Saradiel - H.R.Jothipala සරදියෙල් - එච් ආර් ජෝතිපාල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ගායනය - එච්. ආර්. ජෝතිපාල
    තනුව සහ සංගීතය - මොහොමඩ් සාලි.
    ගීත රචනය - ගුණරත්න අබේසේකර
    දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සරදියෙල් යනු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව ප්‍රාදේශීය ලෙසින් පැන නැගුණු කැරලිකරුවෙකු විය.
    ලංකා රොබින් හුඩ් ලෙසින්ද හැඳින්වුනු මොහුගේ චරිතය ආශ්‍රිතව සූර සරදියෙල් නමින් චිත්‍රපටයක්ද එලිදැක්විනි. ඔහු සූර සරදියෙල් ලෙස ද හැඳින්විනි .
    කෑගල්ලේ උතුවන්කන්ද ප්‍රදේශයට සංක්‍රමණය වී සිටි, දන්කොටුවේ, හාල්දඞුවන දුම්කොල වෙළෙන්දෙකුට දාව, 1832, මාර්තු 25 දින උපන් ඔහු, පවුලේ වැඩිමහල් දරුවා වූ අතර, ඉලුක්ගොඩ විහාරස්ථාන පාසලෙහි අධ්‍යාපනය ලැබීය. සරදියෙල් බුද්ධිමත් ශිෂ්‍යයෙකු විය. ඔහුගේ අධ්‍යාපනය නතර වූයේ එම ගමේ විදානේගේ සමීප ඥාතී වූ පොහොසත් පවුලක සිසුවෙකුට පහර දීම නිසා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීමෙන් අනතුරුවයි. මෙසේ බ්‍රිතාන්‍ය යටත් විජිත ගැත්තන්ගේ සමාජය විසින් ඔහු මංකොල්ල කාරයෙකු බවට පත් කරන ලදී.
    මේ ගීතය ඒ දුප්පතුන්ගේ හිතවතා වූ සරදියෙල් ගැනයි.
    රොබින්හුඩ් වගේ ලක්දිව පතල උන නමයි
    උතුවන්කන්දේ සූර සරදියෙල් මමයි
    තරුණ පිරිස මේ මගේ නම රකින අය තමයි
    කඳුරට මැද්දේ රජ උනු සිංහයා මමයි
    සිංහල හාලේ බත් කා වැඩුණ මේ ඇඟේ
    දහ දෙනෙකු ගෙ සවි බල තනි මට තිබේ
    පෙරමුණ ගන්නෙමි කඟවේනෙකු වගේ
    තරුණ පිරිස මේ මගේ නම රකින අය තමයි
    කඳුරට මැද්දේ රජ උනු සිංහයා මමයි
    සූර සරදියෙල් මමයි
    ජය පැරදුම කුමක් වුනත් සටනට යන්නේ
    අයුක්තියට නෑ මම හිස නමන්නේ
    හෝ. . . ඕ. . .යුක්තියටයි හැම විට ගරු කරන්නේ
    කරදර මැද්දේ ගෙනියන ජීවන යුද්දේ
    සැනසුම දී මිහිර මවන ආදරේ
    හෝ ඕ. . .තංගම්මා මගේ කොමළ සාගරේ

ความคิดเห็น •