පඨම නිබ්බාන සූත්‍රය - ඒසේවන්තෝ දුක්ඛස්සා”ති - දුකේ කෙළවර මෙ මොහොතේ දැකගන්න ඉංජිනේරු අමල්ගේ විග්‍රහය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2024
  • #පඨමනිබ්බානසූත්‍රය #ඛුද්දකනිකාය #උදානපාළි #මනස #ධර්මාවබොධය #භාවනාව #සිතිවිලි #සුවපත්විම #සොවාන්පලය #ශුන්යතාවය
    Contact Amal on WhatsApp - ‎+94 77 155 6450
    භාවනා, රේකි සුවපත් කිරිම් සඳහා අමතන්න ආචාර්ය විපුල වනිගසේකර. Meditation and Reiki Healing - WhatsApp Dr Vipula +94714880574
    ඛුද්දක නිකාය, උදාන පාළි, 8.1. පඨම නිබ්බාන සුත්ත ඉංජිනේරු අමල්ගේ විග්‍රහය ආචාර්ය විපුල සමග
    “පින්වත් මහණෙනි, මෙන්න මේ වගේ තැනක් තියෙනවා. එතැන පඨවි ධාතුව නෑ. ආපෝ ධාතුව නෑ. තේජෝ ධාතුව නෑ. වායෝ ධාතුව නෑ. ආකාසානඤ්චායතනය නෑ. විඤ්ඤාණඤ්චායතනය නෑ. ආකිඤ්චඤ්ඤාය තනය නෑ. නේවසඤ්ඤානාසඤ්ඤායතනය නෑ. ඒක මේ ලෝකයත් නොවෙයි. පර ලෝකයත් නොවෙයි. එතැන හිරු සඳු දෙකත් නෑ. පින්වත් මහණෙනි, එතැන ඒමක් නෑ. යෑමක් නෑ. සිටීමක් නෑ. චුතවීමක් නෑ. ඉපදීමක් නෑ. මේක කිසිවක් මත පිහිටපු දෙයකුත් නොවෙයි. කිසි දෙයක් නිසා පවතින දෙයකුත් නොවෙයි. කිසිම අරමුණක බැසගන්නෙත් නෑ. මේකම තමයි දුකේ කෙළවර.”
    This channel is presented to Spiritual Seekers with no boundaries / මෙම නාලිකාව සීමා මායිම් නොමැති අධ්‍යාත්මික ගවේශකයන් සඳහායි
    වියාචනය: අධ්‍යාත්මික ගවේෂකයින් සඳහා ඔවුන්ගේ අධ්‍යාත්මික ගමන පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමට විවිධ මාතෘකා පිළිබඳව ප්‍රවීණයන්ගේ අදහස් මෙම නාලිකාව හරහා සද්භාවයෙන් ඉදිරිපත් කරයි අමල්ගේ උඩවත්ත ප්‍රකාශ කරන ලද අදහස් නාලිකාවේ හෝ එහි හිමිකරුගේ අදහස් පිළිබිඹු නො කරයි. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු සාමාන්‍ය තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර වෘත්තීය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු මත පදනම්ව ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගේම පර්යේෂණ කිරීමට සහ සුදුසු වෘත්තිකයන් සමඟ උපදෙස් ලබා ගැනීමට නරඹන්නන් දිරිමත් කරනු ලැබේ. මෙම සම්මුඛ සාකච්ඡා වල අන්තර්ගතයෙන් පැන නගින ඕනෑම අලාභයක්, හානියක් හෝ තුවාලයක් සඳහා මෙම නා ලිකාව සහ එහි හිමිකරු වගකිව යුතු නොවේ. මෙම සම්මුඛ සාකච්ඡා නැරඹීමෙන්, නරඹන්නන් මෙම වියා චනයේ නියමයන් පිළිගෙන එකඟ වේ.
  • บันเทิง

ความคิดเห็น • 118

  • @shathikumari2533
    @shathikumari2533 11 วันที่ผ่านมา +18

    සේවාව ප්‍රසංශනීයයි. විපුල මහතානනි, ඔබ දෙදෙනාගේ කතාව ඉතාමත් හොඳින් පැහැදිලියි. මොකද කියනවා නම් මේ ස්වභාවය පිළිබඳ කතාකරන්නවත් මේ වනතුරුත් වේදිකාවක් නැති කාලෙකදී මේ සත්‍ය ලෝකයා හමුවේ ගාම්භීරව හෙළි කිරීම ස්වභාව ධර්මයේම ආශ්චර්‍යයක්.

