#Vtv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @infinty2699
    @infinty2699 11 หลายเดือนก่อน +28

    මේ ගීතය අහන හැම වෙලේම මගේ මතකෙට නැගෙන්නේ මගේ පාසල් ප්‍රේමය....මට මතකයි මාත් ඔහුව ඔය විදිහටම ප්‍රතික්ෂේප කරපු විදිහ. ඒතනින් එහාට එයා මගෙන් ඈත් වෙලා ඉදිරියත් මට ඕනම වෙලාවට මන් වෙනුවෙන් ඔහුත් ඔහුට ඕනම වෙලාවට ඔහු වෙනුවෙන් මමත් ඉදියා... ඒක හරි අමුතු බැදීමක්‌ කවදාවත් ළං වෙන්නෙ නෑ කියලා දැන දැනම දුරින් ඉදන් ආදරේ කරන එක කොයි තරම් වේදනාවක් ද කියලා දන්නේ ඒ වගේ ප්‍රේමයක අහම්බෙන් හරි පැටලුනු අය විතරයි.. අන්තිමේදි අපි වෙන් උනා...ඒ වෙන් වීමට සෑහෙන කාලෙක ඉදන් මම සූදානම් වෙලා ඉදිරියත් ආයෙ කවදාවත් අපි දෙන්නව හමුවෙන්නෙ නෑ කියලා දැනුනම ඇති උන වේදනාව අමතක කරන එක ලේසි පහසු උනේ නෑ... ආඩම්බර කමට එයාට සමු දීලා ගෙදර ඇවිත් සති ගනන් තනියම මම ඇඩුවා,අහම්බෙන් හරි හමු උනොත් කියලා එයාට දෙන්න පොඩි පොඩි ලියුම් කෑලි ලිව්වා. පස්සේ ඒවා ඉරලා වීසි කරා....අදටත් ඒ තමයි මට හමුවුන හොදම ප්‍රේමය...අමතක නොවන ප්‍රේමය... අපි වෙන් වෙලා කොච්චර කල් ගියත් අදටත් පරණ පාසලට අහම්බෙන් යන හැම වතාවකදිම අපි දෙන්නගේ මතක මාව පිස්සු වට්ටනවා... ඒ යන හැම වතාවකදිම ගෙදර ඇවිත් සති ගනන් අඩනවා වැලපෙනවා.... 💔

    • @rohanasenevirathne2271
      @rohanasenevirathne2271 8 หลายเดือนก่อน +1

      Super.reality of school love

    • @pradepkumara2208
      @pradepkumara2208 7 หลายเดือนก่อน

      ජීවිතේ කවදාවත්ම සැබෑ අාදරය අත හරින්න එපා....

    • @priyantharathnasingha3839
      @priyantharathnasingha3839 7 หลายเดือนก่อน

      Harima sanvediii ..harima dukaiii..

    • @WAJ15
      @WAJ15 6 หลายเดือนก่อน

      ඒ මහා වේදනාවක්

    • @donmudit2257
      @donmudit2257 2 หลายเดือนก่อน

      ඔය කොයිකාලේ කොහෙ පලාතේ උන දෙයක් ද ?

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +31

    කවුදාවත් මැරෙන්නෙ නැති ගීතයක්...අපි හැමෝම බහුතරයක් නොලැබුණු ප්‍රේමයක ප්‍රේමණීය අත්දැකීම් විඳපු මිනිස්සු.බොහොම ස්තුතියි හැමෝටම

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +3

      ස්තුතියි

    • @hasantatanuj6553
      @hasantatanuj6553 2 ปีที่แล้ว +2

      Mmmmmmmmmmnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnngh

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 2 ปีที่แล้ว

      @@hasantatanuj6553 ❤️❤️❤️

    • @demindakonara1145
      @demindakonara1145 ปีที่แล้ว +1

      Sahatika aththa,ona de misa wena dewal mokatada.

