Inspirational Education | Teenage LOVE affairs | 'පාසල් ප්‍රේමය' වැරැද්දක් නෙමෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • 'පාසල් ප්‍රේමය' වැරැද්දක් නෙමෙයි
    Teenage love and emotional affairs
    ******************************************

ความคิดเห็น • 346

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +490

    මට ස්කොලේ වසසෙදි තිබුනේ ඒක පාර්ශ්වික ආදරයක්..
    එයා ඉගෙන ගන්න දක්ශයෙක් නිසා මට එයාව ආදරේ කරලා ලබා ගන්නවත් , එයාගෙ ඉගෙනිම කඩාවට්ටන්නවත් ඕනි උනේ නැති නිසා මම ඒ කාලෙ කිව්වෙ නෑ. එයා නිසා මාත් ගොඩක් ඉගෙන ගන්න මහන්සි උනා , විබාග පාස් කලා. හැබැයි හිත ඇතුලේ මටවත් දරා ගන්න බැරි ලොකු ආදරයක් එයා ගැන තිබුනා. එයා දකින දකින හැම මොහොතකම ලොකු සතුටක් හිතේ තිබුනා.
    අනික් ගෑනුලමයි එයාලගෙ පිරිමි ලමයාගෙ අතේ එල්ලිලා යද්දි මම මගේ ඒ පිරිමි ලමයා වෙනුවෙන් ඉගෙන ගත්තා , හිත පිටට නොයා රැක ගත්තා.
    ඊට පස්සෙ අවුරුදු 20දි හදිස්සියේ දවසක් මට එයාට මගෙ හිතේ තිබුන හැගීම කිව්වා.
    එයා ඇහුවා ඇයි කලින් නොකිව්වෙ කියලා.
    එයා මට කිව්වා අපි තව ඉගෙන ගමු.තාම 20යි නේද කියලා.
    ඉතින් මමත් කිව්වා අපිට ආවෙනික හීන දිනාගෙන ඉමු. ඒ හීන දිනන දවසටත් අපේ හිත් වල ආදරය යාලුකම ඒ වගේම තිබුනොත් අපි එකතු වෙමු කියලා.
    ඇත්තටම එයා පෙම්වතෙක්ට වඩා මගේ ජිවිතයට ඉවසීම , ගතිගුණ කියා දීපු ලස්සන මිනිහෙක් ❤️
    එයා අදටත් රට ගිහින් higer studies කරනවා. මමත් ලංකාවෙ ඉදන් ඉගෙන ගන්නවා.
    මට එයාව ලැබුනත් නොලැබුනත් හිතේ දුකක් නෑ. එයා නිසා මම ඊට වඩා හුගක් වටින ගතිගුණ ඉගෙන ගත්තා. ආදරේ හිතේ පුරෝ ගත්තා.
    කාමයට ,රාගයට වඩා හිත ඇතුලෙන් ආදරය ලොකු දෙයක් ,ශක්තියක් අපිට දෙනවා ❤️

    • @Onlyfornature3328
      @Onlyfornature3328 ปีที่แล้ว +10

      Great ✨️

    • @sathsarani7963
      @sathsarani7963 ปีที่แล้ว +49

      ඒ කතාව.....❤️ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ආදරයක් ඔයාට ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤️🙏✨️

    • @nfsgamer6028
      @nfsgamer6028 ปีที่แล้ว +22

      අවුරුදු 20 වුනාමත් අනේ මන්දා...වයසට ගිහින්ද ආදරය කරන්නෙ...

    • @itsmydreams
      @itsmydreams ปีที่แล้ว +18

      හොද කෙල්ලෙක්😍

    • @mithukaveesha715
      @mithukaveesha715 ปีที่แล้ว +7

      ඔයාට සුභ පතනවා!

  • @kavishkarathnayaka3055
    @kavishkarathnayaka3055 ปีที่แล้ว +365

    මං මෙිි අවුරුද්දේ Al s කරන්නේ 1st shy.මගේ අවුරැදු 4ක ආදරයක් තිබුනා(පාසල් ප්‍රේමයක්)ඒක හරිම ලස්සන එකක්.එත් 2021 නොවැම්බර් වල ඒ ලස්සන කතාව එයාට ඉවර කරන්න ඔින වුනා.එයා කිවිිවෙිි ගෙදර අය මට කැමති නැ කියලා නතර කරමුයි කිවවා.මැරුනත් දාලා යන් නැ කිවිිව කෙනා තත්පර ගානකින් වෙනස් වුනා.එත්නින් එහාට මගේ ජිවිතේ අපායක් කරගත්තා.ඒ තරමට මං එයාට ආදරෙ කරා.මාස ගනක් ගිහින් මං හිත හදාගත්තා.මෙිි ලගදි එයාට කොල්ලෙක් ඉන්නවා කියලා ආරංචි වුනා.මං handsome boy කෙනෙක් නෙවෙිි.අපිට ලොකු සල්ලිත් නැ.හැබැයි මට ⁣ඉගෙන ගන්න පුලුවන්.එයා මං එක්ක යාලු වුනෙත් එ නිසා.එයාට ඉගෙන ගන්න මං ගොඩක් උදවිි කරා.ඒත් එයා ගොඩක් මාප පල්ලහට දාලා මාව අතඇරලා වෙන කෙනෙක් ගෙ වුනා.මං bio කරන්නනේ.මට මෙිි සැරේ exam හරියට කරගන්න බැරි වුනා.ඒත් ඊලග වතාවෙි medicul faculty මම යනවා.එයා මාව දාලා ගියේ මගෙ අඩුපාඩු නිසා.දැං මං දන්නවා මොකක්ද කරන්න ඔන කියලා.මගෙ කතාව මතූ සමිිබන්ධයි.😊නංගි ,මල්ලි අපිට ඔින තරමිි ආදරෙ විදින්න අවස්තා ලැබෙනවා.එ නිසා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න.තව කෙනෙක් මත තමන්ගෙ සතුට තිරනය වෙන්න දෙනන් එපා.පාසල් ⁣ප්‍රේමය සුනදරයි .ඔවිි ඇත්ත.හැබැයි ඒක වැරදුන දවසට ඒ කවුරැත් නැ.ඔයාට ඔයාවත් නැති වෙයි.අත්දැකිමෙන් කියන්නේ.😊😊😊මොලෙන් කල්පනා කරලා තිරණ ගන්න.හරි ගිය ආදර කතා 1% ක් ඇති.ඉතුරැ 99% වැරදෙනවා.තමන්ට දෙයක් කරගෙන ඉන්න.එතකෙට ඔයාට ඔින ඉබෙිිම ලගට එයි😊😊😊😊😊😊😊😊😊😊

    • @oshi136
      @oshi136 ปีที่แล้ว +7

      Thanks aiye oya ge vachana vala thibba ..kagenvath sathuta hoyanna epa .kiyala sampurna aththa ekathavq

    • @dahamiedirisinghe5043
      @dahamiedirisinghe5043 ปีที่แล้ว +6

      Ek nam hitha pathulatama kawaduna 😶

    • @fahjajskank
      @fahjajskank ปีที่แล้ว +1

      😓🥺

    • @dhanudisenasna2718
      @dhanudisenasna2718 ปีที่แล้ว +5

      Wish you all the very best aiye.

