Thara (තාරා) Official Music Video | Chamara Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 930

  • @PawanAnjana
    @PawanAnjana 4 หลายเดือนก่อน +851

    ඈත අතීතයේ සිටම ආසියානු බෞද්ධ පුරාකතාවන් අතර හමුවන 'තාරා' යනු, අපගේ පැවැත්මේ සාරය දරා සිටිනා උත්තරීතර වූ ප්‍රේමය පිළිබඳව වන සංවාදයේ අපට අමතකව ගිය සංකල්ප රූපයකි. ජන විඥානයට අනුව, අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් හෙවත් නාථ දෙවියන්ගේ සාංසාරික සෙවනැල්ල වන්නේ 'තාරා' ය. ඇය ප්‍රේමයේ පාරමිතා පුරනා බෝධිසත්වවරියයි.
    ඉතින්, ප්‍රේමය පාරමිතාවක් කරගත් කවුරුන් තුළ වුවත් අදටත් හෙටටත් ආදරයේ බෝධිසත්ව ස්වරූපය වැඩ වසන බව අපගේ විශ්වාසයයි.
    උඳුල සඳ මඬල විලසින
    ඉරා වේදනා කළුවර
    නිල් දෙනෙතින් හිනා වෙලා
    බලන්න තාරා
    සංසාරෙම මගේ ළඟින්
    හිඳින්න තාරා
    මේ කර්ණ කටුක පුරවර
    දුරු දුර්ග හිමව් වන මැද
    සෙවණැල්ල වෙලා මාත් එක්ක
    එනවද තාරා
    ඔබ එනවද තාරා
    හුදකලා හඩන හිත ළඟ
    මේ නින්ද නේන තුන් යම
    සිතිවිල්ලක් වී සුවද දිදී
    රැදෙන්න තාරා
    මේ උරඬලේ හිස හොවාන
    නිදන්න තාරා
    - පවන් අංජන (2021)

  • @shamalkalakshani9347
    @shamalkalakshani9347 4 หลายเดือนก่อน +304

    ඒ ගෑනු ලමයගෙ ලස්ස්න🥹 හරියට උමාලිගෙයි කාන්චනා අනුරාදි ගෙයි hybrid version එකක් වගේ🥹💜️💜️💜️

    • @Nethraly
      @Nethraly 4 หลายเดือนก่อน +5

      Ekagai❤

    • @thilakshiwijewickrama
      @thilakshiwijewickrama 4 หลายเดือนก่อน +1

      Ow

    • @sachithranimanthi9839
      @sachithranimanthi9839 4 หลายเดือนก่อน +11

      ඇත්තටම ..මට ඒ රූප දෙකම මැවිලා පෙවුනා මේක බලද්දි ❤👌

    • @hansi7265
      @hansi7265 4 หลายเดือนก่อน +1

      Eknn aththaa❤

    • @samantharamachandra9673
      @samantharamachandra9673 3 หลายเดือนก่อน

  • @yoshyfonseka878
    @yoshyfonseka878 4 หลายเดือนก่อน +251

    තාරා පිලිතුරු දුන්නෙ මෙහෙම වෙන්න ඇති..
    දිලෙන සද මඩල කලුවර
    නොවැටෙනා විලස සදහට
    මේ දෙනෙතින් හීන මවා
    ඉන්නෙමි තාරා..
    සන්සාරෙම නුබ විතරයි
    පතන්නෙ තාරා...
    හැම විදින්න බැරි දුක මැද
    කදුලැල්ලට පන දෙනට
    හෙවනැල්ලක් වී නුබ පසුපස
    එන්නෙමි තාරා..
    එන්නම්....තාරා...
    ඔය පාලු හිතට තනියට
    නෙතු පියෙන තුරුම සදහට
    හසරැල්ලක් වී සන්සාරෙම
    ඉන්නෙමි තාරා..
    ඔය උරමඩලේ හිස හොවාන
    සැනසෙම් තාරා...
    ....යෝශිනී (2024-06-07)
    -Yoshi -

  • @janakaheenkenda8615
    @janakaheenkenda8615 4 หลายเดือนก่อน +258

    තාරා යනු මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් දෙකෙහිම ගෞරවයට පාත්‍ර වූ බුදුදහමේ චරිතයකි. මහායාන බුදුදහමට අනුව තාරා බුද්ධත්වයේ සාරය මූර්තිමත් කරන බෝධිසත්වවරයෙකු ලෙස පිළිගැනේ. ඇය දුකෙන් ආත්මයන් මුදාහරින ගැලවුම්කාර දේවතාවියක් ලෙසද සැලකේ. තාරා බොහෝ විට නිරූපණය කර ඇත්තේ සංසාරයේ (උපත, මරණය සහ නැවත ඉපදීමේ චක්‍රය) ජීවීන්ගේ දුකට සවන් දෙන සහ ලෞකික හා අධ්‍යාත්මික අනතුරු වලින් ඔවුන්ව ගලවා ගන්නා කාන්තා බෝධිසත්වයෙකු ලෙසය. ඇයගේ නම, ආර්ය තාරා, "උතුම් තාරා" ලෙස හැඳින්වෙන අතර, ඇය ජෙට්සන් ඩොල්මා ලෙසද හැඳින්වේ (ටිබෙට් භාෂාවෙන් එහි තෙරුම "විමුක්තියේ ගෞරවනීය මව" යන්නයි). මේ පද ටික පුරාවටම තරා නම් වූ චරිතය දකින්න පුළුවන් අදහසක් ගෙය පදවල යටි අර්ථයේ දකින්න තියනවා. පෙම්වතියකගේ, බිරිදකගේ, මවකගේ කාරුණික ගුණ සොයන බෝධිසත්ව පිරිමි සිතක්. විශිෂ්ට නිර්මාණයක්.

