දුර්ලභම බේත් පලා අල කොළ | ගේනකොට ම බඩු ඉවරයි | යන්න බැරි නම් මෙන්න අංකය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • දොස්තරලත් යන දැරණියගල කැලෑ පොළ
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 391

  • @warunadissanayake
    @warunadissanayake 7 หลายเดือนก่อน +105

    ඒ ගැමි ජනතාවගේ තියන නිර්ව්‍යාජ බව මොන තරම්ද..මේ ආහාර රටාව ලංකාවේ ඉදිරියට පවතිනවනම් වටිනව ලංකාවෙ හැම ප්‍රදේශයක මෙහම පොලක් තියනවනම් වටිනව..අනුරාධ මහත්මයා අදත් වැඩසටහන සුපිරියි

    • @malinthadilshan
      @malinthadilshan 7 หลายเดือนก่อน +1

      අදහස වටිනවා

    • @DulanjanaZoysa
      @DulanjanaZoysa 6 หลายเดือนก่อน

      ❤ඒ නිර්ව්‍යාජ බව හරියට දැක්කනං ඇඩෙනවා ඒ තරම් ඒ මිනිස්සු පොඩි ලාභයකින් අපට නිරෝගි සම්පත්තියට දෙන දේවල් දැක්කම හරි සතුටුයි අපේ මිනිස්සු තාම ඉන්නවනෙ කියලා❤!

  • @LakmalErathna
    @LakmalErathna 7 หลายเดือนก่อน +49

    ජාතික රූපවාහිනියේ ඔබතුමාගේ සොබාධාරා වැඩසටහන අප නැරඹුවා. මේ චැනල් එකත් ඉතාම වටිනවා.

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 7 หลายเดือนก่อน +44

    අපේ රටේ අහින්සක මිනිස්සුන්ගෙ සුන්දර හිනාව තවමත් මුහුණු වල තියෙනවා දැක්කාම හරිම සතුටුයි..❤❤❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna 7 หลายเดือนก่อน +46

    හරිම වැදගත් වැඩක්. මේ දේවල් අපෙන් ඈත් වෙලා තියෙන කාලෙක ඔබ කරන මේ උතුම් සේවයට මගේ ස්තුතිය. 🙏

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 7 หลายเดือนก่อน +40

    ඇත්තටම දැරණියගල කියන්නෙ හරිම සුන්දර ප්‍රදේශයක්.මිනිස්සුත් හරිම හොඳයි .

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 7 หลายเดือนก่อน +34

    අයියේ ඔයා මාර වැඩ්ඩෙක්..
    ඕනේ තැනක ඕනේ විදියට ඉන්නවා එහ් මිනිස්සුන්ගෙ රැලේම කෙනෙක් වෙනවා ඉතාම සුලු වෙලාවකින්...❤

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 7 หลายเดือนก่อน +45

    දුර වැඩි නැතිනම් එනවා මම හරිම කැමතියි මේ වගේ දේවල් වලට.

  • @sujisaman7899
    @sujisaman7899 7 หลายเดือนก่อน +37

    තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. අනුරුද්ධ මහත්මයා.. අරත්තටම වටින බෙහෙත් පොලක්... පොල් පලා.. තෙබූ කොල.. කොවක්කා කොල.. ඉකිරියා... තුඹ කරවිල.. වැරනිය දඵ.. කැරන් කොකු.. අලකොල.. තොරා.. අැත් තොරා.. මේ පීංබිමේ පයට පෑගෙන හැම පැලෑටියක්ම සිංහල බෙහෙත් හෙළ වෙඳකම බෙහෙත් තමයි.. මේ අය වැඩිහිටියෝ නැති වෙනකොට මේ බෙහෙත් වර්ගත් වඳ වෙනවා.. අැත්තටම ළමයින්ට මේ බෙහෙත් වර්ග පෙන්නලා හදුන්නලා කියලා දෙන්න ඔනා.. මේ දෙවල් ළමයින්ට කන්න දෙන්න පුරුදු කරන්න. කැඳ වර්ග බොන්න පුරුදු කරන්න.. ඔයාගේ විඩියෝ එක කොහොමත් සුපිරි.. පොලේ සියලුම දෙමාපියන්ට තුනුරුවන්ගේ පිහිටයි. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා...

  • @dsds9978
    @dsds9978 7 หลายเดือนก่อน +28

    හරිම හොද අම්මලා තාත්තලා හොද දේවල් වස විස නෑ ඇගට ගුනදායක දේවල් සුපිරි ❤️❤️❤️❤️

  • @yasithachamika9963
    @yasithachamika9963 7 หลายเดือนก่อน +21

    ගමේ කස්ටිය දකින කොට මාර සතුටක් ආඩම්බරයක් 🎉🎉🎉

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +106

    පවු ඉතින් අහිංසක ආමිමාලාත් බෙහෙත් ටික ගන්නවත් කියක් හරි හොයාගන්නේ පොලට පලාකොළ ටිකක් ගෙනත් විකුණලා තමයි.😢😢❤❤❤❤

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 หลายเดือนก่อน +5

      Wadagath pala vikeeneema gana newe auesada polak..

