"මාව පෙන්නලා ම ලියවා ගත්ත නයන කළූ සින්දුව ඔයා නොකියා බණ්ඩාර අතාවුදට දුන්නෙ ඇයි ? | Gunadasa kapuge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 621

  • @jagj5452
    @jagj5452 ปีที่แล้ว +41

    දුක්ඛ දෝමනස්ස වලින් පිරිච්ච අපේ මිනිසුන්ගේ ඉරිතැලී ගිය හදවත් සුවපත් කළ, උතුම් මනුසත්කමින් පිරුණු හදවතක් තිබූ ගුණදාස ශූරීන්ට නිවන් සුව ලැබේවා 🙏
    ඉන්ද්‍රඛීලයක්ව එතුමාට සවියක් වුණු ඔබ තුමියට සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණය ලැබේවා!

  • @hemanthihemanthi8503
    @hemanthihemanthi8503 ปีที่แล้ว +100

    මගේ ප්‍රියතම ගායකයා කපුගේ කියන්නේ
    එතුමාගේ බිරිද දන්නේ අද
    සදාකාලික හඩ
    ඔබ තුමාට නිවන් සුව පතනවා

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 9 หลายเดือนก่อน +1

      Our great singer Gunadasa Kapuge is one of the our heartiest reader.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +15

    අදත් ශ්‍රි ලාංකිකයන් වන අප මොන රටෙ හිටියත් කපුගෙ මහත්තයා ගෙ ගීත නොකඩවාම රස විදිනවා. ඒ එම ගීත ඕනෑම විටක රස විදිය හැකි විශිෂ්ට නිර්මාණ නිසයි.
    ගුණදාස කපුගෙ මහත්මයා වැනි ඉතාම දක්ශ අනතිමානි කලාකරුවන් අද ලංකවෙ නැත. එම නිසා තමයි අදටත් මේ උතුම් මනුස්සයාගෙ වටිනකම අපට දැනෙන්නෙ. එතුමාගෙ බිරිඳ සහ දරුවන් තමන්ගේ ස්වමියාගෙ, පියාගෙ ගරුත්වය රකිමින් හොදින් ජිවත් විම ගැන දැන ගන්නට ලැබිම ගැන සතුටුයි. තවත් දශක ගනනාවක් මේ අමරණිය කලාකරුවානන්ගෙ ගීත ශ්‍රි ලාංකිකයන් රස විදිනු ඇත. ගුණදාස කපුගෙ මහත්මාට නිවන්සුව ලැබේවා!

  • @ChamilaHerath-m2m
    @ChamilaHerath-m2m ปีที่แล้ว +32

    මට අවුරුදු 10 දී අනුරාධපුර බාලිකා විද්යාලයේ මම ඔබ තුමියගෙ නැටුම් උගන්වන හැටි මම පන්තියෙ කොට බිත්තියේ ආසාවෙන් බලාගෙන හිටියා.කවදාවත් අමතක වෙන්නේ නෑ.කපුගෙ මහතාගේ ගීත අමරණීයයි.ඔබ තුමියට නිදුක් නීරෝගී බව ලැබේ වා.

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +73

    එතුමා ඔබට අපට ලොවට අය්ති අමරණීය කලාකරුවෙක්. මතක් වෙනකොටත් දසදහස් ගණනින් නිලුපුල් දෑස් තෙමෙනවා ඇති. එතුමාට නිර්වාන සුවය ලැබේවා.. !! ☸️🙏🙏

  • @manjusenarathna7541
    @manjusenarathna7541 ปีที่แล้ว +73

    ඔබ තුමියට ගොඩක් පිං. අපේ හදවතේ එකම ගායකයාව රැක බාල ගත්තට. බුදුසරණයි ඔබ තුමියට. තවමත් ඔවු අපේ හදවතේ ඉන්නවා.

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +49

    මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි .
    ඇත්තටම මෙතුමිය හදුන්වා දීම බොහොම වැදගත් .හරිම සතුටුයි .

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +24

    සාන්තුවරු කසාද බැන්දම වෙන දේ සරලව. ඇයගේ කළමණාකාරීත්වය ඔහුට ආලෝකයක් වෙලා තියෙන බව පැහැදිලියි. හිත හයිය ගැහැණියක් ඇය. නිරෝගීව දීර්ඝායු ලැබේවා.
    ඇයට නිදහසේ කතා කරගෙන යන්න අවස්ථාව දීපු එකට මහරු කණ්ඩායමටම ස්තූතියි.

    • @kajiniamanda3631
      @kajiniamanda3631 ปีที่แล้ว +1

      බොහොම ස්තූති ඔබේ ආදරය ට ❤

  • @DayawathiKandamulla
    @DayawathiKandamulla ปีที่แล้ว +59

    අනුරාධපුර බාලිකාවේ අපේ නැටුම් ගුරුතුමී. මගේ දුව ගයනි අද මෙතන ඉන්නේ .මේ ගුරුතුමියගේ දක්ෂතාවය ,කැපවීම, ධෙෙර්යය නිසයි. නිදුක් නීරෝගී දිවියක් ලැබේවා . ඔබ තුමියට බුදු සරණයි. දෙවි පිහිටයි.

    • @JcjcFrg
      @JcjcFrg 10 หลายเดือนก่อน

      ❤️

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 7 หลายเดือนก่อน +12

    ඔබ රත්තරං තැවරූ යකඩ ගැහැණියක්.ස්තුතියි. දුක්ඛ දෝමනස්ස වලින් පිරිච්ච අපේ මිනිසුන්ගේ ඉරිතැලී ගිය හදවත් සුවපත් කළ, උතුම් මනුසත්කමින් පිරුණු හදවතක් තිබූ ගුණදාස ශූරීන්ට නිවන් සුව ලැබේවා
    ඉන්ද්‍රඛීලයක්ව එතුමාට සවියක් වුණු ඔබ තුමියට සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණය ලැබේවා

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 ปีที่แล้ว +9

    ඉතාමත් සංවරව, පැහැදිලි සංවාදයක් දිගට ම ඇහුන්කම් දුන්නා . නුඹ සංවාදයේ යෙදෙන වෙලේ නුඹගේ ගුණ අප හදවත් තුළ ලියැවුණා. කොහොම බරක් උහුලන් වුවත් පවුල් ජීවිතයත් රැකගෙන ලස්සනට ජීවත් වෙමින් ධර්ම මාර්ගයේ ගමන් කරන නුඹට දීර්ඝායුෂ සම්පත්තිය මෙන්ම නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා...🙏❤️

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 ปีที่แล้ว +36

    ඉතාමත්ම හරවත් වැඩ සටහනක්. එතුමියගේ හැම චචනයකම අර්ථාන්විත බවක් දැක්කා.ඇගේ ගලාගෙන යන වාග් විලාශය, අසන්නාට දැඩි රුචියකින් ශ්‍රවණය කල හැකිව තිබුනා.Prema කපුගේ නමැති දිරිය කතට, (Madam Prema kapuge) මගේ ගෞරවය පිරිනමමි.පවුලේ සියලු දෙනාටම සුභ අනාගතයක්.කපුගේ මහතාට නිවන්සුව ලැබේවා.නිහඩව සිටිමින් වැඩ සටහන මෙහෙයවූ ඔබටද ස්තුතිය පිරිනමමි.

