Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2019
  • හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
    ලේන කුලේ සිට නුඹ මට යශෝදරාවකි
    නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි
    ආලවන්තකම ළඳුනේ පාරමිතාවකී...
    පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ
    මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ
    පාළොස්වක සඳ ඉල්ලා මාසෙ පෝය දිනේ
    මේ ඇස් දෙක ළඟ නාඩන් එතකොට දුක දැනේ...
    පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
    මාලිඟාව මගේ වගේ දැනුනා සොඳුරියේ
    වාවගන්න බැරි තනිකම හිරකර මගෙ ළයේ
    ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ...
    "Heena Pena Hama Raakama..."
    Artist : Hashana Dissanayake
    Lyrics : Dr.Nandasiri Keembiyahetti
    Music : Darshana Wickramatunga
    Audio Tracks Recorded Mixed & Mastered by Dayananda Perera @
    ERX Studioz
    Orchestra :
    Lead Guitar : Mahinda Bandara
    Bass Guitar : Wajira Fernando
    Rythm Guitar : Mahendra Pasquel
    Drums : Niresh Perera
    Percussions : Dhananjaya Somasiri
    | Priyakumudu Medawaththa
    Key Boards : Priyantha Gamage | Tharindu Jayathilaka
    Flute : Janaka Bogoda
    Violins : Sanath Sathischandra | Madushanka
    Rathnayaka | Thisara Bandara
    Sitar : Nihal Perera
    Like Darshana Wickramatunga on Facebook
    / darshanawickramatunga2
    Subscribe to Darshana Wickramatunga on TH-cam
    / darshanawickramatung
    Follow Darshana Wickramatunga on Google+
    plus.google.com/u/0/100467667...
    Follow Darshana Wickramatunga on Twitter
    / dpwickramatunga
    #harshana_dissanayaka_new_song #darshana_wickramatunga #nandasiri_keembiyahetti
    heena song | sitha nivana sindu | harshana dissanayake songs | Best Of Harshana Dissanayake
    Harshana Dissanayake New Song "Heena Pena Hama Rekama" හීන පේන හැම (Music by Darshana Wickramatunga) | heena pena hama rakama cover | heena pena hama rakama whatsapp status | heena pena hama rakama meaning | love songs sinhala | yashodara kavi | yashodarawatha songs | yashodarawatha kavi bana | yasodarawatha | Harshana Dissanayake song|heena pena hama rakama |හීන පේන හැම රෑකම (Music by Darshana Wickramatunga)
    Harshana Dissanayake song|heena pena hama rakama | official mv (Music by Darshana Wickramatunga)
  • เพลง

ความคิดเห็น • 2.8K

  • @madurangaprabath2474
    @madurangaprabath2474 11 หลายเดือนก่อน +103

    ලස්සනයි හඩ,පද රචනය,සහ දර්ශන අයියා කරන හැම නිර්මාණයක් ම මම හරිම ආසාවෙන් රසවිඳිනවා ඒ මන්ද යත් ඔහු සහභාගී වන හැම නිර්මාණයක් ම හරිම අර්ථවත් ඔබ සියලුම දෙනාට ජය

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน +5

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

    • @dilinimuthugala1283
      @dilinimuthugala1283 8 หลายเดือนก่อน +3

      ඇත්තෙන්ම මේ සින්දු කොයි තරම් ලස්සනයිද.භාවනාවක් වගේ.මේවා trending වෙන්නේ නැහැ.ලක්ශ ගනන් ශෝ වලට ගන්න කෙනෙක්ගේ සිංදුවක් ඇහුවා.එඅ දවසයි ඇහුවේ.මොකක්ද අර මල කඩ කඩ කියලා.රැප් එක යද්දිම සින්දුව නැවැත්තුවා.ඒවාල තියන ඒවා අහන්න බැහැ.ඒ තරම් අප්‍රසන්නයි.ඒත් ඉතින් වීව්ස් මිලියන ගනන්.මේ වගේ වටිනා සිංදු අපි අතරට ගෙන එන සියලු දෙනාට බොහෝම පිං..

    • @user-lb8kj2wr9z
      @user-lb8kj2wr9z 8 หลายเดือนก่อน +1

      Mama netharama ahanawa, mawa wanama lokakata aragana giyawage dananne.harema lassanai hareyata bawanawak wage

    • @shanikasadaruwani7747
      @shanikasadaruwani7747 8 หลายเดือนก่อน +4

      අමරදේව, මහගම සේකර, සුසංයෝගයක් තරමටම මේ ගීතය භාවාත්මකයි.

    • @anuruddhikairanthi6203
      @anuruddhikairanthi6203 7 หลายเดือนก่อน

      Ameziing

  • @NayanaPrabha
    @NayanaPrabha 3 หลายเดือนก่อน +24

    ඇයි දෙයියනේ මට ඇඩෙන්නෙ. මේ සින්දුව අහන හැම වෙලාවෙම.මට විරහ වේදනා අත්දැකීම නෑ..මේ සින්දුව ඕනම චන්ඩියෙකුගෙ ආවේගය නවතා දමන්න පුලුවන් සින්දුවක්...මේවා විදින්න පුලුවන් දිව්‍ය අවුශධ...❤❤

  • @ujithaoshan5108
    @ujithaoshan5108 4 ปีที่แล้ว +360

    නාහෙන් අඬාගෙන බූට් සින්දු කියන ඒවා ට්‍රෙන්ඩින් වෙන කාලෙක මේ වගේ සින්දුවක් අහන්න ලැබීමත් සතුටක්,

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +11

      බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න අමතක නොකරන්න

    • @nayanauduwala7399
      @nayanauduwala7399 3 ปีที่แล้ว +4

      My dear puta Harshana you are a good example for young singers. I wish you all the best. Nayana Uduwsla

    • @ayomiwickramage7604
      @ayomiwickramage7604 3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      @@nayanauduwala7399 බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @chamodtharuka2156
    @chamodtharuka2156 8 หลายเดือนก่อน +42

    අවුරුදු 4කට කලින් දාපු සින්දුව මෙච්චර කල් මගඇරුනේ කෝමද මන්ද🥺....
    අහපු පලවෙනි මොහොතෙම සිතට දැනුනා "ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ"
    තනුව, ගේය පද, කටහඩ ඉස්තරම්
    සුපිරියක් හර්ශන අයියේ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් අපට මහත් ආශිර්වාදයක්
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

    • @nimalles2228
      @nimalles2228 6 หลายเดือนก่อน +2

      වෙලාව ආවම තමයි හොඳම දේවල් ලැබෙන්නෙ ❤

    • @Salukamadhushan
      @Salukamadhushan หลายเดือนก่อน

      Matath dan abbahi wela

  • @wasanaanuradhi2149
    @wasanaanuradhi2149 ปีที่แล้ว +55

    තවත් සුභාවිත ගීත ගයන දුර්ලභ ගායකයකු අමරදෙව පරපුරට උපදින සළකුනු පෙනේ. සතුටක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @jothinilan
    @jothinilan 4 ปีที่แล้ว +129

