පළගැටි | Palagati Short Film | Moorthi Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • MOORTHI PRODUCTIONS
    Director / Story / Moorthi U Senewirathna
    DOP Sujith Paranawithana
    MUSIC Jagath Karunajeewa ( K Media Productions )
    සින්දු, තනු නිර්මාණ,සහ සන්ගීතය සම්පුර්ණ අයිතිය ජගත් කරුනාජීව (k media productions )
    EDIT Shan Alwis
    SPONSORED - MOBO.LK / 4U CAMERA RENT / Salon Hithashi's
    ACTORS HEMASIRI LIYANAGE / JAYANI SENANAYAKA / DASUN PATHIRANA
    Moorthi Production යටතේ පලවන සියලුම ඡායාරූප, වීඩියෝ නිර්මාණ ඇතුළු සියළුම දේ හි සම්පූර්ණ අයිතිය මූර්ති ප්‍රඩක්ශන් සතු අතර එහි නිර්මාතෘ වන මූර්ති සෙනෙවිරත්න ගේ අවසරයකින් තොරව කිසිදු සමාජ ජාලයක හෝ වෙනත් කිසිදු තැනක එම නිර්මාණ පල කිරීම හෝ එම නිර්මාණ යොදා ගනිමින් වෙනත් නිර්මාණ සිදු කිරීම හෝ වෙනත් යම් ඕනෑම කාර්‍යයකට භාවිතා කිරීම සපුරා තහනම් වේ. එහෙත්, කිසියම් හෝ අවස්තාවක මූර්ති සෙනෙවිරත්නගේ අවසරයකින් තොරව එම නිර්මාණ යම් අයෙකු විසින් භාවිතා කරනු ලැබුව හොත්, බුද්ධිමය දේපළ පනත යටතේ ඔහුට/ඇයට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.
    මෙහි සින්දු, තනු නිර්මාණ,සහ සන්ගීතය සම්පුර්ණ අයිතිය ජගත් කරුනාජීව (k media productions ) සතු වන අතර ඔවුන්ගෙ අනුදැනුමකින් තොරව යොදාගැනීම සපුරා තහනම්

ความคิดเห็น • 1.5K

  • @nilushidissanayaka6374
    @nilushidissanayaka6374 ปีที่แล้ว +160

    පිච්චෙන බව දැන දැනත් එ ගින්දරට ලං වෙන්න හදන් පලගැටියෝ,දරු සෙනෙහස වෙනුවෙන් අවසාන තත්පරයත් නහින විදවන පියවරු,පිටින් බලලා මිනිස්සු මනින,තීරණ ගන්න සමාජයේ උදවිය,ඇබ්බැහි උනු දේවල් වෙනුවෙන් ජිවිතේම කාලකන්නි උනු,බැදීම් නොදැනෙන මිනිස්සු,ඇති උන්ට විතරක් විදින්න ලැබුනු නැති උන් විදවන කරුම සමාජය, ලොක්කෝ නිසා කාලකන්නි උනු සමාජයේ අනුන්ගෙ දරුවෝ දිහා බලලා හූල්ලමින් තමන්ගෙ දරුවන්ට ආදරේ නිසාම විස උනත් පොවන පියවරු,කොටින්ම කියනවා නම් කාලකන්නි සමාජයක ලබපු උපතක් නිසාම ඒ තුලම විදිමින්,විදවමින් අසරන කමින් පීඩිතව මානසික සැනසීම අහිමි උනු අසරණ මිනිස්සු....විශම සමාජයක ජීවත් වන එකිනෙකට වෙනස් මත,හැගීම් දරන මිනිස්සු ...වෙනස් සිතුවිලි,මානසික මට්ටම් ඇති මිනිස්සු..කියන්න තේරෙන් නෑ මට නම් මෙහෙම් නලුවො ඉන්නවද?මේක රගපෑමක්ද?විශිෂ්ඨයි....කතාවක් නෙවෙයි මේ විනාඩි 36 මට නම් ජීවිතයක්..ගොඩක් ස්තූතියි මේ වගේ නිර්මාණයක් බිහි කලාට 🙏❤️

    • @blackff5399
      @blackff5399 7 หลายเดือนก่อน +1

      ඇත්ත සරලවම 🤍

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 2 หลายเดือนก่อน

      😢😢😢😢 a හැඟීම matath දැනුණා 😢😢😢😢 සමාජය ai මෙච්චර කුරිරු ?

    • @ThisariSewwandika-sr5rd
      @ThisariSewwandika-sr5rd 19 วันที่ผ่านมา

      😢

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 3 ปีที่แล้ว +139

    හිත පසාරැ කරගෙන යන ඇත්තම කතාවක්.... මොන දේ කරත් අන්තිමට අම්ම තාත්ත විතරයි
    හේමසිරි මහත්තයා විශිෂ්ඨයි

  • @vibheetharajakaruna5744
    @vibheetharajakaruna5744 3 ปีที่แล้ว +173

    තාත්තා එල්ලිලා ඉන්නවා දකින දසුන් ඇඩුවත් ,අන්තිමටම ඌ හිනා වෙනවා..... අම්මා තාත්තා මාරාගෙන හරි තමන්ගෙ නිදහස ,මත්බව ලබාගන්න පලගැටියෝ දරන උත්සාහය මනාව පිලිබිඹු කරනවා....❤️

  • @kanishkapeiris2419
    @kanishkapeiris2419 3 ปีที่แล้ว +188

    පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී....
    බොළඳ කතා උඩදාන් බලන යුගයක උඩුගම් බලා පිහිනීමක් සහෝදරයා...
    👍👍👍👍

    • @s.s.8793
      @s.s.8793 3 ปีที่แล้ว +4

      මමනම් හරියටම කතාවෙ තේරුම දැනගත්තේ කමෙන්ට් කියවලා 😁

    • @melanimilika6468
      @melanimilika6468 3 ปีที่แล้ว

      Hum

    • @ishara745
      @ishara745 2 ปีที่แล้ว

      පපුව පිච්චුනා 😥😥😥😥

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว

      ​@@s.s.8793පිං 🙏 මටත් කියන්න

  • @shehannimsara1318
    @shehannimsara1318 3 ปีที่แล้ว +104

    මෙතරම් පිරිවැයක් දරා සමාජයේ අදුරු පැතිකඩක් ගැන හෙලිදරව් කල ඔබට සහ කණ්ඩායමට බෙහෙවින් පිං💙

  • @supun380
    @supun380 3 ปีที่แล้ว +104

    සමාජමාද්‍යවල පැතිරුනේ මැරෙනකං අතුල්ලන කතාව.... කිසිම කෙනෙක් කතාකරේ නෑ එතනින් එහාටගිය සමාජ යථාර්ථය ....... අපේ මිනිසුන්ගේ රසවින්දනය......

    • @dasundilshan7265
      @dasundilshan7265 3 ปีที่แล้ว

      Wtf

    • @isheekumari
      @isheekumari 3 ปีที่แล้ว

      Eka tamai dan kaale inna mari modayinge rasawindanee..

  • @isurunugawela88
    @isurunugawela88 3 ปีที่แล้ว +67

    නියම ඇක්ටින්, නියම frames, production කොළඹ වතුවල ඡීවිතවල යථාර්ථය ... 🔥🔥මේක බලලා සම්භාව්‍යය රංගනය ගැන උනන්දුවක් ඇති උණා.. පට්ට!!!

