Suwandata Mala Men - Rupa Indumathi &Lakshman Rodrigo සුවඳට මල - රූපා ඉන්දුමතී ලක්ෂ්මන් රොඩ්‍රිගො

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ගායනය රූපා ඉන්දුමතී ලක්ෂ්මන් රොඩ්‍රිගො
    පද රචනය - රත්නා ලංකා අබේවික්‍රම
    සංගිතය - මොහාමඩ් සාලි
    තනුව හින්දි ගීතයකිනි
    සුවඳට මල මෙන් යස හැඩට කැපේ
    සුවයකි සිහිලකි ආදරය අපේ
    සුවඳයි මෙමා ඔබ පිපුණ මලයි
    ජීවිතයට ආසිරි සෙමර සලයි
    දුර සිට එන මද නල සමග වෙලී
    සුවඳක්‌ ගෙන දෙයි හදවතට යලී
    පුරුදුයි හුරුයි ඒ සුවඳ ඔබේ
    ජීවිතයට සුවයක්‌ දෙවනු ලැබේ
    පාළුව දුක මග හරවා චිත්තේ
    කවදා කොහොමද මගෙ හිත ගත්තේ
    මිහිරෙන් කලතා හද වට කෙරුවා
    දිවි රන් බඳුනට ඔබ මී පිරුවා
    දුර සිට එන මද නළ සමඟ වෙළී
    ආ....ආ..ආ.. ආ ආ ආ
    කුමුදිනියයි සඳ මෙනි අපි දෙන්නා
    පෙර ජීවිතයෙත් මේ ලෙස උන්නා
    සැක බිය නැත දුක නැත එළිය තියේ
    මගෙ ලෝකයේ හිරු සඳු ඔබය ප්‍රියේ
    සුවඳයි මෙමා ඔබ පිපුන මලයි
    ජීවිතයට ආසිරි සෙමෙර සලයි

ความคิดเห็น •