22 - ජයරත්න පතිරාරච්චි මහතා පළකළ වීඩියෝවට ගයාන්ගෙන් පිළිතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2020
  • මා පිළිබඳ, ජයරත්න පතිරාරච්චි මහතාගේ නමින් ඇති youtube නාලිකා දෙකක වරින් වර කොටස් ලෙස මුදාහැරුණු වීඩියෝ පටය සම්බන්ධව අප දෙදෙනාටම ගෞරව කරන - අගෞරව කරන මිනිසුන්ගේ දැනගැනීම උදෙසා, සත්‍ය මෙසේ දක්වනු කැමැත්තෙමි.

ความคิดเห็น • 928

  • @jayarathnapathiraarachchi9341
    @jayarathnapathiraarachchi9341 4 ปีที่แล้ว +353

    ගයාන් සදකලුම් මහතාණෙනි ඔබ කිසිදා මට අපහාස කර නැත. මමද ඔබට කිසිදා අපහාස කර නැත. එය එසේ උවද අන්තර්ජාල ඔස්සේ අපට අපහාස දැකීමට ලැබේ. නියම කතාව නොදන්නෝ බනිති අපහාස කරති . ඔබ මගේ දෙයක් සොරකම් කර නැත. නමුත් හොරු පිරිසක් ඇත. ඔබ පැවසූ සියල්ලම නියම ඇත්ත නොවේ. ඔබ අපහසු තාවයට පත් උයේ දෙරණට ආපු උගත්තු නිසා බව මම දනිමි. කිසිවක් කතා කර පලක් නැහැ. ඔබට ජය වේවා. දිගටම වැඩසටහන් කරගෙන යන්න මම සැමදාම ඔබට ආශිර්වාද කරනවා. මම කිසිවක් ඉදිරියට ලියන්නේද නැහැ. සියල්ලම නවතා දමා ඇත . පුළුවන් කෙනෙක් සිටිනම් ගවේසනය කර රටට දෙන්න. මම නවතිමි. ඔබට රවන සුරිදු පිහිටයි .....මම ජයරත්න පතිරආරච්චි .11-01-2020 දහවල් 1:56 ට.

    • @sahasramukharavana
      @sahasramukharavana  4 ปีที่แล้ว +186

      මම මෙම පණිවුඩය බලාපොරොත්තු වුණා.ඔබට ස්තූතියි ....!!!
      මීට,
      සහස්‍රමුඛ රාවණ නොහොත්,
      ගයාන් සඳකැලුම්.

    • @SuperChrc
      @SuperChrc 4 ปีที่แล้ว +11

      @@sahasramukharavana 👍👍👍👏👏👏🤗🤗🤗

    • @Binary4242
      @Binary4242 4 ปีที่แล้ว +8

      #Respect

    • @kasuntharanga8305
      @kasuntharanga8305 4 ปีที่แล้ว +11

      @@sahasramukharavana aiye comment eka pin krmu ne udtma enna 💓💖💖💖අයියට ජය💖😍

    • @cnissankala8821
      @cnissankala8821 4 ปีที่แล้ว +54

      ඔබ දෙදෙනාම මෙ රටට වටිනා පුද්ගලයින්.එකතු වි වැඩ කරන්න..සත්‍ය හෙලි කරන්න..

  • @sanjunishee3681
    @sanjunishee3681 4 ปีที่แล้ว +51

    කවුරු මොනවා කීවත් ගයාන් අයියා කියන හැම දේම ඇත්ත කියලා අපි දන්නවා..ඒ ගරුත්වය කවදාවත්ම නැති වෙන්නෙ නෑ.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 ปีที่แล้ว +49

    ඔබ දෙදෙනාම රටට වටිනා පුද්ගලයින්.අපි හෙළයන් විදියට සමගි වෙලා අපේ හෙළ උරුමය සත්‍ය හෙළ ඉතිහාසය යලි මුලු ලෝකය තුල ස්ථාපිත කරමු .ඔබතුමාට ජය !

    • @mudidasanayake2539
      @mudidasanayake2539 4 ปีที่แล้ว +3

      එකඟයි ! එයයි විය යුත්තේ !

    • @thamaradilushani5792
      @thamaradilushani5792 4 ปีที่แล้ว +1

      ඊට මමත් එකඟයි.

  • @jayasirij9311
    @jayasirij9311 4 ปีที่แล้ว +6

    ගයාන්, ඔබ ඔබෙි ගමන යන්න මේ රට වෙනුවෙන්. මාධ්‍යවේදියෙකු වශයෙන් ඉතා සංවරශීලීව බස සුමටව හසුරවමින් ඕනෑම කුඩා දරුවෙකුට පවා අසා සිටිය හැකි අයුරින් ඔබගේ මතය ඉදිරිපත්කිරීම පිළිබඳව ඔබට ස්තූතිය පල කරමි. පතිරආරච්චි මහතා පිළිබඳව අප තුල ඇත්තේ කණගාටුවක් පමණි. රටට අවශ්‍ය පුද්ගලයෙක් වුනත් ඔහු ඔහුවිසින්ම පාර වසාගෙන අන් අයව ද හෙලා දකිමින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයන්ද විනාශ කරමින් කරන දේ ගැන ඔහුට නොතේරීයාම ඔහු මේ බවයේදී රැගෙන කර්මයයි. ඒ කර්මය වෙනස් කර ගත හැක්කේද ඔහුටම පමණයි. ඔබ ඉදිරිපත් කල නම්ලැයිස්තුවට මහාචාර්‍ය රෝහණ පී. ප්‍රනාන්දුත් එක්කරගන්න. ඔහුත් රාවණ ඉතිහාසයේ පෙර ගමන් කරුවෙක් බව ඉතිහාසය සහ පුරාවිද්‍යාවේ නම් දරා සිටින අයට රහසක් නොවන බව ඒ අය හොඳින් දනී. ඔබට වුන අත්දැකීමම තව බොහෝ පිරිසකටත් සිදුවී ඇති බව මම හොඳාකාරවම දනී. ඒත් ඒ කිසිවෙකුත් ඔහුට වෛර නොකරන්නෝ වන අතර ඔහු ගෙනා කර්මය පිළිබඳව අවංකව කණගාටු වන බවද දනී. ඒක රටේම අවාසනාවකි.

  • @nishanwijaya8217
    @nishanwijaya8217 4 ปีที่แล้ว +6

    ඔබගේ මෙම කරුනු දැක්වීම ඉතාම වටිනවා.ප්‍රේක්ශකයෙක් විදිහට මා මෙය බලපොරොත්තුවෙන් සිටි කෙනෙක්.ස්තූතියි ඔබට.ජය වේවා !.

  • @thanujchathuranga
    @thanujchathuranga 4 ปีที่แล้ว +19

    මටනම් කිසිදු සැකයක් නෑ.. රාවණා ඉතිහාසය පිළිබඳ මා විශ්වාස කරන්නේ ඔබගේ අදහස් පමණයි. ඔබට ජය! ❤️🙏

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 3 ปีที่แล้ว +6

    වාද භේද අමතක කරමු.දැහැමි යුගයක්,රාවණ යුගයක් ඇරබීමට මුල පුරමු.මෑතකලීනව රාවණ යුගයක් සදහා සමාජයේ කැපී පෙනෙන පිබිදීමක් ඇති කලේ ඔබයි..එය මේ රටේ සෑම කෙනෙක්ම දන්න දෙයක්.....ඔබට ජය 🙏🙏🙏

  • @vajiradissanayake9467
    @vajiradissanayake9467 4 ปีที่แล้ว +4

    ඔබගේ පැහැදිළි කිරීම වටිනවා. නොසැලී ඉදිරියටම යන්න. බුද්ධිමත් මිනිසුන් මේ සමාජයේ බොහෝ සිටිනවා. ඔබට ජය!!!