    • @manuljibinaya2006
      @manuljibinaya2006 ปีที่แล้ว +12

      Oya ge හීනෙ ta ynna.. සුබ පතනවා.. 😌❤️✨

  • @nadeekanadeeka6070
    @nadeekanadeeka6070 ปีที่แล้ว +33

    මේ ලෝකෙ කොච්චර ආදර කතා තියනවද😊සමහර අය ආදරය නිසා විදවද්දි සමහර අය ආදරය නිසා සතුටින් ඉන්නවා😢 කවදහරි තවසක තමන් ආදරය කරන ( අවංකවම ) කෙනාවම ලැබෙන්න ඕනා ❤ඉගෙන ගන්න කාලෙ නම් love ඕනෙ නෑ ඉගෙන ගන්න කාලේ love කරාම හීන වලට යන්න ටිකක් අමාරුයි .ඉගෙන ගන්න කාලේ උපරිමයෙන් ඉගෙන ගෙන ආදරය කරන කාලේ උපරිමයෙන් ආදරය කරන්න 😊😊❤❤💐🌹

  • @sriyalathalg6936
    @sriyalathalg6936 ปีที่แล้ว +24

    කෙල්ලෙක් කියන්නෙ ගෙදරට මැනිකක්.......ඒත් ඒ මැනික කැඩිල යන්න ගතවෙන්නෙ සුලු මොහොතක්..........ඉගන ගන්න කාලෙ ඉගන ගන්න ඕනී..........ඒත් පාසල් යන කාලෙ ප්‍රේමය කරන්න බෑ .......මොකද දසමාසයක් කුසතුල අපිව තියාගෙන හදපු දෙමාපියන්ගේ එකම බලාපොරොත්තු ව එයාලට වඩ ගොඩාක් උඩින් ඉන්න එක.............ආදරය කරන්න ඕනි වයස සීමාවක් තියෙනව ...ඒ කාලේ කව්රුත් එපා කියන්නෙ නෑ .........ඒත් නුසුදුසු සීමාවලදී ආදරයක් කරන එක අනුමත කරන දෙයක් නෙමෙ..........ආදරේදී කොල්ලො කියයි හැමදේම නැතත් මම ඉන්නව ඔයාට කියල ........හැබැයි අන්තිමට ඉන්නෙ තමන් ළඟ හදපු අම්මයි තාත්තයි විතරයි ..........වෙනස් වෙන්නෙ නැති එකම මනුස්සයෝ තමා දෙමාපියන් .......ඉගන ගන්න කාලෙ මහන්සි වෙලා කැප කරොත් ඉතිරි කාලෙ පුරාම සතුටින් ජීවිතේ විදින්න පුලුවන් .....රටේ හැමෝම ගරු කරන්නෙ ......තමන්ට කියල ජොබ් එකක්....තමන්ට කියල ගෙදරක් ..තමන්ගෙ කියල වාහනයක් ....තිබුනම කාටවත් අත පාන්න ඕනි නෑ.........ආදරයක් කරන්න ඕනී සුදුසු පුද්ගලයකු තෝරගෙන ....අනික තම මගෙ ජීවිතේ මම විතරයි හැමදාම ඉන්න ඕනී......ඉපදුනේ තනියම නම් ගමනෙ යන්නෙ තනියමනම් ....මැරෙන්නෙත් ත
    නියමනම් ...ඇයි අපිට තව කෙනෙක් සම්බන්ද කරගන්නෙ ...... ආදරෙදී නිදහස හොරු අරන් යනව........
    අනේ මැඩම් පුලුවන් නම් මැඩම්ගෙ නම්බර් එක එවන්න.........
    හරිම ආදරනීය චරිතයක්.....මම ගොඩාක් ආසයි....මමත් ඉගන ගෙන ....හදපු වඩපු අම්මට තාත්තට සලකන්න .....අනාගතයක් මගෙම කියල මට නිර්මාණය කරගන්න .....ලොකු කැපකිරීමක් කරල සමාජයටම ආදර්ශයක් වන පරිදි ලෝයර් කෙනෙක් වෙනව......❤❤❤💘💘💘💘💘💘💘💘💘❤❤❤❤❤බුදුසරනයි මගෙ ආදරනීය මැඩම්ට .....

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 ปีที่แล้ว +20

    පාසල් කාලෙ ආදරය හරිම ආදරණීයයි.ඒ හැඟීම ජීවිතේ ආයෙ ආයෙත් විඳින්න සජීවීව විඳින්න ආසයි.මගෙත් එහෙම ආදරණීය අත්දැකීමක් තියෙනව.ඉස්කෝලෙ කාලෙ ආදරය හරියටම මං ඇගෙන් විමසන්නෙ හරියටම ඇය සාමාන්‍යපෙල ලියපු අන්තිම දවසෙ.එතකොට මම උසස්පෙල කරල ඉවරයි.අපි හැමදාම අපේ අරමුණු වලට මුල්තැන දුන්නා...ඉගෙනීම අංක එක විදිහටම තියාගත්තා.අවුරුදු 12ක් ආදරේ කරල අපි විවාහ වුනා.දෙන්නගෙම පලවෙනි ආදරේ.දැන් එයා ඉංග්‍රීසි ගුරුවරීයක් රජයේ පාසලක,මම තාක්ශණික නිලධාරියෙක් පුද්ගලික අංශයෙ.ගෙවල් හදල වාහනයක් අරන් අමතර ආදායම් මාර්ගයක් හදාගන ලස්සන්ට ජීවත්වෙනව දැන් අපි අතරට පුංචි පැංචියෙකුත් ඇවිල්ලා ඒ ආදරේ දෙගුන තෙගුනවෙලා.ප්‍රශ්න ගැටලු ඕනිතරම් ඇවිල්ල තියෙනව ඒවට අපි සාර්තකව මේ වෙනකම් මුහුන දුන්නා.ඒවයින් හොඳ පන්නරයක් අපිට තියෙනව.ඔබතුමිය කියන දේ හරි 100%ක්...එකිනෙකා අතර තියෙන හරි අවබෝධයට පුලුවන් ලොකු දෙයක් කරන්න.එක අරමුණකට එකතුවෙලා යන ගමන ඇන්ජින් දෙකක් හයි කරපු බෝට්ටුවක් වගේ ....ජය...💪💪💪💪💪💪💪

