ඔබ ජීවිත 5ක් වෙනුවෙන් එක් ජීවිතයක් බිලි දෙනවාද?- ජීවිතයට දර්ශනවාදය යටතේ යුක්තිවාදය සහ උපයෝගිතාවාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 691

  • @NilnethU145V
    @NilnethU145V 2 ปีที่แล้ว +7

    මම හේතු ඵල දහම විශ්වාස කරන කෙනෙක්.
    1.ලීවර් එක අදින්නේ නැහැ.
    2.මහත මනුස්සයාව තල්ලු කරන්නේ නැහැ.
    3.නිරෝගී මනුස්සයාව මරන්නෙ නැහැ.
    පොදුවේ ,
    ඒ එක මනුෂ්‍යය මම උනොත්.වෙන කෙනෙක් මාව ප්‍රාන ඇපයට ගන්නවාට මම කැමති නැහැ,මාව මරනවාට මම කැමති නැහැ.එ වගේම තමයි අනිත් මනුෂ්‍යයෝත්.
    "තමන් කැමැත්තෙන් බිලිවෙන එක.වේනම දෙයක්"
    අනිත් එක,
    විභාගයක් අත ලග තියන්,මම හොදට අවධානයෙන් පාඩම් කලොත් මම විභාගය සමත් වෙනවා.එ මම ඒ සමත්විමට හේතු හදාගෙන ඉන්න නිසා,
    "ඒ හේතු හදපු තරමට ඵල ලැබෙන නිසා"
    මම ඒ කාලයේ සෙල්ලම් කරලා,සතුටෙන් විනෝදයෙන් ඉදලා විභාගයට ඉදිරිපත් උනාට,මට විභාගය සමත් වෙන්න හේතු නැහෑ.
    මගේ අම්මා,තාත්තා,අයියා,අක්කා,උගතුන් උනාට එවා මට Bluetooth වෙන්නේ නැහැ.එතකොට මට ඵල හම්බවෙන්නේ එ විදිහට.
    (හොර පාරෙන් යන්න පුලුවන් එත් එවා තාවකාලිකයී.)
    මනුෂ්‍යයෙක්ට,අකාලයේ මැරෙන්න උනත් ඒ මනුෂ්‍යයා හේතු හදාගෙන නම් තියෙන්නේ ,ඒක එක පුද්ගලයෙකු වෙනස් කරන්න බැහැ.එ කෙනා මගේ ලේ නෑයෙක් උනත්,හතුරෙක් උනත් ඵලය එක සමානයී.
    උදා; සුනාමි
    ඔබට ඔබේ පවුලේ අය ලෙඩ වෙන එක නතර කරන්න පුලුවන්ද? වෙන මනුෂ්‍යයෙක්ව මරලා.(මරනවා නම් කොච්චර මරනවාද?)
    මට මගේ ජීවිතය සම්බන්ධයෙන් තීරන ගන්න පුලුවන් උනාට,මට තව කෙනෙක්ගේ ජීවිතය,හැගීම් එක්ක සෙල්ලම් කරන්න අයිතියක් නැහැ.
    මනුෂ්‍යයෙක්ව මරන්නෙ නැතිව උදව් කරන්න පුලුවන් නම් එ දේ කරනවා.නැත්නම්,ඒ දේකට සම්බන්ධ වෙන්නේ නැහැ.
    එ නිසා එක කරන්නේ නැහැ.

  • @randunuedu5617
    @randunuedu5617 2 ปีที่แล้ว +205

    රාමුව ,science with ruchira සර්ලාගෙ channels අපේ thinking patterns නැවුම් තාර්කික මානයකට බුද්ධිමත් විදියට යොමු කරනවා. ස්කෝලෙ දවස්වල එපාම උන විශයෙ රසය දැන් තමා දැනෙන්නෙ.සර්ලට ගොඩක් පින් මේවා සමාජ ගත කරනවට.❤️

    • @dasuncreation7417
      @dasuncreation7417 2 ปีที่แล้ว +9

      Videokatha channel eka

    • @OshanLakshithaGK
      @OshanLakshithaGK 2 ปีที่แล้ว +2

      Aniwaa

    • @suuurocks3926
      @suuurocks3926 2 ปีที่แล้ว +1

      👍

    • @suuurocks3926
      @suuurocks3926 2 ปีที่แล้ว +1

      @@dasuncreation7417 සම්පත් සර් ගෙ

    • @suuurocks3926
      @suuurocks3926 2 ปีที่แล้ว +2

      @@dasuncreation7417 රමුව රන්දික සර් ගෙ.

  • @sampathwanigasekara7976
    @sampathwanigasekara7976 2 ปีที่แล้ว +133

    ඇත්තටම පාසැල් අධ්‍යාපනය තුළ මේ විෂයයන් ඉගැන්විය යුතුයි.
    මූලික අවස්ථාවේ දීම සිතිවිලි අවධි කර සිතීමට හෑකි පිරිසක් ඇති කිරීම වැදගත්

    • @TheRoyalLion
      @TheRoyalLion 2 ปีที่แล้ว +3

      ඇත්ත​ ❤
      දැන් උගන්නන ඒව නම් *සමහර* දේවල් අප්පිරියයි. සමහර ඒව බොරු කියල පෙනි පෙනි පාඩම් කරන්න වෙලා තියෙන්නෙ 🤧
      P.S. - Highlighted - "සමහර"

    • @Sahan_viranga_hettiarachchi
      @Sahan_viranga_hettiarachchi 2 ปีที่แล้ว +1

      Agree

    • @dinokapeiris7762
      @dinokapeiris7762 2 ปีที่แล้ว +2

      කැනඩාවේ college වල උගන්වනවා.

    • @justinteresting1599
      @justinteresting1599 2 ปีที่แล้ว

      Daffernetl

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว

      ඔව්

  • @harinithilakarathna7640
    @harinithilakarathna7640 2 ปีที่แล้ว +33

    මේ ගැන වැඩසටහනක් එනකම් හිටියේ. මම තමයි පළවෙනියා...

  • @vishakamanel9743
    @vishakamanel9743 2 ปีที่แล้ว +24

    මේ තමයි සැබෑම, අැත්තම " සර් " ලා

  • @talkwithruwanmeepagala7642
    @talkwithruwanmeepagala7642 ปีที่แล้ว +1

    මේ උගතෝකෝටික ප්‍රශ්නය තුල . මගේ උත්තර ය... ...නම් ,,,ඔය හැම තැනකදීම ..මම ඒ අවස්තාවලදී තීරනය කරන එක...තමා මම කරන්නේ...ස්තූතියි ..සර්.ජීවිතය කියල දෙන..අපේ කාලයේ ඇදුරු තුමාට..

  • @Mgktkasun
    @Mgktkasun 2 ปีที่แล้ว +86

    කොරියාව වගේ රටක බහුතරය නිරාගමිකයි..නමුත් ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය තුළින් යුක්තිසහගතභාවය ආගම් තියෙන රටක ජනයාට වඩා වැඩි මට්ටමකට ජනගත කර තියෙනවා..අපේ රටේ බහුතරය තාමත් ප්‍රාථම්කයි.. අලුත් දෙයක් ඉගෙන ගත්තා ..බොහොම ස්තූතියි ❤️...

    • @sumithkothalawala2697
      @sumithkothalawala2697 2 ปีที่แล้ว +3

      අනිවා බ්‍රෝ. මේ වගේ දේවල් තේරුම් අරගෙන දියුනු සමාජයකට යන්න අපි ගොඩාක් ඈතයි.

    • @princeisha1234
      @princeisha1234 2 ปีที่แล้ว +5

      කොරියාව සම්බන්ධයෙන් ඉන්න කෙනෙක් විදිහට මමත් එකගයි,
      ඒකයි මේ රටවල් දියුණු ✌️

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +6

      අපේ රටේ අය නිතරම පන්සලේ හැබැයි යුක්තිසහගත බවනම් නෑ.මම හිතන්නෙ ඒක පන්සිල්වල නැති නිසා වෙන්න ඇති.

    • @51teb
      @51teb 2 ปีที่แล้ว

      ලංකාවේ සහ ද.කොරියාවේ ඇති ආර්ථික මොඩල සහ පසු ගිය සියවසේ ඇති වූ ගැටුම් නිසා මෙම රටවල සමාජීය ගුණාත්මකභාවයන් ගේ අගයන් සැකසී ඇත.
      නිරාගමික තත්වයද ඇතුලුව
      ද.කොරියාවේ දක්නට ලැබෙන වහල් සේවා (කම්කරු) සමාජ මනෝභාවය උ.කොරියාවට (චීනයට) එරෙහිව සෙසු බටහිර ජාතීන් විසින් භාවිතා කරයි.(තායිවානයේ මෙන්)

    • @lakmalabeynayake9536
      @lakmalabeynayake9536 2 ปีที่แล้ว +5

      @@thelife8836 මොනවද නැත්තෙ පන්සිල් වල?

  • @domenic1060
    @domenic1060 2 ปีที่แล้ว +39

    ඔබතුමාගේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි.බුදු දහම තුල ජීවිතය සමග බැඳුණු ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු තිබුණත්,අවබෝදයේ තිබෙන දුර්වලතාවයන් හා පිටතින් ලබාගන්න බලපෑම් නිසා එහි දාර්ශනික පැතිකඩ කාලිනව තොරන්,බෝ ගස් යටට පමණක් සීමා වෙලා.තරුන ප්‍රජාව දාර්ශනික පැතිකඩ ගැන එහෙන් මෙහෙන් කතා කරත් ,ඔවුන්ගේ ප්‍රායෝගික ස්වරූපය සමාජ රැවැට්ටීමකට පමණක් සීමාවී ඇත.ඇති දර්ශනයක් නොමැත....ඒ නිසා ඔබ වැනි සමාජයේ පිළිගත් නිහතමානී පුද්ගලියන් මේ පිළිබඳ ආගමකට අමතරව කරුණු පැහැදිලි කරදීම වටී.රාමුව ඇතුලත මෙන්ම පිටතත් නිවැරැදිම දේ තෝරගැනීමට ඔබට විශාල හැකියාවක් ඇත...✍🤝

  • @JbUkussa
    @JbUkussa 2 ปีที่แล้ว +3

    තව පොඩ්ඩක් ඉවසලා අර අසාද්‍ය ලෙඩ්ඩු 5 දෙනා තමන්ගේ පවුලේ අය කරල නිරෝගි පුද්ගලයා මැරයෙක් ස්ත්‍රි දුෂකයෙක් නැත්තම් දුෂිත දේශපාලකයෙක් දාලා මත විමසුමකට ගියානම් කියල හිතුනා මේ විඩියෝ එකටත් deontology පැත්ත ගැනත් කියල දුන්නනම් කායල හිතුනා. කොහොම උනත් මම බලාපොරොත්තු උනු දේ මට වඩා ඉතාම දැනුම් තේරුම් තියෙන ඔබතුමාගෙන් අපේ ජනතාවට ලැබෙන එක ගැන පුදුම සතුටක් දැනෙනවා සුභ පතනවා රුචිර සර් බලාපොරොත්තුවන රට අපි බලාපොරෙත්තු වන රට මිනිස්සු කිහිපදෙනෙක් හරි හිතන විදිය වෙනස් වෙලා අපිට ලැබෙන්න පොඩි හරි තල්ලුවක් දෙන්න ඔබතුමාට ශක්තිය ලැබෙන්න කියල සුභ පතනවා ස්තුතියි සර්🙏🙏🙏

  • @madurangachamikara6970
    @madurangachamikara6970 2 ปีที่แล้ว +52

    බෞද්ධ දර්ශනය ආගමීකරණය වීම නිසා ආධ්‍යත්මික දර්ශනය යටපත් වෙලා. ඒ නිසා යුක්තිවාදය ක්‍රමවත්ව සමාජගත කල යුතුයි.
    සමාජ ආතතිය අඩු කරන්නනම්.
    Spiritual නොවී religious වීම ගැන සර් දවසක් කතා කලා.