    වලපල්ලට යන අපේ සිංහල සුභාවිත ගීතයට පන දෙන්නට අසෙනි වර්ෂාවක් ඔබේ හඬ.. අති විශිෂ්ටයි....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @HarshanaDMusic
      @HarshanaDMusic ปีที่แล้ว +1

      ඔබට බොහොමයක් ස්තුතියි ❤🙏

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 4 หลายเดือนก่อน +12

    ස්ට්‍රෙස් වැඩිම වෙලාවක පැත්තකට ගිහින් අහන එකම සිංදුව හිත නිවිලා හැම දේම අමතක වෙන හඩක්. පිං ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @sriyakanthiwejayaweera6535
    @sriyakanthiwejayaweera6535 3 หลายเดือนก่อน +8

    දෙවියනෙ මෙපමණ ලස්සන ගිත ලියන්න ගයන්න පුලුවන් දරුවො ඉද්දි රූපවාහිනි චැනල් වල මොනවද මේ ප්‍රසිද්ධ කරන්නේ.තරු බිහි කරාට වැඩක් නැහැ රාත්‍රීය අන්දකාරනම්.ඔබ තව තවත් හරවත් විදිය හැකි මෙවැනි ගිතම ඉදිරිපත් කරන්න පුතේ.

  • @sihinamawatha7579
    @sihinamawatha7579 4 ปีที่แล้ว +126

    පාරමිතා පුරන සදට මුලූ ලොකෙම වැසී
    හින ගාව හිත පැටලුනූ වාරය අපමෙනී
    ප්‍රේම වන්ත කම කියන්නේ දන් දීමක් වැනී
    රාත්‍රීයට නුබ තාමත් මගේ සීහිනයේ නිදී

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana979 3 ปีที่แล้ว +235

    මගේ ආත්මීය ගීතය...
    පෙලී සැදී දලදා වැද මට හිනැහුන රැයේ...
    මාලිගාව මගේ වගේ දැනුනා සොදුරියේ...
    මොන තරම් ආදරයක්ද...සෙනෙහසක්ද...ඒ තුල❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +8

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් බෙදාගැනීම අපට ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

    • @niroshaniranaweera3962
      @niroshaniranaweera3962 2 ปีที่แล้ว +6

      ආලවන්තකම ලදුනේ පාරමිතාවකි.

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks wow beautiful song thank

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God bless you shaaaaaafm

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Go dbless you old.. span Kevin and..sshaaaaaaafm

  • @poth5738
    @poth5738 3 ปีที่แล้ว +13

    මට අවුරුදු 30ක්. මම විවාහා වෙලා අවුරුදු 2ක්. මට පරිපූර්න ජීවිතයක් තියනවා. මට ආදරණීය පවුලක් ඉන්නවා. මට අවුරුද්දක දරුවෙක් ඉන්නවා. මගේ ආදරණීය ස්වාමිපුරුෂයා මට එහා පැත්තේ නිදි. දවස බොහොම සතුටින් ඉවර කරලා නිදහසේ සින්දුවක් අහන්න ඇලවුනේ. ඒත්.... මේ ගීතය මට හදිස්සියේම මගේ පලමු ආදරය මතක් කෙරෙව්වා. ජීවිතේ ගැන මවපු හීන , ආගිය තැන් , බලාපොරොත්තු , සැලසුම්.... පසු කාලෙක වෙන්වීම් , දරාගැනීම්.....
    වම් අත පැත්තේ ඉන්න මගේ දරුවත් දකුනු අත පැත්තේ ඉන්න මගේ ස්වාමිපුරුෂයත් මගේ වටේම තියන යථාර්තයටත් හොරෙන් වසර එකොලහකට පෙර මතක ගොන්නක් එක්වරම හිත හාරගෙන ගියා...ඔහු කොහේ ඇතිද ? මොනවා කරනවා ඇද්ද ? ඔහුටත් මාව මතක් වෙනවා ඇතිද ?.
    ගීතයකට , පද පේලියකට ඇති අපූරු හැකියාවක තරම.... 🌷

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +3

      හරිම සංවේදී සටහනක්..
      ඔබ දැන් සිටින තැනින් ඈතට යන්න එපා..
      ඔබේ දරුවා
      ස්වාමිපුරුෂයා ඒ ඔබේ අනාගතය..
      මේ ගීතය දැනුනා නම් ඒ පිළිබඳව බොහොම සතුටුයි
      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට අපට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
      තෙරුවන් සරණයි 🙏

  • @MotivationGuider
    @MotivationGuider 3 ปีที่แล้ว +10

    ජීවිතේ දිනන හැම දිනයකම ඔබ මගේ ලග සිටියානම්..
    සතුට ලැබෙන හැම තප්පරයකම ඔබත් එහි කොටස්කාරියක් උනා නම්..
    ආදරේ මතක් වෙන හැම මොහොතකම ඔබ මගේ ලග උන්නා නම්..
    යශෝධරා ගැන කියවෙන හැම රාත්‍රියකම මා සිදුහත් නොවී සිටියානම්..
    ලේන කුලේ සිට නුඹ මා අසලින් හිඳි වග මා දැන උන්නා නම්..
    අනේ නුඹ අහිමි නොකරගෙන මා සිටියා නම්.. 😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      අපූරු සටහනක්
      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @growwithexcel8539
    @growwithexcel8539 4 ปีที่แล้ว +111

    පිල්ලෑවේ සිල් සුවඳ අද මට
    සිහිනයෙන් වගේ දැනෙනවා.
    එදා පසළොස්වක සඳට
    අපි ගැයූ ගී ඇහෙනවා.
    පහන් සිළු දැල්වූ පහන් වැට
    අදත් එලෙසම තියෙනවා.
    සසර සරනා තුරුව ඉන්නට
    පැතුම් පැතු හැටි මැවෙනවා.
    එකඳු තරුවක් අහසේ නෑ අද
    රාහු ගෙනිහින් පුර හඳත්.
    බෝ පතුත් හිඟවීලා ඇත අද
    සිලි සිලිය නෑ බෝදියේත්.
    සිත නිවන්නෑ පහන් වැට අද
    ඔහේ ඇවිලෙයි තිර ගොඩත්.
    මා ලඟින් නැත උඹ දුරක අද
    හොරු රැගෙන ගොස් මගෙ පෙමත්.
    අමාවක සිත සැනසවීමට
    කනාමැදිරියො එලි මවයි.
    කුමක් පවසමි අනේ උන් හට
    මගේ සිත අද පැහැදිලියි
    පුර හඳට පෙම් බැඳ මා හට
    ශේෂ වුයේ විරහවයි.
    බැඳෙනු බෑ යලි කිසිම තැනකට
    සියළු දේ හරි අස්ථිරයි.

