ලිංග භේදය හා භූමිකා පිළිබඳ නව චින්තන රැල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +246

    🎯🎖 වසරක් තුල ඔබගේ මනස, අධ්‍යාපනය, ව්‍යාපාර, මනුෂ්‍ය සබඳතා, හා හැකියාවන් රැසක ධනාත්මක වෙනසක් දැකීමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @I.v607
      @I.v607 ปีที่แล้ว +10

      A/L iwra una gman enwa 😎👍

    • @hirushanbandaraofficial8862
      @hirushanbandaraofficial8862 ปีที่แล้ว +6

      Mrbeast ගෙ crew Member '' Chris '' ගැනත් මතක් වුණා...

    • @KD-yn2ci
      @KD-yn2ci ปีที่แล้ว +7

      අන්තර්ජාතික ක්‍රිඩා වලදි හෝමෝර්න් ප්‍රසන්ටෙජ් එක චෙක් කරනව නේද?...ට්‍රාන්ස්ජෙන්ඩර්ස්ලගෙ.. ගිය ඔලිම්පික් එකෙදිත් ලොකෙ පලව්‍ර්නි ට්‍රාන්ස්ජෙන්ඩ්‍ර් ශූරතාවියක් බිහි උනා.

    • @ruvindupriyasanka3204
      @ruvindupriyasanka3204 ปีที่แล้ว +2

      මෙම වැඩසටහන තුලින් සිදුවන දෙය වැඩිදුර විස්තර සහිතව දැනගැනීමට කෑමති

    • @JVD939
      @JVD939 ปีที่แล้ว

      අපේ රටේ තමා ඕක්කොම ප්‍රශ්න කියල හිතන් හිටියෙ. අපේ සංස්කෘතියෙ ලිංගිකත්වය නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්න වලට හාත්පසින්ම වෙනත් ප්‍රශ්න ලෝකයෙ තියෙනව නේ😮

  • @LIYANMUSIC
    @LIYANMUSIC ปีที่แล้ว +71

    ම‍ං වෙනදට රාමු මාමා..රාමු මාමා..කිය කිය මොංගල් comment දාල ඔයාව හිනස්සන්න බලනව😝🤣🤣
    ඒත් අද වෙනස් එකක් දාන්න හිතුනා..
    ඔයා අද මේ topic එකේ කිව්ව දේවල් මම මේ දේවල් ගැන දරපු මතය හා ගොඩාක් සමානයි..ඒක ගැන මට ලොකු සතුටකුත් තියනවා..සහ මම මේ දේවල් ගැන video එකක් කලොත් මම ඒක present කරන්නෙ කොහොමද කියල මගේ ඔලුවෙ තිබ්බ විදියට වඩා හොදින් ඒක ඔයා කලා..කොච්චර controversial topic එකක් උනත් ඔයා මේක වෙනද වගේ relax එකේ කරපු විදිය impressive සහ......ඇත්තෙන්ම මේක මැදිහත් මනසකින් කරපු විග්‍රහයක් කියල කියන්න පුලුවන්..සමහර points මම දැක්ක..ඒව ටිකක් එක පැත්තකට ඇදෙන්න පුලුවන් points ඒත් ඔයා ඒක මාර ලස්සනට balanced කලා..body language එකෙන්වත් tone එකෙන්වත් ඔයා කිසිම හානියක් වෙන්න දුන්නෙ නෑ..ඔයා මේ programmes present කරන්නෙ හරියට අම්ම කෙනෙක් ළමයෙක්ට බත් රහ කර කර කවන්න හදනව වගේ..body language, tone,cadence & spot on හුරතලය😅😅මම normally මිනිස්සු එක් එක් අවස්ථාවල හැසිරෙන විදි දිහා බල ඉන්න ආස කෙනෙක්..ඒ නිසා මට එහෙම දෙයක් ඔලුවට එනෝ..මේවගේ hard topics කරන්න හොදම විදිය දැක්කෙ ඔයාගෙන් i'm very impressive..
    තවත් මේවගේම controversial දෙයක් තමා gender war එක කියන්නෙ (male vs female war) මේවගේ දේවල් ගැන මම හොයද්දි දැක්ක දේ තමා හැම පාර්ශවයකම හිඩැස් තියනව කියල..මේ arguments ගේන අයට සෑහෙන පුළුල් දැක්මක අඩුපාඩුව නිසා මේව follow කරන මිනිස්සු විදවනවා දකින්න ලැබෙන එක ගොඩාක් දුකයි.
    මේවගේ topics වලට අර ඔයා කිව්ව වගේ ක්‍රමානුකූලව කෙනෙක්ව (පටු විදියට නැතුව , කුරුල්ලෙක් අහසෙ ඉදං හැමදේම දකිනව වගේ) පරිවර්තනය කරන්න පුලුවන් non - toxic ක්‍රම තියේ..මට ඒවගේ ඒව තනියෙන් දේවල් discover කරගෙන යද්දි byproducts වගේ ලැබුන ඒවා සහ අහම්බෙන් experience කරන්න ලැබුන නිසා ඉගෙනගන්න ලැබුන දේවල්..මම හිතනව ඒ දේවල් මිනිස්සුන්ට අවබෝධ කරගන්න අවස්ථාව ලැබුනොත් ගොඩක් සමාජ ප්‍රශ්න විසදේවි කියල..කාටවත් අපිව ලේසියෙන් අන්දන්න බැරිවේවි කියල හිතෙනවා. අපි අපේම අයව මෙහෙම අනවශ්‍ය විදියට රිද්දගන්නෙ නැතුව ඉදී කියල..අර ඔයා කිව්ව මව් ගුණය වර්ධනය කරගන්න යන journey එකට හොද foundation එකක් ලැබෙනවා..පුළුල් අවබෝධය හා අනෙකා අවබෝධ කරගෙන ඒ කෙනා සමග සාමදානයෙන් ජීවත් වෙන්න මිනිස්සු නොදන්නා කමේ අඩුපාඩුව නිසා මිනිස්සු විදවනහැටි බලං ඉන්න දුකයි..මං මේ අරමුණු වලට ක්‍රමානුකූලව යන හැටි ගැන videos කරල අනිත් අය දැනුවත් කරන්න හිතුවත් මට ඒකට සෑහෙන්න කම්මැලියි...😢 සහා..මේක instant noodles හදනෝ වගේ කරන්න බෑ..මේක ලස්සනට stress නොකර ඒ අයට ඉගැන්වීමට හා guid කරන්න ලොකු වැඩ පිළිවෙලක් හදන්න වෙනෝමයි..මං හිතනවා ඔයාත් ඒ ක්‍රමවේද දන්නවා ඇති කියල..එහෙම කෙනෙක්ව ඒ දිශානතියට යවන්න ක්‍රමානුකූල වැඩ පිලිවලක් ඔයා දන්නවා ඇති කියල දන්නවා සහ ඒක ඔයාට හැම අතින්ම හොදින් කරන්න පුලුවන් කියල දන්නවා..මං කියන්නෙ ඔයා එහෙම දෙයක් පටන්ගන්න එක හොදයි කියල..මං කියන්නෙ..globally එහෙම programme එකක් පටන් ගන්න එක මුලු ලෝකෙටම හොදයි..pls, මම දකින විදියට ඔයා තමා මම හැරුනහම මටත් වඩා මෙහෙම දෙයක් සුපිරියට කරන්න පුලුවන් මම දන්න හොදම කෙනා...මම දන්නවා ඔයාට ගොඩාක් වැඩ තියනවා කියලා..එත් කවදාහරි මේකට අතගහන්න..💜️

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +94

      අහ්... ඔයා බරපතල පුද්ගලයෙක්නෙ බලනකොට. 'රාමු මාමා' කොමෙන්ට් ගගහ හිටියට bullet එකක්නේ. 😊
      අපි මේ වැඩ හෙමින් කරගෙන යමු.
      ජය!
      ප.ලි. ඔබගේ රාමු මාමා කොමෙන්ට් මගේ මුවගට සිනාවක් නංවා තිබෙනවා. එම නිසා ඔබගේ වෑයම සාර්ථකයි.

