රාවණ ඉතිහාසයේ ඉඳන් ලංකාපුරයේ තිබුණු අනෝතත්ත විලේ සැඟවුණු අභිරහස? | Mysteries of Anotatta Lake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ලෝක ඉතිහාසය ආරම්භයේ ඉඳන්ම අපි කතා කරගෙන ආවොත් ඉතිහාස පොත් වල, ජනප්‍රවාදවල සඳහන් වුණු විශේෂ තැන් අපිට හොයාගන්න පුළුවන්. atlantis නගරය, එල්ඩරාඩෝ නැත්නම් The Lost City of God වගේම රාවණාගේ ලංකාපුරය වගේ තැන් ඒව වලින් ප්‍රසිද්ධයි.
    මේ වගේම බෞද්ධ ලිඛිත ඉතිහාසයෙත් සඳහන් වෙලා තියෙන තවම හරියටම මිනිසුන්ට හොයාගන්න බැරි වුණු අභිරහස් ස්ථාන ගොඩක් ගැන තොරතුරු අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් ඒවා අතරින් බුද්ධ වචනය සඳහන් වුණු අනෝතත්ත විල ඇත්තටම තියෙන්නේ කොහෙද කියන එකට උත්තරයක් අපි හොයමු.
    #education #srilankahistory #srilanka #history #world #ravana #sinhala #buddhist #lake #mystery #5000 #yearsold #knowledge
    ------------------------------------------------------------------------------------------------------------------------
    ලෝක ඉතිහාසයේ හම්බෙන පළමු භාෂාව හෙළ සිංහල භාෂාවද?
    • ලෝක ඉතිහාසයේ හම්බෙන පළ...
    මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා
    • මම ලංකාවේ රාවණ ඉතිහාසය...
    රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි
    • රාවණා රජතුමා වේරම්භ කි...
    රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට
    • රාවණ ඉතිහාසයේ සම්පූර්ණ...
    විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි
    • විජය පැමිණීමටත් පෙර ලං...
    ------------------------------------------------------------------------------------------------------------------------
    TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the TH-cam channels in Sri Lanka.
    ------------------------------------------------------------------------------------------------------------------------
    Music Used in the Video :
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    • Cinematic Epic Trailer NoCopyright B...
    Music: історія - Amal Raj - Music
    Music Link:
    • історія - Epic Historical Background ...
    ♪ Tears (Prod. by MX Audio Library)
    Link :
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    An Epic Story by MaxKoMusic | maxkomusic.com/
    Music promoted by www.chosic.com...
    Creative Commons Attribution-ShareAlike 3.0 Unported (CC BY-SA 3.0)
    creativecommon....
    🔻
    "Scott Buckley - The Climb" is under a Creative Commons (BY 3.0) license:
    creativecommon....
    / musicbyscottb
    Music powered by BreakingCopyright: • ⚗️ Mysterious & Inspiring (Music For ...
    🔺
    ------------------------------------------------------------------------------------------------------------------------
    Follow Us
    Like us on Facebook: / charawimu92
    Follow us on Instagram: / charaka.ama. .
    Follow us on Twitter: / chara1992

ความคิดเห็น • 328

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 2 หลายเดือนก่อน +9

    පුතේ ඔයා හරිම දක්ෂයෙක් මටත් දැන් හිතෙනවා මේ දේවල් හොයන එක හරි වැදගත් කියල මට මේවිදියට හිතෙනව බුදු රජාණන් වහන්සේ වැඩසිටි කාලයේ මේ ලක්දිවයින ඉන්දියාවට බැඳී තිබුණාදෝ කියල කොහොම උනත් මේ ගැන ගැඹුරු අද්‍ය්යනයක් කරන්න වෙයි ඔබට මේවා හරියටම හොයා ගන්න ලැබේවා බුදුසරණයි.

  • @manelperera5336
    @manelperera5336 2 หลายเดือนก่อน +72

    මෙිටිකවත් මාහාචාර්ය්‍ය හාමුදුරැවරැ අවබොදයට ගනිත්වා.ඇත්තඇති සැටියෙන්දකිත්වා.මුසාවාදයෙන් වැලකෙවා.කුසල් මතුවෙිවා.නිවන අවබොද වෙිවා............................... .පුතේ මෙිය දැනුවත්කරවිමම කුසලයක් .බුදුසරණයි.

    • @jeshartstudio2467
      @jeshartstudio2467 2 หลายเดือนก่อน

    • @ChamilaJayamini-f8t
      @ChamilaJayamini-f8t 27 วันที่ผ่านมา

      බුදුන් ගෙන් බණ අහලා පුරුදු අය තෙරැම් ගන්නවා සංසාරේ පිං කරලා තියෙන්න ඔන හරි බුදු දහම මුණ ගැහෙන්න.

  • @ishaninadugala
    @ishaninadugala 2 หลายเดือนก่อน +7

    ලංකාවෙ රජවරු එක එක්කෙනා ගැන වෙනම episodes ඕනෙ .හැම රජකෙනෙක් ගැනම මුල ඉදලම ඇත්ත විස්තර එක්ක. පුලුවන් නම් මේක කරන්න.💟

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 2 หลายเดือนก่อน +25

    හිමවත යනු මේ හෙළබිමේ මධ්‍යම කඳුකරයයි (ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ)කවි නිර්මානය උනේ ඒ නිසයි එදා අනෝතත්ත විල අද හෝටර්න් තැන්නයි එයින් තමයි මහවැලි කැලනි කලු වලවේ ගංගා ආරම්භ වන්නේ ..මේ පිළිබඳ චිත්‍රයක් දඹුල්ලේ විහාරයේ මනාවට පෙන්නල දීල තියෙනවා ...ආනටිය සූත්‍රයේ මේ රටේ චිත්‍රය ලස්සනට පෙන්නල දීල තියෙනවා ....⁣මහා මේරු කිකල එකක් නැහැ මහා නෙරු මෙක කිවුවෙත් මධ්‍යම කඳුකරයටයි ....අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි.... කවුරු පිලිගත්තත් කවුරු පිළිනොගත්තත් පරම සත්‍ය එයයි..