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 4 หลายเดือนก่อน +88

    පුදුම ලස්සනක්... ඒ වචන.. රංගනය.. ඒ ගැගැණු ලමයගේ ලස්සන.. උමාලි වගේ.. විශිෂ්ටත්වයේ උපරිමයක්. සුභ පැතුම් ඔබ සියලු දෙනාට.. ❤️

  • @udrx
    @udrx 4 หลายเดือนก่อน +40

    මොනවද බන් මේ සිංදු..මට නිදහසේ ඉන්න දෙන්නෙම නෑ..කටට ඉවරයක් නෑ..වචන එලියට එන්නෙ නැති එක විතරයි..තාරා මාරම හැගීමක් , තාරා සිතිවිල්ලක් වී සුවද දිදී රැදෙන්න තාරා මේ උර මඩලේ හිස හොවාන නිදන්න තාරා.. මාරම මාරයි❤

  • @kalanajayawardhana2092
    @kalanajayawardhana2092 4 หลายเดือนก่อน +40

    හිතේ මාර අවුලක් තිබ්බා අමරදේව මහත්මා , එඩ්වඩ් ජයකොඩි මහත්මා, අමරසිරි මහත්මා වැනි ඒ මහා පරපුරෙන් පස්සේ ආය ඒවගේ නිර්මාණ එන්නේ නැති වෙයි කියල. හැබැයි මේක අහද්දි ඇත්තටම ඒ දුක නැති උනා... විශිෂ්ඨයි සහෝදරයා... තවත් මේ වගේ ගී අපිට ගෙන ඒමට ශක්තිය ලැබේවා...ඔබට ජය.😊

  • @TharinduDamsara
    @TharinduDamsara 4 หลายเดือนก่อน +85

    Jayawewa machan.

  • @neele6639
    @neele6639 4 หลายเดือนก่อน +65

    මේ සින්දු trending වෙන්න ඕනි ඒවා නෙමේ 🥺 ඇත්තටම මම මාරම ලෝබයි එහෙම trending වෙනවට. මොකද music ගැන මෙලෝ idea එකක් නැති රැල්ලට ටික්ටොක් කරන උන් මේක අහලා වැඩක් නැහැ......

    • @redhummer8166
      @redhummer8166 4 หลายเดือนก่อน +5

      හැබැයි එහෙම සමාජ මට්ටමක් තිබ්බනම් ලංකාව මීට වඩා සුන්දර වෙයි

    • @shashikalavithanage8080
      @shashikalavithanage8080 หลายเดือนก่อน

      මමත් ආස නෑ🙂 මේ සිංදුව මට විතරක් ඇති

  • @Kamesha_Gimandini
    @Kamesha_Gimandini 4 หลายเดือนก่อน +66

    සංසාරෙම ඔබේ ළඟින්
    හිඳින්න මා පෙරුම් පිරූ
    ඈත කල්ප යුගයක සිට
    නුඹ සොයාන ආවෙමි මම...
    ගිරි දුර්ග හිමව් වන මැද
    සෙවණැල්ල වෙලා හිඳින්න
    හුදකලා හඬන සිත නුඹෙ
    සිතුවිල්ලෙන් මතු රැඳෙන්න
    පෙරුම් පිරුවෙ මා...
    සැරිසැරුවෙමි සසර පුරා
    සංසාරයේ තොටුපළ තෙක්
    රැඳෙන්න නුඹ හා...
    උරමඬලක සුව සොයාන
    ආවෙමි මම සසර පුරා
    රැඳෙන්න නුඹ හා...
    කර්ණ කටුක මං පෙත්වල
    ඇවිද යන්න නුඹ හා...
    ❤🙂