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว +2

      🙇

    • @wasanthakumari5869
      @wasanthakumari5869 3 ปีที่แล้ว +1

      anee harima lassanai godak dukai ..man meeka gannawa ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට 🙏
      නැවත එන්න අපේ නිර්මාණ රසවිඳින්න..
      Share කරල ඒව ජනගත කරන්නටත් අමතක නොකරන්න..
      නැවතත් ස්තුතියි 🙏

    • @mahakumarashiladere8565
      @mahakumarashiladere8565 ปีที่แล้ว +1

      ලස්සනයි ගොඩක්.

    • @deniyelmaduka2783
      @deniyelmaduka2783 ปีที่แล้ว +2

      100 parata wediya ahuwa

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 4 ปีที่แล้ว +157

    ප්‍රේමය අත් හැරීමකී...
    සංසාර ගත පුරුද්දකී...
    නෙත් කදුළින් පුරවනා සංවේදී හැගීමකී..ජීවින ගමනට අත්වැසිල්ලකී.හදවතෙ නැගෙනා උත්තරීතර සිතුවිල්ලකී

    • @nisansalatennakoon7383
      @nisansalatennakoon7383 4 ปีที่แล้ว +4

      👍 ඇත්ත ප්‍රේමය අත් හැරීමක් පමණමයි......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +7

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @sarurajapakshasaru4075
      @sarurajapakshasaru4075 4 ปีที่แล้ว

      me ash deka laga nadan ethakota duka dane.....nice song

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว

      Ow aththa💘

    • @sajanirangika1295
      @sajanirangika1295 ปีที่แล้ว

  • @sriyaniliyanapathirana137
    @sriyaniliyanapathirana137 3 หลายเดือนก่อน +5

    පද රචනයටම ගැලපෙන කටහඬ සංගීතය මෙි ගීතය භාවනාවක් වගේ
    ආලවන්ත කම ළඳුනේ පාරමිතාවකී
    මාලිගාව මගේ වගේ දැනුණා
    සොඳුරියේ.මගේ දෙසවන් මෙි තරමි පිංකර තිබුනාද.මෙම නිර්මාණය කල ඔබ සැමට ස්තුතියි.

  • @Sansala1111
    @Sansala1111 10 หลายเดือนก่อน +17

    පුදුමාකාර සින්දුවක්.. නන්දසිරි කීඹියහෙට්ටි මහත්මයා මගේ හදවතේ වීරයෙක්..❤️ ඒ තරම් ආදරෙයි ඒ පන්හිඳෙන් ලියවෙන කලාවට.. දීර්ඝායු වේවා රත්තරන් ලේඛකයාණෙනි..❤️🙏 ස්තුතියි ආදරණීය හර්ෂණ අයියා..🥺 හරසුන් යුගයක අරුත්බර ගීතයක් අරන් ආවට..❤️❤️ සියුම්ම තැන් රිද්දා නොරිද්දා ස්පර්ශ කරන ලයාන්විත තනුවට ස්තුතියි දර්ශන වික්‍රමතුංග මහත්මයා..❤️🥺 මේ මැජික් ගීත අභාවයට නොයා යුතු යි.❤️.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @panchalasamod9791
    @panchalasamod9791 4 ปีที่แล้ว +65

    වචන නැති ලෝකෙක තනි වුනා.. සුපිරි.. කියන්නෙ අති සුපිරී

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @MWilli-ux4bo
    @MWilli-ux4bo 2 หลายเดือนก่อน +4

    ආදරණීයම හඬ හර්ෂණ දිසානායක❤❤❤❤❤❤❤❤

  • @thanujamallawaarachchi106
    @thanujamallawaarachchi106 3 หลายเดือนก่อน +3

    අනේ කොහොමද සින්දුවක් මෙච්චරම හිත් නිමන්නෙ හරිම ලස්සනයි භාවනවක් අහේ

  • @ramanigamage1843
    @ramanigamage1843 3 หลายเดือนก่อน +4

    ගායනය වල පල්ලට යන යුගයක අෂනි වැස්සක් සේ ගලා හැලෙනු දැනේ ගීපද..❤

  • @chathurakasun6921
    @chathurakasun6921 4 ปีที่แล้ว +124

    ආලවන්තකම ලදුනේ පාරමිතාවකි...
    පපුව කීතු කීතු වලට ඉරලා දැන්මා .... කියන්න වචන නෑ... ජය...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @sadaruwankarunathilaka0666
      @sadaruwankarunathilaka0666 2 ปีที่แล้ว +1

      ඒන නම් ඇත්ත ක් ඇග ම කිළිපොලා ගියා ඒ ටික ඇහෙද්දි

    • @kasunrajapaksha3590
      @kasunrajapaksha3590 ปีที่แล้ว

      නියමයි

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God bless you and iloveme.... shaaaaaaaaaaaaaaafm

  • @dulajfernando1818
    @dulajfernando1818 4 ปีที่แล้ว +64

    ඇස් දෙක පියාගෙන ,හෑන්ඩ් ෆ්‍රී දෙක ගහන් මේක අහන් ඉන්නකොට වචන නැති මොකක්දෝ ලෝකෙක තනි වෙනවා,මේ වගේ නිර්මාණ තව කරන්න ශක්තිය ලැබේවා,,සින්දුව අහලා අඩපු වාර අනන්තයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @inokakarunathilaka7247
      @inokakarunathilaka7247 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 6 หลายเดือนก่อน +5

    හර්ෂණ පුතා අපේ හිත් හොරකම් කරලා බොහෝ කාලයක් වෙනවා ඒ හිත් තාමත් එහෙම මයි ඒ තරමට හිත නිවා සනසාලන සන්සුන් හඬක් ඔහුට තියෙන්නේ ලස්සන නිර්මාණයක් දායක වූ සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n 10 หลายเดือนก่อน +10

    මේ තරම් විශිෂ්ඨ නිර්මාණ ඇයි දෙය්යනේ හැන්ඟිලා තියෙන්නෙ,මිලියන ගනන් අහන්නෙ කොහෙටවත් නැති රොඩු ගොඩවල් නේද මේ රටේ😢 ,ගීතයක් නම් ඇත්තටම ඒක හිත නිවන එකක් වෙන්න ඕන නේද,පද,තනුව,ගායනය ත්‍රිත්වය ම එකිනෙකට නොදෙවෙනි ව විශිෂ්ඨයි🎉❤❤❤❤,හර්ශන පුතේ,නිහඬව නොසිට තව මෙවැනි බොහොමයක්ම ඔබට කල හැකියි 💖

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @sasandawijesingha3774
    @sasandawijesingha3774 5 หลายเดือนก่อน +5

