මහාචාර්යවරයාගේ අතිශය සංවේදී හෙළිදරව්ව| Prof Gamini Ranasinghe University of Sri Jayewardenepura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 877

  • @study3min
    @study3min  10 หลายเดือนก่อน +110

    👉👉👉ඔබගේ සියළු comments එක්රැස් කර පොතක් ලෙස මුද්‍රණය කර මහාචාර්යතුමා වෙත පිරිනැමීම අපගේ එක් අපේක්ෂාවකි.
    එබැවින් මහාචාර්යවරයාගේ කතාවෙන් ඔබ අවබෝධ කරගත් දේ හෝ ඔබගේ අත්දැකීම් මෙන්ම අපේක්ෂාව අනුව ද අධ්‍යාපන ක්‍රමය කෙසේ හැරවිය යුතු ද යන්න සංවර්ධනාත්මක යෝජනා ලෙස හැකිතාක් comments මෙහි පලකරන්න.
    👉👉👉මෙහි සදහන්ව ඇති බොහෝ comments සැලකීමේදී ද පැහැදිලිවන ප්‍රධානම කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමයේ බරපතල හා ඉතා දරුණු වරදක් තිබෙන බවයි😪. අධ්‍යාපනය ගැන බොහෝ අයට තිබෙන්නේ ඉතා පීඩාකාරී අත්දැකීම්😫😩👺. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ අවුරුද්දේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුනත් රටේ පවතින දේශපාලනික ව්‍යාකූල භාවය නිසා දැනට නතරවී තිබෙනවා. පවතින මෙම අධ්‍යාපන ක්‍රමයෙන් බහුතර පිරිසකට සිද්ධ වෙන්නේ බරපතල හානියක්. ඉගෙනීමට හොදම වයසේ සිටින දරුවන්ගේ කාලය සාහසික ලෙස විනාශ කර දැමීමක්. රට මේ තත්වයට ඇදවැටීමට ප්‍රධාන හා පළමු හේතුව වන්නේ ද මේ බරපතල අධ්‍යාපන විකෘතියයි. හොරකම හා දුෂණය වැටෙනුයේ ද දෙවන තැනටයි.
    💥👉👉👉මොකක්ද මේ අධ්‍යාපනයේ විනාශයට හේතුව?
    💥👉👉👉මොකක්ද පාසල් හා සම්ප්‍රදායික විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී බොහෝ පිරිසකට අත්වන අවාසනාවන්ත ඉරණම?
    🤜....ඔව් රැදී සිටින්න අප සමග.....🙏🙏🙏
    🤷‍♀💥💥💥මේ විනාශකාරී හා විකෘති තත්වයට බලපා ඇති සියළු හේතු සංඛ්‍යා ලේඛන හා තහවුරු කරන ලද වාර්තා මගින්ම හෙළි කිරීමට අප ඉදිරි video වලින් බලාපොරොත්තු වනවා.💥💥💥
    👣මේ ඉලක්කය දේශපාලන කයිවාරු වලින් ස්වාධීනව හා ව්‍යුක්තව හඹා යා යුතු වන අතර ඔබ සියලුදෙනාගේ හයිය මෙහි දී වටිනාම ආයුධය වෙනවා. මහාචාර්ය ගාමිණී රණසිංහගේ චරිත කථාව මේ අධ්‍යාපන විකෘතියේ භයංකර කුණාටුවෙන් අන්තිම මොහොතේ බේරී ජිවිත පන්නරය ලබා ජයගත් එක් මුද්‍රාවක්, එක් සාක්ෂියක් පමණයි. නමුත් එදා මෙදාතුර සියදාස් ගණනක් දරුවන්ගේ ජිවිත විනාශය කරා බලහත්කාරයෙන් ඇදගෙන ගොස් තිබෙනවා. එය ඉතාම බරපතල මානව හිමිකම් කඩකිරීමක් ද වෙනවා.
    👌👌👌 දේශපාලනයෙන් කවරෙකු රට පාලනය කළ ද අධ්‍යාපනයේ විකෘතිය නැති කළ යුතුමයි. අවසාන ඉලක්කය සියලු දෙනාගේ ජයග්‍රහණයයි.
    - චරිත පොත
    - @Study3min
    🙋‍♀🙏🙏🙏
    th-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f4a5.png
    th-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f937_200d_2640.pngth-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f937_200d_2640.pngth-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f463.pngth-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f4a5.pngth-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f449.pngth-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f449.pngth-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f44c.png

    • @k.sujeewachandimali4785
      @k.sujeewachandimali4785 10 หลายเดือนก่อน +7

      නූතනව පවතින පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයේදී ළමයින් දැඩි ලෙස මානසික කම්පනයකට ලක් කරනවා. ඔවුන්ට දැඩි වගකීම් සහිත වැඩ කොටසක් නිවසේදී කරගෙන යාමට ඔවුන්ට සලස්වනවා. බොහෝම පුද්ගලික පෙර පාසල්වල මේ තත්ත්වය දැනගන්නට ලැබෙනවා .දෙමාපියන්ට විශාල වැඩි කොටසක් පවරනවා. ඔවුන්ට පාඩම් කිරීමට සලස්වනවා දෙමාපියන් ලවා. නමුත් ඒ අකුරු ලිවීම හෝ වෙනයම් කිසිදු කරන ක්‍රියාකාරකමක් එය සිදු කළ යුත්තේ පෙර පාසලේදී පමණයි යැයි මා සිතෙනවා. ඔවුන්ට නිවසට පැමිණවත් නිදහසේ හැසිරීමට ඉඩක් නැති බවයි මෙයින් පෙනෙන්නේ. ඔවුන්ගේ වැඩ කොටසක් මා පියන් විසින් දඬුවම් කරමින් ඔවුන් ලවා කරවනවා. එසේ නැතහොත් දෙමව්පියන් විසින් ඔවුන්ව පාඩම් කරවනවා. මේ තත්ත්වය ළමයින්ට ළමා කාලයේ පූර්ණව නැති කිරීමක් වෙනවා.

    • @rasikapriyadarshana6961
      @rasikapriyadarshana6961 10 หลายเดือนก่อน +2

      @@k.sujeewachandimali4785 mama mage daruva beraganne kesedai sithamin inne

    • @karunarathnakulawardhana4555
      @karunarathnakulawardhana4555 10 หลายเดือนก่อน +2

      පූර්ව පාසල් අධ්‍යාපනයේ සිට විධිමත් සැළසුම් කළ තේමාවන් යටතේ ඉගෙනුම ගොඩනැගිය යුතුව ඇත .
      අධ්‍යාපනයේ තරගය ,පාසල් අතර තරගය දෙමාපියන් අතර තරගය නතර වන පරිදි දෙමව්පියන්ට අධ්‍යාපනය ගැන පුළුල් අවබෝධයක් ලබා දීමට සියලු මාධ්‍යය ඉඩ හසර සළසා දිය යුතුය .

    • @kanthiadikari1700
      @kanthiadikari1700 10 หลายเดือนก่อน +1

      ​@@k.sujeewachandimali4785ලංකාවේ දකින්නට ලැබෙන පෙර පාසැල් ක්‍රමයම විකෘතියක්.

    • @SirimewanD
      @SirimewanD 10 หลายเดือนก่อน

      👌👌👌.....👍..... !

  • @dulanilasantha2554
    @dulanilasantha2554 10 หลายเดือนก่อน +11

    සර්ගෙ කතාව අහනවිට...ඇහැට කඳුළක් එනවා.ඒ අපේ රටේ බහුතරයක් දරුවන් ගේ කතාව ..ඔබ කියන්නේ .

  • @SLTECH-nv7zm
    @SLTECH-nv7zm 10 หลายเดือนก่อน +28

    මගේ ගමේ අපි එක්ක ඉස්කෝලෙ ගියපු සහෝදරයා . ඔයා ඔය තැනට ගියපු හැටි අපි දන්නවා . පුදුම කටුක ජීවිතයක් ගෙවා දමල උත්සාහයෙන්ම ඔබ ජීවිතේ ජය ගත්ත . සුභ පැතුම් ගාමිණී අයියේ ඔයාට .

