Kusume | කුසුමේ [Official Lyrics Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2020
  • Listen On Spotify
    open.spotify.com/track/1uf5Uq...
    Listen On Apple Music
    music.apple.com/us/album/kusu...
    ""කුසුමේ""
    කිරි නොවුණ පපුවක ඉකි ගැහුව ලේ බිදක්..
    Artist | Tharindu Jayasinghe
    Lyrics | Shashika Sadeep
    Music | Deepathy Jayasuriya
    Mixed and Mastered | Deepathy J @ DnS Studioz
    Visualized | DnS Studioz
    artists personal details
    _________________________
    singer -
    / tharindu.jayasingha.12
    lyrics -
    / shashika.sadeep
    music -
    / deepathy.jayasuriya.9
    හීන with shashi face book page -
    / shashika.sadeep.99
    A production of Heena with Shashi & DnS studioz
    subscribe the channel and stay tuned with us......thank you ❤️
    👇 Heena with shashi👇
    For a high level of enjoyment...
  • เพลง

ความคิดเห็น • 2.8K

  • @heenawithshashi9109
    @heenawithshashi9109  ปีที่แล้ว +8

    Now you can listen this song on
    Spotify 👇👇
    open.spotify.com/track/1uf5Uqg077Kewhuw8QTfNP?si=c6807b1eb1b34601
    Apple Music 👇👇👇
    music.apple.com/us/album/kusume/1694012553?i=1694012555

  • @thushim
    @thushim 3 ปีที่แล้ว +1275

    'මැණික' සින්දුව ඇහුවට පස්සෙ අයියගෙ සින්දු හොය හොය අහන තරමට ඇබ්බැහි උනා.තේරුමක් නැති සින්දු පොලොවේ වැලි කැට ගාන්ට තියෙනවා. ඒ අතරේ මේ වගේ හිතට වදින ඇස් වලට කදුලු ගේන සින්දුත් තියෙනවා...අයියට ජයෙන් ජය

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 3 ปีที่แล้ว +13

      ඇත්තටම නංගි..❤️❤️❤️❤️❤️❤️ හතරවෙනි සිංදුව එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ..👍👍👍

    • @hashi4442
      @hashi4442 3 ปีที่แล้ว +3

      Hm ow ane

    • @hasinipiyumika2214
      @hasinipiyumika2214 3 ปีที่แล้ว +5

      Maath ehemai ane 4ra weni sinduwa enakam balan inneeee😊😊

    • @deshanmadusanka9422
      @deshanmadusanka9422 3 ปีที่แล้ว +3

      Ammmooo oww ❤️❤️❤️❤️

    • @shamalkakumuduni527
      @shamalkakumuduni527 3 ปีที่แล้ว +3

      Math ehemai ..pandith amaradewayan wagei

  • @anjaleesenarath8411
    @anjaleesenarath8411 3 ปีที่แล้ว +163

    දෙයියනේ කොහොමද මෙහෙම වචන ගැලපුවේ.... අවසානේ..... හිත අන්තෙටම කඩන් වැටෙනවා... අපිත් ගෑණු ළමයි නේද කියල මතක් වෙද්දි ඉන්නෙ කොහොමද 😢 බුදු සරණයි හැමෝටම ... තවත් මේ වගේ මිනිස්සුන්ට දැනෙන්න ලියන්න... සුභ පතනවා..

  • @maheshikawickramasingha8431
    @maheshikawickramasingha8431 2 ปีที่แล้ว +46

    තාත්තා කෙනෙක් කියන්නෙ හරියටමට දුවෙකුට එයාගෙ මුලු ලෝකේම..හැම තාත්තා කෙනෙකුටම නිරෝගී දීර්ගායුෂ ලැබේවා..🙏🙏🙏

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +40

    කුසුමෙ 💖 තමන්ගෙ දරුවා දුවෙක් වුනා කියලා ප්‍රතික්ෂේප කරන පියවරු සිටින ලෝකයක මෙවන් පියවරු 🙏,

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +926

    විවුස් ලක්ෂ ගණන් නෑ,ට්‍රෙන්ඩින් නෑ,කොමෙන්ට් නෑ දහස් ගණන් නෑ...කුනුහර්ප නෑ...මේ වගේ රසිකයන් ඉන්න රටක දුක් වෙන්න එපා සහෝදරයා ඒ ගැන.අති විශිෂ්ඨ නිර්මානයක්..සුපිරිම සුපිරිම..❤❤

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 ปีที่แล้ว +111

      ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

    • @inokakarunaratne9715
      @inokakarunaratne9715 4 ปีที่แล้ว +11

      එන කදුළු නවත්තගන්න බැරිවුනා..සිංදුවක් ,හදවතට රිංගන්නේ කලාතුරකින් ..ආදරෙයි උඔලට ❤❤❤

    • @creativecollections8313
      @creativecollections8313 3 ปีที่แล้ว +12

      ඇත්තටම මේ ගීතය රසිකයන් අතරට යනවා මදි
      එත් කවදා හරි රියලිටියක මේක ගැයුනොත් නම් රටම හොය හොයා බලාවි .. අද කාලේ සිංදු ජනප්‍රියවෙන අලුත් රැල්ල ඔික තමා .. කණගාටුවෙන් හරි කියන්න තියෙන්නේ

    • @simshigirl8981
      @simshigirl8981 3 ปีที่แล้ว +1

      Mage appachchi mt mthk wenva e thrm hithata danuna aiye

    • @nikini442
      @nikini442 3 ปีที่แล้ว

      ඇත්තමයි

  • @creativecollections8313
    @creativecollections8313 4 ปีที่แล้ว +315

    මේකට අන්ලයික් කරපු පරයන්
    වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😳😳

    • @imoshagrero
      @imoshagrero 3 ปีที่แล้ว +1

      Oya nammmmmmnammmmmm😅😅✌️

    • @yamunarp8383
      @yamunarp8383 3 ปีที่แล้ว +1

      Ow gonnutikak

    • @kyliesdairy
      @kyliesdairy 3 ปีที่แล้ว +1

      😶😶😶😶🤭😂🤣

    • @piumipramudima3246
      @piumipramudima3246 3 ปีที่แล้ว +1

      Kiyala wadak na me wage ewatath unlike karana un innawane. Hithak papuwak na.

    • @sararanaweera9063
      @sararanaweera9063 3 ปีที่แล้ว +1

      එහෙම තමා යාලුවා. හොඳ දේට හොඳයි කියන අය හරි අඩුයි. පුලුවන් තරම් බලන්නේ අඩුපාඩුවක් කියන්න.ඒත් කියන්න අඩු පාඩුවක් නැති උනත් හොඳයි කියන එක නම් කියන්නෑ. ඒ තරම් අපේ උන් කුහකයි. හොඳ දේක හොඳ දකින්නම් නම් කැමතිම නෑ..☺️

  • @indikajbr3226
    @indikajbr3226 2 ปีที่แล้ว +31

    මල්ලිලා,නංගිලා ඔයාලට මාර ප්‍රකාශන හැකියාවක් තියෙන්නේ.අගෙයි,අපූරුයි,තෙරුවන් සරනයි

  • @morlypiumi
    @morlypiumi ปีที่แล้ว +19

    මේ පද රචනාවන් තමයි මම අහපු හදවතට දැනෙන ලස්සනම ඒවා...අපේ රටට ඕනේ මේ වගේ නිර්මාණ...බුදු සරණයි හිතන්නට යමක් දීපු හැමොටම.