    • @thusharakumarakg5651
      @thusharakumarakg5651 6 หลายเดือนก่อน +8

      එයාලට පවු කියන්න එපා එයාල සතුටින් යින්නවා

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 6 หลายเดือนก่อน

      ​@@thusharakumarakg5651මොන සතුටක්ද? ළමයි ඉස්කෝලේ යවන්න බැරි කොච්චර මිනිස්සු ඉන්නවද මේ ගම් වල. 😢

    • @sudesheranga1668
      @sudesheranga1668 6 หลายเดือนก่อน +4

      අනේ මෝඩ පාංකෝ ඒ මිනිස්සු නේමේ පව් වහ කන අපි තමා පව්...

    • @channabuwanaka5885
      @channabuwanaka5885 5 หลายเดือนก่อน +1

      ගොංකතා කියන්න එපා බං. ඔය බෙහෙත් වර්ග . ඕවා කනවනම් ලෙඩ හැදෙන්නෙ නෑ. පොඩ්ඩක් ඔය පිළිබඳව හොයා බලන්න .

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 7 หลายเดือนก่อน +21

    වාසනාවන්ත මිනිසුන් ජීවත් වන ප්‍රදේශයක්. අසන්නත් දකින්නත් ආසයි. සියලු දෙනාටම බුදු සරනයි🙏🏽❤️

  • @kavindikarunathilaka6659
    @kavindikarunathilaka6659 6 หลายเดือนก่อน +7

    අනෙක් කිසිදු රටකට නොමැති ගැමිකම අව්‍යාජ සිනහව හිමි එකම රට ශ්‍රී ලංකාව❤මේක බලද්දි පුදුම සතුටක් දැනෙන්වා තාමත් මේ වගේ මිනිස්සු මගේ රටේ ඉන්න එක ගැන..❤

  • @erandithdilshan8837
    @erandithdilshan8837 7 หลายเดือนก่อน +33

    සිරිලක දේ සිරි සැප දේ. ❤

  • @gayansamaraweera536
    @gayansamaraweera536 5 หลายเดือนก่อน

    සමුර්දි ජනසවි මේවා තමයි අපේ රටේ අහිංසක මිනිස්සු හිගමනට පත් කරේ.. අපේ මිනිස්සුන්ට ඕන තමන්ගේ කියලා දෙයක් කර ගන්න වැඩපිලිවෙලක් .බලන්න මේ අය වයසට ගියත් හරි ආඩම්බරයකින් තමන්ගේ පුංචි ව්‍යාපාරය කරලා ඉන්න හැටි.❤❤❤

  • @AnushaDilrukshini-l9p
    @AnushaDilrukshini-l9p 6 หลายเดือนก่อน +3

    මට ගොඩාක් ආඩම්බරයි ලංකාවේ සුන්දරම ගමක් මගේ උපන් ගම ලංකාවේ හොදම දේශගුණය තියෙන සුන්දර ම ගමමගේ ගවල් හරිම සුනදර තැනක කදු මුදුනක එක පැත්තකින් ශ්‍රී පාදපත්මය පේනව හරිම ලස්සන යි පොඩි දරුවෝ පවා නිතරම ඉන්නෙ සොභාදහම එක්ක අද මගේ දරුවෝ ඒ පරිසරයට තමා ආස පිරිසිදුම ස්වභාවික ජල උල්පත් තියෙන්නෙ අපේ ගමේ

  • @SampathHarsha-b1e
    @SampathHarsha-b1e 5 หลายเดือนก่อน +1

    මමත් දැරණියගල ඔයාලට මේ දේවල් ඕනනන් අනිවාරෙන්ම ඕන තරන් හොයාගන්න පුලුවන් ගියොත් වැඩේනන් නියමයි මේ හැම දේම බෙහෙත් වර්ග...... ඕන කෙනෙකුට ගිහින් කඩාගන්න පුලුවන් හොයාගන්න පුලුවන් හොයාගත්තයි කියල කඩාගත්තයි කියල මගෙ ගමේ මිනිස්සු වචනයක්වත් කියන්නෙ නෑ ඔයාටත් thanks අයියෙ මගෙ ගමේ අහින්සක අම්මලට තාත්තලට මේ දීපු සප් එකට

  • @rasikapriyangani1523
    @rasikapriyangani1523 7 หลายเดือนก่อน +10

    අනේ හරිම සතුටක් දැනුනා. මාත් දැරණියගල. දැන් පදිංචිය අනුරාධ පුර. ගලාගෙන යන ඇළකින් උනත් වතුර දෝතක් බීලා බඩ පුරවා ගන්න පුළුවන් ප්‍රදේශයක් දැරණියගල කියන්නේ.

