උතුමෙක් සිත පිරිසිදු කරපු හැටි-ජීවිතයට දර්ශනවාදය (How to tame cleanse your mind-Buddhist Approach)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද බෞද්ධ දර්ශනය තුල කෙනෙක් සිත පිරිසිදු කිරීම කරන්නේ කියලා. මේ වීඩියෝ එකෙන්ම මම කතා කරනවා කොහොමද සිතෙහි ක්‍රියාකාරීත්වය සිදු වන්නේ, කොහොමද සිත ක්‍රියාත්මක වන ක්‍රමය නිසා නිසා මිනිසුන් දුකට පත්වෙන්නේ සහ විශේෂයෙන් සිත පිරිසිදු කරන ක්‍රමය බෞද්ධ දර්ශනවාදයට අනුව.
    මේ සමග බැඳී ඇති අනෙක් වීඩියෝවන් නැරඹීම සඳහා:
    • බුදු දහම ලෝකයේ ඇති ශේෂ...

ความคิดเห็น • 1.2K

  • @kamald5786
    @kamald5786 3 ปีที่แล้ว +223

    උපතින් මම ඉස්ලාම් දහම අදහපු පුද්ගලයෙක්. මට කොවුර් මහතා විසින් රචිත පොත් කියවන්න හම්බුනා ඒ පොත් මාව ගොඩක් වෙනස් කලා. පස්සේ මට කාලාම සූත්‍රය කියන්න ලැබුනා ඒ කියවීම මගේ ජීවිතයම වෙනස් කලා. ඔබගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි. දර්ශනවාදය පිලිබඳ තවත් වැඩසටහන් කරන්න. ස්තූතියි

    • @sandarup6720
      @sandarup6720 3 ปีที่แล้ว

      th-cam.com/video/5RrMQOpoyXg/w-d-xo.html
      මේක බලන්න ගොඩක් වටවී....

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +55

      හොඳ අදහසක්, කුමක් උවත්, හිතට අරන්, තේරුම් ගෙන අවබෝධයෙන් ඉදිරියට යාම තමයි සුදුසු නේද?

    • @user-fe1sv8bq4x
      @user-fe1sv8bq4x 2 ปีที่แล้ว +9

      ඔබ උපතින් මුස්ලිම් ලිව්ව. ඒ නිසා තමයි ඔබට බුදු හිමියන්ගේ ඉගැන්වීම තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ. බවුද්ධයෙකුගෙ හිතේ තරම් සම්ප්‍රදායික බුදු දහම ගැන තොරතුරු නැති කම.
      සම්ප්‍රදායික තොරතුරු කිව්වෙ ඔය ඔයා කියල තියෙන කාලම සූත්‍රයේ දක්වපු කාරනා වලට ඇතුලත් ඔක්කොම දේවල්.
      ඒ ඔක්කොම පිලි නොගත්තොත්, භාර නොගත්තොත් ලෝකය කියල පිලිගන්න් බාර ගන්න තැනක් නෑ නේද.( එතනට ඔය සර් පැහැදිලි කරපු බුදුන් වදාල සිත කියන එකක් ඇතුලත්).
      අන්න එතන තමයි ශුන්‍යත)ශුන්‍ය වූ,(අප්පනිහිත) ප්‍රාර්ථනා පර්‍යේශන නැති,(අනිමිත්ත) නිමිති අනු නිමිති නැත.
      එසේ නම් එය ආයතන හයට(ඉන්ද්‍රීයන්ට) හසුවන තැනක් නොවෙයි. එසේ නම් හමුවන තැනක් යා හැකි තැනක් නොවෙයි.එනම් නිවණයි.

    • @nethminaashen6201
      @nethminaashen6201 2 ปีที่แล้ว +3

      @@user-fe1sv8bq4x අඩේ මාත් ගලගෙදර

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +6

      හැම සූත්‍රයක්ම සිංහලෙන් තියෙනවද? ත්‍රිපිටකය අධ්‍යනය කරන්ට පටන් ගන්නව නම් මොන කොටසින් පටන් ගන්න එකද හොඳ? අභිධර්මයද?

  • @xgrxoxo3566
    @xgrxoxo3566 3 ปีที่แล้ว +294

    සර්ටත්, පව්ලේ අයටත් විශේෂයෙන්ම මේ වගේ වටින මනුස්සයෙක් හදපු දෙමාපියන්ට තෙරුවන් සරණයි...නිදුක් නීරෝගීව මේ වගේ තව තවත් සමාජෙට වැඩදායක වෙමින් ජීවත් වෙන්න ශක්තිය ලැබේවා🥰❣️

    • @shenyamunasinghe7880
      @shenyamunasinghe7880 3 ปีที่แล้ว +22

      ඒක නම් ඇත්ත.. සුපිරියටම සර් ව හදල තියනවා.. මේ වගේ පුද්ගලයන් අප අතර ගොඩක් හිටියනන් මාර වටිනවා.

    • @__blacklist__3747
      @__blacklist__3747 2 ปีที่แล้ว +2

      ❤️

    • @arunalufashion6424
      @arunalufashion6424 2 ปีที่แล้ว +8

      කාලෙකින් දැකපු හිතට වදින කමෙන්ට් එකක්.ඇත්තටම යහපත් උපදෙසක් අරගෙන ඒ සඳහා මේ වගේ කෘතගුන සහිත කමෙන්ට් එකක් පලකිරීමට ඔබට සිත් පහලවීම තුලින් අපි දකින්නෙ ඔබතුමත් යහපත් දෙපවුපියන්ගේ යහපත් දරුවෙක් බවයි.ඔබටත් ඔබ හැදූ වැඩූ දෙමවුපියන්ටත් තෙරුවන් සරණයි.ඇත්තටම සතුටක් දැනෙනව ඔබවැනි යහපත් පුද්ගලයන් ශ්‍රී ලංකාවේ තවමත් සිටීම ගැන

    • @kusumkanakarathna5691
      @kusumkanakarathna5691 11 หลายเดือนก่อน

      හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමා ට බොහොම ස්තුතිය ...

    • @lokunarangodgesomalatha6216
      @lokunarangodgesomalatha6216 10 หลายเดือนก่อน +1

      ඉතාමත් හොඳ පැහැදිලි
      කිරිම ක්. හැමෝම ටම
      තේරුම් ගත හැකි වන පරිදි සරල බසින් පැහැදිලි කිරිම පිළිබඳ බොහොම ස්තුතියි .ඔබ තුමා ට තෙරුවන් සරණයි !!!!!!

  • @chithranandasannasaeditor6819
    @chithranandasannasaeditor6819 2 ปีที่แล้ว +56

    බූද්ධ දර්ශණය විද්‍යාත්මකව තේරුම් කළ විද්‍යාඥයෙක් ඔබ. ඔබට සෝවාන් සකෘධාගාමී මාර්ගයේ යාමට පින්පෙත් ලැබේවා!

    • @roshananthony5769
      @roshananthony5769 ปีที่แล้ว

      නියම බුද්ධ දර්ශනය ඒගෙන ගන්න මෙතනට යන්න

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +150

    අවරුදු 40ක්‌ බණ ඇහුව අද තමයි හරියට තේරුම් ගත්තේ බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏

    • @this.8540
      @this.8540 2 ปีที่แล้ว +4

      නියම දේශකයාණන්වහන්සේලාගේ බණ ඇහුව නම් හරි ....
      ස්වාමීන්වහන්සේලා ඔයිට ත් වඩා ගැඹුරට දේශනා කරල තියෙනවා මේ ධර්මය .
      විශේෂයෙන්ම අභිධර්මය අහන්න.❤️

    • @KG-si7cv
      @KG-si7cv 2 ปีที่แล้ว +6

      අවුරුදු 40ක්ම එහේනම් බන නෙවෙයි සහෝදරයා අහලා තියෙන්නේ...ඒක ඔබේ වරදක් ධර්මය අධර්මය තෝරා ගෙනීමේ නොහෙකියාව...

