Rupalena | රූපලෙන | Limestone Cave in Sri Lanka | Underground Crystal Lake | 4K |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • හුණුගල් රූ සොයා මීටර් ගණනාවක් පොළව යට කල අමතක නොවන සංචාරය.
    "මීටර විස්සකටත් වඩා පොළව යට ඇති අඩි දෙකක් පමණ වූ උමං දොර හරහා මීටර දහයකට වැඩි දුරක් රිංගා යා යුතුය. නිරන්තරයෙන්ම රූරා වැටෙන දිය බිදිති සහ උමග ඉහල ඇති ඉරි තලා ගිය හුණුගල් තට්ටුව කොයි මොහොතක හෝ පහලට කඩා වැටී අප සියලු දෙනා මේ අදුරු උමග තුල සිර වේවිද යනුවෙන් යටි සිත මා හට මැසිවිලි නගයි. "කෙසේ වෙතත් උමගේ ඉහල පස් සහ ගල් තට්ටුව කඩා වැටුන හොත් නිසැකවම අප සියලු දෙනා මේ තුලම පන පිටින් මිහිදන් වන බව නිසැකය."
    ලොකු පීරිස් ලණුවෙහි එක් කොනක් ගල් කොණක සවි කොට අනෙක් කොන ගෙන ලිද තුලට බැස ගත්තේ විමසිල්ලෙන් ය. මක්නිසාද ‍යත් ලිං පතුල තුල කාලයක් එකතු වූ රොන් මඩ මිනිසෙකු ජලයේ ගිලී මැරීමට යාමටත් වඩා අනතුරුදායක නිසාවෙනි. ඉන් පසු මමත් ලිද තුලට බැස ගත්තද අවාසනාවකට මා පැලද සිටි අත්වැසුම් ඇගිලි තුඩු ආවරණය නොවීම නිසා ලනුවේ මතුපිට අල්ලාගැනීමේදී ඇති වූ ලිස්සා යාමත්, එහි රත් වීමත් නිසා මාගේ දෑත් යුගලයේම සෑම ඇගිල්ලකම පාහේ දිය පට්ටා දමා දැඩි වේදනාවකට ලක් වීමට සිදු වීමයි.
    දෑස සෙවූ සුන්දරත්වයත් මනස සෙවූ නිදහසත් වෙනුවෙන් මාගේ දෙපා සහ දෑත් විදි කටුක අත්දැකීම් එමටය. ඔවුනටද පිං දී බැසගත් හුණුගලින් නිම වූ ලිං පතුලෙන් දිය පහරක හඩ නැගෙන ඉසව්ව සොයා නැවතත් ලොකු පීරිස් සහ මා ගමන් ඇරඹුවේ තවත් මීටර හයක පමන උමගකට රිංගා ගනිමිනුයි. එම උමග කෙලවරේ ගලා යන්නේ නිල්වන් වූ දිය පහරකි. ලහි ලහියේ ගලා යන දිය පහර හුණුගල් මත ගැටී සිහින් හඩක් නංවන්නේ පොලව යට සැගව ඇති නැළවිලි ගීයක රසයක් මතු කරවමිනි.
    මීටර තිහකට ආසන්න දුරක් පොළව යටට ගොස් ඒ වෙනුවෙන් වැය වූ වෙහෙස සහ මහන්සිය වෙනුවෙන් සොබාදහම දුන් තිලිණය නම් මේ සීතල දිය පහරයි. පිපාසය සංසිදෙන තෙක් දිය පහරෙන් දිය පානය කොට නැවතත් උමං ලිදෙන් ඉහලට නැග ගත්තේ තවත් දිනෙක තවත් වතාවක් මෙහි පැමින යුතු යැයි මා මාහටම කියා ගනිමිනි.
    මූලිකව ගත් කල ශ්‍රී ලංකාවේ පොලවෙහි සියයට දහයක පමණ ප්‍රමාණයක් ඇත්තේ හුණුගල් ය. වර්ශ ගණනාවක් මුලුල්ලේ නිර්මාණය වන හුණුගල් ජලය සමග පවත්වන්නේ ලග නෑ කමකි. මක්නිසාද ‍යත් හුණුගල් ඇති සෑම තැනකම පාහේ ජලයත්, ජලය ඇති සෑම තැනෙකම පාගේ හුණුගලුත් දැක බලාගත හැකිය. හුණුගල් වල විපරීත අවධිය මගින් කිරිගරුඬ නිර්මාණය වේ. කෙසේ වෙතත් මා හට නම් මෙය අමිල වූ නිර්මාණයකි.
    පොළව යට ඇති මේ සොදුරු හුණුගල් ගුහාව තුල ඇති මිනිසෙකුට යා හැකි සෑම උමගකම අප සියලු දෙනා රිංගා ගියේ එකිනෙකට වෙනස් සහ සොදුරු වූ රූ රටා මවනා හුණුගල් නිර්මාණයන් දැක බලා ගනිමිනුයි. හවස් වීමට මත්තෙන් නැවතත් මග සොයාගෙන ඉහලට පැමිනීමට අපට හැකි විය. පැය ගණනාවක් අදුරේ සිටි අපට කොල පැහැති වට පිටාව රැගෙන ආවේ සැනසීමකි. තවත් මීටර පනහක පමන ඈතින් තවත් උමගක් වූ අතර එයටද රංග මල්ලී සමග ගමන් කිරීමට අපට හැකි විය. ඒ උමග වවුලන්ගෙන් පිරී පැවති අතර මීටර විසි පහක පමන උමග අවසානයේ මීටර තුනක පමන පලලකින් යුක්තව ගැඹුරු වූ දිය පහරක් ගලා යනු දැක බලා ගැනීමට අපට හැකි විය.
    දිනයක් පුරා පොළව යට ගතකල අප උමගේ සිට තවත් කිලෝමීටර තුනක පමන දුරකින් ඇති දිය ඇල්ලක් වෙත ගමන් කලේ වෙහෙස සහ මහන්සිය සංසිදුවා ගැනීමට සීතල දිය පහරක පහස විද ගැනීමටයි. ගමේ ගැමියන්ගෙන් ලැබුණු ගෙදර හැදූ කිතුල් හකුරුත්, කලු දොදොලුත් අපගේ දහවල් ආහාරය විනි. මේ සොදුරු ගමන අවසානයේ නැවතත් ලොකු පීරිස් සහ මා කොළඹට ඒමට පිටත් වූයේ රංග මල්ලී සග චානක මල්ලී පෙන් වූ විශාල කදු මුදුනක් දෙස බලා නැවත මෙහි ආ යුතුය යන අදහස ඇතිව සුසුමක්
    හෙළමිනුයි.
    ආයුබෝවන් මම දිනේෂ්.
    Limestone Cave in Sri Lanka | Underground Crystal Lake
    “Rupa” means pictures in Sinhalese, a spectacular Limestone cave in Sri Lanka. It was a task to get into the cave because there was no particular way to get into the Forrest or to the cave. However, with the help of two of my friends, we got into the cave more easily. Miraculous! What a beautiful experience it was.. we forgot all our tiredness after seeing this wonderful natural creation. Limestones make many different shapes which our eye reads as pictures. There was not only one cave inside this cave. Many doors to our left and right open this cave to endless paths. Another surprise, we found an underwater lake, a crystal water lake inside this cave. So, it was a one-time experience that we would never forget in our life. I hope you will enjoy the video
    Greetings
    I am Dinesh
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    “Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
    #limestone #rupalena #hunugal #underground #caveinsrilanka