  • @nuwankumara8294
    @nuwankumara8294 7 หลายเดือนก่อน +15

    මාරම අහින්සක නිහතමානී මිනිස්සු ජීවත්වන පොලක්. මෙහෙම දකින්න ලැබීමත් වාසනාවක්. සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @sumethracol3331
    @sumethracol3331 7 หลายเดือนก่อน +15

    27:45 අනේ සමහර කොල වර්ගවල නමි අැහුවෙත්අදයි .හරිම වටින හදුන්වා දීමක්. ස්තුතියි අනුරාද මහත්මයා. මෙහෙම හරි දකින්න මෙි ඔෞෂද වර්ග ලැබීම පිනක් අාපිතාමත් පිංවන්තයි.❤

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 7 หลายเดือนก่อน +25

    දැරණියගල ලස්සන පැත්තක්
    බස් ඩිපෝව හින්දා ලංකාවම දන්නවා ....

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 6 หลายเดือนก่อน +4

    අපේ සිංහල දේශය සියළුම දෙවියෝ ආරක්ෂා කරත්වා 👃👃👃🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

  • @adikarisarathsantha9154
    @adikarisarathsantha9154 7 หลายเดือนก่อน +4

    ඉතා හොද වැඩ සටහනක් .🙏

  • @ChalaniChandrika-tg8vt
    @ChalaniChandrika-tg8vt 7 หลายเดือนก่อน +8

    අනේ ශෝක් ඒ අම්මල බලන්න සාදාර මිල ගනන් හරියන්න ඕනෙ උතුරන්න ඒ ගැමි ජනතාවට❤❤❤ ආදරෙයි

  • @nirosharohini9387
    @nirosharohini9387 6 หลายเดือนก่อน +4

    මොනතරම් නම් අහිංසකද ඒ හිනාවල්..මූනවල්.මේ ගැමි ජීවිත තවත් දුක අඩුවෙන් ඒ ගොල්ලන්ගෙ සතුට වෙනුවෙන් ජීවත් වෙන්න ආර්ථික මට්ටම තව ඉහල නංවල සැපවත් කියල ජීවිත ගෙවන්න කවදා ලැබෙයිද ? එයාල කොච්චර ප්‍රශ්න තිබ්බත් බලන්න මූනවල් වල හිනාව,නොපැකිලව කතා බහ කරන අපූරුව..මේ ජීවිත සුකිත මුදිත වෙන්න ඕනෙ..හරියන්න ඕනෙ..
    ❤❤❤❤🎉🎉🎉🎉

  • @chandanistephen9632
    @chandanistephen9632 5 หลายเดือนก่อน +2

    මෙවා තමයි හොදම ගුණ කැම . වසවිස නැති ගුණයෙන් වැඩි . හොද විඩියෝවක් , සමහර පැළ ඡාති නගරයේ හොයාගන්නත් අපහසුයි.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +14

    ඇත්තටම සුපිරි.ස්වභාව ධර්මයේ දායාදායන් ඇති ස්වභාවික පොලක්.❤❤❤🙏🙏🙏👍👍👍🌹🌹🌹

  • @florenceherath3732
    @florenceherath3732 7 หลายเดือนก่อน +3

    බොහෙම වැචගත් විඩියොවක් ඉස්තුතියි ජේසු පිහිටයි මල්ලි.

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika 7 หลายเดือนก่อน +16

    බොහෝම ආඩම්බරයි අපේ ළඟම නගරය දැරණියගල බෙහෙත් සති පොල. ගමේ උන මමත් නොදන්න කොල වර්ග ඒ පොලෙන් දැක්කා..නීරෝගීමත් ජනතාවක් බිහි වේවා ...ආදරෙයි දැරණියගල ..❤

  • @syanesyane9015
    @syanesyane9015 7 หลายเดือนก่อน +3

    ඔබට ස්තුතියි අපි දන්නෙත් නැති බොහෝ ම අවුෂද. අහිංසක මිනිස්සු න් තව තව ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @srimadeepani2321
    @srimadeepani2321 6 หลายเดือนก่อน +2

    Me අහිංසක මිනිසුන් රැවටීම lak කරලා thama මේ රට හොරු ඡන්දය argena wajabene..