  • @prathibhagunathilake1977
    @prathibhagunathilake1977 หลายเดือนก่อน +4

    ඔයාලා දෙන්නා පේරාදෙණිය කැම්පස් එකේ නේද .මන් දැක්කා දෙන්නවම දෙපාරකට❤

  • @frankina127
    @frankina127 4 หลายเดือนก่อน +50

    තාරා.. අහන්න පටන් ගත්තේ හරියටම දවස් පහකට කලින්. මේ වෙනකන් කී සැරයක් ඇහුවද මම දන්නේ නෑ. වෙන සිංදු වලට අහපු පලවෙනි පාරම කමෙන්ට් කලාට මම තාරාව පල් කලා.. ඒ කියන්නේ අහන්න අහන්න තාරා මාව වෙනස් මානයකට අරන් යනවා.. රොමේෂ් ගෙ නීල දෑසේ, කස්සගේ මත් මල් සේනා, මටත් කවියක්, රිද්මගේ විරාමයේ නිර්මාණ පට්ට ගහපු මම චරිත die heart fan කෙනෙක්..❤ හැබැයි තාරා.. මට හරිම ගුප්තයි. ආදරය මතුපිටින් අතගෑවට ඒකේ ගැබුර, බර තාරාගෙ තියෙනවා. මැරෙනක්කන්ම වෙලී ඉන්න ආදරයක්, ර්‍ර්ට පස්සේ ත් ලඟින් ඉන්න කියන ප්‍රේමනීය ඇරයුමක්.. ඒක හරිම ආදරනීයයි. මගෙමයි මගේ විතරමයි කියන ආත්මාර්තයට වඩා බෝධි සත්ව පැතුමක්. ඒ ආදරය මටත් ඕන කියන හැඟීම් පලවෙනි වතාවට මටත් මගේ පපුවට දැනුනේ තාරා හරහා. මොකද මම බැඳීම් අතහැරුනත් හිත හදාගන්න දුරින් තියාගන්න කෙනෙක්. ඒත් තාරා මට රතු එලියක්..😊
    පද රචනය, සංගීතය රහයි. චාමරගේ ගායනයට වහ වැටුන පලවෙනි වතාව මේ නෙවෙයි මගේ. එක පාරක් දේදුන්නේ පාට පාටින් ගීතයටත් මම වහ වැටුනා❤
    කොයි වෙතත් තාරා විඳින්න මෙච්චරය්. Ear buds කනේ ගහගෙන ඇස් වහගෙන මේ පද පේලිටික විතරක් අහන්න..
    සෙවනැල්ල වෙලා මාත් එක්ක එනවද තාරා..
    මේ උරමඩලේ හිස හොවාන නිදන්න තාරා..
    සංසාරෙම මගේ ලඟින් හිඳින්න තාරා..
    ....ඒ ගැඖරු හඬට හදවත තවත් බර වෙයි...❤❤❤

  • @CMusicSL
    @CMusicSL 4 หลายเดือนก่อน +33

    මාස්ටර්පීස් !!! Chamara

  • @Fluffycake-g7z
    @Fluffycake-g7z 4 หลายเดือนก่อน +43

    Lyrics ලියපු දෑතට ❤️‍🩹

  • @ishnewme
    @ishnewme 3 หลายเดือนก่อน +21

    මං දන්නෑ හේතුව, මට මුළු සිංදුව පුරාවටම ඇඩුනා.. 💔

  • @nelumwilegoda
    @nelumwilegoda หลายเดือนก่อน +3

    මං සිංදු අනන්තවත් අහලා තියෙනවා..ඒත් මේ සිංදුව අහනකොට මගේ ආදරේ මට මතක් වෙනවා..මට එයාව හම්බුනේ මීට හරියටම අවුරුද්දකට කලින්.එයාව දැක්ක ගමන්ම මොකක්දෝ හුරුපුරුදු ගතියක් දැනුනා..අපි හරි ලස්සනට ආදරේ කරා.ඔහොම යද්දී මාව university select උනා..මං government campus එයා private campus..හිත හදාගෙන කොහොමහරි මට එයාගෙන් ටිකක් දුරකට එන්න උනා.හැමදාම හම්බුන අපි දෙන්නගේ ආදරේ long distance relationship එකක් උනා🥺..ඉතිම් කියන්න සතුටුයි කොච්චර දුරක හිටියත් විනාඩි 5කට හරි මාව බලන්න එයා පැයගානක් දුර ගෙවාගෙන එනවා..ඒක සමහර මිනිස්සු බොලදයි කියලා දකින්න පුලුවන්.නෑ ඒක එහෙම නෙමෙයි..අපි දෙන්නගෙම වැඩ ගොඩගැහිලා තියෙද්දිත් දෙන්නම දෙන්නා වෙනුවෙන් ඉන්නවා.මගේ හැමදේකටම පිටිපස්සේන් ඉදන් හයියක් වෙන්නේ එයා.එයා උදේට යනකොට හැමදාම මේ සිංදුව ඇහෙනවා.එයා මගෙන් ඇහුවා මේ සිංදුවේ තියෙන පද පේලි අපේ ආදරේ වගේ නේද කියලා.ඔව් ඒක ඇත්තම ඔව්.අපේ ආදරෙත් මේ වගේ.මේකේ අන්තිමට නෙලුම් මලක් අරන් එනවා..මං ආසම කොටස ඒක.ඒ මගෙ නමත් නෙලුම්.එයා කියනවා වගේ ලෝකෙම ලස්සන නෙලුම්මලේ අයිතිකාරයා එයාලු.ඉතිම් මං හැමදාම එයා වෙනුවෙන් ඉන්නවා.මම එයාට දවසින් දවස ඇබ්බැහි වෙනවා.මේ සිංදුව අහනකොට මට අපිව ගොඩක් මතක් වෙනවා🥺♥️ඉක්මනටම ආයිත් හම්බවෙනකම් මං දින ගනිනවා🥺