  • @anushakumari9099
    @anushakumari9099 11 วันที่ผ่านมา +13

    අවබෝධ කළ යුතු දහමක් ඇතැයි යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ දැල වියාගෙන සිටින දරුවා,මොනයමි මොහොතක හෝ ගොදුර දැලට හසු කර ගනී.එතෙක් බලා සිටී.රහතන් වහන්සේ දැලත් තියෙද්දි ගොදුරත් තියෙද්දි එය නාල්ලා පොඩි දරුවාගේ ස්වභාවයේ සිටීමයි. සියල්ල තියෙන තැන සියල්ලෙන් මිදී කටයුතු කිරීමයි. සත්‍යය සත්‍යයමයි.අවබෝධ කිරීම සුඛර නොවේ සියල්ලෝම සත්‍යය දකිත්වා !තෙරුවන් සරණයි !

  • @mallika8744
    @mallika8744 11 วันที่ผ่านมา +13

    ඉතාමත් සරලයි සුන්දරයි පැහැදිලියි....අසූ හාරදාහක් ධර්මස්කන්ධයම පැහැදිලි කළා...මේ මහත්තයා සමඟ තවත් සාකච්ඡා ඉදිරිපත් කරන්න තෙරුවන් සරණ...

  • @lakshmijayasekera8130
    @lakshmijayasekera8130 11 วันที่ผ่านมา +6

    හදවතට දැනෙන තවත් ආශ්චර්යමත් සාකච්ඡාවක්!! (Light of pure wisdom!!) බොහෝවිට මග ඇරෙන සියුම් තැන් අපූරු ලෙස විස්තර වෙනවා. මෙවෙනි සාකච්ඡා ගෙන ඒම පිලිබදව ඔබ දෙදෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.🙏🙏❤

  • @aidaathukorala9592
    @aidaathukorala9592 10 วันที่ผ่านมา +7

    ඉතාමත් සුන්දර සාකච්ඡා වක් ඒවගේම ඔය දෙනන්නාත් හරිම සුන්දරයි මේ දහමත් අති සුන්දරයි, අවබෝධය, සිහිය, වර්ධනය කරමු.

  • @dilrukshivp1667
    @dilrukshivp1667 11 วันที่ผ่านมา +8

    පවතින මොහොත දුකක් බව නොදන්න නිසයි මට සැපයක අවශ්‍යතාවයක් එන්නේම.
    එතකොට කොහොමද මේ පවතින මොහොත දුක උනේ... මෙන්න මෙතන තමයි ඔබ විමර්ශනය කළ යුතු බුදු මුවින් දෙසා වදාළ ආර්ය සත්‍යයක් වන ලොව පවතින සදාතනික දහම වන අනිත්‍ය ස්වභාවය ඉස්මතු වන්නේ. දුක වුනේම මෙන්න මේ අනිත්‍ය ස්වභාවයයි....
    මෙන්න මේ ලොව පවතින සුන්දර වූ ආර්ය සත්‍යය ස්වභාවය නිසාමයි රූපය ශුන්‍යතාවයෙන්ද ශුන්‍යතාවය රූපයෙන්ද වෙන් නොවන්නේ...
    ඔන්න ඔය හේතුව නිසාමයි මා පවසන්නේ ලෞකික ලෝකෝත්තර කියා දෙකක් මෙහි නොමැති බව. Full screen එහෙමත් නැත්තං සමස්තය දැකපු අය අවබෝධ කරගන්නේ ම සසරත් නිවනක් මෙතන මේ මොහොත තුළම බවයි.
    ඉතිං මේ සුන්දර වූ අනියත දහම නොවන්නට ඔබට මෙහි කෙළවර කරන්නට දුකක් හෝ සැපක් සම්මුඛ නොවනු ඇත..
    ඉතින් රෝහිතස්ස ට පෙන්නු දුකෙහි කෙළවර අපූරුවට ටීවී ස්ත්‍රීන් උදාහරණය මගින් පෙන්වා දෙන අපේ කාලයේ මට හමුවූ මහා වීරයා අප කල්‍යාණ මිත්‍ර
    Amal Udawatte සහ ඒ පිරිසිදු දහම මිනිසුන් අතරට සන්නිවේදනය කරන්නට නිරායාස උත්සාහයක් දරන අප කල්‍යාණ මිත්‍ර Vipula Wanigasekera මහතාට ද මගේ හද පිරි ප්‍රණාමය මෙලෙස පුද කරමි.
    🙏🥰🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 10 วันที่ผ่านมา +6

