Kavi 10ta gee Dahayak | රත්න ශ්‍රී විජේසිංහ | Rathna Sri Wijesingha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    www.youtube.co...

ความคิดเห็น • 335

  • @tharuliwickramasingha2986
    @tharuliwickramasingha2986 ปีที่แล้ว +94

    මටත් තාම අවුරුදු 15යි.😊 දැන් අපේ වයස ළමයි ගොඩක් අය නිසදැස් ලියන්න, කවි ලියන්න වගේ දේවල් වලට හරි ආසයි.🙃 හරිම ලස්සන වැඩසටහනක්. මමත් හරිම ආසයි නිසදැස් ලියන්න. රත්න ශ්‍රී විජේසිංහ මහතා කියන්නෙ හරි ආස කරන චරිතයක්.

    • @dulanjalakshan3508
      @dulanjalakshan3508 ปีที่แล้ว +2

      bs

    • @user-oc7qc4oo4c
      @user-oc7qc4oo4c 11 หลายเดือนก่อน +2

      ජයවේවා ....!❤

    • @NimalanandaVidanagamage
      @NimalanandaVidanagamage 11 หลายเดือนก่อน +2

      Harima .santhosai..oya vag duvek
      Trivida..rathnaye .pihitai.dineva
      Jeevitha .puravatama ..rallenta.yanna
      Epa .mage .diyaniyane .from
      IITALY ....THATHTHAKENEK
      HARIMA .AGEI .NUBA
      MAVBIMATA

    • @NimalanandaVidanagamage
      @NimalanandaVidanagamage 11 หลายเดือนก่อน

      Thanks

    • @malwilathennakoon6982
      @malwilathennakoon6982 5 หลายเดือนก่อน

      ❤❤

  • @kasunwijesinghe5819
    @kasunwijesinghe5819 3 ปีที่แล้ว +53

    අපූර්වතම විචාරශීලී ගීත රචකයා.අපට කවි ඉම මං ලකුණු විවර කළ අපූරු ගුරුවරයා..දීර්ඝායු වේවා💙

  • @DoNotDial09
    @DoNotDial09 ปีที่แล้ว +19

    මේ මාසෙට මට අවුරුදු 17. මගේ යාලුවො ගොඩක් අය මෙතුමව දන්නෙත් නෑ මෙ වගෙ සින්දු අහන්නෙත් නෑ. මන් හරිම ආස චරිතයක් ගීත රචකයෙක් විදිහට. කවි දහයට ගී දහයක් කියන්නේ මන් ආසාවෙන් බලන program එකක්❤❤

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 2 ปีที่แล้ว +64

    💥 දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
    කටු පොකුර සිප ගනිමි, හෙට මලක්
    වනු පිණිස...! 💥
    - රත්න ශ්‍රී -

  • @amithsenarathne3262
    @amithsenarathne3262 3 ปีที่แล้ว +58

    ඔබ තුමාගේ සුදු නෙළුම කෝ සොරබෝර වැවේ ගීතය සහ මිනින්දෝරු කන්තෝරුවෙ ගිතය ඉතාමත් විශිෂ්ටයි

  • @thanujarajapaksha2174
    @thanujarajapaksha2174 3 ปีที่แล้ว +148

    මට තාම වයස 15 යි ☺️ඒත් මම ආසම වැඩසටහනක් තමයි මේක 👊🏻

    • @sherinanuruddhika863
      @sherinanuruddhika863 2 ปีที่แล้ว

      @@lakshithasampathbandara8358 ඒක තමා 🤭

    • @lakshithasampathbandara8358
      @lakshithasampathbandara8358 2 ปีที่แล้ว +11

      @@sherinanuruddhika863 මේ ළමයින්ට මහ හීනමානයක් තියෙන්නේ. නිකන් එයාලා හරි බුද්ධිමත් අය , ඒ වයසේ අනිත් කවුරුත් එයාලා වගේ නෑ කියලා හිතන් ඉන්නේ. ඒකනේ වයස කියන්නේ 😂💔

    • @sherinanuruddhika863
      @sherinanuruddhika863 2 ปีที่แล้ว +3

      @@lakshithasampathbandara8358 ඔවු ඒක ඇත්ත ,
      බුද්ධිමත් වගේම නිහතමානී වෙන්න ඕනි.

    • @slneelamahamama449
      @slneelamahamama449 2 ปีที่แล้ว +16

      එහෙම කියන්න එපා .
      අද කාලෙ දරුවො මේවගේ වැඩසටහන් බලන්නෙ නෑ.
      ඉතා ඉහලයි දුවේ
      බොහෝම අගෙයි .
      හොඳින් ඉගෙනගෙ වටිනා අදහස් වලින් ලොව සුවපත් කරන කිවිඳිය ක් වෙන්න .
      තෙරුවන් සරණයි දුවේ 🙏🙏🙏

