Eli Hatha - Maliboda | මාලිබොඩ ඇලි හතේ මුදුනට | ඇලි හත උඩ දින දෙකක්| Abseiling down Seven Waterfalls

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2023
  • කුරුල්ලන්ගේ කිචි බිචිය අතර උදෑසන හිරුගේ ආගමනය සිදු වූයේ අවට ඇති ශාක සහ ගල් තලාව මත ඇති පාසි තට්ටුව ඒකාලෝක කරවමිනි. උණුසුම් තේ පානයකින් අනතුරුව දිය ඇල්ලට ඉහල ඇති සොබාවිකව සෑදී ඇති නාන තටාකයට බැස ගත් අප තිදෙනා පැය දෙකක පමන කාලයක් සීතල දිය දහර අතර පිහිනා යමින්,පැහැදිලි දිය මත කිමිදෙමින් කාලය ගත කලේ මේ සොදුරු සංචාරයේ මතක ගොන්න තව තවත් දීර්ඝ කරවමිනි.
    උදෑසන නමය පමන වන විට උදෑසන ආහාරයද ගෙන නැවතත් ලක ලැහැස්ති වන්නට වූයේ මේ සංචාරයේ දුශ්කරතම කොටසට අවතීර්ණ වීමටයි. නැවත අකුලා ගත් කූඩාරමත් කර තබාගෙන දිය ඇල්ලේ ඉහල දකුණු කෙලවරින් ගොඩ බට වූයේ මෙතෙක් විටින් විට හමු වූ කුඩා අඩිපාරක් හෝ නොමැති මහා රූස්ස වනාන්තරයකටයි. මෙසේ ඉහලට ගමන් කරමින් සිටියදී දෑස් නතර වන්නේ තැනින් තැන ඇති මහා පර්වත අබියසයි. පාසි වලින් වැසී ගිය මහා පර්වත සහ විශාල ගස් සුන්දර ‍යෝධයන් වැනිය.
    විවිධ වූ ශාක අතර තැනින් තැන ඇති මාවුස්සා ශාක ඉහලට එසවී බලා සිටින්නේ ගමන පුරාවට මතකයන් ගොන්නක් ඉතිරි කොට තැබීමටයි. මක්නිසාද යත් මාවුස්සා ශාකයක් අපගේ සමේ ගෑවුනු මොහොතේ සිට දළඹුවකු ගෑවුනා හා සමාන වේදනාවක් සහ කැසීමක් දැනෙන නිසාවෙනි. මෙහි කැසීම සහ වේදනාව ඒ ස්ථානයේ ජලය ගෑවුනු පසු දෙගුණ තෙගුණ වන බව විටෙක ලද අත්දැකීමක් අනුව හොදින් ම මා දන්නා කාරණාවකි.
    කෙසේ නමුත් සිතියමට අනුව ඇති මාලිබොඩ දිය ඇලි දාමයේ ඉහල දිය ඇල්ලේ මුදුනට පැමිනීමට සවස දෙක පමණ වන විට අපට හැකි විය. අප රැගෙන ගිය ඇබ්සිලින්ග් රෝප් ආධාරයෙන් මේ දිය ඇල්ලෙන් බැසීමට තීරණය කලේ කාලය ඉහටත් උඩින් ඉතිරිව තිබූ නිසාවෙනි. සැබැවින්ම ගමන ආරම්භයේ සිටම අපගේ සැලැස්ම වූයේ දිය ඇලි හතෙන් පහකින් හෝ ඇබ්සිලින්ග් ‍රෝප් බාවිතා කොට පහලට බැසීමටයි. කෙසේ නමුත් මා ප්‍රථමයෙන් මීටර විස්සක් පමන උස දිය ඇල්ලෙන් පහලට බැස ගත්තේ සංචාරයකදී ලැබිය හැකි සොදුරුතම අත්දැකීමක් මාලිබොඩ ඇලි හත ඉහල සිට ලබාගනිමිනුයි. මා පහලට ගිය පසු ලොකු පීරිස් "ඇබ්සිලින්ග් ‍රෝප්" එක බාවිතා කරමින් පහලට පැමිනීමට සූදානම් වන විට ඒ අත්දැකීම ඩ්‍රෝනයක් මගින් සටහන් කර ගැනීම මාගේ උත්සහය විනි.
    ලොකු පීරිස් ඉතා පහසුවෙන් දිය ඇල්ල පහලට පැමිනි නමුත් මා හට ඇති වූයේ ගැටලුවකි. අපගේ ඇස් මට්ටමින් තිබූ දිය ඇල්ලට ඉහල මහා වනාන්තරය මැදින් ඇති තවත් දිය ඇල්ලක් මාගේ නෙත ගැටුනේ ඩෝනයට පිං සිදු වන්නටයි. සිත තුලින් නැගී එන්නේ ප්‍රශ්න ගණනාවකි. "මේ ඇලි හතේ කිනම් දිය ඇල්ල ද..? " " මේ වෙනත් දිය ඇල්ලක් ද..?" "නැතිනම් කිසිවෙකුත් නොගිය ඉසව්වක ඇති ඇල්ලක්ද.." කෙසේ නමුත් සිත තුල නැගි පැනයන් ගණනාවටම පිළිතුරු සොයා ගත යුත්තේ අප විසින්ම ය. නැවතත් දිය ඇල්ල ඉහලට ගොඩ බට වූ අප තිදෙනා ඩෝන වීඩියෝ ආධාරයෙන් අප දුටු දිය ඇලි කිහිපය සොයා නැවතත් ගමන් ඇරඹුවේ අදුර සහ මීදුම වසා ගන්නා සැන්දෑවක පුංචි මල් වැස්සක ආරම්භයත් සමගයි.
    සංචාරකයාට මේ දිය ඇලි දාමයේ ආරම්භය දක්වා ගමන් කල හැකි වේවිද..? මේ කිනම් දිය ඇල්ලක කොටස් ද..? මහා වනාන්තරය මැද දිය ඇලි සමග ගත කල සොදුරු සහ වික්‍රමාන්විත සංචාරයේ රූප රචනාවෙන් හමු වෙමු. එතෙක් මේ පැනයන් කිහිපයට පිළිතුරු සොදුරු දිය ඇල්ලක් වටා රචනා කල රූප රචනාව තුල සුරැකිව සගවා තබමි.
    ආයුබෝවන් මම දිනේෂ්.
    මීලග සතියේත් සුන්දර ගමනාන්තයකින් හමු වෙමු.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    Message or information - / dinesh_a_pathum
    DAP production
    "සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Part 01 and part 02
    00:00:01 - part 01
    01:01:04 - part 02
    #dap #dap #camping #nightcamping #nature #forest #freedom #dinesh #dineshapathum
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @DineshAPathum
    @DineshAPathum  ปีที่แล้ว +91

