Athi De Athi Satiyen (ඇති දේ ඇති සැටියෙන්) - Lakshman Wijesekara, Vasantha Kumara Kobawaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Athi De Athi Satiyen (ඇති දේ ඇති සැටියෙන්)
    Stream: fanlink.to/Ath...
    ආදරණීය ලක්ෂ්මන්,
    1969 අග භාගයේ දිනක 'රජයේ සංගීත විද්‍යාලය'ට ඇතුලත් වීමේ පරීක්ෂණයට ආපු සියගණනක් තරුණ තරුණියන් අතරින් උඹත් මමත් එක් නිමේෂයක් තුලදී සමීපතම මිතුරන් බවට පත්ව දැඩිව අත් අල්ලා ගත්තේ මට හිතෙන විදිහට සංසාරගත බැදීමකින් විය යුතුයි.
    අපේ හිත් පතුලටම පාරවමින් 'මේ විදිහට' 'මේ තරම්' ඉක්මණින්ම මෙලොව අතහැර යන තෙක්ම උඹ මගේ එකම 'බඩ බැදගත්' මිතුරා වුනා නේද? වචනවල පරිසමාප්තාර්ථයෙන්ම අව්‍යාජ,පිවිතුරු,අවංක,විවුර්ත,හර්දයංගම ගමන් සගයෙකු එදාමෙදා තුර මට ලැබීම මා පූරුවේ කළ පින් මහිමයකින් සිදු වූවක්.
    සංගීත ලොවේ එක්ව ආ 52 වසරක දිගු ගමන තුල අපි එකිනෙකාට හදවතින්ම ලෙන්ගතු වෙමින් ,ආශීර්වාද දෙමින් ඇප උපකාර වෙමින්,ධහිර්‍ය දෙමින්,දුකසැප බෙදා ගනිමින්,මෙන්ම දෙදෙනාගේම ජග්‍රණයන් එකසේ අගයමින් හා හැලහැප්පීම් වලදී එකිනෙකා රැකගනිමින් පසුකළ ඒ සුන්දර යටගියාව මෙනෙහිවද්දී මගේ නෙත් වලින් නිරායාසයෙන් ගලායන කදුළු නවතාගන්නට 'සංවේදී මිතුරෙකු' ලෙස මට හැකියාවක් නෑ මචං.
    උඹෙන් මම ඉගෙනගත්තු දේ බොහෝමයි.ඒවා කිසියම් ප්‍රමාණයක් හුරුකර ගන්නට මං උත්සාහ කලත්, උඹ වගේ ඒ උතුම් ගතිගුණ හැම එකක්ම එකම විදිහට ප්‍රායෝගිකව පිළිපදින්නට මට බැරිවුනා කියන්න මම ලැජ්ජා වෙන්නෙ නෑ.
    ඒවා තමයි , උඹ තුල තිබුනු පරාර්ථකාමීත්වය,පරිත්‍යාගශීලී බව, උපේක්ෂාව, කෘතවේදීත්වය,අන්‍යෝන්‍ය අවබෝධය, රිජු බව, අල්පෙච්ඡතාව, සමානාත්මතාව, දරාගැනීමේ හැකියාව, හා හර්ද සාක්ෂිය සමග ජීවත් වීම වගේ උතුම් ගුණාංගයන්.
    උඹ වගේ උතුම් මිතුරෙකුට මම අජරාමර නිවන් සුව අත්වේවා කියල කෙලින්ම පතන්නෙ කොහොමද?
    බණ දහම් ගැඹුරට හදාරන ඇතැම් අය මෙන් බැදීම් අත් හරින්න තරම් මම හිත දියුණු කර නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ දෙසූ පුනරුත්පත්තිය අනුව උඹ ජාති ජාතිත් මගේම මිතුරා වී ඉපදියන් 🙏
    අවසානයේ යම් භවයකදී අප දෙදෙනාම එක්ව බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරමු.🙏🙏🙏
    ඇති දේ ඇති සැටියෙන්
    Artiste: Lakshman Wijesekara
    Music: Dr. Rohana Weerasinghe
    Lyrics: Vasantha Kumara Kobawaka
    Lyrics
    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
    පොළවේ මිහි සයනේ ගොඩ නැගු මිනිස්සු
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු
    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
    දහමේ ගුණ පත් ඉරු තුළ නිදන යාමයේ..//
    ඉදහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු
    ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
    දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ..//
    සෙත් කවි සේ ළඟ සිට සිත් සතන් සැනැස්සු
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු..
    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු..
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු...
    #LakshmanWijesekara #RohanaWeerasinghe #CeyMusic

