Aya Yanna Giya Makila | ගීතයේ විචාරයන් | Sunil Sarath Perera | Dhammika Bandara
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Amarasiri Peiris | ඇය යන්න ගියා මැකිලා | ගීතයේ විචාරයන් | Dhammika Bandara | Sunil Sarath Perera | Ape Sinduwa | Sihinayaki Rae | SLRC | Sri Lanka Rupavahini
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා...
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා...
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - විශාරද අමරසිරි පීරිස්
මේ ගීතය හරිම අපූරු ගීතයක් විරහව හදවතට කාවැදෙන්න නිරූපනය කරලා තියනවා. ආදරය ලැබෙනකොට ඒ ආදරයට මිනිස්සු සංවේදී භාවයක් නෑ වගේ පෙන්නුවට ඒ ආදරේ දුරස් වෙනකොට මිනිස්සු පුදුම විදියට සංවේදී වෙනවා. පිරිමි හිතක ආදරේ හරි පුදුමයි. ගැඹුරුයි. ඒ වගේ ගැඹුරු ආදරයක් අතහරින එක අපරාධයක්. ❤️❤️
8i
ස්තූතියි ඔබතුමාගේ විචාරයට 😅
මම මේ ගීතයට මාරම ආදරෙයි ❤️
Obage giethanam pudumakara rasayak thiyenne. Ape rate pinata oba wage gietha rachakayo bihi une. Theruwan saranai.
Marai..man me sinduwa ahala..teruma hoyanna hithuna weda okkoma natara karala...mata witarada ehema hitenne
ඇය යන්න ගියා මැකිලා ඇත්ත කතාව | සුනිල් සරත් පෙරේරා | Amarasiri Peiris
th-cam.com/video/mVLWzGn9jF4/w-d-xo.html
Hari අපූරු ගීතය ❤️❤️❤️
Good work
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා
ඇය = වැස්ස 😇
Good work .keep it up
හරි ආස ගීතයක්
Man godak asai 🎶 duweta.
Mama kamathinam githayak
Mama hithuweth. Maranayk gana kiyawena githayak kiyala.
😳😳
ලස්සන යි
💐💐💐🙏🏾
❤️
මට බොහොම ටික දිනක් පමණක් ඇසුරු කරන්නට ලැබුන ආදරණීය මාලනී බුලත්සිංහල මහත්මියනි, ඔබටත්, ඒ ආදරණිය සොඳුරු මිනිසා එච්. එම් ජයරත්න මහතාටත් යළි භවයකදී කොතැනක දී හෝ යළි හමුවන්න යැයි ආදරයෙන් ආරාධනා කරමි. 🙏🙏🙏
එච් එම් ජයවර්ධන
මේ කියන්නෙ කුණ්ඩලකේෂී ගැන.
එයාගේ මහත්තයා බාරයක් ඔප්පු කරන්න කියලා 🗻 කට එක්ක ගෙන ගියා.
ඒ වෙලාවෙ අතේ කනේ කරේ තිබුනු ආභරණ සේරම ගලවලා පැත්තකින් තියන්න කියලා නියෝග කළා.
අසරණ වූ කුණ්ඩලකේෂීට මහත්තයාගේ අණට කීකරු වෙනවාට වඩා වැඩි දෙයක් කරන්න ලැබුනේ නෑ.