  • @InushaAshwan
    @InushaAshwan 3 ปีที่แล้ว +163

    හදවත කලාගාරයක් උන මනුස්සයෙක් අතින් ලියවෙන හදවතට දැනෙන මහ පුදුමාකාර නිර්මාණ මේවා ❤

    • @sameeramadushan7248
      @sameeramadushan7248 2 ปีที่แล้ว

      👍👏👏

    • @dmdn5677
      @dmdn5677 2 ปีที่แล้ว

      Ow......hitha niwenw....saththai...😍😍😍

  • @dnsgraphy327
    @dnsgraphy327 3 ปีที่แล้ว +61

    විශාරදයන් පරාදයි මහත්තයෝ.. මෙය නිර්මාණ මුදලට මිලකරන්න බැ මේව රත්තරන් නිර්මාණ. කදුළු ආවෙ කොහොමද හිතාගන්න බෑ... තෙරුවන් සරණයි 🙏🙏🙏❤

  • @aminirwana6325
    @aminirwana6325 ปีที่แล้ว +8

    කකුල් වලට ,සිංදු කියන ලියන රටක හදවතට දැනෙන අපූරු ආරකට ගීත එලි දක්වන ඔබ සැමට ජය! රස විඳින්න හැකි අය මේ තරම්වත් ඉඳීම ගැන සතුටුයි .

  • @isharasewwandi5401
    @isharasewwandi5401 3 ปีที่แล้ว +196

    තාත්තා කෙනෙක් ගේ අගේ වැඩිපුරම දැනෙන්නේ තාත්තා කෙනෙක් නැති මං වගේ අයටයි😓😥😥😥😥 මගේ තාත්තාත් හිටිය නම් 😥😥😥

  • @samangirasamangira4920
    @samangirasamangira4920 3 ปีที่แล้ว +550

    මල්ලි ..ඔයා මේ කමෙන්ට් එක බැලුවොත් කියල හිතල මේ දාන්නෙ ..ඔයාට ගොඩක් පින් මෙහෙම නිර්මාණ කරනවට ..මිනිස්සුන්ට කුනු රසය දෙන ලෝකෙ ඔයා සුපිරි වැඩ්ඩෙක් ..

    • @nalinpeiris7271
      @nalinpeiris7271 3 ปีที่แล้ว +16

      ඇත්තමයි හෙළුවෙන් නටන visual වලට වඩා ඇස් පියාන රසවිදින්න පුළුවන්.........

    • @musiclovers2957
      @musiclovers2957 3 ปีที่แล้ว +4

      ඇත්තමයි ... ඔබට පිං මෙහෙම ගීත නිර්මාණය කරනවාට...

    • @chamodyalakshani3568
      @chamodyalakshani3568 2 ปีที่แล้ว +9

      රූපයෙන් මිනිස්සු ආකර්ෂණය කරනවට වඩා හඩෙන් මිනිස්සු ආකර්ෂණය කරන එක👌👌👌 ඒක නං වෙනමම එකක්

    • @arjanasandeepani5347
      @arjanasandeepani5347 2 ปีที่แล้ว

      Ek aththa

    • @anurabandara1667
      @anurabandara1667 2 ปีที่แล้ว

      Aniwaryenma

  • @uthpalawijesinghe4527
    @uthpalawijesinghe4527 3 ปีที่แล้ว +50

    මනුස්සයෙකුට දරා ගන්න පුලුවන් සින්දු ලියනවද..... අන්තිම වචන ටිකට නෙවෙයි .... පටන් ගත්ත music එකේ ඉදං ම..... ඒ වචන voice music .....💖💖🖤🖤🖤

  • @nishadisashikala5713
    @nishadisashikala5713 3 ปีที่แล้ว +32

    ඒ වචන හදවත නතරකරනවා අයියේ. ඒ තරම්ම ලස්සනයි. මේවගේ පදවැල් ලියන දෑත් වලටත්, සංගීතය දෙන ඒ දෑතටත්, මිහිරි හඬටත් තෙරුවන් සරණයි 🙏🙏🌹

  • @saumyanethusenevirathne7754
    @saumyanethusenevirathne7754 3 ปีที่แล้ว +25

    මගේ ජීවිතේට ගොඩක් සමීප ගීතයක්...සිහිනයකි රෑ වැඩසටහනටත් තෝරා ගත්තා ..හැමෝම ගොඩාක් ප්‍රතිචාර දක්වපු ගීතයක්...තව තවත් මේ වගේ සින්දු ලියන්න අයියේ...

    • @udayakumara8137
      @udayakumara8137 2 ปีที่แล้ว

      Kawadda akka acwedasatahana giye. Mata asai eka balanna

  • @chandirawickramasinghe4282
    @chandirawickramasinghe4282 3 ปีที่แล้ว +254

    කී දෙනෙක්ගෙ නම් ඇහැට කදුලක් ගන්න මේක සමත් වෙන්න ඇතිද? පද රචකයාට වගේම සංවේදී ඒ කට හඬට මගේ ප්‍රසංසාව.....❤

  • @rithubandara729
    @rithubandara729 3 ปีที่แล้ว +143

    දුවෙක් වෙනුවෙන් තාත්තෙක්ට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද......................
    අන්තිම පද පේළිය ඇහෙද්දි කෙනෙක්ගේ ඇස් වලට කඳුළු පිරුණෙ නැත්නම් ඒක පුදුමයක්..................
    මාරම ලස්සන නිර්මාණයක්....
    ඒ කටහඬ...................ඒ වචන..............ඒ සංගීතය,,,තනුව........................හදවතට කතා කරනවා......
    බුදුසරණයි ඔය තුන් දෙනාටම...................මේ vedio එක හදපු කෙනාටත් බුදුසරණයි 🙏

    • @hansanithakshila1264
      @hansanithakshila1264 3 ปีที่แล้ว +1

      Ammooo ou e wachana tika. Papuwa hoooos gla daala ynwa

    • @poornimarathnayaka7766
      @poornimarathnayaka7766 3 ปีที่แล้ว +1

      Hadwathata matama danenawa awasan wachan......

    • @thilinamoonruwanmusic2365
      @thilinamoonruwanmusic2365 ปีที่แล้ว +1

      මේක සින්දුව අහපු කෙල්ලෙක් නම් කවදාවත් දුප්පත් තාත්තා කෙනෙක්ගෙන් තමන්ගෙ කසාදෙ කරගන්න කොහොමහරි දෑවැදි හදල දෙන්න කියලා ඉල්ලන එකක් නෑ.අන්තිම වචන ටික ඇහෙද්දි දන්නෙම නැතුව ඇස් වලින් කදුලු වැටුණා😔❤

    • @darshanakasun3233
      @darshanakasun3233 ปีที่แล้ว +1

      Aniwarayen

  • @aabidhmirza8859
    @aabidhmirza8859 2 ปีที่แล้ว +1

    අැහැට කඳුලක් උනපු හින්දම
    මෙහෙම පදය වැල් ලියැවුනා.
    මේ තරම් නෙත කඳුළු එන්නට නුබේ පද වැල් රස උනා.
    ජීවිතේ දුක නොහඳුනන උන් මුදලටම
    කෑදර වෙලා.
    තවත් අැත රට වටේ සිරි ලක පිය වරුන් වකුගඩු මරා.....
    harima lassana pada tikak..me thamaii sindu..thawa nirmaana karanna lebewaa.👍👍👍🌷🌷🌷🌷

  • @samuddikaliyanage3535
    @samuddikaliyanage3535 2 ปีที่แล้ว +8

    සිංදුව අහලා ඉවර වෙනකොට ඇගේ හිරිගඩු පිපුනා.. හිතුවෙවත් නැති අවසානයක්.... ❤️❤️❤️❤️❤️

  • @nimshichamoo6123
    @nimshichamoo6123 3 ปีที่แล้ว +80

    පිය සෙනෙහස ගැන වචන වලින් කියලා ඉවරයක් කරන්න බෑ.....
    කාටවත් අප්පච්චිගෙ තැන ගන්නත් බෑ..කවදාවත්ම.........

