi9792 4 หลายเดือนก่อน +3

    ඒ සින්දුව මාරම ලස්සනයි නැටුමත් සුපිරියක්

  • @altezza4434
    @altezza4434 3 หลายเดือนก่อน +2

    I have been watching this about 5 to 20 times per day. Arokara 🙏🏼

  • @HiruPrarthana2004
    @HiruPrarthana2004 4 หลายเดือนก่อน +5

    මේක හරි ලස්සනයි අප්පා 😍

  • @rukmaleedassanayake5929
    @rukmaleedassanayake5929 4 หลายเดือนก่อน +2

    ඉතා හොඳ නිිර්මාණයක්❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +2

    ශ්‍රී ලංකා අභිමානයක්...අපේම දෙයක්❤❤❤❤ හරිම ලස්සනයි...තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට හැකි වේවා.....තෙරැවන් සරණයි ...❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @ireshasandamali7015
    @ireshasandamali7015 4 หลายเดือนก่อน +4

    ලස්සන නැටුමක්. ❤❤❤❤❤❤❤

  • @darshikachandrathilake9298
    @darshikachandrathilake9298 5 หลายเดือนก่อน +6

    Amazing choreography and performance...congrats Kethroo family...respect their dedication, commitment, and unity ❤

  • @anomaedirimanna3662
    @anomaedirimanna3662 4 หลายเดือนก่อน +1

    One of the best, complete dancer I have ever seen. Well done kethroo

  • @user-gx3vd4fv6s
    @user-gx3vd4fv6s 4 หลายเดือนก่อน +4

    Very nice. ගොඩක් ලස්සනයි ♥️

  • @malanihemachandra8073
    @malanihemachandra8073 4 หลายเดือนก่อน +1

    Wow harima lassanai .puduma ආඩම්බරයක් දැනෙන්නේ ape daruwoo gana..niyamai .thunuruwan saranai oyala ta 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @mansuwaarana6626
    @mansuwaarana6626 4 หลายเดือนก่อน +4

    හරිම ලස්ස්නයි .. ❤❤❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 4 หลายเดือนก่อน +4

    ලස්සනයි ❤

  • @chithralalperies1379
    @chithralalperies1379 4 หลายเดือนก่อน +3

    Very nice !!!

  • @renukajayasingha5131
    @renukajayasingha5131 3 หลายเดือนก่อน +2

    Respectful dancer ❤❤❤
    Keep up the good work

  • @user-cr3yt3yj2v
    @user-cr3yt3yj2v 3 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි .❤️

  • @user-tv7sr9rx2d
    @user-tv7sr9rx2d 4 หลายเดือนก่อน +5

    කිසිම අඩුවක් නැති සුපිරි නර්තනයක්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 4 หลายเดือนก่อน +4

    නැටුම් සුපිරි , ඇදුම් සුපිරි , 👍👍👍👍

  • @malkiimalsha2231
    @malkiimalsha2231 4 หลายเดือนก่อน +2

    පට්ටම ලස්සනයි ❤

  • @JoyOfLife.
    @JoyOfLife. 4 หลายเดือนก่อน +3

    My goshhh….. how beautiful is this creation… such a nice coordination between formations and movements…. Drags my memory back to 10-12 years ❤❤….

  • @pamaligamage8910
    @pamaligamage8910 5 หลายเดือนก่อน +5

    Breathtaking performance by kethroo dancers. Very well choreography and beautiful costumes. What a great team effort . Keep shining Kethroo #kethroo ❤❤❤❤❤

  • @SonaliKalpana-wb7sz
    @SonaliKalpana-wb7sz 3 หลายเดือนก่อน +1

    Hrima lassna choreography ekak.. ❤❤Aubohiwewa!!!! ❤❤❤

  • @user-oc9hz3ot6x
    @user-oc9hz3ot6x 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤....Superi.

  • @olananoori
    @olananoori 3 หลายเดือนก่อน +1

    Wowwwww❤❤❤❤❤❤❤

  • @smadhunirasha7405
    @smadhunirasha7405 4 หลายเดือนก่อน +2

    Wow ඒක ඇත්තමයි සුපිරි ❤

  • @SmilingCoffee-py9ff
    @SmilingCoffee-py9ff 2 หลายเดือนก่อน +1

    Best Performance ❤ Best Of Luck Guys 🎉

  • @anomamaggonage761
    @anomamaggonage761 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.

  • @dinushasadamali2634
    @dinushasadamali2634 25 วันที่ผ่านมา

    මේ නැටුම හරිම ලස්සනයි ඒකෙ ලස්සන මැකිල මේ background lights එක්ක art ගැන අවබෝධයක් නැති මිනිසු background හැදුවම ඔහොම වෙනව හරිම ලස්සනයි නැටුම ❤❤

  • @user-lb7bm9qz4i
    @user-lb7bm9qz4i 2 หลายเดือนก่อน +1

    Harima lassanai kisima adu paduwak nh hamogema iriyau eka ha samanawa lassanata natanawa man dakapu lassanama narthanayak ❤❤❤❤❤❤

  • @pavithrakumaragama7955
    @pavithrakumaragama7955 3 หลายเดือนก่อน +1

    ❤හරිම ලස්සනයි ❤

  • @user-vy4tl6js7t
    @user-vy4tl6js7t 2 หลายเดือนก่อน +1

    lassanai man dakapu lassan natumak❤❤❤❤

  • @sumithrajordan630
    @sumithrajordan630 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි . සුභ පැතුම් .

