Most dangerous hike in Sri Lanka, Rassagala Hike, We were loss, Kinihira Kanda, How to survive

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2022
  • Rassagala
    How to get to Raxagala
    You can get to Dolosbage from Mawanella by going via Bulathkohupitiya, or from Colombo by going via Nawalapitiya. You will then reach Raxawa, a small village where Raxawa Estate is situated. From there, there are two paths to Raxagala: one on the left is a clear root near the tea estate's side., and the other, which goes via the tea farm, is a little more challenging. In both directions, you could hike along the tea estate's side, where there is a rock with an arrow drawing pointing the way.
    Best time to visit the Raxagala
    If you visit between January and March, the hike would be less rainy.
    How long does it take to hike Raxagala?
    Approximately it will take about 2 hours to climb up.
    History of Raxagala
    Ravana is included in many of the mountains' legends. This particular mountain has a niche. According to legend, Ravana's weapons factory was located on Raxagala Peak. The villagers claim that a fire that broke out one day in the past set fire to the iron plant. The ashes were swept away to a village below after the eruption. The village was later called Alugolla, according to legend.
    Going up this rock, as well as the stone steps along the way, gives the impression that this location has a lot of history. The placement of these stones, as well as their colors, create a stunning scene.
    රාක්ෂගල කැලේ මැද අතරමං වුන අපි.
    ඔන්න ඉතින් වෙනදා වගේම අපි දෙන්නයි අපේ යාළුවෝ දෙන්නෙකුයි කතා වෙලා උදේම පිටත් වුනා රක්ෂගල එහෙම නැත්තම් කිණිහිරි කන්ද නගින්න. අතුරුගිරියෙන් පිටත්වෙලා යාළුවෝ දෙන්නාවත් මාළඹේන් එකතුකරගෙන කෙලින්ම ගියේ ගම්පහට. ගම්පහින් පිටත්වුන අපි දොලොස්බාගේ පාරේන් රාක්ෂගලට යන්න තීරණය කලා. යනගමන් පාර දෙපැත්තේ ලස්සන බලබල ගිය අපි ඒ පාරේ තියන දියඇලි කීපයකුත් බලන්න අමතක කලේ නෑ. නළගන ඇල්ල, රිකිළි ඇල්ල රුක්මල් ඇල්ල වගේ දිය ඇලි ගොඩක්ම මේ පාරේ යද්දි බලාගන්න පුලුවන් වෙනවා.
    දොලොස්බාගේ පාරේ ගිහින් රාක්ෂාව Tea factory එකට යන පාරට හැරිලා ඒක දිගේම උඩටම ගිය අපිට රාක්ෂාව Tea factory එක ගාවට ලගාවුනා. ඒත් අපේ කරුමෙකටද මංදා එදා factory එකේ ගේට්ටුව වහලා තිබ්බේ. අපි කතා කරලා බැලුවා එතන ඉන්න කෙනෙක්ට ඒත් එයා කිව්වා ඒක අරින්න බෑ කියලා. ඒ ගේට්ටුව ඇරලා තිබ්බනම් අපිට තව ටිකක් කන්ද ලගටම යන්න පුලුවන් වෙනවා. ඕන දෙයක් වෙන්න කියලා ආපහු පහල ආපු අපි පොඩි දිය පාරක් ගාවින් Bike දෙක නවත්තලා එතන ලග තිබ්බ ගෙදරිකින් පාර අහගෙන කන්ද නගින්න පටන් ගත්තා.
    කොහොම හරි තේවතු අස්සෙන් බඩ ගාලා අපි උඩහා තියන අනිතිම ගම්මානේ ගාවට අපිට එන්න පුලුවන් වුනා. අර factory එක ගාවින් ආවනම් අපිට මෙතනටම Bike එකේම එන්න තිබ්බා. එතන ඉදන් ආපහු ගමන පටන් ගත්ත අපි ටික වෙලාවකින් කැලේ ඇතුලට යන තැනට ආවා.