    • @bulatha2888
      @bulatha2888 2 ปีที่แล้ว +2

      ඔබ හරි සිත මොකක්ද මනස මොකක්ද කියා නොදන්න බණ මාත් ඇහුවේ අදයි,..
      මේ වගේ අදහස් දාන්නේ බෞද්ධයෝ නොවේ අන්ය ආගම් කරයෝ එහි යටි අරමුණ ස්වාමීන්වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව නැතිකිරීමේ චේතනාවයි,...

    • @KG-si7cv
      @KG-si7cv 2 ปีที่แล้ว +3

      @@bulatha2888 ඒක එත්ත.

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      @@this.8540 Ven. Walpola Gothama Thero! Highly recommend! 💯

  • @slyouthtv429
    @slyouthtv429 2 ปีที่แล้ว +83

    පොහොය දිනවල කරන වැඩසටහන් දාලා වෙනම playlist එකක් හැදුවනම් ගොඩක් වටිනවා සර් ❤️

  • @bashithamadushan4513
    @bashithamadushan4513 3 ปีที่แล้ว +92

    මේ කරුණු හැමතැනින්ම අහල තිබ්බට මේ විදිහට ඇහුනෙ අද

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +167

    බුදුදහමෙ තවත් කරුනු විග්‍රහ කරන්න, ඔබතුමා පැහැදිලි කරන විධියට අහන්න තේරුම් ගන්න ආසයි. මේක ගොඩාක් හොද වැඩක් අනාගතයේත් ගොඩක් අයට දකින්න ඔබතුමාගේ මේ නාලිකාවෙ මෙය තිබේවි.

    • @thesangeethgg
      @thesangeethgg 3 ปีที่แล้ว +1

      👉 th-cam.com/play/PLfr1VvTz-ahk8WujwSce67tV7isJN6M2E.html

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      හැම සූත්‍රයක්ම සිංහලෙන් තියෙනවද? ත්‍රිපිටකය අධ්‍යනය කරන්ට පටන් ගන්නව නම් මොන කොටසින් පටන් ගන්න එකද හොඳ? අභිධර්මයද?

    • @hasiWills1021
      @hasiWills1021 ปีที่แล้ว +1

      @@Kevin_Silva_ ලේසිම විධිය පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ අභිධර්මය දේශනා යූටියුබ් චැනල් එක මුල ඉදලම සරලව උගන්නනවා අභිධර්මය ඒක අහන්න. 🙏

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      @@hasiWills1021 ස්වයං අධ්‍යනයක් කරන්ට කියලා තමයි බැලුවෙ තනියම! ධර්මය විකෘති කරනා පන්සල් හාමුදුරුවෝලා හින්දා ඒ ගැන තියෙන විශ්වාසය ටිකක් අඩු වෙලා වගේ තියෙන්නේ!☹️ කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා හොයා ගන්න බෑ!
      බුදුහාමුදුරුවෝත් කිව්වනේ කවුරුත් කිව්වට යමක් විශ්වාස කරන්ට එපා කියලා, තමන්ගේ බුද්ධිය මෙහෙයවලා හරි දේ විශ්වාස කරන්න කියලා! ඒ නිසා තනියම වැඩේට බහින්න යන්නේ!😏

  • @CharithaSandaruwan
    @CharithaSandaruwan 3 ปีที่แล้ว +77

    ඔබතුමාගේ මේ චැනල් එක මම හරිම ආසාවෙන් බලනවා. ඔබතුමා වගේ නිදහස් අදහස් තියන අය තව තවත් මේ රටේ පහල වේවා... ඔබතුමාගේ වැඩ කටයුතු අතිසාර්ථක වේවා... ජය වේවා...!!! 🙂🙂🙂👍

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +27

    මේ වැඩේ අතිවිශිෂ්ටයි සර් නවත්වන්න එපා දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි
    🙏♥️

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +7

    තමන් ශ්‍රේෂ්ඨත්වය ට පත්වෙන ගමන් අනුන්ටත් මාර්ගය පාදාදීම...ඇත්තටම ඔබට සිතේ නිවන ගෙනදෙනවාමයි!!🥰🌹

  • @chama6603
    @chama6603 3 ปีที่แล้ว +58

    හොද අරමුනක් වගේම හොද හිතක් ඇතිව කරගෙන යන හොද වැඩක්.
    ජයවේවා...💐
    ඔබතුමාගෙ උත්සාහය සාර්ථක වේවා. 👍

  • @oziiz3627
    @oziiz3627 2 ปีที่แล้ว +24

    නියම බුද්ධ දර්ශනය ගැන පහදා දෙන ඔබ තුමාට බොහොම පින්න්... අද කාලෙ මිනිස්සු යන්නෙ වෙනම දහමක❤️✨

  • @Shantha_ayya
    @Shantha_ayya 3 ปีที่แล้ว +69

    කලින් අහලා තියෙන දේවල් වුනාට හරියටම කරුණු ගොනු කරලා හැම දෙයක්ම තේරෙන විදියට එකිනෙක සම්බන්දතාවය පැහැදිලි කරපු එකට ස්තූතියි..

  • @shalithawijerangana7817
    @shalithawijerangana7817 3 ปีที่แล้ว +18

    විද්‍යාවේ අන්තිම පියවර මෙය විය හෑකී.. මේ දර්ශනය ලොකයට ගෙන යන්න, ඔබටත් ස්‍රෙශ්ට මනුස්සයෙක් විය හැකි.. ලංකාවේ අන්ද බක්තියෙන් බුදු දහම අදහන මිනිස්සුන මෙය එම දර්ශනය මදක් හෝ අවබොද කරගන්න ලොකු රුකුලක් වෙයි.. ස්තුති sir..

  • @damithmadusanka4485
    @damithmadusanka4485 2 ปีที่แล้ว +15

    උපමා සහිත බුද්ධ දර්ශනය පැහැදිලි කිරිම අති විශිෂ්ටයි..හදවතට බුද්ධියට අලෝකයක් ගෙනවා...මුනිවරයෙක් වගේ පැහැදිලි කිරිම...අනෙකුත් දර්ශනයයන් හරවත් ලෙස ලගදිම පැහැදිලි කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා..ඔබතුමාට ජය...තෙරුවන් සරනයි ❤

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r ปีที่แล้ว +5

    විද්‍යාව හා දර්ශනය කියන්නෙ මම පොඩි කාලේ ඉදලම හරිම ආසාවෙන් හොයපු දෙකක්.ඔබතුමා මේ දර්ශනයේ වැදගත්ම කොටසක් වැල්වටාරම් නැතුව ඉතාමත් සරලව තේරුම් කරලා දුන්නා.ස්තූතියි🙏❤️

  • @dayarathnabuddhika7082
    @dayarathnabuddhika7082 2 ปีที่แล้ว +5

    බුද්ධ දේශනාව මේ විදියට පැහැදිලි කරනවනම් මිනිස්සු අහන බණ මීට වඩා ප්‍රාරායෝගිකව කරන්න පුරුදු වෙයි කියලා මට නම් හිතෙන්නේ.... තව තවත් මෙවැනි පැහැදිලි කිරීම් කරන්නට ඔබට ශක්තිය ලැබේවා..බුදුසරණයි සර් ඔබට..❤️

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +52

    බුද්ධ දර්ශනය හරයාත්මකමව නිදර්ශන සහිතව පැහැදිලි කිරීම... අවබෝධ කරගැනීමට ඉතාමත්ම පහසුයි ! ඔබතුමාගේ දේශනය නව පරම්පරාවට ⁣ආස හිතෙනවිදියට ඉදිරිපත් කිරීම වැදගත් ...සුඛී දීර්ඝායුකෝ භව !

    • @malmidissanayake5670
      @malmidissanayake5670 2 ปีที่แล้ว

      හරිම ලස්සන පැහැදිලි කිරීමක්

  • @bjayaneththi
    @bjayaneththi 3 ปีที่แล้ว +9

    ගොඩක් කල් ඉදන් බලාපොරොත්තුවෙන් හිටියෙ මේ සාකච්ඡාව එනකල්. කල්‍යාණ මිත්‍රත්වය ට ස්තුතියි.