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 ปีที่แล้ว

      @@demindakonara1145 අනිවාර්යයෙන් ම🥰

  • @ashahemage7610
    @ashahemage7610 3 ปีที่แล้ว +27

    මගේ ජීවිතයට සමානයි. මං මේ ගීතයට කොපමණ ආදරෙයි ද කියලා කියන්න බෑ. ඒ තරමටම

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @kushisaranya9774
    @kushisaranya9774 2 ปีที่แล้ว +16

    සුජී... ඉස්සරම ඉස්සර දවස්වල..මේ සිංදුව... මගේ හඬින් අහන්න ඔයා ආසයි.. මං මේ සිංදුව කීපාරක් ගයලා ඇද්ද... හැබැයි.. අපි අපිට ආදරෙයි කියලා කීවෙත් නෑ.. කවදාවත් ඇහුවෙත් නෑ...
    අද ඔයාගේ හඬවත් මට ඇහෙන්නේ නෑ... අහන හැම වෙලේම ඒ අතීතෙට හිත දුවලා යනවා.. ඒත්.. මාත් එක්ක ඒ මතක විදින්න.. ඔයා නෑ... ඉන්න තැනක සතුටින් ඉන්න.. 😊😊
    මං.. මධූ...

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 ปีที่แล้ว +3

    මගෙ ප්‍රථම ප්‍රේමය ප්‍රකාශ කලාට පස්සෙ ,මට ලැබුණු පිළිතුර මේ ගීතය...😢😢

  • @DamithRupasinghe
    @DamithRupasinghe 8 หลายเดือนก่อน +2

    වචනයේ පරිසමාප්ත අර්ථයේන්ම හදවතේ ගැබුරුම තැනට දැනේනවා ලිව අයට කිව අයට සන්ගිතේ දුන්නු අයට පින් පින් පින් ගෝඩක් පින්

