හොදම චතුමධුර හදන ක්‍රමය Method of making Chatumadhura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #චතුමධුර #Chathumadura #ධර්ම_දේශනා
    චතුමධුර යනු දුබල බව දුරුකර ගැනීමට හොද ඖෂධයකි.
    චතුමධුර ලෙස හදුන්වන්නේ මෙය සැකසීමට ද්‍රවයය හතරක් යොදා ගන්නා බැවිනි.
    ඒවා නම්,
    🌷සප්පි-ගිතෙල් (එළගිතෙල් ද යොදා ගනී)
    🌷නවනීත-වෙඩරු (සාමාන්‍ය ව්‍යවහාරයේ දී බටර් ලෙස හදුන්වයි)
    🌷සක්ඛර-හකුරු (කිතුල් හකුරු නම් වඩාත් සුදුසුයි)
    🌷මධු-මී පැණි
    🌸මෙය වටිනා ගිලන්පසකි.
    🌸සිල් සමාදන් වී සිටින අතරතුර ඉර අවරට යෑමෙන් පසුව වැළදීමට ද හැකිය.
    🌸නමුත් බොහෝ සේ වැළදීම අගුණය.හැනදක් දෙකක් වළදා උණු ගිලන්පසක් වැළදීම යෙහෙකි.
    🌸සකුරු නොමැති නම් සීනි හෝ කිතුල් පැණි යෙදිය හැකිය)
    🌸වරක් සාදා ගත් චතුමධුර බොහෝ කලක් තබා ගත හැකිය.
    සැළකිය යුතුයි:
    🍄නියම ගිතෙල් හා මී පැණි නොගතහොත් ඉක්මණින් ම භාවිතයට නුසුදුසු විය හැකිය.
    🍄එසේ ම අනුභවයෙන් ශරීරයට අගුණදායක විය හැකිය.
    🍃අපගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම උදෙසා චතුමධුර සකස් කර ගන්නේ මෙහෙමයි.
    අවශ්‍ය ද්‍රව්‍ය:
    (මෙහි දක්වා ඇත්තේ හකුරු 250g ටඅවශ්‍ය ප්‍රමාණයන්.)
    🍒ඇන්කර් හෝ හයිලන්ඞ් බටර් කාලක් (125g)
    🍒කිතුල් හකුරු 250g
    🍒මී පැණි අවුන්සෙ බෝතල් 01
    🍒එළඟිතෙල් අවුන්සෙ බෝතල් 01
    සාදා ගන්නා ආකාරය:
    🍒බටර් කුඩා කැබලිවලට කපා ගන්න.
    🍒හකුරු සිහින් වන සේ ලියා ගන්න.
    🍒ප්‍රමාණවත් භාජනයකට බටර් දමා රත් කරන්න.
    ලූණු සහිත බටර් යොදා ගත්තේ නම් රත් කරන විට පෙන ඇති වේ. එම පෙන ඉවත් කළ යුතුයි.
    🍒එයට ම එළඟිතෙල් ද ටිකෙන් ටික එක් කර රත් කරන්න.
    🍒සිහින් ව ලියා ගත් හකුරුවලට වතුර බිංදු කිහිපයක් ඉස ලිපේ තබා හැඳි ගාන්න. හකුරු දිය වීමෙන් පසු බුබුළු නගින විට රත් කර ගත් බටර් සහ එළඟිතෙල් එක් කර පදම එන තුරු හැඳි ගාන්න.
    🍒ඝන බවට පත්වේගෙන එන විට ලිපෙන් බා නිවෙන තුරු හැඳි ගාන්න. නිවුන පසු මී පැණි ද යොදා හොඳින් කලවම් කරන්න.
    🍒සකස් වීමෙන් පසු ලැබෙන ඝන මිශ්‍රණය හකුරු පැහැයට හුරුයි.
    මෙලෙස සකස් කර ගන්නා චතුමධුර සතියක් පමණ කල් තබා ගන්න පුළුවන්.
