Ridunu Than (රිදුණු තැන්) - Anushka Madhubhashini (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #ridunuthen #anushkamadhubhashini #arunagunawardana
    Artist - Anushka Madhubhashini
    Music - Aruna Gunawardana
    Lyrics - Amila Thenuwara
    Mixed & mastered by Sandaru Gamage @ Sage Studio
    Piano & keys - Sugath Hettiarachchi
    Guitars - Mahendra Pasquel
    Violins - Thisara Bandara
    Percussion - Dhananjaya Somasiri
    Video - focus art

ความคิดเห็น • 362

  • @anushkaamadhubhashini
    @anushkaamadhubhashini 3 ปีที่แล้ว +181

    ස්තුතියි ඔබ සියලුම දෙනාගේ ආදරණීය අදහස් සියල්ලටම ... 💖🙏

    • @Janaranga
      @Janaranga 3 ปีที่แล้ว +1

      මම නිවැරදි නම් ඔබ නේද ඩෙල් ස්ටූඩියෝ වැඩසටහනේ ටී.එම් ජයරත්න මහත්මයා එක්ක 'දෑතට වලලු' ගීය ගයන්නේ.. 🙂

    • @anushkaamadhubhashini
      @anushkaamadhubhashini 3 ปีที่แล้ว +1

      @@Janaranga ඔව් 🙂🙂

    • @Janaranga
      @Janaranga 3 ปีที่แล้ว +5

      ඔබට තියෙන්නේ හරි නිවුනු ලයාන්විත හඬක්..ඒක මීට අවුරුදු 7-8කට කලින් එදා ඇහුනු ඒ සහය ගායනයෙන්ම වින්ඳා..මේ ගීයෙන් ඒකල ගායනයෙන් ඔබ එය ඉතා විශිෂ්ට තැනකට අරගෙන ඇවිත්..ඇත්තටම පුදුම නිරාමිස හඬක්

    • @anushkaamadhubhashini
      @anushkaamadhubhashini 3 ปีที่แล้ว +1

      @@Janaranga ගොඩක් ස්තුතියි ඔබට
      🙂🙏

    • @pawanisenevirathne2292
      @pawanisenevirathne2292 3 ปีที่แล้ว +2

      කෝකිලගෙ ගායනයෙන් පස්සේ හොයාගෙන ආවේ...හරිම ලස්සන හදවත ස්පර්ශ කරන පද මාලාවක්... අක්කි ඔයාගේ වොයිස් එකෙන් ඒ හැඟීම තවත් වැඩි කළා.. සුබ පැතුම්

  • @rashmikajohnson7188
    @rashmikajohnson7188 3 ปีที่แล้ว +104

    මා නොවන මා බලලා ආවේ....(කෝකිල)😍🖤

    • @dasunathukorala1412
      @dasunathukorala1412 3 ปีที่แล้ว +2

      Sirawatama ow bn...

    • @thisaraudayanga3758
      @thisaraudayanga3758 3 ปีที่แล้ว +2

      math ehema awe. habai kalin ahala thibuna. siyatha fm eke hamadama ra 9.00ta yana adara rekha programe eke theme song eka widiyata danneth meke 1st verse eka

    • @anushkaamadhubhashini
      @anushkaamadhubhashini 3 ปีที่แล้ว +1

      💖💖

    • @shehara9591
      @shehara9591 3 ปีที่แล้ว +1

      math

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +135

    කෝකිලගේ ගායනයෙන් හදවත වැලඳ ගත්තා ..හොයාගෙන ආවා..
    ඇත්තටම හදවත ස්පර්ශ කරන ගීතයක් .සංවේදී පද මාලාවක් .සංගීතයත් අපූරුවට එකතු වෙලා ..වින්දා සහ දැනුනා .❤

  • @nirashapieris4000
    @nirashapieris4000 3 ปีที่แล้ว +54

    අභිශේකා අක්කා ලස්සනට විචාරය කරපු ගීතය හොයන් ආවේ ...හරිම ලස්සනයි....ඇත්තටම ලස්සනයි..පද මාලාව.තනු නිර්මාණය වගේම ඒ වොයිස් එක❤

    • @sldias5647
      @sldias5647 ปีที่แล้ว +1

      Same here ❤️‍

    • @SunethMx
      @SunethMx ปีที่แล้ว +1

      mamath

    • @chathurikamadhumalee5727
      @chathurikamadhumalee5727 ปีที่แล้ว

      ඇත්තමයි ❤මමත් මේ ගීතය කලින් අහලා තිබුනත් අභිශේකාගෙ විචාරය අහලා තමයි ආයෙත් ඇහුවෙ.❤