  • @erandikaushalya1425
    @erandikaushalya1425 3 ปีที่แล้ว +12

    හේමසිරි ලියනගේ, ජයනි සේනානායක, දසුන් පතිරණ ❤️ මේ තමයි ලංකාවේ නළු නිළියෝ. මුලින්ම හේමසිරි අන්කල් ගැන වෙනස් හැඟීමක් ආවේ. කෙටි වුණත් ජයනිගේ රංගනයත් වෙන නිර්මාණවල වගේම අති විශිෂ්ඨයි. දිගටම මේ වගේ ප්‍රවීණයන්ගෙන් හොඳ වැඩක් ගන්න. සුබ පැතුම් මූර්ති. 🙏

  • @chamaralasantha561
    @chamaralasantha561 3 ปีที่แล้ว +83

    ලියනගේ මහතයෝ ඔබ තුමා වැනි නලුවන් තවත් බිහිවේවා

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 3 ปีที่แล้ว +15

    කියන්න දෙයක් හිතාගන්න බෑ..ගොඩක් සංවේදී...ඒ අප්පච්චිගෙ මූණ...😓😓😓 අසරණකම...ඒ හැගීම ගැන දැනෙන හැගීම කියන්න බෑ...ඔබ සියලු දෙනාම මේ නිර්මාණය ඇතුලෙ අති සාර්ථකයි...🌼❤️

  • @ChamaraPerera-jh7my
    @ChamaraPerera-jh7my 4 หลายเดือนก่อน +10

    හේමසිරි ලියනගේ මැතිදුනි...! අසහාය කළා කරුවාණෙනි! ඔබ තුමන්ට නිදුක්, නිරෝගී, බව තව, දුරටත් ලැබේවා....!!

  • @nimnakavinda4954
    @nimnakavinda4954 3 ปีที่แล้ว +94

    ඇත්තටම පට්ටම වැඩක්.කොටි ගානන් වියදම් කරලා කටුන් වගේ පිල්ම් ගහම අද කාලේ මේවත් එක්ක එවට හැරෙන්න වත් බෑ.Color tone එක මාරම ලස්සනයි.ලස්සනටම කරලා තියෙනවා හැමදේම.ජය වේවා.❤️

  • @කුරා-ප4ඝ
    @කුරා-ප4ඝ 3 ปีที่แล้ว +51

    රසවින්දනය ජීවිතයේ යතාර්තය ටික් ටොක් වැනි බාල මාද්‍යට යට ඌ කල මෙවැනි නිර්මාන අතිශය වටී

  • @suvineethajayasundara3149
    @suvineethajayasundara3149 3 ปีที่แล้ว +62

    පපුව රිදෙන්න ගත්තා ගොඩක් ...ලස්සනයි ගොඩක් ම දුකයි...ඒ තාත්තා ගෙ ආදරේ ඒ ඇස්වල තිබ්බ අසරණ කම බලන අපිට දරා ගන්න බැරි තරම් දුකයි..ජය වේවා සියලු දෙනාටම...අති විශිෂ්ට යි....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පලගැටියෝ...

  • @freezo2922
    @freezo2922 3 ปีที่แล้ว +286

    නිහඩව නැරඹුවෙමි... පසු සටහන තබමි..
    කතාවේ ආරම්භයේදී තාත්තා යන චරිතය සගවා වයසක මනස විකෘති පුද්ගලයෙක්ව අපිට පෙන්වීමට උත්සහ කර ඇත පසුව ඔහු අසහනකාරී පුද්ගලයෙක්දැයි මටද සැක හිතෙන අවස්ථා තිබුනි තවත් තැනකදි මත් කුඩු භාවිතා කරන්නෙකු කියාද සිතුනේ චූන් පාන් රථය අසල සහ පොලිසිය පැමිණි අවස්ථාවේ සිදු වූ සිදුවීමෙනි. කෙසේ වෙතත් ඔහු මුදල් හම්බ කරන්න දැරු සියළු උත්සහයන් අසාර්ථක විය ඒ අහිංසක අසරණ වු මුහුණ තුල කුඩු කාරයෙක් නොවීය එවැනි මහලු දිරා ගිය අයෙකු කෙසේ කුඩු බොන්නද? මට නැගුන තවත් ප්‍රශ්ණයකි, මේ ගෙවුන විනාඩි 36 ම මම නෙත් අහකට නොගත්තෙමි මගේ හිස තුල ප්‍රශ්ණ වැලකි අවසානය වන තෙක් විසදුනේ 50%ක් පමණි මරණයට සුදානම් වීමෙන් පසුව 60%ක් පමණ තෙරුම් ගත්තෙමි ඇත්තටම පියා වෙහෙසුනේ තමන්ද නොකා දරුවා රැක ගැනුමටයි අවලාද ඇසුවේ,ගුටි කෑවේ,විශ්‍රාම ගත යුතු වයසේ ගොනා සේ වැඩ කලේ තම එකම පුතා වෙනුවෙනුයි "උඹ එළියට ගියොත් මේ ලෝකේ උඹව චප්ප කරලා දායි" අවසානය එසේ වෙවිද නොදනි සියලු බලාපොරෙත්තු අතහැර දැමු වෙහෙසකර වයෝවෘදයා පුතාට කුඩු කෑල්ලත් සිගරට් ටිකත් ගෙනත් දී මරුසිප ගත්තේය, කතාවේ සාරංශය ගත් කල හැගුනේ තාත්තා මලත් නිදහස දුටු වියරු පුතාගේ අකල් අවසානයට අත වනන සිනහවයි තවම මම තේරුම් ගත්තේ 90% යි රචකයාගේ අන්තර්ගතය වෙනස්දැයි මම නොදනිමි, මෙවැනි රස වින්දනයක් ලබා දුන්නට තුති
    මම Ruchi✍️

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතී... SUBSCRIBE කරල තියගන්න NOTIFICATION එවි කොයි වෙලෙ හරි

    • @takeeshagauri9514
      @takeeshagauri9514 2 ปีที่แล้ว +1

      Eka thama කතාවේ අරමුණ 😫💖

    • @ronnon545
      @ronnon545 ปีที่แล้ว +1

      අවසානයේ එලෙස පුතා සිනාසුනේ එවේලේම ඔහුත් බෙලවැල දා මිය යාමට වෙන්නටත් පුලුවනනි.

    • @kalpanasamadhi5368
      @kalpanasamadhi5368 5 หลายเดือนก่อน

      මටත් තේරුනේ 50% ඔයාගෙ සටහන මගින් යම් තාක් දුරට තේරුනා. ඒත් ?

    • @gdkanthi2883
      @gdkanthi2883 3 หลายเดือนก่อน

      👌👍

  • @sumanalekamge2205
    @sumanalekamge2205 4 หลายเดือนก่อน +10

    අවුරුදු 3ක් පරණ ටෙලි නාට්‍යයක් උනත් මම දැක්කේ අද .ලස්සන ආදර්ශවත් කතාවක් හේමසිරි ලියනගේ දසුන් පතිරණ ජයනි සේනානායක .අති විශිෂ්ඨ රංගනයක් ...හේමසිරි ලියනගේ ..නිදුක් නිරෝගී දීර්ගායු වේවා ...💐💐💐💐

  • @isurusampath5111
    @isurusampath5111 3 ปีที่แล้ว +619

    හේමසිරි ලියනගේ🙏 අසහාය නලුවා...නිදුක් නිරෝගී දීර්ගායූ සුව ලැබේවා ඔබට🙏🙏

    • @dushanfernando9217
      @dushanfernando9217 3 ปีที่แล้ว +3

      Asahaya naluwa kiyana eke theruma mokdda bn ..?😐

    • @kasunweerawardane623
      @kasunweerawardane623 3 ปีที่แล้ว +9

      @@dushanfernando9217 අති දක්ශ කියන එක මචන් 👍

    • @dushanfernando9217
      @dushanfernando9217 3 ปีที่แล้ว +2

      @@kasunweerawardane623 thanks machan...👍

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +9

      මේ වගේ නලුවන්ට සම්මාන නෑ ගොට්ට ඇල්ලූව නං සම්මාන පිට සම්මාන

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว +6

      දසුන් පතිරනගෙ පලගටි ච්ත්‍ර පටය ගෑන අහහස් දෑක්කුවෙ මෙහෙමයි
      th-cam.com/video/iaO-tuPSyFo/w-d-xo.html

  • @ChamaraWeerasinghe
    @ChamaraWeerasinghe 3 ปีที่แล้ว +11

    මේක එක කථාවක් විතරයි..මේවගේ සමාඡයේ ඇදුරු පැති බොහෝය....මූර්ති ඔබ ගත් මේ උත්සහයට ජය.....