    ලස්සනයි මංආසම ගායකයා ඔබයි.හැගීම් ගායනයට ඔබ ඉතාමත් දක්ශයි❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @d-tech7258
    @d-tech7258 ปีที่แล้ว +14

    ප්‍රේමය කෙතරම් ප්‍රේමණීය වුවද එය සදාකල්හිම පැවතුනේ විරහව මතය😴💔 . ඉතින් . මා විරහව ප්‍රේමයේ සුන්දරම අවස්ථාව ලෙස දකිමි 🙂🔕 !
    -- dilitha --
    Written by me for my abandoned princess🥺💔

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤

    • @tharunawoo3348
      @tharunawoo3348 ปีที่แล้ว +1

      ඒක ඇත්ත මටත් දැනෙන විදියට ප්‍රේමය වැඩියෙන්ම දැනෙන්නෙ විරහවෙදි❤️

    • @d-tech7258
      @d-tech7258 ปีที่แล้ว +1

      @@tharunawoo3348 ම්ම් 😴🤝❤

  • @mkkulathunga4017
    @mkkulathunga4017 3 หลายเดือนก่อน +3

    කාලෙකින් හිත නවතින ආයෙආයෙත් අහන්න හිතෙන සින්දුවක් ලස්සනයි

  • @nishannishagee9785
    @nishannishagee9785 11 หลายเดือนก่อน +11

    "මාලිගාව මගේ වගේ දැනුණා සොඳුරියේ.."
    ඇඟේ හිරිගඩු පිපිලා ඇස් වලට කඳුලු එනවා❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @melaniupekshika5646
    @melaniupekshika5646 4 ปีที่แล้ว +113

    ඔබේ හඩට කරන්න බැරි දෙයක් නැත...
    හදවතට කතා කරන්න පුලුවන් හඩක්..
    ඔබේ හඩට ගැලපෙනම සංගීතය

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @gayansanjeewa5175
      @gayansanjeewa5175 4 ปีที่แล้ว +1

      Jdnhkjjomdtoksygsni

  • @truefalse640
    @truefalse640 3 ปีที่แล้ว +50

    සොදුරු සිත් ඇත්තන්ට මෙම ගීතයේ ගෙතුම ඉතාමත්ම භක්ති ප්‍රේමනීයි...ඇසීමෙන් සිත් ඇද බැද තබයි...
    ස්තුතියි ...🙏🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට.❤🙏
      ඔබේ අදහස් අපට ශක්තියක්...
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
      මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට
      අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි..
      නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏

  • @niroshachandanidassanayake5800
    @niroshachandanidassanayake5800 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක්.හිත නිවන හඩක්.❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏

  • @himeshamanoji3563
    @himeshamanoji3563 7 หลายเดือนก่อน +8

    අහන් හිටියා භාවනාවක් වගේ පුදුම ලස්සනයි කීප වතාවක්ම ඇහුවා 🌷

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීත ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න ❤🙏

  • @nirwansampath
    @nirwansampath 4 ปีที่แล้ว +64

    අද දවසට 10 පාරකට වඩා ඇහුව. භාවනාවක් වගේ පුදුම ලස්සනක්!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 4 หลายเดือนก่อน +4

    මෙවැනී ගී අසන්නට දෙසවන් පින් කර ඇත.
    මෙනැනි ගී විඳින්නට මනස පින්කර ඇත.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 5 หลายเดือนก่อน +3

    මේ ආදරණීය කටහඩ තව චිරාත් කාලයක් අපේ රටේ පවතී වා....බුදු සරණයි දෙවි පිහිටයි පුතේ ......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 9 หลายเดือนก่อน +4

    අනේ පුදුම තරම් ලස්සන සිංදුවක්😊❤ ...හිතා ගන්න බැරි මේ තරම් ලස්සන සිංදුවක් කොහොමද මට මේ තරම් කාලයක් හමු නොවී තිබුනෙ කියල😢 හර්ශන කියන්නෙම මිනිස්සුන්ගෙ දැවෙන හදවත් නිවන්න පුලුවන් අති දක්ශ වෙදැදුරෙක්❤...මේ වගේ ලස්සන නිර්මාණ ඉස්සරහටත් දිගටම කරන්න 🤍✍️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @nakandalaanura9979
    @nakandalaanura9979 4 หลายเดือนก่อน +3

    දකින දකින හැම හීනෙම
    කිව්වෙ අහසටයි
    නොතේරීම ඔය ඇස් දෙක
    හෙව්වෙ තරුවකයි ,💫

  • @nipunhansika3708
    @nipunhansika3708 3 ปีที่แล้ว +15

    අද වෙනකන් අහපු ලස්සනම සිංහල සිංදුව❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්න...

  • @ThiliBalasooriya
    @ThiliBalasooriya 3 หลายเดือนก่อน +5

    පුදුම ලස්සන කටහඬක්...එදා වගේම අදත් ආදරෙයි ...😔😔😔😔

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +5

    දෙයියනේ ඒක ❤️😌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @Slcover_
    @Slcover_ 10 หลายเดือนก่อน +4

    ඇත්තටම මට අහම්බෙන් මේ සින්දුව හම්බුනේ දැනට 100පාරකට වඩා ඇහුව මේකටම ඇවිල්ල සැරින් සැරේ හදවතට කතා කරනව වගේ මේ සිංදුව.මතකයන් ගොඩක් සිතට එනව 😢❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @Dammi-Weerasinghe
    @Dammi-Weerasinghe 7 หลายเดือนก่อน +4

    මාරම ලස්සන .. heart touching song එකක්... හරිම ලස්සනයි හර්ෂණ මල්ලි 💐💐💐💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @podibandaratnayake
    @podibandaratnayake 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි.පුතේ.වික්ටර්ගේ ගීත වලින් මා තරුණ කාලයෙදී ලැබූ රසයම ලැබුවා.ලමා කට හඩත් තරුන කට හඩත් එක එඅගේම ලස්සනයි රැල්ලට යන ගීත නම් එපා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +9

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ පෙම්වතුන් සදහාමය...🥺❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @thrishalasandeepani8308
    @thrishalasandeepani8308 4 ปีที่แล้ว +83

    පුන්චි කාලේ ඉන්දන්ම අපේ ගීත කුමාරයා .. ආදරෙයි හුගක් ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @user-lj9oh4rm1f
      @user-lj9oh4rm1f 4 ปีที่แล้ว

      Aniwaryen

    • @user-lj9oh4rm1f
      @user-lj9oh4rm1f 4 ปีที่แล้ว +1

      පුන්චිකාලේ ඉදලා මගෙත් අසම කරපු ගීත රටාව අනාගතේ දකින්න ලැබෙයි කියලා හිතුනෙ ඔබෙන් ..
      එය එසේ විය!!

