Piyawaru | පියවරු -[official lyric video 2021] පෝරුව ළඟ ඉකිබින්ද වෙස්සන්තර හිතක විලාපය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Listen On Spotify
    open.spotify.c...
    Listen On Apple Music
    / suvini-sudhasni
    ""පියවරු""
    (පෝරුව ළඟ ඉකිබින්ද වෙස්සන්තර හිතක විලාපය..)
    Artist | Suvini Sudhasni
    Lyrics | Shashika Sadeep
    [ හීන with shashi ]
    Music | Deepathy Jayasuriya
    Recorded | Kasun Neligama
    Mixed & Mastered | Deepathy J @ DnS Studioz
    Flute | Indika Rajintha
    Guitars | Kapila Kosala
    Percussions | Ruwan Chandradhipathi
    Keys & Programmed | Deepathy Jayasuriya
    Graphics | Evantha Harshana
    Visualized | DnS Studioz
    Model | Sunil Fernando
    Cover Photo Credits
    Lal Kumarasiri
    Vimukthi Madhushana
    Rashmi Nimosha
    Biyanka Kumarasiri
    Kavinda mAdhumadhawa
    Special Thanks | Teshan Sadeep..
    Follow us,,
    1 - TH-cam
    www.youtube.co....
    2 - Instagram
    / heenawithsashi
    3 - Facebook page
    / shashika.sad. .
    4 - Facebook Group
    / 75641. .
    5 - Tik Tok
    / heena_with_sh. .
    subscribe the channel and stay with us.
    Heena with shashi
    ඇහැට කනට නොව හදවතට ❤️

ความคิดเห็น • 1.6K

  • @heenawithshashi9109
    @heenawithshashi9109  ปีที่แล้ว +2

    Now you can listen this song on
    Spotify 👇👇
    open.spotify.com/album/1eSJJjUSQcBrcvRmPb02mS?si=8F4MLtXuRXWCiCxkAf38yQ
    Apple Music 👇👇👇
    music.apple.com/us/artist/suvini-sudhasni/1693972107

  • @nilanthiwijesekara9874
    @nilanthiwijesekara9874 3 ปีที่แล้ว +326

    කෙල්ලෙක්ගෙ රූපෙ දිහා බලන්නැතුව ලස්සන වුනත් කැත වුනත් කෙල්ලෙක්ට පිවිතුරු ආදරේ දීපු එකම කෙනා තාත්තා❤️❤️❤️

  • @manujimadhushika745
    @manujimadhushika745 3 ปีที่แล้ว +1274

    බෑණාගෙන් තාත්තාට,,
    අම්මලා කුස දරන් විලිරුදා
    මැද්දෙලූ,,
    පුතු පැටව් ඉල්ලලා කාසි ගැට
    ගැහුවලු,,
    නොකිව්වට බෝ සෙවනේ දුවෙක්වම පැතුවලු,,
    යටි සිතින් ඉල්ලූ මල මට දුන්නේ මෙහෙමලූ,,
    තරුවලට එළිය දුන් හිරුත් ඇගේ නුඹයිලු,,
    ඈට මං සඳක් වගේ ඈ හෙව්වේ හිරුවලූ,,
    පපුව මැද කකියද්දී ඈව
    ඉල්ලුවාලූ,,
    රෝස මල මට නුඹේ අද දෙන්නේ එහෙමලූ,,
    සිංහයෙක් වගේ ඈට හයිය දුන්
    අප්පලූ,,
    වැහැරුනත් උණුවෙලා නුඹේ දූව රැක්කලු,,
    පෝරුවෙදී නුඹගේ ඒ කඳුළ මං දැක්කලූ,,
    මට දීලා නුඹේ දූව හොරෙන් නුඹ හැඩුවලූ,,
    ගහේ පිපී නුබේ මල අද මටම
    හිමිලූ,,
    ඉකිගසා සිංහයෙක් මුල්වරට
    හැඩුවලූ,,
    පෝරුවට නග්ගලා දූවෙක්
    දන්දුන්නලූ,,
    ඇස් පියන් මමත් නුඹේ දූව රැකගන්නෙලූ,,
    පිරිමි හිත් කවදාහරි දියවෙන්නේ ඔතනලූ,,
    මට වුනත් තාත්තේ උරුම ඒ
    දේමලූ,,
    නුඹේ දූගේ කුසින් දූ පැටියෙක් ගෙනෙයිලූ,,
    සීයෙක්ව කරලා නුඹ කඳුළ නවතන්නෙලූ,,
    මනූ📝

  • @piyumijayasingha6057
    @piyumijayasingha6057 3 ปีที่แล้ว +595

    දුවෙක් වෙනුවෙන් මහා බරක් හිස මත දැරූ..
    සද්දන්ත කුලේ ඇත් රජුන් වෙති පියවරූ...
    මගෙ තාත්තා මට නැති වෙද්දින් මට අවුරුදු එකහමාරයි. මට තාත්තව මතක නෑ. ඒත් මේ සින්දුවේ වචනයක් ගානෙ මට මගෙ තාත්තව මතක් උනා. තාත්තා මගෙ ලග හිටියා නම් කියලා හිතුනා. රට වෙනුවෙන් දිවි පුදපු මගෙ තාත්තට උපහාරයක්ම වේවා.🙏🙏 ගොඩාක් ස්තූතියි ශෂී අයියේ. 🙏🙏

  • @lasanthikagayani7827
    @lasanthikagayani7827 3 ปีที่แล้ว +304

    තාත්තගෙ ආදරේ තමයි ගැහැණු ළමෙක්ට ලැබෙන පූජනීයම ආදරේ❤️🙏

    • @sumudupriyanthika9946
      @sumudupriyanthika9946 ปีที่แล้ว +3

      Mage raththaran thaththa mage panata samai Yana para niwaradi Kara wetena hema witama passen idan eseuwa hemadama Naya geti mama mage thaththata budu baya lebanna pin eti mage thaththa b s

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว +130

    උද්දිකාරෝ ආලිංගිත්වා
    චුම්බිත්වා පිය පුත්තකං
    රාජමජ්ඣං සුපතිට්ඨං
    පිතුපාදං නමාමහං.....

    • @paramibhagya6840
      @paramibhagya6840 3 ปีที่แล้ว

      ♥♥♥♥♥

    • @theruni2145
      @theruni2145 3 ปีที่แล้ว +3

      ගොඩක් අය ගාතාව කියන්නෙ වරද්දලා .

  • @nirodanikaushalya5070
    @nirodanikaushalya5070 ปีที่แล้ว +54

    දුවෙක්ගේ ලෝකේ එකම වීරයා,එකම අවංක ආදරවන්තයා තාත්තා 🌎😍

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 3 ปีที่แล้ว +236

    සිංහල මේ තරම්ම ලස්සනද කියලා විතරයි හිතුනේ...💜💜💙💙

  • @BeHappy-rf6ny
    @BeHappy-rf6ny 2 ปีที่แล้ว +35

    "එක රෝස මලක් හරි ඉල්ලූවා පියවරු" අයියලා තුන් දෙනෙක් ලග නංගීයෙක් මම. උපේක්ෂා සෙව්වන්දී(බලාපොරොත්තුවේ රෝස මල)කියලා නම දාලා මට. මේ සිංදුව අහද්දී මගේ තාත්තා ගැන කියනවා වගේ දැණුනා 🌍💝

    • @jagathwickramasinghe341
      @jagathwickramasinghe341 12 วันที่ผ่านมา

      මමත් අයියල තුන්දෙනෙක්ගෙ නංගියෙක්

  • @nipunimadhushika5774
    @nipunimadhushika5774 3 ปีที่แล้ว +231

    එයාගෙ වටිනම වස්තුව වෙන කෙනෙක්ට දීලා හිත හදාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ තමයි "" තාත්තා "".ආදරෙයි 🙏🙏😞😞😞

    • @ns6705
      @ns6705 3 ปีที่แล้ว +1

      Sira katawa bn.