  • @lakmalinishshanka9137
    @lakmalinishshanka9137 3 ปีที่แล้ว +16

    හේමසිරි ලියනගේ ගේ භාව ප්‍රකාශනය විශිෂ්ඨයි, ඒ වේදනාව ප්‍රේක්ෂකයාගේ හදවතටම වදිනවා. සමාජය ද්වේශය ක්‍රෝධය වපුරවන කාලකණ්ණි මිනිස්සු ගැන කතා කරපු විදිය නම් කියලා වැඩක් නෑ. මේ ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද සමාජයේ සහයෝගය ඕන කරන. ඒත් මේ සමාජේ දුර්වල මනුස්සයව චප්ප කරනවා කියන කියපු කතාව ඇත්ත. මනුස්සයෙක් විදියට සමාජේ ගැන සිහියෙන් අවබෝධයෙන් අනිත් මිනිස්සුන්ට උදව් කරගෙන ඉන්න සමාජයක් හැදෙනවනම් මේ වගේ අවාසනාවන්ත ජීවිත අපිට යහමගට ගන්න පුලුවන්.

  • @nadeenanayakkara7145
    @nadeenanayakkara7145 3 ปีที่แล้ว +71

    හේමසිරි ලියනගේ දසුන් පතිරණ ගැන මට කියන්න වචන නෑ. මූර්ති ඔබට ස්තූතියි ඒවගේම සුබ පැතුම් තවත් ආපස්සට හැරිල හිතන්න තියෙන නිර්මාන බිහිකරන්නට!!

  • @DamDiLArT
    @DamDiLArT 3 ปีที่แล้ว +88

    තාත්තා නැති දුකට ඇඬුවට, එක ක්ෂණයකින් මතක් උනා දැන් ඌ නිදහස් කියලා. ඒකයි හිනා ගියේ.

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว +14

      Point ❤️❤️❤️

    • @dorecreations8141
      @dorecreations8141 3 ปีที่แล้ว +4

      @@moorthiproductions6491 Sirawatama mata anthima tika therune ne.. Thaththa merilath ,anthima tike dasuna hina une ey kiyana eka hoyannai comment beluwe, denui therum giye..Hebei den thama uge kathawa patan ganne, thaththa innakan uwa cover kala, den kauruth ne. Godak sthuti me wage nirmanayak nomile samaja gatha kalata.. Obata Jaya..!!

    • @sepalialahakoon6757
      @sepalialahakoon6757 ปีที่แล้ว +3

      නැහැ .එයා කුඩු වලට ඇබ්බැහි උන කෙනෙක් .ඒ නිසාම එයා මානසික රෝගයකින් පෙලෙනවා.සමහර මානසික රෝග තියනවා එයාලා ගොඩක් දුක් වෙන්න ඕනි වෙලාවටත් දුක පෙන්වන්න හිනා වෙනවා.මට හිතෙන්නේ එයාට තාත්තා නැති උන කියලා දැන ගත්තට ඒ හැගීම හරියට තේරුම් ගන්නවත් හොද මානසිකත්වයක් නෑ..

  • @migzzymindblaster7436
    @migzzymindblaster7436 3 ปีที่แล้ว +15

    Next Level වැඩක්... ලංකාවේ නිර්මාණයක දකින්න නැති ඒකම දේ.. මේකේ තියෙනවා.. ඒ තමා පටන් ගැම්මේ සිට අවසානයට යනකන් කුතුහලය... International Level වැඩක සිංහල වචන සිංහල නලුවො කියද්දි කැරිම සතුටුයි.. පට්ට වැඩක්... සුද්ද සිංහලෙන්ම කිව්වා... තව ඔන... Color Grading , Frames , Lighting , Acting 100% පට්ටම Cinematic

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුති .. රෑදිල ඉන්න මෙ වගෙ කෙටි චිත්‍ර පටි සමග
      SUBSCRIBE කර නෑත්තම් දෑන්මම SUBSCRIBE කරන්න

  • @cl610
    @cl610 2 ปีที่แล้ว +13

    හරිම සංවේදී කතාවක්...මුලදී තිබුන හැඟීම සම්පුර්ණයෙන් වෙනස් වුනා....❤️😥හේමසිරි ලියනගේ මහතාගේ තාත්තා ටෙලිනාට්‍යයේ රංගනය මතක් වුනා....

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 ปีที่แล้ว

      ම්හ් මටත් මතක් වුනා.ඒකෙත් දසුන් ඉන්නවනේ

  • @wnt6596
    @wnt6596 3 ปีที่แล้ว +58

    මනේරත්න සර්ගෙන් පසුව මා දෑකපු " රංග විග්ව කොශය, ඔබයි හේමසිරි සර්.

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 หลายเดือนก่อน +1

      ජයලත් මනෝරත්න මහත්තයද? එතුමා මුලින්ම හේමසිරි ලියනගේ මහත්තයාගේ ගෝලයෙක්ලු❤

  • @gayanlashdhanushka2471
    @gayanlashdhanushka2471 3 หลายเดือนก่อน +6

    අමාරුවෙන් තේරුම් ගත්තෙ, කමෙන්ට් ලොකු උදවුවක් වුණා ❤❤❤

  • @inokainoka6769
    @inokainoka6769 3 ปีที่แล้ว +8

    ඇසට දකින සියල්ල ඇත්ත නෙමෙයි යන වගත් .....පිටින් පේනෙන දේ ගැන අපේ දූෂණය වූ මනස පිලිගන්නා ආකාරයත්.......ඒ වගේම අපේ ඇසට නොපෙනෙන ගොඩාක් ලොකු ඇත්ත කතා අපේ ජීවිත කතා වල තිබෙන බවත් සියල්ල අපේ මන්සින් පමනක් පිලිගතයුතු නොවන බවත් මෙයින් නිසැකවම පැහැදිලි වෙනවා.....මේ ඒකට හොදම උදාහරණය කුඩු වල්ට ඇබ්බැහි වු පුතාට කුඩු නැතුව සික් එක හැදිලා දගලනකොට පුතාව මෙල්ල කරන්න තාත්තා ගත්ත උත්සහය අපේ හිතට චකිතයක් එක්කරමින් ගෙනාවෙ............විටෙක මටත් අසහනකාරී පුද්ගලයකු ලෙසත් ඔහුව පෙනුනා.... කෙසේ වෙතත් ඉතාමත් දුක් බරයි......මෙවන් මිනිස්සුන් ජීවත් වෙනවා අපේ රටේ......මේ මත්ද්‍රව්‍ය මේ අහින්සක අසරණ මිනිස්සුන්ගෙන් ඈත් කරන්න ගන්න ඕනි පලමු පියවර අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව මුලු මනින්ම පිරිසිදු කරන එකයි.......දරු දුක තමයි මිහි පිට ඇති බයානකම දරුනුම වේදනාව😭😭😭😭😭.......හැම කෙනෙක්ම දරුවෙක්...........