    • @hashanlakshitha6448
      @hashanlakshitha6448 2 ปีที่แล้ว +14

      @@lakshithasampathbandara8358 මෝඩයෙක් වගේ හැසිරෙන එපා ඉතිං 😂 ලමයි වැඩි දෙනෙක් මේ වගේ වැඩසටහන් බලන්න කැමැත්තක් නෑ කියල ඔයත් දන්නව ඇති.. මං හිතන්නෙ එහෙම පොඩි ලමයෙක් උනත් මේවගේ රසවින්න දන්නව කියන එක කියන්න වෙන්න ඇති වයස කියන්න ඇත්තෙ..අගය කරන්න ඕනෙ දෙයක් මේක මෝඩ කතා කියන්න එපා ඒ නිසා

  • @priyam7400
    @priyam7400 3 ปีที่แล้ว +22

    චරණ tv ස්තුත්යි රත්න ශ්‍රී විජේසිංහ ගුරු පියාණන් ගෙන ආවාට . ලංකාවේ TH-cam channel අතරින් මා ඉතා ප්‍රිය කරන ,හැම අතින්ම දැනුමට යමක් ගත හැකි වැඩසටහන් ඇති channel එකක් . මගේ ප්‍රියතම වැඩසටහන් ලිවිසර ප්‍රේමය හා කවි දහයට ගී දහයක් . ස්තුත්යි වජිර මහතාටත් හැම වැඩසටහනක් ම ඉතා මැනවින් අප වෙත ගෙන එනවාට .

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +43

    නැවතත් දකින්න ලැබීම ම
    සතුටකි මටත් ඔබ‍ට සේම
    රත්න ශ්‍රී මහතාට පතමි මම
    නිදුක් නිරෝගී සැප සම්පත් ම...

  • @samangirasamangira4920
    @samangirasamangira4920 3 ปีที่แล้ว +56

    රත්නශ්‍රී මහත්තය ..ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා ..දිඝාසිරි ලැබේවා ..

  • @wasweerawardana.2044
    @wasweerawardana.2044 2 ปีที่แล้ว +12

    රත්නත් ශ්‍රී සර් ගේ හදවත කොයි සා ලස්සනද ප්‍රියකරුද කියලා හිතා ගන්න තවත් කුමන අටුවාටිකාද එතුමෝ මහා කවියෙක් වූ වගට බොහෝ තැන් වල පියයෙක් විදිහට ඒ දෑස් වල කදුලැලි සගවන් ඒ පියසෙනෙහස පිරිමදින අපූර්ව ඉතිං එවන් හදවතක් මහා කවියෙක් විම කොයි තරම් ද කීමට මා උගත් හෝඩියේ අකුරු නැත .
    මාගේ දෑස් මාගේ සවන් කොයි සා පිං කර ඇතිද මියැදෙන්නට කලියෙන් එවන් සුන්දර හදවතක් මුණ ගැසීමට තරම් .
    ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝයූ ලැබේවා!!!
    තෙරුවන් සරණයි සර්.

  • @nalinweerasinghe8475
    @nalinweerasinghe8475 3 ปีที่แล้ว +62

    රත්න ශ්‍රී විජේසිංහ ඇදුරු තුමනි ඔබට දීඝායූ වේවා...
    තව තවත් සිංහල පද්‍ය කලා කෙත අස්වද්දන්න සවි ශක්ති වේවා...
    වජිර සහෘර්දයා ට ප්‍රණාම සහ චරණට තුති වේවා...
    තව තවත් හෙළ කලා කෙත එළි පෙහෙළි කරදීමට සවි ශක්ති වේවා...

    • @sunilwijesinghe3715
      @sunilwijesinghe3715 3 ปีที่แล้ว +1

      Very facinating musical discussion which escalates the sweet memories with a Great creative musician. Thanks for your interesting conducting

  • @roshiathapaththu9476
    @roshiathapaththu9476 2 ปีที่แล้ว +18

    2022.පුළුවන් වෙලාවක චරණ් tvබලන්නේ මනස නිදහස් වෙනව.මං ආසම වැඩසටහන.ජිවිතේ හැමදේම අමතක කරල කවි අස්සේ නතර වෙන්න මට පුළුවන් .ස්තුතියි චරණ tv.

  • @lakshmanthilakarathna8954
    @lakshmanthilakarathna8954 3 ปีที่แล้ว +13

    බලන චැනල් එක්ක ..ගත යුත්තක් ඇති චැනල් එකක්.මම ගොඩක් ආස කරන කවියෙක්....තෙරුවන් සරනයි හැමෝටම

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 3 ปีที่แล้ว +43

    මේවා බලන්නටත් පිනක් තියෙන්න ඕනේ ❤️

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว +3

    සිංහල ගීත නිර්මාණකරනයේ අපූර්වතම නිර්මාණකරුවා ලෙස හැඳින්විය හැකි රත්නශ්‍රී විජේසිංහයන් දැයට දායාද කල බොහොමයක් නිර්මාණයන් අත්දැකීම් තුලින් බිහිවූ ඒවා බැවින් ඒ ගීත සදාකාලිකව සමාජය තුල රැඳී තියේවි .එතුමාට තවත් මෙවැනි හදවතට දැනෙන නිර්මාණයන් බිහිකිරීමට ශක්තිය වාසනාව ලැබේවා .දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි .

  • @deepalsamarajeewa3935
    @deepalsamarajeewa3935 3 ปีที่แล้ว +41

    වාචාල කමට කෑගහන, එහාටත් නැති මෙහාටත් නැති වචන රෑටත් සන්ග්ලාස් දාල කතාකරන අය අතර වජිර සිටින්නේ ගවූ ගානක් දුරිනි. ඔබ වන්නන් අද රටට, පුංචි තිරයට ඉතාම අවශ්‍යයි. මෙවන් හරවත් වැඩසටහන් තව තවත් ගෙන එන්නට ඔබට ශක්තිය ලැබේවායි පතමි.

    • @wajirajayawardana7682
      @wajirajayawardana7682 3 ปีที่แล้ว +4

      ස්තූතියි ❤️

    • @MrBasura1989
      @MrBasura1989 2 ปีที่แล้ว +4

      ඇත්ත..! නොනවත්වා කතා කිරීමට ඇති හැකියාව එකම සුදුසුකම වූ රටක මෙවැනි නිවේදකයින් ගේ වැඩසටහන් බැලීමට ලැබීම වාසනාවක්..❤️

  • @ruchitharasanga4812
    @ruchitharasanga4812 3 ปีที่แล้ว +10

    චරන tvඑකට ස්තූතියි මේ වගේ හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන 🙏

  • @madhuwa7840
    @madhuwa7840 3 ปีที่แล้ว +6

    රත්න ශ්‍රී විජේසිංහයන්ගේ දෙශනයන් මේ අයුරින් ශ්‍රවණය කිරිමට ලැබීමම භාග්‍යයක්
    තෙරුවන් සරණයි ඔබ තුමන්ට.
    චරණ tv. දීඝායු

  • @yasithaweerasekara4523
    @yasithaweerasekara4523 3 ปีที่แล้ว +38

    රත්න ශ්‍රී විජේසිංහ යුග පුරුෂයානන්ට දීර්ගායුෂ ලැබේවා..ඉංදියාව වගෙ රටක ඉපදුනානම් මෙතුමා දේවත්වයෙන් සලකන්නෙ..අපේ රටේ රත්තරං මිනිස්සු ඉපදුනාට වැඩක් ගන්ඩ තරං ඔලුවක් තියන පාලකයො නෑ..😞

  • @achee4673
    @achee4673 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි විචාරය ගායනය සංගීතය සියල්ලම.

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 3 ปีที่แล้ว +6

    ඉතා මනරම් වැඩසටහනක්. වජිරගේ ඉදිරිපත් කිරීම අසන්නට ප්‍රියවේ.රත්නශ්‍රී විජේසිංහ මහතාගේ කවි තේරීම් ඉතා අනර්ඝ යි.

  • @isuruasanka91
    @isuruasanka91 ปีที่แล้ว +25

    අපිට සෙකර බලන්න පින තිබුන්නෙ නෑ, හැබැයි අපිට රත්න ශ්‍රී බලන්න පින තිබුනා

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 3 ปีที่แล้ว +6

    දෑතේ එල්ලී ගීතය අහපු කාලයක් මතක නැහැ .ඔබට පින් මේ ගීතය අහන්නට අවස්ථාව දීම ගැන .දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට .

  • @1215more
    @1215more 3 ปีที่แล้ว +27

    ස්තුතියි ඇදුරුතුමනි !........ඒ වගේම චරණ නාලිකාවේ මේ වැඩසට හ කරන වජිර ඔබට මගේ ප්‍රණාමය

  • @tharangaerandani3813
    @tharangaerandani3813 6 หลายเดือนก่อน +4

    ආදරණීය රත්නශ්‍රී සර්.මගේ ප්‍රියතම කළාකරුවානනි, නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂම ලැබේවා ! ❤❤❤❤❤❤

  • @ruchitharasanga4812
    @ruchitharasanga4812 3 ปีที่แล้ว +15

    මට ජීවිතය කියල දුන්න ගුරුවරයා ,මට මෙතුමාව හමුවෙලා නෑ
    ඒත් ජීවිතේ එක ආසවක් තියනව කවද හරි මෙතුමව දකින්න
    ඔබතුමාට තව තවත් සාර්තක නිර්මාන කිරීමට හැකියාව ලැබේවා
    ගොඩක් වෙලාවට එතුමගෙ නිර්මාන ජීවිත කතා වලට ගොඩක් සම්බන්දයි 🙏

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 3 ปีที่แล้ว +12

    මානවසිංහ මහතා ලියපු ඉතාමත් මිහිරි ගීයක් ඔබතුමා විසින් තෝරා ගෙන තියෙන්නේ .මාගේ පියාගේ නමත් මෙහි සඳහන් වෙනවා .ඒ පිලිබඳ අපගේ ස්තුතිය .

  • @amithsenarathne3262
    @amithsenarathne3262 3 ปีที่แล้ว +12

    රත්න ශ්‍රී විජෙසිංහ මහත්මයාණෙනි ඔබට දීර්ඝයුෂ ලාබෙවා... තවත් මෙවන් වටිනා නිර්මාණ කිරීමට ශක්තිය ලෙබෙවා

  • @gaweshaka7268
    @gaweshaka7268 3 ปีที่แล้ว +12

    රත්න ශ්‍රී විජේසිංහ ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා❤️

  • @dnrchannel1407
    @dnrchannel1407 3 ปีที่แล้ว +41

    නූතන කවියේ මහ ඇදුරිදු...රත්න ශ්‍රී සර්...