  • @madhuedirisinghe7848
    @madhuedirisinghe7848 3 ปีที่แล้ว +68

    අනේ , මෙච්චරක් කියලා කියා ගන්න බැරි තරම් ලස්සනයි .ඇත්තමයි ඇස් වලට කදුලු පිරෙනවා අහන හැම පාරකම. ආදරෙයි ගොඩක් ඒ පද වලට, ඒ හඩට ❤❤❤❤❤

  • @mymmm9789
    @mymmm9789 3 ปีที่แล้ว +10

    තාත්තා කෙනෙක්ට තමන්ගෙ දුව වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.. මන් දැකපු එකම දෙවියා මගේ තාත්තා.. ❤️ එයාට පුලුවන් විදියට එයා හැමදේම අපිට දුන්නා.. අදටත් එයාගෙ හැම සතුටක්ම අතෑරලා අපි සතුටු වෙනවා බලල එයා සතුටු වෙනවා.. ඒ ආදරේ හරිම පුදුමයි.. මේ කවිය ඇහුවම තාත්තගෙ ආදරේ ගොඩක් දැනෙනවා ඕනම දුවෙකුගෙ ඇස් වලට කදුලු එන කවියක්.. මගේ තාත්තා මටත් වඩා කල් නීරෝගීව ජීවත් වෙන්න ඕනා ඒ වගේම හැම ආත්මෙකම මගේම තාත්තා වෙන්න ඕනා..❤️

  • @shamierandavtube1155
    @shamierandavtube1155 ปีที่แล้ว +4

    සම්මාන ලැබෙන්න ඕනෙ මෙවැනි පද රචනා වලට , මෙවැනි සංගීත තනුවලට , මෙවැනි ගායනයන්ට හරිම තාත්විකයි.👍👍👍

  • @ashwindyaratnayake555
    @ashwindyaratnayake555 3 ปีที่แล้ว +407

    ඉකුන් විස්සයි උඹේ දෝනිට එන මහට අප්පච්චියේ
    නොදැනුනා නොව උඹ වින්ද මහ මෙරක් වන් දුක් කන්දරේ
    අදටවත් මන් උඹෙන් හැංගුවෙ නෑ නේද මයෙ විස්තරේ
    මයෙන් හංගා කොහේ යන්නද යන්නෙ මයෙ අප්පච්චියේ
    මලක් වාගේ නොවේ උඹ මා උස් කරේ අප්පච්චියේ
    ගහක් වාගෙයි දුකට සපතට හුරු කරේ දිවි පන්නරේ
    උඹට විපතක් කරන උන්ටත් දියන් තුන් හිත මෙත්තරේ
    කියල කිව්වා මතක තිබුනත් අද රකිනු බෑ ඒ සිල් බලේ
    ලක්ශ ගනනින් ලංසූ තබලා යන්න කැන්දන් ආව උන්
    මේකි හදනට මලක් වාගේ උඹ වින්ද දුක දැක්කනම්
    දෑස තෙත් උනේ මං එපා වී නොවේ හැරිලා ගිය එවුන්
    අප්පච්චි දෑසෙහි එදා මන් දුටු සෝක ගීයට රත්තරං
    මලක් වාගේ ආදරෙන් උඹ හැදූ දෝනිව ආදරෙන්
    දෙන්න යන්නේ රාස්සෙකුටද මගේ දෙවියගෙ රීරි බිව්
    මාව කපලා මුහුදෙ දැම්මත් යන්නෙ නෑමයි කිව්ව මං
    වදන් නෑ උඹෙ මුනුබුරන් මං උඹෙ රීරි බිව් ලේ වලින්
    දැම්ම කිව්වයි කිව්වයි සල්ලි ටික මට් ග්න්න ඕනී අදම දැං
    ඉන්නෙ අද නම් එදා වාගෙම ඉමු අදත් අපි ආදරෙන්
    දෙව් දුවක් වගෙ සැරසිලා උඹෙ මරනෙ ගන්නව රජෙකුට උඩින්
    මාව ගන්නට ඒවි "මිනිහෙක්" දැං අඩන්නෙපා රත්තරං
    මේ නරා ලොව අයෙත් නම් උපදින්න වෙන්නට එපා දැං
    සල්ලි වලටම ලැබිය නොම හැකි දේවලුත් ලොව් ඇති පදං
    සල්ලි නොව මම කැංදා යන්නට ආවොතින් "මිනිහෙක්" ඉතිං
    ඉන්න තැන සිට සිනා සලපං කදුලු නොවැටෙන ඔය නෙතින්

    • @sootymooty6436
      @sootymooty6436 3 ปีที่แล้ว +5

      මේක ලිවුවෙ ඔයාද

    • @ashwindyaratnayake555
      @ashwindyaratnayake555 3 ปีที่แล้ว +3

      @@sootymooty6436 ඔව්නෙ

    • @sootymooty6436
      @sootymooty6436 3 ปีที่แล้ว +7

      @@ashwindyaratnayake555 මේ වචන වලට melody dala song එකක් හදලද තියෙන්නේ

    • @ashwindyaratnayake555
      @ashwindyaratnayake555 3 ปีที่แล้ว +7

      @@sootymooty6436 නෑ නෑ එහෙම කරල නෑ.කුසුමේ සින්දුව ඇහුවට පස්සෙ මට ඒ දුවට හිතෙන්න ඇති කියල හිතුන දේ තමයි ලිව්වෙ.

    • @sootymooty6436
      @sootymooty6436 3 ปีที่แล้ว +5

      @@ashwindyaratnayake555 මං ඔය සිංදුව හදන්නද

  • @PinithPathum
    @PinithPathum 3 ปีที่แล้ว +29

    දිගටම කරන් පලයන්.....views නෑ කියල නවත්තන්න එපා.....මෙහෙම සින්දු අද කාලෙ නෑ බන්....👌👌

  • @maheshamallikarathna1288
    @maheshamallikarathna1288 3 ปีที่แล้ว +12

    මේ සිංදුව දැන් බැලුවේ... පුදුම තරම් වේදනාවක් හිතට දැනෙන්නේ... මේ නිර්මාණයට සම්බන්ධ උන හැමෝටම ගොඩාක්ම ස්තූති ... මේ පිං සංසාරේ පුරාම අරං යන්න ලැබේවා ඔබ සැමට...❤️🙏

  • @lakshikamadumali9488
    @lakshikamadumali9488 2 ปีที่แล้ว +10

    තාත්තානෙ..❤️ ..🙏 ..හරිම ලස්ස්න තනුවක්..වගේම හරිම ලස්සන පද වැලක්... ජය!

  • @sammanisjayasinghe3397
    @sammanisjayasinghe3397 4 ปีที่แล้ว +39

    හුගක් ලස්සනයි තරින්දු .ඒත් මට ආයේ ආයේ අහන්න බෑ ඒ තරමට හිතේ ඉවසන්න අමාරුම තැන් රිද්දනවා.සුභ අනාගතයක්..

  • @sidneyfonseka1948
    @sidneyfonseka1948 3 ปีที่แล้ว +119

    ඇයි අපේ රටේ මිනිස්සුන්ට බැරි මේ වගේ සින්දුවලට තැනක් දෙන්න??මේවනෙ අහන්න වටින සින්දු..ඇත්තටම මේ සින්දුව කියන ගායකයටත් විශේෂයෙන් ස්තුති කරන්න ඕන මෙච්චර ලස්සනට හැගීම්බරව මෙ සින්දුව ගයනා කරනවට...මේ සින්දුව හදපු හැමෝටම ස්තුතියි අපිට මේ වගෙ ලස්සන අර්ථවත් සින්දු අහන්න අවස්ථාවක් හදලා දෙනවට....