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතී අදහස් වලට... subscribe කරල තියාගන්න ඉලග චිත්‍රපටයත් එනවා

  • @madushaninisansala5021
    @madushaninisansala5021 ปีที่แล้ว +4

    ඒ ‍තාත්‍තා විදින දුක ඒ විනාඩි කිහිපය තුළ මට දරාගන්ග බැරි උනා😥😥 අවසානයක් ඕන නෑ දැන් කතාව ඉවර වුනා නම් හොදයි කියලා හිතුනා..😥 තව ගොඩක් තියනවද ඉවර වෙන්න කියලා බැලුවා😥😥 ඒ විනාඩි කිහිපය කල්පයක් වගේ දැනුනා😥😥😥 මේ වගේ අපි නොදන්න තව කොච්චර කතා ඇත්ද..😥 සුපිරි නිර්මාණයක් 💐❤️ සැමට ජය වේවා❤️❤️

  • @sameerasandaruwan
    @sameerasandaruwan 3 ปีที่แล้ว +43

    ඇත්තටම ලස්සනයි. ඊයේ රෑ බැලුවේ. චරිත දෙකට දන්නවන ෆීලින්ග් එක අන්තිම මොහොතේ මාරු කරන විදිහ ඇත්තටම පට්ට. අන්තිමේදී දැනුන පොඩි shock එකත් එක්ක නින්දට යද්දිත් ඔලුවෙ වැඩ කරෙ පුතා කුඩු ගැහුවයි කියමුකො ඒත් තාත්තෙක් ඇයි පුතෙක්ව රේප් කරන්නේ කියලා. අද උදේ එකපාරම මීටර් උනේ යන්න නොදී තියාගන්න වයසක තාත්තෙක් විදින දුකක් කියලා. ඇත්තටම දවස් ගානක් හිතන්න හිතෙන කතාවක්

    • @10101Che
      @10101Che 3 ปีที่แล้ว +1

      ඇඳට තියලා ගැට ගහනවා 😭

  • @ceylonmusic7078
    @ceylonmusic7078 3 ปีที่แล้ว +117

    හේමසිරි ලියනගේ.. අති විශිෂ්ඨ රංගනයක් ❤ මම ආසම රංගනවේදියෙක්

  • @hasunpriyanath824
    @hasunpriyanath824 3 ปีที่แล้ว +24

    ඇත්තටම සමාජයෙ වෙන දෙයක් පැය බාගෙකින් හරි අපූරුවට පෙන්නුවා.❤️

  • @shermilanishamani7644
    @shermilanishamani7644 3 ปีที่แล้ว +33

    හේමසිරි ලියනගේ මහත්මයානනි,,ඔබතුමාට දීර්ඝායුශම ලැබෙන්න ඕන රංගධරයානනි..ඇස් කඳුලින් තෙත් වුනා ඔබේ රංගනය දැක්කම..දසුන්ටත් සුභ පැතුම්..තෙරුවන් සරණයි

  • @harshananimantha5286
    @harshananimantha5286 3 ปีที่แล้ว +11

    ලංකාවේ සිනමාවට මෙවැනි දේ අවශ්‍යයි,ඉස්සරහට සිනමාවෙන් දකින්න අාස කරනවා.❤
    Title Track එක😘😘❤

    • @moorthiu3234
      @moorthiu3234 3 ปีที่แล้ว

      බොහොම ස්ථුථී. අපි හිතපු විධියට ජගත් මේකේ සංගීථය නිර්මාණය කරලා ධුන්න .... .. අපි වෙනවා ... මට මේ වගේ ධෙයක් වෙන ක්කෙනේක්ගෙන් ....නිර්මාණය පසු පස තමන්ගේ සිතුම් පෙතුම් අනිවර්යෙන් බලපානවා අවන්කයෙක් සහ නිහතමානී කම නිසා ඔහු ඉධිරිය්න් සහ ඔහ්ගේ නිර්මාණත් ඉධිරියේ

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +129

    එලවලු කරත්තෙ අරං යද්දී මට දැනුන දුක
    ඒක කියන්න වචන නෑ. පැලුනා පපුව

    • @pushpikakaveen3486
      @pushpikakaveen3486 3 ปีที่แล้ว +12

      මගේ එලෝලු ටික කියන තැන තිබුන අසරන කම

    • @chandikahettiarachchi2791
      @chandikahettiarachchi2791 3 ปีที่แล้ว +2

      ow matath loku dukak danuna

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 3 ปีที่แล้ว +2

      Matath 😢😢😢😢😢😢😢

    • @sandyakumara3493
      @sandyakumara3493 3 ปีที่แล้ว +1

      Anna hari harima sanwedi thanak mata mage thththawa mathak una

    • @ishu7543
      @ishu7543 ปีที่แล้ว

      Me to🥺

  • @mayashiisurika-u9x
    @mayashiisurika-u9x 27 วันที่ผ่านมา +1

    Aththatama hithata godakma danuna.me short film eka. Hudek meya film ekakma nowei boho denekuge jiwitha kthawa wiya hakiya
    .athi wishishtai❤❤❤❤

  • @ktgcfamily4281
    @ktgcfamily4281 3 ปีที่แล้ว +161

    මට මෙහෙම උඹට සලකන්න උනාට මට සමාවෙයන්...අපි හරිම අවාසනාවන්තයි...😥😥😥 කුඩු වලට ඇබ්බැහි උනු පුතා ආරක්ෂා කරගන්න මේ තාත්තා අප්‍රමාණ දුක් කන්දරාවක් විදිනවා. සමාජයෙන් දහසකුත් ගැරහුම් ලබනවා. ඔහු ඒ වෙනුවෙන් මහා ජීවිත සටනක් කරනවා. ඒත් අවසානයේදී ඔහු උත්සාහය අත් හරිනවා. අද සමාජයේ තිත්ත උනත් ඇත්ත ඕකයි. ඔහුට ජයගන්නට ඉඩ නොදෙන්නේද ඔහු වටා ඉන්න සමාජයමයි. මේ ප්‍රශ්නය නිසා තාත්තා එක පැත්තකින් පීඩා විදිනවා...පුතා තව පැත්තකින් පීඩා විදිනවා...අවසානයේදී තාත්තා තීරණය කරනවා පුතාගේ ජීවීතයට නිදහස ලබාදෙන්න. ඒ නිදහස පුතාට තාවකාලිකව සතුටක් උනත් තාත්තා දන්නවා පුතා එයින්ම විනාශ වන බව. පුතාගේ විනාශය බලන් ඉන්න බැරි හින්දා පුතාව ඔහුගේ ලෝකයට නිදහස් කරන මේ තාත්තා තමන්ගේ ජීවිතයට සමුදෙනවා.... ප.ලි-ට්‍රන්කා පෙට්ටියෙන් තාත්තා ගන්න දේවල්වලින් යම්කිසි ඉගියක් දෙනවා කියලා මට හිතෙනවා. ටයි එක,කලිසම ඔහුගේ අතීතය ගැන කියනවා. ඒත් මුලින්ම එලියට ගන්න සුදු කඩදාසිය ගැන මට හරි තේරුමක් නෑ. හැබැයි ඒකෙන් අධ්‍යක්ෂකවරයා මොකක් හරි ඉගියක් දෙනවා කියලා නම් තේරෙනවා. බොහෝවිට ඒක පුතාට මානසික රෝහලකින් දුන්නු වෛද්‍ය වාර්තාවක් වෙන්න පුලුවන්???

    • @basuraprasad5452
      @basuraprasad5452 3 ปีที่แล้ว +16

      කතාව පටන් ගද්දීම ඇයි ඇදේ එහෙම ඉන්නේ??ඉට පස්සේ මොකක්ද අර සරම අස්සේ තිබිලා පන් ගෙඩිය මෙසෙන් තිබ්බාට පස්සේ ගන්නේ??ඇයි අර ගෙදර ගැනු මනුස්සයා ආයිමත් එන්න එපා කියන්නේ??මම කෙටි චිත්‍රපටයක් කියලා බැලුවේ මුලින්ම මේක..පොඩ්ඩක් පැහැදිලි කරන්නකො...කතාව බැලුවාට වඩා ඔයාගේ කමෙන්ට් එකෙනුයි මට කතාව පැහැදිලි උනේ

    • @RANSIKA-r7g
      @RANSIKA-r7g 3 ปีที่แล้ว +4

      ඒ කඩදාසියෙං මං හිතන්නෙ, තාත්තා වකුගඩුවක්වත් විකුනපු දෙයක් කියලා....