  • @akiladinith7433
    @akiladinith7433 3 ปีที่แล้ว +26

    අනේ සර් ඇත්තමයි කියන්නේ🤭🤭 6 වසරේ ඉඳන් දහම් පාසල් ගිය අවසාන ශ්‍රේණි වෙනකම්ම බණත් අහනවා සමහර වෙලාවට. මේවා 10 පාරකට වඩා අහන්ඩ ඇති සමහර විට. අද තමයි තේරුනේ ඔය කරුණු ටික 😂😂 සර් අර උදාහරණ ටික දාල ලස්සනට පැහැදිලි කරපු හන්දා තමයි. බොහොම පිං ඔබ තුමාට🙏🙏🙏
    ආයෙත් මේ වගේ video කරන්න සර්,

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +7

      ලොකු සතුටක් මට, ස්තුත්යි ඔබට

    • @mrmartin6525
      @mrmartin6525 2 ปีที่แล้ว

      හිනාවෙන්නද 😂

  • @Asha-lb8ri
    @Asha-lb8ri 3 ปีที่แล้ว +42

    සර්,
    "ජෝන් ට ලතින් ඉගැන්වීමට කලින් ජොන් ගැන ඉගෙන ගන්න ඕනෑ "
    කියලා කතාවක් මම අහලා තියෙනවා .
    සර් අපිට උගන්වන්නෙත් ඒ theory එකට කියලා හිතුණා .
    ඇත්තටම සර්ගෙ දේශනා හරිම පැහැදිලියි .මූලික දේ නැත්තම් මොනවා ඉගෙන ගත්තත් වැඩක් නෑ සර්.
    ලංකාවේ දරුවන්ගේ නැණස පාදන ඔබ තුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි !

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +3

      ස්තුත්යි ඔබට

    • @hathurikahemakanthi9813
      @hathurikahemakanthi9813 3 ปีที่แล้ว +1

      Sir
      Me adahasa gena mokada hithanne, ealaga poyata pehedili karana karanawata me genath awadanaya yomu karanna puluwanda
      th-cam.com/video/DDMzbUhl1is/w-d-xo.html

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +17

    බුදුපියාණන් වහන්සේ විසින් දේශිත උතුම් සද්ධර්මය අන්‍යයන්ගේ අවබෝධය පිණිස ලිහිල් බසින් තේරුම් කර දීම විශිෂ්ටයි.

  • @gnccreations277
    @gnccreations277 2 ปีที่แล้ว +35

    එක අතකින් හරිම සරලයි, තව අතකින් හරිම ගැඹුරුයි,

  • @madhawadaluwatte8134
    @madhawadaluwatte8134 2 ปีที่แล้ว +6

    ඔබතුමාගේ විග්‍රහය ඉතාමත් අගය කරනවා ....! විද්‍යාව තුලින් බෞද්ධ දර්ශනය පැහැදිලි කරන කොට තේරුම් ගන්න හරිම පහසුයි.....! ඔබතුමාගේ දැණුම තුලින් අපේ ජීවිත වලට ඉතාමත් වටිනා අදහස් දැනගැනීමට තේරුම් ගැනීමට අපිට සැලැස්වීම වෙනුවෙන් ඉතාමත් වටිනා සේවයක් සිදු කරන්නේ .....!
    ⁣ඔබතුමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි .....!
    💖🙏👍

  • @ramyarathnayake532
    @ramyarathnayake532 3 ปีที่แล้ว +13

    ඔබතුමන්ගේ උත්සාහය අති සාර්ථකයි. අපුරු ගොනුකිරීමක් මිත්‍රයා. පොත් කිපයක් කියෙව්වත් ගොනුකර ගනීම අපහසුයි. තව episode එකකට ලෝබ හිතුනා..♥️

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +14

    ඔබ වැන්න වුන් ලොවට බිහිවිය යුතු කාලය පැමිණ ඇත. 2024 වන විට අපෙ රටේ අනාගතය ඉදිරියට රැගෙන යන පිරිසක් බිහිකරන්න ,දායක වීම පිනක්, ඔබ තුමා ඇතුළු පවුලේ සැමට බුදු සරණයි.!!!!

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 2 ปีที่แล้ว +11

    තෙරුවනේ ආශීර්වාදයෙන් ඔබතුමා හැදූ වැඩූ දෙමාපියන් ගුරුවරුන් සියලුම දෙනා නිදුක් නිරෝගී සුවය ලැබේවා යහපතක්ම වේවා .

  • @sandun4983
    @sandun4983 3 ปีที่แล้ว +42

    ශ්‍රේෂ්ඨයි.
    මීට අමතරව
    1.ඔබතුමා වගේ මේවා කියාදෙන සත්පුරුෂ යාලුවෙකුත් ලැබෙන්න අවශ්‍යයි.
    2.ඒ යාලුවාගෙන් මේ මාර්ගය අසා දැනගත යුතුයි.
    3.මේ ඇසූ දේවල් නුවණින් හා සිහියෙන් අසා මනසින් නැවත නැවත සිතා බැලියයුතුයි.තමා තුල මාර්ගය පිලිබදව ඇති සැක දුරු කර ගත යුතුයි.
    4.ඉන්පසු කියා දුන් මාර්ගය පුහුණු කලයුතුයි.
    අපිටනම් ඔබතුමාව ලැබුනා.ස්තූති කිරීමට වචන පද නොමැත.

  • @user-sj2tp2rt5h
    @user-sj2tp2rt5h 3 ปีที่แล้ว +108

    අද පොහොය දවස වෙනකොට covid 19 මාරයගෙන් පෙලෙන සියලුම සත්වයෝ සුවපත් වේවා..🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +8

      ස්තුත්යි ඔබට

    • @sahantharaka9028
      @sahantharaka9028 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira th-cam.com/channels/WMS4oom8EsZc9foKt_Eajg.html

    • @randikag1585
      @randikag1585 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira can I get your email?

    • @dilanwee
      @dilanwee 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira සර්..පෙර කල පින් පව් සංසාර ගමන තුල විවිධ කාලෙන් කාලට විපාක දීම සිදුවන ආකාරය පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද???

  • @akiladilshan4936
    @akiladilshan4936 3 ปีที่แล้ว +5

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි. මම තව එක දෙයක් එකතු කරන්නම්. සතිය වර්ධනය කර ගැනීමට ලබා දෙන චිත්ත අරමුණකට තමයි අපි "කමටහන්" කියලා කියන්නේ. කමටහනක් මිත්‍රයෙක් ලෙස එදිනෙදා ජීවිතය ඈඳා ගත්තොත් ඉතාමත් වටිනවා.

  • @Surangaelactro
    @Surangaelactro 3 ปีที่แล้ว +12

    ""යේ සුප්පයුත්තා මනසා දල්හේන..🔥නෙක්කංමිනො එතං බුද්ධ සාසනං..."". ( යමෙකු දැල්වෙන මනසින් නික්ම යයිනම් එයයි සියලු බුදු වරුනේගෙ පණිවිඩය)

  • @htsuranga3740
    @htsuranga3740 2 ปีที่แล้ว +2

    බුදු දහම හරියටම මොකක්ද කියලා කෙනෙකුට පැහැදිලි කරන්න පුලුවන් විදිහට සරලව කාරනා පෙන්නලා දුන්නා..ඔබතුමාට පිං...

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 3 ปีที่แล้ว +17

    ඉදිරිපත් කිරිමේ කාරුණික සහ ප්‍රසන්න භාවය ඉතා වැදගත්.