    • @pasindupabasara8240
      @pasindupabasara8240 หลายเดือนก่อน +1

      ඔව් ... මේ කතාවෙ ඉන්න පිරිමි ලමය තමයි මෙ ලොකෙ ලස්සනම නෙලුම් මලේ අයිතිකාරය . එයා එහෙම කියන්නෙ හරි ආඩම්බරෙන් ... එ හැගීම මීට අවුරුද්දකට කලින් දැනුන විදියටම හරි ලස්සනට අද වෙනකොටත් මහමෙරක් වගෙ ආදරයක් හිතේ පුරවන් මේ කතාව ඇතුලෙ ජීවත් වෙනවා ...
      ඔව් ඒ මමයි 🥺
      මේ කතාවෙ ඉන්න පිරිමි ලමය මම කියල මට දැනෙද්දි ඇස් උනත් දරාගෙන ඉන්නෙ නැ ... 🥺♥️ ඉක්මනටම මේ කාලෙ ගෙවිල ගිහින් ඔයාව මගෙ ලගට අරන් ඔයාව ලස්සනට බලාගෙන ජීවත් වෙන්න අපි අපේම වෙන දවස එනකන් මන් හරි ආසාවෙන් ලොකු බලාපොරොත්තු ගොඩක් හිතෙ තියාගෙන බලන් ඉන්නවා 🥺♥️

    • @nelumwilegoda
      @nelumwilegoda หลายเดือนก่อน

      @@pasindupabasara8240🥺♥️

  • @ConfusedDenimJacket-pr4bc
    @ConfusedDenimJacket-pr4bc 4 หลายเดือนก่อน +6

    උමාලිගෙයි,කාංචනා අනුරාදිගෙයි මික්ස් ෆේස් එකක්

  • @sandunihansika-p3k
    @sandunihansika-p3k 3 หลายเดือนก่อน +16

    මේ පද වලටත් වඩා ලස්සන ගැහැණු රූපයක්❤
    තාරා දෙවගන අරක්ගත් සියලු ගැහැනු හිත් ප්‍රේමයෙන්ම සැනසේවා ❤

  • @PabodhaRathnayake-o4p
    @PabodhaRathnayake-o4p วันที่ผ่านมา +1

    ලස්සන හිත නිවන කටහඩක් .. දවසම වැඩ කරල මේ සින්දුව ඇහෙනකොට දැනෙන සැනසීම වචන කරන්නත් අමාරුයි 🥺❤️ මේක ඇහෙද්දි පුදුම මතක ගොඩක් එක්ක තනි වෙන්නෙ 🥺❤️

  • @buddishaweerasuriya81
    @buddishaweerasuriya81 4 หลายเดือนก่อน +35

    මේ ශිල්පී සුසංයෝගය විසින් අපූරු නිර්මාණයක් බිහිවෙලා ❤ හඬ, පද, නද, රුව අපූරුවට ගැලපිලා ❤️❤️ සුබ පැතුම් සියලු දෙනාට ම

  • @NavodyaSewmini-g7k
    @NavodyaSewmini-g7k 4 หลายเดือนก่อน +19

    තාරා දෙවඟන මෙන්
    ප්‍රේම පාරමිතා පුරන්නට
    බෝධිසත්ව හෘද කුටියක් වී
    ඔබ මා ඉදිරියේ සිටින විට
    ආදරේ පිවිතුරු නාමයෙන්
    මා ඔබේ දෑතේ පැටලිය යුතුය.. 🤍
    Navo ❤️
    මෑත කාලයේ බිහිවුනු විශිෂ්ටතම සංගීත කාව්‍ය නිර්මාණය 🥹🤍
    අතීත සාහිත්‍යයෙන් පසුව යටපත් වී ගිය ආදරේ පරම පවිත්‍ර තාරා දෙවඟනගේ ආත්මය යළි යළිත් අපගේ රසවින්දනයට ගෙන ඒම ඇගයිය යුතුය🤍
    පද රචනය,ගායනය, සංගීතය හා රංගනය මනාව සංකලනය වූ ඇසුනු පමාවෙන් වෙනම ලෝකයකට ගෙන යන මේ සින්දුව ඇසීම පවා වාසනාවක්ය 🥹❤️

  • @Pamithi_sadeeka_2024
    @Pamithi_sadeeka_2024 4 หลายเดือนก่อน +24

    සංසාරෙම මගේ ලඟින් හිඳින්න තාරා.. 🥺❤️‍🩹🫂

  • @sachinthagulshan3365
    @sachinthagulshan3365 4 หลายเดือนก่อน +14

    මෙතෝදිස්ත කියන අපෙ ඉස්කෝලෙ තව ටිකක් ඉහල මට්ටමක තිබුනනම්,මේ වගේ වැඩකාරයො ඉන්න තැන හිතා ගන්න බෑ..සුබ පැතුම් අයියේ ❤️