    • @pradeepakrish
      @pradeepakrish 15 วันที่ผ่านมา

      ​@@Raamuwa1. ඔයාගේ channel එකේ video එකක් මුල ඉඳන් අග වෙනකන්ම බලපු පළවෙනි වතාව මේ, මට සමහරු ඔයාගේ channel එක recommend කළාට මම follow කරන්නේ නැත්තේ මේකේ තියෙන බහුතරයක් video වල content එක ගැන මගේ මතය වෙනස් නිසා... ඔයා මේ video එකේ පැයකට වැඩිය කාලයක් තිස්සේ වටින් ගොඩින් කියන්න හදන දේ මම සාරාංශ කළොත් නිකං මේ වගේ දෙයක්: "ඔව් මං පිළිගන්නවා සමරිසි හා සංක්‍රාන්තික ප්‍රජාවට ප්‍රශ්න තියෙනවා හැබැයි ඒවා ඕනෑවට වඩා උළුප්පන්න, ඉල්ලීම් ඉල්ලන්න, තියෙන සම්ප්‍රදායන් බලෙන්, කෘතිමව වෙනස් කරන්න යන්න එපා, ඒවා 'නිකම්ම ඉබේ' කවදාහරි දවසක 'ස්වභාවිකව' විසඳෙයි, ඒක හින්දා ඒ අය පාඩුවේ නිශ්ශබ්දව හිටියොත් හොඳයි එක එක සංවිධාන හදාගෙන රැලි හදලා අනවශ්‍ය විදිහේ බලපෑම් කරන්න යන්නේ නැතුව, අනික ඔයිට වඩා මේ ලෝකේ දැවෙන ප්‍රශ්න ඕනේ තරම් තියෙනවා!"..... හැබැයි ඔයාගේ මේ මතයේ ඔයාට නොපෙනෙන හෝ ඔයා කතා කරන්න කැමති නැති පැත්තක් තියෙනවා.. ඔයා කතා කරන්නේ ඇමරිකාවේ හරි වෙනත් බටහිර සංස්කෘතීන් තියෙන රටවල තියෙන දේශපාලන ප්‍රවාහයන් සහ සමාජ ගැටළු ගැනයි මූලික වශයෙන්ම.. කියන්න ඕනේ මමත් සමරිසි පුද්ගලයෙකු හා වෘත්තියෙන් මනෝ විද්‍යාඥයෙකු වශයෙන් මට මේ මාතෘකාව පෞද්ගලික ජීවිතයටත් වෘත්තීය ජීවිතයටත් වැදගත් වෙනවා.. නිතර දේශීය දැනුම් පද්ධති සහ අපේ සමාජයීය කාරණා ගැන කතා කරන ඔයා ඇයි ඔච්චර අපේ සමාජයට ආගන්තුක ඔච්චර බටහිර රටවල් වල වෙන දේවල් ගැන උදාහරණ ගැන කතා කරන්නේ?? මොකද ඕකෙන් හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දේවල් තමයි මේ සිරි ලංකාවේ මහ පොළොවේ සිද්ධ වෙන්නේ!! 'සමලිංගිකත්වය' කියන වචනයම අපේ රටේ ජන මාධ්‍ය වල කුණහරුපයක්, වාරණය කළ යුතු වචනයක් බවට පත්වෙලා, ඒ හින්දම අපිට 'සමරිසි' වගේ සැර බාල කරපු වචන පාවිච්චි කරන්න වෙලා! සමරිසිබව ගැන කතා කරන්න තියා මූලික ලිංගික අධ්‍යාපනයක් ගැන කතා කරන්න පවා අපේ රටේ බැහැ, 'හතේ අපේ පොත' (මං ඒක කියවලා බලලා කියන්නේ) වගේ ඉතාමත් ප්‍රගතිශීලී සරල පියවර ගන්න හදද්දී පවා රටේ සංඝරත්නය ඇතුළු ආගමික බමුණු කුල පාරට බැහැලා ඔයා කියන ඔය Cancel culture එක සිද්ධ කරනවා! ඒ හින්දා ඒ වගේ රටවල ඔයා කියන ජාතියේ අන්තවාදී පටු සටන්කාමී සංවිධාන එහේ කරන එකම තමයි අපේ රටේ සමරිසි, සංක්‍රාන්තික ඇතුළු සුළුතර ලිංගික ප්‍රජාවන් ඇතුළු පොදුවේ ලිංගිකත්වය පිළිබඳව සාකච්ඡාවක් කරන්න හදන අයට ඔයාලගේ ආගමික හා සංස්කෘතික බලවේගයන් කරන්නේ!! මෙහේ ඔයා කියන ඔය බටහිර රටවල වගේ සමරිසි/ සංක්‍රාන්තික චරිත ධනාත්මකව පිළිබිඹු කරන නිර්මාණ තියෙන්නේ කීයෙන් කීයද?? නමුත් ඍණාත්මක හා හාස්‍යජනක විදිහට නිරූපණය කරන ඒවා ගැන දිග ලයිස්තුවක්ම කියන්න පුළුවන්! (උදා, සිකුරු හතේ, කොස්තාපල් පුඤ්ඤසෝම, etc.) මගේ ප්‍රජාවේ අයව පව්කාරයන් විදිහට හංවඩු ගහන බණ දේශනා, ඉතාමත් පහත් ආකාරයෙන් එවන් සිද්ධි ගැන වාර්තා කරන ජඩ මාධ්‍ය (උදා: "අසම්මත පෙමක ශෝචනීය අවසානය!", "සමලිංගික විවාහ නීතිගත කරන්න පනතක්: පවුල් සංස්ථාව අනතුරේ!" වගේ විකෘති පුවත්) වැඩසටහන්, දේශපාලඥයින්ගේ විවිධ වෛරී සහගත ප්‍රකාශ උදේ හවා යන රටක අපි සද්ද නැතුව ඔයා අදහස් කරන විදිහට පාඩුවේ කවදාහරි දවසක සමාජය හොඳ විදිහට වෙනස් වෙයි වගේ ඉෂ්ට නොවෙන සිඟිති හීනයක් දැක දැක ඉන්න ඕනෙද?? ඔයා ඇමරිකාව ගැන කතා කරනවනේ, ඇමෙරිකාවේ 'බහුතරයක්' සමාජය අද මේ තියෙන තත්ත්වයට, හැමෝවම පිළිගන්න ඕනේ කියන අදහස දක්වා විකාශනය වුණේ මිනිස්සු කී දෙනෙක් දශක කිහිපයක් තිස්සෙම කරපු සමාජ හා දේශපාලන අරගලවලින් කියලා එහේ දේවල් ගැන ගොඩක් හොයන ඔයා දන්නවා ඇතිනේ?? මාර්ටින් ලූතර් කිං 1960 දශකයේ "I have a dream" කියලා කියපු සුප්‍රසිද්ධ කතාවේ ඉඳන්, Stonewall අරගලය සිට 2016 දී මුළු ජනපද 50ම සමලිංගික විවාහ නීතිගත කරපු අවස්ථාව දක්වාම සියලුම අයිතිවාසිකම් දිනාගැනීම දක්වාම ආපු නොනවතින සටන ගැන ඔයා හොඳ අධ්‍යයනයක් කළොත් ඔයාට තේරුම් යයි ඇයි ඔයා ඔය කියන පුද්ගලයන් හෝ සංවිධාන ඒ වගේ බලපෑමක් ඇති කරන්න හදන්නේ කියලා! (ඉතිරි 2 කොටස පහළින්...)

  • @chehanchamika9474
    @chehanchamika9474 ปีที่แล้ว +229

    තම සිත කය වචනය අරමුණු කරගෙන තමන්ටත් අනුන්ටත් හානියක් නොවී ජීවත් වෙලා ඉන්න පුළුවන් සමාජයක් ගොඩනඟන්න පුළුවන් නම් මං හිතන්නේ එතන තමයි අපිට යන්න පුලුවන් උතුම්ම තැන. බොහොම ස්තූතියි ඔබ තුමාට❤️

    • @sachiradal6150
      @sachiradal6150 ปีที่แล้ว +3

      කේතුමති සාමාජ මේ ලොකේ හෑදී ලාත් නෑ, හෑදේන්නේත් නෑ..

    • @sachiradal6150
      @sachiradal6150 ปีที่แล้ว +5

      @ඇත්ත තිත්තයි කේතුමති සමාජයක් කියන්නෙ ප්‍රශ්න නෑති සර්ව සම්පූර්න සමාජයක්.

    • @dakma6253
      @dakma6253 ปีที่แล้ว

      Ehema inne poddai kattaiya ,e aya tama sasarin ynne

    • @nishanbandara9820
      @nishanbandara9820 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @madurakodithuwakku-ALmaths
    @madurakodithuwakku-ALmaths ปีที่แล้ว +61

    අවුරුදු ගානක ඉදිරි මෙහෙයුමක් තනිවම දියත්කරන බව පැහැදිලියි. අනිවාරෙන්ම ලංකාවෙ මිනිස්සුගෙ චින්තන රටාව වෙනස්වේවි ඔබට අව්ශ්‍ය විදියට. උත්සහය අගය කරනව. ජය.❤️

  • @I.v607
    @I.v607 ปีที่แล้ว +190

    ජීවිතේ වැඩියෙන්ම අහන්න කැමති වචන ටික "සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමුවට”❤🔥

  • @sithumsena2465
    @sithumsena2465 ปีที่แล้ว +61

    මුල සිට අග වෙනකම් බැලුවා.මමත් ඔය කියන ලිංගික සුළුතරයට අයිති වෙන්නේ.
    අවසානයට කියලා තියෙන දෙය ගැන කිව්වොත් ඕනෙම කෙනෙක්ට තමන්ගෙ ජිවිතේ ප්‍රශ්න තියෙනවා. ඒක තව එක්කෙනෙක්ගේ මහා ලොකු ප්‍රශ්ණයක් නොවුණට ඒ අදාල individual ට ගොඩක් බලපාල තියෙන්න පුළුවන්.
    උදාහරණයක් විදිහට මම හැමදාම උදේට නැගිටලා සම්මත සමාජෙ විදිහට රග පාන්න ලොකු උත්සාහයක් ගන්නේ.හිත ඇතුලෙන් ඒකට පුදුම විදවීමක් තියෙන්නේ.කොයි වෙලේ මගේ සැබෑ මාව පොඩි චලනයකින් හරි දනගනියිද කියන බය.
    මේවාට උද්ඝෝෂනය තියලා ඉල්ලීම් දිනුවා කියලා වැඩක් තියෙනවා කියන මතයේ මම නැහැ.ඒත් අඩන්නේ නැතුව කිරි එරෙන්නේත් නැහැනේ.ලංකාවේ සමාජයේ තවම owata කොච්චර ගරහනවද,ලෙඩ්ඩු කියලා සලකනවද.

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +38

      අනිවාර්යයෙන්... සෑම ප්‍රශ්නයක්ම සාපේක්ෂයි. එතැනදී මම පෙන්වන්න හැදුවේ පුද්ගලාර්ථ ගැටළු කතා කරන ගමන්ම පොදු ගැටළු ගැනත් අපි අවධානය යොමු කල යුතුයි කියන එක ගැන.
      ඔබගේ කාරණය සබඳව සමාජය හෙමින් වෙනස් වේවි. අපි වෙනස් කරමු. ඔබට ජය!

    • @gimhanikk3134
      @gimhanikk3134 ปีที่แล้ว +10

      Sorry you have to go through this. I hope every thing turns to be good for you❤

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 ปีที่แล้ว +2

      @@Raamuwa lgbt අයට හා feminism වලට ලෝකේ ලොකුම ප්‍රතිරෝදය හා ඊට විරුද්ධව ලෝකේ ලොකුම සමාජ අර්බුද ඇති වෙලා තියන්නෙත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල. එක අදටත් එහෙමමයි . ඒ වගේම සමරිසි හා ඔය කියන විකෘති ලිංගිකත්වය මෝහන ප්‍රතිකාර තුළින් සුව කරන්න පුලුවන් බව මෝහන ප්‍රතිකාර කරන වෛද්‍ය වරු කියනවා. එවගෙන ඔප්පු කරලත් තියනවා. මෝහනය යනු මානසික රෝග සදහා ප්‍රතිකාර කරන අතුරු වෛද්‍ය ක්‍රමයක් බව who එක පිළිගෙන තිබෙනවා නිර්දේශිත කර තිබෙනවා.

