Dilshan Pathirathne | Kavi 10ta Gee Dahayak | ඩිල්ෂාන් පතිරත්න | කවි 10ට ගී දහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV
  • บันเทิง

ความคิดเห็น • 291

  • @lakmalkumara8187
    @lakmalkumara8187 11 หลายเดือนก่อน +37

    A broke man is like a broke hand...
    Can't do nothing with him.
    පිරිමි! උන් සොයන්නේ ලිංගිකත්වය යි.ඔවුන් රූමත් ආදරණීය කෙනෙක් ගෙන් එය බලාපොරොත්තු වේ. ඒ බව ගැහැණුන් සහජයෙන් දනී. ඒ නිසා උන් රූමත් වීමට උනන්දු වේ. අඟපසඟ ගැන උනන්දු වේ.හුරතල් වීමට උනන්දුව වේ. මිහිරි වඳන් තෙපලීමට උණන්දු වේ.
    ගැහැණු සොයන්නේ රැකවරණය සහ පහසුකම් සහිත බවයි,එන්ම් ආර්ථිකව ,කායිකව,සමාජමය(නිලතල,නෑදෑ, යාලු මිත්‍ර, )ස්ථාවර බව සහිත බවයි.උන්ට ලිංගිකත්වය කොර මිනිසෙක් , තිරිසනෙක්ගෙන් උවද ඉටු කර ගත හැකිය..සෑහීමකට පත් විය හැකිය.
    මේ බව පිරිමින් සහජයෙන් දනි . ඒ නිසා පිරිමින් ධනය, බලය , යාන වාහන, නිවාස ආදිය පසුපස හමා යයි. මේ සම්බන්ධ තාව තේරුම් ගත් විට. සමන්‍ය ලෝකය තේරුම් ගත හැකිය.
    මෙය ගණුදෙනුවකි. එයට ආදරේ යැයි වචනයක් දමාගෙන ඇත. ඇත්තට ම ඇත්තේ පිරිමි තම ලිංගික සහකාරිය ට ඇති ලෝබ බවත් සහ ගැහැණු තම රැකවලාගේ සෙවණෙ සිටීමට ඇති ලෝබ බව රැකවරණය ට පහසුවට ඇති ලොබ බව පමණි. දෙපිරිස ම ඒ ඒ දේ අහිමි වෙනවාට අකමැති ය. වෙනකෙකුගේ වෙනවාට අකමැතිය.එනිසා හදවත් වේදානාවෙන් පෙලේ..
    රූමත් බව අඩු ගැහැණුත් , දුර්වල පිරිමීත්..මේ ලෝකයේ මේ කරුණු නිසා දුකට පත්වී සිටී. සියලු දෑ තාවකාලික බව වටහාගෙන ඉවසීමෙන් ජීවිතේ ට මූණ දීමත් සටන් කිරීමත් කල යුතුයි .
    අද ශක්තිමත් ස්ථාවර කෙනා කෙදිනක හෝ අස්ථාවර විය හැක මරණින් මතු හෝ අස්ථාවර තැනක ට වැටිය හැක . ශක්තිමත් කෙනා හෙට දුබල විය හැක. අද රූමත් කෙනා.හෙට විරූපී විය හැක. ලෝක ස්වාභාවය එයයි. එය අකමැත්තෙන් හෝ වටහාගෙන . දරාගෙන ජීවිතේ කුසලයෙන් ශක්තිමත් කරගැණීමට වෙර දැරීම කළ යුතුයි .
    Boys : - Don't waste time for love. Ern money and power. And stablity. Then love will come for u.
    Girls : - Don't waste time for beuty. it it is temporary.Try to be strong . Dont depend on man.
    depend on u. And ur skills And education .

    • @markpereira8056
      @markpereira8056 5 หลายเดือนก่อน

      Amazing exact ❤❤💯💯💯

    • @markpereira8056
      @markpereira8056 5 หลายเดือนก่อน

      True . Thank you for this🙏🙏🙏

    • @user-nf1jw6gg1y
      @user-nf1jw6gg1y 4 หลายเดือนก่อน

      සහෘදය මං කියන හදන දේ ඔබ කොහොමද මගෙ හිතින් සොරකම් කලේ ? කාරි නෑ ඔබ මට සම සිත් දැරූ සිත් නිඹුල්ලෙකි