    • @manoshikamano9263
      @manoshikamano9263 3 ปีที่แล้ว +2

      Mawa ehema danna mage thaththa naha godak dukai.. ......

    • @sanojasadhamali9706
      @sanojasadhamali9706 3 ปีที่แล้ว +1

      ඒකට නම් ඇඩෙනවා

    • @nipunimadhushika5774
      @nipunimadhushika5774 ปีที่แล้ว +1

      අවුරුද්දකට කලින් මං මේ comment එක දාද්දි මං හිතුවේ නෑ තාත්තා මාව දාලා යයි කියලා...💔

  • @nimanthiapsara2364
    @nimanthiapsara2364 3 ปีที่แล้ว +113

    "නෙලද්දී හොදම මල
    ගහක සුවදට තිබූ
    මුදුන් මුල හඩන හැටි
    දුටුවේ නෑ කිසිවෙකු "

  • @heenawithshashi9109
    @heenawithshashi9109  3 ปีที่แล้ว +887

    අපේ අළුත් ගීතය ""පියවරූ"" රසවිඳපු ඔයලා හැමෝටම ගොඩක් ස්තුතියි.අපේ කලින් ගීත වගේම මේ ගීතයත් ඔයාලා විදින්න ඇති කියලා හිතනවා.ගීතය ගැන ඔයාගෙ අදහස යටින් comment එකක් දාගෙන යන්න.අපි ඉක්මනින්ම ඔයාලගේ comment වලට reply කරන්නම්..
    හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ ගීතය රස විදලා ඔයලා දන්න හැමෝටම link එක share කරලා දෙන්න.ඒක තමයි ඔයාලට අපි වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ.ඉතිං අපි හිතනවා කලින් ගීත වගේම මේ ගීතයත් ජනගත කරන්න ඔයලා මේ link එක share කරලා අපිට උදව් කරයි කියලා..
    ඉක්මනටම අපි ඔයාලගේ comment වලට reply කරන්නම්.එතකන් song එකේ link එක ඔයාලා දන්න හැමොටම share කරලා අපිට චූටි උදව්වක් කරන්න..
    හැමෝටම ඉක්මනටම reply කරන්නම්.
    තෙරුවන් සරනයි..❤️
    ..Heena with shashi..

  • @piyumisandaruwani2283
    @piyumisandaruwani2283 3 ปีที่แล้ว +38

    මගේ තාත්තා මේ කියන විදිහේ කෙනෙක් නොවුනත් මේ ගීතය අහද්දී ලොකු දුකක් වේදනාවක් දැනුනා. සංසාරේ කරපු පිනකටයි ඔය වගේ තාත්තාලා ලබන්නෙ. ඒ නිසා පුංචිවත් දුකක් දෙන්න එපා එහෙම දෙවිවරුන්ට. 😥

  • @virashamudunkotuwa2138
    @virashamudunkotuwa2138 3 ปีที่แล้ว +637

    Shashi මං හරි බයයි ඔයාගෙ සින්දු අහන්න, කදුලු හන්ගගන්න බෑ කවදාවත් ඔයාගෙ සින්දු අහද්දි, ❤️

    • @hasarakarunanayake8136
      @hasarakarunanayake8136 3 ปีที่แล้ว +7

      Aththamai math bayai oyage sindu ahanna. Adath mawa adewwa oya

    • @umalisathyangani7468
      @umalisathyangani7468 3 ปีที่แล้ว +4

      මාත්

    • @sew4608
      @sew4608 3 ปีที่แล้ว +5

      Eka aththa...music ekata pawa papuwa ridenawa

    • @hashinifernando3990
      @hashinifernando3990 3 ปีที่แล้ว +3

      ඇත්ත

    • @wasana8293
      @wasana8293 3 ปีที่แล้ว

      Saththakinma ow sahodariye,oya hariyatama hari..😥😥

  • @randikaprashadimaddumage2155
    @randikaprashadimaddumage2155 3 ปีที่แล้ว +31

    "සැර වෙද්දි අම්මලා අතට ගෙන දඬු පොලු...
    තාත්තගේ තුරුලෙමයි නැලවුනේ දූවරූ..."❤️😘😭🌸

    • @subodhawijayakumara6638
      @subodhawijayakumara6638 2 ปีที่แล้ว +2

      දගලද්දි දුව දුවා අහසේ සේරම තරු...
      හද මිසක තරු වලට රැව්වෙවත් නෑ හිරූ...

  • @Chamali_Perera
    @Chamali_Perera 3 ปีที่แล้ว +212

    ඇත්ත🥺♥️ තාත්තා කියන්නෙම කවද හරි වෙන කාට හරි අයිති වෙන බව දැන දැනම රතු රෝස මලක් නොතලා හදන ඇත් රජෙක්🌸💕

    • @chamindasri6538
      @chamindasri6538 2 ปีที่แล้ว

      Ettatama eka beluwama ess walata

    • @chamindasri6538
      @chamindasri6538 2 ปีที่แล้ว

      Kadulu awa.mokada mamat e ath dekima widapu kenek.mamat mage tattata pana wage adarei.duwek hadala wena kenekta denakota koitaram wedanawak denenna etida.

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 ปีที่แล้ว +177

    අයියේ ඔයාගේ මේ සිංදුව ඇහුවාම මට මතක් උනේ මගේ අම්මාව.හේතුව තමා මන් තව මාස 3කින් කසාද බදීනවා. මගේ තාත්තා රට වෙනුවෙන් රටේ හැම අම්මෙක් තාත්තෙක් දුවෙක් පුතෙක් වෙනුවෙන්ම අපිව දාලා ගිහිල්ලා දැනට අවුරුදු 22ක් වෙනවා. දැන් මට අවුරුදු 24ක්.මාවයි, අයියවයි, නංගිවයි බලා ගන්න මගේ අම්ම්ට තාත්තගේ පඩිය තිබුනා තමා, එත් මේ ලෝකේ දරුවො තුන් දෙනෙක් එක්ක තනි වෙනවා කියන එක හිතා ගන්නත් අමාරු දෙයක් .මගෙ අම්මා ඒ අත්දැකීම වින්දා.ඉතිං අයියේ තව මාස තුනකින් මං බදිද්දී මගේ පෝරුව ඉස්සරහ හිට ගන්න අම්මට වගේම තාත්තට ඉන්නෙත් මට මගේ අම්මා විතරයි.ඒකයි මට මගේ අම්මව මතක් වුනේ.මං හොදටම දන්නවා මං වගේ දූලා මේ රටේ තව ගොඩාක් ඇති.
    ඉතිං අයියේ මං ඉල්ලනවා පුලුවන්නම් ඒ දූලගේ අම්මලා වෙනුවෙනුත් මේ වගේ ගීතයක් නිර්මාණය කරන්න කිය්ලා.එහෙම නිර්මාණය කරන්න පුලුවන්නම් ට්ගව මාස 3කට කලින් ඒක කරන්න .මං අනිවාර්යයෙන්ම මගේ wedding එක දවසෙදී හැමෝටම ඇහෙන්න එක කියනවා. පුලුවන්නම් ලොකු දෙයක් .මට reply එකක් අනිවාර්යයෙන්ම දාන්න.
    ඔයාගෙ හැම සිංදුවක්ම ඇහුවා. ඒ හැම එකක්ම වගේම මේකත් හිත පතුලටම දැනුනා. ඇත්තටම අයියගේ සිංදු භාවනාවක් වගේ