  • @chathurawijewardana2623
    @chathurawijewardana2623 2 ปีที่แล้ว +5

    පාසල් අධ්‍යාපනයට දර්ශනවාදය ඉගැන්විය යුතුයි. ඒකයි මගේ අදහස. මට ඔබතුමාගේ මම බලපු පළවෙනි දර්ශනවාදය video එක බලනකොටම එහෙම හිතුනා.
    ගොඩක් ස්තුති ඔබතුමාට දර්ශනවාදය කියලා දෙනවාට. ❤️

  • @raveenwijesekara111
    @raveenwijesekara111 2 ปีที่แล้ว +10

    Poll එකට vote කරද්දි මේච්චර ගැඹුරු මාතෘකාවක් කියලා හිතුනෙ නෑ
    Thank you!

  • @samalabeygunasekara1839
    @samalabeygunasekara1839 2 ปีที่แล้ว +16

    ඇත්ත ජීවිතයේ මෙහෙම අත්දැකීමකට මුහුණ දුන්නොත් පුදුම විදියට අසරණ වෙනවා. මට උනා එහෙම covid හැදිලා තාත්තා hospital ගෙදර අම්ම, Wife පොසිටිව් Wife 8 month pregnant. තාත්තා සිහි නැති උනා එයා dialisis කරන කෙනෙක් ළඟ ඉන්න කෙනෙක් ඕන කිව්වා hospital එකෙන් covid ward එකට කව්රුත් යන්නෙත් නැහැ ගෙදර දාලා යන්න බැහැ ගෙදර ජීවිත 3 අමාරු උනොත් ගෙනියන්න කෙනෙක් නැහැ. Hospital එකේ තාත්තා තනියම එතැන කිසි කෙනෙක් නැහැ

    • @sithumethu9636
      @sithumethu9636 2 ปีที่แล้ว +7

      ඉතිං ඔබ මොකද්ද ගත්ත තීරණය, සහ පසුව ඇතිවුණු ගැටලු ගැන දැනගන්න කැමතියි

  • @rashmi7028
    @rashmi7028 2 ปีที่แล้ว +12

    ගරු විද්‍යාඥතුමනි, මුලින්ම ඔබතුමාට ගොඩාක් පින් වටිනා කාලය කැප කර මේ තරම් වටිනා...වැදගත් කරුණු නිරවුල්ව පැහැදිලි කර දීම වෙනුවෙන්. 🙏🙏🙏
    මෙහිදී ඔබතුමා අප වෙත යොමු කල පළමු ප්‍රශ්නය වන " බෞද්ධ මතවාදය තුළ යුක්තිවාදයක් ගොඩ නැගෙනවාද? " යන ප්‍රශ්නයට මගෙ පෞද්ගලික අදහස :-
    බෞද්ධ දර්ශනයේ ආභාෂය ලද පුද්ගලයන් පමණක් ලෙස විශේෂයෙන් බෙදා වෙන් කිරීමක් නොකොට *අන්තවාදී නොවන* ඕනෑම ආගමික ආභාෂයකට අනුව හෝ සාරධර්ම සුරකින්නට පුරුදු පුහුණු වී හැදී වැඩුණු පුද්ගලයන් "යුක්තිවාදී" මත දැරීමට ඇති හැකියාවට / නැඹුරුවට ඇති සම්භාවිතාවය වැඩි බව මගෙ අදහසයි.
    පසුගිය ප්‍රශ්න වලට උපයෝගීතාවාදී හා යුක්තිවාදී යන සංකල්ප දෙකෙන්ම පිළිතුරු දුන් ප්‍රේක්ෂිකාවක් ලෙස මා දකින්නේ යම්කිසි තීරණාත්මක මොහොතකදී සෑම තැනකදීම යුක්තිවාදී වී කිසිම දෙයක් නොකර අත පිහදගෙන පසුගාමීව පැත්තකට වෙලා බලා සිටිනවාට වඩා උපයෝගීතාවාදීව සාධාරණයක් ඉටු කළ හැකි හැම අවස්ථාවකදීම අභියෝග භාරගෙන ප්‍රඥාවන්තව කටයුතු කිරීමට හැකි පුරවැසියන් වීමෙන් රටේ සංවර්ධනයට / අභිවෘධියට බලපාන බවයි. සෑම විටම ජාතියක් විදිහට හා රටක්‌ විදිහට යුක්තිවාදී වීම අහිතකර බලපෑම් ඇතිකිරීමේ අවදානමක් ඇති බව මගෙ පෞද්ගලික මතයයි.
    මෙහිදී දෙවැනි ප්‍රශ්නය වන " දර්ශනවාදී සංකල්ප අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ ඉගැන්විය යුතුද? නැත්නම් ආගම් වලින් අපේ ඒ දරුවන්ට අවශ්‍ය කරන දර්ශනවාදී සංකල්ප ඒ දරුවන්ට ලැබෙනවද? " යන ප්‍රශ්නයට මගෙ පෞද්ගලික අදහස :-
    අනිවාර්යයෙන්ම!
    ශ්‍රී ලංකාව බහු සංස්කෘතික රටක් නිසා පාසලක අධ්‍යාපනය හැදෑරීමට පැමිණෙන ශිෂ්‍යය ශිෂ්‍යාවන් විවිධ ජනවර්ග වලට අයත්, විවිධ ආගම් වලට අයත්, විවිධ භාෂා කථා කරන, සුළු පිරිසක් දහම් පාසල් අධ්‍යාපනය නොලබන දරුවන් වීමත්, ආර්ථිකමය වශයෙන්, සාමාජීය පසුබිම් වශයෙන්, දේශපාලනමය මත වශයෙන් එකිනෙකට වෙනස් ආභාෂයන් ලද පිරිසක් / දරුවන් වන හෙයින් තාර්කික චින්තනයකට මනස පුහුණු වෙන... වඩා නිවැරදි හා ස්වාධීන තීරණ ගැනීමට ඉවහල් වන හා පෞර්ෂත්වය සංවර්ධනය කරා ඉවහල් වන මෙම දර්ශනවාදී සංකල්ප ඉගැන්වීම අධ්‍යාපන ක්‍රමයට අනිවාර්යෙන්ම අන්තර්ගත කළ යුතුය. එයින් අපේ දරුවන්ට එම දර්ශනවාදී සංකල්ප ජීවිතයේ විවිධ අවධි වලදී පැන නැගෙන තීරණාත්මක මොහොතකදී ප්‍රයෝගිකව අදාළ කරගෙන තාර්කික චින්තනය තුළින් එම අර්බුද හමුවේ නිවැරදි තීරණ ගෙන නැගී සිට ජීවිතය ජය ගන්නටත් හා පුරවැසියන් වශයෙන් රට සංවර්ධනය කරා ගෙන යා හැකි සමාජයක්‌ බිහි කිරීමට හැකියාවක්‌ ඇති කරන නිසාත්ය.
    අද රටේ පවතින මේ අර්බුදකාරී තත්වය එසේ අතීතයේදී දර්ශනවාදී සංකල්ප නුගත් දරුවන් වීමේ ප්‍රතිවිපාක පැහැදිලි වන හොඳම උදාහරණයක්‌ සපයන අතර, එය මතු පරපුරට සිදුවන්නට නොදී නිහතමානීව හා කරුණාවෙන් නොපමාව කටයුතු කිරීමට හැකි නම් ඔබතුමන්ලා වැනි විද්වතුන්ගෙන් තමන් උපන් මව් බිමට කරන විශාලම සේවය එය ලෙස මම දකිමි.
    ස්තුතියි හා ගොඩාක් පින් මේ ලබා දුන් දැනුමට ඔබතුමාට ගරු විද්‍යාඥතුමනි. තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සැමටම! 🙏🙏🙏

    • @JbUkussa
      @JbUkussa 2 ปีที่แล้ว +1

      දැන් ඔබතුමියට ලේසි වෙයි organ dorner dilemma එකට උත්තරය දෙන්න

    • @rashmi7028
      @rashmi7028 2 ปีที่แล้ว +1

      @@JbUkussa මට ජීවිතයේ ලැබුණු හොඳම අවවාදය ලෙස අදටත් මා සලකන ඔබතුමා එකතරා දිනක පිළිතුරක් ලෙස මට ලබා දුන් " එකම විකල්පය දැනුම, ස්වාධීනව හිතන්න පුරුදු වෙන්න. " යන්නෙහි නියම අර්ථය කුමක්ද යන්න එදාටත් වඩා අද මට හොඳටම අවබෝධ වුණා ගරු වෛද්‍යතුමනි. හැමදෙයකටම ගොඩාක් පින්. තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සැමටම ගරු වෛද්‍යතුමනි. 🥺😇🙏🙏🙏

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +10

    -නියම වීඩියෝ එකක්. මම 25 දෙනෙකු සමඟ කළමනාකරණ පුහුණු වැඩසටහනකට ගියෙමි, ඔවුන් මා හැර අන් සියල්ලන්ම බටහිර ජාතිකයින් වන අතර ඔවුන් ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානි ආගමේ බලපෑමට ලක්ව ඇත. මේ ප්‍රශ්නෙට මම ඇරෙන්න අනිත් හැමෝම කිව්වේ පස් දෙනෙක් බේරගන්න යනවා කියලා. මම මුකුත් කරන්නේ නෑ කියපු එකම බෞද්ධයා මමයි.Great video. I went to a management training program with 25 people all of them are Westerners except me and they were mainly influenced by Christianity. For this question, all except me said they are going to save five people. I am the only Buddhist who said I do nothing.

    • @rohandhanushka79
      @rohandhanushka79 2 ปีที่แล้ว

      යල් පැන ගිය තර්කයක්....හේතුව ඉබේ හටගත්තක් හෝ ඵලය නිසා හටගත්තක් යැයි නිර්ණය කිරීම ප්‍රායෝගිකත්වයෙන් බැහැරය.....මක් නිසාද හේතුව ඉබේ හටගත්තක් කිය සැලකුවොත් එය තව දුරටත් හේතුවක් නොව අහඹුවකි....අනෙක් අතට හේතුව යනු ඵලය නිසා හටගත්තක් යැයි සැලකුවොත් ඵලය හේතුව මත ගොඩ නැගෙන තෙක්... කාලානුරූපව බැලූ කල එය පවතින දෙයක් නොව හේතුව මත පසුවට නිර්මාණයවන දෙයකි.....එනයින් හේතුවක් යම් තැනක ඇත්ද හේතුව යනු බුද්ධිමය ප්‍රකාශනයක් මිස හේතුවක් ඉබේ හට නොගනී.... එයට හේතු දායකයකු සිටිය යුතුවේ ....මක්නිසාද හේතුදායකයා හා හේතුව මත ඵලය හටගනී....
      මේ කතාවම ගතහොත් හේතුවට දායකවූ තුන්වන පාර්ශවය ගැන හිතාමතා මග අරියි....
      එනම් මෙම මිනීමැරීම සැලසුම් කල මිනී මරුවායි........මෙහි හේතුදායකයා එනම්.....පස් දෙනා ගැටගැහුවෙත් එක්කෙනා ගැට ගැහුවෙත් කතාවේ නායකයා වෙච්ච විකෘති මානසිකත්වයකින් හෙබි මිනී මරුවෙක්...( මොකද හයදෙනා මරන්න සැලසුම් කල මිනීමරුවගෙ පරමාර්ථය සියල්ලො මැරීමනම් ඔහු සියල්ලන් බදින්නෙ එකම රේල් පීල්ලෙ ) ඔහුගේ අවශ්‍යතාව වන්නේ....තව පාර්ශවයක් ලවා, එනම්...කතාවට මැදි කරන ඔබ මගින් ඔහු කැමති තීරණ දෙකින් එකකට ඔබව පෙළඹවීම තුලින්.... මරණයට පත් කිරීමට ගැටගසා ඇති පාර්ශව දෙකෙන් එක්පාර්ශවයකගේ මරණයට වගකිවයුත්තා බවට ඔබව පත් කිරීමයි.....නමුත් එහි තුන් වැනි උත්තරයක් ද ඇති බව මිනීමැරීම සැලසුම් කල පුද්ගලයා හට මග ඇරෙයි...එනම් කෝච්චිය එක අයෙක් පමණක් ඉන්න පැත්තට යන අයුරින් පීලි මාරු කර දුවගොස් එම තනි පුද්ගලයා බේරාගැනීමට කටයුතු කිරීමයි.....
      අරය හරිද මෙයා වැරදිද කිය කිය හිත හිත ඉන්න එක නෙවෙයි...හිතන්න යන තත්පර 10ත් ඉතුරු කරන් ඔහුව බේර ගන්න ට්‍රයි කරන එකයි නියම මිනිස්කම....කතාව ටිකක් අලුත් කරාට... ගලපගන්න හැදුවට.... මේ කතාවේ කතා නායකයාගේ (සැලසුම් කරුගෙ නොහොත් නියම මිනිමැරීමට තැත් කරන්නාගෙ) සැලසුම තනිකර අවුල්...