    • @Navodyaok
      @Navodyaok 5 หลายเดือนก่อน

      💞

  • @chathuranga7740
    @chathuranga7740 ปีที่แล้ว +248

    School affairs කියන එක වැරැද්දක් නොවෙන්න පුලුවන් නමුත් එය යම් තරමකට නුසුදුසුතාවක් දකින්න පුලුවන් .හරියට " අඹ ගෙඩියක් වුණත් රහ අමුවෙන් කනවට වඩා ඉදුණහමකනව වගෙ " .මට තව වයස අවුරුදු 15 යි ඉතින් මම අත්දැකීමෙන්ම දන්නවා මෙ වයසට හැගීම් දැනීම් නිරාසයෙන්ම දැනෙන බව .මොකද මමත් එම සමකාලීනයන් අැසුරැ කරන නිසා . මෙ ඡීවිතෙ කායික මානසික සංවර්ධනය වෙන කාලය නමුත් නිවරදි තීරණ වලට පැමිණිමට තරම් අත්දැකීම් නෑ .මොකද දැන් තමයි ඡීවිතෙ පටන් ගන්න කාලෙ..ඉතින් හැගීම් දැනීම් වල බලපෑමත් සමග රැල්ලට මෙ සබදතා වලට පැටලෙනවා.නමුත් එසේ සිතන බහුතරය අතරෙ මා වැනි සුලුතරය එම මිරිගුවෙ යාතාර්තය තේරැම් ගෙන අදාල වයසට අදාළ දෙය සිදු කල යුතුයි යන මතේක සිටිනවා.මම කියන්න උත්සහ කරන්නේ ඡීවිතෙ ගැලපීම් නොගැලපීම් හදුනාගන්නවත් එ හමුවෙ පැරදීම් දරාගන්නවත් මෙ මනස සූදානම් නෑ.අන්න එ නිසා අන්තිමට ඡීවිතෙයි ඉගෙනීමයි දෙකම නැතිකරගෙන අර කියපු නොලාබීම් පැරදීම් හමුවෙ තම ඡීවිතෙන් වන්දි ගෙවනවා කියන හිතුවක්කාර මෝඩ තීරණ වලට එන්නේ. එ හැර පාසල් පේමයකින් එහා සරසවි පේමයක වගෙ අැති වැරැද්දක් දකින්නෙ නෑ මොකද එතන ඡිවිතෙයි හීනයි කියන දෙකටම ලං වෙන සුන්දරම කාලයක එක් හැරවුමක් නිසා.🖤,

    • @kavishani
      @kavishani ปีที่แล้ว +29

      Woww..mara lssni oyge adahasa .🤗.math sampurna ekagai

    • @chathuranga7740
      @chathuranga7740 ปีที่แล้ว +5

      @@kavishani thanks🖤💪

    • @chathuranga7740
      @chathuranga7740 ปีที่แล้ว +5

      @🌷sashi🌷 🖤💪💪💪

    • @achinidewminiofficial7297
      @achinidewminiofficial7297 ปีที่แล้ว +9

      Math ekagai eee Kathawata

    • @LM-no4sz
      @LM-no4sz ปีที่แล้ว +14

      අනිව මල්ලී !! 🙌❤ ඔය ඉවසීම , හික්මවීම එක්ක ජීවිතේ ජයගන්න ඔයාට පුලුවන්

  • @nirashashanthi553
    @nirashashanthi553 ปีที่แล้ว +20

    ආදරේ කරද්දි ඒකටම වහල් වෙලා වැඩ කරන්න ඕනි නෑ.එහෙම කරන්නෙ නෑ හැමෝම.ආදරේ කරන ගමන් හරිම ලස්සනට තමන්ගෙ අරමුණු හදාගෙන දෙන්නත් එක්කම හරියට වැඩ ටික කරගෙන ගොඩක් එකිනෙකාට උදව් අරගෙන තමන්ගෙ ජීවිතේ අරන් අය කපල් ඉන්නව.ආදරේ කියන්නෙ ලස්සන හැඟීමක්,පාසල් ප්‍රේමය වැරැද්දක් නෙවෙයි,ඒත් එකෙ තියෙන්න ඕනි සීමවන් තියෙනව.දෙන්නගෙම අරමුණ එකම වෙන්න ඕනි.අනාගතේ හොඳ තැනක ඉන්න හොඳට ඉගෙන ගෙන ලස්සනට ජීවත් වෙන එක.දෙන්නම එකම විදිහට හිතලා තේරුම් අරන් ආදරෙත් ඒ විදිහටම රැකගෙන තමන්ගෙ එක්සෑමුත් ගොඩ දාගෙන හොඳ තැන් වලට යන පාසල් ප්‍රේම තියෙනව.පාසල් ප්‍රේමය වැරැද්දක් වෙන්නෙ ආදරේටම වහල් වෙන එකයි,ඉන් එහා ජීවිතයක් නෑ කියල හිතල දෙන්නම ජීවිතේ අරමුණු වලට නොයා එකම දෙයක් ගැන හිත හිත ඉන්න එකයි.එහෙම අය අසාර්ථක වෙනව.ඒ පාසල් ප්‍රේමය ඒ අයට ඒ අයගෙ පව්ලෙ අයට වැරැද්දක් වෙනව අන්තිමට.

  • @heshan928
    @heshan928 7 หลายเดือนก่อน +10

    ආදරේ කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා තමන්ගෙන් අනික් අයට ආදරේ දෙන්න එතකොට දුක නෑ ❤

  • @dilshandarshana7442
    @dilshandarshana7442 ปีที่แล้ว +111

    ඒ දවස්වල හිටපු gf campus select වුණා.
    මට ලස්සනට බූට් එක හම්බුණා.
    🥲
    වුණ දේ වුණා ඒක වෙනස් කරන්න බෑ.
    දැන් මං මම ගැනම හිතල A/l 3rd shy එක කරනව හැමදෙයක්ම අමතක කරල.
    🙂
    මේ කියන කතාව 💯% ක් ඇත්ත,අත්දැකීමෙන් කියන්නෙ.
    ඉගෙන ගන්න තියෙන කාලෙ ගැම්මටම ඉගෙන ගන්න.
    🤏😎

    • @tharunimesha532
      @tharunimesha532 ปีที่แล้ว +7

      study very well & i wish your all dreames come true brother!!never give up♥️all the best

    • @Sithumm858
      @Sithumm858 ปีที่แล้ว +2

      Get its like a motivation .