    • @chathuridishani4035
      @chathuridishani4035 22 วันที่ผ่านมา

      නියමයි මමත් එකගයි.ඔයත් එක්ක😊

    • @AshanKumaraLiyanage
      @AshanKumaraLiyanage 5 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤🎉😊

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 2 หลายเดือนก่อน +18

    ඔබ රටට ජාතියට සම්පතකි. ස්තූතියි මේ ව්‍යායාමයට

  • @hpmihira7012
    @hpmihira7012 2 หลายเดือนก่อน +12

    ඔයා ඉතිහාසය උගන්වන ගුරුවරයකු උනොත් සුපිරි අයියේ

  • @MAHIMATHISUM
    @MAHIMATHISUM 2 หลายเดือนก่อน +9

    ඉතිහාසය ප්‍රකාශ කරන බොහොමයක් ඉන්නවා ඒ අතරින් ඔබගේ ප්‍රකාශය වටිනා අගය කළ යුතු විදිහට මූලාශ්‍ර සහිතව ඉදිරිපත් කිරීම පිළිබඳව අගය කරනවා ප්‍රකාශන විලාසය අවසන් වනතුරු අහන් ඉන්න හිතෙනවා මේ කරන කැප කිරීමට බොහොම ස්තූතියි

  • @roseSaparamadu-uz8qv
    @roseSaparamadu-uz8qv 2 หลายเดือนก่อน +4

    බුදු පියානෝ ලංකාවේ ඉපදුනු බව ගොඩක් නාලිකාවලින් දැනගන්න ලැබුන ඒක ගැන ගොඩක් සතුටුයි ❤️🌹🙏ඔයාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @pcroshan
    @pcroshan 2 หลายเดือนก่อน +5

    🔥🔥🔥🔥❤️❤️❤️ නියමයි.. ඔබට තව තවත් ධෛර්යය ලැබේවා…..

  • @anulasrimali2741
    @anulasrimali2741 2 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ උත්සාහය සාර්ථකවේවා!

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha 2 หลายเดือนก่อน +10

    අනවතප්තය තියෙන්නේ බුදුවරු පහලවන දේශයේ ❤

  • @benaimaamai6283
    @benaimaamai6283 2 หลายเดือนก่อน +5

    සුපිරිම සුපිරි අංගසම්පූරණ වැඩසටහනක් තෙරුවන් සරණයි මල්ලි ..👍👍👍👍

  • @chathuridishani4035
    @chathuridishani4035 22 วันที่ผ่านมา +1

    නියමයි .දාන හැම වීඩියෝ එකක්ම බලනවා .😊

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 2 หลายเดือนก่อน +20

    හරිම ආසාවෙන් සවන් දුන්නා. සත්‍ය මෙයම නොවේද හෙළයිනේ මෙය තේරුම් ගැනීමට පෙර පින් මහිමයක් තියෙන්නම ඕනේ සියළු හෙළයන්ට අවබෝධ වේවා

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 2 หลายเดือนก่อน +23

    සුපිරි හඬ පෞරුෂයක්, ප්‍රකාශන නිරවද්‍යතාවක් ඔබට තිබෙන්නේ.... පිටරටක සිටියානම ඔබේ හඬට, හෑකියාවට බොහෝ දුරක් යන්න පුළුවන්

    • @ChamilaJayamini-f8t
      @ChamilaJayamini-f8t 27 วันที่ผ่านมา

      අනෙ රට යන්න එපා අපේ රටේ වටිනා කොල්ලෙක් නැති කර ගන්න බැහැ

  • @DanushkaRanadeera
    @DanushkaRanadeera 2 หลายเดือนก่อน +8

    අපේ සාදුලාම මේ සිද්දි වහගෙන ඉන්දි ඔයා සුපිරියක් සහෝදරය ❤ආදරෙයි හදවතින්ම තෙරුවන් සරණයි

  • @chamarifernando7578
    @chamarifernando7578 2 หลายเดือนก่อน +39

    සාක්ෂි සමගම ඉදිරිපත් කිරීම හරි ම වටිනවා...කොහොම කොහොම හරි කුතුහලය දනවන සිදුවීම් ගලා ඒමත් එක්ක බොහො නොදන්නා කරුණු දැනගන්න ලැබුණා...නියමයි චාරක❤❤❤

    • @jeshartstudio2467
      @jeshartstudio2467 2 หลายเดือนก่อน

      koo පුරාවිද්‍යාත්මක සාක්ෂි naa ne,

    • @chamarifernando7578
      @chamarifernando7578 2 หลายเดือนก่อน

      තනිවම ගවේෂණය කිරීම ම මදි ද...ඔබට පුළුවන් ද

    • @senawirathna6147
      @senawirathna6147 หลายเดือนก่อน

      ​@@jeshartstudio2467අත්දෙක අල්ලංනකො දෙන්න.ඇතිවෙන්නම..
      අනවතත්ව විල ඉන්දියාවෙන් ලංකාවටගෙනාව ඒකයි ඉන්දියාවෙ නැත්තෙ...😮😢😂