    • @hashendilan3746
      @hashendilan3746 2 ปีที่แล้ว

      ඕක ආගමට සම්බන්ධ දෙයක් නෙමෙයි ගොනෝ😂....එක එක මිනිස්සුන්ගෙ සිතුවිලි වල හැටි....මම ක්‍රිස්තියානි..ඒත් මට පෝල් එකේ වෝට්‍ කරනකොට හිතුනෙ මට අයිතියක් නෑනෙ ජීවිත ගැන තීරන ගන්න, ඒ නිසා මම මුකුත් නොකර ඉන්නවා කියලා....එතකොට ඔයා කියන ආගම සම්බන්ධ තර්කෙ නිකන්ම පැත්තකට විසික් වෙනවා....
      නමුත් සමහර වෙලාවල් මත තීරණය වෙනස් වෙන්න පුලුවන්....☝️

    • @bfgpraboda8727
      @bfgpraboda8727 2 ปีที่แล้ว

      එකගයි. ඔකට ආගමක් ගවගන්න ඔන්නැ.

  • @sisirakumara4770
    @sisirakumara4770 2 ปีที่แล้ว +3

    ඇත්තටම ආගම දහමට නැඹුරු කෙනා යුක්ති වාදී ,මොකද දර්ශනවාදය ගොඩනැගෙන්නේ යුක්තිසහගත මනසක පමණයි ,මම මෙයින් අදහස් කරන්නේ තීන්දු ගැනීම හරිම සාධාරණයි ,කියන එක ගැන

  • @chandimasamaranayake896
    @chandimasamaranayake896 2 ปีที่แล้ว +32

    ඇත්තටම ඔබතුමාගේ දේශන ගොඩාක් වටිනවා.. ඉදිරියටත් මේ වගේ දේවල් ගෙන්න.👍👍👍👍

  • @princeisha1234
    @princeisha1234 2 ปีที่แล้ว +6

    මම ඔබතුමාගේ කැමතිම Video Segment එක තමයි #ජීවිතයට_දර්ශනවාදය,😇
    පොඩි ඉල්ලීමක් තියෙනවා
    හැකිනම් මාසෙකට අවම වීඩියෝ එකක්වත් දාන්න,
    ඇත්තටම මේ මාතෘකා යටතේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා, විශේෂයෙන්ම හිතන්න ගොඩක් දේවල් තියෙනවා,
    ඔබතුමාට බොහොම ස්තූතියි මිනිසුන්ට ජීවිතේ ගැන වෙනස් මානයන් තුලින් හිතන්න පුරුදු කරන්න දරන මේ ව්‍යායාමයට,
    තෙරුවන් සරණයි 🙏🌸💫

  • @mallikawickramathilaka3522
    @mallikawickramathilaka3522 2 ปีที่แล้ว

    ඔබගේ උදාහරණ හා බැඳේ. සත්වයා දඬුවමට අකමැතියි. මරණයට බියයි. එක් පුද්ගලයෙකු මැරුණත් පස්දෙනෙකු මැරුනත් තමන් ගැන සිතා ඔහු මෙයට සම්බන්ධ නොවනු ඇත. ඔහුට යුක්තිය හෝ උපයෝගීතාාව පිළිබඳ හැඟීමට වඩා පලමුව තමන් උපමා කරන බව මාගේ හැඟීමයි.

  • @tharindusalinda5436
    @tharindusalinda5436 2 ปีที่แล้ว +5

    සර්ට ගොඩක් පින්. මම මෙතෙක් කල් මේවා ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් ඉඳියේ. දැන් මට හොඳ අවස්ථාවක් උදා වෙලා තියනවා. ඔබ තුමාට ගොඩක් පින්🙏🙏🙏

  • @dilsam100
    @dilsam100 2 ปีที่แล้ว

    ඔබතුමා හරිම නිහතමානීකෙනෙක්.ඒනිසා මම මොනවා ලිව්වත් ඔබතුමා සොයලා බලාවි.මනසින් කරන්නේ මැනීම.තමන් කැමති දේ ප්‍රිය[රාගය] හා අකමැති දේ අප්ප්‍රිරි[ද්වේශය] අතර කරන මැනීමක් මේක. ලෝකය පිලිබඳව ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම නිසා[මෝහය] මුල්කර ගෙනයි මෙය සිදුකරන්නේ.නමුත් තමාගෙ ලෝකය හේතු ඵල ධර්මතාවයක්.ඒනිසා ධර්ම මාර්ගය අනුගමනය කරනවා නම් කලයුත්තේ හේතු-ඵල ධර්මයට බහා ගලපාබලා, ණය-විනය කර ලෝකයෙන් මිදී නිදහස් වීමය.මේසඳහා සද්ධර්මය අසා ධර්ම ඤානයද එයින් ප්‍රඤ්ඤාවද අවදිකරගත හැක .සුවපත්වේවා෴

  • @dananjaperera7922
    @dananjaperera7922 ปีที่แล้ว

    බුදු දහමට අනුව මගේ පැහැදිලි කිරීම.
    කර්මය යනු චේතනවය් යන බුද්ධ වචනය මේ උභතතෝකෝ ටිකයේදී මට මුලික වෙනවා.
    මුල් අවස්ථා දෙකේදීම 5 දෙනෙක් බේරගන්න පුද්ගලයා බිලිදෙනවා. මගේ චේතනාව 5ස් දෙනෙක් බේරා ගැනීම.
    3වෙනි අවස්ථා ව වෙනස්. 5 ස් දෙනෙක් ඉන්නවා 5 ස් ආකාරයක දරුණු අබාධ. මෙවන් පරිසරයක සුවිශේෂ පුද්ගලයෙක් ඉන්නවා, ඉන්ද්‍රිය 5 ම වැඩ කරන. ඔහු සුවිශේෂ පුද්ගලයෙක්. කර්මානුරූපව ඉන්ද්‍රිය 5 ට හිමිකරුවෙක්. ඔහුගේ කර්මනුරුප කුසලතාව මා පිලිගන්නවා. එය ඔහු කැපවීමෙන් ලබා ගත් දෙයක්. ඔහුගේ අයිතිය ඔහුට දෙනවා. 5 ස් දෙනා කුසලතාව අඩු අය. තමන් ගේ කුසලතාව අනුව ජීවත්වීම, මරණය තීරණය වෙනවා.

  • @prabhashwarapreamarathna284
    @prabhashwarapreamarathna284 2 ปีที่แล้ว +2

    මම 11 වසරෙ.ස්කෝලේ දර්ශනවාදය කියලා විශයක් හැදුවනම් ඔලුව සුපිරියටම හදාගන්න පුලුවන්.අපිට නම් council කියලා පීරියඩ් එකක් තියනවා ඒකේ එහෙම ලොකුවට දර්ශනවාදයක් නම් කියල දෙන්නෙත් නෑ.සර් වගේ ගුරුවරු ස්කෝලවල ඉන්නවනම් නියමයි.මාත් සර්ගේ එහෙම වීඩියෝ බලලා තමා ඔලුව හදා ගත්තෙ එදා ටීවී එකේ ගිය වැඩසටහනත් බැලුව(ජ්‍යාමිතිය ගැන).තව මේ වගේ වීඩියෝස් දාන්න සර්😘😘

  • @minidumuthumalee9807
    @minidumuthumalee9807 ปีที่แล้ว

    ඇත්තෙන්ම ශිෂ්‍යයෙක් විදියට ඔබතුමාගේ මේ දර්ශනවාදය පිළිබද ඉගැන්වෙන video මාලාව නොකඩවා නරබානවා.දර්ශනවාදී අදහස් මගේ ජීවිතයට ගැඹුරින් බලපාන බව වටහා ගත් නිසා මෙම video මාලාව තුල කියවෙන සියළුම විශේෂ අදහස් හා කරුණුවල සාරාංශය ඇතුලත් පොතක් පවත්වාගෙන යනවා. එ කරුණු මත පදනම් ව මගේ අදහස් සහ ඉදිරි වැඩ කටයුතු වලට අදාළ පියවර සැලසුම් කිරීමේදීත් මේ ඉගැන්වෙන කරුණු ද සම්බන්ද කර තිබෙනවා. ඉතින් ඉදිරියටත් අද්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක් විදියට මට මේ තරම් මේ කරුණු සහ අදහස් වටින නිසා මන් හිතනවා අද්‍යාපනය ලබන සියළුම සිසුන්ට දර්ශනවාදය පිළිබද දැනුමක් ලැබේ නම්.. ඔව්න්ගේ ජීවිතයටත් එය නිසැකවම යහපත් ආකාරයට බලපාවි. ලංකාවේ අද්‍යාපනය ක්‍රමවේදයට මෙවැනි වැදගත් විෂයක් එක් කරනවා නම් ඇත්තෙන්ම වටිනවා. අද්විතීය, විශිෂ්ට සහ උතුම් කරුණු මත පදනම් දර්ශනවාදය ඉදිරියටත් හැදෑරීමට බලාපොරොත්තු වෙනවා. ඔබතුමා මේ කරන සේවයට ගරු කරනවා. මෙවැනි වැඩසටහන් මගින් සියළුම දෙනවා දැනුවත් කර දියුණු සහ නිවුණු සමාජයක් ගොඩ නැගීමට සියළුම දෙනාට ආරාදන කරනවා. තෙරුවන් සරණයි 🙏🤍

  • @gayandilepa2999
    @gayandilepa2999 2 ปีที่แล้ว +2

    150000ට තව ටිකයි...ජයවේවා සර්... සතුටුයි මේවගේ වැදගත් දේවල් බලන අයත් මේ රටේ ඉන්නඑක ගැන

  • @mthissera9946
    @mthissera9946 2 ปีที่แล้ว

    ප්‍රශ්නය තමන්ගේ වෙනකොට උත්තරය දාර්ශනිකයි.

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว +3

    උගත් බුද්ධිමත්ශෙු්ෂ්ඨයාගේ වටිනා පැහැදිළිකිරිම වෙනුවෙන්, ස්තුතියි.............