ความคิดเห็น • 151

  • @vasanthakumarakobawaka9821
    @vasanthakumarakobawaka9821 2 ปีที่แล้ว +669

    හරියටම මීට වසර තිස් තුනකට ඉස්සර ,අපේ දේශයේ සිටි ඉතාම ආදරණීය පුද්ගලයෙක් ,ජනතා නායකයෙක් කලාකරුවෙකු වූ විජය කුමාරතුංගයන් නාදුනන තුවක්කුකරුවකු අතින් ඝාතනය වෙනවා .ඒ වනවිට මම රාජකාරි කළේ කොළඹින් බොහෝ දුර බැහැර ප්‍රදේශයක .ඒත් මේ අදහාගත නොහැකි ඝාතනය ඇසීමෙන් පසු අපි යාලුවෝ සියලු දෙනාම කොළඹට එනවා එතුමන්ට ආචාර සමාචාර පවත්වන්න .කොළඹ කලා භවනේ තිබුණු දේහයට ගෞරව කරන්නට අපි දවස් දෙක තුන දිගු පෝලිම්වල හිටියා .එතුමන්ගෙ වියෝවීම අපිට දරාගන්න බැරි දෙයක් උනා .මේ අතර වාරයේ දවසක් මම ලක්ෂ්මන් විජේසේකර නැත්නම් අපි ආදරෙන් කියන "ලකී"අයියලගේ ගෙදරට ගොඩවදින්නේ සුපුරුදු ලෙන්ගතු කමට .කොහොමත් කොළඹට ආ විට අපි බොහෝ වෙලාවට ලකී අයියගෙ ගෙදරට ගොඩවැදිලා යන එක පුරුද්දක් වෙලා තිබුණේ .ඒ වන විට විජය ඝාතනයේ උණුසුම ගිහින් තිබුණෙත් නැහැ .ලකී අයියා මුනගැහුනු මම මේ තරම් අපි ආදරය කළ ආදරණීය කලා කරුවාගේ වියෝව පිළිබඳව දිගටම සල්ලාපයේ යෙදුනා ,මේ අතරේ ලකී අයියා මට කියනවා ,ඔහුගේ ඊළඟ සරල ගී වැඩසටහනට සුපුරුදු ලෙස මට ගීතයක් ලියන්න ,නමුත් ඒ ගීතය ප්‍රේමය ප්‍රස්තුත කොට නොගෙන වෙනත් ප්‍රස්තුතයක් යටතේ ලියන්න කියා ,මම එතකොට ලකී අයියගෙන් අහනවා සමාජ යථාර්ථය ගැන ද ලියන්න ඕනේ කියලා ,ලකී අයියා කියනවා ඔය විජය ,අපි වගේ මිනිස්සු ගැන හිතලා එකක් ලියන්න" කියලා ,මම ඔහුගෙම් සමුගෙන මගේ ගමේ ගෙදරට එන්නේ මං මොන වගේ ගීතයක් ලියනවා ද කියා සිතමින් ,ගෙදරදි මට විජය කුමාරතුංගයන්ගේ ඝාතනය සහ ලකී අයියගෙ ආරාධනය මනසේ දැවටෙමින් තියෙන විට ඉබේම ලියවෙනවා ...."ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ....ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු ....."
    පද පේලි ටික. මම ලියා ගන්නෙ සුදු පාට කාඩ්බෝඩ් කැබැල්ලක, ළඟ තිබුණු පැන්සලකින් ,එයින් පසු මම ටිකෙන් ටික මේ ගීතය ගොඩනැගුවා ,ඉතාම ආසන්න දවසක මම ලකී අයියා මුණගැහිලා මේ ගීතය බාරදෙනවා. " අපි, අපි ගැනම නේද ලියවිලා තියෙන්නේ කියලා ලකී අයියා සතුටින් කියනවා.පත පදමාලා ව පිළිබඳව ඔහු දක්වන උද්දාමය පෙන්වන්නෙ එහෙමයි "ඊළඟ ගුවන්විදුලි සරල ගී වැඩ සටහනේ දී ගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් ඉතා මනහර තනු හා සංගීත නිර්මාණයක් කොට ලක්ෂ්මන් විජේසේකර ගායනා කරනවා ,ගීතය ඉක්මනින්ම අතිශය ජනප්‍රියත්වයට , ජනාදරයට පත් වෙනවා ,එය ලක්ෂමන් විජේසේකරයන්ගේ ගායනාවන්හි අනිවාර්ය ගීතයක් බවට පත් වෙනවා .එදා මෙදා තුර වසර 33ක් නිරන්තරවම ප්‍රසංග වල ඔහු මේ ගීතය ගායනා කරනවා ,ඒ වගේම රටේ නම ගිය කලාකරුවන්, වියතුන් ,ගරු කටයුතු පුද්ගලයින් වියෝවූ සෑම විටකම ,ඔවුනට ගරු කිරීමට මේ ගීතය යොදා ගැනුණු බව සත්‍යයක් ,එහෙත් ලක්ෂ්මන් විජේසේකරයන් ගේ අභාවය සිදු වූ මේ මොහොතේ මේ ගීතය ගැන මෙනෙහි කරද්දී මට දැනෙනවා මා ලියා තිබෙන්නේ ලක්ෂ්මන් විජේසේකර යන්නේ ආදරණීය ,දයාබර, ලෙන්ගතු ජීවිතය ගැන නේද කියා,ඒ ගැන මා වගේම ගීතයට සංගීතය නිර්මාණය කළ ,එතුමාගේ ආත්මීය සගයා වන ආචාර්ය රෝහණ වීරසිංහයන් සාක්ෂි දරාවි ,ආදරණීය ලකී අයියේ ,ඔබ අහසින් බැස ගියත් ඔබ නිහඬව අපට පෙන්වා දුන් මිනිසත්කමේ ආලෝකය මේ ගීතය වටා හැමදාම රැඳී පවතීවි ,සුභ ගමන් ලකී අයියේ .