    ⋆නිසි පරිදි චතුමධුර සැකසුනා ද යන්න මඳක් රස බැලීමෙන් සොයා ගත හැකියි. නිසි අයුරෙන් සැකසෙන චතුමධුරවලින් බටර්, හකුරු, මී පැණි සහ එළඟිතෙල් යන එකිනෙකෙහි රස සමානව දැනෙනවා. ඒ එක් රසයක්, අනෙක් රසයන් ඉක්මවා යන්නේ නැහැ.
    ⋆මෙය පහසු යැයි සිතුණත් පදමට සකස් කර ගැනීම අසීරු කටයුත්තක්. සියල්ල හොඳින් මිශ්‍ර වී සෑදෙන චතුමධුර රසයෙන් අනූනයි. අතිශය මිහිරියි.
    ⋆සාදා ගත් චතුමධුර ඉතා පිරිසිදු භාජනයන්ට බෙදා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය උදෙසා මහත් ශ්‍රද්ධාවෙන් යුතුව ම පූජා කර ගන්න.
    ⋆චතුමධුර විකාල භෝජනයක් නො වෙයි. එම නිසා ඕනෑම කාලයක දී පූජා කරන්නටත් පුළුවන්.
    චතුමධුර පූජා කිරීමේ ගාථාව :
    අදිවාසේතු නො භන්තෙ-චතුමධුරං පරිකප්පිතං
    අනුකම්පං උපාදාය- පතිගණ්හාතු මුත්තමං
    ස්වාමීනී භාගය්‍යවතුන්වහන්ස,අපගේ ආරාධනය ඉවසන සේක්වා.උත්තමයන්වහන්ස අප විසින් සකස් කළ සියල්ලෙන් කැප වූ චතුමධුර ගිලන්පස අනුකම්පාවෙන් පිළිගන්වා සේක්වා.
    🌸මෙවන් පූජාවන් සකස් කරන විට අපි එය මනා කොට සිදු කරන්නේ කොහොම ද කියලා අපි සිහිපත් කරන්නේ මනා කොට සකසා දෙන දෙයින් මනා වූ ප්‍රතිඵල ලැබෙන නිසා ම යි. ඒ බව අපිට කියලා දුන්නෙත් භාග්‍යවතුන් වහන්සේ ම යි නේ ද?
    🌸මෙහිදීත් අනෙක් සෑම පූජාවක් ම සකස් කරන විට අනුගමනය කරන ආකාරයෙන් ම මුඛවාඩම් (මාස්ක් ) බැඳගෙන, පිරිසිදු ස්ථානයක, පිරිසිදු ඇදුම් පැලඳුම් ආදිය ඇඳගෙන, පිරිසිදු උපකරණ පමණක් ම යොදා ගනිමින් චතුමධුර සකස් කිරීම ඉතා යෝග්‍ය යි.
    🌸ඒ වගේ ම උඩුවියන් ආදිය ද බැඳගත හැකි නම් ඉතා හොඳයි.
    🌸බුදුගුණ සජ්ඣායනාවක් වැනි යමක් හෝ පිරිත් හෝ ඇසෙන්නට දමා ගෙන බුදු ගුණ ම සිතමින් ඒවා සකස් කරන්න.
    🌸කෙළ බිඳිති ආදිය විසි වීමට ඉඩ ඇති නිසා ශබ්ද නගමින් කථා බස් කිරීමෙන් වළකින්න (මුඛවාඩම් බැඳගැනීමෙන් මෙය වළක්වා ගන්න පුළුවන්).
    🌸මේ අයුරින් ඉතා පිරිසිදුව සහ ශ්‍රද්ධාවෙන් යුතුව සකස්කර ගත් චතුමධුර සිල්වත් ව, මහත් සැදැහැයෙන්, කර්ම ‐ කර්ම ඵල අදහාගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමෙන් මහත් ආනිසංස ලැබෙනවා.
    🌸අප සියලූ දෙනාට ම මේ ප්‍රණීත පූජාවන් මනා කොට සකසා සිදුකොට, ප්‍රණීත වූ අමෘතය වන අමා මහ නිවන සාක්ෂාත් කොට ගැනීමට භාග්‍යය උදා වේවා!
    සැමට තෙරුවන් සරණයි 🙏
    Face Book - / ලස්සන-දෙරණ-lassana-der...
    Whatsapp - 0718888003