  • @chandrakanthimeedeniya6432
    @chandrakanthimeedeniya6432 ปีที่แล้ว +35

    සම අදහස් ඇති කුලුපග මිතුරන් දෙදෙනෙකු ගේ මිහිරි පිලිසදරක් ලෙසයි මෙම වැඩසටහන මා දුටුවේ. ස්තුතියි වජිර සහ ඩිල්ශාන්.❤❤

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +24

    ආසම නිවේදකයන් දෙන්නෙක් එකම තැනක 😊 විවාදයක් නෑ රහයි ❤️😍

  • @chamithadikari8416
    @chamithadikari8416 ปีที่แล้ว +23

    දෙවරක් නැරඹූ එකම වැඩසටහන ,🖤🖤🖤❤️❤️❤️ ආදරෙයි දිල්ශාන්

  • @shamila_hussain
    @shamila_hussain ปีที่แล้ว +39

    කියන්නට හිතෙන දේවල් වලින් වැඩි කොටසක් නොකිවයුතු බැවින් සරලවම ලියන්නෙ දහවෙනි ගීතය ගයද්දි "අය්යෝ ඉවරයිද" කියල හිතුන වැඩසටනක්. නියමයි දිල් 👏 වජිර අය්යා හැමදාමත් බරසාර කතාවලට මඟපාදන්නෙක්. 👏👏👏

  • @siluaudiobooks
    @siluaudiobooks ปีที่แล้ว +19

    පතී තේරූ කවි අහලා
    මට හොඳටම හතී
    😂😂😂😂
    බොහෝ ම සැහැල්ලුවෙන් රස විඳපු අනර්ඝ වැඩසටහනක්
    ❤❤❤❤❤❤

  • @rasikafernando6740
    @rasikafernando6740 ปีที่แล้ว +32

    ඩිල්ෂාන්ගෙ මේ තාක් youtube තියෙන සියලු වැඩසටහන් බලලා තියෙන්නේ . ඒ තරම් ඒ කතා විලාශය ආකර්ෂණීයයි. නැවුම්. බොහොම ස්තුතියි වජිර, ඔහුව මේ වැඩසටහනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සහ මේ වගේ හරයක් බරක් තියෙන වැඩසටහන් සිදු කිරීම සම්බන්ධයෙන්... 💙💙💙

  • @achiniishara9833
    @achiniishara9833 ปีที่แล้ว +17

    අදට ඇති ජීවිතේ කියල හිතපු මිනිහෙක්ට වුනත්
    මෙතනට ඇවිත් ගියා නම්..
    හිතෙන්න ඇති හෙටත් තිබ්බනම් කියල..🖤

  • @dilrukshinifernando-pv2jd
    @dilrukshinifernando-pv2jd ปีที่แล้ว +55

    අසම්මතයට අවංක උන මං වගේ අයට මේ කතාව බර වැඩී....කදුලු හිර කරං හිටිය ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ.....

    • @lifewithdd2018
      @lifewithdd2018 ปีที่แล้ว +6

      Samathada asamathda kiyala hithanna epa. Jeewithe danena thanaka windinna. Jeewathwenne hari podi kaalayai

    • @shanikafernando6375
      @shanikafernando6375 6 หลายเดือนก่อน

    • @palikanishanthi7488
      @palikanishanthi7488 6 หลายเดือนก่อน

  • @pasinduiroshan7721
    @pasinduiroshan7721 ปีที่แล้ว +19

    මම ආසම දිල්ශානගෙ පන්ඩිත කතා අහන්න.දවසක ඇස් දෙකෙන් දැක ගන්න ඉන්න ආස කෙනෙක් ❤

  • @gayaniwickramasinghe8548
    @gayaniwickramasinghe8548 ปีที่แล้ว +50

    මට එක්වරම බලලා ඉවරකරන්න ලෝභ හිතුනා. දිල්ෂාන් පතිරත්න මම ආසම කථිකයෙක්. ස්තූතියි අපිට මෙච්චර රස වැඩසටහනක් දැකබලාගැනීමට සැලැස්වූ වජිර අයියට සහ චරණ ටීවී.

  • @NJay380
    @NJay380 ปีที่แล้ว +13

    ඩිල්ශාන් හරිම රහට මේ වැඩේ කලා අද..අහන්න ඉන්න ආස හිතෙනවා ඩිල්ශාන් කතා කරද්දී..❤❤ මේ වැඩසටහන තමයි මම බලන ඩිල්ශාන්ගෙ පලවෙනි වැඩසටහන නමුත් මම අනිවාර්යයෙන් ඩිල්ශාන් ගේ හැම වැඩසටහනක්ම හොයාගෙන බලනවා දැන් ඉඳන්..