  • @dineshgunapala5572
    @dineshgunapala5572 3 ปีที่แล้ว +11

    ඇත්තටම හොද වැඩසටහනක් කාලෙකින් දැකපු හොද ඉදිරිපත් කරන්නෙක් , සම්පත් දායකයාගේ සියල්ලම උකහා ගන්න දන්නවා නියමයි...

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 3 ปีที่แล้ว +11

    ඔබතුමා මෙහෙම හරි දකින්නට ලැබීම සතුටක් .ඔබට නිදුක් ,නීරෝගී සුවය ලැබේවා ,දීර්ඝායුෂ ලැබේවා !!!

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 3 ปีที่แล้ว +9

    ඉතා වැදගත් ...රතන ශී වික්‍රමසිංහ ඔබ තුමා අප ලද මහත්ම දායාදයක් .❤❤❤

  • @Music-wu7nm
    @Music-wu7nm 3 ปีที่แล้ว +14

    කවි දහයට ගී දහයක් .වශියක් දෙයියනේ❤

  • @nawanjalinugera9619
    @nawanjalinugera9619 3 ปีที่แล้ว +3

    චරන Tv මගින් කලාවට සිදුකරන සේවය අනුපමේයයි...රත්න ශ්‍රී විජේසිංහයන් සිංහල ගීත කලාව නව මානයකට යොමු කරනවා..ඔහු හරිම නිහතමානි පුද්ගලයෙක්..2020 වර්ශයේදී ඔහුව හමු වී වචනයක් කතා කරන්නට ලැබීමම සතුටක්..මා ජීවිතයේ දකින්නට බෙහෙවින්ම ප්‍රිය කරන ඔහුව නැවත මෙලෙස වැඩසටහනකින් දකින්නට ලැබීමම සතුටක්..ඔබට දීර්ඝායුශ ලැබේවා !! මෙම වැඩසටහන අප වැනි පාසල් ළමයින්ට බෙහෙවින් ප්‍රයෝජනවත්..තව තවත් මෙවැනි හරවත් දෑ සමාජයට තිලිණ කිරීමට චරන Tv ඔබට සුබ පැතුම්..❤

  • @hongkonglover9461
    @hongkonglover9461 3 ปีที่แล้ว +11

    රත්න ශ්‍රී මැතිදුනි ,ඔබතුමාට දීර්ඝායුෂ .ඔබ අපිට වටිනා සම්පතක්..

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 11 หลายเดือนก่อน +2

    හරිම සහෘද එකතුවක්.රත්න ශ්‍රී නාමය කවි ගී ලොවේ පලන් ඔටුන්න. චරණtv වජිර සහෘද හදවතක්.ප්‍රතිභාන්විත උච්චස්වර හඬ පෞරුෂය හර්ෂණ. මේ අපට මධුරයාමයකි. ❤

  • @malmisandeepa5842
    @malmisandeepa5842 8 หลายเดือนก่อน +5

    Viwes වලින් පේන්නේ අපේ රටේ හිත් ලස්සන මිනිස්සු තවත් ජීවත් වෙනවා කියන එකයි...😍♥️

  • @jayasirisamaratunga6410
    @jayasirisamaratunga6410 3 ปีที่แล้ว +13

    වජිර සොයුරා මෙරට මාධ්‍ය සහෝදර සහෝදරියන් වෙත පාඞමක්. රත්න ශීරී සිරිමතා වෙත දිගායු පතමි'

  • @yoshaniperera5752
    @yoshaniperera5752 3 ปีที่แล้ว +17

    කවි 10ට ගී 10ක් - මේ වැඩසටහන භාවනාවක්

  • @sandamalisandaruwan8516
    @sandamalisandaruwan8516 3 ปีที่แล้ว +1

    චරණ tv මේ කරන්නෙ උතුම් සමාජ ක්‍රියාවක් . කලා ඇසක් සුපෝෂණය නොවන යුගයක ඔබලා ගන්නා මේ වෑයම අතිවිශිෂ්ඨයි.ඒ වගේම රත්න ශ්‍රී විජේසිංහ මහතාට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ තව තවත්.වජිර සර් ඔබටත් බොහොම ස්තුතියි .

  • @kevinhesaja
    @kevinhesaja 3 ปีที่แล้ว +69

    දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය....
    කටු පොකුරු සිප ගනිමි හෙට මලක්
    වනු පිණිස....
    - රත්න ශ්‍රී -

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 ปีที่แล้ว +5

      'දුෂ්කර ය කියා හැර යා යුතු ද ජීවිතය ?'
      දුෂ්කර ම පැන නගා , 'ඔව්' කියන්නෙමි තිර ව
      ඒ එදාටත් වඩා දුෂ්කර ම තැන වෙත ය
      එකක් නොව දෝතක් ම කටු පොකුරු ගනු පිණිස .
      - රත්න ශ්‍රී විජේසිංහ (වස්සානෙන් පසුව) -

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +7

    රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාණෙනි, ඔබට නිදුක් නීරෝගී,දීර්ඝායුෂ ලැබේවා...