  • @zinadisf4
    @zinadisf4 4 หลายเดือนก่อน +15

    රිලීස් වෙච්ච දවසෙ ඉඳන් කීපාරක් මං මේක ඇහුවද කියලා මටම මතක නෑ 🙂❤️‍🩹

  • @traditionallankaindubai8489
    @traditionallankaindubai8489 4 หลายเดือนก่อน +15

    ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා එක්ක එක ලඟ ල්ඟම යන තාරා... හරි ම ලස්සනයි !❤

    • @SewminaHerath
      @SewminaHerath 4 หลายเดือนก่อน +2

      E sirwtma mtath ekmai mthk une ai dnne

  • @MalshiDinushika
    @MalshiDinushika 4 หลายเดือนก่อน +7

    මාරම ලස්සනයි ❤️
    කොළඹ මඩකලපු train එකෙ දැන් අහන ගමන් ඉන්නෙ .(7.20A.M) වැස්සත් එක්ක ඒ සිංදු ව අහනකොට හිතට අමුතු හැගිමක් එනව ❤️ ඇත්තටම ලස්සනයි 🥺❤️

  • @NiroshaHettiarachchi-q1x
    @NiroshaHettiarachchi-q1x 21 วันที่ผ่านมา +2

    🥹🥹🥹❤️‍🩹

  • @Photo_doctor
    @Photo_doctor 4 หลายเดือนก่อน +18

    Voice එකත් මරු. actor & actress අවුලකුත් නෑ.
    මේක trending එයි ටකරම් සින්දු වලට අනිත් පැත්තෙ

  • @nalin_gayan
    @nalin_gayan 4 หลายเดือนก่อน +12

    ගොඩක් අය ආස කලේ සන්සාරෙම එකට ඉන්න උනාට ගොඩක් කතා මගදි නැවතුනා 🙂❤ජය වේවා හිතට දැනෙන කටහඩක් හිතට කා වදින පද පෙලක් ☘️❤️

  • @reshaniwickramanayaka
    @reshaniwickramanayaka 4 หลายเดือนก่อน +21

    මේ voice එක අහන් ඉද්දි වෙනම ලෝකෙකට යනවා වගේ.. හරිම පැහැදිලියි, වචන හිතට හරි බරයි❤

  • @warnathilakanishadi3460
    @warnathilakanishadi3460 4 หลายเดือนก่อน +12

    සංසාරෙම මගේ ලගින් හිදින්න තාරා....අපේ නිලිය සදලී ජය කෙල්ලෙ ❤️🥺🌷

  • @thara_hewage
    @thara_hewage 4 หลายเดือนก่อน +14

    මේ සින්දුව මගේ ආසම සින්දුව වේවි හැමදාටම!💖

  • @tharushangunawardhane5550
    @tharushangunawardhane5550 4 วันที่ผ่านมา +1

    😍😍🔥meka nm supirii🔥🔥👌

  • @k.t.mlawrencehewa8343
    @k.t.mlawrencehewa8343 4 หลายเดือนก่อน +14

    ඇය චිත්‍රයක් වගේ සුන්දරයි❤

  • @Malinduthanushka
    @Malinduthanushka 3 วันที่ผ่านมา +1

    vibe eka ☘🌎

  • @SamadhiFernando-bf5kj
    @SamadhiFernando-bf5kj 4 หลายเดือนก่อน +10

    නියම පිරිමි හඬකට ගැලපෙනම පද ! 😌🤍

  • @GeemathBeats
    @GeemathBeats 3 หลายเดือนก่อน +2

    🥹🖤🖤

  • @Chikalaa02
    @Chikalaa02 4 หลายเดือนก่อน +11

    සංසාරෙම මගේ ලඟින් හිඳින්න තාරා❤

  • @Manukalpa
    @Manukalpa 4 หลายเดือนก่อน +15

    නිල් දෙනෙතින් හිනාවෙලා බලන්න තාරා
    සංසාරෙම මගේ ළඟින් හිඳින්න තාරා ❤💐

  • @nayantharagarusinghe4313
    @nayantharagarusinghe4313 4 หลายเดือนก่อน +8

    මං හැමදාම මගේ නමේ තේරුම ගෙව්වා❤අදමං දැනගත්තා.බොහොම ලස්සනයි සිංදුව .....❤පුදුම තරම් හිත නිවනවා දැක්කහම....ඒ ගෑනු ළමයත් හරීම ලස්සනයි.පිරිමි ළමයත් හරිම ලස්සනයි.පද රචනය සිංදුව කියන කෙනාගෙ කටහඩ ...මේ හැමදේම පුදුම තරම් ලස්සනයි ....❤

  • @rasangilakmini
    @rasangilakmini หลายเดือนก่อน +2

    සමහර සිංදු තියෙනවා තව කෙනෙකුට බලන්න දෙන්න, අහන්න දෙන්න ලෝභ හිතෙන. මේකත් ඒ වගේ...❤