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 7 หลายเดือนก่อน +9

    අනුරාධ අයියෙ ගමේ පොලක් කාලකින් දැක්කෙ එකතැන් වෙලා ඉද්දි මෙහෙම හරි ගමෙි දේ දකින්න ආසයි 🙏👌

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 6 หลายเดือนก่อน +6

    ඔන්න රටේ වැඩසටහන් ❤ අනිත් කලකන්නි you tube eke
    කරන වැඩසටහන් බලද්දී මෙවා රත්තරන් ❤

  • @DarshikaPriyangani-b7k
    @DarshikaPriyangani-b7k 7 หลายเดือนก่อน +7

    අපේ ගම.... ආඩම්බරයි ගොඩක්.... ඔබට බොහොම ස්තුතියි මේ ගැන හැමෝටම කිව්වට ......❤❤❤

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 7 หลายเดือนก่อน +10

    මේ ආදරණීය අම්මල තාත්තලා කොපමණ දුෂ්කරතා මැද වුවත් සතුටු සිතින් ජීවිතයට මුහුණ දෙනව.. ඒක ඔවුන් ගේ අවංක නිරහංකාර මුහුණු වලින්ම පේනවා..ඒ වගේම සුළු ලාභයක් තියාගෙන වසවිස නැති දේ මිනිසුන්ට දෙනවා... ඒ වටිනා දිවිපැවත්ම අවංක කමට මිලක් නියම කළ හැකිද..!
    රටක් වටින මේ මිනිසුන් දැකීමත් සතුටක්..!
    ඔවුන් අපට මුණගැස්සූ ඔබට අපේ ප්‍රණාමය ..!!👍❤

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 5 หลายเดือนก่อน

      අපි නගරයේ දකින බොහෝ වෙලදාම් කරන අයට වඩා මේ මිනිස්සු හුගාක් අව්‍යාජ බව පේනව. ඔවුන් සියලු දෙනාටම නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි .

  • @Sayurikalpana12
    @Sayurikalpana12 6 หลายเดือนก่อน +5

    මමත් ඉස්සර හිටියෙ දැරනියගල මගේ ගම ආන්දලුව ආන්දලුවේ කට්ටාඩි පොඩි මහත්තයා කිවුවාම කවුරුත් හොදින් දන්නවා දැන් මගේ අම්මයි තාත්තයි නැහැ ඒත් නිතරම ගම මතක් වෙනවා මේ වීඩියෝ එකේ තලාවේ ඉදලා ආපු අක්කා ගෙනෙක් කතා කරා එයා මම හොදට අදුරනවා මම අවුරුදු ගානකින් ගමට ගියේ නැහැ මම ඉන්නෙ ගම්පහ මෙවැනි වීඩියෝ නිතරම ගේන්න ඔයාට වාසනාව ලැබේවා ස්තුතී ❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏👍👍👍

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 7 หลายเดือนก่อน +5

    ඔය පොලේ තියෙන සියලුම පලා කොල වර්ග කාල තියෙනව මමත් පිටිසර කෙනෙක් වසයෙන් බැර කොකු බොහොම හොඳයි දණහිසේ කාටිලේජ වර්ධනයට ,හීන් බෝවිටිය හීනටි සහල් සමග කැද අක්මාරෝගයටත්, සෙංගමාලයටත් ගුණ දායකයි වෙළෙඳාමෙිි යෙදී සිටින සියලුම අමිිමලාටත් තාත්තාලටත් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබෙිිවා තෙරුවන්සරණයි .

  • @krishanindika2840
    @krishanindika2840 6 หลายเดือนก่อน +2

    වටිනාකම කියලා නිම කරන්න බැ කොහෙද මේ ගම් පාළාත ❤❤

  • @nimanthasenadheera4914
    @nimanthasenadheera4914 7 หลายเดือนก่อน +12

    ඒ මිනිස්සු මාරම සුන්දරයි.. හිත පිරෙනවා කතා කරන විදියට..❤

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 7 หลายเดือนก่อน +6

    ඇත්තෝර කනවානම් ප්‍රවේසමෙන් කන්න කොලයේ මැද කහ පාට මැද නාරටිය කොළය දෙකට ඉරා ඉවත් කර තවත් කොල වර්ගයක් සමග කලවමේ සතියට වරක් දෙවරක් පමණක් බාවිතා කරන්න (කහපාට නාරටිය කැවුනහොත් බඩ රිදෙමින් වේගයෙන් බඩ එළිය යනවා )

    • @indranijayasundara5400
      @indranijayasundara5400 7 หลายเดือนก่อน

      බොහොම හොදයි පැහැදිලි කරලා දුන්නට

    • @wasanthamillawithanachchi4025
      @wasanthamillawithanachchi4025 6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි ඔබට නොදන්නා දෙයක් කියල දුන්නාට