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 ปีที่แล้ว

      @@ShahaniFonseka go and fly a kite

    • @pradeepakrish
      @pradeepakrish หลายเดือนก่อน

      ​@@Raamuwa1. ඔයාගේ channel එකේ video එකක් මුල ඉඳන් අග වෙනකන්ම බලපු පළවෙනි වතාව මේ, මට සමහරු ඔයාගේ channel එක recommend කළාට මම follow කරන්නේ නැත්තේ මේකේ තියෙන බහුතරයක් video වල content එක ගැන මගේ මතය වෙනස් නිසා... ඔයා මේ video එකේ පැයකට වැඩිය කාලයක් තිස්සේ වටින් ගොඩින් කියන්න හදන දේ මම සාරාංශ කළොත් නිකං මේ වගේ දෙයක්: "ඔව් මං පිළිගන්නවා සමරිසි හා සංක්‍රාන්තික ප්‍රජාවට ප්‍රශ්න තියෙනවා හැබැයි ඒවා ඕනෑවට වඩා උළුප්පන්න, ඉල්ලීම් ඉල්ලන්න, තියෙන සම්ප්‍රදායන් බලෙන්, කෘතිමව වෙනස් කරන්න යන්න එපා, ඒවා 'නිකම්ම ඉබේ' කවදාහරි දවසක 'ස්වභාවිකව' විසඳෙයි, ඒක හින්දා ඒ අය පාඩුවේ නිශ්ශබ්දව හිටියොත් හොඳයි එක එක සංවිධාන හදාගෙන රැලි හදලා අනවශ්‍ය විදිහේ බලපෑම් කරන්න යන්නේ නැතුව, අනික ඔයිට වඩා මේ ලෝකේ දැවෙන ප්‍රශ්න ඕනේ තරම් තියෙනවා!"..... හැබැයි ඔයාගේ මේ මතයේ ඔයාට නොපෙනෙන හෝ ඔයා කතා කරන්න කැමති නැති පැත්තක් තියෙනවා.. ඔයා කතා කරන්නේ ඇමරිකාවේ හරි වෙනත් බටහිර සංස්කෘතීන් තියෙන රටවල තියෙන දේශපාලන ප්‍රවාහයන් සහ සමාජ ගැටළු ගැනයි මූලික වශයෙන්ම.. කියන්න ඕනේ මමත් සමරිසි පුද්ගලයෙකු හා වෘත්තියෙන් මනෝ විද්‍යාඥයෙකු වශයෙන් මට මේ මාතෘකාව පෞද්ගලික ජීවිතයටත් වෘත්තීය ජීවිතයටත් වැදගත් වෙනවා.. නිතර දේශීය දැනුම් පද්ධති සහ අපේ සමාජයීය කාරණා ගැන කතා කරන ඔයා ඇයි ඔච්චර අපේ සමාජයට ආගන්තුක ඔච්චර බටහිර රටවල් වල වෙන දේවල් ගැන උදාහරණ ගැන කතා කරන්නේ?? මොකද ඕකෙන් හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දේවල් තමයි මේ සිරි ලංකාවේ මහ පොළොවේ සිද්ධ වෙන්නේ!! 'සමලිංගිකත්වය' කියන වචනයම අපේ රටේ ජන මාධ්‍ය වල කුණහරුපයක්, වාරණය කළ යුතු වචනයක් බවට පත්වෙලා, ඒ හින්දම අපිට 'සමරිසි' වගේ සැර බාල කරපු වචන පාවිච්චි කරන්න වෙලා! සමරිසිබව ගැන කතා කරන්න තියා මූලික ලිංගික අධ්‍යාපනයක් ගැන කතා කරන්න පවා අපේ රටේ බැහැ, 'හතේ අපේ පොත' (මං ඒක කියවලා බලලා කියන්නේ) වගේ ඉතාමත් ප්‍රගතිශීලී සරල පියවර ගන්න හදද්දී පවා රටේ සංඝරත්නය ඇතුළු ආගමික බමුණු කුල පාරට බැහැලා ඔයා කියන ඔය Cancel culture එක සිද්ධ කරනවා! ඒ හින්දා ඒ වගේ රටවල ඔයා කියන ජාතියේ අන්තවාදී පටු සටන්කාමී සංවිධාන එහේ කරන එකම තමයි අපේ රටේ සමරිසි, සංක්‍රාන්තික ඇතුළු සුළුතර ලිංගික ප්‍රජාවන් ඇතුළු පොදුවේ ලිංගිකත්වය පිළිබඳව සාකච්ඡාවක් කරන්න හදන අයට ඔයාලගේ ආගමික හා සංස්කෘතික බලවේගයන් කරන්නේ!! මෙහේ ඔයා කියන ඔය බටහිර රටවල වගේ සමරිසි/ සංක්‍රාන්තික චරිත ධනාත්මකව පිළිබිඹු කරන නිර්මාණ තියෙන්නේ කීයෙන් කීයද?? නමුත් ඍණාත්මක හා හාස්‍යජනක විදිහට නිරූපණය කරන ඒවා ගැන දිග ලයිස්තුවක්ම කියන්න පුළුවන්! (උදා, සිකුරු හතේ, කොස්තාපල් පුඤ්ඤසෝම, etc.) මගේ ප්‍රජාවේ අයව පව්කාරයන් විදිහට හංවඩු ගහන බණ දේශනා, ඉතාමත් පහත් ආකාරයෙන් එවන් සිද්ධි ගැන වාර්තා කරන ජඩ මාධ්‍ය (උදා: "අසම්මත පෙමක ශෝචනීය අවසානය!", "සමලිංගික විවාහ නීතිගත කරන්න පනතක්: පවුල් සංස්ථාව අනතුරේ!" වගේ විකෘති පුවත්) වැඩසටහන්, දේශපාලඥයින්ගේ විවිධ වෛරී සහගත ප්‍රකාශ උදේ හවා යන රටක අපි සද්ද නැතුව ඔයා අදහස් කරන විදිහට පාඩුවේ කවදාහරි දවසක සමාජය හොඳ විදිහට වෙනස් වෙයි වගේ ඉෂ්ට නොවෙන සිඟිති හීනයක් දැක දැක ඉන්න ඕනෙද?? ඔයා ඇමරිකාව ගැන කතා කරනවනේ, ඇමෙරිකාවේ 'බහුතරයක්' සමාජය අද මේ තියෙන තත්ත්වයට, හැමෝවම පිළිගන්න ඕනේ කියන අදහස දක්වා විකාශනය වුණේ මිනිස්සු කී දෙනෙක් දශක කිහිපයක් තිස්සෙම කරපු සමාජ හා දේශපාලන අරගලවලින් කියලා එහේ දේවල් ගැන ගොඩක් හොයන ඔයා දන්නවා ඇතිනේ?? මාර්ටින් ලූතර් කිං 1960 දශකයේ "I have a dream" කියලා කියපු සුප්‍රසිද්ධ කතාවේ ඉඳන්, Stonewall අරගලය සිට 2016 දී මුළු ජනපද 50ම සමලිංගික විවාහ නීතිගත කරපු අවස්ථාව දක්වාම සියලුම අයිතිවාසිකම් දිනාගැනීම දක්වාම ආපු නොනවතින සටන ගැන ඔයා හොඳ අධ්‍යයනයක් කළොත් ඔයාට තේරුම් යයි ඇයි ඔයා ඔය කියන පුද්ගලයන් හෝ සංවිධාන ඒ වගේ බලපෑමක් ඇති කරන්න හදන්නේ කියලා!

  • @nayaneehansika8565
    @nayaneehansika8565 ปีที่แล้ว +21

    අන්තිම ටික බලනකොට දෙයක් මතක් උනා.. මේ දවස් වල ලංකාවෙ ගින්දර වගේ ඇවිලෙන දෙයක්. " ලයයෙක් වඩාගන හිටපු කෙනාට සීට් එකක් නොදුන්න එක"
    ඉස්සර නම් කොට්ටපොල් public transport එකේ යනකොට අනිවාරෙන් සීට් එකක් හම්බෙනව. එහෙම සීට් එක දුන්නෙ මිනිස්සුන්ගෙ සහකම්පනය නිසා.. එහෙම.නැතුව නීතියක් නියමයක් නිසා නෙමේ..
    ඒත් දැං වෙනස්.. දුර ගමන් බස් ,train වල සීට් book කරන්න පුලුවං.. online book කරගන්නත් පුලුවං. ඒක හැමෝම වගේ දන්න දෙයක්.. නොදන්න සුලුතරයක් ඉන්න පුලුවං. ඉතිං පැය හත අටක දුර ගමනක් යනකොට ගමන plan නොකර හිතුන ගමන් ඇඳපැලඳගන train එකට එන සම්බාවිතාව ගොඩක් අඩුයි. තමන්ගේ ගමන් පහසුව සලසාගන්න හොඳටම අවස්ථාව තියෙද්දිත් එහෙම නොකර ඒ අවශ්‍යතාව වෙන කෙනෙක්ගෙ පිට පටවන එක හොඳ නෑ නේද.. එහෙම ඇවිත් කාටවත් අපහසු නොවන විදිහට මුදල් කාලය වැයකරල සීට් එකක් book කරපු කෙනෙක්ට බලපෑම් කරන එක සාදාරණද. බලෙන් සීට් එක දෙන්න කියන එක සාදාරණද..
    සුහදව කතා කරල සීට් එක හුවමාරු කරගන ගමන යන්න මනස හදාගන්න පුලුවන් නම් වටිනව.
    ලංකාවෙ මිනිස්සුන්ගෙ හැමදාම දකින් දෙයක්. ගොඩක් අය හිතන් ඉන්නව තමන්ට අනිත් අය සලකන්න ඕන කියල. ඒක අනිවාර්‍යයි කියල. නියමයක් කියල..
    ඒත් මේ සමාජෙ කවුරුත් කාටවත් උදව් කරන්න, පිහිටවෙන්න, කැපකිරීම්
    කරන්න බැඳිල නෑ..
    තමන්ගෙ අවශ්‍යතාව අනිත් මිනිස්සුන්ගෙ පිට තියන්න යනකොට මෙච්චර කල් "අනේ පව්" කියල උදව් කරපු මිනිස්සු " මොන වදයක්ද මේ" කියල හිතිල අහක බලනව. ඒක එයාලගෙ වරද නෙමේ කියලයි මට හිතෙන්නෙ..

  • @Cine_matics
    @Cine_matics ปีที่แล้ว +22

    මිනිස්සුන්ගෙ කැමැත්තට ගරු කරන එකට බොහෝ අය මැලි වුනත් පොඩි පිරිසක් හරි මේක සොබාදහමේම කොටසක් කියල තේරුම් අරන් ඉන්න එක සතුටුයි......"අපිට මොකද එයාල මොනව කරත් , කොහොම හිටියත් ?? " ....... හැමෝම අන්න ඒ තැනට ආවනම් මිනිස්සු මීට වඩා සරල වෙයි .......ඉතින් මේ වගේ වැඩසටහනකින් නොදැනුවත් අයට මිනිසුන්ව තේරුම් ගෙන ජීවත් වීමෙ වටිනාකම කියල දෙන එක ගොඩක් වටිනව ...... 💯☺️

  • @ish12213
    @ish12213 ปีที่แล้ว +47

    තමන්ටත් අනුන්ටත් පරිසරයටත් හානියක් නොවී සතුටින් ජීවත් වෙන්න පුලුවන් නම් ඒක තමයි වටිනම දේ ❤

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +7

    ඉස්කෝලේ යන කාලේ ඉදන් අද වෙනකල් අහපු දේවල්.. කිසි කෙනෙක්....මෙහෙම පතුලට ගිහින් විශ්ලේශනය කරලා නැහැ....දවසක් අපේ විද්‍යා සර් ගෙන් ඇහුවා කොහොමද දරුවෙක් බඩේ දීම කෙල්ලක් හෝ කොල්ලෙක් වෙන්නේ කියලා...පිලිතුරු 1යි ලැබුනේ...."වර්නදේහ අනුව"කීවා එච්චරයි.....අද ඊට වඩා 1000 ගුනයක දැනුමක් ලැබුනා.......රංදික මහතාට ගොඩක් ස්තුතිය........