ความคิดเห็น • 162

  • @LassanaDerana
    @LassanaDerana  ปีที่แล้ว +5

    දින 4ක අනුරාධපුර සංචාරයේ මතක සටහනක් මෙතනින් 👇
    th-cam.com/video/pCPct_BdpT0/w-d-xo.html

  • @lafeerabdulhaque4815
    @lafeerabdulhaque4815 4 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමන්ලට දෙන්න පිං නැහැ අපි ලඟ​...බොහෝම පිං සිදු වේවා.....මේ ඉතා අනගි ගුණදායක ආහාර සකසා ගැනීම ගැන මේ ආකාරයෙන් ගුරු හරුකම් දීම මේ මහා ජාතිය පින්වත් නිරෝගී ජාතියක් බවට පත් කර ගන්නා ඒ මහඟු කාර් යයට පිටුවහලක් ම වේවා.....බුදු සරණ වේවා.

  • @SanuliTharuli
    @SanuliTharuli 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මා දැනගෙන හිටියේ නැහැ චතුමධුර සාදන අයුරු බොහෝම පිං තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @deshapriyaweerakkody1705
    @deshapriyaweerakkody1705 7 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු...
    බොහොම පින්..
    අප අතින් මේ මගපෙන්වීම මත චතුමදුර සැකසේවි
    භාවනායෝගී සෙනසුන්වාසී ස්වාමීන්වහන්සේලාට මේ වස් කාලයේදී පූජා වේවි..
    ඉන් ජනිතවන පුණ්‍යකර්මය ඔබ සැමටත් බොහෝසේ හේතූඋපනිශ්‍රය වේවා...!!

  • @chandanirathanayaka5646
    @chandanirathanayaka5646 ปีที่แล้ว +10

    සාදු සාදු මෙ පුජාව අපිත් අනුමෝදන් වෙමු 🙏🙏🙏🙏

  • @premaeathnapp9576
    @premaeathnapp9576 23 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු සැමට තෙරැවන්සරනයි 🌼🌼🌼🙏🙏🙏

  • @dammidammi2561
    @dammidammi2561 ปีที่แล้ว +9

    රෝගාතුරව සිටින අම්මට ඉක්මන් සුවය ලැබේවා ..මේ අයුරින් චාතු මදුර සකස් කරගන්න කියා දුන් ඔබට තෙරවන් සරනයි ...අප ස්වමින් වහන්සේටත් ..නිර්වාන අවබෝධය ලැබේවා ...🙏🙏🙏

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. අම්මාට ඉක්මන් සුවය ලැබේවා..!

    • @sawarnasenevirathna4349
      @sawarnasenevirathna4349 2 วันที่ผ่านมา

      😂

  • @journeywithindi
    @journeywithindi ปีที่แล้ว +9

    ඔබ වහන්සේට උතුම් සම්බුදු සාසනයේ වැඩසිටි සැරියුත් මුගලන්, අනුරුද්ධ,කාශ්‍යයප උතුම් මහරහතන් වහන්සේලා අවබෝධ කොටගත් ඒ උතුම් අමානිවන් මග අවබෝධ කර ගැනිම පිනිස සියලු පිං කුසල් හේතු වසනාවේවා!!🙏 ඒ වගේම මේ පිං කම සිද්ධ කිරීමට දායකවූ ඒ සැමටත්.. විශේෂයෙන්ම ලස්සන දෙරන වැඩසටහන මගින් නිතරම අපට උන්වහන්සේගේ දේශනාවන් අසා සිත පහදවා උතුම් දහම් කරුනු දැන ගැනීමට ඉඩසලන ප්‍රදිප් මහතාට ගොඩක් පිං, ඔබ සැමට උතුම් ත්‍රිවිද ‍රත්නෙ පිහිටයි!! 🙏🙏

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      බොහොම ස්තූතියි . තෙරුවන් සරණයි 🙏

    • @nisanisansal7603
      @nisanisansal7603 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @priyanthapeiris9156
      @priyanthapeiris9156 7 หลายเดือนก่อน +1

      Ssdu ssdu ssdu namo buddaya

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology ปีที่แล้ว +4

    බොහෝ පින් ලැබෙන වැඩසටහනක් !!! සුවපත් වේවා !!!

  • @amilapanambalana911
    @amilapanambalana911 ปีที่แล้ว +8

    ගොඩාක් පින්.චතුමධුර සාදන අයුරු දැනගන්න සැලසුවාට

  • @renukamanel4497
    @renukamanel4497 ปีที่แล้ว +11

    සාදු ...සාදු ....චතුමඩුර සකසන ආකාරය දැන ගත්තේ මෙම වීඩියෝ වෙන් ඔබලා සියලු දෙනාටම ගොඩක් පින් බුදු සරණයි

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @kkanulakkanula2144
    @kkanulakkanula2144 5 วันที่ผ่านมา +1

    ගොඩක් පින්.චතුමදුර.හදන්න කියලා දුන්නට

  • @manelamarasekara5929
    @manelamarasekara5929 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා 🙏🙏🙏 සියලු දෙනා නිදුක් නිරෝගි වෙිවා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 วันที่ผ่านมา

    හොඳයි ස්තුතියි
    බුදු සරණයි! ජයවේවා!