  • @oceanmylife7112
    @oceanmylife7112 3 ปีที่แล้ว +5

    උඩුගම බලා යන ඔබ.මෙවනි ඔබට වන වැරදි නිවරදි කරගෙන යන ඔබ අපෙ සියු හෙලෙ අපෙ දෙ යලි අපට ලබාදීමට ,ලබා ගැනීමට තෙරුවන් සරනින් පිහිට අරක්ෂව ලැබේවා .රවන නිරිදුන් ආරක්ෂා කරන සියලුම බලවෙගයන්ගෙ සාහය ලැබේවා.රවන නිරිදුන් පිහිට ලැබෙවා!!!!!

  • @jayashanlakshitha4394
    @jayashanlakshitha4394 4 ปีที่แล้ว +3

    මගේ හිතේ තියන ලොකුම සැනසම ඔබතුමගේ වැඩසටහන් වලට සවන් දීම. බුදු සරණයි !!!

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 4 ปีที่แล้ว +4

    ඔබ සුපිරි හදවතක් තිබෙන සුපිරි හැදියාවකින් හෙබි සුපිරිම මනුෂ්‍ය යෙක්. ගොඩක් ආදරෙයි අපි ඔබට. හිතේ අවුලක් ඇති කර ගන්න එපා. ඒ වීඩියෝ බලද්‍දි හොඳට පේනව ඒ මිනිහගෙ තියෙන හැදියාව ඒ මිනිහ කටෙන් ඒ දේ පෙන්වනව. ගයාන් මහත්තයො ඔයා එක්ක අපි ඉන්නව. තෙරැවන් සරණයි..🙏🙏❤❤

  • @danushkanishantha3728
    @danushkanishantha3728 3 ปีที่แล้ว +5

    ගයාන් අයියේ කවුරුත් කියන ඒවා ඔයා හිතන්නවත් එපා.ඔයාගෙ දැනුම් සමිභාරය මෙි රටට ගොඩාක් වැදගත්.ඔයා මෙි වැඩෙි දිගටම කරගෙන යන්න...ජයවෙිවා ....

  • @yohasashi4768
    @yohasashi4768 4 ปีที่แล้ว +4

    මම රාවණා රජු ගැන දැන ගත්තේ ගයාන් ඔබගේන් අපේ ඉතිහාසයේ ගොඩාරියක් දැන ගත්තා ඔබට බොහොම පිං මේ පිං බිම ගැන දැන ගත්තේ මොනවා උනත් ඔබදෙපල මේ රටට වටිනා ජාතික සම්පත් බුදුසරණයි දෙව්පිහිටයි.

  • @tharushijayawardana924
    @tharushijayawardana924 4 ปีที่แล้ว +7

    කවුරු මොනවා කියුවත් හෙළයින්ගේ රාවණා ඉතිහාසය මුලින්ම රටට හෙළිදරව් කරේ ඔබතුමා... ඔබතුමා කියන සත්‍ය සමඟ අපි ඔබතුමන් සමඟ සිටිනවා, ඔබතුමා ඔබේ ගමන ඉදිරියටත් යන්න. රටක්ම ඔබතුමා සමඟ මේ ඉතිහාසය ගොඩගන්න එකතු වී අවසන්.. 👍

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 ปีที่แล้ว +25

    මංදන්නේ නෑ ඇයි කියලා, ඒත් මට ඒ වීඩියෝ එක ගොඩක් කලිං දකිද්දිම හිතුනා ගයාන් අයියා හරි ඇති කියලා. ඒ වගේමයි අද මේ වීඩියෝ එක කරපු එක ගැන ඇත්තටම මට සතුටුයි.. ගොඩාක් ස්තූතියි මේ ගැන නොදැනුවත් අය දැනුවත් කරාට.. තෙරුවන් සරණයි 🙏🏼

  • @blackpinkxbts7872
    @blackpinkxbts7872 4 ปีที่แล้ว +2

    ගයාන් මහත්තයො ඔබ නිහතමානීයි. ජයරත්න පතිර ආරච්චි මහතා මහා දැනුම් සම්බාරයකින් හෙබියි. අපට මේ හෙළයත් එහි එකමුතුකමත් අවශ‍යයි. ඉතිහසය එලි දක්වා තිබෙන්නෙ ටිකයි නේද තව බොහෝ තිබෙනවානේද. සමස්තය එකයි බෙදුනොත් ඉවරයි ආපු කාරනය කැපිලි කෙටිලි ආවත් යන්න. අපට මේ රට අවශ‍යයි.

  • @kavinduLakshan11
    @kavinduLakshan11 4 ปีที่แล้ว +4

    ‌බලාගෙනම හිටපු එක...දැනගෙන හිටියා කවදා හරි මෙකට ප්‍රතිචාරයක් දෙනවා කියලා...🧡🧡මාත් ඒ වීඩියෝ එක බලලා තියනවා.. එතනදි ඔබතුමා කරපුදෙය හරියටම හරි...එවැනි පුද්ගලයකු සමග එම අවස්තාවෙ වචන හුවමාරුවක් කර ගත්තනම් තත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබ්බා...කට පියාගෙන පාඩුවෙ හිටපු එකේ වරදක් මමනම් දකින්නෙ නෑ...මොකද එවැනි මිනිසුන් සමග තර්ක කරලා පලක් නැති නිසා... හැබැයි එයින් ප්‍රයෝජන ගත්තෙ මේ කොහෙවත් නැති පිරිසක්.. ඔවුන්ටත් දැන් වැටහෙනවා ඇති...සත්‍ය මොකද්ද කියලා... ඔබතුමා ඔබතුමාගෙ ගමන හරි විදිහට යන්න එතකොට ඔබතුමාගෙ පිරිස තව වැඩි වෙනාවා මිසක් අඩු වෙන්නෙ නෑ.......ජය..!!!💪

  • @kavinduudayanga4236
    @kavinduudayanga4236 4 ปีที่แล้ว +4

    ඔබතුමාට මනා සංයමයක් තියනවා ඔබතුමා වැනි අය මෙලොවට බිහිකල දෙමාපියන්ට බොහොමත්ම පිං.අපි ඔබතුමා සමගයි.ජයෙන් ජය ❤️

  • @pathofsuccesspvt
    @pathofsuccesspvt 4 ปีที่แล้ว +8

    2014, 2015 වර්ෂයන් වලදී මට පොඩි විශ්වාසයක් තිබුනා සහ දැනුනා ⁣අද සහ ⁣අනාගතයේ මෙම ඉතිහාසය නැවත මහ පොළවේ ජන්ම වන බව... එයට පුධාන හේතුව වන්නේ ගයාන් අයියා... තෙරුවන් සරණයි සැමට..

  • @qsmithi5818
    @qsmithi5818 4 ปีที่แล้ว +4

    ඕවා ගනන් ගන්න එපා ගයාන් සහෝදරයා.... ලංකාවට ඕනේ රාවණා රජුගේ හැකියාවන් හා තාක්ශණය යලි ගොඩගෙන අපේ හෙල අභිමානය ගොඩනැගීමෙන් ඉදිරියට ගමන් කිරීමයි.. ඉදිරියටම යන්න...

  • @heladerana3726
    @heladerana3726 4 ปีที่แล้ว +4

    ගරු ගයාන් සදකැලුම් මැතිතුමනි ඔය කරුන දැනගන්න කාලයක් බාලා සිටියා......ඔබට තෙරුවන් සරණයි ......ආදරෙයි රාවන නිරිදුනිගේ ඉතිහාසයට මියෙනතුරා ඉන් මතුවටත් ............