    • @dilharaSithumini-js8cg
      @dilharaSithumini-js8cg 6 หลายเดือนก่อน

      මමත් ❤

  • @user-kc3rh5cs3n
    @user-kc3rh5cs3n 6 หลายเดือนก่อน +6

    මං මේක අහන්නේ 2024 දි....🥺🥺 කියාගන්න බැරි තරම් දුකක් හිතේ තියාගෙන ඉන්න වෙලාවක...මේක අහනකොටත් කෑ ගහලා ඇඬුණා🥺🥺

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 3 ปีที่แล้ว +41

    දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ කඩහඩ වගේ. දැනෙන ගීතයක් ❤

    • @ranithaweerasena5054
      @ranithaweerasena5054 3 ปีที่แล้ว +2

      Ow matath ehema hithuna

    • @user-kx7wd7rm4e
      @user-kx7wd7rm4e 2 ปีที่แล้ว +2

      ඇයගේ ගායනයේ කටහඬ පාලනය අනර්ඝයි,සෞන්දර්යාත්මක රසය ඉහලයි,

  • @samodhya
    @samodhya 3 ปีที่แล้ว +70

    I don't know how I missed this song. It's a masterpiece. Your voice resembles the voices of Ms. Deepika Priyadharshan and Ms. Malani Bulathsingha. Ms. Anushka, your voice is amazing, pure vocals and variations. You are really talented. Keep practicing. Artists like you are very rare in these days.

    • @anushkaamadhubhashini
      @anushkaamadhubhashini 3 ปีที่แล้ว

      Thank you so much for these kind words ! 💖

    • @samodhya
      @samodhya 3 ปีที่แล้ว +2

      @@anushkaamadhubhashini After the legacy of Ms. Deepika Priyadharshani, our country is missing someone like her or better than her. You can definitely be that unique one. All the best with lots of love!!

    • @anushkaamadhubhashini
      @anushkaamadhubhashini 3 ปีที่แล้ว +2

      @@samodhya Thanks again
      I'm so humbled by your words ! 🙏😊

    • @nuwanihasaranga8630
      @nuwanihasaranga8630 2 ปีที่แล้ว +1

      Yes that's true 👍

    • @nayanimadumali2595
      @nayanimadumali2595 ปีที่แล้ว

      Godakma lassana voice ekak thiyenne.thwa ona me wage nirmana.oyage hada nm maray❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ayeshasenanayaka7054
    @ayeshasenanayaka7054 3 ปีที่แล้ว +58

    ඒ හැඟීම වැඩියෙන්ම දැනෙන්නෙ ඒක විඳපු සහ විඳිමින් ඉන්න අයට ..
    ස්තූතියි යටගියාව ආයෙම පෑරුවාට ,
    අපූරුයි ! ❤️😊

    • @uwaniperera5177
      @uwaniperera5177 3 ปีที่แล้ว +2

      ඇත්තම කතාව අයෙෂා, හරියට හරි 🙏

    • @udayanganijayasundara566
      @udayanganijayasundara566 3 ปีที่แล้ว +2

      ඔව් හිත පාරවා ගන්නවා මෙ සින්දුව අහන හෙම වෙලවකම.

    • @wowgirlsrilanka9299
      @wowgirlsrilanka9299 3 ปีที่แล้ว +1

      Adare danna aya

    • @IndikaHarshani
      @IndikaHarshani ปีที่แล้ว

      Ehemai sahodaree 😘

    • @sldias5647
      @sldias5647 ปีที่แล้ว

      ❤️‍🩹

  • @sachinthaniabeywickrama2782
    @sachinthaniabeywickrama2782 ปีที่แล้ว +6

    අභිශේකා මිස්ගෙ විචාරය අහල ආවේ හරිම ලස්සනයි ❤️

  • @DineshMusicStudio
    @DineshMusicStudio 3 ปีที่แล้ว +29

    මා නොවන මම බලලා ආවේ. ඇත්තටම සංවේදි ගායනයක් කෝකිල පවන් කරා....

  • @anjanajayarathne
    @anjanajayarathne ปีที่แล้ว +6

    රිදුනු තැන් ජීවිතේ බෝමා
    කදුලු බිදුවක දෙපැත්තක් ඔබ මා
    සීතලෙන් ගැහෙනා
    ඒ කදුලු බිදුවට නමක් තියමුද
    ආදරේ කියලා
    පිසලන්න ඕනෙත් නෑ
    සනසන්න ඕනෙත් නෑ
    හුස්ම හිරවෙන වෙලාවට විතරක්...
    පිරිමදිනු ලය මා..
    ලං වෙන්න ඕනෙත් නෑ
    වෙන් වෙන්න ඕනෙත් නෑ
    හද ගැහෙන රාවෙට
    ඇහුම්කම් දුන්නොත්
    අපිට අපි දුරනෑ
    රිදුනු තැන් ජීවිතේ බෝමා
    කදුලු බිදුවක දෙපැත්තක් ඔබ මා
    සීතලෙන් ගැහෙනා
    ඒ කදුලු බිදුවට නමක් තියමුද
    ආදරේ කියලා
    රිදුනු තැන් ජීවිතේ බෝමා

  • @yoshaniperera5752
    @yoshaniperera5752 ปีที่แล้ว +6

    පණපිටින් වළලන සිංදු මේවා!

