සංසාර ප්‍රෞර්තිය පැනවෙන ආකාරය ~ Most Venarable Watagoda Maggavihari Thero.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2024
  • සතර ආහාර. කබළීකාර - ඵස‍්ස - මනොසඤ‍්චෙතනා - විඤ‍්ඤාණ
    ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
    From: “IIT International Institute of Theravada Global”
    ~ චත්තාරෝ ආහාරා, කබළීකාරෝ ආහාරො, ඵස‍්ස ආහාරො,
    මනොසඤ‍්චෙතනා ආහාරො, විඤ‍්ඤාණං ආහාරො තී ~
    1. කබලිංකාර නම් වූ ආහාරය - පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ස්වභාව ඇති තැන හට ගන්නා වර්ණ, ඝන්ධ, රස, ඕජා. ගොරෝසු හෝ සියුම් හෝ අනුභව කරන කෑම බීම වර්ග කබලිංකාර ආහාර යි. දෙවියන් ආදී සියුම් ශරීරවලින් යුතු සත්වයන් සියුම් ආහාර අනුභව කරති. මිනිසුන්, තිරිසන් සතුන් ආදී ගොරෝසු ශරීරවලින් යුතු සත්වයන් ගොරෝසු ආහාර අනුභව කරති. මේ කබලිංකාර ආහාරවල පංචකාම ගුණයන් ම තිබේ. ආහාරය ඇසින් දුටු විට ඇල්ම හටගනී. ආහාර ගැන කථා කරන විට (කනින් අසන විට) ඇල්ම හටගනී. ආහාරයේ සුවඳට ඇල්ම හටගනී. දිවට රස දැනෙන විට ඇල්ම හටගනී.
    2. ස්පර්ශය නම් වූ ආහාරය - ස්පර්ශය යනු කරුණු තුනක එකතුවකි. එහි ආකාර සයකි. ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් එකට එකතුවීම ඇසේ ස්පර්ශය යි. කනත් ශබ්දයත් කනේ විඤ්ඤාණයත් එකතුවීම කනේ ස්පර්ශය යි. මේ අයුරින් නාසයේ දිවේ කයේ සහ මනසේ ද ස්පර්ශය හටගනී. මේ ආයතන හය මුල්කරගෙන ස්පර්ශය හටගැනීම නිරන්තරයෙන් ම සිදුවේ
    3. මනෝසංචේතනාව නම් වූ ආහාරය - චේතනා පහළ කිරීම ද සසර පැවැත්ම පෝෂණය කරන ප්‍රධාන සාධකයකි. ආහාරයකි. ඇසින් දකින රූප කෙරෙහි චේතනා පහළ වෙයි. කනින් අසන ශබ්දයට අනුව චේතනා පහළ වෙයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනුව චේතනා පහළ වෙයි. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ වෙයි. කයට දැනෙන පහසට අනුව චේතනා පහළ වෙයි. මනසට සිතෙන අරමුණුවලට අනුව චේතනා පහළ වෙයි. මෙසේ ආයතන හය ඔස්සේ එන අරමුණුවලට අනුව චේතනා පහළ වීම නිරතුරුව සිදුවේ.
    4 විඤ්ඤාණය නම් වූ ආහාරය - ‘විඤ්ඤාණ’ යනු දැන ගැනීමයි. ඇසින් රූප දැනගැනීම ඇසේ විඤ්ඤාණය යි. ඇසත් රූපත් නිසා ඇසේ විඤ්ඤාණය හටගනී. කනත් ශබ්දයත් නිසා කනේ විඤ්ඤාණය හටගනී. නාසයත් ගඳ සුවඳත් නිසා නාසයේ විඤ්ඤාණය ද, දිවත් රසයත් නිසා දිවේ විඤ්ඤාණය ද, කයත් පහසත් නිසා කයේ විඤ්ඤාණය ද, මනසත් අරමුණුත් නිසා මනසේ විඤ්ඤාණය ද හටගනී. විඤ්ඤාණය ද හට නො ගන්නා මොහොතක් නැත.
    මාර්තු 13, 2024
    ▶️ Link: • 2. විශේෂ ධර්‍ම දේශණා ම...
    ▶️ Link: • 1. විශේෂ ධර්‍ම දේශණා. ...
    ▶️ IIT Facebook page ; 🖇️ e/14vbVO128
    ▶ IIT TH-cam channel ; 🖇️ th-cam.com/users/livecrJltr-i-lw
    ▶ IIT ZOOM account ; 🖇️tinyurl.com/56h3xd7b 🆔 Zoom ID : 526 900 5415 🗝 Password: dhamma ➨
    👥 නිල ෆේස්බුක් පිටුව 🖇️ : / instituteoft. .
    🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️ : / iitinternationalinstituteoftheravada
    🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️ : t.me/iit_si_sl
    🖥️ නිල වයිබර් නාලිකාව 🖇 : tinyurl.com/35jz7vdv
    👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group) 🖇️ : t.me/+yKF33uPfWJxiNTFl 📞 තාක්ෂණික සහය සඳහා ➠
    📩 විද්‍යුත් තැපෑල 🖇️ : inst.theravada@gmail.com
    📲 වට්ස්ඇප් 🖇️ Technical assistance: wa.me/94760370189
    📲 ටෙලිග්‍රෑම් 🖇️Technical assistance : t.me/IITtechnicalassistant
    Heenetikalma, Karuwalagaswewa, Sri Lanka.
    Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614.

ความคิดเห็น • 8

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 หลายเดือนก่อน +1

    ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!

  • @karunadiyabalanage9794
    @karunadiyabalanage9794 4 หลายเดือนก่อน

    තෙරැවන්සරණ යි ස්වාමීන්වහන්ස
    සාදූ. සාදු සාදූ

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 หลายเดือนก่อน +1

    ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්ස, ඉතා වටිනා ධර්ම දේශනාවක්. ඔබවහන්සේට මෙවන් ශාසනික මෙහෙවර ඉටු කිරීමට අවශ්‍ය චිත්ත ශක්තිය සහ සමාධිය තව තවත් වර්ධනය වේවා!! සාධු !සාධු !සාධු!

  • @devinipriyanka642
    @devinipriyanka642 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @lakshmanmalawathanthrige
    @lakshmanmalawathanthrige 3 หลายเดือนก่อน

    සාදු සාදු,සතර ආහාරයන් පිළිබඳ අවබෝධය. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු,

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 หลายเดือนก่อน

    පිං වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වෙවා,,,, සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේ වා,,, සම්මා සම්බුදු සරණයි,,,

  • @singithiwithanage9080
    @singithiwithanage9080 2 หลายเดือนก่อน

    🙏🙏🙏