    • @mithukaveesha715
      @mithukaveesha715 ปีที่แล้ว +4

      ඔයාට පුළුවන්

    • @shehanwijesinghe12
      @shehanwijesinghe12 ปีที่แล้ว +8

      අතඅරින්න එපා කොල්ලො මාත් දෙපාරක් A/l fail උනා තුන්වෙනි පාර ගොඩගියා ගැම්මක් අරං ගේම ගහපං ගොඩ යන්න පුලුවන් ❤

    • @dilshandarshana7442
      @dilshandarshana7442 ปีที่แล้ว +13

      වචනෙකින් හරි උදව් කරපු ඔයාලට ගොඩක් thanks.
      ඇත්තටම මට ඕන වුණේ එයාව අමතක කරන්න.ඒ හින්ද busy වෙන්න ඕන වුණා මට.
      ඒකයි පොත්වලට ම ඇබ්බැහි වුණේ.ඒක දැන් පුරුද්දකට ගිහින්.
      දැන් කිසි ගාණක් නැතුව දැනට දවසකට පැය 8 ක් විතර වැඩ කරනව.ඉස්සරහදි මගෙ taget එක දවසකට පැය 14 ක් වැඩ කරන්න.
      දැකල නැති වුණත් ඔයාලගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනව.
      ❤️

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +52

    මීට වසර 25කට කලින් මගේ පාසැල් කාලයේ ප්‍රේමය, අප්‍රකාශිතව තියාගන්න වුනේ දෙමාපියන් මා ගැන තබා තිබුණු බලාපොරොත්තු කඩ වෙයි කියන බයට. A/L කරල campus ගිහින් first class එකක් දාගත්තා. ඊට පස්සේ මම USA වල PhD එකත් කරල දැන් USA වලම ජීවත් වෙනවා. නමුත් අර පාසැල් කාලයේ හිත ගිය ගෑණු ළමය අදටත් මතක් වෙනව.
    ලංකාවේ මම පාසැල් ගිය කාලයේ කියපු උපදෙස්ම තමයි අදත් තියෙන්නේ. ඒ අධ්‍යපන ක්‍රමයමයි අදත් තියෙන්නේ. USA වල නම්, පාසල් වල ළමයි teenage love කියන එක උපරිමයෙන්ම බුක්ති විදිනවා. මේ ආදරය නිසා වැටෙන ළමයි, pregnant වන ළමයි ඉන්නවා. නමුත් මේ රටේ අධ්‍යාපන ක්‍රමය ගොඩක් නිදහස්! එහෙම වැටුණ අයට පවා නැගිටලා තමුන් කැමති campus එකෙන්, තමුන් කැමති degree එක කරන්න අවස්ථාව ලබා දීල තියෙනවා. ලංකාවේ වගේ A/L කියල ළමුන් පීඩනයට පත් කරන කඩඉම් විභාග නැහැ මේ රටේ. මම දැකල නැහැ කිසිම ඇමෙරිකන් parent කෙනෙක් කියනව ඉගෙන ගන්න කාලයේ love කරන්න එපා කියල. මොකද ඒ අයටත් high school එකේ affairs තිබිල තියෙන නිසා. එහෙම නැති නම් ළමය ටිකක් odd කියල හිතනවා.ලංකාවේ education system එක වෙනස් කරන්න, කෙල්ලෝ කොල්ලෝ love කරන්න ඕනි, ඒ කාලයට එන feelings experience කරන්න තියෙන්න ඕනි. අපේ රටේ බලන්න ගොඩක් ඉන්නේ මනන්සික ලෙඩ්ඩු, අනෙක් අය ගැන හිතන්නේ නැති තමුන්ගේ ඉලක්ක කරා මැරීගෙන යන මිනිස්සු. ඉතින් සමාජය දියුණු වෙයි ද?

    • @iamizarie
      @iamizarie ปีที่แล้ว

      Mmth eda ema kala oyt.... mava mthkd

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +27

    ගොඩාක් වටිනා දේශනාවක් වාසනා මිස්. අපි ඉගෙනගන්න කාලේ ඉගෙනගන්න ඕනේ. ආදරේ ගැන හිතන්න ඕනේ පස්සේ. මට සමහර ගැහැණු ළමයි ආදරේ කෙරුවා පාසැල් යන කාලේ, ඒත් මම ඒ අයට කිව්වේ ආදරේ ගැන පස්සේ හිතමු, ඉගෙනගෙන ඉවරවෙලා. අහිංසක ගැහැණු ළමයිව මම රවට්ටන්න කැමති නැහැ මිස්. සමහර පිරිමි අය ගැහැණු ළමයින්ට බොරු බලාපොරොත්තු දීලා රවට්ටනවා පාසල් යන කාලේ. මම එහෙම වෙන්න කැමති නැහැ මිස්

  • @chandrakumari6955
    @chandrakumari6955 ปีที่แล้ว +11

    ජීවිතයේ නව යොවුන් වියේදි අපේ ශරීරයේ තිබෙන හෝමෝන ක්‍රයාකාරීත්වයන් හා රසායනික තත්වයන් නිසා හැගීම් ඇති වෙනව..මමත් ඉන්නෙ ඒ වයසෙ..හැගීම් දැනීම් පාලනය කරගෙන ජීවිතය ජය ගන්න ඕන..හදවතින් හිතන්නෙ නැතිව මේ කාලයේ මොළයෙන් හිතල තීරණ ගන්න ඕන.මොකද මේ කාලය කඩයිම් විබාග තියෙනවා.අපි හැමෝටම මේ හැගීම් දැනෙන්වා ..ඒක සාමාන්‍ය තත්වයක්..මගේ යෝජනාව තමයි ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගෙන ඉදිරියට හොද ජීවිතයක් ගත කිරීම.😊😊

    • @chandrakumari6955
      @chandrakumari6955 ปีที่แล้ว +2

      අනික මේක ලංකාව..අපි අපේ සංස්කෘතියට ජීවත් වෙන්න ඕන..ඒක වෙනස් කරන්න නම් අපි වෙනස් වෙන්න ඕන

  • @sathsarani7963
    @sathsarani7963 ปีที่แล้ว +105

    ඉගෙන ගන්න ළමයින් ට හොඳ කතාවක් මැඩම්.....❤️ බොහොම ස්තූතියි 🙏 කාටත් වරදින් නැතුව හරියන්න ඕනේ දෙයක් "ආදරය" Thank you so much 💚✨️🙏

    • @IshaniThilakarathna
      @IshaniThilakarathna 11 หลายเดือนก่อน

      Ane mge affire ekata oyge them kalayaka na eth mge first affire eka me .masa dekai thibbe giya mge 24 eyw meet wela Willa 25 kiuwa eya api Meka nawaththmu kiyl .Mt thm hithgnn ba ek eka hethu gdk ey kiuw eth ....ewa hri eyge wd krgnn balance krgnn amrui kiuwa eya .eyge mge USA wenas .e kisima deyka man ganan gnne nthuw eya adre kre .eth anthimata eya sthutin innwa MN exm Laga thiygena duk widnwa .Mt pdm krnn oni .Mt exm krl mge target walta ynn oni eth eka pet wendanwa eddi Mt hri amrui