  • @monishaprabhashini1359
    @monishaprabhashini1359 3 ปีที่แล้ว +8

    ඔය සිදුවීම නිසා ඔබතුමාගේ කීර්තිනාමයට කිසිම හානියක් සිදුවුණේ නැහැ . අපි දැක්කේ ඔබතුමාගේ මහත්මා ගුණයත් , ඉවසීමත් පමණයි. කිසිවකින් නොසැලී ඔබේ ගමන යන්න .👍👍👍👍

  • @dilshanananda9039
    @dilshanananda9039 4 ปีที่แล้ว +7

    ගයාන් සඳකැලුම් මහතානෙනි ඔබ හැම අතින්ම විශිෂ්ටයි. මෙම වීඩියෝව එය තව දුරටත් මාහට සනාත කලා.

  • @abishekkalupahanage7549
    @abishekkalupahanage7549 4 ปีที่แล้ว +6

    ඔබතුමා දරණ උත්සාහය සහ මහන්සිය කියලා නිම කරන්න බෑ. ඔබතුමා මේ රාවණ ඉතිහාසය ගැන අපට උගන්නන දේවල් වලට ඔබතුමාට ගොඩක් පින්.

  • @buddhikabandara9510
    @buddhikabandara9510 4 ปีที่แล้ว +48

    කව්රු මොනවා කිව්වත් ගයාන් සඳකැලුම් තමයි ලංකාවේ ඉතිහාසය මිනිස්සුන්ට දැනෙන්න සමාජයට ආපසු අරන් ආවේ. ඒකයි වටිනාකම

    • @udayafashion5079
      @udayafashion5079 4 ปีที่แล้ว

      Aniwaryen man me curfew eka nisai meka balanna pelabune. Moko man podi kale idala රාවණ rajuta asai. Dan nam thiyenne marama umathuwak meka danaganna. Gayan aiya niyamai.💪👌👍

    • @nalinpushpakumara8620
      @nalinpushpakumara8620 4 ปีที่แล้ว

      Atha

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +3

    අපේ හෙල ඉතිහාසය පිලිබද පරමසත්‍ය අපිට අවබොධ කර දුන් ඔබතුමා ධීර්ගඅයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @supundayarathna4175
    @supundayarathna4175 4 ปีที่แล้ว +3

    ගමන සුභයි..!! ඔහොම යං ගයාන් අයියා. කොහොම උනත් ඔබේ ඔබේ යන ගමන වෙනස් කරන්න එපා. ඔබ ගයාන් අයියා දැනුම හොරෙන් ගන්න තරම් අදක්ෂයෙකු නොවන බව සක්සුදක් සේ පැහැදිලි. 🇱🇰❤🏅 දිනක ඔබ දුරින් හෝ දැක බලාගනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.

  • @danuskarohan1986
    @danuskarohan1986 4 ปีที่แล้ว +3

    ඔබගෙන් තමයි අයියෙ මම ඉතිහාසය අහන්න පුරුදු උනෙ. ඔබ කියලා දෙන විදිහට අහන් ඉන්න ආසයි. අද දැන ගත්තා කොච්චර උතුම් හදවතක් ද තියෙන්නේ කියලා. ඔබට වරදින්නෙ නැහැ, වරද්දන්නත් බැහැ. ඔබට සදා ජය ,තෙරැවන් සරනයි!!!!.....

  • @meghawijewardane
    @meghawijewardane 4 ปีที่แล้ว +8

    This is Gold!!!! මට අන්තර්ජාලය ඔස්සේ ජයරත්න මහතාගේ වීඩියෝ නරඹන ලෙස කිහිප දෙනෙක් පවසා තිබුනා. මා සියලු දෙනාටම පැවසූයේ මා එය කෙදිනකවත් නොකරන බව මට ඉර හද මෙන් විශ්වාස බවය... I don't get it why we need someone else when we have you??? But again I think ... They dont know what I feel and know about you!! You are my role model for my life!! If I can learn to be patient ... Love unconditionally .... Be humble.. Be generous .. Etc... Etc .. Just like you!!!! I would be the most blessed !!!! I am with you till the end!! And beyond ☁️❤️☀️🙏🏾

    • @jinendareeseram3807
      @jinendareeseram3807 4 ปีที่แล้ว

      Hoda deyak karanakota ape sinhalayA baninawa moda sinhala minessu

  • @wajiravijayanthi8837
    @wajiravijayanthi8837 4 ปีที่แล้ว +12

    අපි සැමදා ඔබ සමගයි බල්ලො බිරුවට කදු පාත්වෙන්නෑ එදා වගේම අදත් ඉන්නවා අපේ උරුමය එලිවෙනවට කැමති නැති අය තමයි ඔහොම කියන්නෙ ඔයා ඔයාගෙ ගමන යන්න ඔබට ජය බුදු සරණයි

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 4 ปีที่แล้ว +1

    මහත්තයෙක් වගේ එතන හැසිරුනාට ස්තුතියි. මේ හෙල ඉතිහාස හෙලිකිරිම් හා බැදුනු ඉතා ගරුකරන තුන්දෙනෙක් ඉන්නව. වහරක හිමියන් මගේ ගුරු හිමියන්. මම දැකලවත් නැ. සද්දර්මය අහනව. පතිරඅාරච්චි මහතා සහ සදකැලුම් මහතා.. අපි යමක් නොලිව්වට පිතුරක් ලැබුන. .. එතුම දැනුම ගබඩාවක්. .. මටත් කාලයක් හිත කැලබ්ලා තිබුන බුදුහිමියන් ගැන එතුම කියපු අාකාරය නිසා. ... ඔබතුමන්ලව හමුවෙන්න කැමැත්තක් තිබුනත්.. පුද්ගලිකව අදහසක් දක්වන්න මැසෙන්ජර් එකේවත් ඔබතුමාව දැක්කෙ නැ. Fb.. අකමැත්තක් නැතිනම් ..එහෙම එකක් කියන්න. පිලිතුරු දිම ගැන සතුටුයි..

  • @viharahope2014
    @viharahope2014 3 ปีที่แล้ว +2

    ඔබ දෙපළම හෙළයන්ට වටිනා මිනිස්සු ඉවසීමෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් වැඩ කරගෙන යන්න තව අවුරුදු ගණනකින් අපි හැමෝම මිය යනවා අතීත රාවණා, රාවනාවන් මෙන් ඔබ සැම අනාගතයට යමක් වටිනා යමක් එකතු කර යන්න උඹට ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා යහපතක්ම වේවා

  • @LankaNewsLine1
    @LankaNewsLine1 4 ปีที่แล้ว +5

    අයියේ ඔබ මෙි නිවරදි කිරිම තුල ඔබට අාදරේ අපට අැතිවුනේ පුදුම ශක්තියක් ඔබ නැවතත් යලි අප හට ශක්තියක් විම මෙිම නිවරදි කිරිම තුලින් සිදුවි හමාරය තව දුරටත් ඔබට නින්දා කිරිමට අප ඉඩ තබන්නෙ නැත🙏

  • @pabodhasenevirathne9576
    @pabodhasenevirathne9576 4 ปีที่แล้ว +5

    ඔබ පිළිබඳ තැබූ විශ්වාසය කව්රු මොනවා කීවත් බිඳුණේ නැහැ අයියේ.. බිඳෙන්නෙත් නැහැ.. බලන් ඉන්නවා අපේ හෙළ ඉතිහාසය ගැන ලෝකයට හෙළි කරනකම්..♥️
    බලාපොරොත්තු සහගතව, ඉවසීමෙන්..😊♥️

  • @ujathkumara3788
    @ujathkumara3788 4 ปีที่แล้ว +1

    ගයාන් මහතානේනි ඔබ දන්නා රවණා ඉතිහාසය සහා ලොකයේ රවණා යුගය තරම් දැනුමක් ඇති කිසිවෙකු මේ මිහිපිට තවත් නොමැත රවණා ඉතිහාසය සහ යක්කයන්ගේ හෙලයන් තවත් නොමැරි ජිවමනව,සිටිනබව ඔබයි කියා දුන්නේ ඔබයි මැතිදුනි අපේ යක්කයන්ගේ ලේ නැවත උප්පතිය දුන්නේ ඔබට පිං කොතරම් මඩ පෙචාර අවත් ඔබ අපේ අතීතයට අපිව අරගෙන යන්න තවත් හෙලයන් මෙලොව බිහිකිරීමට සහා අපේ දැනුම වැඩිකරන්න ශක්තිය ලැබුවා ඔබර ජය රවණා නාමයෙන්.