    🙏❤️🙏❤️🙏 ඔබ දෙපල වැනි කළන මිතුරන් මුණ ගැසීම සතුටක්.ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @bandarawarakagoda4900
    @bandarawarakagoda4900 3 วันที่ผ่านมา +1

    නිරෝධය ඉතා හොඳින් පැහැදිලි කරන විශිෂ්ඨ සාකච්ඡාවක්. ඔබ දෙපලටම බොහොමත්ම පිං 🙏

  • @deviudumbara6717
    @deviudumbara6717 10 วันที่ผ่านมา +5

    දෙදෙනාගේ මෙම සාකච්ඡාවේදී සැඟවුණු සත්‍ය කාරණා ශූක්ෂම ලෙස ඉතාමත් රසවත්ව සිතට කාවද්දන පරිදි එකිනෙකට දිග හැරෙනවා. බොහොමත්ම ස්තූතියි.🙏🙏🙏

  • @user-rk1xl5jq5c
    @user-rk1xl5jq5c 11 วันที่ผ่านมา +5

    මහාතාණෙනි,ගරු කෝස්වත්තේ අරියවිමල හිමියන්ට ආරාධනා කරන්න උන්වහන්සේ ලන්කාවේඉන්නෙකඩවත පරකන්දෙනියෙ .ඔබලාගේ උත්සාහය අගයකරමි තෙරුවන් සරණයි.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  11 วันที่ผ่านมา +1

      @@user-rk1xl5jq5c අපිට එසේ කිරිමට කාලය හා සම්පත් නැ. ඔබතුමා අපව උන්වහන්සේට සම්භන්ද කරල දෙන්න

  • @hemalisiri
    @hemalisiri 8 วันที่ผ่านมา +2

    🌷🙏🌷🙏🌷🙏 ස්තූතී , ඔබතුමන්ලාට තෙරුවන් සරණයි !

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 10 วันที่ผ่านมา +4

    පඨම නිබ්බාන සූත්‍රයේ දුකේ කෙළවර සහ නිරෝධය ගැන හොඳටම වැටහුනා. ගොඩක් පින්අනන්ත ලක්ඛණ සූත්‍රය සරලව පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් පින්ඔබ දෙපලට මෙම වැඩසටහන දිගටම ගෙනයාමට මම ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි🎉🎉🎉🎉

  • @user-gj4hr8fb9l
    @user-gj4hr8fb9l 8 วันที่ผ่านมา +2

    අමල් කියන්න හදන ⁣දේ , මේ තත්වයේ හරි , ඊට ළඟම තත්වයේ ඉන්න අයට තමයි හුඟාක් වෙලාවට තේරෙන්නෙ.
    ඒක හරියට, ඉහළ අහසෙ තියන flight එකක් පහළට ගන්නකොට කන් දෙකට දැනෙන තත්වය ඒ අත්දැකීම නොලබපු කෙනෙකුට කියල දෙන්න හදනව වගේ වැඩක් කියල මට හිතෙන්නෙ.

  • @IsuriPolpitiya-nm4ok
    @IsuriPolpitiya-nm4ok 10 วันที่ผ่านมา +3

    ලෝකය නමැති මුලාවෙන් ගැලවීමට බුදුන්වහන්සේ අපට චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් දුන් පණිවුඩය අතැඹුලක් ලෙස ඔබ දෙපළගේ සාකච්ඡාව තුලින් මේ පුන්චි කාලය තුල ගාම්භීර ධර්මය ඉතාම සරලව පෙන්වා දීම ගැන කියන්න වචන නැත 🙏
    උතුම් කල්‍යාණ මිත්‍රයන් මුණගැසීමද අතිශයින්ම දුර්ලභයි.
    දුර්ලභව ඇසෙන මේ පණිවිඩය ඇසෙන්නට භාග්‍යයවන්තයින් වේවා 🙏🙏🙏

  • @sue9552
    @sue9552 10 วันที่ผ่านมา +4

    හරීම ලස්සනයි මේ ධර්මතාවය..සාදු.. සාදු.. සාදු.. 🙏🌸🙏🌸🙏🌸🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 9 วันที่ผ่านมา +3

    මම ආසම චරිතයක්.වටිනා සන්වාදයක්.ඔබතුමාට ගොඩක් පින් .අමල් මහත්මයා.🌹🌹🙏🙏🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 9 วันที่ผ่านมา +3