  • @naduniilangarathna2038
    @naduniilangarathna2038 4 หลายเดือนก่อน +9

    ඒ වචන
    ඒ හඬ
    ඒ තනුව ❤..මම ලියන්න දන් නෑ..ඒත් මම වැඩට ගිහින් එනකොට මම එනකල් බලන් ඉන්න මගේ ආදරණීය මිනිසා මට මතක් වෙලා දෑස බොඳ උනා..එතරම් අපූරුයි❤

  • @DIMOXIST
    @DIMOXIST 4 หลายเดือนก่อน +13

    චන්දන ලියනාඅරච්චිට සමාන සුන්දර හඩක් ❤ ඇබ්බැහි විය

  • @kanchanapriyakantha4581
    @kanchanapriyakantha4581 4 หลายเดือนก่อน +13

    මුළු වැඩේම හරිම ලස්සනයි.. ලිරික්ස්, ගායනය, මෙලඩිය , විෂුවල් එක... ක්‍රිස් මල්ලිට කැමරාවටම ගැලපෙන පෙනුමක් තියෙනවා. සුබ පැතුම් පවන් මල්ලි ඇතුළු කණ්ඩායමටම

  • @E.M.R.N.Ekanayaka
    @E.M.R.N.Ekanayaka 4 หลายเดือนก่อน +8

    වචන,හඩ ,රංගනය හැමදේම හරි ලස්සනයි.සුබ පැතුම් සදලි, ක්‍රිශ් අයියා.❤️

  • @gangadharaprabudhdhagamage8102
    @gangadharaprabudhdhagamage8102 7 วันที่ผ่านมา +1

    ඒක මරු චාමා...❤

  • @rusiruchamod4230
    @rusiruchamod4230 4 หลายเดือนก่อน +4

    සුපිරියක් ❤❤❤ ටෙලා මල්ලි ❤️❤️

  • @theminianuththara3267
    @theminianuththara3267 2 หลายเดือนก่อน +1

    Akka ❤😘

  • @Chathuranga.dissanayake
    @Chathuranga.dissanayake 4 หลายเดือนก่อน +9

    මගේ තාරා මට ඔයා මතක් වෙනවා. මම හැමදාම ඔයාට ආදරෙයි 🩷

  • @thusharawedage
    @thusharawedage 25 วันที่ผ่านมา +1

    ඒක මාරම feel මචන් 💖

  • @awonbandara2095
    @awonbandara2095 4 หลายเดือนก่อน +9

    වචන,කටහඬ,සංගීතය ,කනට මීපැණි සේම රූපරාමු පෙලෙහි සුන්දරත්වය පුදුමාකාර සුසංයෝගයක්..🧡

  • @prasadigunawardana5138
    @prasadigunawardana5138 4 หลายเดือนก่อน +2

    ආදරෙයි 🤍✨

  • @udulajayarathne3294
    @udulajayarathne3294 4 หลายเดือนก่อน +7

    හුදකලා හඩන හිත ළඟ
    මේ නින්ද නේන තුන් යම
    සිතිවිල්ලක් වී සුවද දිදී
    රැදෙන්න තාරා
    🙂💖

  • @Danuboy7155
    @Danuboy7155 4 หลายเดือนก่อน +7

    මාරම රහක් තියෙන්නේ ඒ සිංදුව ඇතුලේ...මේ ගීතයි trending වෙන්න ඕන.....දැන් trending වෙලා තියෙන එලොවටත් නැති මෙලොවටත් නැති සිංදු වලට වඩා😢😢😢😢😢😢

  • @Abey2000
    @Abey2000 4 หลายเดือนก่อน +6

    ලස්සන වැඩක් මිත්‍රවරුනි ❤

  • @shehangandarawaththa3851
    @shehangandarawaththa3851 4 หลายเดือนก่อน +10

    හුදකලා හඩන හිත ලග
    මේ නින්ද නේන තුන්යම
    සිතිවිල්ලක් වී සුවද දිදී රැඳෙන්න තාරා
    ඒ වචන ටික♥️🫰
    Mekth Fatt song ekk chamara ayyh✨️

  • @B14ckyW01f
    @B14ckyW01f 4 หลายเดือนก่อน +8

    ලස්සන නිර්මාණයක්♥නුවර තියෙන්නේ අමුතුම ලස්සනක්

  • @pawanitharushika5424
    @pawanitharushika5424 4 หลายเดือนก่อน +7

    මට ඇත්තට ම මේ නිර්මාණයේ වචන ඇහුවම දැනෙන දේවල් කියාගන්න බෑ. ගායනය, පද රචනය, melody එක perfectly blend වෙච්ච සිංදුවක්. මට නම් මේක ජීවිතේ තියෙනතාක් අහලා සැනසෙන්න පුලුවන් ලස්සන සිංදුවක් ♥️ ස්තූතියි රැල්ලට නොයා මේ වගේ වටින නිර්මාණ කරනවට..
    මේවා reach වෙන්නෙ කන්වලට නෙවෙයි, හදවතට ♥️