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +1

    කුහකකම්,ආඩම්බරකම්,උඩගුකම්, මාන්නය, පණ්ඩිතකම්,උද්ධච්චකම්, හෙළයන් සතු තවත් සමහර වෙලාවට ශක්තියක්, තවත් වෙලාවකට විනාශයක්.. ගෙන දෙන ආභරණයන්..
    යක්ක කුලයේ කිසිම කෙනෙකුන් සතු නොනැමෙන එඩිතර ගති ලක්ෂණ ඔබතුමා තුලින් දුටිමි, ඔබතුමාල දෙදෙනාම දේශයට අවැසි මෙම මොහොතේ ඔබතුමාල දෙදෙනාම හෙළයන්ට ශක්තියක් වනු මැනව.. 🙏

  • @supunrashmi1257
    @supunrashmi1257 4 ปีที่แล้ว +4

    මගේ පෞද්ගලික අදහස නම් ඔබතුමා හා ජයරත්න මහතා හා මේ හා සම්බන්ධ දැනුම කුතුහලය ඇති සියලුම දෙනා එකතුව සමාජයට සාර්ථක පිලිතුරක් ලබාදෙන්න ...එයයි කල හැකි හා කල යුතු හොදම කාර්‍ය්ය...

  • @harshaprasad7036
    @harshaprasad7036 4 ปีที่แล้ว +4

    අයියට සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ලැබේවා👍ඉදිරියටත් කරන්න 🌞

  • @onicedu2637
    @onicedu2637 3 ปีที่แล้ว +2

    දෙදෙනාටම ජයවේවා සත්‍ය කවදා හෝ ජයගනීවී අපි හරිදේ කරමු සැමදා!!!

  • @shehanmadhusanka5002
    @shehanmadhusanka5002 4 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ මේ කාතාව ඇතුලේ ලොකු ව්‍යාංග්‍යාර්ථයක් තියෙනවා..! ඔබතුමාගේ අතීතය, වර්තමානය, අනාගතය කුමක්ද යන්න මට ප්‍රශ්ණයක්.? කෙසේ වෙතත් මේ විශේෂ හෙලිදරව් කිරීම් නිසා මගේ ජීවිතයේත් යම් කිසි පරිවර්තනයක් සිදු වුණා. එය ඉතා යහපත් දෙයක්. විසඳා ගත යුතු බොහෝ දෑ දැන් මට තිබෙනව. මට දැන් යන්න ගමනක් තිබෙනවා. අවස්ථාව ලැබෙන හැම වෙලාවෙම මම ඒ ගමන යනව. වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකු සිරවී සිටින රාමුව මා දැන් බිඳ ගොස් අවසන්. සිතනවාට වඩා විශාල රාමුවක් දැන් මට පෙනෙනව. ඒ රාමුව තුළ සිට සමාජය දෙස බලන විට බොහෝ මිනිසුන් ගැන විශාල කනගාටුවක් සහ අනුකම්පාවක් ඇති වෙනවා. ගයාන් සඳකැළුම් මහතානෙනි ඔබ තුමාට මා තුළ තිබෙන ගෞරවය තාමත් එලෙසම පවතිනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි..! මහා රාවණා රාජුගේ පිහිටයි...!🙏🙏🙏

  • @shaminimanushki2693
    @shaminimanushki2693 4 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක කලත් නැතත් අපිට විශ්වාස ඔබතුමා විතරයි .ස්වභාව දහම ඔහොම අය ගැන බලාගන්න්වා.ඔබේ ගමන යන්නට ඔබට තව තවත් ශක්තිය ලැබේවා!අපි කරන සියලු පින් ඔබටත් පිහිටක්ම වී ඒ බලෙන් ඔබගේ ගමන තව තවත් අලෝකමත් වේවා !!!🙏🏼 හෙළ පොළොව සදා දිනේවා🙏🏼

  • @harindraabeyawardana4426
    @harindraabeyawardana4426 4 ปีที่แล้ว +3

    ඔබේ ගමනට , අපේ ඉතිහාසයට අපි ආදරෙයි ,,හැකි හැමවිටම ඔබත් සමග අපි සිටිමු ..ඔබට ආදරය කරන පිරිස එක්ක නොබියව ඉදිරියට යන්නට ශක්තියය ලැබේවා!

  • @ajithpriyaranjanagamage6245
    @ajithpriyaranjanagamage6245 4 ปีที่แล้ว +3

    කවුරු කෙසේ කොහොම කීවත්.....ගයාන්...අපිට ඔබව අගනා වස්තුවක්...වැලලි ගිය හෙළ ඉතිහාසය පාදා දෙමින් සිටින ඔබට අපගේ හද පිරි ගෞරවය.....නොසැලි ඉදිරියට යන්න..බදු සරණයි..!

  • @sanjeewa530
    @sanjeewa530 4 ปีที่แล้ว +1

    ගයාන් සහෝදරයා ...ඔබතුමා කරන වැඩ සටහන මම දිගටම බලනවා..ඔබට ජය...

  • @nil1977100
    @nil1977100 4 ปีที่แล้ว +3

    ගයාන් අප කොපමණ කාර්යබහුල වුවත් ඔබගේ වැඩසටහන අතපසු කළ අවස්ථා ආල්පය! මට වැටහෙන පරිදි රටේ තත්වය යම්තාක් ධනාත්මක බවක් පෙනේ එබැවින් මෙම කාලය "රාවණ ශක්තියෙන්" සමාජයට මෙහෙවරක් කිරීමට මෙය කාලය නොවේද! ...කාරුණිකව රිප්ලයි එකක් දෙන්න. තෙරුවන් සරණයි!

  • @chathurangasuresh9593
    @chathurangasuresh9593 4 ปีที่แล้ว +14

    තිලක් කන්දේගම මහතා
    ජයරත්න පතිරආරච්චි
    ගයාන් සදකැලුම් .... අයියේ මේ අය සමඟ එක්ව මේ වැළලී ගියපු ඉතිහාසය ගොඩගන්න.ඔයාට පුළුවන්.

    • @coolkoala282
      @coolkoala282 4 ปีที่แล้ว

      th-cam.com/video/_1Mb0YAiJUY/w-d-xo.html

  • @nilumrathnayaka3391
    @nilumrathnayaka3391 4 ปีที่แล้ว +2

    මම ඒ vedio එක දැකලා හරියට දුක් උනා ඒ ගෙනියපු කේක් එක එපා කියලා බැනපු එකට ගයාන් මහත්තයා අපහසූතාවයට පත් උන වෙලේ හරියට දුක හිතුනා ඒ vedio නැවත නැවත upload කරන්නේ කවුරැ හරි තරහට බව අපි දැනගත්තා මහත්තයෝ ඔබතුම එදා මෙන් අදත් අපි ගරු කරනවා ආදරේ කරනවා මහත්තයෝ ඔබතුමාගේ පලවෙනි කතාව මම දැකපු දවසේ පටන් ඔබතුමාගෙන් ඉගෙනගත් දේ බොහෝමයි ඔබ තුමාට තියෙන තැන කාටවත් මඩ ගහලා ලබාගන්න බැ ඔබ අපේ සම්පතක් අපි ඔබ සමගයි ගයාන් මහත්තයෝ. ඔබට ජය!! රාවණා අප්පච්චිගේආරක්ෂාවයි!!!!!!! ඔබතුමාට

  • @Sriomal
    @Sriomal 4 ปีที่แล้ว +3

    Excellent Reply. Best wishes on continued success on your endeavours with revealing Ravana History and Heritage. Theruwan Saranayi.