  • @sgee950
    @sgee950 ปีที่แล้ว +15

    මැඩම් මම මේ විඩියෝ එක කලින් දැක්කත් බැලුවෙ ්නෑ මට ආදරය කියලා හැගිමක් කොහොම වත්ම දැනුනේ නැතිනිසා...😒🥺 ඒත්...ඒ හැගිම මාව දැන් අසරණ කරනවා...මාව මර මර ජිවත් කරවනවා...එයා මට කැමති උනත් මට කියන්ක බයේ ඉන්නවා...මට ඒ හැගිම මුල් වරට ඇති උනත් මම එය පිලිගන්න කැමති නෑ😒🥺 මගේ අරමුණ O/l පාස්වෙලා A/l පාස් වෙන එක නිසා මම හිතන්නේ මට ආදරයට බයයි මැඩම්🥺❤😒❤🥺

  • @user-xy3oe9oh2l
    @user-xy3oe9oh2l ปีที่แล้ว +30

    මටත් මේ මිස්ට ආදරේ හිතෙනවා..ඒ නිසා තමා subcribe කලේ..ආදරෙයි මිස් ❤️❤️❤️❤️

  • @chanuxking2590
    @chanuxking2590 ปีที่แล้ว +12

    In my mind..'' අත් දැකීම් එක්ක කියන්නෙ'' අත්දැකීම් ලෝබ නැතුව කියල දුන්නට ස්තූතී

  • @danindusandeepa9175
    @danindusandeepa9175 ปีที่แล้ว +47

    බොහොම ස්තූතියි මිස්... ගොඩාක් ලොකු දෙයක් ගැබ් වෙලා තියෙන්වා මේ කතාවේ... ලොකු දෙයක් ඉගෙන ගත්තා. ♥️🌻

  • @chamodyagunasekara7730
    @chamodyagunasekara7730 ปีที่แล้ว +13

    ස්තූතියි මිස්, මේ වගේ ආදරෙන් දරුවන්ගේ හදවතට දැනෙන්න කියලා දුන්නානම් අද ගොඩක් ළමයි ජීවිතේ වැරදි තීරණ නොගන්න තිබ්බා.මගේ වාසනාවට මට ඒ වගේ ගුරුවරියක් හම්බුනා. ❤️😊

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +16

    මටත් තිබුණා දහයෙදි.මට කවුරුවත් ආදරේ කරලා නැහැ.එයා විතරයි මට ආදරෙන් කතා කලේ.මාත් එක්ක හිනා උනා.ඒත් මං ආදරය විදින්න නම් ගියෙ නැහැ.මං එයා නිසා හොදට ඉගෙන ගත්තා.මම වෙන කිසිම කෙනෙකු ගැන හිතුවෙ නැහැ.ඒත් ටික කාලයක් යද්දි මං දැනගත්තේ එයා විහිලුවට මට කැමැත්තෙන් වගේ ඉදලා තියෙන්නේ .මාව ආතල් එකට අරං. 🥺🥺මං එච්චර ලස්සන නැහැ 😁ඒක කියන්න එපැයි ඉතිං.ඒත් මං පව් නැද්ද.මං එයාට ඇත්තටම ආදරේ කලා.මං අදටත් තනිකඩයි.මට අලුත් දෙයක් පටන් ගන්න හිතක් නැහැ.මට ඕවා හරියන්නෑ කියලා හිතෙනවා 🥺🥺

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +5

      mallum tikakwath kapan😌

    • @sscomprosser02sri33
      @sscomprosser02sri33 ปีที่แล้ว +1

      @@rushand8003 😒😒😖😖🥴😬😬

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy ปีที่แล้ว +3

      අනේ මේ..පිස්සු නැතුව ඉන්න ඩෝ....එක මනුස්සයෙක් හින්ද තමන්ගේ ජීවිතේ විදින එක නවත්තනවනම් මෝඩ කම තියෙන්නේ එතනමයි..කොච්චර පොත ඉගෙන ගත්තත් වැඩක් නෑ

    • @sscomprosser02sri33
      @sscomprosser02sri33 ปีที่แล้ว

      @@thelittleitsybitsy 😔😔😔😔😔💔

    • @NoName-qe4yl
      @NoName-qe4yl ปีที่แล้ว +1

      @@rushand8003 😂💔

  • @dewantha_perfection
    @dewantha_perfection ปีที่แล้ว +26

    Timely topic for My Life ❤
    Thank you madam🙏
    මටම කතා කරනවා වගේ දැනුනෙ💔😪

  • @lakshithalakmal-xz4il
    @lakshithalakmal-xz4il ปีที่แล้ว +8

    ගොඩාක් ලොකු දෙයක් ගැබ් වෙල තියෙනවා මේ කතාවේ මම සැහෙන්න දෙයක් ඉගෙන ගත්තා 😍❤️ මටම කතා කරනවා වගේ දැනුනේ thank you miss❤️😍

  • @himayadewmini2607
    @himayadewmini2607 ปีที่แล้ว +19

    මම මේ කතාව දැන් දෙවනි පාරට අහන්නෙ මැඩම් .❤️

  • @mediapasala
    @mediapasala ปีที่แล้ว +47

    හරිම ආදරණීය පැහැදිලි කිරීමක් මිස්!💪💖💪

  • @dreamsandlife9215
    @dreamsandlife9215 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටින ආදර්ශයක්. ඇත්තටම මම ගොඩක්ම ආදර්ශයට ගන්න මම ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි miss ඔයා. Thank you so much මේ අපිට දෙන උපදෙස් වලට 🥺❤🥰

  • @ahinsaoshadi8117
    @ahinsaoshadi8117 ปีที่แล้ว +4

    මිස් ට බොහෝ ම පින් මිස් අපිට මේ දේවල් ගැන කියලා දෙනවට❤

  • @iaharamadhuahan366
    @iaharamadhuahan366 ปีที่แล้ว +11

    Ane ම්ස් ටැන්කිවු ..මෙක අපෙ ජිව්තෙට වටිනවා මැඩම්.ආදරෙයි හැමදාම..🤍❤️🍃

  • @itsmydreams
    @itsmydreams ปีที่แล้ว +16

    ඉගෙන ගන්න ළමයින්ට හොද උපදෙසක්.thank you miss❤️

  • @prasadirasangani3263
    @prasadirasangani3263 ปีที่แล้ว +14

    අපේ හදවත් වලට දැනෙන්න කතා කරනවා මිස්....thank you miss 💝😊

  • @Ruhi172
    @Ruhi172 ปีที่แล้ว +23

    මන් ගත්ත තීරණ ගැන මට සතුටුයි😊මුලින්ම focus කරන්න ඕනි තමන්වමයි✌️

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +15

    හැමදාම වගෙ උදාහරණයක් අරන් සරලව හා ගොඩක් ලස්සනට කියලා දෙනවට මිස්ට ගොඩක් ස්තූතියි ❤️ගොඩක් වටින වීඩීයෝ එකක් "තමන් තමන්වම ෆෝකස් කරන්න" ❤️