    • @SSumedha
      @SSumedha 10 หลายเดือนก่อน +3

      කොහෙද මේ සර්

    • @SLTECH-nv7zm
      @SLTECH-nv7zm 10 หลายเดือนก่อน +5

      @@SSumedha උපන්ගම මැදවච්චිය කිඩාගලේගම, අපේ ගෙවල් කිට්ටුවමයි.

  • @googaleSrilanka
    @googaleSrilanka 10 หลายเดือนก่อน +81

    ඔබ වැනිම කෙනෙකී මම උපතින් ශ්‍රවණ හා දෘශ්‍ය ආබාධිතයෙකි. පන්තියේ උගන්වන කිසිම දෙයක් මට හරියාකාරව ඇහෙන්නේ නැත. මම සාමාන්‍ය පෙළ විභාගය අසමත් උනා නමුත් මට කිසිම ගුරුවරයෙක් උදව් කරේ නෑ මගේ උත්සාහයෙන් තමා අද මේ තත්ත්වය දක්වා ආවේ මම අද කැළණිය සරසවියේ ඉංගීසි අධ්‍යයනය අංශයේ සම්මානිත මහාචාර්ය වරයෙක් බව සතුටින් කියනු කැමැත්තෙමි

    • @ranmaperera3443
      @ranmaperera3443 10 หลายเดือนก่อน +4

      Proud of you

    • @nadeeshabandara7143
      @nadeeshabandara7143 10 หลายเดือนก่อน +5

      Mamath duppath family ekaka ipaduna kenek, Amma, thaththa nangila 2k ekka API henwala, kuburuwala nidimeru wara ananthai, school jiwithe gena aththe kalakirimaki, e guruwarungen lebu pidanayai, eth mama technical college gihin den mama civil engineering hetiyata lankawen pita rekiyawak karanawa,

  • @akudaligama
    @akudaligama 10 หลายเดือนก่อน +18

    මහාචාර්ය ගාමිණී මල්ලි මේ සමාජගත කළේ ඉතාමත් හරවත් වැදගත් අදහසක්. ඔහු මගේ හොඳ සහෘදයෙක්. පොළොවේ පය ගසා ජීවත්වන මහාචාර්යවරයෙක්....

  • @WathsalaRanathunga-yq6sh
    @WathsalaRanathunga-yq6sh 10 หลายเดือนก่อน +37

    ඔබ කඳුලින් කියන කතාව මම කදුලින් ඇහුවා.....ඔබ වැනි ම්නිසෙක් අධ්‍යාපනයෙන් ඉවත්වන්නට නොදී රැකගත් ඒ ගණිත ගුරුවරයාට රටම ණයගැතියැයි මට හිතෙනවා ....එසේම ඔබතුළ ඇති කෙලෙහිගුණය ඔබේ දෙමාපියන් ගෙන් ඔබ ලැබූ දායාදයක් වෙන්නම ඕනෑ ....මිනිස්සු තුළ හරිම අඩුවෙනුයි එය තිබෙන්නෙ......අකුරු වලට වඩා ජීවිතය උගන්නන්න කියන විට ඔබ හා සියට දෙසීයකින් එකඟ වෙනවා......මෙය ගුරුවරුන් විසින් ඇසිය යුතුම කතාවක්.....❤️

  • @chandrafernando3597
    @chandrafernando3597 10 หลายเดือนก่อน +252

    සර් , මටත් මගෙ නැගනියන්ටත් පාසලේ දී ලැබුණේ ඉතාමත් කටුක අත්දැකීම් .ගණිතය ටිචර් නිතරම අපිට නිකරුණේ දඩුවම් කලා . ඒත් ඔබ වගේම ජීවිතය ජය ගත්තා .

    • @ranganiwijeaseakara8378
      @ranganiwijeaseakara8378 10 หลายเดือนก่อน +6

      ❤❤❤❤

    • @EagerSailingShip-zv5he
      @EagerSailingShip-zv5he 10 หลายเดือนก่อน +8

      ඉදිරියටත් ඔබට ජයෙන් ජයම ලැබේවා කියල ප්‍රාර්ථනා කරන අතරම ... ඇත්තටම කියන්න ඕන සමහර ගුරුවරු ඉන්නවා අන්තිම කාලකන්නි. ඒ වගේ එවුන්ව උගන්වන්න නෙවෙයි පාසලකටවත් වැද්ද ගන්න හොද නැහැ

    • @rasadariperera9187
      @rasadariperera9187 10 หลายเดือนก่อน +2

      Sahathika athta​@@EagerSailingShip-zv5he

    • @sirilalsarathchandra229
      @sirilalsarathchandra229 10 หลายเดือนก่อน

      ඉස්කෝලේ කොහෙද ?​@@EagerSailingShip-zv5he

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 10 หลายเดือนก่อน +3

      මගෙ හදවතේ ඉතුරු උනේ එකම ගුරුවරයෙක් විතරයි . අනික් සියල්ලෝම කල කී දෑ නිසා මන් මගේම පාරක ගොස් ජිවතේ ගොඩ නගා ගත්තා . දැන් ඔවුන්ට වඩා දැන් මන් හොදින්

  • @ThusharaAriyarathna
    @ThusharaAriyarathna 10 หลายเดือนก่อน +7

    ගුරුතුමනි,
    ඔබ තුමන්ගේ අතිශය සංවේදී බව මා ඔබ තුළින් දකින විශිෂ්ටත්වය. ඔබ වැනි සංවේදී මිනිසෙකු බිහිවීම ම, අප මව් බිමේ වාසනාවකි.

  • @yamunaherath5691
    @yamunaherath5691 10 หลายเดือนก่อน +9

    මෙහි එක් වචනයක් හෝ ඉවත දැමිය හැකි නෑ..ඒක තමා බුද්ධිය..හොද අර්ථ ඇති දේශනයක්

  • @surenilanka6615
    @surenilanka6615 10 หลายเดือนก่อน +9

    ඔබ තුමා A/L කරන කාලයේ හිටපු සැබෑ ගුරු දෙවිවරු මේ රටේ සෑම දරුවෙකුට ම ලැබේවා...!!!🙏

  • @AnushaMaithreesena
    @AnushaMaithreesena 10 หลายเดือนก่อน +9

    ගොඩක් ආඩම්බරයක් දැනෙනවා ඔබතුමා ගේ නිහතමානී කමට ඊට වඩා ආඩම්බරයක් දැනෙනවා අසෝක ගුනතිලක කියන්නේ මගේ ලොකු මාමා❤❤❤

  • @LakkiSuchetha
    @LakkiSuchetha 10 หลายเดือนก่อน +10

    බොහෝ විට ජීවිතය දිනන්නේ බොහෝ සේ දුක් පීඩාවන්ට නොසැලී මුහුණ දුන් මිනිසුන් පමණි.. අවශ්‍ය වන්නේ හිතේ ඇති නොසැලෙන ශක්තියයි. දහසකුත් පීඩාවන්ට මුහුණ දෙන දරුවන්ට ඔබේ මේ කතාව ආශිර්වාදයක්ම වේවා! ඔබේ ගමනට සුභ පැතුම්!

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 9 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ කතාව තුළ මගේ දරුවාත් ඉන්න බව මට දැණුනා.වාචිකව,කායික ,මානසික පීඩනයකට මැදිව සිටින මගේ දරුවා අද තෙවන වරටත් නව පාසලකට ඇතුලත් කළා.මේ පාසලේදිවත් මෙවැනි සොදුරු ගුරු දෙවිවරු ඔබට හමුවෙවා!

