නැදුන්ගමුවේ රාජාට කලු මාමගේ තියෙන ආදරේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • නැදුන්ගමුවේ රාජා සෙංකඩගලපුරට සමු දීම.. 🙏🥺🐘🌿🌷
    #නැදුන් 💕🐘
    තිරිසන් කුලේ උඹට
    මාළිගාවට ඉහළින්
    නිවන් පුරේ කොනක
    ඉඩක් වෙන්වෙලා
    ඇති මේ වෙද්දි...
    ලබන අවුරුද්දේත්...
    උඹ එනකම්
    පාවඩ මතින් දළදා වඩම්මන්න .....
    අපි බලන් ඉන්නවා ..
    නුවරට ආපු ඔබටත්...
    කළු මාමාටත් නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා !!
    උතුම් දළදා සමිදුන්ගේ පිහිටයි....!!
    =====================================
    නැදුන්ගමුවේ රාජා....🐘🌿
    නැදුන්ගමුවේ රාජා ඇත් පැටියා සමග තවත් ඇත් පැටියෙක් ලංකාවට පැමිණියේ ඉන්දියාවෙන්. මහරගම නීලම්මහර වෙද හාමුදුරුවෝ තමා මෙම ඇත් පැටවුන්ගේ මුල්ම බාරකාරයා.ඉන්දියාවේ මයිසුර් වල මහරජුන් කෙනෙකුගේ නෑයෙක්ට වෙදකම් කිරීම නිසා තෑග්ගක් ලෙස මේ ඇත් පැටවුන් දෙදෙනා එම රජුන් විසින් උන්වහන්සේට ප්‍රධානය කර තිබෙනවා.පසුව නීලම්මහර වෙද හාමුදුරුවෝ මෙම ඇත් පැටවුන්ගේ භාරකාරත්වය වෙනත් දෙදෙනෙකුට පවරා දී තිබෙනවා. ඉන් එක් පැටියෙක් ගංගාරාම විහාරස්ථානයේ හැදී වැඩී මීට ටික කලකට පෙර මියගියා. එම පැටියාගේ නම තමා නවම් රාජා.
    අනෙක් පැටියා හොරණ උඩුව පලාතට ගිය මුත් වසර 25 කට පමණ පසු නැදුන්ගමුවේ පණ්ඩිත වෙදරාලහාමිගේ දයාබර කැදැල්ලට පිවිසෙන්නේ නැදුන්ගමු⁣වේ රාජා ලෙසින් නැදුන්ගමුවේ හස්තියා දලදා පෙරහැරට සහභාගි වෙන්න දවස් 7 මුලුල්ලේ පයින් ගමන් කරනවා. ඒ තමා දලදා පෙරහැර වෙනුවෙන් පයින් ගමන් කරන එකම හස්ති රාජයා. රාත්‍රි 7 පුරාවටම නින්දක් නොලඹන මෙම හස්තියා මාලිගාවේ ඇත් ගාලට ආවට පස්සේ තමයි නින්දක් ලබන්නේ.නුවර දලදා පෙරහැරට විතරක් නෙමෙයි බෙල්ලන්විල පෙරහැර , රත්නපුර මහ සමන් දේවාල පෙරහැර , කැළණි පෙරහැර , ගම්පහ සාම විහාර පෙරහැර, කඩුවෙල රන්කඩු දේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරට ද මෙම හස්තියා පාගමනින්ම සහභාගි වෙනවා. අැත් ගොව්වා සමග පා ගමනින් සහභාගි වන මෙම හස්ති රාජයාගේ ගමන නිරීක්ෂණය කිරීම සදහා හර්ෂ විජය වෙදරාලහාමිත් වාහනයෙන් ගමන් කරනවා.