ความคิดเห็น • 634

  • @riyacom6812
    @riyacom6812 ปีที่แล้ว +116

    සංචාරකයෙක්ට එහා ගිය ගවේශකයෙක්,ලේඛකයෙක්.සුබපැතුම් කරන කියන හැමදේටම.❤❤❤

    • @darshanan3244
      @darshanan3244 ปีที่แล้ว +4

      Marvelous ❤ DAP

    • @imeshupamal1544
      @imeshupamal1544 ปีที่แล้ว

      @nilankaprasad දිනේෂ් SF එකේද ඉන්නේ

  • @wajirak.g2458
    @wajirak.g2458 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබලාට ගොඩාක් පින් ජයවෙිවා

  • @dilaniperera7509
    @dilaniperera7509 7 หลายเดือนก่อน +4

    ඇත්තට්ම පුතේ ඔබලාට තැනක් තිබුනාද මේ රටේ. ඔබලා වැනි බිර්භීත පුතුන් රටට වාසනවන් මේවා සන්චාරක කර්මාන්තය දියුනු කරන්නපුලුවන් නෙව්ද සියලුම දෙනාට බුදුපිහිහිටයි. ඔබලාගේ හැකියාවට නිර්භීතකමට නිර්මානශීලිත්වයට කවදාහෝ නිසිතැන ඉක්මනින්මලැබෙන බව මට විශ්වාසයි... ඔබලාට ජයවේවා ❤️🌷👍🙏