  • @gauva450
    @gauva450 ปีที่แล้ว +14

    Supportive කෙනෙක් උනොත් අදහස් ගැලපෙන කෙනෙක් set උනාම ප්‍රශ්නයක් නෑ 😙💖

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 ปีที่แล้ว +6

    🤗☺️❤️❤️❤️💐
    හැම තරුණ දරුවෙකුට ම මේක අහන්න සළසන්න පුළුවන්නම් එහි වටිනාකම කියා නිම කළ නොහැකියි... මම මේ කතාව අරගන්නව මැඩම්... උපුටා දක්වනම් ඔබේ නමත් සඳහන් කරල... අත්දකිනව පාසලේදි ඒ කියන ලද ප්‍රේමවන්තයින්ගේ ම සමාන ආකෘති... උත්සාහ කරනව ජීවිතය කියල දෙන්න.. මාවත් කියවාගන්න අතර ම ❤️❤️❤️💐💐💐ස්තූතියි මේ අපූරු හමුවීමට ත් ❤️💐

  • @jeoninha
    @jeoninha ปีที่แล้ว +14

    ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏❤️ ජීවිතේට මේ විදියට දේවල් එකතු කර ගන්න ලැබෙන එකම මට සතුටක්.🥰💗🤗

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 ปีที่แล้ว +2

    මිස් කියන හැම දයක්ම හරියටම හරි මිස්....ගොඩාක් ස්තූතියි මේ වගේ වැඩසටහන් අපිට ඉදිරිපත් කරනවට...බුදුසරණයි🙏

  • @c.tathushi9197
    @c.tathushi9197 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතිය මැඩම් 🥺❤️ ඉගන ගන්න අපිට මේ කතාව ගොඩක් වටිනවා

  • @dulinakanishka7831
    @dulinakanishka7831 ปีที่แล้ว +32

    Educational video එකක් එනකන් බලන් ඉන්නෝ මැඩම්.....❤️💪👍

  • @YasiruRashmika
    @YasiruRashmika ปีที่แล้ว +24

    2023 මැයි මාසේ O/L ලියන අය වෙනුවෙනුත් උපදෙසක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් මිස්...

    • @dithiradisanayaka2384
      @dithiradisanayaka2384 ปีที่แล้ว +5

      වැඩිය හිතන්න එපා ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. හොඳම ටික ඉස්සරහට

    • @foodiekariyawasam1111
      @foodiekariyawasam1111 ปีที่แล้ว +3

      Subjects 9 ටම එක වගේ අවදානය දෙන්න. ලකුණු සාපේක්ශව අඩු විශයන් තියේනම් ඒවාට තවත් අවදානය දෙන්න. අමාරු පාඩම් තියේනම් හිමීට තේරුම්ගෙන වැඩිවාර ගණනක් පාඩම් කරන්න. හැම විශයටම එකවගේ ආස කරන්න. Good luck!

    • @Kaviiisha
      @Kaviiisha ปีที่แล้ว +3

      අනේ දන්න කෙනෙක් කියන්නකො..o/l වලට ඇප්ලයි කරන්නෙ කොහොමද කියල ප්‍රයිවට්

    • @cornermacgergar
      @cornermacgergar ปีที่แล้ว +1

      යකො.....එතකොට උබලගේ ඔලේවලුත් කල් දැම්මද බං මැයි වලට🤔🤔

    • @YasiruRashmika
      @YasiruRashmika ปีที่แล้ว +1

      @@cornermacgergar Yes...

  • @chehanilankeshwara8349
    @chehanilankeshwara8349 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා පාඩමක් ජීවිතේට කියල දුන්නට miss ට ගොඩක් thnks ❤️😊

  • @aroshadanishka2401
    @aroshadanishka2401 ปีที่แล้ว +2

    ස්තූතියි අක්කේ...මගෙ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නෙකට ඔයාගෙන් උත්තරයක් හම්බුනා..💖

  • @lenslens2367
    @lenslens2367 ปีที่แล้ว +8

    ගොඩාක් වටින video එකක් ❤
    හිතන්න යමක් තියෙනවා
    Thank you so much madam ❤

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +27

    මැඩම් අපි කොහොමද සමාජයට ගිහින් බය නැතුව කතා කරන්නෙ.හැසිරෙන්නෙ,මං ගොඩක් වෙලාවට අපහසුතාවයට පත් වෙනවා ඒ නිසා 😔

  • @pasinduranmina5074
    @pasinduranmina5074 ปีที่แล้ว +2

    ස්තුති කියන වචනේ හරි යන්නැ.ගොඩක් පිං අදහස් වලට🙏🙏🙏

  • @BLINK_OFFICIAL_5
    @BLINK_OFFICIAL_5 ปีที่แล้ว +11

    වටින කතාවක් 🥺❤️

  • @KM-tb8wh
    @KM-tb8wh ปีที่แล้ว +7

    I ever had like this valuable vedio professor 💛💛💛...got much of things to life..thank you very much professor 🥺💛💛💛💛

