Balangoda Nonperiyal Hara Lokanthayata නන්පේරියල් ,බේකර්ස් බෙන්ඩ්,නග්රැග් හරහා ලෝකන්තයට පාරක් සොයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • lBaker's Bend | බේකර්ස් බෙන්ඩ්𝐁𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐍𝐎𝐍𝐏𝐄𝐑𝐈𝐀𝐋 𝐄𝐬𝐭𝐚𝐭𝐞 Nagrec Bangalow, world end
    අද අපි බලන්න යන්නේ නන්පේරියල් වතුයාය හරහා නන්සේරියල් පැක්ට්‍රිය, බේකර්ස් බේන්ඩ් , නග්රැක් බංගලාව හරහා ලෝකන්තයට නව මාර්ගයක් සොයාගෙනයි .
    බලංගොඩ නගරයේ ඉදලා කිලෝමීටර 18 ක් විතර බදුල්ල පැත්තට ගමන් කරන්න ඕනේ නන්පේරියල් හංදියට.
    එම හංදියෙන් ඉස්සරහට යනකොට ඒ පාරේ දෙපැත්තේ තියන මාරම ලස්සන Views ඔයාලට බලාගත හැකියි. නන්පේරියල් මාර්ගයේ හමුවන වංගු අංක වලින් නම් කරලා තියන්නේ. අපි අද මෙම වංගු 33 පහූකර යායුතුයි . බේකර්ස් වංගුව අංක 23 විදියට තමා නම් කරලා තියන්නේ.
    නන්සේරියල් මාර්ගයේ හමුවන තවත් සුන්දරම ස්ථානයක් තමයි බේකර්ස් බෙන්ඩ්. මෙම මාර්ගය ඉහලට ගෙනියන්න අමාරුම ස්ථානයකින් වංගුවක් නිර්මාණය කරමින් තමයි මේ බේකර්ස් බෙන්ඩ් එක හදලා තියෙන්නේ. 1920 තමයි නත්පේරියල් වතුයායේ තේ වගාව ආරම්භ වේලා තියෙන්නේ. වී. ඊ. කර්ස් කියන සුදු ජාතික වතු පාලකවරයා තමයි මේ වතු යායේ මාර්ග පද්ධතිය නිර්මාණය කරන්න මුලික වෙලා තියෙන්නේ. එම නිසා ඹහු සිහි වෙන්න මෙම බේකර්ස් බෙන්ඩ් එක ඔහුගේ නමින් නමි කරන්නෙ. මෙතන උස මුහුදු මටිටමේ සිට අඩ් 5000යි . මෙම සුන්දර බේකර්ස් බෙන්ඩ් එකට පහල නිම්නය වගේම ලංකාවේ දකුණු පලාතේ විශාල ප්‍රදේශයක් හා හපුතලේ ආදි ප්‍රදේශ දැක ගත හැක.බේකර්ස් බෙන්ඩ් එකේ ඉදන් ඉදිරිය නරඹන විට මනරම් කදු පන්ති වන ගොමොල්ලිය සහ බලතුඩුව කදු වැටිය වලින් ගලා බසින දිය ඇලි ගණනාවක්ම දැක ගැනීමට පූලූවන් .මෙතන විනාඩි කිපයෙන් කීපය මීදුමෙන් වැසි යමින් පුදේශය සම්පූර්ණයෙන්ම නොපෙනි යයි .ඒ තමයි මෙතන තිබෙන විශේෂත්වය.
    බේකර්ස් බෙන්ඩ් එකේ ඉදන් දකුණු අත පැත්තේ තියෙන්නේ ගොන්මලේ කඳු වැටිය මේ කන්දේ එක් තැනක තියෙනවා ස්වභාවිකව පිහිටි ලංකාවේ හැඩය ගත් ලංකා සිතියමක් දැකගැනීමට පුලුවන් වෙලාවකට ඝණ මීදුමෙන් මුළු වටපිටාවම වසාගන්න , තවත් වෙලාවකට අමුතුම නිස්කලංක බවක් එක්ක ගුප්ත බවක් දැනෙන මුහුදු මට්ටමේ සිට අඩි 7000 ක් උසින් පිහිටි සොදුරුතම නැවතුමක් නග්රැග් බංගලාව
    බේකර්ස් ආණ්ඩුකාරයා හෝර්ටන් තැන්නේ විසූ සියලුම අලින් දහස් ගණනින් විනෝදය පිණීස මරා දැමූ අතර ඒ අවට තේ වතු සංවර්ධනය ද සිදු කරන ලදී. බේකර්ස් ඇල්ල හෝර්ටන් තැන්නේ පිහිටා ඇත.ඒ ඔහුගේ නමින් ඇති ස්ථානයි. සුදු ජාතීන්ට අතීතයේ යාන වාහන ​​නොතිබුණු නිසාවෙන් ඔවුන් ගමන් බීමන් ගියේ අසරුවන්ගේ මතිනි. මෙලෙස බේකර්ස් ආණ්ඩුකාරවරයා ඉහළ ගලගම ලඳු යාය ප්‍රදේශයේ සිට නන්පෙරියල් නග්රැක් හරහා ඉදල්ගස්හින්න දුමිරිය ස්ථානය වෙත ළඟා වීමට ඉතාමත් දුෂ්කර අශ්ව මාර්ගයක් පවා භාවිත කළ අතර වාර්තමානයේ පවා එය දක්නට ලැබේ.එයට හොදම සාක්ෂි ගල්වලින් තැනූ බෝක්කු තැනින් තැන දැකිය අතර අඩි හයක් පමණ පලලට මාර්ගය තැනින් තැන ගල් අතුරා ඇති ආකරය අදටත් දැකිය හැක.
    බංගලාවට අසලින් පොඩි දොළ පාරක් ගලාගෙන යනවා. මේ දොල පාර සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයත් වෙන්වේ. දොලෙන් එහා පැත්ත හෝර්ටන් තැන්න රක්ෂිතයයි.බංගලාවට දකුණු පැත්තෙන් අඩි පාරක් තියෙනවා ලෝකාන්තයට, මේ ආදී පාර දිගේ ගිය විට ලෝකාන්තයට යා හැකිය. මේ මාර්ගයේ අප ගමන් කලේ හැබැයි එක සම්පුර්ණ නීතිවිරෝධී ඇතුල් වීමක්. මාට්ටු වුනොත් බඩුම තමා. නුවර එලියේ උසාවියේ තමා නවතින්න වෙන්නේ . අපි ඒ පාරෙන් ලෝකාන්තෙට ගියේ පසූගිය කාලේ මහත් ආන්දොලනයකට ලක්වූ බලංගොඩින් ලෝකන්තයට මාර්ගයක් සොයාගෙනයි. ඒ ගියේ අදාල නිලධාරින් ද සමගයි. මෙහි ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම්ය.ඔබ කිසි විටෙකදී මෙම මාර්ගය පාවිච්චියට නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
    Bakers Bend is one of the most beautiful and unique place to visit. Baker’s Bend viewpoint situated in upper side of the Nonpareil Estate close to Belihuloya. It is a unique horse-shoe shaped bend located at the 23rd bend of the Nonpareil Estate Road leading from Belihuloya to Nagarak Banglow.This video consists of a tour that we did to at Bakers Bend and Nagrak village.
    Unwind and soak in nature’s beauty at Nagrak Bungalow, perched at 7000 ft above sea level in Sri Lanka’s highest elevated village.
    With views of the stunning Horton Plains and the World’s End trail, this cozy hideaway offers 4 spacious bedrooms, and dining facilities and can comfortably accommodate groups of up to 10.

ความคิดเห็น • 1