  • @BRKKumari
    @BRKKumari 2 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි පැහැදිලි කිරීම විශිෂ්ට යි සතුටක් දැනෙනවා අපේ හෙළ දීපය ගැන

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 2 หลายเดือนก่อน +3

    ❤ අතීතයේ මට හැඟුන දේ අද සැබෑවන් වෙමින් පවතිනවා.මේ ඉදිරිපත් කිරිම තුලින් ඒබව මනාව සනාත වෙනවා‍, පුතා ඔබට තෙරැවන්සරණයි! තව තවත් අපගේ ⁣හෙළ ඉතිහාසය මෙවැනි වටිනා අදහස් ඇතිව ගෙන එන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 2 หลายเดือนก่อน +5

    ජයවේවා සහෝදරයා ඔබ‍ට!

  • @Neemni66
    @Neemni66 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පින්වත් ඔබට 🙏❤️

  • @udayarathnayake6464
    @udayarathnayake6464 2 หลายเดือนก่อน +8

    තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කිරීම වැදගත් නියමයි

  • @priyangakumari3338
    @priyangakumari3338 2 หลายเดือนก่อน +7

    ඔබ තුමාගෙ මෙ වෑයම අගය කරනවා සුවපත් වේවා !!! ඔය තොරතුරැ මම මගෙ දැනුමෙන් පහුගිය දවස් වල අවබෝධ කර ගත්තා ලිකිතව කිසිම දෙයක් මම කියවලා නැ හරියටම හරි මෙ තොරතුරැ ඒ වගේම මුල්ම මානවයා ආවෙත් හෝර්ටන් තැන්නෙන් ඒ තමයි මෙ පෘතුවිය සත්ව වාසයට නිර්මාණය වී අවසන් වු අවස්තාව එතැනම අවබෝධ කර ගත යුතුයි ලෝක විෂය අතින්චය බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කල මිදි නිදහස් මග දැනගෙන මිදි නිදහස් වීම.හැර දුකෙන් මිදි නිදහස් වෙන වෙන මගක් නොමැති බව පැහැදිලි යි.සුවපත් වේවා !!! සැමට පරම පවිත්‍ර සිරිසද්ධර්මය අහන්න ට හේතු ප්‍රත්‍ය සැකසේවා.

  • @dumindaalexander8033
    @dumindaalexander8033 2 หลายเดือนก่อน +6

    ඇත්තටම මචන් ඔයා වචනයේ පරිසමාත අර්ථයෙන්ම පට්ට පොරක්. ස්වයං ගවේෂණය තුළින් ගොඩනගාගත්තු දැනුම හරි වටිනවා මචන්. ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සු හැමදාම කරේ තව කෙනෙක් කියන දෙයක් පිළිගත්ත එක. තමන් පරීක්ෂණ, නිරීක්ෂණ තුලින් නිගමනයන්ට එන එක අපේ මිනිස්සුන්ට ලොකු කම්මැලිකමක් වෙලා. හදවතින්ම respect මචන්.❤🙏

  • @harithperera8499
    @harithperera8499 2 หลายเดือนก่อน +3

    කවදාවත් මේ විදියේ videos කරන එක නවත්තන්න එපා. මේ රට දාල යන්නත් එපා. ඔයාම හිතල බලන්න බහුතරය අතරේ මේවගේ දේවල් හිතෙන්නෙ හොයන්න පුලුවන් වෙන්නේ ඇයි කියල. ජයවේවා 🙏

  • @tilakwijesinghe4734
    @tilakwijesinghe4734 2 หลายเดือนก่อน +5

    ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා අපි නැවතත් අතීතයට ගෙනියනව වගෙ ඉතාමත් සිත් ගන්නා ආකාරයෙන් කරුණු ඉදිරිපත් කරන ඔබගේ නම දැන ගන්න කැමතියි

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 2 หลายเดือนก่อน +4

    ❤ සුපිරියි Bro ගොඩාක් මහන්සි වෙලා මෙහෙම ඉතිහාසය ගැන තොරතුරැ අපට කියලා දෙනවට ගොඩාක් පින්. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා ජයවේවා. තෙරැවන් සරණයි 🙏

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා 2 หลายเดือนก่อน +12

    විශ්ව මාතාව සමග ගමන් කරන මනුෂ්‍ය රත්නයක්ද කොහෙද?හැදුවැඩූ මව්පියන්ටත් පින්,කරන්නට දේවල් මේ කාලෙ ඕනිතරම් තියෙද්දිත් මේ වගේ හරවත් දේ කරන දරුවෙක් කියන්නෙ ජාතියටම පහනක්💚

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 2 หลายเดือนก่อน +2

    ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
    අපිට කරලා තියන මහා විනාශය ගැන හරිම කනගාටුදායකයි.. වසර ගානක්තිස්සේ මෙ ගැන කරුණු විමසා බලනවා ඔබ කියන කරුණු සත්‍යයක් බව විශ්වාසයයි

  • @nelukadesilva
    @nelukadesilva 2 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට මෙතරම් දැනුවත් කිරීම ගැන❤

  • @ravindurashmika981
    @ravindurashmika981 2 หลายเดือนก่อน +15

    මම ඔක්කොම වීඩියෝ බැලුවා අයියේ සුපිරියටම පැහැදිලි කරනවා ඔයා, නියමයි ❤❤❤👍👍👍

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 2 หลายเดือนก่อน +3

    බොහොම වටිනා පැහැදිලි කිරීමක්
    සුවපත් වේවා

  • @santhasantha1110
    @santhasantha1110 2 หลายเดือนก่อน +8

    හරිම පැහැදිලි

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 2 หลายเดือนก่อน +5

    ඒ වගේම පෙරුම් පුරන බෝසත් වරුන් සියලුම දෙනා උපත ලබන්නේ ත් මේ පින් බිමේම තමයි 🙏🙏🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 2 หลายเดือนก่อน +1

    ඔබගේ සත්‍ය ගවේෂණයට බෙහෙවින් ස්තුතියි ජයවේවා !