    • @wasanthiemutunayaka2093
      @wasanthiemutunayaka2093 2 ปีที่แล้ว +6

      ඇත්තටම ගිදක් සතුටුයි ඔබේ kathawata
      සර්
      මේ ගීතය අදටත් ගොඩක් ගෙලපෙනව

    • @kasunnavoda3698
      @kasunnavoda3698 2 ปีที่แล้ว +11

      කිසිදා කල් ඉකුත් නොවෙන මෙවන් මානූෂීය පදපෙලකට දිව ඔසුවන් තනුවක්ද කර්ණරසායන හඬක්ද ජනිත කළ හැකිවන්නේ මේ මහා පොළොවෙන් උපන් සහෘදයන්ටම පමණී.
      ඔබ සැමට දීර්ඝායූ !

    • @ashan725
      @ashan725 2 ปีที่แล้ว +3

      bohama sthuthi obatat mechara lasana pada maalawak ahanna salassuwata

    • @liyanageism
      @liyanageism 2 ปีที่แล้ว +3

      මතක...

    • @chameeras8322
      @chameeras8322 2 ปีที่แล้ว +9

      ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ විශිෂ්ට හා අතිආකර්ශනීය සංගීත තනු වලට වගේම, ලක්ෂ්මන් විජේසේකරයන් ගේ ගීත වලට මා දක්වන්නේ දැඩි ආශාවක්, 1984 උපන් මම යමක් තේරුම් බේරුම් කරගත හැකි කාලයේ සිටම අසන ලද ගීත අතුරින් ගංගා සහ නිශ්ශංක, ටෙලි වෘතාන්තයෙහි තේමා ගීතය ( මාගේ මතක පරිදි ) "සිනා පිපෙනා මේ වසන්තය" එසේම ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ "මුතුකුඩ ඉහළන මල් වරුසාවේ" යන ගීත ඇසුවේ ඉතාමත් ගිජු කමකින්. අද පවතින ඝෝෂාකාරී ගීත වලට වඩා, එක ඔබතුමන්ලා විසින් රචිත ගීත මා ඉදිරියටත් ඉතා ආශාවෙන් රස වින්දනය කරමි. අස්ථීර ලෝකයේ ලක්ෂ්මන් විජේසේකරයන් ගේ මතක ස්වර සදා අමරණීය යි.

  • @asankaisthebest1
    @asankaisthebest1 9 หลายเดือนก่อน +16

    මේ වගේ සින්දු අහන ගමන් මේවගෙ කමෙන්ට් කියවන එකත් පට්ටම ෆීලින් එකක්...❤❤

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +74

    ලද දේ සිත සතුටින් විඳ අපෙන් සමුගත් ආදරණීය ගායකයාණෙනි ඔබතුමන්ට අමා මහ නිවන් සුව ලැබේවා...!!!

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 2 ปีที่แล้ว +70

    සින්දුව අහන ගමන් ඩිස්ක්‍රිප්ශන් එකෙ තියන විස්තරෙ කියෙව්වේ....ඒක හරිම අව්‍යාජ සහෝදර බැඳීමක්....කුමන හො කරුමෙකට මෙවන් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් අප අතරින් වෙන් වෙනව...ඒක අපෙ රටෙ තියන කලාවට ලොකු තර්ජනයක්.....රෝහණ සර්ගෙ මිත්‍රයා පිළිබඳ තැබු සටහන හරිම සංවේදී...නිවන් සුව ලැබේවා ලක්ෂ්මන් විජේසේකර කලාකරුවාණෙනි ඔබට...🙏🙏🙏