  • @SecretTraveller
    @SecretTraveller ปีที่แล้ว +24

    දැන් ඉතින් තියෙන ඔක්කොම වැඩ නවතලා video එක බලන්න ගත්ත මං.වැස්ස වෙලාවක රාමුවේ video එකක් බලනවා කියන්නෙත් පොතක් කියවනවා වගෙ මාර හැඟීමක් ♥️

  • @piumindashehara9154
    @piumindashehara9154 ปีที่แล้ว +48

    මේ වැඩසටහන වගේම හැමදාමත් වගේ රාමුවෙන් පිට දකින්න, දත්ත මත පදනම්ව මද්‍යස්තව හිතන්න පුරුදු කරන ඔබතුමාට හදවතින්ම ගෞරව කරනවා වගේම සුබපතනවා...♥️

  • @SLVishwaEdits
    @SLVishwaEdits ปีที่แล้ว +13

    අවසාන‍ෙට ගහන clap එකට හරි ආදර‍ෙයි sir❤මොකද කිවුවොත් අවසානෙට මනෝපාරක් ගහද්දි එකපාරටම ඒක වැදුනහම මනස කලබලා ගිහින් sir ගේ මූන දිහා බැලෙනවා ‍‍😊

  • @poojaneeanuradha7595
    @poojaneeanuradha7595 ปีที่แล้ว +6

    කතා කරන්නම ඕනෙ කියල හිතුනු එකක් කතාකරේ. මටනම් හිතෙන්නෙ මොන මතය දැරුවත්, සම්ප්‍රදායික හෝ නූතනවාදී වුනත් ගොඩක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය තමන් කරන දේවල් සමහරවිට තමන්ට කරන්න බැරි දේවල් පවා අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන එක. එක්කෝ තමන් කරපු නිසා අනිත් අයත් එහෙම කරන්න ඕන වගේ අදහස් දරන එක තමයි මේ සමාජයේ ගොඩක් ගැටළු වලට හේතුව. මම මගේ පවුල ඇතුලේ සහ සමාජයේ මේක ගොඩක් දකිනවා. ප්‍රශ්න වලට එකම හේතුවත් මේක සමහර වෙලාවට. මම ස්වාමියාට දෙවියෙකුට මෙන් සලකන නිසා අනිත් අයත් එසේ කළ යුතුයි. මම දරුවන් හදන ආකාරයට අනිත් අයත් දරුවන් හැදිය යුතුයි. මම අඳින පළඳින ආකාරයට අනෙකුත් අයත් ඇඳුම් ඇඳිය යුතුයි කියලා බහුතරයක් අය හිතන්නේ. සමහර අය එවැනි අයව අපහසුතාවයට පත්වෙන විදියට පවා හැසිරෙනවා. මනුස්සයෙක් වශයෙන් තමාට හෝ අනිත් අයට කරදර නොවෙන ආකාරයට හැසිරෙන තාක්කල් අනිත් මිනිස්සුන්ගේ වෙනස්කම් වලට ගරු කරන්න තරම් පරිණත බවක් හැම කෙනා ළඟම තියෙනවානම්, තිබුණානම් ගොඩක් ප්‍රශ්න අද නැතිවෙන්න ඉඩ තිබෙනවා.

  • @shalinkavinda
    @shalinkavinda ปีที่แล้ว +8

    කෙනෙක්ට ගොඩ එන්න පුලුවන් මාත්‍රෘකා කතා කරමුකො.
    1) Goal 1ක් achieve කරන්න mindset එක තියා ගන්න විදිය
    2) අඩු කාලෙකින් වැඩි දෙයක් ඉගෙන ගන්න විදිය
    Etc...

    • @sithumsena2465
      @sithumsena2465 ปีที่แล้ว

      අතික්‍රමණ පාඨමාලාවේ කරන්නේ ඒව

  • @Withanagehub
    @Withanagehub ปีที่แล้ว +380

    නොවිසඳුණු අභිරහස් ගැන පලමුවෙනිම video එකෙන් පස්සෙ කතාකරේම නැති තරම්.💙

    • @anuperera3880
      @anuperera3880 ปีที่แล้ว +11

      ඔව් බන්.. Dyatlo දුර්ගයේ අබිරහස වගේ 😢😢😢

    • @Hirusha_
      @Hirusha_ ปีที่แล้ว +11

      මේ සිරා කතාව ඕයි

    • @Withanagehub
      @Withanagehub ปีที่แล้ว +8

      @@Hirusha_ 😥

    • @kaiyasjourney
      @kaiyasjourney ปีที่แล้ว +7

      සිරාවට ඒ වගේ තව එකක් ගේන්න කිව්වනම් හරිනේ 😊

    • @gen_z_nation-2023
      @gen_z_nation-2023 ปีที่แล้ว +7

      Ow අබිරහස් gana vedio ekak one

  • @kasungamage11
    @kasungamage11 ปีที่แล้ว +3

    වටිනා අදහස් 🔥👍
    ඔය කතන්දර ඔක්කොම ඇතුලේ තියෙන මූලික හේතුව විදියට මම නම් දකින්නේ මිනිසාගේ නොසන්සිදුනු අසීමිත ආශාවන්. පිරිමියෙක්ට බෑ එක් ගැහැණියකගෙන් තෘප්තිමත් වෙන්න. අනික් පැත්තත් එහෙමයි. Biological need කියන කතාවට මට නම් 100%ක් එකග වෙන්න බෑ. හේතුව තමා මම දැකලා තියෙනවා opposite gender relationships තිබ්බ අය පසුකාලීනව ශරීරයේ කිසිම වෙනසක් නැතුව සමලිංගික ඇසුරට යාම. ඒක මම නම් දකින්නේ මිනිසාගේ biological need එකකට වඩා, මිනිසාගේ සිත තුල පවතින නොසන්සිදුනු අසීමිත ආශාවන්....
    මේකට එකම විසදුම ලෙස මම නම් දකින්නේ ආධය්‍යාත්මික වීම පමණයි. මගේ අත්දැකීම් අනූව ඒකට ලේසිම ක්‍රමය අනපේක්ෂිත දෙයක් සිදු වූ මොහොතක ලැබෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හෝ දින 10 ක භාවනාව. ඔය දෙකේදිම වෙන්නේ දුවමින් හිටපු මනුස්සයෙක් එක පාරට නවතිනවා වගේ පියවි සිහියට පත් වීමක් (ඒක එක පාරට හැමෝටම එහෙම වෙයි කියන්න බෑ). උපාදාන පච්චයා වේදනා. උපාදානය සියුම් වෙද්දී ඒ වෙනුවෙන් ඇතිවන ඇලීම හෝ ගැටීම අඩු වෙනවා. අන්න එතන්ට යමෙක් ආවොත් ඔහු මුලින්ම බලන්නේ "මම මොනාද මේ කරන්නේ" කියලා. අනුන් ගැන නෙවේ තමන් ගැනමයි බලන්නේ. එවැනි කෙනෙකුගෙන් ඔය කියපු විදියේ කිසිම හානියක් වෙන්න බෑ. ඒකයි විදර්ශනාව වඩන උතුමෙක් ශ්‍රේෂ්ඨ වෙනවා ඇත්තේ....
    බලන්න....එක දෙයකින් සියලු ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා. විවිධ තැන් වල මම දැකලා තියෙනවා සමජයේ විවිධ ප්‍රශ්ණ වලට ඉහල පුටුවල ඉන්න මිනිසුන් විවිධාකාරයේ තීරණ ගන්නවා (ලංකාවේ පමණක් නෙවේ). නමුත් ඒ ගොඩක් ඒවා fail, එහෙමත් නැත්තම් ඒ විසදුමෙන් අර ප්‍රශ්නය විසදුනාට, අර විසදුම නිසා අලුත් ප්‍රශ්න රැසක් ආරම්භ වෙනවා.
    එකින් එක ප්‍රශ්නය විසදනවා වෙනුවට මිනිසාගේ මනස ඉහල තලයකට ගෙන යන ආධය්‍යාත්මික වැඩපිලිවෙලක් යම් රටක ඇති කරන්න පුළුවන්නම් ඒ වගේ රටක් ලෝකයේ ලස්සනම මිනිසුන් ඉන්න රටක් වෙයි කියන එක මට නම් අම්බානක sure. හැබැයි ඒක මුලින් බලෙන් කරන්න වෙයි. එහෙම බලන් කරද්දී human rights කතන්දර ගොඩාක් එයි. නමුත් ඒකේ පසුකාලිනව ලැබෙන impact එක හිතාගන්නවත් බැරි තරම් සුන්දර වේවි.
    නමුත් මේවා තාමත් සැබෑ නොවන සුන්දර හීනම පමණයි වගෙත් හිතෙනවා ලංකාව ඇතුලු ලෝකය පුරා වෙන දේවල් දකිද්දී....
    ඔබට ජය 🔥🙏

  • @Oliver5512x
    @Oliver5512x ปีที่แล้ว +13

    Raamuwa නාලිකාවට දීර්ඝ කාලීනව සවන් දීම තුලින් පාසලෙන් ලබාදෙන සිංහල රචනා ආදිය වෙනදාට වඩා රසවත්ව ඒ වගේම හරවත්ව සම්පූර්ණ ලකුණ හෝ ආසන්න ලකුණක් ලැබෙන පරිදි ලිවීමට පාසල් ශිෂ්‍යයෙක් වන මා හට හැකිවිය.
    ඔබතුමාට ගොඩක් ස්තුතියි! 🙂

  • @rukshansalgado8913
    @rukshansalgado8913 5 หลายเดือนก่อน +9

    මේ වටින වීඩියෝ එකෙන් මම,මගේ ජීවිතේට ගොඩක් වටින දෙයක් ඉගෙන ගත්තා.ඒ තමයි මගේ පවුලේ එදිනෙදා වැඩ රාජකාරීන් වලදී මගේ බිරිදට මම මීට වඩා සහය දැක්විය යුතු බව.
    මමත් මගේ ආදරනීය බිරිදත් තවත් ආදරෙන් ලං කරන්නට,ඇයගේ පවුල තුල රාජකාරීන් වලදි ඇයට සහය දක්වන්නට දුන් උතුම් උපදෙස් ටිකට ගොඩක් ස්තූතියි රන්දිකයානෙනි!

  • @hassyefernando736
    @hassyefernando736 ปีที่แล้ว +267

    පොඩි කාලෙ කන්ඩ ආසම ලෙමන්පෆ් අකමැතිම ක්‍රීම් කැකර් දැන් ආසම ක්‍රීම් කැකර් අකමැතිම ලෙමන්පෆ්

    • @youaremyverycutegirlfriend3679
      @youaremyverycutegirlfriend3679 ปีที่แล้ว +6

      ☺️

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +227

      පරිණිත වෙනකොට නීරසයි වගේ දැනුනු දේවල් වල ගැඹුරු, ඒත් සියුම් රස අපි හොයා ගන්නවා. ජය!