  • @dushyanthikaasiribandara3431
    @dushyanthikaasiribandara3431 2 ปีที่แล้ว +5

    පිසලන්න ඕනෙත් නෑ
    සනසන්න ඕනෙත් නෑ
    හුස්ම හිරවෙන වෙලාවට විතරක්
    පිරිමදිනු ලය මා😔😔

  • @puranayalk
    @puranayalk 3 ปีที่แล้ว +37

    කෝකිල පවන්ගෙන් පස්සේ දැනගත්තේ, හොඳ නිර්මාණයක්...තෙරුවන් සරණයි

  • @rohankumara7579
    @rohankumara7579 3 ปีที่แล้ว +8

    අයාලෙ ඔබි නොබ සරන ආල හැගුම් දැහැන්ගත කොට කීකරු කළ හැකි මහා පද පෙළක්...

  • @ayeshasenanayaka21
    @ayeshasenanayaka21 2 ปีที่แล้ว +4

    මාස ගාණකට පස්සෙ ආයෙම ආවා .. ටිකක් පාරවගෙන යන්න ! ඒ වචන ....❤️

  • @nirureginold9209
    @nirureginold9209 2 ปีที่แล้ว +6

    කදුලු බිංදුවක
    දෙපැත්තක් ඔබ මා
    සීතලෙන් ගැහෙනා...

    කදුලු බිංදුවට
    නමක් තියමුද?
    'ආදරේ' කියලා.... ❤️

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +27

    ඇත්තටම වචන නෑ කියන්න ❤😢 ගොළුවෙලා අහගෙන හිටියා විතරයි 😢❤

  • @romainsisouw5055
    @romainsisouw5055 3 ปีที่แล้ว +18

    ලං වෙන්න ඕනෙත් නෑ
    වෙන් වෙන්න ඕනෙත් නෑ
    හද ගැහෙන රාවෙට ඇහුම් කන් දුන්නොත්
    අපිට අපි දුර නෑ... 💙💙

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +8

    ජීවිතේට අහපු සින්දුවලින් ගොඩක්ම හදවතට දැනුනු සින්දුවක් ..සමහර සින්දු තියෙනවා ඒව හරියටම අපිටම හදල වගේ..😢😢😢😢😢

  • @chamodjayasanka1155
    @chamodjayasanka1155 3 ปีที่แล้ว +7

    මාත් මේ සිංදුව අහන්නෙ කෝකිලගෙන්..
    හදවතේ ගැබුරුම තැනට දැනෙන පද මලාවක් හා සංගීතය සමග බැදුන හඩ...

  • @sumadinisubhasingha6254
    @sumadinisubhasingha6254 3 ปีที่แล้ว +13

    ඒ කදුලු බිදුවට නමක් තියමු ද ආදරේ කියලා
    රිදුනු තැන් ජීවිතේ බෝමා.... 🥀😔
    හිතක් සංවේදී කළ එ වචන ටිකට ආදරෙයි ගොඩක්.... ❤️

  • @Supuncd
    @Supuncd 3 ปีที่แล้ว +8

    කෝකිල කීවම තමා බැලුවේ...මාරම ලස්සනයි මේ ඔරිජිනල් එකත්.....නිවෙන්න අහන්න ලස්සන ගීතයක්

  • @malinihettiarachchi9303
    @malinihettiarachchi9303 5 ปีที่แล้ว +27

    අමිලගේ පදවැල් හදවත පසාරු කරනවා කවදත්, අරුණගේ සංගීතය ඊට අත්වැල් සපයනවා.. අනුෂ්කා හොදින් එය තේරුම් ගෙන ඇයගේ කොටස ඉටු කරනවා.. අපේ හදවත් තදින්ම හිර කරමින්..........

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +7

    විරල කටහඬක්..❤️ නන්දා මාලනී මහත්මිය මතක් වුනා..🙏

  • @HeshanSandeepa1
    @HeshanSandeepa1 ปีที่แล้ว +2

    🙂❤🔥

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 ปีที่แล้ว +2

    හොඳ අග්‍රගණ්‍ය නිර්මාණයකට මාකටිං අවශ්‍ය නැත. කාලයක් ගත වන විට එය සොයා මිනිසුන් ඇදෙනු ඇත. හිතට දැනෙන සොයා එන ගීත සදහටම හදේ රැදෙනු ඇත. සියලූ දෙනාට ජය 🙏