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 8 หลายเดือนก่อน +8

    සෙත් කවි සේ ලග හිද සිත් ස්තන් සැනැස්සූ කරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සු වසන්ත කුමාර කොබවකයන් ලක්ශ්මන් මහත්තයා ගැනම ලියලා එතුමා ලවාම ගායනා කරවූ ගීයක් 😢

  • @sameeradias2461
    @sameeradias2461 2 ปีที่แล้ว +58

    හොද මිනිස්සු ඉක්මනටම අපිව අතඇරලා යනවා මේ වගෙ විශිෂ්ට අගනා හොද මිනිස්සු අයෙ මේ රටේ ඉපදේවිද ගීතයත් ඉතා මිහිරියි

  • @venuravishwajith
    @venuravishwajith ปีที่แล้ว +5

    මගේ පෙම්වතියගේ (දැන් අපි වෙන් උනත් ,එදත් අදත් හෙටත් ඇයම මගේ සදාකාලික පෙම්වතියයි) පියාත් බොහෝ සෙයින් ලක්ශ්මන් විජේසේකර මහතාගේ හැඩ රුවට සමානයි. ඇයත් මාත් අතර කොපමණ සිත් රිදවීම් තිබුනත් ඇගේ පියා ඇයට දක්වන ස්නේහය තරම්ම තවමත් මා හටද, මම ඔහු හටද ලෙන්ගතුය. එනිසා මම ලක්ශ්මන් විජේසේකර කලාකරුවාටද බොහෝ ප්‍රිය කලෙමි.

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +18

    රෝහණ වීරසිංහ සර් facebook වල තිබ්බ සටහන 10 වතාවකට වඩා කියවන්න ඇති. කියවන වතාවක් ගානෙ හිතට ලොකු දුකක් දැනෙනවා. මේ දවස් වල facebook පුරාම ඔබතුමගෙ ගීත, ඔබතුමා ගැන post. ඒවා අහන දකින වාරයක් ගානෙ හිත පෑරෙනවා. ආයෙත් ඒවා අහන්නෙ , බලන්නෙ නෑ කියලා හිතාගෙන youtube ආව ගමන් දැක්කෙ මේ වීඩියෝ එක. ඒත් ඒක touch කරන එක වලක්වගන්න බැරි උනා. එතරම් ආදරෙයි මේ ගීතවලට, රඟපෑමට❤️
    ජීවිතේට දැකලා නැති උනත් මේ තරම් දුකක් දැනෙන්නෙ ඔබතුමාගෙ නිර්මාණ, උතුම් මනුශ්‍ය ගතිගුණ අපේ හදවත්වලට ගොඩක් සමීප නිසා වෙන්න ඇති.

    • @disaldassanayake4709
      @disaldassanayake4709 2 ปีที่แล้ว +2

      ඉස්සර ප්‍රශ්න වලින් පොඩි සැනසීමක් ලබන්න දැල්වු පහන්, ඉර පායා, සඳ කිනිති නැමී, සිනා පිපෙනා වගේ ගීත හරි ආසාවෙන් ඇහුවේ. ඒත් ඉස්සරහට නම් එහෙම සැනසීමක් දැනෙන එකක් නැති වෙයි මේවගෙ අයිතිකාරයා අපෙන් සමුගෙන කියලා මතක් වෙද්දි🥺
      හරිම අවාසනාවන්ත බවක් දැනෙනව අපි ආදරය කරන සොඳුරු කලාකරුවො අපෙන් සමුගනිද්දි. ඒත් යන්න ඕන ගමනක්නෙ ගියේ..නිවන් සුව පතනවා හැරෙන්න වෙන මොනවා කියන්නද🏳️🙏

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera3000 4 หลายเดือนก่อน +3

    🥺 ඇයි දන්නෑ මේ ලෝකේ හිත හොඳ , අවංක ,නිර්ව්‍යාජ මිනිස්සු ඉක්මනට ම මේ ලෝකයෙන් යන්නේ? 😥 අදටත් ප්‍රශ්නාර්තයක් මටනම් ?
    "කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු"
    😔😔😔😔😔😔😔😔

  • @randagomes6289
    @randagomes6289 2 ปีที่แล้ว +29

    සෙත් කවි සේ ළඟ සිට සිත් සතන් සැනැස්සූ පිනෙන් ඔබට අමාමහ නිවන් සුව ලැබේවා!

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +29

    දැක්මෙන්ම අපේ හිතට හරිම ආදරයක් ලෙන්ගතුබවක් දැනෙන
    අපූරු මිනිසෙක් ලෙසටයි මට එතුමා ගැන දැනෙන්නේ. ජීවිතේට කවදාවත් හැබැහින් නොදැකම මෙවැනි හැඟීමක් ඇති වෙන්න ඔහු මොනතරම් සුන්දර පුද්ගලයෙක් වෙන්න ඕනෙද.
    නිවනින් නිවී සැනසේවා.