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 ปีที่แล้ว +37

    බිරිඳක් වශයෙන් ඔබ ඉටුකර ඇති යුතුකම් වල ශක්තිය නිසාම කපුගේ වැනි මනුස්සකම හඳුනන ගායකයෙකුගේ යුග මෙහෙවර මේ රටට ලැබුනු බව අද දැනගත්තා. කපුගේ දයාබරයානන්ට නිවන් සුව පතන අතරම ඔබතුමියට නිදුක් නිරෝගී සුවය පතනවා. ඒ වගේම වෙල්ලස්සේ ජනතාව වෙනුවෙන් එතුමා ගැයූ බිම්බරක් සෙනග ... ගීතය අප හද පත්ලේ නිරතුරුවම නින්නාද වන බවත් එතුමාට ගෞරවයක් වශයෙන් සදහන් කරනවා.

  • @asankapushpakumara6051
    @asankapushpakumara6051 ปีที่แล้ว +24

    එතුමාට ජවය ජීවය දුන් ඔබතුමිය දේවතාවියක් 🙏🙏❤️❤️🌹🌹

  • @малинкидом
    @малинкидом 4 หลายเดือนก่อน +8

    ❤කවුරුවත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති ඉහිරුනු මල් පාරේ දවසක හමුවෙමු දවසක හිනැහෙමු අපි ආයේ ❤ ආසම ගීයකී එතුමාගේ 😊😊😊

  • @ssjayawardena7249
    @ssjayawardena7249 ปีที่แล้ว +66

    ඒ උතුම් ගායකයාටත් ඔහුට ශක්තියක් වූ මෙම කුල කතටත් නිර්වාණාබෝධයම වේවා.

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 ปีที่แล้ว +23

    Respect Madam...❤❤සෑම සාර්ථක මිනිසෙකු පිටිපස යහපත් බිරියක් සිටී..!!
    අද ඉන්න කාන්තාවන්ට ලොකු ආදර්ශයක්..❤ ...
    ඔබ ඉතාම වැදගත් අයුරින්, සත්‍ය ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරනවා..කිසිම දෙයක් සඟවන්න නැතිව...!!! සැබෑ ජීවිතයේ යථා තත්ත්වය ඒ විදියට ම...
    ලොකු කම් නෑ, ඇත්තටම අගය කරනවා..හදවතින්ම ගරුකරන ව..ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා....❤❤❤❤❤කපුගෙ මහතාට නිවන් සුව පතමු..!!ප්‍රදීපාගාරයක පාමුලට එහි ආලෝකය ලැබෙන්නේ....!!? සංවාදය මෙහෙයවන කාන්තාවත් එතුමියගේ කතාවට ඉඩදී සිටින නිහතමානී බව ඉතා අගය කරමි ❤

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 ปีที่แล้ว +68

    ඔබ රත්තරං තැවරූ යකඩ ගැහැණියක්.ස්තුතියි.

  • @shineisle2263
    @shineisle2263 ปีที่แล้ว +127

    අපි හදවතින්ම ආදරය කල,ආදරය කරන ඒ සොඳුරු සංගීතඥයෙක්,ගායකයෙක් වන ගුණදාස
    කපුගේ අයියාගේ බිරිඳ වන ඔබ අපිට නම් මහා මෙර පර්වතය තරම් වටිනා රැජිණකි.🙏

    • @DayaWijenayaka-ru5so
      @DayaWijenayaka-ru5so ปีที่แล้ว +3

      හදපිරි ආදරය ඔබට ❤️❤️❤️කපුගෙ මහතා සොදුරුතම ගායකයාණනි ඔබට නිවන්සුව අත්වේවා 💓💓💓💓💓

    • @premakapuge7777
      @premakapuge7777 ปีที่แล้ว +2

      ගරු කරනවා theruwansranayi

    • @samanthapathiraja7583
      @samanthapathiraja7583 ปีที่แล้ว +1

      ප්‍රේම මිස් ,අපි අනුරාධපුර සෙන්ට්‍රල් එකේදි ,PGDE කළා .class එකට ටිකක් පරක්කු වෙලා එන ඔයා ආයුබෝවන් !! කියන ලස්සන දෑත් එකතු කරල තාමත් මතකයි .ආදරෙයි නිරහංකාර කමට ගොඩාක් .❤️

  • @atampahura
    @atampahura 3 หลายเดือนก่อน +1

    වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාව විශිෂ්ටයි

    • @kajiniamanda3631
      @kajiniamanda3631 หลายเดือนก่อน

      බොහොම ස්තූති ඔබේ ආදරය ට... ♥️🙏

  • @MaharagamaMaha
    @MaharagamaMaha ปีที่แล้ว +127

    නිවේදිකාවනි ඔබ අපූරුයි..අතරමැදට නොපැන නිදහසේ එතුමියගෙ අදහස් ප්‍රකාශයට ඉඩ දෙන අයුර..❤️💐

    • @kajiniamanda3631
      @kajiniamanda3631 ปีที่แล้ว +1

      බොහොම ස්තූති ඔබේ ආදරය ට ❤️

    • @abeysinghebanda4832
      @abeysinghebanda4832 ปีที่แล้ว +6

      මේ සාකච්ඡාව මෙහෙයවූ අමන්දා ගෙන් මෙවැනි සාකච්ඡාවක් මෙහෙයවන්නේ කෙසේදැයි බොහෝ දෑ උගත හැකියි. එය ප්‍රවීනයැයි කියා ගන්නා සාකච්ඡා මෙහෙයවන්නට අපූරු පාඩමක්. ඇගේ මෙහෙයවීම මේ සාකච්ඡාවට ආලෝකයක්. ඒවගේම ප්‍රේමා කපුගේ මහත්මිය කළ ඒ අනුපමේය කැපවීමට හා ඇයගේ අව්‍යජ බවට මාගේ උත්තමාචාරය ! ජනතාදී ගායකයාට නිවන් සුව පතමි .

    • @kajiniamanda3631
      @kajiniamanda3631 ปีที่แล้ว +2

      @@abeysinghebanda4832 බොහොම ස්තූති ඔබේ ආදරය ට ❤️

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc ปีที่แล้ว +2

      ඇත්තටම 👍

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 ปีที่แล้ว +23

    ඔබ නියම හැහැණියක්, වටිනා අගනා තැනැත්තියක් ඔබේ අදහස් හරි ම අවංකයි.අවසාන වශයෙන් ඔබ කී උතුම් වචනය මම අද දවස ජීවත්වෙනවා. හෙටක් අනාගතය ක්,අතීතය ක් ගැන හිතන්නේ නැහැ කියලා .ඔබ හරියට ම හරි , දහම ඉන්නවා නම් වියයුත්තේත් එපමණයි . ඔබට මෙලොව සැනසීමත් අපේ ආදරණීය ගෞරවණීය මතකයෙන් ඈත්නොවන ප්‍රෞඩ කටහඩක් ඇති මියගියත් නොමියෙන ඔහු ගුණදාස කපුගේ උත්තම පුරුෂයාණන්ට අජරාමර නිර්වාණාවබෝධය ම මතු මෑත භවයදීම ලැබී එලොව සැනසීම උදාවේවා !! මම පොළොන්නරුවෙන් එතුමන්ගේ ගිත ප්‍රියතම ශ්‍රාවිකාවක්.🙏🙏❤️❤️

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 ปีที่แล้ว +45

    ප්‍රේමා මහත්මියනි ස්තුතියි ඔබට , කපුගේ කියන්නෙ රජරට සේවයට තෝතැන්නක් සපයා දුන් උතුම් මනුස්සයෙක් , ගැයූ ගීත අප හදවත් තුල නොමැකී තියෙනවා ...