  • @Kaveenagamage
    @Kaveenagamage 4 หลายเดือนก่อน +8

    Love this 🥺❤️‍🩹 Sandali & Chrish ayyh 💫

  • @charminiwickramasinghe
    @charminiwickramasinghe 4 หลายเดือนก่อน +7

    ඒ හඩ ,
    ඒ ගායනය ,
    ඒ තාලය ,
    • අනර්ඝයි •

  • @BuP-nv1vd
    @BuP-nv1vd 4 หลายเดือนก่อน +9

    මම ඒ තරම් සින්දු අහන කෙනෙක් නෙවෙයි...ඒත් මේ සින්දුව නම් නවත්ත ගන්න බෑ....❤❤

  • @hashansamajith5462
    @hashansamajith5462 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @_ikz.wow.zki_
    @_ikz.wow.zki_ 4 หลายเดือนก่อน +7

    තනුවක් අස්සේ හරි ලස්සනට නොතේරෙන්න හදවත් හිරකරලා තියන්න පුළුවන් කටහඩක්... ජයවේවා අයියේ !!!🖤

  • @nethmiseuwandi8479
    @nethmiseuwandi8479 4 หลายเดือนก่อน +6

    සංසාරෙම මගේ ලගින් හිදින්න තාරා🥺❤️සදලි,ක්‍රිශ් අයියා හරිම ලස්සනට සිංදුවට සාදාරනයක් කරනවා✨💐

  • @lakshmiu.5778
    @lakshmiu.5778 4 หลายเดือนก่อน +9

    අපූරුම නිර්මාණයක්...පද රචනය,හඬ,සංගීතය යන සියල්ලම.සුබ පැතුම්.

  • @Manillewije
    @Manillewije 4 หลายเดือนก่อน +8

    ඉතාම හැඟීම් බර කට හඬක් සහ අරුතක්.

  • @nibandhikawanninayake2055
    @nibandhikawanninayake2055 4 หลายเดือนก่อน +5

    පවන්, ඒ ලිරික්ස් හරිම ලස්සනයි. ක්‍රිස්, මගේ මල්ලිටත් සුබපැතුම්! ❤❤

  • @ShakthiHewawasam
    @ShakthiHewawasam หลายเดือนก่อน +2

    සඳලි අක්කි❤

  • @dilshansithija
    @dilshansithija 4 หลายเดือนก่อน +6

    මේවා ට්‍රෙන්ඩිං වෙන්නම ඕනි නිර්මාණ.කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.මේ වගේ ලස්සන නිර්මාන දිගටම කරන්න ශක්තිය ලැබේවා💙

  • @hirushikakeshani9630
    @hirushikakeshani9630 4 หลายเดือนก่อน +10

    තාරා.💜️අපේ බෝනික්කි.💜️🪻Congratulations සඳලියා..🥺

  • @_T.h.a.r.a_
    @_T.h.a.r.a_ 4 หลายเดือนก่อน +6

    තාරා.. 🥺❤️‍🩹

  • @RashmiPrathibha-q8g
    @RashmiPrathibha-q8g 4 หลายเดือนก่อน +7

    මේ වගේ හිත නිවන සින්දු දැන් අඩුයි ඇස් පියාගෙන අහන්න පුලුවන් හරිම මිහිරි සිංදුවක්..... ❤️❤️ එ වගේ ම ලස්සන විෂුවල් එකක් ...... congratulations සදලි .... ඉස්සරහට ම යන්න ලැබේවා 💐❤️ මං දැන් ඔයාගේ රසිකයෙක් 🥰🥰🥰

  • @sandunigayanga3117
    @sandunigayanga3117 4 หลายเดือนก่อน +3

    එක හරි ලස්සනයි ❤❤❤❤❤

  • @wikumofficial
    @wikumofficial 4 หลายเดือนก่อน +9

    මාස්ටර්පීස් ! සුබමවෙන්ඩෝනි අපේ සෙට් එකට ! ❤🌸

  • @radeesharavindi5951
    @radeesharavindi5951 4 หลายเดือนก่อน +6

    ක්‍රිස් මල්ලී පුදුම ලස්සනක්. මේ සිංදුව වගේ රූප රචනයත් හැමදාටම මතකයේ තියේවී.😍

  • @SH-bp5km
    @SH-bp5km 4 หลายเดือนก่อน +1

    පුදුම ලස්සන වචන ටිකක් ❤ හිත නිවන හඬක් ❤

  • @Nisansalasadruwani-w8s
    @Nisansalasadruwani-w8s 4 หลายเดือนก่อน +2

    ගයාන් , චාමර පට්ටම ලස්සන වැඩක් ❤️💐

  • @tharindiprathibha7547
    @tharindiprathibha7547 4 หลายเดือนก่อน +2

    පුදුමාකාර හැඟීම් ගොන්නක්..පුදුම ලස්සන පද පෙලක්..තනුවක්..කටහඬක්..සංගීතයක්..❤🥹🥺

  • @sajanijayakody6376
    @sajanijayakody6376 4 หลายเดือนก่อน +6

    හිත නිවන හඬ.ඒක හැමදාම භාවනාවක් මට❤❤. ක්‍රිෂ් මල්ලි ඔයා ඒක ලස්සනට කලා❤❤

  • @champikaeranjeewa7879
    @champikaeranjeewa7879 4 หลายเดือนก่อน +8

    උමාලි වගේ පේන්නෙ...