  • @padmamarasinghe4027
    @padmamarasinghe4027 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    බොහොම පින් ඔබතුමා ට
    මම චතුමදුර සාදාගන්නා ආකාරය හොඳින් ඉගෙන ගත්තා
    ඔබට බොහොම පින්

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @user-bp5bm4jh8b
    @user-bp5bm4jh8b 9 หลายเดือนก่อน +23

    උක්පැණි ගන්නේ.. උක් පැණි සොයාගන්න නොහැකි නම් උක් හකුරු ගන්නේ. තාල වර්ගයට අයත් ගස් වලින් ගන්නා දේවල් විකාලයට අකැපයි . කිතුල් ගස තාල වර්ගයට අයත් නිසා කිතුල් පැණි කිතුල් හකුරු අකැපයි පොල් පැණි පොල් හකුරුත් අකැපයි .විනය පිටකය බලන්න.නිවැරැදි දේ දෙන්න .

    • @krishanthawejenayake4998
      @krishanthawejenayake4998 9 หลายเดือนก่อน +7

      ඔව් උක් හකුරු ගන්නේ.කිතුල් හකුරු කැප නැහැ කියලා තමයි ස්වාමීන් වහන්සේලා කියන්නේ.😮

    • @nimalles2228
      @nimalles2228 8 หลายเดือนก่อน +4

      ඔවු. ඇත්ත. උක් හකුරු විතරයි ගන්නෙ. වෙනත් දේවල් එකතු කරොත් අකැපයි

    • @Pathirana23456
      @Pathirana23456 4 หลายเดือนก่อน +3

      Ow ඒක හරියට hari

    • @dilinisumathipala815
      @dilinisumathipala815 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @DasanayakaAluthgedara-cb3kh
      @DasanayakaAluthgedara-cb3kh 14 วันที่ผ่านมา +3

      බටර් වල salt තිබේනම් එය ඉවත් කල යුතුයි .

  • @liyanage5684
    @liyanage5684 3 วันที่ผ่านมา

    Mawasuwawawa budusarani obathumTah

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 21 วันที่ผ่านมา +4

    වැරදි දේවල් සමාජගත කරන්න එපා.ඔය ගන්න සමහර දේවල් විනය විරෝධීයි.

  • @asr3144
    @asr3144 วันที่ผ่านมา +2

    අපි නම් රත් කරන්නේ නැහැ. බටර්, මී පැනි, උක් පැනි/ උක් හකුරු, තල තෙල් එකට මිශ්‍ර කරනවා.
    මේ සියළු දේ ගින්දරින් රත් නොකර සාදන දේවල්.

  • @indiradamayanthi9559
    @indiradamayanthi9559 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි,,.

  • @HonalKeshara
    @HonalKeshara 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu tharuwan saranai .

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 3 วันที่ผ่านมา

    A aya siyaluma denata ma nirogi bawaya labewa swamin wahanse tath niwan awaboda wewaa theruwan saranaie puluwan nam me badu gaththe kohe daa

  • @nilushianuradha7486
    @nilushianuradha7486 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ishanidamayanthi3844
    @ishanidamayanthi3844 ปีที่แล้ว +2

    සාදු.සාදු.අපේ.හාමුදුරැවන්ට

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 7 วันที่ผ่านมา

    Sadu..sadu..sadu.. Dakar bala satutu sithi mamathe anumodan wemi..!!!

  • @nadeeranilmini2827
    @nadeeranilmini2827 4 วันที่ผ่านมา

    Theruwan saranai.

  • @vineethajayasekara2613
    @vineethajayasekara2613 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน +1

    Anumodan wewa 🙏🙏🙏🙏🙏💕🙏🙏🙏🙏🙏💕🙏🙏🙏🙏🙏💕🙏🙏🙏

  • @tanujaww7955
    @tanujaww7955 หลายเดือนก่อน

    තෙරුවන් පිහිට

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 2 หลายเดือนก่อน

    Niwaradi akarayata chumadura sadaganna kiyaladunna obayhumata mahathpala mahanisansa labewa labewa labewa

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน

    Suwapath wewa niduknirogi dergayusha labewa dennatama 🙏🇦🇪🇱🇰🌷

  • @mbldissanayake2901
    @mbldissanayake2901 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 ปีที่แล้ว

    E maw tumiyata niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v 4 หลายเดือนก่อน

    oba wahansegea deshana really true and great 🙏

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +1

    ගොඩක් පින් ❤

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏💐🙏 බොහෝ පිං 🙏🙏🙏 පිංවත් ඔබට යහපතක්ම වේවා 🙏නිවනින්ම සැනසීම ලැබේවා 🙏🙏🙏

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v 5 หลายเดือนก่อน

    Sariputha maha rahathan wahansete mage namaskaraya wawa 🙏🙏🙏🪷

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว

    Sadu sadu sadu oba depalata budusaranai

  • @rasikamanohari6605
    @rasikamanohari6605 2 วันที่ผ่านมา

    Unsalted butter ganna one. Salted butter akepai. Vikalaye valandanna akepai.