  • @user-rv4zn9uy5h
    @user-rv4zn9uy5h 3 หลายเดือนก่อน

    එකනම් ඇත්ත කතාවක්......... එකනිසා එහෙමවේන්න එපා.......... යාලුවනේ.............දැම්මඑහෙම වේන්නඑපා හොදේ........නිසිවයස එනකම් මේතීරණගන්න එපා..........දැම්ම එකනිසා........අයි එහෙම වේන්න.......එපා........ස්තූතියි.......එකනිසා යාලුවේ දැන්........ඔයා මේකියලා තියේන විතරේ ඇත්ත කතාවක් එකනිසා ඒහෙම තීරණ ගන්න එපා දැම්ම........... තමගෙ ජීවිතේ හදාගන්න.............දැන්...............ස්තූතියි සතුටින්න.............හැමදාමත් හොදේ........එකනිසා අපේ නංගිලා,මල්ලී නම් අයමේහෙම වේන්න එපා!😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗අපි අපේ හිණවට හැඩගැහෙනවා.........පරිස්සමින්ඉන්න වැඩක් කරදින් හිතලා බලා වැඩක් කරන්න පටන්ගන්න.....යාලුවනේ...................ස්තූතියි..............දැන් අපි අපේ අලුත් හිණ වලට අපියනවා..................ස්තූතියි!!!!!!අයි එහෙම තීරණ ගන්න එපා.................. කවුරැත් දැම්ම ගන්න එපා............. පරිස්සමින්ඉන්න........ හැමදාමත් හොදේ..............❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹👍!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏එතාකා්ට අපේ ගමන වැරේදෙන්නැහැ.........අපිදැන් හරි පාරේ යනවා.............................අයි ලොකොට පෙන්න වත්........... එහෙම බොරැ කතාවක් යවන්න එපා................ එහෙම කිසිම සිදුවිම්ගැනහිතන්නඑපා. ............. අපි අපේ හිණය ගැන සිතලා ඉදිරියට යනවා...........අයි කවුරැත් අපිට.............. එහෙම අදහස් දැම්ම අරන් එන්න එපා................අපිට තමවයස තියේනවා දැන් අපි අපේ හිණ ගැනසිතලායි ඉදිරියට යන්නේ............එකනිසා............... අයි එහෙම සිදුවිමක් කටවත් වේන්න ඉඩතියන්න එපා...............මොකද ඒයාලුවා.....................හැර අනික් කටියත් මේහෙම තීරණ ගන්න එපා............දැම්ම........... හොදේ................තමගැන හිතලා ඉදිරියට යන්න.......... අනික් යාලුවන්.............. හොදේ.................අපි එක්ව වැඩකොලොත් කිසිවේකුටත් කලනොහැකි දෙයක් කලහැය ..................එකනිසා අනික් නංගිලා, මල්ලීලා මේහෙම තීරණගැණ දැම්ම හිතන්නවත් එපා....................යාලුවනේ......................අපි දැන් අපේ හැරදුන හිණය නැත්නම් නැතිවුන හිණය ගැන කවුරැත් සිත සිත එක මතෙ හිත හිතා ඉන්න එපා හොදේ..........හැමදාමත්පරිස්සමින්න.....එතකෝට වැරේදෙන්නැහැ.........යාලුවනේ................අපි අපේ ගමනදැන් හරියට හදාගෙන ඉදිරියට යන්න අනික් යාලුවනේ.....................

  • @arianachamp8216
    @arianachamp8216 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්.Thank you madam. අපිට ඕනි දේවල් විතරක් කොහොමද මොළේ තැන්පත් කරන විදිය පිළිබඳ video ekak daanna පුළුවන්ද ?යම් දෙයකට focus කරන විදිය කියලා දෙනවානම් ඒ දේ අපිට බොහොම වටිනවා madam..

  • @nethuroshel
    @nethuroshel ปีที่แล้ว +6

    ඔව් අක්කේ මාත් ගොඩක් කල් තෙරුම් ගත්තා . මට කාවවත් හදන්න බැ කියලා. එක තෙරුම් අරම් ගොඩක් කල්. මං දැන් මාව හදම් යනවා ස්ටෙප් බයි ස්ටෙප්. 🙊 තැන්ක්ස් ..... ඔනිම බැදිමක් තාවකාලිකයි.... වෙනස් නොවන එකම දේ වෙනස් විමයි 😐.....

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 ปีที่แล้ว +2

    හොද හැගිම්බර වීඩියෝ 1ක්.. මිස්, you are so slim, slim girls are really very beautiful and attractive ...😊💖

  • @nandasenagamage1926
    @nandasenagamage1926 10 หลายเดือนก่อน +2

    I am still in grade 11. So impressive madam❤

  • @chathuriekanayake7595
    @chathuriekanayake7595 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති මැඩම් මේ උපදෙස් දුන්නට 🥺😊❤️

  • @priyanthajayasingha4002
    @priyanthajayasingha4002 ปีที่แล้ว

    අනුන්ගේ වැරදි හොයන්නෙ නැතුව තමන්ගේ වැරදි හදා ගෙන ඉගෙන ගත්තානම් හරි🥰🥰🥰

  • @ITLKYouTube
    @ITLKYouTube ปีที่แล้ว +1

    ada mage hugaak prashna wisaduna . thnk you madam godak pin
    hemadema atherl hitiye mn.eth mn aye ptn gannw

  • @Onlyfornature3328
    @Onlyfornature3328 ปีที่แล้ว +7

    Great speech ✨️ thank you madam❤️

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +10

    මට නම් කවදාවත් ආදරේ කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

  • @isurinawanjani2002
    @isurinawanjani2002 ปีที่แล้ว +3

    goadak watina adahas🥺💗💗missta godak pin...💝💝thawath mee wage watina dewal dana ganna aasai💝💝💝missta godak pin💓💓

  • @user-nq5cu5ub2z
    @user-nq5cu5ub2z 8 หลายเดือนก่อน

    Thank you මිස් මේ කතාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤

  • @SLBOY178
    @SLBOY178 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් video එකක් මැඩම්...Thank you ❤️👌

  • @anneperera250
    @anneperera250 ปีที่แล้ว +2

    Jeewithayata labuna godak paadam walin labuna hodama paadama thamai mee...😙😙👌👍
    Thank you Miss...😙🙏❤👌👍

  • @YS_Solution
    @YS_Solution ปีที่แล้ว +8

    Madem,ටිකක් මගෙත් කතාව වගෙයි ඒ ආදරය නොලැබුණු නිසායි මං කැම්පස් එකේ ඉන්නෙත් 👍

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 11 หลายเดือนก่อน

    Deergayu vehva adharaneeya soyuriya wasana. Sundara wadasatahanak. Sthuthi obata. Nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @chandimalakmali9577
    @chandimalakmali9577 หลายเดือนก่อน

    Niyama, hitha ta wadina advice 1k....madem...heta scole lamainta me upades tika me wagema lassanata mama kianawa...mage panthiye parents la th awlen inne ada ahu wechcha dewal walin

  • @Chaosdecap
    @Chaosdecap ปีที่แล้ว +7

    එහෙම එකක් තිබිලා නැති උන් මේ කොනට 😂

  • @dicreations8125
    @dicreations8125 ปีที่แล้ว +50

    තව අවුරුදු 4ක් විතර ඉවසන් ඉන්න අවුරුදු 16 මම😁😁

  • @Navo.rock2023
    @Navo.rock2023 ปีที่แล้ว

    ගොඩක් thanks mam...
    මේ video එක ගොඩක් දේවල් කියල දුන්න .

  • @isharajayakodi9948
    @isharajayakodi9948 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් ස්තූතියි මැඩම් ❤️

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +24

    මම හිතන්නේ ඒක වරදින්න තියන සම්භාවිතාව ගොඩක් වැඩියි. මේ දවස් වල exam ලං වෙලා ගොඩක් relationships තියාගෙන හිටපු අය දුකෙන් ඉන්නවා. තරහ වෙලා, kadan වැටිලා..
    තමන්ව ලස්සනට ගොඩනගා ගන්න තියෙන කාලය එ වගේ දේවල් වලට වියදම් කරන එක අපරාධයක්
    තමන්ගේ අතින් දෙයක් waradunoth ඒක හදන්න පුළුවන් වෙන කෙනෙක් වෙනුවෙන් වෙලාව වෙන් කරපු නිසා දෙයක් waradunoth ඒක දරා ගන්න ගොඩක් අමාරුයි.