    • @thusithakumari9464
      @thusithakumari9464 ปีที่แล้ว +3

      කපුගේ ගායකයාව ගෞරවයෙන් සිහි කරම් ප්‍ර්‍රෙමා මහත්මිය ඔබ දැක ගන්න ලැබීම සතුටුයි ❤❤❤❤

  • @leezakrisha5415
    @leezakrisha5415 4 หลายเดือนก่อน +3

    බලන්න දැන් ඉන්න විකාර jeewitha gatha කරන අය වගේද කියලා. වටිනා kathabahak. පොලොවේ පය ගහලා ඉන්න ගැහැණියක්. ගුණදාස කපුගේ මහතා නිසායි අපි මේ කතාව අහන්නේ. මනුස්සකම් වපුරමින් jeewath උණු අපේ පැරණි සිංහලයා neni... ඔබට උතුම් නිවන ම වේවා. මහත්මිය ඇතුළු දරුවන්ටද සතුටින් jeewath වෙන්න ලැබේවා

  • @palithadisanayake2867
    @palithadisanayake2867 ปีที่แล้ว +9

    අපිත් අනුරාධපුර. සතුටුයි හඳුණා ගන්න ලැබීම ගැන.

  • @jayanthasenanayake1703
    @jayanthasenanayake1703 ปีที่แล้ว +39

    මගේ ජීවිතයේ වැඩිපුරම ආදරය කරන ගායකයා.ඔබතුමිය ගැන දැනගත්තේ අදයි.තෙරුවන් සරණයි ඔබතුමියට. කපුගේ මහතා කළාවූ සමාජ සත්කාරවල පිනෙන් එතුමාගේ සසර ගමන කෙළවරවී ඉක්මන් නිවන් සුව ලැබේවා.!

  • @canthi147
    @canthi147 ปีที่แล้ว +6

    අදෙරනිය කපුගේ ගායකයාණනි, හැමදාම ඔබ අපේ හදවත්වල ජිවත් වෙවි නිවන් දකින්න...
    ඒ වටිනා මනුස්සයාට සැනසිලිදායක ජාවිතයක් දි දුක් කරටගත් ඔබට නිදුක් නිරෝගි ශාන්තිමත් ජිවිතයක්හදවතින්ම පතමි..
    .ඔබතුමියට උපහාරයක් වෙිවා මෙය......
    අහිංසක කපුගේ ගායකයාගේ මනෙව දයා ගුන සමුදාය රැගත්,ඔබෙි ගුන සුවද පිරූ දරුවන් රටට වාසනාවන්..............❤

  • @mangaladesilva4038
    @mangaladesilva4038 ปีที่แล้ว +8

    ඉතාම හැගීම් බර වැඩ සටහනක් .ඔබ තුමිය ශ්‍රේෂ්ඨ කාන්තාවක් .ඒ විශිෂ්ඨ කපුගේ මහතා සමග ගත කල ඒඅතීත ජීවිත කතාව ලියා පොතක් වශයෙන් පල කරන්න .එතුමා දාන පාරමිතාව මේ දිවි ගමනේ සම්පූර්ණ කලා .ඔබ තුමිය සහකාරිය ලෙස එයම ඉශ්ට කලා .මම ඇසු හරිම හැගුම්බර ,අර්තවත් සාකච්චාවක් . ඔබ තුමියට සහ දරුවන්ට සොබාදහම , මේ විශ්වයේ සියලු ශක්තීන් පිහිට වේවි . එසේම වේවා .ජීවිත ගමන ගෙන යන තරුන පරම්පරාවට ඔබගේ ජීවිත කතාව මහගු ආදර්ශයක් වේවි නිසැකයෙන් ම .

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +25

    අපගේ ආදරනිය කපුගේ සූරීන්ගේ ආදරනිය බිරිඳ ප්‍රේමා කපුගේ මහත්මිය පිලිබදව තොරතුරු කිසිවක් දැනගෙන හිටියේ නැහැ මේ සාකච්චාවෙන් පස්සේ තමයි සියලු විස්තර දැන ගත්තේ ඔබ තුමියට බුදුසරණයි දීර්ගායුස වේවා

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +14

    ගුණදාස කපුගේ මහතාගේ...ගී. ...මහා සමාජ විවරණයක් තුල...ගැයුණු... සමාජය වැළඳගත්
    තියුණු කට..හඬකි...
    අනුරපුරදී හඳුනාගත් ඔබ දෙදෙන හා කුඩා දරු දෙදෙන .මතකය තුල ඇත.. ජීවිතයම පිළිගත් ඔබ තුමියට.
    අපේ සුභපැතුම්.

  • @maliterlouw93
    @maliterlouw93 ปีที่แล้ว +9

    මගෙත් ආදරණීය ගායකා අදටත් ❤❤❤❤❤❤එතූමාට නිවන් සූව ලැබේවා

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +12

    එදා මෙන්ම අදත් අපේ හිතේ සදා නොමියෙන අසමසම මානව හිතවාදියා...කපුගේ මහතානනි අමාමහ නිවන්සුව ලැබේවා...එමෙන්ම නිහතමානීකමේ සැබෑ සලකුන කපුගේ මැතිනියනි ඔබතුමියටද දීර්ගායුශම ලැබේවා...❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +19

    එතුමාගේ ගීත හැම එකක්ම ලස්සනයි. අදරනියයි. අර්ථවත්. එතුමා ගී ගැයුවේ හදවතට

  • @chandanagunawardana8177
    @chandanagunawardana8177 ปีที่แล้ว +12

    කපුගේ මහත්මිය ඔබ තුමිය දකින්න විස්තර අහන්න වීම හරිම සතුටක් . ගුනේ කියන අකුරු දෙකේ තේරුම තේරුම හිතාගන්න බරි තරම් ඔබතුමියට නිදික්නිරෝගී ජීවිතයක්