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +3

      :-), ස්තුත්යි, නමුත් ඔබට මාව ඇත්තටම හමු උනොත් තේරේවි ඔය කියන එකක් වත් මම ළඟ නැති බව

    • @gayandilepa2999
      @gayandilepa2999 2 ปีที่แล้ว

      ඒකත් ඔබතුමා ගේ නිහතමානී කම

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว

    තමා උපමා කොට අනෙකාව දැනෙන්නට වූයේ ද වැඩියෙන් කතා කරන්නට දෙයක් වේද .🔑
    තමා දෙසටම හැරෙන්න .තමා කව්ද කියා නුවනින්ම සොයාගන්න .
    මෙතෙක් තමා රෑකඩයක් ලෙසින්ම අනුන් ගෙන් යැපෙන්නන්ට වූ බවද,
    තමාට අවංකව තමා ට ගෞරවනීය විම පිනිසම කලයුත්ත කරන්නට තමාගේ හඬට සවන් දෙන්න .
    සුවපත්වෙත්වා උත්තම මිනිසානනි.🙏

  • @prabashmarasinghe9750
    @prabashmarasinghe9750 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි.
    දර්ශනවාදය අද්‍යාපන ක්‍රමය තුල ඉගැන්විය යුතු බවයි මගේ මතය. ආගම තුලිනුත් දර්ශනය ලබාගත හැකියි. නමුත් ස්තිරසාර සමාජ ක්‍රමයක් සදහා දර්ශනවාදය අද්‍යාපන ක්‍රමය තුල ඉගැන්විය යුතුයි.

  • @kanchanabro3758
    @kanchanabro3758 2 ปีที่แล้ว +4

    ඇත්තටම පාසැල් අධ්‍යාපනය තුළ මේ විෂයයන් ඉගැන්විය යුතුයි.

  • @bharanaYa
    @bharanaYa 2 ปีที่แล้ว +9

    මම හිතනවා මේ දර්ශන වාදය ගැන පාසල් තුල ඉගෙනගන්න ලබා දිය යුතු බව..මක්නිසාද යත් සෑම ආගමක් තුලින්ම පිලිබිඹු කරන දර්ශනය එකිනෙකට වෙනස් බැවින් එලෙස සිදු කරන්නේ නම් හොද යැයි මම සිතනවා..

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 2 ปีที่แล้ว +2

    ඔබතුමා ට සවන් දීම භාවනාව ක් වගේ . අනේක වාරයක් ස්තුතියි 🙏

  • @sisinindupriyajanaka1339
    @sisinindupriyajanaka1339 2 ปีที่แล้ว +13

    ඉතාම වැදගත් සර්.. මෙම සංකල්ප පාසල් තුළ ඉගැන්වීම අත්‍යවශ්‍ය කාරණයක්..

  • @hiransilva5759
    @hiransilva5759 2 ปีที่แล้ว

    මම වෘත්තියෙන් ගුරුවරයෙක් .
    ඔබතුමාගේ වීඩියෝව ඉතාම වැදගත් .
    ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ රටේ අධ්‍යාපනය තුළ මෙම දර්ශනවාදී සංකල්ප භාවිතා වන්නේ නෑ .
    ඒ නිසා දේශපාලන සාක්ෂරතාවය ඉතාමත් අඩු ජනතාවක් තමයි අපේ රටේ ඉන්නේ .
    එමෙන්ම සිය දිවි නසා ගැනීම ද ඉතා ඉහළ මට්ටමක පැවතීමට මෙම තත්ත්වය හේතුවක් කියලා මම හිතනවා
    අපේ සමාජය දියුණු සමාජයක් බවට පත් කරන්න නම් මිනිස්සුන්ට එදිනෙදා මුහුණ දීමට සිදුවන ගැටලු විශ්ලේෂණය කර ගැනීමේ හැකියාවක් පැවතිය යුතුය.බොහෝ දෙනෙකු තමන් මුහුණ දෙන ගැටලු මතුපිටින් අවබෝධ කරගැනීමක් පමණක් සිදුවන බව පෙනේ

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 2 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුතියි බොහොම හරවත් දැනුම බෙදා දීමක්. මගේ අදහස නම් දර්ශන විද්‍යාව ඉතා වැදගත් මනුෂ්‍යයාගේ පැවැත්ම සඳහා.එම නිසා දරුවන්ට දර්ශන විද්‍යාවේ දැනුම ලබා දීම ඉතා වැදගත්.

  • @isharapriyandani1576
    @isharapriyandani1576 2 ปีที่แล้ว

    මෙකෙදි පුද්ගල වටිනාකම ජිවිත ප්‍රමනය මත තිරනය කල නොහැකි නිසා ස්වභාවධහමට අනුව සිදු විය යුත්ත සිදු විමට ඉඩ හෙරිම

  • @Virajelpitiya1111
    @Virajelpitiya1111 2 ปีที่แล้ว +8

    බොහෝම අර්ථවත් කතාබහක්.. දර්ශනවාදය අද සමාජයට බෙහෙවින් වුවමනා බුද්ධිමය සංකල්පයක්. ඔබතුමාට බෙහෙවින් ස්තුතී.❤🙏

  • @harinithilakarathna7640
    @harinithilakarathna7640 2 ปีที่แล้ว +11

    මම දීපු උත්තර ගැලපුනෙත් යුක්තිවාදයට තමයි.... බුදු දහමේ කියලා තියෙනවා අනුන්ගේ ජීවිතයක් අපිට නසන්න බෑ කියලා .. ඒක පන්සිල් වලට අයත් කරලත් තියෙනවා... දර්ශනවාදය වෙනම දරුවන්ට කියා දෙන්න තිබුනොත් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ... දහම තුළින් දර්ශනවාදය දැන ගත්තට ඒ දැනගැනීම සම්පූර්ණ නැහැ වගේ... දර්ශනවාදය දැන ගත යුත්තේ A-Z කියලා තමයි මට හිතෙන්නේ ....

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 2 ปีที่แล้ว +1

    සරලවම සර්,මම මගේ රාජකාරිය හා සේවය ධර්මය ට එකගව කරනව එචිචරයි ,මෙි හැම දර්ශනය ක්ම බුදු දහමෙි තියනව,

  • @harith_sashrika8373
    @harith_sashrika8373 2 ปีที่แล้ว +2

    හැමදේම හිනා වෙලා අපිට කියලා දෙන එකට ගොඩාක් ගරු කරනවා සර් ❤👍

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ වටිනා වැඩසටහනක් අප වෙත ගෙන එනවාට.. මගේ අදහස් මෙසේ පළ කරන්නම්..
    බෞද්ධ දර්ශනය බොහෝසෙයින්ම යුක්තිවාදී ස්වරූපයක් ගන්නා බව තමයි මටත් හැඟෙන්නේ.. 'තමා උපමා කොට බලන්න' යන්න බෞද්ධ දර්ශනයේ එන ප්‍රධානම ඉගැන්වීමක්.. ඔබතුමා මෙහි ඉදිරිපත් කළ paradox තුනටම මා විසින් තෝරා ගනු ලැබුවේ යුක්තිවාදී පිළිතුරයි.. මා තරමක් දුරට බෞද්ධ දර්ශනය හදාරා ඇති සහ බොහෝ සෙයින්ම බෞද්ධ දර්ශනය විශ්වාස කරන අයෙක්..
    සාමාන්‍ය මිනිසුන් වශයෙන් ජීවත් වීමේදී දර්ශනවාදය අපිට අතිශයින්ම වැදගත් වෙනවා.. තීරණ ගැනීමේදී මෙන්ම ඕනෑම සිද්දියකදී අන් අයව තේරුම් ගැනීමටත් දර්ශනවාදය වැදගත් වෙනවා.. එමනිසා අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනය තුළ දර්ශනවාදය විෂයක් ලෙස ඉගැන්විය යුතු බවයි මගේ අදහස.. ආගම් ඉගැන්වීම් හෝ දහම්පාසල් තුළින් යම් අයුරකින් දර්ශනවාදය දරුවාගේ මනසට ලැබුණත් එය ක්‍රමවත් බවක් නොගන්නා බවයි මගේ අදහස.. එමනිස අනිවැරදි විශය පථයක් හා ඉගැන්වීම් රටාවක් තුළින් දර්ශනවාදය ඉගැන්වීම ඉතාම වටිනා බව මට හැඟේ..

  • @JR-gk8du
    @JR-gk8du 2 ปีที่แล้ว +11

    යුක්තිවාදියෙක් වීම පිලිබද දුකක් නෑ.😊

  • @wishwadulanjana876
    @wishwadulanjana876 2 ปีที่แล้ว +10

    චේතනාහං භික්කවේ කම්මං වදාමි ❤️

  • @poornajith3d286
    @poornajith3d286 2 ปีที่แล้ว +2

    අවශ්‍ය කරන සියලුම සංකල්ප බෞද්ධ ආගම තුළ තිබුනත් ඒවා පිළිබඳව කතාකරනවා හෝ හරි දැනුමක් / වැටහීමකින් දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඉතාම අඩුයි. දේශනා කරත් ඒවා තේරුම් ගන්නා අයත් ඉතාම අඩු නිසා ඒ සංකල්ප යටපත් වෙලා ගිහින්. ඒ නිසා එවැනි සංකල්ප පාසල් විෂය ධාරාවට ඇතුළු කරන එක ඉතාම වටිනව. ( හැබැයි ඒවා නිවැරදිව උගන්නන ගුරුවරු ප්‍රමාණයත් ඉතා අඩු වේවි ).
    බණ කතා, ජාතක කතා , කෙටි කතා සුරංගනා කතා අපි පොඩි කාලෙ ආසාවෙන් අහපු හැම කතන්දරයකම වාගේ ඇතුළාන්තයේ මේ සංකල්ප තියනවා.
    Disny films, cartoons වලත් හරිම ලස්සනට මේ සංකල්ප සැඟවිලා තියනවා. 🔥

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      හ්ම්, ඔබ අලුත්ම මානයක් ගොඩනැගුවේ. බොහොම ස්තුත්යි

    • @poornajith3d286
      @poornajith3d286 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira Thank you sir

  • @pradeeprandika1597
    @pradeeprandika1597 2 ปีที่แล้ว +5

    බොහෝමත්ම ස්තූතී සර් මෙවැනි සංකල්ප පිළිබඳ සමාජය දැනුවත් කරනවට ! 🙏
    පාසල තුල දර්ශනවාදය ගැන විධිමත් අධ්‍යාපනයක් ලබා දීම ඉතාමත් වටිනවා.. එය අනෙකා තෙරුම් ගැනීමට, යහපත් සමාජයක් ගොඩ නැගීමට හොද අත්තිවාරමක් වනු ඇති....

  • @powertrendingnetwork2074
    @powertrendingnetwork2074 2 ปีที่แล้ว +4

    මෙම සිද්දියේ මුල් ක්‍රියා කිසිවකට මම සම්බන්ද නැහැ එ නිසා මම මුකුත් නොකර සිටිමි. මෙම අවස්තාවේ උතුම්ම ක්‍රියාව නිකම් සිටීම බව මගේ මතයයි . කර්මය මත පමනක් පදනම්ව තීරණ ගැනීම පටුයි. ඔබේ අදහස දක්වන්න.