  • @chanakimadusanki6282
    @chanakimadusanki6282 3 ปีที่แล้ว +7

    මේ වගේ දැනුම අපට ලබාදීමට ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා කලාකරුවානනි ...

  • @roshiathapaththu9476
    @roshiathapaththu9476 2 ปีที่แล้ว +9

    වජිර මහතා ඔබේ හඩ හදවතට කතා කරයි.සුභ පැතුම්

  • @kaveeshamayuranga9762
    @kaveeshamayuranga9762 3 ปีที่แล้ว +33

    රත්නශ්‍රී සර් ගේ කවි පද වචන සිංහල සාහිත්‍යයට කරපු සේවේ කියලා නිම කරන්න බැහැ 😍

  • @sumedha7
    @sumedha7 3 ปีที่แล้ว +7

    Great discussion.. enjoyed and learned a lot.

  • @lmallawa7710
    @lmallawa7710 3 ปีที่แล้ว +4

    This program is a brilliant production , another outstanding work from Charana TV upholding forgotten Sri Lankan heritage, well presented by the humble young man who knows what he says.

  • @lalithjayasekara1565
    @lalithjayasekara1565 3 ปีที่แล้ว +3

    නූතන කවියේ විචාරශීලී ගීත රචකයා ඔබට දීඝායූ වේවා...

  • @anuradhanirmal-ec1ui
    @anuradhanirmal-ec1ui ปีที่แล้ว

    මේ වැඩසටහං ඇත්තටම ගොඩක් වටිනවා. ජීවිතේට වටින තෝතැන්නක්. ලස්සන හිතකට ලස්සනට රස විදින්න පුලුවන් රස සාගරයක්. ජීව්තේට සහසම්බන්ද හැම අද්දැකීමක්ම කලා ලෝකයේ අන්තර්ගතයි. ඒ අන්තර්ගතය සරලව අපිට රස විදින්න සලස්වනවට ඔබලාට බොහොම ස්තුතියි. මම දැන් මේ වැඩසටහංවලට ඇහුම්කම්දෙන්න ඇබ්බැහිවෙලා ඉන්නේ. ඒ ඇබ්බැහිවීම නරක දෙයකට නොවන නිසා මට සතුටුයි. ❤

  • @wajirajayawardana7682
    @wajirajayawardana7682 3 ปีที่แล้ว +6

    ඔබේ ප්‍රතිචාර වලට ස්තූතියි ❤️💐

    • @mahindarajapakse2351
      @mahindarajapakse2351 3 ปีที่แล้ว

      "කවිතාවය" කියල වචනයක් තියෙනවද? කවීත්වය නෙමෙයිද වචනේ? රත්න ශ්‍රී මහත්මයා මොහුව නිවැරදි කරන්න ඇති කියල හිතනවා.

    • @thilakkarunathilaka209
      @thilakkarunathilaka209 ปีที่แล้ว

      ෙහාදවැඩ සටහනක්

  • @dridissanayaka8000
    @dridissanayaka8000 3 ปีที่แล้ว +7

    රත්න ශ්‍රී මැතිදුනි ඔබතුමන්ට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායු ලැබේවා !!!!!!!!!!🙏

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 ปีที่แล้ว +4

    ලස්සනයි මාගේ සුභ පැතුම් සියලු දෙනාටම 🙏

  • @kalyanikanaththage1816
    @kalyanikanaththage1816 3 ปีที่แล้ว +12

    සුබ පැතුම් ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏🙏

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +2

    බුදුසරණයි නිදුක් නිරෝගී වේවා 🌈️🌈️🌈️ සැමට

  • @sachinpruthuviraj376
    @sachinpruthuviraj376 3 ปีที่แล้ว +8

    රත්න ශ්‍රී විජේසිංහ ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා... මෙවැනි වැඩ සටහන් ගැන ඇත්තටම සතුටුයි..

  • @achee4673
    @achee4673 3 ปีที่แล้ว +2

    චරන ටීවී ගොඩක් ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවාට. දැන් ඉන්න රචකයන්ට ඉගෙන ගන්න දේවල් බොහෝමයි

  • @padmamahathantila268
    @padmamahathantila268 3 หลายเดือนก่อน

    හරේන්ද්‍ර ජයලාල් ගෙ හන්ඩමයි වජිරටත් තියෙන්නෙ .
    ඉතාමත් වටිනා වැඩසටහනක් . රත්නස්‍රි මහතාටත් ස්තුතියි .
    එතර රටක සිට ඔබ දෙපලටම තෙරුවන් සරන ප්‍රර්තනා කරනා අතර
    චරන tv වලට මාගේ සුබ පැතුම් . 🎉 ❤

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායූ තෙරුවන්සරණයි !!!