  • @traveler900
    @traveler900 ปีที่แล้ว +9

    ලොකූ පීරිස් ගේ කටහඩ අහන්න තියෙන අමාරැව.😁👍👍👍🌿🇱🇰

  • @travelwiththanushka
    @travelwiththanushka ปีที่แล้ว +5

    හදවතෙ සොදුරු සංචාරකයගෙ තවත් සොදුරු ගමනාන්තයක නිමාවක් සුභ පැතුම් අපෙ සොදුරු ගවේෂක දෙපලට ❤❤❤

  • @nadeerajapakse9685
    @nadeerajapakse9685 6 หลายเดือนก่อน +1

    දිනේශ් පුතා,ලොකු පීරිස් පුතා ඔබ සැමට ගොඩාක් පින් අපට මේ දේවල් බලන්නට සලසුවාට. ඔයාලට සියලු දෙවි රැකවරණය ලැබේවා!

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi ปีที่แล้ว +3

    භයානක සංචාරයක්

  • @indikaudayashantha4181
    @indikaudayashantha4181 ปีที่แล้ว +16

    පිටරට දේවල් පිටරට්ටු ලෝකේට පෙන්නුවාට ලංකාවේ දේ ලෝකේට ගෙනියන්න දිනේෂ් (පරිසර වේදියා ),ලොකු පීරිස් ලොකු වෙහෙසක් ගන්නවා ....ඔබලාට හදවතින් ම ස්තුතිය ...❤❤❤මෙ vidioව බලන්න ආසාවෙන් හිට්යේ අපෙ පොඩ්ඩා ......(පොමිත ) ලංකාවේ සොඳුරු සංචාරකයන් අතරෙ... ආදරෙයි දිනේෂ් ...ලොකු පීරිස් ...❤❤❤❤❤❤❤❤❤❤❤😍🙏🙏

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial ปีที่แล้ว +10

    මං කලින් බැලුව මේක ජැක්සන් ඇන්තනීගෙ කලු ගග දිගේ එකේ.. එතුමට වඩා හොද පැහැදිලි කිරීමක් දුන්නට බොහොම ස්තූතියි ❤️👌

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +5

    ලොකු පීරිස් හා නුඹගේ සුසංයෝගය ඉතා විශිෂ්ටයි ❤️🤝

  • @samanmaj1196
    @samanmaj1196 ปีที่แล้ว +18

    ඒක මාරම අත්දැකීමක්..💪
    මමත් හැබැහින්ම ගියා වගේ..😍
    හදවතේ සොඳුරු සංචාරකයා ..💜️
    DAP..❤

  • @nadeekatharangani6069
    @nadeekatharangani6069 ปีที่แล้ว +36

    ලොකු අවදානමක් අරගෙන සැගවී තිබෙන සොබාදහමේ විස්මිත නිර්මාණයක් රූප රචනයක් ලෙසින් අප වෙත ගෙන ආවට ගොඩාක් ස්තූතියි ..💚💚

  • @Panikellaofficial
    @Panikellaofficial ปีที่แล้ว +4

    ඔයානම් පිස්සුවක් අයියේ.කියන්න වචන නෑ❤

  • @praveenchathuranga59
    @praveenchathuranga59 ปีที่แล้ว +22

    අපේ කාලයේ සොදුරු ගවේෂකයා ❤ DAP

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 8 หลายเดือนก่อน +9

    මෙච්චර කාලෙකට මංබලපු සුන්දර ,බියකරු,,අානන්දනීය,අර්ථවත්,අධ්‍යාපනික වීඩියෝවක්.හරි වටිනව තරුණයින් හැටියට මෙන්න මේවගේ දේවල් තමයි කරන්න ඕන.පින්සිදු වේවා පුතතණුවනි.වයසක අපිට බලන්න බැරිතැන්වල එක්ක යනවට

  • @Himansha_wishmika
    @Himansha_wishmika ปีที่แล้ว +8

    ඊලගට නිල් දිය පොකුණෙත් යමු ජය වේවා අයියා බුදු සරණයි ❤️🍀🙏

  • @hesaraenterprises279
    @hesaraenterprises279 7 หลายเดือนก่อน +2

    අපිට කවදාවත් ලබන්න බැරි සුපිරි අත්දැකීමක් ලබාදුන්නාට ඔයාට ස්තුතියි 👍,

  • @asankadimal5019
    @asankadimal5019 ปีที่แล้ว +4

    කොච්චර අවදානමක් උනත් ඔයාගේ හිනාවත් එක්ක බලන අපිට ඒ අවදානම නැතිකරනවා මල්ලී ඔයා. බුදු සරණයි ඔයාට ලොකුපීරිස්ට

  • @akila.2003
    @akila.2003 5 หลายเดือนก่อน +2

    කතා විලාශය පට්ට ලස්ස්නයි අයියා....ජය වේවා....❤

  • @nandanajayantha2211
    @nandanajayantha2211 7 หลายเดือนก่อน +1

    විශිෂ්ඨයි .ජයවේවා .තෙරුවන් සරනයි .