    • @kevin_D21
      @kevin_D21 2 ปีที่แล้ว +1

      ඔව්.
      අහක යන නයි ඇගේ ගහගෙන හති!
      මොකුත් කරන්නෙ නෑ

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว

      මමත් මොකුත්කරන්නෑ ඒත් මගේ හදවතට ඒ සිදුවීමෙන් ගැලවීමක් නම් නැති වෙයි.මගේජීවිතය නැති වෙනකම්ම මට ඒක බුර බුරා මතක් වෙයි.සමහරවිට ඒක ඒ අයගෙ කරුමයටත් වඩ් මගේ කර්මය.(මානසික විදවීම.)😥🙏

  • @frankkeshan4101
    @frankkeshan4101 2 ปีที่แล้ว

    සර්
    සර්ගෙ video මම ආසාවෙන් බලනවා. අදහස් ටිකක් comment කරන්න හිතුනා. සර් මෙහි සදහන් කර මිනිසුන් සියලුම දෙනා සමානයි කියල හිතල මම උත්තර දෙන්නම්. ඒක ලේසියි.
    පළමු පරීක්ෂන 3න් 3ම මම දරන්නේ යුක්තිවාදයයි.
    හේතු 👇
    1 කෝච්චිය යන පීල්ල දැනගැනීම එයාලගේ වගකීමක් නිසා.
    2 ඉහත හේතුවම තමයි.
    3 එයාගෙ අවයව ගලවලා අනිත් අයට සවි කිරීම යුක්‍ති සහගත නැති නිසා ( මේ ගැන කියන්න පුලුවන් මෙච්චරයි 🙂)
    4 වැඩිහිටියන්ට අත්දැකීම් තියෙනවා උනත් මේකට පැහැදිලි උත්තරයක් දෙන්න අමාරුයි.
    බුදුදහම මටනම් දර්ශනයක්. කර්මය එක හේතුඵලවාදයක් විතරයි නේද. කෙනෙක් කරන කෙනෙක්ට උන වැරදි අඩුපාඩු වලට වෙනකෙනෙක් වන්දි ගෙවන්නේ ඇයිද යන්න මගේ මතයයි.
    පරශ්නය තමාගේ නොවන තාක් පිලිතුර දාර්ශනිකයි. ඒ නිසයි මම සියලුම පුද්ගලයන් සමානයි කියා පිලිතුරු සැපයූවේ..
    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @suchiranamina3502
    @suchiranamina3502 2 ปีที่แล้ว +21

    ඔතන තීරණයක් ගන්නකොට අපි බලන්න ඕනෙ ඒකට මුහුණ දෙන අයගේ කෝණයෙන්.එක්කෙනෙක් හිටියත් පස්දෙනෙක් හිටියත් වේදනාව කියන එක දැනෙන්නෙ තමන්ට තනි තනියෙන්.එහෙම බැලුවාම ඔතන පස්දෙනෙක් කෝච්චියට යට වෙනඑකෙයි එක්කෙනෙක් යටවෙන එකෙයි වෙනසක් නෑ.මොකද එතන තනිකෙනා යට වුනොත් එයාට දැනෙන විදිහටම තමයි පස්දෙනෙදා යට වුනොත් එතන ඉන්න අයට තනි තනියෙන් දැනෙන්නෙ.කෝච්චිය මොන පාරේ ගියත් ඒකට මුහුණ දෙන පුද්ගලයන්ට සාපේක්ෂ ඒකෙන් වෙන්නෙ එකම දෙයක්.ඉතින් මම පස්දෙනනා බේරන්න තනි මනුස්සය දිහාවට කෝච්චිය හරවන්වන්නෙ නෑ.මට කිසිම උභතෝකෝටිකයක් නැතුව ඒ තීරණය ගන්න පුළුවන්.

    • @KalanaOw
      @KalanaOw 2 ปีที่แล้ว +1

      If the one person is you and you have to decide whether save five people or save yourself, or five people are most beloved by you and one person is a beggar or a criminal, 10 seconds to decide what will happen? will you be the greatest person? that is the question...

    • @rohandhanushka79
      @rohandhanushka79 2 ปีที่แล้ว +3

      @@KalanaOw යල් පැන ගිය තර්කයක්....හේතුව ඉබේ හටගත්තක් හෝ ඵලය නිසා හටගත්තක් යැයි නිර්ණය කිරීම ප්‍රායෝගිකත්වයෙන් බැහැරය.....මක් නිසාද හේතුව ඉබේ හටගත්තක් කිය සැලකුවොත් එය තව දුරටත් හේතුවක් නොව අහඹුවකි....අනෙක් අතට හේතුව යනු ඵලය නිසා හටගත්තක් යැයි සැලකුවොත් ඵලය හේතුව මත ගොඩ නැගෙන තෙක්... කාලානුරූපව බැලූ කල එය පවතින දෙයක් නොව හේතුව මත පසුවට නිර්මාණයවන දෙයකි.....එනයින් හේතුවක් යම් තැනක ඇත්ද හේතුව යනු බුද්ධිමය ප්‍රකාශනයක් මිස හේතුවක් ඉබේ හට නොගනී.... එයට හේතු දායකයකු සිටිය යුතුවේ ....මක්නිසාද හේතුදායකයා හා හේතුව මත ඵලය හටගනී....
      මේ කතාවම ගතහොත් හේතුවට දායකවූ තුන්වන පාර්ශවය ගැන හිතාමතා මග අරියි....එනම් මෙම මිනීමැරීම සැලසුම් කල මිනී මරුවායි........මෙහි හේතුදායකයා එනම්.....පස් දෙනා ගැටගැහුවෙත් එක්කෙනා ගැට ගැහුවෙත් කතාවේ නායකයා වෙච්ච විකෘති මානසිකත්වයකින් හෙබි මිනී මරුවෙක්...( මොකද හයදෙනා මරන්න සැලසුම් කල මිනීමරුවගෙ පරමාර්ථය සියල්ලො මැරීමනම් ඔහු සියල්ලන් බදින්නෙ එකම රේල් පීල්ලෙ ) ඔහුගේ අවශ්‍යතාව වන්නේ....තව පාර්ශවයක් ලවා, එනම්...කතාවට මැදි කරන ඔබ මගින් ඔහු කැමති තීරණ දෙකින් එකකට ඔබව පෙළඹවීම තුලින්.... මරණයට පත් කිරීමට ගැටගසා ඇති පාර්ශව දෙකෙන් එක්පාර්ශවයකගේ මරණයට වගකිවයුත්තා බවට ඔබව පත් කිරීමයි.....නමුත් එහි තුන් වැනි උත්තරයක් ද ඇති බව මිනීමැරීම සැලසුම් කල පුද්ගලයා හට මග ඇරෙයි...එනම් කෝච්චිය එක අයෙක් පමණක් ඉන්න පැත්තට යන අයුරින් පීලි මාරු කර දුවගොස් එම තනි පුද්ගලයා බේරාගැනීමට කටයුතු කිරීමයි.....
      අරය හරිද මෙයා වැරදිද කිය කිය හිත හිත ඉන්න එක නෙවෙයි...හිතන්න යන තත්පර 10ත් ඉතුරු කරන් ඔහුව බේර ගන්න ට්‍රයි කරන එකයි නියම මිනිස්කම....ප්‍රායෝගික දේ ගැන ප්‍රායෝගිකවාදීව හිතන්න.... ඔය වගෙ වෙනස් උත්තර ඕනෑ තරම්....ඔහුගෙ උත්තර දෙකට වෙනස් වූ ප්‍රායෝගික උත්තරයක් නොමැති බවට කතානායකයා ( නොහොත් මිනීමරුවා ) සිතුවත් ඔහුගේ උගුලට හසු නොවී විකල්ප ක්‍රමයකට යන්නට ඔබට බුද්ධියක් දී ඇති බව අමතක නොකරන්න....

    • @hashanpererasrilanka
      @hashanpererasrilanka 2 ปีที่แล้ว

      ඔයා මොකුත් නොකර බලන් ඉන්නවා ඒ කියන්නේ?

    • @rohandhanushka79
      @rohandhanushka79 2 ปีที่แล้ว +2

      @@hashanpererasrilanka යල් පැන ගිය තර්කයක්....මෙහි හේතුදායකයා එනම්.....පස් දෙනා ගැටගැහුවෙත් එක්කෙනා ගැට ගැහුවෙත් කතාවේ නායකයා වෙච්ච විකෘති මානසිකත්වයකින් හෙබි මිනී මරුවෙක්...( මොකද හයදෙනා මරන්න සැලසුම් කල මිනීමරුවගෙ පරමාර්ථය සියල්ලො මැරීමනම් ඔහු සියල්ලන් බදින්නෙ එකම රේල් පීල්ලෙ ) ඔහුගේ අවශ්‍යතාව වන්නේ....තව පාර්ශවයක් ලවා, එනම්...කතාවට මැදි කරන ඔබ මගින් ඔහු කැමති තීරණ දෙකින් එකකට ඔබව පෙළඹවීම තුලින්.... මරණයට පත් කිරීමට ගැටගසා ඇති පාර්ශව දෙකෙන් එක්පාර්ශවයකගේ මරණයට වගකිවයුත්තා බවට ඔබව පත් කිරීමයි.....නමුත් එහි තුන් වැනි උත්තරයක් ද ඇති බව මිනීමැරීම සැලසුම් කල පුද්ගලයා හට මග ඇරෙයි...එනම් කෝච්චිය එක අයෙක් පමණක් ඉන්න පැත්තට යන අයුරින් පීලි මාරු කර දුවගොස් එම තනි පුද්ගලයා බේරාගැනීමට කටයුතු කිරීමයි.....
      අරය හරිද මෙයා වැරදිද කිය කිය හිත හිත ඉන්න එක නෙවෙයි...හිතන්න යන තත්පර 10ත් ඉතුරු කරන් ඔහුව බේර ගන්න ට්‍රයි කරන එකයි නියම මිනිස්කම....
      ප්‍රායෝගික දේ ගැන ප්‍රායෝගිකවාදීව හිතන්න.... ඔය වගෙ වෙනස් උත්තර ඕනෑ තරම්....ඔහුගෙ උත්තර දෙකට වෙනස් වූ ප්‍රායෝගික උත්තරයක් නොමැති බවට කතානායකයා ( නොහොත් මිනීමරුවා ) සිතුවත් ඔහුගේ උගුලට හසු නොවී විකල්ප ක්‍රමයකට යන්නට ඔබට බුද්ධියක් දී ඇති බව අමතක නොකරන්න....

    • @rgb_82
      @rgb_82 2 ปีที่แล้ว +1

      ඒත් තමන්ගෙ පවුලෙ කෙනෙක් මැරුන එක ගැන දුක් වෙන පවුල් ගාන 5 ගුණයකින් වැඩි වෙනවා නේද? මැරුනු මනුස්සයා නම් මැරුනා එච්චරයි, ඒත් ඒකෙ වැඩිම බලපෑම තියෙන්නෙ මැරුනු කෙනාට නෙමෙයි. ඇතැම්විට ඒ පවුල්වලට යන එන මන් නැති වෙන්නත් පුලුවන්.

  • @tharindusalinda5436
    @tharindusalinda5436 2 ปีที่แล้ว

    මම දකින විදියට පින පව මත යුක්ති වාදය බොහෝ විට පදනම් පදනම් වී තිබෙනවා.ඒක මට ඔබ තුමා එක්කන්කතකරන්න අවස්ථාවක් ලැබුනා නම් ධීඊර්ගව පැහැදිලි කිරීමක් මගේ මතය අනුව දෙන්න අවස්ථාව තිබුණා.නමුත් යුක්ති වාදයට අවස්ථාව බුදු දහමද හිමිවී තිබෙනවා

  • @etwithvs1466
    @etwithvs1466 ปีที่แล้ว

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනික බව කියවෙන්නේ මීට සමාන අදහසක් යැයි සිතුනා.
    කෙසේ වෙතත් ඔබ තුමන්ගේ පැහැදිලි කිරීම හරිම වටිනවා.
    පාසැල් පද්ධතිය තුළ දර්ශනය වැනි විෂයක් හදුන්වාදීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් බව මගේ අදහසයි. මුල් ළමාවියේදී යහ පුරුදු , ආචාර්ය ධර්ම පුරුදු කිරීමත් විවෘත චින්තන හැකියාවන් වර්ධනය වූ පසුව දර්ශනය හදුන්වාදීමත් සුදුසු බව වැඩිදුරටත් සිතමි.