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 ปีที่แล้ว +7

    සිත,මනස,, විඤ්ඤාණය පැහැදිලි කිරිම ගැන ස්තූතියි අභිධර්මය උගන්වන ස්වාමීන් වහන්සේ පවා මෙම තුනම සිත ලෙස හදුන්වනවා

  • @pathmasirip.jayasinghe8858
    @pathmasirip.jayasinghe8858 3 ปีที่แล้ว +35

    කොච්චර බණ ඇහුවත් නොතෙරුණු දෙයත් තෙරුණා. බුදුසරණයි සර්

  • @sarathkumara5977
    @sarathkumara5977 3 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි වීඩියෝ එක. සමස්තයම කැටි කරලා සරලව කියලා දුන්නා. මං වැඩිපුරම ආස සිත, මනස,විඤ්ඤාණය පැහැදිලි කරපු විදියට🙏

    • @henryperera1998
      @henryperera1998 2 ปีที่แล้ว +1

      ආශ්චර්යමත් ප්රකාශනයක්.ඉතාමත් ප්‍රයෝජනවත් පැහැදිලි කිරීම අර්ථානිවිතයි .ඔබතුමාට ගොඩාක් 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

    • @anuttaramedia
      @anuttaramedia 2 ปีที่แล้ว

      දර්ශනය පිළිබඳ දැනීම ඉතාම පැහැදිලි නිවැරදි, එය ප්‍රායෝගිකවම කලහැකි අභ්‍යාසයක් පිළිබඳ යම් අදහසක් තියෙනවද?

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +12

    තේරුම්ගැනීමට සහ ධාරණයට උපනිශ්‍රය වන පරිදි කරඇති විෂිස්ඨ විෂ්ලේෂණයට ඔබතුමාට බොහෝ කුසල්...🙏🌼🙏

  • @harshahdg
    @harshahdg 3 ปีที่แล้ว +3

    ඔබ තුමන් බෞද්ධ දර්ශනයේ ඉතා වැදගත්ම ගැඹුරුම කොටසක් මූලික හරය ඉතා ක්‍රමවත්ව පුලුවන් තරම් සරළව කියාදුන්න. ඔබ තුමන්ට පින් . ඇත්ත්ටම ගොඩක් දැන් බෞද්දාගම කියල ගොඩක් අය කරන්නෙ බුදුන් පවා ප්‍රතික්ෂේප කල ප්‍රාතිහාර පාපු දෙව්වල් ගැන රස කර කර බන දේශනා කරන එක. මෙවැනි ශ්‍රේෂ්ඨ දහමක සැඟවී ඇති මූලික හරය ගැන කතා කරන්නෙ නැති තරම්. ඔබ තුමන්ට ගොඩක් පින් . නිදුක් නීරෝගී වේවා ...තෙරුවන් සරණයි ....🙏

  • @aadaminda5717
    @aadaminda5717 3 ปีที่แล้ว +12

    ඔබේ පැහැදිලි කිරීමෙන් සියලු සිත් නිවෙිවා අවබෝධය ලැබේවා !!!

  • @danukadananjaya2823
    @danukadananjaya2823 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි සර්. 💜️ අපේ කාලෙ මුණිවරයෙක් . තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න ..ඇත්තටම ගොඩක් අයට තේරෙන්න කියල දෙනව .. 🙏💜️

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +7

    ඔබතුමා ඇතුළු ඔබතුමාගේ පවුලේ සැමටම නිදුක් නීරෝගී සුවය ලැබේවා! බොහොම පිං ඔබතුමාට 🙏🙏🙏
    කොරෝනා වසංගතයෙන් පීඩා විදින ලෝකවාසී සියලු සත්වයින් සුවපත් වෙත්වා! නිදුක් නීරෝගී සුවය ලැබේවා! කොරෝනා වසංගතය තුරන් වේවා! හැමදෙනාටම යහපත උදා වේවා!
    තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏

  • @kasunnimantha7715
    @kasunnimantha7715 2 ปีที่แล้ว +3

    දහම් පාසල් කාලෙදි ඇසූ ගොඩක් දේවල් ඉතා සරලව තර්කානුකූලව කියා දීම පිලිබද ස්තූතියි.ඔබතුමා කියා දෙන විදිහ සිත්ගන්නාසුලුයි...බුද්ධ දර්ශනය කියා දීම දිගටම කරගෙන යන්න කියා ඉල්ලා සිටිමි.ඉතා සිත්ගන්නාසුලු කරුනු කියා දීමකි.ඔබට පින්...

  • @indubandara9406
    @indubandara9406 3 ปีที่แล้ว +7

    බුදුහාමුදරුවන්ගේ දර්ශනය ඉතා හොඳින් සහ ඉතා සරලව පැහැදිලි කරමින් සකස් කල වටිනා වැඩසටහනක් .
    ඉදිරියට තවත් මෙවැනි වීඩියෝ සකස් කිරීමට ශක්තිය ලැබේව.බුදුසරණයි.

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 2 ปีที่แล้ว +10

    ‌ලස්සන සරල පැහැදිලි කිරීමක්. බොහොමත්ම ස්තුතියි කාලය කැපකිරීමට, අප වෙනුවෙන්.

  • @uniboy1774
    @uniboy1774 3 ปีที่แล้ว +4

    මේ කතාව ඉංග්‍රීසි භාශාවටත් පරිවර්තනය කලානම් මාර වටිනව, වර්තමානේ ලෝකය මේ දේවවාදී ආගම් වලින් බැහැර වෙලා,දර්ශනයක් හොයාගෙන යනව. විශේශයෙන්ම Germany වගේ රටවල බුද්ධ දර්ශනය ගැබුරින් අධ්‍යයනය කරනව.
    අයින්ස්ටයින් එක වතාවක් මෙන්න මෙහෙම කතාවක් කියල තියනව. *"Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and the spiritual, and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity.”*
    ජයෙන් ජයම වේවා sir 🔥👌

  • @artlife8549
    @artlife8549 3 ปีที่แล้ว +6

    ඔබතුමාට පුලුවන්නම් පෝය දවස වෙනකන් ඉන්නැතුව,සතියට එක පාරක් මේ වගේ ,බෞද්ධ දර්ශනය ගැන පැහැදිලි කරන video එකක් දාන්න....plzz.....ඉදිරියට එන පරම්පරාවන් ගෙ චින්තනය යහපත් කරන්න ඒක ලොකු රුකුලක් වෙයි.....ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @chandragunawardana5075
    @chandragunawardana5075 3 ปีที่แล้ว +8

    ඉතාම වැදගත් දේශනාවක්. අත්දැකීම් එක්ක ගැලපි ගැලපි යනවිට පුදුම සතුටක් ඇතිවුණා.
    වචනය සංසිදීම ලස්සනට පැහැදිලි කලා. ඔබතුමාට තෙරුවන් සරණයි !

  • @thilankasenasinghe
    @thilankasenasinghe 3 ปีที่แล้ว +7

    එහෙම කම්මැලි හිතෙන්නේ නැහැ කියනදේ රසවත්නම්
    අනික එහෙම හිතේ තියෙන දේ ඔක්කොම කිව්වාම ලොකු සැහැල්ලු ගතියක් දැනෙනවා
    සන්කීර්න දේවල් සරලව පැහැදිලි කරන්න ඔබේ තියෙන හැකියාව අනර්ගයි.

  • @dhammikegunahilleke1435
    @dhammikegunahilleke1435 2 ปีที่แล้ว +12

    Buddhism explained better than a monk. I listened 50 years to various sermons this short clip made me realize better. My tacit knowledge also helped me. I believe

  • @worldone4833
    @worldone4833 ปีที่แล้ว +1

    කෙතරම් ගැඹුරු දහමක් වුණත් කෙතරම් ගැඹුරු දර්ශනයක් වුණත් ඉතාමත්ම සරළව පැහැදිලිව අපට කියලා දැන් ඔබතුමාට ගොඩක් පින්❤

  • @dasunchathuranga5887
    @dasunchathuranga5887 3 ปีที่แล้ว +9

    ටිකක් දීර්ඝ උනෙත් නෑ,ටිකක් බෝරිං උනෙත් නෑ රුචිර මහත්මයා අති සාර්තකයි ,🙏ජය.

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 ปีที่แล้ว +1

    ඔබ තුමා විසින් බුදු දහමේ මනස පිළිබඳ කල මෙම වීඩියෝව දකින්නාට මෙතෙක් තේරුම් ගත නොහැකිව තිබූ මනස, සිතුවිලි ,සිත විඤ්ඤාණය පිළිබඳ තේරුම් ගැනීමට ඉතා වැදගත් වේවි. ඔබ තුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!