    • @pasindukarunathilaka1550
      @pasindukarunathilaka1550 ปีที่แล้ว +11

      මේක ඇත්ත😂😂

    • @chandimalpeiris8767
      @chandimalpeiris8767 ปีที่แล้ว +8

      නෑ තාම ක්‍රීම් කැකර්😂😂

    • @ruchithsandeepa3630
      @ruchithsandeepa3630 ปีที่แล้ว +6

      ​@@Raamuwa අනිවාර්යයෙන් සර්🎉

  • @sahanrajitha2837
    @sahanrajitha2837 ปีที่แล้ว +3

    මේ වගේ සංවේදී මාතෘකා ගැන ගැබුරු වැඩසටහන් ගේන එක පට්ට අයියේ. මොකද ලාංකීය සන්දර්භය ඇතුලෙ ඒ සංවේදි දේවල් කතා කරනවා ගොඩාක් අඩුයි. ඒම කත කලත් අයියා වගෙ මධ්‍යස්තව කරනවා අඩුයි. ගොඩක් අය මේව කතා කරන්නෙ අන්තගාමී වෙලානෙ. කෝම හරි අයියට ජය 😘

  • @has2836
    @has2836 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් සතුටුයි අද දවස ඇතුළත කලින් දැනගෙන හිටියත් වැඩි අවබෝධයක් නො තිබුණ දේවල් ගොඩක් ගැන මධ්‍යස්ථ තැනක ඉඳන් හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන් වෙච්ච එක ගැන🙂 සමාජය වෙනුවෙන් කරන මේ සේවයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා රාමුව නාලිකාවට.♥️♥️♥️

  • @inokamandawala8081
    @inokamandawala8081 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබ තුමා කියන අදහස සම්පුර්ණ ම සත්‍යක්.වාසනාවකට මගේ ගෙදර ගැහැණු පිරිමි බේදයක් නෑ. මගේ පියා සම්පුර්ණ ගෙදර ගෘහනියගේ භූමිකාව කරනවා. මම පිරිම් කරන වැඩ කියන ගැහැණියකටත් කරන්න පුළුවන් බොහොම දේවල් කරනවා. අපේ ගෙදර බේදයක් නෑ. ඔබ තුමාගේ වැඩ සටහනින් මගේ ලෝකය තවත් පුළුල් උනා. පවුලේ දියුණු වට සමගියට මේ දැක්ක බොහොම වැදගත්.❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinukionethra
    @vinukionethra ปีที่แล้ว +30

    හිතුවට වඩා සංකීර්ණ ලෙස මේ මාතෘකාව මානව සමාජයට බලපෑම් ඇති කරන බවනම් පැහැදිලිවම පැහැදිලි විය.ස්තූතියි ඔබතුමාට හැමදාමත් වගේ ඉතාමත් මද්‍යස්ථව කරුණු පෙන්වා දීම ගැන ❤️👏❤️

  • @manushajayawardhana5715
    @manushajayawardhana5715 ปีที่แล้ว +33

    58:30 මන් lgbtq සිද්දියට අකමැති නැ මැද තැනක ඉන්නෙ ,එත් ඒදෙ වදයක් වෙන සිද්දියක් තමා හොද නිර්මාණ විනාශ වෙන මට්ටමටම ඔව්වා ඔබන එක

  • @loshithasahan7164
    @loshithasahan7164 ปีที่แล้ว +51

    Stoicism, Taoism, Cynicism, Nihilism වැනි දාර්ශනික මතවාද පිළිබදව ඔබතුමාගේ කියවීම දැනගැනීමට කැමතියි.....❣

  • @minidumj
    @minidumj ปีที่แล้ว +11

    මේවගේ ලෝකෙ තියෙන දේවල් අපෙ ලංකාවට වැරදි වැටහීම් වලින් එන්න කලින් කාලීන ගැටලු/මාතෘකා කතා කරන එක ගොඩක් වටිනව❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +40

    සති 2කට පස්සේ අද නේද දවස කියල හිත හිත ඉද්දි ආව ගමන්ම ආව ඉතා වටිනා මාතෘකාවක් අදත් ☺ ජයවෙවා රාමුව 🤗

  • @SLvishwa9999
    @SLvishwa9999 หลายเดือนก่อน +1

    රාමුව කියන්නෙ ආයිත් ඉතින් සුපිරියක් තමයි තමන්ගෙ දැනුම මේ විදියට අනිත් අය එක්ක බෙදා ගන එක කොච්චර උනත් පැයක් මේක දිහා බලන් ඉන්න එපා උනාට ඔබතුමා ආසාවෙන් උනන්දුවෙන් හික්මීමෙන් ඒ පැහැදිලි කිරීම් පිලිවෙලකට හරි අපූරුවට කරනවා හරිම වැදගත් නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා❤

  • @dylanliyanage
    @dylanliyanage ปีที่แล้ว +18

    Bro, you did one of the highly important topics in 2023.
    Very simple:
    No one ( male of female never involved with any relationships by force because of their family or relatives)
    be who you are and find the right one who you are happy and comfortable with.
    if not, do not marry until you find right partner.
    if not, there will be so many back clashes in the family life that may end up in divorce and which may cause to your mental health.

  • @dinilcreations8486
    @dinilcreations8486 ปีที่แล้ว +30

    personality types(Introvert,Extrovert) ගැන episode එකක් ඕන.

  • @dewminavodya6223
    @dewminavodya6223 ปีที่แล้ว +40

    Episode එක නම් නියමයි👌අමතක නොකර "මේ පොතේ සුවද නොබලා මැරෙන්න එපා"video series එකත් කරන්න...

  • @raveenamadhuwanthi5441
    @raveenamadhuwanthi5441 ปีที่แล้ว +9

    නිහතමානී , ගෞරවනීය , උතුම් , බුද්දිමත් , පින්වන්ත ,...............ගුරුවරයෙක් ❤🌷

  • @Brayanvlog568
    @Brayanvlog568 ปีที่แล้ว +4

    අයියා කියන්න තියෙන්නේ මෙච්චරයි මට මගේ ජිවිතයට,ඔයා ඔය දෙන දැනුම මාර වටිනවා.thank you❤

  • @mr.solution3032
    @mr.solution3032 ปีที่แล้ว +59

    මහායාන බුදු දහමේ ආරම්භය හරය ගැන වැඩ සටහනක් කරන්න පුලුවන්නම් ඉතාමත් වටිනව.👍🙏

    • @sandaruikodi
      @sandaruikodi ปีที่แล้ว +2

      අනිවාරෙන්ම ...රන්දික අයියෙ පුළුවන් නන් දවසක කරන්න

  • @Illuminate.
    @Illuminate. ปีที่แล้ว +20

    පුරාණ අධි තාක්ෂණික ගෝලීය ශිෂ්ටාචාර part 2 ඕන අනේ 😢❤❤❤

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +5

    3වෙනි comment එක ගොඩක් කාලෙකින් සම්පුර්ණ වීඩියෝව 2පාරට බැලුවා.ලංකාවෙ ඉද්දී බැලුවට පස්සේ. පටන් ගත්තදා වගේම අදත් ඒ කතා විලාශය, සිනාව,වචන හැසිරවීම,හරිම සිත්ගන්නා සුලුයි....සුලු නැඃ....නියමයි.....සම බරයි කාලීනයි ලෝකෙ ගැන මට හොයන්න වෙලාවක් නෑ හොයන කෙනෙක් කියන දෙයක් අහන එක හොදයි.....බස හැසිරවීම විශිෂ්ටයි මොකද ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම ගොඩක් අය දන්නේ නෑ....ඔබ තුමා දෙකම එක විදිහට දන්නා කෙනෙක්.....මොලයට,දැනුමට බුද්දියට අලුත් දෙයක් එක්කරන්න තියෙනේ බොහොම අඩු චැනල් ප්‍රමානයක් විතරයි.....එකක් රාමුව...........ජය වේවා.....රංදික මහතා.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shihandakshina4723
    @shihandakshina4723 ปีที่แล้ว +42

    මේ වගේ කාලීන සමාජ සංවාදයක ඇත්ත යතාර්ථය වටහා දුන්නාට බොහොම ස්තූතිය.මොකද මානව සබඳතා කියන දේ මේ වෙනකොට බෝහෝ සේ ඈත්වෙමින් යන යුගයක්.කොහොම උනත් රාමුවට ජයවේවා ❤

  • @slanimereviews
    @slanimereviews ปีที่แล้ว +3

    ඇත්තටම මගේ මනස තුලම තිබුණු කලු සුදු අදහස් ගොඩක් කුඩු පට්ටම් කරල දාල මධ්‍යස්ථව හිතන්න හුරු කරපු තැනක් තමයි රාමුව. ලංකාවට තව මේ වගේ දේවල් ඕනෙ. 💓

  • @walteredwards9432
    @walteredwards9432 ปีที่แล้ว +4

    සුන්දර දැඩසටහනක් මම අගය කරනවා. ඔබ කියපු ඒ පරන බිස්කට් රස මට තවම මතකයි. ඒ විතරක්ද අලියා බීම. ඔරෙන්ජ් බාර්ලි හරිම රසයි.
    ජයවේවා !

  • @janjarikumari629
    @janjarikumari629 ปีที่แล้ว +14

    වැදගත් කරුණු ටිකක් . කවුරුත් තේරුම් නොකල විදිහට සමාජගත කිරීමට ගත් උත්සාහය සාර්ථකයි ! ජයවේවා !

  • @farhanvahid4563
    @farhanvahid4563 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් ස්තූතියි . මේ වගේ සංවේදී මාතෘකාවක් පුළුල් විදිහට කතා කරාට... මම සම්පූර්ණ වැඩසටහන ම ඇහුවා . මමත් ඔය ලිංගික සුළුතරයට අයිති කෙනෙක් . මම මගේ ඇත්ත මේ සමාජයෙන් වහගෙන ජීවත් වෙන්න මහන්සි වෙන කෙනෙක් ඒක ඇත්තටම හරි මහන්සියක් . මොකද තමන් දන්නව තමන් ගත කරන්නෙ හිතට එකග ජීවිතය නෙවෙයි කියලා .
    ඒ ජීවිතයට මේ සංවාදයේ උදාහරණ හරි හයියක් ගොඩක් ස්තූතියි . මොකද මම දන්නවා මම කොච්චර අමාරුවෙන්ද මගෙ හිත ධනාත්මක කරගන්න මහන්සි වෙන්නෙ කියලා . හිතට එකගවම සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා . සුබ අනාගතයක් සහෝදරයට 🐾️.

  • @trinitrotoluene4172
    @trinitrotoluene4172 ปีที่แล้ว +8

    ඉතාම මධ්‍යස්ථ විග්‍රහයක්. නියමයි 👌 රන්දික සහෝදරයා!

  • @roshanpremakumara4383
    @roshanpremakumara4383 ปีที่แล้ว +3

    ඇත්තෙන්න හොද විස්තරයක් දුන්නා. ඒත් එක්කම දැන් කාලේ සම ලිංගික සම්බන්දතා ගොඩාක් වෙලාවට සාමාන්‍ය දෙයක් විදිහට social media ඔස්සේ ගෙනලා පෙන්නනවා. ඒ අතර සාමාන්‍ය විවාහ සම්භන්දතාවල ගැටීම් ප්‍රශ්න සාමාන්‍ය දෙයක් විදිහට පෙන්නනවා. මේ දේවල් කෙනෙක් හොද විදිහට ත් කෙනෙක් නරක විදිහටත් ගන්න පුලුවන් . ඒ දේවල් අපේ බාල පරම්පරාව කොහොම බාරගනීද කියන එකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ විවාහය කියන්නේ හරි කරදරයක් විරුද්ද ලිංගිකයන් කියන්නෙ කරදරය වගේ දේවල්. ලංකාවෙ කාලයක් ඉන්දියන් ටෙලි ගෙනල්ලා අමුතුම සංස්කෘතියක් හැදුවා ඒවගේ ප්‍රතිපල ගොඩාක් දැන් තියෙනවා. ඉදිරියට සමාජයෙන්ම බලාගන්න පුලුවන් වෙයි මේ දේවල් වල ප්‍රතිපල. ඔබ තුමාට ස්තුතියි ❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +12

    නියමයි රන්දික අය්යේ.. වෙනදා වගේම වටින හරබර මාතෘකාවක්... 😀 දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා... ජීවිතේටත් සමහර තැන් දිහා සාම්ප්‍රදායික කෝනෙන්ම බලන්නේ නැතුව මේ වගේ ඇස් ඇරෙන video කරන ගොඩක් වටිනවා. ඒ හැම එකටම ස්තූතියි 😊

  • @pasinduthejaka8329
    @pasinduthejaka8329 9 หลายเดือนก่อน +2

    I'm just 15 years old n dis is the most uncommon n best video I've ever seen regarding this topic. I've been watching u since there was only 100k subscribers n u r one of best TH-cam content creators I've ever seen in my life. Gl Randika uncle n we r waiting 4 more good stuff. Cupiri waddek 🗿🔥

    • @Raamuwa
      @Raamuwa  9 หลายเดือนก่อน +2

      Thanks mate!