  • @user-ku3sr4xl2z
    @user-ku3sr4xl2z 5 ปีที่แล้ว +6

    මේ වචන වලට හිත පිච්චෙනවා..
    ලගට ගිහින් මේ සින්දුව paly කරලා හැන්ගිලා දුවන් එන්න හිතෙන්වා..
    එයා නවතී ගල් වෙලා වගේ
    මට ආදරේ කලා නම්...තත්පරයක් හරි...💘 ( කවී මහේ )

    • @surajnayanajith7388
      @surajnayanajith7388 3 ปีที่แล้ว +2

      ආදරේ කියන්නේ මචං රිදවීමකයි විදවීමමකයි මුලාරම්භයයි. ආදරේ කරන්නම් නොහදුනන ලෙස සමු දෙන්නේ නෑ සෑබෑ ආදර වන්තයෝ. වෙලියන් මතකයෙන් දැවටුනු තනිකමත් එක්ක. එතකොට හුදකලාව උබට ප්‍රේම කරයි උබටත් වැඩියෙන්

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 ปีที่แล้ว +3

    කදුළු බිදුවක දෙපැතක් ඔබ මා
    සීතලේ ගැහෙනා..
    ඒ කදුළු බිදුවට නමක් තියමුද ආදරේ කියලා...💗

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 24 วันที่ผ่านมา

    අහම්බෙන් අසන්නට ලැබුන නිසා ඉක්මණින් හොයාගෙන ආවෙ අහන්න...
    අනේ පුදුමාකාර ලස්සනක් නෙ මේ සිංදුව...
    ගායනය.. කටහඬ හදවතටම කතා කරනවා..
    පදවැල් හිත පාරනවා..
    සංගීතය මුලු ආත්මයම අඬවනවා... 😢❤

  • @minsaranethmina8562
    @minsaranethmina8562 3 ปีที่แล้ว +3

    මා නොවන මම කෝකිල අයියාගේ සින්දුව අහලා අවේ
    හරිම ලස්සනයී
    බුදු සරණයී 🙏🙏🙏🙏😍😍😍🤩🤩🤩

  • @newwandithilakshantha3174
    @newwandithilakshantha3174 3 ปีที่แล้ว +10

    රිදුණු තැන් ජීවිතේ බෝමා...❤️❤️❤️කියන්න වචන නෑ මාරම ලස්සනයී💙💙💙💙💙🥺😔

  • @shanishani6619
    @shanishani6619 5 ปีที่แล้ว +5

    Ane mage mulu jeewitheema me sinduwa thinawa. Hitha hiri watenawa. Adenawa.

  • @wasanthakmihindukulasuriya5912
    @wasanthakmihindukulasuriya5912 5 ปีที่แล้ว +29

    “කඳුලු බිඳුවක දෙපැත්තක් ඔබ මා...”
    අපූරු ම පද පෙළකට අපූරු ම මියැසි සංරචනයක්!
    සුපැහැදිලි හඬකින් හදවතට දැනෙන සේ ගයන ගැයුම ද විශිෂ්ටයි....
    ඇසිපිය නෙහෙළා බලා සිටිය හැකි රූපරචනය ද අගය කළ යුතු ම ය.
    දායක වූ සියලු දෙනාට ම ආදරයෙන් සුබපැතුම් එක් කරමි.

    • @sennaamarasena1378
      @sennaamarasena1378 ปีที่แล้ว

      Wonderful, beautiful singing. Fantastic lyrics and you are very innocently singing.
      Thanks for your kind hearted voice.

  • @nawodyanuwangi514
    @nawodyanuwangi514 3 ปีที่แล้ว +8

    ළං වෙන්න ඕනෙත් නෑ
    වෙන් වෙන්න ඕනෙත් නෑ
    හද ගැහෙන රාවෙට
    ඇහුම් කන් දුන්නොත්
    අපිට අපි දුර නෑ..
    රිදුණු තැන් ජීවිතේ බෝමා.. 🥀💔

  • @ishinisewwandi6861
    @ishinisewwandi6861 3 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි 😊❤️
    ලන්වෙන්න ඕනෙත් නෑ...
    වෙන් වෙන්න ඕනෙත් නෑ...
    හද ගැහෙන රාවෙට,
    ඇහුම්කන් දුන්නොත්,
    අපට අප දුර නෑ....
    🔥

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 3 ปีที่แล้ว +2

    කෝකිල ගේ මිහිරි ගායනයෙන් ...හොයන් ඇවිත් බලද්දි හිතෙනවා තවත් සැගවුණු මැණිකක්ද නේද මේ කියලා...❤👌🙊💯

  • @knowledgehub528
    @knowledgehub528 2 ปีที่แล้ว +2

    ලංවෙන්න ඕනෙත් නෑ
    වෙන්වෙන්න ඕනෙත් නෑ
    හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත්
    අපිට අපි දුර නෑ.❤❤💛💛💚💚