    අපි ටිකක් දැනගෙන හිටියා කැලේ පාර හොයාගන්න එක ටිකක් අමාරුයි කියලා. ඒත් ඒක ගොඩක් අමාරු වෙයි කියලා හිතුවේ නෑ. කැලේ ඇතුලේ ටිකක් දුර යද්දි තමයි තේරුනේ අපිට පාර වැරදිලා කියලා. බලන බලන පැත්ත එකම වගේ. හැම පැත්තෙම මංමුලා වැල්. කොහෙන්ද ආවේ කොහෙන්ද යන්නෙ කියලා කිසිම දෙයක් හිතා ගන්න බෑ. පාර හොයාගන්න බැරුව ඉබාගතේ ඇවිදිද්දි අපිව ආපහු එලියකට ආවා. අපි හිතන් හිටියේ කැලේ ඉවරවෙලා අපිව වැටුන කියලා පාරකට. ඒත් බලද්දි අපිව ඇවිල්ලා තියෙන්නේ අපි පටන් ගත්ත තැන්ටමයි. කාට කියන්නද අපහු ඊට පස්සේ අපි පොඩ්ඩක් මතක් කරන් ගමන අපහු යන්න පටන් ගත්තා. හතරවටේම එක වගේ. කොහොමහරි ඉස්සරහට යද්දි අපිට ඒ මංමුලා වැල් තියන කැලේ පහුකරන් කැලේ ඇතුලට යන පාර හොයාගන්න පුලුවන් වුනා. ඒ කැලේ ඇතුලේ අපි පාර හොයාගත්ත විදිය මම නිකන් කියනවට වඩා video එකෙන් බලන එක හොදයි. එතකොට ඔයාලට හොද අදහසක් ගන්න පුලුවන් වෙයි.
    දැන් ඉතින් උඩට නැග්ගා වගේ කියලා හිතාගෙන අපහු ගමන පටන් ගත්තා. ටිකක් දුර යද්දි තමයි තෙරුනේ අපි ආවේ අපරදේ කියලා. සම්පූර්ණයෙන්ම පාර වැහිලා ගස් කඩන් වැටිලා. උඩට යන පාරක් හොයාගන්නවත් නෑ. ගේම අතාරින්නැතුව අස්සෙන් රිංග රිංග කොහොම හරි ඒ ටිකත් පහු කරන් අපි උඩටම ගියා. ගිය වෙලාවනම් ඇත්තටම මතක නෑ. උඩට ගියාට පස්සේ තමයි එතන ලස්සන හරියටම දැකගන්න පුලුවන් වුනේ. මේ කන්ද ගැන කතා ගොඩක් තියනවනේ. එකක් තමයි මේ කන්ද මුදුනේ ඒ කාලේ රවණාගේ යකඩ කම්හල තිබුණා කියන කතාව. තව එක එක කතා ගොඩක් තියනවා. හැබැයි මට එකක් කියන්න පුලුවන් මේ කන්ද උඩට කට්ටියට ලේසියෙන්නම් යන්න බෑ කියන එක.
    අපි රක්ෂගලට නැග්ග සම්පූර්ණම විඩියෝ එක පහලින් දාලා තියනවා. මේ කන්දත් එක්ක අපි දොලොස්බාගේ කදුපන්තියේ නගින්න පුලුවන් කදු තුනම නැගලා ඉවර කරන්න පුලුවන් වුනා. ඒවගේ link ටිකත් පහලින් දාන්නම්.
    රාක්ෂගල හෙවත් කිණිහිරි කන්ද
    • Most dangerous hike in...
    පුංචි දානිගල
    • Dolosbage mountain Ran...
    කබරගල
    • One day trip to Kabara...
    එහෙනම් තවත් ලස්සන තැනකින් අපහු හම්බවෙමු.
    මම හිතනවා මේ video series එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා.
    එහෙනම් ගිහින් එන්නම්.
    Are you ready to get excited?
    Click on Subscribe Button and also click the Bell Button to getting excited with us.
    Facebook: excitedhours...
    Instagram: / excited_hours
    "Take only memories, Leave only footprints"
    Edited in Premiere 2020
    Adobe Photoshop
    ----------
    Thanks for watching!
    #rassagala
    #dolosbagemountainrange
    #excitedhours
    #rassagalahike
    #rassagalamountain
    #Raxagala
    #kinihirikanda
    #kinihira
    #nawalapitiya
    #dedugalaroad
    #nalaganaella
    #rikiliella

ความคิดเห็น • 8