  • @iidentifyasaa-10warthogbrr10
    @iidentifyasaa-10warthogbrr10 ปีที่แล้ว +42

    Video එක බැලුවේ නෑ තාම. ඒත් මේ topic එක ගැන දැනට අවුරුදු 5,6 ක ඉඳන් හොයල meter එකේ ඉන්න කෙනෙක්. ලංකාවෙන් එලියේ politics ගැන අවදානය යොමු කරන ඕන කෙනෙක්ට මේවා අලුත් මාතෘකා නෙවෙයි. මගේ දැනුම සහ අත්දැකීම් අනුව (හොයල බලපු, දැකපු, මිනිස්සු එක්ක කතා කරල ගත්ත) මේවට මේ කාලේ ලොකු spot light එකක් වැටිලා තියෙන්නේ political agenda එකක් නිසා. ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය වලින් මේ දේවල් ගොඩක් promote කරනව. යම් යම් මානසික ලෙඩ වලින් පෙලෙන අය මුල ඉඳන් හිටියත් මෙච්චර මේ දේවල් වලට අනුගත අය දැන් ඉන්නවා කියල පේන්නේ මෙක දැන් trend එකක් වෙලා නිසා. Traditional conservative mindset එකක් තියන බහුතරයක් හිටියත් උන් මේවා ගැන හඬක් නැගන්නෙ නෑ. ඒත් left leaning mindset එකක් තියන radical ගණයට අයත් සුළුතරය ගේ සද්දේ නිසා මේවට අවදානය එනව වැඩියි. මේ දේවල් වලට අලුත් පරම්පරාව brainwashed කරන්න ලොකු ලොකු උදවිය පට්ට ගේමක් දෙනව. Netflix ඇතුලු streaming service, movie studios උන්ගේ products වලට දැන් අනිවාර්යයෙන් මේවා දාන්නේ ඒකයි. ඒවා කොච්චර අසාර්ථක උනත්, සාමාන්‍ය මිනිස්සු ඒවා ප්‍රතික්ෂේප කලත් උන් ඒ දේම කරන්නේ ඒ හේතුව නිසා.
    පොඩි උන්ටත් school වල ඕවා කියල දෙන්න ගිහිං ඔය "community" එකේ අය අනාගත්තා. අර හතේ අපේ පොත වගේ සීන් එකක් එහෙත් ගියා මේ මෑතකදි.
    අලුත් ම theory ඒකට අනුව ගෑනු සහ පිරිමින්ට අමතර තව අය ඉන්නවලු. පිරිමින්ට pregnant වෙන්න පුළුවන් ලු. ඒවා එහෙම නෙවෙයි කිව්වොත් ඌ තමා වැරදි කාරයා. දැන් පිරිමින් women sports වල dominate කරනව. පව් ඒ ගෑනු. ගෑනු අයට තියන තැන ටික ටික නැති වේගෙන එන්නේ. What is a women කියන සරල ප්‍රශ්නෙ ට උත්තරයක් දෙන්න බැරි පිරිසක් සමාජ බහුතරේට නීති රීති දාන්න පුලුවන් තැනට ඇවිත්. ගොඩක් ම දුක feminist ලත් ඒකට උදව් කරන ඒකට.
    Sexuality එක ගැන තියන මානසික ප්‍රශ්න, gender dysphoria වගේ රෝග glorify කිරීමෙ ප්‍රථිපල. ලංකාවෙත් ඉන්නවා එක්තරා කොටසක්, රැඩිකල් කියල හිතන් ඉන්න, අනිත් අයගෙන් ලැබෙන, සමාජ මාධ්‍ය points වලින් ලැබෙන අවදානය මත යැපෙන සුළුතරයකුත් මේවා දැන් දැන් මෙහෙ promote කරන එක දුකට කාරණයක්.
    උදව් ලැබිය යුතු පිරිසක් ඉන්නවා. ඇත්ත. ඒත් ඒක ඕනාවට වඩා උලුප්පා පෙන්න්න තරං ලොකු ප්‍රශ්නයක් සහ ඔවුන් ඉතා හොඳ පිරිසකුත් නොවන බව ඔලුවෙ තියාගන්න. LGBTQ ඒකට ඉස්සරහින් + ලකුණක් තියනව. ඕනම මානසික විකෘතිතාවයක් ඒක අස්සට රිංගවන්න පුළුවන්. ඒක සාමාන්‍ය දැනීම සහ සාක්ෂි ඕන තරං. මේ ලගදී Florida වල parade එකක් cancel කලා. ඇයි? එහෙ අලූත් නීතියක් ගෙනාවා ඒවට පොඩි ලමයි සහභාගී කරගන්න එක තහනම් කරන. ඉතිං තව කතා මොකටද. ඕක එකක් විතරයි.
    මම කාලයක් උන්ගේ විදියට උන් ඉන්නවා නං මට මුකුත් කරන්නේ නැත්තං මට අදාල නෑ කියන මතයෙ හිටපු එකෙක්. ඒත් ඒ දේවල් නිසා රටක සමාජෙට වෙන්න පුළුවන් විනාසෙ දැක්ක එකෙක් විදියට, ඒක threat එකක් විදියට දකින එක නවත්තන්න බෑ. මගේ channel එකේ playlist එකක් ඇති මේවා ගැන. දැක්කම අඳුරගන්න පුළුවන් නමින්. හොයල බලන්න කැමති කෙනෙක් ඉන්නවනං feel free to do.

    • @batahiraIRL
      @batahiraIRL ปีที่แล้ว

      ඇත්තටම කියනවම් CIA එක පාවිච්චි කරන tool එකක් තමයි LGBTQ agenda එක පාවිච්චි කරලා වෙන රටවල් වල නැති ප්‍රශ්න ඇති කරන එක. 2020 ඇමෙරිකාවේ COVID relief bill එකේ තියනව COVID වලට කොහෙත්ම අදාල නැති දේවල්. උදාහරණයක් විදිහට පකිස්ථානයේ gender studies වලට අරමුදල් වෙන්කරන එක.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว +5

      100% ක් එකගයි

    • @manusha_c7334
      @manusha_c7334 ปีที่แล้ว +5

      Math mekata 100% present agreed.sampurna aththa

    • @nuwanduminda5599
      @nuwanduminda5599 ปีที่แล้ว

      දැන් වත් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවද? රන්දික අයිය කොයිම වෙලේකවත් LGBTQI+ කියන්නෙ මානසික විකෘතිතා කියල කිව්වෙ නෑ. ඔහු කිව්වෙ ඒවා ස්ත්‍රී පුරුෂ භාවයේ අතරමැදි තත්වයන් කියල විතරයි.

    • @dilankaakash
      @dilankaakash ปีที่แล้ว +4

      Matt Walsh ge documentary eka beluwada.. eka balanna watinawa...

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 ปีที่แล้ว +47

    ආදරනීය සහෘදයා යලිදු ආලින්දයට පැමින ඇත. ආනන්දයෙන් ප්‍රඥ්ඥාව කරා ගමන් කිරීමට අප සූදානම්ව ඇත.

  • @chandibaddewithana3872
    @chandibaddewithana3872 ปีที่แล้ว +6

    Gender studies unit ඉගෙන ගන්න අපිට මේ episode එකෙන් ගොඩක් කරුණු තිබුණා ගන්න... මේ වගේ මාතෘකාවක් කතා කිරීම සම්බන්ධව ගොඩාක් ස්තූතියි... ජය

  • @thariya4486
    @thariya4486 ปีที่แล้ว +2

    ඉතා විශිෂ්ඨ විශ්ලේෂණයක් රන්දික... ඔයාගෙන් බලපු සුපිරිම කාලීන ප්‍රායෝගික විග්‍රහය. ස්තූතියි ...

  • @nehemyoshuwa6589
    @nehemyoshuwa6589 ปีที่แล้ว +7

    වීඩියෝ වල අන්තිමට පටෝං ගාල ගහන clap එකට note මට විතරද😅 අයියෝ ඉතින් video එක ඉවර වෙන්නනෙ යන්නෙ කියලා හිතෙනවා.එච්චරට ආසාවෙන් අහන් ඉන්නෙ❤

  • @saneeramaduwinda8223
    @saneeramaduwinda8223 ปีที่แล้ว +9

    බයෙන් බලපු විඩියෝ එකක්. මම හිතන් හිටිය විදිය අව්ලක් නෑ යන්තම් .බලපු උස තව සෑහෙන උඩකින් එල්ලුව විඩියෝ එකෙන්😘

    • @JVD939
      @JVD939 ปีที่แล้ว

      ඇයි බයෙන් බැලුවෙ

  • @hacnjayarathne6586
    @hacnjayarathne6586 ปีที่แล้ว +6

    මෙම මාතෘකාව සම්බන්ධයෙන් මා දුටු වඩාත් මධ්‍යස්ථම කතාබහ. ජයවේවා 👏👏👏

  • @sivanthalakmal458
    @sivanthalakmal458 8 หลายเดือนก่อน +1

    ගොඩක් මහන්සි වෙලා කරන්ව ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤❤

  • @Dinu998
    @Dinu998 ปีที่แล้ว +44

    අපි දරන මතයෙන් තව කෙනෙක්ට කායික මානසික ගැටලුවක්,දුකක් ඇතිවෙන්න බැ. ඒකයි මගේ මතය 😊මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත්

    • @sithumakash5756
      @sithumakash5756 ปีที่แล้ว +2

      අනිවාරෙන්. ඒ සීමාව ඇතුලෙ ඕන කෙනෙක්ට තමන් කැමති දෙයක් කරන්න පුළුවන්. අපිට එයාට දඬුවම් කරන්නවත් හිංසා කරන්නවත් බෑ. ඒ ගැන අපි දරන මතය මොකක් උනත් ❤️

  • @11thisura
    @11thisura ปีที่แล้ว +1

    මේක අපි කතා කරන්න ඕනම මාතෘකාවක් රන්දික... මේක table එකට ගෙනාවට thanks .. තමන් කැමති දේ වෙනුවෙන් පෙනී ඉන්න හැමෝටම අයිතිය තියෙනව .. ඒ උනාට තමන් කැමති දේටම හැම දෙනාම කැමති වෙන්න ඕන කියන එක සෑහෙන ප්‍රශ්නයක් ඇති කරන්න පුලුවන් .... ඔයාගේ අදහසට මං එකඟයි.... ජය.. ✌ ✌ ✌

  • @ishannimesh1840
    @ishannimesh1840 ปีที่แล้ว +16

    පොඩි කාලෙ මම සමහරුන්ට හිනා උනා නොතේරෙන කමට.. 5 ට 6ට එද්දි මට තරහක් ඇති උනා ඒත් නොදැනුවත්කමට. පස්සෙ මට ටික ටික තේරුනා මොකක් හරි අවුලක්වෙලා තියෙනවා කියලා. පස්සෙ තේරෙන වයසට එද්දි මං හොයාගත්තා අවුල තියෙන්නෙ අපි බලන විදිහෙ විතරයි කියලා. මං සතුටු වෙනවා ඒ දේවල් ගැන හරි විදිහට බලන්න මට පුලුවන් උන එක ගැන.