  • @indeewaridesilva736
    @indeewaridesilva736 2 ปีที่แล้ว +3

    සති ගාණකට පස්සේ පොඩි විවේකයක් හම්බුණා.🙃 ඉතින් හිතුනා ජීවිතේ පලවෙනි වතාවට පිස්සුවෙන් වගේ 🥵මුළු දවස් ගානක් එකදිගට අහපු සින්දුවක් ගැන පුළුවන් විදිහට වචන ටිකක් පටලන්න..🎼
    නිකන්ම music එක ඇහුවමත් ඇඩෙන ගානට දැන් නන් හොදටම සින්දුව පත්තියන් වෙලා තියෙන්නේ.😶
    💔 නම - රිදුණු තැන් ජීවිතේ බෝමා..
    මේ පද ටික නම් තනිකරම විකාරයක්..පද අමිල තේනුවර සර්ගේ..සමහරු නම් අහල ඇති..
    නැද්ද?
    "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා" පද සර්ගේ..✒️✒️
    මට මේ සින්දුව හම්බුනේ අහම්බෙන්..
    ඒ වෙලාවෙත් ගායනා කලේ මුල් අයිතිකාරියමයි..අනුෂ්කා මදුභාෂිනී...පපුව හූරන් යන තරම් පුදුමාකාර ගැඹුරු කටහඩක්...🤍
    කටහඩටම කියාපු ලියාගන්න බැරිතරමටම ඇබ්බැහිවෙන අධි මාත්‍ර සංගීතය..🎧අරුණ ගුණවර්ධනයන්ගේ...
    ⭕⭕⭕
    රිදුණු තැන් ජීවිතේ බෝමා
    කදුළු බිදුවක දෙපැත්තක් ඔබ මා
    සීතලෙන් ගැහෙනා
    ඒ කදුළු බිදුවට නමක් තියමුද
    ආදරේ කියලා
    ⭕⭕⭕
    පටන් ගනිද්දිම ඇහෙන වයලීනෙන්ම 🎻කොහේදෝ තියෙන මහ මූසල ගතියක් මුළු ඇග පුරාම දුවන්න ගන්නවා.
    ඇත්තටම කොච්චර රිදිච්ච තැන් ඇතිද??
    ඔබට..
    මට..
    ❓❓❓
    ඒත් සමහර තැන්වල වේදනාව පුදුමාකරයි..දැන දැනම හීතලේ ගැහි ගැහී ඉන්නවා..
    ඇයි?
    ඒ කදුලම තමා මම..ඔබ..
    නමක් තියමු ඒ හීතල කදුලට...
    එක නමයි
    👀
    ආදරේ...
    ⭕⭕⭕
    පිසලන්න ඕනෙත් නෑ
    සනසන්න ඕනෙත් නෑ
    හුස්ම හිරවෙන වෙලාවට විතරක්
    පිරිමදිනු ළය මා
    ⭕⭕⭕
    හැමවෙලේම ලගින ඉන්න ඕනෙ නෑ... මොකද කදුළු ඔහේ වැටිලා යාවි.සනසන්න ඕනේ නෑ හැමවෙලේම...
    හැබැයි 🤕
    එක වේලාවක නොවරදවාම ඉන්න මං ගාවින්..
    හ්ම්...
    හුස්ම හිරවෙන වෙලාවෙවටවත්...
    පුළුවන් වෙයිද ලගින් ඉන්න...
    ඒ හුස්ම ටික හරිම බරයි..
    ⭕⭕⭕
    ළං වෙන්න ඕනෙත් නෑ
    වෙන් වෙන්න ඕනෙත් නෑ
    හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ
    ⭕⭕⭕
    හැතැක්ම ගාණක් දුරින් හිටියක් නෑ මගේ හිතේ කිසිම කහටක්..
    ඔව්..
    ළං නොවුණට කමක් නෑ..
    දන්නවා..😶
    මේ හඩ තනිකරම අපේ..
    හරිම ගැඹුරුයි..
    හැබැයි මේ හිතේ හඩ නම් පුදුමාකාර තරම්ම ළගයි...
    මට..
    අපි තරමටම...
    ඒ නිසා කමක් නෑ..
    🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
    ඒ පදවලට වචන ගලපන්න තරම්වත් හිත කීකරු නෑ මගේ...😐 මොකද දැනුත් ඇහෙන්නේ ඒ කටහඩ...
    නෑ..නෑ..
    ඒ කටහඩ නෙමේ..දුරින් නෙමේ..
    මේ ළග..
    අහල බලන්න..🤧🤧
    ඇස් දෙක පියා ගන්න විනාඩි පහකට..
    ඒ music..🎧ඒ කටහඩ..🎤ඒ විකාරයක් වෙච්චි පද ටික..✍🏽 අරන් යාවි කවදාවක් ගියපු නැති ලෝකෙකට..
    පරිස්සමින්..
    මං වගේ අතරමං වේවි ආපහු එන්න පාරක් හොයා ගන්න බැරිවම..
    🖋️SS

  • @somalatharathnayake241
    @somalatharathnayake241 3 ปีที่แล้ว +1

    Godak lassanai ahamben ahanna labuna lassanama sinduwak

  • @sakunigamage5095
    @sakunigamage5095 ปีที่แล้ว +1

    Hada gahena raweta ahum kan dunnoth apita API dura naaa....☺️harima lassanai ...Budu saranai.....