    Hi, Just to let everyone know that most of my videos are coming with English subtitles now. Kindly press on CC button to enable the English subtitles. Thank you for all of your support. 🇱🇰

  • @sagarapeiris1571
    @sagarapeiris1571 ปีที่แล้ว +451

    බලාගෙනම හිටිය එක.....

    • @clakshanfernando
      @clakshanfernando ปีที่แล้ว +25

      පීරිස් අයියාගෙ පිහිය මේ සුන්දර වීඩියෝව තවත් ලස්සන කලා 😌

    • @sachinmaduwantha9710
      @sachinmaduwantha9710 ปีที่แล้ว +11

      Loku piris❤️

    • @lasithhansana372
      @lasithhansana372 ปีที่แล้ว +17

      ලොකු පිරීස් මාමානේද 🥺🙄

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +42

      ඔව් ඔව් අනිවාර්යයෙන්ම

    • @indeepapamoda9003
      @indeepapamoda9003 ปีที่แล้ว +6

      ලොකු පිරිස්

  • @BeAst_377
    @BeAst_377 ปีที่แล้ว +139

    සෑම ගමනාන්තයකම නිහඬ වීරයා ලොකු පීරිස්🖐️❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +24

      ඒකත් ඇත්තටම

    • @chalaniherath9955
      @chalaniherath9955 ปีที่แล้ว +4

      ලොකු පීරිස් වන සංරක්ෂණ අදිකාරියෙද වැඩ කරන්නේ?

    • @user-ry9se4ek1c
      @user-ry9se4ek1c 9 หลายเดือนก่อน

      Aniva...

    • @1srinadha
      @1srinadha 9 หลายเดือนก่อน

      Aththamai

  • @p.n.w9944
    @p.n.w9944 ปีที่แล้ว +20

    දවසක උබ ලෝක්ප්‍රසිද්ද සන්චාරකයෙක් වෙනව ලෝකයක් ආදරය කරන ❤ ඒ දවස වැඩි ඈතක් නොයා ලගා වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව 🙏 ආදරෙයි දිනේශ් අයියෙ 😍

  • @sandaruumayanga7135
    @sandaruumayanga7135 ปีที่แล้ว +13

    ලගදි විඩියො නරබන්න පටන් ගත්තත් බලපු පළවෙනිම විඩියො එකෙන්ම හදවත සොරා ගත් ඔබ හිතනිවන කාතා කරැවා මෙවා අපට ගෙන එනවාට ඔබට බෙහෙවින් තුතියි ....🥰😌

    • @gamagesani
      @gamagesani ปีที่แล้ว +3

      ඔව් එකනම් ඇත්ත 👍💖💖💖

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූති

  • @ravindudilshan5712
    @ravindudilshan5712 ปีที่แล้ว +113

    ඔබතුමන්ගේ මෑණියන් හරිම ආඩම්බරයි වෙයි දිනෙක, මෙවැනි පුතෙක් ජාතියට දායාද කිරීමට තරම් වාසනාවන්ත වීම ගැන 😍❤ බුදුසරණයි හැමදාමත් පරිස්සමින් ❤️🙌

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +11

      ගොඩාක් ස්තූති ... ❤️

    • @ravindudilshan5712
      @ravindudilshan5712 ปีที่แล้ว

      @@DineshAPathum 🥺❤️

  • @malshiperera7376
    @malshiperera7376 ปีที่แล้ว +5

    මේ වගෙ සංචාර ගැන හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක්.. ප්‍රථමාධාර බෑග් එක දැක්කම තේරෙනවා කොච්චර සූදානමකින්ද යන්නෙ කියලා..
    අදින ඇදුම්, ටෙන්ට් ,උයන භාජන, ආහාර , කැමරා , ආරක්ෂාවට ගෙනියන උපකරණ හැම දෙයක්ම තුන් දෙනෙක් බෙදාගෙන පුදුම සූදානමකින් යන්නෙ..
    ඒ හැම දෙයක්ම බෑග් වලට අසුරාගන්න විදිහත් දැනගන්න කැමතී..
    සොබාදහමෙ සුන්දරත්වය විඳලා හානියක් නොකරන නිසාම සොබාදහම ඔබලාව ආරක්ෂා කරනවා..
    කෙසේවතත් කැමරාවත් එක්ක අවදානම් තැන් වලින් යද්දි පරිස්සම් වෙන්න.. අපිත් එක්ක අත්දැකීම බෙදාගන්නවට වඩා ජීවිතය වටිනවා..❤

  • @jaliyaroshenjayarathne370
    @jaliyaroshenjayarathne370 ปีที่แล้ว +22

    සහන් මල්ලි පට්ට වාසනාවන්තයි. මේ වගේ අයියලා දෙන්නෙක් එක්ක මේ වගේ ලස්සන තැන් සංචාරය කරන්න ලැබීම. ❤

  • @kanishkadisanayaka8819
    @kanishkadisanayaka8819 ปีที่แล้ว +19

    ජැක්සන් ඇන්තනී මහතාගේ කලු ගග දිගේ වැඩසටහන යලි සිහි උනා....
    බොහොම ස්තූතී දිනේශ් අයියා මේ අද්දැකීම අපිත් එක්ක බෙදා හදා ගත්තාට
    ජය වේවා දිනේශ් අයියා❤