  • @dammikabandarathilaka2790
    @dammikabandarathilaka2790 4 ปีที่แล้ว +5

    ගයාන් මහතානෙනි ඔබ තමා අපට ඉතිහාසයක් ඇති බවට සමාජ ගත කල සොඳුරු මිනිසා

  • @dewminsenalgamage4445
    @dewminsenalgamage4445 4 ปีที่แล้ว +3

    සැලෙන්න එපා Gayan අයියේ. දිගටම ඔහොම ගමන යමු. බුදු සරණයි. රාවණ පිහිටයි. දීර්ඝායුෂ ලැබේවා ඔබට. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @fabulous_world1039
    @fabulous_world1039 4 ปีที่แล้ว +2

    සැලෙන්න එපා ගයාන් අයියේ! මේ රටේ කැක්කුමක් තියෙන මිනිස්සු හැමදාම ඔබත් එක්ක. අපි ගරු කරන්නේ මොන බාධක ආවත් ඔබ අත් නොහරින මේ උත්සාහය. කෙළෙහෙගුණ දන්න මිනිස්සු දන්නවා දැන් ඇති වෙලා තියෙන මේ තරුණ පිබිදීමට හේතුව කවුද කියලා. ඔබට ජය!!!!

  • @DiniandMani
    @DiniandMani 4 ปีที่แล้ว +2

    ඒ වීඩියෝ එක බලපු වෙලේ මම හිතුවේ අයියා හරි ඇති කියලා. අද ඔයා හරි කියලා ඔප්පු කරපු එක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. දිගටම රාවණ් රජු පිළිබඳ අපව දැනුවත් කරන්න. ස්වස්ථි සිද්ධම් 🙏🙏

  • @niroshafernando2940
    @niroshafernando2940 4 ปีที่แล้ว +6

    ඔබ තුමන් නොසැලී ඔබ යන ගමන යන්න , අපි ඔබ සමගයි ඔබට ජය

  • @LiqKitty
    @LiqKitty 4 ปีที่แล้ว +22

    ඔබ කිව්වත් නොකිව්වත් ඇත්ත හදුනාගැනීම කරන්න පුලුවන්. ඔබට ජය ගයාන් සහෝදරය🖤

    • @sumudhuchathuranga5935
      @sumudhuchathuranga5935 4 ปีที่แล้ว +4

      ගයාන් අය්යේ මේ channel එකේ කුනුහරප කියනවට ඔයා අකමැති බව දන්න නිසා මොනවත් නොකිය ඉන්නම්.ඔයා අපිට කරන්නේ ලොකු සේවයක්.අපි ඔයාට නය ගැතී.ඕනම අවස් තාවක ඔයත් එක්ක අපි ඉන්නවා.ඔයා අපි වෙනුවෙන් දිගටම ඕක කරගෙන යන්න...තෙරුවන් සරණයි ....!

  • @Wowgreen5756
    @Wowgreen5756 4 ปีที่แล้ว +2

    මමත් මේ video එක දැක්ක දවසේ ට්කක් කලබල උනා.ඒකයි එවෙලෙම ඔබගෙන් විමසුවෙ.ඔබම මේ පිළිබඳ video එක කරපු එක ගොඩක් වැදගත්.අපි මේ ඉතිහාසය ගැන කියන ගොඩක් අයගේ video බලනවා.එතකොට විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරනකොට අදහස් වල පරස්පරතා තියෙද්දි ඒවාවල සත්‍ය අසත්‍යතාවය ගැන ජනතාව දැනුවත් කිරීම ඔබතුමන්ලාගෙ වගකීමක් මොකද කවුරුහරි මෙහෙම පරස්පර අදහස් ප්‍රකාශ කරද්දි අපි හොයන්නෙ ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නෙ කියලා

  • @nadeerajasinghe5703
    @nadeerajasinghe5703 4 ปีที่แล้ว +1

    ගයාන් මහතාණනි, ඉතා අගනා වැදගත් කතාවක් ඔබ අද කලේ. මමද මෙම යූටියුබ් විඩීයෝ බැලුවා. ඇත්තෙන්ම එම විඩීයො බලනකොට අපට හැඟෙන්නේ අපැහැදිලි චිත්‍රයක්. ඔබ ඉතා ගෞරවාන්විතව ඒ කුතුහලය ඔබේ කතාවෙන් නිවැරදි කලා. මම දැක්කා තවත් යුරෝපීය රටක සිටින අයෙක් මා දරෑ මතයම ඉදිරිපත් කර ඇති බව. මන්ද අප සිටින්නෙ විදෙස් රටවල.අපට කරැණු කරනා අසන්නට හැකි වන්නේ මෙවැනි විඩියෝ වලින්. කෙසේ නමුත් පතිරආරච්චි මහතාත් ඔබට පිළිතුරැ සපයා ඇති බව දුටිමි.
    මා ඔබ දෙපලගේම විඩීයෝ බලා අපේ වැළලීගිය හෝ හිතා මතා වල දැමූ ඉතිහාසය යළි ගොඩගැනීමට දරන උත්සහට හදවතින්ම ආශිර්වාද කරමි. අපේ ඉතිහාසය යළි නිවැරදි කරනා තුරා ඉවසුමක් නැති සේය. ඔබට ජය!

  • @avanthiekanayake224
    @avanthiekanayake224 4 ปีที่แล้ว +3

    I'm following you from 2012 and learned lot of things.keep it up your great work. May triple jem bless you always 🙏💐

  • @kasunsb1767
    @kasunsb1767 4 ปีที่แล้ว +34

    රටේ ඉතිහාසය ගැන දැනගත්තේ ඔබගෙන් අපි ඔබ සමග ✌️

  • @sltopics3817
    @sltopics3817 4 ปีที่แล้ว +1

    එතුමාව ඔබ තුමා ඔබගේ නාලිකාවෙන් වැඩසටහනක් කරන්න. අප බලා සිටිනවා

  • @janakalpg2358
    @janakalpg2358 4 ปีที่แล้ว +2

    මට ඔබ ගැන ගොඩාක් ආඩමිබරයි.මා දැකපු නිහතමානි අවන්ක පුද්ගලයෙක්

  • @malinduprasad5451
    @malinduprasad5451 4 ปีที่แล้ว +3

    කව්රු කොහොම කිව්වත් ගයාන් අයියා නිවැරැදි බව මම එදා ඉදන්ම දැනගෙන ගිටියා ඔබතුමන්ට දීර්ඝආයුශ පතනවා....!!!හැමදාම ඔබතුමත් එක්ක ඕනවෙලාවක ඉන්නවා...

  • @donshani204
    @donshani204 4 ปีที่แล้ว +3

    සැලෙන්නෙ නැතිව.. ඉදිරියට යන්න අපි හැමෝම සුබ පතනවා ජය වේවා🙏

  • @gihankaushalya2876
    @gihankaushalya2876 4 ปีที่แล้ว +1

    ඔබතුමාටත් මෙ විඩියො එක බලලා ඇත්ත සිද්ධිය තේරුම්ගත් අයටත් ජය ශ්‍රී....