    • @prasangikaherath1939
      @prasangikaherath1939 3 ปีที่แล้ว +5

      ඔව්

    • @Thilani
      @Thilani 2 ปีที่แล้ว +6

      Thaththek nathuwa mamath daruwo thundenek hadanawa.mata duwala dennek innawa eyalata mkta inneth man vitharai.eyalata wadiya mn adanawa.puluwannam githayak matath ekk .eth me thaththa jiwath welath daruwo dalagiya piyek

    • @priyankawickramarathne3574
      @priyankawickramarathne3574 ปีที่แล้ว

      Thaththa nethi wela ayurudu 35 gatha unath thamath dukama thama denenne mage thatha mata sakviti raja kenekmai me sansarr mathu ipadena hema wsrems mage thatha magrma wewa thatha nethi sdupafuwa kisima kenekuta pursesnna be

    • @gayanimadushani2466
      @gayanimadushani2466 9 หลายเดือนก่อน

      ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ ඔයාගේ නිර්මාණ හැම එකක්ම බැලුවා ,තව අපි වෙනුවෙන් නිර්මාණ කරන්න

  • @ed5657
    @ed5657 3 ปีที่แล้ว +58

    තාත්තා කියන්නේ හැමදාම දුවෙක්ගේ ලෝකයේ වීරයෙක් ...

    • @CRDA-lp3mg
      @CRDA-lp3mg 3 ปีที่แล้ว +1

      Yek nemei....veeraya...ekkenaie ee thaththa vitaramaie...

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +10

    නොපෙනුන සෙනෙහස.
    ගැඹුරුම සෙනෙහස.
    උතුම්ම සෙනෙහස.
    දැනුනිද සෙනෙහස.
    මුවගින් නොපෙනුන.
    වචනෙන් නොකිවුන.
    හදවත සැගවුන.
    දහමකි සැනහුන.
    පියෙකුගේ ගුනකද
    කෙසේ ලියන්නද
    නොදනිමි කෙලෙසද
    අකුරු කරන්නද
    නෙතගින් හැඩුනා..
    කදුලැල් ගැලුනා..
    පද වැල් ගැලුනා.
    සෙනෙහස දැනුනා.😭😭😭😭
    ජාති ජාතින් මගේ පියා මට හමු වේවා.!.🙏🙏🙏
    සියලුම පියවරුන්ට බුදුන් දැක නිවන් දකිත්වා.!.🙏🙏

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +91

    තාත්තගෙ තුරුලෙමයි නැලවුනේ දූවරු 😔🙏💖

  • @mayuradhammika1074
    @mayuradhammika1074 2 ปีที่แล้ว +10

    කිසිදවසක කදුලක් හලන් නැතුව ඔයා⁣ගෙ සිංදු අහන්න බෑ.කවදහරි දවසක මගෙ තාත්තගෙ ඒ ආදරෙන් උණුහුමෙන් මිදිල යන්න වෙනවනෙ කියල හිතෙද්දිනුත්.............................😭

  • @pramodyasamarakoon2702
    @pramodyasamarakoon2702 3 ปีที่แล้ว +119

    සෑම පියරජෙක්ටම දීර්ඝායුශ ලැබේවා❣️❣️

  • @user-rs2mx7mc1b
    @user-rs2mx7mc1b 2 ปีที่แล้ว +15

    සැරවෙද්දි අම්මලා
    අතට ගෙන දඩු පොලු
    තාත්තගෙ තුරුලෙමයි
    නැලවුනේ දූවරූ😞❤️✊

  • @nuwanthimadushanidelpagoda4651
    @nuwanthimadushanidelpagoda4651 3 ปีที่แล้ว +41

    තාත්තලාට තියෙන්නෙම වෙස්සන්තර හිතක්.වෙන කෙනෙක් නෙලන බව දැන දැනම, මලක් පරිස්සම් කරන්න අනේකවිද දුක් විඳින පාරමිතාවක්..

  • @sathyajayasooriya1447
    @sathyajayasooriya1447 3 ปีที่แล้ว +20

    අප්පච්චී..❤️
    වසර එකොළහක් අදටත්
    නුබ නැතුව ...
    පහේ පන්තියේ උන්නු මට
    එදා ඉදන්ම
    නුබ එන බව මා විස්වාස කලා...
    අදටත් එහෙමමයි ..
    මාලග ජීවත් වන බව මා දන්නවා ..
    ඒ උණුහුම තාම දැනෙනවා ..
    දෝණිට අප්පච්චි මුලු ලෝකයක්
    ❤️❤️❤️❤️❤️
    හදවතට කතා කරන අපුරු පැදි පෙලක් ...
    ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..!❤️❤️❤️

  • @buddhikapradeep5847
    @buddhikapradeep5847 3 ปีที่แล้ว +160

    පියෙක් නොවී පියෙක් වෙන්න පුළුවන් කවියෙකුට විතරයි ...
    තවත් අමරණීය නිර්මාණයක් ..
    ජයවේවා මගෙ මිත්‍රයො හැමෝටම ♥️♥️

  • @nilanthiwijesekara9874
    @nilanthiwijesekara9874 3 ปีที่แล้ว +6

    ගොඩක් අය තමන්ගෙ ආදරේ ගැන කතා කරද්දි තාත්තව අමතක වෙනව....ජීවිතේට පිටින් ආපු මිනිස්සු නෙවෙයි තමන්ගෙ තාත්තයි මේ ලෝකෙ කරන්න පුලුවන් උපරිම කැපකිරීම කරන්නෙ.....දුවෙක් ආරක්ශා කරනව කියන දේ ලේසි නෑ....හැම වෙලේම හිතේ ගින්දර දරාගෙන තාත්ත අපිව සැනසුව ....ඒ මුදුන් මුල නැති උනානම් අද මේ තැන නෑ..සියලුම පියවරුන්ට දීර්ගායුශ ලැබේවා...❤️❤️❤️

  • @ranushiamanda4188
    @ranushiamanda4188 3 ปีที่แล้ว +88

    කවද හරි තමන්ට අයිති නෑ කියලා දැනගෙන හරි අපූරුවට මලක් වගේ ලස්සනට දූවරු හදන දූවරුන්ගෙ ලෝකෙ රජ්ජුරුවෝ තාත්තා🥺🥺❤..පුදුම ලස්සනයි වෙනදා වගේමත්..❤

  • @isharamaduwantha7796
    @isharamaduwantha7796 3 ปีที่แล้ว +6

    අද මම දැක්කෙ ඔයාගේ මේ ලස්සනම ලස්සන වීඩියෝ ටික .ඔක්කොම අහුවා එක දිගටම.මේ වගේ ගීත අහලම නැහැ .මගේ ඇස් වලට එන කදුලු නවත්ත ගන්න බැරි උනා මට

  • @bhagyameeriyagalla5761
    @bhagyameeriyagalla5761 3 ปีที่แล้ว +82

    ගොඩක් සංවේදී උනා 😭😭😭😭❤️ ඇඩෙනවා 😭 තවම ඒ අත්දැකීම නැති උනත් 😭😭

  • @ravindusoysa3217
    @ravindusoysa3217 3 ปีที่แล้ว +23

    තාත්තෙක් වෙන්න මට තව ගොඩාක් කල් ඉන්න උනත් මගේ ජීවිතෙත් එක ලස්සන හීනයක් තමයි දුවෙක්ට තාත්තෙක් වෙන එක.