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +28

    ""ආයුබෝවන් මම දිනේශ්..."" වචන ටික ඇහුන ගමන් දන්නවා ඉතින් අදත් වෙනම ලෝකෙක තනිවෙන්න හදන්නෙ කියලා...😎🙂❤

  • @bimsara1981
    @bimsara1981 ปีที่แล้ว +3

    දිනේශ් අයියගෙ වීඩියෝ ඔක්කොම පවුලෙ අය සමග බැලූ මම❣️❣️👌

  • @ravindusenadeera4621
    @ravindusenadeera4621 ปีที่แล้ว +4

    අර නගින බැම්ම ඒ කාලේ පඩිපෙලක් තිබ්බෙ නෑ.. අපි බැම්මට නැගලා ගියේ.. 💚

  • @achalaprabath7848
    @achalaprabath7848 ปีที่แล้ว +3

    මහා ගිරිදුර්ග මත එක අතකින් අපිවත් දරාගෙන අනෙක් අතින් වාරු ගෙන මේ කරනා වික්‍රමය දෑසින් දැකගන්නට සියලු ලෝ වාසින්ට හැකිවේවා.... දිනේෂ් අයියා උබ නම් මනුස්ස්‍යෙක් වෙන්න බැ. දැකල අහලා නෑ මේ වගේ සංචාරකයෙක් ගැන සොබාදහම මේ තරමට විදින. හදවතේ සොදුරු සංචාරකයා. ලොකු පීරිස්, සහනේ, ඒ දෙන සපෝර්ට් එකට උබලටත් පිං.

  • @manulanilesh7811
    @manulanilesh7811 ปีที่แล้ว +7

    ප්‍රවේසමෙන් අයියේ. මිනිස් සතුන්ගෙ උගුල්, තුවක්කු ලිස්සන දියසෙවෙල් බැදුනු ගල්.සොබාදහම් මෑණියන් ඔබ සහ මිතුරන් රකීවා.

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +5

    14:49 😂❤❤ ලොකු පිරිස් තේ එක ගන්නකම්ම ඉදියා❤ (සහන් මල්ලි ලොකු පිරිස් දිනෙශ් ❤) මුනට නොදැකපු මම විතරක් දන්න යාලුවෝ 3 දෙනෙක් දවසක හම්බෙන්නම ඔනි brother 👌😘

  • @gayansandeep3442
    @gayansandeep3442 ปีที่แล้ว +10

    "ආයුබෝවන් මම දිනේශ්"
    හදවතේ සංචාරකයා අදත් සුපිරියක් තමයි

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +79

    මනසට සුවය දැනෙන ... ගතේ විඩාව නිවාලන
    සිතට සැනසීමක් ගෙනෙන ...
    භාවනාවකි නුඹ ... හදවතේ නැවතුන DAP💚🌿
    තබන අඩියක් පාසා.. පරිස්සමෙන් .. සැරිසරන්න ...
    සොදුරු ගමනාන්තයන් කරා❤
    බුදු සරණයි. 🙏

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +13

      බෙහෙවින්ම ස්තූති

    • @BeautifulSoul17
      @BeautifulSoul17 ปีที่แล้ว +2

      @@DineshAPathum ඒය මාගේ සතුටයි..🌿❤😍

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      @@BeautifulSoul17 ❤️🇱🇰🙏

    • @chathuraellawala8082
      @chathuraellawala8082 หลายเดือนก่อน +1

      මරු මරු😍😍😍

  • @kasunakasuna5343
    @kasunakasuna5343 ปีที่แล้ว +8

    දිනේශ් අයිය කතා කරන විදිහට කියන වචන ටිකට හිත අලවගෙන ඉන්නවා.❤️

  • @sanjeewarajapaksha2466
    @sanjeewarajapaksha2466 8 หลายเดือนก่อน +2

    නියමයි. මම විඩියෝ එක ඉවර වෙනකම් ස්කිප් නොකර බැලුවා සුපිරි. මම ඉන්නනෙත් අවිස්සාවේල්ල, තාම යන්න බැරිවුනා. ඒත් එතනට ගියා වගේම දැනුනා හරි සතුටුයි. බුදු සරණයි තුන්දෙනාටම. ජය වේවා පරිස්සමට හැමදේම කරන්න....💪💪💪💪💪

  • @harshanarathnayaka8657
    @harshanarathnayaka8657 ปีที่แล้ว +5

    දුහුවිලි වලින් වැසුන ඇස් කොල පැහැ ගන්වන🍃 විඩාබර හිතට සැනසුම් සුසුමක අරුත කියා දෙන සොදුරු ගවේශකයා DAP ❤️.......දවසක හමුවෙන්නම ඕනි මනුස්සයෙක් 💪

  • @tharushalakshan8533
    @tharushalakshan8533 ปีที่แล้ว +8

    සොදුරැ සංචාරකයන් තිදෙනක් ආදරෙයි ඒ නිහතමානි කමට ❤❤❤

  • @comedyworld1784
    @comedyworld1784 ปีที่แล้ว +6

    ලංකාවෙන් ඈත් වෙලා යන්න ඉන්න මිනිස්සු මේවට ලෝභ වෙනවා මිත්‍රයා.. ඒ තරම්ම සුන්දරයි❤️