  • @pradeepachandani3969
    @pradeepachandani3969 7 หลายเดือนก่อน +7

    තෙරැවන් සරණයි අම්මලා තාත්තා සේරටම නිදුක් නිරෝගි දීර්ඝායුෂම වේවා 🙏🙏🙏

  • @Udumbara568
    @Udumbara568 7 หลายเดือนก่อน +8

    දැන් මේ වටිනාකම් කිසිවක් නොදන්න අපේ සිංග්ලිස්ලාට ගොඩක් වටින වීඩියෝ එකක්

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 7 หลายเดือนก่อน +8

    නොදන්නා කොළ වර්ග කොයි තරම්ද දුකේ බැහැ ඒ පොළ පේනතෙක් මානෙක තිබුනා නම්. මේවා දකින්නත් වාසනාව secret nature වලටම විතරයි

  • @ayoniveera381
    @ayoniveera381 7 หลายเดือนก่อน +5

    නියමය .වැඩසටහනක්
    ඩේටා කැපං බැලුවත් .කමක් නෑ ඒ තරම්ම වටිනවා..

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 7 หลายเดือนก่อน +1

    මේ කොහේද.මමත් ලංකාවෙදි මේ වගේ අම්මලගෙන් තමයි ගමේ දේවල් ගන්නෙ.බුදු සරනයි 🙏🙏❤❤ඔයාලට.ගොඩාක් අහින්සක සුන්දර මිනිස්සු.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 หลายเดือนก่อน +7

    සේරම අම්මලා තාත්තා ලා පව් මේ කාලේ නිදහස් ව ඉන්න ඕනි බුදුසරණයි

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 7 หลายเดือนก่อน +5

    බලන්න ඒ මිනිස්සු න්ගේ අවංක කම නිසා මූන වල්වල තියෙන සිරියාව ගම තමයි බං ලස්සන ම ගොවිකම තමයි වටින්නේම

  • @InduSri-ef9hn
    @InduSri-ef9hn 7 หลายเดือนก่อน +1

    Samahara kola jathi adamai dekke aheuwe asai a polat yann ammala thaththala hemotam budusaranai ❤

  • @Feathers59
    @Feathers59 5 หลายเดือนก่อน +2

    'SECRET OF NATURE' හොයාගෙන යන්නෙ අමුතු තැන්වලට. ස්තුතියි ඔබට යහපතක්ම වෙිවා දීර්ඝායු වෙිවා!!!

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 7 หลายเดือนก่อน +3

    මාරම ලාබයි නෙ ඒ කරන්නෙ සමාජ සේවාවක්ද මේ අම්මලා කරන්නෙ..❤❤❤එක්කො මේ වීඩියෝව කරන්නෙ2010 විතර ආපස්සට ගිහින්ද..😂😂

    • @apsamila
      @apsamila 6 หลายเดือนก่อน

      Gamwala labai.. meheta enakota gana wedi.. ekath kiyanne.. muna balala samaharu..

  • @kasunfernando2418
    @kasunfernando2418 7 หลายเดือนก่อน +2

    මෙච්චර බෙහෙත් කොළ ජාති කන මිනිස්සු ඉන්න රටක හොස්පිටල් වල පෝලිම දැක්කාම හිනා ගිහින් මැරෙනවා ඕයි😂

  • @ChandraEdirisingha-s6v
    @ChandraEdirisingha-s6v 6 หลายเดือนก่อน +1

    අනේ...හරිම අව්‍යාජ මිනිස්සුනිහතමානි අහංසක හිනාවල් හැමෝගෙම මූණේ බැලු බැල්ලමටම පේනවා එදිනෙදා කීයක් හරි හොයා ගන්න අහිංසක රැකියාවක් කරන අය කියලා....ඒත් ඒඅයට සමෘර්ධි සහනාධාරය වත් නෑ කියනවා.පව් බස්නහිර පලාතේ සමෘද්ධි ගන්න අය බොරැ කර කර ලැජ්ජා විය යුතුයි මෙවන් අයව දැක්කම

  • @ChandrajithGuruge
    @ChandrajithGuruge 7 หลายเดือนก่อน +2

    කුඩුදව්ලා අස්මි වලට ගන්නවා කියන්නේ හැම දේවල හොදයි වගෙ

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 7 หลายเดือนก่อน +4

    පරිසරය සිරියාවයි...සිරියාවන්ත පරිසරයේ හැදුනූ ඒ අම්මලාත් සිරියාවන්තයි...70ව 80 දශකයේ අපී මුන ගැහුනු සිරියාවන්ත මිනිස්සු දැන් නැතත්, මේ සිරියාවන්ත මිනිස්සු දැක්කම මමත් නොදැනිම මගේ මතකය අතීතයට ගියා...🌹🌹🌹

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 5 หลายเดือนก่อน +1

    මේකෙ නම්බර් එක ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නකෝ ප්ලීස් ප්ලීස් ප්ලීස්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaiyacreations4681
    @gaiyacreations4681 7 หลายเดือนก่อน +2

    අපේ ගම..