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 2 ปีที่แล้ว +12

    සෙත් කවි සේ අප සැනසූ ගාන්දර්වයා ලක්ශ්මන් සර් 💙💙💙💚💚💚😥😥

  • @TheWolverineaj
    @TheWolverineaj 2 ปีที่แล้ว +8

    ඇත්තටම ආදරණීය මිනිස්සු... අනේකවිධ කම්කටොලු, හැලහැප්පීම් එක්ක ජීවතේ ගැටගහගන්න දඟලන පරාණවලට අස්වැසිල්ලක් දෙන පොලොවෙ පය ගහල ජීවත් උන, ජීවත් වෙන මිනිස්සු... උබලා සියළු දෙනාට පිං... තෙරුවන් සරණින් තව චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වැජඹේවා

  • @manushasandarenu9761
    @manushasandarenu9761 2 ปีที่แล้ว +33

    සෙත් කවි සේ ලග සිට සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳ වෙන සඳු සදිසි මිනිස්සු .. ❤️
    සොදුරු ගායකයානණි ඔබතුමාටම ගැලැපෙන පද ...
    ඒ සිනහව හැමදාම හදවතේ රැදේවි. . .

    • @ashokawekumbura114
      @ashokawekumbura114 2 ปีที่แล้ว

      Sonduru gayakayanani, oba tumange layanwitha hadin asanawita obage muwe rendena awyaja sinahawath sada Amaraniyai... OBATA AMA MAHA NIWAN SUWA!!!

  • @anandaperera2606
    @anandaperera2606 2 ปีที่แล้ว +30

    මෙය විශාල පාඩුවක් මේ රටට.ඔහු වැනි උතුම් මිනිසුන් නිවන් දැකිය යුතුයි .🙏🙏🙏. Dr. Ananda Perera

    • @MrNutz-mt7lr
      @MrNutz-mt7lr 2 ปีที่แล้ว +2

      සිංඳුවේ තේරුමවත් තේරුං අරගෙනද තකහනියෙ නමට ඉස්සරහින් dr කෑල්ල රිංගෝලා මෙතන කෙටුවේ. මොන ජාතියෙද මංදා..

  • @Okkthi
    @Okkthi 2 ปีที่แล้ว +5

    අරගල බිමේ රොහන වීරසිංහ මහත්තය ගායනයෙන් පස්සෙ ආයී අහනවා..❤❤❤

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +6

    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු 😢නිවන් සුව ලැබේවා 🙏

  • @rishani411
    @rishani411 2 ปีที่แล้ว +16

    කරුමේ කිම වදවෙන එක හිරු සදිසි මිනිස්සු ... මහා හිස් බවක් ඉතිරිකර නිරහංකාර , රටක් වටිනා ඔබ නික්ම ගිහිං ... යලි එනතුරු බලා සිටිමි ..

  • @dulaninavodya4695
    @dulaninavodya4695 7 หลายเดือนก่อน +3

    සෙත් කවි සේ සිත් සතන් සැනැස්වූ පිනෙන් ඔබ පතනා සුවය සැනසීමම ලැබේවා ! ❤

  • @deepthhinierandika9213
    @deepthhinierandika9213 2 ปีที่แล้ว +5

    කරුමේ කිම වඳ වෙන මල් සදිසි මිනිස්සු😥 ඔබ තුමාට නිවන්සුව🙏

  • @dammikacooray9574
    @dammikacooray9574 2 ปีที่แล้ว +6

    ලේ වලට කා වැවැදුණ හඩ අපි මැරෙන කන්ම ඔබ අප අතර ඉන්නවා 🙏🙏

  • @shiranamila8827
    @shiranamila8827 ปีที่แล้ว +3

    මේ ආදර්ශ ගීය ලබන අනාගතදරුවන්ට වටිනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinu5780
    @dinu5780 2 ปีที่แล้ว +15

    මෙතරම් සොඳුරු මිනිසුන් අප අතරින් සමුගැනීමට තරම් දෛවය කුරිරු වූයේ මන්ද....😪මින් මතු ඇස ගැටෙන්නට නොහැකි වුණත් ඔබ කෙරෙහි වූ ඒ අසීමිත ලෙන්ගතුකම සදා අමරණීයව අප මනසෙහි ජීවමාන වනු ඇත....නිවන් සුව ඔබට !!!😪🙏

  • @rasanjaliehalpita5981
    @rasanjaliehalpita5981 ปีที่แล้ว +1

    මේ කටහඩ හිතේ තියන දුක,මහන්සිය නිවනවා..කිසිම හදිස්සියක් නැති කටහඩක්..අහන්න අහන්න හිත් නිවෙනවා.... ගහකින් නෙලා ගන්නෙ හොදම මල් නිසා සොබදහම ඒ අයව ඉක්මනට ගන්නවා...