  • @NethmiNawodya-sw5wc
    @NethmiNawodya-sw5wc 4 หลายเดือนก่อน +2

    ලස්සනයි ඒ නැටුම ❤❤

  • @sameeraprabath2704
    @sameeraprabath2704 หลายเดือนก่อน

    ❤ great

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤GOOd

  • @user-lz7qr2zf7z
    @user-lz7qr2zf7z 4 หลายเดือนก่อน +2

    One of the best dance performances I have seen. Hats off Kethroo... Add more value as you all are away from the Motherland. Well done !!

  • @WnGunathilaka
    @WnGunathilaka หลายเดือนก่อน

    Beautiful 🙏

  • @DM-yg8my
    @DM-yg8my 4 หลายเดือนก่อน +2

    Wow,❤ what a beautiful dance

  • @Api-positive
    @Api-positive 4 หลายเดือนก่อน +2

    Very neat n clean dance … superb

  • @AmithaGunasekra-eb9ou
    @AmithaGunasekra-eb9ou 4 หลายเดือนก่อน +4

    Mee video balanna balanna asai appa🤩🇱🇰

  • @4Secondrow
    @4Secondrow 5 หลายเดือนก่อน +5

    ending is the best imesha...

  • @anjalinissansala2715
    @anjalinissansala2715 หลายเดือนก่อน

    හරිම ලස්සනයි❤❤❤❤

  • @enokadezoysa2234
    @enokadezoysa2234 3 หลายเดือนก่อน +1

    You're the best sis❤❤❤❤

  • @DiLzHeArtBeAttt1510
    @DiLzHeArtBeAttt1510 4 หลายเดือนก่อน +4

    OmShakthi ✨️MahaShakthi ✨️AdhiShakthi ✨️ParaaShakthi
    ✨️🙏🇱🇰😇🤍✨
    Thrilokaye Dholospathina WelaYudha Harabha Karana
    NeelaMaYura Matha Wada Hidha
    සුරිඳු ඔබයි... කන්ද කුමර🙏😇✨️💜️💟🦚💟🤍
    ✨️🩵💙❤️💚🥰🖤💛🧡💜️✨️

  • @nadithihesandina9855
    @nadithihesandina9855 4 หลายเดือนก่อน +2

    ❤❤mruuu❤❤

  • @thusharidharmadasa5738
    @thusharidharmadasa5738 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @pradeepmendis8302
    @pradeepmendis8302 4 หลายเดือนก่อน +1

    Harima adambarai ape natum kalawan gana ❤❤❤❤❤

  • @dileeshasandamini3511
    @dileeshasandamini3511 4 หลายเดือนก่อน +2

    Wow❤

  • @dilupachandani668
    @dilupachandani668 4 หลายเดือนก่อน +2

    Shaa harima lassanai ❤❤

  • @kusumgunarathne9437
    @kusumgunarathne9437 4 หลายเดือนก่อน

    හරිම ලස්සන නැටුමක් ❤❤❤

  • @shashiprabodani6347
    @shashiprabodani6347 4 หลายเดือนก่อน +2

    Harima lassanai deiyane❤❤❤❤

  • @RuviniMadushika-k8q
    @RuviniMadushika-k8q 9 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @user-gd2sw2tr8n
    @user-gd2sw2tr8n 3 หลายเดือนก่อน +1

    Supirima vedio akak

  • @nimashatharundi9792
    @nimashatharundi9792 4 หลายเดือนก่อน +1

    Wow 😮 super

  • @janithbandara1015
    @janithbandara1015 4 หลายเดือนก่อน +2

    wow!

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el 4 หลายเดือนก่อน

    Budusaranai

  • @user-np9yp9jn4x
    @user-np9yp9jn4x 2 หลายเดือนก่อน +1

    So beautiful dance ❤❤❤❤❤❤

  • @user-bm6hp2ge6p
    @user-bm6hp2ge6p 4 หลายเดือนก่อน +1

    Natuma lassanai❤

  • @dayanipriyadarshani1375
    @dayanipriyadarshani1375 4 หลายเดือนก่อน

    excellent ❤

  • @dinushimarandini4417
    @dinushimarandini4417 4 หลายเดือนก่อน

    Lassanai ❤

  • @dinushaarachchi9786
    @dinushaarachchi9786 29 วันที่ผ่านมา +5

    පේ වෙන්න ඕනද දන්නවා කෙනෙක් kiyannako

    • @mathewsri7755
      @mathewsri7755 8 ชั่วโมงที่ผ่านมา

      Ow deviyange natum nataddi pevenna onemai. Anivaryenma. Ape appachchi Seenigama. Dannvane Seenigama tama Devol deviyan inne.. ithin mn danno eka nisa.

  • @SANDEEPANI781
    @SANDEEPANI781 7 วันที่ผ่านมา

    Kohomath aadarei me wage sindu walata.mokada man hugak deviyan adahana deviyan wishwasa karana e haskam dakala thiyena kenek❤🙏❤

  • @indikarathnayaka5744
    @indikarathnayaka5744 3 หลายเดือนก่อน

    Wow 😮❤

  • @user-ms8qj8yc1j
    @user-ms8qj8yc1j 4 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ...තෙරුවන් සරනයි ..

  • @priyanwadakolonne
    @priyanwadakolonne 4 หลายเดือนก่อน +1

    ඉතාම අලංකාරයි, තව තවත් මෙවැනි නිර්මාණ කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @thusharaadipthaS.L
    @thusharaadipthaS.L 3 หลายเดือนก่อน

    superb

  • @DiLzHeArtBeAttt1510
    @DiLzHeArtBeAttt1510 4 หลายเดือนก่อน +1

    ❤️✨️