  • @manindriaseensa3463
    @manindriaseensa3463 2 หลายเดือนก่อน +2

    පුංචි කාලෙ ඉදන් ඇහෙන දැනෙන හඩ

  • @niluelvitigala6390
    @niluelvitigala6390 หลายเดือนก่อน +2

    ජීවිතේම හොරු අරගෙන කොහදෝ නුඹ ගියේ.... මේ පද ටික හදවතට තදින්ම දැනෙනවා....❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @erangajayawardana3284
    @erangajayawardana3284 5 หลายเดือนก่อน +3

    අහම්බෙන් රේඩියෝ එකකින් ඇහුන සිංදුවක්..දැන් පිස්සුවක් වගේ අහනවා❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @thisariherath6509
    @thisariherath6509 4 ปีที่แล้ว +18

    හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී.. ලේන කුලේ සිට නුබ මට සිදුහත් කුමරෙකි...
    පහන් කරන රැය අරුමෙකි තනිකම මගේ මැකී...
    පාරමිතා පුරනෙමි මම ඔබේ සිහිනේ රැදී..
    පේරැස් මුදුවක් පලදන නැකතක් නොයෙදුනේ... ඔබේ ඉවසුම් ගුණ හින්දයි මාගේ හිමියනේ...
    සද තරු නැතුවට කම් නැත එයට දුකක් නැතේ... සිහිනෙන් නොව මා කැන්දන් යනු මැන මතු දිනේ..
    දළදා වැදි මගේ සිතේ සැනසුම නුබ වුනේ..
    මාලිගයම නුබේ තමයි සැනසුම ඇති තැනේ...
    වාවගන්න බැරි තනිකම සමව බෙදා අපේ.. කොහෙවත් නොගිහින් නුඹ ළග ඉන්නෙමි හැම දිනේ...
    මගේ හිතට ලස්සනටම දැනුන සින්දුවක් සහ ජීවිතේට සම්බන්ද වචන පෙළක්.. මේ පිළිතුරු මගෙන් , මට ඉවසීම උගන්නන..මගේ සැනසුම වුන.. ඒත් මගේ නොවන.. මගේ සිද්ධාර්ථට
    ~ තිසරි හේරත් ~

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..

    • @kalpakalpa9981
      @kalpakalpa9981 3 ปีที่แล้ว

      ඇයි තාම ඒ ආදරණීය මනුශ්යයා ඔයාගෙ නොවුනේ නන්ගි

    • @thisariherath6509
      @thisariherath6509 3 ปีที่แล้ว +3

      මගේ වුනා... ළගදි බැන්දේ 😍😍 දැන් මගේ ❤❤❤

    • @nawodyadeshani2194
      @nawodyadeshani2194 2 ปีที่แล้ว

      ♥️

    • @kasunchathuranga2913
      @kasunchathuranga2913 ปีที่แล้ว

      නියමයි..😍😍❤❤

  • @meragalgewickramasinghe5110
    @meragalgewickramasinghe5110 6 หลายเดือนก่อน +3

    නන්දසිරි රසවතානනි දැන් ඔබේ කාලයයි .ඉදිරියේ මේ සමාජයට අරුත්බර ගීතයේ රස බෙදාදෙන්ට කාලයයි. පද රචනයට ගායනයට සංගීතයට ප්නාමය.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @rohinidissanayake3382
    @rohinidissanayake3382 4 ปีที่แล้ว +49

    වදන් වලට පන පොවන්නෙ කොහොමද මේ තරම්.
    මුළු හදවත කවියක් විය ඇහෙද්දි මේ ගැයුම්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @lakshannimalka6721
      @lakshannimalka6721 3 ปีที่แล้ว

      @@darshanawickramatunga aniwaren..😍😁😁

  • @user-np2db4wm2x
    @user-np2db4wm2x ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ...දැන් කාලෙ ඇත්තටම විරහව කියෝගෙන නාහෙන් අඩන ගීත ඇහෙන කාලෙකෙ මේ වගේ ගීතයක් අහන්න ලැබීම සතුටක්
    ලස්සන පදවැල් පෙලක් ගායමය ඉතාම මිහිරියි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @madugunathilaka1812
    @madugunathilaka1812 4 ปีที่แล้ว +40

    බොහොම පිවිතුරු හැඟීමක හිත නතර වුනා මොහොතකට..😊😊😊😊

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @sularihansika2846
      @sularihansika2846 4 ปีที่แล้ว +1

      aththatama ow lassana sinduwak

  • @Champikalenadora-mh8pq
    @Champikalenadora-mh8pq 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන සිංදුවක් තව තවත් ලස්සන නිර්මාණය කරන්න හැකි වේවා❤❤❤❤❤❤❤❤

  • @sankapriyanath3699
    @sankapriyanath3699 8 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා නොවන ඉඩෝරයෙන් තිබුන බිමකට මුතු වර්සාවක් වගේ ,හද තුල කරැනා රසය දනවන ආදරණීය විරහා ගිතයක්❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @rangabalasooriyabalasooriy8240
    @rangabalasooriyabalasooriy8240 2 ปีที่แล้ว +6

    කටුක විරහව සුන්දර විඳීමට ගීතය දායක වුනාම දැනෙන හැඟීම

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @_navi_ga_tor_542
    @_navi_ga_tor_542 3 ปีที่แล้ว +17

    විරහවක් දරා ගැනීමට තරම්වත් හැකියාවක් නොමැතිව පොළොවේ පස් කන්නට වෙර දරන්නන්ට සහයෝගය දැක්වීමට කරන ලද නිර්මාණයන් අතර ඔබේ නිර්මාණය අතිවිශිෂ්ඨයි සහෝදරයා ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    • @wosmand1983
      @wosmand1983 ปีที่แล้ว

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok ปีที่แล้ว +10

    When
    Harshana Dissanayake said,
    වාවගන්න බැරි තනිකම
    හිරකරගෙන ලයේ..
    ජීවිතේම හොරු අරගෙන
    කොහොදෝ නුඹ ගියේ❤️
    I really felt it✨

  • @maneeshasandaruwani6667
    @maneeshasandaruwani6667 2 หลายเดือนก่อน +2

    අවුරුදුම හතරක් ගිහින් හරි මට මේක අහන්න ලැබුනා 🥹🥺❤️

  • @majeewa
    @majeewa 4 ปีที่แล้ว +45

    හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
    ලේන කුලේ සිට නුබ මට යශෝදරාවකි
    නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි
    ආලවන්තකම ළදුනේ පාරමිතාවකී....
    පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ
    මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ
    පාලොස්වක සද ඉල්ලා මාසෙ පෝය දිනේ
    මේ ඇස් දෙක ළග නාඩන් එතකොට දුක දැනේ....
    පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
    මාලිගාව මගේ වගේ දැනුනා සොදුරියේ
    වාවගන්න බැරි තනිකම හිරකර මගෙ ලයේ
    ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ
    ගායනය- හර්ශණ දිසානායක
    පද- නන්දසිරි කීඹියාවත්ත
    සංගීතය- දර්ශන වික්‍රමතුංග
    ❤️❤️❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @samanlalani1766
      @samanlalani1766 ปีที่แล้ว