  • @vikings112
    @vikings112 2 ปีที่แล้ว +4

    කරුමේ කිම වඳ වෙන සඳු සදිසි මිනිස්සු .. ❤

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 2 ปีที่แล้ว +6

    නැවතත් මෙවැනි කලාකරුවන් මේ පොලෝ තලයේ නොයිපදේවි.🙏🙏🙏

  • @nireshprabashana8572
    @nireshprabashana8572 4 หลายเดือนก่อน +2

    අපි මිනිස්සු හදන්න ඔනි විභාග පාස් වෙන්න නොවෙයි මනුස්ස කම් දන්න මිනිස්සු

  • @dileepadushanthi1067
    @dileepadushanthi1067 ปีที่แล้ว +2

    නීහතමානී කලාකරුවානේනී ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @poornawarnakulasooriya3035
    @poornawarnakulasooriya3035 2 ปีที่แล้ว +2

    සංසාර පුරාවට මෙවන් මිනිසුන් ඇසුරු කිරීමට ලැබේවා

  • @wertkkbvcxzzxcvbnmoiuytrew7614
    @wertkkbvcxzzxcvbnmoiuytrew7614 2 ปีที่แล้ว +4

    වචන සරලයි.අර්ථය ගැඹුරුයි.

  • @madhurapriyadarshana
    @madhurapriyadarshana 2 ปีที่แล้ว +1

    සෑහෙන කාලයක් ආයෙ අහන්න උවමනාව තිබ්බ නිසා මුමුණ මුමුණ ඉද්දි ඇහිල බිරිද මේක හොයාගන අහනව ඇහුන දවස් කීපයක්ම. අවුරුදු තුන හමාරක් වුනත් පුතත් මේකෙ music ටික නවත්ත නවත්ත පුදුම ආසාවකින් අහනව අපිටත් අහන්න ආයෙ දාල දීල ❤️
    කොහොමින් හරි අද වැඩ ඉවරවෙලා මතක් කරල අහන්න හදල නිකමට පුරුද්දට වෙනද වගෙ මේකෙත් description එක බැලුව, කරුමේ කිම වද වෙන හිරු සදිසි මිනිස්සූ තමයි රෝහණ සර් 😑

  • @charithpriyadarshana3293
    @charithpriyadarshana3293 2 ปีที่แล้ว +1

    එදා මෙදා තුරු මා සිත් ගත් සොදුරු කලාකරුවානෙනි. මා ජීවත් වෙනතුරු ඔබත් ඔබෙ සුමිහිරි ගායනයන් මා දෙසවන් රැව් දෙනු ඇත.

  • @kithsirigunawardhana2044
    @kithsirigunawardhana2044 2 ปีที่แล้ว +2

    Technology never allow to innovate Mahatma Gandhi or Mother Theresa any more. These artists have been surviving incredibly with noble qualities which are vanished in this material world. Who are qualified for noble award.

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 2 ปีที่แล้ว +1

    ඒක හරි සර්...
    හොද මිනිස්සු ඉක්මනට මේ ලොකෙන් නැති වෙනවා....
    ගොඩක් දුකයි නිහතමානී , අවංක , සුන්දර ලක්ෂ්මන් විජේසේකර ආදරණීය කලාකරුවාගේ මේ නික්ම යාම පිලිබද....
    සංගීත ක්ෂෙත්‍රයට විශාල මෙහෙවරක් ඉටුකල එතුමාට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....
    😢😢😢😢😢

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 6 หลายเดือนก่อน +1

    Thank u beautiful spirits ❤

  • @chamarisamarasinghe9491
    @chamarisamarasinghe9491 2 ปีที่แล้ว +3

    අර්ථවත් ගොඩක් ලස්සන සිංදුවක්...😍😍😍😍😍

  • @SanuthmiGunawardana
    @SanuthmiGunawardana 24 วันที่ผ่านมา

    ❤❤Lasana mihiri sindu❤❤

  • @thilinaseram9553
    @thilinaseram9553 6 หลายเดือนก่อน +1

    හදවතට දැනෙන සිංදු

  • @dinithitharanga6418
    @dinithitharanga6418 2 ปีที่แล้ว +2

    Sir ඔබට සුභ ගමන් .ගිහින් එන්න ආයෙත් අපිට සද කි නි ති නැමී විල් දිය ට එබෙන්න....ආදරෙයි සදා ❤

  • @lakshaniraveena7746
    @lakshaniraveena7746 2 ปีที่แล้ว +1

    මා බෙහෙවින් ආදරය කරන ගායකයෙකි.......සුභ ගමන්.

  • @blitz2965
    @blitz2965 2 ปีที่แล้ว +1

    ඔබතුමන්ට අමා මහ නිවන් සුව ලැබේවා...!!!