  • @virajinimeshika
    @virajinimeshika 3 ปีที่แล้ว +70

    මේක බලද්දි ඇහැට කඳුලක් ආවෙ නැත්තන් ඒ මනුස්සයෙක් වෙන්න බෑ 🥺 අම්මටයි තාත්තටයි එක වගේම ආදරෙයි කිව්වට හිතට එකඟව බැලුවොත් ඇත්තටම දුවෙක් විදියට මම ගොඩක්ම ආදරේ තාත්තට 🙁😪💚

  • @nayanipalansuriya6097
    @nayanipalansuriya6097 3 ปีที่แล้ว +13

    කවදාවත්ම කඳුළු නොපෙන්නා
    ලෝකෙටම.....
    හිතේ හයියෙන්ම ඇඬුවේ පියවරු.......
    දුවෙකුගේ බරක් හිසමත දරාපු...
    තාත්තා බුදුකෙනෙකි....
    පෙරුමන් නොම පිරූ ❤❤

  • @nilanthikumari7526
    @nilanthikumari7526 3 ปีที่แล้ว +62

    "තාත්තා" ආදරේ නොකියා මේ ලෝකේ ආදරේ කරන එකම කෙනා.. කවදාවත් ආදරෙයි කියලා වචනෙන් නොකීමුත් හදවතින් මහා ගොඩක් ආදරේ කරන කෙනා.. තාත්තාගේ ආදරේ තිබුණෙම නොකී වචනවල.. කරගැට දාපු අත් කියයි ආදරේ තරම දරුවොන්ට තියෙන.. ලේ කිරි කරලා පොවන්න පුලුවන් උනා නම් ඒකත් කරනවා දරුපෙම වෙනුවෙන්.. මේ සිංදුව අහද්දී මට මතක් උනා පුංචි කාලේ තාත්තා කොහේ ගියත් එනකම් ඉන්නවා එයාගේ ඔඩොක්කුවේ නිදාගන්න.. ඇත්තමයි අයියේ ඔයාට ගොඩක් ස්තූතියි
    මව්වරුන් පමණක් නොවේ පියවරුත් මතු බුදු වෙන්නම ඕනේ.. හැම තාත්තා කෙනෙක්ටම දිඝායු වේවා...!!!

  • @luckypriyaa7156
    @luckypriyaa7156 3 ปีที่แล้ว +21

    දුවෙක් වෙනුවෙන් විතරද, පුතෙක් වෙනුවෙනුත් තාත්තෙක් දැරුවේ මේ මහ බරම තමයි..❤❤

  • @bagira3950
    @bagira3950 3 ปีที่แล้ว +49

    තාත්තා ඉල්ලපු රෝස මල මං තමයි ඉතින් 😍😍😍

  • @nisansalaranasinghe5542
    @nisansalaranasinghe5542 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි හරිම දුකයි 😔😔😔 තාත්තලා නැති දුවලාට කොච්චර නම් දුකක් ඇතිද ලස්සනම දිනයේ 😔😔

  • @mymmm9789
    @mymmm9789 3 ปีที่แล้ว +27

    තාත්තගෙයි දුවෙකුගෙයි බැදීම කියන්නෙම වචනයෙන් කියන්න බැරි හරිම අපූරු බැදීමක්.❤️ පුංචි කාලේ ඉදන් වෙනස් නොවුනු තාත්තගෙ ඒ ආදරේ මට නම් මහමෙරක්❤️ ඒ බැදීම ගොඩාක්ම දැනෙන දවසක් තමයි විවාහ වෙන දවස. ඇත්තටම පුදුම වචන ටිකක්❤️ හරිම ලස්සනයි 💚

  • @madhukekulandara7799
    @madhukekulandara7799 3 ปีที่แล้ว +8

    ආයෙමත් පියබුවා මගේ හිත
    ආයෙමත් ඒ දිනට..
    වසරක් පිරෙන්න ලග ලගම එන
    එ දිනට..
    පොරුවේ අබියසට
    අප්පච්චි දොනිව දන් දුන්න...👰

  • @dilinijayamali7523
    @dilinijayamali7523 3 ปีที่แล้ว +27

    හැමදාම වගේ හිත රිද්දනවා කියලා දැන දැනත් පුරුද්දට අහනවා මග ඇරලා යන්න බැරි කමට. ඒ අහලා අපේ හිත අපිම පාර ගන්නවා ඇස් දෙකේ කදුළු තදකරන්....
    ❤️️🌼❤️

  • @neeliyaabeysekara4547
    @neeliyaabeysekara4547 3 ปีที่แล้ว +2

    කිරි නොමැති තෙත පපුව මැද්දේ
    තිබුණි පායා හිරු, සඳු
    සෙනෙහසට තව කුමන උපමා
    ජිවිතේ දුන් වෙසතුරු
    කිසිත් නොපැතූ විසල් රුකකිය
    අනුන් වෙනුවෙන් පල දැරූ
    තාත්තලගේ ඇහේ පතුලේ
    දූලා දැක්කා දෙවිවරු....
    ඔයාගේ නිර්මාණය හරිම සංවේදීයි.
    මම කවියෙක් නොවුනට මේ සංවේදීකම ඉදිරියේ දුවෙක් විදියට
    පුංච් කවියක් ලියවුනා.
    ඔබ දක්ෂයෙක්, ඉදිරියටම යන්න
    සුභ පැතුම්!!!