  • @kekuludissanayake
    @kekuludissanayake 7 หลายเดือนก่อน +1

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //

  • @SathsaraJayanga
    @SathsaraJayanga 3 ปีที่แล้ว +51

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා..
    මිතුරු දම් විනා...
    නෞකාවකි මා ඈත සමුදුරේ..
    මා පහන්ටැඹයි මෑත ගොඩබිමේ...
    පහන්ටැඹ කියන්නෙ ප්‍රදීපාගාරයට. ප්‍රදීපාගාරයක් හදන්නෙ අතිශය ගල් පර වලින් ගහණ වෙච්ච වෙරලාසන්නයේ මුහුදෙ තියෙන නෞකාවලට අනතුරු හඟවන්න මේ ප්‍රදේශය අවටින් ගොඩබිමට ලඟා වෙන්න එපා කියලා කියන්න. ඉතිං ප්‍රදීපාගාරය හදලා තියෙන්නෙ නැව් වෙනුවෙන් උනාට කවදාවත් නැවකට ප්‍රදීපාගාරයට ලං වෙන්න බෑ මොකද ලං වුනොත් නැව විනාශ වෙන නිසා. කවදාවත් එක්විය නොහැකි ප්‍රේමවන්තයින් යුවලකගෙ අත්දැකීමක් කපිල කුමාර කාලිංගයන් හරි අපූරුවට මේ පහන්ටැඹෙයි නෞකාවෙයි කතාවට ගලපනවා. ආදර කතාවක් හෝ වෙන කුමන හෝ සමාජ සිදුවීමක් මේ තරම් අපූරුවට උපමාවකට ගලපන ගීත තිබෙනවා නම් ඒ ඉතා අතලොස්සයි. මේ පෙම්වතාගෙයි පෙම්වතියගෙයි හැඟුම් අතිශය සියුම්ව අන්තරා කොටස් වලදි විස්තර වෙනවා.
    තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ..
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්..
    කිසිදින අප හමු නොවන බව දනිම්..
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්...
    මේකේ පලමු අන්තරාව ගයන්නෙ මේ ප්‍රදීපාගාරය ලඟින් යන නැවට සම කෙරුනු පෙම්වතා විසින්. නැවක් කියන්නෙ බොහෝ විට දවසේ දෙකේ හෝ පැය ගනනින් ගමන් යන දෙයක් නෙමේ. එය සති මාස ගනන් මුහුදේ අතිශය විඩාබර ගමනකින් පසුවයි ගොඩබිමකට ලං වෙන්නෙ. තරු එලියෙන් රෞද්‍ර රාතියේ සැඩ පහර මැදින් අඳුරේ යන නෞකාවකට ඈතින් පෙනෙන ප්‍රදීපාගාරයේ එලිය මහා සැනසුමක් මහා එලියක්. ඒත් සිත දැඩි කරං එතනින් යන්න මේ පෙම්වතාට සිදුවෙනවා. බොහෝ විට මේ පෙම්වතා දුශ්කරව ජීවිතේ ගැටගහගන්න තරුණයෙක් විය යුතුයි. පහන්ටැඹ ඔහුට සිහිනයක්. ඒත් ඔහු අවබෝධ කරගන්නවා පහන්ටැඹ හොයා ගිහිං ගල්පර වල හැපිලා විනාශ වෙනවට වඩා ඔහෙගේ එකම සැනසුම එකම සිහිනය මරා දැමිය යුතු බව.
    දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
    ඉකිබිඳිනෙමි වියරුවේ පාලුවෙන්...
    ප්‍රිය දසුනකි තනි හිතක නොමැකෙනා...
    නෙතු වෙහෙසමි යලි දකින තුරු දුරින්....
    අනික් පසින් ඉන්නෙ පහන්ටැඹට උපමා වූ පෙම්වතිය. ප්‍රදීපාගාරය ගොඩබිමේ තනි වූ ගොඩනැගිල්ලක්. වටේට ගල්පර විතරයි. ඒ තනිකමෙන් පාලුවෙන් හිත හඬා වැටෙද්දි මේ පෙම්වතියට කවදාවත් එක්වෙන්න බැරි ඒ පෙම්වතා අවසාන වරට හෝ දැකගන්න වෙන්නෙ ඈත ක්ශිතිජයේ බොහෝ දුරින්.. ඇය අවසාන වතාවට හෝ ඔහුව දැකගැනීමට වෙහෙසෙනවා මොකද පාලු ප්‍රදීපාගාරයකට ඒ දසුන පමණයි පාලු මුහුදෙ එකම ප්‍රිය දසුනක් වෙන්නෙ.
    ඔබ කවදා හෝ රාත්‍රියක පහන් දල්වා තිබෙන ප්‍රදීපාගාරයක් දැක තියෙනවා නම් පෙනේවි එහි ප්‍රභල ආලෝක කදම්භය මුහුදේ ඈත කෙලවරක් දක්වාම විහිදෙන හැටිත් ඒ ාඅලෝක කදම්භය ඒ මුහුදු සීමාව පුරාවටම හැරෙමින් ගමන් කරන හැටි. මම පලමු වතාවට මේ දර්ශනය දැක්කෙ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙදි. දෙවුන්දර ප්‍රදීපාගාරයෙන් එලියට පැනල මුහුද පුරා දුවන එලිය දැක්කම මට දැනුනේ ප්‍රදීපාගාරයේ එලියෙන් මුහුදේ කොහේ හෝ නැති උන යමක් හොයනවදෝ කියල. ඒ මොහොතෙම මට මේ ගීතය මතක් උනා. ඇත්තටම ඒ දර්ශනය මේ සිද්ධියට කොතරම් සමීපද කියලා හිතුනා. මේ හේතුව නිසාමයි මේ ගීතය මගේ සදාකල් ප්‍රියතම ගීත ගොන්නෙන් එකක් වෙන්නෙ.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි.. සත්සර අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

    • @dewminiweerakkody4135
      @dewminiweerakkody4135 3 ปีที่แล้ว +1

      Aneee 🥺 godakma lassnaiii... twa me wage sindu wlt vichara liyannakoo.plzz.chanel ekak hri page ekak hri ndda.anee mn kiyawapu lassanama vicharaya🥺🥺🥺❤️

    • @ProfessorNimal
      @ProfessorNimal 3 ปีที่แล้ว +1

      Wonderful analysis. Brilliant song.

