ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වර්මි කොම්පෝස්ට් නිෂ්පාදන පියවරෙන් පියවර පැහැදිලි කිරීම මෙමගින් සිදු කරයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มี.ค. 2023
  • වර්මි කොම්පෝස්ට් යනු?
    Eudrilus ගැඩවිලුන් විශේෂය යොදාගෙන සදාගනු ලබන කාබනික පොහොර විශේෂයකි.
    පස් මතු පිටකුණු රොඩු තුල ජිවත්වන රතු පැහැති ගැඩවිලන් උපයෝගී කරගෙන තමයි අපතේ යන කාබනික කුණුරොඩුවලින් මේ ඉතාමත් වටින පොහොර හදන්නේ .
    මේ පොහොර හදන්න ,අමුද්රව්ය විදියට පහත දේවල් අපිට උපයෝගී කරගන්න පුළුවන් ,
    • · මුළුතැන්ගෙයිඅපි එදිනෙදා ඉවත් කරන අපද්රවය
    • වල්පැල .
    • කෘමිසහ සත්ව අපද්‍රව්‍ය .
    • අහාර සැකසුම් කර්මාන්තවල අපද්‍රව්‍ය ය
    වර්මි කොම්පෝස්ට්යොදාගන්න එකේ වාසි මොනවද ?
    • ඉක්මනින්සදා ගන්න පුළුවන් පොහොරක් වීම
    • ලොවඉහලම ගුනයෙන් යුක්ත කාබනික පොහොරක් වීම
    • නිෂ්පාදනයසදහා යොදා ගන්න අමු ද්රව්ය සදහා විශාල මුදලක් වැය නොවීම
    • විෂසහිත බැර ලෝහවල ප්‍රතිශතය අවම වීම
    • ශාකවලටඅවශ්ය පෝෂණය පමණක් නොව ශාක වර්ධක හෝර්මෝන
    • ප්‍රතිජීවක,පාංශු එන්සයිම සහ හිතකර ක්ෂුද්‍ර ජීවින් අන්තර් ගත වීම
    • බෝගඅස්වැන්න ප්‍රමානාතමක්ව හා ගුණාත්මකව ඉහල නැංවීම
    • ශාකපලිබෝධවලට ඔරොත්තු දීමට හැකියාව ලබා දෙන බැවින් කාබනික
    වගාවන්ට ප්‍රයොජනවත් වීම .
    පොහොර හදන ආකාරය*
    1.මුලින්ම අපි මේ සදහා යොදා ගන්න ගැඩවිල්ලන් එකතු කරගෙන ඉමු
    කුණුගොඩක් මතට උක් හකුරු ද්‍රාවනයක පොගවා ගත් ගෝනි කැබැල්ලක් දමන්න සතියකින් පමණ ගෝනි කැබැල්ලේ යටි පැත්තේගැඩවිල්ලන් රාශියක් දැක ගත හැකි අමු ගොම සහිත බදුනකට මෙම ගැඩවිල්ලන් දමා තියන්න .
    2.ඊලගට තෘණ හා රනිල ශාක කොටස් (ග්ලිරිසීඩියා වගෙ) කුඩා කැබලි වලට කපා සතියක් පමණ ගොඩගසා ,පොල් අතුවලින් වසා මැලවීමට සැලැස්වීම .
    3. පොහොරසැදීම සදහා සිමෙන්ති ටැංකියක් හෝ බැරලයක් වැනි ඕනෑම භාජනයක් යොදා ගන්න පුළුවන්.
    4. තෝරාගත්භාජනයේ අමතර ජලය ඉවත් කරගන්න බටයක් යොදා ගන්න
    5. විශාලබදුනක් යොදා ගැනීමෙන් වර්මි කොම්පෝස්ට් විශාල ප්රමාණයක් එකවර සදා ගන්න පුළුවන් .
    6.යොදාගන්නෙ සිමෙන්ති ටැංකියක් නම් එය පිරිසිදු කර ,7.5-8cm පමණ ගඩොල් කැබලි ස්‍තරයක් ,ඊට උඩින් 7.5cm වැලි ස්තරයක් අතුරන්න ඔන
    7.ඊට උඩින් අමුගොම 15cm පමණ ස්‍තරයක් දමා ,ජලය සපයා ගැඩවිලුන් එයට දමන්න.
    8.ටැංකියේ ඉහල පොල් අතුවලින් ආවරණය කරන්න . මේ අවස්ථාවේ දි ටැංකියේ තෙතමනය 85-90% ක් තියාගන්න ඔන .එසෙ නැත්නම් ගැඩවිලුන් එම ටැංකියෙන් ඉවත් වී යා හැකියි.
    9.මාසයක් පමණ යන විට ගැඩවිලුන් ගහණය ශීඝ්‍රයෙන් වැඩි වේ අවම වශයෙන් ප්‍රමාණය දෙගුණයක් විය යුතුයි.
    10.එවිට අර මුලින්ම ගොඩගැසූ කාබනික ද්‍රව්‍ය හා දිරු ගොමපොහොර ස්තරවශයෙන් ටැංකියට ගොඩගසා ,තෙත්වන තෙක් ජලය දමා පොල් අතුවලින් ආවරණය කර තබන්න.
    වර්මි කොම්පෝස්ට් වලින් ගැඩවිල්ලන්
    ඉවත්කර ගැනීම
    1. සැදුනු වර්මි කොම්පොසොට් බදුනේ එක් පසෙකට එකතු කරන්න, අනිත් පසට ගොම සහ කාබනික ද්‍රව්‍ය දමන්න .
    2. මුල් ආකාරයටම ගොම සහ කාබනික ද්රව්ය ඇති පැත්තට ජලය අවශ්ය පරිදි එකතු කරන්න
    3. වර්මි කොම්පොස්ට් තිබෙන පැත්ත හැකි නම් හිරු එලියට නිරාවරණය කරන්න .(හිරු එලියට නිරාවරණය වීමෙන් ගුණය විනාශ වීමට ඇති හැකියාව ඇති නිසා දිගුවේලවක් හිරු එලියට නිරවාරණය කිරීමෙන් වලකින්න)
    4. සතියකට පමණ පසුව මෙම පනුවන් අමු ගොම මිශ්රණයට ගමන් කරනවා. නැවතත් අලුත් වර්මි කොම්පෝස්ට් මිශ්රණයක්මේ ආකාරයට කලින් මිශ්රණයේ ගැඩවිල්ලන්ගෙන් හදා ගන්න පුළුවන් .

