Puthu Enathuru By Kithsilu Danaja Wickramasinghe : Nawarathne Gamage : Lyrics Dilani Kasturiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2023
  • Artist : Kithsilu Dhanaja Wickramasinghe
    Music : Nawarathne Gamage
    Lyrics : Dilani Kasturiarachchi
    ගායනය : කිත්සිළු ධනජ වික්‍රමසිංහ Kithsilu Dhanaja
    තනු නිර්මාණය හා සංගීතය : ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ Navarathna Gamage
    පද රචනය : දිලනි කස්තුරිආරච්චි
    පුතු එනතුරු....
    --------------------------
    නුඹෙ අම්මා කිරට ගියා
    කිරි දොවලා එන්න කියා
    මහ වැස්සේ පුතු එනතුරු
    මග බලමින්මං හිටියා.....
    කිරි සුවඳට දිය රකුසන්
    මාන බලන සැඩ වතුරේ
    තවමත් නුඹ හංගාගෙන
    ඉන්නව ඇති දිය පතුලේ
    නුඹෙ අම්මා කිරට නොයා බලා හිඳිනවා පුතුනේ
    හෝ හෝ හෝ හෝ හෝ හොහොහෝ....
    නුඹ රැක ගන්නට බැරිවුන පිය සෙනෙහස් කඳුළු ගඟේ
    හුස්මක් හුස්මක් ගානේ
    මමත් ගිලෙනවා පුතුනේ
    නෝක්කාඩුවක් නොකියම
    යන්න දුන්නු වරද මගේ
    අද හිරු එළියේ
    නැතුවට නුඹේ සිනා කෙළිලොල්කම්
    කතා සිනා හඬ නිරතුරු දෝංකාර දෙයි එපිටින්
    පන වාගේ රැක ගන්නට යළිදු පිපෙන් කිරි සුවඳින්
    පසු වදන ආදරයෙන් ලියමි :
    නාඳුනන සැඩ දිය ඔබ හා මිතුරු නොවනා බව තරයේ සිතට ගන්න...
    ඔබගේ සතුට, ඔබගේ ජීවිතය අපගේද සතුට බව අමතක නොකරන්න...
    නුඹ අපේ හුස්මම බව හැමවිටම හිතේ තබා ගන්න...
    පුතේ, මොහොතක් නතර වී ආයෙත් ආයෙත් හිතන්න....
    #dilanikasturiarachchi
    #puthuenathuru
    #kothsiludhanaja
    #ekwanubari
  • เพลง

ความคิดเห็น • 5

  • @sumindamusic4411
    @sumindamusic4411 5 หลายเดือนก่อน +1

    ගීතය හරිම ලස්සනයි අය්යේ

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 10 หลายเดือนก่อน +1

    සුන්දර ගීතයක්, ගොඩක් ස්තුතියි මේ අනගි නිර්මාණය රචනා කලාට.

    • @dilanik
      @dilanik  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි !!!

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 9 หลายเดือนก่อน

    මේ අත්දැකීම අතීතයේ ඉදලම ගොඩක් අයට තියෙන්න ඇති. මේ සිංදුව අහන කොට ඇඩෙනවා ..... මේ සිංදුවෙ නිර්මාණකරුවන් තුන් දෙනාම දක්ෂයෝ....

    • @dilanik
      @dilanik  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි !!!