    • @pradeepbeautiful6723
      @pradeepbeautiful6723 2 ปีที่แล้ว +1

      Ow harima hagimbarai, lassanai me sindu❤️

    • @tharukanethranjana.4864
      @tharukanethranjana.4864 2 ปีที่แล้ว

      එකගයි............ මගේ පපුව හෝස් ගාලා ගියා

  • @nodhutuhistory
    @nodhutuhistory 24 วันที่ผ่านมา +1

    මම අහපු සිය ගණන් සිංදු අතර, සුපිරිම සිංදුවට
    කුණුහරප වලින් ට්‍රෙන්ඩින් වෙන්න උත්සාහ කරන මිනිස්සු අතර ඔයා නම් ඇත්තටම වැඩ්ඩෙක්. ඔයා වගෙ ගායකයෝ විතරක් මෙ රටෙ හිටියානම්, අනිවාර්යයෙන් ම රට සෞභාග්‍යවත් වෙනවා. ❤ මෙ සිංදුව නම් හදවතට ම වැදුනා අයියේ

  • @lakshithadilshan6118
    @lakshithadilshan6118 ปีที่แล้ว +4

    මේ වගෙ සින්දුවක් අහන්න ලැබෙන එක වාසනාවක්.. අයියලා වගෙ ගායකයෝ තමයි රටට ඕන

  • @prabadanivihangi2743
    @prabadanivihangi2743 3 ปีที่แล้ว +43

    මැණික අහලා මේක අහන්න ආවේ.. මට කියන්න වචන නැහැ ..තාම ඇස් වල කදුලු .. ශෝක් උනා වගේ . .😳😢

  • @ranaweeratharindusrimal8151
    @ranaweeratharindusrimal8151 3 ปีที่แล้ว +76

    ඇබ්බැහිවන සුළුයි..! ප්‍රවේශවෙන් ශ්‍රවණය කරන්න 😍

  • @maheshkumara1189
    @maheshkumara1189 ปีที่แล้ว +1

    අහන්න කැමති ලස්සන සින්දු.ඔයාට විතරයි අපිව තේරුම් ගන්න පුලුවන් .ගොඩක් පින්.

  • @shashiprabhaabeykoon8
    @shashiprabhaabeykoon8 3 ปีที่แล้ว +78

    ආදරෙයි මල්ලියේ... මගේ ආයුෂත් අරන් ජීවත් වෙයන්.. වෙන කියන්න දෙයක් නැහැ මට... උඹ හරියට භාවනාවක් වගේ....

  • @roshen2906
    @roshen2906 3 ปีที่แล้ว +50

    මේ වගේ කාලයක මෙවන් අගනා නිර්මාණ අහන්න ලැබීමත් පිනක්. ස්තූතියි දායක වූ සියළු දෙනාට.තව තවත් හදවතට දැනෙන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...!!!

  • @indirathnayaka6650
    @indirathnayaka6650 3 ปีที่แล้ว +14

    අද කාලෙ තියෙන මහ එපාම කරපු අඩා වැටෙන ගීත වලට වඩා කොච්චර ලස්සන නිර්මාණ ද මෙ ගොඩක් ස්තූති

  • @koreanlifeofficial
    @koreanlifeofficial 3 ปีที่แล้ว +7

    අයියෙ ඔයාගේ හැම සිංදුවක්ම මං ඇහුවා ...best of luck tarindu aiya.budu saranai

  • @sudharmanawarathna400
    @sudharmanawarathna400 8 หลายเดือนก่อน +1

    කී පාරක් ඇහුවද මතක නෑ ..... ❤️❤️❤️

  • @janakidias1187
    @janakidias1187 4 ปีที่แล้ว +106

    පිය සෙනෙහසේ උච්චතම අවස්ථාවක්‌. තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා.

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 ปีที่แล้ว +3

      Janaki Dias ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

  • @Satabrokers
    @Satabrokers 3 ปีที่แล้ว +178

    මේව සින්දු නෙවේ අධි මාත්‍ර පෙති.. කියන්න වචන නෑ ❤️☺️

  • @kanuruddika4197
    @kanuruddika4197 ปีที่แล้ว

    මැනික සින්දුව අහපු දවසේ ඉදන් මම ඔබගේ සින්දු හොය හොයා අහනවා .හරි ම ලස්සනයි .හරිම සන්වේදියි .රසවින්දනය උපරිම යි.බුදු සරනයි .........

  • @smrsshyami7394
    @smrsshyami7394 3 ปีที่แล้ว +7

    කියන්න වචන කටින් පිට උනේ නෑ විනාඩී දෙක තුනක් යනකල් අන්තිම පේලිය ඇහුවට පස්සේ .😶😶😶 ඒකනම් දෙවියෙක් ලියපු එකක්.මැනික සිංදුව මට දැනුනෙත් මන් එයාටම කීවා වගේ...හිතේ තියෙන සමහර වේදනා ඔබේ සිංදු අහලා හිත නිවා ගත් අවස්ථා අනන්තයි..මෙහෙම සිංදු හදලා කියන ඔබ මනුෂ්‍යයෙකු නොව දෙවියෙකී..🙏 ඔබට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා..ස්තූතී සහෝදරයා..

  • @SocialReader
    @SocialReader 3 ปีที่แล้ว +142

    ''කිරි නොවුනු පපුවක ඉකි ගැහුව ලේ බිදක්''
    කුසුමේ..
    මාත් එක්කම වැලළිලා යයි
    කියා මේකට උත්තරේ
    වහං කරගෙන හිටියේ මං
    කාටවත් නොකියා විස්තරේ..
    හඬ හඬා උඔ විමසද්දි
    මගේ රිදුම් බෝමයි හදවතේ
    කෙල්ල යවපන් ටිකක් එලියට
    කියන්නම් මං කාරණේ..
    කතරගම පත්තිනි විභූෂණ
    හූනියම් දෙව් මන්දිරේ
    සමන් දෙවි ගම් බාර කාලිත්
    නෑ අපේ දුක විමසුවේ..
    උඔට මතකද අන්තිමේටම
    පුරවගෙන කිරි පැන් කලේ
    දවසකට තුන් වරුව යැද්දා
    සිරී මා බෝධිය වටේ..
    සිව් වතාවක් මැරුණු කුස උ⁣⁣⁣ෙඕ
    මෝරලා මහ ලොකු වෙලා
    චුටි පැටියෙක් හඩනු ඇහුණා
    මහ රෑක බැ ගිරි තලා..
    එදා ඉදලම ඒකි මත්තෙම
    දවස තිස්සේම කඹුරලා
    ගිනි ගහන අව් සැරට වැස්සෙත්
    එක ලෙසම ඇග දියවුණා..
    ⁣කහට උගුරින් පිරවුණා බඩ
    ඈ කද්දි බත්ගුලි අනා
    කෙල්ල ගෙට වී පාට වැටුණා
    මලක් වාගෙයි පෑ හිනා..
    දීග දෙන කල වයස එනකොට
    ආපු උන් අත ඉල්ලලා
    ලංසු තැබුවේ
    ලක්ෂ ගනනින්
    ගෙන යන්න ඈ කැන්දලා
    මලක් වගේ හැදු කෙල්ල ඉද්දී
    ගුණ දහම් හොඳ මදි වෙලා
    කොහෙන් දෙන්නද කුසුමේ බං අපි
    උන්ට දෑවැදි පුරවලා
    එකා පිට එක එකා යද්දි
    ඇවිත් මගුලට බෑ කියා..
    ඇගේ ඇස්වල උනපු තෙත දැක
    අනේ මං අසරණ උනා..
    ලක්ෂ දහයක් දාල ඇති මං
    ඒකි නමටම පොතක් පුරවා..
    මියැදුනත් මම ඈව යවපං
    දෙව්දුවක් විදියටම සරසා
    නාඩා ඉදහන් කෙල්ල වෙනුවෙන්
    ඇහැක් දේ මං ඉතින් කෙරුවා..
    නුඔට නොකියා
    කුසුමේ මං මගේ....
    වම්පැත්තේ
    වකුගඩුව වික්කා...
    පද රචනය : ශශික සදීප්
    ගායනය : තරිඳු ඡයසිංහ
    සංගීතය : දීප්ති ඡයසුරිය
    බොහෝම ස්තුතියි ඔබ සියලු දෙනාටම
    හරිම සංවේදි
    ලස්සන නිර්මාණයක් 👍