    • @RamiYashi
      @RamiYashi 3 ปีที่แล้ว +1

      th-cam.com/video/BjS9IAE_3nU/w-d-xo.html

    • @yu.min_wanigasinghe
      @yu.min_wanigasinghe 3 ปีที่แล้ว +5

      ස්නායු ආබාධයක් ගැන ඒකෙ තියෙන්නෙ

    • @chamindu.
      @chamindu. 3 ปีที่แล้ว +8

      @@basuraprasad5452 pan gediya gaththata passe ara podi guliyak wage ganne kudu bn.kudu gahana eun wikunana 1kagen ganne oya wage chuti chuti kali walata. ara ganu kena aye enna epa kiyanne eyath dana gena wenna puluwan kudu gahana scene 1ka

  • @itsmyview9471
    @itsmyview9471 3 ปีที่แล้ว +5

    Mr Hemasiri Liyanage & Mrs Jayani Senananayaka are two of the best actors. These people can drag the audience in to the movies in a magical way. What a realistic acting....

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว +3

    හේමසිරි ලියන්ගෙර් විශිෂ්ඨ රංගධරයාණෙනි.නිදුක් නිරෝගී සුවපත් භාවය ම නිරන්තරයෙන්ම වේවා තෙරුවන් සරණයි

  • @prabuddhaweerasinghe9399
    @prabuddhaweerasinghe9399 3 ปีที่แล้ว +6

    Heart touching. Thanks for the veteran actor Mr. Hemasiri Liyanage, Dasun & Jayani

  • @asankaruwan2744
    @asankaruwan2744 3 ปีที่แล้ว +44

    කවදාහරි දවසක දසුන් පතිරණත් අසහාය නලුවෙක් වෙයි ❤

  • @chrishanrumesh9535
    @chrishanrumesh9535 3 ปีที่แล้ว +3

    හේමසිරි ලියනගේ මහතා....දසුන් සහොදරයා....ජයනි සහොදරියගේ රංගනය ඉතා විශිෂඨයි....සමාජය සිදු වෙන තිත්ත යථාරය,පියසෙනහස කෙටි සිනාමවකින් ඉතාමත් සර්ථකව නිර්මාණය කරලා තියනවා...

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතී අදහස් වලට... subscribe කරල තියාගන්න ඉලග චිත්‍රපටයත් එනවා

  • @PsychoJaka
    @PsychoJaka 3 ปีที่แล้ว +3

    මේ වගෙ නිර්මාන වැඩියෙන් නිර්මානය කරන්න ලැබෙන්ඩ කියල පතනව.. මොකද අපි වගෙ උන්ට රසවින්දනයට පිහිට වෙන්නෙ පිටරට නිර්මාන විතරයි 💔 ලංකාවෙ TV චැනල් එකකවත් මේ වගෙ නිර්මානයක් නෑ.. තිබ්බත් කලාතුරකින් තමයි.. මේ වගෙ නිර්මානය පුලුවන් තරම් මිනිස්සු අතරට ගෙනියන්න ඕන..

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතී... SUBSCRIBE කරල තියගන්න NOTIFICATION එවි කොයි වෙලෙ හරි ගොඩක් ස්තුතී... SUBSCRIBE කරල තියගන්න NOTIFICATION එවි කොයි වෙලෙ හරි

  • @ත්රිකෝණේ
    @ත්රිකෝණේ 3 ปีที่แล้ว +8

    හරිම වේදනාත්මක කතාවක්. හේමසිරි ලියනගේ අසහාය රංගධරයාගේ රංගනය අති විශිෂ්ටයි.

  • @findtraveler8222
    @findtraveler8222 3 ปีที่แล้ว +244

    හේමසිරි අංකල්ගෙ ඇක්ටිං ගැන කියන්න දෙයක් නැනෙ ඉතින්

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว +21

      ඈත්තටම මෙ කතාව මුර්තිගෙ හිතට එන්නෙ 2007 දි වගෙ .. එදා ඉදන් හෙමසිරි ලියනගෙ කියන්නෙ මූර්තිගෙ ලොකෙ වීරයෙක්. ඉතින් කාතාවට හරියන චරිතය තොරගත්තට එකෙන් එක ගලප ගන්න ලබෙන්නෙ මෙ අවුරුද්දෙ මුල .. අවුරුදු ගානක් තිස්සෙ හිතෙ කෑකෑරි කෑකෑඑරි තිබුනු චරිත ටික එලියට ගෙන්න ලොකු මහන්සියක් දෑරුවා ...

    • @premalalvaz4
      @premalalvaz4 3 ปีที่แล้ว +3

      It's mean Mr.Hemasiri is well EDUCATED PERSON. ..

    • @tuanbucker392
      @tuanbucker392 3 ปีที่แล้ว +1

      I know the palace putha

  • @kaveeshadharmasiri8181
    @kaveeshadharmasiri8181 3 ปีที่แล้ว +7

    අසහනකාරයෙකුගේ සිට වේදනාත්මක පියෙකු දක්වා,ඒ අතරින් තිත්ත උනත් ඇත්ත පෙන්නන විශිෂ්ඨ නිර්මාණයක්

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතී අදහස් වලට... subscribe කරල තියාගන්න ඉලග චිත්‍රපටයත් එනවා

  • @lakshan7626
    @lakshan7626 3 ปีที่แล้ว +15

    කලාත්මක බවින් පොහොසත් විශිෂ්ට නිර්මාණයක්.අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත.මෙන්න ලාංකීය සිනමාවේ ඉදිරි අනාගතයේ කොටස්...💯🔥

  • @malithrathnayake249
    @malithrathnayake249 3 ปีที่แล้ว +3

    කලු ජූලිය කාලෙ,88,89 කාලෙ රටේ හිටපු හොඳම මීටර් ටික මරල දැම්ම.උන්ට ඕන එවුංව ඉතුරු කරගත්තා.ඒවගෙ ප්‍රතිවිපාක අද වෙද්දි අපේ රට බුක්තිවිදිනව.අවුරුදු 72 තිස්සෙ හොරාකාපු භාන්ඩාගාරයක්,අඩපන වෙච්ච ආර්තිකයක්.මේ වගේ නිර්මාන තුලින් වත් අපි අපේ තරුන පරපුරට ආදර්ශයක් දුන් නැත්තං,උංගෙ ඔලු හැදුවෙ නැත්තං තව අවුරුදු 500ක් ගියත් මේ රට මේ විදිහම තමා.හොඳ නිර්මානයක්,දස්ස,හේමසිරි ලියනගේ ඇක්ටින් ❤

  • @thusharawijesekara6303
    @thusharawijesekara6303 3 ปีที่แล้ว +3

    වාව්..ඒක නම් සුපිරි 🤩😍 කවුද මේ මූර්ති කියලා දැනගන්න ආසයි ❤️🖤

  • @budusaranai8214
    @budusaranai8214 2 ปีที่แล้ว +2

    පටන් ගන්නකොටම සුපිරි ඉතින් ඒ වගෙම අවසාන වෙනකන් මොකක්ද වෙන්න කියලා හිතාගන්න අමාරුයි මරු මොනාඋනත් ඒ විනාඩි 30 නම් වෙනම ලොකයට අරන් ගියා වගේ නියමයි කතාව සුපිරි ඉතින්

  • @Ljhansa
    @Ljhansa 2 ปีที่แล้ว +2

    තාත්ත කෙනෙක් වශයෙන් මගේ හිතට ලොකු ශක්තියක් ආවා...බොහොම ස්තුතියි නිර්මාණයට... 👌🏾👌🏾👌🏾👌🏾👌🏾

  • @sunethajantha1493
    @sunethajantha1493 3 ปีที่แล้ว +1

    කොච්චර ලස්සන කතාද මේවා අද සමාජයේ සිදුවෙන සත්‍ය සම්පූර්ණ විනාඩි කිහිපයකින් බලන්න පුලුවන් මෙවැනි දේ තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏

  • @film.andrewsean
    @film.andrewsean 3 ปีที่แล้ว +16

    Incredible job, guys. Bold filmmaking. නියමයි.