  • @kindu5757
    @kindu5757 ปีที่แล้ว +4

    අම්මෝ අයියේ පිස්සුවක් දෙයියනේ මේක ❤දිනේශ් අයියේ ලොකු පීරිස් පරිස්සමට මට මෙහෙම බලලා බය හිතනවා අනේ මේවා බලන්න පිං කරලා තියෙනවා ❤

  • @JanithHemantha-b7g
    @JanithHemantha-b7g ปีที่แล้ว +2

    රත්නපුරේ රත්ගග

  • @ashahemage7610
    @ashahemage7610 ปีที่แล้ว +1

    හැමෝටම සුබ වේවා. බය හිතෙන ගවේෂණයන් සම්බන්ධ කර ගෙන තෙරුවන් සරණයි ඹයාලට.

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty ปีที่แล้ว +3

    ❤ 👍 fantastic.. amazing. Thanks. ලස්සන video වක්. පරිස්සමින්...
    Jackson Anthony කළු ගග දිගේ යද්දී රූපලෙනට ගියා මතකයි.

  • @technophile741
    @technophile741 ปีที่แล้ว +15

    මේ මාගේ පුණ්‍ය භූමියයි ❤️🙏
    ගොඩක් පිං දිනේෂ්, ලොකු පීරිස් සහ අනෙක් සොහොයුරන් දෙදෙනාටත් මෙවැනි වටිනා රූප රචනාවක් අප වෙත ගෙන ආවට ❤️

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว +1

    Harima ලස්සනයි ..marama kepa kireemak ..පරිස්සමෙන් ...සොබාදහම හරිම pudumai ...බුදු සරණයි hemotama

  • @kasunherath9445
    @kasunherath9445 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩක්

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 ปีที่แล้ว +5

    සොබාදහම රකින්නා සොබාදහම විසින්ම ආරක්ෂා කරනවා වගේ අයියාවත් මේ විශ්වය ආරක්ෂා කරවී ඉදිරියටත් මේ වගේ සුන්දර, සැගවී ඇති තැන් අපිත් එක්ක සංචාරය කරන්න. ලොකු අවදානමක්‌ අරගෙන ගොඩක් දෙනෙක්ට කොහොමත් යන්න බැරි මේ වගේ දුර්ලභ ලස්සන තැන් අපිටත් විදින්න සලස්වනවට thank you ♥️ දිනේෂ් අයියේ 💗💗💗💗. ඔයාට ජේසු පිහිටයි 🌻

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว +1

    අලුත් අත්දෙකීමක් දුන්නා ට ගොඩක් පින්

  • @sithijahasarel4406
    @sithijahasarel4406 ปีที่แล้ว +2

    කාලයක් තිස්සෙ කාදනයට ලක් උන තැනක් වගේ සමහර විට භූගත ගගක් හිදිල වෙන්න පුලුවන්. කොහොම උනත් ලස්සනයි ..
    බුදු සරණයි !!

  • @samanbandara6261
    @samanbandara6261 ปีที่แล้ว +10

    දැකපු නිර්භීත ම vedio එක...ජයවෙිවා

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +1

    මෙ වගේ අරැම පුදුම දෙය ගේන ඔයාට ගොඩක් පින්❤

  • @shanukathiwanka8212
    @shanukathiwanka8212 ปีที่แล้ว +5

    ලොකු පිරිස්තුත් සුපිරි නියමයි ,හොඳ සහොදරයො දෙන්නෙක් 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +1

    සුපිරි මචෝ..ගොඩක් පින්..