    අමල් සර්එක්ක කතා කරන්න අවස්තාවක් හදලා දෙන්න සර්.🌹🌹🌹🌹🙏🙏🙏

  • @maheshbudhdhika3748
    @maheshbudhdhika3748 11 วันที่ผ่านมา +4

    ඔහු කියන එක ඇත්ත මං ඒක අත්දකිනවා, මගේ ශරීරයට පිටිපස්සෙන් ඉස්සරහ පරිසරයයි මගේ ශරීරයයි ඔක්කොම දකිනව ,හැබැයි ඇස් වලින් නෙවෙයි , ඒ පේන ඔක්කොම දේවල් ඉතා වේගයෙන් වෙනස් වෙමින් තියනව

  • @niroshangunewardene954
    @niroshangunewardene954 8 วันที่ผ่านมา +3

    ගොඩාක් පිං

  • @aroshakuruppu3881
    @aroshakuruppu3881 10 วันที่ผ่านมา +5

    Dr. Vipula, thank you very much for bringing interviews like this to utube, I particularly like Mr Amal Udawattas
    interviews and his explanations which have been very helpful to many of us including my friends and family. Thank you very much 🙏

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft 8 วันที่ผ่านมา +2

    අමල් මහත්මයා ඔබ කියන දේ හරියටම හරි.අපේ රටේ මේ දහම අනවශ්‍ය විදියට ගාම්භීර කරලා .අවබෝධ කරන්න බැරි දෙයක් විදියට තමයි පෙන්නන්නෙ.ඔබතුමාට පුලුවන් මේක අපිට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙන්න.විපුල මහත්මයා ,අමල් මහත්මයා ට වැඩි අවස්ථා ලබාදුන්නොත් ඔබටත් බොහෝ පින් සිදු වෙනවා.

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k 7 วันที่ผ่านมา +1

    More you listen, as you say, it resonates deeper... sadu sadu sadu 🙏

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi4641 9 วันที่ผ่านมา +2

    මෙවරත් වටිනා සාකච්ඡාවක්.

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 9 วันที่ผ่านมา +3

    Oba depala sakchcha karanna karanna dahama nirawul wenawa..sarala wenawa....obathumanlage watina kalaya danaya minisunun wenuwen me karana kapakeremma uthum deyak.!!

  • @sanathliyanaarachchi7686
    @sanathliyanaarachchi7686 8 วันที่ผ่านมา +2

    This is great conversation please keep continuing on this topic
    Thank you very much

  • @lakshmijayasekera8130
    @lakshmijayasekera8130 11 วันที่ผ่านมา +5

    ආසාවෙන් බලාගෙන හිටපු සාකච්ඡාවක්. ❤

  • @user-uh4tw5ch7b
    @user-uh4tw5ch7b 10 วันที่ผ่านมา +3

    මෙවන් ධර්මයක් ඇසීමට ඉඩ සැලසුවාට බොහොම පින් ♥️♥️♥️🙏🙏🙏🌸🌸

  • @shathikumari2533
    @shathikumari2533 11 วันที่ผ่านมา +5

    අනත්ත ලක්ඛණ සූත්‍රය පිළිබඳවත් ඉදිරි දිනක අමල් මහතා සමග සාකච්ඡා කරනවා නම් බොහෝ දෙනෙකුට වැදගත් වේවි කියා සිතෙනවා.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  11 วันที่ผ่านมา

      වඩාත්ම ලේසි මාර්ගය බොහො බටහිර ගවේශකයන්ට

  • @rohanasunnath5986
    @rohanasunnath5986 11 วันที่ผ่านมา +6

    ඉතාමත් හොඳයි දිගටම කරන්න මහත්මයා 🌷🌷🌷🌷🌷🌷🌷

  • @PriyanthakaPeiris
    @PriyanthakaPeiris 6 วันที่ผ่านมา +2

    Great Discussion ❤❤❤

  • @udanisamaraweera8525
    @udanisamaraweera8525 2 วันที่ผ่านมา +2

    Thank you

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw 9 วันที่ผ่านมา +2

    It is a powerful presentation by Amal to prove his argument that it is only the awareness or Screen and the world is only images appearing on the screen
    It is true that for the person who comprehend this understanding completely will not find any arising or passing away or Sanudaya
    But all others who are in the path to realize this mental state , it is useful to know at least something closer to absolute truth that is arising and passing away
    It is like pixels appearing on the screen
    Rather than getting absorbed in to images in the screen, if one can instead see arising and passing away of all including thoughts , that is a great step forward to achieve what Amal describes , at least the initial step . If Smarter guys like Vipula and Amal can do it directly , well and great
    Any comments appreciated