  • @M.Sapumalee
    @M.Sapumalee ปีที่แล้ว +36

    මෙතුමිය කියු බොහෝ දේ මටත් මතකයි ,බොරලැස්ගමුවෙ පිරිවෙන පාරේ අපේ ගෙවල් ළගම තමයි චන්ද්‍රරතන මානවසිංහ මහත්මයාගෙ ගේ තිබුණෙ ඒක හරිම කලාත්මක මැදුරක් කලාකරුවන් හුග දෙනෙක් එහි නතර වෙලා හිටියා ආවා ගියා, ඇත්තටම ඒ කාලේ අපිට මතකයි මානවසිංහ මහත්මයාගෙ සොහොන් කොත තිබුණෙ ඇහැල ගස්වලින් සෙවන වුන ඒ වත්තෙම කොනක සමහර සැන්දෑවල ඒ හිටිය කලාකරුවන් එතැන සංගීත භාණ්ඩයක් වාදනය කරනව ගීත ගායනා කරනවා පුංචි කාලේ එතැනින් යද්දි අපි දකිනවා. මානවසිංහ පවුලෙ අය ඇත්තටම හරිම මිත්‍රශීලී හොද අසල්වැසියො.ඒ දවස්වල කපුගේ මහත්මයා උදේ හවස අපි දකිනවා මෙතුමියත් එතුමා සමග නිතර ඒ නිවසට එනවා, ඒ යුගයේ බිහිවුන බොහෝ කලාකරුවො බොහොම සරල සුන්දර ජීවිත ගත කළ හරිම නිහතමානි මිනිස්සු ,
    ඒ අයගෙ ඒ සරල සුන්දර නිහතමානිකම නිසාම තමයි අදටත් මතුවටත් ආදරණීය රසිකයන්ගෙ හදවත්වල ඒ අය අමරණීය චරිත විදිහට සදාකල් රැදී ජීවත් වෙන්නෙ.
    කපුගේ ගෙ ගීත අතර තිබුණ සුන්දරම වදන් පෙලක්
    " සබද අපි කදු නොවෙමු
    උනුන් පරයා නැගෙන....."

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +13

    හරිම හරවත් වැඩසටහනක්.❤️මගෙ බිසවු නේ අසාපන්...
    ලස්සන ගීතයක්.දන්න කපුගේ ගැන නොදන්නා කතා ගොඩාක් දැන ගත්තා.දිරිය කාන්තාවක්.හරිම දුකයි.අහගන ඉන්නකොට වේදනයි.අද කාලෙ නම් සිය පාරක් දික්කසාද වෙලා.එදා කාලේ ගැහැනු කොයි තරම් ඉවසා දරා ගන්නවාද.මෙතුමියට මේ තරම් එයාගැන කතා කරන්න දීම හරිම වටිනවා.මෙතරම් කාලයක් කියන්න හුගාක් දේවල් හිතේ පුරෝගන ඉදලා ඒ සියලුම දේවල් අද දෝර ගලාගන ගියා.ප්‍රේමා මහත්මියව දැකීම සතුටක්.නිවේදිකාවත් පුදුම ඉවසීමකින් අහගන හිටියා.හරිම හොදයි.❤වැඩකට නැති අයව ගේනවට වඩා මේ කරපු වැඩේ හරිම අනර්ගයි.මෙතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

    • @kajiniamanda3631
      @kajiniamanda3631 ปีที่แล้ว

      බොහොම ස්තූති ඔබේ ආදරය ට ❤

  • @yamunahemamali3390
    @yamunahemamali3390 ปีที่แล้ว +33

    නූතන යශෝදරාව ඔබ.....මිත්‍ර..ඇතුළු පවුලේ සියලු දෙනාට විශ්වයේ ආශිර්වාදය..ත් කපුගේ මහත්මයාට ඔහු පැතුවේ යම්සේද එලෙස ඉටුවේවා..මැතිණිය ඔබට නිදුක් නීරෝගි භාවය ලැබේවා..හදවතින්ම පතමි

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +11

    මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ ඇත්තටම මගේ පලවෙනි නැටුම් ගුරුවරිය ඇය අදටත් මම ගොඩාක් ආදරය කරන ගුරු මවක් කොහේදි දැක්කත් දණ නමා වදින්න අමතක වෙන්නේ නෑ ආයි ඒ කාලෙට යන්න පුලුවන්නම් ඒ ආදරය ලබන්න පුදුම ලෝබ කමක් තියෙන්නේ හරිම නිහතමානී නිර්ලෝබී චරිතයක් හැමදාම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන්න මගේ ටීචට ආදරෙයි හැමදාම❤❤❤❤❤❤❤❤❤❤ගුණදාස කපුගේ සංගීත ගුරු පියාණනි ඔබට අජරාමර නිවනින් සැනසේවා

    • @koshilawaththaladeniya1329
      @koshilawaththaladeniya1329 ปีที่แล้ว

      Shantha කියලා teacher කෙනෙක් English ඉගැන්නුවා ද? මාදිවෙල රාහුල විද්‍යාලයේ... ප්‍රේමා මිස් එක්ක...

  • @DhaRuPerera
    @DhaRuPerera ปีที่แล้ว +96

    කොයිතරම් ඉවසිලිවන්ත බිරිදක්ද .. මුළු විවාහ ජීවිතේම බර තනියම දරාගත්ත, අපූර්ව ගැහැනියක් ... ලෝකෙටම දයාව දැක්වූ මිනිසෙක්ට තමාගේම අය මගහැරුනා..
    අසිමිතව මධුවිතට ඇබ්බැහි නොවුනානම්, අදටත් ඒ සොදුරු හඩ අපිට තියෙනවා..

    • @mangalikagrm9363
      @mangalikagrm9363 ปีที่แล้ว +1

      Oba harema ewasilewantha dahiriyawantha aadarshamath biridak harima aadambarai kapuge mahatha soduru manussayek dan hoda thnaka athi pama mahathmiya obata theruwan saranai

    • @FernandoLiyanaarachchigeju-p1h
      @FernandoLiyanaarachchigeju-p1h ปีที่แล้ว +4

      ආතත,විතත විතතාතත ඝන සුසිර, යහමින් දත් වියත් සකි නුඹෙ මුව විවර, එසැනින් නිදුක් සුවපත් වුනි දන මෙපුර,මදසර සැරෙන් ස්වර වුනි මගකදි නතර 😢.

    • @ranjithrajarathna6707
      @ranjithrajarathna6707 7 หลายเดือนก่อน

      ​@@FernandoLiyanaarachchigeju-p1h6k

  • @kajiniamanda3631
    @kajiniamanda3631 ปีที่แล้ว +17

    ආශාවේ මල් වැටෙන් එබී..
    නිලුපුල් දෑසින් මදෙස බැලූ..
    නයන කළු ඔබ මගේ කළු..
    නයන කළු ඔබ මගේ කළු..
    එතුමිය සැබැවින්ම නිහතමානී, ආදරණීය, සුන්දර, කාන්තාවක්. සෑම ආදරණීය පිරිමියෙකු පිටුපසම මෙවැනි යෝධ සෙවනැල්ලක් සේ නොසැලෙන කාන්තාවක් සිටීම ඉතා ගෞරවනීයයි. ඔබතුමිය එක්ක programme එක කරන්න ලැබීම සතුටක්.. දීර්ඝායු වේවා ! ❤️🙏

    • @sajithsri08
      @sajithsri08 ปีที่แล้ว +1

      Thank you Kajini for giving a lil space to this great lady. Highly appreciated. ♥️

    • @kajiniamanda3631
      @kajiniamanda3631 ปีที่แล้ว +1

      @@sajithsri08 thank you so much for your lovely comment ❤️

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 7 หลายเดือนก่อน +8

    ඇත්තටම කපුගේ කියන්නෙ මිනිස් ආත්මයක් ලබපු දෙවිකෙනෙක්.❤❤❤

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +29

    කපුගේ මහතාගේ දායබර බිරිද විමත් ව්ශෙසයි
    කපුගෙ මහතා නිර්ලෝබික, උතුම් මනුෂ්‍යත්වය පිරි විශිෂ්ඨ කලාකරුවෙක්
    ලබාදුන් තොරතුරු වට ඔබතුමියටත් ස්තුති යි
    කපුගෙ මහතා ට නිවන් සුව ලෙබෙවා !!!