  • @sirimalikarunagoda4013
    @sirimalikarunagoda4013 ปีที่แล้ว +14

    කිතුල් පැණි ගන්නෙ නැහැ. පොල් කිතුල් තහනම්

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 ปีที่แล้ว +3

      ඔව්..
      උක් හකුරු හෝ උක් පැණි..

    • @samankumar3218
      @samankumar3218 ปีที่แล้ว +5

      ඔවි ගින්නේ රත් කිරිමත් කැප නැහැ රත් නොකර මෙිම දේවල් සමානව ගෙන මීශු කිරිම හෝ අවුවෙි රත්කර විතරයි කැප වෙින්නේ

    • @SL_Car_Models
      @SL_Car_Models 7 หลายเดือนก่อน +1

      ඒත් මෙයා ගත්තෙ කිතුල් හකුරුනෙ ඔයාල හැමෝම කියන්නෙ උක් හකුරු ගන්න කියලනෙ

    • @chandrakarunarathne337
      @chandrakarunarathne337 10 วันที่ผ่านมา

      Ow

    • @maddumagefernando8863
      @maddumagefernando8863 4 วันที่ผ่านมา +1

      කිතුල් හකුරු ගන්නේ නැහැනේද ? මම නම් අහලා තියෙන විදියට උක් හකුරු
      නේද ගන්නෙ. එළඟි තෙල් ,මීපැණි ,උක්හකුරු, අනෙක මොනවාද වියලි මිදි, සූකිරි දෙකින් එකක් නොවේද ? බටර් ,එළඟි තෙල් දෙකම
      එක වගේ නේද ? පැරණි කාලයේ බටර් වෙනුවට එළඟි තෙල් නේද ගත්තෙ. පහදා දෙන්න .තෙරුවන් සරණයි !!!

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 ปีที่แล้ว

    Sadu sadu anumodan wemu Teruwan saranai

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 ปีที่แล้ว

    Oba wahansetahh niduk nirogi suwaya lanewai pratana karamu Teruwan

  • @chandanisamaranayaka9575
    @chandanisamaranayaka9575 8 ชั่วโมงที่ผ่านมา

    මම අසා තියෙන්නෙ බටර් ගිතෙල් ,මී පැනි,උක් හකුරු පමනයි කියල.

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 ปีที่แล้ว

    සාදූ!🌼 සාදූ! 🌼 සාදූ! 🌼

  • @chandaniathapaththu6447
    @chandaniathapaththu6447 3 หลายเดือนก่อน

    Sadu sadu sadu!!!!!

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v 4 หลายเดือนก่อน +1

    Really true suwamin wahanse 🙏🙏🙏🪷

  • @fghch3693
    @fghch3693 ปีที่แล้ว

    Bohoma pin oba tumata

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 ปีที่แล้ว +1

    🙏🙏🙏Sadu sadu sadu 🙏🙏🙏bohoma pin. Mamz chatu madura hadann da agatta

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v 5 หลายเดือนก่อน

    I heard that suthra 🙏oba wahansete mage namaskaraya wawa sariputha maha rahathan wahanse bring to chatumadura loseka rahathan wahanse

  • @kumarry
    @kumarry ปีที่แล้ว

    Glauss. Dammmanam. Hodai

  • @slphotoLK
    @slphotoLK ปีที่แล้ว +2

    😍😍😍😍

  • @lathaudagedara2749
    @lathaudagedara2749 11 หลายเดือนก่อน +3

    උක්හකුරු නේද ගන්නේ කිතුල් තල් පොල් හකුරු ගන්න නැලු නේද

  • @ravijayawardana9177
    @ravijayawardana9177 5 วันที่ผ่านมา

    Kala kala thela vadi evnta owa hari naha dry gin bottle ekak depalla

  • @ireshadilrukshi7867
    @ireshadilrukshi7867 ปีที่แล้ว +3

    Chathu madura unu karan na උක් හකුරු ගන්නෙ හවසට පූජා karanne na unu karapuwa ai boru danne minissu rawattanna oyata pau

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      එතකොට ඒ හාමුදුරුවෝ කියන්නෙත් බොරුද?