  • @indraliyanage2510
    @indraliyanage2510 ปีที่แล้ว +12

    වජිර ඩිල්ශාන් අපූරු සුසංයෝගයක්...අපි අපිවම කියවා ගත්තා..ඩිල්ශාන්ගේ විචාර තුලින්..සංකජාගේ ගැයුම් හරි මිහිරියි...ලෝබ හිතුන දෙපැයක්...ස්තූතියි දුන් රසට 🌹

  • @dumindafernando7523
    @dumindafernando7523 11 หลายเดือนก่อน +7

    කාලෙකින් පට්ට රස කවි ටිකක් සහ විචාරයක් ඇහුවා...අපේ රට මැරුණත්, අපේ කවීත්වය තාම ජීවතුන් අතර ගැන හරිම සතුටයි..👍🙏❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 หลายเดือนก่อน +2

    මාස ගානකට පස්සෙ ඊයෙ(2024.06.14) රෑත් බලල මේ දැන් දවල්(2024.06.15) 1.30ටත් අහන ගමන්
    ඒතරම්ම ආසයි මම මේ ඩිල්ෂාන් පතිරත්න කියන මනුස්සයට.
    ඔහුට පුලුවන් කතාවෙන් ලොවක් වසග කරන්න.

  • @thilinachathuranga98
    @thilinachathuranga98 11 หลายเดือนก่อน +10

    විදුලි දුම්‍ රියේ සින්දුව සුපිරියටම කිව්වා ❤❤❤

  • @3rdeyecreation007
    @3rdeyecreation007 ปีที่แล้ว +12

    වෙලේ බඳින අම්බරුවෝ ලනු දිගටයි කන්නේ..
    ඉන් එහාට අඩියක්වත් උන් කොහොමද යන්නේ...
    පොතක් පතක් කියෙව්වොතින් හිසට අහර වෙන්නේ...
    හිතේ තියෙන දේම තමයි වචන දිගේ එන්නේ....
    ඒකනම් සෑහෙන්න වැදුනා...

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +22

    වජිර...ඒ හඩ,වචන හදවතටම දැනෙනෙවා❤
    ඉස්සර උඩරට මැණිකෙ වැඩසටහනේ පසුබිම් කථිකයා❤

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 ปีที่แล้ว +11

    සංඛජා ❤❤❤ "පුන්සඳ රෑට" ගීතය රහටම ඇහුවෙ එයාගෙන්.... ඒ වොයිස් එකට පිස්සු වැටෙනව.
    දිල්ෂාන් පතිරත්න වගේ ලස්සන අදහස් තියෙන මනුස්සයෙක්ගෙ හරබර සාකච්චාවක් එක්ක ඒ හඬ ඇහෙද්දි ඒක වෙනම එකක් ❤❤

    • @dreamer5340
      @dreamer5340 ปีที่แล้ว +1

      Nuwandika ge cover ekth ahn

  • @Welcome_921
    @Welcome_921 ปีที่แล้ว +15

    1). 17:10 දුක හාදු දෙන රැයේ
    2). 28:00 ඔළුව තදින් නරක් වෙච්ච
    3). 41:50 විදුලි දුම්රියේ චංචල නාදේ
    4). 51:30 සිරි යහනේ ලණු ඉහිරී
    5). 1:00:10ඈත එපිට ගම්මානෙන්
    6). 1:15:50තාත්තා වුණත් මා බත සරි කරන
    7). 1:25:15රට කරවන්න නම්
    8). 1:35:10 ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ
    9). 1:48:13 මමයි නුඹෙ ඇස් දෙකේ
    (පිහිතුඩෙන් ආදරේ)
    10). 1:58:00සමකෝණී ත්‍රිකෝණයකි

  • @teklaweerasigha8614
    @teklaweerasigha8614 11 หลายเดือนก่อน +2

    නීතී වේදියෙක්.
    ඇතුලේ මේ තරම් ලස්සන සිතිවිලි ...❤❤❤ මිහිරියි ..සුන්දර යි................🙏

  • @udeshinandasiri4307
    @udeshinandasiri4307 ปีที่แล้ว +7

    හරිම ආසාවෙන් බලපු තවත් එක් වැඩසටහනක්.සංකජාගේ ගායනයත් ඩිල්ෂාන්ගේ විචාරයත් විශිෂ්ටයි…..තවත් කවි තුල ඔබ කිමිදුනානම් තවත් රසවත්…..