  • @kamaldananjaya3287
    @kamaldananjaya3287 ปีที่แล้ว +7

    අපේ ගමේ ගායකයා. සත්පුරුෂ මිනිසා ඔබට නිවන් සුව. ඇයට දීර්ඝායුෂ

  • @manujawijesekara5535
    @manujawijesekara5535 ปีที่แล้ว +34

    කතාවෙන්ම තේරෙනව ..
    කපුගේ සර් වගේම පොළවෙ පය ගහල ජීවත් වෙන සුන්දර මිනිස්සු..
    බොරු සෝබන , ලොකුකම් මුකුත් නැ..
    ඇත්තටම respect Madam

  • @jamesbandaranayske695
    @jamesbandaranayske695 ปีที่แล้ว +27

    My favorite Singer even now. ඉතාමත් සොදුරු මිනිසෙක් ඉතාමත් හොද තැනක අද ඉපදිලා ඇති .

  • @MenuThilo
    @MenuThilo 5 หลายเดือนก่อน +3

    ඉවසීමෙ ප්‍රතිමූර්තියක් ඇය නම්.
    කපුගේ සුන්දර මිණිසාණෙනි..............
    ඔබට ස්වර්ග දොරටු ඇරේවා.❤

  • @seelapathirana3345
    @seelapathirana3345 6 หลายเดือนก่อน +4

    කපුගේ කලාශුරින්ගේ වටිනාකම අගය කරන ඔබ වැනි බිරිදක් රටට ආදර්ශයක් මගේ පුතා කපුගේ ශූරීන්ගේ ගීත වලට හරිම ආස කරන; සහ ගී මුමුණන 40 දශකයේ ජිවත් වන පුතෙක් - මමත් වයසක අම්මා කෙනෙක්!! එතුමාට නිවන්සුව අත්වේවා! මෙම සිරිලකට එතුමාගේ බැල්ම විශ්වයේ කොතනක සිටියත් ලැබේවා ඒ මගේ පැතුව!!........

  • @NewAli-f5o
    @NewAli-f5o หลายเดือนก่อน +1

    ඒතුමා ට නිවන් සැප අත්වේවා

  • @mrsred5806
    @mrsred5806 ปีที่แล้ว +10

    Nivedikavage මෙහෙයවීම ඉතාමත් ප්‍රසංසනීයයi. අනෙක් අයට ආදර්ශයක්.

    • @kajiniamanda3631
      @kajiniamanda3631 ปีที่แล้ว +1

      බොහොම ස්තූති ඔබේ ආදරය ට.. ❤

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว +113

    කපුගේ ගීත ගැයුවෙ ජනතාවගෙ හදවතටමයි. ප්‍රේමා මහත්මිය ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 ปีที่แล้ว +1

      Kapuge.mahathmaya gena danagena hitiyata methumiya gena danne adai sathutui.a gana lassana weda satahanak thank you

  • @NiroshaKumuduni-n5g
    @NiroshaKumuduni-n5g ปีที่แล้ว +16

    අනේ මගේ නැටුම් මිස්..ඒ හිනාව තාමත්.... ස්වර්ණපාලි යේ නැටුම් කාමරයට ඔසරිය ලස්සනට ඇදලා මේ හිනාව පුරෝගන බෑගය පසෙකින් තියලා ඔසරිපොට ගහගෙන ඉනට අපි හැරෙද්දී මිස් අඩිය නටලත් ඉවරයි.....අදටත් මතකයි මිස්ව දකින්න ලැබීම සතුටක්..... පතනවා නිරෝගිමත් දිවියක්... බුදුසරණ යි.....

  • @PremasiriQatar
    @PremasiriQatar 4 หลายเดือนก่อน +1

    මා හදවතින්ම ආදරේ කල ඉතාමත් නිහතමානී සුන්දර කලා කරුවෙක් ගුණදාස කපුගේ මහතා 🥰 ඔහුට ආදරේ ඇති රසිකයෙක් මම 🥰🥰🥰🥰ඔබ තුමිය ඇතුළු පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි 🌹🙏🙏

  • @priyantha0
    @priyantha0 ปีที่แล้ว +76

    මේ වගේ ගෑනු/ කාන්තාවෝ කතා කරනවා අහගෙන ඉන්න ආසයි.යතාර්තවාදීයි, නිර්ව්‍යාජයි,ඉගෙනගන්න බොහෝදේ තියෙනවා .

  • @chandranisenarathne8852
    @chandranisenarathne8852 ปีที่แล้ว +12

    ඔබතුමියගේ ඉවසීමේ ගුණයට ස්තුතියි.ඒක අපටත් ආදර්ශයක්

  • @senarathbandara7723
    @senarathbandara7723 ปีที่แล้ว +3

    බැරැඩ්මන් ජ්යවිර මහතා සමග කිහිපවිටක් එතුමා හමුවි ඇත ,එ අනුරාදපුරේදි , අතිසය සුන්දර මිනිසෙක් නිවන් සැප ලැබේවා , පොලොන්නරුවේ ජානක වික්‍රමසින්හ ගායකයා එතුමගේ ගොලයෙක් එ ඇසුර ප්‍රියකලා ,සුජිව විරසුරිය , මා ඉතා සුන්දර කාලයක් ගෙව්වා ,හවසට සින්දු රසවින්දා එතුමගේ හඩින් , ඉතා සුන්දර නිහතමානි පෞලක් ,මෙතුමිය අතිසය දක්ස නර්තන සිල්පිනියක් , මහා දැවැන්ත පෞර්සව , මිනිසුන්ට හරියට ඉස්සරහට එන්න අතහිත දුන් සැබෑ මිනිස්සු , කපුගේ මහතා මහා දානපතියෙක් , එ අතින් මහා සිටුවරයෙක් දන කුවේරයෙක්

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +22

    කලාකරුවන්ට මේ මැටි තඹ පදක්කම් දෙනවට වැඩිය අසරණ වෙනකොට ගන්න මුදලක් බැංකුවල තැන්පත් කරනවා නං ඒක වටිනවා.