  • @sgtxqsme
    @sgtxqsme ปีที่แล้ว +1

    ලෝකය තුළ ඇති වෙනත් ප්‍රශ්න අමතක කරවන්න බලෙන් ඇති කරවපු අමුතු ආකාරයක ප්‍රශ්නයක් වගේ මේ ගැන හිතගෙන හිටියෙ. බොහොම ස්තූතියි සර් අලුත් කරුණු ගොඩක් දැනගන්න ලැබුනා

  • @heshanrashmika4452
    @heshanrashmika4452 11 หลายเดือนก่อน +3

    මේ විශමාකර ලොකයන් සාමාන්තරකරනෙක කෙසෙවෙතත් අදහස් ගලපගෙන ලොකයට මුන දෙන්න බැරුව ඉන්න මිනිස්සුන්ට සාමන්‍ය මිනිස්සුන්ට වගෙ සමාජයෙ පිලිගැනිමක් දෙනෙක මම නම් කියන්නෙ හිතන්න ඔනි දෙයක්.❤

  • @forestgum1237
    @forestgum1237 ปีที่แล้ว +1

    Individualism එකෙ limit එක collectivelisum ( සාමූහිකත්වයට ) තිබෙන Respect එක ලෙසයි මට හැගෙන්නෙ .
    ඉතා හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි !

  • @sandeshartgallery
    @sandeshartgallery ปีที่แล้ว +13

    මමත් සමලිංගික අයට විහිලු කලා ඉස්සර මේක සාමාන්‍ය දෙයක් කියල නොදැන ඒත් දැන් නම් එහෙම කරන්නෙ නෑ.මේ වීඩියෝ එකෙන් පස්සෙ ත් ගොඩක් අය එහෙම අයව විහිලුවට ගන්න එක shere කරන එක නවතී .grete job randika sir❤

  • @Itsme72512
    @Itsme72512 ปีที่แล้ว +1

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා තව අයියා නිසා ටිකෙන් ටික මධ්‍යස්ථව දේවල් දිහා බලන හැටි ඒ ගැන කතා කරන හැටි වගේ මරු මරු දේවල් ගොඩක් ඉගෙන ගන්නත් පුලුවන් වුනා. මගෙ හදපිරි ප්‍රණාමය රාමුව අයියට ✌️🖤

  • @swarnaprabhathanuradha3794
    @swarnaprabhathanuradha3794 ปีที่แล้ว +3

    මධ්‍යස්ථව හැමදේ දිහාම බලන්න කියලා දෙනවට ගොඩක් තැන්ක්ස්..❤

  • @teyrafoods
    @teyrafoods ปีที่แล้ว +1

    මෙච්චර කාලයක් එක් කෝනයකින් මේ දිහා බලපු මම මේ video එකෙන් පස්සේ මද්‍යස්තව මොවුන් ගැන හිතන්න ඕන කියන එක හිතුනා.🙏ස්තූතියි.අපේ වැරදි මත නැති කරනවට

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ මධ්‍යස්ත සුපිරිම පැහැදිලි කිරීමක්.ගොඩක් ස්තූතියී ඔබතුමාට වටිනා දේවල් අරන් එනවට.ජය වේවා.. 🙏🌼🌼🌼

  • @supuntharindu3718
    @supuntharindu3718 ปีที่แล้ว

    මං අයියගේ හැම video එකක්ම වගේ බලනවා.
    මේ දවස් වල වැඩත් එක්ක මේ video එක එක දිගට ඉවරවෙනකන් බලන්න බැරි වුනා. දවස් 4ක් විතර කෑලි කෑලි බැලුවේ.
    අද තමයි සම්පූර්ණ video එකම මුල ඉඳලා බැලුවේ. හරිම වටින අදහස් ගොන්නක් එකතු කරගත්තා.
    God bless you❤

  • @thamindu_perera
    @thamindu_perera ปีที่แล้ว +19

    Gender, Politics, Individualism ගැන හොඳ මධ්‍යස්ථ කතාවක් රන්දික අයියා❤️ ඕනෑම මතයක් අන්තගාමී නොවී මධ්‍යස්ථ මනසකින් යුතුව සමාජ සුභ සිද්ධිය උදෙසා අවශ්‍ය පරිදි භාවිත කිරීමෙන් සාර්ථකත්වය කරා යා හැකි.

  • @manjulaprabath1819
    @manjulaprabath1819 ปีที่แล้ว +52

    ඇත්තටම වටින මාතෘකාවක් ලාංකික සමාජයට ගෙනඒම පිලිබදව ස්තූතියි ❤️

  • @shortsHunterss
    @shortsHunterss ปีที่แล้ว +5

    ඇත්තටම හොඳ වීඩියෝ එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ලංකාව වගේ රටක බබාලා හම්බෙන්නේ රෝස කැලෙන් කියලා උගන්වන කාලේ රන්දික සර් වගේ හිතන්න පුළුවන් මිනිස්සු තවතවත් බිහිවේවා... ජය වේවා රන්දික සර්..👍👍👍🙏

  • @n.n.8402
    @n.n.8402 10 หลายเดือนก่อน

    ඔක්කොම බැලුවා.වෙනස් මාතෘකාවක්.ගොඩක් අය විවෘතව කතා කරන්නේ නැති එකක්. සෑහෙන්න මහන්සි තියනවා. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.දැනුවත් උනා.ඔබට ස්තුතියි 🙏❤

  • @bunnythebun
    @bunnythebun 11 หลายเดือนก่อน +8

    මටනම් හිතෙන්නේ මේ ප්‍රශ්නේ ලොකුවටම එන්නේ අනුන්ගේ රෙද්දවල් හොයන අයට කියලා. මොකද තවකෙනෙක්ට මොන sexual interest එකක් තිබ්බත් ඒක අපිට වැඩක් නැහැනේ. අනුන්ට වදයක් නොවනතාක් ඒ අයට කාටවත් වරදක් කියන්න බැහැ. අපි හැමෝම හැමෝගෙම සිතුවිලි, ආශාවන් වලට ගරු කරන්න ඕනි නමුත් මන් ඉහලින් කිව්ව කොන්දේසියත් එක්කම. හොඳ Topic එකක් අයියා.

  • @playerready1853
    @playerready1853 ปีที่แล้ว +2

    Individualism කියන ප්‍රධාන මාතෘකාවෙ මට තේරුන කොටස ගත්තම මෙහෙම මට ආපු අදහසක් කියන්න පුලුවන්. මට තේරෙන විදිහට මට දැන් තියන චින්තන රටාව සාම්ප්‍රදායික වගේම නව චින්තන නැත්තම් individualism යන කොටස් දෙකෙහිම සමාජයට යහපත් යැයි සම්මට රාමුව තුල ක්‍රියාත්ම වෙනව. ඉතින් ඒ ගැන මට හිතුනෙ ඔබතුමාගෙ මේ පුලුල් විග්‍රහයේ ප්‍රතිපලයක් ලෙස කියා මා විශ්වාස කරනව.
    බොහොම ස්තූතී ඔබතුමාට 🙏

  • @TanisOriginals
    @TanisOriginals ปีที่แล้ว +19

    Such an amazing video! Please add subtitles if you can for those who don't understand Sinhala! This video should absolutely go viral 👏🏼👏🏼

  • @nadeeshanijayaweera2980
    @nadeeshanijayaweera2980 ปีที่แล้ว

    ඇත්තට ම මාර ම වටින කාලීන මාතෘකාවක්.බෙහෙවින් ම ස්තූති ඔබට.මේ මහඟු කර්තව්‍යයට❤

  • @ravinduashan999
    @ravinduashan999 ปีที่แล้ว +18

    සර්, මම නම් හිතන්නෙ මැදහත් චින්තනය තමයි අපි හැමෝටම වටින්නෙ.. ❤
    ලෝකයේ ඉදිරි කාලයේ විශාල ආර්ථික ගැටලු ගොඩක් එයි කියලා මට හිතෙනවා, සර් ට හැකියාවක් ලැබුනොත් Economics සම්බන්ධ පොඩි කතාබහක් පල කරන්න ඉදිරි වීඩියෝවකින්... අද කරපු කතාබහත් ඉතාම වටිනවා මේ වගේ කාලයක් සාවදානව අහගෙන ඉන්න පුරුදු වුණෙත් සර් නිසා ❤😊

    • @JVD939
      @JVD939 ปีที่แล้ว

      අනිවාරෙන්ම🙂

  • @Madu9910
    @Madu9910 ปีที่แล้ว +1

    නොදන්න කරුණු රුසක් දැනගත්තා....ස්තූතී ඔබට...

  • @SadeepaSVishmitha.
    @SadeepaSVishmitha. ปีที่แล้ว +60

    මධ්‍යස්ථ භාවය , අත්තූපනායක දර්මය වැනි චින්තන රටාවන් තුල සමාජ සුරක්ශිතබාවය ආරක්ශා වන බව මාගේ මතයයි. ✅⏪🚩⏩❎

  • @DjIrosh
    @DjIrosh ปีที่แล้ว +13

    අන්තිම කඩු පහර ඇහෙනකල්ම බලනව. 🥰 රාමුවෙන් මේ දක්වාම දාපු වීඩියෝ ටිකෙන් දීපු දැනුමේ වටිනාකම මිල කරන්න බෑ. සල්ලි කොච්චර තිබුන කෙනෙක්ට වුනත් මේ දැනුම ඒ සල්ලි වලින් ගන්න බෑ.. Respect

  • @pasindubawantha6119
    @pasindubawantha6119 ปีที่แล้ว +13

    බලන්න කලින් කියන්නෙ, කාලෙක ඉඳන් තිබ්බ අවුලක් බලමු අයියා වෙනද වගෙම ලෙහලා දීල ඇති ❤️

  • @hun6034
    @hun6034 ปีที่แล้ว +5

    කොමියුනිස්ට් වාදය vs ධනවාදය වීඩියෝ එකක් ඕනේ.

  • @anuradhadissanayake4948
    @anuradhadissanayake4948 ปีที่แล้ว +6

    මට හිතෙන විදියට,සමාජයේ විවිධත්වයක් තියන තරමට සුන්දරයි.සරලම දේ තමන්ගෙ වගේම අන්‍යන්ගෙත් හැගීම්,ආශාවන් වලට ගරු කරමින් නම්‍යශීලී පුද්ගලයෙක් වෙන එක.එතකොට මේ ලෝකෙ තවත් සුන්දර වෙයි..