  • @ishanijayakody7265
    @ishanijayakody7265 ปีที่แล้ว +2

    ආයුබෝවන් මම දිනේශ් අයියේ........
    මාලිබොඩ ඇලි හතේ මුදුනට ගිය වීඩියෝ එක අවසානය වෙනකම්ම බැලුවා. ඇත්තටම මාරම ලස්සනයි . ඔයාලා රැයවල් දෙකක් ගතකරපු විදිය , කෑම උයන් කන විදිය ඇත්තටම මරු. ඔක්කොමත් හරි ඔයා ලග තියෙන First Aid Box එකෙන්ම තෙරෙනවා ඔයා කොච්චර සැලකිලිමත් විදියට සංචාරයේ යෙදෙනවද කියලා. ඔයා හරිම වාසනාවන්තයි. ඇත්තටම සොබා දහමට ආදරය කරන්නා සොබා දහම විසින්ම ආරක්ෂා කරනවා . ඒක තමා ඇත්ත. මෙච්චර කාලයක් ට්‍රැවල් කරන අය දැක්කාට ඔයා ට්‍රැවල් කරන විදිය හරිම වෙනස්. මොකද කියනවා නම් ඔයා ඒ යන ස්ථානය ගැන හොඳ අවබෝධයක් ඇතිව යන්නෙ අනිත් කාරණාව අපි නොදන්න දේවල් ගැන දැනුවත් කරන එකම විශේෂයක්. අනික ඔයාගේ ලස්සනම ලස්සන කටහඬ....හදවතේ ගායකයෝ,ගායිකාවෝ වගේ ඔයා තමා දැන් අපිට ඉන්න හදවතේ සංචාරකයා.ඉතින් තවත් වැඩි වැඩියෙන් ඔයාට සංචාර කරන්න ලැබේවා . සොබා දහම විසින්ම ඔයාව ආරක්ශා කරත්වා දිනේශ් අයියා. ❤

  • @hc_videos
    @hc_videos ปีที่แล้ว +9

    අඩුවෙන්ම skip කරලා හරි ආසාවෙන් බලපු සුන්දර ගමනක් ❤️

  • @spthenu9025
    @spthenu9025 ปีที่แล้ว +38

    උඩුගම් බලා යන ධෛර්යවන්ත මිනිසෙක් දිනේෂ් පැතුම්,අදත් සොදුරු ගමනාන්තය දක්වා...මිනිසුන් සුන්දරයිනම් යන ගමනත් සුන්දරයි...

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      බෙහෙවින් ස්තූති ....

  • @seniyahansaja2629
    @seniyahansaja2629 ปีที่แล้ว +12

    පැය 2ක් වෙන් කරාන් මුල ඉදන් අගටම එක දිගට මෙ සුන්දරත්වය බලන් ඉදපු මං වගේ පිස්සො තවත් සිටීද 😍🙉
    කියන්න වචන නෑ දිනේෂ් අයියෙ සුපිරියක් !!🔥
    ආසාවෙන්ම බලන් හිටිය 👣💚✨️
    දිනේෂ් අයියා, ලොකු පීරිස් , අසහනය 🍃

    • @boyka2418
      @boyka2418 ปีที่แล้ว +1

      Me too bn 🤗

    • @boyka2418
      @boyka2418 ปีที่แล้ว +1

      @@lock7516 ube vadak balagnin gona 😂

    • @lock7516
      @lock7516 ปีที่แล้ว +2

      @@boyka2418 heta exam liyddi mthk wei thota diya ali 7 http

    • @malanikusumalatha9706
      @malanikusumalatha9706 ปีที่แล้ว +1

      @@lock7516 🤣

  • @prasathnilanka3760
    @prasathnilanka3760 ปีที่แล้ว +5

    ලංකාවෙ ඉන්න කාලෙ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම දානකොටම බැලුවා.දැන් මම ඉන්නෙ දකුණු කොරියාවෙ සෑහෙන්න මහන්සි වෙලා නිවාඩුවක් හම්බුනගමන් ඔයාගෙ වීඩියෝ එකක් බලලා ඒ වෙහෙස නිවා ගන්න පුලුවන්.මේ රටවල් එක්ක බැලුවම මගේ රට හරිම සුන්දරයි.ආදරෙයි සහෝදරයා( -18 🥶🥶)❤️

  • @kumudinivijitha1332
    @kumudinivijitha1332 ปีที่แล้ว +1

    දිනේශ්ගෙ මේ චාරිකාවල් මම හරි ආසාවෙන් බලනව අපිට යන්න බැරිතැන් අපිගියාවගේ ගෙදර ඉඳන් බලනව ඒව බලන්නම internet තියෙන ලොකු tv එකක්ගත්ත හරිම ලස්සන වැඩසටහන් අනේ පුතේ පරෙස්සමෙන් බුදුසරනයි

  • @nimeshiramanayake99
    @nimeshiramanayake99 ปีที่แล้ว +17

    වෙන කියන්න දෙයක් නෑ...අපේ විඩාබර උන ඇස් වලට කොල පාට ලෝකයක් පෙන්නනවට සොදුරු සංචාරකයා ඔබට පින්❤

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති

  • @kaveeshadesilva6274
    @kaveeshadesilva6274 ปีที่แล้ว +6

    ආයුබෝවන් හදවතේ සංචාරකයානේනී
    ලංකා මාතාවගේ සුන්දරත්වය ලොවටම පෙන්වා දෙන ඔබට ජය
    ලොකු පීරිස් සහෝදරයා ඔබව දැකිමත් සතුටුයි

  • @Ambagala
    @Ambagala 5 หลายเดือนก่อน

    කියන්න වචන නෑ ඒ තරම් සුන්දරයි දිනේෂ් අයියේ ලොකු පීරිස් අයියේ සහන් අයියා ඔයාලට මුලු හදවතින්ම පින් දෙනවා. ජය වේවා 🍃🌸

  • @sandungunathilaka156
    @sandungunathilaka156 ปีที่แล้ว +1

    දිය ඇල්ලක සම්මත මිම්ම උස මීටර් 2 යි නේද. විශාලම දිය ඇලි සංකීර්ණය තියෙන්නේ බලන්ගොඩ හඳගිරියේ දිය ඇලි 63ක් තියෙනවා ඒ දිය ඇලි පොකුරේ...... වෙලාවක එන්න ඇවිත් යන්න... කූරගල , දූවිලි ඇල්ල , කණ්ඩිය පිට පන්සල, සමනල වැව වගේ ලස්සන තැන් බලලා යන්න😍
    ජයවේවා දිනේෂ් අයියා

  • @BABYff9903
    @BABYff9903 ปีที่แล้ว +4

    බලන් හිටියෙ විඩියො එක එනකන් 🥰🥰 ටික් ටොක් එකෙ මන් වැක්ක ඔයගෙ බලු පැටිය ලොකු උනහම එයාවත් එක්කන් යන්න ඇවිදින්න ❤️👀