    • @udenimangalika2851
      @udenimangalika2851 2 ปีที่แล้ว +1

      Aththenma godak hoda wicharayak...oba samaga ma ekagai...

    • @ProfessorNimal
      @ProfessorNimal 2 ปีที่แล้ว +2

      I've read this analysis twice and I agree totally ! What a song! Brilliant delivery and lyrics. Almost like the BEST of SL. I have been playing it non stop since Lakshman death. Believe me! I can song it well too.

  • @amiruproductions598
    @amiruproductions598 2 ปีที่แล้ว +8

    වර්ථමානයේ පවා මගේ ජීවිතේට සමාන ගීතයක්. හැබැයි මට ඔය පිරිමිය තරම් දැඩිව තීරයක් ගන්න බැරිවුනා..

  • @chamindakumara3822
    @chamindakumara3822 3 ปีที่แล้ว +9

    හිතට ගොඩක් වදින ගීතයක්

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @ashahemage7610
    @ashahemage7610 3 ปีที่แล้ว +6

    ආදරෙයි., සූන්දර යි, මීහිරියි, ලැදියි, සමීපයි.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @shanmobilewelcome8716
    @shanmobilewelcome8716 ปีที่แล้ว +2

    සිහිනය මිය යා යුතුය කියලා කොල්ලා හිත හදා ගන්නවා එ කතාවෙ, සිහිනය මිය යා යුතුද කියලා අද එකක් මත්තෙම නහිනවා කොල්ලො කෙල්ලො එක තේරැම් ගත්තනම් අද තරැන පරපුරේ ආදර ගැටුමි හුගක් අඩුවෙයි මම හිතන විදියට😊

  • @nimalbandara6039
    @nimalbandara6039 2 หลายเดือนก่อน

    හරියටම කිවිවොත්..භාවනාවක් වගේ ගීතයක්...සන්සුන් මනසින් වින්දනය කල යුතු ගීතයක්..

  • @kaneskajayasinha7869
    @kaneskajayasinha7869 3 ปีที่แล้ว +3

    Man godaak asama geethayak sir...Dan wayasa 34 et podi kaalema hadawathata lagin ma danunu geethayak. .godaak thanks sir. .godaak pin. .

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @himashigonagala4821
    @himashigonagala4821 7 หลายเดือนก่อน

    අර්ථවත් ලස්සන ගීතයක්..විචාරයත් හරිම ස්තරමි ❤👍🌷🌻

  • @waruniekanayake2227
    @waruniekanayake2227 ปีที่แล้ว +1

    සුන්දර ගිතයක් මිහිරට ගායනා කලා 👏

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 4 ปีที่แล้ว +10

    Mage kella mata boot ekka thiyanna issella mata me sinduwa thama ewuve.

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 7 หลายเดือนก่อน

    ❤ රත්තරන් ගිත කිසිදාක නොමියෙන ගිත....❤

  • @one8825
    @one8825 4 ปีที่แล้ว +7

    විනාඩි 4.40 ක් විතර ගියාට පස්සේ නිවේදකයා අහනවා ප්‍රශ්නයක් ඇදලා අරන් ගහන්න හිතෙනවා

    • @usansew782
      @usansew782 3 ปีที่แล้ว

      non violence is the subject of art

  • @samzdiaries3349
    @samzdiaries3349 2 ปีที่แล้ว +2

    Mata mage jiwithe godak lagin hitapu Mata godak lengathu charithayak hitiya. Eth kawadawath Mata eyage kamaththak gana kiwwe na. Math ohuta e wagema kamaththakin hitiya. Namuth Mata ohugen eya kelin ahanna hayyak thibbe na. Mm kalayak gihin hitha hadagaththa. Mm aluth jiwithayak patan gaththa. Aluth kenek. Mata sahena adare karana kenek ekka. Mm mage jiwitha kalema ohu ekka jiwath wennai inne. Namuth mm kalin kiyapu charithaya me lagadi ohuta mm gana thibba hagima Mata kiwwa. Ewagema Ohu thawamath Mata kamaththen thaniyama innawa kiyala therenawa. Mata lagadi ahamben hambuna. Mage hithata puduma dukai. Kiyaganna bari tharam dukai. Mata ohu wenuwen karanna kisima deyak na me weddi. Ekama prarthanaya hamadama sathutin innawa balanna labenna kiyala witharai