ความคิดเห็น • 23

  • @vgsenevirathne434
    @vgsenevirathne434 2 หลายเดือนก่อน +3

    ගැඩවිලුන් ගෙන්න ගන්න නම් ගොම නැතත් කොම්පෝස්ට්/දිරා ගිය කොල රොඩු උනත් පාවිච්චි කරන්න පුළුවන්ද?

  • @sadaruwanchinthaka4575
    @sadaruwanchinthaka4575 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ස්තූතියි ❤️

    • @shehanagro9640
      @shehanagro9640  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️

  • @amandikithmini4707
    @amandikithmini4707 ปีที่แล้ว +2

    Very informative ❤

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 3 หลายเดือนก่อน

    Kopamana kal yanawada? Obey vadaya awasanada? Prathipalaya pahadili naha nearly? Diyarbakir pora Tika apathetic yanawa nearly. Complete project ekak forward karnna.

  • @user-vx8zx2yx2z
    @user-vx8zx2yx2z ปีที่แล้ว +2

    👍👍

  • @Nihmathullah-wf6gj
    @Nihmathullah-wf6gj 11 หลายเดือนก่อน +1

    Oyapanuwo bookaranna amaru akata wiseesa panuwo innawa

  • @viduraindrajith
    @viduraindrajith ปีที่แล้ว +3

    Kotu walin aninna EPA un marei😢

  • @fallen7473
    @fallen7473 9 หลายเดือนก่อน

    කෑම ලේයර් එකේ ප්‍රමානයට පනුවො දැම්මා මදි.ලොකු කාලයක් යනවා ඕක පනුවො කන්න.අනික පනුවො ප්‍රමානය අනුව කෑම ලේයර් එක අගලක් දෙකක් දැම්ම නම් ඉක්මනට පොහොර නිශ්පාදනය කරගන්න පුලුවන්.

  • @lifewithmemo403
    @lifewithmemo403 ปีที่แล้ว +1

    ❤️👍👍

  • @kavishkagayan9860
    @kavishkagayan9860 ปีที่แล้ว +1

    කිලෝ 1 තොග මිල කියක් විතර වෙනවද

  • @success5764
    @success5764 10 หลายเดือนก่อน +1

    මේ වැඩේ කියන තරම් ලේසි නැ

  • @samanmaleeedirisooriya3457
    @samanmaleeedirisooriya3457 7 หลายเดือนก่อน

    ගැඩවිල් පනුවෝ කන්නේ මොනවාද ??

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว +1

    Ko ithuru tika

  • @dineshsanjeewa881
    @dineshsanjeewa881 10 หลายเดือนก่อน

    ඔය පනුවෝ ඉක්මන් මදි ද වැඩේට

  • @bandulapri
    @bandulapri 11 หลายเดือนก่อน

    ඔයා විකුණනවද මේවා...

  • @sachikariyawasam4846
    @sachikariyawasam4846 ปีที่แล้ว

    👍👍