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 ปีที่แล้ว +3

    55:30 """.. යන්න කලින් දන්න දෙයක් බෙදාගන්න"".... බොක්කටම වැදෙන ආදර්ශනාත්මක වචන ටික ..We all have to remind those words in every times

  • @Ceylon_BeautyLK99
    @Ceylon_BeautyLK99 ปีที่แล้ว +6

    හරිම අපූරුයී..කියන්න වචන නෑ...දිනේශ් අයියේ ඔබට ගොඩක් පින්..මේ ස්භාදහමේ අපූර්වත්වය අපිට ගෙන එනවාට..මේ තරම් සුන්දර ලෙස...❤️

  • @bimsara1981
    @bimsara1981 ปีที่แล้ว +7

    නිරතුරුවම ඔබ සැම රැකදේවා ! සියලු දෙවියන්ගේ රැකවරනය ආරක්ශාව ලැබේවා! ❣️👌

  • @gihansenanayake648
    @gihansenanayake648 ปีที่แล้ว +13

    හදවතේ සංචාරකයා ආදරෙයි ....එ වගේම ලොකු පිරිස් ..සහන් මල්ලි ඔබලාට හිස නමා ස්තුති ....

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +1

      බෙහෙවින් ස්තූති

  • @nadeekatharangani6069
    @nadeekatharangani6069 ปีที่แล้ว +1

    ඔය වගේ ලස්සන ඒ වගේම දුෂ්කර සංචාර කරන්න ආසාව තිබුනත් යන්න බැරි අයට මේ රූප රචනා බලල ඒ අත්දැකීම විදින්න දෙනවට ගොඩාක් ස්තූතියි .ඒ වගේම පරිස්සමෙන් මල්ලි.හරිම ආසාවෙන් මේ දියඇලි සංචාරෙ මන් බැලුව.ස්තූතියි !!ස්තූතියි !!💚💚

  • @ruwanmallawarachi7466
    @ruwanmallawarachi7466 ปีที่แล้ว +3

    ලස්සනයි ඔයා නිසා අපිත් අැලි හතම නැග්ගා ගමන ගොඩක් සුන්දරයි බොහොම පිං 😘

  • @chami5964
    @chami5964 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ අයියා තරම් ස්වභාවදහම විදින කෙනෙක් මම දැකලා නෑ💜️🌾🍁🍀💚

  • @chathuraprasad1690
    @chathuraprasad1690 ปีที่แล้ว +7

    හදවතේ සංචාරකයා ට හිමි සම්මානය ඔයා දිනලා ඉවරයි ....අයියේ ❤️

  • @suneth.8912
    @suneth.8912 9 หลายเดือนก่อน

    දිනේස් ,(නිහඩ) ලොකු පීරිස්. ඩුබායි වල ඉදන් මාව කිසිම වියදමක් නැතිව මාව ට්‍රිප් එකක් ගෙනිච්චා..හැම වීඩියෝ එකකම...ගොඩක් පින්..

  • @akudaligama
    @akudaligama ปีที่แล้ว +1

    හරිම සුන්දරයි ඔබ කරන මෙම සංචාරක වැඩසටහන. අපි පිට රටක ඉදන් ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බලනවා. අපිට යන්න බැරි උනත් ඒ වීඩියෝස් බලලා පරිසරය විඳිනවා.
    සංචාරය කරන කොට පුළුවන් තරම් පරිසර හිතකාමී දේවල්ම අරන් යන්න
    එතකොට ඕගොල්ලන්ට අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ.
    ඔබ හැමෝටම සොබාදහමේ ආශිර්වාදය ලැබේවා.

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh ปีที่แล้ว +5

    ගමනෙ නිහඬ වීරයා ලොකු පීරිස් ❤

  • @thusharianuththara2571
    @thusharianuththara2571 ปีที่แล้ว +3

    ඇඟ හිරිවැටෙනවා මේක බලද්දි, ලකේගල වගේ, අයියෙ පරිස්සමින් යන්න හැමෝම, ඔයාගෙ කැපවීමනම් මාරයි, ගොඩාක් ස්තූතියි කවදාවත් යන්න බැරි තැන්වලට අපිව එක්ක යනවට, හදවතේ සංචාරකයා දිනේෂ් අයියා 💪

  • @hasiya1054
    @hasiya1054 ปีที่แล้ว +3

    රුප රචනාව බල බල ඉද්දි නොදැනිම අවසානයට ආවාම හිතෙනවා තව ටිකක් බලන්න තිබ්බනම් කියලා 🌿.එතරම් ලස්සනයි අයියේ බොහොම තුති🌿❤️ අපිට හැමදෙම ලස්සන රුප රචනාවකින් පෙන්නනවට 🌿 බුදු සරණයි පරිස්සමට හැමදෙම කරන්න. අපි ඔබ සමගයි.බොහොම තුති 🌿❤️

  • @frady4580
    @frady4580 ปีที่แล้ว +7

    ඔබ හරි වාසනාවන්ත කොල්ලෙක් ...ආඩම්බරයි පරිස්සමෙන් ..❤❤❤👊

  • @Kasun3588
    @Kasun3588 ปีที่แล้ว +3

    ලොකුම ආසාවක් තමයි කවදාම හරි දිනේශ් අය්යා,ලොකු පීරිස් අය්යලා හැමොම හම්බවෙන්න තිබ්බනම් 🥺💜️🌍

  • @hashanchathuranga2058
    @hashanchathuranga2058 ปีที่แล้ว +5

    පාන්දර 2යි... නිදිමත නැතිවුනා... බොහොම පින්.. හදවතේ සංචාරකයා... බුදු සරනයි!❤❤

  • @madawabandara644
    @madawabandara644 ปีที่แล้ว

    මේ විඩියොව බලලා පොඩි සටහන්ක වත් නොතියා ගියොත් මගේ හිතට හරි නැ .පටන් ගැන්මේ සිට අවසානය දක්වා හරිම සුන්දර විදිහට අයියේ ඔයා වැඩසටහන කරගේන ගියා . එකට අයියාට ගොඩක් පිං පරිසරේට හනියක් නොකර පරිසරයේ සුන්චරත්වය විදිනවාට සහ ඉහත කි පරිදි අපිටත් පුංචි හරි විදිහකින් මේ දේවල් පේන්නුවාට ඔබට ස්තුති. තව තවත් ඉදිරියට කිසිම බදාවකින් තොරව මේවාගේ ගමන් බිම්න් යන්න් අයියාට හැකි වේවා......💝