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +4

    ඔබ තුමා තුල තිබෙන දැනුම ගන මට හරි පුදුමයි ස්තුති 🙏

  • @dhammikagamage8652
    @dhammikagamage8652 2 ปีที่แล้ว

    බුදු දහමේ කර්මය විස්තර කරන්නේ චේතනාව මුල් කරගෙන. එම නිසා ඔය දෙකෙන් කුමක් කරත්, කරන කෙනගෙ චේතනාව මත‍යි සාරධර්ම කැඩීම හෝ ආරක්ෂා වීම සිදුවන්නේ . මට හිතෙන විදිහට.
    Good channel. It feeds the philosophically feeble mind in the current world.

  • @moneywithonline8837
    @moneywithonline8837 2 ปีที่แล้ว

    කොහොම උනත් බුද්ධ දර්ශනයට අනුව හිතුවොත් මොනතරම් වාසි සහගත අවස්තා තිබුනත්... කල නොකලයුතු අකුසල් නොකල යුතුමයි.... කල යුතු කුසක් කල යුතුමයි.. කර්මානුරූපීව සිදුවනේ දේ වෙනක් කල නොහැකි වේ... ධර්මාණුරූපීක හිතුවොත්.. මේ හැම කරදරකටම හෝ හැම හොද දේකටම හේතුව.. අපේ කුසල් සහ අකුසල් වේ.. පෙර ආත්මයකදී කරගත්..... හුදෙක් යතාර්තවාදී දෙය නම් බුද්ධ දර්ශනයයි.. එය ප්‍රායෝගික ලෝකය තුලද අපට පෙනී යයි.. අවාසනාවකට වගේ අප රට තුල මෙම ධාර්මිකව ජීවත් වෙන මිනිසුන්ගෙ ක්‍රියාකාරකම්, වර්තමාන ජීවිතයේ (ආත්මයේ) සැප පිනිස ද්‍රේශපාලනය හෝ බොහෝ පුද්ගලික අභිමතාර්ථ සාක්සාත් කරගැනීමට අවියක් ලෙස යොදා ගනි. එය අවාසනාවට කරුනකි.. කෙසේ වෙතත් බුද්ධ දර්ශනයට අනුව ජීවත් වන මිනිසුන්ටකුමන බවයකදී හෝ හොදක් වනු නියතයි......❤️❤️❤️

  • @menujapathirana1833
    @menujapathirana1833 2 ปีที่แล้ว +1

    Godak wqtina video ekak apita me hema lankawe nithiya ganath danuwath krana youtube channal ekak thibboth godak watinawa eka me asarana minissunta.

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +3

    Sir නිසා ජීවිතය වෙනස් ම විදිහට දකිනවා.ගොඩක් ස්තූතියි සර්.🙏🙏🙏❤️❤️❤️

  • @isurupriyalal3024
    @isurupriyalal3024 ปีที่แล้ว

    සර්... ජීවිතයට ගොඩාක් වටිනා දේවල් බොහොමයක් ඔබගේ වීඩියෝ වලින් දකින්න ලැබීම ⁣ඉතාම සතුටුයි. ඉදිරියේදීත් මෙවැනි සමාජ මෙහෙවර ඔබතුමාගෙන් අපේක්ෂා කරමි.

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +1

    ඇති සැටියට ඒම හැර තවත් දෙයක් වේද .
    ඔබ තුමා ආදරනීයයි .ආශිර්වාදයක් මය.🔑
    අමාශාන්ති 🙏

  • @sddproduction3571
    @sddproduction3571 2 ปีที่แล้ว

    සෑහේන කාලයක් මම තනිවම කල්පනා කරපූ ප්‍රස්නෙකට අද උත්තර හම්බුනා ස්තුතිය් සර්

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්,ඉල්ලීම ඉටුකළාට .
    තීරණ ගැනීමේදී මිනිස්සු බොහෝවිට ආගමික නැඹුරුතාවක් දක්වනවා.
    ක්ෂණික පිළිතුරු ලබාදීමේදී හා කාලයක් අරන් පිළිතුරු ලබාදීමේදී වෙනසක් වෙන්නත් පුලුවන්.ඒ මොහොතේ ඇතිවන මානසික තත්වයත් බලපානවා. සිද්ධියට සම්බන්ධ බාහිර පුද්ගලයින් තමන්ට තිබෙන සමීපබව හෝ දුරස්ථ බව මතත් තීරණ වෙනස් වෙන්න පුලුවන්.
    වෙනත් සංස්කෘතික හා ආගමික හෝ නිරාගමික සමාජයකනම් පිළිතුරු වෙනස් වෙන්නත් පුලුවන් .
    දේවල් වලට කෘත්‍රීමව මැදිහත් නොවීමේ ස්වභාවය ආගමික හෝ දාර්ශනික පෙළඹවීමක් .
    පළමු ගැටලුවේදි දක්වා තිබූ කොමන්ටුමය ප්‍රතිචාර අනුව ,පසු ගැටලු දෙකේදි තම ලයික්මය අදහස් හා ප්‍රතිචාර වෙනස් කරගැනීමටත් උත්තේජනයක් ලබාගෙන ඇති බව සිතන්න පුලුවන්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      ඔව් ඔබ කියන කරුණ දිහා බැලුවහම මටත් එය පෙනෙනවා. බොහොම ස්තුත්යි

  • @achalanishanthi7246
    @achalanishanthi7246 2 ปีที่แล้ว +2

    සර් මේ ප්‍රශ්න ටික ගෙනාවම මම දහ අතේ කල්පනා කලා .. ඒත් කෙනෙක්ව මරනයට පත් කරන සංකල්පය ආවෙම නැ. සර් ගේ මේ වීඩිවෝව බැලුවහම තේරෙවා ඇයි බටහිර රටවල් දියුනු වෙලා තියෙන්නේ කියලා.. බෞද්ධ චින්තනය පොඩිකාලේ ඉදන් මනසේ තියන අපිට උපයෝගීතාවයට වඩා මුලු තැනක් දෙන්නේ යුතිවාදයට.. සමහර වෙලාවට අවුරැදු ගානක් ගියාම ඒකෙන් ලොකු හානියක් වලා කියලත් පෙනවා.. මං කතා කරන්නේ රටෙ ආර්තික සමාජ පැතිකඩ.. බොහොම ස්තූති සර් වීඩියෝවට..👍

    • @powertrendingnetwork2074
      @powertrendingnetwork2074 2 ปีที่แล้ว +1

      බටහිර රටවල දියුණුව යනුවෙන් ඔබ තුමිය අදහස් කරන්නේ කුමක්ද?

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +1

      ඇත්තටම ලංකාවෙ මිනිස්සු යුක්තිවාදයටවත්, උපයෝගිතාවටවත් නෙවෙයි මුල්තැන දෙන්නෙ තමන්ගෙ වාසියට.ඒක තමයි ප්රශ්නෙ. මිනිස්සු තමන්ගෙ හිතවතෙක් පාර්ලිමේන්තු යන්නෙ යුක්තිවාදය නිසා නෙවෙයි. යුක්තිවාදය කියන්නෙ තනි කෙනෙක්ගෙ "අසාධාරණ වාසියට" වැඩ කිරීම නෙවෙයි තමා උපමාකර සෑම ජීවිතයකටම වටිනාකමක් දීම.අර උදාහරණෙ නිතරම තනි කෙනෙක් ගැන කියපු නිසා ඔයා යුක්තිවාදය වරදවා වටහාගෙන මං හිතන්නෙ.

    • @JR-gk8du
      @JR-gk8du 2 ปีที่แล้ว +1

      @@powertrendingnetwork2074 අන්න හරි.භෞතික දියුනුවක්.

  • @tilakberagama844
    @tilakberagama844 2 ปีที่แล้ว

    එඩිතර කමත් බුද්ධි මත් කමත් අතර ප්‍රශ්නයක් (ශොර්ට්ඇන්ස්වීට්) තීරණයක් අවස්ථානු කූලයී සාපෙක්ෂකව ගන්නා තීරණය වෙනස්වෙ (උදා.1කෙනා තමුන්ගේ අයෙක්නම් 5දෙනාගලවා ගැනීම) ඒගැන සිතීමෙදී තමාව බිලිඌවානම් කියා සදා විදවන්න වෙවී.

  • @rajaekanayake2327
    @rajaekanayake2327 ปีที่แล้ว

    ඔබගේ කාර්ය භාරය විශිෂ්ඨයි සර්

  • @indika77
    @indika77 2 ปีที่แล้ว +1

    ලංකාවෙ රාජ්‍ය පරිපාලන ක්‍රියාදාමය තුල මොනතරම් පුස්සොද ඉන්නෙ කියල මට හිතෙනව ඔබ තුමාගෙ වචන විනිවිද දකිනකොට...... දෙවැනිකොට උගත්මගක ඇවිත් ඇතැම් වියතුන් ජාතියේම මඟ වැරදුවාවත්දැයි හිතෙනව.ප්‍රායෝගිකව යොදවන්න පුළුවන් දැනුම් සම්පත් මේ වගේ තව කොපමණ ඇද්ද අපේ ටේ.... රස්සාවකට පමණක් සීමා වුණ 😥

  • @believers1521
    @believers1521 2 ปีที่แล้ว +1

    බුදුදහම තුළ යුක්තිවාදය තියනව🙂
    ඒක ඇත්තක්. ඒක එයාලගෙ කර්මය නම් අපි මැදිහත් වෙන එක ප්‍රශ්නයක්. සතෙක් තවත් සතෙක්ව කෑමට ගොදුරු කරවනව අපි ඌගෙ කෑම නැති කරන එකද කරල අනික් සතාව බේර ගන්නවද නැත්නම් ඌට කන්න දෙනවද? එක්කො අපි ඌට කෑම දීල හෝ අපි බිලි වී සතාව බේරා ගත හැකියි. නැතිනම් ඌට උගේ කෑමත් අනෙකාගෙ කර්මයත් ගෙවීමට ලබා දී අපි ඉවත් විය යුතුයි.

  • @nandanasenarath9498
    @nandanasenarath9498 2 ปีที่แล้ว

    සමාජයට ඇති වෙන වැඩි
    වටිනාකම මත තීන්දුව ගන්නවා .

  • @diksansamarasinghe3537
    @diksansamarasinghe3537 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම පාසැල් අධ්‍යාපනයට මේවගෙ දේවල් ඇතුලත් විය යුතුයි කුඩා කල සිටම සරල තැන සිට ආරම්භ වන විදියට

  • @senakabandara5973
    @senakabandara5973 2 ปีที่แล้ว +1

    මෙහෙම මත දෙකක් තීරණ ගැනීම සදහා බලපාන බව දැන ගත්තෙත් අදයි. ඔබතුමා කරන මේ සේවය අතිවිශිෂ්ඨයි.
    මගේ මතයට අනුව නම් බෞද්ධ දර්ශණය බොහෝ දුරට යුක්තිවාදීයි. නමුත් ජීවිතයේදී මෙම ක්‍රම දෙකටම (යුක්තිවාදී හා උපයෝගීතාවාදී) තීරණ ගත යුතු අවස්ථා යෙදෙනවා. නමුත් මෙම සන්කල්ප අපට සාමාන්‍ය භාවිතයෙන් ඉගෙන ගන්ඩ ලැබෙන අවස්ථා ඉතා අඩුයි. මෙවැනි සන්කල්ප අවබෝධයෙන් භාවිතා කරන්ඩ නම් විදිමත් අධ්‍යාපනයක් තුලින් මෙම සන්කල්ප ඉගෙන ගත යුතුයි.