  • @SNalin1986
    @SNalin1986 3 ปีที่แล้ว +6

    ආර්යාස්ටාන්ගික මාර්ගය ගැන අහපු හොදම ව්ග්රහය. ගොඩක් අය දන්නව උනාට අගයක් දන්නෑ. අග සිට මුලට ආපු එක හොදයි. ඇලීමේ ස්වාබාවයේ තරමටම දුක ඇතිවෙන හැටි ඔබතුමාට ඉතා හොදට පැහැදිලි කරන්න පුලුවන් වේවි. පුලුවන්නම් වැඩසටහනක් කරන්න.ගොඩක් වටිනව දැන් සමාජෙට.🙏🙏

  • @chandanaappuhami
    @chandanaappuhami 3 ปีที่แล้ว +1

    මම උපතින් කතෝලික අහම්බෙන් බුදුන්වහන්සේගේ ඉගැන්වීමක් අහන්න ලැබුන. එදා ඉදන් අහුවෙන හැමදේකින්ම උන්වහන්සේගේ දර්ශනය ඉගෙනගන්න බලනවා. ගැටළුවක් උනේ එක පාර තේරුම් ගන්න අමාරු, අමතකවෙන ගතියක් තියෙනවා. ඔබ තුමාගේ සරල ඉගැන්වීම දැන් ගමන ටිකක් ඉක්මන් කලා. පුලුවන්නම් මේවගේ ඒව තවදාන්න අපිවගේ අයට හරි වටිනවා. මට නිකන් දැනටත් පරක්කුවෙලා කියලා දැනෙනවා🙂

  • @dusha7589
    @dusha7589 3 ปีที่แล้ว +3

    ඔබතුමාගේ දේශණය ඉතාම වටිනවා. ඒ වගේම ඔබතුමාගේ ඉදිරිපත් කිරීම ඉතාම හර්දයාංගම බව පේනවා. බොහොම පින්. ඔබතුමා ඉදිරියටත් බුදු දහම විද්‍යාව තුලින් පැහැදිලි කරනවානම් අද සමාජයට බොහෝ වැදගත් වේවි. විද්‍යාවෙන් මත් වෙලා දහමක් නැතිව සසර දික් කරගනිමින් ඉන්ම අයට පිහිටක් වේවි.
    තෙරුවන් සරනයි

  • @sirisenarajapakse2279
    @sirisenarajapakse2279 ปีที่แล้ว

    මේ දර්ම කරුණු අනන්තවත් අහල තියෙනව....ඒත් මේ ලෙස හිතට වදින ලෙස නෙවෙයි ....ඉතා විශ්ෂ්ට පැහැදිලිකිරීමක් මහතාණෙනි....ඔබතුමාට මෙවන් අගනා දේශනා පැවැත්වීමට නිදුක් නිරෝගි බව,සියලු ශක්තිය ලැබේවා ....ලැබේවා ...🙏

  • @sarathranasinghe1671
    @sarathranasinghe1671 2 ปีที่แล้ว +3

    i live in the Western World and in one of the biggest cities in the planet, NEW YORK CITY....Accidently came across this clip and i got mesmerized and dumfounded after carefully listening the approach for the path for NIRVAANA in simple layman language.. It appears that most of us are lost and roaming like wild animals in this Sanssara...Let me touch his feet and bless and offer my heartfelt sincere gratitudes. Keep up with your good works for those who are blind in their minds. You are a shinning star in my sky....BUDUSARANAI SAMADAA OBATA.....

  • @bandulaperamune320
    @bandulaperamune320 2 ปีที่แล้ว +1

    ඔබ තුමා නම් සැබෑම නියම විද්‍යාඥයෙක් වෙන අය ලොකු උගත්කම තියාගෙන තමා බුදු දහමට නිගරු කරනවා ඔබතුමා පැහැදිලිව බුදු දහම පිළිබඳ කියා දුන්නා ඔබට තෙරුවන් සරණයි

  • @vimukthifonseka4702
    @vimukthifonseka4702 3 ปีที่แล้ว +5

    සර් මේ වැඩේ ඉතාමත් හොද, උතුම් දෙයක්. බුද්ධ ධර්මයේ ඇති ගැඹුරු සංකල්ප ඉතා සරලව පැහැදිලි කලා.ස්තුතියි ඔබට.🙂🙏

  • @duleemalakshika
    @duleemalakshika ปีที่แล้ว +1

    බුදු දහම ගැන ගොඩාක් දේවල් ඉතා සරලව තේරුම් ගත්තා.. ඔබතුමා මේ වගේ කරුණු තවත් අපට පැහැදිලි කරනකම් අපි මග බලන් ඉන්නවා... බොහෝම ස්තූතියි..

  • @manojkulasekara369
    @manojkulasekara369 2 ปีที่แล้ว +4

    සර් ඔයාගේ වචන සිතුවිලි මට මගේ මල්ලීව මතක් කරවනවා. බුදුන් දවස ඉක්මනින්ම දර්මය අවබෝධ කරගන්න ඇත්තේ ඔය විදිහට මනස සැකසුන අය වෙන්න ඇති. මල්ලී දිගටම වැඩසටහන කරගෙන යන්න. බුදු සරණයි.

  • @samandias4942
    @samandias4942 3 ปีที่แล้ว +2

    ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට ශ්‍රේෂ්ඨමනුස්සයෙක්ගේ පැහැදිලිව දේශනාවක,.බොහොම අගෙයි .. නවතත් ඔබට ගොඩක්.පින්,

  • @rashmineranjana6590
    @rashmineranjana6590 3 ปีที่แล้ว +4

    සිත සමාදි ගත කරන ආකාරය ගැන ඉතාමත් හොදින් පැහැදිලිව කියලා දුන්නට ඔබතුමාට ගොඩක් පින් .🙏

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 3 ปีที่แล้ว +2

    sir මේ video එක දාන තුරු මම බලන් සිටියා. මම Modern physics ඉගෙන ගත් සෑම ආචාර්ය වරයෙක් ම බුද්ධ දර්ශනය කතා කලා. ඒ සෑම ආචාර්ය වරයෙක් ම sir වගේම මනස දියුණු කරලා තිබුනා. මොහොතින් මොහොත කුසල් වැඩී ප්‍රීති සුව ඒකාග්‍රතා ඉක්මවා ආර්යය මාර්ගයට ඔබ තුමාගේ සිත පත්වේවා....

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 2 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ මේ විග්‍රහය නම් අති විශිෂ්ඨයි👍❤️🙏Thank you sir 👍

  • @diwyaly1027
    @diwyaly1027 ปีที่แล้ว

    පුදුම ලස්සන පැහැදිලි කිරීමක්, ලස්සනට ගලපල පැහැදිලි කරල පිළිවෙලින්
    විමුක්ති මාර්ගය පිලිබඳව අපහට කල ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමට සර්ට ගොඩාක් පින්!
    මෙපින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධය පිණිස සර් ඇතුලු සියලූම දෙනාට හේතුවාසනා වේවා!