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Me ka mata kivannlbune ada . ඔබ nivardi pathiarch ekada ada kannvath නැති වෙලා thiynne .කොපමණ දැනුම් සම්භාරයක් තිබූ nath වැඩක් ne මිනිසත් kama නැතිව eya aprde ekmuthuvela ලොකු මෙහෙවර k rata t කරන්න තිබුණ. ඔබ තුමා tanks 👍 බුදු සරන ය්

  • @emiwindstrom1980
    @emiwindstrom1980 4 ปีที่แล้ว +3

    මටත් තිබුන ප්‍රශ්ණයක්...බොහොම ස්තුති ගයාන් සහොදරයා 🌷ඔබේ නිහතමානිත්වය අගය කරනවා..ඔය කතාව මටත් ආරංචි උනා ..සෙල්ලිපි රාශියක් තියෙන බව සත්‍යක් නම් පෙළපොත් වෙනස් විය යුතු නොවේද ?මං හිතන්නේ කෙනෙක් ඔබ දෙපලව කොටවන්න ..උත්සහ කරන සෙට් එකක් ඉන්නවා වෙන්න පුලුවන් ..පුලුවන් නම් එතුමව කැදවන්න...නැත්නම් cid එකට කේස් එක බාර දෙන්න ඉතා ඔනැකමින් ඉල්ලනවා.ඔබ දෙපලගේ දැනුම විශාල සොයාගැනිම් උල්පතක් නොවේද? ඔව් පිස්සෙක් මාත් මුලින් හිතුවේ ඒම.එතුමාගෙ දැනුමයි ඔබතුමාගේ තාක්ෂනයි එකතු කරන්න...2020 වර්ෂෙදි ඔබදෙපල එකතු වෙන්න..කාරුණික ආයාචනයක්,දෙන්නම එකතු වෙනවට අකමැති පිරිසක් පිටින් ඉන්න අපිට වැටහෙනවා.. එසේ හෙයින්, ඒ කවුදැයි කියා හොයා බලන්න ,අපි ඔබේ නිහතමානිත්ව අගය කරනවා🌷

  • @u.snadeeshan5346
    @u.snadeeshan5346 4 ปีที่แล้ว +24

    ගයාන් මහත්තයෝ දවසක් මුහුනු පොතේ දමා තිබූ පෝස්ට් එකකට යගුන් කාල නමැති page එකක පුද්ගලයෙක් දමා තිබුනා ගයාන් සදකැලුම් කියන දේවල් ඔක්කොම ජයරත්න පතිරාආරච්චි මහත්තයගෙ දැනුම අරගන ගයාන්ගෙ වගේ කියනව කියල මම ඔහු එක්ක වාදයක් ගොඩනගා ගත්ත ඒක දැක්කහම මට නොදැක්කා වගේ යන්න බැරි වුණා මම සාමාන්නෙන් ඔහොම පුද්ගලයන් සමග වාද වලට යන්නෙ නෑ නමුත් ඒ අවස්තාවෙ යන්න සිද්ද වුණා මම ඔහුත් එක්ක ගොඩක් කොමන්ට් වලින් සන්වාදකරා අවසානෙ ඔහුට කරකියා ගන්න දෙයක් නැති වුණා අවසානෙටම මම කිවුව ගයාන් සදකැලුම් ප්‍රසිද්දියේ කියන දේවල්නෙ ඔයාල බොරු කියල කියන්නෙ ඉතින් ඔයාල ප්‍රසිද්දියේ ඔප්පු කරන්න ගයාන් සදකැලුම් කියන්නෙ බොරු කියල එතකොට අපි පිලිගන්නන් කියල එදා ඉදල අද වෙනකල් ඒ ප්‍රශ්නෙට කිසිම කොමන්ටුවක් ලැබුනෙ නෑ ඔහුගෙන් ගයාන් සදකැලුම් මහත්තයෝ මම වසර දෙකහමාරකට විතර කාලෙක ඉදන් තමයි ඔබතුමාව දන්නෙ ඒ ටික කාලෙට ඔබතුමා මගේ හදවතේ ඉන්න මනුස්සයෙක් මම ඔබව තදින්ම විශ්වාස කරනව ඔබට ජය.🙏

  • @dilshara3411
    @dilshara3411 4 ปีที่แล้ว +2

    පිස්සො කලබල උනාට වෙදා කලබල නෑනේ... ඔබ ගැන මමත් දන්නව. හෙල වංශයේ සම්පත් දායකයෙක් ලෙස මගේ බාප්පත් සම්බන්ද වෙලා තියෙනව. ඔබ බොරුකාරයෙක් නොවේ. ගමන යන්න. ඔබට ජය. 🙏🏽🙏🏽🙏🏽

  • @jagathkumarasiri6780
    @jagathkumarasiri6780 4 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම වටිනව..මොකක්ද ඒ කියල හිතාගන්න බැරිව හිටියෙ..අපි ආසයි අපේ ඉතිහාසය බලා ගන්න දැනන්න..ඔබ තුමා එක්ක අපි ඉන්නව

  • @nalindadissanayake1141
    @nalindadissanayake1141 4 ปีที่แล้ว +4

    රාවනා ඉතිහාසය සහ උරුමය සමග මමත් බැදී ඇති පුද්ගලයෙක් බව මට ඉතා නිරවුල්ව හදුන ගන්න පුලුවන් වුනේ ඔබගේ සියත FM මහා රාවනා වැඩසටහන හරහා ගයාන්. ඒක මට අරුම පුදුම විශ්මිත වැඩසටහන් අත්දැකීමක් උනා. ඒහරා අපේ රට ගැන විවිධ කෝනයන්ගෙන් දැනටත්, තවදුරටත් හදාරමින් ඉන්න මට හෙල ඉතිහාස පිලිබද උනන්දුව ඇතිකිරීමට අවශ්‍ය අඩිතාලම දමා දීමේ වැඩිම ගෞරවය ඔබට හිමිවිය යුතුයි. ඔබේ ගමන ඔබ යන්න. ද්වීතාවය (Duality) මත බිහිවී ඇති මනුෂ්‍ය ලෝකය මෙහෙම තමයි කියන දේ අපි අවබෝධකරගෙන හිටියත් අනික් අසරන මිනිස්සුන් එය අවබෝධනොකර සිටීමයි මෙතන ගැටලුව. අට ලෝ දහම කියපු වාම මම සදහන් කල ද්වීතාවය කියන වචනයට වඩා මිනිස්සු අදුරනව. ද්වීතාවය පිලිබදව විශිෂ්ටතම ඉගැන්වීම කරන විශ්වයේ පහල වූ මහා ශාතෘවරයානන් අපේම ශාස්තෲවරයා බවට පත් වී හිටියත් උන්වහන්සේට වැද මින් යදිමින් සිටිනවා හැරෙන්න මිනිස්සු ඒ දේශනාකල විශිෂ්ට දහම අබවෝධ නොකිරීමමයි වර්තමාන සමාජය මේතරම් පිරිහීමට හේතුව. නමුත් ඔබ කරනා මේ දැනුවත් කිරීම් හරහා සමාජය අලුගසා පන්නරය ලබමින් හෙලයේ සැබෑ උරුම කරුවන් ඉදිරියට පැමිනීම වැඩි ඈතක විය නොහැකියි. අපි ඉතා සුභ වාදීව ඉදිරියටම යමු. ඔබට ජය ශ්‍රී ....!