    • @rohandhanushka79
      @rohandhanushka79 2 ปีที่แล้ว

      යල් පැන ගිය තර්කයක්....හේතුව ඉබේ හටගත්තක් හෝ ඵලය නිසා හටගත්තක් යැයි නිර්ණය කිරීම ප්‍රායෝගිකත්වයෙන් බැහැරය.....මක් නිසාද හේතුව ඉබේ හටගත්තක් කිය සැලකුවොත් එය තව දුරටත් හේතුවක් නොව අහඹුවකි....අනෙක් අතට හේතුව යනු ඵලය නිසා හටගත්තක් යැයි සැලකුවොත් ඵලය හේතුව මත ගොඩ නැගෙන තෙක්... කාලානුරූපව බැලූ කල එය පවතින දෙයක් නොව හේතුව මත පසුවට නිර්මාණයවන දෙයකි.....එනයින් හේතුවක් යම් තැනක ඇත්ද හේතුව යනු බුද්ධිමය ප්‍රකාශනයක් මිස හේතුවක් ඉබේ හට නොගනී.... එයට හේතු දායකයකු සිටිය යුතුවේ ....මක්නිසාද හේතුදායකයා හා හේතුව මත ඵලය හටගනී....
      මේ කතාවම ගතහොත් හේතුවට දායකවූ තුන්වන පාර්ශවය ගැන හිතාමතා මග අරියි....එනම් මෙම මිනීමැරීම සැලසුම් කල මිනී මරුවායි........මෙහි හේතුදායකයා එනම්.....පස් දෙනා ගැටගැහුවෙත් එක්කෙනා ගැට ගැහුවෙත් කතාවේ නායකයා වෙච්ච විකෘති මානසිකත්වයකින් හෙබි මිනී මරුවෙක්...( මොකද හයදෙනා මරන්න සැලසුම් කල මිනීමරුවගෙ පරමාර්ථය සියල්ලො මැරීමනම් ඔහු සියල්ලන් බදින්නෙ එකම රේල් පීල්ලෙ ) ඔහුගේ අවශ්‍යතාව වන්නේ....තව පාර්ශවයක් ලවා, එනම්...කතාවට මැදි කරන ඔබ මගින් ඔහු කැමති තීරණ දෙකින් එකකට ඔබව පෙළඹවීම තුලින්.... මරණයට පත් කිරීමට ගැටගසා ඇති පාර්ශව දෙකෙන් එක්පාර්ශවයකගේ මරණයට වගකිවයුත්තා බවට ඔබව පත් කිරීමයි.....නමුත් එහි තුන් වැනි උත්තරයක් ද ඇති බව මිනීමැරීම සැලසුම් කල පුද්ගලයා හට මග ඇරෙයි...එනම් කෝච්චිය එක අයෙක් පමණක් ඉන්න පැත්තට යන අයුරින් පීලි මාරු කර දුවගොස් එම තනි පුද්ගලයා බේරාගැනීමට කටයුතු කිරීමයි.....
      අරය හරිද මෙයා වැරදිද කිය කිය හිත හිත ඉන්න එක නෙවෙයි...හිතන්න යන තත්පර 10ත් ඉතුරු කරන් ඔහුව බේර ගන්න ට්‍රයි කරන එකයි නියම මිනිස්කම....

  • @nandanasenarath9498
    @nandanasenarath9498 2 ปีที่แล้ว

    එහෙම උනත් ගොඩට පැනලා .
    යන්න උනා , පොදු දේපල කුුමය කට
    යා යුතුයි , ආර්ථික කරැණු මත නම් .

  • @ayshafb7492
    @ayshafb7492 2 ปีที่แล้ว

    මට දැනෙන විදියට නම් බෞද්ධාගම තුල කර්මය සහ නැවත ඉපදීම ගැන සඳහන්ව ඇති නිසා තමන් විසින් කරන ලද ක්‍රියාව මත එහි හොඳ හෝ නරක නැවත භවයකදී තමන්ට අත්විදීමට ඇති ඉඩකඩ මත බෞද්ධාගමට අනුකූලව ජීවත් වෙන අය මෙවන් සිදුවීමකදී යුක්තිවාදි වීම විය හැකිය. එම නිසා ඉහත සඳහන් කල උදාහරණ තුල කිසිවක් පෞද්ගලිකව තමන් විසින් සිදුකිරීමට මැලි වෙන්නෙ මිනිසුන් පස් දෙනෙකු බේරා ගැනීමට වඩා එක් මිනිසකු තමන් අතින් මියයාම තුල රැස් වෙන අකුසලය ඊලග බවයකදී තමන්ට නරක අයුරින් බලපානු ඇති බවට තමන් තුල ඇති බිය විය හැකිය.

  • @chandiwrd7746
    @chandiwrd7746 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් නොදන්නා බොහෝ දේ දැනගත්තා දැහැමි දෝනි ඇතුළු පවුලේ සියලු දෙනාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @panapagefernando8055
    @panapagefernando8055 2 ปีที่แล้ว +2

    බොහොම වටිනවා මෙවැනි අදහස් සමාජ ගත වීම. නමුත් මේ පිලිබදව මගේ අදහස නම්, මෙම තත්ව 2ක ම අපි තුල ජීවත් වෙනව. එය ක්‍රියාත්මක වෙන්නෙ ඔබ තුමා කිවුවවගේ එම ප්‍රශ්නය අපිට පෞද්ගලිකව අපට බලපාන ආකාරයත් අතර ඇතිවෙන සිතිව්ලි වල වෙනස් කම් මත. ඒක බෞද්ධ දර්ශනයෙන් මං දන්න විදියට පෙර පින, කර්ම බලය ලෙසටද හදුන්වන්න පුලුවන්. යමක් සිදුවීමේදී එම ලීවරය ඇදීම හෝ නොඇදීමද අපිට ඒ ගොඩටම දාන්න පුලුවන් ලීවරය ඇදීමට සිත් දීම 5දෙනාගේ හොද කර්ම පෙන්වීමත් නොඇදීම නරක අකුසල කර්ම බලවත් වීමත් දක්වන්න පුලුවන්. මේක සිද්ද වෙන්නෙ මොහොතක ඇතිවෙන නැතිවෙන සිත් දහස් ගාණක් අතුරින්. ඊට පස්සෙ තමා අපි එම සිද්ධිය උපයෝගී ද යුක්තිවාදීද, නැත්නම් කුසල කර්ම ද , අකුසල කර්මද ලෙසට බෙදා දක්වන්නෙ. හැබැයි ඒම සං කලපය ඇතිවීමට අපේ සිත තුල හට ගන්න සිතුවිලි, අප හැදෙන පරිසරය, සාරධර්ම අපට බලපාල තියෙන ආකාරය, ඒ වගේම ආගමික නීතිරීති දැඩි මතවාද අනුව වෙනස් වීම් වලට ද ලක් වෙන බව පෙනෙන්න තියෙන නමුත් ඒවාද අපිට කුසල හා අකුසල කර්ම ලෙසට දැමිය හැක. සමාජයටම පොදු වු ඇතැම් ප්‍රශ්නත් අපිට ඒ මට්ටමටම දාන්න පුලුවන්. අද අප රටේ තීරණ උනත ගන්නෙ ඔය කියන ලෙසට උපයොගී ද යුක්තිවාදී ද කියල කියන්න බැහැනෙ ඇත්තටම ඒකට වෙනම සංකල්පයක් (පවුල් වාදී ) ගොඩ නගන්න ඕනි. ඒ කොහොම උනත මොනදේ සිද්ද උනත ඒ හැම දේම අප දැනුවත්ව සිද්ද වෙනවනම් ඒ හැම දේම කර්මයට සම්බන්ධයි. හැබැයි මේ දෙක අතර මැද හැම දේටම විසඳුම් ද තිබෙන බව මම දකිනවා.

  • @navaratne
    @navaratne 2 ปีที่แล้ว

    රුචිරගෙන් තවත් අලුත් සංකල්පයක්. ඊට පෙර, මම හිතුවේ පුද්ගලයන් සිතන හෝ තීරණ ගන්නා ආකාරය වෙනස් වෙන්නේ ලිබරල් සහ ගතානුගතික මතවාදයන් (liberal and conservative ideologies) අනුව කියල.

  • @nandanasenarath9498
    @nandanasenarath9498 2 ปีที่แล้ว +1

    Gota ට පැනලා යන්න උනේත්,
    තනි බලය තිබිලත් , තීරණය ගත.
    අර්ථික කරැණු මත නම් පොදු දේපල කුුමය මත විය යුතුයි

  • @moonstars5081
    @moonstars5081 2 ปีที่แล้ว +1

    ට්‍රොලිය එක මනුස්සයා පැත්තට හැරවීමත්, එක් මනුස්සයෙක් ට්‍රොලිය එන පාරට තල්ලු කිරීමත් සමානයි.
    නමුත් feel වෙලා තියෙන්නෙ දෙවිදියකට

  • @rithmalperera3429
    @rithmalperera3429 ปีที่แล้ว

    ඉතා වටිනා සංකල්පනාවක්. සමහරැ කෑමට සත්තු මරන්න කැමති නෑ. නමුත් මස් මාලු දාපු කෑම කන්න කැමති. මේකත් එවගේ දෙයක්නේද?

  • @chehanchamika9474
    @chehanchamika9474 2 ปีที่แล้ว +5

    යුක්තිය ඉටු කිරීම සහ යම් කිසි කාරණාවකට ඇලීම් ගැටීම් (අවබෝධයෙන් යුතුව ) ඇති නොකර ගැනීම මන්නම් දකින්නේ කාරනා දෙකක් හැටියට.

  • @rangabalasooriyabalasooriy8240
    @rangabalasooriyabalasooriy8240 2 ปีที่แล้ว

    රුචිර sir ඔබේ දැනුම බෙදාදීම අගය කරමින් ඔබට සුභ පතන්නට කැමැති.ඔබට තෙරුවන් සරණයි.

  • @frontwheel1402
    @frontwheel1402 2 ปีที่แล้ว +1

    ජිවිත කියන දේ වෙනස් වෙනවා අවස්ථානුරුපිව. කෙනා කවුද කියන එක තමයි මුලික වෙන්නේ. මරණයට මුහුණ දෙන අවස්ථාවක නෙවෙයි මේක සැබෑ ජිවිතේ හැම මොහොතකම අත් විඳින්න ලැබෙන දෙයක්. උදා : ප්‍රේමය හින්දා කෙනෙක් දිවිනසා ගත්තොත් හේතු උන පුද්ගලයට මේක ප්‍රශ්නයක් නොවෙන අවස්ථා. එතකොට එයා මැරුණ කෙනාගේ ජිවිතේ කැප කරා, බිලි දුන්න වගේ. මේ වගේ ගොඩක් දේවල් වෙනවා හැම මොහොතකම. මේක මගේ අදහස. වැරදි තියෙන්න පුළුවන්.

  • @pasindusandruwan814
    @pasindusandruwan814 2 ปีที่แล้ว +6

    ඒ පස් දෙනාම හයදෙනාම වෙනුවෙන් මට බිලිවෙන්න පුලුවන්නම්, කතා දෙකක් නැතිව මන් ගන්නේ ඒ තීරණේ..!

    • @swijekoon2009
      @swijekoon2009 2 ปีที่แล้ว +1

      කෝච්චියට බෙල්ල තියනවා.. ජීවිතේ එපා කියනවා.. කෝච්චියක් ලං වෙනකොට අපි නැගිටිනවා... 🤣🤣

    • @pasindusandruwan814
      @pasindusandruwan814 2 ปีที่แล้ว

      @@swijekoon2009අම්මෝ

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      5 dena
      Mahinda
      Gotabaya
      Basil
      Chamal
      Namal
      Rajapakshala unoth mokada karamneee😁

    • @pasindusandruwan814
      @pasindusandruwan814 2 ปีที่แล้ว

      @@anythingtvwithsk716 හත්තික්කේ එහෙනම් නෑ

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      @@pasindusandruwan814 😅😅

  • @Praveen2too
    @Praveen2too 2 ปีที่แล้ว +1

    සර්, බෞද්ධ අයගේ කර්මය පිළිබඳ අදහස දැනගැනීමට විනය පිටකය භාවිතයෙන් පුළුවන්. ඔය වගේ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු එහි තිබෙනවා.