      භාවනාව k ape sir කොහොමද මෙච්චර නිර්මාණශීලි වචන ...harshana පුතේ ගායනය පුදුම සංයමය k

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 9 หลายเดือนก่อน +5

    ඉතාමත්ම සංවේදී ගීතයක් . සිත් දැහැන් ගත වන ගීතයක් . පද , නද , ගැයුම සියල්ලම ඉතාමත්ම ලස්සනයි . ගැයුම ඉතාමත්ම හැඟුම්බරයි. සුභ අනාගතයක් . 👏🌹👏💥👏🌟👏🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @chandanirupika5349
    @chandanirupika5349 5 หลายเดือนก่อน +1

    අනේ පුතේ හරිම ලස්සනයි, දරාගන්න බැරි තරම් හැඟුම් බරයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @dilmijayasinghe2509
    @dilmijayasinghe2509 หลายเดือนก่อน +2

    මේ සිංදුව එකටම මට අහන්න කිව්වෙත් එයා.එදා ඉදන් අද වෙනකම්ම අපින්දෙන්නගෙම හිතට මොකක් හරිලොකු දුකක් දැනුනම එයා කෝල් එකක් අරන් මේ සිංදුව කියනව, හැමදාම පේරැස් මුදුවක් පටන් ගන්නකොටමගෙ ඇස් දෙකම කදුලින් පිරෙනව.. එතනින් අපි දෙන්නගෙම හිතේ දුක නිවෙනව..ඒත් අද මම හරියට අතරමං වෙලා වගේ, දාලා යන්නත් බැරි , ලග ඉන්නත් බැරි හැගීමක් මටදැනෙනව.. මම එයාට හුගක් ආදරෙයි ..ඒ හින්දම චුටි වෙනසක් උනත් මගෙ හිතට අමාරුයි . ඒ වෙනස නිසයි මට එහෙම දැනෙන්නේ කියල මම දන්නව.. ඉස්සරහට ජීවිත වල මොනව වෙයිද මම දන් නෑ.. ඒත් මේක මතකයක් වේවි මට.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @user-bw2ug7tg1n
    @user-bw2ug7tg1n 9 หลายเดือนก่อน +3

    ලක් හඩ රේඩියෝ එකේ හැමදාම හවස් වෙනකොට මේ සින්දුවෙ කෝරස් එක ඇහෙනව ඒකට වශී වෙලා ආවේ...❤️🤗

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @FreedomEntertainmentlk
    @FreedomEntertainmentlk 3 ปีที่แล้ว +20

    තව මේ වගේ සින්දු කරන්න අයියෙ.ඉහල රසවින්දනයක් තියන මිනිස් කොට්ටාසයක් ආයෙත් ලන්කාව තුල ඇති කරමු.මේ වගේ හරවත් ගීත,මටත් ලියන්න පුලුවන්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @anjuyapa1202
    @anjuyapa1202 2 ปีที่แล้ว +4

    ඊයම් බාරු හිතට වදිනව වගේ දරාගන්න අමාරු බර හැගීම් ගොඩක් මේ පද අස්සේ දැනෙනව.. මහ සෑ මලුවෙ තනිතම තියන අඩියක් ගානෙ මට මේකෙ පද මතක් වෙනව.. මොකක්දෝ මන්දා මේ පටලැවිල්ල 💔

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 11 หลายเดือนก่อน +6

    ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ 💔💔💔

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @GayaniGeethika
    @GayaniGeethika 4 ปีที่แล้ว +61

    "වාව ගන්න බැරි තනිකම හිර කරගෙන ළයේ - ජීවිතේම හොරු අරගෙන කොහේදෝ නුඹ ගියේ". ලස්සන නිර්මාණයක්. දර්ශන අයියා, හර්ෂණ මල්ලී .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @s.viduminiwijesinghe6416
    @s.viduminiwijesinghe6416 3 ปีที่แล้ว +28

    විරහව මේ තරම්ම රසවත්ව ගීතවත් කිරීම පිලිබදව මාගේ හෘදයාංගම ස්තූතිය!!!
    සුබපැතුම් 😊❤👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නට කාරුණික වන්න

  • @user-er3vu6ld5x
    @user-er3vu6ld5x 4 หลายเดือนก่อน +2

    නියමයි හර්ශන මලය...දර්ශන අයියා...භාවනාවක් මේක..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @_frame_of_mind_
    @_frame_of_mind_ 3 ปีที่แล้ว +10

    මේ සින්දුවට විචාරයක් කරන්න කැමතියි මට දැනුන විදියට
    හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී ලේන කුලේ සිට නුඹ මට යශෝදරාවකි කියන පද පේලි දෙකෙන් ඇයගේ ලෙන්ගතුකම ආදරය ඇය ගැන ඔහුට තිබූ ආදරය මේ හැම දෙයක්ම හරිම ලස්සනට කියවෙනව. දෙවෙනි පද පේලියෙන් ඇයගේ පතිව්‍රතාව ගැනත් කියවෙනව කියලයි මට හිතුනෙ. ඇය ඔහු වෙනුවෙන් පාරමිතා පිරූ බවත් ඒ පද පේලි වලින් මට දැනුන.
    පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ මේ පද පේලියට අනුව පේරැස් මුදුව රාජ්‍යත්වය නිරූපනය කරනව ඒ කියන්නෙ ඇය සමඟ විවාහ වීම ඔහු දැකල තීන්නෙ රජ වෙනවා සමානව. නමුත් ඔහුට ඒ රජ්‍යත්වය ලබාගන්න අවස්ථාව හම්බවෙලා නෑ ඒ කියන්නෙ මෙතන්දි කියවෙනව ඇය දාල ගිහින් නෙවෙයි මිය ගිහින් කියල මොකද යශෝදරාවක් මෙන් ලඳක් එසේ නොකරන නිසා පසුව කියවෙන පාලොස්වක සඳ ඉල්ලා මාස පෝය දිනේ කියන පද පේලියෙන් ඒක වැරදි නෑ කියල හිතුන මං හිතපු විදිය. ඇත්ත්ටම එතන පද පේලිය ඔහු ඇයට කියන දෙයක්ද ඔහුටම කියාගන්න දෙයක්ද යන්න ප්‍රශ්නයක් මතුවෙනව මගේ මතයනම් එය ඔහුටම ඔහුගේ දුක නිවා ගන්නට කියනා දෙයක් ඇය ආපසු එන්නේ නැති බවත් මාසපෝය දිනේ පාලොස්වක සඳ ඉල්ලන්න එපා ඇය ආයෙත් එන්නෙ නෑ කියන දේ ඔහුගේ හිතට කියන පදපේලියක් විදියට තමා මා එය දැක්කෙ. ඒ වගේම අවසාන පද පේලි 4 මගේ ඇස් වලට පවා කඳුලක් ගෙනාව ඔහුගේ මතකයක් සමඟ ඒ කතාවේ ඔහුගේ දුක්ගැනවිල්ල කියන පද පේලියක් මා දුටුවෙ ඇයගේ ආදරය පූජනීය බව මාලිගාව ගැන කියද්දි දැනුන වගේම එය නැවතත් රාජ්‍යත්වය ගැනත් සිහි කරන බව දැනුන
    ඇත්තටම හරිම ලස්සන ගීතයක් මං මේ වෙද්දී 100 පාරක් නම් අහල ඇති කියල මට විශ්වාසයි. හරිම ලස්සන කාලෙකින් අහපු හිත වගේම මුලු දවසම අමුතු හැඟීමකින් පුරවන ගීතයක්. සංගීතය උනත් ඉතාම ලස්සනයි . ❤️
    හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
    ලේන කුලේ සිට නුබ මට යශෝදරාවකි
    නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි
    ආලවන්තකම ළදුනේ පාරමිතාවකී….
    පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ
    මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ
    පාලොස්වක සද ඉල්ලා මාසෙ පෝය දිනේ
    මේ ඇස් දෙක ළග නාඩන් එතකොට දුක දැනේ….
    පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
    මාලිගාව මගේ වගේ දැනුනා සොදුරියේ
    වාවගන්න බැරි තනිකම හිරකර මගෙ ලයේ
    ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අපූරු රසවින්ඳනයට...