  • @ravishkaprabath9435
    @ravishkaprabath9435 4 ปีที่แล้ว +4

    මේක එනකම් කොච්චර කල් බලන් හිටියද ගුරුතුමා💕🙏🙏🙏 ඔබට දීර්ඝායුෂ ලැබේවා💕💕💕🙏 ඔබට ඇති ගෞරවය මෙච්චරයි කියලා කියන්න බෑ ඒත් ඒක තවත් වැඩි උනා💕💕💕🙏

  • @dewayomi
    @dewayomi 4 ปีที่แล้ว +1

    මිනිස්සු ඔහොමයි. මොනතරම් දැඟලුවත් ,මඩ ගැහුවත් වැඩක් නැහැ.දවසක ඒ අයටමයි ඒ අස්වැන්න . බොල්කරල් අහසට හිස ඔසවලා උජාරැවෙන් කෑ ගහලා තමාගේ හිස්බව පෙන්නද්දී , රන්කරල් නිහතමානීව කිසිවෙකුට අපහාස නොකර ඉස්සිලා තමාව පෙන්නගන්නවා වෙනුවට පොලොවටයි නැමෙන්නේ. ඔබ අපට, අපේ රටට සම්පතක්.අපට ලබා දෙන දැනුම සහ ඔබගේ කැපවීම,උත්සාහය වෙනුවෙන් අපගේ ගෞරවය හැමදාමත් ඔබතුමාටයි. රටට ණය නැති ඔබට ඡය🙏🇱🇰🙏

  • @viharahope2014
    @viharahope2014 3 ปีที่แล้ว +1

    ඉවසීමෙන් සැනසීම ලැබේ මෛත්‍රිය කරන්න මට හිතෙනවා පතිර ආරච්චි මහතාට යම් මානසික අවුලක් තිබෙනවා කියලා .ඔබට එදා ඒ කලදෙ , ඔබ පවසන ආකාරයට මා අනුමත කරන්නේ නැහැ .සත්‍ය වශයෙන්ම ඔබගේ ඉවසීම ඉතාම විශිෂ්ටයි ඔහුත් රටට අවශ්‍යව හිටපු කෙනෙක් අභාග්‍යයකට ඔහු අඳුරේ අතපත ගානවා ඔහුට අනුකම්පා කරන්න මෛත්‍රී කරන්නඔබ දෙපළ ගෙන් ම මේ හෙළ දීපයට යහපතක්ම වේවා සියලු දෙනාම සුවපත් වේවාඑසේම මිනිසුන්ට නිගරු කිරීමේ මාවතෙන් ඒ උත්තමයා ඉවත් වේවා ඉවත් වේවා,මේ මගේ අදිටනයි

  • @sltrending1223
    @sltrending1223 4 ปีที่แล้ว +3

    ඔයා විතරයි අයියේ ඇත්ත කියන කෙනෙක්ට ඉන්නේ.ඔයාගෙනුයි සියලුම දේවල් දැන ගන්නේ ඔයයි මගේ ගුරුවරයා

  • @akilaishara2390
    @akilaishara2390 4 ปีที่แล้ว +7

    ගයාන් මහත්තයා ඔයා ඔයාගේ ගමන යන්න මිනිස්සු මොනවා කිව්වත් අපි දන්නවා ඇත්ත මොකක්ද කියලා ඔයා මේ වැඩේ දිගටම කරන්න අපි ඔබ සමගයි ඔයාට ගොඩක් පිං.

  • @mr-jp2xz
    @mr-jp2xz 4 ปีที่แล้ว +2

    බල්ලො බිරුවට කදු පාත්වෙන්නෙ නෑ, හෙළ ඉතිහාසය මතක් කරනකොට එදා ඉදලාම ඒකට විරුද්ධව , බලාගෙන ඉන්න නොහැකි අසමත් ජාතීන් අපි අහලා දැකලා තියෙනවා . ඔබගෙ ගමන පැහැදිලියි,පිරිසිදුයි. ඔබට ජයවේවා 🙏🙏🙏 බුදු සරණයි !!!

  • @NethuAmaya-vf5yz
    @NethuAmaya-vf5yz 2 หลายเดือนก่อน

    ඇත්තටම රාවනා අපේ ඉතිහාසය ගැන ඔබේ මුවින් ගිලිහෙන සෑම වචනයක්ම සත්‍ය අපේ පරම විස්වාස ඔබයි

  • @gayanmax3694
    @gayanmax3694 4 ปีที่แล้ว +3

    ගයාන් අයියේ ඇති අපරාදේ වෙලාව ..හොද වැටහීමක් මිනිස්සුන්ට වැටහුනා මේ වීඩියෝ එකෙන් ...දැන් ඇති මොකද අපිට ඔබෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියනවා ..ඔයා කවුද කියල මුලු රටම දන්නවා ගයාන් අයියේ...හෙළයේ ගෞරවය අභිමානය ඔබයි 🙏🙏🙏🙏🙏

  • @kasunranga2497
    @kasunranga2497 4 ปีที่แล้ว +3

    ඇත්තටම අයියේ ඔයාගෙ නම තිබ්බ නිසයි ඒ වීඩියෝ එක බැලුවේ.. ගනන් ගන්න එපා ඕවා .. අපි ඉස්සරහට යමු....

  • @nimanimhim9988
    @nimanimhim9988 4 ปีที่แล้ว +1

    මමත් ඒ video බැලුවා.සත්‍යය නොදන්නා නිසා,පුදුම හිතුනා,හිනා ගියා පමනයි.ඔබ කල මේ video එක වටිනවා.👍👍👍👍🙏🙏🙏

  • @lokkahmda7322
    @lokkahmda7322 4 ปีที่แล้ว +1

    අන්තර්ජාලයේ තියන ඔබ තුමාගේ විඩියෝ ඔක්කොම මම බලලා තියනව(හෙල වංශය.සියත fm ඇතුලු ඔබ පෙනි සිටිය)2014 සිටම.. ඔබ තුම මගේ ජිවන රටාව වෙනස් කරා ... මම දන්න අයට පෙන්නුවා...කවදා හෝ ඔබ තුමා හමු විමට හිනයක් තියනව... ඔබ හැදු වැඩු දේමාපියන්ටත් ඔබටත් පිංසිදු වේවා...🙏🙏🙏❤️❤️❤️☝️☝️☝️💪💪💪

  • @hewapathiranagethilakarath144
    @hewapathiranagethilakarath144 4 ปีที่แล้ว +11

    පතිරාරච්චි මහත්තයට කතා කරන්න ඉඩ දුන්නාම එයා කවුද කියන එක හිතාගන්න ඕන කෙනෙකුට පුළුවන් දැනුම සමඟ ශීලාචාරකම තිබුනනම් කොච්චර එකක්ද බොහෝවිට එය එසේ නොවන වග මා ඇසුරු කළ බොහෝ අයගෙන් මට තේරුම් ගිහින් තියෙනවා

    • @coolkoala282
      @coolkoala282 4 ปีที่แล้ว

      th-cam.com/video/_1Mb0YAiJUY/w-d-xo.html

  • @lionking4971
    @lionking4971 4 ปีที่แล้ว +5

    වදුරන්ගෙන් බන අහන්න යන්න එපා ගයාන් සහෝදරයා. උගේ නැහැදිච්ච කම අපි දැක්කා

    • @kamindapriyankara5297
      @kamindapriyankara5297 3 ปีที่แล้ว

      සිංහ මුහුණ දාගත්තු පළියට උඹ සිංහහයෙක්ද

  • @rajapaksharaju4359
    @rajapaksharaju4359 4 ปีที่แล้ว +1

    ඔබතුමා මෙිගැන පැහැදිලි කිරීම. ඉතා වැදගත් දෙයක්. ඒත් මමනමි දැනගෙන හිටියා. මගෙ හිත කිවුවා.
    ඔබ නිවැරදි වග. ඔබට සමිමා සමිබුදු සරණයි 💓💓💓💓💓💓💓💓💓💓

  • @vishfernando6430
    @vishfernando6430 4 ปีที่แล้ว +2

    ගයාන් අයියේ, මන් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා.. මන් ඉන්නේ ඩුබායි, ඒත් මගෙ හිත හැමදාම ලංකාවේ ඉතිහාසේ ගැන උනන්දුවෙන් ඉන්න කෙනෙක්.. මොකක් හරි ලොකු සම්බන්ධයක් ඇති ඒකට....... මේ මගේ පලවෙනි comment එක.. ගයාන් අයියේ අපිට බුරන බල්ලන්ට ගල් ගගහ යන්න ගියොත් කවදාවත් අපේ අරමුණු වලට අපිට ලගා වෙන්න බෑ.. ඒක නිසා හැමදාම මේ හෙළයන්ට හොද දෙයක් දෙන්න.. මොකද අපේ මිනිස්සුන්ගේ හිත් නුවරඑළියේ වැස්ස වගේ, කොයි වෙලෙත් වෙනස් වෙනවා.. හැබැයි ඔයා ඔය කරන දේ ගැන විශ්වාසෙන් ඉන්න පිරිසක් ඉන්නවා කියන එක අමතක කරන්න එපා.. හැමෝටම ගරු කරගෙන ඔය වැඩේ කරගෙන යන්න.. මොකද 'ඔයත් මාත් දන්නවා ඉස්සරහට ගොඩක් අය ඔතන්ට එකතු වෙන්න ඉන්නවා කියලා..' මගෙ comment එක දැක්කොත් මට mail ekak එවන්න..
    "විශ්මිත ධනංජය"
    (vishmitha.cool@gmail.com)

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +5

    තලන පෙළනකොටත් ඔබේ කරුනාව බොහෝ අගය කරමි.......ඔබට දෙන පීඩනය ඔහුට නොදෙන ගුනය උගත්කමට වඩා බුද්ධිමත් කමක් සහතිකවම....