  • @pushpalathabogahawatte8763
    @pushpalathabogahawatte8763 ปีที่แล้ว +6

    වජිර මහත්මයා ඉතා පහසුවෙන්ම ඉතා හෘදයාංගම වම මෙහෙයවපු වැඩසටහන අද වෙන්න ඕන .. ලස්සන ගලා යෑමක් ❤

  • @sasikakarunanayaka5168
    @sasikakarunanayaka5168 13 วันที่ผ่านมา

    Lassana wedasatahanak. Jaya wewa hemotama ❤❤❤

  • @sasinduathukorala3008
    @sasinduathukorala3008 ปีที่แล้ว +16

    අද නම් මටත් හොඳටම වෙරි ❤
    සංකජා ගේ හැඟීම් පිරුණු ගායනයත් ඉස්තරම් 😊❤

  • @manojsandaruwan2110
    @manojsandaruwan2110 ปีที่แล้ว +6

    ගායන ශිල්පිනියගේ ගායන නම් මීපැණි ❤❤❤❤❤

  • @glaze200
    @glaze200 11 หลายเดือนก่อน +8

    අහ අහා ඉදලා පොල් තෙල් බෝතලයක්ම බිමට හලා ගත්තා මම ❤️ මෙිවා අහද්දි සිහි නිනවි නැති වෙනවා.... මං හිතනවා ඩිල්ශාන් පතිරණ තියන්නේ හැබැ ජිවිතේත් පරිනථ ආදරවන්තයෙක් ❤️

  • @akilashanuka185
    @akilashanuka185 ปีที่แล้ว +5

    ඩිල්ශාන් අයියා කතා කරන Programme එකක් කියන්නෙ ඒක වෙනම Vibe එකක්.වෙනස්ම රහක්.🔥 ඒකට වජිර සහෝදරයගෙ කථිකත්වයත් එකතු උනාම ඉතින් දෙපැයත් මදි තරම්.💖
    කව් 10 ට තාමත් සන්නස්ගල සර් ව ගෙන්නපු නැති එක ගැන නම් කනගාටුවක් තියෙනවා.

  • @thusivlogs9199
    @thusivlogs9199 ปีที่แล้ว +4

    ස්තූතියි වජිර, රසාස්වාදය යන මුඛ්‍යාර්ථය පිළිබිඹු වන අයුරින් සමාජ ප්‍රස්තුතයන් මනාව පැහැදිලි කරනවට., දිල්ෂාන් යනු, එහි එක් හරස්කඩ කි.

  • @agncmalimadushani
    @agncmalimadushani ปีที่แล้ว +85

    ජගත් මනුවර්ණ වතාවක් හරි දකින්න කැමති. ඔහුත් වෙනම රහක් තියෙන පුද්ගලයෙක් වියහැකි.💐

    • @_s_e_n_e_t_h__w_i_j_e_4
      @_s_e_n_e_t_h__w_i_j_e_4 ปีที่แล้ว +7

      What a perfect idea..! 😍♥️

    • @ShehanRana
      @ShehanRana ปีที่แล้ว +3

      Up.

    • @kaludeeraanura8981
      @kaludeeraanura8981 ปีที่แล้ว +3

      Thanks Mr.vajira today's program is best because I like gentlyment with Mr.Dilshan TV Presenter Good luck u both

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ❤

    • @greatvideos2014
      @greatvideos2014 ปีที่แล้ว +3

      විය හැකියි නෙමෙයි ඒක එහෙම්ම තමයි! 👏👏

  • @MrAnudinu
    @MrAnudinu ปีที่แล้ว +3

    හරිම ආශාවෙන් බැලුවේ මුලු වැඩසටහන ම එකම කවියක් වගේ. ඔබ දෙදෙනාට ම සුභ පැතුම්❤

  • @hiru5749
    @hiru5749 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ.මම පසුතැවෙනව මට තාම මේ සමහර කවි නිර්මාණ අහු නොවුණු එක ගැන.ආදරෙයි දෙන්නටම❤

  • @subhashjayasekara3939
    @subhashjayasekara3939 ปีที่แล้ว +2

    දිල්ශාන් අයියේ ඔක්කොම නවත්තලා සින්දු කියහන් ඒක මරු

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +3

    වජිර, දිල්ෂාන් කියන්නේම මම ගොඩක් කැමති ආදරය කරන දෙදෙනෙක්,❤ බොහොම ස්තූතියි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️

  • @irangi1432
    @irangi1432 7 หลายเดือนก่อน +1

    Lassanai sindu kiyenewa pathi jaya wewa

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 11 หลายเดือนก่อน +1

    හදවතේ ඇතත්... ඇති නැති ගානට සිටිය මගේ...
    හදවතටම ලං වී මිමුනුවේ ඔබ මටද සිතේ....