  • @pasindusandeepa9530
    @pasindusandeepa9530 3 ปีที่แล้ว +4

    ❤️❤️.මේක අනිවාර්යයෙන්ම කියවන්න සර්.බොහොම ස්තූති.සර් මට තියන ප්‍රර්ශ්නය තමා මාත් සර් වගේ හිතන්නේ.විශ්වාසය ඕනේ ඕනම දෙයක් ආරම්බ කරන්න.හැබැයි කිසිම දේකට පදනම විශ්වාසය යොදාගන්න හොද නෑ.පදනම අව්ල් ගිය ගමන් ඒක උඩ හදපු කිසි දේක තේරුම නැති වෙනවා.මන් ඇතුලුව ගොඩක් පිරිසකගේ ආත්මය ගැන විශ්වාසය ඇති .නමුත් එම විශ්වාසයම මදි සියල්ල හැරදා ගොස් නිවනට පැමිනෙන්න.නිවනට එන්න කලින් එක පාරක් පෙනුනොත් මට සන්සාරය කියලා එකක් තියනවා කියලා හොද තාර්කිකව අනිවාරෙන් මම නෙවෙයි කවෘරුත් සන්සාරේ රැදෙන්න කැමති නැති වෙයි.අපි දැන් කරන්නේ දෙපැත්තටම හරියන්න match එක ගහන් යන එක.කවෘත් හිතන් නැති උනාට දර්ශනය දන්න සියලුම දෙනාගෙ හිත් වල කොනක තියනවා බැරිවෙලාවත් සන්සාරය නැතිනම් අපරාදේ මේ ලැබුන ජීවිතේ විදිලම ඉවරයක් කරනවා කියන එක .හැබැයි විද්‍යශයෝ තවටත් පේන් නැති e නය ඇත්තටම තියන්වා කියලා තර්ක විරහිතව දැන් ඔප්පු කරලා අවසන් .අද ඔබේ දේශනයත් බොහොම තාර්කිකයි.අනේ සර් බොහොම පින් ඔබට ,ඔබට පුලුවන්නම් තාර්කිකව සන්සාරයක් ඔප්පු කරන්න කිසිදු skip කිරීමකින් තොරව මේ වගේ ඒක කරන්න මන් ඉල්ලනවා.ඔබේ කාලය අපතේ යාමක් සිදු වෙන් නෑ අනිවාර්යයෙන්ම .thank you ❤️❤️❤️

    • @koskadawalamirigama7577
      @koskadawalamirigama7577 10 หลายเดือนก่อน

      මම ස්වාමින්වහසෙ කෙනෙක්. .ඔබේ අදහස්ම මා තුලත් තියෙනව.❤

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 2 ปีที่แล้ว +2

    විශිෂ්ඨයි... හාමුදුරුවන් වහන්සේ කෙනෙකුගේ ශෛලිය නොවන විශිෂ්ට පැහැදිලි කිරීමක්...මේ උතුම් කාර්‍යය තව තවත් සුන්දර ලෙස කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව පහල වේවායි ප්‍රාර්ථනා කරමි...

  • @sooriyabandara3724
    @sooriyabandara3724 2 ปีที่แล้ว +4

    ඉතාම පැහැදිලි ලේස විස්තර කලා හරිම සතුටුයි.තෙරුවන්සරණයි !!!

  • @sushanashantha3345
    @sushanashantha3345 2 ปีที่แล้ว +1

    මේ සිත ගැන කරන වැඩසටහන දිගටම කරන්න.. ඔබව අහන්නේ ඇත්තටම ඇත්ත තේරුම් ගන්න උත්සහ කරන වටිනා පිරිසක්.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +8

    ගිය පෝයට වගේම මේ පාරත් හොඳම හොඳ වැඩ සටහනක් කලට බොහොම පිං

  • @Plus-u4m
    @Plus-u4m 2 ปีที่แล้ว +1

    සර් සුපිරියට පැහැදිලි කරනවා නේ.මේ දැනුම අපි දැනන් හිටියේ නෑ මේ වෙනකන්.වෙලාවට යූටියුබ් චැනල් එකක් පටන් අරන් අපිට ඒ දැනුම බෙදලා දෙන්නේ.තෑන්ක්ස් වේවා 😌🙏

  • @ChannelAP166
    @ChannelAP166 3 ปีที่แล้ว +5

    මම මෙච්චර කාලෙකට ඇහුව හොදම බන.❤️ දිගටම කරගෙන යන්නෙ. ජය වෙවා

  • @nilanthathilakarathna5804
    @nilanthathilakarathna5804 3 ปีที่แล้ว +5

    අද නම් ගොඩක් වටිනවා මේ වගේ දේවල් කරන්න ඔබට වඩාත් ශක්තිය ධෛර්යය ලැබේවා. බණකට ඒහා ගිය වැදගත් දේශනයක් මේ වගේ දේවල් අපි තව තවත් බලාපොරොත්තු වෙනවා

  • @ruwanthushara6602
    @ruwanthushara6602 3 ปีที่แล้ว +7

    ඔබතුමා මේ ගන්න උත්සාහයට අපි ගොඩක් ගරු කරනවා...ස්තුතියි

  • @dilanthalakmal7152
    @dilanthalakmal7152 2 ปีที่แล้ว +1

    ඇත්තම විද්‍යාව කියන දේ එපාම වෙලා තිබ්බෙ........ ඒ උනාට සර් නිසා , විද්‍යාව කියන දේ ගැන හොයන්න හිතුනා. ඇත්තටම ගොඩක් වටිනවා බොහෝම පින්........
    හැමදාම මම සර්ගෙ වීඩියෝ බලනවා 👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +3

    හද ගිම් නිවනා ලොව්තුරු සුව ගෙනෙනා නිවුණු හඩ ඔබතුමාට පෙර පිනෙන් හිමිවී තිබෙන බව හැගේ . ඔබතුමාගේ දහම් දේශනා ඉතා නිරවුල් ය බෝසත් මග ගත් ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ekavinda
    @ekavinda 2 ปีที่แล้ว +4

    හැමදාම බන ඇහුවත් මේ ටික පිලිවලකට ගොනු කරගන්ඩ බැරිවුනා. ඉඩ ලැබෙන හැම වෙලාවෙම මෙවන් ද3 අපි වෙනුවෙන් කරන්න. ශ්‍රේෂ්ඨ මිනිසෙක්

    • @niroshadamayanthi9502
      @niroshadamayanthi9502 ปีที่แล้ว

      බන වල මේවා වෙන වෙනම තියන්නෙ ලොකු දේශනා.මම තේරුම් ගත්තෙත් අවු 10 ක් විතර අහලා. මෙතුමා කෙටි කලේ ලොකු දෙයක්

  • @indumaduwanthiekanayaka2867
    @indumaduwanthiekanayaka2867 2 ปีที่แล้ว +6

    අවිද්‍යාව නිසාම මේ බියකරු සසරෙහි අතරමං ව සිටින බොහෝ පිරිසකට යථාර්ථය දෙසට යොමුවීමට බලවත් ප්‍රේරණයක් ඔබතුමාගේ මේ වචන තුළ ගැබ්ව ඇත . බොහොමත්ම පින් .
    තෙරුවන් සරණයි 🙏🙏🙏.

    • @user-fe1sv8bq4x
      @user-fe1sv8bq4x 2 ปีที่แล้ว

      මොකක්ද අවිද්‍යාව කියන්නෙ. ඔබ තුමිය දන්න විදියට.

    • @indumaduwanthiekanayaka2867
      @indumaduwanthiekanayaka2867 2 ปีที่แล้ว

      @@user-fe1sv8bq4x සසරෙම කිසිම දෙයක් දැකලා නැති , අහලා නැති, දැනිලා නැති, විඳලා නැති අපි මේ ඇස නිසාම, මේ කන නිසාම, මේ නාසය නිසාම, මේ දිව නිසාම , මේ ශරීරය නිසාම, මේ මනස නිසාම නැති සංඥාවක් ඇති සංඥාවක් බවට පත්කරගෙන එය නිත්‍ය කරගෙන එය සමඟ ඇලෙමින් ගැටෙමින් සංස්කාරයන් රැස් කර ගනී. මෙය සිද්ධ වන්නේ අවිද්‍යාව නිසාම ය. අවිද්‍යාව දුරු කළ කල්හි වේදනාව, සංඥාව, සහ සංස්කාරයන් දුරුවී භව නිරෝධය ඇති වේ. නමුදු අවිද්‍යාව දුරු කිරීමට නම් අශ්ව ලෝමය සියයට පලන්න පුළුවන් තරම් ප්‍රඥාවක් අවශ්‍යමය. ප්‍රඥාව පහළ කර ගැනීමට නම් සිහිය අවශ්‍යය. සිහිය සහ ප්‍රඥාව අවශ්‍ය නම් සමාධිය අවශ්‍ය ය. සමාධියට යෑමට අවශ්‍ය නම් ශීලය රැකිය යුතුමයි. සැබෑ ප්‍රඥාවන්තයා කිසිවක අන්තයට නොයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරයි.