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 10 หลายเดือนก่อน +10

    ගෞරවණීය මහාචාර්ය තුමණි , ඔබතුමාණන්හට මාගේ ශීර්ෂ ප්‍රණාමය .
    මගේ ඉතා දිගු ජීවන ගමන තුළදී මා අසනලද ඉතා වටිනාම උපදේශණය .
    තෙරුවන් සරණයි ඔබතුමාණන්හට

    • @faithpeiris8012
      @faithpeiris8012 10 หลายเดือนก่อน

      කාලයට උචිත ආදර්ශමත් දේශනයක් . ඔබ තුමාට දේව ආශිර්වාද ය ලැබේවා යි පතමි .දැන් සිටින සමස්ථ ගුරුවරු න් ගේ වැසී ඇති සානුකම්පිත දෑස් විවර වේවා යි දෙවිදු ගෙන් අයදිනවා. ඔබට දෙවි පිහිටයි .

  • @Liyana-Asi
    @Liyana-Asi 10 หลายเดือนก่อน +17

    පාසලේදී සමහර ගුරුවරු කියලා ඉන්න පිරිස් ගැන ඇත්තටම හරිම කණගාටුයි. පංතියේ ඉදපු දක්ෂම ළමයා මම. ටියුෂන් වලට ගියේ නෑ කියලා මගේ පොත් බැලුවෙ නෑ එක සර් කෙනෙක්. AL වලදී මගේ පොත විසික් කරලා තියෙනවා. වාර විභාග කොච්චර හොඳට ලිව්වත් ලකුණු 35,40යි. සාමාන්‍ය පෙළ ලියද්දි බුද්ධ ධර්මය උගන්නපු සර් හැමදාම බනිනවා කවදාවත් හරියන්නේ නෑ ගාමන්ට් යන්න තමයි වෙන්නෙ කියලා. ඒත් OL වලට A 5, B 4i ගන්නවා.අවසානයේ මම A 3 k අරං විශ්ව විද්‍යාලයට යනවා. අද මං ළමයින්ට උගන්වනවා. හැබැයි මං අත් විදපු කිසිම දුක්බර අත්දැකීමක් ළමයින්ට දෙන්නේ නෑ. ඒ හැගීම මං හොදට දන්නවා. මාත් අසරණ උනා අනන්තවත්. ඒත් පාසල් ඇතුලේ තාමත් හරි කැත විදියට ළමයින් ට සලකන ගුරුවරු මං දකිනවා. හරිම කණගාටුයි. අද මං ඉහලට ඉගෙන ගන්න ගමන් ඉන්නවා. මං විශ්වාස කරන දේ තමයි වැඩ බැරි ළමයි කියලා පිරිසක් නෑ. හරි මග පෙන්වීමක් තියනවා නම් ළමයි හිතාගන්න බැරි දස්කම් දක්වනවා. අදටත් මේ දැනුත් මගේ ගමන නවත්තන්න බලාගෙන ඉරිසියාව කුහකකම පිරුනු ටික දෙනෙක් මං දැනුවත්ව ඉන්නවා. නොදැනුවත්ව කී දෙනෙක් ඉන්නවද දන්නේ නෑ. ඒත් මං මගේ ගමන යනව. ඒ යන්නේ හරිම විදියට. මේ වෙද්දී ළමයින් ගෙ ආදරණීයම ගුරුවරිය මං. වයස් භේදයක් නැතුව ළමයි මං යද්දී දුවලා ඇවිත් වදිනවා. අනිත් කිසිම ගුරුවරයෙකුට එහෙම නෑ. මට මං ගැන සතුටුයි. මං උගන්වන ළමයින්ට මං හැමදාමත් කියන්නේ එන්න අපි සීමාවන් වලට අභියෝග කරමු කියලා. සර් හරිම වටින කතාවක්.

    • @IKu1970
      @IKu1970 10 หลายเดือนก่อน +2

      ඔබතුමිය විශ්‍රාමලත් දිනක ජීවිතය දෙස ආපසු හැරී බලනවිට ලබන සතුට මට මැවී පේනවා .තුනුරුවන් සරනයි .ජය හා සතුටු ජීවිතයේ සැමදා පවතීවා.දීර්ගායුස ලැබේවා .

  • @ShanthaGunasekara-e6q
    @ShanthaGunasekara-e6q 10 หลายเดือนก่อน +11

    ඔබ අතිතය අමතක නොකළ ඉතා සන්වේදී ,නිහතමානී ,අති සුන්දර මනුෂ්‍යයෙක් .ඔබට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ,ජිවිතේ ඉදිරි ගමන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත් වේවා

  • @nandalekamge1250
    @nandalekamge1250 10 หลายเดือนก่อน +28

    මේක විවිධ භාෂාවන්ට පරිවර්තනය කර ලොවම ගුරුවරුන්ට අසන්න දියයුතු වටිනා කතාවක්

    • @prasadaniebandara8263
      @prasadaniebandara8263 10 หลายเดือนก่อน +1

      ඔබ තුමාගේ දේශන මම බලන්න හරිම කැමතියි.ඔබ තුමාගේ අව්‍යාජ හ නිහතමානී බවත් සමාජයට දෙන ආදර්ශයත් සෑම වචනයකම ඇති වටිනාකමත් රටටම දෙන පණිවිඩයත් ඉතාමත් අගය කොට සලකමි.

  • @learnarabicsimplyinsinhala
    @learnarabicsimplyinsinhala 10 หลายเดือนก่อน +21

    ගණන් සර් මගේ පස්සට පයින් ගහපු බූට් පහරවල් ,එකපිට එක පහර කාපු මම බිම ඇද වැටුණු වාර අනන්තයි! පන්තියේ ළමයි එදා හිනාවුනා..එදා ඉඳලා මම ගණන් පන්ති කට් කලා. මගේ අමතක නොවන කටුක පාසල් සිද්ධීන් අප්‍රමාණයි. කෙසේ වෙතත් මම සා පෙළ, උ පෙළ හොඳින් සමත් වුනා.නමුත් මට පාසල් අධ්‍යාපනය එපා වෙලා අන්තිමේදී මවුලවි කෙනෙක් වුනා.
    Prof. Gamini you are an amazing, excellent individual
    I poured tears by hearing your speech😢😢😢😢😢 i wish you all the best.

    • @wednesdayaddams728
      @wednesdayaddams728 10 หลายเดือนก่อน +3

      නමුත් ඔබතුමන් දැන් මිනිසුන්ගෙ හිත් සුවපත් කරන කෙනෙක්නෙ ❤ ඒක මාරම ගෞරවාන්විතය් ❤මුස්ලිම් ආගම ගැන නම් මං එතරම් දන්නෙ නැහැ❤ නමුත් ඔබතුමාට ගරු කරනවා❤

  • @renukaliyanage9604
    @renukaliyanage9604 10 หลายเดือนก่อน +9

    හරිම සංවේදී...හරිම වැදගත් කතාවක්.ගුරුවරු ගොඩක් අය සල්ලි වලට කෑදර නිසා ඔවුන්ගේ යුතුකම අමතක කරන සමාජයක් තියෙන්නේ.ඒ අයට හොදම දේශනයක්.

  • @P.B.Kumarasinha
    @P.B.Kumarasinha 10 หลายเดือนก่อน +8

    මම රජරට මගේ ජීවිතයේ අහපු අනුවෙිදනීයම කථාව...අද සිටින සියලුම උගතුන්ට ආදර්ශයකි ....ඔබට ජය නියතයි......

  • @thiliniisanka7182
    @thiliniisanka7182 10 หลายเดือนก่อน +8

    ඔබේ කතාව කියන්න තරම් නිහතමානී වුන එක.ඔබ අති විශිෂ්ට යි..මේ කතාව ගොඩක් දරුවන්ගේ ජීවිත වෙනස් කරයි

  • @RupikaKumari-u5d
    @RupikaKumari-u5d 10 หลายเดือนก่อน +6

    ඔබතුලමා සියලුම ගුරුවරුන්ට හා සිසුන්ට ලොකු ආදර්ශයක්. ඔබතුමාගෙ නිහතමානිකම අගයමි. තෙරුවන් සරනෛ ඔබතුමට.