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +1

    මම දැක්ක උතුම් සංචාරකයන් පිරිසක් හදවතින්ම සුබ පතනවා මේ වාගේ ලස්සන තැන් ලෝකයේ සිටින සියලුම දෙනාටම පෙන්වා දිම ගැන නැවතත් සියලුම දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමෙන්

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 ปีที่แล้ว +23

    අපිට ලගා නොවිය හැකි ශ්‍රී ලංකාවේ සැගවුනු සුන්දර ස්ථාන හා ඔබ වැනි තරුණ පුතුන් හා දියණියන්ට ගවේශනය කල හැකි ස්ථාන දැක බලා ගන්නට සැලැස්වීම මහත්වු පිනකි.
    තව තවත් මෙවැනි අගනා රූප රචනා කිරීමට ධෛර්‍ය් වීර්්‍යය ලැබේවා.😊
    ඔබට සහාය වන ලොකු පීරිස් ටද සෙත් වේවා.!!😊
    දෙදෙනාටම තෙරුවන් සරණයි.!!

  • @kanchuSL88
    @kanchuSL88 5 หลายเดือนก่อน

    අම්මෝ මටනම් මාර බයයි , පරිස්සමින් බුදුසරණයි ❤

  • @s.s.k6522
    @s.s.k6522 ปีที่แล้ว +1

    නියමයි අයියේ ඇත්තටම ලංකාවේද කියලා විශ්වාස කරන්න බැහැ .අයියලාට ඇත්තෙන්ම ගොඩක් පිං මේ වාගේ දේවල් පෙන්නනවට .තව දෙයක් ගම් වල මිනිස්සු ගොඩක් කරුණික හදවත් තියෙන මිනිස්සු.

  • @infinitygirl1699
    @infinitygirl1699 ปีที่แล้ว +8

    ආසාවෙන් travel videos බලන එකම channel එක. 🤍😇🇱🇰
    මේකෙ තියෙන්නෙ වෙනම රසක්. අනිත් channel වල වගේ නෙවෙයි 😊

  • @sandunimashi
    @sandunimashi ปีที่แล้ว

    හරිම සුන්දර වගේ ම භයානක තැනක්.ඔයාලා ගිය නිසා තමයි අපිට දකින්න ලැබුනේ. සොබා දහමේ අසිරිය පෙන්වුවාට ස්තුතියි ඔයාලා හැමෝටම.පරිස්සම ගැන මීටත් වඩා හිතන්න.🥰🥰🥰

  • @Hashan_Shaminda
    @Hashan_Shaminda ปีที่แล้ว

    මාරම ලස්සන නියම ගමනක් අයියේ 🫡

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 ปีที่แล้ว +8

    සොබාදහමේ අනගි සහ විශ්මිත නිමැවුමක් සොයා ගිය වික්‍රමාන්විත ත්‍රාසජනක සන්චාරයක්...!! ගොඩක් ස්තූති මෙවැනි සොබාදහමේ සුන්දර නිර්මාන රටට ලෝකයට ගෙන යන්න දරන වෙහෙසකර ප්‍රයත්නයට ❤🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +6

    පුදුමාකාර ගමනාන්තයක් දිනා ඔබ නම් ප්‍රදානයක් රටට සම්පතක් 🇱🇰 පාසල් ළමුන්ට බලන්න ඕනිම දැනුම් ගබඩාවක් ඔබ ගමන් ආරක්ෂා ලොකු පීරිස් ඔබට ස්තූතී ❤ පින් නොදැක්ක ලොවක් මෙය දැනුම් ගබඩාවක් වෙනස්ම ඇස් දෙකක් ගවේෂකයෙක් ලේඛකයන් පීවයක් ජය බුදු සරණයි ජේසු පිහිටයි

  • @antonmel8451
    @antonmel8451 ปีที่แล้ว

    හරිම තාත්වික ගවේෂණයක්.. සුබ පැතුම්

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +3

    ❤❤❤❤❤ ලොකු awadamak අරගෙන රටේ සැඟවී තිබෙන දේවල් පෙන්නුම් කරනවාට බුදු සරණයි පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤❤

  • @CoreenCamal
    @CoreenCamal ปีที่แล้ว +1

    මෙ ව්දියෙ kents cave prehistoric cave torquay London බැලුවා අව්රුදු 3000 පැරනි තැනක් google එකෙ විස්තර තියෙනවා thanks ඔයාගෙ විඩියෝ වලට 0:04

  • @shakthimanamperi115
    @shakthimanamperi115 ปีที่แล้ว +1

    adath supiri... dinesh ayya & loku peries !

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 ปีที่แล้ว

    පරිස්සමෙන් යන්න අයියේ භායානක ගමනක්.මාත් ආසයි එවගේ ගවෙශන වලට.