    • @priyanganinawarathna4261
      @priyanganinawarathna4261 ปีที่แล้ว

      Mamath danna widihata chathumadura rath karanne nha..
      Butter..mee pani...hakuru ..elagithel hondin matha gaala hadanne..
      Lipaka uyanawa dakkamae..

    • @priyanganinawarathna4261
      @priyanganinawarathna4261 ปีที่แล้ว

      @@LassanaDerana
      Kiyana de watadee

  • @user-pu2yx9dg6v
    @user-pu2yx9dg6v 4 วันที่ผ่านมา

    චතුමධුර ගැන සදහන් වන්නෙ කුමණ පොතෙහිද

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +2

    අැයි මෙිවැනි බොරැ දේවල් පුචාරය කරන්නේ බුදුන්ගේ ධර්මය අනුව මෙිවැනි දේවල් කරන්න මෙිවැනි වැරදි දේවලින් මිනිසුන්ගේ පිනට බදාවක් මෙිවැනි වැරදි දේවලින් වෙින්නේ පවක් විතරයි කිතුල් හකුරැ තල් පොල් හකුරැ විකාලයේ අකපැයි විකාලයේ කැප වෙින්නේ උක් හකුරැ පමණයි අනික ගින්නේ සකසන චතුමධුර කැප නැහැ අවුවෙි තබා සකසන සහ අවුවෙි නොතබා මිශු කරන චතුමධුර විතරයි කැප වෙින්නේ මෙිවැනි දේවලට අාදේශක ගන්න බැහැ නිවැරදි දේවල් නිවැරදි අාකාරයට කියලා දෙන්න මිනිසුන්ගේ ශුද්ධාව සමග මෙිවැනි සෙල්ලමි කරන්න එපා තමුනුත් පාපයක් කරගෙන අනිත් අයවත් පාපයට අැද දැමීමක් තමයි මෙිතනින් සිදුකරන්නේ

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 7 หลายเดือนก่อน

    Teruwn saranai

  • @sandyaroshini6590
    @sandyaroshini6590 8 หลายเดือนก่อน +1

    මේක වැරදියි.චතුමදුර හදන්නේ උක් පැනි හො උක් හකුරු පමණයි.කිතුල් හකුරු අකැපයි

  • @swcdananjani1854
    @swcdananjani1854 3 วันที่ผ่านมา

    මම මේ බලන් නේ 2024.8.20.හරිදෙ කියන්න. උක් හකුරු ගන්නේ.

  • @chandrapalathanippuliarach6956
    @chandrapalathanippuliarach6956 3 วันที่ผ่านมา

    කිතුල් හකුරුද/උක් හකුරුද?

  • @jemilaendiya3511
    @jemilaendiya3511 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 11 หลายเดือนก่อน +1

    බුදු හාමුදුරුවන් ඉන්දියවෙ නම් චතුමදුර ලංකාවේ උනේ කොහොමද

  • @champaperera3559
    @champaperera3559 ปีที่แล้ว +5

    කිතුල් හකුරු මේ සදහා යොදා ගැනීම වැරදියි .කිතුල් මහ පල බෝගයක් ලෙස ගැනීම නිසා සවස ගිලන් පස්සට අකපැයි. ඒ සදහා ගත යුත්තෙ උක් හකුරු යි. අපිත් දැනගත්තෙ ස්වාමීන් වහන්සේ නමකින්. ඒ නිසා වීඩියෝව නිවැරදි කරන්න. පව් සිද්ද වෙයි.

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      බොහොම හොදයි

  • @isurupriyankara4331
    @isurupriyankara4331 ปีที่แล้ว

    Mali oyata godak pin

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 4 วันที่ผ่านมา

    චතුමඩුර වීඩියෝවේ පිනින් රෝගීමවට සුවයලැබේවා සාඩු සාඩු සාඩු

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 7 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lalanimalkanthi1206
    @lalanimalkanthi1206 ปีที่แล้ว +1

    Mama ahala thiyene kithul hakuru newei uk hakuru ganne kiyala.unu karanneth naha.