    • @shriranasinghe6934
      @shriranasinghe6934 3 ปีที่แล้ว +1

      අනේ දෙවියනේ...මට බෑ මේක අහන්න...😥😥😥😥😥

    • @Mili_murgana
      @Mili_murgana 3 ปีที่แล้ว

      Jivithe hadavthinm kadulu pirila e kadulu ohe galagen yddi e danena duka umanwenm vidagena ahan hitiya ekama sinduva

    • @dsengineering145
      @dsengineering145 3 ปีที่แล้ว

      💝💝💖💝💝

    • @kaindika7349
      @kaindika7349 3 ปีที่แล้ว

      ස්තූතීයී...

  • @sanfernando9
    @sanfernando9 4 ปีที่แล้ว +216

    අන්තිම පදෙන් පපුවේ නහර ටික සේරම එකට තියලා අද්දා වගේ. මොකක්ද මල්ලියේ උබ අපිට ඒ කරේ.

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 ปีที่แล้ว +23

      ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න..ඔයාල තමයි අපිව තවත් ශක්තිමත් කරන්නේ..ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 4 ปีที่แล้ว +6

      සිරාවටම. දැනට පනස්වතාවකට වඩා අහල ඇති. ඒ හැම වතාවෙම කදුලු බේරැනා...❤️❤️❤️❤️

    • @nayomisamanthika
      @nayomisamanthika 3 ปีที่แล้ว +1

      Eththamai..

    • @pawanyathrimawithana3345
      @pawanyathrimawithana3345 3 ปีที่แล้ว +1

      Ou eeka aththa.adunaa...

    • @maheshidilrukshi2410
      @maheshidilrukshi2410 3 ปีที่แล้ว +1

      ඇත්තමයි..මගේ හිතත් එක පාරටම හිර වුනා වගේ..මාර දුකක් දැනුනේ..😭

  • @surangimadushika2654
    @surangimadushika2654 3 ปีที่แล้ว +1

    මේ සිංදුව අහලා කමෙන්ට් නොකර යන්න බෑ මාරම ලස්සනයි අවසාන පද පේලිය අහන කවුරුත් නාඩා ඉන්නෑ

  • @jayanianuradha749
    @jayanianuradha749 ปีที่แล้ว +3

    අම්මා තාත්තගේ ආදරේ මහමෙරක් තරම්...ඒ ගැන ලස්සනට කියවෙන විශිශ්ට නිර්මානයක්❤️❤️

  • @user-os8xt8jg6n
    @user-os8xt8jg6n 3 ปีที่แล้ว +15

    Trending යා යුතුම ගීත මේවා 🏆🏆🏆🏆

  • @Dr.Fathy_
    @Dr.Fathy_ 4 ปีที่แล้ว +69

    මේ වගේ සිංදු ඇයි trending නොඑන්නේ කියලා හිතා ගන්න බෑ.. 💔💔❤️😢😔

    • @navokala9158
      @navokala9158 4 ปีที่แล้ว +2

      Ek aththaa....minissunge rasawindanaya hari wens dan..me wage watina dekaata idk naha..dukai e gana😓

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 ปีที่แล้ว +3

      Fathima Nazeeha ස්තූතියි ගොඩාක්..තවත් මෙවැනි ගීත රසවිදින්න කැමති නම් chanel එක subscribe කරන්න අමතක කරන්න එපා.. මේ song එකේ link එක share කරලා song එක ඉස්සරහට ගෙනියන්න අපිට සහයෝගයක් දෙන්න.❤️

    • @kevinsenawirathne677
      @kevinsenawirathne677 3 ปีที่แล้ว +2

      Lankawa thama diyunu wemin pawathina ratak ekyi hethuwa රසාස්වාදය kiyna de anthimy godk minissunge eky me wg wtina නිර්මාණ idiriyt yanne nththe harima කනගාටුයි 😔

    • @sajinidilsha6603
      @sajinidilsha6603 3 ปีที่แล้ว +1

      Trendin enne melo rahak nathi ewa e gana katha krl wdak na minissunge rasawindanaya tami itin..

    • @osko2035
      @osko2035 3 ปีที่แล้ว

      sahithya rasawindanaya minissunge adu nisa yluwa....

  • @dinudanu5404
    @dinudanu5404 ปีที่แล้ว

    මේවා අහන විදින මිනිස්සු මේ රටේ ජීවත්වෙනවා කුනුහරුප නෑ බාල මහලු තරුණ ඕන කෙනෙක් හදවතින්ම බැදෙනවා මේවත් එක්ක........... දවසෛන් දෙකෙන් ජනප්‍රිය වෙන්න සිංදු හදන පද බදින ගී කියන උන් අතර උන්ට කිට්ටුවෙන්නවත් බැරි ඔයාලා උතුම් පිරිසක් .......... ඔයාලට ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 11 หลายเดือนก่อน +2

    ඇග හිරිවැටෙනවා මේ ගීතයේ පද සංගීතය සහ හඩ ඇසෙද්දී❤❤❤

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 3 ปีที่แล้ว +15

    දෙවියනේ මේ වගේ සංවේදී ගීතයක්..නාඩා අහන්න බැරි උනා

  • @g.m.shalitha4517
    @g.m.shalitha4517 3 ปีที่แล้ว +23

    මේකයි අපි ගීත සාහිත්‍යය.. පැහැදිලි නියම සිංහල ගැමි කම.. ලබන්න පුලුවන් උපරිම ගෞරවය පද ගලපන්නටත් ගයන්නටත් නිසැකවම.. පුදුම තේරුම් ගොන්නක් 😔

  • @sewwandimadumali1150
    @sewwandimadumali1150 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි හැම ගීතයක්ම ඇස්වල කදුලු පිරුනා .අපේ පාඩම් වලදිත් මෙ ගීත විචාරය කරනවා.සමාජයේ මිනිස්සන්ට හිතන්න යමක් ඉතුරු කරනවා බුදුසරණයි ඔයාල හැමෝටම

  • @ayomageethanjali8882
    @ayomageethanjali8882 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ,ඒ වගේම අන්තිමට දුක හිතුනා

  • @rochelekanayake9116
    @rochelekanayake9116 3 ปีที่แล้ว +21

    අන්තිම පද පේලිය හුස්ම මොහොතකට නතර කලා...එවන් ආදරයක් නොලබන එවන් තෙත ස්නේහයක පුසුඹ නොලබන ජීවිතයට යථාර්ථය සොයන දහසකුත් අයට පිය සෙනෙහේ කියන්නෙ මොකද්ද ඇහුවොත් මේක පෙන්නපන්....... ❤

  • @bismath1038
    @bismath1038 3 ปีที่แล้ว +13

    සිංදුව අහන්නත් කලින් like එකක් දැම්මේ....ගායකයා පදරචකයා සංගීතය දුන්න කෙනා කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි මේ සිංදුව තව කෙනෙක්ගේ හිතක් නිවන්න පුලුවන් කටහඩක් ලැබෙන්නේ පෙර පිනකටම විතරයි ඒ ගැඹුරු කටහඩ සිංදුවට මාරම විදියට ගැලපුනා මේ සිංදුව කරන්න දායක උන හැම කෙනාම මාරම සංයමයක් තියෙන අය කියලා හිතෙනවා මේ වගේ දේවල් කරන්න ඒ අයට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන......විශේෂෙන්ම මේ සිංදුව කියපු අයියාගේ කටහඩ කියන්න වචන නෑ මාරයි 😍 u tube එකෙ මන් දාපු පලවෙනි comment එක

    • @rohanliyanage9283
      @rohanliyanage9283 3 ปีที่แล้ว +1

      එක වචනෙන් කියනවනම් "සුපිරි"

  • @malishanawodani7965
    @malishanawodani7965 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි .අසවෙන් අහන් ඉන්නෙ.ජේසු පිහිටයි ඔයාලට.