  • @rosirosi4585
    @rosirosi4585 3 ปีที่แล้ว +13

    රටේ ප්‍රදාන ගොබ්බ නාලිකා එකක්වත් මිනිස්සු යහමගට ගන්න, මිනිසුන්ගෙ ආකල්ප හරිපැත්තට වෙනස්කරන්න කිසිදු දෙයක් කරන්නෙ නැති කාලයක මේක අද සමාජයට වෙඩිමුරයක්.🙏🙏🙏🙏

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @Samindana
    @Samindana 3 ปีที่แล้ว +4

    Absolutely stunning. All the very best! මිය යන රසවින්දනයට පණ කවන්න සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා🙏

  • @rsknoil5852
    @rsknoil5852 3 ปีที่แล้ว +1

    රසවිඳින පුද්ගලයන් සදහා පමනයි. Thanks . Meaka thamai යථාර්ථය .

  • @PSRAsiri
    @PSRAsiri 3 ปีที่แล้ว +3

    At the beginning , I saw it as Handagama's "Flying with one wing". In the middle path of the story, I got to know what the message is....A superb movie.

  • @chathunanayakkara4628
    @chathunanayakkara4628 2 ปีที่แล้ว +2

    හේමසිරි ලියනගේ මහතාට දීර්ඝායුෂ ලැබේවා🙏❤️

  • @CSta74
    @CSta74 ปีที่แล้ว

    ගොඩාක්ම වටින, අති විශිෂ්ට නිර්මාණයක් , ගොඩාක් පින්🙏
    පලඟැටියෝ තුලින්, සමාජයේ සැබෑ ජීවිත ඒ ආකාරයෙන්ම ඉදිරිපත් වෙනව. අවාසනාවකට අමනුස්සයෝ අතර ඉපදීමේ පාපයට, නිමක් නැති වේදනාවන් නිසා දුක් විඳින ජීවිත, පටු දැක්මෙන් අනිකා ගැන ගන්නාවූ විනිශ්චයන්, මේ රංඟදරයන් ඉතා තාත්විකව ඉදිරිපත් කරනව.
    හේමසිරි ලියනගේ, ජයනි සේනානායක, දසුන් පතිරණ... ඔබ සම්මානනීය චරිත🙏 ඔබවන් දක්‍ෂතා ඇති කලාකරුවන්ට මගේ හදවතින්ම නැගෙන උත්තමාචාරය ❤
    මූර්ති මහතාණෙනි, ඔබට ස්තූතියි🙏

  • @yuzuki3012
    @yuzuki3012 3 ปีที่แล้ว +3

    Perfect......gas wate duwana film balanwata wada....... Mole kalaththuwata ස්තූතියි

  • @රාධාරාධන්
    @රාධාරාධන් 3 ปีที่แล้ว +1

    මුල් තප්පර කිහිපය ඇතුලත් ඇතිවන කුතුහලය කතාව පුරාවට පතුරවන එක පට්‍ට..මුල් විනාඩිය හරි ම උපක්‍රම ශීලී ව යොදාගෙන තියෙනවා.ප්‍රේක්ෂකයා අවසානය තෙක් රඳවා ගන්න තරම් ඒ ආරම්භය අතිශය සාර්ථකයි.ඔළුවට මුලින් දාපු දේ පස්සෙ කුඩු කරල දානවා ඔළුවත් එක්ක ම..පිය සෙනෙහස වගේ අතිශය ජනප්‍රිය කන්සෙප්ට් එකක් ඇතුලෙ ඔතලා මත්ද්‍රව්‍ය වගේ මාතෘකාවක් ගැන කතා කිරීම හරි ම විශිෂ්ටයි.
    මේ නිර්මාණ මේ,මේ පරිකල්පනය කොහෙදේ තිබුණෙ හිතෙනවා.පතුරුවා හරින්න ඒක සමාජය පුරා..කුඩු ගැහුවා වගේ උන් ටිකක් මේ වටා එකතු වේවි..
    කියන්න ම ඕන දේ,ඒ ඒ චරිතවලට ගැලපෙන ම නළු නිළියන් මේ විදියට කොහොමද හොයාගත්තෙ කියන දේත් මාරයි!
    කතාව බලලා නොතේරුන තැන් තේරුම් ගන්න ආයෙ බලන්න වෙනවා.ඒකත් කොහොමද !එතෙන්දි කලින් නොදැකපු තැන් පේන්න ගන්නවා.දෙපාරක් බලලත් පැයක් හිතන්න වෙනවා..පට්ට දක්ෂයි හොඳේ..
    පුතා අඬද්දි කුඩ්ඩා හිනා වුණා නේද!

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว

      පුතා අඬද්දි කුඩ්ඩා හිනා වුණා නේද! .. mama dhaekapa hodama yeduma

    • @රාධාරාධන්
      @රාධාරාධන් 3 ปีที่แล้ว +1

      @@moorthiproductions6491 ස්තූතියි !
      මගේ කොමෙන්ටුව ඇතුළෙද?

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว +1

      @@රාධාරාධන් පුතා අඬද්දි කුඩ්ඩා හිනා වුණා නේද! ( menna meka tamai hariyatama etana tiyana arthaya ... godak ayata eka terune na ... godak aya ahuwe tamange tatta marunama puta hina une kawadada kiyala...
      godak satutui etana arthaya terum ganna kenek hambuna eka

    • @රාධාරාධන්
      @රාධාරාධන් 3 ปีที่แล้ว

      @@moorthiproductions6491 ස්තූතියි ඔබේ අගය කිරීමට!

  • @thulansnawarathna8537
    @thulansnawarathna8537 3 ปีที่แล้ว +46

    විචාර ලියන්න නම් දන්නෙ නෑ🙄ෆැන්ටසියෙන් මිදිලා රියලිටියට බැහැපු පට්ට කතාවක්🙂ගෙදරත් ඔය වගේ අත්දැකීම් තියෙනවා..දෙමාපියෝ කැමති නෑ ඕක කරනවට හැබැයි ඒ මනුස්සයන්ටත් බැරිම තැන තමා ඕකුන්ගෙ ජීවිතේ බේරගන්න කුඩු පොවන්නෙ..ඒක හරියි කියන්නෙ නෑ හැබැයි කුඩු සික් කඩන්න පුලුවන් තමන්ම හිතලා විතරයි..කොච්චර බේත් ගත්තත් වැඩක් නෑ ඕකට.මේකෙදි තාත්තා කියනවා උබ සමාජෙට ගියොත් චප්ප වෙලා යන කතාවක්,මට හිතෙන්නෙ නම් කුඩ්ඩෝ බහුතරයක් මහන්සි වෙලා හොයලා කුඩු බොන්නෙ නෑ හොරකමට බැහැලා තමා හොයන්නෙ සල්ලි,ඒම වෙද්දි දවසක් සමාජෙන් මට්ටු වෙනවා ඒකෙන් බේරන්න තමා තාත්තා ගෙදර හිරකරන් ඉන්නෙ ඌව.මේකෙ ඉන්න තාත්තා වගේ හොරකම් නොකර අහිංසක විදියට කීයක් හරි හොයාගන්න පීඩිත පන්තියෙ උන්ට අරින්න එන්නෙ ඒ වගේම පීඩිත පන්නතියෙ එකෙක් තමයි..ලංකාවෙ කාලකණ්ණි පොලිසිය(බහුතරයක්),කුඩු විකුණන,ගේන උන්ගෙ පගාවට වැදගෙන ඉන්නෙ බල්ලෝ👎🏼ඉතින් මේවා ජීවිතේට හැදෙන රටවල් නෙමෙයි..ලංකාවේ ජාතියෙ හැටි වෙන්නැති දකින දේට වඩා ඇහෙන දේ විශ්වාස කරන්නෙ..තමුන්ගෙ කුණු තියෙද්දි අනුන්ගෙ කුණු හෝදන ජාතිය,පද හදන ජාතිය😂කොහොම උනත් පට්ට ෂෝට් මූවි එකක්.කවදාවත් Drugs use කරන්න එපා..ඒකෙ කිසිම සැපක් නෑ අවසානෙ සල්ලිත් නෑ ජීවිතෙ හොදම කාලෙ මගහැරිලා,ගෙදර උන් විදව විදව ජීවත් වෙනවා.අවසානෙ ඔය යාලුවො කියාගන්න අය කවුරුත් නෑ අම්මා තාත්තා සහොදරයෝ විතරයි ඉතිරි😔Best Of luck දිගටම ඕනෙ මේ වගේ සුපිරි කලා නිර්මාණ🖤🤍🇱🇰