  • @harindukarunika8711
    @harindukarunika8711 ปีที่แล้ว +1

    ඔක්කොම විඩියෝ බලපුවා අතුරින් දුෂ්කරම ගමන 💚

  • @Dhanu466
    @Dhanu466 ปีที่แล้ว +10

    විභහග පීඩනෙන් ඉන්න මට මේ video එකෙන් මනසට පුදුම නිදහසක් හම්බුනෙ 🙌
    සුන්දර පරිසරය + සොදුරු මිනිසා = මනසට සුවය ❤️
    දිනේෂ් අයියෙ ඔයාට බෙහෙවින් ස්තූතියි ❤️🍃

    • @Janiduvirunaka
      @Janiduvirunaka ปีที่แล้ว

      Oyath A/L liyanawada.?

    • @Dhanu466
      @Dhanu466 ปีที่แล้ว

      @@Janiduvirunaka yep 😕

    • @Janiduvirunaka
      @Janiduvirunaka ปีที่แล้ว

      @@Dhanu466 good luck kollo. Gammac allamu 🌚❤💪🏼

    • @Dhanu466
      @Dhanu466 ปีที่แล้ว

      @@Janiduvirunaka Thank youu ❤️🙌

  • @ojithajayasinghe906
    @ojithajayasinghe906 ปีที่แล้ว +3

    දිනේෂ් අයියට ගොඩක් පිං අපිට අපේම පාරාදීසේ ස්වභාව සෞන්දර්යය රූපරචනාවක් විදිහට ගෙනත් දෙනවට🥰.ඒවගේම ඔයාලා තුන්දෙනාටම පොළෝමාතාවගේ පිහිට හා ත්‍රිවිද රත්නයේ අශිර්වාදය නොඅඩුව ලැබේවා!!!🙏❤️ හැම සංචාරයක්ම ආරක්ෂා සහිතව සිදුකිරීමට එය හේතු වේවා!!!🙏❤️.love You All Lot 💚

  • @prasadmaduwantha4025
    @prasadmaduwantha4025 ปีที่แล้ว +2

    ඒ ගත්තු උත්සාහයට වචනයක් නොකිවොත් අපරාධයක් විශිෂ්ටයි අයියේ ❤️🇱🇰✊

  • @malkanthipathiraja8755
    @malkanthipathiraja8755 8 หลายเดือนก่อน

    ඇත්තටම පුදුමා කාරයි.අපිට යන්න බැරි තැන් වලට අපිව අරන් යනවට ගොඩක් පිං.ඔයාගෙ කටහඩ ඇහෙද්දිත් අපේ හිත් නිවනවා.තවතවත් සංචාරය කරන්න ඔබට හැකි වේවා.❤️

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara ปีที่แล้ว +3

    දවසක මට මුණ ගැහෙන්නම ඕන මනුස්සයෙක් අයියෙ ඔයා❤️🌸💪

  • @mrs0220
    @mrs0220 ปีที่แล้ว +5

    කියන්න තේරෙන්නේ නෑ,දිනේශ් අය්යගේ වීඩියෝ බලද්දි අමුතුම ලෝකෙකට යනවා,හරිම ලස්සනයි ❤️🙏

  • @vinduindiwari1106
    @vinduindiwari1106 ปีที่แล้ว +1

    හැමදාම වීඩියෝ එකක් බලලා ඉවර වෙනකොට හිතෙන්නෙම "පුදුම වාසනාවන්ත මනුස්සයෙක් " කියන එක විතරමයි... ගොඩක් ස්තූති දිනේෂ් තමන්ගේ ඇස් වලින් දකින සුන්දර දේ තවත් ඇස් ගානකට කිසිම ලෝභකමක් නැතුව දකින්න සලස්වනවාට.. තෙරුවන් සරණයි ❤❤❤

  • @randikamjay
    @randikamjay 10 หลายเดือนก่อน

    අපිට ඔය තරම් මොරාල් එකක් නෑ බන්.ඒත් බලන්න ආසයි මේ දේවල් උබට පින් මේ දේවල් කට්ටක් කාලා අපිට පෙන්නනවට..ආදරෙයි ❤❤❤

  • @lasangashehan8951
    @lasangashehan8951 ปีที่แล้ว +5

    අයියට ගොඩක් පිං අයියලා ලබන අත්දැකීම අඩුවක් නැතුව අපිට දෙනවට 🙏❤️❤️

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +8

    වෙනදා වගේම ලංකාවේ සුන්දර තැන් සොයා දිනේෂ් සමග ❤️😍😍 හරිම ලස්සනයි කියන්න වචන නෑ

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      බොහෝමයක් ස්තූති. නොවරදින කමන්ට් එකක් මේක

  • @lankaningerman378
    @lankaningerman378 ปีที่แล้ว +1

    දැන් දැන් මේ වීඩියෝ බලනවා විතරක් නෙමෙයි ඒවට ඇබ්බැහි වෙනවා. බලපුවත් ආයෙත් බලනවා. ලංකාවෙ සුන්දරත්වය හැබෑට විඳින්න බැරි වුනත් ඒ හා සමාන වින්දනයක් දෙනවට බොහොම ස්තුතියි සහෝදරයා 😊🙏🇱🇰❤️

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 ปีที่แล้ว +1

    පුදුම සුන්දරත්වයක්. ❤❤❤ඔයාලා කොච්චර අසීරුතා විඳගෙන කල සංචාරයක් ද . කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. දිනේෂ් , සහන්, ලොකු පීරිස් තුන්දෙනාටම ස්තූතියි. යෝධබල යෝධ ශක්තිය , නීරෝගි සුවයම,ලැබෙන්න ඕන. 👌👍🙏🙏