  • @thiliniimalka7514
    @thiliniimalka7514 3 ปีที่แล้ว +1

    Ammo aiye oyage sindu hemaekakma ahanne ada ada e tharamatama arthanwithai,geburui
    Oyata thawa thawath me mage wishishta nirmana bihikaranna wasanawa lebewa..

  • @sampathkumara6947
    @sampathkumara6947 3 ปีที่แล้ว +18

    නිමිත්ත : මහ ගෙදරට සහ ඉඩම වෙනුවෙන් ඇති වූ කතා බහකදී පුතු විසින් සිය පියාට එල්ල කල පහරකින් තුවාල ලැබූ පියා දින කිහිපයකින් මිය යයි.පුතු ඉන් බේරීමට සැගව සිටී. මේ අතරේ තම මව විසින් පියා පිලිබද පැවසූ සිදුවීමක් අසන්නට ලැබී මිනී මරු පුතුද ගෙල වැලලාගෙන මියයයි. එලෙස පුතුට දැන ගන්නට ලැබුනු මව පැවසූ සංවේදී කතාව...
    ( නිහඩ ආදරයක සංවේදී නික්මයාම )
    ************************************************
    ලොකු එකා - මගෙ බඩේ
    ඉන්නකොට - පෙර එදා...
    මේ මිනිහ - ඇවිදේ
    රජ්ජුරුවො - වගෙ එදා...
    පන්සලේ - බෝ පැලේ
    පැං කලෙන් - නාවලා...
    කිව්වේම - ලොකු එකා
    සිල්වතෙක් - වෙයි කියා
    අකුරු ටික - මග දාල
    ටවුමටම - ගිය නිසා...
    ඉන් පසුව - ආවෙ නෑ
    මං වදපු - ලොකු පුතා...
    ටවුමෙ උන් - එක්කලම
    රංචුවේ - ගිය නිසා...
    තුන් වේල - බී ගත්තු
    වසලයෙකි - ලොකු එකා...
    ඒ හරබෙ - අවසානේ
    ලොකු එකා - පැරදුනා...
    වකුගඩුත් - කුණු උනේ
    උගෙ මෝඩ - වැඩ නිසා...
    පණ යන්න - දගලද්දි
    ලොකු එකා - විදවලා...
    වකු ගඩුත් - දීල උට
    බේරුවේ - මහ එකා...
    බඩ පැලුම් - පේන විට
    දුක් වේවි - ලොකු එකා...
    ඒ බවක් - නොදැනෙන්න
    කමිසයෙන් - හැංගුවා...
    මහ එකා - නැහුනේම
    මූ මත්තෙ - වන නිසා...
    පොඩි එකත් - හැම විටම
    මහ එකා - කොන් කලා...
    ඒ දුකත් - හිත අස්සේ
    හංගගෙන - හිනහිලා...
    දරුවොමයි - මැරෙනකල්
    ඇදැහුවේ - මහ එකා...
    ගුටිකාල - වාට්ටුවෙ
    ඇද උඩම - වැතිරිලා...
    ඒ වෙලෙත් - ඇහුවේම
    ලොකු එකා - කෝ කියා...
    ඒ වචන - ඇහෙන කොට
    මගේ හිත - පිච්චුනා...
    අන්තිමට - කියෙව්වෙත්
    ලොකු එකා - පව් කියා...
    මේ වගේ - තිරිසනෙක්
    වැදුවෙ මං - වන නිසා...
    සහ ගහවි - මගෙ වලට
    තුන්වේල - දින පතා...
    අහගනිං - ලොකු පුතේ
    ඒ උබේ - තාත්තා...
    බෝසතෙක් - ලොකු පුතේ
    උඹ මරපු - තාත්තා...
    Ranjan Basnayake ගෙන් උපුටා ගැනිමක්
    හදන්න කො මෙ ගැන ගිතයක්

  • @priyanthakumara3258
    @priyanthakumara3258 4 ปีที่แล้ว +36

    ඒක නම් පට්ට .. තාම අහනවා අහනවා ඉවරයක් නැ එපා වෙන්නෙත් නැ 😢💕😢💕

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූතියි ඔබට..අපිටත් ඕනි උනේ ඒ දේ ඔයාලට දෙන්න..මල් සිංදු කලාවෙන් ඔබ්බට යන්න..ඉතින් තවත් මෙවැනි ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. Song එකේ link eka ඔයාගේ යාලුවන්ටත් share කරලා සහයෝගයක් දෙන්න.ස්තූතියි.❤️

  • @tharushiprarthanakavindi9175
    @tharushiprarthanakavindi9175 ปีที่แล้ว

    මං මේ ගීත කවදාවත් අහලා තිබ්බේ නෑ.මුලින්ම අහුවේ අපේ campus එකේ lecturer කරපු lessons එකක. පුදුම සන්වේදී කතවක් අහද්දි ඇඩුණා. දැන් තියේන ගීත රසවිදින්න තියා අහන් ඉන්නවත් බෑ.මං අහපූ හොදම ගීත එකතුවක් හිතට කතාකරන්න පුලුවන් ගීත. මේවගේ රසවිදින්න පුලුවන් ගීත හා සංගීත දිගටම කරගනයන්න පුලුවන් වෙන්න කියලා සුභපතනවා 🥰🙏

  • @sachinichathurya6762
    @sachinichathurya6762 3 ปีที่แล้ว +1

    ජීවිත ගැන කතා කරන කවිකාර අකුරු හරිම ලස්සනයි....සිහින් පිහි තුඩක් ගෙන දෙපලු කලා මගෙ හදවත...හීනියට නුඹටම වෙන් උනු කවිකාර නුඹේ වදනින්

  • @hansiw1372
    @hansiw1372 4 ปีที่แล้ว +23

    මේ පද වැල්, සංගීතය, හඬ... එකට පෑහුනේ වාසනාවකටමයි කියලා හිතුනේ... හැමට ජය පතනවා!

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි...ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

  • @upulierandi4236
    @upulierandi4236 4 ปีที่แล้ว +110

    කියන්න වචන නෑ.අන්තිම පද ටික ඇහෙද්දි හදවතට අකුණක් කෙටුව වගෙ.දිගින් දිගටම මේ වගේ විශිෂ්ඨ නිර්මාණ කරන්න ඔයාල හැමෝටම හදවතින්ම සුභ පතනවා.🔥

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

    • @dayawanniarachchi7381
      @dayawanniarachchi7381 4 ปีที่แล้ว

      වචන ගැලපීම තනුව ගායනය මනාව එක්තැන් කළ සොඳුරු ගීතයක් ඔබ තිදෙනාට ගොඩක් ස්තුතියි

    • @tharushiweerasingha647
      @tharushiweerasingha647 2 ปีที่แล้ว

      @@heenawithshashi9109 ❤️❤️

  • @sunethradeepika9185
    @sunethradeepika9185 2 ปีที่แล้ว +3

    මමත් ක්ලාස් ගිය වේලාවක සර් කෙනෙක් මේ සින්දුව ඇහුවේ ❤🌸 හරිම ලස්සනයි

  • @sampathsandaruwan9637
    @sampathsandaruwan9637 3 ปีที่แล้ว +5

    හිතට වදින්න ලියපු පද පේලියක් ❤ අම්මලා වගෙම තාත්තලා එහෙමයි ආදරේ නොපෙන්නුවට දරුවන්ට තියෙන ආදරේ වචනෙන් විස්තර කරන්න බෑ .❤❤🙏

  • @janajayarathne1972
    @janajayarathne1972 4 ปีที่แล้ว +31

    ඇඟ හිරි වැටුනා ශෂී අයියා අන්තිම පදේට...දැන් තමා සින්දුව හරියට ඇහුවේ trending වෙන්න කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා....