  • @lahiruhettiarachchi6417
    @lahiruhettiarachchi6417 2 ปีที่แล้ว +5

    අභීගේ සහ කෝකිලගේ covers වලින් පස්සෙ හොයාගෙන අවේ.....!! Masterpiece…!!! 🔥 🔥🔥

  • @maheshkarunathilaka6894
    @maheshkarunathilaka6894 3 ปีที่แล้ว +5

    රස වින්දනය කියන එක දශමයක් දෙන්න බැරිවුනු අළුත් ගීත කාන්තාරයකට මේ ගීතයනම් වැහි පොදක් වගේ..පුදුම විදියට හිත ඈතට අරන් ගියා .... ඇත්තටම හුස්ම හිරවෙන වෙලාවට විතරක් වුනත් ඇහුනනම් මේ ගීතය ඒත් ඇති ....ඇත්තටම මේ ගීතය මම ගායනවා කරනවා පුදුම ආසාවකින්

  • @maduniperera3377
    @maduniperera3377 ปีที่แล้ว +1

    Harima lassanai.hadawathatama danena sinduwak

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 3 ปีที่แล้ว +4

    කෝකිල අයියා කියපු එක අහල තමා සින්දුව හොයාගෙන ඇහුවේ...මාරම ලස්සන සින්දුවක්...හදවතටම දැනෙන වොයිස් එකක්....ෆීල් වෙනව මියුසික් එක්ක....නියමයි...ජය වේවා.....ඉදිරියටත් මේ වගෙ ලස්සන නිර්මාණ කරන්නට ශක්තිය ලැබේව කියල සුබ පතනවා..!!!👊👊👊

  • @eshanferanando8080
    @eshanferanando8080 ปีที่แล้ว +2

    හද පායපු රැක එය එක්ක ,එයගේ අත අල්ලන් එය එක්ක අහන්න ඔින ලස්සන සිංඋුවක්,එත් එය මං ලග නැ දැන් .එය වෙින කේනේක් ලග සතුටින් ඉන්නවා ....

  • @sanjeewaniperera4523
    @sanjeewaniperera4523 2 ปีที่แล้ว +1

    Aththatama harima lassanai ,hada ,pada ,music hari lassana ta galapenawa,thawath nirmana karanna ,api balagena innawa ,suba pathanawa oyata .....

  • @thilinikalugampitiya8424
    @thilinikalugampitiya8424 2 หลายเดือนก่อน

    ජීවිතේ අහන විදින ගී අතර............................. පුදුමාකාර සංවේදී , හින්සිරුවට හිත සූරන පාරන ගීයක්....❤💐

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +1

    💚
    Lyrics
    Music
    Vocal

  • @omaliwasundara5443
    @omaliwasundara5443 3 ปีที่แล้ว +6

    අහපු පලවෙනි දවසේ ඉදන්ම ගීතයක් නෙවෙයි භාවනාවක්.😊💝

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 ปีที่แล้ว +1

    💖💖💞💕💓❣️ පිස්සු වගේ 😘💗💕💞✨✨✨👍👍👍🙏🙏

  • @sugathpriyantha3845
    @sugathpriyantha3845 2 ปีที่แล้ว +1

    👍👍👍♥️♥️♥️ jayasri Theruwan sarani ♥️♥️👍♥️🇱🇰♥️

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +2

    Me gayanne ඇත්ත 👍😌

  • @udayanganijayasundara566
    @udayanganijayasundara566 3 ปีที่แล้ว +4

    සිතේ සියුම් රිදවිම් පාරවා.නෙත් අගට කදුලු පුරවන.දෙන්න බරි උනු හිතේ ලියු පෙම් හසුනක් මේ ගිතය.ලස්සනයි ගොඩක්. පද,නාද,හඩ හොදින් ගෙලපෙන.

  • @Don-px1fe
    @Don-px1fe 2 ปีที่แล้ว +4

    ආදරය ගැන අහපු හොදම නිර්වචනය මෙයයි
    තිත්තයි තමයි හැබැයි මේ තිත්ත තමයි ඇත්ත

  • @bashipoorna5964
    @bashipoorna5964 ปีที่แล้ว +1

    I cried when I heard this song @anushkaamadhubhashini miss🥺❤️❤️

  • @user-vh8zw3yt4m
    @user-vh8zw3yt4m ปีที่แล้ว +1

    Great idea and heart touching song

  • @anulavidanarachchi6113
    @anulavidanarachchi6113 3 ปีที่แล้ว +2

    Hadawata hodatama denena me GETAYATA. Mama godak Adareiii. Thanks

  • @jeewanikonara5770
    @jeewanikonara5770 ปีที่แล้ว +1

    රිදුනු තැන් ජීවිතේ බෝමා...