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 10 หลายเดือนก่อน +8

    හරිම සංවේදී කතාවක්...😢 ආදර්ශමත් ඇදහිය යුතු පුද්ගලයෙක් ලෙස මා දකින ඔබ ජීවිතය ජය ගත් අයුරු අපූරුයි.ගුරුවරියක් වන මා දුර්වල දරුවන් කෙසේ හෝ ඉදිරියට ගෙන යාමට උත්සාහ කළ කෙනෙක්. ඔබේ කතාව ඉගෙනීමට පසුබට දරුවන්ට ඉතා ආදර්ශමත්.ඔබේ ඉදිරිය ඉතා වාසනාවන්ත එකක් වේවා!

  • @Curious_PZI
    @Curious_PZI 10 หลายเดือนก่อน +9

    මට science, maths දෙකටම s නමුත් මට එලේවල් වලට ආවම තේරුනා මගේ අදක්‍ෂ කමක් නෙවේ ඕනෑකමක් නැති කාම නිසා කියලා ඉතින් මම මේ පාර විබාගෙ හොදට කරලා පෙන්නනව මේ කතාව මගේ ඒ ගමනට ලොකු පිටුවහලක් ♥️

  • @IndiraFernando-d4x
    @IndiraFernando-d4x 10 หลายเดือนก่อน +8

    මාහාචාර්යයතුමනි ඉතා සංවේදී ඔබතුමාගේ හරවත් දේශනය අසාසිට් මාද සංවේදී වුවා කරුනාවන්ත යහපත් ගුරු තුමෙකුට දරුවෙක් වීරයෙක් කරන්නත් මාරයෙක් කරන්නත් පුළුවන් .ඔබතුමාට දීර්ඝායු ලැබේවා .බුදු සරණයි .

  • @devikajayasinghe2556
    @devikajayasinghe2556 10 หลายเดือนก่อน +5

    ජාතියට මහත් ශක්තියක් වූ ඔබතුමන්ගේ මේ ජීවිත කතාව අසා මම මහත් කම්පනය ට පත්වුනෙමි.මම ද ගුරුවරියක්මි.අප ලබනා උතුම්ම පින දැයේ දරුවන් ට ජීවිතය දීමයි එවන් ගුරුවරුන්ට ද ශක්තියක් වූ ඔබතුමන් ට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා!යි පතමි.

  • @nisanthirajapakaha2916
    @nisanthirajapakaha2916 10 หลายเดือนก่อน +12

    මගෙ පාසලේ නියෝජ්ජය විදුහල්පති අශෝක ගුණතිලක sir.
    ඇත්තටම ගොඩක් හොද ගුරුවරයෙක් අපේ sir

  • @sadunipradeepa6178
    @sadunipradeepa6178 10 หลายเดือนก่อน +17

    ❤සර් ගැන මන් මීට අවුරුදු 3කට විතර කලින් දැනගත්තේ සර්ගේ ජීවිතේ ගලාගෙන ගියපු විදිහ ඒ ජීවිතේ වෙනස් උන විදිහ කවුරුත්ම පරක්කු නෑ මම ඉගෙනගත්ත වටිනම දේ අපි පරක්කු නෑ ❤😊

  • @chamilakumari8448
    @chamilakumari8448 10 หลายเดือนก่อน +11

    අපේ විශ්වවිද්‍යාලයේ අයියා කෙනෙක්.මම ගුරුවරියක් විදිහට ඔබතුමාගේ දේශන,කතා මගේ දරුවන්ට අහන්න දෙනවා.

  • @ruwininanayakkara5410
    @ruwininanayakkara5410 10 หลายเดือนก่อน +8

    ඔබ තුමන් සෑම ප්‍රතික්ෂේපයකටම අවනත වූවා.ඒ සියල්ල සොබා දහමේ පරීක්ෂණ පසුව ඔබ වෙනුවෙන් සොබා දහම ඉදිරිපත් වූවා.❤

  • @anulakumari6684
    @anulakumari6684 10 หลายเดือนก่อน +5

    ඔබතුමන්ගේ ජීවිත කථාව පොතක් ලියන්න. හරිම ආදර්ශමත් කථාවක්.ඔබව හරි මගට යොමුකරන ලද එම ගුරුවරුන්ට සතුටින්ම ඉන්න ලැබේවා.

  • @sahanpradeep-u5n
    @sahanpradeep-u5n 10 หลายเดือนก่อน +15

    අම්මෝ...😢 මේවගේ professor කෙනෙක් දැක්කමයි...
    මාරයි ආ...
    Respect 🔥

  • @PrabhashwaraAththanayaka
    @PrabhashwaraAththanayaka 10 หลายเดือนก่อน +6

    මහාචාර්ය තුමනි ඔබතුමා සහභාගි වුණ සිහිනයකි රැ වැඩසටහන මම කිහිප වතාවක් බැලුවා ඔබතුමා රටේ දරුවන්ට ආදර්ශයක් ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි

  • @NilushikaSewwandi-d7e
    @NilushikaSewwandi-d7e 10 หลายเดือนก่อน +7

    ඉස්කෝලෙ යනකාලෙ මමත් අකමැතිම විශය ගනිතෙ.ගනන් උගන්නන ගුරුවරු මාරම විදියට මාව බාල්දු කර.දුක හිතුනට මම ඔවුන්ට වයිර කරේ නෑ...මම බොහොම අමාරුවෙන් ගනිතෙ සමත් උනේ.ඒත් මම තමයි පාසලෙන් පලවෙනිම ලමය විශ්වවිද්‍යාලයට ගිය.මට සර් කියන කතාව හොදට සමීපයි.ජීවිතේට එන අබියෝග මම බාරගන්නේ මේකත් මට අත්වැකීමක්නේ කියල.❤ජයවේවා සර්.

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 10 หลายเดือนก่อน +7

    හොද දේශනයක් ❤ ඔබතුමාට තෙරැවන් සරනයි, සියලු දෙව් දේවතාවන්ගේ පිහිටයි, ඔබ තුමාගේ නාමය මේ මුලු ලෝකෙම රැව් පිලි රැව් දෙන දිනයක් උදා වේවා කියා ප්‍රාර්ථනා කරනවා,

  • @RenukaPerera0117
    @RenukaPerera0117 10 หลายเดือนก่อน +6

    සර්, ඔබතුමා අමිල චරිතයක්..මට වගේ ම මගේ දියණියටත් පාසල කියන්නෙම ඉතාම කටුක අත්දැකීම් පිරුණු තැනක්.අතිශය දක්ෂ දරුවෙක් වුණු මගෙ දියණිය දරැවාට ඔරොත්තු නොදෙන තරමටම ප්‍රතික්ෂේප කළා.මනස විනාශ කළා.ඔබතුමලා වැනි වටිනා අය කොපමණ උත්සාහ කළත් බහුතරයක් දරුවන්ගෙ ජීවිත බහුතරයක් ගුරුවරු එදා,අද, වගේම හෙටත් අඳුරු කරනවා සර්

  • @charithadissanayake.
    @charithadissanayake. 10 หลายเดือนก่อน +18

    ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ් ගේ සුප්‍රකට ස්ටෑන්ඩ්ෆෝඩ් සරසවිගේ උපාධි ප්‍රදානෝත්සව කතාවට වඩා ඔබේ මේ උපාධි ප්‍රදානෝත්සවයේ කතාව අගනා බව පැවසසිය යුතුමයි. ❤ ජයවේවා මහාචාර්යතුමනි 🌹

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 10 หลายเดือนก่อน +16

    දරුවන් ගේ හැකියා හදුනාගන්න හැම ගුරුවරයෙකුටම බැහැ...
    තෙරුවන් සරණයි....ඔබතුමාට ..
    ඔබගේ නැණ පෑදූ ගුරුවරුන්ට නිවන අවබෝධ වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 10 หลายเดือนก่อน +12

    හැම ගුරුවරයෙක්ම ඇසිය යුතු කතාවක්. බොහෝ ගුරුවරු ලමයින්ට සලකන්නෙ ඔවුන් හතුරන්ට වගේ. මගේ මල්ලිටත් මගේ දියණියටත් කුඩාකල ඔවැනිම අත්දැකීම්වලට මුහුණ දුන්නා. නමුත් ඔවුන් ජීවිතය විශිෂ්ඨ ලෙස ජය ගත්තා. මේ රටේ දරුවන් අපරාධකාරයන් වෙන්නෙම ගුරුවරුනිසා. මමත් ගුරුවරියක් ලෙස රාජකාරි කල නිසා මම දන්නවා. පාසලක දරුවන්ට ආදරයකරන දරුවන්ගෙ හැගීම් අදුනගන්න උත්සාහගන්න ගුරුවරු ඉන්නෙ බොහොම අතලොස්සයි. පසුකාලයක මගේ දියණියත් ගුරුවරියක් වූ පසු මම ඇයට කිව්වෙත් දරුවන්ට ආදරය දක්වන්න, දඩබ්බර ලමයින් පන්තියෙ වැඩවලට එකතුකරගන්න කියන එක ඒලමයි තවම ඇයට ආදරෙයි. පාතාලයට එකතුවුනු සියලුදරුවන් පාසලේදි පීඩනයට පත්වුනු දරුවන් බවයි මම හිතන්නෙ.