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 ปีที่แล้ว

      ස්තූතියි ඔබේ comment එකට,මේ වගේ වෙනස්, විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.මේ ගීතය යාලුවන් අතරේ share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි.❤️

    • @niranjanperera5712
      @niranjanperera5712 3 ปีที่แล้ว

      ❤️

  • @nalikakumari1257
    @nalikakumari1257 3 ปีที่แล้ว +32

    ඇස් වහක් කට වහක් නෑ කියන්න පුදුම ලස්සනයි... හැමදාමත් මේ වගේ නිර්මාණ කරන්න.. මැණික සිංදුව ඇහුවයින් පස්සෙ ඔයාගෙ හැම සිංදුවම හොය හොය බලනවා..

  • @tharangasanjeewa5668
    @tharangasanjeewa5668 3 ปีที่แล้ว

    අහම්බෙන් දවසක මැණික සින්දුව අහපු මන් ඊට පස්සෙ ඔයාගෙ සින්දු හොය හොයා අහන්න ගත්තා.ඒ පදවැල් ජීවිතේ ජීවත් කරවනවා....

  • @yashanyashan1864
    @yashanyashan1864 3 ปีที่แล้ว +1

    Aththatama kiyanna වචන na,e tharamatama hithata waduna.Good Luck 👍👍👍

  • @user-gr8vj4bx7f
    @user-gr8vj4bx7f 3 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා මෑතකාලීන ජනතාව එකදු මානයකින් හෝ නොසිතනා පැතිකඩක් සිතුවිල්ලක් බවට හරවා අලංකාර ලෙස හැගීම්බර ප්‍රකාශනයක් මේ වීඩියෝ ව තුලින් සමාජගත කිරීමට වෙරදරනා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!
    මෙවෙනි නිර්මාණයන් තව තවත් සිදු කිරීමට මානසික ශක්තිය දියුණු වේවා.....

  • @nandamalanie4004
    @nandamalanie4004 3 ปีที่แล้ว +25

    අනේ කවදාවත්. මේ වගේ නිර්මාණ කරන එකනම් නතර කරන්න එපා🙏🙏 ප්ලීස් පුදුම ලස්සනක්. ❤️බුදුසරණයි අයියේ ඔයාට 🙏❤️

  • @nadishaniilangasinghe5144
    @nadishaniilangasinghe5144 3 ปีที่แล้ว

    සින්දු ඇහුනට අර්ථයක් ඇතුව කාලෙකින් මන් සින්දුවක් ඇහුවා ඇත්තටම එකක් අහලා එක දිගටම අහන්න තරම් ඇබ්බැහි වුණා....... ඇස් අගටකදුලු ආපු මේ නිර්මාන මොනතරම් මිනිස් හිතට සංවේදීද......

  • @ayeshrandima4614
    @ayeshrandima4614 2 ปีที่แล้ว +4

    සංවේදී සිංදු.❤😊 දඩබ්බර හිත් පවා සංවේදී කරයි.❤🧘

  • @sandumanage
    @sandumanage 3 ปีที่แล้ว +8

    මේ සිංදුව දවසට එකපාරක්වත් අහනව... ඒතරම් හිතට වැදුන...❤❤❤

  • @malithhansaka3132
    @malithhansaka3132 3 ปีที่แล้ว +15

    ඒ පද , ගායනය, සංගීතය එකට එකක් දෙවෙනි නෑබම් අයියේ.. මේක නම් භාවනාවක්❤️❤️❤️🙏

  • @imeshakaluarachchi3206
    @imeshakaluarachchi3206 ปีที่แล้ว +8

    මේ ලෝකෙ ඉන්න කිසිම තාත්තෙක්ගෙ හිතේ ගින්දරක් නම් ඇවිලෙන්න එපා .....🙏🙏🙏

  • @shanikumburage355
    @shanikumburage355 3 ปีที่แล้ว +1

    අවසානයේ මේහෙම වෙයි කියලා හිතුවේ නෑ ..තමන්ගෙ දරුවන් වෙනුවෙන් ජීවිතේ දියකරන සියලු පියවරුන්ට උපහාරයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udeshikaupamali9802
    @udeshikaupamali9802 3 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි. .කදුළු ඉනපු ඇස් දෙකක් නොතිබෙන්නට ඇති මේ නිර්මාණය රසවිඳලා. .සුභ පැතුම් ඔබ සියලු දෙනාටම ❤👍👍

  • @kavishanethsarani5953
    @kavishanethsarani5953 3 ปีที่แล้ว +138

    අන්තිම පද පේලිය අහද්දි හුස්ම විනාඩියකට නැවතුනා...😖

  • @isharasilva9681
    @isharasilva9681 7 หลายเดือนก่อน

    මගේ ඇස් වලට කදුලක් ගෙනාව අතේ ඇගිලි ගානටත් අඩු තවත් සින්දුවක්.🙏❤

  • @user-xv6px2ul1w
    @user-xv6px2ul1w ปีที่แล้ว +1

    මේ සිංදුවල තවත් තිබ්බනම් කියලා හිතෙනවා ♡

  • @sitharamaduwanthi6722
    @sitharamaduwanthi6722 3 ปีที่แล้ว +3

    අහම්බෙන් අයියාගේ මැනික සිංදුව ඇහුණා එදා ඉදලා හොය හොය ගියා අයියාගේ ගිත.මේ තරම් රහට හිතට වැදෙන්න ලියපු ඒ පද වලට අපුරු කට හඩක් මියුසික් අපිට හරි අපුරු චිත්‍ර රෑප මවනවා රටාවට..තෙරුවන් සරණයි හැමොටම ❤️❤️

  • @nisharaweerasinghe2264
    @nisharaweerasinghe2264 3 ปีที่แล้ว +15

    නුඹට නොකියා.. කුසුමේ මන් මගෙ වම් පැත්තේ වකුගඩුව වික්කා....
    ඇසට කදුලු ගෙනෙන්ට සමත් වූ පලමු ගීතය. අතිවිශිෂ්ඨයි. සුබ පැතුම් ඔබට