  • @SithumNimsara-f6e
    @SithumNimsara-f6e 4 หลายเดือนก่อน +4

    කටහඩේ බාවපූර්නත්වය උපරිමයි...හදවතේ සියුම් තැනක් බරසාර කටහඩකින් ස්පර්ශ කරන්ව 🤍✨❤️

  • @VishvaChathum
    @VishvaChathum 4 หลายเดือนก่อน +2

    තාරා...💔✋

  • @priyapeirisip3853
    @priyapeirisip3853 4 หลายเดือนก่อน +6

    තාරා...සංසාරෙම මගේම වී හිදින්න තාරා....🎶භාවනාවක් වගේ ගීතයක් ...අපි වාසනාවන්තයි මේ වගේ අර්ථවත් ගීත තවමත් සවන් වැකෙන්න...ගීතයටම ගැලපෙනම රූප රචනයක්❤❤

  • @jiwithayatageo-dhanukapramod
    @jiwithayatageo-dhanukapramod 4 หลายเดือนก่อน +6

    සුබ වේවා සඟයනි.මේ වැඩේට මාර ආදරෙයි.මේක මරු❤

  • @thisarasadhani6180
    @thisarasadhani6180 4 หลายเดือนก่อน +3

    ක්‍රිස් අයියේ 🔥🔥

  • @Manillewije
    @Manillewije 4 หลายเดือนก่อน +7

    Lovely. Such a beautiful voice and great actors.

  • @praneethrock
    @praneethrock 4 หลายเดือนก่อน +6

    මේ සිංදුවේ වචන 💟💙💟

  • @kasundulanjaya3111
    @kasundulanjaya3111 4 หลายเดือนก่อน +2

    එයා වගේමයි ලග නැතත් අදටත් ආදරේ කරන ඒ කෙල්ල Chamodi Hansani 💔🥺 ඉන්න තැනක සතුටින් ඉන්න

  • @dilinifernando2245
    @dilinifernando2245 4 หลายเดือนก่อน +8

    ප්‍රේමය දැනෙන ගීතයක් ...සංගීතය ..පද..හඩ එකම වගේ දැනෙනවා ...

  • @sanukadamsana6893
    @sanukadamsana6893 2 หลายเดือนก่อน +2

    🤩

  • @thilinabandara9057
    @thilinabandara9057 4 หลายเดือนก่อน +6

    Congratulations pawan and little Umali ❤🎉❤ Go ahead🎉

  • @Keenu9922
    @Keenu9922 4 หลายเดือนก่อน +8

    දවසක හවසක වෙල්යායක ලඟ ආසයි උඹත් එක්ක සිංදුවක වෙලෙන්න chmara aiye!❤

  • @tharushinavodya4463
    @tharushinavodya4463 4 หลายเดือนก่อน +3

    මේක නම් ❤

  • @sewminiwickramanayake4948
    @sewminiwickramanayake4948 4 หลายเดือนก่อน +5

    🥺 ආසම කටහඩට ආසම කවියගෙ පද එකතු උනහම ❤❤

  • @dilushasamarasinghe3065
    @dilushasamarasinghe3065 4 หลายเดือนก่อน +2

    "මේ කර්ණ කටුක පුරවර
    දුරු දුර්ග හිමව් වන මැද" මේ කොටසෙදි, වචන, හඬ, සංගීතය 😮❤

  • @004KTG
    @004KTG 4 หลายเดือนก่อน +6

    සරල ගැඹුරු ආදරයක්❤🦔

  • @himaduvihara7530
    @himaduvihara7530 4 หลายเดือนก่อน +5

    සුභ පැතුම් ක්‍රිශ් අයියා , සඳලි 😍❤️😘 ලස්සන රංගනයක් 😍❤️

  • @manilkasilva9922
    @manilkasilva9922 4 หลายเดือนก่อน +3

    TH-cam දානකල් බලාගෙන හිටියේ ❤

    • @VindyaNawodi
      @VindyaNawodi 4 หลายเดือนก่อน

      ow mamath

  • @uthpalasamadhi142
    @uthpalasamadhi142 4 หลายเดือนก่อน +1

    Meditation 🥺❤

  • @rohanjayaweera4832
    @rohanjayaweera4832 4 หลายเดือนก่อน +6

    කියන්න වචන නෑ..
    ඒ පද පේලි, සංගීතය, හිත පහුරු ගාන ගායනය...
    ඒත් එක්කම හොඳින් ගැලපෙන රූප රචනාව..
    ඒ රඟපාන ශිල්පීන්ගේ අති දක්ශ නිරූපනය..
    ඒ හැම දේම අති විශිෂ්ඨයි..❤
    කාලෙකට පස්සෙ දුටු අති සාර්ථක නිර්මාණයක්...
    නිර්මාණයට දායක වූ හැම දෙනාටම ගොඩක් ස්තුතියි..