  • @asankamanoj4837
    @asankamanoj4837 ปีที่แล้ว

    මගේජීවිතයට ගොඩක් සමීප ගීතයක්....බොහොම ස්තූතියි ඔබට...

  • @DulmiSewwandi-l7z
    @DulmiSewwandi-l7z 7 หลายเดือนก่อน

    හිතට හරිම තනියක් තනිකමක් දනෙනව

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤ bhawanawak wage geethayk..❤❤❤❤❤❤

  • @freemind-fr6tg
    @freemind-fr6tg 2 ปีที่แล้ว +3

    මේ විචාරයට මා එකඟ නොවෙමි...මෙම ගීතය එම විචාරයට වඩා සියුම්ව බැලිය යුතු වේ.. මෙය ඉතා ආදරණීය ගීතයකි... ආදරෙන් බැඳෙන්න වරම් නැති දෙදෙනකුගේ හදවත් තුළින් නැගෙන දෝන්කාරය මනාව පිළිබිඹු වේ,,එයින් ඔවුන් දෙදෙනාගේම හදවත් සැනසෙන්නේ ය...

    • @milanochu5096
      @milanochu5096 ปีที่แล้ว

    • @hemanthaperera2283
      @hemanthaperera2283 8 หลายเดือนก่อน

      ඔබ සියුම්ව මේ දෙස බලනවා නම් !... යුවතියගේ සියුම් අදහස පමණක් ඉදිරිපත් කරන්න !...

  • @මධුෂානි321
    @මධුෂානි321 3 ปีที่แล้ว +2

    මමත් ගොඩක් අහන්න ආස් ගිතයක්

  • @piumashamalshani5863
    @piumashamalshani5863 10 หลายเดือนก่อน

    Asama sinduwak ...etharan lasaanai

  • @chalithadilshan3005
    @chalithadilshan3005 8 หลายเดือนก่อน

    ඇස් පනා පිට පැතූ හීනය මිය යද්දී
    දැඩි සිතකින් සමු දෙමි ඇයට
    වෙන කල හැකි කිසිවක්
    නොමැති කල…..

  • @elenasabaratnam6613
    @elenasabaratnam6613 3 ปีที่แล้ว +2

    Well explained .it could happen to either parties .Thank you for sharing your thoughts God bless

  • @srilankaneagles8417
    @srilankaneagles8417 ปีที่แล้ว +1

    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා කියලා දන්නේ එයා විතරයි

  • @tejkay2999
    @tejkay2999 3 ปีที่แล้ว +2

    A lighthouse saves a ship from crashing onto the treacherous rocks and getting destroyed. This song is much, much deeper.

    • @ProfessorNimal
      @ProfessorNimal 3 ปีที่แล้ว +1

      Agree with you. What u allude to is my thinking too.

  • @lasniamayadewanarayana5837
    @lasniamayadewanarayana5837 3 ปีที่แล้ว

    Kochchara ahuwat EPA wennati geethayak tamai,MN Asama geethayak.......