    • @amaluda
      @amaluda 9 วันที่ผ่านมา

      Completely agree with you 🌸😇

  • @malakarunanayake5673
    @malakarunanayake5673 9 วันที่ผ่านมา +2

    So simple way of explaining the concept of nibbana

  • @jaya-zf9dj
    @jaya-zf9dj 9 วันที่ผ่านมา +3

    🙏🙏🙏💯

  • @sandupamafernando671
    @sandupamafernando671 5 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @winbeauty5834
    @winbeauty5834 10 วันที่ผ่านมา +2

    හරිම සරල ව පැහැදිලි කරා අමල් මහත්තයා ස්තුතියි 🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 10 วันที่ผ่านมา +2

    සුවපත් වේවා 🙏🙏🙏

  • @user-qm7qf1os5d
    @user-qm7qf1os5d 9 วันที่ผ่านมา +2

    ස්තුතිවන්ත වේවා ..........

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 11 วันที่ผ่านมา +2

    උතුම් සාකච්ඡාවක් තෙරුවන් සරණයි !ඔබ දෙපලට🙏🌻🌻

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 11 วันที่ผ่านมา +2

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක් ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @chanikagunawardana7107
    @chanikagunawardana7107 9 วันที่ผ่านมา +2

    ❤🙏🙏🙏

  • @kisagothami2084
    @kisagothami2084 11 วันที่ผ่านมา +2

    ඔබ දෙපළටම ස්තුතියි . 🙏🙏

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya6702 11 วันที่ผ่านมา +2

    Screen eke example eka nisa harima saralawa gamburu karunak theruna.. Oba thumanla dedenatama godak pin 🙏

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 9 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @janulhasmitha
    @janulhasmitha 10 วันที่ผ่านมา +2

    ඉතාමත් හොඳ සාකච්ඡාවක්.

  • @user-gj4hr8fb9l
    @user-gj4hr8fb9l 8 วันที่ผ่านมา +2

    මට හිතෙන තවත් දෙයක් තමයි,
    මේ තත්වය, සෝපදිසේස තත්වය වගේම , අනුපදිසේස තත්වයත් මේ ජීවිතයේම තියන දෙයක්. ඒක අමල් කියන screen එක වත් රෑප වත් නැති තත්වයක්. නිරෝධ සමාපත්තිය. ශරීරය නැති චුනාම ( මිය ගියාම ) තමයි, නිවී ගියා කියන්න පුළුවන් ⁣වෙන්නෙ.

  • @h.a.dhettiarachchi9369
    @h.a.dhettiarachchi9369 10 วันที่ผ่านมา +2

    Its uncondition things ,understood by the practically ...no words .

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 10 วันที่ผ่านมา +2

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් 🙏🙏🙏

  • @asankaprasadwanigasinghe5593
    @asankaprasadwanigasinghe5593 10 วันที่ผ่านมา +2

    දුක කියල අපේ හිතට දැනෙන නොසතුට දුකයි
    කියන එක නොවේ.ලෝකේ දුකයිකියල ගන්න බැ

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 11 วันที่ผ่านมา +2

    ඔබ දෙපලට බොහොම ස්තුතියි ❤️

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k 11 วันที่ผ่านมา +2

    Much merit to both of you 🙏

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 10 วันที่ผ่านมา +2

    ස්තූතියි

  • @chandimakosali4803
    @chandimakosali4803 11 วันที่ผ่านมา +2

    Superb effort. Thanks Dr. Vipula and Mr.Amal for presenting this very enlightening video

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex 7 วันที่ผ่านมา +2

    නිවන් මග යනු ගිහින් දකින මගක් නොවේ දැකීමෙන් පසු යන මගකි.නිවන් දකින්නේ මේ මොහොතේයි.dependant origination යනු දැකීමෙන් පසුව යන මගකි.චතුරාර්‍ය් සත්‍ය යනු නිවන් දැකීමෙන් පසුව දකින දෙයක්.එසේ නොමැතිව චතුරාර්‍ය සත්‍ය දැකීමෙන් නිවන් දකිනවා නිවේ.එහෙනම් නිවන් දකින්නෙ කොහොමද?වර්තමාන මොහොතේමයි නිවන.සතියම පමනයි නිවන ගේන්නේ.සතියට බව වීම නිවනයි.ඒ බව තුල චතුරාර්‍ය සත්‍ය දකී,පටිච්ච සමුප්පාදය දකී.,,,,,,,,,,,,,,,,මෙය පින්තූරය අනිත් පැත්ත පෙරලා බැලීමකි.සාකච්ඡාවට බදුන් කිරීමට කියන ප්‍රකාශයක් පමනි.බනින්න එපා,,,😂ඕනෙමනම් පොඩ්ඩක් බනින්න.😂