  • @achalajayalath8887
    @achalajayalath8887 3 ปีที่แล้ว +31

    රත්න ශ්‍රී කිවිඳුනි ඔබ රටේ පිනට පහල වු කෙනෙක් රටට ණය නැත්තෙක් මගේ හිතේ ලොකු ආශාවක් තියනවා . මගේ මරනයට පෙර ඔබතුමා සමග එක වරක් හෝ කතා කිරිමට , ඔබගේ මා නොබැලු වැඩසටහනක් නොමැත ,මට ඔබගේ සමර කතා මට කට පාඩම් මගේ වීරයා ඔබයි.

  • @ruveeshadulanji5628
    @ruveeshadulanji5628 2 ปีที่แล้ว +2

    සිංහල ඉගෙනගන්න මට මේ වැඩසටහන ගොඩක් වටිනව විචාර ලියන්න. හරිම වැදගත් වැඩ සටහනක් ❤️‍🩹👊

  • @MrBasura1989
    @MrBasura1989 2 ปีที่แล้ว +29

    වජිර ජ්‍යවර්දනගෙ වැඩසටහන් මෙහෙයවීම මොනතරම් රමණීයද..! තවත් ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා.👍

  • @achalajayalath8887
    @achalajayalath8887 3 ปีที่แล้ว +6

    දිර්ඝායුශ ලැබේවා ඔබතුමා ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Valuablechances
    @Valuablechances 3 ปีที่แล้ว +2

    අපේ සංස්කෘතියේ වටිනාකම් හදවතට දෙන්න බුද්ධියට අමතා ධර්මයෙන් මග පෙන්වන යුගයේ කවියාණෙනි !!!!! ඔබ‍ට බුදුසරණයි !!!!

  • @user-cj7ur8wq5h
    @user-cj7ur8wq5h 3 ปีที่แล้ว +5

    කවියට කවියක්..
    කවියෙක් සිත්තමක්..
    තෙරුවන් සරණයි ඔබතුමාට ..

  • @sandalaljdks9296
    @sandalaljdks9296 3 ปีที่แล้ว +3

    සාහිත්‍ය දරයානෙනණී ඔබට මේ හෙළ සාහිත්‍යය නගා සිටු වීමට තව තවත් දෛර්‍ය ශක්තිය ලබේවා🙏 ඒ වගේම ඔබතුමට තව තවත් චිරාත් කලවක් වජබෙන්නට වාසනව ලබේවා🙏

  • @santhasantha7166
    @santhasantha7166 3 ปีที่แล้ว +6

    ඉතාම වැදගත් වැඩක් හිසනමා ආචාර කරනවා ඔබ සැමට යට ගිය අතීත සෙෘන්ධ්‍යෛ නැවත ගොඩ ගැනිමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවා

  • @rasikasudarshani6546
    @rasikasudarshani6546 2 ปีที่แล้ว +7

    කවි සිත් එකට එක්උනාම...එ් අවස්ථාවට මියුරු සංගීතය මුසු උනාම...එතන මැවෙන්නේ වෙනම සුන්දර ලෝකයක්..

  • @anuradissanayake6236
    @anuradissanayake6236 5 หลายเดือนก่อน

    අපේ කාලේ මහා කවියාණනි ඔබට දීර්ඝායු වේවා ..ඒ වගේම මම ආසම කරන නිවේදකයෙක් අපේ වජිර මහත්තයා ඔබටත් දීර්ඝායුෂ ලැබේවා ...🙏

  • @ushawijayasinghe6852
    @ushawijayasinghe6852 3 ปีที่แล้ว +4

    වස්සානේ ආසම පද පෙලක්.කටපාඩම් ඒ තරම් ආදරෙයි.🖤

    • @priyangapredeep7515
      @priyangapredeep7515 3 ปีที่แล้ว

      Jeewithayama niwalana, sanasalana, nomeree inna diri dena raththaran pada pelak.

  • @econguru7603
    @econguru7603 3 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක්... ස්තූතියි !

  • @ratnasiriambeypusse4861
    @ratnasiriambeypusse4861 3 ปีที่แล้ว +13

    රත්න ශ්‍රි විජේසිංහයාණනි:
    මහගමසේකර ගමන් මග ගනිමින් ඔබත් කාව්‍යකරණ යෙන් සිනමාකරණය පිවිසෙන්නකො."කාව්‍යත්මක සිනමාවකට". ඔබගේ සමහර ගීත රූපාත්මකයිනෙ.

  • @user-tw5he8hl3f
    @user-tw5he8hl3f ปีที่แล้ว

    ස්තුතියි චරණ TV.මාධ්‍යයක් සැබෑ කාර්යය ඉටුකිරීමට ගන්නා උත්සාහයට.....රත්න ශ්‍රී විජේසිංහයන් සරලව සුමට කියාදෙන විවරනයේ ගැඹුරු අරුත් වටහා ගැනීමට බොහෝ වරක් ඇසුවෙමි.