  • @punchisripaday9862
    @punchisripaday9862 7 หลายเดือนก่อน +5

    හරි ආසාවෙන් බලන අපේ වැඩසටහන තෙරුවන් සරණයි මහත්තයෝ

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 7 หลายเดือนก่อน +1

    Jeewitha saralai..niroogiiii
    Waasanawantha demapiya.
    Niroogi weewa suwapath weewa

  • @ranigeetha1312
    @ranigeetha1312 7 หลายเดือนก่อน +3

    අනුරාධ මහත්මයා ඔබතුමාගේ සියලු වැඩ සටහන් මම බලනවා, ඒ වගේම like එකක් දාන්නත් අමතක කරන්නෙ නම් නැහැ. ඔබ තුමාට පුලුවන් නම් මේ පොල තියෙන්නෙ කොහෙද කියලා කියනවද .බොහොම ස්තුතියී .
    🙏🙏🙏👍👍👍❤️❤️❤️
    ( මම පින්ලන්තයේ සිට )

    • @secretsofnatureSL
      @secretsofnatureSL  7 หลายเดือนก่อน

      දැරණියගල මහත්තයා නගරයේ ම බදාදා ට

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 7 หลายเดือนก่อน +2

    කාටුවේ තියෙන කැලෑ පොලයිවෙළදුන්ගේ ගතියයි මේ මිනිස්සුන්ගේ හැදියාවයි කොහොමද.

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 6 หลายเดือนก่อน +2

    අපේ දබ රත්තරන් ශ්‍රී ලංකාව 👃👃👃 ශ්‍රී දළදා සමිදු පිහිටයි 👃👃👃🌹🌹🌹🙏🙏🙏

  • @hsriyani2755
    @hsriyani2755 6 หลายเดือนก่อน +1

    විශ්ණු ක්‍රාන්ති කියන බෙහෙත් පැල නැද්ද

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 7 หลายเดือนก่อน +8

    බලන්න මේ මිනිස්සු කෙතරම් අහිංසක ජිවිත ගෙවන අයද? එහෙව් මිනිස්සුන්ට ලෙඩ දුක් රෝග නොමවේවා. දීර්ගායු වේවා. ජයවේවා 🙏

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 7 หลายเดือนก่อน +2

    ෂානියමයීඅපේඅපේපැතායේනෑනේමෙහෙමපොලක්

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 7 หลายเดือนก่อน +4

    Secret of nature channel එකට ගොඩක් ස්තූතියි.

  • @asankashalika5869
    @asankashalika5869 7 หลายเดือนก่อน +5

    ඒ අම්මලා නම්.හරිම අහිංසක පාටයි

  • @shapri5212
    @shapri5212 6 หลายเดือนก่อน +2

    මේ අය හොඳයි👍ඒ උනාට පිටකොටුවේ වෙළෙන්දෝ තරම් හොඳ නැහැ🤔 කොච්චරද කියනවා නම් අප ඇඳගෙන ගිය ඇඳුම ගලවලා එන්න තරම් ඒ අය දියුණුයි,ස්මාර්ට්,5G.😂😂😂

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 7 หลายเดือนก่อน +3

    ජපන් බටුකොළ සින්ගප්පුර් වල මර්‍ර්කට් වල තියෙනවා , අපේ කට්ටිය පොශ් කියල කුකුල්ලු කෑවට එයාල ඒව තමයි කන්නෙ වැඩිපුර ,,,,,,

    • @Rose-xo8mx
      @Rose-xo8mx 7 หลายเดือนก่อน

      Attata oyala posh kiyla knne nedda.api nm knne neththe ape peththe hoya gnna wat nethi hinda

  • @krishanthiperrera551
    @krishanthiperrera551 6 หลายเดือนก่อน +3

    ජීවිතය ගැන කිසිම කලකිරීමක් නැති හරිම ලස්සන සිරියාවන්ත මූහුණු ඇති සරල මිනිස්සු . හරිම සතුටුයි හැමෝට තෙරැවන් සරණයි !

  • @sampathkumara6717
    @sampathkumara6717 7 หลายเดือนก่อน +2

    හෙල්මට් ඕනෙ නෑ ගෙයි පල්ලෙලු තියෙන්නෙ... අනේ බූරුවො... ඒ පාරෙ වැටුනනම් ඔලුව තමා පැලෙන්නෙ පල්ලෙ වැට්ල... නරක ආදර්ශ දෙන්න එපා.. හෙල්මට් දාන්නෙ පොලිසියෙන් බේරෙන්නද...?