  • @sanjeewakumarasinghe21
    @sanjeewakumarasinghe21 ปีที่แล้ว +12

    ගීත ගායනා කල ෂිල්පීන් දෙදෙනා ගේ ඉදිරිපත්කිරීම අති විෂිස්ටයි ස්තූතියි

  • @r.s.n.3373
    @r.s.n.3373 ปีที่แล้ว +2

    දිල්ශාන් කොහෙද හිටියෙ .ආසම පුද්ගලයෙක් .වජිර ඔබට තුති.👍👍

  • @mashidiaz581
    @mashidiaz581 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක්....මං මේකට ඇබ්බැහි වෙලා වගෙයි මට දැනෙන්නේ...හරිම අර්ථවත් වගේම කවියට ලොකු වටිනාකමක් දෙන එක ගැන හරිම සතුටුයි...සාහිත්‍ය කියවීම තුළින් නව පරපුරේ චින්තනය වෙනස් කරන්න දරණ වෑයමට හිස නවා ස්තූතිය පුද කරමි...

  • @reshmaann1910
    @reshmaann1910 หลายเดือนก่อน

    Skip නොකර බලපු ලස්සනම වැඩසටහනක්‌ ♥️

  • @nilanlakmal8374
    @nilanlakmal8374 ปีที่แล้ว +8

    දෙන්නම හොදට විදින ගමන් වැඩසටහන ඉදිරිපත් කරනවා.. කාලය ගලා යනවා දැනුනෙත් නෑ.. අඩියක් ගගහා බැලුවා වගේ...😀

  • @Adeethaalwis
    @Adeethaalwis ปีที่แล้ว +7

    කාලෙකින් මේ වගේ program එකක් බැලුවේ. ඔබ දෙපලගේ සාහිත්‍ය කියවීම සහ රසවිදීම වෙනම එකක්.❤😊

  • @wasanasandamali7825
    @wasanasandamali7825 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දිල්ශාන් සර් කවදත් ආදරේ කරන ආස කරන චරිතයක්..❤️

  • @dilipa7271
    @dilipa7271 ปีที่แล้ว +12

    මට‍ හිතෙනවා අපි හැමෝම හිතේ තියෙන දෙය දිල්ෂාන් දන්වාද කියලා මගේ හිතේ හිර කරගෙන එලියට දාන්න බැරි ඒවා ඔබේ කටෙන් පිට වෙනවා ❤😢😮 සතුටුයි මේ පැහැදිලි සබද කමට

  • @thilinikulathunga9435
    @thilinikulathunga9435 ปีที่แล้ว +1

    පති මරැ වැඩසටහන හරිම රසවත්..කතාව අහගන ඉන්න හරිම ආසයි

  • @umeshadilhani5195
    @umeshadilhani5195 ปีที่แล้ว +2

    මග නොහැර ආසාවෙන්ම බලපු එපිසෝඩ් එකක්... දවසක මුණගැහෙන්න ආසාවෙන් ඉන්න අයගෙන් කෙනෙක් තමා ඩිල්ශාන් පතිරත්න කියන්නෙ. ❤

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +3

    Well well done 👍 you both as well both the singer respect ✊
    No wards to say more than such things happen our way of journey of life. Thank ❤❤❤❤

  • @jcz5281
    @jcz5281 ปีที่แล้ว +2

    ❤✍️🙏💐ගොඩක් දේවල් ගත්තා..මං හිතන්නේ ඔක්කොම තිබුනේ ගන්න දේවල්🙏

  • @neeshakarunaratne4969
    @neeshakarunaratne4969 ปีที่แล้ว +1

    බලපු රසවත්ම episode එකක්,ඒවි කියලා බලාගෙන හිටපු කෙනෙක් 🎉❤

  • @tharindudasun1220
    @tharindudasun1220 4 หลายเดือนก่อน

    වෙනසෙන් අදුනගත දිල්ෂාන් පතිරත්න
    චරණ නෙන් අදුනගත් වජිර අයියා
    එකතුව කරපු සුස0යෝගය නිව්වා අපේ ගින්න
    හදපිරි සතුට දෙම් ඔබ දේපල හට. ❤️❤️