  • @dassadml
    @dassadml 3 ปีที่แล้ว +2

    True legend from Galle. Superb program.👏👏👏👏👏👍😊

  • @akilakavinda9495
    @akilakavinda9495 3 ปีที่แล้ว +4

    මාධ්‍යකරණයේ සැබෑම නාලිකාව චරන tv.❤ ඔබ කරන මෙහෙය අපමණයි...අපි වගේ වර්තමාන පරම්පරාවට මෙවැනි දේ දායාද කල යුතුයි..උසස්පෙළ විභාගය අවසන් වීමත් සමග චරන tv නැරඹීමට දැඩිව ඇබ්බැහි වෙලා.පුලුවන්නම් Dialog tv එකටත් ඔබේ නාලිකාව විකාශ අයිතිය ලබා දෙන්න❤

  • @yamunasamarasinghe917
    @yamunasamarasinghe917 3 ปีที่แล้ว +19

    දුෂ්කරයි කියා හැර යා යුතු ද ජීවිතය
    කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස...
    -වස්සානය -

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 ปีที่แล้ว

      'දුෂ්කර ය කියා හැර යා යුතු ද ජීවිතය ?'
      දුෂ්කර ම පැන නගා , 'ඔව්' කියන්නෙමි තිර ව
      ඒ එදාටත් වඩා දුෂ්කර ම තැන වෙත ය
      එකක් නොව දෝතක් ම කටු පොකුරු ගනු පිණිස .
      - රත්න ශ්‍රී විජේසිංහ (වස්සානෙන් පසුව) -

  • @lalivith508
    @lalivith508 ปีที่แล้ว +4

    මහගමසේකරයන්ට පසු අපට ලැබුනු මහගු වස්තුවක් රත්න ශ්‍රි ඔබට දිර්ගායුෂ පතමි!

  • @shaniSamarakoon-s5q
    @shaniSamarakoon-s5q 11 วันที่ผ่านมา

    පිදිය යුතු උතුම්නල ඔබ තුමන්ලයි. ජීවිතේ විදින්න පුලුවන් මේ වැනි වැඩ සටහන් අහද්දි. අපෙත් ආයු අරන් ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනව. දීර්ඝායු ලැබේවා .🙏🙏🙏

  • @SARALAKAMA
    @SARALAKAMA 3 ปีที่แล้ว +7

    නිවෙනවා💕✨️

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella ปีที่แล้ว +1

    ආදරෙයි සර්........සුවබර දිගු දිවියක් පතමි.. කවියට අත හිත දුන් දයාබරයා.........

  • @amilaweerathungaa
    @amilaweerathungaa 3 ปีที่แล้ว +3

    රත්න ශ්‍රී සර්ට දීර්ඝායුෂ පතමි.එලෙසම චජිර සොයුර ඔබ මෙවන් වැඩසටහන් වඩාත් අර්ථාන්විතව ඉදිපත ගැනත් ස්තූතියි

  • @ireshadulanjali9660
    @ireshadulanjali9660 3 ปีที่แล้ว +4

    ඔබ සමග වන පැරණි කාව්‍ය සාහිත්‍ය නුතන කාව්‍ය සාහිත්‍යයට ආබරණයක් කර ගත යුතුයි❤
    එය පහදා දෙමින් ඔබ පරණ කාව්‍ය සාහිත්‍යට පන් දීම ආඩම්බරයක්🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tasteoflife3580
    @tasteoflife3580 3 ปีที่แล้ว +3

    I'm so glad to see Harshana as fine adult singer. All the best to you.

  • @ThinithiSenethya
    @ThinithiSenethya 2 หลายเดือนก่อน

    I'm still 14 years But Lv this program ❤

  • @kalawanejayasekara2164
    @kalawanejayasekara2164 8 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් වැඩ සටහනකි.කවිය සමග ගීතය ද සමානව සම්භාවනාවට ලක්වීමයි විශේෂත්වය.