    • @digesiyaththra
      @digesiyaththra 7 หลายเดือนก่อน

      මෙතන සල්ලි නෙවෙයි මිත්‍රයා...මානසික තෘප්තිය.....මං වැරදිනන් සමාවෙන්න...සල්ලි වලට මේවා වෙන් කරන්න බෑ.....පරම්පරා ගානක් මේවා දකිනවා...සල්ලී ඔච්චර වටින්නේ නෑ❤️

  • @nishanthabolsing
    @nishanthabolsing 4 หลายเดือนก่อน +2

    උතුම් මනුස්සයෙක් හරිම ආස චරිතයක්,,,, ඔහුට නිවන් සුව ලැබේවා

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 11 หลายเดือนก่อน +6

    මොහු සන්ෆ්ලර් සමග ගීත ගායනා කරපු වෙලේ ඔය මහාලොකු උගතුන් අපහාස කලා,ඔහු ඒ මුදල් කිසියම් කෙනෙකුට පරිත්‍යාග කලා ,ඊට පස්සෙ හැම එකාම සන්ෆ්ලවර් සම ගීත කලා

  • @kamalperera7685
    @kamalperera7685 ปีที่แล้ว +15

    නොමියෙන හඬක් කපුගේ මහතා.....ඔබට නිවන් සුව....
    අක්කේ ඔබටත් දීර්ඝායු.......🙏🙏🙏🙏🙏

  • @deviya9322
    @deviya9322 7 หลายเดือนก่อน +3

    හරිම නිරහංකාර නිර්ව්‍යාජ කතාවක්. අපිත් ඔය කියන කාලවල ජීවත් වුනා. ඇය අතීතය ගැන කියන කතා අපිවත් ඒ අතීතයට එක්කගෙන යනවා. අපි ආදරය කරපු විශිෂ්ට ගායකයා කපුගේ වගේම ඔහුගේ බිරිඳත් විශිටයි. අහම්බෙන් මේක දැක්කේ. හරිම රසවත් සාකච්චාවක්. ඔබ සැමට තෙරුවන් සරණයි !

  • @samanthapathiraja7583
    @samanthapathiraja7583 ปีที่แล้ว +7

    ආදරෙයි ,ප්‍රේම මිස් .අපේ PGDE class එක.අනුරාධපුර සෙන්ට්‍රල් එකේදි .ටිකක් පරක්කු වෙලා පන්තියට එන ඔයා දෑත් එකතු කරල ආයුබෝවන් !!! කියන ලස්සන .හරී නිරහංකාර ,යි.ආදරෙයි ,ගොඩාක් .❤️❤️❤️

  • @ashasolanga6403
    @ashasolanga6403 ปีที่แล้ว +6

    මෙම වැඩ සටහන නැරඹීමෙන් මම තේරුම් ගන්නේ ඔබ තුමිය ඉතා නිහතමානී ගුණ යහපත් හොඳ දරුවන් ලෝකෙට දායාදය කළ සහ තම ස්වාමියාගෙ යහපත වෙනුවෙන් ඉදිරිපත් වීමම ඔබතුමිය ලැබු ජයග්‍රහණයක්. සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏

  • @gaminithennakoon8473
    @gaminithennakoon8473 7 หลายเดือนก่อน +4

    මනුස්සකමට 1 ට තියලා ජීවිතය ජයගත් සුන්දර ලලනාවක් ඔබ තුමිය , කපුගේ කියන්නේ මිනිසුන්ට නටමින් ජීවිතය යහපත් කරගන්න ගීතයෙන් දර්මය දෙසූ නිකලැල් චරිතයක් .එතුමා ට නිවන් සුවය ත් , ඒ මහා අනුකම්පාවේ වෘක්ෂය ට නිදහසේ වැඩෙන්න ඉඩ දුන් ඔබ තුමියට ත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා....🙏🙏🙏🙏

  • @dinushailleperuma3618
    @dinushailleperuma3618 ปีที่แล้ว +25

    TH-cam Channel එකකින් වැඩසටහනක් අවසන් වෙනකන් බැලුවා නම්, ඒ අද තමයි, ඒ තරම් සුන්දර ඒවගෙම ගැබුරු යථාර්ථයක් ඇති, මානව ගුනාංගයන්ගෙන් අප්‍රමාන වු, කපුගේ නම් සොදුරු ඝාන්ඪර්වයා පිලිබදවා එතුමාගේ බිරිද සමග පැවත්වු මේම වැඩසටහනක ඉතා අගනේය.🙏🏽🙏🏽🙏🏽 එවගෙම තම පවුල වෙනුවෙන් ඇය බිර්දක් විදියට කල කැපවීම පැසසියයුතුමය🙏🏽🙏🏽🙏🏽

  • @NilminiJayasekara-o6n
    @NilminiJayasekara-o6n 3 หลายเดือนก่อน +1

    නිහතමානී නිරහංකාර සරල සත්‍යගරුක චරිතයක් ඔබ තුමිය❤❤❤❤❤❤

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka8344 ปีที่แล้ว +25

    ඇත්තටම ගුණදාස කපුගේ මහත්මයා ගැන දැනගෙන හිටියාට එතුමාගේ බිරිඳ ගැන දැනගන්නේ මි වැඩ සටහනෙන් මෙි ඉනටයිවි එක කරපු මහත්මියට බොහෝම පිං

    • @kajiniamanda3631
      @kajiniamanda3631 ปีที่แล้ว +1

      බොහොම ස්තූති ඔබේ ආදරය ට ❤

    • @luckysenanayake1431
      @luckysenanayake1431 ปีที่แล้ว +2

      Kajini Amanda, Thank You So Sooo Much for this Interview.Wonderfull👍❤🇭🇲

    • @kajiniamanda3631
      @kajiniamanda3631 ปีที่แล้ว

      @@luckysenanayake1431 thank you so much for your lovely comment. ❤️

  • @inokaangammana7182
    @inokaangammana7182 ปีที่แล้ว +7

    මිස් ඉස්සර වගේම අදත් ලස්සනයි . ඇත්තටම සල්ලි අහලා නෑ , මතක් කරලා නෑ කලාආයතනයට මම යද්දී.
    මට මතකයි මිස් නංගිලා හම්බවෙන්න ඉද්දිත් කොහොමද නැටුවෙ කියලා.
    හරිම වාසනාවන්තයි මිස්ගෙන් නැටුම් ඉගෙන ගන්න පුලුවන් උන එකටත්, කපුගේ අංකල්ව දැනගෙන හිදීමත්.
    ආදරෙයි හැමදාම

  • @aluthgederawimalasena8825
    @aluthgederawimalasena8825 4 หลายเดือนก่อน +2

    සෑහෙන කාලෙකින් මෙපමන වේලාවක් ෆෝන් එකෙන් මේ වගෙ සාකච්ඡාවක් අවසන් වෙනකම් බැලුව.
    1.අදටත් සිංදුවක් අහන්න හිතුනොත් ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ කපුගේ තමා.
    2.කපුගේ මැතිනියගේ කතා විලාශයත් ලස්සනට ගලාගෙන ගියා.
    3.කාලෙකින් දැකපු හොදම තරුණ නිවේදිකාවක්.දැන් කොලොප්පම් වෙල ඉන්න චීන පටස් වලට වඩා බොහෝ දුරින් ඉන්න බවපේනව.විෂය හොදට තෝර බේරගෙන ගියොත් හොද ගමනක් යා හැකි බව පේනව.