  • @truthoflife1158
    @truthoflife1158 11 วันที่ผ่านมา +2

    එකම නිරෝධය තුල දෙයක් ලෙස යමක් හමුවීමමයි දුක. දුක නැති කරන්න බැරි ඒ නිසා. අවබෝධ කරන්න විතරක් පුලුවන්. දෙයක් ලෙස හමුවෙන්නෙ ඇයි. අන්න ඒ හේතුව( සමුදය) නැති කරන්න පුලුවන්.

  • @nisansalakarunanayaka7410
    @nisansalakarunanayaka7410 4 วันที่ผ่านมา +1

    super ❤❤❤❤❤

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 11 วันที่ผ่านมา +3

    🙏🙏🙏❤️❤️❤️

  • @tharushadeshani8847
    @tharushadeshani8847 10 วันที่ผ่านมา +2

    Dr.Vipula I saw that I am a thought and what i see is a thought...so that is confirmed.But what my next question was How i see this thing call world...and why I dnt feel everything as one...I think I got the answer thanks to Mr.Amal's drawing...I can feel it now❤I am so glad to both of you❤

  • @melaniindumali9667
    @melaniindumali9667 11 วันที่ผ่านมา +2

    Excellent ❤️🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 11 วันที่ผ่านมา +2

    ❤ ස්තුතියි ..

  • @SriyaniMalkanthi-js7yv
    @SriyaniMalkanthi-js7yv 10 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 16:37

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 11 วันที่ผ่านมา +2

    බුදුන්වහන්සේ පටිච්ඡ සමුප්පන්න උපතක් ගැන දේශනා කර තිෙබනවා නේද. සත්ව පුද්ගල භාවයෙන් තොර යම් ඒකකයක් ගැන ත් යමකට උපාදාන වීම තුල සංසාරය නිර්මාණය වන බවත් තෘෂ්ණාව දුරුකිරීම නිවනට මග බවත් මා අසා තිබෙනවා. තව දුර ඉදිරියට මේ සාකච්ඡාවන් ගෙන යන්නට ධෛර්ය ශක්තිය ඔබ දෙපලට පා්‍රර්තනා කරමි.

  • @CmkSanathani81
    @CmkSanathani81 11 วันที่ผ่านมา +2

  • @user-gj4hr8fb9l
    @user-gj4hr8fb9l 8 วันที่ผ่านมา +2

    Live නැති, live තත්වයක්

  • @koralatv
    @koralatv 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏

  • @asankaprasadwanigasinghe5593
    @asankaprasadwanigasinghe5593 10 วันที่ผ่านมา +1

    භුත කිවේ භුතයන්ට නොවේ
    සතරමහා භුත
    ආපෝ තේජෝ වායෝ පටවි
    යතා ස්භාවය දකිනවා අපි සතරමහා දාතුවේ

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  10 วันที่ผ่านมา

      @@asankaprasadwanigasinghe5593 එක උදාහරනයකට කිව්වේ. වචන වලට අහු නොවි උපමේය ගන්න

  • @prasadrathnayake4763
    @prasadrathnayake4763 11 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @lalaniks4289
    @lalaniks4289 11 วันที่ผ่านมา +2

    Excellent ❤

  • @muthubandara8702
    @muthubandara8702 10 วันที่ผ่านมา +2

    ❤❤❤🎉🎉🎉🎉

  • @user-fh3xk7jg1k
    @user-fh3xk7jg1k 10 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉

  • @menashafernando1735
    @menashafernando1735 11 วันที่ผ่านมา +2

    🌹❤️❤️🌹

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 11 วันที่ผ่านมา +2

    🙏🌹🌹🙏🌹🌹🙏

  • @nisansalakarunanayaka7410
    @nisansalakarunanayaka7410 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @sameeravidanage1497
    @sameeravidanage1497 6 วันที่ผ่านมา +2