  • @SLbreakingnews7257
    @SLbreakingnews7257 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉතිහාසය ගැන ඉතා හරවත් තොරතුරු ටිකක් ඉදිරිපත් කරපු තුමාට ස්තුතිය පුද කරන අතර ඉදිරියටත් මේ වැනි සැඟවී ගිය අපේ හෙළ ජන කුට්ඨාසය මත සඟවා තබා ඇති සත්‍ය මුදුන්පත් කරන මෙන් ඉල්ලා සිටිනවා

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 หลายเดือนก่อน +19

    සාක්ෂි සහිතව පැහැදිලිව හා නිරවුල්ව ඉදිරිපත් කිරීම සහ උඩුගම් බලා පීනීම යන සියලු කරුණු නිසා ඉක්මනින් මෙය හැමෝටම අවබෝධ වේ ඉතාමත් ලොකු සේවයක් පිනක් මේ අයුරින් මෙය ජනතාව වෙත බෙදා හැරීම.....සියලු ජයග්‍රහණය තෙරුවන් සරණයි ඔබට

    • @dameprasa4614
      @dameprasa4614 2 หลายเดือนก่อน +3

      මෙයා බෞද්ධ දර්ශනය බෞද්ධ චරිතයයි පටලවගෙන හැම දෙයක්ම මෙයා බුද්ධ වචනය කියලා කිව්වට මෙයා කතා කරන්නේ බෞද්ධ චරිතය ගැන ඒ හා බැඳුණු ජනශ්‍රැති හා ජනප්‍රවාද මුල් කරගෙනයි මෙයා හැම අදහසක්ම ඉදිරිපත් කරන්නේ නැතුව පුරාවිද්‍යාත්මකව ඔප්පු කරලා වත් පුරා විද්‍යාත්මකව හොයාගත්ත සෙල්ලිපි වලවත් සඳහන් වෙච්ච දේවල් මූලාශ්‍ර කර ගඩ නෙවෙයි වැඩි හරියක් පියාගේ හිතලු සහ ජනශ්‍රැති සහ ජනප්‍රවාද

    • @jeshartstudio2467
      @jeshartstudio2467 2 หลายเดือนก่อน

      koo පුරාවිද්‍යාත්මක සාක්ෂි naa ne,

  • @малинкидом
    @малинкидом 2 หลายเดือนก่อน +4

    ඔබ හරි වැරදුන තැන් එමටයි අප ඉතිහාසයේ මෙහෙමවත් ටිකෙන් ටික මේ අවුල විසඳීමට ඔබ දරන උත්සාහයට බෙහෙවින් ස්තූති වන්ත වෙම් යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 2 หลายเดือนก่อน +6

    හඬ,සාක්ෂි,ඉදිරිපත්කිරීම සුපිරියි සහෝදරය...
    ජය...❤

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 หลายเดือนก่อน +12

    ඔබකියු සැම දෙයක්ම ඒ සත්‍යයමයි මෙහි තමා බුදුවරැත් පසේ බුදුවරැත් සතරවනක් පිරිසත් පහලවන එකම පිංබිම

  • @ayeshaweerasooriya2680
    @ayeshaweerasooriya2680 2 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් කරුණු ඉදිරිපත් කරනවා. තවත් මේ වගේ වැදගත් තොරතුරු ඉදිරිපත් කරන්න මල්ලි. ඔයාට ජයෙජ් ජය❤❤❤

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 2 หลายเดือนก่อน +2

    පැහැදිලි විස්තර කිරිමක් අගය කරනවා .....ජයවේවා එකෙන්ම ❤❤🌹🌹🙏🙏🙏

  • @pgk.w028
    @pgk.w028 2 หลายเดือนก่อน +19

    ඒ ගංගා 4න් වෙන්වුන රාජ්‍ය 4 ජම්බුද්වීපය, උතුරුකුරු දිවයින, අපර ගෝයානය හා පූර්ව විදේහය නම් වේ. ජම්බුද්වීපයේ දේව හෙලයත්, උතුරුකුරු දිවයිනේ යක්ඛ හෙලයත් විසූ බව තහවුරු වී ඇත.

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 2 หลายเดือนก่อน +5

    ඇත්ථම කතාව ඕක ථමා සහෝදරයැ

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 หลายเดือนก่อน +6

    ජයවේවා!
    ඉක්මනින් සත්‍ය එළි වෙව!

  • @ndhunter5280
    @ndhunter5280 2 หลายเดือนก่อน +4

    විශ්ලේෂනාත්මක විග්‍රාහයක් හරිම වටිනවා ❤❤

  • @JanakakKariyawasam
    @JanakakKariyawasam 2 หลายเดือนก่อน +24

    ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කිරීම වැදගත්
    කනගාටුවට කරුණ අපේ රටේ වගකිවයුත්තන්ගේ ඇස් නොපෙනීම.