  • @ranshalakshani6450
    @ranshalakshani6450 4 ปีที่แล้ว +3

    රටේ ඉතිහාසය ගැන දැනගත්තේ ඔබගෙන් අපි ඔබ සමග

  • @randikrandik9407
    @randikrandik9407 4 ปีที่แล้ว +2

    ගයාන් අයියේ අපි මේ වැඩසටහන එදා ඉඳන් අද වෙනකම්ම බලාගෙන ඉන්නේ. අපි ඉදිරියටත් බලන් ඉන්නවා ඔයාට මේ ගමන යන්න අපි ආශිර්වාද කරනවා🇱🇰🇱🇰🇱🇰

  • @manojrajapaksha5729
    @manojrajapaksha5729 4 ปีที่แล้ว +2

    එතුමා ඉන්නෙ මානසික අාතතියක විය හැකියි.නමුත් එතුමා තුල සාක්ෂි සහිත දැනුමක් තියෙන බව හැගෙනවා එ්ක ගොඩක් වැදගත් රාවන මතය ඉදිරියට ගන්න ඔබ තුමාගේ මත සදහා සාක්ෂි පෙන්වීමට නැති හෙයින් අපිට වටිනවා එතුමාගේ සාක්ෂි එක්ක ඔබතුමාගේ දැනුම.😍

  • @hashirogawesh529
    @hashirogawesh529 4 ปีที่แล้ว +3

    මන් yoga ශාශ්ත්‍රය පුරුදු වෙනව ආදුනිකෛ හැබැයි.තවම දියුනුවක් නැහැ.මන් විශ්වාස කරන දෙයක් තමෛ ඔක්කොම කාලය අනුව වෙයි කියන දේ.මගෙ ගුරුවරයව මට විස්වාසෛ.හුගක් ගරු කරනව.මට විස්වසෛ මන් දවසක ඔබව මුන ගසෙනව.හැබෛ මන් තවම සුදුසු නහැ.මගෙ වයස තවම 19යි.මට ඔබ සමග හුගක් දේවල් තියෙයි එදාට.මම ඔබට එදාට මතක් කරවන්න්ම්.මම දන්නව ඔබට මේ comment එක දනට කිසි වටිනකමක් නති වෙයි.ජය පතනව ඔබට.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +4

    අපේ හෙල අතිතයෙ සත්‍ය ඉතිහාසය දැනගැනිමෙි උවමනාවෙන් කවිරුත් ඉන්නෙ ඉතින් යමි දැනුමක් ඔබගෙන් ගත්තා මෙය ඉදිරියට ගෙන යනු ඇතයි බලාපොරොත්තු වෙමි

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 4 ปีที่แล้ว +1

    Great...Gayan mahathanani, oba atalo dahamin kampa nowana, garu kala yuthanhata nisi gawrawaya laba dena niyama hela bawddayek bawa thawa duratath loketa hondin pennuwa. Rawana raju gana mamath godak kiyawala, ahala tiyenawa. Habai, obathumage tv,radio,TH-cam wadasatahan walin saha, danatath etha ashawen kiyawana rawana ethihasaya pothen thamai loku daneemak godak ashawen labagaththe. Deergayusha labewa...

  • @kawshgayathri2574
    @kawshgayathri2574 4 ปีที่แล้ว +1

    Mr.gayan ඇයි ඔයා මෙච්චර දුකෙන් කතා කරන්නේ ....දුක් වෙන්න එපා..ගොඩාක් දෙනෙක් ඔබ තුමා ගැන ඇත්ත දන්නවා ...ඔබ තුමා අපේ රටට ගොඩාක් ආඩම්බරයක් ...අපි ඉන්නේ කුවේට් ඒත් ඔබ තුමා අපේ රටට කරන සේවය ගොඩාක් අගය කරමි..තවමත් අපේ රටේ විජයගේ කට්ටිය ඉන්න බව හිතන්න .ඔබ තුමාට බුදු සරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි..ජයෙන් ජයම වේවා.සියලු දෙවි රැකවරණය ලැබේවා ..ඉරිසියාවෙන් පිපිරෙන අය කරන වැඩ ගැන නොසිතා ඉන්න

  • @sllokuu4468
    @sllokuu4468 4 ปีที่แล้ว +3

    අයියේ ඔයාල දෙන්නා එකතු උනොත් රටේ වාසනාවක් කියල මට දැනෙනවා මන් ඔයා කියන ඔය වීඩියෝ ඔක්කොම බැලුවා මොනවා උනත් එයාට ලොකු දැනුමක් තියෙනවා කටනම් හොද නෑ

  • @TvAsma
    @TvAsma 4 ปีที่แล้ว +4

    ඒ වීඩියෝ බලපු දවස් වල හිතුනෙම මෙහෙම මනුස්සයෙකුට ඒ වගේ ඉතිහාසයක් හමුවුණේ කොහොමද කියලයි ඒ තරම් හැසිරීම පිළිගත නොහැකි. අපේ බාප්ප කෙනෙකුත් ඉන්නව ඔය වගේම අත්තම්මගෙ දැනුම නම් එය මූලග්ගිණ්නයි ☹️

  • @kokilaharshani199
    @kokilaharshani199 4 ปีที่แล้ว +2

    හැදියාව ඔබ තුමාට උපතින්ම ලැබුණු උසස් ගුණයක්

  • @ceylonrussia4752
    @ceylonrussia4752 4 ปีที่แล้ว +2

    අයියෙ අපි වගේ පිටරටවල් ඉන්න මිනිස්සුන්ට අපේ රටේ උරුමය කීයල දෙනවට පිං. අයියගෙ හැම video එකක්මවගේ බලල තියනව. සැලෙන්න එපා අයියා අපි දිගටම අයියත් එක්ක ඉන්නව ❤️

  • @jenavimatthew9706
    @jenavimatthew9706 4 ปีที่แล้ว +3

    long awaited answer

  • @dhammaveera4405
    @dhammaveera4405 4 ปีที่แล้ว +23

    ඔබට හානියක් වීම ගැන ඔබ කනගාටු විය යුතු නැත. නමුත් ඔබේ මතයට හානියක් වීම ගැන මෙවැනි වීඩියෝවක් තුලින් අදහස් දැක්වීම වටී. හැමදාමත් වගේ ආශිර්වාද කරනවා පරන මිත්‍රය...!

  • @gothamihettarachchi5672
    @gothamihettarachchi5672 4 ปีที่แล้ว +1

    Its sooo good that you have made this video,well said!.Your work is realy valuable,best of luck for your future work.🙏🙏🙏

  • @samanarachchi9079
    @samanarachchi9079 4 ปีที่แล้ว +1

    ගයාන් අයියෙ ඔයාගෙ මේ වැඩසටහන් ගොඩක් අර්තවත්. ඔබට ජය.