    සිතත් හටගන්න සිතත් තිබිලා නෑ

  • @maheshbudhdhika3748
    @maheshbudhdhika3748 11 วันที่ผ่านมา +2

    ඇත්තටම ශුන්‍ය කියන්නේ මොකුත් තියනව හෝ නෑ නෙවෙයි අපිට කතා කරන්න බෑ ඒක ගැන ,0 කියන සංකේතය හරියටම හරි, ගනිතයේ 0 හරියටම හරි ශුන්‍ය ,

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage1126 11 วันที่ผ่านมา +6

    කෙනෙක් යන සිත ධර්මතාවයක් බව අවබොධ වීම නොහොත් ස්වභාවය බවට පත්වීම මෙ ශාන්ත වූ ප්‍රණීත වූ නිවන් මග යයි සිතමි 🙏

    • @IsharaWickramathunga
      @IsharaWickramathunga 11 วันที่ผ่านมา +6

      කෙනා කියන්නෙ සිතේ ධර්මතාවයක් කියල කියන්න බෑ. එතන ස්වභාවයක් කියන වචනය භාවිතා කිරීම හොඳයි. කෙනා කියන්නෙ නාම(සිත) රූප දෙකේම එකිනෙකට අනුග්‍රහ කරගෙන නිර්මානය වන ධර්මතාවයක් ලෙස හැඳින්වීමයි වඩා නිවැරදි.

  • @ExcitedAlpineVillage-fj9ow
    @ExcitedAlpineVillage-fj9ow 11 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @asankaprasadwanigasinghe5593
    @asankaprasadwanigasinghe5593 10 วันที่ผ่านมา +2

    අපට ඇහැට රැපයක් ගැටෙන්නෙ නැ
    අපි දකින රැපය දිග පලලඋස එහි පිටුපස ඉදිරිපස මේ සියල්ල හදල තමයි ඒකට නමක් දෙන්නෙ

  • @asankaprasadwanigasinghe5593
    @asankaprasadwanigasinghe5593 10 วันที่ผ่านมา +2

    ප්‍රත්‍යක්ශ ඥානය ගැන කතා කරන්න විපුල මහත්තයා🙏🙏

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  10 วันที่ผ่านมา

      @@asankaprasadwanigasinghe5593 එහෙම විශෙෂයක් තියෙනවද?

  • @indrapremalatha-nh7vx
    @indrapremalatha-nh7vx 11 วันที่ผ่านมา +2

    Avasanye tiyenneirodayak pamanamai

  • @asankaprasadwanigasinghe5593
    @asankaprasadwanigasinghe5593 10 วันที่ผ่านมา +1

    දුක්්‍ය ආර්‍ය සත්‍ය
    දුක්‍ය කියන්නෙ වෙනස්විමට
    යමක් වෙනස් වෙනවා නම් එතන දුක්‍ය කියන ක්‍රියාවලිය පවතිනවා
    පවතිනවා
    කමිබියක් නවන තැන දුක පවතිනවා
    පවතිනවා
    ඒ නැවිම තුල නැමුන තැන රස්නය පවතිනවා
    පවතිනවා
    දුක්‍ය කියන ක්‍රියාවලියක් පවතිනවා නම් එතන පලයකුත් හැදෙනවා

  • @kumuduarthnayake3933
    @kumuduarthnayake3933 11 วันที่ผ่านมา +3

    Ithaamath watinawa bohoma pin obathumalata

  • @shiranthidesilva3311
    @shiranthidesilva3311 11 วันที่ผ่านมา +3

    WOW ....... ❤❤❤
    හොදටම තේරෙනවා...... ඒත් ඇයි අප්පා පත්තු නොවෙන්නේ..... තාම මෝරලා මදිද..... ?????

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  11 วันที่ผ่านมา +2

      @@shiranthidesilva3311 එතනත් අහුවෙලානේ පත්තුවෙන්න මම ඉන්නව කියල.ආපස්සටම යන්න කපොල්ලෙන් වැටෙනකම්. එතකොට වැටෙන කෙනෙක් නැතිබව දකියි. ඉට පස්සේ හෙම්බරිස්සාව කැස්ස හැදෙනව වෙනද වගේම