  • @dineshekanayaka9716
    @dineshekanayaka9716 ปีที่แล้ว +6

    හදවතේ සංචාරකයා කියන්න තවත් නීර්වචන නැත❤ආයුබෝවන් 🙏❤

  • @shalithavishwajith8344
    @shalithavishwajith8344 ปีที่แล้ว +5

    පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙන තත්පරය දක්වා මාරම ආසාවකින් බැලුවෙ අයියේ...😍🌿 දිනේෂ් අයියගෙ හයිය "ලොකු පීරිස්" මාරම සහයෝගයක් දුන්නෙ...💪 ගොඩක් පින් අපිව වෙනම ලෝකෙකට අරන් ගියාට... "DAP හදවතෙ සංචාරකයා"🌿❤️

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +2

    ලකේගල, බලාන කඳු, නුවරගල, වාලිඹේ හෙල, යාල්පානම , කරත්ත පාර, අවාරේ සිරිපා( දෙහෙනකන්ද මූක්කුවත්ත පාර) හැමදාම මතකයේ රැඳිලා තියෙනවා. මේ ගමනත් ඒ වගේමයි. දිනේෂ් ඇතුලු කණ්ඩායමට බොහොම ස්තුතියි ! 💚🌿

  • @samanthanathavitharana4843
    @samanthanathavitharana4843 ปีที่แล้ว +2

    congratulations ......මම දැරණියගල ඉදලත් තවම ගිහින් නෑ.

  • @ThilinaSandakelum
    @ThilinaSandakelum ปีที่แล้ว +3

    පැය 1 යි විනාඩි 40ක film එකක් බැලුවා වගේ.. සුපිරි අයියෙ

  • @Ash-zu8jf
    @Ash-zu8jf ปีที่แล้ว +4

    සුන්දර සංචාරයක් මෙවරත් ..ආදරෙයි හැමදාමත් දිනේෂ් අයියා ❤👣🍃 මගේ හදවතේ වීරයා #DAP❗❗❗

  • @thusithaindika444
    @thusithaindika444 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ අයියේ. හැමදාමත් වගේ මේ වීඩියෝ එකත් එක හුස්මට බැලුවා. කිසිම තැනක් මගනොහැර... බොහෝමත්ම ස්තූතියි මේ විදියේ හිතාගන්නවත් බැරි තරම් සුන්දර දසුන් අපිට අරන් එනවට. ඇත්තටම පිං.

  • @ravindushehan6400
    @ravindushehan6400 ปีที่แล้ว +1

    අටුවා ටීකා ටිප්පනී වැඩක් නෑ.......සුපිරි 🍃🌺❤️😘

  • @nimeshdilshan7924
    @nimeshdilshan7924 ปีที่แล้ว +4

    ඒක වෙනම පරාදීසයක් 😍💚........ඒ පරාදීසයට අපිව අරන් ගියපු DAP 🖤 සොදුරැ සංචාරකයා......බෝහෝම ස්තුතියි.........🌱🍂💚

  • @chamalrajapaksha7926
    @chamalrajapaksha7926 ปีที่แล้ว +4

    ලොකු පීරිස් වගෙ ගමන් සගයෙක් ලැබෙන එක වාසනාවක්

  • @roshankumara6760
    @roshankumara6760 ปีที่แล้ว +1

    මට කියන්න දෙයක් හිතා ගන්න බැරිව ඉන්නේ දිනේෂ් අයියේ..ඔයාගේ travel vlog වලින් බලපු විදපු සුන්දරම vlog එක..💪❤❤❤❤🙏

  • @sahandulaj7080
    @sahandulaj7080 ปีที่แล้ว +1

    මෙවා ජාත්‍යන්තරෙට යන්න ඔනෙ video bn ....පිට රට කෘතිමව හදන එවා ලංකාවෙ ස්වභාවිකව තියෙනවා.....අපි ඉන්නෙ කොච්චර ලස්සන රටකද........thnx දිනෙශ් අයියෙ මෙ සුන්දරත්වය ලොකෙටම පෙන්නවට ❤️❤️❤️ පරිස්සමින්

  • @kanishkagimhan6703
    @kanishkagimhan6703 ปีที่แล้ว +9

    නියමයි අයියා ලක් අම්මගෙ සුන්දරත්වය තේරුම් ගත් දේව පුතෙක් ❤️😍 අයියගෙ අම්මටයි තාත්තටයි පට්ට පිං අයියා වගේ කෙනෙක් රටට දුන්නට❤️🍀 ඉදිරි ගමනට ජය වේවා අයියා බුදු සරණයි❤️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූති ..... ඇත්තටම

  • @CaptainG1989
    @CaptainG1989 ปีที่แล้ว +4

    නියමයි දිනේෂ්!!! 🔥
    ඇලි හතේ වික්‍රමය ඉවර වෙලා අන්තිම දියෑල්ලට වඳින වෙලාවෙ එක මාර විදියට දැණුන. මොකද පස්සෙ තමයි හිතුනෙ ඔයා අපේ ජීවිත වලින් පැයයි මිනිත්තු හතලිහක් එහෙම්පිටින්ම හොරකම් කරල කියල. ජය වේවා!

  • @user-cl7ow2yw6t
    @user-cl7ow2yw6t 28 วันที่ผ่านมา

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🫀🍃🐾️❤️🍂✨️

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว

    අනේ දෙයියනෙ ලස්සන,,,, එ් වචන ටික ඔයා සොබාදහමට අාදරේ තරම්,, අපිත් එක්කම😍😍

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว +5

    කොච්චර වැඩ තිබ්බත් Notification ආපු ගමන් වීඩියෝ එක බලන මම❤️🏕️🚶😌💚🖐️

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 ปีที่แล้ว +4

    01:04:48 අනේ දෙයියනේ ස්වභාදහම කොයිතරම් සුන්දරද අපූර්වද...!!!!!!!💮🏵🐞🐝🦜🌼🍇🍂

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +1

    Kiyanna වචන nehe ea taram ලස්සනයි diya ali damayak jaya wewa දිනේෂ් අයියා බුදු සරණයි ..!