    • @jagathSuranga
      @jagathSuranga 2 หลายเดือนก่อน

      වගකිවයුතු සියලු දෙනා මේ හැමදෙයක්ම දන්නවා හැමදේම වහනවා

    • @jeshartstudio2467
      @jeshartstudio2467 2 หลายเดือนก่อน

  • @ruwanthidias1044
    @ruwanthidias1044 2 หลายเดือนก่อน +8

    ඔයාගෙ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ අයියේ ❤

  • @dinushanuwan8229
    @dinushanuwan8229 2 หลายเดือนก่อน +2

    මාතෘකාවෙන් පිට වල්පල් නෑ නියම කොල්ලෙක් on point ❤️❤️❤️

  • @r.dhammapali778
    @r.dhammapali778 2 หลายเดือนก่อน +13

    පුතා ඔබ නම් නියම හෙළයෙක්....🌹හරිම දක්ෂ යෙක් 🌹🌹🌹ඔබ ගේ.... 🌼කාලය 🌼දනය 🌼ශ්‍රමය 🌼වැයකරමින්......බුද්ධිමත් ව 🌼වටිනා ග්‍රන්ථ පරි ෂී ලනය 🌼කරමින්.... කරන්නේ 🌹🌹🌹මිල කල නොහැකි... 🌼වටිනා විශ්ව පර්යේෂණ යක් 🌹🌹
    පුතාට අපගේ.... ප්‍රණාමය 🌹🌹🌹
    Tawa tawat අවංක හෙළ යෝ 🌹ඔබ‍ට එකතු වේවා 🌹🌹...... 🤔පුතාගේ ආරක්ෂා ව ගැන වැඩිපුරම හිතන්න 🤔.....පුතා ට 120 ක්‌... ආයුබෝවේවා 🙏 බුදුසරණයි 🌹🙏🙏දෙවි පිහිටයි🌹🌹🌹🌹🌹
    .... මෛත්‍රී....

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 หลายเดือนก่อน +3

    ජය වේවා....!!!ගොඩක් වටින වැඩක්

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 2 หลายเดือนก่อน +8

    සියලු ම දෙනාට මේ ටික අවබෝධ වේවා

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 2 หลายเดือนก่อน +4

    තමන් ගෙ වැඩක් බලාගෙන මුදල් පස්සේ දුවන මිනිස්සු අතරේ මේ වගේ ඉතිහාසය සැගවුණු ඇත්ත සොයා යන ඔබ වැනි තරුණ පුතුන් ලක් මාතාවට ලැබීම වාසනාවක් ඔබලා ට සුභ පතනවා ඉදිරියට ම යන්න

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරනයි අැත්ත ඉතිහාසය ඉක්මනින් හෙලි වේවා 🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @suranbuddhika5460
    @suranbuddhika5460 2 หลายเดือนก่อน +4

    තව වරිග පුර්නිකාව පොත ගැන ,,,හා මානැවෙ විමල රතන හිමි සමග විඩියොව ක් දාන්න ,,,,එතකොට මාහාවන්සය ට කලින් ලියු මෙ වරිග පුර්නිකාව පොත ගැනහා මිට වඩා කරැනු ලැබෙයි සහො,,,, ඔබට ජය,,,,

  • @KumariLiyanage-l8j
    @KumariLiyanage-l8j 2 หลายเดือนก่อน +10

    සමහර කමෙන්ට් දැක්කම හිතෙනවා මුන් මෙච්චර දීන හීනමානය ඇති ජාතියක් ලෙස මෙහෙම වත් මේරට තියෙන එක ඇති කියලා ඒ නොපෙනෙන බලවේගයක් නිසාම තමයි

  • @amilapremodya3412
    @amilapremodya3412 2 หลายเดือนก่อน +8

    සුපිරි 👍👍👍👍

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි

  • @MihiriMillahena-es2cm
    @MihiriMillahena-es2cm 2 หลายเดือนก่อน +6

    නියමයි අයියේ 👍👍

  • @senudadilmith1406
    @senudadilmith1406 2 หลายเดือนก่อน +4

    good luck bro oyage okkoma videos mn balanawa issarahatath rawana gana videos one jaya wewa❤️

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 2 หลายเดือนก่อน +2

    පුතැනි ඔබෙි විස්තර කිරීම අනර්ගයි . අ ෙප් හිමිවරැන්ට ෙමය ඉතා වැදගත් ෙවිවි. යපතක්ම ෙවිවා.

  • @upalislk6553
    @upalislk6553 2 หลายเดือนก่อน +3

    ❤❤❤ wow what a great video my dear brother am Christian but I believe all this things without any doubt. Reason this is so clear to understand... Thank you so much for what you doing to open hidden history.. you are blessed by lord God almighty. That's why your wisdom is so powerful.. love you my brother 💕🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @MithunKzz
    @MithunKzz 2 หลายเดือนก่อน +13

    අනවතප්ත නම් විලෙන් කියනකොටම පැහැදිලියි මහාවංශ කතුවරයා එම විල ගෙන කිසිම දෙයක් නොදැන සිටිය බව.