  • @himalchathuranga5374
    @himalchathuranga5374 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.... ❤️❤️🌹

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @sumanarathana9695
    @sumanarathana9695 4 ปีที่แล้ว +3

    ලස්සන යි ,විචාරය ඔබේ

  • @minolidilshara3353
    @minolidilshara3353 8 หลายเดือนก่อน

    Mage school kale mage hodama yaluwata man Adare kara. Eth eya Eka danagena htye na. Mage gedarin akamathi Wei kiyala man eka hithe hangan htya. Ethakota man me sinduwa hemadama ahuwa. Ithin meka ahala man hemadama aduwa. Eyawa mathak kara kara. Me sinduwa ta man gdk adarei. Ithin mata eyawa apahu hambuna aurudu 10kta passe. Ithin api 2nna den pemwathun wela inne. Eyata man me sinduwata wagema gdk adarei. ❤U❤

  • @Damsuvi
    @Damsuvi ปีที่แล้ว

    Super 👍👍👍

  • @kasunbeat
    @kasunbeat 4 ปีที่แล้ว +2

    Nice singing

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @vineethadesilva456
    @vineethadesilva456 3 ปีที่แล้ว +2

    Great

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග

  • @susirapriyantha4117
    @susirapriyantha4117 2 ปีที่แล้ว

    Godak asakarana geethayak...

  • @krishanwarnasuriya2124
    @krishanwarnasuriya2124 2 ปีที่แล้ว +1

    Kalayak thisse hewwa mama mata gelapena song ekak
    Sathutuy hebey eth ekkama dukay ee me siduwemata muhuna dunna thawath aya inna eka gena
    තරු එලියෙන් රැදු රාත්‍රී කාලයේ...
    දැඩි සිතකින් දුරැ ගමන යමි ඉතින්...
    කිසි දින අප හමු නොවන බව දනිම්...
    සිහිනය මියයා යුතුය මේ ලේසින්...

  • @ashahemage7610
    @ashahemage7610 3 ปีที่แล้ว +2

    [ මගෙ ආදරය, ජීවීතය ]

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි.... අදහස් දැක්වීමට

  • @devputh
    @devputh 8 หลายเดือนก่อน

    Dear Professor, even in the last verse what she says is that she would like to see him but from a DISTANCE. Wish to know your interpretation. ❤

  • @krishanwarnasuriya2124
    @krishanwarnasuriya2124 ปีที่แล้ว

    Nipuni ranawaka oya thama mata me de karanna heduwe
    Oya mata pradipagarak wenna heduwata mata ehema epa
    Mata oya mage wenna one une ee nisa wenna ethi oya mawa dala yanne
    Oya thama mage first love eka merenakam mata amathaka nowey oya ekka mama kalaya gathakarapu ee lassana kalaya

  • @kushanhansika9586
    @kushanhansika9586 3 ปีที่แล้ว +3

    Hemadama me wage parana song wala therum denne plz

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

    • @krishanwarnasuriya2124
      @krishanwarnasuriya2124 2 ปีที่แล้ว

      පතික්ශේප වීම

  • @chamindakumara3822
    @chamindakumara3822 3 ปีที่แล้ว +2

    Thanks

  • @slepatv3774
    @slepatv3774 4 ปีที่แล้ว +1

    Good job

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว +1

    ❤️

  • @THAරිDuBලෝG
    @THAරිDuBලෝG 4 หลายเดือนก่อน

    ගීතානි කවද හරි ඔයා මේක බැලුවොත් මාව මතක් වෙයි.උසස් පෙල් පන්තියේ මම ඔයාට කැමැත්තෙන් හිටපු හැටි.ඔයා මාව ප්‍රතික්ෂේප කලත්,හිතට හොරා ඔයාව යාලුවෙක් වගේ ආස්‍රය කරපු හැටි.උදේට ඔයාගෙ පොත් මේසෙන් කාටත් හොරා කටුරොඩු මල් ගෙනත් තියපු හැටි, ඒව සුන්දර මතක මගේ ජීවිතේ හැමදාම .එක දවසක් රෑ ඔයා මට මේ සීන්දුව කෙටි පනිව්ඩයක ලියලා එවුවා මතකද.ඔයාට මාව පෙන්න්නේ යාලුවෙක් වගෙ කියලා.ඒත් මම දන්නවා ඔයා මට ආදරේ කලා කියල.ඔයාට ඕනේ උනේ ඔයගෙ හිත ගලක් කියල පෙන්නන්න ලෝකෙට.ඒත් ඒ ගල් හිත අස්සේ හිටපු ලස්සන කෙල්ලට මම ගොඩක් ආදරේ කලා .අද ඔයාට ඔයගෙ ලොකේ කෙනෙක් ඉන්නවා ,මට මගෙ ලොකෙත් කෙනෙක් ඉන්නවා.ඒත් මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් පාස ඔයාව අදටත් කදුලක් සමග මතකයට නැගෙනවා. "කිසි දින අප හමුනොවන බව දනිම් සිහිනය මිය යායුතුය මේ ලෙසේ "