  • @ranganilantha7097
    @ranganilantha7097 ปีที่แล้ว +3

    Video එකට කලින් topic එක ගැන තිබුන පටු චින්තනය video eka බැලුවට පස්සෙ පුලුල් පරාසයක දැනුමක් ලැබුනා . Thank you Mr. Randika

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 ปีที่แล้ว +10

    ඇත්ත වශයෙන්ම මං අද දවල් 1 විතර ඉදන් සැරින් සැරේට කීපපාරක්ම රාමුව කියල search කරමින් බැලුවා අලුත් වීඩියෝ එකක් දාලාද කියල.
    කියාගන්න බැරි තරම් සැනසීමක් දැනෙන්නෙ වීඩියෝ එක තියෙනවා දැක්කම.❤️
    මනසට හොදම ආහාරයක්.❤️💯
    ජයවේවා !!!

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว

    හැමදාම වැදගත් මාතෘකාවක් අපිට අරගෙන එනවට බොහොමයක් ස්තූතියි ❤

  • @Chathuraranasinghe418
    @Chathuraranasinghe418 ปีที่แล้ว +18

    ප්‍රඥාවන්තයෙක් ♥️💙🤛🏼 ගරුකරනව සහෝදරයා !

  • @manueurope
    @manueurope 11 หลายเดือนก่อน +1

    Deep Love ,Deep attraction,Deep obsession, Soul obsession කියන concept එක හැම gender identity එකකටම හරියන විදියට කතා කරල program එකක් කරන්න පුළුවන් ද?...

  • @ARJ65
    @ARJ65 ปีที่แล้ว +5

    🔥 " කාන්තාරයක් මැදින් ක්ෂ්‍රේම භූමියක් හොයාගෙන යන මේ ගමනෙ අතරමැදකදි දිය පොදක් දුන්නට ගොඩක් පින්! " 💯👉 sir, දියුණු ශිෂ්ඨාචාර මට්ටම් ගැන පැහැදිලි කිරීමක් කරනවද. Kardshev Scale එක එහෙම. " Type / Level 0 - 07 " වෙනකං ඇතැයි සැලකෙන විශ්වීය ශිෂ්ඨාචාර ගැන 💯👍🗡️🔥

  • @randikakarunapala1666
    @randikakarunapala1666 ปีที่แล้ว +2

    පැයකට වඩා වැඩි කාලයක් ගත වුණත් ඒ බව නොදැනෙන අයුරින් හැමදාම වගේ අදත් ඉදිරිපත් කිරිම ආකර්ෂණීය යි. විවිධ විෂය පථයන් ඔස්සේ දැනුම සොයා යාමට අපව පෙලබවීම ට මෙන්ම අන්තගාමී නොවී මද්‍යස්ථ මත දැරීමට උනන්දු කරවීම ඔබතුමාගේ සුවිශේෂී ලක්ෂණයක්. ඉදිරි කටයුතු සඳහා ජය පතමි.!❤

  • @tiktokk24
    @tiktokk24 ปีที่แล้ว +8

    රාමුව කියන්නේ නම් මට අනුව වෙනම බ්‍රෑන්ඩ් එකක් පට්ට ❤😊

  • @Withanagehub
    @Withanagehub ปีที่แล้ว +7

    Route number 365 Bus එකේ අභිරහස ගැන පිළිබඳව video එකක් කරන්නකෝ.

    • @levenlk9447
      @levenlk9447 ปีที่แล้ว

      mmm eka thamayi ❤❤❤❤

  • @lorenzogaming7373
    @lorenzogaming7373 ปีที่แล้ว +7

    සාම්ප්‍රදායික චින්තනය වටිනවා දැන් තියන toxic සන්කල්ප වලට වඩා💓

    • @Yourdad2005
      @Yourdad2005 ปีที่แล้ว

      welawakata ehemai mokada lgbtq nowana ayatath thamange gender eke kenekta compliment ekak kaloth oya gayda kiyala ahana awastha thiyanawa, eka hari uncomfortable. manussayek widihata apita thawa manussayekwa warnana karanna barida?

  • @kaiyasjourney
    @kaiyasjourney ปีที่แล้ว +4

    රන්දික අයියේ නොවිසඳුණු අභිරහස් ගැන තව වීඩියෝ එකක් කරන්නකෝ 💖 මේකේ නැත්නම් අනිත් චැනල් එකේ හරි කමක් නෑ ඔයාගේ දැනුම පිරුනු වීඩියෝ හැම එකක්ම ආසාවෙන් බලන්නේ එහෙන් මෙහෙන් අර වගේ එහෙකුත් බලන්න ආසයි ❤️

  • @KRATOS825
    @KRATOS825 ปีที่แล้ว +4

    This is a great video.I highly appreciate your balanced criticism about these topics.We need a part 2.

  • @danumathaksalawa4015
    @danumathaksalawa4015 ปีที่แล้ว

    Tiute එකක් හදන ගමන් පාන්දර යාමේ video එක බැලුවේ. අන්තර්ගතය ඇත්තටම වටිනවා. ඉදිරියට ජය. Voice Balencing, Delivering හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා හැම video එකකින් වගේම.
    ස්තූතියි 🙏
    සුබ වේවා!!

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 ปีที่แล้ว +25

    😁 කොල්ලකාර පවුලේ රැජිණ මැරුණා කියලා මෙහේ ඉන්න දියවන්නාවේ සෙට් එක දවසක නිවාඩුවකුත් දුන්නා😂

  • @malshigunawardhane7490
    @malshigunawardhane7490 ปีที่แล้ว

    රාමුව් කියන්නේම දැනුම උල්පතක්..බොහොම ස්තූතියි සර්..ජය වේවා..❤

  • @dr_lorax
    @dr_lorax ปีที่แล้ว +12

    ඔය සර් කියන කතාව මම කාටවත් නොකිවුවට තනියම කල්පනා කරපු දෙයක්. අපෙ අම්මියි අප්පච්චියි දෙන්නා නන් ඕන වැඩක් කරනවා දෙන්නම මහන්සිවෙනවා. ඒත් අපෙ මාමියි නැන්දියි දෙන්නා දිහා.මන් ගොඩක් බලන් ඉඳලා තියෙනවා. එයාලාගෙ දෙන්නම වැඩ කරනවා. දෙන්නම මහන්සි වෙනවා. එතනදි සාම්ප්‍රදායික ක්‍රමය මාර ආසාධාරණයි. නැන්දි මාමිටත් වඩා වෙලා ගිහින් ගෙදර ඇවිත් තේ හදලා දීලා උයලා කන්න දීලා ගෙදර වැඩ ඔක්කොම කරනවා.. මාමිට එහෙම හවස ඇවිල්ලා රෙස්ට් කරන්න පුළුවන්. මාමි නැන්දිට කලින් 60 yrs වුන නිසා ජොබ් එක ඉවර වෙලා ගෙදර හිටියා. ඒත් නැන්දි ජොබ් එක කරලා හවස 5ට ගෙදර ඇවිල්ලා උදේ ඉඳන් ගෙදර ඉන්න මහත්තයාට උයලා කන්න දෙනවා. ඒ දවස් වල නැහිලා ජොබ් එකත් කරලා හවස වැඩත් ඔක්කොම කරනවා. එතකොට ගෑනු කෙනා දවසම වැඩ. පිරිමි කෙනා දවසම නිකන්. ජීවිතයේ කිසිම නිදහසක් නැ ගැහැනියට එහෙම බලද්දි.. මන් සෑහෙන්න කල්පනා කරපු දෙයක් ඕක.... ඇයි මෙහෙම අසාධාරණ කියලා?
    ඉතින් දැන් දෙන්නම ජොබ් එක කරලා ගෙදර ඉන්නෙ. නැන්දි තමා තාමත් වැඩ ඔක්කොම කරන්නෙ. මාමිට එහෙම විශේෂ වැඩක් නැ නිදහසේ ඉන්නවා. නැන්දි ට තාම විශ්‍රාම සුවයක්වත් නැ තවමත් සැමියගෙ ළමයින්ගෙ වැඩ කර කරමයි ඉන්නෙ 🙂
    සමහර (90%)විවාහ ජීවිත කියන්නෙ පුරුෂ ජීවිතයේ දී වැඩකාරියක් වැඩට ගැනීම හා ස්ත්‍රී ජීවිතය මරණය දක්වා වැඩකාරියක් වීම තමා මන් ඒකෙන් දැක්කෙ
    මේ ගැන ලොකු කෙනෙක්ගෙන් අහලා ඇයි මෙහෙම අසාධාරණ කීවම කියනවා ඒවා ගෑනු අය අනිවාර්යයෙන් කරන්නොනෙ ගෑනු වැඩනෙ කියනවා😐😐

    • @Saaraaa_A
      @Saaraaa_A 7 หลายเดือนก่อน +3

      නෑ ඉතින් ඕක නැන්දා සතුටින් කරනවානම් ප්‍රශ්නයක් නෑ..මොකද සමහර අම්මලා ඉන්නවා දරුවන්ගේ වැඩ වෙන කාටවත් කරන්න දෙන්නෑ එයාම කරනවා...අඩුම ගෙදර වැඩ කුස්සියෙ වැඩ තනියම කරන්න තමා සමහර ගැහැනු අයට ඕනෙ ... හැබැයි ඔයාගෙ නැන්දා ඒ වැඩ කරන්නෙ මාමාගෙ යමිකිසි සහයෝගයක් බලාපොරොත්තුවෙන් නම් සහ මාමා ඒ support එක දෙන්නැත්නම් එතන තමා ප්‍රශ්නෙ...ඉතින් නැන්දගෙන් අහන්න ඔයාට මාමා උදව් කරනවද කියලා වැඩ කරන්න...සහ එහෙම නැත්නං ඔයා ආසාවෙන්ද මේ වැඩ ඔක්කොම තනියම කරන්නෙ කියලා ...
      ලොකු ප්‍රශ්නයක් ඔලුවෙ හදාගන්න කලින් ඒවට තියෙන චූටි චූටි ප්‍රශ්න ටික ලිහාගෙන ඉන්න😊

    • @-._.-What-Is-Up-._.-
      @-._.-What-Is-Up-._.- 6 หลายเดือนก่อน +2

      Bro What ? 😂
      ඔයා ඔය කියන Concept එක හෙනටම සාපේක්ෂයි.
      දවසම නැහීගෙන බර වැඩ කරන පිරිමියි, ඒ පිරිමින්ගෙ සල්ලි හූරකන්න බලන් ඉන්න ගෑනුයි ඉන්නවා.
      FOA, ඔයා දකින දෙයින් විතරක් අවසන් තීරණයක් ගන්න එපා, Society එකේ වෙන්නෙත් මොනවද කියලා හොයලා බලන්න
      Western Country සහ ගොඩක් Research වලට අනුව Divorce එන්නෙ ගෑණුන්ගෙ Side එකෙන්

  • @chandulaD
    @chandulaD ปีที่แล้ว +21

    මටනම් එච්චරම රසවත් මාතෘකාවක් නෙමෙයි ඒත් ඔක්කොම බලනවා ඉතින් 😊

  • @smj1ace904
    @smj1ace904 ปีที่แล้ว +10

    "ආදරය යනු ලිංගිකත්වයමද " මේකත් දෙන්න පුලුවන්ද?

  • @isharathilina
    @isharathilina ปีที่แล้ว +1

    දැලි පිහියෙන් කිරි කවන්න ලේසී නෑ, හැමෝටමත් බෑ. අමාරු උනත් අවශ්‍ය තැනදි, හරිම විදිහට ඒක රන්දික අයිය කරල.. Hats off ❤