  • @Janani_Chamodya23
    @Janani_Chamodya23 3 ปีที่แล้ว +39

    තාත්තගේ තුරුලෙමයි නැලවුණේ දූවරු ❤️❤️❤️❤️

  • @seww113
    @seww113 3 ปีที่แล้ว +7

    උද්ධිකාරෝ ආලිංගිත්වා
    චුම්බිත්වා පියපුත්තකං
    රාජ මජ්ජං සුපටිත්තං
    පීතු පාදං නමා මහං.....!!
    ....පියවරු.......❤️
    _පෝරුව ළඟ ඉකිබිඳින වෙස්සන්තරලගේ විලාපය_
    විලි දරන් හතර පස් වතාවක් මව්වරු
    බිහිකරත් ඇත් පැටවු සනුහරේ නම් දැරූ
    ළං වෙලා මහ රෑට හොර හොරෙන් කොඳුරපූ
    එක රෝස මලක් හරි ඉල්ලුවා පියවරු....
    දඟලද්දි දුව දුවා අහසෙ සේරම තරූ
    හඳ මිසක තරු වලට රැව්වෙවත් නෑ හිරූ
    සැර වෙද්දි අම්මලා අතට ගෙන දඬු පොලූ
    තාත්තගෙ තුරුලෙමයි නැළවුනේ දූවරූ...
    ඇති ඇතී කියද්දිත් මහ රැයෙ විත් සඳූ
    නොනැවතී ඇඟෙන් මතු උනා උණු දා බිඳූ
    දුවෙක් වෙනුවෙන් මහා බරක් හිස මත දැරූ
    සද්දන්ත කුලේ ඇත් රජුන් වෙති පියවරූ....
    _බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං_
    _ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං_
    නෙලද්දී හොඳම මල ගහක සුවඳට තිබූ
    මුදුන් මුල හඬන හැටි දුටුවෙ නෑ කිසිවෙකූ
    දන් දිදී දෝතින්ම උකුලෙ උන් දූවරූ
    සාදු කිව්වා ඉතින් ඇස් මරන් පියවරූ....
    සෙනෙහසින් පිදුව මුත් සඟවගෙන රැකි මුතූ
    ඒ තමයි වටින දේ බෙල්ලෙක්ගෙ ළඟ තිබූ
    දන් දිදී පිං කළෙත් වෙන්න හෙට මතු බුදූ
    මියෙනතුරු පියවරුන් හෙව්වලු හීන වල රෑ දූවරූ...
    ඇහැට කඳුලක් ආවා වචන ටිකට..😢❤️

  • @sajanihansika6519
    @sajanihansika6519 3 ปีที่แล้ว +41

    සද්දන්ත කුලේ ඇත් රජුන් වෙති පියවරූ❤️❤️

  • @harshaniramanayake8490
    @harshaniramanayake8490 3 ปีที่แล้ว +11

    ඇත්ත , දුවෙක් ඉන්න හෑම තාත්තා කෙනෙක්ගෙම හිනයක් තමා තමන්ගෙ දුව ලස්සන මනාලියක් වෙන එක. එත් එ හිනෙ ඇතුලෙ කාටවත් වාඩා විදවන්නෙත් තාත්තලාම තමයි.

  • @sandunisalgama7850
    @sandunisalgama7850 3 ปีที่แล้ว +30

    ඒ විනාඩි කීපය හරි අමාරුවෙන් හිටියේ දෙවියනේ..ඒ වචන නිකම් පපුවට උලකින් ඇන්නා වගේ..වචන ගළපගන්න බෑ ශශික අයියේ.හිත සන්සුන් වුණාම අදහස කියන්නම්..ඒ තරම් ම හිත ඇවිළුණා ඒකට 😥❤️

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 3 ปีที่แล้ว +42

    සින්දුව පටන් ගන්නත් කලින් ම ඇස් දෙක තෙත් වෙලා මුලු ඇඟම හිරි වැටිලා රෝම කූප කෙලින් උනා.. ඒ තරම් ♥️👈 මෙතනට දැනෙනවා..

  • @thiliniimalka7514
    @thiliniimalka7514 3 ปีที่แล้ว +36

    සැර වෙද්දි අම්මලා අතට ගෙන දඩු පොලු...තාත්තගෙ තුරැලෙමයි නැලවුනේ දූ වරෑ...😟💖 ගොඩක් ආදරෙයි තාත්තා...මොන වැරද්ද කරත් හැමදාම ඔයා මාව බේරනවා.💖

    • @rexieperera468
      @rexieperera468 3 ปีที่แล้ว +1

      Harima lassana. Song. My daughter also married. Last january

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 3 ปีที่แล้ว +10

    මහාමෙර වැනි බර සිතින් උහුලනා
    කදුලැළි සමුදුර නෙතින් සගවනා
    දරු දුක උහුලා තනිව වැලපෙනා
    බුදු බව ලබනා පියවරු වෙසෙනා...

  • @nuwanthikajayawardane1371
    @nuwanthikajayawardane1371 3 ปีที่แล้ว +101

    හීන with shashi වෙත ලියමි...
    මම මෙහි ගීත සියල්ලම රස විඳ ඇත. එහෙත් පලමු කමෙන්ටුව දමන්නේ අදය. මින් පෙර ලියා මකා දැමු කමෙන්ටුව අයිති වූයේ "නුවර ගමන"ටය. සමහර ගීත අතර මම විටෙක අසා අත්විඳි වචන පවා එහෙම පිටින්ම තිබුනේය. ඒ වෙලාවට හිතන්නටත් කලින් කඳුලු වැටුනු වග කිව යුතුය. දකින අහන බොහෝ ගීත අතර මේවා ලඟ තබාගන රස විඳින්නට තරම් සුපිරි බවිනුත් එහා ඇති බව කිව යුතුමය.ඇතැම් විටක එකම ආකාරයේ සංගීත රටාවක් ඇති බවක් හැඟුනද ඒ බව මා නොසලකා හැරියේ මට ඇති සංගීත දැනුම අල්ප නිසාවෙනි. මා ඇතුළු මගේ සගයින් සියලු දෙනාම ඔබගේ වචන ගේය පද පිළිබඳ කතා කරති.සංවාද කරති. විශේෂයෙන්ම අගය කරති. මන්ද් යත් ඒ වචන රහ බැවිනි. පපුවේ කොනකටම ගොස් අතීත මතකයක් හාරා බලන්නට ඒ වචන වලට හැකිවූ වාර අනන්ත ඇත. මෙය කියවාවිදැයි නොදැන වූවත් මම මෙසේ ලියා තබමි. ගීත රසය. එක වරක් අසා වචන මතක නැති වූවත් ඇස් පියාගන හිතට දැනෙන හැඟුම සිය පාරක් වුව විඳිය හැකි තරම් රසය. සංගීතයද එසේමය. නොගැලපෙන තැන් දැක නැතුවාම නොවෙය. උදාහරණයක්ට, මෙහි පියකුගේ විලාපය වචනය ගැලපෙනවාද යන්න ටිකක් විතර පැනයක් ඇත. දුක මහාමේරු පර්වතය තරම් වුවත් එහීදී ඇති රසය ශෝකී රසය නොවේය..එය දන්නේ දුව දීග දුන් තාත්තෙක්‍‍ය. තවද චන්දරේ ගීතයේ ඇසූ සංගීත මුසු කිරිම මා ඇසූ විශිෂ්ටතම රචනයකි.. ඔබ ඉදිරියේ මගේ අදහස් ගලපන්නට තරම් මම වචන වලින් පොහොසත් නොවෙමි. කෙසේ වුවද මෑත කාලයේ මා දැඩි ලෙස ලෝබ කරන කවි ගීත රචකයන් අතර ඔබ ඉදිරියෙන්ම ඇත.
    සංගීත රටා ගීතයෙන් ගීතයට යම් පමනක් හෝ වෙනස් කිරීමට හැකිනම් යන්න සිතුන අවස්තා ඇත. කෙසේ වෙතදු මා අදහස් ප්‍රකාශ කරනුයේ මාගේ දැනුමේ තරමට බැවින් එහි වරදක් තිබේනම් නොසලකා හරින් මෙන් ඉල්ලා සිටිමි.. ඉදිරි දිනයක මෙයටත් වඩා සොඳුරු සියුම් ගීතයක් බලාපොරොත්තු වෙමි
    - දනූ-

    • @shashikalamaduwanthi8594
      @shashikalamaduwanthi8594 3 ปีที่แล้ว +3

      මටත් ekama akurakvath adu නැතුව දැනුණා , 😔

    • @devindu
      @devindu 3 ปีที่แล้ว +1

      🙂🙂

    • @satp9197
      @satp9197 3 ปีที่แล้ว

      🙏🙂🙂🙏

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 3 ปีที่แล้ว +1

      Oya Hari

    • @annabell1098
      @annabell1098 3 ปีที่แล้ว

      Oyata lassanata liyanna puluwan a liyapu tika harima rahai kalathmakai.