  • @padmasivapalan5342
    @padmasivapalan5342 13 วันที่ผ่านมา

    Nice Enjoyed 😉 👌

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +2

    මේ වැඩසටහන අවුරුදු 2 කට පෙර වුවත් මම දැක්කෙ අද.2023 07.25 .ඉතින් මට කියන්න තියෙන්නෙ රතන ශ්‍රී කියන්නෙ සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පුස්තකාලයක්.කවියෙක් සාහිත්‍ය ධරයෙක්වෙන්න මොන තරම් මුලාශ්‍ර වලින් පෝෂණය වෙන්න ඕනෑද කියා දැනගන්න හොඳම උදාහරණයක් .ඔහු තලමලපිපිලා කතාවට Wordsworth ගෙ daffodils උදාහරණයට ගන්නවා.තවත් විටෙක T.S.Elliott උදාහරණයක්සේ පෙන්වනවා.මහගමසේකරයන්ගේ පාළි දැනුම හා බැදුණු ථෙරිගාථා උපුටාදක්වනවා.සංස්කෘත ශ්ලෝක හා බැදුණු සාහිත්‍ය උපුටා දක්වනවා.ගාඩි ජනකොට්ඨාසය ගැන උදාහරණ ගෙන හැර පානවා.මහනුවර රොඩී කුලයේ මිනිස්සු ගැන ඒ අය ගෙදරකට ආවාම අපි අනිවාර්යයෙන් ඔවුනට යමක් දියයුතු බව හරියට බලාගෙන හිටිය වගේ කියන්නෙ.මම මහනුවර රොඩි ගම්මානයට ආසන්නයේ ගමක කෙනෙක්.අපි ගොයම් කපා වී ගෙට ගන්නකොටම ඔය මිනිස්සු කද වල් අරගෙන අපේ ගෙවල්වලට පින්කඳ ආයුබොවන්ඩ කියාගෙන එන්නෙ.අපේ අප්පච්චි ඔවුන් එන කාලෙට අපිට මිදුලට වත් යන්න දෙන්නෙ නෑ.ඒ මිනිස්සු ඉනා මතුරනවා කියා.ඇත්තටම සැබෑ කවියෙක් හා ගීත රචකයෙක් හැටියට රත්න ශ්‍රී මහතා ලබා ඇති පන්නරය විස්තර කරන්න මට වචන නෑ.ඒනිසා කවියකු හා සාහිත්‍යධරයකු වන්න නම් ගතයුතු උදාහරණ එමටයි.විමල් දිසානායක වැනි නූතන යුගයේ කවියන් විල්සන් හෑගොඩ වැනි චිත්ත රෑප මවන කවියන් එකීමෙකී නොකී හැම කේෂ්ත්‍රයක්ම කොතරම් දුරට ඔහුගේ පණ නල වගේ එකට බැදිල.7 වසරේදි කවියක් ලියා රැ.25 ක තෑග්ග ගත්තහැටි.මට එතුමා කීව දේ හීනෙනුත් පෙනේවි.මගෙ ගෙදර වැඩ භාගයක්ම අතපසු වුණා මෙයට සවන්දීම නිසා.ඒ නිසා කවියකු තුළ ඇසුපිරෑ තැන් අනන්වත් තිබිය යුතුයි.මේනිසාමයි මම ඔහුට සවන්දෙන්නෙ.නව පරපුරට මොහු වැන්නන් දායාදයක් .හැකි හැම කෙනෙක්ම මේ විෂය රස විදින්න හා හදාරන්න කැමති අයට රත්න ශ්‍රී විජේසිංහයන් තරම් වටිනා සම්පතක් තවත් නැති තරම්.ඔහුට දීර්ඝායුෂ පතමි.

  • @lashiniimeshani
    @lashiniimeshani 3 หลายเดือนก่อน

    මට අවුරුදු 15 මාත් ආසයි කවි නිසදැස් ලියන්න

  • @rajithdileepa8579
    @rajithdileepa8579 3 ปีที่แล้ว +5

    රත්න ශ්‍රී සර් ආයුෂ බොහෝ වේවා..!❤️❤️

    • @willwaramudiyanselagewijes6175
      @willwaramudiyanselagewijes6175 3 ปีที่แล้ว +2

      ඔබ රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් කල අනූපමමේය මහා සේවය ඉතා අනර්ගයි ඇදුරිදුනි ඔබට දීර්ගායුෂ ...

    • @willwaramudiyanselagewijes6175
      @willwaramudiyanselagewijes6175 3 ปีที่แล้ว +1

      ඔබ රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් කල අනූපමමේය මහා සේවය ඉතා අනර්ගයි ඇදුරිදුනි ඔබට දීර්ගායුෂ ...

  • @rajikahettigoda9906
    @rajikahettigoda9906 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @sumitragamage9553
    @sumitragamage9553 3 ปีที่แล้ว +3

    Sir ...rathnasri...oba wanan ge aduwa...Lanka mathawata wadath.awasa mohothakai inne...sir

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 3 ปีที่แล้ว +9

    Obathuma enakam maga balagena hitiye💛

  • @ranjithgamage2901
    @ranjithgamage2901 3 ปีที่แล้ว +1

    very good approached. keep on. best wishes and regards.

  • @himaladesilva94
    @himaladesilva94 3 ปีที่แล้ว +29

    කාලක් සිටම නොයිවසිල්ලෙන් හිටියාට
    අදයි හප්පේ.. වැහැලා පෑයුවේ හඳ

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +4

    හෙළ පද්‍ය කෙත් යාය කවියෙන් අස්වද්දන්නට ඔබට ශක්තිය ලැබේවා !💖

  • @naveenwickramathunga7237
    @naveenwickramathunga7237 3 ปีที่แล้ว +11

    ලස්සනයි වැඩසටහන. එල. වජිර අයිය ලස්සනට කරනව pragram එක

  • @dgamage206
    @dgamage206 ปีที่แล้ว +1

    අපේ කාලයේ මහා ගාන්ධර්වයානන් , තෙරුවන් සරණයි 🙏

  • @nimanthipoornima3251
    @nimanthipoornima3251 2 ปีที่แล้ว +1

    තව තවත් මෙවා ගේ දෙවල් කරන්න ශක්තිය දයිරය ලැවෙවා

  • @kumarialwis8127
    @kumarialwis8127 3 ปีที่แล้ว +7

    Deerghayu Wewa !!!
    Theruwan Saranai !!!

  • @dilankamoramudalige3850
    @dilankamoramudalige3850 2 ปีที่แล้ว +2

    රත්න ශ්‍රී සර් ඔබට දීර්ඝායු 🙏