kanthale abadhitha daru udaw කොල්ලෝ දෙන්නා දිහා බලා පපුව පැලෙන්න අඩන අම්මා
ฝัง
- เผยแพร่เมื่อ 5 ม.ค. 2025
- (කාංචන කුමාර ආරියදාස 077 3416157 ඉමෝ 0706416157)
2024.12.12
කොල්ලෝ දෙන්නා දිහා බලා පපුව පැලෙන්න අඩන අම්මා
හඳුනා නොගත් රෝගයකින් ආබාධිත වූ තම වැඩිමහල් දරුවා බේරා ගැනීමත් දෙවැනි දරුවාද එම රෝගයටම ගොදුරුවීමේ අවදානමක් පෙනි පෙනී දැඩි වේදනාවෙන් යුතුව දිවි ගෙවන අසරණ මවක් පිළිබඳව පුවතක් කිතුල්උතුව ප්‍රදේශයෙන් වාර්තාවෙයි
තවමත් දහවැනි වියේ පසුවනේ සෙනුර ගිහංස අවුරුදු එකහමාරක් පමණ වයස වෙද්දී තම මවද දෙදෙනාම ඇද වැටී එකවරම රෝගාතුර වූ බව මව කියයි. එදා සිට මේ දක්වාම ඔහුට දණහිසෙන් පහළ අප්‍රාණික වී ඇවිද ගැනීමට නොහැකි තත්වයට පත්ව ආබාධිත දරුවෙකු වූ බව චන්ද්‍රිකා විමලරත්න තිස්පස් හැවිරිදි මව පැවසුවාය.
මෙම පිරිස අංක අංක 339 / 1 කිතුල්උතුව අග්බෝපුර කියන ලිපිනයේ පදිංචිව සිටිති.
මේ නිවසට ජලය ලබාදීමට දේවිකා කුමාරගම ආදරණිය අක්කා ඉදිරිපත් වුනා ,
කටු මැටි ගැසු පුංචි කාමර දෙකක් තනාගෙන චන්ද්‍රිකා විමලරත්න මහත්මියත් එච් .ජී .ගුණසිරි සැමියාත් අවුරුදු පහක් වූ පුංචි පුතත් වයස අවුරුදු දහයක් වූ වැඩිමහල් පුතත් ජීවත් වෙති.
දවසකට එක වේලක් දැඩි දුෂ්කරතා මැද උපයා සපයා ගන්නා ඔවුන් ආහාර හිඟයකින් පෙළයි , විමලරත්න මව කියා සිටියේ වසර ගණනාවකට ඉහතදී තමන් සමගින් ගමන් කරමින් සිටියදී එකවරම පය පැටලී තම දරුවා යට වූ බවය . එදා සිට මේ දක්වා දිවයිනේ විවිධ රෝහල්වලින් දේශීය ආයුර්වේද ක්‍රම වලින් ප්‍රතිකාර කළ බවය. සේසතම නැති වන තුරු ප්‍රතිකාර කළද තවමත් තම පුතු දනගාමින් ඇවිදින බවයි
මේ වන විට පුත්‍රයාගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති වත් බවද ඇය කියයි , එමෙන්ම දෙවනි දරුවා මෙවර පාසැලට ඇතුළත් කළ බවත් ඇයට පාසලේ ගුරුවරියගෙන් ලැබී ඇත්තේද තවත් කම්පනයට පත්වන පුවතකි, එම දරුවාගේ ද ක්‍රියාකාරීත්වය ඇවිදීම සහ සිරුරේ හැඩය වෙනස් වන බව ගුරුවරියට නිරීක්ෂණය වීම නිසා ඔහුද වෛද්‍යවරයෙකුට පෙන්වන ලෙස ඇයට දැනුම් දී ඇත්තේ මීට දින දෙකකට ඉහතදීය.
වැඩිමහල් පුතා ඇවිද්දවා ගැනීම සඳහා දස අතේ කුසගින්නේ කල්පනා කරමින් සිටින මෙම මවට ගුරුවරියගෙන් ලැබුණු පණිවිඩය දරා ගැනීමට තරම් නොහැකි බව ඇය කඳුළු සැලමින් පැවසුවා
තමන් හඩන වාර අනන්ත බවත් තමාට හැකි නම් තමාගේ කකුල් දෙක දරුවාට දෙන බවද මෙම මව සංවේදීව සඳහන් කරන්නට වූවාය. අප මෙම නිවසට යන අවස්ථාවේ අඩුම තරමේ සීනි ඇටයක් ලුණු ඇටයක්වත් නිවසේ තිබෙනු දැක ගැනීමට නොහැකි විය
මෙම පවුලේ සැමියා වන එච්. ජී .ගුණසිරි කුලී වැඩක් සොයාගෙන ගොස් තිබිණි, කටු මැටි ගැසූ නිවස හතර වටේම සවස් වන විට වන අලින්ගේ විවිධ සංදර්ශන බව මෙම පුංචි පැටව් කියයි .
ඔවුන්ගේ ලිපිනය අංක අංක 339 / 1 කිතුල්උතුව අග්බෝපුර , මේ පවුලේ අයට ජංගම දුරකථනයක් හෝ බැංකු ගිණුමක් නොමැත, මව ඉල්ලා සිටින්නේ තමන්ගේ දරුවන් දෙදෙනා වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කාගේ හෝ උදව්වක් උපකාරයක් ලබා දෙන ලෙසය .