  • @preethiramanayake3101
    @preethiramanayake3101 10 หลายเดือนก่อน +10

    මම ඇස් දෙකෙහි කදුලු පුරවා ගෙන කතාව ඇහැව්වෙ අද සමජයෙ ගුරුවරුන් නිසා අද්‍යාපනය එපා වුන දරුවන් අනන්ත්‍යි

  • @venuthranaba6619
    @venuthranaba6619 10 หลายเดือนก่อน +6

    ඔබේ මේ කතාව මෙන්ම ඔබේ ජීවිත කතාව.... ජීවිතයේ දහසකුත් කම්කටොලු මැද බොහොම අපහසුවෙන් තම සේවාව ඉටුකරන ඒ උතුම් ගුරුවරුන්ට උපහාරයක් වේවා.🙏🙏🙏

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana915 10 หลายเดือนก่อน +6

    ඔබ වගේම පන්තියේ කොනක හිටපු මම , මාව විශ්වාස කරපු ගූරු දෙවියෙකු නිසා අද උපාධිධාරී ගුරුවරියක්.... 🙏🥲 ඔබතුමාට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏♥️

  • @HasithaDilhari
    @HasithaDilhari 10 หลายเดือนก่อน +12

    මට දෙක වසරේදී ගුරුවරයෙක් මගේ සපත්තු දෙක කැඩිලා නිසා පාසලේ රැස්වීමේ මාව ඉස්සරහට ගෙනල ලැජ්ජා කරා. මට තාමත් ඒ අමිහිරි සිදුවීම දැනෙනවා.

  • @nadidesilva9786
    @nadidesilva9786 10 หลายเดือนก่อน +4

    මැතිඳුනි.... ඔබ තුමා ලද අත්දැකීම් සියයට පනහක දරුවන් අදත් විඳිනවා.. ගුණ යහපත් කම් හා විනය උගන්වන්නේ නැති මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නට මූලික වෙන්න මැතිඳුනි...
    මහනායක හිමිවරු දැනුවත් කර එකල මෙන් නිර්වානගාමි භික්ශු අධ්‍යාපන ක්‍රමයකුත් නිර්මාණය කළොත් අපේ පින්වන්ත මවු බිම සුරැකේවි.
    තෙරුවන් සරණයි ඔබ තුමාට... ලඟ නොසිටියේ වුව හිස සිඹ ආශීර්වාද කරමි.

  • @healthytasty-ot7lc
    @healthytasty-ot7lc 10 หลายเดือนก่อน +7

    ඔබතුමා ගැන ආඩම්බරයි .ඔබගේ ජීවිත කථාව අකුරු කරන්න .එය දුර්වල යයි හදුන්වන දරුවන්ට වගේම දුර්වල දෙමාපියනට මහඟු අත්වැලක් වෙිවි.සුභ ගමන් සර්...!!!

  • @sdumanel
    @sdumanel 10 หลายเดือนก่อน +7

    ඔබ තුමාගේ කතාව හැම දරුවකුටම වටිනා පාඩමක් .බුදු සරනයි !

  • @ajanthah775
    @ajanthah775 10 หลายเดือนก่อน +11

    මෙ වනවිට මම් සේවය කරන පාසෙලේ ගුරුවරු දරුවන්ට කෑමටික ගමන් වියදම් පොත් පත් සහ ඇදුම් පවා තමන්ගෙ සොච්චම් වැටුපෙන් ලබා දෙමින් කටයුතු කරනවා.දරුවන් පාසල් එන් නැත්නම් ගෙදරට සොයාගෙන යනවා.හැම දරුවකුටම නිවැරදි අධ්‍යාපනය ලබාදීමටයි මේ වෑයම.

  • @lakshanchamarakumara8825
    @lakshanchamarakumara8825 10 หลายเดือนก่อน +7

    ඔබේ ගුරුවරුන්ට මාගේ නමස්කාරය වේවා... ඔබ ගෙවන, උගන්වන හැම මොහොතක් පාසා ඔවුන්ට කුසල් ලැබේවා. ඔබගේ දයිර්‍යය අවියක් කරගෙන හද ඇති ගුරුවරු අපට බිහි වේවා .... ජය වේවා.

  • @nadeerawijepala8844
    @nadeerawijepala8844 10 หลายเดือนก่อน +10

    සර් මේ සංවේදී කතාව සජිවීව අහන්න ලැබුණු මං හරි වාසනාවන්තයි .එදා අපි ඒ කතාව අසා සිටියේ පුදුම වු තරම් සංවේදී කමකින්.මේ කතාව ගුරුවරුන් වන අපට ඉමහත් ආඩම්බරයකි

  • @GethaJayasudara
    @GethaJayasudara 9 หลายเดือนก่อน +4

    ඔබ වැනි ගුරුවරු ජාතියටම වාසනාවක් .එවැනිම ගුරුවරු අපේ දරුවන්ටත් ලැබේවා ❤❤❤

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 10 หลายเดือนก่อน +16

    මේ මම පෞද්ගලිකව දන්න සර් කෙනෙක්, හරිම සරල නිහතමානි පුද්ගලයෙක්❤️

  • @kanthinadi1535
    @kanthinadi1535 10 หลายเดือนก่อน +5

    ඔබට සෙත් වේවා .සියලුම සිතුම් පැතුම් ඉටුවේවා .තෙරුවන් සරනයි .

  • @NETHMINETHMINR
    @NETHMINETHMINR 10 หลายเดือนก่อน +4

    ඔබතුමාගෙ කතාව අහලා මම ගොඩක් motivate උනා, මමත් දැනට විශ්වවිදාලයක ගුරුවරයෙක් වෙන්න ඉගෙන ගනිමින් ඉන්නෙ, ඔබ කිව්වා වගෙ ගුරුවරයෙක් කියන්නෙ මිහිපිට ඉන්න දෙවියෙක් වගෙ.❤ ඒක හරිම ලස්සන වෘත්තියයක්...❤❤

  • @kumarawijesundara4977
    @kumarawijesundara4977 10 หลายเดือนก่อน +5

    ඔබ තුමා හරිම සුන්දර මිනිසෙක් රටට ආබරනයක් අපිට සක්තියක් ජයෙන් ජයම ලැබෙවා බුදුසරණයි ❤🙏

  • @padminipriyanthi9397
    @padminipriyanthi9397 10 หลายเดือนก่อน +12

    මේ වගේ විශිෂ්ට පුද්ගලයින්ට තමයි නිතරගයෙන් රට හාර දෙන්න ඕන.
    ඔබට අපේ ප්‍රණාමය 🙏

  • @slart2320
    @slart2320 10 หลายเดือนก่อน +10

    ඉගෙනීමට පුලුවන් අනාගතය සම්පුර්නයෙනම වෙනස් කරන්න.ඒකට හොදම උදාහරනයක් මේක❤

  • @namasiriwanigasekara8930
    @namasiriwanigasekara8930 10 หลายเดือนก่อน +5

    අපේ දරුවන් රටට වැඩදායී පුද්ගලයන් ලෙස බිහිකරන්නට ඔබතුමා වගේ දක්ෂ ගුරුවරු මේ ලක්දෙරණේ බිහිවේවා

  • @strangertlk
    @strangertlk 10 หลายเดือนก่อน +4

    මට මේ හා සමානම අත්දැකීම් තිබේ...අද මා ද ඉතා සාර්ථක ජීවිතයක් ගත කරමි...මේ මහචාර්‍යවරයා ගේ හැගීම් මට මැනවින් වැටහේ...