    • @kajiniamanda3631
      @kajiniamanda3631 4 หลายเดือนก่อน

      බොහොම ස්තූති ඔබේ ආදරය ට.. 🥰❤️🙏

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 4 หลายเดือนก่อน +2

    ⁣මට නම් මේ මුලු ලෝකයේම හොඳම ගායකයා කපුගේ ❤

  • @Shiromi-ud6iq
    @Shiromi-ud6iq 6 หลายเดือนก่อน +2

    ඔබ තුමිය දකින්නට ලැබීම මට හරි සතුටුයි. මම ඔබ තුමියගෙ ගොඩවෙල විදුහලෙ සිසුවියක්. නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @klgpeyadarshikaklgpeyadarshika
    @klgpeyadarshikaklgpeyadarshika ปีที่แล้ว +3

    මම අදරය කරන කලාකරයේක් ඔබතුමියට බුදු සරනයි

  • @asankapushpakumara6051
    @asankapushpakumara6051 ปีที่แล้ว +5

    අනේ කපුගේ සර් කියන්නේ කලාකාරයෙක් වේශයෙන් මෙලොවට වැඩිය දෙවි කෙනෙක් 🙏🙏❤️❤️🌹🌹

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +10

    ඔබ ආදරණීයයි තෙරුවන් සරණයි ආදරණීය ගායකයානන්ට සසර ගමන කෙටිවේවා නිවනම ලැබේවා .

  • @sriyaniwaidyasekara5237
    @sriyaniwaidyasekara5237 7 หลายเดือนก่อน +4

    ප්‍රේමක්කේ මේ ඔයා එක්ක ස්වර්ණපාලියෙ එකට වැඩ කළ යෙහෙළිය ශ්‍රියානි . මතකද මංද.මේ කතාව ඔයා එක්ක එදා එකට හිටියත් මම දන්නෙ නෑ.එය නොදැන සිටීම ගැන මට හරිම කණගාටු හිතුන.ඒත් ඒක හරි ලස්සන කතාවක් මම හරි ආසාවෙන් කංදුන්න. ඔයා ගැන හරිම ආඩම්බර හිතුන. නැටුම් කාමරේ අපි දෙන්න කොච්චර එකට වැඩ කලත් ඔයා මම ගැන අපි කවදාවත් කතා කරල නෑනෙ වැඩ කලා මිසක්. මගේ ජීවිතේ ලැබුනු හොද සොයුරියක් ඔයා. මගේ මහත්තයගෙ මාර්ගෙන්.මට බාලිකාවට එන්න එක පයින්ම කැමති වෙලා බස්නායක මැඩම්ටත් කියල පාර හදල දුන්නෙ ඔයා. ඒ විතරක් නෙවේ මගේ පළමු පත්වීම ලැබුනු පදවියෙ ඒ දුප්පත් පාසැලේ අහිංසක දරුවන්ගේ කුසලතා එළිදක්වන්න කළ ෂෝ එකේ හැම අංගයකටම ගැලපෙන ඇදුම් එදා ඔයාගෙ ඒ රජරට සේවයෙ කොවාටස් එකේදි මට හෙන ඇදුම් ගොඩක් පෙන්නල තෝරගන්න කිව්ව.ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. එදා ඔයා හ්දිසි වැඩකට ඒව දීල ඉක්මනින් එනව කියල ගියා. ඔයා එනකල් අපි ඒ ගෙදර ඉන්නකල් ඔයාගෙ මහත්තය මගේ දුවට බඩගිනි වෙලා බත් කැව්ව. මේ කතාව අහන කොට මට ඒව මැවි මැවී පෙනුන. ඔයාගෙ දූල දෙන්නට කවන්නෙ නැතුව මගෙ දුවට කෑම කැව්වෙ. ඔයාගෙ ඒ චූටි දුවල දෙන්න ගැන විස්තර ඇහුවම මට හරිම සංතෝස හිතුන.මට ඔයාව දකින්න කතා කරන්න ආසයි මට අක්කගෙ නම්බර්එක පුලුවන් නම් දානවද මේ නම්බර් එකට 071 655 8550.අපේ කොළඹ ගෙදර ආපු වෙලාවක ඔයා ඉන්නවද අහල බලන්න එන්න.ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් ජයශ්‍රීමාබෝසමිදු පිහිටයි.
    නිදුක් නිරෝගී දිවියක් .
    බුදුසරණයි.

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි වැඩ සටහනක් ..❤..කපුගේ මහතානෙනී ඔබට නිවන් සුව පතමි 🙏

  • @mshekhran5693
    @mshekhran5693 7 หลายเดือนก่อน +4

    මට මතකයි මං පොඩි කලේ අපේ පාසලේ නැටුම් ඉගැන්නුවා මගේ නැටුම් ටීචර් කෙනෙක් 👍👍👍👍❤️❤️❤️🙏ගොඩක් සතුටින් මේ වැඩසටහන දැකල ගුණදාස කාපු ගේ etuma🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️බුදුසරණයි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +8

    නිලියකට වඩා රැවැති .....නිහතමානි කරැණාවන්ත කපුගේ නෝනා මහත්මිය,.... ....එතුමා අකාලයේ මිය ගියත් වාසනාවන්ත මහතුමයෙක්,... ඒ නිසාම මෙවැනි ආදරණීය බිරිදක් ලැබෙන්න ඇත්තෙ,.....ඔබතුමියට නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා. කපුගේ මහතාට නිවනින් සැනසීම ලැබේවා❤

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +5

    පොලොන්නරුවේ අපේ ගමේ...අපේ ගෙවල් ලග..අපේ ඉස්කෝලෙ ...අපේ පොඩි අක්කගෙ පන්තියේ අක්කා කෙනෙක් ...මට මතකයි රාමධා හෝටලය පිටිපස්සෙ වෙල් යාය කෙලවරේ ගෙදර තිබ්බෙ .......මගේ ආසම ගායකයෙක් කපුගේ මහතා...ජානක වික්‍රමසිංහ අයියා ට ගොඩක් උදවු කලා.....මාරහඩක් සහා මාරම මනුස්සකමක් තිබ්බ ගායකයෙක් ...ඔහුට නිවන් සුව ලැබේවා .....ඇයට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....පොලොන්නරුවේ ඒ කාපු කට්ට නිසාම ජිවිතය ඇය ජය ගත්තා ..ආඩම්බරයි අක්කේ ඔයා ගැන හරිම සතුටුයි...බුදු සරනයි ....

  • @MenuThilo
    @MenuThilo 5 หลายเดือนก่อน +2

    ඇස් වලට කඳුලු එනවා.මහා විශිෂ්ඨයාණෙනි......සුබ ගමන් ඔබතුමාට.❤

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 7 หลายเดือนก่อน +1

    ගුණදාස කපුගේ මානව හිතවාදී මහා කළාකරුවානන් යනු සංගීතයේ එක් පුරාවෘත්තයක්. ඒ මහා සංගීතවේදියා නිර්මාණය උනේ මේ උතුම් යකඩ ගැහැණිය නිසයි. හදවතින්ම ස්තුතියි ප්‍රේමා මහත්මිය ඔබට දීර්ඝායුෂ ❤❤❤

  • @thilakakumara626
    @thilakakumara626 ปีที่แล้ว +8

    කපුගේ මහත්මයාට නිවන් සුව ලැබේවා🙏🙏❤
    ඔබතුමියට දීර්ඝායු ලැබේවා❤

  • @nandaherath4851
    @nandaherath4851 ปีที่แล้ว +17

    ⁣ලොවක් වටිනා මිනිසෙකුගේ ආදරනීය .බිරිඳක්.ආදරනීය මිනිසුන් .ආදරෙයි නුඹලාට සැමදාම ❤❤❤❤❤❤❤❤❤❤

  • @pereraanjali1154
    @pereraanjali1154 ปีที่แล้ว +172

    කපුගේ මහතා ගැන කොයි තරම් දැන හැදින හිටියත් මෙතුමිය ගැන දැන ගත්තේ අද... නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා.... අමා මහා නිවන් සුවය ලැබේවා.... කපුගේ මහත්මයාණනි ඔබ‍ට...