  • @seethamohotti4070
    @seethamohotti4070 2 หลายเดือนก่อน +3

    ඉතා .වට්නා.vDO එකක්

  • @H.v.premarathna
    @H.v.premarathna วันที่ผ่านมา

    කලියුගය අවසන් සත්‍ය ආරම්භය ඇරඹුණා ස්තූතියි විශ්ව මාතාවට

  • @yomalharischandra3757
    @yomalharischandra3757 2 หลายเดือนก่อน +3

    Patan gattha kale idan me chanel eke vedios balanawa mama....mara watinwa

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 2 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි ජයවේවා

  • @MalindaG
    @MalindaG หลายเดือนก่อน +1

    අනෝතප්ත විල තිබෙන්නේ නියත වශයෙන්ම හෝර්ටන් තැන්නේයි. අද වන විට මහවැලි, කැළණි, වලවේ යන ගංගා තුනම පටන් ගන්නේ හෝර්ටන් තැන්නේ සිටයි. කළු ගඟ පමණක් සමන්තකූටය හෙවත් සමනොළ කන්දේ සිට ආරම්භ වෙනවා. 😇හිමවත යනු සමනොළ කන්ද, නකල්ස්, ලකේගල ඇතුළු කඳු පන්තියයි.🙏❤️

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 2 หลายเดือนก่อน +1

    oyala wage tharuna daruwo ratata sampathak.mepamana wehesa dara soyaganna sathya sama harakta therennathi eka awasanawa.
    oyata godak pin

  • @gehankaushitha8249
    @gehankaushitha8249 2 หลายเดือนก่อน +1

    එකක් හොදටම පැහැදිලී අපි ඉගෙන ගන්න ඉතිහාසය ඇත්ත ඉතිහාසය නෙවෙයි කවුරු හරී එයාලට ඕනි විදියට හදල දුන්න එකක් කියල පේනවා,ලංකාවෙ වෙච්ච වෙන දේවල් එක්ක බලද්දි ඒක බොරුයි කියන්නත් බෑ

  • @chamarifernando7578
    @chamarifernando7578 2 หลายเดือนก่อน +8

    බුදුන් වහන්සේට ගැරහීමක් මේ වීඩියො එකෙන් සිදු වෙන්නෑනෙ.කියන දේ අවබෝධ කරගෙන ඒගැන සොයා බලන්නට පුළුවන් නෙ...සම්පූර්ණ වීඩියො එක බලන්නැතුව මිනිස්සු උඩින් පල්ලෙන් කරන තර්ක විතර්ක හරි නැහැ නේද...ඒ කැපවීම ඔබත් කරලා සොයා බැලීම් කළා නම් හොඳයි නේද..මගෙ රට තරම් ලස්සන වෙන කොහේද❤

  • @matheeshaminsara
    @matheeshaminsara 2 หลายเดือนก่อน +1

    ayye ape pauranika bashawa pilibanda video ekk karnnko. wordlist ekkakuth athuwa. bashawe commencement eka

  • @SDAGAMING43215
    @SDAGAMING43215 2 หลายเดือนก่อน +2

    ඉතිහාසයේ සිදුවනු සුළු සුළු වැරදි අද වෙනකොට කෙතරම් බරපතලද යන්න අපට මෙමගින් නිසැකවම වටහාගත හැකිය.😢

  • @samankumara1181
    @samankumara1181 2 หลายเดือนก่อน +14

    පර සුද්දා අප රට ට කරපු ව්නාසය තමා

  • @chami.primedora
    @chami.primedora 2 หลายเดือนก่อน

    ස්තූතියි මේ ව්‍යායාමයට

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 หลายเดือนก่อน +9

    අනවතප්ත විල අද වෙනවිට වැසී ඇති බවක් අසා තිබෙනවා.එය නැවතත් දැකිය හෑකි කාලයක් එන බවත් කියවෙනවා

    • @dumindaalexander8033
      @dumindaalexander8033 2 หลายเดือนก่อน

      ​@vinodratnayakeකොහොමද එහෙම කියන්නෙ?

    • @dumindaalexander8033
      @dumindaalexander8033 2 หลายเดือนก่อน

      ​@vinodratnayakeමමත් ස්වයං ගවේෂණය කරන කෙනෙක්. මේ වගේ කරුණු මට මගේ ගවේෂණයට ගොඩක් උපකාරී වෙනවා. ඒකයි මම ඔබතුමාගෙන් ඒ ගැන ඇහුවෙ. බොහොම ස්තූතියි මහත්මයා..❤️🙏

  • @thesmarthcode
    @thesmarthcode 2 หลายเดือนก่อน +1

    Wow, thanks a ton for making this awesome video on Lankan history Your dedication really shines through, and I've learned so much. Keep up the great work😍

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 หลายเดือนก่อน

    Putha obat godak pin mewani. Vediyo idiripath kireema pilibandawa mokada apea ratea mnissu godak denaa thawamath apea rata gana anawa bodayeninnea apita ugannapu boru ithhasaya thawamath karapinna gean inna modayo ralak innawa aemanisa mea vediyo ithaamath wadagath wenawa obata budusaranai!!!❤😂❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 2 หลายเดือนก่อน +1

    Excellent very informative! Thank u very much🙏 please continue the research❤

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7ke 2 หลายเดือนก่อน

    රුවන්වැලි සෑය ගැනත් පැහැදිලි video එකක් ඔනේ

  • @WGshan-w9b
    @WGshan-w9b 2 หลายเดือนก่อน

    Mama oyaga vediyowa baluwa. Aka harma watinawa. Apa Hala depaya sattya hale Kara ganimata. Maga meya giya mani kanak Mata. Apa etihasa. Kata. Keya danawWa ama maniyangan Ada Dana ganimata puluwan godak dawal tiyanawA. Mata awa keyanna kanak na obata puluwannam Mata kata karannA. Mata artikya pasna nisa ma dawal. KRanna kiyanna wediyak na obata David pehdtI. Budu saranai