    • @user-fe1sv8bq4x
      @user-fe1sv8bq4x 2 ปีที่แล้ว

      @@indumaduwanthiekanayaka2867 අහලත් නැත්නම් ,දැකලත් නැත්නම්,දැනිලත් නැත්නම්,විඳලත් නැත්නම් ,දැන් අහනව,දකිනව,, දැනෙනව විඳිනව කියල එකක් වෙන්නෙත් නෑ නෙ. ඒ වගේම අනාගතේත්.
      එහෙමනම් නැති දෙයක් තියෙනවා යැයි ගැනීමද අවිද්‍යාව හෙවත් සසර කියන්නෙ.

  • @samudramendis6459
    @samudramendis6459 ปีที่แล้ว

    ගොඩාක් හොද පාඩමක්.ස්වාමින් වහන්සේ නමකටත් වඩා පැහැසිලි කරිම විශිෂ්ඨයි.
    ඔබ ඉක්මනින්ම නිවන් මග අවබෝධ කරගනිවි.එසේම වෙිවා.මෙි පින් හේතුවාසනා වෙිවා.හදවතින්ම පුාර්ථනා කරමි.
    ඔබට නිවන් සුව!🙏🙏🙏

  • @wasanthafernando7612
    @wasanthafernando7612 2 ปีที่แล้ว +3

    සර් වචන නැහැ කියන්ඩ.ජි්විතය හරිම සුන්දරයි කියල හිතෙනව සර්ගේ ලෙක්චර් බලද්දි ඒක අපේ.වාසනාව.ඔබට දි්ර්ගායු ලැබේවා.......

  • @Theekshanadanthanarayana1235
    @Theekshanadanthanarayana1235 3 ปีที่แล้ว +2

    සර්... ඉපදුන දවසෙ ඉදන් බන ඇහුවා. ඒත් ඔබ තුමාගෙ වචන ටිකෙන් තමයි මේ උත්තම දර්ශනය තේරුම් ගන්න අඩිතාලම වැටුනෙ. මෙය මහගු පුන්‍යකර්මයක් ඔබටත් ඔබේ බිරිඳ, ආදරණීය දියනිය ඇතුලත් පව්ලේ සියලුම දෙනාටත්🙏🙏🙏🙏

  • @sugathadhamma3500
    @sugathadhamma3500 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පිංවත් මහත්මයාණෙනි.ඔබතුමා ඉතාම නිවැරදිව ලොකු ධර්ම පර්‍යායක් සරලව දේශනා කලා.සරලව කියල දුන්න.සෑහෙන ගැඹුරක් සරල වචන වලින් කියන එක හැමෝටම පිහිටන්නෙ නැති දක්ශකමක්.මිනිස්සු වචන වල අතරමන් වෙලා.මිනිස්සු මෝඩ නෑ.මෝඩ නැති මිනිස්සුන්ට හිතවත් බවින් ලං වෙලා සරලව මේ ගැඹුර කියා දෙන්න පුලුවන් නම් මේ දර්මය තව විශාල ප්‍රදේශයක පතුරවන්න පුලුවන්.අනිත් කාරනාව තමයි ස්වාමීන් වහන්සේ නමකට වඩා බන කියන තරුන ගිහි පිංවතෙක් ආකර්ෂණීය යි.ස්වාමීන් වහන්සේලා කොහොමත් බන දේශනා කරනවනෙ.ගිහි තරුන පිංවතෙක් ඒක කරද්දි ලස්සනයි.අනික ඔබ තුමා ධර්මයට හානියක් නොකොට ඉතාම ලස්සන වගේ ගැබුරු ධර්මයක් සරලව කියල දෙනව.ඒක ඉතාම ප්‍රශංසනීයයි.මම කැමතිම දේ තමයි ඔබතුමා හේතුඵල වාදීව ක්‍රමානුකූලව පිලිවෙලින් ගැඹුරකට ශ්‍රාවකයාව රැගෙන යන ගතිය.මම කැමති පිංවතුනි බෞද්ධයිනි නොකියා ඒ වෙනුවට මිතුරනි යහලුවනි යනුවෙන් යොදපු ආමන්ත්‍රණයන්ට.අපි මේ හිරුමඩල කොටු කරගත යුතු නෑ.මේ හිරුමඩල අයිති මුලු විශ්වයටමයි.ඒ නිසා බෞද්ධයින්ට පමනක් කතා නොකොට යහලුවන්ට හා මිනිසුන්ට කතා කිරීම ඉතාම ප්‍රශංසනීයයි.මේක විශ්වීය දහමක්.පාරම්පරික බෞද්ධ කම අමතක කරල ඇත්ත තේරුම් ගන්න කැමති ඕනම තැනක ඕනම රටක ඕනම ආගමක ඕනම සංස්කෘතියක ඉන්න තමන්ගෙ යහලුවන්ට මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරවීම පිනිස මේ කරන වෑයම දිනෙන් දින සඵල වේවා.නැවතත් මෙවැනි දේශනයක් ඇසීමට බලාපොරොත්තු වෙමි.මම සුගත ධම්ම හාමුදුරුවෝ.තෙරුවන් සරනයි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      ඔබ වහංසෙට ඉතාම ස්තුත්යි මේ වචන වලින් මාව දිරිමත් කලාට. මා අද යමක් මේ පුංචි කරුණක් දන්නවා නම් එයට එකම හේතුව තමයි සංඝ රත්නයේ සාමිචිපටිපන්න ගුණය නිසාමයි

  • @gayanmadushika9790
    @gayanmadushika9790 3 ปีที่แล้ว +2

    ලස්සනට පැහැදිලි කරල දුන්නා. ඔබ තුමාට දර්මය අවබෝධ වෙන්න මෙ පින හේතු වේවා..! තෙරුවන් සරණයි..!

  • @kalpanarathnayaka8671
    @kalpanarathnayaka8671 3 ปีที่แล้ว +20

    බොහොම රසවත් හා අර්ථාන්විත පැහැදිලි කිරීමක්.ඔබතුමාට බොහොම ස්තුතියි 🙏❤️

    • @parakramadbandara1502
      @parakramadbandara1502 2 ปีที่แล้ว

      ස්තුතියි ........!
      ඔබගේ සම්ම වායාමය සාර්ථක වූවා යැයි විශ්වාස කරමි .....!💖

  • @jayanijaya2638
    @jayanijaya2638 2 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ මෙම පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා. ඇත්තෙන්ම, සිත දෙස බලන ආකාරය හොඳින් සිතා බලන ආකාරය කියා දුන් අයුරු අපූරුයි. නැවතත් අපව දැනුවත් කරන තුරු මග බලාගෙන ඉන්නවා. ඔබතුමා ට තෙරුවන් සරණයි !!!

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 2 ปีที่แล้ว +3

    හරීම ලස්සනට පිලිවෙලට කියල දුන්න සර්...ඒක මට විස්තර කරන්න තේරෙන්නෙ නෑ... හරියටම ...පුදුම තරම් පැහැදිලි ... ඔබ තුමාට බොහොම පිං .❤️🙏🏻

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 2 ปีที่แล้ว

    මධුපින්ඩික සූත්‍රය , මහා පුන්නම සූත්‍රය ,මහා සලායතන සූත්‍රය චචක්ක සූත්‍රය වැනි ගැඹුරුම සූත්‍ර වල අන්තර්ගත කරුණු විද්‍යාව අනුව සිතීමට පුරුදු අයට ඒ අනුව ගොනුකර සර්ල බසින් හානියක් නොවන ලෙසින් විග්‍රහයක් කර දීම ඉතාමත් වටිනා දෙයක් , තෙරුවන් සරණයි ඔබතුමාට,...!""
    නිදුක් නිරෝගි සුවපත් භාවයත් ඉක්මනින්ම ප්‍රාර්ථනා අයුරින් ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මන් භවයකදී පහසුවෙන්ම සසර දුක් කෙළවර කිරීමට හැකිවේවා...!!!!

  • @nimalsamaraweera9501
    @nimalsamaraweera9501 3 ปีที่แล้ว +15

    Normally I don’t listen to descriptions of Buddha’s message from a lay person (mostly it is the blind leading the blind) but did this time as I had viewed your posts on other topics and was impressed by them. Thank you for this post I think you conveyed the core of Buddha,s teaching so well in this single short post !! Wish you all the best!!!