  • @piumalsandaruwan30
    @piumalsandaruwan30 ปีที่แล้ว +6

    වෙලේ බඳින අම්බරුවෝ ලණු දිගටයි කන්නේ
    ඉන් එහාට අඩියක් වත් උන් කොහොමද කන්නේ
    පොතක් පතක් කියෙව්වොතින් හිසට අහර වෙන්නේ
    හිතේ රැඳුණ දේම තමයි වචන දිගේ එන්නේ ❤️

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว

      ඉන් එහාට අඩියක් වත් උන් කොහොමද යන්නේ ලෙස නිවැරදි විය යුතුයි

  • @navodarathnayake
    @navodarathnayake ปีที่แล้ว +1

    පුදුම ආසාවකින් බැලුවෙ මේ වැඩසටහන. ස්තූතියි

  • @prabha5885
    @prabha5885 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් රසවින්ඳ අපූරු වැඩසටහනක්.දිල්ශාන් අයියාගේ කවි වගේම තෝරාගත් කවි සියල්ලමත් ඒ හැම කවියකටම උපරිම සාධාරණයක් වන ගීත තෝරාගැනීමත් විශිෂ්ටයි👊🖤 ලස්සනට ගායනා කරන්නත් අපූරු හැකියාවක් තියෙනවා ඒක මරු👌 💕 ගායනා කළ දෙන්නත් ලස්සනට ගීත ගායනා කරා❤️ වජිර අයියටත් ගොඩක් ස්තූතියි හදවතට දැනෙන මෙවැනි වටිනා වැඩසටහන් පැවැත්වීම පිළිබඳව 💕

  • @chanaka461
    @chanaka461 4 หลายเดือนก่อน

    කියන්න වචන මදි... ඩිල්ෂාන්, වජිර, ප්‍රදීප් සහ ගායන ශිල්පිනියගේමිහිරි ගායනය..වෙනම ආනන්දනීය ලෝකෙකට අරන් ගියා.හරිම රහයි.අපූරුයි.බොහෝම ස්තූතියි සැමට ❤❤❤💐

  • @pushpalathabogahawatte8763
    @pushpalathabogahawatte8763 ปีที่แล้ว +1

    සුදන්ති අනුරුද්ධිකා සූරියහෙට්ටි ❤❤❤ ඇය ප්‍රතිභාපූර්ණයි. ඒ වගේම ඇය වෛද්‍යවරියක්

  • @sudarmaaththanayaka5372
    @sudarmaaththanayaka5372 ปีที่แล้ว +1

    වජිර dilshaan ඔබලා හරි අපූරු මිනිසුන් thank you

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 ปีที่แล้ว +4

    ලන්කාවෙ ගොඩක් අයගෙ සන්වාද වලදි ඇහෙන දෙයක් තමයි යාලුවෙක්ගෙ, හිතවතෙක්ගෙ දුරකථන ඇමතුමක් මගහැරීම නිසා පස්සෙ පසු තැවීම. අත්දැකීමෙන්ම විදල තියෙනවා සම්බන්ධකම් වලට වටිනාකමක් දෙන්නෙ නෑ , ඇමතුමකට ආපහු පිලිතුරු දිමක් නෑ. පස්සෙ පසු තැවීමෙන් පලක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔච්චර ඇමතුමක් ගන්න තරම්වත් වෙලාවක් නැතිව වැඩ කරන රට තාම ඔහොම තියෙන එක.

  • @tharindikaushalya1924
    @tharindikaushalya1924 ปีที่แล้ว +2

    ආසම චරිතයක් කතා කරනකොට අහන් ඉන්න ආසයි

  • @samanlalani1766
    @samanlalani1766 ปีที่แล้ว +1

    කට්ටියම සුපිරි ඩිල්ශාන් ඔබ ,'ape rate "sannamak" comment karanna නිසා utube බැලුවා .campus kale mathak una . ජය පතමි ආදරයෙන්