    • @jinendraprabhath204
      @jinendraprabhath204 3 ปีที่แล้ว +2

      matath oyatikama danuna, maligawa magewage danuna kiyaddi nam godak dewal kiyanna thiyenawa

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      @@jinendraprabhath204 ❤️🙏

    • @somarathnayake8786
      @somarathnayake8786 3 ปีที่แล้ว +1

      Wedima wara gannak rasa vidina geethayak.hadawathinma me gethaya rasawidinawa a token nawathinnam. Thawath nirmana bihiwewa

    • @maduisha43
      @maduisha43 2 ปีที่แล้ว +2

      Thanks මේකෙ විචාරය සටහන් කරාට මේක හරිම ලස්සනයි ..

  • @user-re7ff2fj5e
    @user-re7ff2fj5e 4 ปีที่แล้ว +26

    ළයෙ තැනක සිර කරන්න
    නෙතු කදුලකට ඉඩ ඇරෙන්න
    තනියම මට ඉකි බිදින්න
    නුබෙ මතකෙ තියා යන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @anuraariyathilaka5987
    @anuraariyathilaka5987 3 ปีที่แล้ว +8

    තාම මෙහෙම සිංදු ලියන අය ඉන්නවා දැනුනම ලොකු සතුටක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @wimalmhg1198
    @wimalmhg1198 4 ปีที่แล้ว +16

    බටනලා සංගීත කණ්ඩයට ආස හිතෙන්නෙ මට විතරද? හරිම හිත නිවන තනුවක්....ජය ශ්‍රී ඔබට.....!!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @indrasamaranayake894
      @indrasamaranayake894 2 ปีที่แล้ว

      This song touch our heart .. Life bring experience to open our heart senstivity. I love your voice , melady and inside innocent experience there.

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ගායනය සංගීතය පදවැල් ❤❤❤🙏

  • @rajithapriyadarshana873
    @rajithapriyadarshana873 4 ปีที่แล้ว +14

    සිංදු නැති කලක ලස්සනට පද ගැලපුව, හොද තනුවකට, සුපිරි කටහඩකින් කියන සුපිරිම සිංදුවක්......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @sachininiwarthana4828
    @sachininiwarthana4828 7 หลายเดือนก่อน +3

    සින්දු නෙමෙයි මේව බෙහෙත්❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @SasinduDilshan-no4ej
    @SasinduDilshan-no4ej ปีที่แล้ว +9

    මේ සිංදුව ඇහුවට පස්සෙ හිතුනා මේ තරම් හිත් සනසන්න සිංදුවකට පුලුවන් කියලා මොන තරම් සතුටක් ද දැනෙන්නේ ඔබට පිං මේ උතුම් තෑග්ගට 🎉😘🙏🙏❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

    • @wosmand1983
      @wosmand1983 ปีที่แล้ว

      ❤❤

  • @yasodhakathriarachchi1978
    @yasodhakathriarachchi1978 ปีที่แล้ว +3

    ඕනා තරම් වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් සිංදුව ක් . ඒ තරමටම ලස්සනයි .,සංගීතය ,පදමාලාව ගායනය ඔක්කොම එකකට එකක් ගැලපෙනවා .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏

  • @user-wd6ml2rq5j
    @user-wd6ml2rq5j 7 หลายเดือนก่อน +3

    ඔයාගෙ සිංදු වල ඔයාගෙ නිහතමානිකම එතිලම තියෙනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @dylanliyanage1880
    @dylanliyanage1880 3 ปีที่แล้ว +15

    මේවා තමයි අද කාලේ ඇහෙන ගීත විය යුත්තේ..
    හර්ශණ මල්ලීගේ
    ගායනය හා හඬ ලාංකික අපේ හදවත්
    සනසනවා🙏🏼♥️🙂

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබට හැකි වෙතොත් මේ ගීත facebook ඇතුළු සමාජ ජාලයන්හි share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @user-ch8bb8py3w
    @user-ch8bb8py3w ปีที่แล้ว +5

    භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @cholithaishang.3705
    @cholithaishang.3705 ปีที่แล้ว +5

    හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
    ලේන කුලේ සිට නුඹ මට යශෝධරාවකී
    නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටී
    ආලවන්තකම ලඳුනේ පාරමිතාවකී

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      ඔබේ මිතුරන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු ❤🙏

  • @prasanlahiru7699
    @prasanlahiru7699 4 ปีที่แล้ว +70

    නියමයි නියමයි දැන් කාලෙ තියෙන හද්ද ගොං සින්දු වලට වඩා....
    නියමයි .
    සුබ පැතුම්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි.

    • @ashaperera9463
      @ashaperera9463 4 ปีที่แล้ว

      සහතික ඇත්ත ලහිරු

  • @nilakshijayathissa9520
    @nilakshijayathissa9520 4 ปีที่แล้ว +32

    අද මේ වගේ ලස්සන සින්දුවක් අහන්න පුළුවන් වෙන එකත් ලොකු සතුටක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..