  • @secrets10-o9s
    @secrets10-o9s 10 หลายเดือนก่อน +9

    ජිවිත කතා අහලා තිබ්බට මෙතරම් සංවේදී මෙතරම් වෙනසකට ලක්වෙච්ච කතාවක්නම් මිට කලින් අහලම නෑ. බුදුසරණයි ස'ර්..❤🙏🙏🙏🙏🙏🙏🙏🙏💯

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 10 หลายเดือนก่อน +3

    ඒ කාලේ හිටියේ දෙවිවරු වගේ ගුරුවරු ආඩම්බර යි ඔබ ගැන ජයෙන් ජය ඔබ තුමා මහාත් නිහතමානී කෙනෙක්.

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 10 หลายเดือนก่อน +5

    කීමට කරුණු ඇතත් දෑස් තෙතමනය දැනෙනව . අත්දැකීම් බොහෝ ඇත. මේ රටේ අධ්‍යාපන සැලසුම් උඩු යටිකුරු කරන්න පුලුවන් තැනකට ඔබ තුමා පත්වේවා.

  • @karunathilakawl2963
    @karunathilakawl2963 10 หลายเดือนก่อน +7

    තිසරනසරනින් දියුනුවට පතමි ඔබ ජාතික වස්තුවක් රටට අගනාම පුරවිසියෙක්.
    තව තවත් දියුනුවට පත්වෙවා
    ............. බුදුසරණයි .............

  • @swarnakanthi-vlogger
    @swarnakanthi-vlogger 10 หลายเดือนก่อน +7

    ඔබට ජීවිතය සාර්ථක වේවා

  • @sumithrakumarihamy8942
    @sumithrakumarihamy8942 10 หลายเดือนก่อน +5

    අතිශය සංවේදී හා අතිශය හරවත් දේශනයක්.අනුන්ගේ යහපත වෙනුවෙන් ඔබතුමා වැනි අවංකව මෙසේ අදහස් ඉදිරිපත් කරන උගතුන් ඉතාමත් හිඟයි . .
    උගත්කම හා සමානවම නිහතමානීකමද,අවංකකම ද,පරාර්ථකාමීත්වයද,අධිෂ්ඨානශීලීත්වයද,කාරුණිකත්වයද ආදී බොහෝ මිනිසත් ගුණාංග ඔබතුමා සතුව පවතින බව ඒ දේශනයෙන් පෙනී ගියා.
    ඉදිරි කටයුතු සඳහා ඔබතුමාට ධෛර්යය, ශක්තිය හා දීර්ඝායුෂ පතමි.

  • @chanakasuranga8169
    @chanakasuranga8169 9 หลายเดือนก่อน +3

    Respect sir මට ඇත්තටම වචනයක් ගානෙ ඇඩුනා සර්.මෙි තමයි ගුරැ දෙවිවරැ...ගුරැ දෙවිවරැ....මෙික තමයි වෙන්න ඔින වෙනස සර් ඔබතුමාට හිස නමලා ආචාර කරනවා..

  • @inokachathurangani2579
    @inokachathurangani2579 10 หลายเดือนก่อน +12

    මේ මගේ පාසලේ අයීයා කෙනෙක්..ඇත්තටම මට සතුටුයී අයීයේ..මම අයීයා ගැන ගොඩක් හෙවුවා...අද මට ඔබ හමුවුනා.අයීයේ මමත් ඔයාගේ පාසලේ හිටපූ දක්තම ක්‍රීඩීකාවක්...පාසලේ නම කියද්දින් මාරම සතුටක් දැනෙනවා අයීයේ...ඔබ වගේම මමත් දුප්පත්ම දුප්පත් දියනියක් අයීයේ.පාසලෙන් ලැබුණු පන්නරය අනතයී. ප්‍රේමරත්න සර් කියන්නේ ආදරනිය පියෙක්..සර්ගේ ආදරනීය බව මට තවත් මතක් වෙනවා...ගොඩක් සතුටුයී මගේ ලොකූ අයීයේ මෙහෙම හරි දකින්න ලැබුණු එකට

    • @study3min
      @study3min  10 หลายเดือนก่อน

      www.youtube.com/@profgaminiranasingheplanb6178

    • @InokaDamayanthi-g4s
      @InokaDamayanthi-g4s 10 หลายเดือนก่อน +1

      ගාමිණී අයියා මෙහෙම හරි දකින්න ලැබීම හිතට මහා සතුටක්.වසර පහළොවක් පමණ කාලයක් ලොකු අයියා තාම දැක්කේ නැහැ.

  • @shanthihalwalaarachchi5182
    @shanthihalwalaarachchi5182 10 หลายเดือนก่อน +9

    ජයවේවා සර් දුක්ඛිත අතීතය නිමයි කියල තවත් ශක්තිමත් ව ඉදිරියට ම යන්න.👍❤

  • @Sachi0118
    @Sachi0118 10 หลายเดือนก่อน +22

    දවසක් මට ගුරුතුමියක් කිව්වා ඔය ලමයා නම් කිසි වැඩකට නැ කිසි දෙයක් කරගන්න බැ කියලා මුලු පන්තියෙ ලමයි ඉස්සරහා. මං අද කොලඹ නීති පීඨයේ ❤

    • @nadeeshabandara7143
      @nadeeshabandara7143 10 หลายเดือนก่อน +1

      Matath class weda be kiyala mage book lamai issaraha wisikarala demma, mama bimata nemi nemi hema pituwak ahla gena book hadagaththa, mokada book kedila pitu gelawila, ada mama widesha rataka jiwath wenawa,

    • @nadeeshabandara7143
      @nadeeshabandara7143 10 หลายเดือนก่อน +1

      Mata oya gena harima sathutui, mage suba pethum oyata,

    • @Sachi0118
      @Sachi0118 10 หลายเดือนก่อน

      @@nadeeshabandara7143 Thank you oyath hamadama sathutin inna

    • @thanushiupadya3307
      @thanushiupadya3307 10 หลายเดือนก่อน

      දවසක දිනල ඇවිත් එයාට මතක්කරල දෙන්න මම දිනුව කියල 💐

    • @Sachi0118
      @Sachi0118 10 หลายเดือนก่อน

      @@thanushiupadya3307 cancer එකක් හැදිලා එයා මැරුනා

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani 10 หลายเดือนก่อน +4

    මෙි කතාව තුල ඉගෙන ගත යුතු දේ බෝහෝමයි බුදු සරනයි සර්

  • @PradeepaUdayangani-vx3bi
    @PradeepaUdayangani-vx3bi 10 หลายเดือนก่อน +7

    මහාචාර්ය තුමනි,ඔබට ජයෙන් ජය ❤❤

  • @RenukaWijebandara
    @RenukaWijebandara 10 หลายเดือนก่อน +8

    මායිම් ගම්මානවල මායිම, මායිමකට නොගෙන, විශ්වයම ජයගැනීමට සමතෙක් වූ මා දුටු මිනිසත් බවින් පිරිපුන් උතුම් මිනිසෙකුය ඔඛ.
    මෙවන් උතුම් මිනිසුන් තව තවත් මේ දෙරණේ තැනීමට උතුම් ගුරු දෙමාපියනට හැකිවේවා.!!!

  • @AmaliWaidyasekara
    @AmaliWaidyasekara 10 หลายเดือนก่อน +7

    ගුරුවරයෙක් ඇසිය යුතුම කතාවක්... සර් වගේ කෙනෙකුගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා .

  • @swarnaperera3225
    @swarnaperera3225 10 หลายเดือนก่อน +4

    මෙවැනි කතාවක් සමාජයට
    ඉදිරිපත් කිරීමෙන් තවත් කෙනෙකුට ඉගෙන ගන්න හිතන්න ගොඩක් දේවල් තියෙනවා ස්තුති sr තෙරුවන් සරනයි

  • @Lathawejesundhara
    @Lathawejesundhara 10 หลายเดือนก่อน +7

    අප ඉගෙන ගන්න කාලෙත් අපිට හමුවුණේ සැබෑ ගුරුවරු කීප දෙනයි අදටත් අපි හදවතින් නමස්කාර කරනවා කොයි දරුවත් රටේ පුරවැසියෙක් කියන දේ හිතේ තියාගෙන ඉගැන්වීම කරන ගුරුවරුන්ට සෙතක්ම වෙන්න ඕන

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 10 หลายเดือนก่อน +7

    අභියෝගයන්ට සීමා නොදමා සීමාවන්ට අභියෝග කරන්න" යන වදන සපථ කර ඔබ තුමා ශ්‍රේෂ්ඨයි, පූජනීයයි හා වන්දනීය අාදර්ශයකි.එසේම සාර්ථක පෙර ගමන්කරැවෙකි. 🙏🙏🙏

  • @s.gunarathna3151
    @s.gunarathna3151 10 หลายเดือนก่อน +4

    මෙන්න මිනිස්සු ....! දණ නමස්කාර කරලා වැඳිය යුතු මහත්මයෙක්. අනේ අපේ රටේ කොන්වෙන, නැති බැරි කමින් පීඩා විඳින දරුවන්ට ඔබතුමාගේ කතාව හොඳටම ඇති හැදෙන්න. ඔබට බුදුසරණයි දීර්ඝායු ලැබේවා....❤

  • @DrShanikaAnthony
    @DrShanikaAnthony 10 หลายเดือนก่อน +4

    I have an emotional story as you said that each one has their own story in their lives but your story is unbeatable! I was with tears all the way through!!
    මමත් මානව හිතවාදී ගණිත ගුරුවරයෙක්ගෙ දියණියක්. ඔහුත් ජීවිතේ කියාදුන්න, කිසිදාක පුද්ගලික පංති නොපවත්වපු,අහිංසක දරුවන්ට නොමිලේ දැනුම දායාද කරපු අපූරු ගුරුවරයෙක්. ඒකාලෙ ගුරු වැටුප සොච්චමක් වූ තරම කොච්චරද කිව්වොත් මට මහපොල හම්බ වුනේ ලයිස්තුවෙ පලමුවැන්න ලෙස. ජීවිතේ අමරණීය ගුරුවරුන් නොවන්නට මමත් බොහෝ බාධා ඉදිරියේ යටපත් වෙන්නට තියෙන්න ඇති. ජීවිතය හරිම පුදුමයි ඒ අතර දෙවිවරු වගේ මිස්සු ජීවිතේ හරි කරනව. මහාචාර්ය ගාමිණී රණසිංහයනි, ඔබ ගැන අතිශයින් ආඩම්බරයි ❤️
    You are a true legend 🙏and one of the most precious Diamonds! ❤️
    May God bless you x

  • @indikasuranjith4010
    @indikasuranjith4010 10 หลายเดือนก่อน +7

    ඒකට මගේ රත්තරන් ගුරුවරු ..
    අද මම යම් තැනක ඉන්නව නම් ඒ මගේ දෙමාපියන්ට පසු ඒ උතුම් ගුරු උතුමන්ලායි..

  • @NandaniRathnayake-r8g
    @NandaniRathnayake-r8g 10 หลายเดือนก่อน +8

    ගුරුවරු මේක කීප වතාවක් අහන්න වටිනවා.මමත් ගුරුවරයෙක්.

  • @diliniharshika6118
    @diliniharshika6118 10 หลายเดือนก่อน +5

    Prof... ගාමිණි සර්.....ඔබේන් ඉගෙනිමට මටද එ් දුර්ලභ අවස්ථාව හිමිවුණා...ඔබේ ඉගැන්විම් මෙන්ම දේශන ද අහන් ඉන්න තරම් රස කතා ගොඩක් තිබුණා.. මහාචාර්යතුමනි තවත් අප වැනි දරුවන් දහස් ගණනකට ඉගැන්විමට ශක්තිය ධෛර්ය ලැබේවා.. (2012/2013 ඉතිහාසය හා පුරාවිද්‍යා බැජ් එක වෙනුවෙන්...)

  • @Sadiniseneesha2007
    @Sadiniseneesha2007 10 หลายเดือนก่อน +13

    පොතක් ලියන්න පුළුවන් කතාවක් සර් ඒක 😢❤අභියෝග මැද්දේ ජය ගන්න ජිවිත හරි ලස්සනයි ❤නමුත් ලංකාවේ අද්‍යාපන ක්‍රමය මම සම්පුර්ණයෙන්ම හෙලා දකිනවා 😢මොකද මේ අධ්‍යාපන ක්‍රමයෙන් ඉහලට යන්න පුළුවන් වෙන්නේ කටපාඩම් කරන එකාට විතරයි එකෙත් හොදම දේ තමයි O/L කොහොම හරි පාස් වෙලා උ. පෙ කරන්න ආවම ගුරුවරයෙක් එක්ක දෙයක් කතා කරන්න බෑ. ළමයින්ට අධ්‍යාපනය එපා කරවනවා 😢😢මේක වෙනස් කරන්න වෙන්නේ අපිටමයි නමුත් එය සිදුකරන්නත් අපි මේ අධ්‍යාපන ක්‍රමය තුලින්ම ඉගෙන ගෙන සිටිය යුතුයි ❤😢

  • @rohankumara3346
    @rohankumara3346 10 หลายเดือนก่อน +3

    ගුරැවරේකට පුලුවන් වුනා පන්තියේ කොන් කරපු අන්තමයා උනු දරැවෙක්.පන්තියේ පිලිගැනීමක් ඇති පලවෙනියෙක් කරන්න..ඔබගේ කතාව මටත් ඔබොම සමීපයි ගුරැතුමනී..අදයාපනය හදාරද්දියි එකේ රසය තේරේන්නේ....ඒ රසය කියාදුන් ගුරැ පියාට සදා මා ණයගැති ❤️

  • @SpiGunasekara
    @SpiGunasekara 10 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ විශිෂ්ට කතාවට
    අනේක වාරයක් ස්තුතියි

  • @ihalagamasumanasiri8409
    @ihalagamasumanasiri8409 10 หลายเดือนก่อน +9

    දේශපාලනයට සම්බන්ධ සහ ව්‍යාපාරික මංකොල්ලකරැවන්ට මේ කතාව අහන්න සැලැස්සුවහොත්
    මිනිස්සුන්ට කිසි දිනක දුකක් දෙන්නේ නැතිවෙයි

  • @sampathihalagedara2605
    @sampathihalagedara2605 10 หลายเดือนก่อน +6

    ඔබ ඉතා ගෞරවනීය චරිතයක් අනන්ත වත් ඔබ වැන්නන් තවද සිටියත් ඔවුන් ඔවුන්ගේ අතීතය වසාගෙන වෙනත් අය මෙන් ජීවත් වෙයි අන් ගුරුවරුන් හට ආඩම්බර විය හැකි කතාව

  • @sumudukumari9757
    @sumudukumari9757 10 หลายเดือนก่อน +6

    හරිම අගය කොට සලකමි ඔබ ගුරු පියනනි.