  • @Tharaa.
    @Tharaa. ปีที่แล้ว +1

    අපේ ගම. ආයි ආවොත් මතක්කරන්න..❤❤

  • @jayaniwasana7764
    @jayaniwasana7764 ปีที่แล้ว +5

    ජීවිත අවදානමත් නොතකා අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරන මේ සංචාරයන්ට ගොඩක් පිං තව ගොඩාක් කල් මේවගේ සංචාරයන් කරන්න රූපරචනයන් කරන්න dinesh ඔයාට ශක්තිය වාසනාව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ปีที่แล้ว

    සොබාදහමේ අමිළ නිමැවුම් දැක්කාම හරිම සතුටුයි , ඉතාම දුශ්කර ගවේෂණාත්මක සොයාගැනීමක්,, අපිට හරිම සුන්දරයි, අපි ගෙදර සිට නරඹනවා ,, ඔබ අපිට ඒ සොබාදහමේ නිමැවුම් අපේ ආලින්දයටම ලබා දීම සතුටක් ,, ස්තුතියි ඔබට ,, විදේශ ගත අපිට හරිම වටිනා දසුන් ,,

  • @wasanthakumari4695
    @wasanthakumari4695 ปีที่แล้ว +1

    මෙිකනමි පුදුම ලස්සන තැනක් ඔබට ගොඩක්ම ස්තුතියි ඇත්තටම හරිම ලස්සනයි තෙරුවන්සරණයි ඔයාලට

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f ปีที่แล้ว +1

    සොඳුරු ගවෙශකයා❤

  • @LifeDiarybySM
    @LifeDiarybySM 8 หลายเดือนก่อน

    මිනිස්සුන්ගෙ හිත් වල මනුස්සයෙක් විදිහට ලැඟුම් ගන්නත් එක් තරා පිනක් තියෙන්න ඕනෙ , මිනිස්සුන්ට ඇබ්බැහිවීමක් අයිය ඔයා , ඒ ආකර්ශනය හැමෝටම පිහිටන්නෙ නෑ , සුන්දර පරිසරයන්වල අපිව ජීවත් කරවනව වගේම කතා කරන වචන පවා භාවනාවක් .
    තෙරුවන් සරණයි , ගොඩක් ස්තූතියි යන්න බැරි තැන් දකින්න බැරි තැන් අපට දකින්න ඉඩහසර හදල දෙනවට ,
    ඔබට ජය ❤

  • @anushirangani8005
    @anushirangani8005 ปีที่แล้ว +6

    හරිම අපූරුයි.
    ගවේෂණාත්මකයි
    මෙතෙක් කාගෙත් ඇස් නොගැටුණු අලුත්ම වෙනස්ම රූප රචනාවක්... 💚♥️

  • @nayanitheekshani1963
    @nayanitheekshani1963 ปีที่แล้ว +1

    අන්තිමට කියපු ටික තමා සුපිරි ....ජය වේවා ...❤️❤️

  • @kalanichathurika3848
    @kalanichathurika3848 6 หลายเดือนก่อน

    හරිම වටිනවා මේ විඩියෝ එක.....🌹

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว

    අපේ අැසුත් පිං කරල තියෙනව මේ අපූරැ තැන් බලන්න ජීවිත අවදානම නොතකා ඔයාල කරන මේ වීර ක්‍රියා වලට අපේ හදවතින්ම ප්‍රනාමය ගෞරවය පුදකරනව කෙරැවන් සරණයි

  • @amilasampath3822
    @amilasampath3822 ปีที่แล้ว +1

    එල

  • @ishananuruddha1391
    @ishananuruddha1391 5 หลายเดือนก่อน

    Mekanam pissuwak...ජයවේවා oba depalata❤

  • @tiran760
    @tiran760 ปีที่แล้ว +4

    විඩියෝ එක දානකන් බලාගෙන හිටියෙ ස්භාව ධර්මයෙහි විශ්මිත මෙවැනි නිර්මාණ ලොකයාට දකින්න සලස්වනවාට බොහොමයක් පිං දිනෙශ් අයියා ලොකු පිරිස් ඔබ දෙපලට ආදරෙයි හදවතෙ සංචාරකයා...♥️🌎🍃

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj ปีที่แล้ว +2

    අම්මෝ අයියෙ,,,ol ලියල ඉවරවෙලා ආව විතරයි,,වීඩියෝ එකක් දාල තියනව කියල දැක්කහම ඒ සතුට,,,,💯