  • @chamajayasanka
    @chamajayasanka 2 หลายเดือนก่อน +1

    වටින එකක්❤

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 2 หลายเดือนก่อน +2

    මේ රට පින් බිමක්.. මේ මහපොළොව එකක් වීතිබි පසුව කැඩි බිදි වෙන්වෙන්නඇති ඒ වෙන්වුණු ඉශාල කොටසක් කාලයත් සමග මිනිසුන්ගේ ජනාවාස වියහැකියි දේශගුනික සාදක මත මහපොළොව ස්භාවධර්මයේ නියමය අනුව ක්‍රියාත්මක වෙන්ට ඇති.ව්ශ්වීය නියමය අනුව මටත් දැනෙන දේ අනුව මුලු මහපොලවෙම තිබෙන පින්බිම,මේ ආසියානු මහත්ද්විපයේ ලක්දිව භූමිය වියයුතුමයි .මහපොලෝ තලයේ මැද මේබුදුන්වහන්සේලාගේ නිජබිමද වියහැකිමයි.ලක්දෙරන තුල පමනයි සියලුම සත්ත්වයන්ට ජීවත් වීමට සුදුසු බිමක් තිබෙන්නේ ...මෙයවිශ්වීය සුන්දරම වටපිටාවක් සහ නිරෝගිමත්ව ජීවත් වීමට සුදුසු වටපිටාවක්,සම්පත් බහුල ,නිහඩව ජීවත්විය හැකි ප්‍රබල විශ්වීය ශක්තිය වැඩිබලවත්,මිහිතලයක්,....මිනිසුන්ගේ පිනට පහලවු පින්බිමක්.................

  • @sajithapriyadharshana7206
    @sajithapriyadharshana7206 2 หลายเดือนก่อน +2

    ඔයාගෙ මහන්සිය සුපිරි මල්ලි ❤

  • @renukahingala9500
    @renukahingala9500 2 หลายเดือนก่อน +1

    Oyage vidio balanne hari asawen puluwan nam lagadi loku sellipiyak hamu une anna e pathta gawesanaya karanna

  • @rohanacp
    @rohanacp 2 หลายเดือนก่อน +6

    හොද ඉදිරිපත් කිරීමක්. නමුත් නිගමනවලට එලබෙන්න කලින් සාක්ෂි සන්සන්දනය කරන්න ඕනි .
    හෝට්‍රන් තැන්න කියන්නෙ මුහුදු මට්ටමින් මීටර් 2000කට වඩා ඉහලින් පිහිටපු එකක් . ඒකෙ විලක් තිබ්බනම් ඒක යොදු. නැත්නම් කිලෝමීටර් 4කට කට ආසන්න දිගක් පලලක් සහ මීටර් 100කට අඩු ගැඹුරක් විතරයි තියෙන්න පුළුවන් ඒ කලාපයේ එලිවේශන් ප්‍රොපයිල් එකට අනුව. බෞද්ධ දේශනාවේ පරිදි සැතැපුම් 80ක් වෙන්න නම් එය ඇහැලියගොඩ සිට මොනරාගල දක්වා විහිදී තියෙන්න ඕනි. වර්තමාන භූ පිහිටීම මත එවැනි විලක් පැවැත්මට ඇති හැයාව 0% ක්. මේක ඕනිම කෙනෙකුට ගුගල් අර්ත් එකෙන් මැනල එලිවේශන් ප්‍රොපයිල් චෙක් කලාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් .
    බුදුරජාණන් වහන්සේ ජීවත් උපන් සහ ජීවත් වුන ප්‍රදේශ ගැන ප්‍රබල සාක්ෂි නේපාලෙ තීනව. ඒව ලංකාවේ ඉදන් හොයාගන්න බෑ . මොකද නේපාලෙ ඉතිහාසය ඔවින් නිරාවරණය නොකිරීමේ සම්ප්‍රදාය නිසා. අනික නේපාලෙ පාවිච්චි කරන්නෙ ඔවුන්ගේ ම භාශාවක් ඔවුන්ගේ ම කැලැන්ඩරයක්. ඒකත් ලොකු හේතුවක් ලංකාවේ අයට ඒ ඉතිහාසය නිරාවරණය නොවෙන්න .
    සිදුහත් උපත සිදුවුන ලුම්බිණිය වගේ එම චරිතය ජීවත් වුන දෙව්දහ නුවර අදටත් ඒ නමින්ම තීනව. ඒ වගේම අනෙක් බොහෝ ස්ථාන වගේ ඒ පෙලපත් නාම වලින් ඉන්න මිනිස්සු තමා අදටත් එහේ ඉන්නෙ.
    ඒ වගේම මැජික් ප්‍රොපයිල් එක අයින් කරල බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිස් කුසකින් සාමාන්‍ය විදිහට ඉපදිල සාමාන්‍ය විදිහට ඉගෙනගෙන විවාහ වෙලා පිය පදවිය ලබල ඊටපස්සෙ ගිහිගේ අතෑරල මහනවෙල දුෂ්කර ක්‍රියා කරල බුදුවෙල ඊටපස්සෙ සාමාන්‍ය මනුස්සයෙක් වගේ පයින් ගම් නියම්ගම් වලට වැඩල දහම් දේශනා කලා කියල සැලකුවොත් නේපාලෙ කතාව සම්පූර්ණයෙන් පිලිගන්න පුළුවන් සාක්ෂි තීනව. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ජීවිත කාලෙ පුරාවට තම පරිවාර සංඝයා වහන්සේ සමග එලදෙනකුගේ විශාලතවයට සමාන පරතරයක් ඇතිව ගමන්කළ බව සදහන් වෙනව. ඒ ඒරියා එක නැගෙනහිර සිට බටහිරට යොදුන් 350 උතුරෙ සිට දකුණට යොදුන් නැත්නම් සැතපුම් 250ක්
    ගමන් විලාශය අනුව ඒක හොදට ගැලපෙනව.
    අනික ලෝකෙ පුරා බුදුදහම ව්‍යාප්ත වීමේ යාන්ත්‍රනය එක්කත් ඒ ප්‍රදේශයේ සාක්ෂි ගැලපෙනව.
    මම ඉන්නෙ එදා දෙව්දහ නුවර ලෙස හැඳින් වුන වර්තමාන දෙව්දහ නගරසභා බල ප්‍රදේශයේ කෛරනි කියන ප්‍රදේශයේ . මෙහේ තමා සිදුහත් කුමාරයගෙ සුලුමව වුන මහා ප්‍රජාපතී දේවියගේ මහගෙදර වගේම මුගලන් හාමුදුරුවන්ගෙ මහ ගෙදර පිහිටල තීන්නෙත් . ප්‍රජාපතී දේවියගේ මහගෙදර නටබුන් තවම තීනව සංරක්ෂණය කරල . ඊට කිලෝමීටර 2ක් වගේ දුරින් සිදුහත් තාපස තුමා දුෂ්කර ක්‍රියා කරපු දැවැන්ත ඇසටු ගස අදටත් තීනව .