    මොනතරම් උසස් ගුණශෝභාව තිබුනත් හැම ඇතාම පෙරහැරේ කරඩුව වඩම්වන්න හැම ඇතාම සුදුසු වන්නේ නැහැ. ඇතා මාලිගාවේ වාහල්කඩින් ඇතුළු වුනොත් පමණයි කරඩුව වඩම්වන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඇතුන් වාහල්කඩින් ඇතුළු කරන එක පහසු දෙයක් නෙමෙයි. අවුරුදු ගානක් පෙරහැරට සම්බන්ධ වුනත් බොහෝ ඇතුන්ට මෙම භාග්‍ය ලැබිලා නැහැ. ඒ අතින් නැදුන්ගමුවේ රාජා ඉතා පින්වත් ඇත් රාජයෙක්. පෙරහැරට සහභාගි වන ඇත් රජුන් හොදින් නාවලා කවලා පොවලා තමා වාහල්කඩින් ඇතුළු කරන්නේ. ඒ වාගේම පෙරහැරට සුදානම් කරන්නෙත්.නැදුම්ගමුවේ රාජා පෙරහැර අවසානයේ තම ඇදුම් ඉවත් කරනවටත් අකමැතියි. අවසන් පෙරහැර අවසානයේ සිය ගම් බිම් බලා පිටත් වෙන කොට ඇස් කදුලින් පිරෙනවා. නෙළුම් මල් හොඩින් ගෙන දනහිස් නවා දලදා වහන්සේට වන්දනාමාන කිරීමෙන් පස් තමා ඇත් රජු සිය ගම්බිම් බලා පිටත් වන්නේ. ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා තමයි නැදුන්ගමුවේ රාජා.
    මෙම හස්තියාගේ උස අඩි 11 1/2 ක්. 2005 වසරේදී හා හපුරා කියා දලදා කරඩුව වැඩම වීමට මෙම හස්තියා තෝරා ගනු ලැබුවේ දලදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින්. එතෙක් සම උස මට්ටමක හස්තීන් කරඩුව වැඩම කිරීම නිසා කරඩුව බැදීමේ දී ගැටලුවක් ඇති වුයේ නැහැ. නමුත් අඩි 11 කට වඩා උස නැදුන්ගමුවේ හස්තියාගේ කරඩුව සවි කිරීමේදී ගැටලුවක් ඇති වුයේ හස්තියාගේ උස නිසා.කරඩුව තැන්පත් කරන මංජුසාවේ වෙනස් කිරීමටද සිදු වුනේ මෙම හස්තිරාජයාගේ උස වැඩි කම නිසා. නැදුන්ගමුවේ රාජයාගේ දල අඩි 5 උසයි. ධර්ම විජය මහතා පවසන පරිදි තවත් අඩි 2 පමණ ශරීරය තුලට මෙම දල ගැබ්ව ඇති බවයි. දක්ෂ දේශීය වෛද්‍යවරුන් වන ධර්ම විජය හා හර්ෂ විජය වෙදදුරන්ගේ ප්‍රතිකාර නිසාත් , ඉතා හොද පෝෂදායි ආහාර නිසාත්, මෙම හස්තියා දලදා වහන්සේගේ ආශිර්වාදය මැද යහතින් වැජඹෙනවා.
    සිය පිට මත දලදා කරඩුව තැබු පසු ඇත් රජු මහ ආඩම්බරකාර විලාශයන් ගන්නවා. පාවඩ නොමැතිව හෝ පාවඩ වලින් පිටත එක අඩියක් නොතබන මේ සද්දන්තයා පෙරහැරේ ගමන් කරනුයේ සක්විති රජෙක් විලසයි. නැදුන්ගමුවට පමණක් නොව මුළු රටටම මහත් අභිමානයක් ගෙන දෙන මෙම හස්තියා වෙනුවෙන් රට වැස්සෝ පතන එක් පැතුමක් ඇත. එනම් තව තවත් එඩි බලය ආයු බලය ලැබීදිගු කලක් යෙහෙන් වැජඹේවා යන්නයි..... !! 🙏💕
    🎥 CharithMania

ความคิดเห็น • 124