  • @nethikaanjana3270
    @nethikaanjana3270 ปีที่แล้ว +3

    Godk thnq mis❤️😍

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 ปีที่แล้ว +1

    බොහොම පින් මිස්❤

  • @kingsley8713
    @kingsley8713 ปีที่แล้ว +3

    Thank you madam❤❤🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻

  • @nishshankafernando2143
    @nishshankafernando2143 ปีที่แล้ว +1

    Thank you miss👏👏👏.mage prashneta uththara dunnata❤️❤️.good luck 🙏🙏

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +73

    අම්මට අනුව කැම්පස් වයසෙදිත් ආදරේ කියන්නෙ වල්කමක්. ඇයි මේ ආදරය වල්කමක් විදිහට දකින්නෙ? එයාලා යෝජිත විවාහයක් කරගෙන නිසාද?
    ආදරේ කියන්නෙ කොච්චර ලස්සන පිවිතුරු හැඟීමක්ද....

    • @sandu-m9u
      @sandu-m9u 12 วันที่ผ่านมา +1

      අපේ අම්මලත් ඔහොමයි😢

  • @punsararajapaksha2935
    @punsararajapaksha2935 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනව මෙ vidieo ek madam❤️

  • @aprnatiroshani5593
    @aprnatiroshani5593 ปีที่แล้ว +9

    A/L walata ready wena widiha genai time manage karagnna eka genai video ekak ona madam.❤

    • @sachiniindusara6740
      @sachiniindusara6740 ปีที่แล้ว +1

      Ane Ow Madam. Exam ekata kalin Puluwan ikmanatama😢

  • @discoveryindia675
    @discoveryindia675 ปีที่แล้ว +2

    Good Advice miss thank you so much

  • @punsararajapaksha2935
    @punsararajapaksha2935 ปีที่แล้ว +1

    Madamge hama video ekk ganem igena gnn monm hri deyk thiynwa wisheshama de api jiwithwala awashyma dewl lssnt galapala htima adaraniy widgtbapit phdili krl denwa godak sthuti madam❤️

  • @isiraastrology2881
    @isiraastrology2881 ปีที่แล้ว +3

    Eka aththa mis..thank you!

  • @HAPPY-zm6tu
    @HAPPY-zm6tu ปีที่แล้ว +3

    Pasal premaya warddak newei dennama thamnge target walat yanna mahansi wenwa nam.eth dennagen kenek hari wenasa unoth eka anith kenat daraganna amarui e podi wayasedi.ethnin ehat thani una kena jivithe nasthi kargannawa notherum kamata.e dewala therum yaddi e kena parakku wadi.ithin mm nam hithananne hodama de after Al wage afrai ekk patan gnna eka.breakup wenna unath e wayasedi tikak therum argena hithahadagnna puluwn kma tynwne

  • @piyumisevmini9343
    @piyumisevmini9343 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක්. ❤❤ තැනක් යු මැඩම්.

  • @SWETHAKITHUMINIGEETHADHARI
    @SWETHAKITHUMINIGEETHADHARI ปีที่แล้ว +3

    Thanks mis

  • @Dewas_Diary
    @Dewas_Diary ปีที่แล้ว +3

    thanks madam. noted

  • @ElishaRochani
    @ElishaRochani ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා මැඩම් ❤

  • @user-dh1hn8ge5w
    @user-dh1hn8ge5w 9 หลายเดือนก่อน

    ආදරය සුන්දර වුනාට වෙඩක් ne♥️ අක්කි

  • @lemonluvs_
    @lemonluvs_ ปีที่แล้ว +6

    An inspiring explanation ♥️👌🏻
    Thank you miss ✨

  • @amandirashmika1082
    @amandirashmika1082 ปีที่แล้ว +1

    Thank you madam

  • @achindunethmika9492
    @achindunethmika9492 ปีที่แล้ว +4

    මේක මීට අවුරුදු 4කට කලින් ඇහුනනම්... 😂😢😅😅

  • @chamindunethmina1038
    @chamindunethmina1038 ปีที่แล้ว +2

    අාදරේ කියලා දෙයක් නෑ
    කඩවසම් පෙනුමකුයි,සල්ලියි තියේනන් ඕන කෙල්ලෙක් හාන්සි.
    මම මේ පාර කැම්පසුත් යයි.එ්ත්
    කැම්පස් එකේදිවත් මම අාදරේ නන් කරන්නෑ.

    • @HP-hu8rw
      @HP-hu8rw 10 หลายเดือนก่อน

      මොකෝ උනේ

  • @vdworld9969
    @vdworld9969 ปีที่แล้ว +4

    Time management eka gana video ekak oni madam..❤️

  • @thinkmake5276
    @thinkmake5276 ปีที่แล้ว +6

    Great work mis💗

  • @hasinisadaruwani9467
    @hasinisadaruwani9467 ปีที่แล้ว +1

    ⁣ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම්.ගොඩක් පින් මැඩම් ⁣🙏🙏මේ වගේ වටින වීඩියෝ කරලා දානවට

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 ปีที่แล้ว +1

    Madam,Thank you!

  • @dilshanliyanage6570
    @dilshanliyanage6570 ปีที่แล้ว +3

    මැඩම් Skills
    Develop කර ගන්නේ කොහොමද කියලා වීඩියෝ එකකුත් ඕනෙ ❤

  • @Emasha23
    @Emasha23 ปีที่แล้ว +2

    Thank you madam me wage video danawata ♥️

  • @slcommercetolk.2019
    @slcommercetolk.2019 ปีที่แล้ว

    Thanku madam.!

  • @gangachandani6799
    @gangachandani6799 ปีที่แล้ว +1

    Thank you miss......

  • @yuchilongyan7350
    @yuchilongyan7350 ปีที่แล้ว

    Thank you so much madam💖💫

  • @t4tff851
    @t4tff851 4 หลายเดือนก่อน

    ❤❤

  • @imalshaerandi5113
    @imalshaerandi5113 ปีที่แล้ว +2

    Thank you miss 😍❤️

  • @oshadayasas3129
    @oshadayasas3129 11 หลายเดือนก่อน

    Oya hondata exame ek focus karala wada karanna.. good luck❤

  • @jeewanalakmal3942
    @jeewanalakmal3942 ปีที่แล้ว +3

    ස්තුතියි මැඩම්

  • @tharushithiloka5975
    @tharushithiloka5975 ปีที่แล้ว +1

    Thnx madam me advice walata ......