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 ปีที่แล้ว +3

    පලවෙනි කවියේ
    වේල්ල ඩිල්ශාන්
    වජිර මුහුද කියලත් හිතුනා.....
    පට්ට අද❤

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 ปีที่แล้ว

      Excellent idea excellent. Respect u from the bottom heart. 🙏🙏🙏🙏

    • @indraninanayakkara2232
      @indraninanayakkara2232 ปีที่แล้ว

      @@nalanirajapaksha806 my plessure 😊💐

  • @user-gn6vo7qf5d
    @user-gn6vo7qf5d ปีที่แล้ว +2

    සුපිරියක්...❤️

  • @user-dl4ij7mb7b
    @user-dl4ij7mb7b 10 หลายเดือนก่อน +2

    ගඟට කල හානියට මම ඉවසුවා වැඩී
    මගේ හිත හැදුවෙ නම් අන්තිමට මගෙ ඩැඩී
    දැනං හිටියෙ නෑ මෙතරම් වෙයි උඹෙ සිත දැඩී
    මහවැලියත් හැරිල ගියා පොල්ගොල්ලෙන් කැඩී.

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +2

    තවත් දක්ෂයෙක්....❤

  • @nipunikaekanayaka1606
    @nipunikaekanayaka1606 ปีที่แล้ว +3

    ඒ කතාව .... ඒ වචන තනිකර පිස්සුවක්

  • @ranainlanka6343
    @ranainlanka6343 11 หลายเดือนก่อน

    ලස්සන වැඩසටහනක්.. ඩිල්ශාන් සහෝදරයා ඒක තවත් රසවත් කලා ඈත එපිට ගම්මානෙන්..

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว +1

    Wow wonderful job guys from Italy ❤

  • @s.perera102
    @s.perera102 ปีที่แล้ว

    අහාන් ඉන්න ආස හිතුන වැඩසටහනක් අපේ ජීවිතේ සමහර තැන් කතා කරපු තවත් අවස්ථාවක් ස්තුතියි

  • @induharris1903
    @induharris1903 9 หลายเดือนก่อน +1

    දෙපැයම දිගු කවියක් ❤❤❤❤

  • @isuru6114
    @isuru6114 ปีที่แล้ว +8

    පතිරත්න දුන් ඒ හැඟුම් ඕවදන්
    වජිර මුසු කළ කතා සුපසන්
    යොමා තෙත් කල හදට මී පැණ්
    දැනූණේ නෑ ඒ වරුව යනකන්
    ලබන සතියේ පතිය එක්කන්
    බලන් ඉනෙමි නැවත එනකන්

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +3

    අම්මෝ ලකී සර් ගේ කවිය 😳😳😳 අනන්ත පිං.. ❤🙏 එ් මගේ අම්මා ගැනමයි කීවෙි සර්.. මගේ අප්පච්චී.. කරන්න තියන වැරදි හැමදේම කරලත්.. අවසාන මොහොතේ අද අම්මා.. ගාවටම අාවා... එදා අම්මා එයාව devose කරන්න හිතුවෙි නෑ. එහෙම කරා නම් අද අපපච්චිට යන්න තැනක් නෑ .. අවුරුදු 25 ක් වෙනකං අප්‍රමාණ දුක් වින්දා .. එ් ඉවසීම මට කියන්න තේරෙන්නේ නෑ.. අැත්තෙන්ම පිරිමින්ගේ හය්ය පරාදයි ගෑණුන්ගේ හිතේ හයියට ❤💪

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 ปีที่แล้ว +3

    ඩිලා ඉන්න වැඩසටහන් අහන්න මං කෑදරයි....

  • @sllanka857
    @sllanka857 ปีที่แล้ว +1

    ඩිලා කතා කරනකොට මාර ගති...👌🖤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 11 หลายเดือนก่อน

    Ithin thawath thibuna nam hodai sithuna.. ..
    Sthuthi godak 💐☘️👏👏👍

  • @padmakumarawithanaarachchi2172
    @padmakumarawithanaarachchi2172 ปีที่แล้ว

    No words to comment.
    In simple "Patta" Dilshan❤👍

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 ปีที่แล้ว +2

    කැමතිම පුද්ගලයෙක්..චර්තයක්…❤️❤️❤️

  • @chinthavijethunga2897
    @chinthavijethunga2897 ปีที่แล้ว

    Ada wedasatahana niyami.hama kaviyakma patta.oba depalata sthuthi.

  • @Nasku_mama
    @Nasku_mama ปีที่แล้ว +1

    මරු ❤️

  • @saamanthakonasinghe5781
    @saamanthakonasinghe5781 9 หลายเดือนก่อน

    Superb session! Thanks!