  • @surekanishani4771
    @surekanishani4771 ปีที่แล้ว +2

    ටෙලි නාට්ටි ඉතිහාසයේ අහිංසකම පිරිමි චරිතෙ හේමසිරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 3 ปีที่แล้ว +1

    හේමසිරි ලියනගේයන්ගේ තවත් අඩ නිරුවත් විශිෂ්ට නිර්මාණයක්...❤️👌

  • @techn0ses278
    @techn0ses278 3 ปีที่แล้ว +24

    තුනටිය පණ නැතුවා
    මොණරු නටන පාට සෙයිලමේ
    ගිනි ගෙඩි ලය දැරුවා
    රුපියල් සත යදින වීදියේ
    ඇති අය කති බොති
    නැති උන් වැහැරෙති
    පාට හීන තවරයි හන්දියේ
    දුගියන් දන් දෙති
    අවයව විකුණති
    වංගු ගහන ජීවිත ලංසුවේ
    කාපු බත් කට දිරවන්නට ඉඩ දී කො මහ මිනිහෝ
    කුස පිටට හැලුනාම තමයි
    පිච්චෙන්නෙ පළගැටියෝ
    වැදූගේත් හෙන අපිට වදින කොට
    දෙයියෝ parking දැන් මොන ලෝකෙද
    දන්නවාද උබ කියපන් පළගැටියෝ
    ලේ සුවඳටම ඉව අල්ලන මරි මෝඩ ගොරහැඩියෝ
    කන්ටේනරේ තිතට මට ගොඩ බාති වැසිකිලියෝ
    VIP හොරු නීති නවන කොට
    සියල්ල වෙන්නෙ අපගේ කරුමෙට
    ලොකු තැන දෙසුවේ එහෙමයි පළගැටියෝ
    දෙයියොත් අසරණ වෙනවලු පළගැටියෝ
    #පළගැටි
    අවසානය කුමක් සිදුවේද යන කුතුහලයෙන් ප්‍රේක්ෂකයා නෙත් යොමා මුලු චිත්‍රපටිය තුලම රඳවන ඉතාම විශිෂ්ට ගණයේ ශේෂ්ඨ රංගධරයන්ගෙ උත්කෘෂ්ඨ රංගන විලාසයන් පරිපූර්ණ නිර්ණමායක්!
    මෙවන් විශිෂ්ට නිර්මාණ මතුවටත් බලාපොරොත්තු වෙමින් මූර්ති අයියෙ ඔබට ස්තූතියි සහ සුබ පතමි! ❤️🤘

    • @moorthiu3234
      @moorthiu3234 3 ปีที่แล้ว +3

      තැනක් යු මල්ලී ... මේ වගේ වෙඩක් කරන්න බැ හරි යමන් කණ්ඩායමක් නෙතිව ... ඉතින් ඒ අවශ්‍ය කරන සහ නිහතමානි කණ්ඩායම මගේපසු පස ම ධිරිමත් කරන්න හිටියා...

    • @techn0ses278
      @techn0ses278 3 ปีที่แล้ว +1

      නියමයි අයියේ! මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ තවත් එන්න ඕනෙ වැටිලා තියෙන සිංහල සිනමා ක්ෂේත්‍රය ගොඩ ගන්න. සතුටුයි, කණ්ඩායමේම උත්සාහය මල් ඵල ගැන්විලා තියෙනවා සුපිරියටම. සුබ පතනවා සැමටම! ❤️

    • @pola8052
      @pola8052 3 ปีที่แล้ว +1

      Me sinduwa hoyaganne kohomada?

    • @techn0ses278
      @techn0ses278 3 ปีที่แล้ว

      @@pola8052 film eke anthimata yanne oka!

  • @kusalranaweera3347
    @kusalranaweera3347 3 ปีที่แล้ว

    මෙවැනි දේවල් අදකාලයේ සුලබයි.පිටට නොපෙනුනාට.ඒ අප්පච්චිවත් හොඳටම දැනුනා. විශිෂ්ඨ නිර්මාණයක්❤️

  • @wihansaAngle
    @wihansaAngle 3 หลายเดือนก่อน

    හේමසිරි ලියනගේ මහත්මයාගෙ රංගනය අතිවිශිෂ්ටයී.ඔබතුමාට දීර්ඝායූ ලැබේවා..ඇස්වල කදුලු තියන් බැලුවේ ඔබතුමාගෙ රංගනය..

  • @miliya2899
    @miliya2899 3 ปีที่แล้ว +23

    කියන්න වචන නෑ...ඒ තරම් සුපිරි...බලපු සුපිරිම ශෝර්ට් ෆිල්ම් වලින් එකක්....💖

  • @අවබෝධය-ජ7ර
    @අවබෝධය-ජ7ර 3 ปีที่แล้ว

    ඉතාම ලස්සන නිර්මාණයකි. මේ අපේ සමාජයේ යතාර්තයයි. එහෙත්, සමාජය කුමක් වුවද, මොන පීඩාව පැමිණියද, මරණය අභියසද ප්‍රීතියෙන් සිනහවෙමින් සදාතන ජීවිතය දෙන ජීවමාන ජේසුස් වහන්සේ තවමත් නොහඳුනන මිනිසුන් උදෙසා මම යාඤා කරමි.
    ජේසුස් වහන්සේව සොයන්න. උන්වහන්සේ පමණයි මාර්ගයද, සත්‍යයද, ජීවනයද.
    අප සැමට උන්වහන්සේ තරම් ප්‍රේම කරන කෙනෙක් නැත.

  • @abhimantv3034
    @abhimantv3034 3 ปีที่แล้ว +20

    පලවෙනි පාර බලලා කතාව තේරුම් අරන් දෙවෙනි වතාව බලද්දි තමයි ඇඩෙන්නේ..( මට යන්න දීපන්..කොහේ යන්නද.. උඹ මෙතනින් එලියට ගියොත් මේ ලෝකේ උබව චප්ප කරලා දායි..)

  • @kemal54
    @kemal54 3 ปีที่แล้ว +2

    Acting Camera Angles Editing Colours මාරයි ❤
    නවතින්න එපා දිගටම යං ගමනක්

  • @prasannakumara661
    @prasannakumara661 3 ปีที่แล้ว +1

    අති ව්ශිට්ටයයි..සමාජයේ අඩුරු පතිකඩක්..ගොඩක් ලස්සනයි කතාව ..ඔබට ජය 🙏🙏🙏

  • @vikumdhanushka5555
    @vikumdhanushka5555 3 ปีที่แล้ว +1

    මේ වගේ රැල්ලක් ඉස්සරහට එනවම් ලොකු දෙයක් ❤️🙏😍 සුපිරි

  • @dilipwijewardena3345
    @dilipwijewardena3345 3 ปีที่แล้ว +1

    Hemasiri mahathma athi dakshayek. Fillm aka marama watinawa. Me wage films tawa bihi wewa.