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 ปีที่แล้ว +1

    💞♥️♥️💞

  • @මානෙල්විජේසිංහ
    @මානෙල්විජේසිංහ 2 ปีที่แล้ว +1

    So pain full 💔😡

  • @ashan5424
    @ashan5424 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @vishalpremarathne8056
    @vishalpremarathne8056 4 ปีที่แล้ว +2

    🙏🙏

  • @pushpadhamayanthi9221
    @pushpadhamayanthi9221 3 ปีที่แล้ว

    😍❤️

  • @mayanthairugal3778
    @mayanthairugal3778 3 ปีที่แล้ว +1

    😊❤️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @danueranga4528
    @danueranga4528 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @lakijayasundara377
    @lakijayasundara377 4 ปีที่แล้ว +1

    Supem heegum oben apaa

  • @charithrupasinghe2311
    @charithrupasinghe2311 4 ปีที่แล้ว +2

    ❤😓

  • @devputh
    @devputh 8 หลายเดือนก่อน +1

    Dear Professor. I think this analysis of yours not sufficient. You went to explain it on the basis normal and common experience. Isn't there a deeper meaning and a circumstance that both of them realised and agreed to settle honourably

  • @SunethraHapukotuwa
    @SunethraHapukotuwa หลายเดือนก่อน

    නෑ නෑ ධම්මික මහත්තයා අදනම් මම ඔබ සමග එකඟ වන්නේ නෑ. ගැහැණිය මේ සමාජයේ මොන යම් හෝ හේතුවක් නොගැලපීමක් අසම්මත යයි පිළිගැනීමක් නිසා ප්‍රේමය තනිව සිතින් දරා ගන්නවා. ඇගේ ශෝකයයි ඒ හඩේ තියෙන්නෙ මේක බොහොම සංයමයෙන් ගැයෙන ගීතයක් ලක්ෂ්මන් විජේසේකර යන්ගේ මුදු ප්‍රේමනීය හඩ ඔබතුමා කියන රුදුරු ප්‍රේමවන්තයෙකුගේ හඩක් නෙවෙයි. මම ඉතාම ආසාවෙන් රස විඳින ගීතයක්. ඒක පාසල් වියේ පස්සෙන් ගිහිල්ල බෑ කියන ලපටි ප්‍රේමයකට ලඝු කරන්න එපා

  • @chathurikajayathissa9900
    @chathurikajayathissa9900 ปีที่แล้ว

  • @ictsanka
    @ictsanka 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි....

  • @palithailangakoon989
    @palithailangakoon989 2 ปีที่แล้ว

    💓💕♥️

  • @daughterofthegod
    @daughterofthegod 3 ปีที่แล้ว +1

    👍👍👍

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

    • @kaneskajayasinha7869
      @kaneskajayasinha7869 3 ปีที่แล้ว

      Srimani. ..hi

  • @dinukamalalasekara3563
    @dinukamalalasekara3563 3 ปีที่แล้ว +2

    💖

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට th-cam.com/video/8mtdEp5yw-U/w-d-xo.html

  • @chamilsameera499
    @chamilsameera499 6 หลายเดือนก่อน

  • @LoLo_s_den
    @LoLo_s_den 3 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @tharushidinushika4916
    @tharushidinushika4916 ปีที่แล้ว

    ❤❤

  • @NathashaRuwini
    @NathashaRuwini ปีที่แล้ว

    ❤❤