  • @saliyaudesh971
    @saliyaudesh971 ปีที่แล้ว

    සුපිරියක් තමා🔥 ....දිනෙශ් එ පැතුම් ජයෙන් ජය

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +1

    සුපිරි

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +1

    Superb

  • @thaarakagodage
    @thaarakagodage ปีที่แล้ว +1

    සුපිරියි ජයවේවා

  • @nuwanproduction2807
    @nuwanproduction2807 ปีที่แล้ว +1

    සුපිරියි දිනේශ් අයියා.පැයක් ගත වුනා නොදැනීම. 💯👍

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +1

    සංචාරය කරමින් දැනුම බෙදාහරිද ලස්සන හදවතක් ඇති හදවතේ සංචාරකයා දිනේශ් ❤❤

  • @gayang1773
    @gayang1773 ปีที่แล้ว +1

    Harima lassanai dinash ayya apa rata a unata parissamin ayya siyalu dannatama bs

  • @thimanksdhahampriya4664
    @thimanksdhahampriya4664 ปีที่แล้ว +1

    Good job

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 ปีที่แล้ว +1

    වෙනස්ම අද්ද්කිමක් ජය 👌👍

  • @skstar3855
    @skstar3855 ปีที่แล้ว +2

    දිනේෂ් මල්ලි ගොඩක් ලොකු පිනක් ඔයා මේ අපේ ලංකාවේ සැගවී ගිය සොදුරු තැන් පෙන්වනවාට. ඉතාලි, තුර්කි, ආමෙරිකා රටවලත් තියනව ඒ රටවල් මේවා ලස්සනට සංරක්ෂණය කරලා විධිමත් ක්‍රමවේදයකට මිනිස්සුන්ට බලන්න දීල රජයට ආදායමක් ලබාගන්නවා. රජයේ අවධානය යොමුවේවා කියලා ප්‍රර්ථනා කරනවා.

  • @prabathranasinghe1711
    @prabathranasinghe1711 ปีที่แล้ว +1

    පරිස්සමින් මේ වගේ තැනක් තමයි වවුල්පනේ ගුහාව. එ ගුහාවෙත් සන්චාරය කරමු.බුදු සරණයි ❤👍

  • @ankitdancerslfans7206
    @ankitdancerslfans7206 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @hashenchamindu98
    @hashenchamindu98 ปีที่แล้ว +5

    ලොකු පීරිස් අයියා කිව්වා වගේ ඇත්තටම Sanctum ෆිල්ම් එක තමයි මතක් උනේ මේ වීඩියෝ එක බලද්දි🤩...මහ පොලොව උඩ වගේම මහ පොලොව යටත් වෙනමම ලෝකයක අපිව සංචාරය කරන්න එක්කන් ගියාට අයියටත්, ලොකු පීරිස්ටත් ගොඩක් ස්තූතියි...ජයවේවා!❤️💯

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    ඔබත් ..ලොකු පීරිස් ..ස්භාදහමේ මැව්ම් අති උතුම් මනුෂ්‍ය රත්නයකි.❤❤❤❤

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6w 10 หลายเดือนก่อน

    මේ දේවල් දකිද්දි හිතට ලොකු සැනසීමක් සුන්දරත්වයෙන් යුතු හැගීමක් දැනෙනවා....❤❤❤ඔයාලට බුදු සරනයි... ❤❤❤❤තවත් මේ වගේ දේවල් හොයා ගන්න ශක්තිය ලැබේවා...❤❤❤❤❤

  • @ElanLishan
    @ElanLishan ปีที่แล้ว +2

    අපේ ගම 😊

  • @wasanapathirana3285
    @wasanapathirana3285 ปีที่แล้ว +10

    හදවතේ සංචාරකයා... අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්... ආදරෙයි අයියේ.... 🍀🍀ඇබ්බැහි වූ භාවනාව🍀🍀💜

  • @mithilaranmal5204
    @mithilaranmal5204 ปีที่แล้ว +1

    ලන්කාවේ නම ගෙනියනවා ලෝකෙම අනිව DAP❤❤හදවතේ සංචාරකයා budusarni

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx ปีที่แล้ว +1

    අරගෙන තියෙන අවදානම ගැන නම් බයත් හිතුනා, ඒත් සොබාදහමට ආදරය කරන අයව සොබාදහම විසින් ආරක්ෂා කරනවා.ගොඩාක් ස්තුතියි පුතා අපිට යනවා තියා හිතන්න වත් බැරි තැන් වලට එක්ක ගෙන යනවාට

  • @oneth-e7s
    @oneth-e7s ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ අතර බලපූ සුපිරිම එකක්.. බුදු සරණයි ඔයාට..

