ආදරෙත් එක්ක උයන්න - ඔනිගිරි - Japanese Riceballs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඔනිගිරි කියන්නේ ජපානේට ආවේනික කෑමක්.. ජපන්නු කෝටු දෙකෙන් කන්න පටන් ගන්න කලින් බත් ලේසියෙන් කන්න පුළුවන් වෙන්නයි බත් ගුලි හදන් කාලා තියන්නේ.. ඔනිගිරි කියන නම හැදිලා තියන්නේ 'නිගිරු' කියන වචනෙන්.. 'නිගිරු' කියන්නේ මිරිකනවා කියන තෙරුමයි.. මේ හැමදේම මං දැන ගත්තේ google එකේ ලිපි, බ්ලොග් කියවලා. මං මේ රටට ඇවිත් අවුරුදු 13 ක් වුනත් මං මේ රටට තාම අලුත්. මට හැමදාම හිතෙන්නේ එහෙම. මං මොනාද මේ රට ගැන දන්නේ කියලා විතරයි. මොකද මං මේ ඉපදුන රට නෙවෙයි. දන්න දේවල් වල වුනත් හරිම දේ දැනගන්නේ කාලයක් ගිහින්.. මෙහේ ආහාර රටාව ගැන මං දන්න දේ ඔයාලා එක්ක බෙදාගන්න ආසයි. ඉස්සරහට මං ඒ දේවල් කියන්නම්..
    අපේ ලංකාවේ හාල පොඩ්ඩක් බෙරි වෙන්න හදලා ඔනිගිරි හදන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. සාමාන්‍යයෙන් අතේම ඔනිගිරිය හදද්දි ලුණු වතුර හරි විනාකිරි හරි අතේ ගාගෙනයි ඔනිගිරි හදන්නේ ඒකෙන් ඔනිගිරි වලට රසයක් එකතු වෙනවා වගේම, බත් අතේ ඇලෙන්නෙත් නෑ.
    මං මේ බත් වලට එකතු කරපු 'ෆුරිකකේ' දාන්න අවශ්‍යම නෑ. ඒවා මං එකතු කරේ පොඩි අය ආස නිසා.
    නොරි කියන්නේ මුහුදු පැලෑටි වලින් හදපු කෑම. ජපන් අයට නම් මේක නැතුවම බැරි දෙයක්. ගොඩක් ගුණයි කියලායි එයාලා නම් කියන්නේ, නිකන් කන්නත් පුළුවන්. නොරි රසට හුරු වුනාම ඇත්තටම ඒ රසට ආස හිතෙනවා.
    මෙහේ තියන 'කොම්බිනි' එහෙමත් නැත්තන් Convenience store වල කෑම තියන තැන එක එක රහට හදපු ඔනිගිරි ජාති තියනවා..
    මං සාමාන්‍ය ඔනිගිරි හදලා බඳින්නේ නෑ. ටික්ටොක් විඩියෝ එකක මෙහෙම හදනවා දැකලායි ඒ විදිය try කරලා බලන්න හිතුනේ..
    ලංකාවේ ජපන් කඩයක් තියනවාලු ඒකේ නම් අනිවාර්යයෙන් ජපන් හාල් ඇති. මිලෙන් ටිකක් වැඩිත් ඇති..
    ගෙවුනු සුමානේ දවසක අපිට දවල්ට කන්න හදද්දි මං මේ විඩියෝ එක ගත්තේ.. ❤️
    ගොඩක් ස්තුතියී, මාව අහන් හිටියාටයි බලන් හිටියාටයි..
    ආදරෙන්,
    හෂී🌸
    #cooking #delicious #food #onigiri
    🔹Cook with Love Facebook
    www.facebook.c...
    🔹Cook with Love Instagram
    ...
    🔹Cook with Love Tiktok
    www.tiktok.com/@homeyfoodies