    • @spp1317
      @spp1317 10 วันที่ผ่านมา

      සර් මටත් මේ ප්‍රශ්නෙම තමා තියෙන්නෙ..කියන දේ තෙරෙනවා හොඳටම..මේ ආපස්සට යනවා කියන එක සරල උදාහරණයක් හෝ අරන් සාකච්ඡාවක හරි කමක් නෑ පැහැදිලි කරනවද..දේශකයන් මේක හැමෝම කියනවා.. ඒත් කොතන හරි පොඩි තැනක් අපිට නොතේරනවා..​@@vipulawanigasekera6264

    • @user-gj4hr8fb9l
      @user-gj4hr8fb9l 8 วันที่ผ่านมา

      තව steps තුනක් තියනව. වැටහෙන්න ⁣, අවබෝධ වෙන්න, ප්‍රත්‍යක්ෂ වෙන්න.
      කලබල වෙන්නෙ නැතුව neutral එකේ යමු.

  • @kkanurudda6411
    @kkanurudda6411 11 วันที่ผ่านมา

    Sowan margayata apanna ariya sawakayata 10sangika samanhahita ariya astangika margayata path wenawa

  • @PathminiNilaweera
    @PathminiNilaweera 11 วันที่ผ่านมา +3

    ඉරක් නැහැ නොවේ ඉරක් කියල දෙයක් නැතිබවක් නේද

  • @seelamunasinha9339
    @seelamunasinha9339 9 วันที่ผ่านมา +2

    එතකොට හිතම විතරයි හමුවන්නෙ.එහෙමද සර්

    • @seelamunasinha9339
      @seelamunasinha9339 9 วันที่ผ่านมา

      කෙනෙකුට හමුවෙනවවත් නෙවෙඉ

  • @seelamunasinha9339
    @seelamunasinha9339 9 วันที่ผ่านมา +4

    නෑකියන්නෙ දකින්නෙක් හිටියොත් නෙ දකින්නත් හීනයක් උනොත් කතා කරන්න්වත් දෙයක් තියෙනවාද

  • @PathminiNilaweera
    @PathminiNilaweera 11 วันที่ผ่านมา +2

    වෙන්කොට දකින දෙයින් එහායින් ඇත්තේ අවකාශ ය යි සූන්‍යතවයය වෙන්කර න්නේ නැත්නම් ස්ම්පූර්න අවකාශය මයි සූන්‍යත්වය නේද

  • @champikaranjani8875
    @champikaranjani8875 11 วันที่ผ่านมา +1

    දැන් .ගැනිම .ද.සිත .

    • @champikaranjani8875
      @champikaranjani8875 10 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🎉️🎉️🎉️👍

  • @kkanurudda6411
    @kkanurudda6411 11 วันที่ผ่านมา

    Yatartaya dena gattath awabodaya tebunath aramugenvimedi meya deka gannath oni meya deka genimedi pancca upadanas kandayen kramak kramayen medenawa vipaka mattama itiri wenawa wenada wagema penawa ehenawa dennawa sitenawa kiyana kriya sita issmatu wenawa appaticca wennyana awastawa

  • @tharushadeshani8847
    @tharushadeshani8847 10 วันที่ผ่านมา +1

    Dr.Vipula can you upload the drawing of Mr.Amal?

  • @user-wi6jp2ui2l
    @user-wi6jp2ui2l 11 วันที่ผ่านมา +2

    දැල ඉතුරු කරගෙන සත්තු කොපමණ අයින් කළත් කවදාවත් ප්‍රශ්න විසඳිලා ඉවර වෙන්නේ නෑ. දැලේ ස්වභාවයත් නූපන් බව නොහටගත් බව තමා තුළින්ම හරියටම අවබෝධ වූ විට, අවබෝධ වූ ධර්මය සහ අවබෝධ වූ කෙනා යන මේ සියල්ල ඉක්ම යනවා නේද???
    නූපන් ,
    නොහටගත් ,නිරෝධ සුඤ්ඤත අදී වචන වලින් කියන්න උත්සාහ කලේ කුමක්දැයි කියා සොයන්න උත්සාහ කරන්නේ නම් යථාවබෝධය ලැබීමට
    ඇති හැකියාව,ඉඩකඩ සම්භාවිතාව වැඩියි නේද???

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 10 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @ayanthiperera9645
    @ayanthiperera9645 10 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @senithamunasinghe7847
    @senithamunasinghe7847 10 วันที่ผ่านมา +2

  • @user-vl2bs2eb6e
    @user-vl2bs2eb6e 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @sandradesilva7242
    @sandradesilva7242 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 11 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @mithiladhamithreehewavitha1816
    @mithiladhamithreehewavitha1816 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