    • @naturebasemag
      @naturebasemag ปีที่แล้ว +6

      කපුගේ යුවලම රටට ආදර්ශවත්. ඒ හඬ සදාතනික. හොඳ හදවත් කවදාවත් සිත් වලින් ඈත් නොවේ.

    • @rohahalex2269
      @rohahalex2269 ปีที่แล้ว +2

      😢🙏🙏🙏🙏

    • @ranjaniek.p.w7938
      @ranjaniek.p.w7938 ปีที่แล้ว +2

      Kapuge sirta adatath hisa
      Nama garu karana kenek

    • @JayarathnaRanathunga-se2qo
      @JayarathnaRanathunga-se2qo ปีที่แล้ว

      ​@@ranjaniek.p.w7938😊❤😊

    • @sumithrathnayaka9163
      @sumithrathnayaka9163 ปีที่แล้ว +1

      ඒකනමි ඇත්ත මමත් දැක්කෙ අදම තමා මෙතුමිය කපුගේ මහතා මතු මතුද අප අතර ඉපදේවා කපුගේ මහතාට නිවන් සුව ලැබෙිවා..

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 4 หลายเดือนก่อน +2

    Great women ❤

  • @Thushara276
    @Thushara276 ปีที่แล้ว +19

    දවසක හමුවෙමු
    හමුවී හිනැහෙමු
    හිනැහී වැලපෙමු
    අපි ආයේ෴❤❤

  • @skaluar
    @skaluar ปีที่แล้ว +19

    Many thanks to the Beautiful talented, courageous Prema Vithanage, for openly sharing a glimpse of the life of respected singer, and composer Gunedhasa Kappuge. The seventies were a great era where many talented artists like Mr. Kappuge were introduced, to a materialistic struggling society where people often supported others' welfare and upheld strong moral standards. Mr. Kapuge's legacy will be eternal. It's nice to hear that their children have high moral standards too. May his samsara be meaningful and short and may the blessings of the triple gem be with Mrs. Kapuge & family.

  • @pereraanjali1154
    @pereraanjali1154 ปีที่แล้ว +68

    බොරු ආටොපයෙන් අද ඉන්න කට්ටිය කතා කරන විදිය බලන කොට.... මෙතුමිය නිහතමානී සරල කෙනෙක්.... එනිසා තමා ජිවිතේ සාර්ථක වුනේ..
    තෙරුවන් සරණයි...

  • @amilaruwan991
    @amilaruwan991 ปีที่แล้ว +31

    සිංදුවක් ඇහුව නම් හිතට වැදුනනම් ඒ ගුණදාස කපුගේ මහත්මයාගේ සිංදුවක් තමයි ඉතිං

  • @hasithajayasekara2518
    @hasithajayasekara2518 4 หลายเดือนก่อน +1

    කපුගේ❤

  • @Andarayaya
    @Andarayaya ปีที่แล้ว +28

    අපේ හදවත් වල සදාකල් කපුගේ ජීවත් වෙනවා...❤❤❤❤❤😢🙏🙏🙏🙏
    ""පතුමක් වී මා...පතුමන් අතරේ..
    යලි හමුවෙනුමැන මතු භව කතරේ""""❤❤❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +12

    ඔබතුමිය දිරියසම්පන්න කාන්තාවක් ......දුක් දොම්නස් දරාගෙන උතුම් මනුස්සයෙක් වෙනුවෙන් කරපු කැපවීම හරිම වටිනවා ...ඒ වගේ කලාකරුවෙක් නැති වීම ලොකු පාඩුවක් .....

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +5

    ❤❤❤❤ හරිම සතුටක් ආවා comments බලන විට, අනුරාධපුර ස්වර්ණ පාලි බාලිකාවෙන්,,, ගොඩක් අය comments කරලා,,, සුන්දර මතකයන් ගොඩක් අපිට තියනවා කපුගේ මිස් එක්ක❤❤❤❤

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 ปีที่แล้ว +12

    Oba දුර්ලභ ගණයේ උතුම් කාන්තා wak.මගෙ pranamaya ඔබට .

  • @lionschannel7683
    @lionschannel7683 ปีที่แล้ว +16

    පොළොව අඩිය ගහලා හිටපු උතුම් කලාකරුවෙක්, උතුම් මනුස්සයෙක්... ඒ වගේම ඔහුව තේරුම්ගත්, ආදරණීය බිරිඳක්..
    ඔබ දෙපලටම තෙරුවන් සරණයි❤

  • @traditionalhelaaurwedic408
    @traditionalhelaaurwedic408 ปีที่แล้ว +4

    ආදරනීය සංගීත වේදියා ...හදවතේ ගායන ශිල්පියා ....🎉
    ඔහුගේ ආදරනීය බිරිඳ...ඔබට දීර්ඝායුශ ලැබේවා ....ම්🎉

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว +10

    මට කපුගේ මහතා හමුවෙලා තියෙනවා.දේසපාලනය ගනකතාකලා .මනුස්සයෙක් හටියට ගොඩක් හොද මනුස්සයෙක්.නමුත් තමන් ගන හිතුවෙ අඩුවෙන් කියලයි මම හිතන්නෙ.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว +170

    පපුවකට ඉඩ දුන්න මොලයක්.....ස්තූතියි ඔබතුමියට.

  • @roywee154
    @roywee154 ปีที่แล้ว +4

    නොමියෙන හඬක් කපුගේ මහතා.....ඔබට නිවන් සුව....

  • @anjalisanjaya6307
    @anjalisanjaya6307 ปีที่แล้ว +8

    මමත් හරි ආසාවෙන් අහනවා.❤❤පුදුම කට හඩක්

  • @arunaprageeth7622
    @arunaprageeth7622 7 หลายเดือนก่อน +12

    2003 ජා.ත.සේ.සබාව කුරුණෑගල ..තුරුණු සංගීත කණ්ඩායම මුහුරත් උළෙලට මෙතුමා ආවා..මම නිත්‍ය ගායන ශිල්පියා ලෙස හිටියේ..එදා තරුණ සේවා එකෙන් බිහිඋන තවත් ගායකයෙක් ආවා..කපුගේ සර් සල්ලි අතට අරගෙන කොල්ලනේ මේවා උබලගේ වැඩවලට ගනිල්ල කියලා ආපහු දුන්නා..හරියට අපිව අගය කලා..ඒත් අර තරුණ සේවා එකෙන් උපන් ගායකයා මොකුත්ම නෑ සල්ලි ගත්තා පැදුරටත් නොකියා ගිහින්..කපුගේ සර් එහෙම රත්තරන් මිනිසෙක්...