  • @anuradinesh2142
    @anuradinesh2142 5 หลายเดือนก่อน +2

    සුදු මැණික එයාගේ ආදරේ සදහටම ⁣යන්න ගිහින් අඬන වෙලාවක මේක අහන්න දුන්නේ .. එයා දැන් අහනවා ඇති මේක.. උඹලා මිනිස්සු නෙමෙයි .. දෙවිවරු..ඇත්තමයි දෙවිවරු

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @harshalakmal.
    @harshalakmal. 10 หลายเดือนก่อน +2

    මේ වගේ සිංදුවක් අහන්න පුලුවන් හදවත් පිරිසිදු මිනිස්සුන්ට විතරමයි.. මේකෙ මියුසික් සහ ගායනය ගැන කියන්න දෙයක්නෑ මරු..නාහෙන් අඬාගන බෙරිහන් දීගන අද කාලෙ නමින් ගායකො කියාගත්ත ගොඩක් උන්ට මේ වගේ සිංදු ගොඩක් රිදෙයි.. දැන් පරම්පාරෙ වැරදි නිසයි අද ඒ වගේ දේවල් වෙන්නෙ.. මේ සිංදුව මාරම ලස්සනයි ❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @ilmiowindi2666
    @ilmiowindi2666 ปีที่แล้ว +8

    ජීව්තේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ,,....මට මේ වගේ ගීත අහන්න අමාරුයි.. මගෙ මියගිය husban මතක් වෙනවා....😢😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +3

      එතුමන්ට අමාමහ නිවන් දොරටු විවර වේවා 🙏 බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f 4 ปีที่แล้ว +17

    හරිම සන්වේදී... භාවනවකට සමවැදුන වගෙ දැනුනා....❤️❤️❤
    කොච්චර අහුවත් මදි වගෙ හිතුනා...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @dilrukshinifernando-pv2jd
    @dilrukshinifernando-pv2jd 11 หลายเดือนก่อน +2

    නීල නුවන් යුග නොපියා තනි යහනේ සිට , මේ ගීතය අහපු වාර අනන්තයි....එදාට වඩා අද දැනෙනවා හුගක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @Music-wi4lu615
    @Music-wi4lu615 2 หลายเดือนก่อน +1

    මාලිගාව මගේ වගේ දැනුනා සොඳුරියේ❤❤

  • @harshananandima6988
    @harshananandima6988 8 หลายเดือนก่อน +3

    ❤ you Harshana dissanayake 🌷🥺

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      Thank you so much ❤🙏 Your feedback is a great blessing to us ..
      If possible please share this song with your friends too ❤🙏

  • @avinduhiran2798
    @avinduhiran2798 4 ปีที่แล้ว +21

    හීන ගේන හැම රෑක ම ළග සිටියා නම්....
    නෑර කැටුව ආවා නම් සසර පුරා මං...
    ආලවන්ත කම කියන්නෙ බෝසත්කම නම්...
    දුක් විදින්න දන් දුන්නෙ කොහොම ද එහෙනම්....❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @user-ux7qi8sm9v
      @user-ux7qi8sm9v 4 ปีที่แล้ว

      ඉතා වැරදි අදහසකි.

    • @user-ux7qi8sm9v
      @user-ux7qi8sm9v 4 ปีที่แล้ว +3

      දුක් විඳින්න නොව සව් සතම දුකින් මුඳවන්නයි දන් දුන්නේ.
      එකයි මේ ආදරය විශ්ෂ්ඨ වන්නේ.
      බාල කොලටියේ ආදර වල මේ උතුම් ගති නැත.

    • @dinumpathdeepika6560
      @dinumpathdeepika6560 4 ปีที่แล้ว

      යසෝදරාවගේ ආදරය ගැන කතා කරන්න අපිට බෑ බන්.

  • @harshalakmal778
    @harshalakmal778 ปีที่แล้ว +2

    ඇත්තටම ආසම කටහඬක්. මේක ඇහුවම අතීතෙට යනව මතක අලුත් වෙනව .ඇස්වලට කඳුළු ගලාගන එනව😢😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏

  • @iroshadilhani-ig5zt
    @iroshadilhani-ig5zt ปีที่แล้ว +2

    වෙනමම ලෝකයකට ගෙනියනවා. ඇත්තටම භාවනාවක් වගේ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏

  • @chandhimasudham8600
    @chandhimasudham8600 4 ปีที่แล้ว +29

    විශිෂ්ට පද රචනයක්
    විශිෂ්ට හඬ මුසුවක්
    විශිෂ්ට නිර්මාණයක් .....
    (සංගීතය දැනෙන හැගෙන ගතිය මදි )

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..

    • @jayanthachandrasiri4378
      @jayanthachandrasiri4378 ปีที่แล้ว

      Beautiful 😋

    • @sumudusaranga8142
      @sumudusaranga8142 8 หลายเดือนก่อน

      හරිම ලස්සන නිර්මානයක්... එත් ඔබ කියන කතාවෙත් අ
      ඇත්තක් තියනවා
      පේලි අතර සංගීත කණ්ඩයක් තිබුනානම් හොඳයි, එකපාර දෙකෙන් තුනට පනින්නේ නැතුව

  • @ranildeshapriya8719
    @ranildeshapriya8719 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීතයක්..මට හිතෙන හැටියට..ගීතය තේරුමත් එක්කම..ෆේස්බුක් එකේ පලකරන්න ආසයි..මගේ හදවතට නන්දසිරි සර්ගෙ වචන වැටහෙන හැටි..ඒ ආදරේ ගැන හිතෙන හැටි..මට ඒක නොකර ඉන්න බැරිවෙයි..පුදුම තරම් සංවේදී ගීයක්..❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +2

    මේ ගීතය අහන්න ආවෙ හරේන්ද්‍ර මහතා එක්ක කරපු කතාබහේදි ඇහුන රසවත්භාවය නිසාවෙන්.
    හරිම ලස්සන රසවත් ගායනයක්...👌😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම සතුටුයි ඒ පිළිබඳව ❤
      බොහොම ස්තුතියි 🙏

  • @dasithsenadeera172
    @dasithsenadeera172 2 ปีที่แล้ว +2

    අමරදේව master hitiyanm eyatama ගැලපෙන song ekak..,

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      නැවත එන්න අපේ නිර්මාණ රසවිඳින්න..
      Share කරල ඒව ජනගත කරන්නටත් අමතක නොකරන්න..
      නැවතත් ස්තුතියි 🙏

  • @methsalawedage5419
    @methsalawedage5419 4 ปีที่แล้ว +9

    ආලවන්ත කම ළදුනේ පාරමිතාවකි.................මගෙත් ප්‍රියතම පද පේලිය.....
    හදවත ස්පර්ශ කරන ලස්සන කටහඬක්, පද රචනයක් වගේම එකටම ගැලපෙන සංගීතයක්....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..