  • @kusumfernando7513
    @kusumfernando7513 3 หลายเดือนก่อน

    ආදරණීසොයුරාණනේ ඔබට නිවන් සුව

  • @ashokawekumbura114
    @ashokawekumbura114 ปีที่แล้ว +1

    This song telling about your life and how you lived maintaining your best qualities..among the people people who are in the same fields...i love your golden voice forever... May the triple gems shower on you Lakshman Aiya!!!

  • @ashokawekumbura114
    @ashokawekumbura114 2 ปีที่แล้ว

    Tharu nethi kaluwara .. Palu ahasgeba.., pura handak se paya aa oba... Kimado wenwa giye??? May the triple gem's shower on you Lakshman Aiya!!!

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 2 ปีที่แล้ว +4

    Respect Sir.

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 ปีที่แล้ว +1

    හරිම ආස ගීතයක් .ජීවිතයෙ වඩාත්ම ආස කරපු කලාකරුවෙක් ලක්ෂ්මන් විජේසේකර මහත්තය .
    ඔබතුමාගෙ Description එකෙන් පිළිඹිබු වෙන්නෙ කොයි තරම් සහෘද බැඳීමක් ඔබ අතර තිබුණාද කියන වග.ඒ බැඳීම,මිත්‍රත්වය,සහෝදරත්වය සියලු දෙනාටම ආදර්ශයක් ❤

  • @BandusenaRajapaksha
    @BandusenaRajapaksha 7 หลายเดือนก่อน

    Me gityat wira. Karana ayat ❤❤❤😮🎉🎉🎉wira karana. Ayata. Hamadamat adarei❤❤❤ 2:11

  • @menumenaka5573
    @menumenaka5573 ปีที่แล้ว

    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු ...............
    සුබ ගමන් රසවතානෙනී ........

  • @cricketflash9497
    @cricketflash9497 2 ปีที่แล้ว +1

    කරැමේ කිම වදවෙන
    හිරැ සදිසි මිනිස්සු 😥😥

  • @user-bl7bi7qg9w
    @user-bl7bi7qg9w 9 หลายเดือนก่อน

    Mevanigeetha samada asannata labewa obata niwansuwa

  • @shanakaj007
    @shanakaj007 2 ปีที่แล้ว +1

    I had the previladge to listen to one of your lectures at Sri J'pura...

  • @warunarathnayake
    @warunarathnayake 2 ปีที่แล้ว +1

    කලා කරුවාණනි, ඔබට නිවන් සුව 🙏

  • @slhero1368
    @slhero1368 2 ปีที่แล้ว +3

    Legends never die ❤🥺

  • @indeewarianuradha1941
    @indeewarianuradha1941 2 ปีที่แล้ว

    රෝහණ වීරසිංහ ගුරු පියතුමනි..ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙනු මැනවි.

  • @ashokawekumbura114
    @ashokawekumbura114 ปีที่แล้ว

    This song you singing about your life... May the triple gems shower on you Lakshman Aiya!!!

  • @nadishanniluksharathnayaka5784
    @nadishanniluksharathnayaka5784 10 หลายเดือนก่อน

    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
    පොළවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සු
    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු
    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
    දහමේ ගුණ පත්ඉරු තුළ නිදන යාමයේ
    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
    දහමේ ගුණ පත්ඉරු තුළ නිදන යාමයේ
    ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු
    ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ
    දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
    ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ
    දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
    සෙත්කවි සේ ළඟ සිට සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු
    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු
    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
    පොළවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සු
    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු
    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
    දහමේ ගුණ පත්ඉරු තුළ නිදන යාමයේ
    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
    දහමේ ගුණ පත්ඉරු තුළ නිදන යාමයේ
    ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු
    ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ
    දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
    ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ
    දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
    සෙත්කවි සේ ළඟ සිට සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු
    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු

  • @mahelabadiweta3553
    @mahelabadiweta3553 2 ปีที่แล้ว

    කරුමේ කිම වදවෙන එක හිරු සදිසි මිනිස්සු..........It's hard to die.......!

  • @ruwanchamara4992
    @ruwanchamara4992 ปีที่แล้ว

    කරුමෙ ඔයාලා වගෙ මිනිස්සුන් සමුගත්ත එක ❤😢

  • @kalyanirajapaksa4491
    @kalyanirajapaksa4491 2 ปีที่แล้ว

    Man asakaran gayakayek oba tumata niwan suwa

  • @godbless.....4030
    @godbless.....4030 2 ปีที่แล้ว

    ආදරණිය හඩක්...
    නිවන් සුව ලැබේවා

  • @uddhikathilanka4559
    @uddhikathilanka4559 2 ปีที่แล้ว +1

    Waiting 💕💕💕👍👍👍

  • @piyumimadubhashini695
    @piyumimadubhashini695 2 ปีที่แล้ว +1

    නිවන් සුව කලාකරුවාණෙනි !!! 🌻

  • @gretarathnawalie1239
    @gretarathnawalie1239 2 ปีที่แล้ว

    අමා මහ නිවන් සුව ලැබේවා !!!