  • @saaramichellefernando3441
    @saaramichellefernando3441 ปีที่แล้ว +1

    හද ගැහෙන රාවෙට සවන් දුන්නොත් අපිට අපි දුර නෑ❤🥺

  • @sandyajayarathne9569
    @sandyajayarathne9569 ปีที่แล้ว +1

    පිසලන්න ඕනෙත් නෑ
    සනසන්න ඕනෙත් නෑ
    හුස්ම හිරවෙන වෙලාවට විතරක්
    පිරිමදිනු ලය මා❤

  • @asmapresanthika1815
    @asmapresanthika1815 2 ปีที่แล้ว +1

    පද පෙළ අති විශිෂ්ටයි..
    එයට මුසු කර ඇති තනුව එය තවත් මනාව තීව්‍ර කරනව....
    හරිම රසවත්.

  • @kulasekara5679
    @kulasekara5679 3 ปีที่แล้ว +1

    🌹

  • @sudathmahendranavaratne667
    @sudathmahendranavaratne667 ปีที่แล้ว +1

    Wow what a music composition

  • @shank98
    @shank98 ปีที่แล้ว +1

    ❤ so special song to me

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว +1

    Wow!!.

  • @maduniperera3377
    @maduniperera3377 ปีที่แล้ว +1

    Heart touching song

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    ආදරයට 😍 ආදරය 💘 කරන්න. එවිට අපිට අපි හුගක්ම ලං වේවි 💖💖

  • @NisalSutheekshana
    @NisalSutheekshana 5 ปีที่แล้ว +7

    Ammo mama ahapu lassanama sinduwak ♥️ pichchila giya. Singing 🙈🙈😍😍😍 sugath aiya,violin aiya patta ♥️

  • @janakasirinanda2258
    @janakasirinanda2258 3 ปีที่แล้ว +5

    ස්තූතියි කෝකිල මේ වගේ හැන්ගිලා තිබිච්ච සින්දුවක් පෙන්නුවට
    මාරම ලස්සනයි සින්දුව❤️❤️❤️

  • @nipunikachandrasekara
    @nipunikachandrasekara หลายเดือนก่อน

    ලං වෙන්න ඔනෙත් නෑ
    වෙන් වෙන්න ඔනේත් නෑ
    හද ගැහෙන රාවේට ඇහුම්කන් දුන්නොත්
    අපිට අපි දුර නෑ❤

  • @sahanaththanayaka1549
    @sahanaththanayaka1549 3 ปีที่แล้ว +1

    🖤🖤

  • @TharuAsha
    @TharuAsha ปีที่แล้ว +1

    හිමිවීම් වලට වඩා අහිමිවීම් ඇති මගෙ ජීවිතේ වගේ මේ සිංදුවත්.. කතාවක් වගේ එකිනෙක ආයෙත් මතකෙට ඇවිත් සිත රිදුනා 😥😥

  • @SusithDangahadeniya
    @SusithDangahadeniya ปีที่แล้ว +2

    යාළුවෙක් කිව්ව නිසා අද ඇහුවේ.කොහොමද මට මේක මග ඇරුණේ.❤

  • @jeewanthichandrasiri8347
    @jeewanthichandrasiri8347 3 ปีที่แล้ว +1

    💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @chamindakinigahage17
    @chamindakinigahage17 3 ปีที่แล้ว +1

    ඇයි මේක වේලාසනම අහන්න බැරි උනේ මට....කෝකිල නිසයි හෙවුවේ...ඔබත් ඉතාම මිහිරට ගයනවා...ජයම වේවා සොයුරිය...මේ පාර පනින්න එපා...මෙයයි අනාගත රසය....

  • @nipuntharaka6081
    @nipuntharaka6081 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️😘😘😘

  • @romeashsamarasinha4431
    @romeashsamarasinha4431 ปีที่แล้ว +1

    Maru ❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

    Kokila pawan sthuthi 💐💐 me Geethayata 🔥🔥abbehi wela den

  • @nipuntharaka6081
    @nipuntharaka6081 2 ปีที่แล้ว +1

    Woow ❤️❤️😘❤️

  • @vish9562
    @vish9562 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.💗💗

  • @subodhanikahawandala2892
    @subodhanikahawandala2892 2 ปีที่แล้ว +1

    Marama feeling ♥️😥

  • @hashaninadeesha2691
    @hashaninadeesha2691 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @sularifernando2995
    @sularifernando2995 3 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ 🤍🤍🤍🤍🤍

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 6 หลายเดือนก่อน

    Samawenna Aththa kitanna ona Me geethaye obe hadinma harima mihiriyi hangeem barayi.
    Meya Abuseka mama asa karana thawath gayikawak Ayath gayanawa Eeta wada oya gayanawa dannenawa.mihiriyi dear
    Meya litabthiyenneth mage hithawathiyak.Ayatada mage pranamaya.