  • @isurunuresha497
    @isurunuresha497 2 ปีที่แล้ว

    ඔබ තුමා ඉදිරිපත් කරපු ස‍ංකල්පමය අදහස ගොඩක් ප්‍රායෝගිකයි ඒ වගේම තර්කනය දිව්ණු කිරීමට ලොකු උදව්වක් වෙනව ඒ සම්බන්ධයෙන් බොහොම ස්තූතියි. ලොකු අධ්‍යනයක් කරල නැති උනත් අවසාන ගැටලුව ගැන මගේ පව්දගලික මතය නන් බෞද්ධ දර්ශනය නම්‍යශීලී එකක් මන් අදහස් කරන්නෙ තර්කනයට වැඩි ඉඩකඩක් දෙන ඉහැන්වීමක්. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ ගලාගෙන ඒමේදී එහි හරය වෙනස්වෙමින් අද වෙනකොට එහි තාර්කිකමය දේවල් බොහෝමයක් නියතයන් ලෙස අද සමාජය තුල විශ්වාස කිරීමට නැබුරු වෙලා තියෙනව කියනව එකයි . ඇත්තටම අද සමාජයේ එහි දර්ශනයේ භාවිත ඉතාම අල්ප වෙලා. සමාජයේ බහුතරයක බෞද්ධ දර්ශනයේ අධ්‍යනයක් නැති බව නිරීක්ෂණය වෙන්නෙ. අද දින අපට "දේශනා" වන ආගම විසින් බිහිවන්නෙ උපයෝගිතාවාදින් මන් අදහස් කරන්නෙ අනවශ්‍ය අකාරයෙන් උපයෝගිතාවාදයට නැබුරු ඌ පිරිසක්. නමුත් පොත්තට වඩා හරය සමජය තුල කිදාබහිනව නන් යුක්තිවාදී බහුතරයක් ඇති වේවි.

  • @ayeshchamindadahanayaka6590
    @ayeshchamindadahanayaka6590 2 ปีที่แล้ว

    Learning pure Buddhism is the only answer for this sir.

  • @savithriperera7626
    @savithriperera7626 6 หลายเดือนก่อน

    I am a medical doctor.
    Deeply thankful to you in sharing your knowledge in an understandable way.
    Intfact, as l was growing up there were many questions without my knowledge as to the entity l should refer to find the answers.
    Thanks to the availability of the Internet now l read lot of psychology & philosophy capturing the areas l need.The current generation in our country are very lucky in that sense, as they can thrive forward clearing the doubts then & there.
    The elements of Philosophy (religion alone can not accomplish) ,psychology and sociology need to be added to the school curriculum as the education should address the life & the way of living.

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda 2 ปีที่แล้ว

    පුදුම උනන්දුවකින් යුතුව හිටියේ මේ දේශනයේ video එක එනකම්. ස්තුතියි.

  • @surendrajayarathne
    @surendrajayarathne 2 ปีที่แล้ว

    විෂයක් ලෙස පාසලේ දර්ශන ඉගැන්වීම වඩා හොඳ බව මම විශ්වාස කරමි.

  • @nelumdesilva336
    @nelumdesilva336 2 ปีที่แล้ว

    මා තුල නව මිනිසෙකු ගොඩ නගනවාට බෙහෙවින්ම ස්තූතියි ⚘

  • @nuwanandra5153
    @nuwanandra5153 2 ปีที่แล้ว +4

    අදත් ජිවිතයට වැදගත් දැනුම් සම්බාරයක් ලැබුණා....

  • @DHENTR
    @DHENTR 2 ปีที่แล้ว

    1. අර බැඳල ඉන්නෙ තමන් ආදරය කරන තමන්ගෙම පවුලෙ උදවිය උනොත් යුක්ති වාදීන් මොනවගේ දෙයක් කරයිද?
    2. චේතනාහං භික්කවේ කම්මං වදාමී. කර්මයට මූලිකම දේ සිත. මරනවා කියන සිතුවිල්ල සමඟ මිනී මැරුමක අකුසලයත්, දිවි බේර ගන්නවා කියන දේ සමඟ අභය දානයේ පිනත්, ඔය දෙක සිතේ පහළ වන ආකාරය අනුව කර්මයත් හැඩ ගැසෙන බව මගේ අවබෝධයයි

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +2

    පාසැල් අධ්‍යාපනයට නම් අනිවාර්යයෙන්ම ඕනේ ... ඕවා කියලා දෙන්නේ නැති නිසානේ මේ ගොඩක් ප්‍රශ්න ...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      මමත් ඔබගේ අදහසට ගොඩක් එකඟයි

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira කට පාඩම් අධ්‍යාපනයෙන් මිනිස්සු ඒකාකාරී වෙලා සර් ...

  • @nuwandhananjaya
    @nuwandhananjaya 2 ปีที่แล้ว

    හරිම සතුටක් දර්ශනය ගැන විශ්ව විද්‍යාල පරිසරය ඇතුලෙ ඉගෙන ගත්ත දේවල් සරලව ආයෙත් ආයෙත් මෙහෙම අහන්න ලැබීම 💗 කලාව කියන්නෙ මේ දර්ශනවාදය සමග පවතින දෙයක්. කලාව කියන දේ බැහැර නොකර සමාජීය විද්‍යාත්මක පදනමකුත් වැටෙනව නම් තව සාර්ථක වෙයි😍

  • @nandanasenarath9498
    @nandanasenarath9498 2 ปีที่แล้ว +1

    ආදරණීය වු ආදරය ද ජීවිතය ද
    මරණය ද ,පිලිබදව අවසන් තීරණාත්මක තීරණය ගන්නවා .

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 ปีที่แล้ว

    මං සර්ගේ video බලන්නේ bus එකේ වැඩට යනකොට , දවසකට උදේ හවස පැය ගානේ , පැය දෙකක් බස් එකේ යනවා . ඒ බස් වල දාලා තියෙන setup නිසා සර්ගේ video වල කියන දේ හරියට ඇහෙන් නෑ.
    සර්ට පුලුවන් නම් විතරක් , ටිකක් සද්දෙන් කතා කරන්නකෝ.
    ස්තූති !

  • @surekapathirana1918
    @surekapathirana1918 2 ปีที่แล้ว

    බොහෝ මිනිසුන් ධර්මය කියා සිතන්නේ යම් යම් දේවල් වලට සීමා වුනු දේටයි. නමුත් ඔබ නොකියා කියා දෙන්නේ ධර්මයයි. මෙහි අර්ථය බොහෝ ගැඹුරුය. නිවසටත් සමාජයටත් ගැලපෙන කරුණුය.මිනිස් සිත් කෙනෙකුගෙන් කෙනෙකුට සිතනාකාරය වෙනස්ය. අපි බොහෝ විට තීරණ තීන්දු හේතු ඵලයෙන් කර්මය සකස් වන බව දැන අවබෝධයෙන් සිතා තීන්දු තීරණ ගන්නේ නම් බොහෝ විට මිනිසාගේ ආධ්‍යාත්මය වැඩී නිවැරදි තීරණ ගන්නවා නොඅනුමානය. අද පාසැල් දරුවන්ට ආධ්‍යාත්මය වැඩෙන දේමයි කියාදිය යුතු වන්නේ. අපේ රටේ බොහෝ වැසියන්ට තිබී නැති වී ඇත්තේත් ඒ දෙයමය. සැම විටම අනුන්ව පාලනය කරන්න බලයි. එවිට මිනිසාගේ පෞර්ෂය හැදෙන්නේ අනිකාගේ සිතන විදියට අනුවය. උපතේදීද, මැදිවියේදීද, මහළු වයසේදීද තමන් සිතන විදිහ දුර්වලය. බොහොම ස්තූතියි මෙවැනි දේ නැරඹීමට සැලැස්වීම.

  • @m.g.gayanchathuranga4098
    @m.g.gayanchathuranga4098 2 ปีที่แล้ว

    මම දැකල තියෙන දේවල් බැලුවම තේරෙන්නෙ මේ අදහස් අධ්‍යාපනය මගින් ලබාදෙන එකට වඩා මුල් ලමාවියේ සිට ලැබෙන අත්දැකීම්, මතක මත රඳාපවතිනව. පවුලෙන් ජාන මගින් ලැබෙන ඌරුවද ලොකු සාදකයක් වෙන්න ඕන.

  • @bhathiyamg
    @bhathiyamg 2 ปีที่แล้ว +17

    Dear Dr Ruchira, I have been following your wonderful series of youtube videos, which enrich the thinking process of the people , specially the young crowd. I thoroughly believe that philosophy should be a part of the teaching programme in the school syllabus. I am surprised how people have gathered around this channel over very brief period of time , which itself shows the demand for such a valuable discussion in the community. Keep doing your good work ahead. I had to write this in English due to technical issues.

  • @thusithawellawatta3302
    @thusithawellawatta3302 2 ปีที่แล้ว

    බෞද්ධ දර්ශනය අනුව මම සම්බන්ධ වෙන්නෙ නෑ කියල ඉන්න බෑ. සිද්ධිය දැකල තේරුම් ගත්තට පස්සෙ ලීවරය ඇදීම හා නොඇදීම යන දෙකම හිතා මතා කරන දෙයක්. එනිසා එක්කෙනෙක් හරි පස් දෙනෙක් හරි මැරෙන්න ඇරීමේ කර්මය සිද්ධ වෙනව.

  • @heeraw7676
    @heeraw7676 2 ปีที่แล้ว

    ආගමික ඉගැන්වීමක් තුලින් මෙවැනි දරශනවාද සමාජයට ගෙන යෑම පහසු වෙයි.. ඒ සඳහා අවශ්‍ය සම්පත්දායකයන් සම්පාදනය කිරීමට මෙවැනි සමාජමාධ්‍ය ක්‍රියාකාරකම් ඉතා වැදගත් වේවි.. හේතුව මෙවැනි සංකල්ප දිරවා ගැනීමට අවැසි ඉස්පාසුව ස්වකැමැත්තෙන්ම උපයාගත යුතු බැවින්... ඔබට බොහෝ ස්තුතියී....

  • @nishanbamunuarachchi6597
    @nishanbamunuarachchi6597 ปีที่แล้ว +1

    Dear Dr ,
    Pls do a session to explain " Energy conservation law " and describe how an atomic bom get such energy . Thank you

  • @lovalova5401
    @lovalova5401 2 ปีที่แล้ว

    යුක්ති සහගත වීම ආගම්ට අනුව නිවැරදිවිය හැකි.. නමුත් රටක සමාඡ සංස්තාවන් යුක්ති සහගතව කටයුතු කරන්න ගියොත්.. වැඩ කරගන්න බැරිවෙනවා…
    නමුත්, නීති පද්දතිවල විශේෂයෙන් උසාව් වල තින්දු තීරන වලදී යුක්ති සහගතව ක්‍රියා කිරිමෙන්.. හොද සාමාඡයක ගුනංග පිලිබිබුවන බවක් පෙනෙන්න පුලුවන්..

  • @aw900
    @aw900 2 ปีที่แล้ว

    හැම වෙලේම ගත්තේ යුක්තිය පැත්ත. මාත් ගොඩක් බෞද්ධ බණ අහන කෙනෙක්