  • @pinky5958
    @pinky5958 7 หลายเดือนก่อน +4

    ඉතිහාසයේ ඉඳලම ලංකාව කියන්නෙ වටිනා බෙහෙත් පැලෑටි පිරුනු රටක්. හෙල වෙදකම කොහොම තියෙන්න ඇතිද. අද හුඟක් අය මේ ගුන කෑම දන්නෙ නැ. අතීතයෙ මිනිස්සු කෑවෙ බෙහෙත් ඒ සොභාදහමෙන්ම. හනුමා හිමාලයෙන් බෙහෙත් හොයන් ආවා කියනවා ඒක මට නම් විශ්වාස කරන්න පුලුවන් කතාවක් නෙමෙයි.

  • @rajithadesilva1407
    @rajithadesilva1407 7 หลายเดือนก่อน +4

    අපේ ගම ලස්සනයි නේද...😊😊🙏🏻🙏🏻

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 7 หลายเดือนก่อน +2

    පව් අහිංසක මිනිස්සු දැක්කම හිතත් මොනාදො උනා
    හැම විඩියෝ එකකම පුලුවන් අයගේ ☎ නම්බර් එක දාන්න සර් අපිට වැදගත් ❤

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 5 หลายเดือนก่อน

      ඒ මිනිස්සු නගරයේ තැන් තැන්වල ඉන්න මිනිස්සු වගේ අනුන්ට අත පාන අය නොවේ. නිරහංකාර ගැමි ජනතාව. බොහෝ දෙනෙක් නිර්ව්‍යාජ යහපත් අය. නගරය ජනතාව වගේ ඔවුන් පීඩාවට පත්වී නෑ.

  • @PriyadariPires
    @PriyadariPires 6 หลายเดือนก่อน +1

    API mathugama pimbure kadu wala widio akak karamuko .lassanai aiye

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 6 หลายเดือนก่อน +1

    I ❤️ TO SRI LANKA

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt 7 หลายเดือนก่อน +3

    සුන්දර අවයාජ මිනිස්සු සමග වැඩසටහනක් ❤❤❤❤❤😍😍😍😍

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 7 หลายเดือนก่อน +2

    මේ දිව්‍යා ඖෂධ වල වටිනාකම කොහොමද වචනෙන් කියන්නෙ.... ❤❤❤❤
    ගොඩාක් විකිණෙන්න ඕනෙ අම්මලා තාත්තලාගේ මේ ඖෂධ ආහාර...අවිහිංසක අව්‍යාජ මුහුණු....🙏
    මෙයාල කොච්චර දුක් විඳිනව ඇද්ද අපිට ලස්සනට පෙනුනට...
    අපි
    කවදාවත් අහල දැකලවත් නැති ඖෂධ...පළාකොළ...
    මේ වගේ දෙයක් ඉදිරිපත් කල ඔබසැමට බෙහෙවින් ස්තුතියි ... ගොඩක් වටිනා වැඩසටහනක්....

  • @tharindudasantha9288
    @tharindudasantha9288 7 หลายเดือนก่อน +4

    අහිංසක මිනිස්සු පව් ඉතින් ❤

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o 7 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එක නම් ගොඩක් ලස්සනයි අයියේ අහින්සක මිනිස්සුන්ගෙ ජීවිත ඒවගේම වසවිස නැති ආහාර ගොඩක් වටිනව.

  • @dilrukchanna8797
    @dilrukchanna8797 7 หลายเดือนก่อน +3

    වැඩසටහන් කරන්න ඕනේ ඔහොමයි

  • @sanjayakumara4304
    @sanjayakumara4304 6 หลายเดือนก่อน +1

    ❤බුදුසරණයි ❤

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 5 หลายเดือนก่อน

    සියලුම දෙනාටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 7 หลายเดือนก่อน +2

    අවංකවම කියනවානමි හරිම ලස්සන වැඩ සටහනක් ...අපි සති පොලකට ගියාම හැම දාම දකින දෙ එකම එළවළු දැකලා දැකලා හරිම අප්පිරියයි ... නමුත් මෙ අහිංසක අමිමා තාත්තලා වෙලදාමි කරන දෙවල් දැක්කාම හිතට දැනෙන්නෙ හරිම සතුටක් ... අපි නොදන්නා නොකන පලා වර්ග කොයිතරම් මෙතන දකින්න තියෙනවා ද ... අපෙ ගෙවතුවල අපි ආහාරයට නොගන්නා පලා වර්ග කොයි තරමි මෙ වෙල පලේ දකින්න තියෙනවාද ... එකම හිතට සතුටක් ... වෙලදාමි කරන සියලුම අමිමලා තාත්තලාට නිදුක් නිරොගි සුවය ලැබෙවා බුදු සරනයි 🙏🙏🙏