  • @strongfoundationenglish5585
    @strongfoundationenglish5585 3 ปีที่แล้ว +8

    “සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් ඒ බර මට දැනුණේ
    මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ”

  • @chathushkanayanajith6314
    @chathushkanayanajith6314 3 ปีที่แล้ว +243

    අනේ අයියගෙයි නංගිගෙයි සහෝදර බැදීම ගැන ඊගාව සිංදුව දෙන්නකො 🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @koshikoshi8174
      @koshikoshi8174 3 ปีที่แล้ว +30

      A sinduwa karapu dawasata aiya kenek nathi api komada duka daragane. 😢😢

    • @Shashini_Perera98
      @Shashini_Perera98 3 ปีที่แล้ว +6

      අනේ ඔව්ව්ව්ව්ව්ව්ව්........ plz🙏❤

    • @nethminanawarathna9095
      @nethminanawarathna9095 3 ปีที่แล้ว +3

      Ane ow aiye ikmntm one

    • @tharupathirana5177
      @tharupathirana5177 3 ปีที่แล้ว +4

      අනේ ඔව් දෙන්නකෝ.

    • @bingu9150
      @bingu9150 3 ปีที่แล้ว +6

      Ekanam aththa aiyala nathi apita vava ganna barivei ema sinduvak avoth

  • @saduubasnayake5253
    @saduubasnayake5253 2 ปีที่แล้ว +6

    ලෝකයක් පිටුපා රිදෙව්වත් හිත රුදුරු ..
    මහා පර්වතයක් විය නොසෙල්ලී ළඟ හිටපූ..
    ගිනිගහන මද්දහනේ ගිහින් මහපොලව බිදපූ..
    අප්පච්චී නුබ වගේ වෙන රජෙක් නෑනෙ මං දැකපූ...❤️🌎

  • @satp9197
    @satp9197 3 ปีที่แล้ว +17

    🌹🌹එක රෝස මලක් හරි 👧👧
    🌹🌹ඉල්ලුවා පියවරු👨👨
    🙂🙂 සද්දන්ත කුලේ ඇත්
    🙂🙂රජුන් වෙයි පියවරු ....
    ගොඩාරියක් ලස්සනයි ... 💐💐
    බොහොම ස්තුති 🙏 🙏

  • @vinukawalawage
    @vinukawalawage 3 ปีที่แล้ว +9

    "එක රෝස මලක් හරි ඉල්ලුවා පියවරූ" හිතට වැදුණ තැනක්! #එහෙමතමා 2021.07.11

  • @roshani2339
    @roshani2339 3 ปีที่แล้ว +30

    කොහොම කදුලූ හංගන්නද 😌😭අයියේ දුවෙක්ට වටිනම ආදරේ ලැබෙන්නේ තාත්තගෙන්,ඒ ගුණ වර්ණනා කරාට පිං අයියේ 😍🙏

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว +1

    පියෙකුගේ අගය මට දැනුනදා අතට ආ දිනයෙ මගෙ ලොකුපුතූ...
    එදා මගෙ පියා නැහැ හැර ගිහිං දිවි ගමන අතහැරෑ ..
    පෙළපතේ නම ගෙනියන්ඩ සිටියාට දෙටු පුතූ..
    බිරින්දෑ මගෙ දෝතෙ දියනි තිව් දිනේ මා ලැබුවේම සක්විතී...
    දුවෙකුගේ බර දරන පියවරැන් අකමැතී..
    දිනය ඒ කවදාද? පෝරැමස්තකය උඩ ඈ අරන් හොරැ යතී..
    ඒ දිනේ හඬන්නට මගෙ කඳුළු මදිවෙතී...
    ඊට පෙර මගෙ පියා ගිය පාර හොඳවෙතී...
    මගේ දුවට ආදරයෙන්..
    නම නොකියපු තාත්තගෙන්..
    මූනබලං කියාගන්න බැරිදේ සටහන් කළේම..
    සත්තයි අම්මපා ඒක කඳුළු මදියි මට අඬන්න..

  • @dinushikamangalasinghe8453
    @dinushikamangalasinghe8453 3 ปีที่แล้ว +24

    හැමෝගෙම ලොකේ රජ්ජුරුවෝ තමා තාත්තා... ❤️❤️❤️
    ගොඩාක් ලස්සනයි ....

  • @sithmiesandi9331
    @sithmiesandi9331 3 ปีที่แล้ว +28

    මගේ දුවලා දෙන්නටත් ඉන්නේ ඒ වගේ උතුම් තාත්තා කෙනෙක්..මේ ගීත අහද්දි හිත ඇතුලට දැනෙන හැගීම පිටවෙන්නෙ කදුලු වලින්..සියලුම පියවරුන්ට දීර්ඝායුශ ලැබේවා!!

  • @madushanihansika1518
    @madushanihansika1518 3 ปีที่แล้ว +17

    ඒ අත්දැකීම විද නැති වුණාට 😔 ඒ වචන හදවතටම දැනූණා.. තාත්තා කියන්නේ රජෙක් 😥😢 ❤️😔

  • @wiyalagodaasantha8567
    @wiyalagodaasantha8567 3 ปีที่แล้ว +34

    රොස මල් 3ක්ම ඉල්ලා ගත්තා මම. මම දන්නවා දවසක පපුව පැලිලා යනවා කියලා මගේ. මේ මල් මම ඇහේ පපුවේ සගවගෙන පරිස්සමට හැදුවට මේ මල් මට අයිති නැ කියලා මම දන්නවා. මේ මල්වලට අයිති කාරයේක් ඉන්නවා.එක තාත්තේක්ට ජිවිතේ විදින්නම වෙන දුකක් කියලා දැනෙන කොට ඇත්තටම මට ඒ දුක දරා ගන්න නම් බැරි වෙයි

    • @user123lakshika
      @user123lakshika 3 หลายเดือนก่อน +1

      🥺අනේ...දුවලාම තුන්දෙනෙක් ගෙ තාත්තා කෙනෙක්

    • @wiyalagodaasantha8567
      @wiyalagodaasantha8567 3 หลายเดือนก่อน

      @@user123lakshika ඔව්. රෝස මල් තුනක්. ඒ රෝස මල් තුනම ගෙදර තියලා මම දැන් ඉන්නේ ⁣ගොඩක් දුර රටක. හිතට දුකයි.