  • @ajanaedirimannage8412
    @ajanaedirimannage8412 3 ปีที่แล้ว +2

    හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත්
    අපිට අපි දුර නෑ
    waiting for you until my last breath 😔💔

  • @lolfactory9402
    @lolfactory9402 5 ปีที่แล้ว +4

    ඒ‌ කඳුලු බිඳුවට නමක් තියමුද ආ‌දරේ කියලා? Dedicate to my soul mate 🖤

  • @devmimendis8215
    @devmimendis8215 3 ปีที่แล้ว +2

    ඒ කඳුළු බිදුවට නමක් තියමුද ආදරේ කියලා... 🖤 D🖤

  • @tecky3373
    @tecky3373 2 ปีที่แล้ว +2

    රිදුණු තැන් ජීවිතේ බෝමා 💔

  • @mahindasenavirathna7081
    @mahindasenavirathna7081 2 ปีที่แล้ว +3

    වර්තමානයේ ඇසෙන කර්කෂ ගීත නිසා " හුස්ම හිරවුණු වෙලාවේ ඔබ අපේ හදවත් පිරිමැද්දා" මේ මගේහීම තව දුරටත් නොකඩවා යන්න අනුෂ්කා , ඔබට සුබ පැතුම්

  • @chameekumari4097
    @chameekumari4097 3 ปีที่แล้ว +2

    ඒ කදුලු බිදුවට .....
    නමක් තියමුද.....
    ආදරේ ..කියලා ..........😌

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 ปีที่แล้ว +2

    රිදුනු තැන් ජීවිතේ බෝමා......
    අපූරුම පබැඳුමක්
    හිතට දැනෙන සංගීතයකට ඔබේ අපූරු හදවතම ස්පර්ශ කරන කටහඬින් ගයනවිට
    කියන්නට මට වචන නෑ.
    අනාගතයට සුබ පැතුම්

  • @induniljayasinghe9721
    @induniljayasinghe9721 2 ปีที่แล้ว +3

    හැමදාම අහන්න හිතෙන සංවේදි ගිතයක් නිර්මාන කරුවන්ට සුබ පතනවා අනුෂ්කාගෙ කටහඩ තවත් හිත අැතුලටම දැනෙනවා

  • @lalaniperera3446
    @lalaniperera3446 ปีที่แล้ว +2

    හදවතට සමීප සිංදුවක් ❤❤✨️

  • @IndraFernando1
    @IndraFernando1 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @shounranasinghe1987
    @shounranasinghe1987 3 ปีที่แล้ว +23

    රිදුණු තැන් ජීවිතේ බෝමා
    කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා
    සීතලෙන් ගැහෙනා
    ඒ කඳුලු බිඳුවට නමක් තියමුද
    "ආදරේ" කියලා
    interlude
    පිසලන්න ඕනෙත් නෑ
    සනසන්න ඕනෙත් නෑ
    හුස්ම හිරවෙන වෙලාවට විතරක්
    පිරිමදිනු ලය මා
    interlude
    ලං වෙන්න ඕනෙත් නෑ
    වෙන් වෙන්න ඕනෙත් නැ
    හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත්
    අපිට අපි දුර නැ
    interlude
    රිදුණු තැන් ජීවිතේ බෝමා
    කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා
    සීතලෙන් ගැහෙනා
    ඒ කඳුලු බිඳුවට නමක් තියමුද
    "ආදරේ" කියලා
    රිදුණු තැන් ජීවිතේ බෝමා.....

  • @chathurikahashini6008
    @chathurikahashini6008 3 ปีที่แล้ว +1

    Ma nowana ma balala hoyagen awe. Ad idan m hamadama ahana songs list eke udinma thyenwa me song ek. ❤❤❤❤❤❤

  • @prageethdilshan8745
    @prageethdilshan8745 2 ปีที่แล้ว +1

    හද ගැහෙන රාවෙට ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ ❤️😊
    රිදුනු තැන් ජිවිතේ බෝමා 💔

  • @chinthakalakmal5564
    @chinthakalakmal5564 3 ปีที่แล้ว +1

    ❣️

  • @BiniDesilva
    @BiniDesilva 3 ปีที่แล้ว +2

    6න් පස්සෙ මනෝ පාරකට සුපිරි සින්දුව
    අනුශ්කා අක්කේ 🔥🔥🔥🔥 මෙකනම් පට්ට 💪💪💪