මහනුවර බිසෝ උල්පැන්ගෙය Queens bath / Royal bath in kandy ලස්සන දෙරණ Lassana Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • අතීත රජ දවස රාජ රාජ මහාමාත්‍යාදීන් මහජනතාවගෙන් වෙන්ව, ඉහළ පැලැන්තියේ යැයි පෙන්වමින් සැලකුම් ලබන්නට සිය ක්‍රියා පිළිවෙත් සුවිශේෂී වෙනසකට ලක් කර ඇත. ඉන් එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස ස්නානය සඳහා ස්ථානයක් වෙන් කිරීම හැඳින්විය හැකි ය. පොදු ජනතාවගෙන් වෙන්වූ මේ නාන තටාකය පුරාණයේ හැඳින්වූයේ 'උල්පැන්ගේ' ලෙස ය.
    අතීතයේ උල්පැන්ගේ සිහිවීම පිණිස වර්තමානයේ දෑසින් දැක අවබෝධ කර ගත හැකි හොද ම ස්ථානය දළදා මාලිගාව ආසන්නයේ ඇති 'බිසෝ උල්පැන්ගේ' ය. දේවේන්ද්‍ර මූලාචාර්ය ගේ නිර්මාණයක් වන බිසෝ උල්පැන්ගේ, කන්ද උඩරට අවසන් රජු වන ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ බිසෝවරුන්ට ස්නානය සඳහා ඉදිකරවන ලද්දකි. කිරි මුහුද වම් ඉවුරේ ඉදිකොට ඇති බිසෝ උල්පැන්ගෙය, තුන් පැත්තකින් වටවූ සොල්දර සහිත ගොඩනැගිල්ලක සිරි ගනී. පහළ මාලයේ වැව් දිය පිරි පොකුණක් පරිද්දෙන් නාන තටාකය තනවා තිබේ. ඉහළ මාලයේ ඇදුම් මාරු කිරීම සඳහා වූ ස්ථානයකි. මඟුල් මඩුවේ පියස්සට සමාන පියස්සක් ද තනවා ඇත.
    වසර 1857 දී ඉංග්‍රීසි ජාතිකයන් විසින් ජල තටාක අත්තිවාරම පුරවා මෙය පුස්තකාලයක් ලෙස පරිහරණය කර ඇත. මේ පුස්තකාලය එවකට පරිහරණය කර ඇත්තේ ඉංග්‍රීසි ජාතික ඉහළ නිලධාරීන් හා හමුදා නිලධාරින් ගේ දැනුම වර්ධනය සදහා ය. පසුකාලිනව නැවතත් , බිසෝ උල්පැන්ගේ ඉතිහාසය සිහි ගැන්වෙන ලෙස පෙර පරිදිම තනවා ඇත. අදටත් අතීත ශ්‍රී විභූතිය සිහිගන්වන උල්පැන් ගෙය, රජුගේ අභීත රාජ තේජස විදහා පාන බව නම් පැහැදිලි ය.
    #Queensbath #Royalbath #බිසෝඋල්පැන්ගෙය

ความคิดเห็น • 10

  • @hanselplayzgames
    @hanselplayzgames 10 หลายเดือนก่อน +1

    What an awesome place. Thanks for sharing friend.

  • @santhaogh
    @santhaogh 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි , වැදගත් තොරතුරු රැසකින් දැනුවත් කලාට.

  • @dukekandy4679
    @dukekandy4679 10 หลายเดือนก่อน +1

    පැහැදිලි දැනුමක් ලබාගත්තා ස්තුතියි, ඔබට

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 2 หลายเดือนก่อน

    ⚘⚘Godak sthuti obatumata⚘⚘

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w 7 หลายเดือนก่อน

    Hoda vatina pahadhili kiirimak 🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 10 หลายเดือนก่อน

    ස්තුතියි 😊

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 10 หลายเดือนก่อน

    Supiriyak tamai ඉතිහසය

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 10 หลายเดือนก่อน

    Muwara wawe gabura kopamanada

    • @LassanaDerana
      @LassanaDerana  10 หลายเดือนก่อน

      උපරිම තැන අඩි 18යි

  • @bsworld8
    @bsworld8 10 หลายเดือนก่อน

    හොදයි නේ 🤔