    • @user-we1lc7og6p
      @user-we1lc7og6p 8 วันที่ผ่านมา +1

      Matath ennawa Rosa mal 3kma.math rakinawa pana wage mal 3ma

  • @imeshamalindi523
    @imeshamalindi523 3 ปีที่แล้ว +56

    තාත්තා මං ළඟ හිටියනම් වෙනද වගේම මේ සින්දුව අහයි මාත් එක්කම.ඒත් අද මං අහන්නෙ තනියම....අඬ අඬ..😔💔

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 3 ปีที่แล้ว +6

      ඔයා වගේමයි එහෙන්ම මමත්
      😔😪😪😔😪😔

    • @piuyumisanjeewani6489
      @piuyumisanjeewani6489 3 ปีที่แล้ว

      Mamath 😭😭😭😭

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 3 ปีที่แล้ว

      @@piuyumisanjeewani6489 😪😔😭🙏

    • @Wewalage
      @Wewalage 3 ปีที่แล้ว +1

      💔💔💔💔💔💔

    • @imeshamalindi523
      @imeshamalindi523 3 ปีที่แล้ว +1

      @@Wewalage ඔයා😔

  • @dianadasanayaka1653
    @dianadasanayaka1653 3 หลายเดือนก่อน

    oyalage geetha ahanawa vitarak nemei ahana hama parakma thawath ayata ahanna denawa.....me geethaya ahana hama parama mata mage duwai mage mahaththayai mavi mavi penawa....❤❤

  • @nadeeshatharindi3353
    @nadeeshatharindi3353 3 ปีที่แล้ว +10

    මගේ තාත්තා නැති වෙලා අවුරුදු 4ක් වෙනවා. තාත්තට මේ ලෝකෙ වටිනාම වස්තුව වෙලා හිටියෙ මම. ඒත් තාත්තට එයාගේ දූ ඉගෙනගෙන ඉවර වෙලා පෝරුවට නගිනකල් ජීවත් වෙන්න බැරි උනා. සින්දුව අහනකොට මගේ තාත්තව මැවිලා පෙනුනා... 😥❤️

  • @SamanKumara-vk8rv
    @SamanKumara-vk8rv 3 ปีที่แล้ว +16

    වදින්නම් මෙ සිංදු වලට visual නම් එපා
    අපෙ හිතෙ මැවෙන වා එක
    ඔබට පින්

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +15

    මියෙන තුරු පියවරුන් හෙව්වලු හීන වල රෑ දූවරූ❤️.ඒක තමයි ලේ කිරි නොව්න පපුවක මහිමය👍👍👍හදවතට දැනෙන අර්ථයක් ලස්සනයි

  • @chathurikakodithuwakku9248
    @chathurikakodithuwakku9248 3 ปีที่แล้ว +1

    Oyanam......meka පිස්සුවක් wage......ඇබ්බැහි wela inne .....ahana ahana hema sinduwak gane as walata kadulu anawa.....thawath me wage sindu liyanna....ශක්තිය ධෛර්යය lebewa sahodaraya .....❤️❤️❤️

  • @shanelabeykoon2290
    @shanelabeykoon2290 ปีที่แล้ว +5

    අම්මා වැදුවත් තාත්තා හැදුවත් දුවෙක් කියන්නේම අයිති නැති මැණිකක්❤😢

  • @lalithyaherath3057
    @lalithyaherath3057 3 ปีที่แล้ว +4

    තාත්තාගේ තුරුළේ මයි නැළවුනේ දූවරූ 😍😍😍😥😥😥
    ඒක න්ම්ම් ඇත්ත
    පුන්චි කාලෙ ඉදන්ම ගොඩාක් ආදරේ කලේ තාත්තිටයි
    හරිම ලස්සනයි හැගිම් බරයි
    සුභ පතනවා මේ වගේ ගීත නිර්මාණ තව ගොඩක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා 🤗🤗🤗😘😘😘

  • @ravindithennakoon3085
    @ravindithennakoon3085 3 ปีที่แล้ว +10

    අනේ ගොඩක් ලස්සනයි ❤️😭 තාත්තා 😭❤️❤️ මියෙන තුරු පියවරුන් හෙව්වලූ හීන වල රෑ දූවරැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhanushiprobodhi4336
    @dhanushiprobodhi4336 3 ปีที่แล้ว +7

    මට ලැබුන වටිනාම වස්තුව මගෙ අප්පච්චී❤. සියලුම අප්පච්චිලා නිදුක් නිරෝගී වේවා🙏

  • @bhashigajanayaka5003
    @bhashigajanayaka5003 3 ปีที่แล้ว +24

    එක රෝස මලක් හරි ඉල්ලුවා පියවරූ😣❤

  • @sampathwickramage3700
    @sampathwickramage3700 3 ปีที่แล้ว +3

    සදීප මල්ලියේ උඹේ නිර්මාණ පට්ටයි. දැන් අහන්නෙම මේ සිංදු ටික.

  • @rochelekanayake9116
    @rochelekanayake9116 3 ปีที่แล้ว +22

    සැබෑ පීතෘත්වයට සෙනෙහසින් පිදේවා.. 🥺❣️

  • @raveenarashmi6551
    @raveenarashmi6551 3 ปีที่แล้ว +5

    එක රෝස මලක් හරි
    ඉල්ලුවා පියවරු ❤️❤️❤️❤️

  • @nisansalasewwandi6333
    @nisansalasewwandi6333 3 ปีที่แล้ว +12

    නෑ බෑ නොකියූ දෙන්නයි මේ ලෝකෙ අම්මා ,තාත්තා...ලස්සන සින්දුවක්...මෙවන් නිර්මාණ කිරීමට ආයුබෝවේවා🙏🙏

  • @ireshasilva8406
    @ireshasilva8406 3 ปีที่แล้ว +6

    අත් දෙකෙන් අල්ලගෙන නගින්නට පෝරුවට
    අනේ පින් මදිඋනා තාත්තේ නුබෙ දුවට
    නම වසක් ගතඋනත් ගිහිල්ලා නුබ දුරක
    තාම මග බලනවා සිහිනෙනුත් හැම රෑක

  • @samanthikakumari7540
    @samanthikakumari7540 3 ปีที่แล้ว +6

    වෙනදා වාගේම ලස්සනයි හීන.තාත්තා තමයි මගෙ ජිවිතේ ඉන්න එකම වටිනාම වස්තුව.මගෙ තාත්තාට වාගේම හැම පිය⁣කෙනෙකුටම බුදුසරණයි 💖💖💖

  • @nihaldissa3158
    @nihaldissa3158 3 ปีที่แล้ว

    thaththa laga iddi thiyena haiya pathanna thawa kenek nethi tharam.adanne nethuwa oyage sinduwak ahanna be.wachanaye parisamaptha arthayenma supiri.ආදරෙයි මගේ පන තාත්තාට.