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว +2

    තල් පොල් කිතුල් වැටෙින්නේ මහාපල ගනයට ඉතිං කොහොමද විකාලයේදි කැප වෙින්නේ විකාලයේදි කැප වෙින්නේ උක් විතරයි මිනිසුන්ට බොරැ දේවල් දෙන්න එපා ධර්මය ගැන දැනගෙන මෙි දේවල් කරන්න

  • @Pathirana23456
    @Pathirana23456 4 หลายเดือนก่อน

    කටත් වහ ගෙන karanna කෙළ බිඳු වැටෙනවා

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh 11 หลายเดือนก่อน

    මාහෝ සුමේධ හිමියන් චතුමධුර සෑදීමට දෙන උපදෙස වන්නේ මේ රත්කරන දේවල් වෙන වෙනම රත්කරන්නයි ඉන් පසුයි එකතු කරන්නේ .බටර් වල ලුණු ඉවත් කළ යුතුයි.

  • @DhammananadaThero
    @DhammananadaThero 2 วันที่ผ่านมา

    කිතුල් හකුරු නෙවෙයි උක්හකුරු ගන්නේ

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 18 ชั่วโมงที่ผ่านมา

    මීමස්සා.දුකෙන් හොයපු.පනි දෙපාසතා උන්ට වදදී එලවා මරා.පිලව්.මරා.ගන්න්වා මොන පවක්ද ඒ බෙහෙතෙ.

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 ปีที่แล้ว

    ස්වාමීන්වහන්සේ ඉක්මනින් ම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.🙏🙏🙏🙏🙏🙏

  • @kumududesilva8008
    @kumududesilva8008 ปีที่แล้ว +4

    කිතුල් හකුරු නෙවෙයි ගන්නෙ උක් හකුරු

  • @nalikapathirana3815
    @nalikapathirana3815 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu!!!🙏🙏🙏

  • @venaluthgamananda1984
    @venaluthgamananda1984 10 หลายเดือนก่อน

    උක් හකුරු තමා කැප. කිතුල් හකුරු යොදා ගන්න එපා. එය විනයානුකූල වෙන්නේ නැහැ.එය ස්වාමීන් වහන්සේලාට වළඳන්න සුදුසු නැහැ. ඒ වගේම තල තෙල් යොදා ගන්නත් එපා. කිතුල් හකුරු වළඳන්න පුළුවන් 12:00 ට පෙර.

  • @wimalasenagamage8406
    @wimalasenagamage8406 5 วันที่ผ่านมา

    චතුමඳුර හදනකොට අළුත් භාජන ගන්නඹ්‍නෙ තවත්එකක්උඩට උඩුවිනනක් බබඳින්නඔ්‍නෙ

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว

    උක් හකුරු මී pani .බටර්. ගිතෙල් පානයක් විදිහට හෝ වතුර නොදා සාදා ගත හකියි

  • @chefradha9332
    @chefradha9332 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-fw1zm4fd5x
    @user-fw1zm4fd5x 10 หลายเดือนก่อน

    Uk hakuru gannay

  • @user-wb3ck3ho7o
    @user-wb3ck3ho7o ปีที่แล้ว +1

    ගිතෙල් වල ප්‍රමාණය , මී පැණි වල ප්‍රමාණය සහ හකුරු සහ බටර් වල ප්‍රමාණයන් පැවසුවේ නෑ නෙ........

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      ගිතෙල් භාගයකින්, මී පැණි භාගයකින්, හකුරු 500g, බටර් 500g කින් සතියකට සෑහේ.

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 5 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nn-iy9ob
    @nn-iy9ob ปีที่แล้ว

    Kithul hakuru Ganna baa....kapa naa

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว +1

    Bohama පිංසිදුවන්නට ඕනෑ .🙏

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🪷🪷🪷🪷🪷🪷🪷💛

  • @sumanagunarathne503
    @sumanagunarathne503 ปีที่แล้ว +3

    එකම අඩුව ප්‍රමාණයන් කීවෙ නෑ

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +5

      සතියකට අවශ්‍ය ප්‍රමාණයට මෙය සකසන්නේ. එතකොට හකුරු කිලෝ එකක් පමණ. මී පැණි බෝතල් භාගයක් පමණ, බටර් ග්‍රෑම් 450ක් පමණ, එළගිතෙල් කාලක් පමණ. ස්තූතියි එය පෙන්වා දුන්නාට. කමෙන්ට් බලන කෙනෙක් මෙය දකීවි.

  • @JanakaKa-vy8bs
    @JanakaKa-vy8bs 10 หลายเดือนก่อน

    Mata denaganna kemathi a kalaye batar thibunada kiyana eka

    • @LassanaDerana
      @LassanaDerana  10 หลายเดือนก่อน

      වීඩියෝවේ සදහන් වෙනවා ඒ වෙනුවට ගන්නා ආදේශකය. සම්පූර්ණ වීඩියෝව බැලුවනම් මේ වගේ මෝඩ ප්‍රශ්න අහන්නෙ නෑ.