  • @rashi9417
    @rashi9417 7 หลายเดือนก่อน +5

    ශෝක් ආසාවේ බැ ❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 7 หลายเดือนก่อน +4

    ආලන්ගා අදි ප්‍රෝටීන් බෝන්චි වගෙමයි රස

    • @Rose-xo8mx
      @Rose-xo8mx 7 หลายเดือนก่อน +1

      Attda api poledi deprk dekke gtte ne

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 7 หลายเดือนก่อน +7

    අලගොබ ඇඹුලක් කන්න ත් ආසයි

    • @asankanihal5279
      @asankanihal5279 5 หลายเดือนก่อน

      Mat.asai.aurdu.10.kin.vitara.kala.na.man

  • @chagedara3045
    @chagedara3045 7 หลายเดือนก่อน +2

    නිවේදක තුමා... අයේ මෙහෙම කරනකොට ...හැමෝගෙම නම ..ගම ..වයසත් අහන්න.. එතකොට මේ වැඩේ තවත් හොදට යවී....

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 หลายเดือนก่อน +3

    අව්‍යාජ මිනිසුන්ගෙ එකතුවක්.බොහොම අපූරුයි.

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 7 หลายเดือนก่อน +5

    අපේ අම්මා දැරනියගල කොස්ගහකන්දේ...

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 7 หลายเดือนก่อน +6

    ගොඩක් කැමැත්තෙන් බලපු වීඩියෝවක්...💐💐💐💐💐මේ වයෝවෘද්ධ හැමදෙනාටම දීර්ඝායුසම්පත් සාක්ෂාත් වේවා..නිදුක් නිරෝගී වේවා...🙏

  • @SamsungM-jc3vw
    @SamsungM-jc3vw 6 หลายเดือนก่อน +1

    නගා මැරෑ අල තියනවානමි කියන්න .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉 සුපිරි වැඩක් 🎉🎉🎉🎉 හොඳ වටිනා වැඩක් 🎉🎉

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 6 หลายเดือนก่อน +1

    ඔබතුමටත් වේඩි තියයිද දන්නෙ නැ ..PHI මහත්තයට වගේ ..ගුණ දෙවල් පෙන්නන නිසා ..පරාස්සමේන් මහත්තයො 🙏

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 6 หลายเดือนก่อน +1

    ඔබ දන්නබව පෙන්නන්න ගිහින්, මිනිස්සු ඉදිරියේ හෑල්ලුවට ලක් වෙන්න එපා, දන්නෙ නැත්නම් අහල දැනගන්න.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 6 หลายเดือนก่อน +1

    දැන් බොහොම දෙනෙක් ඉතාම ගුණ දායක වත්තේ පිටියේ හැදෙන කොළ වර්ග අවාසනාවට අඳුරන්නෙ නැහැ. (මැණික් ගලේ පය හැපුනට කනා ඇහිඳලා ගනීද? ) මේක තමයි කියන්න තියෙන්නෙ...........ටීවී එක ෆෝන් එක ඊට වැඩිය ලොකුයි 😢

  • @sandyakumari5011
    @sandyakumari5011 7 หลายเดือนก่อน +2

    පව් මිනිස්සු ඒත් ගොඩාක් පින්සිද්ද වෙනවා ඒ පිනෙන් නිදුක් නිරොගී සුවය අත්වෙවා

  • @manjulaprasad-xr1kc
    @manjulaprasad-xr1kc 6 หลายเดือนก่อน +2

    බොරු නැති ,ලොකුකම් නැති ,පුහු ආටෝප නැති අපේ මිනිස්සු

  • @nilminifernando5548
    @nilminifernando5548 7 หลายเดือนก่อน +2

    මගේ ලොකැම හිනයක් සර් මෙවැනි දෙය වගා කරන්න මම මෙි පොලට ජනතාවට හිස නමා මුලු හද පත්මෙිම සතැති කරනවා 🙏🇱🇰🤗 අපේ රටෙි තරමි පෝසනික ආහාර බෙහෙත් වෙන රටවල හගයි ❤️🤗 ගොඩක් වටිනවා මෙි පොල 🇱🇰🙏 දකින්න ලැබිම විසාල වාසනාවක්

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 6 หลายเดือนก่อน +2

    සුන්දර ගමක වටිනා ඕෂද පලා වර්ග... තෙරුවන් සරණයි

  • @watvijayanthi5522
    @watvijayanthi5522 7 หลายเดือนก่อน +3

    කහට අගල අල.ඒවට එහෙම කියන්නෙ අගලක් කහට තියෙයි රහිද්දි අගලක් රහින්න ඕනෙ.