  • @himadarideepika8171
    @himadarideepika8171 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි. අපට යා නොහැකි සුන්දර තැන් පෙන්වනවට..

  • @kanishkagimhana
    @kanishkagimhana ปีที่แล้ว +4

    පට්ට 🥺🌻💚 ඉක්මනටම කන්දක් නගිමු

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 ปีที่แล้ว +1

    Great work. Thanks.

  • @jeewanthaherath219
    @jeewanthaherath219 หลายเดือนก่อน

    බුදුසරනයි

  • @samanweerasekera395
    @samanweerasekera395 ปีที่แล้ว +1

    අපූරු ගවේෂණයක්. ඔබ ඇතුළු කණ්ඩායම කළ දුෂ්කර කැපවීමට බොහෝම ස්තූතියි. බුදු සරණයි !🥰🥰🥰🥰

  • @charifdocharifdo
    @charifdocharifdo ปีที่แล้ว +1

    Thanks for showing us places we haven't seen before. 🙏🙏❤️❤️

  • @damayanthigamage8344
    @damayanthigamage8344 9 หลายเดือนก่อน +1

    ඔබ වැනි ගවේෂණ කෙනෙක් සොබාදහම අසිරිමත් දායාදය ❤❤ ❤❤ n

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +2

    අදත් සුපිරිම සුපිරි චාරිකායක්. අපේ දිනේශ් අයියා ලොකු පීරිස් අයියා ඇතුලු සෙට් එක නිකම්ම නිකන් සංචාරකයෝ නෙමෙයි. ඉතාමත් වැදගත් ඉතාමත් අලංකාරවත් පරිසරයක සිට අපේ සිතට ඒ ගෙනදෙන සැනසිල්ලට අයියලාට බොහෝම පින්. සිහින් වැහි පොද කැට වලින් තෙමුනු සිසිලස ලැබූ පරිසරයක ඉඳිමින් මේ වගේ වීඩියෝ එකක් බලනවා කියන්නෙම ඉතින් වෙනමම මනෝලෝකෙකට අපිව අරගෙන යනවා. ඒ තරම් ලස්සන රූප රචනයක්. හැමදාමත් කියනවා වගේ ජීවිතේ එකම එක පාරක් හරි මැරෙන්න ඉස්සෙල්ලා හම්බුවෙලා වචනයක් හරි කතා කරන්න ඔනේම චරිත දෙකක් තමයි දිනේශ් අයියායි ලොකු පීරිස් අයියායි. කවදාම හරි හම්බුවෙමු සහොදරයන් දෙදෙනා. උතුම්වූ තෙරුවන් ගුණ බලයෙන් පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉදිරියටත් අපිට මේ වගේ ලංකාවේ සොඳුරු ඉසව් පෙන්නන්න සියලු ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා .... ජයෙන් ජයම වේවා ..... 💪💪💪💪💪💪

  • @pereradenuwan4465
    @pereradenuwan4465 ปีที่แล้ว

    සංචාරකයා#DAP❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    ආයුබෝවන් ! 🙏
    දිනේෂ් පැතුම් ...💐
    ලොකු පීරිස් ...💐
    සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @floweringtv3938
    @floweringtv3938 ปีที่แล้ว

    ඒක නම් වාව් බ්‍රෝ.. සුපිරි 🔥❤️

  • @randikamiyumal5823
    @randikamiyumal5823 ปีที่แล้ว

    සුපිරි නියමයි film එකක් දිහා බලන් හිටියා වගේ ❤❤❤

  • @ravindunadeeshan1114
    @ravindunadeeshan1114 ปีที่แล้ว +2

    අපේ ගෙවල් වලට උඩ ඔය ලෙන තියෙන්නෙ.😍❤️

  • @bluee_3
    @bluee_3 ปีที่แล้ว +3

    වික්‍රමාන්විත ගමානාන්තයක්..ආදරෙයි දිනේශ් අයියේ..❤🔥දළදා සමිදු පිහිටයි

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว

    හැමදාම වගේ මේකත් සුපිරි බුදුසරණයි ❤

  • @dilangaanuhas7914
    @dilangaanuhas7914 ปีที่แล้ว +1

    අපේ ගම ❤🥰🥰🥰

  • @MuyauAnum
    @MuyauAnum 7 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා

  • @ashensameera7430
    @ashensameera7430 ปีที่แล้ว +1

    superb🤩