    • @benaimaamai6283
      @benaimaamai6283 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣 නේපාල් ගෑණියෙක් සැට් වෙලා මෛතූනසේවනය කරාම ඔහොම හිතෙන එක සාදාරණයි 🤣🤣🤣🤣

    • @jeshartstudio2467
      @jeshartstudio2467 2 หลายเดือนก่อน +1

      obe kathawa hari, Pothata galapenawa kiyala pennawa misak. piliganna puluwan sakshiyak idiripath karan na.
      bubu hamuduruwo lankawe kiyala amuthu chuun ekak ganne.

    • @dilrukshidissanayaka1019
      @dilrukshidissanayaka1019 2 หลายเดือนก่อน

      බුදුන් ලංකාවෙ ඉපදුනා කියන මෝඩයින්ට මේවා ලොකු උනාට නියම ඉතිහාසය හා බුදු දහම ගැන දන්න අයට මේවා හිතලු..

    • @Geethika-st2bb
      @Geethika-st2bb 2 หลายเดือนก่อน +1

      Math me vidio beluwa okkoma Hari kiyamuko eth rakawaru koi ea kale hitapu mewa boru okkoma vinasa karanna hadanne maiteei budunge Amma tathtath ipadenne dabadiwanam tawa monawada indiyawa kochcara loku ratakda budunge kale ganghawalinmai weda gathtea oya puluwannam ohe vistara Mata Danna pin sidda wei

  • @sheni6004
    @sheni6004 2 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @painter-wf5lu
    @painter-wf5lu 2 หลายเดือนก่อน +2

    කලු ගඟ කෝ? මහවැලි කැලනි කලු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලාත් තියෙනවා

  • @superior_in.exteriors
    @superior_in.exteriors 2 หลายเดือนก่อน

    Very good video; very informative. I can’t understand how you gathered so much details 😊
    Keep it up!

  • @NimeshSandeepaM
    @NimeshSandeepaM 2 หลายเดือนก่อน +2

    අයියෙ පුලුවන්නම් ඔයා තොරතුරු ගන්න මූලාශ්‍ර දානවද discription එකේ දානවද

  • @luckybilly8808
    @luckybilly8808 2 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 หลายเดือนก่อน +1

    ආදරේයි ❤❤❤❤❤❤❤❤

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 หลายเดือนก่อน +1

    අපි බෞද්ධයෝ එක්වී නැවත ඒ කඩා දමාඇති ගල්බැමි ඇලවේළි සකස් කරමු ශ්‍රමධාන සංවිධානයවෙමු හෝර්ටන් තැන්නේ කඳවුරු බැඳගමු ඉක්මන්කර සංවිධානය වෙමු සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු 🌹🌹💎👑️❤️👑️💎🌹🌹✋👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KMCDKulathunga
    @KMCDKulathunga 2 หลายเดือนก่อน

    අනෝතප්ත විල රෝස මලක් වගේමයි. ඒ මධ්‍යම කදුකරය මායිම කරගත් ප්‍රදේශය

  • @armjanakarathnayake
    @armjanakarathnayake 2 หลายเดือนก่อน +1

    ආරිය කොල්ලෙක් ❤

  • @udaradeshan2439
    @udaradeshan2439 2 หลายเดือนก่อน

    Brother
    ඔයාගෙ Research වැඩ වලට අපිට සම්බන්ධ වෙන්න බැරිද.

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 หลายเดือนก่อน

    Well done malli keep going ❤

  • @ruwanwedisa910
    @ruwanwedisa910 2 หลายเดือนก่อน

    Budu saranai putha obata

  • @chandrajayawardana8173
    @chandrajayawardana8173 2 หลายเดือนก่อน

    පුතාගෙ උත්සාහය ගැන නම්‍ කියන්න වචන නැහැ- අපේ රටේ‍ වටිනාකම මතු කරන ඔබට උතුම්‍තෙරුවන් සරන ප්‍රාර්ථනා කරනවා

  • @Mahen29
    @Mahen29 2 หลายเดือนก่อน

    අවසාන වචන ටිකනම් ඇත්ත එකපාරම ලොකු වෙනසක් වෙලා තියෙනවා කොතනහරි