  • @buddhikaedirisinghe2683
    @buddhikaedirisinghe2683 2 ปีที่แล้ว

    සර්, මම මේ දේශනය කිහිපවිටක් අැහුවා. අහන්න අහන්න අාසයි. ඒකට හේතුව (මම සිතන පරිදි) ඔබ ඒ ගැඹුරු කරුණු පහදා දෙන විද්යාත්මක , සාධක සහිත පෙළඹීමක් අැතිවන අයුරින් මෙම දේශනය ඉදිරිපත් කිරීමයි. සර්ටත් ඒ සදහා හොඳ කෞශල්‍යයක් තිබෙනවා. සර් ට ගොඩක් ස්තූතියි වගේ ම පිං ...🙏🙏🙏

  • @wilmalalagiyawanna1860
    @wilmalalagiyawanna1860 3 ปีที่แล้ว +4

    අපෙ ස්වාමීන් වහන්සේලාට මෙ විදියට ධර්මය පැහැදිලි කිරීමට හැකියාව තිබෙනවා නම්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      Hm, mamath danna punchi deyak unath igana gatthe ehema thamayi

  • @nobody-lk9bx
    @nobody-lk9bx 2 ปีที่แล้ว

    ඔබතුමා මේ වැඩසටහනේ ඉදිරිපත් කරපු කරුණු ඉතාමත් නිවැරැදියි . ඔබ මේ ඉගැන්නුවේ බුදුදහමේ හරය අභිධර්මය . මේ කාලෙ බිහෝ පිරිසක් පිරිත් සූත්‍ර ගැන පමණයි උනන්දු වෙන්නෙ .

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 3 ปีที่แล้ว +13

    තරුණ ඔබ....
    ■ අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ
    • චතුරාර්ය සත්‍ය
    • අභිධර්ම මාර්ගය
    • කෙලෙස් 1500
    පොත් පරිශීලනය කරත්වා...
    ■ "විශුද්ධි මාර්ගය" කියවා භාවනාවට යොමු වෙත්වා...
    ■ අඩුම වශයෙන් පිරිත් පොත් වහන්සේ තුල අන්තර්ගත "සච්චවිභඞ්ග සූත්‍රය", "ගිරිමානන්ද සූත්‍රය" ගැඹුරින් අධ්‍යයනය කරත්වා....
    ■ දක්ෂ ගුණවත් ගුරුවරයකු වෙතින් තරුණ වියේදීම "අභිධර්මය" ඉගෙන ගන්නට යොමු වේවා...
    සියලු දෙනාට තෙරුවන් සරණයි!....

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      බෙහෙවින් ස්තුත්යි ස්වාමීන්වහන්ස

    • @kumudujayasinghe376
      @kumudujayasinghe376 3 ปีที่แล้ว

      ඔබ වහන්සෙ නිවන ඒපොත් වලින් පසක් කලාද?..
      කලානම් අපිටත් කල්‍යාණ මිත්‍රත්වය ලබා දෙන්න..
      පොත් කියවා තවම නිවන පසක් කලේ නැත්නම් කාලාම සූත්‍රය පිලිපදිමු...
      මා.යනු
      .මිදී නිදහස් වීම ..
      මා පිටක සම්පදාය
      මා සමනො ගරෝති..
      දැනුම හා දහම තමා තුලින් දැකීම දෙකක්..
      ඔබවහන්සෙට උතුම් නිවන් මග පසක් කර ගැනීමට හේතු සකස් වේවා යි අධිෂ්ඨාන කරමි ..
      සියලු ලෝක සියලු ලෝක සත්වයෝම නිදුක් නීරෝගී වේවා සුවපත්වේවා ...

    • @user-fe1sv8bq4x
      @user-fe1sv8bq4x 2 ปีที่แล้ว

      නැ නෑ සර් ඔය යන විදිය හොදයි.

    • @user-ye2uc7pe6x
      @user-ye2uc7pe6x 4 หลายเดือนก่อน

      ​@@kumudujayasinghe376 බුද්ධ පුත්‍රයන්ව ප්‍රශ්නකිරිමට පෙර කාලාම සුත්‍රය තේරුම්ගන්න උත්සහ කරන්න 😊මුලින්ම

    • @user-ye2uc7pe6x
      @user-ye2uc7pe6x 4 หลายเดือนก่อน

      අවසරයි පින්වත් හිමියනි, රුචිර සර්ගේ මේ දේශනාව ශ්‍රවණය කලාද? ඔබවහන්සේට යම් ගැටලුකාරි බවක් නැද්ද මේ දේශනාවේ
      මනස සිත විඥ්ඥානය ඒ ඒ අවස්ථාවල ක්‍රියාකාරිත්වය අනුව යෙදෙන නම් පමණි

  • @gayanhashara7106
    @gayanhashara7106 2 ปีที่แล้ว +2

    කුහකකමක් නැතිව තමන් දන්න දෙවල් කියා දෙන එකත් එක්තරා විදියේ කුසලයක් තමයි ඔබට ජය

  • @gamindaadassuriya6136
    @gamindaadassuriya6136 3 ปีที่แล้ว +5

    ඉපදුන දා සිට ගොඩක් දේශනා අහලා තියෙනවා , පොඩ්ඩක්වත් බෝරින් නෑ එය ආසාවෙන් බලාගෙන හිටියා ,මට හිතුනා කාලය මදි කියලා,තව ටිකක් කාලය ගන්න තිබ්බා නම් හොඳයි කියලා

  • @dilendrasiribaddana6917
    @dilendrasiribaddana6917 ปีที่แล้ว

    හරිම ලස්සනට අර්ථවත්ව පහසුවෙන් තේරුම්‍ යන විදියට කියලා දෙනවා..මේ‍ වගේ බුද්ධ දර්ශනය පිළිබඳ වූ වීඩියෝ අප වෙතට ගෙන එන ලෙස කරුණාවෙන් ඉල්ලමි…බුදු දහම වගේ ගැඹුරු විෂයක් සරලව ඉදිරිපත් කරන හොඳම ඉදිරිපත් කිරීමක්..සුවපත් වේ‍වා..!!! තෙරුවන් සරණයි ඔබ තුමාට..!!! 🙏🙏🙏❤️❤️❤️

  • @pksujathagomes7468
    @pksujathagomes7468 3 ปีที่แล้ว +7

    ගොඩාක් හොද වැඩසටහනක්. බොහොම පිං ඔබතුමාට.

  • @chamindajayalath7310
    @chamindajayalath7310 2 ปีที่แล้ว +2

    බුදුු දහම බුද්ධිමතුන්ට පමණයි. සංකීර්ණ කාරණයක් සරලව පැහැදිලි කරා . තව තවත් මෙවගෙ වැඩසටහන් කරන්න සර්. තෙරුවන් සරණයි.

  • @srilankatube3166
    @srilankatube3166 3 ปีที่แล้ว +4

    ඉතාම ස්තුතියි මහත්මයා. මේක ඉතාම ඉහල වටිනාකමක් තිබෙන වීඩියෝවක් .

  • @awesome3769
    @awesome3769 ปีที่แล้ว +1

    සර්ට කියන්ඩ අපේ මහලොකු බෞද්ධයෝ මන අායතනය කොහෙද තියෙන්නේ කියල අැහුවොත් එක හොල්මනක් කියල තමයි හිතන් ඉන්නේ එ් උනාට මන ඉන්ද්‍රය මොලය කියන්ඩ දන්නැති අව්රුදු ගානක් පරන බෞද්ධයෝ ඉන්න රටක් මේක, හැබැයි මිනිස්සුන්ගේ වරදක්නෑ බලපුවම මොකද ඔය ගැන පැහැදිලිව කියල දෙන්ඩ ගුරුවරු අඩුයි ගොඩක් භික්ශුන් වහන්සෙලා දන්නෙත්නැ ඉතින් නමට බෞද්ධ, ගොඩක් පිං ඔබතුමාට💛