  • @sandusewwandi2369
    @sandusewwandi2369 3 ปีที่แล้ว +1

    ලක්ශ ගනනින් ලංසු තැබුවත් මාව ගෙනියන්න උන්
    දන්නේ නෑ ඔබ මාව හදනට වින්ද ඒ දුක පිට එවුන්..
    අහන් උන්නා වහං වීලා කියූ විස්තරේ අම්මට හොරෙන්..
    වික්කේ ඇයි මගෙ පන
    ටිකයි නුබ දන්නේ නැතුවද තව ඉතිං...
    මාව ලැබෙනට බෝදි ගානේ පඩුරු බැන්දලු ඔබ ඉතිං...
    බඩට ආ දා කියපු දා මව ...ඇඩුවෙ නුබ සතුටට වහන්...
    එදා ඉදලා නුබ විදපු දුක දන්නේ නෑ මං නුබ තරම්...
    මලක් වාගේ මාව හැදුවා දන්නවා මගේ අපපච්යේ..
    නුබට විපතක් කරන් මං මොන දීගේ යන්නද
    කියාපන් මගෙ අප්පච්චියේ
    ලක්ස ගනනින් ලංසු තැබු උන් ආවේ මගෙ අත ඉල්ලලා
    මට තියෙන ප්‍රේමෙකට නොව දෑවැද්ද ඉල්ලා පොර කකා..
    නුබ හැදුවේ දැන් රාස්සෙකුට දෙන්නද මා පවරලා...
    අනේ මං යන්නේ නෑ මයි උන් එක්ක නම්
    සැරසිලා..
    ඇහුනා නුබ කියනවා අම්මට මේ වගේ කතාවක්...
    "ලක්ස දහයක් දැම්මලූ නුබ මගේ නමටම පොතක් පුරවලා ඉතිං මැනිකේ මං නැතත් හෙට
    දුවව යවපන් දෙවුලියක් වගේ සරසලා..."
    නුබේ පන මට ලක්ස දහයද වටින්නේ.....
    දෙවිලියක් වගේ මම යනවා දැන් කවුරුදෝ මග බලන්නේ..
    අයේ මං මගේ අප්පච්චියේ යැයි කාටදෝ දැන් කියන්නේ...
    හිතුමනාපෙට ඇග වික්කේ ඇයි මට කියාපන් මගෙ වස්තුවේ...
    මගුල් පිට මට මගුල් ආවත් එපා දැන් මට ඒ එකක් වත්...
    නුබ නැතුව මොන මගුල් කෙරුවත් නෑ මගේ එක හිනාවක්...
    මටම ආලේ කරන මිනිහෙක් ආවොතින් හෙට මාව ඉල්ලං..
    නුබ නැතත් හෙට ඉන්න තැනකින් සිනා සලපං
    කදුලු නොවැටෙන ඔය නෙතින්...
    සදූ❤️

  • @nadeekapriyadarshani8315
    @nadeekapriyadarshani8315 10 หลายเดือนก่อน +1

    මෙ වගෙ අරුතක් ඇති සිංදුවක් මං ඇහුවමයි.. ඇත්තටම ඇඩෙනවා.නියමයි.ඔයාලට දිර්ඝ කාලයක් මෙවැනි සිංදු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @danaligeethmanthi8713
    @danaligeethmanthi8713 3 ปีที่แล้ว +6

    තාත්තගෙ තැන කාටවත් ගන්න බැහැ තාත්තෙ , දීර්ඝායුෂ ලැබේවා !!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥

  • @anupamarathnayake9484
    @anupamarathnayake9484 4 ปีที่แล้ว +5

    ඒ පද,සංගීතය,හඩ රටට වාසනාවක්...තාමත් අහනවා ...කොයිතරම් දුක දැනුනත් අයෙ ආයෙත් අහනවා...හදවතට කතාකරන්න කදුලු අවුස්සන්න හැම සිංදුවටම බෑ,හැම ගායකයටම බෑ,හැම සංගීතයකටම බෑ..ඒත් ඔයාල ඒක කලා....හදවතින්ම සුභ පතනවා...සත්තකින්ම මේ වගේ අප්පච්චිලා ඉන්නවා දුවලා වෙනුවෙන් ම කැපවුනු...❤❤❤

  • @ahinsachamudini410
    @ahinsachamudini410 2 ปีที่แล้ว

    හැම ගීතයකම ලොකූ අර්ථයක් තියෙනවා. වචන වලට පණ ඇවිත් කිව්වොත් නිවැරදි. අවරගනයේ ගීත පිලිලයක් වගේ සමාජේ හැමෝම අතරට යනවා ඒත් මේ වගේ වටීනා ගීත අහන්නේ හරිම සීමිත පිරිසක් විතරයි.ඔයාලට ගොඩක් පින් මේ වගේ වටිනා නිර්මාණ මේ සමාජෙට අහන්න සලස්වනවට. බුදුසරණයි ♥️👍

  • @dibhashaanuranga5817
    @dibhashaanuranga5817 3 ปีที่แล้ว +159

    මමත් අද මගේ cls එකේ ලමයින්ට මේ සින්දු අහන්න දුන්නා මගේ phone එකෙන්ම. පුදුම සින්දු......

  • @tharushikanethmini8846
    @tharushikanethmini8846 4 ปีที่แล้ว +21

    මාරම ලස්සන හිතට දැනෙන lyrics ටිකක්... ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාන කරන්න ❤️❤️

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 ปีที่แล้ว

      Tharushika Nethmini ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

  • @dezifernando2861
    @dezifernando2861 3 ปีที่แล้ว +5

    මනුස්සයෙක්ව හිනස්සන්න,අඩවන්න,චූන් කරන රැල්ලෙ,,,
    මනුස්සයෙක්ගෙ හිතක් තමන්ගෙ ජීවිත කතාව මේක කරවලා සංවේදී කරවන නිර්මාණයක් විදියට දැනුනෙ මේක විතරමයි ... දිග ගමනකට ආශිර්වාදය තියේ මනුස්ස හිත් තියන අයගෙ..🙏

  • @tharakaruwan9122
    @tharakaruwan9122 3 ปีที่แล้ว

    හරිම ලස්සනට ගලපපු අති දුක්ඛිත කතාවකි. දාරක පිය ස්නේහය කැපවිම, සියල්ලම පාදක කරගත් අපුරු නිර්මාණයක්. අද සමාජය ගොඩක් වල් වැදිලා වචන වලට මියුසික් දාපුවා අහන්න . ඉතින් මෙවැනි නිර්මාණ ඉදිරියටත් කරන්න ඔබට ධෛර්යය ලැබෙිවා. උතුම් ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි

  • @pawaninimsara7341
    @pawaninimsara7341 ปีที่แล้ว +1

    අවංකවම හිතට දැනෙන සිංදුවක්. ඒ වචන ටික නම් ඇස් වලට කදුලු ඉනුවා 🥺🥺❤️ තවත් මෙ වගේ තාරුමක් ඇති සින්දු කලාවට එකතු කරන්න ශක්තිය ලැබේවා ❤️

  • @nilupulchamara7511
    @nilupulchamara7511 3 ปีที่แล้ว +3

    කුසුමේ.....
    දිව්‍යමය සිත්තමක් හදවතේ සිත්තම් කලාවාගේ. මා පුතෙක් වුවත් හදවතට දැනුන හැගීම මෙපනක්‍ යැයි කිව නොහැකිය. ඒ පදවැල් ඒ කටහඬ ඒ සංගීතය අගය කිරීමට වචන නොමැත.
    ප්‍රමද වී හෝ වර්තමානයට මෙවැනි විශිෂ්ට නිර්මාණ තිළිණ කිරීම අගය කරමි. තිදෙනාටම ජය... ❤️

  • @denethlakshan1064
    @denethlakshan1064 4 ปีที่แล้ว +13

    අවසාන පද ටික මාව පුච්චල දැම්ම...තාත්තා...❤️❤️❤️❤️

    • @heenawithshashi9109
      @heenawithshashi9109  4 ปีที่แล้ว

      Deneth Lakshan ගොඩක් ස්තූතියි දීපු comment එකට,අපිට ඕන වුනේ වෙනස් දෙයක් ඔයාලට රස විදින්න දෙන්න.ඉස්සරහටත් මේ වගේ වෙනස් විදියේ,විදින්න පුලුවන් ගීත අහන්න කැමති නම් chanel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.ඒ වගේම මේ ගීතයේ link එක ඔයාලගේ යාලුවන් අතර share කරලා සිංදුව ඉස්සරහට අරන් යන්න සහයෝගයක් දෙන්න.ස්තූතියි..❤️

  • @mandiraranasinghe7635
    @mandiraranasinghe7635 ปีที่แล้ว +1

    lassana sinduvk mara vidiyata hithata danuna thaththa hamdama ape life eke rajjuruvo ♥♥♥♥