  • @samasdairy4405
    @samasdairy4405 3 ปีที่แล้ว +24

    මියෙන තුරු පියවරුන් හෙව්වලු හීනවල රෑ දූවරු.... 🥺🙏🖤❤️🌍❤️🖤🙏🥺

  • @user-ge9qh2qj9m
    @user-ge9qh2qj9m 2 ปีที่แล้ว +7

    ජීවමානව දැකපු එකම දෙවියන් මගෙ අප්පච්චී 🙏

  • @supunlakindukulasekara9894
    @supunlakindukulasekara9894 3 ปีที่แล้ว +64

    හදවත පතුලටම දැනෙන ලස්සන පද ගැලපුමක්... 🥺❤❤❤❤ මේ වගේම පෝරුව ලඟදි තාත්තගේ හදවත වචන වලට පෙරලන්න.. 🙏❤❤ තරිඳු අයියගෙ හඬත් එක්ක.. ❤❤❤❤

  • @vishmishehani8531
    @vishmishehani8531 3 ปีที่แล้ว +5

    "නෙලද්දී හොඳම මල ගහක සුවඳට තිබූ....
    මුදුන් මුල හඬන හැටි දුටුවෙ නෑ කිසිවකූ....."🙏❤️

  • @dewminiweerasinghe8960
    @dewminiweerasinghe8960 3 ปีที่แล้ว +38

    එක රෝස මලක් හරි ඉල්ලුවා පියවරු...
    😍

  • @yashoraschannel9405
    @yashoraschannel9405 3 ปีที่แล้ว

    මගෙ තාත්තා මුලින්ම අම්මගෙන් ඉල්ලලා තියෙන්නේ රෝස මලක්..ඒත් එයාලට හම්බුණේ ඇත් පැටියෙක්..ඊටපස්සේ එයාලට මේ රෝස මල හම්බුණා.මේකේ කියන හැම දෙයක්ම හිතට දැනෙනවා පපුව නැවතෙන්න තරමටම..මොකද දුවලා ඒ තරම් තාත්තාලට ළඟ නිසා වෙන්නැති...සමහර වෙලාවල්වලට එක එක මුරණ්ඩු දේවල් කළාට තාත්තව දාල යන්න බයයි..එක තැනකට වෙලා එයාල ගැන හිතන්න දුන්නට ඔයාලට ගොඩක් පින්...මේ වගෙ හොඳ නිර්මාණ කරන්න ලැබෙන්න ඕන..තෙරුවන් සරණයි ..

  • @paramimadhushani9954
    @paramimadhushani9954 3 ปีที่แล้ว +8

    අනේ ඒ තාත්තාගේ ආදරේ ❤️❤️... තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නේ ඊටත් වඩා වටින දෙයක් නැති තරම්.. පුංචි කාලේ ඉදන්ම බලගන්නේ හරිම ආදරෙන් දවසක වෙන කෙනෙකුට අයිති වන බව දැන දැනත්... ඒ නිසයි තාත්තගේ ආදරෙට මේ ලෝකෙ කිසිම ආදරයක් සම කරන්න බැරි..💕💕

  • @madushaniandris5127
    @madushaniandris5127 3 ปีที่แล้ว +6

    අම්මෝ මේ වීඩියෝ එකක්වත් බලන්න බෑ ඇඩෙනවානේ...හරිම ලස්සනයි වචන කටහඩ...👌👌👌නියම වැඩක්

  • @nadeeshani_ekanayake
    @nadeeshani_ekanayake 3 ปีที่แล้ว +6

    දුවෙක් වෙනුවෙන් මහා බරක් හිසමත දැරු....
    සද්ධන්ත කුලේ ඇත් රජුන් වෙති පියවරු...♥♥🥺

  • @achinisewwandi1666
    @achinisewwandi1666 3 ปีที่แล้ว +2

    Thaththalae thurulemayi nalaune duwaru...harim lassnyi .good luck aiya 👍👍

  • @manjulalakmini6191
    @manjulalakmini6191 3 ปีที่แล้ว +6

    දන් දිදී දෝතින්ම උකුලෙ උන් දූවරු
    සාදු කිව්වා ඉතින් ඇස් මරන් පියවරු ❤️

    • @bandarabandara6963
      @bandarabandara6963 3 ปีที่แล้ว +1

      Duwek gen wen wana dawase thaththage sithiwili gana geethayak nirmanaya karanna.

  • @nethmibagya8164
    @nethmibagya8164 ปีที่แล้ว

    ආදරේ නිහඩ විරුවා..ඒ නම් පියානෙනි නුඹ පමණයි.

  • @janujanu3506
    @janujanu3506 3 ปีที่แล้ว +5

    ඒ අත්දැකීම තවම ලබල නැති උනත් මාර විදියට හදවතට දැනුනා.මගේ තාත්ත්ට සමාන කරන්න මේ ලෝකේ කිසිම කෙනෙක් නෑ.

  • @chathuranganimenike2393
    @chathuranganimenike2393 3 ปีที่แล้ว

    Monawa kiyannada kiyala therenne. Hadawathatama katha karapu geethayak. Pudumakara lassanak.arthanwitha pada welak. Music, e katahada. Kiyanna wachana ne wishishta nirmanayak.suba pethum 😘😘😘😘

  • @harshanirathnakumari9666
    @harshanirathnakumari9666 3 ปีที่แล้ว +14

    එක රෝස මලක් හරි ඉල්ලුවා පියවරු...❤️
    මෙවැනි නිර්මාණ ඉදිරියටත් කිරීමට ශක්තිය ලැබේවා...

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +4

    තාත්තගෙන්.දුවෙකුට.ලැබෙන.ආදරේ.කිසිම.කෙනෙක්ගෙන්.ලැබෙන්නෙ.නැහැ.ආදරෙයි.තාත්තෙ.❤️❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sa__ma_533
    @sa__ma_533 3 ปีที่แล้ว +53

    "ලස්සනම මල නෙලද්දී මුදුන් මුල හැඩුවා" ........
    අපේ වචන වලින් තව මොනවා විස්තර කරන්නද?....❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @lavathmiansofficial4455
      @lavathmiansofficial4455 2 ปีที่แล้ว

      ඒකෙ තේරුම කියන්නකො 💛

    • @sa__ma_533
      @sa__ma_533 2 ปีที่แล้ว

      @@lavathmiansofficial4455 මුදුන් මුල කියන්නේ තාත්තා .. ලස්සනම මල කියන්නේ දුව... දුවව වෙන කෙනෙක් ගද්දී තාත්තා ඇඩුවා... මට තේරුනේ එහෙම...❤️😘

  • @story_time_11111
    @story_time_11111 8 หลายเดือนก่อน +3

    මගේ පණ මගේ රත්තරං තාත්තා..සරත් ගුරුගේ❤
    නොකිව්වට මාත් මහ ගොඩක් ආදරෙයි තාත්තේ...❤

  • @shashi-oy3by
    @shashi-oy3by 3 ปีที่แล้ว +37

    මේකත් අනිත් ඒව වාගෙම අනිවාර්යයෙන්ම ලස්සනයි කියල දන්නව කොහොමත්ම👍👍...... බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතිව😃😃😃... බුදු සරනයි ඔයාලට... තවත් තවත් ශක්තිය ලැබේවා ඔයාලට 🙏🙏🙏........ පපුව ගැහෙනව දැනටමත් ඉවසිල්ලක් නෑ.........💞💞💞💓💓 සුභ පතනවා හදවතින්ම💞💞💞💓💓

    • @dineshkumara3360
      @dineshkumara3360 2 ปีที่แล้ว +1

      Harima lassanai aiye oyata godak pin

  • @piumihansika9785
    @piumihansika9785 3 ปีที่แล้ว +2

    අම්මා තාත්තා දෙන්න තමා ජීවිතේ අංක එක දරුවන්ගෙ..ලස්සනයි සිංදුව තාත්තා දුව රකිනව හැම මොහොතකම

  • @sandunibalasuriya
    @sandunibalasuriya 3 ปีที่แล้ว +12

    දුවෙක් වෙනුවෙන් මහා බරක් හිස මත දැරූ...
    සද්දන්ත කුලේ ඇත් රජුන් වෙති පියවරූ.... 🥺❤️