  • @alxve6456
    @alxve6456 2 ปีที่แล้ว +2

    Felt it 💔

  • @user-pk6qr8no3k
    @user-pk6qr8no3k 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @bosaproductions587
    @bosaproductions587 2 ปีที่แล้ว

    නිවන්සුව guru piyanenee

  • @kalanabuddhima5957
    @kalanabuddhima5957 2 ปีที่แล้ว

    ඔබට නිවන් සුව කලාකරුවානනි

  • @sithmaldaham1236
    @sithmaldaham1236 2 ปีที่แล้ว

    Mama asama gayakayek thamai

  • @ganiduliyanagedara5967
    @ganiduliyanagedara5967 ปีที่แล้ว

    me sinduwa kochchara ahuwath aye aye ahanna hithenawa

  • @erandichandima639
    @erandichandima639 2 ปีที่แล้ว

    adarei godak

  • @NERGYStudios
    @NERGYStudios 2 ปีที่แล้ว

    "කරුමේ කිම වඳ වෙන සඳු සදිසි මිනිස්සු...."

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 ปีที่แล้ว

    Wonderful

  • @gayanidanushika9017
    @gayanidanushika9017 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා 😥😥😥

  • @sumudusandarekha5608
    @sumudusandarekha5608 4 หลายเดือนก่อน

    May u attain nibbana

  • @ranjankumarasekara5363
    @ranjankumarasekara5363 2 ปีที่แล้ว +2

  • @patabedigedaradamayanthi3658
    @patabedigedaradamayanthi3658 2 ปีที่แล้ว

    Obata mewan akal maranayak nomawrwa min mathunathmayaka

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 ปีที่แล้ว

    super

  • @getlucky2029
    @getlucky2029 ปีที่แล้ว

    How the hell he sang this song sitting all the time😮. Listening it self make me dance❤👏

  • @rouns
    @rouns ปีที่แล้ว

    Beautiful ❤️

  • @nethuishara3130
    @nethuishara3130 2 ปีที่แล้ว

    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු🥺

  • @sewangalaapi7788
    @sewangalaapi7788 2 ปีที่แล้ว +3

    මෙි දවස් 2-3ට සිය පාරකට වඩා අහන්නැති...විශිෂ්ට නිර්මාණයක්...

  • @user-him2004
    @user-him2004 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nipunaasiri5155
    @nipunaasiri5155 2 ปีที่แล้ว +1

    ♥️

  • @samadasanayake9404
    @samadasanayake9404 2 ปีที่แล้ว

    ලස්සන ගීතයක් 👌👌👌👌❤️❤️❤️🔥🔥🔥🔥💐💐💐

  • @sahanperera6512
    @sahanperera6512 2 ปีที่แล้ว +2

    ♥💔

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 2 ปีที่แล้ว +1

    මමත් සින්දු කියන්බ ගොඩක් asayi
    නමුත් හීනයක් පමණයි

  • @udayakumara3361
    @udayakumara3361 2 ปีที่แล้ว

    Adaraniya hadawathaka nikmayama

  • @nadeewettewa7567
    @nadeewettewa7567 2 ปีที่แล้ว

    🙏

  • @judithdemel
    @judithdemel 2 ปีที่แล้ว

    💜

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malaka80
    @malaka80 2 ปีที่แล้ว

    Kisima kenekuta wachanayakin wath hitha ridawala nathi saba kala karuwan

  • @chamanipriyanthikapeirisda9915
    @chamanipriyanthikapeirisda9915 2 ปีที่แล้ว

    So sad

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 2 ปีที่แล้ว

    😥😥

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭

  • @heshanominda6884
    @heshanominda6884 2 ปีที่แล้ว

    ♥️🥺

  • @dilushani9416
    @dilushani9416 2 ปีที่แล้ว

    😢😢😢😢

  • @abhi7486
    @abhi7486 2 ปีที่แล้ว

    😥😥😥😥😥😥😥😥😥😥😥

  • @pasinduprabashwara3119
    @pasinduprabashwara3119 2 ปีที่แล้ว

    😓😓

  • @lilanthiathukorala1263
    @lilanthiathukorala1263 2 ปีที่แล้ว

    දයිවය මෙතරම් නපුරු ඇයි

  • @chamindajanakasiribaddana2660
    @chamindajanakasiribaddana2660 หลายเดือนก่อน

    Wwjjufrxxuuudd