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +1

    සංඡීව එ් ගීතය පිස්සුවක් කරලා තියෙන්නේ අපිට ❤❤😢😢 . පුදුම විදියට රිදෙනවා එ් වචන ... පද රචකයානෙනී.. ඔබට අනන්ත පිං අපේ හදවත් කියෙව්වාට ❤❤

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh ปีที่แล้ว

    Kawe 10ta ge dahayak me wadasatahana harema artawetai..oba depalage danuma mage danumen dashamayakwath natuwa ate..maatenla marena turawata ede..buddeyen hetanna yamak..teruwan saranai oba depalatama..❤❤❤

  • @chandraperera8809
    @chandraperera8809 6 หลายเดือนก่อน

    Hariima lassana voice ekak thiyenne...Dilshanta

  • @pasinduiroshan7721
    @pasinduiroshan7721 ปีที่แล้ว +1

    මම කැමතිම චරිතයක්

  • @anoka8364
    @anoka8364 10 หลายเดือนก่อน

    මෙ වැඩ සටහනට මම ඇබ්බැහි වෙලා .තව ලස්සන කවි අහන්න බලන් ඉන්නව.❤

  • @dilhanigajanayaka9500
    @dilhanigajanayaka9500 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @lakshanrosantha4775
    @lakshanrosantha4775 ปีที่แล้ว

    Itn එකේ වෙනස පටන් ගත්ත දවසේ ඉදන් බැලුවා මුල් කාලේ මේ අයියත් ඉදියා ආසාවෙන් බැලුවේ ඒක❤

  • @user-wv6xy7nn5c
    @user-wv6xy7nn5c ปีที่แล้ว +6

    ඇත්තෙන්ම සුසන්ති වෛද්‍යවරියක්. කවි පොතක් පල කරන්නට ඇයට අපි ආරාධනා කරමු 🎉

    • @indraliyanage2510
      @indraliyanage2510 ปีที่แล้ว +1

      ඇය කවි පොතක් කළා..කිරි සුවඳින් පාර අසා

    • @user-wv6xy7nn5c
      @user-wv6xy7nn5c ปีที่แล้ว

      @@indraliyanage2510 කියවන්නම ඕනා එහෙනම්

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว

    කපුගේ. දිවුල්ගනේ. දමිත් . චාමර ❤❤❤❤❤ මට නම් එ් ගී පිස්සුවක් ❤❤❤

  • @Ramela-tw7qx
    @Ramela-tw7qx ปีที่แล้ว

    ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක් එක වෙනම රසක්❤❤❤❤❤

  • @nirmalakw8391
    @nirmalakw8391 ปีที่แล้ว

    ආසම කරන පුත්ගලයෙක් ස්තුතියි ගොඩක්

  • @wasantha2160
    @wasantha2160 ปีที่แล้ว

    කාලයට වටිනාකමක් දුන්න වැඩසටහනක් ස්තුතියි

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 ปีที่แล้ว

    Wow wonderful program good luck guys ❤❤

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 11 หลายเดือนก่อน

    Not only the review Dilshan's song is also very nice. Also love Sankaja's singing

  • @dilannuwaragedara3082
    @dilannuwaragedara3082 ปีที่แล้ว

    ඉස්තරම් මගුල් කා-හස්තයෙන් මධුසමය විඳිමි. මම ආසම කවියක්❤️

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika ปีที่แล้ว

    ❣️ ආසම කෙනෙක්. අර්තවත් කතාබහක්💐

  • @dhanuhewa1050
    @dhanuhewa1050 ปีที่แล้ว +1

    පළමු කවිය ❤

  • @user-bu7yr4vx5h
    @user-bu7yr4vx5h 5 หลายเดือนก่อน

    ❤ superb

  • @disnagunawardhana8691
    @disnagunawardhana8691 7 หลายเดือนก่อน

    අයියෝ ඉවර උනේ අපරාදෙ.. හරිම ලස්සන වැඩසටහනක් ..💐

  • @musiclab-lv7le
    @musiclab-lv7le ปีที่แล้ว +1

    Ada තමයි meka iwarawenakalma beluwe. Thapparayak නෑර❤

  • @dilankamoramudalige3850
    @dilankamoramudalige3850 7 หลายเดือนก่อน

    රස සංවාද 🌻❤️

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +2

    වජිර 💝 ඩිල්ෂාන් ඔබට තුති.ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