ความคิดเห็น • 29

  • @chamodayadilki4824
    @chamodayadilki4824 ปีที่แล้ว +6

    කවදාවත් දැකලා හම්බවෙලා නැති උනාට ඔයාලව ගොඩාක් ලගින් ආශ්‍රය කරනවා වගේ දැනෙනවා. ගොඩාක් ආසාවෙන් හැම වීඩියෝ එකක්ම බලනවා. ඔයා වගේ ගොඩාක් ආදරනීය කෙනෙක් මගේ ජීවිතේට මේම හරි ලං උන එක ගැන මම සතුටු වෙනවා ❤️🌼 හැමෝටම ගොඩාක් ආදරෙයි බුදුසරනයි පරිස්සමෙන් ඉන්නලා 🥺

  • @niroshanipriyangika5912
    @niroshanipriyangika5912 ปีที่แล้ว +2

    ඔයාගෙ කටහඩට ආස නිසමයි වැඩිපුරම vlog බලන්නේ.හරිම ලස්සනයි.

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 3 หลายเดือนก่อน

    ඔයාට බොහොම ස්තූතියි……onigiri හදන විදිය කියලා දුන්නාට ❤

  • @kalaniwijerathna7722
    @kalaniwijerathna7722 ปีที่แล้ว +1

    ඔයාගේ ලස්සන vlog එකක් බලන්න මම හැමදාම මග බලන් ඉන්නවා. අදත් හරිම ලස්සනයි.. ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️🥺

  • @niroonvindula2857
    @niroonvindula2857 ปีที่แล้ว

    Iwasimen adaren uyanna igenagaththe oyagen thank you

  • @ruwankrishantha9437
    @ruwankrishantha9437 ปีที่แล้ว +1

    හැමදාම හිතනව වගේ කියනව වගෙ මගෙ දෙවැනි අම්මා...ආදරෙයි ❤❤

    • @user-xd6np7cv4l
      @user-xd6np7cv4l ปีที่แล้ว +1

      මොන්ගල්ද ඩාලින්..😂

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super awesome yummy😋recipe 🙏 Thank U so much darling for Ur great Japanese recipe log💯👌👍😘

  • @tammydesilva
    @tammydesilva ปีที่แล้ว

    Thank you so very much for sharing all these recipes with us. Learn a lot from you. Blessing to you and family! ❤

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 ปีที่แล้ว

    I llike to warch your vedios. And listen to your sweet voice

  • @Erandee
    @Erandee ปีที่แล้ว

    Furikake has monosodium glutomate. (MSG) which is not good for iur health. Better not use it often. Thanks for this Video nangi. Loved onigiri while we were visiting Japan.

  • @darshnidammith8312
    @darshnidammith8312 ปีที่แล้ว +1

    ඔශීන් කාපු රාබු බත් එක හදන්නකො

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว

    Lassani hashi👍

  • @ravididesilwa5609
    @ravididesilwa5609 ปีที่แล้ว

    akki aneh garlic bread receipe eka

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 ปีที่แล้ว

    😍

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 ปีที่แล้ว

    Theruwan sarannai

  • @jananikumari6230
    @jananikumari6230 3 หลายเดือนก่อน

    සුශී රෙසිපියක් දෙන්නකෝ

  • @user-gm8fc5wf1c
    @user-gm8fc5wf1c ปีที่แล้ว

    Akke day vlog akak karannako

  • @DinithiSatharasingha
    @DinithiSatharasingha ปีที่แล้ว

    ❤️

  • @samadhinilmini972
    @samadhinilmini972 ปีที่แล้ว

    ❤❤❤

  • @irangathamali5694
    @irangathamali5694 ปีที่แล้ว

    ❤️❤️

  • @raviravikumar7712
    @raviravikumar7712 ปีที่แล้ว

    ❤❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    ❤️💐👍👏👏🇱🇰🇮🇹

  • @sudeshiaugasta1679
    @sudeshiaugasta1679 ปีที่แล้ว

    Nangi mata kanadi 2k hadala deana puluwanada godak ayyata msg kara thama mukuth reply na oya wath reply karanako

  • @Oniandosivogs139
    @Oniandosivogs139 ปีที่แล้ว

    Nori gane kohenda akki

  • @shashikatharangani6216
    @shashikatharangani6216 ปีที่แล้ว

    ❤❤❤

  • @sajanihasinika4910
    @sajanihasinika4910 ปีที่แล้ว

    ❤️🥰