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +1

    හේමසිරි ලියනගේ රඟපැම නම් 👌 👌
    හොද නිර්මාණයක් 👍👍👍

  • @charitha2605
    @charitha2605 3 ปีที่แล้ว +2

    Gedarata wela demawpiyange salli walin bike aran phone aran ewata card dagena keli talk karana, rangana hujja kollo n ta Meka Honda Kane parak. Hats off to mr moorthi👍👍👍👊👊👊. Deyak nethi wenakan eke value eka angata denenne nehe.

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +1

    ලංකාවේ youtube films. සුපිරි. දිගටම කරගෙන යමු.

  • @chanakajayamal2347
    @chanakajayamal2347 3 ปีที่แล้ว +2

    සමාජයේ තවත් පැතිකඩක්. ස්තූතියි මේ වගේ නිර්මාණ කරන එකට❤

  • @chithrapushpakanthi6534
    @chithrapushpakanthi6534 3 ปีที่แล้ว +6

    attama lassanai ... kunuharpa na ... eth itin rasa widina ayata rasawidinna puluwan

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 3 ปีที่แล้ว +1

    Hemasirige... raga paama thatwikay... Obata nirogee Bawa haa deerga ausha labewa!!!

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ปีที่แล้ว +4

    Heart touching.a very good movie. shows the reality of severity of drug addiction n the pathetic situations .

  • @ushankaravindu2285
    @ushankaravindu2285 ปีที่แล้ว

    හේමසිරි ලියනගේ මහත්තයා කියන්නේ අපේ සිනමාවට හිටපු සහ ඉන්න මැණිකක්❤❤ දීර්ඝායුශ මහත්තයෝ ඔබ තුමාට

  • @charithmeegama
    @charithmeegama 3 ปีที่แล้ว +3

    පීඩිතයන් බොහෝ වෙලාවට තැලෙන්නෙ පීඩිත පංතියෙ උන්ගෙන්ම තමයි.ප්‍රශ්ණය තමන්ගෙ වෙනකන් පිළිතුරු හොයන්නෙ නෑ.දකින්නෙ නෑ. එක එකා තමන්ගෙ කෝණයෙන් විග්‍රහ කරන එක විතරයි කරන්නෙ.එන්න එන්නම මේ ආර්ථික දේශපාලනය රටාව තුල මිනිස්සු ආත්මාර්ථකාමී වෙනව.

    • @moorthiusenewirathna423
      @moorthiusenewirathna423 3 ปีที่แล้ว

      පීඩිතයන් බොහෝ වෙලාවට තැලෙන්නෙ පීඩිත පංතියෙ උන්ගෙන්ම තමයි.

  • @sdscreation5427
    @sdscreation5427 2 ปีที่แล้ว

    ටිකක් වියදම් කරල මෙ වගෙ වැඩක් කරපු එකම මාර සතුටුයි.
    ස්ටෝරි එක මරු.විශේශයෙන්ම පාවිච්චි කරල තියන කලර් ටෝන් එක අඳුරු ජීවිත ෆීල් වෙන්නම පාවිච්චි කරල තියනවා. හොද වැඩක්.උසස් රස වින්දනය මොට නොවීමටනම් ඉද හිටවත් මෙවැනි සම්භාව්‍ය නිර්මාන අද්‍යනය කලයුතුයි.

  • @slgx996
    @slgx996 3 ปีที่แล้ว +3

    Matanam eka dakala aduna bn patta 😣😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @wizardab8484
    @wizardab8484 3 ปีที่แล้ว

    බුදුඅම්මෝ. කනාවට වගේ බැලුවෙ පපුවත් නතර උනා. ඒ රංඟනය. පනිවිඩය. 😭❤️

  • @upulalmeida5725
    @upulalmeida5725 3 ปีที่แล้ว +3

    Moorthi, you’re a champion.Try your best to change this dirty world.All the best and thank you very much.

  • @nirunnirun510
    @nirunnirun510 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොද ෆිල්ම් එකක්
    දෙන්නාම හොදට රග පානවා
    අනිත් අයත් හොදයි
    ජය වෙවා

  • @udeshishara219
    @udeshishara219 3 ปีที่แล้ว +3

    මගේ රටේ මේ කාලෙට ගැලපෙන මේ වගේ නිර්මානයක් බිහිවුන එක ගැන හදවතින්ම සතුටුයි ❤..හේමසිරි ලියනගේ 👌👌👌

  • @udarakapuduwa8951
    @udarakapuduwa8951 3 ปีที่แล้ว +1

    supiriiiii....!!!! awasaanayata dasun kandulu atharin viyuru hinaawak daanawa.....eeken mathuwenne nawathath ohu thamaage suurudu jeewithaya thulama atharaman wena bawa needa..............!!!!!!

  • @kavinduwishwanath1287
    @kavinduwishwanath1287 3 ปีที่แล้ว +4

    කුඩු ගහන උන් වෙනුවෙන් හදපු සුපිරිම නිර්මාණයක් , හැදියන් කියලා කියන්නේ 😑😑

  • @සිංහලපියස-ඬ6ඣ
    @සිංහලපියස-ඬ6ඣ 2 ปีที่แล้ว

    රුපියල් සත අතර වංගු ගහන ජීවිත ලංසුව...
    සමාජය වසාගෙන ඉන්න මත...හිතට වදින ලෙස...
    ජීවිත ජීවිත යදින යථාර්ථය නිරූපණය කිරීම බොහොම අගෙයි🙏🙏🙏

  • @primemoverslovers
    @primemoverslovers 3 ปีที่แล้ว +3

    කියන්න වදන් නෑ සුපිරි , ❤️🙏

  • @migaraperera3205
    @migaraperera3205 3 ปีที่แล้ว +2

    Wow patta... hemasiri liyanagei dasun gei acting nan kiyala wadak na..❤❤

  • @misssrilankaineuropeformis7138
    @misssrilankaineuropeformis7138 3 ปีที่แล้ว +5

    Wow ♥️💐 congratulations ayya “Palaghati”♥️

  • @Randikaweerathunga
    @Randikaweerathunga 3 ปีที่แล้ว

    Good luck ayye..supiri wadak..ජයෙන් ජයම වේවා..

  • @amandidasanayaka9333
    @amandidasanayaka9333 ปีที่แล้ว +1

    හේමසිරි ලියන්නෙ දැන් ඒ වගේ දක්ශ අය නෑ දීර්ඝායු වේවා

  • @lasankapremarathne1875
    @lasankapremarathne1875 3 ปีที่แล้ว +8

    නියමයි.. සීනිබෝල පෙන්නල veews ගන්නවට වඩා ඇත්ත මිනිස්සු අතරට ගේන කලාකරයකුගේ සමාජ යුතුකම ඉෂ්ටවෙලා තියෙනව. මේක ළමා පරපුර දකින්නම ඕනි දෙයක්. ❤

    • @moorthiproductions6491
      @moorthiproductions6491  3 ปีที่แล้ว

      අපි වට මෙ නිර්මාන වලට කමෙති පිරිසක් එකතු වෙයි,, එ ඈති අපට .. හරියට ඔබලා වගෙ අගෙකරන... බොහොමත්ම ස්තුතී

  • @A_P_Kasun
    @A_P_Kasun 3 หลายเดือนก่อน

    කියන්න වචන නෑ සුපිරිම සුපිරියක් තමයි.මරුම වැඩක් මේක😘❤🥰

  • @ThetaAcademy.තීටාඇකඩමි
    @ThetaAcademy.තීටාඇකඩමි 3 ปีที่แล้ว +5

    විශිෂ්ට නිර්මානයක්. රංගනය 🔥

  • @shyamagunasekara237
    @shyamagunasekara237 3 ปีที่แล้ว +3

    හිතුවට වඩා ලොකු වෙනසක් තියෙන කථාවක්.😘😘😘

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +1

    Darsaneeya thoran wala pitupasa,katukai adurui sankeernai bayanakai dukai.Eliye duwanna JATHAKA KATHAWAK.