    • @JanakaKa-vy8bs
      @JanakaKa-vy8bs 10 หลายเดือนก่อน

      @@LassanaDerana moda prasnayak wage neda🤣🤣 ehenam ithin batar nokiya adesake kiwwanam iwarine🤣🤣 prasnayakata uthare moda prsnayakda kiyana ekada 🤣🤣 me wage gon katha gon weda nokara sitiyanam yahapath👍👍

  • @deepiachandanihewahakuruge4339
    @deepiachandanihewahakuruge4339 6 หลายเดือนก่อน

    උක්හකුරැ නේද ගන්නෙ?

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 ปีที่แล้ว

    අනේ අයියේ කොහෙද මේ හාමුදුරුවන් වහන්සේලා වැඩ සිට්න ආරන්නිය,,ආසයි අපිට එන්න ,,ඔයාට ගොඩක් පින් කුසල් ලෑබේවා ,,

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      දිඹුලාගල කොස්ගහ උල්පත

    • @sksapuwinna3420
      @sksapuwinna3420 ปีที่แล้ว

      සාදු!! සාදු! සාදු!
      නමස්කාර වේවා"

    • @minushakumara2022
      @minushakumara2022 ปีที่แล้ว

      සුද්දෝදන රජතුමාගේ පරපුරේ වික්ක්‍රමබාහු රජතුමාගේ පලවන බිසව සුන්දරීනම් දේවිය විසින් කරන ලද ස්තානය බෞද්ධයාගේ මුදුන්මල්කඩක් වැනි දලදා වහන්සේ ආරක්ෂිතව තැම්පත්කළ ස්තානය කොස්ගහ උල්පත වනසෙනසුන

  • @nuwansampath3689
    @nuwansampath3689 ปีที่แล้ว +2

    Sadu sadu

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilapanambalana911
    @amilapanambalana911 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @pramudithgeesara9302
    @pramudithgeesara9302 11 หลายเดือนก่อน +1

    Chathumadhura සකස් කරද්දී rathkirima akepai.....pol කිතුල් gaswa
    ගස්වල හකුරු peni ගන්නේ නැහැ .akepai.karunu
    කරුණු හොඳින්
    සොයා bala ඉදිරිපත් කරන්නේ nam yeheki

  • @NelumKumari-wt2rm
    @NelumKumari-wt2rm 9 หลายเดือนก่อน +1

    කිතුල් කැපනෑ

  • @sadhnagunawardhane6194
    @sadhnagunawardhane6194 8 หลายเดือนก่อน

    මෙහි ගන්නා ප්‍රමාණය සඳහන් කරන්නෙම නෑ නේ

  • @kottawagama
    @kottawagama ปีที่แล้ว

    සවස් කාලයේ පූජා කරගන්න පුලුවන් නේද

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      ඔව් පුලුවන් 🙏

  • @chandigunathunga2898
    @chandigunathunga2898 5 หลายเดือนก่อน

    අපරාදේ මේක බලන්න වැය කරන ඩේටා ටික, මේක වැරැදි යි.

  • @anushadissanayaka5368
    @anushadissanayaka5368 11 หลายเดือนก่อน

    ප්‍රමාණය කොහොමද

    • @LassanaDerana
      @LassanaDerana  11 หลายเดือนก่อน

      සතියකට

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 ปีที่แล้ว

    දන්න කෙනෙක් කියන්න අනේ හරිම ආසාවෙන් හැදුවෙ ඒත් ඒක හයි උනානෙ...

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      ගොඩක් රස්නෙ නැතුව හදන්න ඕනෙ. ගින්දර දාන්නෙම නැති තරම්. ගින්දර වැඩි උනොත් හයි වෙනවා.

    • @roshinidambagolla5808
      @roshinidambagolla5808 ปีที่แล้ว

      @@LassanaDerana ඒක් තමා බුල්ටො වගේ උනා..උඩ තෙල් පෑදුනා...

    • @minushakumara2022
      @minushakumara2022 ปีที่แล้ว

      ඇමතුමක් ගන්න ලස්සන දෙරන නාලිකාව තුලින්

    • @maddumagefernando8863
      @maddumagefernando8863 4 วันที่ผ่านมา

      චතුමධුර මා දන්නා තරමට රත් කරන්නෙ නැහැ අපි නම් රත් කරන්නෙ නැහැ. හකුරු හයිවෙනවා. තෙරුවන් සරණයි !!!