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 10 หลายเดือนก่อน +4

    මේ කතාව අහද්දී මටත් මගේ රත්තරන් ගුරුවරු කීප දෙනෙක් මතක් වෙනවා ...තෙරුවන් සරණයි හැමෝටම ..🙏🙏🙏❤️❤️

  • @HikkalifewithNil
    @HikkalifewithNil 10 หลายเดือนก่อน +2

    එක වසරේ සිට උසස් පෙල දක්වාම මට හමුවූ ඒ සියලු ගුරුවරුන්ට මාගේ නමස්කාරය පුදමි.එකී සියලු ගුරුවරුන් මට ජිවිතය කියාදුන් ආදරණීය ගුරු මෑනිවරුන් පියවරුන් විය...ඔබ තුමාගේ කතාවෙන් අපේ හිත් බොහෝ සංවේදී විය.අපේ රටට ඉතාමත් කීර්තිමත් පුරවැසියකු වූ ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 10 หลายเดือนก่อน +12

    අපේත් වැඩ බැරි අය වැඩ පුලුවන් අය කියලා සාමාන්‍ය පෙළ කාලේ පංති බෙදුවා මට සාමාන්‍ය පෙළ ට අඩුම රිසාල්ට් එකක් තිබ්බේ ඒත් මම දැන් කොළඹ විශ්ව විද්‍යාලය ඉගෙනුම ලබමින් ඉන්නවා . වැඩ පුලුවන් කියූ පංතියේ ලමයි කිසි කෙනෙක් ඉගෙනීම අතින් නම් ඉදිරියට ඇවිත් නෑ 🙂. මට ශිෂ්ශත්වයට ලකුණු 85 යි.ගුරුවරු ලමයි විනාශ කරනවා ඒත් සමහර ගුරුවරු ඉන්නවා දෙවියෝ වගේ අය ❤ මගේ හීනෙට යන්න සර් ගේ කතාව ගොඩාක් වටිනවා අනේ ගොඩාක් ස්තූති සර් බුදුසරණයි ❤️

    • @thilininadeeshani9531
      @thilininadeeshani9531 10 หลายเดือนก่อน

      😊😊

    • @roshaniwasundara7775
      @roshaniwasundara7775 10 หลายเดือนก่อน +4

      පුතේ ඔයාට පුලුවන් ඉදිරියටම යන්න , මටත් මේ අත්දැකීම තියෙනවා, පන්තියෙ 1,2 ගත්තු අයට මාව අද දැක්කම පුදුමය්, මොකද මාත් සාපෙලට අඩුම අඩු results තිබුනු කෙනෙක්, නමුත් මං අද උපාධියක් ගත්තු අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජ්‍ය සේවිකාවක්, අපිට අපේ උත්සාහය කැපවීම තුලින් ලොකු ගමනක් යන්න පුලුවන්

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 10 หลายเดือนก่อน

      @@roshaniwasundara7775 ගොඩාක් ස්තූති මිස් මිස්ගේ වචන මට ලොකු හයියක් බුදුසරණයි ❤️

    • @anestapriyangani4405
      @anestapriyangani4405 10 หลายเดือนก่อน +1

      ඔබට පුලුවන්
      ඔබට පුලුවන්
      ඔබට පුලුවන්
      ඔව් ඔබට පුලුවන්

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 10 หลายเดือนก่อน

      @@roshaniwasundara7775 ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️

  • @yasithmallikarachchi9602
    @yasithmallikarachchi9602 10 หลายเดือนก่อน +13

    කරුණාකර මේ කතාව චිත්‍රපටයකට නගන්න. ඉගෙන ගැනීම යනු කුමක්දැයි දරුවන්ට ඉගෙනගැනීමට එය සේවයක් වනු ඇත

  • @shashininonis18
    @shashininonis18 10 หลายเดือนก่อน +4

    මෙ කතාව ට අනේ මටත් ඇඩුනා ඇත්තටම මෙ අධ්‍යාපන ය හරිම නීරසයි මටත් ගණිතය විෂය වුනේ සර්ට වුන දේ මටත් උගන්වන්න කරුණාවන්ත ගුරුවරයෙක් සිටියානම් මට තාමත් දුකයි මතක් වෙද්දී නමුත් ඔබ තුමා ජයගත්තා මට සතුටුයි ගණිතය හරි අමාරුයි අනිත් විෂය න් ඔක්කොම පාස් දැන් ඉන්න දරුවන්ටවත් ලේසි වුනොත් ඇති

  • @murinsoysa5228
    @murinsoysa5228 10 หลายเดือนก่อน +5

    ගුරුවරයාට මේ තරම් වටිනා උපදේශයක් වෙන කොහෙන්වත් ලබෙන්නෙ නෑ දරුවෙක් පිළිගන්න, හඳුනාගන්න හැකි ගුරුවරයෙක් වීමට ලැබීම පෙර කළ පිනක්.එසේම සසර කෙටි කර ගැනීමටත්

  • @pathmakumari4137
    @pathmakumari4137 10 หลายเดือนก่อน +4

    උතුම් ගති මිනිසා සතුව බොහෝ විට සැගව පවතී ඔබ තුමාගේ උගත්කම පමණක් නොව මිනිස් කමට එහාගිය යමක් ඇති බවයි මගේ හැගීම
    ඔබතුමා ට මේවා ද ලැබේවා
    කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා
    සද්ධර්මය ශ්‍රවණය ලැබේවා
    යෝනිසෝමනසිකාරය තවත් තීව්‍ර වේවා
    සත්තිස් බෝධ්පාක්ෂික ධර්ම වැඩී නිවන් දකීවා
    තෙරුවන් සරනින් නිරෝගී වේවා
    තෙරුවන් සරනයි

  • @manjulawaidyaratne6497
    @manjulawaidyaratne6497 10 หลายเดือนก่อน +7

    ඔබතුමා වැනි කෙනෙකුගේ කතාවක් ඇසීමට ලැබෙන එකත් ලොකු වාසනාවක් ඇත්තටම ඔබතුමා මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා කියලා මට හිතෙනවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 10 หลายเดือนก่อน +3

    අපේ රටේ පුනරෝදයක් වෙනුවෙන් වෙහෙසිය යුතු කලක, ගුරුවරුන් මෙන්ම වැඩිහිටියන් සෑම දෙනෙකුටම හිතන්න බොහෝදෑ එක්කළ කතාවක්...අපේ මානූෂීය හැඩතල ඔප්නංවා අපිටම සරිලන අධ්‍යාත්මික අධ්‍යාපන ප්‍රවණතාවක් වෙනුවෙන් ගතයුතු සාරධර්ම මහාචාර්යතුමා විසින් ඉදිරිපත් වුනා...එතුමාට ප්‍රණාමය...🙏🌼🙏

  • @malkanthihewage4521
    @malkanthihewage4521 หลายเดือนก่อน +1

    සර් ..ඔබට හමුවු ගුරුවරු මෙන් ගුරැවරු මේ ලෝකයට තව තවත් බිහිවේවා....මගේ දරැවන්ටත් එවන ගුරුවරු හමුවුනා නම් කියල හ්තෙනව.

  • @ZainulFayik
    @ZainulFayik 10 หลายเดือนก่อน +4

    ඔබවැනිම මහාචාර්ය වරුන් එකතුවී අප රටේ අද්‍යාපනක්‍රමය නැවත සකස්කළ යුතුයි. ඔබතුමන්ගේ නිහතමානී කමට අනේකවාරයක් ආචාර කරමි.

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 10 หลายเดือนก่อน +5

    මම සම්පූර්ණ කතාව ඇසුවා සර් ,අපි ඉක්මනින් ගොඩ යමු රටේ මිනිස්සු එකතු වෙමු හරි පාලකයෝ සොයා ගමු රුවන්ඩාවේ වගේ බඩු මිල මුදල් අරක්කු නොම්ලේ දෙන්නේ නැති අවංක නායකයෝ උවමනයි ලංකාවට දැන්

  • @ErandaFernando-c1c
    @ErandaFernando-c1c 10 หลายเดือนก่อน +3

    පුතා ඔබ දුක් වෙන්න එපා මෙ අපෙ රටෙ බොහොම දරුවනගෙ ජිවිතයෙම අදොනාවයි හෙතුව නරුම දෙසපාලකයො අපට හදපු සමජයි ඔබට තවත් ඉහලට යන්නට
    වාසනාව මෙ රට යහපත් තැනකට ගන්නට නායකත්වය දෙන්නටත් සක්තිය ලැබෙවා තුන්සරනයි

  • @RocheHolton
    @RocheHolton 10 หลายเดือนก่อน +5

    This is the story of many of us! So called teachers at my secondary school nearly broke me, said I don’t have a future… Today I’m a Snr. Lecturer at one of the best universities in the world!!