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 ปีที่แล้ว +1

    ස්වාභාදහමෙ සුන්දරත්වය අපිට ලොකෙටම අරන් යන්න ඔබ ගන්නා වු වෙහෙස මහන්සියට අපි හැමදාම ඔබ සමගයි..♥️♥️♥️♥️ බුදු සරනයි මල්ලි ඔයාල ඔක්කොටම ♥️♥️♥️♥️♥️👏🙏🙏

  • @mithilaranmal5204
    @mithilaranmal5204 ปีที่แล้ว +3

    මෙවන් පුතකු මෙලොව්ට බිහිකළ මවුපියන් දෙපලට මගේ නමස්කාර පුදකරමි ❤❤❤ අයියේ බුදුසරණයි ඔයාට සහ ගමන් සගයන්ට අපිට මෙහෙම ලන්කාවේ අසිරිය පෙන්නවට

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +4

    Adventure ෆිල්ම් එකක් බැලුව වගේ පැය එකහමාරක් 🔥❤ ලස්සනයි සහොදරයා කියන්න වචන නෑ ආදරෙයි ජය වේවා එකෙන්ම ❤❤🌍 අමතක උන්නැ තිරය පිටුපස පතාක වීරයා ලොකු පීරිස් 🔥👑🌍

  • @siwhelatv4587
    @siwhelatv4587 ปีที่แล้ว

    ඔයාගේ වැඩේ ලස්සනයි.. මිත්‍රයා

  • @chandra1296
    @chandra1296 9 หลายเดือนก่อน

    අවසාන වෙන තෙක් බලාගෙන හිටියේ මම විතරයිද දුස්කර ගමන වුණාට හරිම ලස්සනයි මල්ලි ඉතින් තවත් ලස්සන දේවල් පෙන්නන්ඩ sakthiya ධෛර්යය ලැබේවා තෙරුවන් saranini 🙏🙏🙏🙏🙏

  • @TravelWithBajaBaby
    @TravelWithBajaBaby ปีที่แล้ว +4

    ❤ බලා සිටීම හැර කියන්නට කිසිවක් නැත...

  • @thusharakumara2362
    @thusharakumara2362 ปีที่แล้ว +4

    ජීවිතය විදින සුපිරි කොල්ලෙක්❤️❤️❤️

  • @randikathusara9228
    @randikathusara9228 ปีที่แล้ว +1

    🌧️🌧️🌧️🌧️🌧සුපිරි ජයවේවා bro
    D k.....

  • @bawantha1234
    @bawantha1234 ปีที่แล้ว +1

    ඇත්තටම කියන්න වචන නැ අයියේ.ඒ තරමට සුන්දරයි මේ සොබාදහම. මටත් ආසයි ඔයාලා වගේ සොබාදහම විදගන්න.
    හැමදාම වගේ ඉන්න ලොකු පිරිස් හා සහන් වත් මතක් කරන්න ඔනා. දිනෙශ් අයියා ඔයාට ගොඩක් ස්තුතියි, ඒ සොබාදහම අපිට විදින්න දෙනවට. අපාහු හමුවෙමු තවත් විඩියෝ එකකින් සහ ලස්සනම ලස්සන කමෙන්‍ට් එකකින්. ආදරෙයි දිනෙශ්
    🌼🌼❤️❤️🌼🌼

    • @bawantha1234
      @bawantha1234 ปีที่แล้ว

      ගාල්ල උඩුගම පැත්තේ එනවම් කියන්න මෙහෙත් සුන්දර තැන් තියනවා 😊😊

  • @lakshanbenadick
    @lakshanbenadick ปีที่แล้ว +4

    සොබාදහම ට ඇබ්බැහි කරවීම කලාවක්නම් , දිනේශ් අයියේ නිසැකවම ඔබ එහි පිකාසෝ ය 🥺❤️🌿.

  • @naveenbhanuka1770
    @naveenbhanuka1770 ปีที่แล้ว +3

    අම්මෝ ලස්සන....... පුලුවන් නම් safety helmet එකක් පලදින්න මේ වගේ ගමන් වලට. ඔයා වගේ සුපිරි කොල්ලෙක් අපිට ගොඩක් වටිනවා..... ආදරෙයි කොල්ලෝ පරිස්සමෙන් තෙරුවන් සරණයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Greenflix1
    @Greenflix1 ปีที่แล้ว +1

    ලංකාවේ දැනට තියෙන හොදම traveling Channel එක ! පරිස්සමින් අයියා බුදුසරනයි ! 🌿🥀🌻

  • @ruvindezoysa4685
    @ruvindezoysa4685 ปีที่แล้ว +1

    සුන්දර ගමනාන්තයක් තිබ්බ සුන්දර ගමනක්. සොබාදහමෙ තිබ්බ ලස්සන වින්ද වගේම සමහර දැණුම එකතු කර ගත්තා. ස්තූතියි දිනේෂ් අයියා ඇතුලූ කණ්ඩායමට.තවත් සොබාදහම විඳින්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.❤
    අන්තිමට කඩේ අංකල් කාවද මතක් කරනව ඇහුනේ මට විතරද🤣

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 ปีที่แล้ว +3

    අපේ හදවතේ සංචාරකයා. දිනේෂ් අයියා. අසහනේ , ලොකු පීරිස් අයියා. ජය වේවා. පරිස්සමෙන්. බුදු සරණයි හැමෝටම

  • @chamaradilshan9730
    @chamaradilshan9730 ปีที่แล้ว +8

    හදවතේ සංචාරකයා බුදුසරණයි දිනේශ් අයියේ ❤

  • @dilanthagalappaththi3667
    @dilanthagalappaththi3667 ปีที่แล้ว +2

    බුදුසරණයි ලොකු පිරිස් ..සහන් මල්ලි ඔබලාට හිස නමා ස්තුති

  • @suchitha8479
    @suchitha8479 ปีที่แล้ว +2

    oya dan ape gedara ayage weerayek 😍😘😍 jackson anthonyta passe dannenna gaman yana sancharakaya

  • @ruwanmallawarachi7466
    @ruwanmallawarachi7466 ปีที่แล้ว +4

    ඔබගෙ පවුලෙ තොරතුරැ දැන ගන්නත් අපි අාසයි 😙